ෂාරුක් – සුභානාගේ NYC වීඩියෝව ලීක් වෙයි

ෂාරුක් – සුභානාගේ NYC වීඩියෝව ලීක් වෙයි
Spread the love

බොලිවුඩයේ රජු වන ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා ඛාන් පසුගිය දා නිව්යෝර්ක් නගරයේ පාවහන් අලෙවිසැලකදී දැකගත හැකි වූ අතර එම වීඩියෝව සමාජමාධ්‍ය තුළ වෛරස් වූ බව ඉන්දීය මාධ්‍ය පවසයි.

2023 වර්ෂයේදී ෂාරුක් ඔහුගේ Pathaan, Jawan සහ Dunki වැනි චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයින් විනෝදාස්වාදයට පත් කළේය. දැන්, ඔහු ඔහුගේ මීළඟ ඉදිරියට එන ක්‍රියාදාම-ත්‍රාසජනක චිත්‍රපටය වන ‘ ‘King” සඳහා සූදානම් වෙමින් සිටින අතර එහි ඔහුගේ දියණිය වන සුහානා ඛාන් ද රංගනයෙන් දායක වේ.

පසුගිය වසරේ සෝයා අක්තාර්ගේ ‘Zoya Akhtar’s’ චිත්‍රපටය සමඟින් සුහානා බොලිවුඩයට පිවිසියාය. මේ වන විට ඇය තම පියා සමඟ ඔවුන්ගේ ඉදිරි තිරගත වන ‘කිං’ චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු වෙනුවෙන් කාර්යබහුලව සිටී.

පසුගිය දා ඔවුන් දෙදෙනාම නිව් බැලන්ස් හි සපත්තු සාප්පුවක සිටි අතර සමාජ මාධ්‍යවල අන්තර්ගත නිර්මාපකයෙකු වන Bunty Bhaiya නම් ඉන්දියානු ජාතිකයා පියා සහ දියණිය දුටුවේය.

ෂාරුක් සහ සුභානා දුටු වහාම බන්ටි සිය ජංගම දුරකථනයේ වීඩියෝව ක්‍රියාත්මක කර අපූරු වීඩියොවක් පටිගත කළේය. ඔහු එය නම් කර තිබුණේ “මේ ඉන්නේ ෂාරුක් සර් සහ සුහානා. ඔවුන් ඉන්නේ New York වල New Balance Store එකේ” යනුවෙනි.

වීඩියෝවේ ඔවුන් දෙදෙනාම සපත්තු පැළඳීමට උත්සාහ කරන අයුරු දැකගත හැකි විය. පැය 24කට අඩු කාලයකදී, වීඩියෝව වයිරස් බවට පත් වූ අතර ලයික් 27,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟින් මිලියනයක් දෙනා එය නැරඹූහ.

රසික ප්‍රතිචාර

ෂාරුක් ඛාන්ගේ සැබෑ පැත්ත ගැන දැනගැනීමට අවශ්‍ය නිසා 300කට අධික පිරිසක් එම වීඩියෝවට අදහස් දක්වා තිබුණේය. ‘beingdeepa05’ යන නම ඇති පරිශීලකයෙකු අදහස් දක්වමින්, “ඔහු ඉතා රළුයි. ඔබ ඔහු හමුවී කතා කළාද?” කියා විමසා තිබුණේය.

අන්තර්ගත නිර්මාපකයා එයට මෙසේ පිළිතුරු දුන්නේය, “ඔහු එසේ නොවෙයි… ඔහු ඔවුන් වෙත පැමිණෙන සෑම කෙනෙකුටම කතා කරමින් සිටියා.”

තවත් SRK රසිකයෙක් අදහස් දැක්වූ අතර ඔවුන් දෙදෙනා සමඟ වෙනත් කවුරුන් හෝ සිටීදැයි දැන ගැනීමට ඔහුට අවශ්‍ය විය.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බන්ටි බයියා මෙසේ කීවේය, “ඒ දෙන්නා ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ‘

පියා සහ දියණියකගේ බැඳීම

සුහානා ඛාන් ඇගේ පියා ෂාරුක් ඛාන් සමඟ සමීප බැඳීමක් බෙදා ගන්නා බව දන්නා කරුණකි. කොල්කටා නයිට් රයිඩර්ස් (කේකේආර්) සහ සන්රයිසස් හයිද්‍රාබාද් (එස්ආර්එච්) අතර අයිපීඑල් 2024 අවසන් මහා තරගයේදී සුහානා සහ ෂාරුක් ප්‍රීතිමත් කාලයක් ගත කරන අයුරු දැකගත හැකි විය.

මූලාශ්‍රය – ඉන්දියානු මාධ්‍ය ඇසුරිණි

සැකසුම – මධූ වික්‍රමසිංහ