Category: සුපිරි Sports

  • ක්‍රිකට් ලෝකයේ හොදම තාරාවුන් මෙන්න – ලාංකිකයො රැසකුත් ඒ අතරට..

    ක්‍රිකට් තරඟයක පිතිකරුවෙක් ලකුණු බින්දුවට අවුට් වෙනවා කියන්නේ කොච්චර අවාසනාවන්ත දෙයක්ද,එක්දින තරඟ වල බින්දුවට දැවී ගිය පිතිකරුවන් 1ක දිගට පෙළ ගැස්සුවොත් ශ්‍රී ලංකාව කියන නමට ලොකු තැනක් තියනවා,

    එක්දින තරඟ වල වැඩිම වතාවක් බින්දුවට out  වෙලා තියෙන්නෙත් අපේ කෙනෙක් තමයි,

    ඒ විතරක් නෙවෙයි. මේ ලිස්ට් එකේ මුල් 10 න් 6 අපේ.ඒ කියන්නේ 60% ක් ම අපිට

    අපි බලමුකෝ කවුද මේ හොදම තාරාවෝ 10 කියල.

    [rns_reactions]

     

  • ඉන්දියාව ICC ශුරයින්ගේ කුසලාණයෙන් දොට්ට – ICC හැන්ද දෙස සියල්ලෝ අවදියෙන්…

    එළඹෙන ජුනි මාසයේ එංගලන්තයේදී ආරම්බ වන ICC චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් අට සඳහා තම සංචිත ප්‍රකාශයට පත් කිරීම සඳහා ලබා දී තිබු කාලය මෙම මස 25 වන දිනෙන් අවසන් වුවද ඉන්දීය කණ්ඩායම මේ වන තුරු තම සංචිතය නම් කර නැත.

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් අමිතාබ් චව්ද්රි ප්‍රකාශ කරන අන්දමට මෙම ප්‍රමාදයට හේතු වී ඇත්තේ IPL තරඟාවලිය සමඟ ඇතිවී තිබෙන කාර්ය බහුල බවයි.කණ්ඩායමේ නායක කෝලි සහ ක්‍රිකට් ප්‍රදානීන් එකට හමුවී ඉදිරි දින කිහිපයේදී කණ්ඩායම නම් කරන බවද අමිතාබ් පවසයි.මෙම තත්වය සම්බන්දයෙන් තමන් ICC වෙත දන්වා ඇති බවද BCCI ලේකම් වරයා පවසා ඇත.

    කෙසේ නමුත් මේ සම්බන්දයෙන් ICC විසින් තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නැත.අනෙකුත් රටවල්ම්  හත්ම තම කණ්ඩායම් නම් කර ඇති අතර එම සංචිතයන්ගේ වෙනස් කම් සිදු කිරීම සඳහා ලබන මස 25 දක්වා සහන කාලයක්ද ලබා දී ඇත.නමුත් මෙම වෙනස් කම් සිදු කිරීමට හැකි වන්නේ නම් කල ක්‍රීඩකයන් ආභාදයනට ලක්වූ විට පමණි.

    ඉදිරි දින කිහිපයේ  ICC ගන්නා තීරණය අනුව ඉන්දියාවට ICC ය බෙදන්නේත් සෙසු රටවලට බෙදන හැන්දෙන්මද යන්න සියලු දෙනාට බලාගත හැකි වනු ඇත.

    [rns_reactions]

  • සියල්ලන් මවිත කරමින් සුපිරි වාස් අපේ මාලිංග ගැන කියපු කතාව මෙන්න…

    එක්දින ක්‍රිකට් පිටියේදී සුවිශේෂ වාර්තා කිහිපයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සමයේදී තමාගේ නමට ලියාගත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂතම වමත් වේගපන්දු යවන්නා වන චමින්ද වාස් ,තමා ක්‍රීඩා කරන සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වූ පසුව තමා යටතේ වේගපන්දු යවන්නෙකු ලෙස පුහුණුව ලැබූ ලසිත් මාලිංගගේ හැකියාවන් පිළිබඳව  අදහස් දක්වා ඇත.

    “මාලිංග කියන්නේ පුදුම කැපවීමක් තියන ක්‍රීඩකයෙක්,ඒ වගේම හැම අවස්ථාවකම කඩුල්ලක් ගන්න ඕන කියන පිපාසේ තමයි මාලිංගට තියෙන්නේ.පුහුණු වෙද්දී පුදුම තරම් කැපවීමක් පෙන්වන ක්‍රීඩකයෙක්”

    “මාලිංග හැම වෙලාවකම බලන්නේ තමන්ගේ උපරිමය කණ්ඩායමට දෙන්න මම හිතන්නේ ඔහු ඉදිරියේදී තවත් හැට්‍රික් වලට යයි,ඔහුගේ ඉරියව්වත් එක්ක පෙන්වන දක්ෂතා විශිෂ්ටයි.මාලිංග කියන්නේ දැන් ලෝකයේ ඉන්න හොදම වේග පන්දු යවන්නන්ගෙන් කෙනෙක්.”

    “සීමිත පන්දුවාර තරඟ වල විශේෂිත දක්ෂතාවයක් තියන පන්දු යවන්නෙක් විදියට මාලි චැම්පියන්ස් කුසලානේදී ලොකු දෙයක් කරයි ලංකාවට,”

    “හැට්‍රික් ලබාගන්න පන්දු යවන්නෙකුට තියෙන්න ඕන එකම අරමුණක් ඉටු කර ගැනීමේ හොදම අධිෂ්ඨානය තියන කෙනෙක් තමයි මාලිංග කියන්නේ.”

    [rns_reactions]

  • ක්‍රිකට් තරු මැද අමා සමගින් අශාන් ප්‍රියන්ජන යුගදිවියට, විවාහ මංගල උත්සවයේ ඡායාරූප එකතුව මෙන්න..

    ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දකුණත් පිතිකරුවෙකු වන අශාන් ප්‍රියංජන් පසුගියදා යුග දිවියට එළැඹුණු අතර ඔහු සමගින් අතිනත් ගනු ලැබුවේ අමායි.

    නිරෝෂන් දික්වැල්ල කුසල් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කන්ඩායම නියොජනය කරන සුපිරි ක්‍රිකට් තරු රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

    [rns_reactions]

  • සුපිරි මුම්බායි පිලේ අපේ මාලිංග සුපිරි වාර්තාවක් අබියස – කියවන්න බෙදාහරින්න..

     

    අයි පි එල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දුයවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට තම තරග දිවියේ කඩුලු 150 සීමාව පසුකර යාමට මාලිංගට තවත් අවශව ඇතිතේ එක් කඩුල්ලක් පමණි. ඔහුගේ මෙම විශිෂ්ඨ දක්ෂතාවයට අප අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරන්නෙමු…

     

    [rns_reactions]

  • සනත් සංගා මත ගැටුමක්, නිවරැදි කවුද? විග්‍රහයක් මෙන්න…

    ක්‍රිකට්‌ ක්‍රීඩකයන් බුරුතු පිටින් ශ්‍රී ලංකා ජාතික සංචිතයට අතහැර දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව දැන් තක්‌කු මුක්‌කු වී චැම්පියන්ස්‌ කුසලානට යන ශ්‍රී ලංකා සංචිතය කඩිමුඩියේ සකස්‌ කළේය. නමුත් ඒ සංචිතය තේරීම ලෙහෙසි පහසු කර්තව්‍යයක්‌ නොවූ බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පවසයි. ඒ කියන්නේ ඔහු මීට පෙර සංචිත පහසුවෙන්ම සකස්‌ කර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කප්පාදු කර ඇති වගද යන්න අපි නොදනිමු.

    “අන්තිමට මම තේරීම් කමිටු සභාපති වෙලා හිටපු අවුරුදු දෙකකට ආසන්න කාලයේ තේරූ අමාරුම සංචිතය මේක. අපි ගොඩක්‌ මේ ගැන සාකච්ඡා කළා.” සංචිත තේරිය යුත්තේ අමාරුවෙන් බව ජයසූරිය දැනගත යුතුය. ලෙහෙසියෙන් සංචිත තේරීමට නම් මිල්ටන් අයියාටත් ඡේමිස්‌ ආතාටත් පුළුවන් බව අපිත් දනිමු.

    කෙසේ වෙතත් සනත් ජයසූරියට ක්‍රිකට්‌ ගැන ඕනෑවටත් වඩා අත්දැකීම් තිබේ. නමුත් ඔහු මාස්‌ටර් බ්ලාස්‌ටර් ලෙස ලොව නමක්‌ දිනා ගත්තද තේරීම් කමිටුවේ පසුගිය වසර පහ ඇතුළත ඔහු ඇදගෙන නා ගත්තේය. මෑත කාලයේදී වැඩිම වසර ගණනාවක්‌ ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා වූයේද සනත් ජයසූරියයි. තව ටික කලක්‌ ජයසූරිය එම රාජකාරිය කළහොත් අසන්ත ද මැල් විසින් අදාළ රාජකාරිය කළ වාර්තාව ජයසූරියගේ නම ඉදිරියේ සටහන් වනු ඇත.

    අවසන් වසර පහ තුළ ශ්‍රී ලංකා ජාතික ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස කණ්‌ඩායම්වලට ක්‍රීඩකයන් පනහකට ආසන්න සංඛ්‍යාවක්‌ උඩින් අතහැර තිබේ. හදිසියේ ස්‌විප් එකක්‌ ඇදුනාක්‌ මෙන් ජාතික කණ්‌ඩායමට වරම් ලැබූ ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ දැන් කොහේ සිටින්නේද යන්න තේරීම් කමිටු සභාපතිවරයාවත් දන්නේ නැත. නවකයන් බුරුතු පිටින් ජාතික කණ්‌ඩායමට එන වකවානුවේදී නායක ඇන්ජලෝ මැතිව්ස්‌ටද කණ්‌ඩායමේ අවසන් සංයුතියේ නම් අමතක විය. ඒ තරමට ක්‍රීඩකයන්ට අවස්‌ථාව දුන්නේය.

    සැබෑවකි. ක්‍රීඩකයන්ට අවස්‌ථාව දිය යුතුය. ඒ නිශ්චිත ක්‍රමවේදයකට අනුවය. දවස පුරා ක්‍රිකට්‌ තරග බලා ජාතික කණ්‌ඩායමට පෙර තිබෙන ප්‍රධාන තරගවලදී ශක්‌තිමත් අත්තිවාරමක්‌ දමා ගත්තවුන් ජාතික කණ්‌ඩායමට පැමිණියේ නම් අද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල හත වදින්නේ නැත. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක කුමාර් සංගක්‌කාරද පවසා සිටියේ පසුගිය අවුරුදු කිහිපයේදී ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට අලුතින් ක්‍රීඩකයන් හතළිස්‌ ගණනක්‌ ඇතුළත් කර ඇති බවයි. එසේ වීමෙන් ක්‍රීඩකයන් හදා ගැනීමට කාලයක්‌ ඉතුරු නොවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

    සංගක්‌කාරගේ මතය ජයසූරිය තුට්‌ටුවකට මායිම් නොකරනු ඇත. මන්ද 2011 ක්‍රිකට්‌ ලෝක කුසලානයේදී ජයසූරියව දොට්‌ට දැමූ නායකයා සංගක්‌කාර බැවිනි. ඒ අනූව සංගක්‌කාරලා සහ ජයසූරියලා හිතන විදිහ දෙආකාරය. නමුත් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නාස්‌ පුඩු ආසන්නයටම ගිලී ඇත. ඒ බව බංග්ලාදේශ තරගාවලියේ තවදුරටත් ගම්‍ය විය.

    ශ්‍රී ලංකා පන්දු රැකීමේ හිල් ගොඩක්‌ තිබෙන බව ක්‍රිකට්‌ කළමනාකරු වන අසංක ගුරුසිංහ පවසයි. එබැවින් ඔහුවත් ජයසුරියගේ තේරීම් කමිටුවට ඇතුළත් කළේය. අනතුරුව අන්තර් පළාත් තරගාවලියක්‌ සංවිධානය කෙරුණි. ඒ චැම්පියන්ස්‌ යන නඩය තේරීම සඳහායි. ඒ තරගාවලියේ ජාතික කණ්‌ඩායමෙන් කැපී ගිය පරණ නම් වලට වැඩි චාන්ස්‌ එක ලැබෙද්දී අලුත් මල්ලිලාට බංකුවේ සිටීමට සිදුවිය. පරණ අයියලාගේ කල වයස ඉක්‌මවා ගොස්‌ තිබෙන මොහොතක ඔවුන්ව තේරීම් කමිටුවට අතහැර ඇති අවස්‌ථාවක පළාත් පුහුණුකරුවෝ පරිණතයන්ගෙන් ගේම ගස්‌ස ගත්හ.

    චැම්පියන්ස්‌ තරගාවලියට නම් කළ ලක්‍ෂාන් සඳකැන් පළාත් තරගාවලියේදී තරග කිහිපයක්‌ බංකුවේ සිටියේය. අනතුරුව ජයසූරියගේ තේරීම් කමිටුවේ අණ පරිදි ඔහුට තරග ලැබූ බව වාර්තා වේ. ජයසූරිය ජාතික කණ්‌ඩායමට අතහැර දැමූ එහෙත් එක්‌ තරගාවලියකින් දොට්‌ට දැමූ අමිල අපොන්සුද බංකුවේය. පළමු පෙළ තරගවලදී කඩුලු පනහකට වැඩියෙන් දවා ගත් පිට දඟ පන්දු යවන නවක ක්‍රීඩකයකු වන අලංකාර අසංකද බංකුවේය. තවත් පිතිකරුවන් සංචිතයටවත් නම් නොකර තිබේ.

    කණ්‌ඩායම් තේරීමේදී සමබර කණ්‌ඩායමක්‌ නම් කිරීමට පුහුණුකරුවන් උත්සුක වන්නේ ජයග්‍රහණය සාක්‌කුවේ දමාගෙන තමාගේ හයිය පෙන්වීමටය. නමුත් පළාත් තරගාවලියෙන් බලාපොරොත්තු වන්නේ නවක ක්‍රීඩකයන් මෙන්ම ජාතික කණ්‌ඩායමට අලුතින් එක්‌වූ ක්‍රීඩකයන්ගේ වත්මන් ප්‍රගතිය විශ්ලේෂණය කිරීමයි. නමුත් දැන් සිදු වන්නේ පරණ කරත්ත රෝදයම කරකැවීමකි.

    කෙසේ හෝ චැම්පියන්ස්‌ යන ශ්‍රී ලංකා කණ්‌ඩායමට නම් කළ බොහෝ දෙනෙකු දක්‍ෂයන් බව අමතක නොකළ යුතුය. කලක්‌ දාං ලෑලේ දාං අදින්නාක්‌ මෙන් එහෙට මෙහෙට අතහැර දැමූ කපුගෙදරලාටද අවස්‌ථාවක්‌ හිමිවිය. විස්‌සයි විස්‌ස ලේබලය අලවා තිබූ සීක්‌කුටත් එක්‌දින පිටියේ අවස්‌ථාවක්‌ හිමිවිය. කපුගෙදර සහ සීක්‌කුගේ දක්‍ෂ පන්දු රකින්නන් බව බංග්ලාදේශ විස්‌සයි විස්‌ස තරගාවලියේදී ඔප්පු කර පෙන්වීය. උපුල් තරංග ඇතුළු පන්දු රැකීමේ හිල් ඇති ක්‍රීඩකයෝ උඩපන්දු බිම නොදැමීමට වග බලා ගත යුතු තරගාවලියක්‌ බවට චැම්පියන්ස්‌ කුසලාන පත්ව තිබේ.

    ගියදේ ගියාවේ කියා සනත් ජයසූරිය මේ සංචිතය 2019 ලෝක කසලානය දක්‌වා ගෙන ගියහොත් සාර්ථක අස්‌වැන්නක්‌ ලබා ගැනීමේ හැකියාවක්‌ තිබේ. කෙසේ හෝ නවකයන් කියා දැන් කණ්‌ඩායමේ ඉතිරිව ඇත්තේ කුසල් මෙන්ඩිස්‌ පමණි. එබැවින් ක්‍රමවේදය පටලවා නොගෙන ක්‍රීඩකයන් පදම් කරමින් ජාතික කණ්‌ඩායමට නම් කිරීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව වගබලා ගත යුතුය.

    [rns_reactions]

  • ජය සොයමින් ජීවන් සහ සංගා අද නැවත පිටියට…

    එංගලන්තයේ පැවැත්වෙන රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරඟ මාලාවේ සරේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර සංගක්කාර සහ ඩර්බිශයර් කණ්ඩායම නියෝජනය කරන ජීවන් මෙන්ඩිස් සහභාගී වන තරඟ දෙකක් අද පැවැත්වේ.

    මොවුන් දෙදෙනා සහභාගී වූ පසුගිය තරඟ දෙකම සරේ කණ්ඩායම සහ ඩර්බිශයර් කණ්ඩායම ජය ගැනීමට සමත් විය.මෙහිදී සරේ කණ්ඩායම වෙනුවෙන් සංගක්කාර සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 81 ලබා ගැනීමට සමත් වූ අතර,ජීවන් සහභාගී වූ තරඟයේදී පන්දුවට පහර දීමේ අවසථාව ඔහුට හිමි නොවූ අතර පන්දු යැවීමෙන් පන්දුවාර 10 යැවුවද ලකුණු 60 ලබා දුන් ඔහුට කඩුලු ලබා ගැනීමට අවස්ථාවක් හිමි නොවිණි.

    [rns_reactions]

  • වල් විදියට හිතන්න එපා! මේ අවුරුදු උත්සවයක සුපිරි ක්‍රීඩාවක්…..(video)

    අවුරුදු උත්සව වලට එක එක සෙල්ලම් තිබුනත් මේ වගේ ආතල් ක්‍රීඩාවක් තවත් තියෙනවද කියලා ඔයාලත් බලන්නකෝ…

    මේ වගේ ක්‍රීඩාවකට නම් අපේ අයියලා ඕනේ තරම් හොයාගන්නපුළුවන් වේවි…

    [rns_reactions]

  • සුපිරි කෝලි අසාර්ථකයි… රයිනාගේ ගුජරාට් පිල ප්‍රබලයින් පරදමින් ජය මාවතට…

    දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ බැංගලෝර් හිදී පැවැති 31 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනිමට ගුජරාට් ලයන්ස් පිල  (27 වැනිදා) සමත්විය.
    ජයග්‍රහණය සදහා ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය ගුජරාට් ලයන්ස් පිල ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
    විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ඒරන් ෆින්ච් පන්දු 34 කදී හයේ පහර හයක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 72 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තෙවැනි කඩුල්ල සදහා සුරේෂ් රයිනා සමගින් එක්ව පන්දු 48 කදී ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය.
    පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 134 ක් පමණි. ගුජරාට් ලයන්ස් පිලේ පන්දු යවන්නෝ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ පිතිකරුවන්ට සාර්ථක විමට අවස්ථාවක් ලබානොදුන්නද තරමක් දුරට සාර්ථක පිතිහරඹයක නිරතවීමට කේදර් ජාදව් සහ පවන් නෙග සමත්වූහ.
    කේදර් ජාදව් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 31 ක් සහ පවන් නෙගි පන්දු 19 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 32 ක් රැස්කිරීමට සමත්වූහ.
    විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඇන්ඞ්්‍රව් ටේ ඕවර හතරක් යවමින් ලකුණු 12 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
    කාසියේ වාසිය ලැබූ ගුජරාට් ලයන්ස් පිලේ නායක සුරේෂ් රයිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. 

    රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් – ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 134
    (කේදර් ජාදව් 31, පවන් නෙගී 32, ඇන්ඞ්්‍රව් ටේ 12/3, රවින්ද්‍ර ජදේජා 28/2)

    ගුජරාට් ලයන්ස් – ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 135
    (සුරේෂ් රයිනා නොදැවී 34, ඒරන් ෆින්ච් 72, සැමුවෙල් බද්‍රි 29/2)

    [rns_reactions]

  • සධීරගේ ශතකයෙන් දඹුල්ල පරදා ගාල්ලට ලකුණු 221 ක දැවැන්ත ජයක්..

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නගරාන්තර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 221 ජයක් හිමිකරගත් ගාල්ල කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (27 වැනිදා) සමත්විය.
    ජයග්‍රහණය සදහා ලකුණු 363 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායමට ඕවර 31.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 141 ක් පමණි. ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට දඹුල්ල පිලේ පිතිකරුවන් ලක්වුවද තරමක් දුරට සාර්ථක වන්නට අශාන් ප්‍රියංජන්ට හැකිවිය. පන්දු 67 කට මුහුණදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට අශාන් ප්‍රියංජන් සමත්විය.
    චතුරංග ද සිල්වා ලකුණු 20 කට කඩුලු තුනක්ද අකිල ධනංජය ලකුණු 23 කට කඩුලු දෙකක් සහ දසුන් ශානක ලකුණු 24 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 362 ක් රැස්කිරීමට සමත්විය. විශිෂ්ට පිතිහරඹයක නිරතවූ සධීර සමරවික්‍රම පන්දු 104 කදී ලකුණු 120 ක් රැස්කිරීමට සමත්වූ අතර ඔහුගේ ඉනිම හයේ පහර දෙකකින් සහ හතරේ පහර 10 කින් අලංකාර විය.
    සම්මු අශාන් පන්දු 48 කදි හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමගින් ලකුණු 52 ක් රැස්කළ අතර වේගවත් පිතිහරඹයක නිරතවූ දසුන් ශානක පන්දු 27 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 49 ක් සහ සීකුගේ ප්‍රසන්න පන්දු 17 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 36 ක් රැස්කරමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
    අසිත ප්‍රනාන්දු ලකුණු 62 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුද ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කරමින් අඩු ලකුණු සංඛ්‍යාවකට ඔවුන් සීමා කිරීමට අපොහොසත් විය. 

    ගාල්ල කණ්ඩායම – ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 362
    (සධීර සමරවික්‍රම 120, දිමුත් කරුණාරත්න 22, මිනෝද් භානුක 25, සම්මු අශාන් 52, දසුන් ශානක නොදැවී 49, සීකුගේ ප්‍රසන්න 36, අසිත ප්‍රනාන්දු 62/4)

    දඹුල්ල කණ්ඩායම – ඕවර 31.3 කදී සියලුදෙනා දැවී ලකුණු 141    
    (කුසල් මෙන්ඩිස් 23, අශාන් ප්‍රියංජන් නොදැවී 50, චතුරංග ද සිල්වා 20/3, අකිල ධනංජය 23/2, දසුන් ශානක 24/2)

    [rns_reactions]

  • මෙවර ශූරයන්ගේ කුසලානයට අපේ මාලිංග එන සතුටට ICC එකෙන් දාපු සුපිරි වීඩියෝවක්

    මේ පාර මාලිංග ශූරයන්ගේ කුසලානයට එන සතුටට ICC එකෙන් දැම්ම සුපිරි වීඩියෝව

    අපේ රටට සම්පතක්ව සිටින ලසිත් මාලිංග කියන්නේ දැන් ලෝකප්‍රශිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බව දැන් කව්රුත් දන්න කරුණක්නේ..

    මෙවර ශූරයන්ගේ කුසලානයට මාලිංග එන සතුට සමරන් ICC එකෙන් දැම්ම අපූරු වීඩියෝවක් තමයි මේ තියෙන්නේ.

    https://www.youtube.com/watch?v=VopEz2uo7Ew

    [rns_reactions]

  • නඩත්තු නොගෙවා කට්ටි පැණපු ඩිල්ෂාන් අවසානයේ අධිකරණයට බාර වෙයි

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඊයේ වරෙන්තු ලැබූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ඉදිරිපත් කරමින් අද (25දා) අධිකරණයට බාර විය.

    නීතිඥවරයෙකු හරහා ඩිල්ෂාන් අධිකරණයට බාර වී ඇති අතර ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඊයේ (24) වරෙන්තු නිකුත් කළේය.

    කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙසේ වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක තිලකරත්න ඩිල්ෂාන් මහතාට වරෙන්තු නිකුත් කළේය.

    නඩත්තු නඩුව කැඳවු අවස්ථාවේ දි වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනි නොසිටි අතර අදාල නඩත්තු මුදල් ගෙවිම් ද පැහැර හැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

    වගඋත්තරකාර තිලකරත්න ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතිසි නිකුත් කරමින් නඩුව යළි කැඳවීම මැයි මස 24 වන දිනට කල් තැබිණ.

    [rns_reactions]

  • පුවත් මවන ටි.එම් දිල්ෂාන්ට වරෙන්තු – හේතුව මෙන්න

    නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

    ඩිල්ෂාන් සම්බන්ධ නඩත්තු නඩුව ඊයේ (24) විභාගයට ගැනුනද ඩිල්ෂාන් හෝ ඔහුගේ ඇපකරු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

    එමනිසා මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කෙරුණා. නඩුව ලබන මැයි මස 24 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

    [rns_reactions]

     

  • අයි.පි.එල් Hot කරපු ඉන්දියන් කෙල්ලගේ ඔබ නොදුටු දසුන් මෙන්න…

    මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලිය ලොව බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් වී තිබේ ,මෙම තරඟාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට අමතරව තරඟාවලියේ නිවේදිකාවක් ලෙස ජනප්‍රිය වී ඇති චරිතයක් ගැනද බොහෝ දෙනා කථා වේ.

    එම නිවේදිකාව වන්නේ ශිබනි දෙන්දෙකාර්ය. ඇය නිවේදිකාවක් ලෙස තම ඉදිරිපත් කිරීම කරන අතරම තම ජනප්‍රියත්වය සමඟ  මේ වනවිට අන්තර්ජාලයට එකතුකර ඇති ඇයගේ අඩනිරුවත් සරාගී ඡායාරූප පෙළක් හේතුවෙන් ලොව පුරා මෙම නිවේදිකාව පිළිබඳව අවධානයක් යොමුව තිබෙන බවද සඳහන්.

    මේ අයගේ ජායාරුප කීපයකි.

    [rns_reactions]

  • ලංකා ක්‍රිකට් වනසමින් මසකට ලක්ෂ ගණනක් බිලිගන්න කවුද බොලේ මේ විල්ස්..

    ශ්‍රී ලංකාවේ නිකමුන්ට ඉතා ඉහළ වැටුප් සමග රැකියා ලබා දෙන ස්ථාන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉහළ තැනක් හිමි වන්නේ ය.

    කලක් ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් අතු ගා සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පිං සිදුවන්නට යළි ක්‍රිකට් මුල් පුටුවට පත් වූ තිලංග සුමතිපාල (සත්‍ය වශයෙන්ම ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් පමණක් නොව දේශපාලනයෙන්ද ජනතාව අතු ගා දැමූ තිලංගට නියෝජ්‍ය කථානායක ධූරය හිමිවුනේද මෛත්‍රීපාල සිරිසේනට පිං සිදු වන්නට ය.) දැන් කරන්නේ කාලයක් වළ ඉහ ගන්නට නොහැකි වූ තම සගයන්ට රිසි සේ ක්‍රිකට් ආයතනයේ මුදල් කොල්ල කෑමට ඉඩ ලබා දීමයි.

    අව්ව තිබියදී වේලා ගැනීමට රුසියන් වන ෂම්මි සිල්වා, අරුණ ද සිල්වා, අනුර වීරසිංහ, සුජීව ගොඩලියැද්ද, ගොඩ්ෆ්‍රි දාබරේරා, රවින් වික්‍රමරත්න, ප්‍රියන්ත ද සොයිසා, රායි රේමන්ඩ් තිලංගගේ පිහිටෙන් වැඩි දිනක් යෑමට පෙර කෝටිපතියන් බවට පත් වනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ සේවකයෝම කියති.

    තිලංග බලයට ගෙන ඒමට මුල් වූ ජයන්ත ධර්මදාසලා, මතිවානන්ලා අද කැලේ ය. ක්‍රිකට් ආයතනට රන් කරන්නේ තිලංග සමග ඉහත සඳහන් කළ හොර නඩය යි.

    බස්නාහිර ක්‍රිකට් සංගමය මේ වන විට අනුර වීරසිංහගේ හා අරුණ ද සිල්වා ගේ අණසකට යටත් වූ භාණ්ඩාගාරයක් බවට පත්ව තිබේ. එහි සභාපති ද තිලංග ය. ක්‍රිකට් ආයතනයෙන් අනවසර ලෙස වියදම් කරනා මුදල් සියල්ල වියදම් කෙරෙනුයේ බස්නාහිර ක්‍රිකට් සංගමය හරහා ය. මෙහි මුදල් ගණුදෙනු සිදුකරන ආකාරය පිළිබඳව දැනටමත් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පැමිණිලි රැසක් ගොනු කර ඇත. ( මේ පිළිබඳව සවිස්තරාත්මක සටහන් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න )

    මේ අතර තිලංග විසින් සේවයට බඳවා ගත් එංගලන්ත ජාතිකයෙකුද මේ වන විට මේ හොරුන්ගෙන් ඉගෙන ගෙන අලුත්ම හොරකමක් පටන් ගෙන තිබේ.

    අධි තාක්ෂණික පුහුණු අංශයක් ඇති කිරීමේ අදහසින් පුහුණු කරුවෙකු බඳවා ගැනීමට ක්‍රිකට් ආයතනයට වුවමනා වුවද අරවින්ද සිල්වා සමග කෙන්ට් ප්‍රාන්තයේ කටයුතු කර ඇති පසු කලෙක කාර්යාල සේවයකයෙකු වූ සයිමන් විලීස් නමැත්තා පමණක් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා පසුව පුහුණුකරුවෙකු නොව කළමණාකරුවෙකු ලෙස සේවයට බඳවා ගෙන ඇත්තේ මසකට ඇ.ඩො. 12000 ක වැටුපකට ය. අනෙකුත් වරප්‍රසාද සමග මොහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 20 ක් පමණ වේ. 

    ක්‍රිකට් ආයතනයේ පුහුණු අංශය මොහු යටතට පත් කර ඇතත් ටෙස්ට් ක්‍රිකට් ගැන මොහු දන්නා කෙං ගෙඩියක් නැත. ඒ බවට ආයතනයේ පුහුණුකරුවන්ම සාක්ෂි දරයි. ඇත්තටම සයිමන් විලීස් යනු ජීවිතයට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකළ අයෙකි. අරවින්දලා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සුද්දන් මවිතයට පත් කරමින් ක්‍රිකට් පලද්දී මේ කියන සයිමා එංගලන්තයේ ජාතික කණ්ඩායමට වතුර අදින්නවත් තෝරාගෙන සිටියෙක් නොවේ. ඔහු යාන්තම් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත්තේ කෙන්ට් ප්‍රාන්ත පිලට පමණි. ඒද ප්‍රාන්ත තරඟ 16 කට පමණි. ප්‍රාන්ත තරඟයකදී වුව ජීවිතයට ලකුණු 100 ක් ලබාගෙන නැත. ලබා ගත් වැඩිම ලකුණු ගණන 82 කි. ජීවිතයට එකදු බෝලයක් දමා නැත. විකට් රකින්නෙකු වූ ඔහු තරඟ 16 ටම ස්ටම්ප් කිරීම් ලබා ගෙන ඇත්තේ 3 ක් පමණි. පසු කලෙක මොහු කෙන්ට් ප්‍රාන්තයේ ක්‍රිකට් ඇකඩමියේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස තෝරා ගෙන තිබිණ. එහිදී වැඩ බාර ගනිමින් මොහු අපූරු කතාවක් කරයි. ඔහුගේ පරමාර්ථය වන්නේ කෙන්ට් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන්  ප්‍රාන්ත මට්ටමේ ක්‍රීඩකයන් දක්වා පුහුණු කිරීම යැයි සයිමන් එහිදී කියයි. එනම් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික මට්ටමේ ටෙස්ට් ක්‍රීඩකයන් දක්වා පුහුණු කිරීමට හෝ ඔහුට අදහසක් තිබී නැත. ලෝක කුසලාන දෙකක් දිනූ රටක ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කිරීමේ අංශයක් දැවැන්ත මුදලක්ද ගෙවමින් තිලංගලා බාර දෙන්නේ මෙවැනි වැඩ බැරි සයිමෙකුට ය.

    කෙසේ නමුත් කටින් තම අඩුව වසා ගෙන සිටින සයිමන් එංගලන්තයේ තම හිතවතුන් ද සමග අලුත් බිස්නස් එකක් පටන් ගෙන ඇත. ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයද අන්දවාගෙන එහි කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමයි.

    මේ වන විට මොහුගේ මැදිහත් වීමෙන් එංගලන්තයේ සිට කණ්ඩායම් 3 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ක්‍රිකට් ආයතනය මගින් එහි ක්‍රීඩාංගණ තුට්ටු දෙකට වෙන් කරවා ගන්නා සයිමන් මේ මගින් හොඳ මුදලක් උපයයි.

    ලේකම් මොහාන් ද සිල්වා වැනි මැදිහත් අය මේ ගැන දන්නා නමුත් සයිමන් තිලංගගේ මෑන් බැවින් මුවින් නොබැන සිටිති.

    ශ්‍රී ලංකාවේ බොහෝ මෝඩයන් සුද්දෙක් කී පමණින් ඉහ මුදුණින් පිළි ගන්නා බව දන්නා තිලංග සයිමන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සෑම පුවත් පත් සාකච්ඡාවකටමත් දිවයින පුරා ක්‍රිකට් බඩු බෙදා දීමට යාමේදීත් සයිමන් රැගෙන ගොස් ඔහුට කතාවක් ද වෙන් කර දෙයි.

    ඇන්දීමේ කලාවත් රැඳී සිටීමේ කලාවත් මේ වන විට හොඳින්ම ඉගෙන ගෙන සිටින සයිමන් විලීස් තිලංග ඇතුළු පරිපාලනය මෙලොව හොඳම ක්‍රිකට් පරිපාලනය සේ හුවා දක්වන අයුරු අසා සිටින්නට ලැජ්ජා ය.

    මේ අතර ක්‍රිකට් තරඟ විස්තර විචාරයටද මොහු එක් වෙයි. එංගලන්තයේදී දික්කසාද වී පැමිණ සිටින සයිමන් කෙටි කලකදී ලංකාවෙන් පෙම්වතියක් ද සොයාගෙන ඇත. හෙට අනිද්දා ඇයව කසාද බැඳ සයිමන් මෙහි බින්න බැසීමට ද සූදානම් වේ.

    තමන්ට සියළු රැකවරණය තිබෙන තාක් මෙම “නිකමා“ තව බොහෝ දේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කරනු ඇත. ඒ එහි අභිවෘද්ධියට නොව තමාගේ අභිවෘද්ධිය වෙනුවෙනි. තිලංග ගේ හොර නඩය ආරක්ෂා වී සිටින තාක් සයිමන් ද ආරක්ෂා වනු ඇතැයි සේවකයෝ කියති.

    දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිවරයාද මේ කිසිදු දෙයක් නොදැක්කා මෙන් ඇස් පියාගෙන සිටියදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බංග්ලාදේශයටද පරාජය වෙමින් තව තවත් වළ පල්ලට යනු නොඅනුමානය.

    [rns_reactions]

  • ජය සමරන්න ජෝන් සීනා – නිකි බෙල්ලා සමග අමු හෙළුවෙන් – (18+)

    ජෝන් සීනා කියලා කියන්නේ රෙස්ලින් වලල්ලේ අති දක්ෂයෙක් වන අතර පසුගිය දිනවල ඔහු දෙස් විදෙස් මාධ්‍යවල පුවත් මවන්නෙක්ද වුනා.

    ජෝන්සීනා හා ඇගේ පෙම්වතිය වන නිකී බෙලාගේ යූ ටියුබ් ගිණුමේ සාමාජිකයන් ගණන ලක්ෂ 5 සම්පූර්ණ කර තිබුනා.

    ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම තම යූ ටියුබ් සාමාජිකයන් පුදුම කරේ නිරුවත් වෙලා.

    මේ එහි ජායාරූප හා වීඩියෝ දර්ශනයයි.

     

     

    [rns_reactions]