Author: Editor

  • දුම්රිය ධාවනය කෙරෙන ආකාරය පිළිබද සම්පූර්ණ කාලසටහන මෙන්න

    දුම්රිය ධාවනය කෙරෙන ආකාරය පිළිබද සම්පූර්ණ කාලසටහන මෙන්න

    රජයේ සේවා යළි ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම හේතුවෙන් දුම්රිය ගමන් වාර ප්‍රමාණය වැඩිකිරීමත් සමඟ අද (2) සිට දුම්රිය ධාවනය කෙරෙන ආකාරය ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සිය නිල ‍ෆේස්බුක් ගිණුමේ පළකර ඇත. මගී අවශ්‍යතා අනුව ඉදිරියේදී මෙම දුම්රිය කාලසටහන යම් යම් සංශෝධනයන්ට ලක් විය හැකි බවයිද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ.

  • ‘PBට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නෑ‘

    ‘PBට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නෑ‘

    කොවිඩ් වසංගතය පාලනය කළ බව පෙන්වීම සදහා රජයේ ඇතැම් පාර්ශවයන්වල අවිද්‍යාත්මක හැසිරීම කොවිඩ් ව්‍යාප්තිය වැඩිවීමට හේතු වී ඇතැයි පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

    එහි සභාපති රවී කුමුදේශ් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ ‍ මීට සතියකට පමණ පෙර 40-50 අතර පැවති මරණ සංඛ්‍යාව අද වන විට 67 ක් වී ඇති බවයි.

    එම නිවේදනයේ මෙසේද සදහන් වේ ‘‘රෝහල් වල නිවැරදි ප්‍රතිකාර නොමැතිව මිය යන සංඛ්‍යාව ගණනය කළොත්, මේ සංඛ්‍යාව දෙගුණ තෙගුණ වේවි. මෙම මරණ වල වලක්වා ගත හැකි මරණ විශාල ප්‍රමාණයක් තියනවා. රෝගීන් ප්‍රමාණය දිනපතා වැඩිවෙනවා. මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහලට එන සංඛ්‍යාව මිස හඹාගෙන ගිහින් හොයන අය හෝ අහඹු පරීක්ෂණ මගින් හොයන ඒවා නොවේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කරන විදිහට 80%කට වඩා ඉන්න රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් හමුවෙන්නේ නැහැ. ඒ අනුව අපි වාර්තා කරන රෝගීන් ප්‍රමාණය වගේ හතර පස් ගුණයක් රෝගීන් සමාජය තුළ ඉන්නවා.

    PB ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නෑ. ඇදං ගාණට වඩා හැම වාට්ටුවකම රෝගීන් ඉන්නවා. ඒ අතර සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය සේරම එකවර රාජකාරී කරවන්න චක්‍රලේඛ ගහන්නේ, සෞඛ්‍ය සේවාවම අඩපණ කරන්නද කියලත් සැක හිතෙනවා‘ යැයි ද කුමුදේශ් මහතා කියයි.

  • ඇස්ට්‍රාසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා දිවයිනට

    ඇස්ට්‍රාසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා දිවයිනට

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා (Yoshihide Suga) මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා පවසයි.

    පසුගිය සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදෙමින් ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.

    මෙරට ජනතාවගේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවශ්‍යතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් හා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් මෙම එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගය මෙරටට ලබාදීමට තීරණය කළ බව අකිරා සුගියාමා මහතා සඳහන් කළේය.

    එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 455 දරණ ගුවන් යානයෙන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණ. ඊයේ (01) සිට බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මෙම ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කෙරිණ.

    එන්නත් තොගය ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළත්, ඊට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම, මෙහෙයවීම සහ ලබාදෙන නායකත්වය ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයින්ගේ විශේෂ පැසසුමට ලක් විය.

    පසුගිය මැයි මාසයේ තමා පෞද්ගලිකවම ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර දක්වමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය පරිත්‍යාග කිරීම පිළිබඳ ජනාධිපතිවරයා රජයේත්, ශ්‍රී ලංකා ජනතාවගේත් විශේෂ ස්තූතිය ජපාන අග්‍රාමාත්‍යවරයාට, ජපාන රජයට සහ ජපාන තානාපතිවරයාට පළ කළේය.

  • ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට හැකියාවක් නැහැලු

    ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට හැකියාවක් නැහැලු

    ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව 1994 වර්ෂයේ පටන් පැමිණි ගැටලුවක් බවද මේ අවස්ථාවේ ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට රජයට හැකියාවක් නැතැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

    පවතින කොවිඩ් බලපෑම මත එලෙස වැටුප් වැඩි කිරීමට හැකියාවක් නොමැති බවද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 68ක මුදලක් වැය වන බවද භාණ්ඩාර ලේකම්වරයා වැඩි දුරටත් පවසයි.

    භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ‘වසංගතය හමුවේ ආර්ථික කළමනාකරණය‘ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදීය.

    ‘‘ රාජ්‍ය සේවක වැටුප් සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 800ක් සහ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 250කට අධික මුදලක් වැය වෙනවා.ගුරු වැටුප් වැඩි කළහොත් එය රුපියල් බිලියන 1,100 දක්වා වැඩි වෙනවා. එය මෙම අවස්ථාවේ රජයට දැරිය නොහැකි තත්වයක්. ඒ නිසා ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීම ගැන පසුව සලකා බැලිය හැකියි‘ භාණ්ඩාගාර ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කළා.

  • ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව: පවිත්‍රාගෙන් විශේෂ ඉල්ලීමක්

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව: පවිත්‍රාගෙන් විශේෂ ඉල්ලීමක්

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවන් සඳහා එන්නත් කිරීම අද (01) ආරම්භ වූ බැවින්, එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල අනවශ්‍ය තදබදයක් ඇති නොකරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

    තමන්ට එන්නත් ලබා ගැනීමට මිනිසුන්ට ප්‍රමාණවත් කාලයක් තිබෙන බවත් එම නිසා එන්නත් මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් වළක්වා ගන්නා ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

    ‘‘ඇස්ට්‍රාසෙනෙකා හි දෙවන මාත්‍රාව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් බස්නාහිර පළාතේ විශාල ජනතාවක් සිටිනවා. පළමු මාත්‍රාව ලබා ගත් අයට ලබා දීමට අවශ්‍ය මාත්‍රාවන් අපට ලැබීම ලොකු සහනයක්, ”ඇය පැවසුවාය.

    “මෙය දිගු කලක් බලා සිටි දෙයක්. කෙසේ වෙතත්, එන්නත් කිරීමේ මධ්‍යස්ථාන වල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් වගකීම් විරහිතව ක්‍රියා කළහොත් තත්වය නරක අතට හැරෙවි‘ ඇය පැවසුවාය.

    බස්නාහිර පළාතේ සෑම මහජන සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි එන්නත්කරණ මධ්‍යස්ථාන ගණනාවක් පිහිටුවා ඇති බවත්, එම නිසා ඉවසිලිවන්තව එන්නත ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවසුවාය.

    ‘‘බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 20 කට වැඩි ගණනක දින 7ක් පුරා මෙම එන්නත් කිරීමේ වැඩසටහන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ හමුදාව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමෙන් මෙම රෝගයෙන් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ”ඇය තවදුරටත් පැවසුවාය.

    මේ අතර, ඉතිරි මාත්‍රාවන් කෑගල්ල දිස්ත්‍රික් එන්නත් කිරීමේ වැඩසටහනට ලබා දීමට නියමිත බවත්, ලබන සතියේ ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවන් 727,380 ක් ලබා ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

  • ‘කොවිඩ් වසංගතය ගැන‘ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු සංඥා

    ‘කොවිඩ් වසංගතය ගැන‘ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු සංඥා

    ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය වශයෙන් යළි COVID19 රෝගීන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි.

    ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අසමාන එන්නත් කිරීම මඟින් මෙම ඉහළ යාම සිදුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    “අමාරුවෙන් දිනා ගත් ජයග්‍රහණ අනතුරේ පවතින අතර සෞඛ්‍ය පද්ධති යටපත් වෙමින් පවතින බව” ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ අතර මේවායින් බොහොමයක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් බවයි.

    “මෙම වෛරසය නැවැත්වීමට අවශ්‍ය මෙවලම් අප සතුව ඇති නමුත් වර්තමාන ප්‍රවනතාවන් අනුව ඉදිරි සති දෙක තුළදී මුළු රෝගීන් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.

  • තව මාස දෙකකින් ලංකාවේ තත්ත්වය බරපතළ වේවි – මහාචාර්ය මලික් පීරිස්

    තව මාස දෙකකින් ලංකාවේ තත්ත්වය බරපතළ වේවි – මහාචාර්ය මලික් පීරිස්

    කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇති බවට මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවනවා.

    ජාතික විද්‍යා පදනම විසින් පසුගිය දා කොළඹදී සංවිධාන කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මහාචාර්යවරයා මේ අනතුරු ඇගයීම කළා.

    මහාචාර්ය මලික් පීරිස් මහතා මෙසේ ද සදහන් කළා.

    “මේ වන විට ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වන නව ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව තුළ මහා විනාශයක් කළා. ඒ වගේම මට කියන්න සිද්ධ වෙනවා එළඹෙන සති කිහිපයේදී එය ශ්‍රී ලංකාව තුළත් විශාල බලපෑමක් ඇතිකරනු ඇති බව. මහජන සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මම මගේ රාජකාරිය පැහැරහැරියා වෙනවා මම අනතුරු මේ ඇඟවීම කළේ නැත්නම්. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේදී මෙතෙක් මුහුණ දුන් නරකම තත්ත්වය ඉදිරි මාස කිහිපයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයි. මම ආණ්ඩුවට සහ මහාචාර්ය ජයසුමනට සුබ පතනවා එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම ගැන, එය ඉතාම හොඳින් සිදුවනවා. එසේ වුණත් ඔබ දන්නා පරිදි එන්නතේ මාත්‍රා දෙකම අත්‍යාවශ්‍යයි මේ ප්‍රභේදයට එරෙහිව සැළකිය යුතු බලපෑමක් කරන්න. ඉදිරි මාසය හෝ මාස දෙක තුළදී එන්නත්කරණය නිසා අපිට ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. මම හිතනවා ජනතාවට මේ ගැන හොඳින් උපදෙස් ලබාදී ඇති බව.”

    වෛරසයවේදය පිළිබඳව ලෝක ප්‍රකට මහාචාර්ය මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ සේවය කරන අතර කොවිඩ් සම්බන්ධයෙන් එතුමා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව සිටිනවා.

  • පොදු ප්‍රවාහන සේවා ‘රාජකාරී කටයුතු‘ සඳහා පමණයි

    පොදු ප්‍රවාහන සේවා ‘රාජකාරී කටයුතු‘ සඳහා පමණයි

    අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බැවින් රාජකාරි කටයුතු සඳහා පමණක් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා භාවිත කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

    මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, සභාපති, කිංස්ලි රණවක මහතා සදහන් කරන්නේ සේවය සඳහා පැමිණෙන අයට කිසිදු ගැටලුවක් නොමැතිව බස්රථ ලබාදීමට ගමනා ගමන මණ්ඩල පියවර ගන්නා බවයි.

    මේ අතර අන්තර් පළාත් මගී ප්‍රවාහනය වෙනුවෙන් දුම්රිය 15ක් හෙට උදෑසන සිට ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    සඳුදා සිට ධාවනය වන දුම්රිය –

    • මහනුවර සිට දුම්රිය – 02
    • පොල්ගහවෙල සිට දුම්රිය – 02
    • මහව සිට දුම්රිය – 01
    • හලාවත සිට දුම්රිය – 01
    • බෙලිඅත්ත සිට දුම්රිය -01
    • ගාල්ල සිට දුම්රිය – 01
  • කොවිඩ් ආසාදිත මරණ 67ක්

    කොවිඩ් ආසාදිත මරණ 67ක්

    ඊයේ (31) කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දින තහවුරු කර තිබෙනවා.

    මියගිය පුද්ගලයින්ගෙන් 56 දෙනකු වයස අවුරුදු 60 හා ඊට වැඩි පුද්ගලයින් වන අතර පිරිමි පුද්ගලයින් 36 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු මියගිය අය අතර සිටිනවා. මෙම මරණ 67ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

  • Plus Size පියයුරු ඇති කාන්තාවන්ට සුපිරිම විලාසිතා

    Plus Size පියයුරු ඇති කාන්තාවන්ට සුපිරිම විලාසිතා

    පියයුරු කියන්නේ කාන්තා සුන්දරත්වයේ ඉහළම අංගයක්. විශාල පියයුරු මගින් ඔබට සුන්දරත්වයට අමතරව සරාගී පෙනුමක් ද ලබා දෙන අතර බොහෝ පිරිමින් විශාල පියයුරු ඇති කාන්තාවන්ට වඩාත් ඇළුම් කරන බව ද නොරහසක්.

    ඒත් විශාල පියයුරු සමග කැපී පෙනෙන හා සුන්දර විලාසිතා තෝරා ගැනීම ඇතැම් විට අභියෝගයක්. ඒ නිසා එය ප්‍රවේශමෙන් මෙන්ම වඩාත් සූක්ෂම කළ යුතු දෙයක්.

    මෙනිසාම අපි විශාල පියයුරු ඇති කාන්තාවන්ට පහසුවෙන් තෝරාගත හැකි විලාසිතා 12ක් ඉදිරිපත් කරනවා. බලන්න ඔබටත් මේවා අනුකරණය කළ හැකි ද කියා.

    #1 Wrap It Up!

    Fashion

    #2 Up Your Décolletage Game

    Fashion

    #3 The Best Bet- Fitted Garb

    Fashion

    #4 The Button-down Finery

    Fashion

    #5 Bare-it With Your Classic Bare-Midriff

    Fashion

    #6 Cinch It Further

    Fashion

    #7 Calling For Cowl

    Fashion

    #8 V-Neck Craze

    Fashion

    #9 The Pussy Bow Blouse

    Fashion

    #10 Float the Boat-neck

    Fashion

    #12 Indulging in Satin

    Fashion
    Fashion

    Text by – femina

  • රට විවෘත කරද්දී ‘ඩෙල්ටා රැල්ලක්’ ගැන බිය පළ වේ

    රට විවෘත කරද්දී ‘ඩෙල්ටා රැල්ලක්’ ගැන බිය පළ වේ

    පසුගිය දිනවල සම්පුර්ණයෙන්ම එන්නත ලබා දී තිබියදීත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් අතර COVID-19 පොකුරු සෑදී ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.

    වසංගතයට එරෙහි සටනේ පෙරමුණේ සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ගෙන් වැඩි දෙනෙක් රෝග ලක්ෂණ රහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය මූලාශ්‍රයක් ඩේලිමිරර් පුවත්පත සමග හෙළිකර ඇත.

    මෙය විශේෂයෙන් දිනපතා හඳුනා ගන්නා නව COVID-19 රෝගීන් සමඟ රෝහල් උපරිම ලෙස පිරී යන අවස්ථාවක සෞඛ්‍ය අංශ තුළ මිනිස්බල හිඟයකට හේතු වී තිබේ.

    ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයෙන් සෞඛ්‍ය අංශ පීඩාවට පත්වී ඇත්ද යන්න පිළිබඳව නිල තහවුරු කිරීමක් නොමැති අතර, වර්තමාන තත්ත්වය සලකා බලන විට එය විනාශයට හේතු වූයේ ඩෙල්ටා ප්‍රභේදය යැයි ඔවුන් සැක කරන බව උසස් නිලධාරීහු පැවසූහ. රට පුරා රෝහල් බොහොමයක ඇඳන් ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර ඔක්සිජන් මත යැපීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

    වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා කිරීමේ ඉහළ යන ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ බව එහි ශාඛා සංගම් කිහිපයක්ම තමන්ට දැනුම් දුන් බවයි.

    පසුගිය දින කිහිපය තුළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ධනාත්මක බව සොයා ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, “එය නරකම තත්වයට පත් කිරීම” ලෙස ය.

    “ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට COVID-19 ට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත (කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 02 ක් සමඟ),” GMOA ලිපිය පවසයි.

    ගෝලීය ප්‍රවනතාව විශ්ලේෂණය කිරීමේදී සෞඛ්‍ය සේවකයින් ඇතුළු පෙරටුගාමී සේවකයින්ට, විශේෂයෙන් නව කොවිඩ් ප්‍රභේද වලින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා, කොවිඩ් එන්නත වර්ධන මාත්‍රාවක් (3 වන මාත්‍රාව) එන්නත් කිරීම සඳහා ඇතැම් රටවල් පැමිණ ඇති බව නිරීක්ෂණය කළ බව සංගමය පැවසීය.

    GMOA විධායක කමිටුව දැඩි ලෙස ඉල්ලා සිටින්නේ මෙම කරුණ ජාතික මට්ටමින් අදාළ කමිටුවලට යොමු කර ඉහළ අවදානමක් ඇති සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ අනෙකුත් පෙරටුගාමී සේවකයින් සඳහා COVID-19 එන්නත ලබා දෙන මාත්‍රාවක් සකස් කිරීමේ හැකියාව සොයා බලන ලෙසයි.

    පසුගිය දිනවල සමහර සෞඛ්‍ය සේවකයින් සමාජ මාධ්‍ය වෙත යොමු වී වර්තමාන තත්ත්වය ඉස්මතු කර දක්වමින් එක් අයෙකු සඳහන් කළේ තත්වය ‘බියජනක’ බවයි.

    ෆේස්බුක් හි එක් සෞඛ්‍ය සේවකයෙක් පැවසුවේ පෙර රැලි වලට සාපේක්ෂව තරුණ ජනගහනයේ ඔක්සිජන් යැපීමේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

    සමහර මූලික රෝහල් පැවසුවේ වෛරසයෙන් දිනකට සාමාන්‍යයෙන් මරණ 5 කට මුහුණ දෙන බවයි.

    තවත් සෞඛ්‍ය සේවකයෙක් පැවසුවේ මේ වන විට නරකම රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්ව ඇති බවත් ය.

    තවත් සෞඛ්‍ය සේවකයෙක් ලිව්වේ, “නිවසේ සිටින්න, අත් සෝදන්න සහ මුහුණු ආවරණ පැළඳ ගන්න” කියා ය.

    පීසීආර් පරීක්ෂණ මඟින් රෝගියා කුමන ආකාරයේ ප්‍රභේදයකට ගොදුරු වී ඇත්දැයි සොයා නොගන්නා බැවින් රටේ වර්තමාන ඩෙල්ටාවේ උණුසුම් ස්ථාන හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරේ.

  • ‘රට විවෘත කළා කියන්නේ සියලු දේට නිදහස දුන්නා කියන එක නොවෙයි‘

    ‘රට විවෘත කළා කියන්නේ සියලු දේට නිදහස දුන්නා කියන එක නොවෙයි‘

    රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබෙනවා කියන අදහස ඇති කර ගත්තොත් නම් අපිට මේක කළමනාකරණය කරගන්න අපහසුවෙන්න ඉඩ තියෙනවා‘‘ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි.

    ‘‘ගත වු මාස එකහාමාරක පමණ කාලයකට පසුව වැඩිම දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ලෙස ඊයේ (30) දිනයේ දී වුණා. ඒ වැඩිවීම අපි අනිවාර්යෙන්ම බැරෑරුම් තත්ත්වයක් ලෙස අපි සලකනවා. මොකද සීමාව ඉක්මවා ගියොත් අර්බුදකාරී තත්ත්වයකට ලංකාව විතරක් නෙමෙයි ඕනෑම රටක් මුහුණ දෙන්න වෙනවා. රට ඉදිරියට ගෙන යෑමට නම් මම හිතනවා කොවිඩ් එක්කම රටේ සාමාජීය, ආර්ථික කාරණා ඉදිරියට ගෙන යෑම අත්‍යාවශ්‍ය වෙනවා. ඉතින් අවශ්‍ය කරන සෞඛ්‍ය පුරුදු පිළිපඳිමින් මම හිතනවා මේක ඉදිරියට ගෙන යෑමට පුළුවන් වුණොත් බරපතළ තත්ත්වයකින් තොරව මේක කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් අපි එහෙම හිතන්නේ නැතුව රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබෙනවා කියන අදහස ඇති කර ගත්තොත් නම් අපිට මේක කළමනාකරණය කරගන්න අපහසුවෙන්න ඉඩ තියෙනවා

  • අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීම: නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව

    අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීම: නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව

    අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති වුවත් රජයේ සේවය සඳහා පැමිණෙන අයට, බස්රථ හෝ වෙනත් ආකාරයකින් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව ලබාදිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

    මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවර්ධන මහතා අවධාරණයෙන් කියා සිටියේ කොවිඩ් ව්‍යාප්තියෙහි වගකීම සෞඛ්‍ය සේවයට හෝ ත්‍රිවිධ හමුදාවට පමණක් භාරගත නොහැකි බවයි.

    මේ අතර අන්තර් පළාත් බස්රථ හා දුම්රිය සේවා හෙට (01) සිට යළි ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළ අතර එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

    ‘‘ මගියෙක් බස්රථයකට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් ලබාගත් බවට තහවුරු කර ඇති එන්නත් කාඩ් පතෙහි ඡායා පිටපතක් මගීන් සතුව තිබිය යුතුයි‘ විජේරත්න මහතා සදහන් කළා..

    ගැමුණු විජේරත්න මහතාගේ මෙම ප්‍රකාශයට පිළිතුරක් වශයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා පවසා සිටියේ, හෙට දින සිට සියලුම බස්රථ ධාවනයට එක්කරන බවයි.

    ‘‘ එන්නත්කරණය කළ කාඩ් පතේ ඡායාපිටපත් රැගෙන යෑම ප්‍රායෝගික නොවන ක්‍රියාවක් වශයෙන් අපි සලකන්නේ නැහැ‘ ඔහු කියා සිටියා.

  • රටවල් 06 ක තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් හමුවෙති

    රටවල් 06 ක තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් හමුවෙති

    මෙරට ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අංශ පහක් යටතේ අඛණ්ඩව සහය ලබාදීමට තම රජය කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akira  Xugiyam මහතා පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගිය දා (29) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී ය.   

    ජපන් රජයේ ආයෝජන මත මේ වන විට ශ්‍රී ලංකාවේ  සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකව පවතී. නව කැලණි පාලම් ව්‍යාපෘතිය සහ බණ්ඩාරනායක ගුවන්තොටුපළ දෙවන අදියර සංවර්ධන ව්‍යාපෘතිය ද ඒ යටතේ ක්‍රියාත්මක ය.

    ඉදිරියේ දී පුනර්ජනනීය බලශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහ කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ද ආධාර ලබා දීමට තම රට කැමැත්තෙන් පසුවන බව ජපන් තානාපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ පවසා සිටියේ ය.

    එසේ ම ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව මෙහි දී සඳහන් කළ ජපන් තානාපතිවරයා මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහය , මූල්‍ය සහ ආයෝජන සහය, ණය නොවන ප්‍රදාන ලබාදීම, ආපදා කළමනාකරණයට අවශ්‍ය සහය ලබාදීම සහ ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමේ ව්‍යාපෘති වෙනුවෙන් සහය ලබාදීම යන අංශ පහ යටතේ ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය.

    බැසිල් රාජපක්ෂ මහතා හමු වූ නෙදර්ලන්ත තානාපතිනි Tanja Gonggrijp මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තමා සතුටු වන බවයි.

    එසේ ම හරිත ආර්ථිකයක් ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව තම රජය සතුටු වන අතර මෙරට කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමේ හැකියාව ද සොයා බලන බව‍ නෙදර්ලන්ත තානාපතිනිය මෙහි දී සඳහන් කළා ය. මීට සමගාමීව බීජ පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ අංශය දියුණු කිරීමට සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා හමුවේ තනාපතිනිය කියා සිටියා ය.

    ශ්‍රී ලාංකීය පුහුණු ශ්‍රමිකයන් සඳහා ලබා දී ඇති රැකියා අවස්ථාවන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන අතර ම දෙරට අතර පවතින දීර්ඝ කාලීන සම්බන්ධතාවය අඛණ්ඩ ව ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට කැප වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ කටාර් තානාපති Jassim Bin Jaber J.B.Al- Sorour මහතා සඳහන් කළේ ය.

    තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට තම රජය අදහස් කරන බව ද සඳහන් කළ කටාර් තානාපතිවරයා බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව කියා සිටියේ ය.

    මැලේසියානු තානාපති Tan Yang Thai මහතා මුදල් අමාත්‍යවරයා හමුවේ සඳහන් කළේ දැනටමත් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ව්‍යාපෘති සඳහා මැලේසියාව ආයෝජනය කටයුතු සිදුකරමින් ඇති බවත් ඉදිරියේ දී එම ආයෝජන තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ය.

    සංචාරක කර්මාන්තය නැවත සක්‍රීය කිරීමේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බවත් පිරිපහදු ඉන්ධන ලබා දීමේ දී සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලන බවත් මැලේසියානු තානාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ඉන්දුනිසියානු තානාපති Gusti Ngurah Ardiyasa මහතා ද බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අතර ඔහු සඳහන් කළේ ඉන්දුනිසියානු ආයෝජිකයන් හට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් දෙරට අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ඇති හැකියාව සොයා බලන බවත් ය.

    බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් සහ පිරිපහදු ඉන්ධන සහනදායී ක්‍රමවේදයක් යටතේ ශ්‍රී  ලංකාවට ලබා දීමට ඇති හැකියාව සොයා බලන බව ද ඉන්දුනිසියානු තානාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

    වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම රට වෙත ලබා දුන් සහය පිළිබඳව සිය ජනතාව කෘතඥ වන බව බැසිල් රාජපක්ෂ මහතා හමු වූ ඇෆ්ගනිස්තාන තානාපති Ashraf Haidari මහතා සඳහන් කළේ ය.

    තම රටේ ශ්‍රම හමුදාව පුහුණු කර ගැනීමට සහ අධ්‍යාපන පහසුකම් පුළුල් කර ගැනීමේ දී
    ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව සඳහන් කළ ඇෆ්ගනිස්තාන තානාපතිවරයා කලාපීය වශයෙන් ශ්‍රී ලංකාව වෙත අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදෙන බව ද සඳහන් කළේය.

    මෙම අවස්ථාවන්හි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර වශයෙන් කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් සියලු රටවල් සමඟ සුහදතාවයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීමට කැපවන බවයි.  

    මෙම අවස්ථාවන්ට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.

  • රිෂාඩ් බදූර්දීන් සහ පොලිටිකල් හබ්

    රිෂාඩ් බදූර්දීන් සහ පොලිටිකල් හබ්

    මේ දිනවල කතා බහට ලක්වන ළමා අපචාර සිද්ධියට  රිෂාඩ් බදූර්දීන් පවුලම කොටු කර හමාරය. එහෙත් පරීක්‍ෂණ අවසන්ව නැත. 2001 වසරේ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ රිෂාඩ් බදුර්දීන් මේ ගෙවන්නේ සිය  දේශපාලන ජීවිතයේ 20 වෙනි වසරය. එයින් වැඩි කාලයක් ඔහු පයිරුපාසනය කර ඇත්තේ මැදමුලන රාජපක්‍ෂලා ය.

    1972 නොවැම්බර් මස 27 වෙනි දින උපන් රිෂාඩ් බදූර්දීන් වෘත්තියෙන්  ඉංජිනේරු වරයෙකි. දේශපාලනයට නොපැමිණියද, රිෂාඩ් බදූර්දීන් ධන කුවේරයෙකු වීමේ වාසනාව උපතින් රැගෙන පැමිණියෙකි. හේතුව මුසල්මානුවෝ ජන්මයෙන්ම ව්‍යාපාරික ඤාණය රැගෙන එතී යන විශ්වාසයයි.  රටක පුරවැසියෙක් ධනවතෙකු වීම ඔහු උපන් රටට ශක්තියකි. ඒ හරහා රටට ලැබෙන ප්‍රතිලාභ බොහෝය. නව ව්‍යාපාරික අවස්ථා උදාවේ. තව තවත්  රැකියා අවස්ථා උත්පාදනය වේ. නව කල්පනා නිර්මානාත්මක සේවා මෙන්ම, නව නිෂ්පාදන අවස්ථා …., ආදි ලෙස බොහෝ ධනාත්මක අපේක්‍ෂාවන් ව්‍යාපාරිකයන් ගෙන් අපේක්‍ෂා කළ හැකිය. හීන දැකීමේ අවසරය කිසිවෙකුට වැළැක්විය නොහැකිය.  එහෙත් රිෂාඩ් බදූර්දීන් සිවිල් ඉංජිනේරු වෘත්තිකයෙකු නොවී දේශපාලනයට පැමිණීම තුළ සිදුවී ඇත්තේ කුමක්ද? මේ ප්‍රශ්නය   පු`ථල් සංවාදයකට උචිත හෙයින්  විවෘත තබනු  කැමැත්තෙමි.  

    පාර්ලිමේන්තු යාමට සුදුසුකම් නියම කළ යුතු යයි සමහරු සිතති. ඒ අර්ථයෙන් රිෂාඩ් නූගතෙකු නොවේ. බුද්ධිමතෙක්ද? උත්තරය සෙවීමේදී සඳහා රාජපක්‍ෂලාගේ දෙපා ලෙවකන ජී.එල්.පීරිස්ලා, චන්න ජයසුමනලා, සමීකරණය යොදා  ගත යුතුවේ.  රිෂාඩ් උගතෙකි. වෘත්තිකයෙකි. ඔහු පාර්ලිමේන්තුවට මුල් වරට තේරෙන විට, 29 නව හැවිරිදිව සිටියේය. ගාමිණි දිසානායක වයස 28දීද,  නිකවැරටියේ මුදියන්සේ තෙන්නකෝන් 22 දෙ හැවිරිදිව සිටියදීද, පාර්ලිමේන්තුවට පිවිසියහ. ඩී.එස්.සේනානායක 40 හැවිරිදි වැඩිහිටියෙකි. මහින්ද රාජපක්‍ෂ 22කි.  ගාමිණි අධිනීතිඥයෙකි. මු.තෙන්නකෝන් නීති ශිෂ්‍යයෙකි. ඩි.එස්.සේනානායක……? මහින්ද…….?

    දේශපාලනය යනු සුවිශේෂී ආචාර ධර්ම වලින් ප්‍රභාවිත කැප කිරීමකි. ප්‍රවේශය නිදහස්ය. සැමට විවෘතය. ජනතාවට තමන් කැමති මිනිසා තෝරා ගැනීමට,  අධ්‍යාපන සහතික හෝ හැඩ වැඩ බාධා විය යුතු නැත. අවංකභාවය සහ ඍජුගතිය දේශපාලනඥයෙකුගේ යහපත් සෞඛ්‍ය සටහන් වේ. විධිමත් ලෙස ආදායම් බදු නොගෙවූ බවට සැලවූ වහාම අගමැති ඩඩ්ලි සේනානායක, නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩොනල්ඩ් රණවිර ගෙන්වා තරවට්ටු කළේත් නැවත එජාපයෙන් නාම යෝජනා අපේක්‍ෂා නොකරන ලෙස දන්වා සිටියේ ඇයි? එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන සෞඛ්‍ය ආරක්‍ෂා කරගත යුතු නිසාය. එජාපය නියෝජනය කළ දේශපාලනඥයෙකු වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වෘත්තියෙන් නීතිඥයෙකි. සිය ජීවිතයේ අවසන් කාලයේ දේශපාලන විශ්‍රාම ගත් නිදහස් අධ්‍යාපනයේ පියා යැපුණේ රජයේ පින් පඩියකිනි.  දේශපාලනය එවැනි කැප කිරීමකි. විශිෂ්ට අභ්‍යාසයකි.   ලී ක්වාන් යූ, වංචා දූෂණ චෝදනා ලද, තම කැබිනට් සගයෙකු කැඳවා,   හිරේ යාම හෝ සිය දිවි නසා ගැනීම තෝරා ගන්නැයි නියම කළේය. ඔහු දෙවන මනාපය තෝරාගත් බව අසා ඇත්තෙමි.  පවිත්‍ර දේශපාලනය යනු එවැනි බලපු`ථවන්කාරකමකි. තරුණ රිෂාඩ්ට නායකත්වය දුන් රාජපක්‍ෂ බලයට ආවේ ප්‍රභාකරන්ගේ තුවක්කු බටයෙනි. කපුකම කළේ ප්‍රීඩම් හබ් පටන් ගත් කේමාගේ කොල්ලා හෙවත් මංගල සමරවීර විසිනි. ප්‍රභාකරන් ලවා උතුරේ ජනතාව බිය ගන්වා රට ඇල්ලූ  මහින්ද රාජපක්‍ෂ ප්‍රභාකරන් විනාශ කළ  බව සැබෑය. ඒ මහින්ද රාජපක්‍ෂම රිෂාඩ්ට කැබිනට් මණ්ඩලයට කැඳවා තවත් ජන වාර්ගික කැළඹීම පිළිබඳ ඊළඟ පරිච්චේදය ආරම්භ නොකෙළෙහිද?  දොස්තර ෂාපි සහ අතුරලියේ රතන එකට වලිගා ගැට ගැසූ යනු ඡන්ද ගුණ්ඩුවකි. පාස්කු ප්‍රහාරය කුමක්ද? ඒ ගැන කාදිනල් මැල්කම් රන්ජිත්ගෙන් අසා දැනගත යුතුවේ.  

    ලෝක බැංකුවේ සමු`ථ සැසියක මුලසුන හෙබවීම වෙනුවෙන් මුදල් අමාත්‍ය යූ.බී. වන්නිනායක (1965-1970)ට වටිනා මෝටර් රියක් පරිත්‍යාග කෙරිණ. ත්‍යාගය ගැන දැනගත්  වන්නිනායක, ත්‍යාගයේ වටිනාකම මුදල් කොට ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරයට යැවීමට උපදෙස් දුන්නේය. එය ඇසූ ආයතන ප්‍රධානින් පවසා ඇත්තේ ත්‍යාගය වන්නිනාකයට මිස ලංකා ආණ්ඩුවට නොවන බවය. වන්නිනායක දුන් පිළිතුර ඔබ දන්නෙහිද? සමු`ථව නියෝජනය කරන්නේ ලංකාවේ මුදල් ඇමති මිස යාපහුවේ වන්නිනායක නොවන බවය. මේ නිදර්ශන දෙක අනුව, දේශපාලනයට පැමිණීමට අවශ්‍ය වෘත්තීය  සහතික නොවේ. අවංකභාවය සහ ඍජුගතිය සෞඛ්‍ය සම්පන්න දේශපාලනයක අනන්‍යතාවවේ.

    මහින්ද රාජපක්‍ෂගේ කැබිනට් අමාත්‍ය රිෂාඩ්, වාර්තා කළ මුල්ම සිද්ධිය සියයක පමණ පිරිසක් සමග 2012 ජූලි 17 වෙනිදා  මන්නාරම් අධිකරණ භූමිය වටලා අධිකරණ ගොඩනැගිලි  ගිනි තබන බවට මහේස්ත්‍රාත්වරයාට තර්ජනය  කිරීමය. රිෂාඩ් මන්නාරම් මහේස්ත්‍රාත් පිල්ලේ ජුදේසන්ට දුර කතනයෙන් අමතා, නීති විරෝධී සිද්ධියකට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට කළ අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස බල කළේය. කලබලයට පත් මහේස්ත්‍රාත් වරයා යුද හමුදා ආරක්‍ෂාව ඉල්ලා සිටි අතර, රිෂාඩ්ට එරෙහිව, අධිකරණ සේවා කොමිෂන් සභාවටද පැමිණිලි කළේය. එක් අවුරුදු අට මාසයක, දීර්ඝ විදේශ සංචාරයකින් පසුව දිවයිනට පැමිණි කැබිනට් අමාත්‍ය රිෂාඩ්,  2014 මාර්තු 14 වෙනි දින නිතිඥයන් පිරිසක් මාර්ගයෙන් මන්නාරම් අධිකරණයට භාර විය. එහිදී ඔහුට තම දුර කථනය අධිකරණයට භාර දීමට සිදුවිය.

    අධිකරණයට අපහාස කිරීමේ වරදට එස්.බී.දිසානායක (2006)සහ රන්ජන් රාමනායක(2021) යන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට දඬුවම් දුන් ශ්‍රී ලංකාවේ අධිකරණය, රිෂාඩ්ගේ  සමාව ඉල්ලීමෙන් සෑහීමට පත්ව, 2014දී සිද්ධිය අවසන් කළේය. අධිකරණයකට ගල් ගසා ගිනි තබන බවට තර්ජනය කොට, මහේස්ත්‍රාත්ට බලපෑම් කළ රිෂාඩ් 2015-2019 කාලයේ යහපාලන රජයේත් බලවතෙකු  විය. ඒ මන්ත්‍රීන් කිහිප දෙනෙකුගේ ශක්තිය වෙනුවෙනි. ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගය තුනෙන් දෙකකින් පරාද කොට වර්ණවත් කිරීමට රාජපක්‍ෂලා ණයට ගත්තේ රිෂාඩ්ගේ ශක්තියෙනි.  අදටත් රිෂාඩ් අධිකරණයට ගල් ගැසූ මිනිසාමය. දැරිය පිළිබඳ විමර්ශණයට අදාල සීසීටිවි කැමරා රැසක දර්ශණ මකා ඇති බව වාර්තාවේ. රිෂාඩ්ගේ පවුලෙන් අඩක් රක්‍ෂිත බන්ධනාගාරයේය. කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතටත් තුනෙන් දෙක ලැබීමෙන් අනතුරුව සියල්ල අවසන්ව රිෂාඩ් පාර්ලිමේන්තු පැමිණෙනු ඇත. පාස්කු කොමිෂමේත් සිය`ථ වාර්තා නිකුත් කර නැත.  මහින්ද රනිල් මංගල ත්‍රිකෝණය තුළ තවදුරටත් රටේ දේශපාලනය දෝලනය වීමට ඉඩ දිය යුතු නැත.  

    රිෂාඩ්ගේ දෙවන වික්‍රමය,  විල්පත්තු අභය භූමියෙන් අක්කර 2388ක්  නීති විරෝධි ලෙස  එළි පෙහෙළි කොට කපා ජනපද පිහිටුවීමය. මෙය රජයේ නිලධාරින් සහ දේශපාලනඥයන් අතර අරගලයක් බවට පත්විය. එහිදී රාජපක්‍ෂ ආණ්ඩුවේ සහායෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට වන සංරක්‍ෂණ දෙපාර්තාමේන්තුවට අයත්  ඉඩම් රිෂාඩ්ට අත්පත් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති තීරණය, සංරක්ෂණ ජනරාල් කේ.ජි.ආරියදාසගේ අංක ෑඵෘඛරැ04රැ02රැ08රැ1රැ2012 සහ 2013.02.14. වෙනි දින දරන ලිපියෙන් මන්නාරම් දිස්ත්‍රික් ලේකම්ට දැන්වීය. රිෂාඩ් මුලින් අධිකරණය බිය ගැන්වීය. දෙවනුව, අභය භූමියක ඉඩම් කොල්ල කෑවේය.  

    තෙවනුවද නැවත රටේ නීතියට අත පෙවීය. ඒ කෙසේද යත්….?

    2019දී පාස්කු ප්‍රහාරය සමග යහ පාලන කැබිනට් අමාත්‍ය රිෂාඩ්ගේ ප්‍රාතිහාර්ය නැවත වාර්තා වේ.  රිෂාඩ්ට එරෙහිව එස්.බී.දිසානායක අතුරලියේ රතන ඇතු`ථ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 63 දෙනෙකුගේ අත්සන් සහිත විශ්වාස භංග යොජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එකී විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට එක්සත් ජාතික පෙරමුණට සිදුවේ. රිෂාඩ්ට එරෙහි චෝදනා විමසීමට පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවට සහභාගි වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැළකී සිටිමට සමත් විය. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු  වැළකෑ පබිලා සහ පුහුල් හොරා දෙදෙනාම එක් තැනක ස්ථාගනව සිටින බව රටම දනිති. හිටපු සහ සිටිනා සේනලා දෙන්නාම සිටින්නේ මෙනවාදෝ කෑවා  වාගේය. කාදිනල් දිගට හරහට නෙලති. බෞද්ධ භික්‍ෂුහූ බවුන් වඩති. ශ්‍රීලනිල සභාපති සහ හිටපු සේන පිළිබඳ බරපතල නිර්දේශයක් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් ව ඇති බව වාර්තා විය.

    පාස්කු ප්‍රාහරයට අදාළව ලැබුණ තොරතුරු අනුව, අත් අඩංගුවට ගත් සමහර සැක කරුවන් මුදා හරින ලෙස රිෂාඩ්  යුද හමුදාපතිට ඍජු බලපෑම් කළ බව තහවුරු විය. 1971 කැරැල්ල අතර. රවි ජයවර්ධන අත්අඩංගුවට පත් විය. තම එකම දරුවා පිළිබඳ  ඒ පුවත ඇසූ විපක්‍ෂ නායක ජේ.ආර්.ජයවර්ධන මහත් සේ කලබල විය. ජේ.ආර්. තාත්තා ඒ නිමේෂයෙහිම අගමැතිවරියට  කියා සිටියේ තම පුතා පිළිබඳ විමර්ශණ කඩිනමින් අවසන් කර ඔහුගේ සම්බන්ධතාවක් නැත් නම් මුදා හරින ලෙස පමණකි. ජේ.ආර්.ජයවර්ධනගේ හැසිරීම් කිසි විටෙක රිෂාඩ්ගෙන් තබා මහින්ද රාජපක්‍ෂගෙන්වත් අපේක්‍ෂා කළ නොහැකිය. එහෙත් මෙවැනි ජාතික ආපදාපන්න අවස්ථාවක එවැනි  නිර්ලජ්ජී බලපෑමක් කිරීමට වෘත්තියෙන් ඉංජිනේරු උපාධිධාරියෙකුවූ රිෂාඩ්ට හයියක් ලැබුණේ ඔහු පෙළඹුණේ කෙසේද? රටට වැදගත් වන්නේ රිෂාඩ් නොවේ. ඒ දේශපාලන පැවැත්ම පමණකි.

    සිවිල් ඉංජිනේරුවරයෙකුවූ රිෂාඩ් කිසි විටෙක මෝඩයෙක් විය නොහැකිය. ඔහ නීතිය නොදන්නවාද නොවේ. ඔහු ඒ තත්වය පත් කළේ ඔහුට නායකත්වය දුන් රාජපක්‍ෂලාය. අදටත් රාජපක්‍ෂලා ඒ විනාසය සිදු කරමින් සිටියි. චොකා මල්ලී මරණ දඬුවමට නියම වූණේ මනුෂ්‍ය ඝාතන වරදකටය. ඒ මනුෂ්‍ය ඝාතනය මංකොල්ලයකට ගෙට පැන්න හොරෙකු ඝාතනය කිරීමක්ද? නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සොයා ගොස් මග රැක සිට කළ වෙඩි තැබීමකි. සිරිසේන වෙනුවෙන් ජනාධිපති මැතිවරණය සඳහා ඉදි කළ  වේදිකාවත් සරසමින් සිටි පුරවැසියෙකුට වෙඩි තැබීමකි. ඒ වෙඩිල්ල ප්‍රජාතන්ත්‍රවාදය එල්ල කර තැබූ වෙඩිල්ලකි. මිනී මරුවෙකු  බවට තීන්දු කර, මරණ දඬුවමට නියම කළ පුද්ගලයෙකු වෙනුවෙන් මැතිවරණ සටහනක් මෙහෙයවීමට ඒ පුද්ගලයාගේ යොවුන් දියණිය යොදා ගන්නා තරමට රාජපක්‍ෂලා දේශපාලනිකව ම්ලේච්ඡ වූහ. මහින්ද රාජපක්‍ෂට ගැහැනු දරුවන් නො සිටීම වෙනම කතාවකි. චොකා මල්ලිගෙන් මැරුම් කෑ මිනිසාටත් දියණියක සිටියා නම්….? ඇය වෛර කරන්නේ තම පියාගේ මිනි මරුවාට නොවේ. මිනි මරුවාගේ දියණියටය. නැතිනම් රටේ පවත්නා දේශපාලනයටය. එය ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ පවුලක පරම්පරාවක හැදිච්චකම පිළිබඳ ප්‍රශ්නයකි.

    මන්නාරම් අධිකරණයට ගල් ගැසුවේත්, මහේස්ත්‍රත් බිය වැද්දුවේත් විල්පත්තු කැලේ කැපුවේත්, ම්ලේච්ඡ පාස්කු ප්‍රහාර පරීක්‍ෂණවලට අත තැබීමට කල්පනා කළේත්  රිෂාඩ් නම් ඉංජිනේරුවා නොවේ. රාජපක්‍ෂලා විසින් වැර ගන්වන ලද එනම් දේශපාලනඥයාය.  වර්තමානයේ ජූඩ් කුමාර් ඉෂාලිනී ගේ මරණය රිෂාඩ්ට පමණක් නොව, රිෂාඩ්ගේ පවුලේ උදවියට පවා පාරා වලල්ලක් වී ඇත. බොහෝ විට, මේ කලබැගෑනිය විමර්ශන දොස්තර ෂාපි එරෙහි කලබැගෑනිය මෙන් යටපත් වනු ඇත.  මේවා දේශපාලනඉ  හේතු මත ඉස්මතු කෙරෙන ගුණ්ඩු වෙති. හෙවත් ඉෂාලිනී දිවි නසා ගත් බවට අධිකරණයට වාර්තා කිරීමෙන් විමර්ශන අවසන් විය හැකිය. ඉෂාලිනි ඛේදවාචකය මත ඇදී යන මේ සමාජ වෛරය,  රිෂාඩ් නම් දේශපාලනඥයාට එරෙහිවය.  එහිදී ඔහුව හුදෙකලා නොකොට, රිෂාඩ් නිර්මානය කළ දේශපාලනය අප තේරුම් ගැනීම වැදගත්වේ.

    2015දීත් රාජපක්‍ෂලාට එරෙහිව නැගුණේ මෙවැනි සමාජ වෛරයකි. ඩේසි ආච්චිගේ ගේ දොරකඩ මැණික් මලු දමා යන පිස්සන් ගැන කියන තරමට, රාජපක්‍ෂලා අවුලෙන් පසුවිය. හේතුව හොරකමට වංචාවට වෙනත් නිර්වචන නැති බැවිනි. වෛද්‍ය ආනන්ද සමරසේකර නම් වෛද්‍ය වෘත්තිකයා පාපන්දු ක්‍රීඩක තාජුදීන්ගේ සිරුරේ කොටස් සඟවා කාගේදෝ අපරාධයක් සඟවූ බවට අපවාද ලැබුවේ ඔහුගේ වෘත්තීය නිපුනතාව නිසා නොවේ. රාජපක්‍ෂලා විශ්වාස කළ නිසා සහ රාජපක්‍ෂලාගේ නායකත්වයට පැවති තක්සේරුව  නිසාය. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අදටත් පිස්සෙකු සේ  හැසිරෙන්නේ වෛද්‍ය වෘත්තියේ වරදක් නිසා නොවේ.  රාජපක්‍ෂලා විශ්වාස කළ නිසා සහ රාජපක්‍ෂලාගේ නායකත්වයට පැවති තක්සේරුව  නිසාය. විධායක ජනාධිපති තනතුර නිසා රට හඳුණා ගත් ආර්යාවන් ගණනාවකි. එලීනා  ජයවර්ධන ආර්යාව, ඩී.බී,විජේතුංග ආර්යාව හා මෛත්‍රිපාල සිරිසේන ආර්යාව ලාංකේය කාන්තා පරපුරම ආඩම්බරයෙන් සිහි කරනු නිසැකය. ශිරන්ති රාජපක්‍ෂ ආර්යාවගේ සිරිලිය ගිනුමේ පරීක්‍ෂණ, රනිල්ගේ පිහිටෙන් ගොඩ ගිය බව සැබෑය. එහෙත් ගිණුමේ ප්‍රකාශිත පුද්ගල හැඳුනුම් පත් අංකයම  වලංගු නඩු තීන්දුවකි.

    මැදමුලන රාජපක්‍ෂ පවුලේ  සොහොන,  කෞතුකාගාරයක් කිරීමට ආණ්ඩුවේ මුදල් වැය කළ බව හෙළිවූ සැනින් ඒ මුදල් ආපසු පියවීය. ඒ නිසාම ඒ නඩුවේ සියලු විත්තිකරුවන් නිදහස් කිරීමට නීතිපති එකඟ විය. එහෙත් වැය කළ මුදල් ආපසු  ආණ්ඩුවට ගෙවා ලබා ලත් ලදුපතම  නඩු තීන්දුවකි. මේවා අගමුල ගලපන්නේ වෘත්තිකයෙකුවූ රිෂාඩ් විනාශයට යොමු කළ දේශපාලනය තේරුම් ගැනීමටය. රිෂාඩ් මේ විඳවන්නේ ඔහු උගත් ඉංජිනේරු පාඨ මාලාව  නිසා නොව,  රාජපක්‍ෂලාගේ  දේශපාලන ආභාෂය නිසා ය.  විජේදාස රාජපක්‍ෂ වෘත්තියෙන් නීතිඥයෙකි. ඔහු කෝප් සභාපති ලෙස අවංක වීම නිසා පාරට විසි වී යහ පාලනයට මාරු විය. විජේදාස අධිකරණ ඇමති වී රාජපක්‍ෂලා පමණක් නොව, ඇවන්ගාඩ්, සුහද ගම්ලත් වැනි රාජපක්‍ෂලාගේ බ්‍රෝකර්ලා රැක්කේද, රාජපක්‍ෂලා දුන් දඬුවම නිසාය. නැවත මැදමුලන අගුවට වනු ගා රාජපක්‍ෂලාට එකතු වුණාට, විජේදාසට කිසිවක් නොලැබිණ. පෝර්ට් සිටි පනත් කෙටුම්පතේදී ඒ වාඩුව අල්ලන අතර.   ගෝඨාගේ පුතා රටින් ඩොලර් පැන්නීම යටපත් කළේ රනිල් බව කීය. සමහර විට විජේදාස, නැවත අලුත්වී ඊළඟ රාජපක්‍ෂ විරෝධි සටනේ රනිල්ට දකුණු පසින් සිට ගැනීමටද බැරි නැත. රාජපක්‍ෂලා බෝ කළ ලජ්ජා නැතිකමට හොඳම නිදර්ශනය විජේදාසය.  රිෂාඩ් මෙන්ම, විිජේදාසත්  කෑවේ බිව්වේ බේරුවල බොක්ක වැනි පී.බී.ජයසුන්දර, ලලිත් විරතුංග, අනුෂ පැල්පිට, ගාමිණි සෙනරත්, චොකා මල්ලි, දුමින්ද සිල්වා වැනි එක දිගට උසාවි වාර්තා තැබූ කුණු කන්දල් රැඳුණ රාජපක්‍ෂ හබ් එකෙන් ය.  

    රටට අවශ්‍ය විකල්පයක් මිස ආදේශකයක් නොවේ යයි සොයා ගත් මංගල සමරවීරත් රාජපක්‍ෂ හබ් එකෙන් බුරුල් වී ගැලවුණ පොට තැ`ථණ  ඉස්කුරුප්පුවකි. මංගල  ආදේශකයක් නොවන විකල්පයක් ගැන කතා කරයි.  මංගල යනු රටේ ප්‍රජාතන්ත්‍රවාදය 2005දී ප්‍රභාකරන්ට වික්ක, සිය පැවැත්මට ඕනෑම හූනියමක් ගෙනැවත් අතාරින ජාතියේ මාතර යකැදුරෙකි. මංගලගේ අ`ථත්ම සෙල්ලමේ නමත් හබ් එකකි. ඔහුගේ මුල්ම විකල්පය චන්ද්‍රිකාය. ඊළඟට මහින්දය. ඊළඟට රනිල්ය. 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී සිරිසේනය. 2019දී සජිත්ය. අ`ථත්ම එක  විමුක්ති කුමාරතුංගය. පුද්ගලයෙකු නොව ප්‍රතිපත්තියක් ගැන කතා කරන මේ නිමේෂයේ විමුක්ති කුමාරතුංග……? සජිත් මෙන්, නාමල් මෙන්, නවීන් මෙන්, තවත් කුමාරයෙක් පමණකි. රටපුරාම එක එක හබ්වල බොහෝ කුමාරවරුය. මොකෙක් හෝ ඇට්ටිම්බෙක් පස්සෙන් යන තරම් ලංකාවේ අප චින්තනයෙන් බංකොලොත්ද?

    ලංකවේ කවුරුත් කුමර කුමරියන්ගේ ඒජන්තවරුන් ගෙන් ප්‍රවේශම් විය යුතුවේ. විශේෂයෙන් එජාපය  තමන්ගේම  ජනාධිපති කෙනෙකු පිළිබඳ යළි සිහිනයක් දකිමින්  සිටිති.  එජාපයේ  සිහින කුමාරයා රනිල් වික්‍රමසිංහය. ඒ නිසාම දැන් රනිල්ට නින්ද යන්නේ නැත. රෑට රෑට ඇවිදිති. මහින්ද සමග රෑ කෑමකට ගොස් ජංජාලයක් කර ගත් රනිල් ළඟදී පෝට්සිටි මුදලාලි සමග කෑමකට සෙට් විය. ඒවා ගණන්ගත යුතු  ලොකු සිද්ධි නම් නොවේ.  එහෙත් දේසේ හැටියට හැසිරෙන්නේ නැති මේ හනුමන්තාට තවත් පරම්පරාවක සිහිනවලට ගිනි තැබීමට එජාපය ඉඩ දෙනවාද? එජාපයට ඇති අලුත්ම ප්‍රශ්නය එයයි. එජාපයට පිරිමහින බොහෝ දෙනා රනිල් නිසා එක්කෝ එජාපය හැර ගියහ. නැතහොත් මිනිසුන්ට එපා විය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන බොහෝ දෙනෙකුගේ අනාගත අපේක්‍ෂාව වෙමින් සිටියි. පෝට්සිටි මුදලාලිගේ කෑම මේසේ රුවන්ට සමාන  හැඩරුවක් දුටු බොහෝ යුඇන්පී කාරයන් රනිල්ගේ ලෙලි අරිනු ඇසිණ.  එස්මන්ඩ් වික්‍රමසිංහ, ඩී.ආර්. විජයවර්ධන ජාතියට දායාද කළ ලේක් හවුස් නම් මහා සම්පතට වින කැටීය. රනිල් වික්‍රමසිංහ, විජයවර්ධනලාට මේ අදින්න හදන්නේ ඒ ජාතියේම අංචියක්ද? මේ සූදානම, රුවන් විනාස කර, විමුක්ති ගෙන ඒමේ සැලැස්මක්ද කියා සමහරු සැක කරති.  මම නොවේ නම් යුඇන්පියේ වෙන කාටවත් නෝ චාන්ස් යන්න රනිල්ගේ තියරිය යි. එජාපයේ විසි නව අවුරුදු මල් සමය නිම නොවන හැඩකි.

    නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

  • මූල්‍ය අර්බුදය උග්‍ර අතට: රුපියල් කෝටි 21,348ක් ඊයේ මුද්‍රණය කරලා

    මූල්‍ය අර්බුදය උග්‍ර අතට: රුපියල් කෝටි 21,348ක් ඊයේ මුද්‍රණය කරලා

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ අලුත්ම රු. බිලියන 120 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 31% ක් සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් වී නැතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

    මේ වසරේ තනි දිනක් තුල මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය රු. බිලියන 213.48 ක් ඊයේ දිනයේ මුද්‍රණය කර ඇත.

    කෙටි කාලීන බැඳුම්කර සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් පැවතිය ද, 2028 මැයි 01 දිනට කල් පිරීම සඳහා ඉදිරිපත් කර තිබූ භාණ්ඩාගාර බැඳුම්කර රු.බිලියන 35 කින් අලෙවි වී ඇත්තේ රු. බි. 11.4 කි.

    ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවලින් කල් පිරුණු ඩොලර් මිලියන 106 ක වටිනාකමින් 44% ක් (එනම් ඩොලර් මිලියන 60) නැවත අලෙවි කිරීමට මහ බැංකුවට ඊයේ හැකි විය.  දැඩි අර්බුදකාරී වාතාවරණයක් තුල යම් අස්වැසිල්ලකි.  

    අගෝස්තු මස 1 දිනට පියවිය යුතු රු. බිලියන 150 ඉක්මවන බැඳුම්කර හා කූපන් ප්‍රමාණයක් මහ බැංකුව සතුවේ. 

    නිදහසින් පසු දළ දේශීය නිෂ්පාදනයට වඩා රටේ ණය ප්‍රමාණය ඉහළ ගිය අවස්ථා තුනකි.  1987 – 89 උතුර – දකුණ යුධ තත්වය,  පරිවාස ආණ්ඩුවක් ඇති කිරිමට හේතු  වූ 2001 ආර්ථිකය සෘණ අගයකට පත් වූ අවස්ථාව සහ 2020 එම අවස්ථා වෙති.  1970 න් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්තම මුල්‍ය අර්බුදයට දැන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටී.  විදේශ විනිමය හිඟය, රජයේ ආදායම් අඩුවීම හා පොහොර, ඖෂධ, ගැස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ඒ අතර මුලික වේ.