පාස්කු ප‍්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා කාදිනල් හිමි ජිනීවා වෙතට..!

පාස්කු ප‍්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා කාදිනල් හිමි ජිනීවා වෙතට..!
Spread the love

මෙරටට එල් වූ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට යන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති.

තමා මේ පිළිබඳව විදේශ රටවල් හා සංවිධාන කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද එතුමන් පවසති.

ප‍්‍රහාරයට දැනට වසර පහක් ගත වී ඇතත් කිසිම රජයක් ඊට වග උත්තරකරුවන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තීරණය ගත් බවද අගරද ගුරු තුමන් සඳහන් කරති.

බීබීසී සේවය සමඟ අදහස් පල කරමින් එතුමන් මේ බව සදහන් කර ඇත.

Post Comment