Category: සුපිරි Sports

  • ඉන්දියාවේ ක්‍රීඩකයෝ පිටිය මැදදී කියන දේවල් ගැන අපේ කුසල් සියල්ල හෙළිකරයි…

    11 වැනි එක්‌දින ක්‍රිකට්‌ අර්ධ ශතකය වාර්තා කරමින් ඉන්දියානුවන්ට එරෙහිව තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස්‌ වෙනත් රටවල් සමඟ ක්‍රීඩා කළාට වැඩි පීඩනයක්‌ මෙම තරගයේදී ලැබූ බව තරගයෙන් පසුව පවසා සිටියේය.

    ”ඇත්තටම මම ඉන්දියාවත් එක්‌ක ක්‍රීඩා කළ පළමු වතාව මේක. වෙන කණ්‌ඩායම් වගේ නෙවෙයි ඔවුන්. පිට්‌ටනිය මැදදි එක එක දේවල් කියල බණිනවා. නමුත් ඒ ගැන මම දැනගෙන තමයි ක්‍රීඩා කළේ. ටික වෙලාවක්‌ කඩුල්ලේ ඉන්න කොට ධනුෂ්ක අයියත් කිව්ව අපිට ලකුණු තියෙනවා ඉඳල ගහන්න කියලා.”

    කෙසේ වෙතත් තමා පන්දුවට පහරදීමට පැමිණි අවස්‌ථාවේ ලකුණු ලබා ගැනීම පීඩනයක්‌ වූ බවද මෙන්ඩිස්‌ පවසයි., ”මට ගිය වෙලාවෙ ඉඳල ලකුණු ගන්න ටිකක්‌ අමාරු වුණා. නමුත් මට පුලුවන් තරම් කඩුල්ලේ ඉන්න කියන උපදෙස තමයි ඒ වෙලාවෙ ලැබුණෙ. මේ තරගයේදී මම ලොකු අත්දැකීමක්‌ ලැබුවා. මොකද අපිට කඩුල්ලේ රැඳී සිටියොත් ඕනම ගාණක්‌ ගහන්න පුලුවන් කියන විශ්වාසය ඇති වුණා.”

    මහත්මා ක්‍රිකට් ක්‍රීඩාව කෙලෙසන ක්‍රියාවන් ඉන්දියාව කල පළමු අවස්ථාව මෙය නොවේ.මවුන්ගේ මෙවැනි ක්‍රියාවන් නතර කිරීමට කල හැකි එකම දෙයනම් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරාජය කිරීමයි.මන්ද ඔවුන්ගේ මුදල් බලය හමුවේ ඉන්දියාවට බලපෑමක් කිරීමට ICC යද ඉදිරි පත් නොවන නිසාවෙනි.

    [rns_reactions]

  • අපේ වාස් අනුනවයෙන් බේරෙයි… ඔබ නොදත් පුවත මෙන්න…

    ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් විසින් මීට වසර 16 කට පෙර පිහිටවා තිබු හොඳම පන්දු යැවීමේ වාර්තාව ඇෆ්ගන් පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට බිද දැමීමේ අවසථාව ඊයේ කොදෙව් කණ්ඩායම සමග පැවති තරඟයේදී එක ලකුණකින් සහ එක කඩුල්ලකින් මඟ හැරී ගියේය.

    වාස් ලකුණු 17 කට කඩුලු 8 ක් බිඳ දමා තිබු අතර රෂීඩ් ඊයේ ලකුණු 18 කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

    එක්දින හොඳම පන්දු යැවීමේ වාර්තා..

    77

    T20 තරඟාවලිය 3-0 ලෙස සමත්ප වූ අතර රාජය වීමෙන් පසුව එක්දින තරඟාවලියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කොදෙව් කණ්ඩායම කණ්ඩායම පළමු එක්දින තරඟයේදීම පරාජයට පත් කිරීමට සමත් වුනේ ලකුණු 63 කිනි.

    ඇෆ්ගනිස්ථානය තම පන්දුවාර 50 තුල ලකුණු 212 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වූ අතර ආරම්භක පිතිකරු ජාවෙඩ් අහමඩි ලකුණු 82 ක් ලබා ගැනීමට සමත් විය.

    ලකුණු 213 ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පැමිණි කොදෙව් පිතිකරුවන්ට සාර්ථක වීමේ අවසථාවක් ලබා නොදුන් ඇෆ්ගන් පන්දු යවන්නන් කොදෙව් පිතිකරුවන් දවා ගත්තේ ලකුණු 149 ක් තුළදීය.සුපිරි පන්දු යැවීමක් නිරත වූ රෂීඩ් ඛාන් කොදෙව් කඩුලු 7ක් දවාගැනීමට සමත් වුනේ ලකුණු 18ක් තුළදීය.

    78

    79

    [rns_reactions]

  • “අයි.පී.එල්. වල දී මම හොදට පුහුණු උණා ” – ඉන්දියානු පන්දුයවන්නන් මෙල්ල කළ අසේල කියන කතාව

    ඔහු ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 42ක් තුල දී ලකුණු 51ක් අවශ්‍ය වුන වටපිටාවක් තුලයි. ඒ වන විට අනෙක් අන්තයේ රැඳී සිටි නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඉන්දියානුවන්ගෙන් ජයග්‍රහණය පැහැර ගැනීම සඳහා දැවැන්ත සටනක නියැලී සිටියේය.

    ජාත්‍යන්තර තරගයක දී මුල් වරට ප්‍රතිවාදීන් මැඩලීම වෙනුවෙන් එකට එක්වුණු මේ දෙදෙනා පහසුවෙන්ම අදාළ ඉලක්කය පසුකර යමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ප්‍රීතියෙන් පිනවීය.

    “අවාසනාවන්ත ලෙස කුසල් පෙරේරාට පිටිය හැර යන්නට සිදුවුනත් අපිට තවත් කඩුලු ඉතිරිව තිබුණා. ඇන්ජෙලෝ මට කලබල නොවී තරගය නිමාවන තුරුම පිටියේ රැඳී සිටින ලෙසත්, මාගේ සාමාන්‍යය පිතිකරණ ශෛලියෙන් ක්‍රීඩා කරන ලෙසත් ඉල්ලීමක් කලා. පිතිකරුවෙකු ලෙස ඊයේ දිනයේ සාර්ථක වෙන්න ඇන්ජෙලෝගෙනුත් මට හිමිවුනේ ලොකු සහයෝගයක්.” අසේල තරගයෙන් අනතුරුව පවසා සිටියේය.

    තරගයක දී ඇති වන ඕනෑම පීඩනය සහිත තත්ත්වයක් යටතේ සන්සුන්ව සිටීමට හපන්කම් දක්වන මැතිව්ස් තවමත් ජාත්‍යන්තර අත්දැකීම් හිඟ අසේල ගුණරත්නට වැඩි සහයෝගයක්  ලබා දෙනු තරගයේ අවසන් කොටසේ දී දැක ගන්නට ලැබුණු අතර අසේල ලොව හොඳම තීරණාත්මක ඕවරවල දී පන්දු යවන්නෙකු (Death bowler) වශයෙන් සැලකෙන ජස්ප්‍රිට් බුම්රාහ් ඔහු වෙත යැවූ පළමු පන්දුවටම මනරම් හයේ පහරක් එල්ල කිරීමට ද සමත්කම් දැක්වීය.

    බුම්රාහ්ගේ සුරතින් ගිලිහී පැයට කිලෝමීටර් 138ක වේගයෙන් පැමිණි පන්දුව තණතිල්ල මත දණහිස තබා කිසිදු චකිතයකින් තොරව පිළිගත් මෙම යුධ හමුදා ක්‍රීඩකයා එය ඩීප් ස්ක්වෙයාර්-ලෙග් කලාපයට ඉහළින් යොමු කළේ තරගයේ එල්ල වුන සුපිරිතම පහර සටහන් කරමිනි. ලොව ඇති ඕනෑම ක්‍රීඩාංගණයක හයේ පහරක් වීමට සුදුසුකම් ඇති එම පහර මීටර් 94ක දිගකින් යුක්ත විය. එතකින් නොනැවතුනු අසේල පන්දු 21ක් තුල දී නොදැවී ලකුණු 34ක් රැස්කර ගනිමින් 161.90ක දැවැන්ත ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ශ්‍රී ලංකා පිළේ ඓතිහාසික හඹායෑමක කොටස් කරුවෙකු බවට පත්විය.

    “අයි.පී.එල්. වල දී මට කිසිම තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වුනත් මං පුහුණුවීම් අතරතුරේ දි බුම්රාහ් සහ පාණ්ඩ්‍යා යන දෙදෙනාටම මුහුණ දුන්නා. ඒ හින්දා ඔවුන් මොන විදිහෙ පන්දු එවාවි ද කියලා හොඳ අවබෝධයකින් හිටියේ. ඒක මට එම පහර එල්ල කිරීමටත්, ඉනිම ගොඩනැගීමටත් වැදගත් වුනා. මාලිංගත් මට බුම්රාහ් පන්දු යැවීමේ දී කරන වෙනස්කම් ගැන කියා දුන්නා. ඒ නිසා මට විශාල පහරවල් වලට යෑමේ දී චකිතයක් ඇති වුනේ නැහැ.” අසේල කියා සිටියි.

    මීට මාස දෙකකට පමණ පෙරාතුව අසේල ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඔවුන්ගේ ජන්ම භූමියේ දී ම ලකුණු 84ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ද හිමි විය. ඉන් දිනක් ගෙවී යද්දී අයි.පී.එල්. තරගාවලියේ පොහොසත්ම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් පිළ ඔහුව මිල දී ගත්තේය. එහිදී ඔහුට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නොහැකි වුවත් ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ කොටස්කරුවකු බවට පත්වීමට ඔහුට අවස්ථාව උදාවිය.

    මැතිව්ස් සහ අසේල යන දෙදෙනාම දැන් ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කරන නිසා දැන් ශ්‍රී ලංකා සිංහ පෝතකයින්ට ඕනෑම අවස්ථාවක දී ම තරගයක් ජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකි ආකාරයේ තරග නිමා කරන්නන් දෙදෙනෙකුම හිමි වී තිබේ. “මං තරමක් සෙමින් ඉනිම ආරම්භ කරලා මට හොඳ යැයි හැඟෙන අවස්ථාවේ දි ප්‍රහාරය දියත් කළා. ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාරයකට ලකුණු 7.5ක් පමණ අවශ්‍ය වූ නිසා මට ලොකු පහරවල්වලට යාම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඔව්, මට අවසානය දක්වා පිටියේ රැඳී සිටිමින් තරගයක් කෙළවර කිරීමට හැකියාවක් තිබෙනවා.” අසේල ගුණරත්න වැඩිදුරටත් පවසා සිටියේය.

    මේ වන විට 31 වැනි වියේ පසුවන අසේල ගුණරත්න තම ක්‍රීඩා දිවිය ශ්‍රී රාහුල විද්‍යාලයේ දී අරඹන්නේ ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ ඕබ්‍රි කුරුප්පුගේ අධීක්ෂණය යටතේයි. අසේල 2008 වසරේ දී තම පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර 2016 දී ජාත්‍යන්තර වරම් හිමිවීමට පෙරාතුව සීක්කුගේ ප්‍රසන්න, අජන්ත මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සමඟ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එකට ක්‍රීඩා කළේය.

    “අසේල හොඳ ක්‍රීඩකයෙක්, ඒ වගේම වැදගත්ම දේ තමයි ඔහු තමන්ගේ හැකියාවන් පිළිබඳව තබන විශ්වාසය. පාසල් කාලයේ දී ඔහු අංක 4 පිතිකරු ලෙසින් වගේම මද වේග පන්දු යවන්නෙකු ලෙසත් දක්ෂතා දැක්වූවා. මේ වන විට ඔහුට කටර් පන්දු යැවීමටත් හැකියි. අද වන විට මට දකින්න ලැබෙන්නේ ඔහු මේ දක්වා ආ ගමන් මගේ කළ කැපකිරීම් සහ වෙහෙසවීම් වල අනර්ඝ ප්‍රතිඵලයයි.” තම අතීත ශිෂ්‍යයා පිළිබඳ මතකය ආවර්ජනය කරමින් ඕබ්‍රි කුරුප්පු මහතා පවසා සිටියි.

    [rns_reactions]

  • සටන්කාමි බංගලියෝ ප්‍රබල කිවියන් හඬවයි! (VIDEO)

    ශුරයින්ගේ කුසලාන තරඟාවලියේ තවත් පෙරළිකාර ජයක් ලැබීමට බංගලාදේශ පිල ඊයේ සමත් වුණා.

    ඒ නවසීලන්ත පිලට එරෙහිවයි.

    තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම  නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 265ක් ලබාගත්තා.

    ජයග්‍රාහී ලකුණු 266ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගනැමීට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

    බංගලාදේශයේ මුල් කඩුලු 4 බිඳ වැටෙන විට ඔවුන්ගේ ලකුණු පුවරුව ඉදිරියේ සටහන් වූයේ ලකුණු 33ක් ලෙසයි.

    කෙසේ වෙතත් කිසිවෙකු විශ්වාස නොකළ පරිද්දෙන්  ෂකීබ් අල් හසන් හා මහමදුල්ලා ලකුණු 224ක් සමබන්ධතාවක් පැවැත්වීමට සමත්වුණා.

    එහිදී විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළ ෂකීබ් ලකුණු 114ක්ද,මහමදුල්ලා ලකුණු 102ක් ලබාගැනීමට සමත් වුණා.

    මෙම සම්බන්ධතාව බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට පැවති හොඳම පිතිකරණ සම්බන්ධතාව ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.

    ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ශූරයින්ගේ කුසලානයෙන් ඉවත් වීමට සිදුවූ අතර ඕස්ටේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟයේ තීරණය මත බංගලාදේශයේ ඉරණම තීරණය වනු ඇත.

    තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

    [rns_reactions]

  • ආබාධයට ලක්වූ කුසල්ගේ තැනට එන ආදේශකය මෙන්න…

    ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟ දෙකෙහිම පන්දු යවන්නන්ට දවා ගැනීමට නොහැකි වූ ආරම්භක පිතිකරණ ස්ථානයෙන් මැදපෙලට මාරු වීමක් ලැබූ කුසල් ජනිත් පෙරේරාට චැම්පියන්ස් කුසලානයේ ඉදිරි තරඟ අහිමි වී යා හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

    ඉන්දියාව සමඟ ජයග්‍රාහී තරඟයේ හොඳින් ලකුණු අතරට පැමිණීමෙන් පසුව පාදයේ අභාදයට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වූ කුසල්ගේ අභාද තත්වය මත ඉදිරි තරඟ ක්‍රීඩා කිරීමේ අවසථාව අහිමි වන බවට ආරංචි මාර්ග පවසන අතර කුසල්ගේ ස්ථානය සඳහා මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමේ සුදානමක් ඇති බවද එංගලන්තයෙන් ආරංචි වේ.

    කපුගෙදර ආබාදයට ලක්වීම සමඟ ඔහුගේ තැනට ධනුෂ්ක ගුණතිලක ආදේශ කල අතර තවත් සුදානම් ලැයිස්තුවේ සිටින ක්‍රීඩකයන් වන්නේ ධනංජය ද සිල්වා සහ දිල්රුවන් පෙරේරාය.

    [rns_reactions]

  • ජයග්‍රහණයෙන් පසු මැතිව්ස්ගේ සංඥාව කාටද?

    ආබාධයකට ලක්ව සිට දිගු කලකින් පිටියට පිවිසි ලසිත් මාලිංග බංගලාදේශයට එරෙහි එක්දින තරඟයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පසු ඔහු සිය අංකය ප්‍රේක්ෂකයන්කට පෙන්වීය.

    එසේම ඇන්ජලෝ මැතිව්ස් ද ආබාධයකට ලක්ව සිට දිගු කලකට පසු යළි එක්දින පිටියට පිවිස ප්‍රබල ඉන්දියාවට එරෙහි තරඟය ජයග්‍රණය කරමින් අර්ධ ශතකයක්ද වාර්තා කර සිය අංකය ප්‍රේක්ෂකයන්ට පෙන්වීය.

    සැබැවින්ම ඔවුන් දෙදනා මේ සංඥාව නිකුත් කරන්නට ඇත්තේ කාටද ?

    [rns_reactions]

  • ජයග්‍රහණයෙන් පසුව දික්වැල්ලගෙන් ඉන්දියාවට රිදෙන කථාවක්…

    ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාස කල නොහැකි කණ්ඩායමක් බවත් කොයි මොහොතේ හෝ පෙරලියක් කිරීමේ හැකියාවක් ඇති බවත් ඕස්ට්‍රේලියා ක්‍රීකට් ක්‍රීඩක මයික් හසී ප්‍රකාශ කලේ තරඟාවලිය ආරම්භයටත් පෙරාතුවය.

    ඔහු කී ලෙසම ප්‍රබල ඉන්දියාව හමුවේ වාර්තාගත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.ජයග්‍රහණයෙන් පසුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල අපුරු කතාවක් කීවේ ඉන්දියාවට මෙය පුහුණු තරඟයක් වුවත් ලංකාව ජයග්‍රහණය කලේ ඉතා වැදගත් තරඟයක් බවයි.

    “ඇත්තටම ගොඩක් සතුටුයි ඉන්දියාව පරාජය කරන්න ලැබුන එක ගැන.තරඟයට පෙර ඉන්දියාවේ මාධ්‍ය වගේම සමාජ වෙබ් අඩවිත් මේ තරඟය දැක්කේ පුහුණු තරඟයක් විදියට,ඇත්තටම අපිටනම් කිසිම තරඟයක් එහෙම නෑ,මේ තරඟාවලිය තියෙන්නේ සමාන ප්‍රතිවාදීන් අතරේ.හැම කණ්ඩායමකටම දිනන්න අවසථාවක් වගේම ඕනෑම කණ්ඩායමක් පරදින්නත් පුළුවන් මේ වගේ තරඟාවලියකදී,”

    දික්වැල්ල මෙසේ ප්‍රකාශ කර තිබුණේ තරඟයට පෙර ඉන්දියාවේ සමාජ ජාලා තුල ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කරමින් පළවූ ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙනි.

    [rns_reactions]

  • ලංකාවෙන් ඉන්දියාවට අමතක නොවන පුහුණුවක් – අපේ කුසල්ට ඉක්මන් සුව පතමු..

    විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකරමින් සිටිය දී හදිසියේ ආබාදයට ලක් වූ කුසල් ජනිත් පෙරේරාට ඉක්මන් සුවය සියලු ක්‍රීඩා ලෝලීන්ගේ මේ මොහොතේ ඇති එකම ප්‍රාර්ථනයයි

    https://www.facebook.com/ApiSriLankanBro/photos/a.528316757279382.1073741828.528310547280003/1232051323572585/?type=3

     

    https://www.facebook.com/OfficialSLCricket/photos/a.368827143194447.84167.234593909951105/1335123103231508/?type=3

     

    https://www.facebook.com/SLTCricket/photos/a.757532144272057.1073741829.731183376906934/1708329705858958/?type=3

    https://www.facebook.com/WebBuwa.Net/photos/a.162276724191026.1073741828.162262970859068/339020303183333/?type=3

    https://www.facebook.com/manoj.udayanga1/posts/1500748189998680

     

    https://www.facebook.com/panifun/photos/a.126030694248753.1073741828.126025920915897/686840724834411/?type=3

     

     

    https://www.facebook.com/srilankancricfans/photos/a.246125498913957.1073741827.235484913311349/694742904052212/?type=3

    https://www.facebook.com/Gangsterrathne/photos/a.401265546729025.1073741829.401124940076419/662531623935748/?type=3

    https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10155226793556259/?type=3

    [rns_reactions]

  • හැමෝම හිනාවෙද්දි ලංකාව දිනනවා කිවුවේ මම – ජෝතිර්වේදී රත්නා සුගතපාලගෙන් ප්‍රකාශයක්…

    අද ඉන්දියාවට එරෙහි ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව නියත වශයෙන්ම ජයගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව සියලුදෙනා තමන්ව සමච්චලයට ලක්කළත් මේ වනවිට තම අනාවැකිය සත්‍යයක් බවට පත්වී ඇති නිසා සියලුදෙනාගේ අවධානය තමා වෙත යොමුවී ඇති බව ප්‍රවීණ ජෝතිර්වේදී රත්නා සුගතපාල ප්‍රකාශ කරයි..

    ඔහු පැවසු අනාවැකිය මෙන්න…

    http://supirigossip.com/archives/4820

    [rns_reactions]

  • ලාංකිකයන් අමන්දානන්දයට පත්කළ කෝලිගේ දැවීයාම මෙන්න….

    ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

    කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

    ඒ අනුව පිටියට පිවිසි ඉන්දීයානු කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ලට ලකුණු 138ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා.

    කෙසේ වෙතත් රෝහිත් ශර්මාගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි සුපිරි පිතිකරු විරාට් කෝලි කිසිදු ලකුණක් ලබා නොසිටියදී දවාගැනීමට නුවන් ප්‍රදීප් සමත්වුණා.

    මේ එම අවස්ථාවේ වීඩියෝවයි.

     

    [rns_reactions]

  • අද තරගය ලංකාව ජයගන්නවා – අවසන් මොහොතේ ජෝතිර්වේදියෙක්ගෙන් අනාවැකියක්….

    අද ඉන්දියාවට එරෙහි ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව නියත වශයෙන්ම ජයගන්නා බව ප්‍රවීන ජෝතිර්වේදී රත්නා සුගතපාල පවසයි. සියලුදෙනා ඉන්දියාවට වාසි වන පැවසුවද ඊයේ දින පකිස්තානය ජයගත් විලසින්ම මෙම තරගය ශ්‍රී ලංකාව ජයගන්නා බව ඔහු සදහන් කරයි. 

    තමන් මේ පිලිබදව ඕනෑම කෙනෙකු සමගින් විවාදයකට සුදානම් බවද ඔහු සදහන් කරයි….

    [rns_reactions]

  • පාකිස්ථාන ප්‍රහාරයෙන් දකුණු අප්‍රිකා ඉරණම විසදේවිද…?

    දකුණු අප්‍රිකා කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට පැමිණීමට පෙර සිටම ක්‍රිකට් විචාරකයන්ට සහ දකුණු අප්‍රිකා කණ්ඩායමට චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමෙන් මෙපිට විකල්පයක් තිබුනේ නැත.

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර පළමුතැනට ශ්‍රේණි ගතවී සිටින දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රීඩකයන් චැම්පියන්ස් කුසලානය ඇරඹීමට පෙර ප්‍රකාශ කලේ මෙවර තරඟාවලියේ තම කණ්ඩායමේ දක්ෂතා වලට පැහීමට තරම් වන ප්‍රතිවාදියෙකු නැති බවයි.

    තරඟාවලියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකාවේ දුර්වලතා නිසා ජයගත් දකුණු අප්‍රිකාව දෙවන තරඟයට මුහුණ දුන්නේ පකිස්ථාන කණ්ඩායමටයි.පකිස්ථානය යනු මෙම තරඟාවලියට මුහුණ දෙන කණ්ඩායම් වලින් පහළින්ම ශ්‍රේණි ගත වී සිටින කණ්ඩායම වන අතර දකුණු අප්‍රිකාව යනු තරඟාවලියේ ඉහලින්ම ශ්‍රේණිගත වී සිටින කණ්ඩායමයි.

    මේ සියලු කාරනා මත ඊයේ තරඟය ආරම්භයේ බොහෝ දෙනා දුටුවේ දකුණු අප්‍රිකා පකිස්ථාන තරඟය තනි අශ්වයකුගේ තරඟයක් ලෙසය.

    නමුත් සිදු වුයේ අනිකකි.පකිස්ථාන පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම අසරණ වෙමින් ලකුණු 219 කට සීමා වූ අතර ඩේවිඩ් මිලර් ලබාගත් ලකුණු 75 සහ,මොරිස්ගේ සහ රබාඩාගේ ඉනිම් නොවන්නට ලෝකයේ හොඳම පිතිකරණ බලකායේ ඉරණම මීට වඩා දැඩි ලෙස අඳුරු වන්නට තිබිණි.

    ලකුණු 220 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට වර්ෂාව 27 වන පන්දුවාරය වනවිට බාදා කලද ඒ වන විට පකිස්ථානය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලබාගත යුතු ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 19 කින් ඉදිරියෙන් සිටි නිසා පකිස්ථානයට ජයග්‍රහණය හිමි විය.

    මේ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ඉදිරියට යාමට නම් ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාව සමඟ තරඟය ජය ගැනීම අනිවාර්ය වනු ඇත.

    [rns_reactions]

  • පළමු පන්දුවෙන් ඩිවිලියස් ඉතිහාසයට… දකුණු අප්‍රිකාව අන්ත පරාජයකට….

    දකුණු අප‍්‍රිකානු නායක ඒ බී ඩිවිලියස් සිය එක්දින තරග ඉතිහාසයේ පළමු වරට තරගයක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අද (07) දැවී ගියා.

    ඒ පකිස්තානය සමග  පැවැත්වුනු ICC ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදීයි.

    ඔහු මෙලෙස පළමු පන්දුවෙන්ම දැවී ගියේ තරග 220 කින් පසුව වීම විශේෂත්වයක්.

    ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානය සමග අද තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප‍්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර (D/L) න්‍යායට අනුව පකිස්තානයට ලකුණු 19ක ජයක් හිමිවිය…