Author: Editor

  • 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් – EDB

    2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් – EDB

    2025 පළමු කාර්තුව තුළ සේවා අපනයනය 10.88%කින් ඉහළට 2025 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.

    අද(23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 4,212.13 දක්වා ළඟා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.87% ක වර්ධනයක් බවයි.
    2025 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,507.90 දක්වා ළඟා වී ඇත. මෙය 2024 මාර්තු මාසයට සාපේක්ෂව 6.24% ක ආකර්ෂණීය වාර්ෂික වර්ධනයක් සහ 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 11.76% ක මාසික වැඩිවීමකි.
    “මෙම ධනාත්මක අපනයන කාර්ය සාධනය, ගෝලීය වෙළඳාම තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය වන ප්‍රමුඛතාවය අවධාරණය කරන අතර, රටේ අපනයන තරඟකාරිත්වය සහ වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයන්ගේ ඵලදායීතාවයද පිළිබිඹු කරන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.
    “2025 මාර්තු මාසයේදී, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 5.87%ක වර්ධනයක් සහිත ශක්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති අතර මැණික් සහ ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන ඇතුළු අංශයන් සඳහා වූ ඇස්තමේන්තුගත සංඛ්‍යා ද සලකා බැලූ විට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිකුත් කළ තාවකාලික දත්ත අනුව 2025 මාර්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,215.9ක් ලෙස වාර්තා වේ.”
    සේවා අපනයනය අංශය කැපී පෙනෙන වර්ධනයක් හඳුනාගෙන ඇති අතර, 2025 මාර්තු මාසයේදී පෙර වසරට සාපේක්ෂව 7.79%ක වර්ධනයකි. එම වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 291.12ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 2025 පළමු කාර්තුව තුළ සේවා අපනයනය 10.88%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 887.04ක් දක්වා ළඟා වී ඇත. එය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම පිළිබිඹු කරයි.
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයනය විවිධාංගීකරණය කරමින්, දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා අඛණ්ඩව නිර්මාණය කරමින් පවතී. 2025 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ, සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 3,325.09 කි. එය 2024 පළමු කාර්තුවට සාපේක්ෂව 4.61%ක වර්ධනයක් පෙන්නුම් කරන බව අපනයන සංවර්ධන මණ්ඩලයයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි

  • මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී තිබෙනවා – ජනපති

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය වී තිබෙනවා – ජනපති

    ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පැවසීය.

    මෙරට සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලයේ දී අද (22) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් සහ වැඩිදුයුණු කර දෙරටටම ආර්ථික ප්‍රතිලාභ අත් කර ගැනීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැතිවරයා ඇතුළු දූත පිරිස මෙරට සංචාරයක නිරත වෙයි.

    මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව පාලනයට සුබපැතුම් එක් කළ උප අගමැතිවරයා නව රජයේ වැඩපිළිවෙළ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පූර්ණ සහාය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

    එමෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උත්සාහය, කැපවීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පිළිබඳ පවතින ධනාත්මක ආකල්පය උප අගමැතිවරයාගේ පැසසුමට ලක් විය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවයි. අතීතයේ සිදු වූ අයුරින් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරය නැවත ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ආරක්ෂා කිරීමට නීතිමය ප්‍රතිපාදන සලසන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට අදාළව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී නියෝජිත කණ්ඩායම දැනුම්වත් කළ ජනාධිපතිවරයා වරාය පර්ය‍න්ත සංවර්ධනය, වරාය නගර සංවර්ධනය, සංචාරක කර්මාන්තය, බලශක්ති ක්ෂේත්‍රය හා ප්‍රවාහන ක්ෂේත්‍ර තුළ ඇති ආයෝජන අවස්ථා පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.

    කලාපයේ හොඳම ආයෝජන කේන්ද්‍රය හා සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කිරීම නව රජයේ අරමුණ බවද මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය අමාත්‍ය අහ්මඩ් අල් සෙයි, එහි ආර්ථික හා වෙළෙඳ කටයුතු සහකාර අමාත්‍ය සයිඩ් අල් හජේරි, එහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලශක්ති සහ තිරසර කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය අබ්දුල්ලා බෙලාලා, විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අහමඩ් බර්හයිමා, ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කලීඩ් අල් අමේරි, එහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මුඅත් අල් වාරි, විදේශ කටයුතු අමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය සහ අන්තර්ගතයන් පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මයිතා අල් මයිසෝරි යන මහත්ම මහත්මීහුද, ආසියානු සහ පැසිෆික් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • : කතෝලික සභාව වෙනස් කළ පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ

    : කතෝලික සභාව වෙනස් කළ පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ

    ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2025 අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේ ය. 88 වන වියේ පසු වූ උන්වහන්සේ වතිකානයේ කැසා සැන්ටා මාර්ටාහි පිහිටි නිවහනේදී ස්වර්ගස්ථ වූහ.

    2013 මාර්තු මාසයේදී XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු කාදිනල් හොර්හේ මාරියෝ බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ කතෝලික පල්ලියේ නායකත්වයට තේරී පත් විය.

    ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පදවි කාලය තුළ පෙර නොකළ බොහෝ දෑ සිදුවිය. කිසි විටෙකත් කතෝලික පල්ලියට ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නතර නොකළ උන්වහන්සේ සාම්ප්‍රදායිකවාදීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන්නට වූහ.

    උන්වහන්සේ ඇමෙරිකාවේ නොඑසේ නම්, පෘථිවියේ දකුණු අර්ධ ගෝලයෙන් බිහිවූ පළමු පාප් වහන්සේ වූහ. සිරියාවේ උපන් III වන ග්‍රෙගරි පාප් වහන්සේ 741දී මිය ගිය දා සිට රෝමයේ යුරෝපීය නොවන රදගුරුවරයෙක් නොසිටියේ ය.

    පාප් පදවියට පත්වූ පළමු ජේසු නිකායික පියතුමන් ද උන්වහන්සේ වූහ. ඉතිහාසය පුරා රෝමය ජේසු නිකායික පියතුමන්ලා දෙස බැලුවේ සැකයෙනි.

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පූර්වගාමියා වූ XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ, වසර 600කට ආසන්න කාලයකදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් පළමු පාප් වහන්සේ වූ අතර දශකයකට ආසන්න කාලයක් වතිකානයේ පාප් වහන්සේලා දෙදෙනෙක් වූහ.

    ආර්ජන්ටිනාවේ කාදිනල් බර්ගෝලියෝ ලෙස කටයුතු කළ උන්වහන්සේ 2013 වසරේදී පාප් පදවියට පත්වන විටත් 70වන වියේ පසු වූහ.

    නව පාප් වහන්සේ තරුණ අයෙකු වනු ඇතැයි බොහෝ කතෝලිකයන් උපකල්පනය කර ඇත.

    බර්ගෝලියෝ කාදිනල් වහන්සේ සම්මුතිවාදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කෙරිණි: එනම්, සමාජ සාධාරණත්වය පිළිබඳ උන්වහන්සේගේ ලිබරල් ආස්ථානයෙන් ප්‍රතිසංස්කරණවාදීන් ආකර්ෂණය කර ගනිමින් ලිංගික කාරණා සම්බන්ධයෙන් ගතානුගතික අදහස් ඇති පුද්ගලයින්ගේ ද උන්වහන්සේ සිත් දිනා ගත්හ.

    උන්වහන්සේගේ වෙනස් පසුබිම වතිකානය පුනර්ජීවනය කිරීමට සහ එහි ශුද්ධ මෙහෙවර ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

    නමුත් වතිකාන නිලධාරිවාදය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රතිසංස්කරණ සඳහා ගත් ඇතැම් උත්සහයන් ප්‍රතිරෝධයට ලක්වූ අතර, 2022දී මියගිය උන්වහන්සේගේ පූර්වගාමියා සාම්ප්‍රදායිකවාදීන් අතර ජනප්‍රියතත්වයක් උසුලන්නට විය.Pope Francis smiles wearing a white skullcap and clothing, waving his right hand

    වෙනස් වීමට දැඩි අධිෂ්ඨානයක්

    පාප් පදවියට තේරී පත්වූ මොහොතේ සිට, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඇඟවූයේ, උන්වහන්සේ වෙනස් ලෙස කටයුතු කරන බව ය. උන්වහන්සේ තම ආසනයේ අසුන් ගෙන නොව නැගී සිට සහ සම්ප්‍රදායෙන් බැහැරව තම කාර්දිනල්වරුන් පිළිගත් අයෙකු වූහ.

    2013 මාර්තු 13 වන දින, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාන්ත පීතර චතුරශ්‍රය දෙසට මුහුණ ලා ඇති බැල්කනියේ සිට රැස්ව සිටි ජනතාවට ආචාර කළහ.

    සරලව සුදු ඇඳුමින් සැරසී සිටි උන්වහන්සේ 13 වන සියවසේ දේශකයෙකු සහ සත්ව ලෝලියෙකු වූ අසීසියේ සාන්ත ෆ්‍රැන්සිස් තුමාට ගෞරවයක් වශයෙන් නව නාමයක් තෝරා ගත්හ.

    උන්වහන්සේ අධිෂ්ඨාන කරගෙන සිටියේ උඩඟුකමට හා විභූතිය අභිබවා යමින් නිහතමානීකමට මුල් තැන දීමට ය. උන්වහන්සේ පාප් වහන්සේට හිමි ලිමොසින් රථය භාවිත නොකළ අතර ඒ වෙනුවට අනෙකුත් කාර්දිනල්වරුන් නිවසට රැගෙන යන බස් රථයේ ගමන් කිරීමට තෝරා ගත්හ.

    නව පාප් වහන්සේ බිලියන 1.2ක් වූ කතෝලික භක්තියක් නව සදාචාරාත්මක මගක් ඔස්සේ ගෙන යාමට තීරණය කළහ. “අනේ, මම කැමති දුප්පත් පල්ලියකට දුප්පතුන්ට,” උන්වහන්සේ සඳහන් කළහ.

    Pope Francis and Pope emeritus Benedict XVI
    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2014 පාප් පූජාවේදී ඔහුගේ පූර්වගාමියා වූ XVI වන බෙනඩික්ට් පාප් වහන්සේට සුබ පතයි

    හොර්හේ මාරියෝ බර්ගෝලියෝ 1936 දෙසැම්බර් 17 වන දින ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස්හිදී උපත ලැබීය. උන්වහන්සේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූහ.

    උන්වහන්සේ ටැන්ගෝ නැටුම් කලාවට ප්‍රිය කළ අතර උන්වහන්සේ ආර්ජන්ටිනාවේ පාපන්දු සමාජයක් වන සැන් ලොරෙන්සෝහි ආධාරකරුවෙකු ද වූහ.

    දරුණු නියුමෝනියා තත්ත්වයක් වැළඳීමෙන් පසු පෙනහලුවල කොටසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වෙමින් ජීවිතය ගලවා ගැනීමට තරම් උන්වහන්සේ වාසනාවන්ත වූහ. නමුත් එය උන්වහන්සේ තම ජීවිත කාලය තුළ ආසාදනවලට ගොදුරු වීමේ අවදානමකට පත් කළේ ය.

    වැඩිහිටියෙකු වූ පසු ද උන්වහන්සේගේ දකුණු දණහිසේ වේදනා තත්ත්වයක් පැවති අතර උන් වහන්සේ එම තත්ත්වය විස්තර කළේ, “ශාරීරික දුර්වලතාවක්” ලෙසිනි.

    Jorge Mario Bergoglio
    හොර්හේ මාරියෝ බර්ගෝලියෝ 1940 දශකයේ බුවෙනොස් අයර්ස්හි පාසල් සිසුවෙකු ලෙස

    තරුණ බර්ගෝලියෝ රසායන විද්‍යාඥයෙකු ලෙස උපාධිය ලබා ගැනීමට පෙර රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු (bouncer) සහ බිම පිරිසිදු කරන්නෙකු ලෙස සේවය කළේ ය.

    ආර්ජන්ටිනාවේ කම්හලකදී, උන්වහන්සේ එරට මිලිටරි ආඥාදායකත්වයට එරෙහිව හඬ නැගූ එස්තර් බැලෙස්ට්‍රිනෝ සමග සමීපව කටයුතු කළහ. ඇයට වධහිංසා පමුණුවා තිබුණු අතර ඇයගේ මෘත ශරීරය කිසි දා හමු නොවිණි.

    උන්වහන්සේ ජේසු නිකායට සම්බන්ධ වී දර්ශනය හැදෑරූ අතර සාහිත්‍යය සහ මනෝවිද්‍යාව ඉගැන්වූහ. ඉන් දශකයකට පසුව පූජකවරයෙකු බවට පත් වූ උන්වහන්සේ වැඩි කල් නොගොස් උසස් නිලයන්ට පත්ව 1973දී ආර්ජන්ටිනාවේ කලාපයේ ප්‍රධානියා බවට පත්වූහ.

    Pope Francis holds up an insignia of the football team he supports
    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බුවනොස් අයර්ස්හි පිහිටි සිය දේශීය පාපන්දු කණ්ඩායම වන සැන් ලොරෙන්සෝහි ජීවිත කාලය පුරා ම රසිකයෙකු වූහ

    චෝදනා

    ආර්ජන්ටිනාවේ කුරිරු මිලිටරි පාලන තන්ත්‍රයේ ජෙනරල්වරුන්ට විරුද්ධ වීමට ප්‍රමාණවත් තරම් යමක් කිරීමට උන්වහන්සේ අසමත් වූ බව ඇතැමෙකුගේ අදහස වූහ.

    1976 සිට 1983 දක්වා මිනිසුන් දහස් ගණනකට වධ හිංසා පමුණුවා හෝ මරා දැමූ හෝ අතුරුදහන් වූ කාලපරිච්ඡේදයක් වූ ‘ආර්ජන්ටිනාවේ අශුද්ධ යුද්ධයේදී’ පූජකවරුන් දෙදෙනෙකු හමුදාව විසින් පැහැර ගනු ලැබීමට සම්බන්ධ බවට උන්වහන්සේට චෝදනා එල්ල විය.

    එම පූජකවරුන් දෙදෙනා වධ හිංසාවලට ලක්ව තිබුණු නමුත් අවසානයේ ජීවිත හානියක් නොමැතිව සොයා ගැනිණි. නමුත් ඔවුන් සිටියේ සිහිමදව සහ අඩ නිරුවතිනි.

    දුප්පත් අසල්වැසි ප්‍රදේශවල පූජකවරුන්ගේ කටයුතු කතෝලික සභාව විසින් අනුමත කරනු ලැබ ඇති බව බලධාරීන්ට දැනුම් දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බර්ගෝලියෝට චෝදනා එල්ල විය. එය සත්‍යයක් නම්, එය ඔවුන්ට මරණීය ඉරණමක් අත් කර දීමකි. එය උන්වහන්සේ එක හෙළා ප්‍රතික්ෂේප කළ චෝදනාවක් වූ අතර, උන්වහන්සේ ඔවුන් නිදහස් කර ගැනීම සඳහා තිරය පිටුපස ක්‍රියා කළ බව අවධාරණය කළහ.

    ඒ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ඇයි දැයි ප්‍රශ්න කළ විට, එය අපහසු කාර්යයක් වූ බව පැවසුවේ යැයි වාර්තා විය. සත්‍ය වශයෙන් ම වයස අවුරුදු 36දී උන්වහන්සේ වඩාත් පළපුරුදු නායකයෙකුට පවා දුෂ්කර විය හැකි අවුල් ජාලයක සිරවී සිටියහ.

    බර්ගෝලියෝ විමුක්ති දේවධර්මය කෙරෙහි උනන්දුවක් නොමැති බව විශ්වාස කළ සෙසු ජේසු නිකායික පියවරුන් සමග ද උන්වහන්සේට මතභේද පැවතිණි. විමුක්ති දේවධර්මය යනු, අයුක්තිය අතුගා දැමීමට උත්සහ කළ කිතුණු චින්තනයේ සහ මාක්ස්වාදී සමාජ විද්‍යාවේ සංශ්ලේෂණයකි.

    ඇතැම් අවස්ථාවලදී, උන්වහන්සේ සහ ජේසු නිකායික පියවරුන් අතර පැවති සම්බන්ධය විරසකයක් දක්වා ම වර්ධනය විය. 2005දී උන්වහන්සේ පාප් පදවියට පත් වීමට මුල්වරට ගත් උත්සහයෙන් අසාර්ථක වුණු අවස්ථාවේදී ඇතැම් ජේසු නිකායික පියවරු සැනසුම් සුසුම් පවා හෙළූහ.

    Pope John Paul II and the future Pope Francis
    දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ 1998දී බුවනොස් අයර්ස්හි අගරදගුරු ලෙස හොර්හේ මාරියෝ බර්ගෝලියෝ පත් කරන ලදී

    සරල රුචි අරුචිකම් ඇති මිනිසෙක්

    උන්වහන්සේ 1992දී බුවනොස් අයර්ස්හි සහයක රදගුරු ලෙස නම් කරන ලද අතර පසුව අගරදගුරු බවට පත් වූහ.

    දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ 2001දී උන්වහන්සේ කාදිනල්වරයෙකු ලෙස පත් කළ අතර, උන්වහන්සේ කතෝලික දෙස සභාවේ පාලන තන්ත්‍රය වන කියුරියාහි නිලයක් දැරූහ.

    ජ්‍යෙෂ්ඨ පූජකයෙකුට ලැබෙන වරදාන වරප්‍රසාද නොලබමින් උන්වහන්සේ සරල රුචි අරුචිකම් ඇති මිනිසෙකු ලෙස කීර්තියක් අත්පත් කර ගත්හ. උන්වහන්සේ සාමාන්‍යයෙන් ගුවන් ගමන්වල නිරත වූයේ, සාමාන්‍ය පන්තියේ වන අතර උන්වහන්සේගේ පදවියට හිමි රතු සහ දම් පැහැති ලෝගුව නොව පූජකයෙකුගේ කළු ලෝගුව ඇඳීමට කැමැත්තක් දැක්වූහ.

    උන්වහන්සේ සිය දේශනාවල දී සැමට සාධාරණව සලකන ලෙස ඉල්ලා සිටි අතර සමාජයේ සිටින දුප්පත් ම ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීමට අපොහොසත් වූ ආණ්ඩු විවේචනය කළහ.

    “අපි ජීවත් වන්නේ ලෝකයේ වඩාත් ම අසමානකම් තියෙන කොටසේ,” උන්වහන්සේ පැවසූහ. “[ආර්ථිකය] උපරිමයෙන් දියුණු වෙලා තියෙනවා, ඒත් දුප්පත්කම අඩු වෙලා නැති තරම්.”

    පාප් වහන්සේ වශයෙන්, නැගෙනහිර ගතානුගතික සභාව සමග වසර දහස් ගණනක් තිස්සේ පැවති විරසකය නිම කිරීමට උන්වහන්සේ විශාල උත්සහයක් ගත්හ. පිළිගැනීමක් ලෙස, 1054 මහ සභා භේදයෙන් පසු පළමු වතාවට, එහි නායක පූජක පියතුමන්ලා රෝමයේ නව බිෂොප්වරයෙකු පත් කිරීමට කිරීමට සහභාගී වූහ.

    Pope Francis, Shimon Peres and Mahmoud Abbas
    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊශ්‍රායල ජනාධිපති ෂිමොන් පෙරෙස් (වමේ) සහ පලස්තීන ජනපති මහමුද් අබ්බාස් 2014දී සාමය සඳහා යාච්ඤා කිරීම සඳහා එක් තැනකට ගෙන්වා ගැනීමට සමත් වූහ.

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇංග්ලිකානුවන්, ලූතර්වරුන් සහ මෙතෝදිස්තවරුන් සමග කටයුතු කළ අතර සාමය සඳහා යාච්ඤා කිරීමට තමා හා එක්වන ලෙස ඊශ්‍රායල සහ පලස්තීන ජනාධිපතිවරුන් පොළඹවා ගත්හ.

    මුස්ලිම් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් පසු උන්වහන්සේ ප්‍රකාශ කළේ, ඉස්ලාමය ප්‍රචණ්ඩත්වය ලෙස හඳුනා ගැනීම නිවැරදි නොවන බව ය. “මම ඉස්ලාමීය ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා නම්, මට කතෝලික ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්නත් වෙනවා,” උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    දේශපාලනිකව, උන්වහන්සේ ෆෝක්ලන්ඩ් දූපත් සඳහා ආර්ජන්ටිනාවේ ආණ්ඩුව හිමිකම් පෑමට සහය දැක්වූ අතර දේව මෙහෙයක දී මෙසේ පැවසූහ: “අපි ඇවිල්ලා ඉන්නේ, ඔවුන්ගේ රට ඔවුන්ට හිමි කර ගන්න, තම මව්බිම ආරක්ෂා කර ගන්න ගිහින් මිය ගිය මව්බිමේ පුත්‍රයන් වෙනුවෙන් යාච්ඥා කරන්න.”

    තව ද, ස්පාඤ්ඤ භාෂාව කතා කරන ලතින් ඇමෙරිකානුවෙකු ලෙස, එක්සත් ජනපද ආණ්ඩුව කියුබාව සමග ඓතිහාසික සහයෝගීතාවක් කරා ගමන් කළ අවස්ථාවේ උන්වහන්සේ මැදිහත්කරුවෙකු ලෙස තීරණාත්මක සේවාවක් දුන්හ. යුරෝපීය පාප් වහන්සේ කෙනෙකු මෙතරම් තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරයක් ඉටු කළ බව සිතීම දුෂ්කර ය.

    Pope Francis and former President Fidel Castro.
    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2015 වසරේ හවානා නුවර කළ සංචාරයේදී හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ හමුවූහ

    කතෝලික සභාවේ ඉගැන්වීම්වල දී දැරූ මතය

    කතෝලික සභාවේ ඉගැන්වීම්වල දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සම්ප්‍රදායිකවාදියෙක් වූහ.

    උන්වහන්සේ “දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ තරම් ම ඉතා දැඩි කෙනෙක් වුණා… අනායාස මරණය, මරණ දඬුවම, ගබ්සාව, ජීවත්වීමේ අයිතිය, මානව හිමිකම් සහ පූජකයන්ගේ බ්‍රහ්මචර්යාව වගේ දේවල් ගැන.”

    දේව සභාව මිනිසුන්ගේ ලිංගික දිශානතිය නොතකා ඔවුන් සාදරයෙන් පිළිගත යුතු බව උන්වහන්සේ පැවසූහ. නමුත් උන්වහන්සේ සමලිංගික යුවළ දරුවන් දරුකමට හදා වඩා ගැනීම දරුවන්ට වෙනස් කොට සැලකීමේ ආකාරයක් බව අවධාරණය කළහ.

    සමලිංගික යුවළ සඳහා යම් ආකාරයක සමලිංගික විවාහවලට පක්ෂව ධනාත්මක ප්‍රකාශ නිකුත් කෙරුණ ද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එය විවාහය ලෙස හැඳින්වීමට කැමැත්තක් නොදැක්වූහ. මේක “දෙවියන් වහන්සේගේ සැලැස්ම විනාශ කිරීමේ උත්සහයක්” වනු ඇතැයි උන්වහන්සේ පැවසූහ.

    2013දී පාප් පදවියට පත්වීමෙන් ටික කලකට පසු උන්වහන්සේ රෝමයේ ගබ්සාවට එරෙහි පාගමනකට සහභාගී වූහ. එය සංවිධානය කර තිබුණේ, “පිළිසිඳ ගත් මොහොතේ සිට” නූපන් දරුවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීම වෙනුවෙනි.

    උන්වහන්සේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගෙන් ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අතර අයර්ලන්තයට පණිවිඩයක් යවා [ඔවුන් මේ පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වූ බැවින්] නූපන් දරුවන් ආරක්ෂා කරන ලෙස එහි සිටින ජනතාවගෙන් අයැද සිටියහ.

    උන්වහන්සේ කාන්තාවන් පූජකත්වයට පැමිණවීමට විරුද්ධ වූ අතර, දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ වරක් සහ ස්ථිරව ම එම හැකියාව බැහැර කළ බව ද ප්‍රකාශ කළහ.

    තව ද, රෝග වැළැක්වීම සඳහා උපත් පාලන ක්‍රම භාවිත කළ හැකියි යන්න සඳහා උන්වහන්සේ විවෘතව සිටි බවක් මුලින් පෙනෙන්නට තිබුණ ද උන්වහන්සේ මෙම විෂය පිළිබඳ VI වන පාවුළු පාප් වහන්සේ ඉගැන්වීම ප්‍රශංසා කළහ. එනම්, උපත් පාලනය කාන්තාවන් පිරිමි තෘප්තිමත් කිරීමේ උපකරණ බවට පත් කළ හැකි බවට වන අනතුරු ඇඟවීම ය.

    2015දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිලිපීනයේ ජනතාව අමතමින් කියා සිටියේ, උපත් පාලන ක්‍රම “දරුවන් නැතිකම හරහා පවුල විනාශ කිරීමට” දායක වන බව ය. උන්වහන්සේ එතරම් හානියක් ලෙස දුටුවේ දරුවන් නොමැතිකම නොව, ඔවුන් වළක්වා ගැනීමට හිතාමතා ගන්නා තීරණය යි.

    Pope Francis
    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පිලිපීනයේ සංචාරයක් අතරතුර මැනිලාහි ජනතාව වෙත ආචාර කරමින් වැස්සෙන් ආරක්ෂා වීමට කහ පැහැති වැහි කබායක් ඇඳ සිටින අයුරු

    ළමා අපචාරවලට එරෙහිව කටයුතු කිරීම

    උන්වහන්සේගේ පාප් පදවියට එල්ල වූ විශාලතම අභියෝගය පෙරමුණු දෙකකින් පැමිණියේ ය: එනම් ළමා අපචාර පාලනය කිරීමට අසමත් වූ බවට උන්වහන්සේට චෝදනා කළ පිරිසෙන් සහ උන්වහන්සේ ධර්මය දියාරු කරන බව හැඟෙන ගතානුගතික විවේචකයන්ගෙන් එල්ල වූ චෝදනා ය. විශේෂයෙන් ම, දික්කසාද වූ සහ නැවත විවාහ වූ කතෝලිකයන්ට සභාවේ සාමාජිකත්වය ලබා දීමට ඉඩ දීම සඳහා උන්වහන්සේගේ පියවර ඔවුන්ගේ මනසෙහි විය.

    ගතානුගතික මතධාරීහු ඔවුන්ගේ දිගුකාලීන ව්‍යාපාරයේ ආයුධයක් ලෙස ළමා අපචාර ප්‍රශ්නය ද අත් නොහළහ.

    2018 අගෝස්තු මාසයේදී, එක්සත් ජනපදයේ හිටපු වතිකාන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අගරදගුරු කාලෝ මරියා විගානෝ විසින් පිටු 11ක යුද්ධ ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරන ලදී. හිටපු කාදිනල්වරයෙකු වූ තෝමස් මැක්කැරික්ගේ හැසිරීම පිළිබඳව වතිකානයට කරන ලද අනතුරු ඇඟවීම් මාලාවක් විස්තර කරමින් උන්වහන්සේ ලිපියක් නිකුත් කළහ.

    මැක්කැරික් වැඩිහිටියන්ට සහ බාල වයස්කරුවන්ට දිගින් දිගට ම පහර දෙන අපයෝජකයෙකු බවට චෝදනා එල්ල විය. අගරදගුරු විගානෝ පැවසුවේ, පාප් වහන්සේ ඔහු ගැඹුරින් දූෂිත බව දැන සිටිය ද ඔහුව “විශ්වාසවන්ත සභිකයෙකු” බවට පත් කළ බව ය. විසඳුම පැහැදිලි විය. උන්වහන්සේ මෙසේ පැවසූහ: ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා අස්විය යුතු ය.

    “මේ සමලිංගික ජාල, රහසිගතව සැඟවිලා බූවල්ලෙකුගේ අඬු වගේ වැඩ කරන්නේ… මුළු පල්ලිය ම වෙළාගෙන.”

    පසුව ඇති වූ ආන්දෝලනය කතෝලික පල්ලිය ගිල ගැනීමට තරම් තර්ජනයක් විය. වතිකානය විසින් කරන ලද පරීක්ෂණයකින් පසු අවසානයේ 2019 පෙබරවාරි මාසයේදී මැක්‍රික් සේවයෙන් පහ කෙරිණි.

    Pope Francis meets with Ukrainian President Volodymyr Zelensky
    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2023දී යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හමුවිය

    කොවිඩ් වසංගතය අතරතුර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාන්ත පීතර චතුරශ්‍රය වෙත නිතිපතා පැමිණීම අවලංගු කළහ. ඒ, වෛරසය සංසරණය වීම වැළැක්වීම සඳහා ය. සදාචාරාත්මක නායකත්වය පිළිබඳ වැදගත් උදාහරණයක් ලෙස, උන්වහන්සේ එන්නත් කිරීම විශ්වීය වගකීමක් බව ද ප්‍රකාශ කළහ.

    2022දී 95 වන වියේදී මියගිය බෙනඩික්ට් පාප් වහන්සේගේ අවමංගල්‍යයට නායකත්වය දුන් එනම්, වසර 100කට වැඩි කාලයක් හිටපු පාප් වහන්සේ කෙනෙකුගේ අවමංගල්‍යයට නායකත්වය දුන් පළමු පාප් වහන්සේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ වූහ.

    මේ දක්වා, උන්වහන්සේට සෞඛ්‍ය ගැටලු තිබිණි. රෝහල්ගත කිරීම් කිහිපයක් ද සිදු විය. නමුත් ෆ්‍රැන්සිස් පාප් වහනසේ ගෝලීය සාමය සහ අන්තර්-ආගමික සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා උන්වහන්සේගේ උත්සහය අඛණ්ඩව කරගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටියහ.

    2023දී, උන්වහන්සේ දකුණු සුඩානයට වන්දනා චාරිකාවක නිරත වූ අතර, ගැටුම් අවසන් කරන ලෙස රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.

    උන්වහන්සේ යුක්‍රේනයේ “නිරර්ථක සහ කුරිරු යුද්ධය” අවසන් කරන ලෙස ආයාචනා කළ නමුත් උන්වහන්සේ යුක්‍රේන වැසියන් කලකිරීමට පත් කළේ, රුසියානු ආක්‍රමණයට හේතුව ඔවුන් බවට වූ රුසියාවේ ප්‍රකාශය වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි.

    ඉන් වසරකට පසුව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව සහ සිංගප්පූරුව ඇතුළු මහාද්වීප දෙකක් හරහා රටවල් හතරක සංචාරය කළහ.

    Pope Francis

    හොර්හේ මාරියෝ බර්ගෝලියෝ පාප් පදවියට පැමිණියේ එය වෙනස් කිරීමට අදිටන් කරමිනි.

    ඉතාමත් ලිබරල් නායකයෙකු ලෙස උන්වහන්සේට කැමති පිරිසක් සිටින අතර, විවේචකයින් පෙන්වා දුන්නේ, උන්වහන්සේ කතෝලික සභාවේ පූජකයින් අතින් සිදුවූ ලිංගික අපයෝජනයට එරෙහිව ගෙන ඇති පියවර දුර්වල බව ය.

    නමුත් උන්වහන්සේ එය වෙනස් කිරීමට කටයුතු කළහ.

    උන්වහන්සේ යුරෝපීය නොවන රටවලින් කාදිනල්වරුන් 140කට වඩා වැඩි ගණනක් පත් කළ අතර උන්වහන්සේට උරුම වූ කතෝලික සභාවට වඩා බොහෝ දුරට ගෝලීය දැක්මක් ඇති සභාවක් උන්වහන්සේගේ අනුප්‍රාප්තිකයාට දායාද කළේ ය.

    තව ද, ආදර්ශයක් තැබීම සඳහා, උන්වහන්සේ වතිකානයේ සිස්ටීන් දෙව්මැදුර ඇති අපෝස්තලික මාලිගයේ නොව නමුත් යාබදව පිහිටි වෙනත් ගොඩනැගිල්ලක (දෙවන ජුවාම් පාවුළු පාප්තුමා විසින් අමුත්තන්ගේ නිවාසයක් ලෙස ඉදිකරන ලද) වාසය කිරීමට තෝරා ගත්හ.

    වෙනත් ඕනෑ ම දෙයක් නිෂ්ඵල වනු ඇතැයි උන්වහන්සේ විශ්වාස කළහ. “මොනරා දිහා බලන්න,” ඔබ ඒ සත්වයාගේ ඉදිරියෙන් බැලුවොත් ලස්සනට පේනවා, නමුත් පිටුපසින් බැලුවොත් ඔබට සත්‍යය වැටහේවි.”

    අභ්‍යන්තර ආරවුල් කපා හැර, දුප්පතුන් කෙරෙහි අවධානය යොමු කර, කතෝලික සභාව නැවත ජනතාව වෙත ලබා දීමෙන් සභාවේ ඓතිහාසික මෙහෙවර වැඩිදියුණු කරමින්, වෙනසක් ඇති කිරීමට හැකි වනු ඇතැයි උන්වහන්සේ බලාපොරොත්තු වූහ.

    “විනාශකාරී ආකල්පවලින් සහ තමන්ගේ ලෝකය ගැන විතරක් හිතන සභාවකින් වළකින්න,” පාප් පදවියට තේරී පත් වී මද වේලාවකින් උන්වහන්සේ පැවසූහ.

    “ලෝකයත් එක්ක ගනුදෙනු කරන, පාරට බැහැලා මිනිස්සු වෙත ළඟා වෙන පල්ලියක් තියෙනව නම් මම පළමුවෙන් ම තෝරා ගන්නේ ඒක.”

    මූලාශ්‍රය – bbc.com/sinhala

  • 2025 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක්

    2025 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක්

    වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය.

    විශේෂයෙන්, ආහාර පාන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශ තුළ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනය, සමස්ත දර්ශකයේ වර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙනු ලැබීය. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට අනුකූලව, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනීම් මාසය තුල දී වර්ධනයක් වාර්තා කළේය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මාර්තු මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.

  • ඔබේ ශරීරයට පැරසිටමෝල් කොපමණ ප්‍රමාණයක් ආරක්ෂිතදැයි දැනගන්න

    ඔබේ ශරීරයට පැරසිටමෝල් කොපමණ ප්‍රමාණයක් ආරක්ෂිතදැයි දැනගන්න

    පැරසිටමෝල් සෑම කෙනෙකුටම සුදුසු ඖෂධයක් බවට පත්ව ඇත, එය චොක්ලට් කෑමට ගැනීම වැනි සරල දෙයක් බවට පත්ව ඇත. නමුත් බොහෝ දෙනෙකුට නොතේරෙන දෙය නම්, පැරසිටමෝල් වැඩිපුර ගැනීමෙන් ඔබේ ශරීරයට, විශේෂයෙන් ඔබේ අක්මාවට හානි සිදුවිය හැකි බවයි. එය පහසුවෙන් ලබා ගත හැකි බව සහ බහුලව භාවිතා වන නිසා එය සම්පූර්ණයෙන්ම හානිකර නොවන බව අදහස් නොවේ.

    පැරසිටමෝල් ගැනීම සඳහා ආරක්ෂිත සීමාව කුමක්ද?

    විශේෂඥ වෛද්‍ය පරිනිතා කෞර් පැවසුවේ වැඩිහිටියන් සඳහා ආරක්ෂිත සීමාව දිනකට පෙති 4ක් (එක් එක් මිලිග්‍රෑම් 650) පමණ වන අතර එය පවා ඔබේ බර, අක්මා සෞඛ්‍යය සහ ඔබ වෙනත් ඖෂධ ලබා ගන්නේද යන්න මත රඳා පවතින බවයි. බොහෝ වේදනා නාශක ඖෂධවල පැරසිටමෝල් ද අඩංගු වන බැවින්, එය නොදැනුවත්වම ආරක්ෂිත ප්‍රමාණයට වඩා ගැනීම සිදුවේ.

    අතුරු ආබාධ

    නිසි උපදෙස් නොමැතිව නිතිපතා හෝ ඔබට සුළු උණක් හෝ හිසරදයක් ඇති සෑම අවස්ථාවකම පැරසිටමෝල් ගැනීම සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් නොවේ. එය ගත යුත්තේ කවදාද යන්න සහ විවේක ගත යුත්තේ කවදාද, සජලනය කළ යුත්තේ කවදාද සහ ඔබේ ශරීරය ස්වභාවිකව සුව වීමට ඉඩ දිය යුත්තේ කවදාද යන්න දැන ගැනීම වැදගත්ය.

    ඖෂධ කියන්නේ අපිට උදව් කරන්න මිසක් එදිනෙදා පුරුදු වෙන්න නෙවෙයි. ඕනෑම ඖෂධයක් නිතර භාවිතා කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සැමවිටම හොඳයි. අපි පැරසිටමෝල්වලට චොක්ලට්වලට වගේ සලකන්නේ නැතුව අපේ අක්මාවට අවශ්‍ය සැලකිල්ල සහ අවවාදය ලබා දෙමු.

    බොහෝ විට තනිවම පැරසිටමෝල් පරිභෝජනය කරන පුද්ගලයින්ට අඩු රුධිර පීඩනයට මුහුණ දීමට සිදුවිය හැකිය. ඔබටත් එවැනි ගැටලු වළක්වා ගැනීමට අවශ්‍ය නම්, පැරසිටමෝල් ගැනීමට පෙර ඔබ වෛද්‍යවරයෙකුගෙන් වරක් පරීක්ෂා කර ගත යුතුය. මන්ද වෛද්‍යවරයෙකු වීමෙන් ඔබටම ප්‍රතිකාර කිරීම ඔබේ සෞඛ්‍යයට හානි කළ හැකි බැවිනි.

     

    (මෙම ලිපියේ යෝජනා කර ඇති උපදෙස් සාමාන්‍ය තොරතුරු අරමුණු සඳහා පමණි. ඕනෑම යෝග්‍යතා වැඩසටහනක් ආරම්භ කිරීමට, ඔබේ ආහාර වේලෙහි යම් වෙනසක් කිරීමට හෝ ඕනෑම රෝගයක් සඳහා ඕනෑම ප්‍රතිකාරයක් ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න)

  • සීනි මට්ටම පහළ ගිය විට දියවැඩියා රෝගියෙකු පරිභෝජනය කළ යුතු ආහාර මොනවාද ?

    සීනි මට්ටම පහළ ගිය විට දියවැඩියා රෝගියෙකු පරිභෝජනය කළ යුතු ආහාර මොනවාද ?

    දියවැඩියාව යනු භයානක රෝගයකි. එහිදී රුධිරයේ සීනි මට්ටම අඩුවීම අධික සීනි මට්ටමට වඩා බරපතල ලෙස සැලකේ. ශරීරයේ ග්ලූකෝස් මට්ටම අඩු වීමට පටන් ගත් විට, සීනි මට්ටම පහත වැටීමට පටන් ගනී. එවැනි තත්වයක් තුළ ශරීරයට නිසි ලෙස ක්‍රියා කිරීමට නොහැකි වේ. මෙම තත්ත්වය තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. සීනි මට්ටම හදිසියේ පහත වැටුණු විට කුමක් කළ යුතුද යන්න හෝ සීනි සමතුලිත කිරීම සඳහා කුමන ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කළ යුතුද යන්න බොහෝ විට අපට වැටහෙන්නේ නැත.

    විශේෂයෙන් ඉන්සියුලින් සහ ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් තුළ සීනි මට්ටම පහත වැටීමේ අවදානම වැඩි වේ. මේ නිසා, බොහෝ විට සීනි මට්ටම තියුණු ලෙස පහත වැටේ. සීනි මට්ටම පහත වැටුණු විට, හදිසියේම භීතියට පත් වේ. කරකැවිල්ල ආරම්භ වන අතර හිසරදය ද ආරම්භ වේ. බොහෝ විට නිදාගැනීමේ අපහසුතාවයක් ද ඇත. ඔබ එවැනි රෝග ලක්ෂණ දුටුවහොත්, වහාම ඔබේ සීනි පරීක්ෂා කර එය කළමනාකරණය කිරීමට උත්සාහ කරන්න.

    පෝෂණවේදිනියක, බර අඩු කර ගැනීමේ පුහුණුකාරිනියක සහ කීටෝ ආහාරවේදිනියක වන ස්වාති සිංගෙන් සීනි කළමනාකරණය කරන ආකාරය දැන ගන්න.

    රුධිරයේ සීනි මට්ටම අඩු වූ විට ගත යුතු ආහාර

    ග්ලූකෝස් පෙති: සෞඛ්‍ය විශේෂඥයින්ට අනුව, සීනි මට්ටම හදිසියේ පහත වැටෙන විට ග්ලූකෝස් පෙති ගත හැකිය. සෑම විටම ඒවා ඔබ සමඟ රැගෙන යන්න. ඔබට රුධිරයේ සීනි අඩු බවක් දැනෙන විට ටැබ්ලට් එකක් ගන්න. කෙසේ වෙතත් ටැබ්ලටයේ ග්‍රෑම් කෙරෙහි අවධානය යොමු කරන්න. ග්ලූකෝස් ග්‍රෑම් 15 සිට 20 දක්වා සීනි සමඟ පහසුවෙන් සමතුලිත කළ හැකිය. මෙම ටැබ්ලටය අනුභව කිරීමෙන් පසු විනාඩි 10-15ක් විවේකීව සිටින්න.

    නැවුම් පලතුරු හෝ වියළි පලතුරු අනුභව කරන්න: ඔබට කිසිවක් තේරුම් ගත නොහැකි නම් සහ ඔබේ සීනි මට්ටම පහත වැටේ නම්, නැවුම්, සැහැල්ලු පැණිරස පලතුරු අනුභව කරන්න. ඔබට අවශ්‍ය නම්, ඔබට පලතුරු වෙනුවට වියළි පලතුරු ද භාවිතා කළ හැකිය. ඔබේ සීනි මට්ටම අඩු වූ විට, ඔබට කෙසෙල්, මිදි, අඹ සහ දොඩම් ද අනුභව කළ හැකිය. මුද්දරප්පලම් හැඳි 2ක් අනුභව කරන්න, මෙය සීනි සමතුලිත කරයි.

    රසකැවිලි: හයිපොග්ලිසිමියා හෝ අඩු රුධිර සීනි ඇති විට, වහාම කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය කරන්න. ඔබට කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 15ක් දක්වා ගත හැකිය. මේ සඳහා ඔබට විවිධ රසකැවිලි වර්ග අනුභව කළ හැකිය. ඔබට විනාඩි 15 කින් වෙනස දැකීමට පටන් ගනී.

    මේදය රහිත කිරි: නිවසේ කිසිවක් නොමැති නම්, උණුසුම් කිරි කෝප්පයක් පානය කරන්න. මෙය රුධිරයේ සීනි මට්ටම වැඩි කිරීමට උපකාරී වේ. ඔව්, කිරි මේදය රහිත විය යුතු බව මතක තබා ගන්න. කිරි වල කාබෝහයිඩ්‍රේට් සහ විටමින් අඩංගු වන අතර ඒවා ස්වභාවිකවම සීනි මට්ටම වැඩි කරයි. දියවැඩියාව කළමනාකරණය කළ හැකිය.

    නැවුම් පලතුරු යුෂ: දියවැඩියාවේදී පලතුරු යුෂ පානය කිරීම තහනම් වුව ද. එය රුධිරයේ සීනි වේගයෙන් වැඩි කරයි. නමුත් සීනි මට්ටම පහත වැටෙන පුද්ගලයින්ට නැවුම් පලතුරු යුෂ පානය කිරීමෙන් සහනයක් ලබා ගත හැකිය. ඔබට නැවුම් පලතුරු යුෂ සාදා පානය කළ හැකිය. මෙය රුධිරයේ සීනි මට්ටම වැඩි කරයි. සීනි මට්ටම අඩු වූ විට, ඇපල්, තැඹිලි, අන්නාසි සහ ක්‍රැන්බෙරි යුෂ පානය කරන්න.

    සංස්කාරක සටහන – මෙම ලිපියේ සඳහන් උපදෙස් සහ යෝජනා සාමාන්‍ය තොරතුරු සඳහා පමණක් වන අතර වෘත්තීය වෛද්‍ය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඕනෑම යෝග්‍යතා වැඩසටහනක් ආරම්භ කිරීමට හෝ ඔබේ ආහාර වේලෙහි යම් වෙනසක් කිරීමට පෙර සෑම විටම ඔබේ වෛද්‍යවරයා හෝ ආහාරවේදියෙකු හමුවන්න.

  • ‘පාකින්සන් රෝගයේ’ මුල් අසාමාන්‍ය ලක්ෂණ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    ‘පාකින්සන් රෝගයේ’ මුල් අසාමාන්‍ය ලක්ෂණ ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

    පාකින්සන් රෝගයේ ආරම්භය පෙන්නුම් කරන මුල් හා අසාමාන්‍ය රෝග ලක්ෂණ 7ක් ගැන ඉගෙන ගන්න. මෙම අනතුරු ඇඟවීමේ සලකුණු නොසලකා හරින්න එපා, අවධානය යොමු කළ යුතු දේ දැනගන්න.

    පාකින්සන් රෝගය ගැන කතා කරන සෑම අවස්ථාවකම අපි වහාම සිතන්නේ එය වැඩිහිටි පුද්ගලයින් තුළ වෙව්ලීම, අත් සෙලවීම හෝ දැඩි චලනයන් දෙසට යොමු වී ඇති බවයි. කෙසේ වෙතත් වෛද්‍යවරුන්ට ඊට අමතරව වෙනත් රෝග ලක්ෂණ ද දක්නට ලැබේ.

    වෛද්‍ය ඒ.කේ. සහානි පවසන පරිදි, පාකින්සන් රෝගය චලනය හා සම්බන්ධීකරණ ගැටලුවක් ලෙස තේරුම් ගත හැකි අතර එය ස්නායු රෝගයකි. මාංශ පේශි පාලනයට සහාය වන වැදගත් රසායනික ද්‍රව්‍යයක් වන ඩොපමයින් / dopamine මුදා හරින සෛල මොළයෙන් අහිමි වීමට පටන් ගන්නා විට එය සිදු වේ. වෙව්ලීම සහ තද බව ජනප්‍රියව සාකච්ඡා කෙරෙන අතර, මෙම තත්ත්වය බොහෝ විට හඳුනාගත නොහැකි රෝග ලක්ෂණ මගින් ආරම්භ වේ.

    පාකින්සන් රෝගයේ මුල් ලක්ෂණ 7ක්

    1. සුවඳ දැනීම අඩු වීම: සුවඳ එතරම් ප්‍රබල නොවන බව හෝ ඔබේ ප්‍රියතම ආහාරවල සුවඳ තවදුරටත් එම සුවඳම නොමැති බව ඔබට දැනී තිබේ නම්, එය සෘතුමය සීතලකට වඩා වැඩි දෙයක් විය හැකිය. සුවඳ දැනීම මැකී යාම බොහෝ විට පාකින්සන් රෝගයේ පළමු රෝග ලක්ෂණ වලින් එකකි.
    2. නොසන්සුන්තාවය සහ කැළඹිලි සහිත නින්ද: සිහින දකින අතරතුර, අත් පා වල හදිසි චලනයක් හෝ නිතර අවදි වීම පවා මොළයේ ක්‍රියාකාරිත්වයේ මුල් මාරුවීම් සමඟ සම්බන්ධ විය හැකි අතර, සමහර විට පාකින්සන් රෝගීන් සිය රෝග විනිශ්චය ලැබීමට වසර ගණනාවකට පෙර එය අත්විඳිය හැකිය.
    3. අඛණ්ඩ මලබද්ධය: මලබද්ධය හෝ අන්ත්‍රයේ වෙනත් ගැටලු වැනි රෝග ලක්ෂණ පැහැදිලි කිරීමකින් තොරව පවතින්නේ නම්, ඒ පිළිබඳව වෛද්‍යවරයෙකු සමඟ සාකච්ඡා කිරීම වටී. ස්නායු පද්ධතිය බඩවැල් චලනය සමඟ ද සම්බන්ධ වේ.
    4. කුඩා කරන ලද අත් අකුරු ප්‍රමාණය: ඔබේ උත්සාහයෙන් තොරව ඔබේ අත් අකුරු පටු හෝ අසාමාන්‍ය ලෙස කුඩා ලෙස පෙනෙන්නට පටන් ගෙන තිබේ නම්, මෙම ගැලපීම මුල් කාලීන ගැටලු පෙන්නුම් කළ හැකිය.
    5. මුහුණේ ඉරියව් අඩු වීම: ඔබ බැරෑරුම් හෝ වෙහෙසට පත්ව සිටින බව අන් අය ප්‍රකාශ කළ විට, ඔබ බැරෑරුම් ලෙස හෝ වෙහෙසට පත්ව නොසිටියත් මෙම තත්ත්වය දැකගත හැකි වේ. මෙම අඩු වූ මුහුණේ චලනය සාමාන්‍යයෙන් සියුම් නමුත් තොරතුරු සහිත ය.
    6. අඩු හෝ මෘදු හඬ: කාලයත් සමඟ අඩු වන කටහඬේ පරිමාව පහසුවෙන් මග හැරිය හැකි නමුත්, ඔබට නිරන්තරයෙන් දේවල් නැවත කිරීමට ඉල්ලා සිටියහොත්, එය තෙහෙට්ටුවට වඩා වැඩි දෙයක් නිසා විය හැකිය.
    7. අසාමාන්‍ය කාංසාව හෝ අඩු මනෝභාවය: මනෝභාවයේ වෙනස්වීම්, විශේෂයෙන් හඳුනාගත් හේතුවක් නොමැතිව මානසික අවපීඩනය හෝ කාංසාව ද මුල් අවධියේදී සිදුවිය හැකිය. ඒවා සාමාන්‍යයෙන් චලනයට බලපෑම් කිරීමට පෙර මොළයේ රසායනික මාරුවීම් සමඟ සම්බන්ධ වේ.

    පාකින්සන් රෝගයේ දරුණු අවස්ථාවන්හිදී, රෝගීන්ට දැඩි කම්පන, දෘඩතාව සහ ඖෂධ වලට තවදුරටත් ප්‍රතිචාර නොදක්වන චලන උච්චාවචනයන් අත්විඳිය හැකි විට, ගැඹුරු මොළයේ උත්තේජනය (Deep Brain Stimulation – DBS) ජීවිතය වෙනස් කළ හැකිය. මෙම දියුණු ශල්‍ය ප්‍රතිකාරයට මොළයේ ඉලක්කගත ප්‍රදේශවල ඉලෙක්ට්‍රෝඩ බද්ධ කිරීම ඇතුළත් වන අතර එමඟින් පාලිත විද්‍යුත් ආවේග ලබා දීම, අසාමාන්‍ය මොළයේ ක්‍රියාකාරිත්වය සාමාන්‍යකරණය කිරීමට සහ අක්‍රීය රෝග ලක්ෂණ සැලකිය යුතු ලෙස අඩු කිරීමට උපකාරී වේ.

  • ඩිම්බකෝෂ පිළිකා රෝගීන්ට සුභ ආරංචියක්

    ඩිම්බකෝෂ පිළිකා රෝගීන්ට සුභ ආරංචියක්

    ශ්‍රෝණි ප්‍රදේශයේ සහ පසුපස උදර බිත්තිවල වසා ගැටිති / lymph nodes ඉවත් කිරීමෙන් ඩිම්බකෝෂ පිළිකා / ovarian cancer රෝගීන්ගේ ජීවත් වීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි බව සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනය (All India Institute of Medical Sciences – AIIMS) විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත.

    මෙම අධ්‍යයනය ඊජිප්තු ජාතික පිළිකා ආයතනයේ ජර්නලයේ ප්‍රකාශයට පත් කර ඇත.

    අධ්‍යයනයට ඇතුළත් වූ රෝගීන් 105 දෙනෙකුගෙන් වසර පහක සමස්ත පැවැත්මේ සම්භාවිතාව සියයට 48.9ක් බව අධ්‍යයනයෙන් හෙළි විය. අධ්‍යයනයේ ප්‍රධාන විමර්ශක වෛද්‍ය එම්.ඩී. රේ මෙසේ පැවසුවේය, “ක්‍රමානුකූලව ශ්‍රෝණි සහ පසුපස උදර බිත්තිවලින් වසා ගැටිති ඉවත් කිරීමෙන් රෝගියාගේ පැවැත්ම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි බව අපට පෙනී ගියා. හදවතට සම්බන්ධ ප්‍රධාන රුධිර නාල වසා ගැටිති වටා පිහිටා ඇති නිසා මෙය අභියෝගාත්මක ක්‍රියා පටිපාටියක් වන අතර එබැවින් ශල්‍ය වෛද්‍යවරුන්ට මෙම තාක්ෂණය සඳහා විශේෂ පුහුණුවක් අවශ්‍යයි”.

    ඔහු තවදුරටත් පැවසුවේ මේවාට සම්බන්ධ විශාල වූ වසා ගැටිති ඩිම්බකෝෂ පිළිකාවේ අනිවාර්ය අංගයක් බැවින් රසායනික චිකිත්සාවෙන් පසුව පවා ඒවා ඉවත් කළ යුතු බවත්ය.

    පියයුරු සහ ගැබ්ගෙල පිළිකාවලින් පසු කාන්තාවන් අතර තුන්වන වඩාත් සුලභ පිළිකාව ලෙස ඩිම්බ කෝෂ පිළිකා මතු වී ඇති බව වෛද්‍ය රේ පැවසීය.

    2012 සිට 2018 දක්වා කාලය තුළ, IRCH හි ඩිම්බකෝෂ පිළිකා රෝගීන් 255 දෙනෙකුට සැත්කම් සිදු කරන ලද අතර, ඉන් පැතිරුණු ඩිම්බකෝෂ පිළිකා 105ක් අධ්‍යයනයේ කොටසක් ලෙස විශ්ලේෂණය කරන ලදී. පැතිරුණු ඩිම්බකෝෂ පිළිකා ඇති මෙම රෝගීන් 105 දෙනා ශ්‍රෝණි සහ රෙට්‍රොපෙරිටෝනියල් වසා ගැටිති විච්ඡේදනයකට / retroperitoneal lymph node dissection භාජනය වී ඇති බව වෛද්‍ය රේ පැවසීය.

    රසායනික චිකිත්සාව මගින් අදාළ නෝඩ් / nodes විෂබීජහරණය නොකරන බවත් එමඟින් මෙම ධනාත්මක නෝඩ් නැවත ඇතිවීමේ විභව ස්ථාන බවට පත්වන බවත් විවිධ අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත. එනම් වසා ගැටිති ‘ආරක්ෂිත තෝතැන්නක්’ ලෙස ක්‍රියා කරයි. අධ්‍යයනයට අනුව “එබැවින් රසායනික චිකිත්සාවෙන් පසු නෝඩල් මැදිහත්වීම රෝගයේ ආක්‍රමණශීලී බව පිළිබඳ පෙර නිමිත්තක් හෝ දර්ශකයක් විය හැකියි” වෛද්‍ය රේ පැවසුවේය.

    මෙම අධ්‍යයනය මගින් නෝඩල් පිළිකා දර්ශකය (Nodal Cancer Index – NCI) ද යෝජනා කර ඇති අතර එමඟින් ශල්‍ය වෛද්‍යවරුන්ට වසා ගැටිති වඩා හොඳ වෛෂයික ආකාරයකින් ඉවත් කළ හැකි අතර එමඟින් ඩිම්බකෝෂ පිළිකා රෝගීන්ගේ වඩා හොඳ පැවැත්මේ ප්‍රතිඵල ලබා ගත හැකිය.

    මූලාශ්‍රය – indiatvnews.com

  • ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ – ජෙහාන් පෙරේරා

    ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ – ජෙහාන් පෙරේරා

    ශ්‍රී ලංකාවේ සිටි අප්‍රේල් 4-5 දිනවල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට රජය හැකි සෑම දෙයක්ම කළේය. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර සඳහා ප්‍රසිද්ධ වන අතර රජයේ ආගන්තුක සත්කාරය අපේක්ෂාවන් ඉක්මවා ගියේය. ගුවන්තොටුපොළේදී අගමැති පිළිගැනීමට දරුවන් සහ කැබිනට් අමාත්‍යවරුන් හයදෙනෙකු සිටිනු දක්නට ලැබිණි. අගමැති මෝදිව දීප්තිමත් වචනවලින් වර්ණනා කරන ලද විශාල බැනරයක් එහි විය. මිත්‍රත්වය සහ සහයෝගීතාව අගය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අගමැති මෝදිට රටේ ඉහළම සම්මානය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ද ප්‍රදානය කළේය.

    වසර තුනකට පෙර ශ්‍රී ලංකාව ආර්ථික ව්‍යසනයෙන් බේරාගැනීම සඳහා ඔහු යටතේ වූ ඉන්දීය රජය ඉටුකළ කාර්යභාරය වෙනුවෙන් එම සම්මානය ඔහුට ලබාදිය යුතුව තිබිණි. එම කටයුත්ත හුදෙක් මානුෂීය ක්‍රියාවක් පමණක් නොව, එය අගමැති මෝදිගේ විදේශ ප්‍රතිපත්තියේ මූලික ස්ථම්භයක් වන ‘පළමුව අසල්වැසියා’ යන දර්ශනය තුළ මුල් බැසගත් කලාපීය නායකත්වයේ දක්ෂ ප්‍රකාශනයක් ද විය.

    විශේෂයෙන් කලාපීය අසල්වැසියන් ආර්ථික හෝ දේශපාලන පීඩනය යටතේ පසුබෑමට ලක්වන විට, දකුණු ආසියාවේ ස්ථාවරත්වය ඇති කරන චරිතයක් ලෙස ඉන්දියාවට ප්‍රධාන කාර්යභාරයක් පැවරී ඇත. පාකිස්ථානය සහ බංග්ලාදේශය සමඟ ඇති සබඳතාවලින් පෙනෙන පරිදි, මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ කාර්යභාරය තවමත් එහි සම්පූර්ණ විභවයට ළඟා වී නොමැත. එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්කල, ඉන්දියාව සැබවින්ම විශිෂ්ට ලෙස කටයුතු කර තිබේ. මෙවර අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ආර්ථික හා දේශපාලනික වශයෙන් ඔබ්බට සංකේතාත්මක බරක් දැරීය. ජනාධිපති අනුර දිසානායක සිය පිළිගැනීමේ කතාවේදී සඳහන් කළේ, නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කළ පළමු විදේශීය නායකයා අගමැති මෝදි බවයි. සංචාරයට පැමිණි පළමු නායකයා වීමෙන් ඔහු අලුතින් තේරී පත් වූ ශ්‍රී ලාංකික නායකයන්ට අන්තර්ජාතික වැදගත්කමක් ලබාදුන්නේය. මෙම මුල් අභිනය මඟින් ජනාධිපති දිසානායකගේ පාලනයට ඉන්දියාවේ නිහඬ අනුමැතිය ප්‍රකාශ කෙරුණු අතර, එය සාම්ප්‍රදායික ප්‍රභූ පසුබිමක් නොමැති නායකයකුට විශේෂයෙන් වටිනාකමක් ලබාදිය හැකි අනුමැතියකි. ජනාධිපතිවරයා ඔවුන්ගේ පොදු දේශපාලන සම්භවය පිළිබඳව ද සඳහන් කළේය. ඔවුන් දෙදෙනාම මුලින් දේශපාලනයට පැමිණියේ සාම්ප්‍රදායික පාලක පන්තියට පිටස්තරයන් ලෙස වන අතර, එමගින් පුළුල් දෘෂ්ටිවාදාත්මක අනුකූලතාවක් පිළිබඳ ඉඟියක් ලබාදෙමින් ඔවුන් අතර පාලමක් නිර්මාණය කර තිබේ.

    ජනාධිපති දිසානායක විසින් ‘මිත්‍ර විභූෂණ’ පදක්කම මුලින්ම අගමැති මෝදිට පෙන්වූ විට සහ පසුව එය පිටතට ගෙන ඉන්දීය නායකයාගේ ගෙළ වටා පැළඳවූ විට ඔහුගේ මානුෂීය ස්පර්ශය පෙන්නුම් කළේය. නායකයන් දෙදෙනා තම දෑත් එකට බැඳගෙන ඉහළට ඔසවන විට, ඔවුන්ගේ සුහදතාවයේ සහ සහයෝගීතාවයේ පණිවිඩයක් දැකගත හැකිවිය. එය ජාතික නායකත්ව ගමන ආරම්භ කළ නව නායකයකු සමඟ දිගු කාලීන වාර්තාවක් ඇති වැඩිහිටි රාජ්‍ය නායකයකුගේ පණිවිඩයක් විය. සිත්ගන්නා කරුණ නම්, සම්මානය ප්‍රදානය කරන ලද දිනය අප්‍රේල් 5 වැනි දින 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආරම්භ වී වසර 54 ක් ගතව තිබීමයි. නැවතත් 1987 දී එහි පුනරුච්චාරණයක් සිදුවූ අතර, එහි ඉන්දියානු විරෝධී දෘෂ්ටිවාදය එහි ප්‍රධාන ලක්ෂණයක් විය. මෙම සම්මානය ලබාදීම ඔස්සේ ජනාධිපති දිසානායක අවධාරණය කළේ, තමා තම දේශපාලන මූලයන් ඉක්මවා ජාතිකත්වයෙන් ඔබ්බට අන්තර්ජාතික තලය වෙත ගිය සැබෑ ශ්‍රී ලාංකික නායකයකු බවයි.

    විශ්වාසය සොයාගැනීම

    සංචාරය අතරතුර අත්සන් කරන ලද ගිවිසුම් හතෙන් හයක්ම ආර්ථික සහයෝගීතාව කෙරෙහි අවධානය යොමුකළේය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ඩිජිටල් පාලන වේදිකාවල සිට වැවිලි අංශයේ යටිතල පහසුකම් ආයෝජන දක්වා පරාසයක මේවා විහිදේ. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනයාගෙන් පැවත එන්නන් සඳහා නිවාස ඉදිකිරීම සහ ආගමික ස්ථාන 5000ක සූර්ය බලශක්ති ඒකක ස්ථාපනය කිරීම පිළිබඳ ගිවිසුම් විශේෂයෙන් කැපීපෙනිණි. මෙම ව්‍යාපෘති දෙකෙහිම අනන්‍යතා දේශපාලනයට ප්‍රවේශමෙන් සංවේදී වන අංග සමඟ සංවර්ධන ආධාර මිශ්‍ර කර තිබේ. මෙම මුලපිරීම් ඉන්දියාවේ සංවර්ධන රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගික භාවිතය සමඟ සමපාත වේ. ණය මත යැපීම් ඇතිකිරීම සඳහා නිතර විවේචනයට ලක්ව ඇති ආධාර සහ යටිතල පහසුකම් සඳහා චීනයේ ප්‍රවේශය මෙන් නොව, ඉන්දියාවේ ආකෘතිය හවුල්කාරිත්වය, සංස්කෘතික බැඳීම සහ දිගුකාලීන ධාරිතා ගොඩනැගීම ප්‍රදර්ශනය කරයි.

    හත්වැනි ගිවිසුම ආරක්ෂක සහ ජාතික ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් වන අතර, එය දෙරටටම දිගු කලක් තිස්සේ කනස්සල්ලට කරුණක් වී ඇත. හත්වැනි ගිවිසුම ඇතුළුව කිසිදු ගිවිසුමක් දෙරට රජයට මට්ටමින් පිටත සාකච්ඡා කර නැත. එහෙත් අගමැති මෝදිගේ සංචාරයේදී අනෙක් ගිවිසුම් හයේ අන්තර්ගතය පිළිබඳව යම් සාරාංශයක් ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලදී. ආර්ථික ගිවිසුම් සම්බන්ධ ගැටළු කිහිපයක් බාහිරින් දැකගත හැකි අතර, ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳ පෞද්ගලික තොරතුරු වෙත ඉන්දියාවට ප්‍රවේශ වීමේ හැකියාව වැනි ගැටළු මතුකරයි. කෙසේවෙතත්, ආරක්ෂක ගිවිසුම ගැන හෙළිදරව් කර ඇත්තේ තොරතුරු අල්ප වශයෙනි. එය රටවල් දෙකෙහි අවශ්‍යතා සපුරාලන තාක් දුරට ඔවුන් අතර විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරනු ඇති අතර, එය අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙනසක් සඳහා සංවාදයක් සිදුවිය හැකි පදනම වේ.

    අතීතයේ දී දෙරට අතර විශ්වාස පිළිබඳ ගැටළුවක් පැවැතිණි. එල්ටීටීඊය සහ අනෙකුත් දෙමළ සටන්කාමී සංවිධාන සමඟ යුද්ධය පැවැති සමයේදී, රටේ සමහර කොටස් එල්ටීටීඊය විසින් අත්පත් කරගෙන පාලනය කරන ලද අතර, රටේ භෞමික අඛණ්ඩතාව අවදානමට ලක්ව තිබිණි. රට මුහුණදුන් භයානක ආරක්ෂක තත්ත්වය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් දැනුවත්ව සිටියේය. 1987 ජුනි මාසයේදී ශ්‍රී ලංකා රජයේ අවසරයකින් තොරව ඉන්දීය හමුදා ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් අවකාශයට ඇතුළුවූ අතර, එය ඉන්දීය රජය මානුෂීය පියවරක් ලෙස සාධාරණීකරණය කෙරිණි. විශාල පරිමාණයෙන් සිදුවිය හැකි ඉන්දියානු හමුදා මැදිහත්වීමක් පිළිබඳව එවකට කනස්සල්ලක් නිර්මාණය විය. 1987 ජූලි මාසයේදී ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, රජයේ අනුමැතිය ඇතිව ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළුවීම සිදුවිය.

    සීමාරහිත මිතුරෝ

    ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට ඉන්දියානු මැදිහත්වීමේ ඉතිහාසය, ඉන්දියාවට ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියාකිරීම සඳහා අනෙකුත් ප්‍රධාන බලවතුන් වෙත යොමුවීමට ශ්‍රී ලංකාවට පෙළඹවීමක් ලබා දී ඇත. පසුගිය වසරවලදී, ඉන්දියාවට එරෙහිව පර්යේෂණ කිරීම සඳහා චීන නාවික යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීම පිළිබඳව ඉන්දියාව සිය කනස්සල්ල පළකර තිබේ. හම්බන්තොට වරාය වැනි චීන යටිතල පහසුකම් ආයෝජන, ද්විත්ව සිවිල්-මිලිටරි අරමුණු සඳහා යොදාගැනීමේ හැකියාවක් ඇති බව පෙනෙන විට, චීනය සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව ඉන්දියාව සමඟ ඇති සබඳතා පළුදු කර ඇත. චීනයේ වර්ධනය වන ගෝලීය ප්‍රවේශය සහ ‘තීරයක් හා මාවතක් මුලපිරීම’ හරහා බලපෑම ප්‍රක්ෂේපණය කිරීමේ චීනයේ කැමැත්ත සැළකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම විසින් එය ඉන්දියානු සාගරයේ තීරණාත්මක මධ්‍යස්ථානයක් බවට පත්කර තිබේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීමත් සමඟ, අතීතයේ මෙම බිය සහ සැකයන් සමනය වී ඉක්මණින් ගැටළු අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ජනාධිපති අනුර දිසානායකගේ නායකත්වයෙන් යුත් පාලනය සියලුදෙනා සමඟ මිත්‍රශීලී ලෙස කටයුතු කිරීම සිය ස්ථාවරය ලෙස සළකා කටයුතු කරයි. ‘සියල්ලන් සමඟ මිත්‍රත්වය, කිසිවෙකු සමඟ සතුරුකමක් නොමැත’ යන මූලධර්මය අලුත් දෙයක් නොවේ. එහෙත් ප්‍රධාන බලවතුන් අතර ගෝලීය තරඟකාරිත්වය තීව්‍ර වන අද දවසේ අවදානම ඉතා ඉහළය. භූගෝලීය සාධක හා ඉතිහාසය අනුව ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ පළමු සහ වැදගත්ම සහකරු වනු ඇත. 2022 දී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වාෂ්ප වී ගිය විට හදිසි ආර්ථික ජීවනාලියක් ලබාදුන්නේ ඉන්දියාව මිස චීනය නොවේ, බටහිර නොවේ. ඩොලර් බිලියන 4 කට අධික ණය මාර්ග සහ සෘජු ආධාර ප්‍රමාණයක් ඉක්මණින් සහ අවම කොන්දේසි සහිතව ඉන්දියාව විසින් ලබාදෙන ලදී. කලාපීය සමීපත්වය බහුපාර්ශ්වික ආයතන විසින් පිරිනමනු ලබන ප්‍රතිචාරවලට වඩා වේගවත්, සන්දර්භය පිළිබඳව දැනුවත්ව, සක්‍රියව ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න එහිදී පැහැදිලිව පෙන්නුම් කළේය.

    වෙන්කළ නොහැකි බැඳීම් ඇති බව සිතූ රටවල් සම්බන්ධයෙන් පවා, ලෝකය වඩාත් දැඩි හා විවෘතව ආත්මාර්ථකාමී ස්ථානයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළවල් එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය තුළ පිහිටා ඇති අතර, ජපානයෙන් සහ චීනයෙන් විශාල ආර්ථික ආධාර ප්‍රමාණයක් ලැබී තිබේ. එහෙත් අවාසනාවකට චීනයෙන් ලබාගත් ණය, පැවැති ශ්‍රී ලංකා පාලනයන් විසින් ‘සුදු අලි’ ලෙස හැඳින්වෙන යටිතල පහසුකම් ව්‍යාපෘති නිර්මාණය කිරීම සඳහා නුසුදුසු ලෙස භාවිත කරන ලදී. 2022 දී බංකොලොත් කළ ආර්ථිකයක් සහිත, දැවැන්ත ණය ආපසු ගෙවීම්වලින් බර වී ඇති ශ්‍රී ලංකාවට ලොව පුරා ආර්ථික සම්පත් සහ වෙළඳපොළවල් අවශ්‍ය වේ. ඉන්දියාවට සමීපවීම යනු එය සමඟ පමණක් සුවිශේෂී සම්බන්ධතාවයක් යනුවෙන් අදහස් නොකළ යුතු බව ජනාධිපති දිසානායකගේ පාලනය තේරුම් ගනු ඇත. බහුධ්‍රැවීය ලෝකයක, සියල්ලන් සමඟ මිත්‍රත්වය (සහ ව්‍යාපාර කිරීම) පිළිපැදිය යුතු ගුණධර්මයක් සහ අවශ්‍යතාවක් වේ. එහෙත් මිතුරන් අතර, සෑම විටම පළමුවැනියෙක් සිටිය යුතුය. ඉතිහාසය, සංස්කෘතිය, ආගම, භූගෝලය සහ උපායමාර්ගික තර්කනය යන හේතූන් මත එය ඉන්දියාව වනු ඇත.

  • දීර්ඝ කාලීනව විෂාදනාශක ඖෂධ භාවිතය සහ හදිසි හෘදයාබාධ මරණ අවදානම අතර සම්බන්ධය

    දීර්ඝ කාලීනව විෂාදනාශක ඖෂධ භාවිතය සහ හදිසි හෘදයාබාධ මරණ අවදානම අතර සම්බන්ධය

    මෑතකදී කරන ලද අධ්‍යයනයකින් විෂාදනාශක ඖෂධ (AD) භාවිතය සහ හදිසි හෘදයාබාධ මරණ (SCD) අවදානම වැඩි වීම අතර සම්බන්ධයක් සොයාගෙන ඇත. මෙම අධ්‍යයනය යුරෝපීය හෘද රෝග සංගමයේ EHRA 2025 සම්මේලනයේදී ඉදිරිපත් කරන ලද අතර එය ඩෙන්මාර්කයේ විද්‍යාඥයින් විසින් පවත්වන ලදී.

    හදිසි හෘදයාබාධ මරණයක් යනු හෘදයාබාධ ආශ්‍රිත ගැටලුවක් හේතුවෙන් සිදුවන අනපේක්ෂිත මරණයක් ලෙස අර්ථ දක්වා ඇති අතර එය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ආරම්භ වී පැයක් ඇතුළත හෝ නොදැනුවත්වම පැය 24ක් ඇතුළත සිදු වේ.

    මෑත කාලීන අධ්‍යයනය සඳහා, පර්යේෂකයන් 2010 දී වයස අවුරුදු 18 ත් 90 ත් අතර මරණ පරීක්ෂා කළ අතර මරණ සහතික සහ මරණ පරීක්ෂණ වාර්තා සමාලෝචනය කළහ.

    අධ්‍යයනයෙන් හෙළි වූයේ විෂාදනාශක ඖෂධවලට නිරාවරණය වූ පුද්ගලයින්ට එවැනි ඖෂධ භාවිතා නොකරන අයට සාපේක්ෂව හදිසි හෘදයාබාධ මරණ අනුපාතය සැලකිය යුතු ලෙස වැඩි බවයි.

    විෂාදනාශක ඖෂධ නියම කරන ලද පුද්ගලයින් 643,999 දෙනෙකුගේ කණ්ඩායම, සාමාන්‍ය ජනගහනයෙන් මිලියන 4.3ක් වූ ජනගහනය සමඟ සංසන්දනය කරන ලදී. විෂාදනාශක ඖෂධවලට නිරාවරණය නොවූවන් අතරින් හදිසි හෘදයාබාධ මරණ 1,981ක් වාර්තා වූ අතර, නිරාවරණය වූ කණ්ඩායමේ මරණ 4,021ක් වාර්තා විය.

    විෂාදනාශක ඖෂධ ලබා ගත් අය අතර  හදිසි හෘදයාබාධ මරණ (SCD) අවදානම සියලුම වයස් කාණ්ඩවල වැඩි වූ අතර, නිරාවරණයේ කාලසීමාව අනුව සැලකිය යුතු වෙනස්කම් තිබුණි.

    වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ සහසම්බන්ධ රෝග සඳහා දත්ත සකස් කළ විට, වසර 1 සිට 5 දක්වා විෂාදනාශක ඖෂධ භාවිතා කළ පුද්ගලයින්ට සාමාන්‍ය ජනගහනයට සාපේක්ෂව හදිසි හෘදයාබාධ ඇතිවීමේ අවදානම සියයට 56කින් වැඩි බව සොයා ගන්නා ලදී.

    වසර හයක් හෝ ඊට වැඩි කාලයක් ඖෂධ භාවිතා කළ අය 2.2 ගුණයකින් වැඩි අවදානමකට මුහුණ දුන්හ.

    මෙම අධ්‍යයනයෙන් තවදුරටත් හෙළි වූයේ තරුණ පුද්ගලයින් දිගු කාලීන විෂාදනාශක භාවිතය නිසා වඩාත් සැලකිය යුතු ලෙස බලපෑමට ලක් වූ බවයි.

    අවුරුදු 30-39 අතර අය සඳහා, අවුරුදු 1 සිට 5 දක්වා විෂාදනාශක ඖෂධවලට නිරාවරණය වීමෙන් හදිසි හෘදයාබාධ ඇතිවීමේ අවදානම තුන් ගුණයකින් පමණ වැඩි වූ අතර, අවුරුදු හයක් හෝ ඊට වැඩි කාලයක් විෂාදනාශක ඖෂධ භාවිතා කළ අය සඳහා පස් ගුණයකින් වැඩි විය.

    වැඩිහිටි පුද්ගලයින් තුළ, විශේෂයෙන් අවුරුදු 50-59 අතර, හදිසි හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවුරුදු 1 සිට 5 දක්වා විෂාදනාශක භාවිතය සමඟ දෙගුණ වූ අතර වසර හයක් හෝ ඊට වැඩි කාලයක් නිරාවරණය වීමත් සමඟ සිව් ගුණයකින් වැඩි විය. කෙසේ වෙතත්, කෙටි හා දිගු නිරාවරණ කාල පරිච්ඡේද අතර අඩු සැලකිය යුතු වෙනසක් සහිතව, අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් තුළ අවදානම ස්ථාවර වන බව පෙනෙන්නට තිබුණි.

  • ඇමෙරිකානු – චීන වෙළඳ යුද්ධයේ බලපෑම රත්‍රං මිලටත්

    ඇමෙරිකානු – චීන වෙළඳ යුද්ධයේ බලපෑම රත්‍රං මිලටත්

    ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙන බවයි. රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරායොමුවීම හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ යමින් තිබේ.

    මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇත. කොළඹ රන් වෙළෙඳපොළ අද (11) ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වී ඇත. එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000ක් දක්වා ඉහළගොස් තිබේ.

  • ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යයයි – IMF

    ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යයයි – IMF

    ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ඇගයීමට තවදුරටත් කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් 2025 අප්‍රේල් 03 සිට අප්‍රේල් 11 දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණ අතර සිය දූත මෙහෙය අවසානයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් වේ.

    මෑත කාලීන බාහිර කම්පනයන් සහ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවයන්, තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිතතාවයක් ඇති කරමින් පවතින බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ. එසේම ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ඇගයීමට තවදුරටත් කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික වර්ධනයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විසින් සහාය දක්වන ලද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය හරහා අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල අත්පත් කර ගැනීමට හැකිවී ඇති බවයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයෙන් පසු 2024 දී සියයට 5ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සමත්වීම වඩා වැදගත් සිදුවීමක් බව ඔවුන් මෙහිදී පෙන්වා දෙයි.

    එසේම මෑත කාලීනව උද්ධමනය සියයට -2.6 දක්වා පහත වැටීම, ශ්‍රී ලංකා මහ බැංකුව සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමඟ 2025 මාර්තු අග වන විට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ ගොස් තිබීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුම හිමිව තිබේ. එසේම ඔවුන් පවසන්නේ, සැලකිය යුතු මූල්‍ය ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි.

  • නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව හා දිගුකල් පැවැත්ම එක් කළ නවතම Galaxy A56 5G එළි දක්වයි

    නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව හා දිගුකල් පැවැත්ම එක් කළ නවතම Galaxy A56 5G එළි දක්වයි

    සැම්සුන් විසින් මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි තවත් සුවිශේෂී පෙරළියක් සිදු කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ නවීන තාක්ෂණයත්, ආකර්ෂණීය නිමාවත්, දිගුකල් පැවැත්මත් එක් කළ මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමිනි. Galaxy A නිෂ්පාදන පෙළට එක් වූ නවතම නිෂ්පාදනය වන මෙහි අන්තර්ගත AI විශේෂාංග හා නව්‍යකරණයන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාව ඉහළ නංවනු ඇත්තේ දිගුකාලීන අත්දැකීමක් ඔවුන් වෙත උරුම කර දෙමිනි.

    විශේෂයෙන් Samsung හි නවතම ‘’Awesome Intelligence” මූලික කොට ගනිමින් නිර්මාණය කර ඇති ස්මාර්ට් ජංගම දුරකතනයක් ලෙස පෙන්වා දිය හැකි මෙය සෑම කෙනෙකුටම පහසුවෙන් භාවිත කළ හැකි පරිදි පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇත. ‘’Awesome Intelligence” හරහා එදිනෙදා වැඩකටයුතු බාධාවකින් තොරව සිදු කරගැනීම සඳහා සුවිශේෂී විශේෂාංග රැසක් යොදා ගැනීමට පරිශීලකයින්ට හැකි වේ.

    Google සමඟින් වැඩිදියුණ කරන ලද Circle to Search විශේෂාංගය මෙහි ඇති තවත් සුවිශේෂී විශේෂාංගයක් ලෙස පෙන්වා දිය හැකිය. පරිශීලකයින්ගේ පහසුව තව තවත් ඉහළ නංවන එම විශේෂාංගය හේතුවෙන් දුරකතන තිරයේ දිස්වන ඕනෑම දෙයක් අන්තර්ජාල සෙවීමක් ලෙස සොයා ගැනීමට සහ එය හඳුනාගනිමින් එහි තොරතුරු ලබා දීමට හැකියාව උදා කරනු ඇත. එසේම එය පරිශීලකයින් හට තමන්ගේ අවට අසන්නට ලැබෙන ගීතයක් සැණෙකින් සොයා ගනිමින් ඒ පිළිබඳ සියලු විස්තර කඩිනමින් හා පහසුවෙන් සපයා ගැනීමටද පහසුවද උදා කර දෙයි.

    ඡායාරූපවල අලංකාරත්වය ඉහළ නැංවීමට Awesome Intelligence හි දෘශ්‍ය සංස්කරණ මෙවලම් යොදා ගැනීමට හැකිය. මෙහි ඇති Auto Trim සහ Best Face වැනි විශේෂාංග හේතුවෙන් ගනු ලබන ඡායාරූප ස්වයංක්‍රීයව සංස්කරණය වීම තවත් පහසුවක් වනු ඇත. ඊට අමතරව Object Eraser සහ Filters ත්‍සකඑැරි වැනි මෙවලම් තුළින් ඡායාරූපවල ඇති අනවශ්‍ය කොටස් ඉවත් කරමින් තමන්ටම ඡායාරූප සංස්කරණය කර ගැනීමේ අවස්ථාව ලබා දෙයි.

    7.4mm ඝනකමකින් හා වඩාත් සුසිනිඳු නිමාවකින් යුතුව ආකර්ෂණීය පෙනුමක් එක් කරන මෙය Linear Floating Camera එකකින් හා ආකර්ෂණීය වර්ණ තේමාවන්ගෙන් සමන්විත වේ. ඒ නිසාම Galaxy A නිෂ්පාදන පෙලෙහි ආකර්ෂණීයම උපාංගය බවට පත් වීමට මෙයට හැකි වී තිබේ.

    එහි ඇති 6.7-inch FHD+ Super AMOLED තිරය 1200 nits (HBM) 1200 දක්වා දීප්තිමත් බව ඉහළ නැංවීමේ හැකියාවෙන් යුක්ත වේ. ඒ නිසාම වීඩියෝ ඇමතුම්, ගේමින් හා අන්තර්ජාලයට පිවිසීමේදී අසමසම අත්දැකීමක් පරිශීලකයින්හට ලබා ගැනීමට හැකි වේ. එසේම ඡායාරූපකරණයේ විවිධ අවශ්‍යතා සපුරා ලන ප්‍රබල ත්‍රිත්ව කැමරා පද්ධතියකින් සමන්විත වන මෙහි ඇති 50MP ප්‍රධාන කැමරාව තුළින් සුපැහැදිලි ඡායාරූප පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දෙයි. 10-bit HDR ක ඉදිරිපස කැමරාව සෙල්ෆි හා වීඩියෝ ඇමතුම්හිදී විචිත්‍රවත් බව ගෙන හැර දැක්වීමට සමත් වනු ඇත.

    තවද එහි ඇති 12MP ultra-wide ලෙන්ස් හේතුවෙන් වැඩි අවකාශයක් ඡායාරූපයට හසුකර ගැනීමේ හැකියාව ඇති බැවින් සමූහ ඡායාරූප ගැනීමේදී එය බෙහෙවින් වැදගත් වනු ඇත. Low Noise Mode සහිත 12MP සෙල්ෆි කැමරාව අඩු ආලෝක තත්වයකදී වුව සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප පැහැදිලිව ලබා ගැනීමේ Nightography හැකියාව ලබා දෙයි.

    නවතම Exynos 1580 chipset මඟින් බලගැන්වෙන Galaxy A56 5G කාර්යක්ෂමතාවක් හා බොහෝ කාර්යයන් සිදු කරගැනීමේ හැකියාව සහතික කරනු ලබයි. 5,000mAh බැටරිය හේතුවෙන් දිගු කාලයක් පහසුවෙන් භාවිත කිරීමේ පහසුව උදා වන අතර Super-Fast Charge 2.0 තාක්ෂණය සහිත 45W ආරෝපණය කිරීමේ, වේගය ඉක්මණින් ආරෝපණය කරගැනීමේ හැකියාව සහතික කරනු ලබයි.

    මෙම නවතම ස්මාර්ට් උපාංගයෙහි අන්තර්ගත IP67 dust සහ water resistance rating තාක්ෂණය එය දූවිලි හා ජලයෙන් ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර Corning® Gorilla Victus+ Glass තිරය මගින් ආරක්ෂාව සලසා දෙනු ඇත. තවද One UI 7 මගින් බලගැන්වෙන Android OS එකකින් හා වසර 6ක Android OS updates ලබා දෙන Galaxy A56 5G පරිශීලකයින් හට තාක්ෂණික දියුණුවත් සමඟ ඉහළ යන ආරක්ෂිත, විශ්වාසදායී අත්දැකීමක් භුක්ති විඳීමට හැකි වනු ඇත.

    Galaxy A නිෂ්පාදන පෙල අතුරින් පළමු වරට One UI 7 සේවාව හඳුන්වා දෙන Galaxy A56 5G ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වැනි විශේෂාංග ඉහළ නංවීමට කටයුතු කර ඇති අතර එමඟින් සංවේදී දත්තවල සුරක්ෂිත බව සහතික කිරීමට සමත්ව ඇත්තේ අතිරේක ආරක්ෂාවක් ලබා දෙමිනි. සොරකම් හඳුනාගැනීම් හා ඉහළ ආරක්ෂණ ක්‍රමවේදයන් සහිත මෙම ස්මාර්ට් ජංගම දුරකතනයට පුද්ගලික තොරතුරු මනාව පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතී.

    මෙම නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ මහතා SangHwa Song සඳහන් කර සිටියේ “සැම්සුන් ලෙස අපි සෑම අයෙකුටම ඉහළ තාක්ෂණය අත්හදා බැලීමේ අවස්ථාව උදා විය යුතු බව තදින්ම විශ්වාස කරනවා. Galaxy A56 5G යනු නවෝත්පාදන හා ගුණාත්මකභාවය සඳහා කදිම සාක්ෂියක් ලෙස සඳහන් කළ හැකියි. එහි ඇති සුවිශේෂී විශේෂාංග, ආකර්ෂණීය නිමාව මෙන්ම කල් පැවැත්ම හා ක්‍රියාකාරීත්වය ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නව මානයක් සනිටුහන් කරන අතර එය පාරිභෝගික සුවපහසුවටද කදිම අස්වැසිල්ලක් වනවා”. යනුවෙනි.

    8+256GB සහ 12+256GB යන මාදිලි 2කින් මිලදී ගත හැකි Galaxy A56 5G ඡායාරූප හා ලේඛන සුරක්ෂිතව තබා ගැනීමේ වැඩි ඉඩක් සපයනු ලබයි. එහිදී 8+256GB මාදිලිය රුපියල් 177,159කටත්, 12+256GB මාදිලිය රුපියල් 192,259කටත් මිලදී ගත හැකිය. එම මිලදී ගැනීම්වලදී Awesome Graphite, Awesome Light Grey යන වර්ණයවලින් පරිශීලකයින්ට තමන් කැමති වර්ණයක් තේරා ගැනීමටද හැකියාව උදා වේ.

    තමන් කෙරෙහි විශ්වාසය තබන පාරිභෝගිකයා වෙත නිරන්තරයෙන් ප්‍රතිලාභ ලබා දීමට කැපවී සිටින Samsung, Break Free Offer හඳුන්වා දෙමින් සක්‍රිය කළ දිනයේ සිට මාස 24ක් දක්වා කාලය තුළ හානියට පත් තිරයක් සඳහා එක් වරක් පමණක් භාවිත කළ හැකි Screen Replacement සේවාවක් නොමිලේ ලබා දීමෙන් රුපියල් 4000 ඉතිරියක් පරිශීලකයින්ට ලබා දීමට අවස්ථාව ලබා දී ඇත. 2025 මාර්තු 24 සිට 2026 මාර්තු 31 දක්වා මිලදී ගනු ලබන Galaxy A56 5G සඳහා මෙම දීමනාව ලබා ගත හැකි අතර ඒ තුලින් රුපියල් 29,900ක මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වේ. රුපියල් 53,148ක මූලික ගෙවීමන් පසු මසකට රුපියල් 7,680 මාසික වාරික ගෙවීමක් මඟින් Galaxy A56 5G මිලදී ගැනීමේ හැකියාවද මෙරට පාරිභෝගිකයින්ට සතුටට කරුණක් වනු නිසැකය.

     

  • බ්‍රහස්පති අප්‍රේල් 10 වන දින අඟහරු වෙත සංක්‍රමණය වන වෙයි. මෙම රාශි 6 ට කුමක් වෙයිද දැන ගන්න

    බ්‍රහස්පති අප්‍රේල් 10 වන දින අඟහරු වෙත සංක්‍රමණය වන වෙයි. මෙම රාශි 6 ට කුමක් වෙයිද දැන ගන්න

    අප්‍රේල් 10 වන දින බ්‍රහස්පති තම රාශි චක්‍රය වෙනස් කරයි. රෝහිණී රාශියෙන් ඉවත් වූ පසු, බ්‍රහස්පති සවස 7:51 ට පමණ මෘගසිර රාශියට ඇතුළු වේ. ධනය හා සතුට ලබා දෙන බ්‍රහස්පතිගේ රාශි චක්‍රය මාරුවීම සමහර රාශි චක්‍ර සඳහා ඉතා ශුභදායක විය හැකිය. මෙම රාශි චක්‍රවල පුද්ගලයින්ට හොඳින් ආදායම් උපයා ගත හැකිය, නව රැකියා අවස්ථා ලැබෙනු ඇති අතර බොහෝ අපේක්ෂිත වැඩ නිම කළ හැකිය.

    මේෂ

    බ්‍රහස්පතිගේ රාශි මාරුව ඔබට හිතකර විය හැකිය. නව ආදායම් මාර්ග ලබා ගැනීම ජීවිතයට ස්ථාවරත්වයක් ගෙන එනු ඇත. මෙම කාලය තුළ, ඔබේ පවුලේ සාමාජිකයෙකු සමඟ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන ඔබට සිතිය හැකිය. රජයේ වැඩ කටයුතු දිගු කලක් ඇණහිට තිබුණේ නම්, එය මෙම කාලය තුළ සම්පූර්ණ කළ හැකිය. රාශි මාරුවෙන් පසු ඔබට මිනිසුන්ගේ හදවත් දිනා ගත හැකිය.

    වෘෂභ

    මානසික වශයෙන් යහපත් වෙනස්කම් සිදුවනු ඇත. ධනාත්මක චින්තනයේ බලයෙන්, ඔබට අහිතකර තත්වයන් යටතේ වුව ද හොඳින් ක්‍රියා කළ හැකිය. මුදල් නොමැතිකම සමඟ පොරබදමින් සිටින පුද්ගලයින්ට මුදල් ඉතිරි කර ගැනීම සඳහා නව අදහසක් ලබා ගත හැකිය. ඔබේ කලත්‍රයාගේ ආදායම වැඩි වන අතර එමඟින් පවුලේ තත්වය වැඩිදියුණු වේ. හවුල් ව්‍යාපාර කරන මෙම රාශි චක්‍රයේ පුද්ගලයින්ට හොඳ ලාභ ලැබිය හැකිය. සෞඛ්‍යයේ ද හිතකර වෙනස්කම් දැකිය හැකිය.

    මිථුන

    ගුරුගේ රාශි මාරුව ඔබට ඉතා ප්‍රයෝජනවත් විය හැකිය. ඔබේ අනාගතය වැඩිදියුණු කිරීම සඳහා ඔබ භාවිතා කරන නව සැලසුම් ඔබ සතුව ඇත. ඔබට නව පාඨමාලාවකට සම්බන්ධ විය හැකිය, නැතහොත් නව භාෂාවක් ඉගෙනීමේ අදහස ද ඔබේ මනසට පැමිණිය හැකිය. මෙය කිරීමෙන් අනාගතයේදී ඔබට ද ප්‍රතිලාභ ලැබෙනු ඇත. රැකියා කරන පුද්ගලයින්ට නව ආයතනයක රැකියාවක් ලබා ගත හැකිය. මෙම කාලය තුළ අමතර ආදායමක් උපයා ගැනීමට ඔබට අවස්ථා ලැබෙනු ඇත.

    සිංහ ලග්නය

    ගුරුගේ රාශි මාරුවෙන් පසු ඔබේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් වනු ඇත. ඔබ හෝටලයක හෝ සංචාරක කර්මාන්තයක සේවය කරන්නේ නම්, මෙම කාලය තුළ ඔබට හොඳ ලාභ ලැබෙනු ඇත. සිංහ ලග්න හිමියන්ට ද උසස් තනතුරක් ලබා ගත හැකිය. ඔබ ආගමික කටයුතුවලට සහභාගී වනු ඇති අතර, එසේ කිරීමෙන් ඔබට මානසික සාමය ද ලැබෙනු ඇත.

    කන්‍යා ලග්නය

    ගුරුගේ ගමන ඔබ ඉදිරියේ ධනයේ නව දොරටු විවර කරනු ඇත. සති අන්තයේ අර්ධකාලීන රැකියා කිරීමෙන් ඔබට මුදල් උපයා ගත හැකිය. මෙම කාලය තුළ ඔබේ දැනුම ද වැඩි වනු ඇත. ඔබේ පවුල් ජීවිතයේ යහපත් වෙනස්කම් ද ඔබට දැකගත හැකිය. ඔබේ කලත්‍රයා වෘත්තීය ක්ෂේත්‍රයේ සාර්ථකත්වයක් අත්කර ගන්නේ නම් ඔබත් සතුටු වනු ඇත.

    මූලාශ්‍රය – ප්‍රවීන ජෝතිෂ්‍යවේදී, විශ්ව ශක්ති ප්‍රභාශ්වර වල්ගම ලොකු විතාන

  • ගර්භණී සමයේදී ඔබට අඩු රුධිර මට්ටම් ඇති බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 7ක්

    ගර්භණී සමයේදී ඔබට අඩු රුධිර මට්ටම් ඇති බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 7ක්

    රක්තහීනතාවය / Anaemia යනු ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිර සෛල නොමැති වීම හෝ ශරීරයේ රතු රුධිර සෛල නිසි ලෙස ක්‍රියා නොකිරීමයි.

    එය ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය ප්‍රධාන වශයෙන් කුඩා දරුවන්ට, ගර්භනී සහ පශ්චාත් ප්‍රසව කාන්තාවන්ට සහ ඔසප් වීම සිදුවන නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට බලපායි. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 37ක් රක්තහීනතාවයෙන් පෙළෙනවා.

    ගර්භනී කාන්තාවන්ට බලපාන පොදු රක්තහීනතා වර්ග කිහිපයක් තිබේ, ඒවාට යකඩ ඌනතාවය රක්තහීනතාවය, ෆෝලේට් ඌනතාවය රක්තහීනතාවය සහ විටමින් B12 ඌනතාවය රක්තහීනතාවය ඇතුළත් වේ.

    ගර්භණී සමයේදී ඔබ රක්තහීනතාවයෙන් පෙළෙනවා නම්, එය කලලරූපයේ සෞඛ්‍යයට බලපෑ හැකිය. එමනිසා ඔබේ රුධිර මට්ටම් පරීක්ෂා කර ගැනීම වැදගත් වේ. රෝග ලක්ෂණ හඳුනා ගැනීමෙන් ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උපකාරී වේ.

    තෙහෙට්ටුව සහ දුර්වලතාවය

    අඩු හිමොග්ලොබින් මට්ටමක් හේතුවෙන් ඔබේ පටක සහ මාංශ පේශි වලට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවන අතර, එය සුළු ශාරීරික වෑයමක් දරූ අවස්ථාවක වුව ද අධික වෙහෙසට පත්වීමට හේතු වේ.

    සුදුමැලි සම, තොල් හෝ නියපොතු

    රතු රුධිර සෛල නොමැතිකම නිසා මුහුණ, විදුරුමස් සහ නියපොතු වල සුදුමැලි වීම විශේෂයෙන් දක්නට ලැබේ.

    හුස්ම ගැනීමේ අපහසුතාව

    ඔබේ ශරීරයට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබෙන නිසා, සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් සිදු කරන විට පවා ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනිය හැකිය.

    කරකැවිල්ල හෝ ක්ලාන්තය

    මොළයට ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම නිසා ඔබට ක්ලාන්තය හෝ කරකැවිල්ල ඇති විය හැකිය. විශේෂයෙන් ඉක්මනින් නැගිටින විට හෝ ක්‍රියාශීලීව සිටින විට මෙම තත්ත්වය දැකගත හැකිය.

    වේගවත් හෝ අක්‍රමවත් හෘද ස්පන්දනය

    ඔබේ ශරීරයට ඔක්සිජන් ලබා දීමට ඔබේ හදවත වෙහෙස මහන්සි වී වැඩ කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හෘද ස්පන්දනය වේගවත් හෝ අසමාන විය හැකිය.

    හිසරදය

    මොළයට ඔක්සිජන් සැපයීම අඩුවීම ගර්භණී සමයේදී නිතර නිතර හෝ නොනැසී පවතින හිසරදයට හේතු විය හැකිය.

    සීතල අත් සහ පාද

    රුධිර සංසරණය දුර්වල වීම සහ රතු රුධිර සෛල ගණන අඩු වීම නිසා ඔබේ අත් සහ පාද සීතල හෝ නිතර හිරි වැටීමක් දැනිය හැකිය.

  • චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් – සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවයි

    චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් – සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවයි

    මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන චිකුන්ගුන්යා වෛරසය පැතිරීමේ සැලකිය යුතු වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කනස්සල්ල පළ කර ඇති බව උපදේශක ප්‍රජා වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවාය.

    චිකුන්ගුන්යා වෛරසය ප්‍රථම වරට 1956 දී ටැන්සානියාවෙන් හඳුනා ගත් බවත් පසුව 1960 දී ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වූ බවත්  ඇය වැඩි දුරටත් පැවසුවාය.

    සැක සහිත රෝගීන් 190ක් වාර්තා වී ඇති බවත්, ඉන් 65ක් ධනාත්මක බව තහවුරු වී ඇති බවත් වෛද්‍ය වීරකෝන් අනාවරණය කළාය.

    ගෝලීය වශයෙන් රටවල් 115 ක චිකුන්ගුන්යා පැතිරීම් වාර්තා වී ඇති බව ඇය පැවසුවාය.

    චිකුන්ගුන්යා රෝග ලක්ෂණ අතර දින 2-3 ක් පවතින උණ, නාසයේ සහ අත්වල පැහැය වෙනස් වීම, සමේ කැසීම, වසර ගණනාවක් පැවතිය හැකි සන්ධි වේදනාව සහ දෛනික කටයුතු සිදුකිරීමේ අපහසුතාව ඇතුළත් වේ.

    මදුරුවන් බෝවන ස්ථාන පාලනය කිරීමෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් දෙකම අඩු කර ගත හැකි බව ඇය පැහැදිලි කළාය.

    අභිජනන ස්ථානවලින් 75%ක් එළිමහනේ හමු වූ බවත්, 53% ක් පාසල් අසල සහ 33%ක් ප්‍රාදේශීය ප්‍රදේශවල පිහිටා ඇති බවත් වෛද්‍ය වීරකෝන් අනාවරණය කළාය.

    චිකුන්ගුන්යා වෛරසය පැතිරීමේ අවදානමක් ඇති බැවින්, රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන් මහජනතාවට උපදෙස් දී තිබේ.