Category: සුපිරි Sports

  • මාලිංග නොමැතිව ශ්‍රී ලංකා පිල, පළමු තරඟයේදි දැවැන්ත පරාජයක…….

    චැම්පියන්ස් කුසලානය ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් වේලාසනින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු පුහුණු තරඟය ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනුනි.

    ප්‍රතිවාදීන් පුදුම කරනවා යයි පවසමින් එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන් කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල මට්ටමකට ගෙනා අතීත ක්‍රීඩකයන් පුදුම කරමින් ස්කොට්ලන්තය හමුවේ දරුණු පරාජයක්‌ ලැබුවේ කිසිඳු තරඟයක්ද නොදෙමිනි.

    ස්කොට්ලන්ත පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට පවා නොහැකි වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් චාමර කපුගෙදර පන්දු 50 තුල ලකුණු 71 ලබා ගත් අතර චන්දිමාල් සහ කුසල් ජනිත් අර්ධ ශතක ලබාගත්තද ඔවුන්ගේ ලකුණු ගණනට වඩා පන්දු ප්‍රමාණය වැඩි වීම නිසා ස්කොට්ලන්තය වැනි කණ්ඩායමක් හමුවේ එම දක්ෂතා ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය පැන නැගුනි.

    පන්දුවාර 49.5 තුල ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 287 ලබාගැනීමේදී ස්කොට්ලන්තය වැය කලේ කඩුලු තුනක් පමණක් වන අතර,ආරම්භක කඩුල්ලේ සම්බන්දතාවය ලකුණු 201 වීමෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ තරම මැනගත හැක.

    ස්කොට්ලන්තය වැනි කණ්ඩායමකත් කඩුලු තුනක් පමණක් දවා ගත හැකි ශ්‍රී ලංකා පන්දු කරන බලකායක් දකුණු අප්‍රිකාව ,ඉන්දියාව වැනි රටවල් කෙසේ පාලනය කරයිද යන්න සිතාගැනීමට පවා නොහැක.

    [rns_reactions]

  • සෙවාග් එක්ක සනී ගත්ත ෆනී අාතල් එක මෙන්න…

    සනි ලියොන් බොලිවුඩ් සිනමාවට එක්වුණේ නරක නාමයක් සමගයි.

    නමුත් ඇය මේ වන විට බොලිවුඩයේ සුපිරි නිළියක් විදිහට ඉදිරියට ගමන් කරමින් සිටින්නේ පැසසුම් ලබමිනුයි.

    පසුගියදා මේ සුරූපිනිය අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් වෙනුවෙන් විස්තර විචාරිකාවක ලෙස කටයුතු කර තිබෙනවා.

    දස වැනි වතාවටත් පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේ ‘කොල්කටා නයිට් රයිඩර්ස්’ සහ ‘කිංග්ස් ලෙවන් පන්ජාබ්’ දෙපිල තරග වැදුණු දිනයේදීයි සනී ලියොන් එලෙස විස්තර විචාරයේ යෙදුණේ.

    මේ තරගයේ ප්‍රධාන විස්තර ප්‍රකාශකයා ලෙස කටයුතු කළේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක විරෙන්දර් සෙවාග්.

    සමහරු සනි ලියොන්ව හඳුන්වන්නේ බොලිවුඩයේ ‘බේබි ඩෝල්’ හැටියටයි. නමුත් එදා ‘ෆෙරෝෂා කොට්ලා’ ක්‍රීඩාංගණයේ පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගයේ විස්තර විචාරය කරද්දී නම් ඇය බෝනික්කෙකු වී නැහැ.

    විරේන්දර් සෙවාග් පවසා තිබෙන්නේ ‘සනි එක්ක ‘ෆනි’ අත්දැකීමක් ලද බවයි.

    [rns_reactions]

  • අපි අවාසනාවන්තයි – සුපිරි ක්‍රිඩක මුරලිගෙන් අමුතු කතාවක් කරලියට

    මේ දින වල ක්‍රිකට් පිටියේ බොහෝ තැන අසන්නට ලැබෙන්නේ එළඹෙන චැම්පියන්ස් කුසලානය සම්බන්දව විවිද අය කියන අනාවැකි සහ,කණ්ඩායම් වල ක්‍රීඩකයන් තමන්ගේ කණ්ඩායම සමබන්දයෙන් කියන කටමැත දෙඩවීම්ය.

    මේ ඊට වඩා වෙනස් කතාවකි.ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙවර IPL තරඟාවලියේ ඔහු පුහුණු කල සංරයිසස් කණ්ඩායමේ පරාජය පිළිබඳව කියන කතාවකි.

    “අපි ගොඩක් අවාසනාවන්තයි,තරඟාවලියේ ඉස්සරහට යන්න බැරි වුන එක ගැන.අපි තරඟාවලියේ මුල ඉඳලම හොදටම කලා.අන්තීමට අවාසනාව නිසා අපේ ගමන නැවතුනා.”

    අවසන් පුර්ව තරඟයේ කලකටා සමඟ ක්‍රීඩා කල තණතිල්ල ගැන මුරලිට පැහැදීමක් නැත.

    “ඒ තණතිල්ලේ සෙල්ලම් කරන්න ලේසි නෑ.අපි ඒ වගේ තනතිල්ලක පහරවල් වලට ගියානම් ලකුණු 70-80 සීමාවෙන්න තිබුනා.අපේ ඉලක්කය වුනේ ලකුණු 140 .අපිට ඒ ලකුණු ගානට ලකුණු 10 වගේ අඩු වුනේ.ඒ නිසා කාටවත් කියන්න බෑ.අපි ගත්ත ලකුණු ගණන ආරක්ෂා කරන්න බැරි ලකුණු ගණනක් කියල.මුලදී විකට් කිහිපයක් ගත්තනම් අපිට තිබුන පන්දුවාර 20 දී ඒ ලකුණු ගණන ආරක්ෂා කරගන්න.”

    “අපි සැලසුම් හැදුවේ පන්දු වාර 20 දී මොනවද කරන්න ඕන කියල අන්තිමට තරඟාවලිය පුරාම අපි අරගෙන ආපු දේවල් විනාඩි 20කදි වගේ නැති වෙලා ගියා.”

    “හැමදාම තරඟ දිනන්න බෑ කියල මම දන්නවා ඒත් මේ පරාජය ගොඩක් අවාසනාවන්තයි.”

    පසුගිය වසරේ IPL ශූරතාව දිනා ගත් සංරයිසස් කණ්ඩායම මෙවර තරගාවලියේ ඉදිරියට යාමේ අවස්ථාවන් අවහිර කරමින් වර්ෂාව නිසා පන්දුවාර 6 කදී ජයග්‍රහණය කල්කටා කණ්ඩායමට පිරිනැමීමට සිදුවූ තරඟය පිළිබඳව මුරලි cricinfo සමඟ මෙසේ අදහස් දක්වා ඇත.

  • අසේල ඇතුලු ක‍්‍රීඩකයින් එංගලන්තේ යන්න කලින් පැවසූ අදහස් මෙන්න (VIDEO)

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ශූරයින්ගේ කුසලානයට සහභාගී වීමට ප්‍රථම පැවති අවසන් මාධ්‍ය සාකච්ඡාවේ දී උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න  දැක්වූ අදහස්.

    [rns_reactions]

  • ශූරයන්ගේ කුසලානයේදී ප්‍රතිවාදීන් පුදුම කරන අවියක් ගැන මැතිව්ස් කියු කතාව මෙන්න..

    චැම්පියන්ස් කුසලාන තරඟාවලිය තුලදී ප්‍රතිවාදී කණ්ඩායම් පුදුම කරන අවියක් තමන් සතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත.

    චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලික වටයේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු අප්‍රිකාව,ඉන්දියාව සහ පකිස්ථානයයි.

    Cricbuzz සමඟ විශේෂ සාකච්චාවකට එකතුවෙමින් මැතිව්ස් පවසා ඇත්තේ මෙම තරඟාවලියේ තමන්ගේ හොඳම අවිය ලක්ෂාන් සඳකැන් බවයි.

    “චැම්පියන්ස් කුසලානේ ප්‍රබලම අවිය තමයි ලක්ෂාන් සඳකැන් ,එයාගේ තියන පන්දු මිශ්‍රණය එක්ක ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි.මොකද ගොඩක් කණ්ඩායම් සඳකැන් දැකල නෑ ඒ නිසා මම හිතනවා සඳකැන් අපිට හොඳ අවියක් වෙයි කියල.”

    “මිනි ලෝක කුසලානෙට කවුරුත් එන්නේ දිනන්න බලාගෙන.අපිත් එහෙම තමයි.මේ තරඟාවලියේදී බලන්න පුළුවන් අපි කොහෙද ඉන්න කියල.”

    තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය දකුණු අප්‍රිකාව සමඟින් එළඹෙන තුන්වනදා පැවැත්වීමට නියමිතය.

    [rns_reactions]

  • හොඳම කණ්ඩායම කුසලානය රැගෙන එන්න පිටත් වෙයි (PHOTOS)

    ශූරයන්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (18) පෙරවරුවේ දිවයිනෙන් නික්ම යනවා.

    ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක‍්‍රීඩකයින් පහලොස් දෙනෙකු ඇතුළත්.

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කළේ ඉකුත් කාලයේදී ක‍්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක් වුව ද මෙවර තරගාවලියට හොඳම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට හැකිවී ඇති බවයි.

    මෙවර තරගාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම තබා ඇති බලාපොරොත්තු පිළිබඳව ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අදහස් දැක්වූවා. 

    එහිදී ඔහු සඳහන් කළේ මෙම කුසලානය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය සියලු පසුබිම මේ වන විට සකස් කර ඇති බවයි.

    [rns_reactions]

     

  • අපේ සංගක්කාර ඇමරිකාවට……..

    ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තද ඔහුගේ දක්ෂතා සහ ඔහුගේ නම වෙනදාටත් වඩා ක්‍රිකට් ලෝකයේ මේ දිනවල අසන්නට ලැබේ.

    එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් සුපිරි දක්ෂතා පෙන්වන සංගා,ඉදිරි අගෝස්තු මාසයේ ඇමරිකාවේ T20 තරඟ දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය.

    කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟ මාලාවේ Jamaica Tallawahs කණ්ඩායම නියෝජනය කරන සංගක්කාර එලබෙන අගෝස්තු 5 සහ 6 දිනවල මෙම තරඟ පැවැත්වීමට නියමතය.

    මෙම තරඟ සම්බන්දෙන් අදහස් දක්වන සංගා,

    “ඇත්තටම ඇමරිකාවේ ක්‍රීඩාකරන එක හොඳ අත්දැකීමක්,එහෙ තියෙන්නේ ගොඩක් ලකුණු තියන  තණතිලි ඒ වගේම මම ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියනවා ක්‍රිකට් වලට,මම  ඇමරිකාවේ අන්තිම වරට ක්‍රීඩා කරපු ඕල්ස්ටාර් තරඟවලියෙදිත් ලොකු අත්දැකීමක් ලැබුවා,ඒ වගේම මේ දවස් දෙකත් හොඳ අත්දැකීමක් වේවි අපිට.’

    [rns_reactions]

  • දෝණිගේ අනපේක්ෂිත ප්‍රහාරයෙන් මහේල ප්‍රමුඛ මුම්බායි පිලේ කුසලාණ සිහිනය පමා වේ…

    අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 20 ක ජයක් හිමිකරගත් ස්ටීවන් ස්මිත් මෙහෙයවන  රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට  සමත්විය.
    ජයග්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
    හුදකලා සටනක නිරතවූ ආරම්භක පිතිකරු  පාර්තිව් පටෙල්ට අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයෝගයක් නොලැබීම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිලට සිදුවිය. පන්දු 43 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 52 ක් රැස්කිරීමට පාර්තිව් පටෙල් සමත්විය.
    වොෂිංටන් සුන්දර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ඕවර 4 කදී ලකුණු 16 කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකු දවාගැනීමට සමත්විය. ශාර්දුල් ඨාකූර්ට ඕවර 4 ක් යවමින් ලකුණු 37 කට කඩුලු තුනක් දවාගැනීමට සමත්විය.
    පළමුවෙන් පන්දුවට පහරදුන් රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තේය.
    ලකුණු 9 කට කඩුලු 2 ක් බිඳ වැටී පූනේ කණ්ඩායම අසරණ තත්ත්වයට පත්ව තිබූ අවස්ථාවේ ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේ (56) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මනෝජ් තිවාරි (58) සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබීය.
    පන්දු 43 කදී වාර්තා වූ රහනේගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 48 කදී වාර්තා වූ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.
    පූනේ ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී තරඟයේ රටාව වෙනස් කරමින් වේගවත් පිතිහරඹයක නිතර වූ මහේන්ද්‍ර සිං දෝනි පන්දු 26 කදී නොදැවී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 5 ක් සමගිනි.
    මෙම තරඟයේදී ලසිත් මාලිංග විසින් පන්දුවාර 3 ක් පමණක් යවමින් ලකුණු 14 කට නායක ස්මිත්ගේ කඩුල්ල දවාගැනීමට සමත්විය.

    පුනේ ඉනිමේ 19 වන පන්දුවාරය යැවූ මිචෙල් මක්ල්රගන් ලබාදුන් ලකුණු 26 තරඟයේ තීරණයට ඍජු වම බලපෑමක් විය.

    කොල්කටා සහ සංරයිසස් අතර තරඟයේ ජය ලබන කණ්ඩායම මුම්බායි සමඟ තරඟ වැදීමෙන් අනතුරුව පුනේ කණ්ඩායමේ අවසන් තරඟයේ ප්‍රතිවාදියා තීරණය වනු ඇත.

    [rns_reactions]

  • ශූරයන්ගේ කුසලානය ජයගන්නේ මෙහෙමයි – මැතිවුස් සියල්ල හෙලිකරයි..

    චැම්පියන්ස් කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි.මේ වනවිට තරඟාවලිය ට සහභාගී වන කණ්ඩායම් තම පුහුණුවීම් අරඹා සෙසු කණ්ඩායම් පරාජය කිරීමේ උපායන් සකස් කරන කාලයයි.ශ්‍රී ලංකා කණ්ඩායමද තම පුහුණු වීම් වේලාසනින්ම අරඹා දින තුනක විවේකයක් සඳහා මේ දින වල පුහුණුවීම් නවතා ඇත.

    නුවරදී පැවති පුහුණු සැසියෙන් පසුව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තරඟාවලියට තම කණ්ඩායමේ සුදානම පිලිබන්දව මද්‍යයට අදහස් දක්වා ඇත. මැතිව්ස් මෙහිදී තම ප්‍රදානම අවිය මාලිංග බවද පවසා ඇත.

    “මේ තරඟාවලියේ ශුරත්වය දිනන්න කණ්ඩායම් අටටම එකම වගේ අවසථාවක් තියනවා.දුර්වල කණ්ඩායම් කවුරුත් නෑ.ඒ නිසා පොඩි වරදක් ඇති කණ්ඩායමක් තරඟාවලියෙන් එලියට විසි වෙන්න.”

    තරඟාවලියේ ශ්‍රීලංකාව පළමුවෙන්ම මුහුණදෙන්නේ දකුණු අප්‍රික කණ්ඩායම සමඟය එම අභියෝගය පිළිබඳව මැතිව්ස් දක්වන්නේ මෙවැනි අදහසකි.

    “ඇත්තටම දකුණු අප්‍රිකාව කියන්නේ අමාරු ප්‍රතිවාදීයෙක්,අපි ඔවුන් වෙනුවෙන්ම සැලැස්මක් හදල තියෙන්නේ,මම හිතනවා ඔවුන් පරාජය කරන්න අපිට පුලුවන් කියලා.”

    “අපිට ඊට පස්සේ ඉන්දියාවයි පකිස්ථානයයි ඉන්නවා,ඔවුන් ආසියාවේ රටවල් ව්දියට අපි එක්ක ගොඩක් තරඟ කරලා තියන නිසා අපි දන්නවා කොහොමද ඔවුන්ට එරහිව ක්‍රීඩා කරන්න ඕන කියල.’

    තරඟාවලියට තම කණ්ඩායම සුදානම් බවත් මැතිව්ස් පවසා ඇත.

    ‘අපි මෙහෙ කරන්න ඕන දේවල් ඔක්කොම කලා. දැන් තියෙන්නේ එංගලන්තයට ගිහින් එහෙ තත්වයන්ට හුරුවෙන එක.මේ තරඟාවලිය වෙනුවෙන් අපිට ගොඩක් පහසුකම් ලැබුනා ඒක අපිට ලොකු පහසුවක් වුනා.මාලිංග අපිත් එක්ක පුහුණුවීම් වලට එකතු වුනේ නැති වුනාට ඉන්දියාවේ ඉදන් තරඟාවලියට ගොඩක් මහන්සි වනවා.මාලිංග ඉන්න එක අපිට ලොකු හයියක්..”

    ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සම්ප්‍රදායෙන් ඔබ්බට තම තරග රටාව ගෙනගොස් නැති බවට වන චෝදනාව ටද මැතිව්ස් පිළිතුරු සපයා ඇත.

    ‘මේ තරඟාවලියේදී අපි ගොඩක් ධනාත්මකව ආක්‍රමණශීලී රටාවකට ක්‍රීඩා කරන්න තමයි හිතාගෙන ඉන්නේ

    [rns_reactions]

  • මෙවර ශූරයෝ අපි තමයි – නායක මැතිව්ස් සතුටින් ඉපිලෙමින් කියු කතාව මෙන්න..

    ශූරයින්ගේ කුසලාන සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දින හයක නේවාසික පුහුණු කඳවුරකට සහභාගීවූ අතර පැවැති පුහුණු තරගයෙන් පසුව සාර්ථකව නේවාසික පුහුණු කඳවුර අවසන් කෙරුණි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 18 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

    එංගලන්තය බලා යාමට පෙර පවුලේ සාමාජිකයින් සමග කාළය ගතකිරීමට සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් හට දින තුනක විවේක කාලයක් දී තිබේ.පිතිහරඹය, පන්දු යැවීම සහ පන්දු රැකීම සදහා විශේෂඥ පුහුණුව, කාය බල සහ අනුකූලතා පුහුණුව, ආකල්ප සංවර්ධනය කිරීමේ පුහුණුව, කණ්ඩායම නඟාසිටුවිම සහ පෙළඹවීම යනාදී විශේෂ පුහුණුකිරීම් රාශියක් පිළිබඳව මෙම පුහුණු කඳවුරේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

    මෙම පුහුණු සැසිවාර සදහා ප්‍රවීණ පුහුණු කරුවන් යොදාගත් අතර කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ප්‍රශ්න ඇසිම් වලින් යුතුවූ උපායමාර්ගික සම්බන්ධීකරණ සාකච්ඡාද මෙම සැසියට ඇතුළත් විය.

    ක්‍රීඩකයින් ගැන තනි තනිව අවධානය යොමුකරමින් ඔවුන්ගේ තාක්ෂණය සහ කුසලතා වර්ධනය කිරීමට මෙම පුහුණුවේදී අවස්ථාව හිමිවිය.

    පුහුණු කඳවුර පිළිබඳව අදහස් දැක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ මෙම නේවාසික පුහුණු සැසියේදී 100 % දායකත්වයක් දීමට හැකිවීම මෙවැනි වැදගත් තරගාවලියකට සුදානම් වීමේදී අත්‍යාවශ්‍ය සාධකයක් බවය. ආබාධ සහ වෙනත් සාධක හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී කණ්ඩායමක් වශයෙන් එක්ව ක්‍රීඩා කිරීමට නොහැකිවූ බවත් එකට වැඩකිරීමත්, වැඩකිරීමට ඉගෙන ගැනීමත් එකිනෙකාව තේරුම් ගැනීමට හැකිවීමත් විශේෂ දෙයක් බවද මැතිව්ස් පැවසීය.

    “සාර්ථකව වැඩසටහන කරගෙන යාමට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති පහසුකම් බෙහෙවින් ඉවහල්වුනා. වැඩකරගෙන යාමේදී මෙම වෘත්තීමය තත්වයන් ඇත්තටම අවසන් මොහොතේ ලැබුන ප්‍රසාද දීමනාවක් වගෙයි.”

    “අපට ගෘහස්ථ පුහුණුවීමේ තාක්ෂණය නියම වෙලාවට ලැබීම මගින් අපගේ හැකියාවන් වර්ධනය කරගැනීමට හැකිවුනා” යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවැසීය.

    [rns_reactions]

  • අපේ සංගක්කාරගෙන් තවත් ශතකයක් – සුභපතන්න ෂෙයා කරන්න..

    ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර තම ලිස්ට් A තරඟවල ලබා ගත් 38 වන ශතකය වාර්තා කරමින් පසුගියදා පැවති  රෝයල් ලන්ඩන් එක්දින තරගාවලියේ හැම්ප්ෂියර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 66ක ජයක් සරේ කණ්ඩායමට ලබා දීමට සමත් වුනා.

    ජයග‍්‍රහණය සදහා ලකුණු 272ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සරේ කණ්ඩායම අයහපත් කාළගුණය නිසා තරගය නතර කරන විට පන්දුවාර 38ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 238ක් ලබා ගත් අතර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 38ක් තුලදි ලබාගත යුතු ලකුණු සංඛයාව වූයේ 178කි.

    එහිදී සුපිරි ඉනිමක් ක‍්‍රීඩා කළ කුමාර් සංගක්කාර පන්දු 121කදී  ලකුණු 124ක් රැස් කළ අතර ඊට හතරේ පහර 2ක් හා හයේ පහර 13ක් ඇතුළත්.සරේ කණ්ඩායම වෙනුවෙන් මාර්ක් ස්ටොන්මන් ලකුණු 53ක්ද රොරී බර්න්ස් ලකුණු 39ක්ද රැස් කිරීමට සමත් වුනා.

    කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හැම්ප්ෂියර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08කට ලකුණු 271ක් රැස් කිරීමට සමත් වුනා.

    පන්දුවාර 22කදී ලකුණු 89ක් පමණක් ලබදෙමින් හැම්ප්ෂියර් මුල් පෙළ පිතිකරුවන් 07 දෙනෙකු ක‍්‍රිඩාගාරය වෙත යැවීමට සරේ පන්දුයවන්නන් සමත් වූ නමුත් 08වන කඩුල්ල සදහා ජොර්ජ් බේලි හා කේල් ඇබොට් අගනා ලකුණු 152ක් එක්කරමින් හැම්ප්ෂියර් කණ්ඩායම ප‍්‍රබල තත්වයකට ඔසවා තැබුවා

    එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ජොර්ජ් බේලි පන්දු 132කදී වේගවත් ලකුණු 145ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින්.බේලි ට අනගි සහයක් ලබා දුන් කේල් ඇබොට් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා

    හැම්ප්ෂියර් කණ්ඩායමේ මුල් පෙළ අසරණ කළ රවී රාම්පල් ලකුණු 61කට කඩුලු 4ක් දවා ගත්තා.

    [rns_reactions]

  • මෝදිගේ කතාව ගැන මුරලිගේ අදහස මෙන්න… කියවන්න දැනගන්න…

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ශ්‍රී ලංකාවේ කල සංචාරයේදී කල ප්‍රකාශයක් සමබන්දයෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තම පුදුමය පල කර ඇත.

    ඉන්දීය අගමැතිවරයා ලංකාවේ සිටින ඉන්දීය සමබවයක් ඇති දමිළ පිරිසක් අමතමින් පවසා සිටියේ ක්‍රිකට් පිටියේ සුපිරි වීරයකු වූ මුරලි ඔබලාගේ නිර්මානයක් බවයි.මෙලෙස ඉන්දීය අගමැතිවරයා තමාගේ නම ප්‍රකාශ කිරීම පිළිබඳව මුරලි පුදුම වී ඇත.

    “ඇත්තටම මට පුදුමයි ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ නායකයට ඒ කතාවේදී මගේ නම මතක් වුන එක ගැන.ඇත්තටම මගේ නමත් එක්ක මගේ රටේ අනන්‍යතාවය ඉස්සරහට යන එක ගැන ගොඩක් ආඩම්බරයි මට.”

    “මට ඇත්තටම ලොකු සම්බන්දයක් තියෙන්නේ ඉන්දියාවත් එක්ක,අපේ මුතුන් මිත්තන්ට ලොකු සම්බන්දයක් තිබුනා ඉන්දියාව එක්ක මම ඒ සම්බන්දය තමයි තව දුරටත් ඉස්සරහට ගෙනියන්නේ,ඔයාල දන්නවනේ මගේ බිරිඳත් දකුණු ඉන්දීය කාන්තාවක්.”

    “ඇත්තටම ඉන්දියාව අපේ ලොකු අයිය වගේ,ඉන්දියාවට පුළුවන් අපේ රටේ දියුණුව වෙනුවෙන් ගොඩක් සහය වෙන්න,ඇත්තටම අපේ රටවල් දෙකේ ගොඩක් සමීප සම්බන්දතාවය තියන එක අපිට ගොඩක් වටිනවා”

    මුරලිදරන් පවසා ඇත්තේ මොදී යනු ගොඩක් ජනතාව ආදරය කරන නායකයෙකු බවයි.

    “ලෝකයේ ගොඩක් රටවල ජනතාව මොදිට ආදරෙයි,ඔහු ඇත්තටම ඉන්දියාවේ මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරපු නායකයෙක්.මොදී ඔහුගේ රට වෙනුවෙන් කරපු සේවයට ඔහුගේ ජනතාව කෙළෙහිගුණ සලකන විදිය බලන්න පුළුවන් වෙයි මැතිවරණයක් ආවම.”

    [rns_reactions]

  • පන්දු 72. ලකුණු 277. ලංකාවේ පතිරණ කැනඩා ජාතික කණ්ඩායමට…

    ලන්කර්ශයර් හි පැවති තරඟයකදී , 2007 වසරේදී පන්දු 72 කින් ලකුණු 277 ලබාගෙන T20 වාර්තා පොතට එක්වූ ධනුක පතිරණ කැනඩා ජාතික ක්‍රිකට් සංචිතයට තෝරා ගෙන ඇති බව වාර්තා වේ.ඉදිරි තරඟාවලි සදහා නම් කල 15 දෙනෙකුගෙන් යුතු කැනඩා සංචිතයට අමතරව නම් කල අතිරේක ක්‍රීඩකයන් දෙදෙනා අතරටද ශ්‍රී ලංකාවේ උපත ලැබූ ක්‍රීඩකයෙක් ඇතුලත් වේ. ඔහු ශ්‍රීමන්ත විජේරත්නයි.

    [rns_reactions]

  • මුදල් නිසා ඉන්දියාව ක්‍රිකට් වලින් ඉවතට? ගවස්කාර්ගෙන් දැඩි ප්‍රකාශයක්.

    ජූනි මස 1 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඉන්දියාවට ඇතැයි ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් මහතා කියයි. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දක්වන සහයෝගයක් ලෙසින් ලෝකයේ සෙසු කණ්ඩායම්ද ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමේ අවස්ථාවක් ඇති බවද ගවස්කාර් මහතා පවසන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

    අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය බදාදා (26 වැනිදා) ගත් තීරණයට එකට එක කිරීමක් වශයෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඉන්දියාව කරුණු සලකා බලමින් සිටී.

    අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගිය 26 වැනිදා එහි නව මූල්‍ය සැලසුම් අනුමත කළේ වසර 2014 දී සිටි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති එන්. ශ්‍රීනිවාසන් මහතාගේ නායකත්වයෙන් යුත් සැලසුම් සියල්ලම බල රහිත කරමිනි. 2014 මූල්‍ය සැලැස්මට අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ආදායම් වලින් විශාල කොටසක් මහ බලවතුන් තිදෙනා යනුවෙන් හැඳින්වූ ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතරේ බෙදී යා යුතුව තිබිණ.

    කෙසේ වෙතත් පසුගියදා ඩුබායිහිදී පැවැති රැස්වීමේදී මුදල් බෙදී යාම සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීම 9-1 ක් ලෙසින් අවසන් වී ඇත්තේ ඉන්දියාව පමණක් අකමැති පාර්ශ්වය ගැනීමෙනි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම වෙනස්කම් අනුව ඉදිරි වසර 8 ක කාලයේදී ඉන්දියාවට හිමිවිය යුතු මුදලින් ඩොලර් මිලියන 277 ක් අඩුවන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කළේය.

    ශූරයන්ගේ කුසලාන තරගාවලියට කණ්ඩායම නම් කිරීමේ අවසන් දිනය ලෙස අප්‍රේල් මස 25 වැනිදා නියම කර තිබුණද අන්තර්ජාතික ක්‍රිකට් සභා රැස්වීමේ අවසන් තීරණය ලැබෙන දිනය තෙක් කණ්ඩායම නම් කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කල්මරමින් සිටියේය. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම තීරණයෙන් කැළඹීමට පත්ව සිටින ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා කියා සිටියේ මැයි මස 7 වැනිදා සිය සාමාජිකයන්ගේ අතිවිශේෂ මහ සභා රැස්වීමක්  කැඳවන බවත් සභාවේ තීරණය අනුව පියවරක් ගන්නා බවත්ය.

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාව නැවත වරක් දෙපසට වී කඹ අදිමින් සිටිති. ඉදිරි දින කිහිපයේදී මෙම ප්‍රශ්නයට සතුටුදායක විසඳුමක් නොලැබුණහොත් ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ඉන්දියාව සූදානම් වෙමින් සිටී.

    සුනිල් ගවස්කාර් මහතා පවසන්නේ 2014 දී අත්සන් කරන ලද එකඟතාව පිළිබඳ ආදර්ශයට අදාළ සාමාජිකයන්ගේ සහභාගිවීමේ ගිවිසුම සම්බන්ධයෙන් යටහත් ඉල්ලීමක් කරමින් තරගාවලියෙන් ඉවත්වීමේ අවස්ථාව ඉන්දියාවට ඇති බවයි.

    “2014 එකඟතාව පිළිබඳ ආදර්ශය නීිත්‍යානුකූල ලියවිල්ලක්. සහභාගිවීමේ ගිවිසුම තියෙන්නේත් ඒ එකඟතාව පිළිබඳ ආදර්ශයට යටත්වයි”

    “ඔවුන් පොතේ හැටියටම කටයුතු කරනවා නම්, 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑනේ. ඒ නිසා ඔවුන්ට (ඉන්දියාවට) 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය සම්බන්ධයෙන් යටහත් ඉල්ලීමක් කරලා ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ නීතිමය අයිතිය තියෙනවා කියන එක අපි අමතක කරන්න ඕන නෑ” යයි සුනිල් ගවස්කාර් මහතා එන්.ඩී.ටී.වී. පුවත් සේවයට පවසා තිබිණ.

    “දැන් 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය නොසලකා හැරලා. ඒ වගේම තවත් මාසයකින් නැත්නම් දෙකකින් 2017 එකඟතාව පිළිබඳ ආදර්ශයත් නොසලකාහරින්න පුළුවන්…හැම දෙයක්ම, හැම බැඳීමක්ම, හැම යාළු මිත්‍රකමක්ම සැණෙකින් වෙනස් වන ලෝකයක ඕන දෙයක් වෙන්න පුළුවන්” යයිද සුනිල් ගවස්කාර් මහතා එන්.ඩී.ටී.වී. රූපවාහිනී සේවයට පවසා තිබිණ.

    ඉන්දියාව කොන්කර දමා සෙසු ක්‍රිකට් ලෝකයට ඉදිරියට ගියහොත් එයින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට හානියක් වේය යන මතවාදය ගවස්කාර් මහතා සැහැල්ලුවෙන් බැහැර කරයි.

    වෙනත් රටවල දේශීය ක්‍රිකට් තරගාවලි වලදී ක්‍රීඩකයන්ට ගෙවනු ලබන මුදල මෙන් පස්ගුණයක් අයි.පී.එල්. තරගාවලියේදී එම ක්‍රීඩකයන්ට ගෙවන බව පැවසූ ගවස්කාර් මහතා ඉන්දියාව සහභාගි වන ද්විපාර්ශ්වික අන්තර්ජාතික තරගාවලි වලදී රූපවාහිනී විකාශය අයිතියේ ආදායමද ඒ ඒ රටවල් වලට විශාල බලපෑමක් ඇතිකරන බවත් පැවසීය.

    එබැවින් ඉන්දියාව කොන්කර දමා ක්‍රිකට් ක්‍රීඩා කරන සෙසු රටවලට ඉදිරියට යා නොහැකි බවද ගවස්කාර් මහතා පැවසීය.“හරි මොනවාද වෙන්නේ කියලා හිතල බලමු….”
    “ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය අතර තරගාවලිය 1877 ඉඳන්ම තියෙනවා. ඒක කිසියම් සංඛේතාත්මක තරගාවලියක්…ඒත් අනෙක් රටවල් අතර තරගාවලි බැලුවොත් ඒ තරගාවලි වලට ඒ තරම් මුදලක් ලැබෙන්නේ නෑ”

    “ඒත් ඉන්දියාව ඒ රටවල සංචාරය කරද්දී වෙනත් රටක් සමග ක්‍රීඩා කරද්දී ලැබෙන මුදල දෙගුණ වෙනවා, තුන්ගුණයක් නැත්නම් සිවුගුණයක් වෙන අවස්ථාත් තියෙනවා. ඒක කොයිතරම්ද කියන්න මා හරියට දන්නේ නෑ…ඒ නිසා කිසිම ආකාරයකින් ඉන්දියාව කොන්කර දමන්න කාටවත් පුළුවන් කමක් නෑ” යයිද ගවස්කාර් මහතා පැවසීය.

    තත්ත්වය එසේ වුවත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසියම් බලපෑමක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබූ ශක්තිය හීනවී ඇති බවත් ගවස්කාර් මහතා පැවසීය.

    “අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසියම් බලපෑමක් කිරීමේ ශක්තිය දිගටම රඳාවා පවත්වාගත්තා නම් ඒ එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාවයි. ඉන්දියාව මීට වසර දෙකකට තුනකට ඉහතදී තිබුණ බලය රඳවාගෙන නෑ”
    “ඒත් ඒ ගැන සිතා බැලිය යුත්තේත් ඉන්දියාවමයි. සිද්ධවුණ දේවල් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ” යයි කී ගවස්කාර් මහතා 2014 එකඟතාව පිළිබඳ ආදර්ශය නොසලකා හැරීම තුළින් සෑම රටකටම සමාන ලෙස මුදල් බෙදී යන බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව කරන ප්‍රකාශය දඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

    “අපට ලැබෙන්න තිබුණ ඩොලර් මිලියන 590 නැත්නම් ඊට ආසන්න ගණන වැරදි නම් දැන් ඩොලර් මිලියන 290 කුයි තවත් මිලියන 100 කුත් දෙන එක හරි වෙන්නේ කොහොමද? සෑම රටකටම සම සමව මුදල් බෙදී යා යුතු නම් සෑම රටකටම එකම ගණනක් ලැබෙන්න ඕනෑනේ” යයිද ගවස්කාර් මහතා පවසා තිබිණ.

    [rns_reactions]

  • එළියේ තිබ්බට මම යලිත් එනවා – මාලිංග මාධ්‍යයට කියූ කතාවෙන් මුම්බායි උණුසුම් වෙයි….

    ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව ඔහුගේ ආභාදයෙන් පසුව අසන්නට ලැබෙන්නේ එතරම් හොද පුවත් නොවේ.පරණ මාලිංග තවමත් පැමිණ නැති බව ඔහු මෙවර IPL තරඟාවලියේ දක්වන දක්ෂතා වලින් පැහැදිලි වේ.වෙනදා වැඩිම කඩුලු ලාබීන් අතර ඉහලම අසුනක් හිමිකර ගන්නා මාලිංග මෙවර අහලකවත් නැත.

     කොල්කටා සමඟ තරඟයට මුම්බායි කණ්ඩායම පිවිසියේ මාලිංග එළියේ තබමිනි.එමෙන්ම රානා,මක්ලෙරගන්.පාර්තීව් පටෙල්සහ හර්බජන් සිං ද ඊයේ ක්‍රීඩා කලේ නැත.කෙසේ නමුත් පසුගිය තරඟවාර  වල මුම්බායි ප්‍රබල තුරුම්පුවක් වන අම්බති රයිදු නැවත පිටියට පැමිණීම ඊයේ කැපී පෙනුනි.

    ඊයේ තරඟයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ක තියුණු ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 164 ක් පමණි.

    හර්දීක් පාණ්ඩ්‍යා, විනේ කුමාර් සහ ටිම් සවුති කඩුලු 2 බැගින් දවාගනිමින් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත අවහිර කළහ.කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මනීෂ් පාණ්ඬේට පන්දු 33 කදී හතරේ පහර 2 ක් සමගින් රැස්කරගත හැකි වූයේ ලකුණු 33 ක් පමණි. පන්දු 7 කදී හයේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 20 ක් රැස්කිරීමට යූසෆ් පතන් සමත් වුවද, ඔහුට වැඩි වේලාවක් කඩුල්ලේ රැදීමට නොහැකි විය.

    කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය.

    වේගවත් පිතිහරඹයක නිතර වූ අම්බටි රයිඩු පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 63 ක් රැස්කළ අතර කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ රොබින් උතප්පාගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

    මුලු ලකුණු සංඛ්‍යාව 12 ක් වන විට ආරම්භක පිතිකරු ලෙන්ඞ්ල් සිමන්ස් ලකුණු නොළඹා දැවී ගියද එතැන් සිට සෙසු පිතිකරුවන් සමග එක්ව මුම්බායි ඉනිම ගොඩනැගූ සෞරබ් තිවාරි පන්දු 43 කදී ලකුණු 52 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි.නායක රෝහිත් ශර්මා (27) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සෞරබ් තිවාරි, ඉන් නොනැවතී අම්බටි රයිඩු (63) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

    මේ අතර මාලිංග මාධ්‍යයට පැවසු කතාවකින් මුම්බායි පිල උණුසුම් වී ඇත. තමන්ව කණ්ඩායමෙන් ඉවතට දැමුවද දක්ෂතා මත යලිත් තමන් කණ්ඩායමට එකතු වීමට සුදානම් බව ඔහු මාධ්‍යයට පවසා ඇත.

    [rns_reactions]