මුව ආවරණ සහ කොවිඩ් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්..!

මුව ආවරණ සහ කොවිඩ් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්..!
Spread the love

යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

පසුගිය කොවිඩ් වසංගතය කාලසීමාවේ මුව ආවරණ පැළැදීමෙන් ස්වසන රෝග රාශියකින් ආරක්ෂා විය හැකි බව අනාවරණය වූ බව කී අමාත්‍යවරයා  එම කාලයේ ස්වසන රෝග අවම මට්ටමක පැවැති බව ද කීය. එබැවින් නැවත මුව ආවරණ පැළදීමේ වරදක් නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය කාලයේ පැතිර ගිය උණ රෝගය හේතුවෙන් කොවිඩි නව ප්‍රභේදයක් ලංකාවට ඇතළු වීමේ තර්ජනය  පිළිබදව කථා බහක් ඇති වූ බව කී අමාත්‍යවරයා ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියලු අංශ දැනුවත් කර පසුවිපරම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන්නේ යැයි කීය.

එම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත  යුතු බව කී අමාත්‍යවරයා  පසුගිය කාලය පුරා ඉතා හොද එන්නත්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බැවින් රටේ ප්‍රතිශක්තිකරණය දියුණු  ඇති වී ඇති බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.

දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින හෙයින් පරිස්සම් කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොව්ඩ් දරුවන් දෙදෙනකු පසුගිය දින කිහිපයේදී සොයා ගැනුණු බවද ඔහු සඳහන් කළේය.

සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතින දරුවන් සිටී නම් ඔවුන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෑතකදී පරීක්ෂාවට ලක් කෙරුණු දරුවන් අතරින් බහුතරයකට වැළඳී තිබුණේ ඉන්ෆ්ලූවන්සා වයිරසය බවද ප්‍රකාශ කළේය.

දරුවන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග කීපයක් පසුගිය දිනවල පැතිරුණු බවත් වයිරස රෝග ඉන් ප්‍රධාන බවත් ඔහු කීවේය.

මීට අමතරව පාචන රෝගය වැළඳුණු දරුවන් කිහිප දෙනකුද සොයා ගැනුණු බව පැවසූ දීපාල් පෙරේරා මහතා ඩෙංගු රෝගය සහ ළමා හතිය වැළඳුණු දරුවන් බහුලව හමුවන බවද ප්‍රකාශ කළේය.