විදුහල්පතිණිය දණගැස්සූ මහඇමතිට වැඩ වරදින ලකුණු
  නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(20) පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ එම ක්‍රියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තරයේ හෙළා දකින බවත් චෝදනා එල්ලවෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් පක්ෂය පරීක්ෂණයක්ද සිදුකරන බව‍‍  බවත්ය.  

පොහොට්ටුවේ තවත් පෙති දෙකක් ගැලවී මෛත්‍රීගේ අතට
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ  අපේක්ෂක මංජුල ජයශාන්ත පෙරේරා සහ අපේක්ෂිකා හීනටිගල මාදින්නාගේ රසිකා මහත්මිය ඊයේ (20) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී  වංචාව, දූෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ යහපත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්…

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හඟුරන්කෙත පැවති රැස්වීමට 500ක් වත් සෙනග නොසිටි බවත්  ඉන් දැඩි සේ අපහසුතාවයට පත් මහින්ද රාජපක්ෂ මහතාට පැය දෙකක් මාදන්වල පංසලට වෙලා ඉඳල විනාඩි 5ක් රැස්වීම අමතල…

වැරදි කරපු බූරුවන් හිරේ දායි…
මිනිසුන් පෘථිවි තලය වනසද්දී 2017 වසරේ නොවැම්බරයේ ඉන්දියාවේ බූරුවන් රංචුවක් උත්තර ප්‍රදේශයේ සිර කඳවුර අසල තිබූ ඉතා වටිනා පැළෑටි රිසිසේ කා දැමීමේ වරදට සිරගත කෙරිණි. උන් කෑ පැළවල වටිනාකම ඉන්දියානු රුපියල් 60,000කි. උන් සිව් දිනක් ඔරායි සිරගෙදර සිරගතකර තිබූ අතර අවසානයේ අයිතිකරු කමලේෂ්ට ගොවිපොළ සත්ත්වයන් ලැබිණි. ඒ භාරතීය ජනතා පක්ෂ‍යේ දේශපාලනඥයෙක් උන්ගේ දඩය ගෙවාදැමීම නිසාය…

ට්‍රම්ප්ගේ හිස ගිනිගත් “ගින්දර සහ කෝපය”
 ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ලෙස දිවුරුම්දී අදට හරියටම වසරකි. ජනපති ධුරයේ වැඩ භාරගත් දින සිට විවිධ ආන්දෝලනයන්ට මැදිවූ ට්‍රම්ප්ගේ ධුරකාලයට වසරක් සපිරුණද ඔහු ගැන කතා කිරීමට ඇති දේවල අඩුවක් වී නැත. ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට සමගාමීව ඇමරිකානු ජාතික මාධ්‍යවේදියකු වන මයිකල් වුල්ෆ් ලියා පළකළ කෘතියක් නිසා ට්‍රම්ප් මේ දිනවල සිටින්නේ ගිනිගොඩක ය. ‘ෆයර් ඇන්ඩ්…

වසර 13 කට පසු සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට
සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මහතා 22 දා දිවයිනට ළගාවීමට නියමිත ඔහු 23දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. ජනපතිවරයාගේ ආරාධානාවක් මත අගමැතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයට එක්වෙන අතර ජනපතිවරයා හා පැවැත්වෙන සාකච්ඡාවලදී සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්ස් කිරීමට නියමිතය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා…

දූෂණ වංචා නඩු මාස 6ක් ඇතුලත අවසන් කරනවා
ඊයේ (19දා) එක්සත් ජාතික පක්‍ෂ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පවසන ලදී…. “බොහෝ දෙනා අපෙන් විමසන්නේ හොරුන්ට දඬුවම් කරන්නේ කවද්ද? හොරුන් අල්ලන්නේ කවද්ද? යන ප්‍රශ්නයයි. හොරුන් ඇල්ලීම එක් කාරණයක්. දඬුවම් කිරීම තවත් කාරණයක්. නඩු ගොනු කළත් එම නඩු විභාගයේදී තවත් මාස 3 ක්  4 ක් ඉදිරියට නඩු කල් යෑම දැන් සාමාන්‍ය දෙයක්…

ජූලි වල සිට ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්යි
එළැඹෙන ජූලි මස පළමුදා සිට ශ‍්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්ය යයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය නිකුත් කර ඇත.

අලුත් පක්ෂයක් හදාගෙන ආපහු හැරෙමු කියන්නේ ඒගොල්ලන්ට විරුද්දව දාන නඩු අයින් කර ගන්නයි
  වැල්ලවායේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක ජන රැළියක් අමතමින් මහ බැංකු බැදුම්කරවල බරපතලම වංචා දුෂණ සිදු වී ඇත්තේ 2008 අවුරුද්දේ සිට බව මහ බැංකු බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිිවම ඇති බව  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේය. ශ‍්‍රිලනිපයට විරුද්දව වෙනත් පක්‍ෂයක් හදාගෙන 2015ට කලින් සිටි තත්වයට ආපසු යමු යයි කියන්නේ මන්දැයි ජනාධිපතිවරයා එහිදී මෙසේ…

බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නෑ
ජනාධිපති කොමසම මගින් ලබාදුන් බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප යේ කිසිම මන්ත්‍රීවරයෙකුට ගැටලුවක් නොමැති බව හෙළි වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (19දා)  අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ප්‍රකාශ කළේය. එහිදී  “යම් අය වෙවුලන්න පටන් අරගෙන තිබෙනවා. චරිත ඝාතනය කළා කියලා එක්සත් ජාතික පක්ෂය විනාශ වෙන්නේ නෑ. සියලු දෙවිවරු…

ගම්මන්පිලට එරෙහිව ඇති වංචා නඩුවට සාක්ෂි කරුවන් 20ක් හා ලේඛන 14 ක්
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නම් ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි   මූල්‍ය වංචා නඩුවට අදාළව සාක්ෂිකරුවන් 20 දෙනකු ඉදිරිපත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. බ්‍රයන් රොස් ෂැඩික් මහතා හා ජැනට් එලිසබෙත් ෂැඩික් මහත්මිය ඩිජිටල් නොමිනීස් පුද්ගලික…

පිවිතුරු හෙළ උරුමය නැමැති සංවිධානයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ඊයේ (18) යළිත් සුපුරුදු පරිදි අඥාන, සිඟිති කථාවක් සිදු කොට ඇන ගෙන ඇත. ඒ බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවේ…

කවුද මේ සේනානි සමරනායක ?
සේනානි සමරනායක කියන්නෙ සරලවම කිව්වොත් මූල්‍ය වංචා කරල හිරේ ගිය කෙනෙක්. වැඩි විස්තර කියනවනම්,සේනානි කියන්නෙ නාමල් බේබි නීතීඥයෙක් විදිහට දිව්රුම් දීල මාසෙකින් පටන් ගත්තු NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගමේ පළමු අධ්‍යක්ෂක වරියක්.නාමල් විසින් හෙලෝ කොප් සමාගම මිලදී ගැනීමට  NR කන්සල්ටන්ස් පෞද්ගලික සමාගම හරහා අවුරුද්දක් තුල ඉපයූ මුදල්  රුපියල් කෝටි එකහමාරක්ද ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි…

මාව දණ ගැස්සුවෙ නෑ කියල කිව්වෙ අධ්‍යාපන බලධාරීන්ගෙන් පැමිණි බලපෑම් නිසයි
පසුගිය දිනක ළමයකු පාසලට ඇතුළත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව මහ ඇමැතිවරයා හමුවේ විදුහල්පති තුමියකට වැඳ සමාව ගැනීමට සිදුවූ පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් ඊට පසු දිනක එම විදුහල්ලතිනිය මාධ්‍ය ඉදිරියට ඇවිත් එවැනි සිද්ධියක් නොවූ බවට ප්‍රකාශ කලාය. කෙසේ වෙතත් නැවත එම විදුහල්පතිනිය තමාට මහ ඇමති වරයාගෙන් වැඳ සමාව ගැනීමට සිදු වූවා යයි අද හඬා වැටෙමින්…

බීල ඇවිත් හැමදාම වද දෙන සැමියට බිරිඳගෙන් කැති පාර
  දිනපතාම  අධික ලෙස බීමත්ව පැමිණෙන සැමියාගේ  ගුටි බැට ඉවසීමට නොහැකි වූ බිරිඳක් සැමියාගේ හිසට කැත්තකින් කෙටීමේ සිද්ධියක්   බදුල්ල එගොඩවෙල ගම්මානයෙන් වාර්ථා වී ඇත. මෙසේ බරපතල තුවාල ලැබූ 50 හැවිරිදි සැමියා ඊයේ (18)  රාත්‍රී 11.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලීසිය පවසයි.  

ජවිපෙ අපේකෂකයාගේ මෝටර් රථය ගිනි තියයි
 ඇඹිලිපිටිය, පනාමුර පාරේ ෆයින්සිටි නිවෙස් පාරේ පිහිටි සිය නිවස ඉදිරිපිට මෙම මෝටර් රථය නවත්වා තිබූ අවස්ථාවේ අලූයම දෙකයි විස්සට පමණ ගිනි ගන්නවා දැක නිවා දැමු බව ඇඹිලිපිටිය නගර සභාවේ යෝධගම කොට්ඨාසයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරගවදින අපේක්‍ෂක ඉන්දික ප‍්‍රසාද් ගුණසිංහ මහතා පොලිසියට පැමිණිලි කර ඇත. භූමිතෙල් පෙඟවූ ගෝනි ටයර්වලට දමා ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහල කරයි.