Category: සුපිරි Cases

  • ජනතාව විසින් බිහිකළ ‘මහජන චීනයේ ආශ්චර්යය ගැන‘ ශ්‍රී ලාංකිකයෙක් කියන සුපිරි කතාව

    ජනතාව විසින් බිහිකළ ‘මහජන චීනයේ ආශ්චර්යය ගැන‘ ශ්‍රී ලාංකිකයෙක් කියන සුපිරි කතාව

    දෙවන ලෝක යුධ සමය අවසානයේ  සිට බටහිර ලෝකයා විසින් එම රට  හැදින්වූයේ  අධික ජනගහනයක් සිටින පාපැදි මගින් ගමන් බිමන් යන අපිරිසිදුකම බහුල සාක්ෂරතාවයෙන් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් ලෙසයි.

    සේද මාවතේ නව පරිච්ඡේදයකට අවතිර්ණවීමට අඩිතාලම දමා ඇති චීනය වර්ථමානය වන විට ලබාගෙන ඇති දියුණුව ඉතා විශාලය. ඉංදියාව, ජපානය, ඕස්ට්‍රේලියාව හා කොරියාව පසෙකට තල්ලුකර දමමින් චීනය ඉදිරියට යන බව එරටෙහි දශක දෙකක් තුල දෙවතාවක් අධ්‍යයන කටයුතු සදහා සහභාගීවූ මට හැගීයයි.

    මහා මාර්ග, අධිවේගී මාර්ග පද්ධති, විදුලි දුම්රිය මාර්ග පද්ධති, ගංගා ආශ්‍රීත හා සමුද්‍රීය නාවික ප්‍රවාහනය, අභ්‍යවකාශ හා සංනිවේදන චන්ද්‍රිකා තාක්ෂණය, ගුවන්යානා නිෂ්පාදන තාක්ෂණය, සියළුම කාණ්ඩයන්හි මගී රථවාහන සහ ඉලෙක්ට්‍රෝනික නිපැයුම් යන සෑම ක්ෂේත්‍රයකම අත්පත්කර ගනිමින් සිටින ධනාත්මක වර්ධනය ඉතා ඉහළ යැයි පැවසිය හැක.

    එමෙන්ම චීන වැසියන් උදෙසා ඉදිකර ඇති හා ඉදිවෙමින් පවතින නවීන නිර්මාණශීලී නිවාස සංකිර්ණ සහ පොදු වෙළද සංකීර්ණ සමගින් අභ්‍යයන්තර හා ජාත්‍යයන්තර ගුවන් තොටුපල යන සියළුම ක්ෂේත්‍රයන්හි දැකිය හැක්කේ අනාගතය අතික්‍රමණය කිරීමේ දැක්ම පිළිබද රාජ්‍ය නායකත්වය  සමගින් ජනතාව තුල වූ විශාල අභිලාශයයි.

    වර්ථමාන චීනය පිළිබද පැවසිය හැකි හොදම ආකාරය එයයැයි මම සිතමි. විද්‍යා හා තාක්ෂණ ඥානය ඔස්සේ දියුණු කෘෂියන්ත්‍රෝපකරණ භාවිතයෙන් ආහාර බෝග හා සත්ත්ව නිෂ්පාදන උත්පාදනය කිරීම, කාර්මික, වෛද්‍ය හා කෘෂිකාර්මික නිෂ්පාදන උදෙසා තොරතුරු තාක්ෂණය සමගින් පුද්ගල සංවර්ධනය යථාර්තයක් බවට පත්කර ගැනීමට චීනය සමත්වී ඇති ආකාරය එම රටතුල සංචාරය කළහොත් පසක්කරගත හැකිවේ.

    මේ උදෙසා සෑම ප්‍රාන්තයකටම ආවේනික වූ සංවර්ධන ක්‍රියාදාමයන් පොදු ජාතික ප්‍රතිපත්තියක සිට ක්‍රියාවට නංගවා ගැනීම පිණිස කටයුතුකර ඇත. ඒ සදහා පෙර පාසැල් අධ්‍යාපන ක්‍රමයේ සිට විශ්ව විද්‍යාල සහ අනුබද්ධ පර්යේෂණ ආයතන සමගින් වූ රේඛීය සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත. එරට නව ආර්ථික පුනරුදයට හේතුව ද එයයි.

    දෙවන ලෝක යුධ සමය අවසානයේ  සිට බටහිර ලෝකයා විසින් එම රට  හැදින්වූයේ  අධික ජනගහනයක් සිටින පාපැදි මගින් ගමන් බිමන් යන අපිරිසිදුකම බහුල සාක්ෂරතාවයෙන් අඩු දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් ලෙසයි.

    හැටේ දශකයේදී සංවෘත්ත කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ඇති දියුණුවෙමින් පවතින රටක් ලෙස හදුන්වන ලදී. හැත්තෑව දශකය වන විටදි රෙදිපිළි කර්මාන්තය, පිගන් කර්මාන්තය, සුළු වෙළද භාණ්ඩ අපනයනය කරන හා ජිමිනාස්ටික් සහ බැඩිමින්ටන් වැනි ක්‍රීඩාවට දක්ෂයින් සිටින රටක් ලෙසින් හදුන්වන ලදී.

    එකළ අප දැන සිටියේ මා ඕ සේතුංග් හා චීන මහා ප්‍රාකාරය පිළිබදව පමණි.  පසුකාලීනව රබර් හා සහල් හුවමාරු කරගන්නා ලංකාවේ සමීපතම මිතුරෙකු ලෙසත් චීනය ප්‍රකටවිය. එහෙත් වර්ථමාන චීනයේ පිළිවෙත වන්නේ අන්තර් ජාතික වෙළදාම, ශිල්පීය දැණුම බෙදාහදා ගැනීම, පොදු ජයග්‍රහණ ළගාකර ගැනීමට අනෝන්‍ය යහපත වෙනුවෙන් හිතෛෂී රටවල යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමය. ඒ තුල ව්‍යංගාර්ථ හෝ කෛරාටික ආකල්ප නොමැතිබව දැන ගත හැක්කේ ඔවුන් සමග සම්මුඛව කථාබහ කිරීමෙනි.

    වර්තමානයේදී එරට තුල කැමති ඕනෑම ක්ෂේත්‍රයක විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට, තාක්ෂණ ඥාණය හුවමාරුකර ගැනීමට ඉඩකඩ සලසා ඇත. දිගු කාලීන මිත්‍ර රටවල් සමග හමුදා ශීල්පීය ක්‍රමෝපායයන් පුහුණුව සදහා ද්විපාර්ශ්චිකව පුහුණු කටයුතු සලසා ඇත.

    හොංකොන් පරිපාලනය තමන් සතුකර ගැනීම තුලින් චීනය ලොවට ප්‍රකාශ කලේ එක රටක් තුල ආර්ථික පිළිවෙත් දෙකක් ගලපා ගැනිමයි. ඒ උදෙසා ප්‍රතිසංස්කරන කරන ලද විදේශීය ආර්ථික ප්‍රතිපත්තිය යටතේ “එක් තීරයක් එක් මාවතක් ” සංකල්පය ඔස්සේ ලෝකයාට සහෘදව ආමන්ත්‍රණය කිරීමට චිනය දැන් සමත්වී ඇත. මේවන විටදී එරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ හා රටින් බැහැර යන සංචාරකයින්ගේ ප්‍රමාණය මෙයට එක් නිදසුනකි. රටතුල සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා නවීන පහසුකම් සහිත තරු හතර හා තරු තුන සංචාරක හෝටල පහසුකම් බහුලව දැකිය හැක.

    එමෙන්ම රටතුල පෞරාණිකත්වය රැකගත් නූතන කාබනික ගොවිතැන් ක්‍රමවේද සහිත කෘෂි සංචාරක ගොවිපලවල් පිහිටුවා ඇත. එය සංචාරක ව්‍යාපාරයේ නව මංපෙත් විවර කිරීමට සමත්ව ඇත. මෙම ගොවිපලවල් තුල  වගා කටයුතු  ඕනෑම කෙනෙකුහට නිරීක්ෂණය කළ හැක. ඒ සදහා අභ්‍යයන්තර මංමාවත්හි පහසුවෙන් ගමන් කිරීමට හැකි කුඩා විවෘත විදුලි වෑන් රථ යොදා ඇත. එම ගොවිපලවල් තුලම වගාකරන බෝග වර්ග හා සත්ත්ව නිෂ්පාදනයන්හි රසවිඳීමට අභ්‍යයන්තර ආපනශාලා සහ නවාතැන් සදහා සුඛෝපභෝගී කාමර පහසුකම් ද සංනිවේදන කටයුතු සදහා නොමිලේ සැපයෙන වයිපයි පහසුකම්ද විනෝදාශ්වාදය උදෙසා ශ්‍රව්‍ය දෘෂ්‍ය ශාලා පහසුකම්ද සපයා ඇත.

    චීන වැසියන් සමග සාකච්ඡා හෝ සම්මණ්ත්‍රණයක නිරත වුවහොත් ඔවුන්ගේ තේ පානයේ තරම හා කලාත්මක බව අත්විදීමට ඔබට හැකිවනු ඇත. එසේම ඔවුන් සාමුහිකව එකතුවී දිගු වේලාවක් ආහාරපාන ගැනීම සාමාන්‍ය සිරිතකි. දේශීය කෑම වට්ටෝරු අතර වඩාත් ප්‍රචලිතව ඇත්තේ ෂැංදොං, සීචුආන්, චර්චියෑන්, පූචියෑන්, අන්හුයි, හූනාන් හා ගුවන්දොං සූප ශාස්ත්‍ර වර්ගයි.

    කෑම අනුභවයේදී දිගු කෝටු භාවිතය සෑම අවස්ථාවකදීම දැකගත හැක. එහෙත් කලාත්මක එවැනි කෝටු යුගලක් යුවාන් 5 හෝ 10 ක් වනු ඇත. සාමාන්‍ය චොප්ස්ටික් යුගලක් යුවාන් දෙකකි. එකී සම්ප්‍රදායට ආහාර ගැනීමට ඔවුන් හුරුපුරුදුව ඇත්තේ අතීතයේ සිටම චීන වැසියන් එළවළු බහුල ආහාර අනුභව කිරීම හේතුවෙනි. චීනයේ බහුතරයක් පෙදෙස්හි ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන දැකිය හැක. විවිධ සම්භාහන ක්‍රම අනුව ඒවායෙහි සේවාව ලබා ගැනීමට ස්වකීය අභිමතය ප්‍රකාශකර නිශ්චිත වේලාවක් ඒ සදහා වෙන්කරගත යුතුවේ.

    වර්ෂ 2003 දී ආරම්භකර වසර 2008 දි විවෘතකරන ලද බෙයිජින් ඔලිම්පික් ගම්මානය හා ඒ ආශ්‍රීත  ක්‍රීඩා සංකීර්ණය මෙන්ම ඔලිම්පික් ගිනි සිළුව, සුප්‍රසිද්ධ කුරළු කූඩු ක්‍රීඩා සංකීර්ණය, සබන් බුබුළු මෙන් ඉදිකල පිහිනුම් තටාකය සහිත ජල ඝනකය හා ආශ්‍රීත පෙදෙස නැරඹීමට එක් දිනක් පමණ ගතවේ. දේශපාලනික ප්‍රයෝගයකින් හෝ ජාත්‍යයන්තරය රැවටීමේ ප්‍රයෝගයකින් තොරව සැබැවින්ම ඒවා චීන ජනතාවගේ පරිපූර්ණ ප්‍රයෝජනයට යොමුකර ඇත. චීනය පුරාම හා එහි පාලනය යටතේවූ  හොංකොන් හා මැකාවෝ දූපත් ආශ්‍රීතව රූපවාහිනී, ගුවන් විදුලි හා සිනමා සේවා  සියළ්ලම එරට රජය යටතේ දැඩි ස්වාරක්ෂක නීතිරීති අනුව විමර්ෂණය කෙරේ. මෙම තත්ත්වය මනා හික්මීමකින් යුතුව සංනිවේදන ක්‍රම පවත්වාගෙනයාමේ යහපත් ප්‍රවණතාවයකි.

    ලොව පුරාම ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන තොටමුණ වෙළඳ නගරය ෂැන්හයි බව ඔබ අසා ඇතැයි සිතමි. බෙයිජින් සිට අධිවේගී දුම්රියෙන් පැයට කිලෝමීටර 360 ක පමණ වේගයෙන් ගමන්කර පැය 05 කින් ෂැංහයි වෙත ළගාවිය හැක. ගමන් මාර්ගයේ පසුකරයන සෑම නැවතුමකට අදාල වන නගරයේ එම අවස්ථාවේ බලපවත්වන කාලගුණික තත්වය මෙන්ම දුම්රිය මැදිරිය තුල උෂ්ණත්වය හා වේලාවද එහි ඩිජිටල් තිරයක ඉංගීසි බසින් දර්ශණය කෙරේ. එයට අමතරව එය චීන භාෂාවෙන් විකාශනය කරයි.

    ඔබ පසුකර යන ප්‍රදේශ දෙස විමසිලිමත් වුවහොත් සුවිශාල කුඹුරු යායවල් හා බඩ ඉරිගු යායවල් දැකගත හැක. එමෙන්ම සූර්ය බලශක්තිය පරිහරණය කරන විශාල නිවාස සංකිර්ණ හා කාර්මික ජනපද දැකිය හැක. ගංගා ආශ්‍රීතව නවින බත්තල් ඇසුරෙන් ගොඩනැගිළි ඉදිකිරීම් සදහා අවශ්‍යය අමු ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ආකාරයද දැකිය හැක. එසේම නවීන තාක්ෂණය අනුව එම ගංගා හරහා ඉදිකරන ලද දර්ශණීය සුවිසල් පාලම් දැක ගත හැක.

    ෂැංහයි නාගරික පෙදෙසට ඇතුළුවීමට පෙරම දැකගත හැක්කේ අහස්කුස සිඹින Oriental Pearl Tower ගුවන් විදුලි හා රූපවාහිනී සංනිවේදන කුළුණයි. උසින් ලෝකයේ 05 වන තැන ගන්නා මෙහි බිම් මහලේ විශාල පිරිසකට එකවර ගැවසිය හැකි විවෘත පෙදෙසට අමතරව වෙළද ව්‍යාපාරික ආයතන රැසක් පිහිටුවා ඇත.

    fuu කුළුණේ  මීටර 78 සිට 98  w;r ගෝලාකාර පරිශ්‍රhlao  මීටර 259 සිට 267 w;r ගෝලාකාර පරිශ්‍රhla yd මීටර 345 සිට 351 ගෝලාකාර පරිශ්‍රhla jYfhka  විශාලත්වය අkqව පරිමා තුනකින් යුතු ගෝලාකාර පරිශ්‍ර තුනකි. මහල් 15 ක isg wjg  ප්‍රfoaYh නිරීක්ෂණh lsrSug පහසුකම් සළසා ඇත. පළමු ගෝලාකාර පරිශ්‍රයේ විනෝදාස්වාදජනක ගමනකට රෝලර් කොස්ටරයක්, 5D සිනමා පහසුකම් හා විවිධාකාර ක්‍රීඩා පහසුකම් සදහා යොමුවිය හැක. දෙවන  ගෝල පරිශ්‍රයේ අගළ් 1.5 ක ඝනකමැති නිරාපද විනිවිද පෙනෙන විදුරු භාවිතාකර සැකසූ ලොව එකම හා ප්‍රථමවරට තැනූ 3600නිරීක්ෂණාගාරයකි. එසේම මීටර 263 සිට 267 දක්වා ගුවනේ සිට අසිරිමත් අත් දැකීමක් ලබාගත හැකි සුවිශේෂී සිවිල් ඉංජිනේරු නිර්මාණයක් වන Revolving Restaurant කරකැවෙන භෝජනාගාරයකි. බහුතරයක් නරඹන්නන් ගමන්කරනුයේ මේ දක්වා පමණි. ඉන් ඉහළට යොමුව ඇත්තේ Space Capsule යයි. එහි සිට මුළු මහත් ෂැංහයි පුරවරයම නැරඹිය හැක.

    උසින් මීටර 351 සිට 410 දක්වා ගුවනට යොමුව ඇත්තේ ගුවන් විදුලි හා රූපවාහිනී සංනිවේදන කුළුණයි. පළමු ගෝලයේ සිට දෙවැනි ගෝලය දක්වාත් දෙවැනි ගෝලයේ සිට තෙවැනි ගෝලය දක්වාත් ගමන් කිරීමට අධිවේගී Capsule සෝපාන පහසුකම් සපයා ඇත. එම සෝපානයක් තුල එකවර වැඩිහිටියන් විසි දෙනෙකුට පමණ පහසුවෙන් ගමන්කළ හැක.මෙම කුළුණේ බිම් මහලට ප්‍රවිශ්ඨවීමේදීම ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු අතර ඇතුලත ඇති අනෙකුත් පහසුකම් භුක්තිවිදීමට වෙන වෙනම මුදල් ගෙවිය යුතුවේ. මෙම කුළුණු පරිශ්‍රයට ඇතුළුවීමේදී සැම කෙනෙකුම නිරෝධායනයට භාජනය කරයි.

    රටතුල පිහිටි සෑම නගරයකම දැකිය හැක්කේ දෛනිකව රථවාහන විශාල ප්‍රමාණයක් ධාවනය කෙරෙන ආකාරයයි. එසේ වුවද එකී රථවාහන වෙතින් නැගෙන දුමක් නම් නොමැත. මාර්ගස්ථ තදබදයක් ඇති වුවද නලා ශබ්ධ කිරීමක් ඇසීමට නොමැත. රියදුරන් තුල ඇති ස්වයං හික්මීම එවන් බාධක අවමකර ගැනීමට හේතුවී ඇත. බොහොමයක් නගරබදව ස්ථාපිතකර ඇති වර්ණ සංඥා කෙරෙහි දක්වන අවධානය මෙන්ම ආරක්ෂක කැමරා පද්ධති තුලින් විසිහතර පැය පුරාම ක්‍රියාත්මක වන මාර්ග පරීක්ෂාවද එයට අතිරේක හේතුවකි.

    සාමාන්‍ය මහජනතාවහට මගී බස්රථ පහසුකම් මෙන්ම සැපපහසු කුලී කාර් සේවාවන්ද සුලබව ක්‍රියාත්මකවේ. සෑම මහල් නිවාස යෝජනාක්‍රමයක් ආශ්‍රීතව ක්‍රීඩා හා ව්‍යායාම් පරිශ්‍ර මෙන්ම පෙර පාසැල් දැකිය හැක. දෛනිකව පස්වරු 5.30න් පසුව වැඩිහිටි පුරවැසියන් මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී තරුණ පිරිස් ද සංගීත රිද්මයානුකූල ව්‍යායාම්හි නිරතවීම සෞඛ්‍යසම්පන්න බව රැකගැනිම කෙරෙහි චීන වැසියන් දක්වන උනන්දුව විදහාපායි. (චීනයේ දී ලත් අත්දැකීම් මත ලියමි)

    එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

  • Covid-19 වසංගතය හමුවේ ‘ළමුන්ගේ මානසික සෞඛ්‍ය‘ ආරක්ෂා කර ගැනීම

    Covid-19 වසංගතය හමුවේ ‘ළමුන්ගේ මානසික සෞඛ්‍ය‘ ආරක්ෂා කර ගැනීම

    කොවිඩ්-19 වසංගතයේ බොහෝ විනාශයන් අතර එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම ඉහළම මට්ටමක පවතී. ලංකාවේ සෞඛ්‍ය හා දේශපාලන අංශ මේ ගැන වැඩි අවධානයක් යොමුකර නැතත් ලෝකයේ බොහෝ රටවල කොවිඩ් වසංගතය ළමුන්ගේ මානසිකත්වය කෙරෙහි සිදුකර ඇති බලපෑම ගැන දැඩි අවධානයක් යොමුකර ඇත.

    මේ කොවිඩ් -19 වසංගතය හමුවේ ළමුන්ගේ මානසික සෞඛ්‍ය ලෝ ප්‍රකට ‘ෆෙමින‘ සගරාව කළ විශේෂ අනාවරණයකි.

    සුවතා ළමයි

    මෙම බිහිසුණු වසංගතය මධ්‍යයේ මළවුන් ගණන් කිරීම දුෂ්කර හා අත්‍යවශ්‍ය කාර්යයකි.  ඒ සමග මරණ හා නිදන්ගත රෝග සම්බන්ධයෙන් වසංගතයේ සැබෑ බලපෑම තක්සේරු කිරීමට අප අරගල කරන විට වඩාත්ම සැලකිලිමත් විය යුතු අංශයක් නොසලකා හැරීම ගැන කෙනෙකුට සමාව දිය හැකිය. ඒ කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති දරුවන්ගේ මානසික සෞඛ්‍යයයි. 

    වසංගතය මැද සමස්ත අවධානය ආසාදිතයින් අවමකර ගැනීම, මරණ වළක්වා ගැනීම, එන්නත්කරණය සාර්ථක කර ගැනීම හා ආර්ථිකය ආරක්ෂා කර ගනීම වෙත යොමුව ඇති තත්ත්වයක ළමුන් ගැන සොයා බැලීමට බලධාරීන්ට අපහසු විය හැකිය. ඔවුන්ට කොවිඩ් ආසාදනය වීමේ අවම හැකියාව නිසා ඒ ගැන වද විය යුතු නැතැයි පාලකයින් සිතනවාද විය හැකිය.

    එහෙත් වසංගතය නිසා ළමුන්ගේ අධ්‍යාපනය, සමාජානුයෝජනය, ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම්, මිත්‍ර සම්බන්ධතා සියල්ල ඇනහිට ඇත. ඒ සමග වසංගතය සමග පොර බැදීමට අමතරව ඔවුන්  මිතුරන් හා පංතියේ ළමයින් සමඟ සම්බන්ධතා නොමැතිකම නිසා හුදෙකලා වී ඇත. ඥාති සම්බන්ධතා, ඇතැම් විට පවුල් සම්බන්ධතා පවා දුර්වල වී ඇත.

    මෙහිදී ළමුන්ගේ මානසිකත්වය ගැන සිතන විට ඇති බරපතළම කරුණ වන්නේ මෙම මාරාන්තික වෛරසය තම දෙමාපියන්ට, ආදරණීයන්ට ආසාදනය වේ යැයි ළමුන් පෙළෙන බියයි.

    හය හැවිරිදි පිරිමි ළමයෙකුගේ පියෙක් තමන් මුහුණ දුන් අත්දැකීම මෙසේ පවසයි. “මගේ මාමට (කිලෝමීටර් 500 ක් ඈතින් ජීවත් වන) දින කිහිපයක සිට උණ ගැනී ඇති බව අපට දැනුම් දුන්නා. ඒ සමග ඔහුට පී.සී.ආර් පරීක්ෂණයක් ද කරලා තිබුණා. ඔවුන් එහි ප්‍රතිඵල එනතෙක් බලා සිටියේ. මේ අතර අපිට අවශ්‍ය වුණා ඔහුව බැලීමට යාමට. ඔහුගේ සැප සනීප ගැන විමසා බැලීම අපේ යුතුකමක් බව අපට වැටහුණා. ඒ නිසා මා සහ මගේ බිරිද ඔහු බැලීමට යාමට සූදානම් වුණා. ඒ අපේම මෝටර් රථයෙන්.  මේ කතාව අපි අපේ පුතාට කී විට ඔහු අඩන්න පටන් ගත්තා. ඔහු කිව්වා ‘ඔබලා දෙදෙනාටත් කොරෝනා ආසාදනය වෙයි. ඒ නිසා යන්න එපා‘ කියලා. ඔහුගේ සිත සැනසීමට අපට බොහොම අපහසු වුණා. ඔහුගේ බිය කිසිසේත්ම අඩු වුණේ නැහැ‘‘

    12 හැවිරිදි පිරිම දරුවෙකුගේ මවක් තමා මුහුණ දෙන තත්ත්වය පැහැදිලි කළාය. ‘‘මගේ පුතා මා තනිවම සිටින සෑම අවස්ථාවකම පැමිණ මාව බදා ගන්නවා. අම්මා ඊයේ මිය ගියේ කවුද ? ඇයි ඔහුව බේර ගන්න නොහැකි වුණේ ?‘‘ ඔහු දිගින් දිගටම ප්‍රශ්න කරනවා. මට පැහැදිලිව පෙනෙනවා ඔහු දැඩි අනාරක්ෂිත බවකින් පීඩා විදිනවා‘‘ ඔහුගේ මව පවසයි. 

    සුවතා ළමයි

    මානසික ආතතිය, අනාරක්‍ෂිත බව, ව්‍යාකූලත්වය සහ දීර්ඝ හුදකලාව පසු විපාක: මෙම අසමාන කථා මධ්‍යයේ මේවා පොදු කරුණකි.   like Life is Beautiful සහ Jojo Rabbit, චිත්‍රපට වල, කුඩා දරුවන්ගේ මනෝභාවයන් ආරක්ෂා කිරීම සඳහා තොරතුරු රඳවා තබා ගන්නා ආකාරය සහ / හෝ හැසිරවීමේදී මනංකල්පිත අංගයක් ඇත. අද, අන්තර්ජාල යුගයේ මෙය තවදුරටත් යථාර්ථවාදී විකල්පයක් නොවේ. වයස අවුරුදු 12 හෝ ඊට වැඩි ළමයින්, විශේෂයෙන් අන්තර්ජාලයට පිවිසීමට සූදානම් අය, ඔවුන්ගේම නිගමනවලට එළඹෙන අතර, දෙමව්පියන් අනුග්‍රහය දැක්වීමකින් තොරව සන්නිවේදනය කිරීමට ක්‍රමයක් සොයා ගත යුතුය.

    ලුඩියානාවේ ජීවත් වන අනිල් මුහුණ දුන් අත්දැකීම මෙහිදී වැදගත්ය. මිනිසුන් මේ වසරේ හෝලි උත්සවය නොපැවැත්විය යුත්තේ මන්දැයි ඔහුගේ නව හැවිරිදි පුතාට පැහැදිලි කිරීමට ඔහුට අවශ්‍ය විය. “අපි යූ ටියුබ් වීඩියෝ කිහිපයක් එකට නැරඹුවා. එම වීඩියෝ මගින් කොවිඩ් වයිරසය යනු කුමක්ද, එය පැතිරෙන ආකාරය සහ එය ලෝකයට ඇති කරන බලපෑම පිළිබද පුළුල් අවබෝධයක් ඔහු ලබා ගත්තා. ඔහු මුලින් කලබල වූ නමුත් මේ වසරේ සුපුරුදු පරිදි හෝලි උත්සවය සැමරීමට මිනිසුන්ට නොහැකි වූයේ මන්දැයි පසුව මනාව තේරුම් ගත්තා‘‘ අනිල් කියයි.

    ඇමරිකාවේ වෙසෙන මවක් ඇගේ 13 හැවිරිදි දියණිය COVID-19 පිළිබඳව සොයා බැලූ ආකාරය ගැන කතා කළාය. “මම ඇයව නවත්වනවා වෙනුවට මාව යාවත්කාලීන කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම මම ප්‍රවෘත්ති වලින් ඈත්ව සිටීමට තීරණය කළා. එමගින් ඇයට වසංගතය ගැන සහ එහි බලපෑම ගැන පැහැදිලි අවබෝධයක් ලබා දීමට අවස්ථාවක් වුණා‘‘

    බෙංගාලයේ වෙසෙන තවත් මවක් තම දරුවන් (හතරවන ශ්‍රේණියේ දියණියක සහ පස්වන ශ්‍රේණියේ පුතෙකු) ඇසූ ප්‍රශ්න ගැන කතා කළාය. “මේ වෛරසය කුමක්ද? එය ශරීරයට බලපාන්නේ කෙසේද? මම මුඛ ආවරණයක් පැළඳිය යුත්තේ ඇයි? මට පිටතට යා හැක්කේ කවදාද? මට පාසැල් යා හැක්කේ කවදාද? ” ඔවුන් මගෙන් විමසුවා.

    ‘‘මරණය හා වියෝව යන සංකල්ප දරුවන්ට හුරු පුරුදු වුවත්, ටික කලකට පසු ඔවුන් මානසික ආතතියට ලක් වුණා. අගුලු දමා ඇති දීර්ඝ කාලය මධ්‍යයේ ඔවුන් අඩන්නට පටන් ගත්හ. මට අලුතින් කතන්දර කියාදීමට සිදු වුණ. හද, තාරකා ගැන මම අලුත් කතා කියලා දුන්නා. අපි බැල්කනියට වෙලා හද දෙස, තාරකා ලෙස බලා සිටියා. ඔවුන්ට හැම දෙයක් ගැනම විශ්වාසය ඇති කිරීමට සිදු වුණා.

    ‘‘ඔබ බය වෙන්න එපා අපි ආරක්ෂිතයි, අපි එකටයි ඉන්නේ. ඒ නිසා බිය වෙන්න එපා. අපි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු‘‘ කියලා මට ඔවුන් නැවත නැවත කියන්න සිදු වුණා‘‘ ඇය පවසයි.‍

    දරුවන්ගේ අධ්‍යාපනය හා පෞරුෂත්වය අඩාල නොවන බවට වග බලා ගනිමින් දරුවෙකුගේ බිය කළමනාකරණය කිරීම

    දෙමව්පියන් දැනට අත්විදිමින් සිටින්නේ එයයි. සමහර මාපියන්ට ‘තම දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇති බලපෑම දිගු කාලීන විය හැකිය‘ යන සැබෑ බිය ඇත. හානිය සීමා කිරීම සඳහා දෙමාපියන්ට කළ හැකි දේට සීමාවන් තිබුණද, මා සමග කථා කළ බොහෝ අය එකඟ වූයේ සත්‍යය සමහර විට අප සිතනවාට වඩා බියකරු යැයි හැඟුනත් දැඩි ලෙස අවංක වීම ඉතා වැදගත් බවය.

    ඇමෙරිකාවේ වෙසෙන ඉන්දිය ජාතික පියෙක් මා හා පැවසුවේ “ඔබ ඔවුන්ට සැලකිය යුත්තේ ඔබ ළමුන්ට මෙන් නොව ඔබ හා සමාන අය ලෙසයි. ඇමෙරිකාවේ වෙසෙන ඇතැම් සංක්‍රමණික ඉන්දිය දෙමාපියන් තම දරුවන් ඉන්දිය සංස්කෘතිය, එහි වටිනාකම් තහවුරු කිරීමට වැඩි වෙහෙසක් දරනවා. එය තව දුරටත් අනවශ්‍ය බවයි මගේ වැටහීම. වැඩිහිටියන් වැළඳ ගැනීමට හෝ ඔවුන්ගේ පාද ස්පර්ශ කිරීම තව දුරටත් අවශ්‍ය නැති බව මම මගේ දරුවන්ට පැවසුවා‘‘

    COVID වසංගතය අවසන් වන තෙක් අපි බලා සිටින අතර, අපගේ දරුවන් විනාශ වූ ලෝකයක් උරුම කර ගෙන ඇති බව මතක තබා ගැනීම ද හොඳය. අපට කළ හැකි අවම දෙය නම්, ඔවුන්ට අවශ්‍ය සියලු උපකාර ඔවුන් සතුව ඇති බව තහවුරු කර ගැනීමයි. ඔවුන් තුළ අද සහ අනාගතය ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඇති කිරීමයි‘

    ෆෙමිනා ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • තාත්තා ‘දරුවෙකුගේ ජීවිතයේ‘ සුපිරි වීරයා වන හේතු 7ක්

    තාත්තා ‘දරුවෙකුගේ ජීවිතයේ‘ සුපිරි වීරයා වන හේතු 7ක්

    සෑම දෙමාපියෙකුගේම සිහිනය වන්නේ තම දරුවා සතුටින් ජීවත් වනු දැකීමයි. දරුවන් ඇති දැඩි කිරීමේදී මව්වරුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව සාමාන්‍යයෙන් පිළිගැනේ, නමුත් දරුවන්ගේ වර්ධනයට මෙන්ම ජීවිතයට පියවරුන් කෙතරම් වැදගත් ද? ඔවුන්ට තම දරුවන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? අපි සොයා බලමු!

    1. තාත්තලා විශිෂ්ට ආදර්ශයක් ලබා දෙයි

    දරුවන් දෙමව්පියන්ගේ හැසිරීම අනුකරණය කරන බව අපි බොහෝ විට දකිමු. ලෝකය ඔවුන් වෙතට විසි කරන ඕනෑම දෙයකට ප්‍රතිචාර දැක්වීමට ඔවුන් ඉගෙන ගන්නේ එලෙසිනි. පිරිමි ළමයින් අනාගතයේදී තම පියවරුන් මෙන් වීමට සිහින දකින අතර ගැහැනු ළමයින් සිහින දකිනුයේ තම පියාට සමාන හෝ ආසන්න ස්වාමිපුරුෂයෙකුව සොයා ගැනීමටය. එබැවින් පියෙකු තම බිරිඳ සහ නෑදෑයන් සමඟ කතා කරන ආකාරය, ඔහුගේ විනෝද ක්‍රියාකාරකම් සහ රැකියාව කෙරෙහි ඔහු දක්වන ආකල්පය අනිවාර්යයෙන්ම තරුණ පරම්පරාවට බලපායි. පෙර පාසැල් ළමුන් හා නව යොවුන් වියේ දරුවන් කෙරෙහි තාත්තලා වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඒ නිසාය.

    තාත්තලා නියම ආදර්ශයක් |  ආදරණීය පියෙකු දරුවෙකුගේ ජීවිතයේ වැදගත් වීමට හේතු 7 |  සෙස්ට්‍රඩාර්

    2. තාත්තලා ළමයින්ට උගන්වන්නේ වඩාත් ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමටයි

    සාමාන්‍ය රීතියක් ලෙස, පියවරුන් මව්වරුන්ට වඩා අඩුවෙන් කනස්සල්ලට පත්වන අතර තම පුතා හෝ දියණිය අවට ලෝකය ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන විට වඩාත් සන්සුන්ව ඊට ප්‍රතිචාර දක්වයි. කෙටියෙන් කිවහොත්, තාත්තා සාමාන්‍යයෙන් තම දරුවා වැටක් නගිනවා හෝ අසල්වැසි ළමයෙකු සමඟ මෘදු භයානක ක්‍රීඩාවක් කරන විට ඊට එරෙහි නොවෙයි. එවැනි හැසිරීම් දිරිගැන්වීමට පියවරුන් වැඩි කැමැත්තක් දක්වන අතර, එය දිගු කාලීනව දරුවන්ට වඩාත් ස්වාධීනව, ආත්ම විශ්වාසයෙන් හා ප්‍රවේශමෙන් සිටීමට උපකාරී වේ.

    තාත්තලා ළමයින්ට උගන්වන්නේ වඩාත් ආත්ම විශ්වාසයෙන් යුතුව |  ආදරණීය පියෙකු දරුවෙකුගේ ජීවිතයේ වැදගත් වීමට හේතු 7 |  සෙස්ට්‍රඩාර්

    3. තාත්තලා තමයි හොඳම උපදේශකයෝ

    ජීවිතය පිළිබඳ පිරිමි දෘෂ්ටිය දරුවාගේ සීමාවන් සැලකිය යුතු ලෙස පුළුල් කරයි. ළමයින්ට ඔවුන්ගේ මවගේ සහ ආච්චිගේ අදහස්වලට වඩා වෙනස් මත ඇසෙන්නේ නම් යහපත්ය. එයින් අදහස් කරන්නේ පියා සැමවිටම නිවැරදි බවය. නමුත් විවිධ දෘෂ්ටි කෝණයන් අතර තෝරා ගැනීමේ හැකියාව දරුවාට සම්මුතීන් සෙවීමේ ධනාත්මක අත්දැකීමක් ලබා ගැනීමට උපකාරී වේ. කෙසේ වෙතත්, තාත්තලා කළ යුත්තේ කුමක්ද සහ එය කරන්නේ කෙසේද යන්න දරුවන්ට නොකියන එක වැදගත් ය; ඒ වෙනුවට, ඔවුන් විවිධ තත්වයන් සංසන්දනය කර විශ්ලේෂණය කරන්නේ කෙසේදැයි දරුවන්ට ඉගැන්විය යුතුය. ගුරුවරුන්, පුහුණුකරුවන්, පවුලේ මිතුරන් වැනි සැබෑ පියාට මෙන්ම දරුවාගේ ජීවිතයේ අනෙකුත් සියලුම පියවරුන්ට මෙය අදාළ වේ.

    තාත්තලා තමයි හොඳම උපදේශකයෝ |  ආදරණීය පියෙකු දරුවෙකුගේ ජීවිතයේ වැදගත් වීමට හේතු 7 |  සෙස්ට්‍රඩාර්

    4. තාත්තා සහයෝගය සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් ලබා දෙයි

    පියෙක් ඔවුන්ගේ දරුවන්ට ප්‍රශංසා කරන විට සහ සහයෝගය දක්වන සෑම විටම ඔවුන් ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගන්නා අතර එය ජීවිතයේ වැදගත්ම දෙයකි. වගකිවයුතු සහ ශක්තිමත් මනසක් ඇති පුද්ගලයෙකුට ඔබ වෙනුවෙන් පෙනී සිටිය හැකි බව දැන ගැනීම සතුටකි. මේ පුද්ගලයා ඔබේ පියා වන විට එය වඩාත් හොඳයි නේද?

    තාත්තා ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් සහ හැඟීමක් ලබා දෙයි |  ආදරණීය පියෙකු දරුවෙකුගේ ජීවිතයේ වැදගත් වීමට හේතු 7 |  සෙස්ට්‍රඩාර්

    5. තාත්තලා මානසික සෞඛ්‍යය වැඩි දියුණු කරයි

    තම පියවරුන් සමඟ තදින් බැඳී සිටින දරුවන්ට මානසික අවපීඩනය අත්විඳීමට හෝ සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. සන්තෝෂවත් පවුල්වලට වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකි බව කවුද දැන සිටියේ?

    තාත්තලා මානසික සෞඛ්‍යය වැඩි දියුණු කරයි |  ආදරණීය පියෙකු දරුවෙකුගේ ජීවිතයේ වැදගත් වීමට හේතු 7 |  සෙස්ට්‍රඩාර්

    6. තාත්තලා අනාගත සබඳතා සඳහා ළමයින් සූදානම් කරයි

    ආලය හා ඒ සියල්ල ගැන අප කුමක් කරන්නේ දැයි වැඩිහිටියන් නොදැන සිටීම රහසක් නොවේ. නමුත් අප තරම් හෝඩුවාවක් නොමැතිව, අපේ දරුවන් අපව “මහලු හා බුද්ධිමත්” අය ලෙස සලකති. පියා පිරිමි ළමයින්ට කාන්තාවන්ට සැලකීමට නිවැරදි මාර්ගය උගන්වන අතර දියණියන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳව සූදානම් කළහොත් ඔවුන් ජීවිතයේ තවදුරටත් ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඉඩ තිබේ. ඇස්වල කඳුළු සඳහා හොඳ කුමක්ද?

    තාත්තලා අනාගත සබඳතා වල ළමයින් සූදානම් කරයි |  ආදරණීය පියෙකු දරුවෙකුගේ ජීවිතයේ වැදගත් වීමට හේතු 7 |  සෙස්ට්‍රඩාර්

    7. තාත්තලා EQ සහ IQ වැඩි කරයි

    අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ පූර්ණ පවුලක හැදී වැඩුණු ළමයින් IQ පරීක්ෂණ වලින් ඉහළ ලකුණු ලබා ඇති බවත්, තාත්තා සමඟ ප්‍රීතිමත් ලෙස හැසිරීම තුළින් දරුවන්ගේ විශ්වාසය හා චිත්තවේගීය බුද්ධිය වැඩි වන බවත්ය. ළමයින්ට ඔවුන්ගේ හැඟීම් වඩා හොඳින් පාලනය කර ගත හැකි ආකාරය සහ අවට සිටින අය සමඟ සංවේදනය කරන්නේ කෙසේද යන්න වටහා ගැනීමට පියා සමග ඇති මේ සමීප සම්බන්ධතාව හේතු වේ.

    තාත්තලා EQ සහ IQ |  ආදරණීය පියෙකු දරුවෙකුගේ ජීවිතයේ වැදගත් වීමට හේතු 7 |  සෙස්ට්‍රඩාර්

    Text and pictures copied by – zestradar.com – Complied by – Thushadhavi

  • සිනමා ලෝකය බිහි කළ සුපිරි Action Film Stars 10ක් ‘එදා සහ අද‘

    සිනමා ලෝකය බිහි කළ සුපිරි Action Film Stars 10ක් ‘එදා සහ අද‘

    ක්‍රියාදාම චිත්‍රපටවලට Action Film කවදත් හොද ඉල්ලුමක් තිබුණා. එය අදත් එසේමයි. ඒ නිසාම ක්‍රියාදාම චිත්‍රපටවල රගපෑ සුපිරි තරු එදා වගේම අදත් බැබලෙනවා. ඔවුන්ගේ කීර්තිය මදක් හෝ අඩුවෙලා නැහැ.

    ඒත් කාලයත් සමග ඔවුන් පුරාවෘත්තයක් බවට පත්වෙනවා. ඒ දැවැන්ත පෞරුෂය එසේම තිබියදී ඔවුනුත් වියපත් වෙනවා. ඒ සමග ඇතැමුන් හදුනාගත නොහැකි තරම් වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඊට අභියෝග කරන්න මේ සුපිරිතරුවලටත් බැහැ.

    ඉතිං අපි නිකමට තීරණය කළා එදා ඔබව ත්‍රාසයෙන් හා භීතියෙන් මුසපත් කළ ඒ සුපිරි වීරයන් අද සිය ජීවිතයේ සැදෑ සමයේ කෙසේ දැයි සොයා බලන්න. මේ ඒ ගැන, ඔවුන් 10 දෙනෙක් ගැන අලුත්ම කතාව.

    ජැකී චෑන් Jackie Chan

    ඩොලර් මිලියන 370 ක ශුද්ධ වත්කමක් ඇති හොංකොංහි උපන් සුපිරි ක්‍රියාදාම නළු ජැකී චෑන් 2016 දී ලොව වැඩිම වැටුප් ලබන දෙවන නළුවා ලෙස ලැයිස්තු ගත කර ඇත. බොහෝ නළු නිළියන් මෙන් නොව ජැකී තමාගේම දක්ෂතා දක්වයි. ඔහුගේ වඩාත්ම ජනප්‍රිය චිත්‍රපට අතර Drunken Master II සුවිශේෂයි. ලෝ ප්‍රකට ‘ටයිම් සඟරාව‘ විසින් එය ලෝකයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපට 100 අතරට එක්කරලා තිබෙනවා. ඔහුගේ නවතම චිත්‍රපටය වන SNAFU 2021 හෝ 2022 දී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    සිගෝර්නි වීවර් Sigourney Weaver

    සිනමා විචාරකයින් විසින් සිනමා ඉතිහාසයේ වැදගත්ම කාන්තා ක්‍රියාදාම නිළිය ලෙස වීවර් සලකනවා. දක්ෂ රංගන ශිල්පිනියක වන ඇය Alien franchise හි නිර්භීත ලුතිනන් රිප්ලි ලෙස නමක් දිනා ගත්තාය. ඇය හොස්ට්බස්ටර් චිත්‍රපටවල Ghostbusters movies මෙන්ම ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයාගත් අවතාර්  Avatar චිත්‍රපටවල ද පෙනී සිටියාය.

    බෘෘස් විලිස් Bruce Willis

    බෘෘස් විලිස් ජනප්‍රිය චිත්‍රපට 70කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අතර  Die Hard franchise. Twelve MonkeysThe Sixth SensePulp Fiction වැනි අතිෂය ජනප්‍රිය චිත්‍රපට තිබෙනවා. සමස්තයක් ලෙස ගත් කල,  Die Hard franchise චිත්‍රපට පහ ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඩොලර් බිලියන 1.4 ක ආදායමක් උපයා තිබෙනවා. ඒ නිසාම විලිස් වැඩියෙන්ම උපයන චිත්‍රපට තරුවක් බවට පත් වුණා. ඔහුට Golden Globes සම්මාන දෙකක්, Emmys සම්මාන දෙකක් සහ Hollywood Walk of Fame සම්මානයක් ද ලැබී තිබෙනවා. ඔහුගේ A Day To Die චිත්‍රපටය ළගදීම නිකුත් වීමට නියමිතව තිබෙනවා.

    මිලා ජොවොවිච් Milla Jovovich

    The Fifth Element, Resident Evil, Hell Boy වැනි ක්‍රියාදාම චිත්‍රපට හරහා අපව විස්මයට පත් කළ මිලා සුපිරි තරුවක් බවට පත් වුණේ ඇයගේ සුපිරි රංගන හැකියාව නිසාමයි. වීඩියෝ ක්‍රීඩාවක් මත පදනම් වූ  Resident Evil, ඇයගේ තවත් සුපිරි රංගනය දැකගත හැකි අවස්ථාවක්. ඇයගේ සුපිරි රංගනය ඇතුළත් වීඩියෝ ක්‍රීඩාවක් මත පදනම් වූ Monster Hunter 2022 දී නිකුත් වීමට නියමිතව තිබෙනවා.

    ජීන් ක්ලෝඩ් වැන් ඩම්මේ Jean-Claude Van Damme

    ක්‍රියාදාම තරු සම්බන්ධයෙන් ගත් කල, වැන් ඩේම්ට ඇති නීත්‍යානුකූල සටන් පසුබිම ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණි. කරාටේහි කළු පටියක් හිමි, තරුණ අවධියේදී කික් බොක්සිං ක්‍රීඩකයෙකු ද වූ ඩම්මේ වසර 5 ක් මුද්‍රා නාට්‍යය ශිල්පියෙකු ලෙස ද කටයුතු කළේය. පමණක් නොව ඔහු බෙල්ජියමේ කාය වර්ධන ශූරතාව ද දිනා ගත්තේය. බොක්ස් ඔෆීස් හි හොඳ ප්‍රතිඵල ලබා ගත් අඩු වියදම් ක්‍රියාදාම චිත්‍රපට කිහිපයක රඟපෑමට පෙර ඔහු stuntman වරයෙකු ලෙස චිත්‍රපට රැසක කටයුතු කළේය. ජීන්-ක්ලෝඩ් වැන් ඩම්මේගේ වඩාත්ම සාර්ථක චිත්‍රපටය වූයේ Time Copය.

    ලින්ඩා හැමිල්ටන්

    හැමිල්ටන් මෙතරම් ආකර්ෂණීය වූයේ ටර්මිනේටර් 2: චිත්‍රපටයෙනි. සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන ආර්නෝල්ඩ් ෂ්වාර්සෙගර් ඇය ear plugs ගළවා ගත් පසු විදුලි සෝපානයක දී වෙඩික්කරුවෙකු වෙඩි තැබීමෙන් පසු ඇයගේ ශ්‍රවණයට දැඩි හානි සිදුවිය. නමුත් එයින් නොසැලුණ ලින්ඩා 2019දී 2019’s Terminator: Dark Fate. හි රගපෑවාය.

    ඩොල්ෆ් ලුන්ඩ්ග්‍රන් Dolph Lundgren

    ලුන්ඩ්ග්‍රන් මෙම ලැයිස්තුවට ඇතුළත් වන්නේ තනිකරම  Rocky IV හි සෝවියට් බොක්සිං ක්‍රීඩක අයිවන් ඩ්‍රැගෝ ලෙස ඔහුගේ රංගනයේ ශක්තිය මත පමණි. 1987 දී box office bomb Masters of the Universe  සහ 1991 දී සම්පූර්ණයෙන්ම අමතක කළ හැකි මාර්වල් චිත්‍රපටය වන  The Punisher හි ඔහු දැකගත හැකි විය. නමුත් ඔහුගේ මොළය ගැන සැලකිලිමත් වන්නේ කවුද? ඔහුගේ IQ අගය 160ක් වන අතර ඔහුට MIT වෙත ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් පවා ලැබුණි. මේ ලැයිස්තුවේ සිටින දක්ෂම පුද්ගලයා ඔහු බව කිව නොහැකිද ?

    සිල්වෙස්ටර් ස්ටාලෝන් Sylvester Stallone

    ස්ටාලෝන් යනු මාංශ පේශිවලට වඩා වැඩි නළුවෙකි. ඔහු විසින් රචනා කරන ලද Rocky යනු මෙතෙක් බිහි වූ ක්‍රියාදාම චිත්‍රපට අතර විශ්ෂ්ඨතම එකකි. ඔහු අතිෂය ජනප්‍රිය වූ Rambo චිත්‍රපට මාලාවෙහි හි ද රඟපෑ අතර එය ලෝව පුරා උන්මාදයක් බවට පත්විය. 

    ස්ටීවන් සීගල් Steven Seagal

    ඔව්, සීගල් මෙම ලැයිස්තුවේ සිටී. නමුත් “සර්වකාලීන නරකම නළු නිළියන්ගේ worst actors of all-time” ලැයිස්තුව දෙස බලන්න, ඔහු ඒ අතර ද ඉතා ඉහළ මට්ටමක සිටී. එහෙත් ඔහුගේ ගෞරවය අනුව, ඔහුගේ චිත්‍රපට බොහොමයක් සෘජු-වීඩියෝ-වීඩියෝ ප්‍රභේදයන් (direct-to-video variety) වුවද, ඔහුගේ සාමාන්‍ය සටන් කලාව “කුසලතා” සහ භයානක රංගනය වසර 30 ක වෘත්තීය ජීවිතයක් තුළට ගෙන ඒමට ඔහු කෙසේ හෝ සමත් වී තිබේ.

    Arnold Schwarzenegger

    ඔහු හුදෙක් ක්‍රියාකාරී වීරයන්ගේ අවිවාදිත රජු බවට පත් කරයි. Conan The Barbarian, the first two Terminator movies, CommandoRunning ManPredatorTotal RecallTrue Lies ලැයිස්තුව දිගින් දිගටම ඉදිරියට යයි. ඔහු දෙවරක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස තේරී පත් වූ බව ද අපි අමතක නොකරමු. නමුත් ෂ්වාස්නෙගර්ගේ කිරුළු පළඳන ජයග්‍රහණය නම්, තම ගෘහ සේවිකාව සමඟ ආදරයෙන් බැදී දරුවෙකු බිහි කිරීම සහ එය අවුරුදු 14 ක් තිස්සේ එවකට බිරිඳ වූ මාරියා ශ්‍රිවර්ගෙන් පවා රහසක් ලෙස තබා ගැනීමයි. 

    zestradar.com ඇසුරිනි – සැකසුම – තුෂාධවි

  • ‘ජිරාෆ්ටත් වඩා උස‘ රයිනෝ විශේෂයක් සොයා ගනී !

    ‘ජිරාෆ්ටත් වඩා උස‘ රයිනෝ විශේෂයක් සොයා ගනී !

    ඉහළ ඡායාරූපය – අලුතෙන් සොයාගත් යෝධ රයිනෝ කලාකරුවෙකුගේ ඇසින්

    යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයේ ගන්සු පළාතේ කළ කැනීම්වලින් සොයා ගත් බව චීන පර්යේෂකයින් පිරිසක් පවසනවා. අං රහිත මෙම රයිනෝ විශේෂය අඩි 23ක් උස බවයි විශ්වාස කරන්නේ. ඒ අනුව මෙම සත්ත්වයින් ජිරාෆ්ට වඩා උසින් වැඩියි.

    මීට වසර මිලියන 26.5කට පමණ පෙර ජීවත් වූයේ යැයි විශ්වාස කෙරෙන මෙම නව විශේෂය ‘පැරසෙතෙරියම් ලින්ක්සියාන්ස් – Paraceratherium linxiaense ලෙස නම්කර ඇති අතර ඔවුන්ගේ බර ටොන් 21ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා. එම බර වැඩුණු අප්‍රිකානු අලින් හතර දෙනකුට සමානයි.

    නව විශේෂය වරෙක පාකිස්තානයේ ජීවත් වූ යෝධ රයිනෝ සමඟ සමීපව සම්බන්ධ වී ඇති බව විද්‍යාඥයින් කණ්ඩායම සොයාගෙන ඇති අතර එයින් ඇඟවෙන්නේ ඔවුන් මධ්‍යම ආසියාව පුරා සංචාරය කර ඇති බවයි.

    ඔවුන් වයඹ දිග චීනය සහ ඉන්දියානු-පකිස්ථාන උප මහද්වීපය අතර නිදහසේ සැරිසැරුවේ නම්, එයින් ඇඟවෙන්නේ ටිබෙට් සානුව ඒ වන විට පහත් බිමක් ලෙස තිබෙන්නට ඇති බවයි.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ආයතන රැසක පූර්ණ දායකත්වය

    මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ආයතන රැසක පූර්ණ දායකත්වය

    එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර අප්‍රමාදව ලබා දෙන බවත් රටට අවශ්‍ය කරන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ආයතන රැසක් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

    ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ සාකච්ඡාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, මණ්ඩල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, යුධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකාය ප්‍රධානින් නියෝජනය කරමින් එහි නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා. 

    මේ වන විටත් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු තම ආයතන මගින් ආරම්භ කර ඇති බව මෙහිදී ඔවුන් හෙළි කළා. 

    කුඹුරු හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර කිලෝ 500ක් ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් කිලෝ 05ක් පොටෑසියම් 35kg හා ජෛව පොහොර ලීටර් 10ක් නිර්දේශ කර තිබෙනවා. වගා කෙරෙන හෙක්ටයාර ලක්ෂ 16 වෙනුවෙන් මෙම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම රජයේ අරමුණයි. 

    මීට අමතරව හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් 10,000 ක මුදලක් ලබා දීමටත් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩම්, තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර, උපකරණ අවශ්‍ය පරිදි ලබා දීමටද පියවර ගෙන තිබෙනවා. 

    පළාත් පාලන ආයතන, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ සමාගම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඒ ආශ්‍රිත ගොවිපළවල්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු වතු සමාගම්, ලංකා පොස්පේට් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය, පළාත් සභා, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක්, ජල සම්පාදන මණ්ඩලය, සමුපකාර දෙපාර්තමේන්තුව, යුධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදී ආයතන කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කිරීමට අවශ්‍ය නිෂ්පාදන කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි මෙහිදී හෙළි වුණේ.

    රණවිරු සේවා අධිකාරිය හරහා ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන්ගේද ආර්ථිකය නගා සිටුවමින් කාබනික පොහොර නිෂ්පාදනයට යුධ හමුදා ගම්මාන ආශ්‍රිත විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව රණවිරුසේවා අධිකාරියේ සභාපතිවරිය මෙහිදී ප්‍රකාශ කළා. 

    ඉදිරි සතියේ ඒ ඒ ආයතන ජාතික පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණය දැනුම් දෙන බව මෙහිදී ප්‍රකාශ කළා.

    එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳ මෙහිදී දීර්ඝව සාකච්ඡා කළා. සියලු පුද්ගලයින් හා ආයතන නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිළට ගැනීමටද වැඩපිළිවෙල සකස්කර අවසන් බව මෙහිදී හෙළි වුණා.

    ‘‘වස විස නැති පාරිසරික කාබනික කෘෂිකර්මය තුළින් ලෝකයේ කාබනික ගෙවත්ත ශ්‍රී ලංකාව කිරීමට මේ අයුරින් හැකි සියලු දේ කාර්යක්ෂමව සිදු කරමින් සිටින බව‘ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

  • ‘දුම්පානය කරන්නන්ට‘ කොවිඩ් අවදානම මාරාන්තිකයි – පර්යේෂණ මගින් තහවුරුයි !

    ‘දුම්පානය කරන්නන්ට‘ කොවිඩ් අවදානම මාරාන්තිකයි – පර්යේෂණ මගින් තහවුරුයි !

    දුම්පානය කරන හා අක්‍රිය දුම්පානය කරන පුද්ගලයින්ට කොවිඩ්-19 නිසා ඇති වන සංකූලතා සහ මිය යාමේ හැකියාව ඉහළ බව රටවල් 16ක සිදුකරන ලද ප්‍රජා මූලික පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ අධ්‍යයන හා පර්යේෂණ කමිටුව කියයි.

    අදාළ පර්යේෂණය පදනම් කර ගනිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් (18දා) එම කමිටුව අවධාරණය කරන්නේ කොවිඩ් ආසාදිත පුද්ගලයින්, නිරෝධායනයට ලක්ව සිටින අය හා  කොවිඩ් නිවාරණ ඉදිරිපෙළ කණ්ඩායම් දුම් පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය (අක්‍රීය දුම් පානයෙන්) වීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බවයි.

    අදාළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

    පසුගිය වසර එකහමාරක කාලය තුළ විදෙස් රටවල සිදුකරනු ලබන  ප්‍රජා මූලික පර්යේෂණ 16ක් විශ්ලේශණය කිරීමෙන් පසු ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ අධ්‍යයන හා පර්යේෂණ කමිටුව  විසින් පහත සඳහන්  ප්‍රතිඵල නිකුත් කර ඇත.

    ඒ අනුව අක්‍රීය දුම්පානය , සක්‍රීය දුම්පානය හා කොවිඩ් -19 අතර ඇති සබඳතාව හා සංකූලතා පිළිබඳ  ප්‍රධාන කරුණු 06 ක් ඔස්සේ එම පර්යේෂණ ප්‍රතිඵල විස්තර විස්තර කළ හැකිය.

    1. දුම් පානය කරන්නන් හා  සිගරට් දුමට නිරාවරණය  වන්නන් (අක්‍රීය දුම් පානය සිදුකරන පුද්ගලයින්)ගේ  පෙනහළු රෝගී වීම් නිසා දුම් පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයින්ට සාපේක්ෂව කොවිඩ් -19 නිසා ඇතිවන සංකූලතා වැඩිය . එසේම රෝගය වැලදුනහොත් මියයාමේ හැකියාව වැඩිය.
    2. දුම් පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයින්ට සාපේක්ෂව දුම් පානය කරන්නන් හා  සිගරට් දුමට නිරාවරණය  වන්නන්ට (අක්‍රීය දුම් පානය සිදුකරන පුද්ගලයින්) කොවිඩ් -19 වැලදුනු විට ඇතිවන සංකූලතා වල තීව්‍රතාවය වැඩිය.
    3. දුම් පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයින්ට සාපේක්ෂව දුම් පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය  වන්නන් (අක්‍රීය දුම් පානය සිදුකරන පුද්ගලයින්) මගින්  කොවිඩ් -19 රෝගය ව්‍යාප්ත වීම සීග්‍රව සිදුවේ.

    මහජනතාවගේ හා රජය ඇතුළු  සියලු පාර්ශවයන්ගේ ක්ෂණික අවධානයට ලක් විය යුතු මේ පර්‍යේෂණය අවසානයේ පහත සදහන් නිර්දේශ පර්යේෂක කණ්ඩායම විසින් කරනු ලැබේ.

    1. අවම වශයෙන් කොවිඩ් -19 වසංගතය පහව යන තුරු සියලුදෙනා  දුම් පානයෙන් හා සිගරට් දුමට වීමෙන් වැලකීම අත්‍යවශ්‍යය. එමගින් රෝගය ව්‍යාප්ත වීම අඩුකර ගැනීමට මෙන්ම රෝගය නිසා දරුණු සංකූලතා ඇතිවීම වලක්වා ගත හැකිය.
    2. කොවිඩ් ආසාදිත පුද්ගලයින් , නිරෝධායනයට ලක්ව සිටින අය හා  කොවිඩ් නිවාරණ ඉදිරිපෙළ කණ්ඩායම් දුම් පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය (අක්‍රීය දුම් පානයෙන්) වීමෙන් වැලකීම අත්‍යවශ්‍යය.
    3. නිරෝධායනයට ලක්වූ නිවෙස්වල අයවලුන් හා ආශ්‍රිතයින් දුම් පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය  වීමෙන් (අක්‍රීය දුම් පානයෙන්) වැලකීම අත්‍යවශ්‍යය.
  • ‘ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය‘ පිටුපස ඇති බළල් අත කාගේද ?

    ‘ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය‘ පිටුපස ඇති බළල් අත කාගේද ?

    එම පනත තුළ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ පදනම වී ඇත්තේ ඒ ඒ නිකායවල්වලට ඇති බලපුළුවන්කාරකම්ය. වාසනාවකට මෙන් බෞද්ධ ජනතාව තවමත් කිසිදු නිකායකට නොබෙදී බුදුන්වහන්සේගේම නිකායේ රැඳී සිටීම නිසා අද පවතින තරමට බුදු දහම ආරක්ෂා වී ඇත. ගිහියන් ද භික්ෂුන් මෙන් ඒ ඒ නිකායන්වලට බෙදී කටයුතු කළේ නම් ත්‍රිපිටකයට පමණක් නොව බුද්ධ ශාසනයට ද දෙයියන්ගේම පිහිටය.

    ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ

    වර්තමානයේ ජනප්‍රිය බණ දේශනා කරන භික්ෂුන්වහන්සේලා නොයෙක් ආකාරයට දේශනා පවත්වනු ලබන අතර කවි බණ, විරිඳු බණ යනාදිය ද ඊට ඇතුළත්ව ඇත. විද්‍යුත් මාධ්‍යයේ විකාශය වන සමහර බණ දේශනාවල ද ධර්මයේ වෙනස්කම් හා විකෘතිකා ඕනෑ තරම් දැකිය හැකිය.

    එම දේශනාවල දී දැන හෝ නොදැන සිදුවන වරදක් හේතුවෙන් භික්ෂුන්වහන්සේලාට ද, එවන් දේ ප්‍රකාශ කරනු ලබන හෝ පළ කරනු ලබන ගිහියන්ට ද, මාධ්‍ය ආයතන සහ ඒවායේ සේවකයන්ට ද රුපියල් ලක්ෂ ගණන් දඩ ගෙවීමට සහ වසර හතක් දක්වා වූ සිරදඬුවම්වලට යටත් වීමට සිදුවන්නේ නම් කිසිවකුත් ධර්මය දේශනා කිරීමට හෝ ප්‍රචාරණය කිරීමට ඉදිරිපත් වේ ද යන්න සාධාරණ සැකයක් ඇති වෙයි. එසේ වුවහොත් ලෝකයටම බණ කීමට ඉතුරු විය හැක්කේ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජික භික්ෂුන්වහන්සේලා සහ අධ්‍යක්ෂ ජනරාල් පමණක් විය හැකිය.

    ත්‍රිපිටකය යන්නෙන් ක්‍රිස්තුපූර්ව පළමුවැනි සියවසේ මාතලේ අලු‍විහාරයේ දී ලේඛනාරූඪ කරන ලදුව අවිච්ඡින්නව පවත්වාගෙන ආ දැනට ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය යන ථෙරවාද බෞද්ධ රටවල පිළිගන්නා ථෙරවාද මහා විහාරය සම්ප්‍රදාය විසින් ථෙරවාද ත්‍රිපිටකය වශයෙන් පිළිගනු ලබන ත්‍රිපිටකය ද, එහි විධිමත් පරිවර්තන ද එයට අයත් වන අතර යම් අවස්ථාවකදී සංසන්දනයක්, නිදර්ශනයක් අවශ්‍ය වුවහොත් ඓතිහාසික සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කොට ඇති ත්‍රිපිටක පුස්කොළ පොත් ද, ලංකා බෞද්ධ මණ්ඩලය මගින් පිළිගෙන ප්‍රකාශ කරන ලද බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ද සමඟ සංසන්දනය කළ යුතු බව සඳහන්ව ඇත. තව ද සමහර කාරණා 1985 සයිමන් හේවාවිතාරණ භාරය මගින් මුද්‍රිත අට්ඨකථා සමඟ ද සංසන්දනය කළ යුතුව ඇත.

    යමෙකු බුදු දහම ගැන දේශනාවක් කිරීමට හෝ ලිවීමට පෙර මේ සියල්ල සංසන්දනාත්මකව අධ්‍යයනය නොකොට බුදුන්ගේ දහම මෙය යයි ප්‍රකාශ කිරීම අවුරුදු හත දක්වා සිරදඬුවමකට යටත් විය හැකි වරදක් වන නිසා කවුරුන් විසින් බුදු දහම දේශනා කරයි ද? කවුරුන් විසින් දහම ගැන පොත පත ලියයි ද? ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට පත්කරනු ලබන භික්ෂුන්වහන්සේලාටවත් සිය එම කර්තව්‍ය ජීවිත කාලය පුරාවට කොට නිම කළ හැකි ද? කවුරුන් විසින් මෙය කෙටුම්පත් කළත් ඔහු බුදු දහම පිළිබඳව පමණක් නොව නීතිය පිළිබඳව ද අබමල් රේණුවක අවබෝධයවත් නැති මනඃකල්පිත ලෝකයක ජීවත්වන මනුස්සයෙක්ම විය යුතුය.

    එහි සඳහන් ආකාරයට භික්ෂුන්වහන්සේලා හෝ වෙනත් බෞද්ධ වියතුන් හෝ ප්‍රකාශ කරනු ලැබූ දෑ ශ්‍රී ලංකාවේ සහ ඉහත සඳහන් විදේශීය රටවල්වල ත්‍රිපිටකයන් සමඟ ගළපා, එය සත්‍ය ලෙසින් බුදුන්වහන්සේ වදාළ දහම ද යන්න තීන්දු කිරීමට හැකි බුදුරජාණන්වහන්සේටම පමණි. අඩුම ගණනේ එකදු රහතන්වහන්සේ නමක්වත් සොයා ගැනීමට නැති වර්තමාන භික්ෂු සමාජය තුළ එවැනි තීන්දුවක් ගත හැකි අයෙක් සිටිතැයි විශ්වාස කළ නොහැක.

    එමෙන්ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයට භික්ෂුන්වහන්සේලා පත් කිරීම හරහා මෙරට කවදාවත් නොතිබුණු ආකාරයේ සංඝ භේදයක් ඇතිකොට බුදු දහම බමුණන්ගේ දහමක් බවට පත්කිරීමේ ම්ලේච්ඡ උත්සාහයක් මේ තුළ දැකිය හැකිය. හින්දු දහමේ වේදය කියවිය හැක්කේ ද, ඉගැන්විය හැක්කේ ද, අසා සිටිය හැක්කේ ද බමුණන්ටම පමණි. අන් කුලවල තැනැත්තන් ඒවායෙහි යෙදීම දඬුවම් දිය යුතු වරදකි. බුදු දහම බමුණන්ගේ දහමටත් වඩා පහළ ගෝත්‍රිකයන්ටවත් නොගැළැපෙන දහමක් බවට පත්කිරීමට උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම බුදු දහම අදහන්නන් ද යන්න ප්‍රශ්නයක් පැන නැගී ඇත.

    අන්තර්ජාලයේ ඇති තොරතුරු අනුව 2021 වසර වනවිට කිසිදු ආගමක් කෙරෙහි විශ්වාසයක් නොමැති (අනාගමික – Secular සහ/හෝ අදේවවාදී – Atheist) ගණයට ඇතුළත්ව ඇති ජනගහනය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. එය මිලියන 500 ඉක්මවා ගොස් ඇති බව විශ්වාස කරන අතර කිසිදු ආගමක් නොඅදහන වැඩිම ජනගහනයක් සිටින රටවල් ලෙස පහත සඳහන් රටවල් හඳුනාගෙන ඇත.

    චීනය සියයට 90, ස්වීඩනය සියයට 73, චෙක් රිපබ්ලික් සියයට 72, එක්සත් රාජධානිය සියයට 69, නෙදර්ලන්තය සියයට 60 යනාදී වශයෙන් චේ. ජපානය, ජර්මනිය, දකුණු කොරියාව, කැනඩාව, ස්විට්සර්ලන්තය, නෝර්වේ යන රටවල් සිටින්නේ සියයට 60ක සීමාවේය. ඇමෙරිකාවේ එය සියයට 39කි. (2021 (2021 World Population Review Most Atheist Countries 2021) 2021) එම කොටස ලෝක ජනගහනයෙන් සියයට 15.6කි.

    පසුගිය සියවසේ ලොව පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයා වූ ඇල්බට් අයින්ස්ටයින් සිය ප්‍රඥාවෙන් පැවැසූ දේ සඳහන් කිරීම සුදුසුය. එනම්,

    මෑත කාලීනව නවීන විද්‍යාත්මක සොයාගැනීම් හේතුවෙන් බුදු දහම යාවත්කාලීනව තබා ගැනීම සඳහා බුදු දහමට කිසිදු සංශෝධනයක් අවශ්‍ය නොවේ. බුදු දහම විද්‍යාව අබිබවා ගිය දහමකි. බුදු දහම, ආගම සහ විද්‍යාව යා කරන පාලමක් බඳුය. මිනිසාට ඔහු තුළ තිබෙන එමෙන්ම පරිසරය තුළ තිබෙන සැඟවුණ දක්ෂතා සොයා හෙළිදරව් කරගැනීම සඳහා එය උත්තේජනයකි. බුදු දහම සදාකාලිකය

    “මෑත කාලීනව නවීන විද්‍යාත්මක සොයාගැනීම් හේතුවෙන් බුදු දහම යාවත්කාලීනව තබා ගැනීම සඳහා බුදු දහමට කිසිදු සංශෝධනයක් අවශ්‍ය නොවේ. බුදු දහම විද්‍යාව අබිබවා ගිය දහමකි. බුදු දහම, ආගම සහ විද්‍යාව යා කරන පාලමක් බඳුය. මිනිසාට ඔහු තුළ තිබෙන එමෙන්ම පරිසරය තුළ තිබෙන සැඟවුණ දක්ෂතා සොයා හෙළිදරව් කරගැනීම සඳහා එය උත්තේජනයකි. බුදු දහම සදාකාලිකය.”

    ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ද වරෙක මෙසේ පැවැසීය.

    “බුදු දහම යනු ආගමක් නොව ආගමික ස්වරූපය ඇති දර්ශනයකි. අනාගතයේදී බහුශ්‍රැතයන් සහ ප්‍රඥාවන්තයන් විසින් කරනු ලබන නව විද්‍යාත්මක සොයා ගැනීම් නමැති කුලු‍ගෙඩිවලින් දේවවාදී ඇදහිලි මත ගොඩනැගී ඇති ආගම් කුඩුපට්ටම් වී යද්දී එම හිදැස පිරවීම සඳහා ඉතිරිව පවතිනුයේ බුදු දහමයි.”

    අද ලෝකයේ බොහෝ බුද්ධිමත් ජනතාව සත්‍යය ගවේෂණය කරමින් සිටින යුගයක් වන අතර, ඔවුන් අතර විශාල නැඹුරුවක් ඇති වී තිබෙන්නේ බුදු දහම දෙසටය. මෙවන් වූ නීතියක් අපගේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරනු ලැබුවහොත් එය බුදු දහමේ පැවැත්ම විනාශ කිරීම පිණිස ගෙන එනු ලබන නීතියක්ම බව තේරුම් ගත යුතුව ඇත. බුදු දහම අතුරුදන් කිරීම සඳහා මාන බලන බලවේගවල බළල් අතක් බවට පත් වූ කණ්ඩායමක් මෙය කිරීමට කටයුතු කරන්නේ ද යන සාධාරණ සැකය මතුව ඇත.

    තරුණ භික්ෂු පරපුරට නිසි ලෙස බුදු දහම උගන්වා විනයානුකූල සංඝ පරම්පරාවක් තුළින් පමණක් සංරක්ෂණය කළ හැකි බුදු දහම නීතිය මගින් රැකීමට ගොස් සමස්ත සමාජයට බුදු දහම පිරිහීමට සැලැස්වීම මෙම පනතේ අරමුණ විය යුතුය. වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වන දේශපාලන බලවේග අනුව මෙය ද “යෙන් කතා කරයි” ව්‍යාපෘතියේ එකක් දැයි යන්න සැක සහිතය. යෙන් දුටු තැන කට ඇරෙන දේශප්‍රේමීන් බොහෝ දෙනෙක් අප සමාජයේ වෙති. මා ඕ සේතුංගේ කාලයේ මුළු මහත් චීනයේ තිබූ සියලු‍ම බෞද්ධ විහාරස්ථාන ගිනි තබා විනාශ කළ ආකාරයත්, ටිබෙට් රටේ ලක්ෂ දහයක් බෞද්ධ ජනතාව ඝාතනය කොට පන්සල් හයදහසක් මහ පොළොවට සමතලා කළ ඉතිහාසයත් අප අමතක නොකළ යුතුය.

    භික්ෂූන් සතර අගතියට යට නොවන්නේ නම් නීති කුමකට ද? භික්ෂූන්ට තම තමන්ගේ විනය ආරක්ෂා කරගත නොහැකි නම් අන් අය ලවා ත්‍රිපිටකය සංරක්ෂණය කළ හැකි ද? මෙතෙක් කල් ථෙරවාදී දහම රැකගෙන ආවේ සංඝ සාමග්‍රිය තුළින් ඇති කරගත් කතිකාවත් හරහාය.

    අදට ගැළැපෙන කතිකාවතක අවශ්‍යතා සමස්ත භික්ෂු සමාජය පිළිගෙන ථෙරවාදී කතිකාවත් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එක් මහනායක හිමිනමකගේ බලපෑම මත එය අත්හැර දැමීමට තරම් රාජ්‍ය නායකයෝ දුබල වූහ. එම කතිකාවත් පනත සම්මත වූයේ නම් ඒ ඒ නිකායන්හි නායකකාරකාදී හිමිවරුන් ගනු ලබන තීන්දු තීරණ නීතියෙන් පිළිගත් ක්‍රියාත්මක කළ හැකි තීරණ බවට පත්වේ. එහිදී ගිහියන්ගේ මැදිහත් වීමක් නොමැත. ශාසනය රැක ගැනීමට පවතින එකම පිළියමට පයින් ගසා දමා ශාසන අභිවෘද්ධියේ නාමයෙන් ශාසනය විනාශ කිරීමට ගෙන එන මෙවන් වූ අමනෝඥ නීති හකුළා දැමීම සියලු‍ම බෞද්ධයන්ගේ යුතුකම හා වගකීම වන්නේය.

    එම පනත තුළ ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පිහිටුවීමේ පදනම වී ඇත්තේ ඒ ඒ නිකායවල්වලට ඇති බලපුළුවන්කාරකම්ය. වාසනාවකට මෙන් බෞද්ධ ජනතාව තවමත් කිසිදු නිකායකට නොබෙදී බුදුන්වහන්සේගේම නිකායේ රැඳී සිටීම නිසා අද පවතින තරමට බුදු දහම ආරක්ෂා වී ඇත. ගිහියන් ද භික්ෂුන් මෙන් ඒ ඒ නිකායන්වලට බෙදී කටයුතු කළේ නම් ත්‍රිපිටකයට පමණක් නොව බුද්ධ ශාසනයට ද දෙයියන්ගේම පිහිටය.

    ජනාධිපති නීතිඥ, ආචාර්ය – විජයදාස රාජපක්ෂ මහතා විසින් ජූනි 18 වැනි දින ලංකාදීප ඊ පුවත්පතට සම්පාදිත ලිපියකි. ශීර්ෂපාඨය හා ඡායාරූප වෙනස්කර ඇත. – සංස්කාරක

  • හිටිහැටියේම ‘හදවත නතර වුණොත්‘ කළ යුත්තේ කුමක් ද ?

    හිටිහැටියේම ‘හදවත නතර වුණොත්‘ කළ යුත්තේ කුමක් ද ?

    හිටිහැටියේ ම හෘදය වස්තුවේ ස්පන්දනය නතර වුවහොත් පුද්ගලයා සිහිසුන්ව ඇද වැටීමට එය හේතුවක් වේ ඩෙන්මාර්කයේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියාන් එරික්සන් ගේ හෘදය වස්තුවේ ස්පන්දනය හිටිහැටියේ ම නතර විය. මේ වන විට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    පාපන්දු තරඟයකට සහභාගී වෙමින් සිටියදී ඔහුගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය නතර වූයේ පසුගිය සෙනසුරාදා (ජුනි 12) ය.

    නමුත් ඊට හේතුව කුමක් ද යන්න තවමත් වෛද්‍යවරුන්ට අපැහැදිලිය. එය සිදුවූයේ කෙසේද ; ඊට හේතුව කුමක්ද යන්න සොයා ගැනීම සඳහා වෛද්‍යවරු දැන් ප්‍රමුඛත්වය දී කටයුතු කරති.

    “එය 29 හැවිරිදි තරුණයෙකුගේ ජීවිතයක්.” හෘද රෝග පිළිබඳ විශේෂඥ, මහාචාර්ය සන්ජේ ශර්මා බීබීසීයට පැවසීය.

    “ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියල සොයා ගැනීම තමයි දැන් අපට අවශ්‍ය වෙලා තියෙන්නේ.”

    බ්‍රිතාන්‍යයේ හෘද පදනම (BHF) පවසන පරිදි, හෘද ස්පන්දනය නතරවීමට (cardiac arrest) බලපාන සුලභ හේතූන් අතරින් එකක් වන්නේ හෘදයේ ස්පන්දන රිද්මය අසමාන වීමයි. මෙය මාරාන්තික විය හැකිය.

    අනෙකුත් හේතු අතර cardiomyopathy නමින් හැඳින්වෙන ආබාධය ද පවතී. එමගින් හෘදය වස්තුවේ මාංශ පේශීන්වල පරිමාණය, හැඩය සහ ඝනකමට බලපෑමක් ඇතිකරවයි. එය පාරම්පරික ජාන මගින් ඇතිවිය හැකි රෝගයකි.

    එමෙන්ම, හෘද මාංශ යම්කිසි ප්‍රදාහයකට (inflammation) ලක්වීම ද එහි ස්පන්දනය හිටිහැටියේ නතර වීමට හේතුවක් විය හැකිය.

    Getty Images

    සංකීර්ණ වූ ස්කෑන් පිටපත් රැසකට ක්‍රිස්ටියාන් එරික්සන් ගේ හෘදය භාජනය කොට පරීක්ෂා කරන ලදී. ඔහුගේ හදවතේ ඉතා සියුම් පලුදු හෝ අසාමාන්‍යතා පවතින බව ඉන් අනාවරණය වී ඇතැයි මහාචාර්ය සන්ජේ ශර්මා පැවසීය.

    බ්‍රිතාන්‍යයේ පාපන්දු ක්‍රීඩකයන් උදෙසා සිදු කරනු ලබන සාමාන්‍ය හෘද ස්කෑන් පිටපත් මගින් මෙවැනි අසාමාන්‍යතා හඳුනාගත නොහැකි බව ද ඔහු තවදුරටත් පැවසීය. එවැනි සාමාන්‍ය ස්කෑන් පරීක්ෂාවන්, වයස අවුරුදු 16ත් 25ත් අතර සිටින සියලුම බ්‍රිතාන්‍ය පාපන්දු ක්‍රීඩකයන්ට දෙවසරකට වරක් සිදු කිරීම අනිවාර්ය කොට තිබේ.

    හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයේ හෝ එහි ව්‍යුහයේ යම් කිසි සැකකටයුතු දෙයක් වේදැයි සොයා බැලීම එහි අරමුණ වේ. වෛද්‍යවරුන් කෙතරම් විමසිලිමත් වුවද මෙවැනි පරීක්ෂාවකින්, මතුපිටින් නොපෙනෙන සියුම් ආබාධයන් සොයා ගත හැකි බවට 100%ක් සහතික විය නොහැකිය.

    “මේ වගේ තත්ත්වයන් යොවුන් වියේ සිටින විටදී පෙන්නුම් කෙරෙන්නේ නැහැ. වයස අවුරුදු 25-30 ඉක්මවා යනතුරු එවැනි සියුම් ආබාධ බොහෝවිට දැකගන්නට ලැබෙන්නේ නැහැ.” මහාචාර්ය ශර්මා පැවසීය.

    ක්‍රීඩකයෙකුගේ නම් මෙවැනි අසාමාන්‍යතා ඇතැම් විට ක්‍රීඩා තරඟයක් අතරමැද සිදුවිය හැකිය. නැතහොත් හෘදය වස්තුවට පීඩාවක් දැනවිය හැකි මට්ටමේ, මෑතක දී හටගත් වෙනත් අසනීපයකට මෙය සම්බන්ධතාවක් පැවතිය හැකිය.

    හෘදය වස්තුවේ එවැනි සියුම් අසාමාන්‍යතාවක් හඳුනා ගතහොත් ඇතැම් අවස්ථාවලදී ඒවාට ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකිය. ඇතැම් විට එම හානිය ආපසු හැරවිය නොහැකි හෝ සුවකළ නොහැකි එකක් විය හැකිය.

    හදවත නතර වුණොත්…?

    හිටිහැටියේ ම හෘදය වස්තුවේ ස්පන්දනය නතර වුවහොත් සිරුර පුරා රුධිර ගමනාගමනය නතර වෙයි. එවිට මොලයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම නවතී. පුද්ගලයා සිහිසුන්ව ඇද වැටීමට එය හේතුවක් වේ. මේ අවස්ථවේදී හුස්ම ගැනීම ද නවතී.

    Getty Images

    මෙය හෘදයාබාධයකට (heart attack) වඩා වෙනස් රෝග තත්ත්වයකි. හෘදයාබාධයක් (heart attack) ඇතිවන්නේ හෘදයේ මාංශ පේශියට රුධිර සැපයුම නතර වූ විටදී ය. මෙය බොහෝ විට සිදු වන්නේ රුධිර කැටියකින් කිරීට ධමනියක් අවහිර වූ අවස්ථාවකදී ය.

    ‘විරල සිදුවීම්’

    හෘද ස්පන්දනය නතරවීමට (cardiac arrest) ගොදුරු වූ එකම ක්‍රීඩකයා ක්‍රිස්ටියාන් එරික්සන් නොවේ.

    2012 වසරේ දී තවත් පාපන්දු ක්‍රීඩකයෙක් තරඟයක් අතරතුර පිටිය මැද සිහිසුන්ව ඇද වැටුණි. ඒ Fabrice Muamba ය. ඔහුගේ හදවත විනාඩි 78ක් නතර වී තිබුණි.

    Marc-Vivien මරණයට පත් වූයේ කැමරූන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ය. මිය යන විට ඔහු 28 හැවිරිදි විය.

    Spurs කණ්ඩායමේ පුහුණුකරු වූ Ugo Ehiogu 2017 දී මිය ගියේය. මිය යන විට 44 හැවිරිදි වූ ඔහු එංගලන්ත කණ්ඩායාමේ හිටපු ක්‍රීඩකයෙකි.

    “ක්‍රීඩකයන් සීමාව ඉක්මවා ශාරීරික ව්‍යායාම කිරීමේදී ඔවුන් අවදානමකට ලක්වෙනවා; ඒ හෘදය වස්තුවට දැඩි පීඩාවක් ඇතිවන නිසා. ඒක ප්‍රශ්නයක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.” ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයේ, ක්‍රීඩා ඖෂධ අංශයේ ප්‍රධානි වෛද්‍ය සෆාර් ඉක්බාල් පැවසීය.

    “නමුත් මේවා ඉතා විරල සිදුවීම්.” ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

    ක්‍රීඩකයන්ට පමණක් නොවේ; හෘද ස්පන්දනය නතරවීම (Cardiac arrests) ඕනෑම කෙනෙකුට සිදුවිය හැකිය.

    හිටිහැටියේ හදවත නතර වී වයස අවුරුදු 35ට අඩු 12 දෙනෙක් සෑම සතියකම මහා බ්‍රිතාන්‍යය තුළ මරණයට පත්වෙති.

    එමෙන්ම, බ්‍රිතාන්‍යයේ රෝහල්වලින් පිටත දී වසරකට පුද්ගලයන් 30,000 ගේ පමණ හෘද ස්පන්දනය නතරවීමෙන් අනතුරුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා සඳහා යොමු කෙරෙති. නමුත් ඉන් දිවි ගලවා ගන්නේ දස දෙනෙකුගෙන් එක් අයෙකු පමණි.

    Getty Images

    සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩකයන්ගේ හෘදය වස්තුව අනෙක් පුද්ගලයන් හා සසඳන විට තරමක් විශාල වන අතර වැඩි කාර්යක්ෂමතාවකින් ක්‍රියා කරයි. එම නිසා හෘදය වස්තුව සම්බන්ධ, රුධිර නාල හෝ හෘද නාල අවහිර වීම වැනි වෙනත් රෝග ඇතිවීමේ අවදානම ඔවුනට අඩුය. එවැනි තත්ත්වයන් බොහෝ විට දක්නට ලැබෙන්නේ දුම් පානය කරන්නන් සහ සෞඛ්‍යයට අහිතකර ආහාර රටාවන් සහිත පුද්ගලයන් අතරය.

    නමුත් විජලනයෙන්, වැඩි උෂ්ණත්වයෙන් හෝ මෑතක දී ඇතිවූ වෙනත් අසනීප තත්ත්වයකින් හෘදය වස්තුවට අතිරේක ආතතියක් හෝ වෙහෙසක් ඇතිවේනම් ඉන් අනතුරුදායක බලපෑමක් ඇති විය හැකිය.

    ‘හැම තත්පරයක්ම වටිනවා’

    කෙනෙකුගේ හෘද ස්පන්දනය හදිසියේ නතර වූයේ නම් කෘත්‍රිම ස්වසනය (CPR) ලබා දීම කඩිනමින් ආරම්භ කිරීම සහ හෘදය නැවත පණගැන්වීම සඳහා විදුලි කම්පනය ලබා දිය හැකි යන්ත්‍රයක් (automated external defibrillator) භාවිත කිරීම ඉතා තීරණාත්මක වනු ඇති බව වෛද්‍ය ඉක්බාල් පැවසුවේය. පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියාන් එරික්සන් ගේ ජීවිතය බේරා ගැනීමට ද එම ක්‍රමවේදයන් වහා ක්‍රියාත්මක කර තිබේ.

    හෘදය වස්තුව නැවත පණ ගැන්වීම සඳහා විදුලි කම්පනය ලබා දිය හැකි යන්ත්‍රයක් සෑම ද්විතීයික පාසලකටම ලබා දීම වැදගත් බව වෛද්‍ය ඉක්බාල් පවසයි.

    “පමා වන හැම මිනිත්තුවකින් ම ජීවිතය බේරා ගැනීම සඳහා තිබෙන අවස්ථාවෙන් 10%ක් අහිමි වෙනවා.” ඔහු පැවසීය.

    iStock

    එමෙන්ම ඇතැම් අවස්ථාවලදී කෘත්‍රිම ශ්වසනය ලබා දීම මගින් ජීවත් කරවීමේ හැකියාව දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යන බව වෛද්‍ය මතයයි.

    “හෘද ස්පන්දනය නතර වූ කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී හැම තත්පරයක්ම වටිනවා. කෘත්‍රිම ශ්වසනය ලබා දෙන ආකාරය ගැන දන්නා උදවිය සමාජයේ වැඩි වන තරමට බේරා ගත හැකි ජීවිත ගණන වැඩි වෙනවා.” බ්‍රිතාන්‍ය හෘද පදනමේ සහකාර වෛද්‍ය අධ්‍යක්‍ෂ, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෝන්යා බාබු-නාරායන් පැවසුවාය.

    දියුණු රටවල නම් ගුවන්තොටුපල, වෙළෙඳ සංකීර්ණ සහ ප්‍රජා මධ්‍යස්ථාන වැනි ස්ථානවලට හෘදය පණ ගැන්වීම සඳහා විදුලි කම්පන ලබා දිය හැකි යන්ත්‍ර සපයා තිබේ.

    එවැනි යන්ත්‍ර ඕනෑම කෙනෙකුට භාවිත කළ හැකි පන්නයේ ඒවාය. ඒ සඳහා විශේෂඥ දැනුමක් හෝ පුහුණුවක් අවැසි නොවේ.

    එම යන්ත්‍ර මගින් සිදු කෙරෙන්නේ රෝගියාගේ හෘද ස්පන්දන රිද්මය ස්වයංක්‍රියව පරීක්ෂාවට ලක් කිරීමයි. එමගින් විදුලි කම්පනයක් නිකුත් කෙරෙන්නේ එවැන්නක් අවශ්‍ය මොහොතක පමණි.

    වෙනස?

    කෙසේ වෙතත්, කලින් සඳහන් කළ පරිදි, හෘදයාබාධයක් (heart attack) සහ හෘද ස්පන්දනය නතරවීම (cardiac arrest) අතර වෙනස හොඳින් වටහා ගැනීම ඉතා වැදගත් වේ.

    Thinkstock

    පුර්ව හෘදයාබාධ ලක්ෂණ

    • පපුවේ වේදනාව – දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම
    • ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම – පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම් අතෙහි මෙම ස්වභාවය හටගත්ත ද, දෑතටම බල පෑ හැකිය.), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.
    • ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
    • දහදිය දැමීම
    • හුස්ම ගැනීමේ අපහසුතාව
    • වමනය දැමීමේ අවශ්‍යතාව – අසනීප ගතියක් දැනීම
    • අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).
    • කැස්සක් හෝ ඇදුම ස්වභාවය.

    ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.

    හෘදයාබාධයක් ඇතිවීමට මාසයකට පෙරදී ම, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ සමහර රෝගීන් වෙතින් දිස් විය හැකි බව මෑතකදී කළ සමීක්ෂණයකින් හෙලිවී තිබේ.

    හෘදයාබාධයකින් මිය ගිය ඇතැම් රෝගීන්ගෙන් මාසයකට පමණ පෙර සිට පපුවේ වේදනාව, කෙටි ආශ්වාස ප්‍රාශ්වාසය සහ ක්ලාන්ත ගතිය වැනි රෝග ලක්ෂණ දිස්වන අතර එය කලින් හඳුනා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතය බේරා ගැනීමේ අවස්ථාව පවතින බව ද එම කණ්ඩායම පෙන්වා දෙයි.

    හදවතේ නිරෝගී බව වර්ධනය කළ හැක්කේ කෙසේද?

    Getty Images

    ජීවන රටාව වෙනස්කර ගැනීම මගින් හදවත් සෞඛ්‍යය වර්ධනය කරගත හැකි බව බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවේ විශේෂඥයෝ පෙන්වා දෙති.

    දුම්පානය නවතා දැමීමෙන් වසරකට පසුව යම් පුද්ගලයෙක්, දිගින් දිගටම දුම් පානය කරන පුද්ගලයෙක්ට වඩා අඩකින් හදවත් රෝග ඇතිවීමේ අවදානම වළක්වා ගැනීමට සමත්වන බව ඔවුහු විශ්වාස කරති.

    සතියකට අවම වශයෙන් පැය දෙකහමාරක කාලයක් බයිසිකල් පැදීම, වේගයෙන් ඇවිදීම වැනි ව්‍යායාම කිරීම මගින් හදවත් රෝග සහ ආඝාත ඇතිවීමේ අවදානම අඩුකර ගතහැකි බවත්, ආහාරයට ගන්නා පළතුරු සහ එළවලු ප්‍රමාණය තුනේ සිට පහක් දක්වා වර්ධනය කරගැනීම මගින් හෘදයාබාධ හෝ ආඝාතය වැළඳීමේ අවදානම අඩුකර ගත හැකි බවත් මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය නිරීක්ෂණය කර ඇත.

    • දුම්පානය අත්හරින්න
    • ක්‍රියාශීලී වෙන්න
    • ඔබේ බර පාලනය කරගන්න
    • කෙඳි සහිත ආහාර වැඩියෙන් අනුභව කරන්න
    • මේද පිරුණු ආහාර අඩුකරන්න
    • ලුණු භාවිතය අඩු කරන්න
    • මාලු ආහාරයට එක්කර ගන්න
    • මද්‍යසාර අඩුවෙන් පානය කරන්න
    • ආහාරවල ඇසුරුමේ ඇති තොරතුරු කියවන්න

    උපුටා ගැනීම බී.බී.සී සන්දේශය

  • පරිසර ප්‍රේමීන්ගේ ආහාරය බවට පත්විය යුත්තේ මොනවාද ?

    පරිසර ප්‍රේමීන්ගේ ආහාරය බවට පත්විය යුත්තේ මොනවාද ?

    සැකසූ ආහාර (Processed food) සම්පත් අවුල් කරන දැවැන්ත කර්මාන්තශාලා වල ස්වභාවය නිරූපණය කරයි. ඒවා පරිසරයට එතරම් හොඳ නැත. නමුත් ආහාර සැකසීම ඇත්ත වශයෙන්ම ‘ආහාරයේ කාබන් අඩිපාර (food’s carbon footprint) අඩු කිරීමට උපකාරී වේද ? මෙය අද ගෝලීය අවධානය යොමු වූ වැදගත් සංවාදයකි

    අපගේ ආහාර පුරුදු පරිසරයට හානි කරන්නේ කෙසේද යන්න නොසලකා හැරීම වඩ වඩාත් දුෂ්කර වෙමින් තිබේ. අපගේ ආහාර පද්ධතිය භූගත ජල සැපයුමට බලපායි. ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 3/1ක් ජනනය කරන අතර විශාල භූමි ප්‍රමාණයක් ඒ වෙනුවෙන් භාවිතා කරයි. එය ස්වාභාවික පරිසර පද්ධති පරිවර්තනය කිරීම හා ජෛව විවිධත්වය නැතිවීමට හේතු වේ.

    ඊට ප්‍රතිචාර වශයෙන් විද්‍යාඥයින් උපදෙස් දෙන්නේ මස් ආහාර අවම කිරීම, ආහාර අපද්‍රව්‍ය අවම කිරීම සහ දේශීයව නිපදවන ආහාර මිලදී ගැනීම ය. නමුත් අඩු සැකසූ ආහාර (less processed food) අනුභව කිරීමෙන් පරිසරයට / පෘථිවියටද ප්‍රයෝජන ලැබේද?

    ආහාර, සැකසූ හෝ අවම වශයෙන් සැකසූ (unprocessed or minimally processed) සැකසූ හා අතිශය සැකසූ  (processed සහ ultra-processed) ලෙස බෙදිය හැකිය. චිප්ස් සහ කේක් වැනි අල්ට්‍රා සැකසූ ආහාර අප පාරිභෝජනය කරන කැලරිවලින් අඩකටත් වඩා වැඩිය. 

    සැකසූ ආහාරවල සම්පූර්ණ පලතුරු හා එළවළු වැනි දේශීයව ලබාගත් ආහාරවලට සාපේක්ෂක අඩු කාබන් පියසටහන් ඇත. අවම වශයෙන් සැකසූ නිර්මාංශ ආහාර අවම පාරිසරික බලපෑමක් ඇති බව පර්යේෂණවලින් සොයා ගෙන ඇත.

    ඔක්ස්ෆර්ඩ් සරසවියේ පාරිසරික තිරසාරභාවය සහ මහජන සෞඛ්‍යය පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන මාකෝ ස්ප්‍රිංමන් පවසන්නේ “ආහාර සැකසීම සදහා ඔබ වෙනත් ආකාරයකින් කළ යුතු පියවරක් එකතු කරන්නේ කෙසේදැයි සොයා බැලිය යුතුය. ඔබ නිවසේදී යම් ආහාරයක් සැකසුවේ නම්, එම ක්‍රියාවලිය විශාල කර්මාන්ත ශාලාවක් තරම් විධිමත් නොවන බැවින් ඔබ ඒ සඳහා වැඩි ශක්තියක් වැය කිරීමට ඉඩ තිබේ.”

    අතිශය සැකසූ ආහාරවල ඇති සියලුම අමුද්‍රව්‍ය සෑදීමට අවශ්‍ය සියලු සම්පත් හා ශක්තිය ගැන කුමක් කිව හැකිද? ‘‘ආහාරයක තිරසාරභාවය (sustainability of a food) රඳා පවතින්නේ එය පිරිසැකසුම් කිරීම, ගබඩා කිරීම, සංරක්ෂණය හා ශීතකරණයට කොපමණ ශක්තියක් වැය වේද යන්න සහ අප එයින් කොපමණ ප්‍රමාණයක් නාස්ති කරනවාද යන්න මතය‘‘ මිචිගන් විශ්ව විද්‍යාලයේ පරිසර හා තිරසාරභාවය පිළිබඳ පාසලේ සහකාර මහාචාර්ය ෂෙලි මිලර් පවසයි.

    සෝස් සූදානම් කළ මිලට ගැනීම වඩා හොඳද, නැතහොත් එය නිවසේදීම සැකසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්නවාද?  (ණය: ගෙටි රූප)

    සෝස් මිලට ගැනීම ද වඩා හොඳ ? නැතහොත් එය නිවසේදීම සැකසීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගන්නවාද?

    අතිෂය සැකසූ ආහාරවල බොහෝ දුරට ආහාර වලින් ලබාගත් ද්‍රව්‍ය වලින් සාදන ලද, බොහෝ දුරට අඩු බලපෑම් සහිත අමුද්‍රව්‍ය ඇත. ආහාර ගබඩා කිරීම සඳහා තවදුරටත් භාවිතා කිරීමට භාවිතා කරන මේද හා වෙනත් කල් තබා ගන්නා ද්‍රව්‍ය ඊට ඇතුළත් ය.

    “සැකසූ ආහාර පුළුල් ලෙස තිරසාර බව පෙනේ. නමුත් එය සැකසීමට වඩා ඒවායේ අමුද්‍රව්‍යයන් පෙන්නුම් කරයි” යැයි නෆීල්ඩ් හෙල්ත් හි ජනගහන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පර්යේෂක මයිකල් ක්ලාක් පවසයි.

    කෙසේ වෙතත්, පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද එක් වාර්තාවකින් පෙන්වා දෙන්නේ පාම් සහ සෝයා තෙල් අඩංගු ඕනෑම ‘අතිෂය සැකසූ‘‘ ආහාරවල සැලකිය යුතු ඍණාත්මක පාරිසරික බලපෑම් ඇති බවයි. 

    සැකසූ ආහාරවල හරිතාගාර වායු විමෝචනය ගැන කතා කිරීමේදී වැදගත් වන තවත් අමුද්‍රව්‍යයක් වන්නේ මස් ය. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ අතිශයින්ම සැකසූ ආහාරවල සත්ව ප්‍රභවයන්ගෙන් යුත් අමුද්‍රව්‍ය හෝ කුඩා ප්‍රමාණයක් පමණක් අඩංගු වුවහොත් අඩු පාරිසරික බලපෑමක් ඇති බවයි.

    අතිශයින්ම සැකසූ ආහාරවල පාරිසරික බලපෑම් (අඩු හෝ ඉහළ) සලකා බැලිය යුතු එකම සාධකය නොවේ

    ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන පාරිසරික පිරිවැය කෘෂිකර්මාන්තයෙන් වන අතර, මෙම ක්‍රියාවලිය සතුන් සම්බන්ධ වන විට (ණය: ගෙටි රූප)

    ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන පාරිසරික පිරිවැය කෘෂිකර්මාන්තයෙන් පැමිණෙන අතර, මෙම ක්‍රියාවලිය සතුන් සම්බන්ධ වන විට තවත් තීව්‍රර වේ

    “මෙම ප්‍රධාන හරය අමුද්‍රව්‍ය වලින් බොහොමයක් අඩු ජීඑච්ජී විමෝචන සහ වෙනත් පාරිසරික අඩිපාරක් ඇත” යැයි ස්ප්‍රිංමන් පවසයි.

    අතිශයින්ම සැකසූ ආහාරවල පාරිසරික බලපෑම් – අඩු හෝ ඉහළ – සලකා බැලිය යුතු එකම සාධකය නොවේ. ඔවුන් සාමාන්‍යයෙන් අවම වශයෙන් සැකසූ හා සැකසූ ආහාර වලට වඩා වැඩි ඇසුරුම් ප්‍රමාණයක් ඇත. කෙසේ වෙතත්, මෙම ඇසුරුම් මඟින් විමෝචනයට විශාල දායකත්වයක් ලබා දිය නොහැකි බව ස්ප්‍රිංමන් පවසයි.

    ඇත්ත වශයෙන්ම, අතිශයින්ම සැකසූ ආහාර හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට දායක විය හැකිය. ආහාර පරිභෝජනය සඳහා වඩාත්ම තිරසාර ක්‍රමය වන්නේ අප කන තරම් ප්‍රමාණයක් සෑදීමයි. අතිෂයින් සැකසූ ආහාර මේ සඳහා උපකාරී වේ. මන්ද ඒවා අපගේ කබඩ් වල දිගු කල් පවතින බැවිනි, (රාක්කයේ ආයු කාලය දීර්ඝ කිරීමට එකතු කරන ලද අමුද්‍රව්‍ය වලට ස්තුති වන්න) එබැවින් අපට ඒවා නාස්ති කිරීමට ඇති ඉඩකඩ අඩුය.  

    එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සැකසූ පලතුරු සහ එළවළුවලින් ඉවත ලන අපද්‍රව්‍ය නැවුම් පලතුරු හා එළවළු වලට වඩා 14% කින් අඩු වන අතර සැකසූ මාළු හා මුහුදු ආහාර නාස්තිය 8%කින් අඩු බවයි.

    ඔබ එළවළු නාස්ති කරන්නේ නම් එහි යම් පාරිසරික බලපෑමක් ඇත. නමුත් ඒවා නිෂ්පාදනය කිරීමට යන ශක්තියේ ප්‍රමාණය වඩා අඩු බැවින් එළවළු නාස්තියේ පරිසරික බලපෑම ද අඩුය – ෂෙලි මිලර්

    කෙසේ වෙතත්, ආහාර අලාභය හා අපද්‍රව්‍ය සාමාන්‍යයෙන් පලතුරු හා එළවළු වැනි දිරාපත් වන ආහාරවලට බලපාන අතර අර්තාපල් වැනි ප්‍රධාන බෝග වර්ග තරමක් අඩු හරිතාගාර වායු විමෝචනයක් ඇති කරයි.

    “ඔබ මස් නාස්ති කරන්නේ නම් එය විශාල පාරිසරික බලපෑමක් ඇති කරනු ඇත. මන්ද මස් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් විශාල පාරිසරික පිරිවැයක් දැරිය යුතු බැවිනි. ඔබ එළවළු නාස්ති කරන්නේ නම් එහි යම්කිසි පාරිසරික බලපෑමක් ඇත. එළවළු නිෂ්පාදනයට දැරිය යුතු පාරිසරික පිරිවැය අඩුව බැවින් එළවළු නාස්තියේ පාරිසරික පිරිවැය ද අඩුය‘‘

    නමුත් මෙම අතිශය සැකසූ ආහාර සඳහා වෙනත් ආකාරයකින් බලපාන බව මිලර් පවසයි.  මෙයට එක් හේතුවක් වන්නේ සැකසූ ආහාර ගබඩා කිරීමට භාවිතා කළ යුතු ශීතකරණ සදහා විශාල බල ශක්තියක් භාවිතා කළ යුතු වීම හා ශීතකරණ හරිතාගාර වායු විමෝචනයට ද දායක වීමය.

    පාම් ඔයිල් හෝ සෝයා අඩංගු ආහාර වෙනත් නිර්මාංශ ආහාර වලට වඩා ඉහළ කාබන් පියසටහනක් ඇත (ණය: ගෙටි රූප)

    පාම් ඔයිල් හෝ සෝයා අඩංගු ආහාරවල වෙනත් නිර්මාංශ ආහාර වලට වඩා ඉහළ කාබන් පියසටහනක් (carbon footprint )ඇත

    ඕනෑම සැකසුමකින් අපගේ ආහාර පද්ධතියට විශාල බල ශක්තියක් සහ අතිරේක නිෂ්පාදන පියවර එකතු වන අතර වැඩි පාරිසරික බලපෑමක් ඇති කරනු ඇත. නමුත් අපි ආහාර සහ එහි රාක්කය ස්ථායීව සකසා ගත් විට ශීතකරණය අවශ්‍ය නොවන්නේ නම් එය සමහර විට පාරිසරික වශයෙන් යහපත් විය හැකිය.

    ඇත්ත වශයෙන්ම, සැකසූ මස් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සදහා වෙනත් ආකාරයකින් නාස්ති වන ආහාර භාවිතා කරයි. නමුත් ඒවායේ කාබන් අඩිපාර තවමත් සැකසූ පළතුරු සහ එළවළු නිෂ්පාදන වලට වඩා බෙහෙවින් වැඩි ය.

    නමුත් මස් නිෂ්පාදන අපගේ මේසය මතට පැමිණීමට පෙර පරිසරයට වැඩි බලපෑමක් ඇති කරන අතර අප ආහාර පරිභෝජනය කරන ආකාරය ද වැදගත් වේ. සීනි හැරුණු සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර බොහෝ විට ඉහළම පාරිසරික බලපෑමක් ඇති කරන බව පර්යේෂණවලින් පෙනී යයි.

    අතිශයින්ම සැකසූ ආහාර අධික ලෙස ආහාරයට ගැනීමේ ප්‍රවණතාවක් අප සතුව ඇත. ඒවායේ පහසුව සහ අතිශයින්ම රසවත් අමුද්‍රව්‍ය වලට අපි ඇබ්බැහි වන නමුත් ඒවා කිසිසේත් කුසගින්න නිවන්නේ නැත.  පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ වැඩි කැලරි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් හරිතාගාර වායු විමෝචනය සහ ප්ලාස්ටික් දූෂණය ඉහළ යන බවයි.

    අවාසනාවකට මෙන්, අතිශයින්ම සැකසූ ආහාර බොහෝ විට අවම සැකසූ ආහාර විස්ථාපනය කිරීම සඳහා නිපදවා ඇති බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇගයීම් ඒකකයේ පර්යේෂකයකු වන පරස්කෙවි සෙෆෙරිඩි පවසයි.

    “මිනිසුන් සැකසූ ආහාර පාරිභෝජනයට විශාල වශයෙන් නැඹුරු වන අතර ගැටළු සහගතය. අපගේ සෞඛ්‍යයට ප්‍රයෝජනවත් යමක් සඳහා වෙනත් ආකාරයකින් භාවිතා කළ හැකි ස්වභාවික සම්පත් මිනිස් ආහාරයට අවශ්‍ය නොවන (අනවශ්‍ය) ආහාර සෑදීම සඳහා යොදා ගැනේ‘‘

    සැකසූ ආහාර වෙළඳපොළට සමීප කරවීම නිසා විදේශීය පලතුරු හා එළවළු වලට වඩා අඩු විමෝචනයක් ඇති විය හැකි බැවින් ආහාරවල කාබන් අඩිපාර මැනීම දුෂ්කර විය හැකිය (ණය: ගෙටි රූප)

    සැකසූ ආහාර වෙළඳපොළට සමීප කරවීම නිසා, විදේශීය පලතුරු හා එළවළු වලට වඩා අඩු විමෝචනයක් ඇති විය හැකි බැවින් එම ආහාරවල කාබන් අඩිපාර මැනීම දුෂ්කර විය හැකිය

    අපගේ සැකසූ ආහාර පරිභෝජනයේ ප්‍රතිඵල තරබාරුකම හා සම්බන්ධ රෝගවලට හේතු වන්නේ යැයි පර්යේෂකයෝ තර්ක කරති.

    නමුත් ඕනෑම වර්ගයක ආහාරයක සමස්ත කාබන් පියසටහන මැනීම (සැකසීමේ සිට ඇසුරුම්කරණය දක්වා) සරල නැත. “ජීවන චක්‍ර තක්සේරුව – life cycle assessment” යනු ආහාර සැපයුම් දාමය හරහා සිදුවන පාරිසරික බලපෑම මැනීම සඳහා භාවිතා කරන පොදු මෙවලමකි. ආහාරයක සමස්ත ජීවන චක්‍රයට වඩා පාරිසරික බලපෑම මැනීම එහි අරමුණයි.

    අවම වශයෙන් සැකසූ ආහාර බොහෝ විට ගෙදර හැදූ ආහාර වේලකට වඩා අඩු කාබන් පියසටහනක් ඇත. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ ගෙදර පිසීමට වඩා සැකසූ ආහාරවල අඩු කාබන් පියසටහන් ඇති බවයි. මෙයට හේතුව ගෘහස්ථව පිසින ලද ආහාරයක වාණිජමය ආහාර පිසීම වැනි ප්‍රධාන සැකසුම් වලට භාජනය වී ඇති නිෂ්පාදනයට වඩා අඩු නිෂ්පාදන, ශීත කළ ගබඩා සහ අපද්‍රව්‍ය ඇතුළත් වීමයි. 

    කෙසේ වෙතත්, තක්සේරුව බොහෝ විට සැකසුම්, ඇසුරුම්කරණ සහ බෙදා හැරීමේ සියලු අදියරයන් සැලකිල්ලට නොගනී යැයි සෙෆෙරිඩි පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආහාරවල පාරිසරික බලපෑම පිළිබඳව පර්යේෂණවල අඩුවක් පවතින බව ඇය පවසයි.

    සලාදයක් තෝරා ගැනීම සෞඛ්‍ය සම්පන්න වන නමුත් එහි ආහාර අපද්‍රව්‍ය ඇත. ශාක පදනම් කරගත් බර්ගර් ආහාරයට ගැනීමෙන් ඔබේ මස් ප්‍රමාණය අඩු කර ගත හැකිය, එවිට සැකසූ ආහාර (processed food) ඇත්ත වශයෙන්ම ඔබේ කාබන් අඩිපාර අඩු කිරීමට දායක වේ. කර්මාන්තශාලාව සමහර විට ගොවිපොළට වඩා හරිත විය හැකිය – Factory may sometimes be greener than farm.

    ජූනි 18 වැනි දින බී.බී.සී වාර්තාවකි – දළ පරිවර්තනය – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • තරබාරුකම සමඟ ජීවත් වීම: ‘තරබාරුකම ලෙඩක් යැයි සිතන‘ පුද්ගලයින් කියවිය යුතුම කතාවක්

    තරබාරුකම සමඟ ජීවත් වීම: ‘තරබාරුකම ලෙඩක් යැයි සිතන‘ පුද්ගලයින් කියවිය යුතුම කතාවක්

    විශේෂඥයින් පවසන්නේ තරබාරුකම ජාන විද්‍යාව , ජීව විද්‍යාව සහ අද අප ජීවත් වන ආකාරය නිසා ඇති වන රෝගයක් ලෙස සැලකිය යුතු බවයි.

    “නිරෝගී තරබාරුකම – healthy obesity ” නම් දෙයක් නොපවතින බවට විද්‍යාත්මක මතයන් නිර්මාණය කිරීමට නව පර්යේෂණ හේතු වී ඇත. ඔවුන්ගේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ සාමාන්‍ය බරකට සාපේක්ෂව සැලකිය යුතු තරබාරු අයට නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමේ 66% ක අවදානමක් ඇති බවයි.

    තරබාරුකම ඇති බොහෝ අය පවසන්නේ තමන්ට අගතියෙන් හා අපකීර්තියෙන් ජීවත් වීමට පමණක් නොව, ප්‍රතිකාර සොයා ගැනීමට ද වෙහෙස විය යුතු බවයි.

    කෙටි ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    39 හැවිරිදි මවක වන සාරා ඇගේ වැඩිහිටි ජීවිතය තරබාරුකමින් ගතකර ඇත. ඇයගේ ශරීර ස්කන්ධ දර්ශකය ( BMI) 40ට වැඩිය. එයින් අදහස් කරන්නේ ඇය “දැඩි තරබාරුකම – severe obesity” ඇති බවට වෛද්‍ය විද්‍යාත්මකව වර්ගීකරණය කර ඇති බවයි. එය ඇගේ සෞඛ්‍යය අවදානමට ලක්වීමට තරම් අගයකි.

    “මිනිස්සු හිතන්නේ ඔබ බුද්ධිමත් නැහැ කියලා, ඔබ කම්මැලියි, ඕනෑවට වඩා ආහාර ගන්නවා, ඒ නිසා මෙය ඔබ විහින් කර ගත් දෙයක් ‘‘ කියලා ඔවුන් කියනවා. ඒත් ඒ කිසිවක් ඇත්ත නොවෙයි. ඒ කිසිවක් නිවැරදි නැහැ. මට ඒ ගැන කෑගහලා කීමට අවශ්‍යයි‘ සාරා කියන්නීය.

    සාරා සිය ජීවිතයේ වැඩි කාලයක් ගත කර ඇත්තේ ආහාර හා ව්‍යායාම තුළින් ඇගේ බර පාලනය කර ගැනීමටය.

    ‘මගේ තරබාරුකම ගැන මම දිනපතාම හිතනවා. එය මට මහා පීඩාවක් ‘‘ ඇය පවසයි.

    චැනල් දූපත්වල ජර්සි හි හැදී වැඩුණු සාරා, ප්‍රාථමික පාසලේ අවසානය දක්වාම ඇගේ පන්තියේ අනෙක් ගැහැනු ළමයින් සේම “සාමාන්‍ය ප්‍රමාණයේ” දැරියකි. නමුත් ඇය වැඩිවිය පැමිණීමත් සමඟ, ඇයට ඇගේ බොහෝ මිතුරියන්ට වඩා වෙනස් බවක් දැනෙන්නට පටන් ගත්තාය.

    සාරා
    අවුරුදු 12 ක් වයසැති සාරා

    යෞවන වියේ දී, ඇගේ අම්මා නිතරම තම බර සමඟ පොරබදමින් සිටියාය. ආහාර වේල් කිහිපයක් ගත්තාය. සාරාගේ බර වැඩි වන විට ඇයත් එසේ කළාය.

    වයස අවුරුදු 16 දී ඇය දිනකට කැලරි 800 ක මිල්ක්ෂේක් ආහාර වේලක් ගැනීමට තීරණය කළාය. 

    ‘‘මගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පෙඑ මගේ බී.එම්.අයි එක 14 සිට 10 දක්වා පහත වැටුණා‘‘ ඇය පවසන්නීය.

    එකල එය ඇයට “දීප්තිමත්” හැඟීමක් ඇති කළේය. 

    සාරා විශ්ව විද්‍යාලය ජීවිතය ආරම්භ කරන විට ඇගේ බී.එම්.අයි අගය 12 ක් පමණ විය. නමුත් වසර තුනකට පසු ඇය උපාධිය ලබා ගන්නා විට බී.එම් අයි අගය 20ක් දක්වා වර්ධනය වී තිබු‍ණේය.

    සාරා

    නමුත් ඇයට වයස අවුරුදු 16 දී මෙන් නොව, මෙවර ආහාර වේල ක්‍රියාත්මක නොවීය. තම බර නියාමනය කිරීමේ අරගලයක ආරම්භය එය බව සාරා පවසයි.

    මිනිසුන්ගේ ජානමය පසුබිමට අනුව ඔවුන් එකම කැලරි ප්‍රමාණයක් ආහාරයට ගත්තද ඔවුන්ගේ බර වෙනස් විය හැකි බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.

    තරබාරු ජාන / Obesity genes

    විශ්ව විද්‍යාලයෙන් පසු සාරා ඖෂධ නිෂ්පාදන ආයතනයක වැඩ කිරීමට පටන් ගත්තාය. ඇය දියවැඩියා ඖෂධයක් විකුණමින් විකුණුම්කරුවෙකු ලෙස හොඳින් කටයුතු කළාය. නමුත් ඇයගේ ආයතන ප්‍රධානී මුණ ගැසුණු පළමු දිනම ඔහු ඇයගේ තරබාරුකම හාස්‍යයට ලක් කළේය.

    ‘ප්‍රධානියා පැවසූ දෙයින් මම අධෛර්යයටත් කම්පනයටත් පත් වුණා‘‘ ඇය පැවසුවාය.

    සාරා දැන් පවසන්නේ ශරීරයේ හැඩය සහ ප්‍රමාණය පිළිබඳව සිය ප්‍රධානියාගේ අදහස් දැක්වීම නීතියට පටහැනි බවයි.

    වයස අවුරුදු 30 ක් වන විට සාරා දැඩි සේ තරබාරු වුණාය. ඇය තම ශාරීරික හා මානසික සෞඛ්‍ය වෙනුවෙන් යමක් කරගත නොහැකිව මංමුලා සහගත වුණාය. ඒ සමග ඇය පෞද්ගලික පුහුණුකරුවෙකු සමග යගුලිය විසි කිරීම සදහා ශාරීරික අභ්‍යාසවල නිරත වුණාය. නමුත් ඔලිම්පික් පරිසාධක මට්ටමට ළගාවීමට ඇයට නොහැකි විය.

    සාරා

    මේ කාලය වන විට, ඇයගේ ජාන සැකැස්ම දෙස බැලූ පරීක්ෂණ කිහිපයක් ඇය සතු විය. ඒවායේ ප්‍රතිඵල මගින් වැදගත් කරුණු දෙකක් අනාවරණය විය:

    1. ඇය සතුව FTO ජානයේ ප්‍රභේදයක් – (variant of the FTO gene) ඇති අතර එය බර වැඩිවීම හා සම්බන්ධ වන අතර ස්ථුලතාවයේ අවදානම වැඩි කරයි
    2. ඇයට තරබාරුකමට හේතු වන MC4 ප්‍රතිග්‍රාහකයේ විකෘතියක් ඇත

    සිරුරේ බර අඩු කිරීමට සැත්කම් පිළිබඳ විශේෂඥයෙකු වන ෂෝ සොමර්ස් (Shaw Somers) වසර ගණනාවක් තිස්සේ දැඩි තරබාරුකමට ප්‍රතිකාර කරන පුද්ගලයෙකි. ඔහු පවසන්නේ සාරා වැනි පුද්ගලයින්ට උරුම වී ඇති ඇතැම් ජාන සමූහයක් ඇති අතර, එසේ නොවන අය සමඟ සසඳන විට තරබාරුකම ඇතිවීමේ ඉඩකඩ වැඩි බවයි.

    නමුත් තරබාරුකම යනු ජාන විද්‍යාවට පමණක් සීමා වූවක් නොවන බව ඔහු පවසයි. 

    ‘‘එය මනෝ විද්‍යාව, අසමානතාවයන් සහ අප සැවොම ජීවත් වන ආහාර පරිසරය පිළිබඳව ද කතාවකි‘‘ ඔහු පවසයි.

    ඔහු පවසන්නේ, මෙම ජාන සැකැස්ම ඇති පුද්ගලයින් සාගතයක් තුළ හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ඉඩ තිබුණත්, අද බහුල, අධික කැලරි සහිත ආහාර සමඟ ඔවුන් “දැඩි අධිෂ්ඨානයකින් හා සහයෝගයකින් තොරව” කටයුතු නොකළහොත් ප්‍රතිඵල කනගාටුදායක වනු ඇති බවයි.

    ‘පරිපූර්ණ කුණාටුව’

    බාර්ආට්‍රික් සැත්කම් (bariatric surgery) මගින් රෝගීන්ට සහාය වන සායනික මනෝ විද්‍යාඥ, වෛද්‍ය ඩෙනිස් රැට්ක්ලිෆ් පවසන්නේ මිනිසුන්ගේ අතීත අත්දැකීම් ක්‍රියාවට නැංවිය හැකි බවයි. ඇය පවසන්නේ ඇය දකින බොහෝ පුද්ගලයින් කම්පනය, අපයෝජනය හෝ නොසලකා හැරීම අත්විඳ ඇති බවයි. උදාහරණයක් ලෙස ආහාර සමඟ අක්‍රිය සම්බන්ධතාවයකට එය හේතු වේ.

    “මම හිතන්නේ මිනිසුන්ට ඇති මානසික අත්දැකීම් සහ ඔවුන් ආහාර සමඟ ඇතිවීමට පටන් ගන්නා සබඳතා පරිපූර්ණ කුණාටුවක් බවට පත්වේ.”

    තරබාරුකමේ ජාන හා ලාභදායී හා පහසුවෙන් ලබා ගත හැකි මේද සහ සීනි සහිත ආහාර සඳහා එකට එක් වූ විට තත්ත්වය වඩාත් සංකීර්ණ වන බව ඇය පවසයි.

    සාරාගේ මිතුරා ජෙඩ් ඔහුගේ ජීවිත කාලය පුරාම හල්හි වත්තක ජීවත් විය. ඔහු තරබාරුකමින් පීඩා විදින අතර, ඔහු ජීවත් වන ප්‍රදේශය ඔහු වැනි අයගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් කළ හැකි බව ඔහු සිතයි. ඔහු කියන්නේ ඔහුගේ ළමා කාලයේ ප්‍රදේශයේ එළවළු හා පලතුරු අලෙවිකරන කඩ 20ක් පමණ තිබූ බවයි. දැන් ඒ වෙළඳසැල් 20 න් 8 ක්ම ක්ෂණික ආහාර අලෙවිසැල් වේ.

    ජෙඩ්

    “අපට කුකුළු මස්, බර්ගර්, මාළු, කෙබාබ්, චිප්ස් සහ චීන ආහාර අලෙවි සැල් රැසක් තිබේ‘‘ ඔහු පවසයි.

    ජෙඩ් පවසන්නේ මෑතකදී තවත් ක්ෂණික ආහාර අලෙවි සැලක් විවෘත කිරීම වැළැක්වීම සඳහා පෙත්සමකට අත්සන් කළ බවයි.

    “ඔබේ නගරයේ (සමාජ-ආර්ථික මට්ටමේ පහත් මට්ටමක පවතින) ඕනෑම ප්‍රදේශයක් දෙස බැලුවහොත්, වැඩි වැඩියෙන් එවැනි අලෙවි සැල් ඇති බවට මම සහතික වෙමි. අපට මෙවැනි ප්‍රදේශවලට පයින් ගැසීමට අවශ්‍ය නැත. අපි ඒවා ඉහළට ඔසවා නොතැබිය යුතුයි”

    කෙටි ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    ඔලිම්පික් පරිසාධක මට්ටමට ළගා වීමට පළමු අවස්ථාව අහිමි වුවත් සාරා නිතිපතා පුහුණු වීම්කර හොඳින් ආහාර ගත්තාය. නමුත් ක්‍රමයෙන් තම බර වීමට පටන් ගත් බව ඇය දුටුවාය. ඇය කුමක් කළත් එයින් කිසිදු වෙනසක් සිදු නොවීය.

    බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ තරබාරු වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන වෛද්‍ය අබ්ද් ටහ්රානි පවසන්නේ ‘‘මේදය ලෙස ගබඩා කර ඇති “ශක්තිය සංරක්ෂණය කිරීම සඳහා ජීව විද්‍යාත්මකව පූර්ව සැලසුම් කර ඇති” අය සිටින බවයි. ආහාර රුචිය පාලනය කරන මොළයේ කොටසක් වන හයිපොතලමස් hypothalamus වෙතින් ලැබෙන සංඥා (කුසගින්න පිළිබඳ හැඟීම් සහ ආහාර ගැනීමට ඇති ආශාව අධෛර්මත් කිරීම) සමග සටන් කිරීමට ඔවුන්ට නොහැකිය.

    එම නිසා ආහාර ගැනීමෙන් පුද්ගලයාට ගල් කිහිපයක් සාර්ථකව අහිමි වුවද, ඔවුන්ගේ ශරීරය එහි මූලික බර සිහිපත් කර නැවත ඒ වෙත යාමට උත්සාහ කරයි.

    එක්සත් රාජධානියේ කරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ රෝගී තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින්ගේ සාමාන්‍ය බර ළඟා කර ගැනීමේ වාර්ෂික අවස්ථාව 700/1 සිට 1,000/1 දක්වා වන බවයි.

    සාරා තරබාරුකම පිළිබඳ පර්යේෂණ කිරීමට පටන් ගත් විට, (ජීවිත කාලය පුරාම තමාටම දොස් පවරා ගැනීමෙන් පසුව) ඇගේ ශරීරය “ඇයට එරෙහිව ක්‍රියා කරන” බව ඇය තේරුම් ගත්තාය.

    තරබාරුකම රෝගයකි

    බර්මින්හැම් විශ්ව විද්‍යාල රෝහල් සහ වෝර්වික් වෛද්‍ය විද්‍යාලයේ විශේෂ යින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ස්ථුලතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට සාමාන්‍ය ශරීර බර ඇති අයට වඩා නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමේ අවදානම 66% කින් වැඩි බවයි.

    මෙම පර්යේෂණ ප්‍රතිඵල ඇමෙරිකානු වකුගඩු රෝග පිළිබද ජර්නලයේ ප්‍රකාශයට පත් කර ඇති අතර වසර 20 ක් තුළ එක්සත් රාජධානියේ ජීපීඑස් රෝගීන්ගෙන් මිලියන 4.5 ක රෝගීන්ගේ වාර්තා අධ්‍යයනය කර ඇත.

    “සෞඛ්‍ය සම්පන්න තරබාරුකම නොපවතින” බව සොයාගෙන ඇති විද්‍යාත්මක පර්යේෂණ සමූහයක් සඳහා මෙය ද එකතු වන බව පර්යේෂණ පත්‍රිකාවේ ජ්‍යෙෂ්ඨ කතුවරයා වන මහාචාර්ය ඉන්ද්‍රනිල් දාස්ගුප්තා පවසයි. වෙනත් සෞඛ්‍ය තත්වයන් නොමැතිව තරබාරුකමෙන් පෙළෙන අයට හෘදරෝග හා ආඝාතය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව එම කණ්ඩායමේම පෙර අධ්‍යයනයන්ගෙන් හෙළි විය.

    එක්සත් රාජධානියේ තරබාරුකම

    • එංගලන්තය: වැඩිහිටියන්ගෙන් 28% ක් තරබාරු ය (එංගලන්තය සඳහා සෞඛ්‍ය සමීක්ෂණය 2019)
    • වේල්සය: වැඩිහිටියන්ගෙන් 25% ක් තරබාරු ය (වේල්ස් සඳහා ජාතික සමීක්ෂණය 2019-20)
    • ස්කොට්ලන්තය: වැඩිහිටියන්ගෙන් 29% ක් තරබාරු අයයි (ස්කොට්ලන්ත සෞඛ්‍ය සමීක්ෂණය 2019)
    • උතුරු අයර්ලන්තය: වැඩිහිටියන්ගෙන් 25% ක් තරබාරු ය (සෞඛ්‍ය සමීක්ෂණය උතුරු අයර්ලන්තය 2018-19)

    තරබාරුකම පිළිබඳ අවබෝධයක් ඇති බොහෝ වෘත්තිකයින් විශ්වාස කරන්නේ වෛද්‍ය වෘත්තිය තුළ සහ සමස්තයක් වශයෙන් සමාජය තුළ මෙම තත්වය දෙස බලන ආකාරයෙහි විශාල වෙනසක් සිදුවිය යුතු බවයි.

    “එය සැබෑ රෝගයක් බව මහජනයා වටහාගෙන නැත” යනුවෙන් බර අඩු කිරීමේ ශල්‍ය වෛද්‍ය ෂෝ සොමර්ස් පවසයි. 

    “තරබාරුකම නම් වසංගතය පාලනය කිරීම සඳහා අප අසමත් වන සෑම වසරක් පාසාම එය භයානක ලෙස නරක අතට හැරේ. අප මෙම ප්‍රශ්නය බැරෑරුම් ලෙස සලකා බැලීමට පටන් නොගන්නේ නම්, නුදුරු අනාගතයේ දී සෞඛ්‍ය සේවා සමඟ කටයුතු කිරීමට ඇති හැකියාව මුළුමනින්ම එය අඩපණ කරනු ඇත.”

    සෝමර්ස් මහතා පවසන පරිදි ප්‍රතිකාර පිළිබඳ අවබෝධයේ විශාල වෙනසක් ද තිබිය යුතුය. තරබාරුකමෙන් පෙළෙන අය සඳහා බර කළමනාකරණ වැඩසටහන් ඕනෑවට වඩා ආරම්භ වන්නේ “වැඩිපුර ගමන් කිරීම හා අඩුවෙන් ආහාර ගැනීම” සමඟ වන අතර එය යථාර්ථයේ දී තරබාරුකම වැළැක්වීම මිස ප්‍රතිකාරයක් නොවේ.

    සාක්ෂිවලින් පෙනී යන්නේ සාරා වැනි අයගේ සිරුරු මේදය මත තබා ගැනීමට හා රඳවා තබා ගැනීමට අපහසු වන අතර, ඔවුන් සියලු වැඩකටයුතුවල නිරත විය හැකි නමුත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිඵල තවමත් නොලැබෙන බවයි. මෙය විශාල මානසික පීඩනයක් විය හැකිය.

    සාරා මෙසේ පවසනවා. “මම අඳුරු කාලයක් පසු කළා.

    මනෝ විද්‍යාඥ, වෛද්‍ය ඩෙනිස් රැට්ක්ලිෆ් පවසන්නේ තරබාරුකමට තමන් වගකිව යුතු බවට බොහෝ දෙනා ආඛ්‍යානය පිළිගන්නා බවයි. 

    ‘‘එය සහ සමාජයේ දැඩි විනිශ්චය, මානසික වේදනාව සහ ශාරීරික බර වැඩිවීම එකිනෙකාගෙන් පෝෂණය වන තත්වයකට මඟ පෑදිය‘‘ ඔහු පවසයි.

    “තරබාරුකම මානසික සෞඛ්‍ය ගැටලුවලට හේතුවකි. එබැවින් ඔබට මානසික සෞඛ්‍ය ගැටලු තිබේ නම් ඔබට තරබාරුකම ඇතිවීමේ ඉඩකඩ වැඩිය. නමුත් ඔබ තරබාරු නම් එයද මානසික සෞඛ්‍ය දුෂ්කරතා ඇති කරයි.”

    ප්‍රතිකාරය කුමක්ද?

    සාරා මීට පෙර ඇයගේ පවුලේ වෛද්‍යවරයා වෙතින් උදව් පැතූ නමුත් එය ඉටු නොවීය.

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය පවසන්නේ බාර්ආට්‍රික් සැත්කම් (bariatric surgery) මගින් බර අඩු කර ගත හැකි බවයි. බර අඩු කර ගැනීම වළක්වා ගැනීම සඳහා ශල්‍යකර්මයෙන් පසු රෝගීන්ට ස්ථිර ජීවන රටාවේ වෙනස්කම් සිදු කළ යුතු වුවද, එය ආහාර රුචිය අඩු කළ හැකි හෝමෝන වෙනස්කම් වලටද හේතු විය හැකිය. 

    ශල්‍යකර්ම සිදුකරන වෛද්‍යවරු

    තරබාරුකම පාලනය කිරීම සඳහා උපාය මාර්ගයක් දියත් කර ඇති බව බ්‍රිතාන්‍ය රජය පවසයි. බර අඩු කර ගැනීම සඳහා වැඩි පිරිසකට සහාය ලබා ගැනීම සඳහා බර කළමනාකරණ සේවා වැඩි කිරීමට එය සැලසුම් කරයි. මේදය, සීනි සහ ලුණු අධික ආහාර ප්‍රවර්ධනය කිරීම අවසන් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට ද නියමිතය.

    බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය පවසන්නේ තරබාරුකමින් ජීවත්වන සහ දෙවන වර්ගයේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි සෞඛ්‍ය තත්වයන් ඇති අයට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.

    කෙටි ඉදිරිපත් කිරීමේ අළු රේඛාව

    “දැඩි තරබාරුකම සමඟ පොරබදින බොහෝ දෙනෙකුට නිදන්ගත රෝග ගණනාවක් තිබේ. ඒවා නිසා තරබාරුකමට ප්‍රතිකාර කිරීමට අපහසුය” යනුවෙන් සෝමර්ස් පවසයි. 

    “ඔවුන් විෂම චක්‍රයකට කොටු වී සිටින අතර, ඔවුන්ගේ රෝගී තත්වය නිසා ඔවුන් බර වැඩිවීමට ඉඩ ඇති අතර බර ඔවුන්ගේ රෝගී තත්වය තවත් උග්‍ර කරයි.”

    ඔහුගේ නවතම ශල්‍යකර්මයක් වූයේ නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා ය. ඔහු පැහැදිලි කරන්නේ සැත්කම යනු ඔහුගේ ජීවිතය වැඩිදියුණු කිරීම සඳහා පමණක් නොවන බවත්, එය මිනිසාගේ ජීවිතය බේරා ගැනීම බවත්ය.

    පෝර්ට්ස්මූත් හි ක්වීන් ඇලෙක්සැන්ඩ්‍රා රෝහලේ ස්ථුලතා සායනයේදී, සෝමර්ස් මහතා වෙනත් විශේෂඥයින් සමඟ සම්බන්ධ වේ. ඔවුන් පුළුල් හා පූර්ව ශල්‍යකර්ම සඳහා පුළුල් සත්කාර ලබා දෙයි. ඔහුගේ සියලුම රෝගීන් වසර ගණනාවක අසාර්ථක ආහාර පාලනය, මානසික සෞඛ්‍ය වේදනාව හෝ දියවැඩියාව වැනි රෝගාබාධ සහ තරබාරු රෝගීන් බොහෝ දෙනෙකු පීඩා විඳින අධි රුධිර පීඩනයෙන් ද පෙළේ.

    සාරාට, ඇගේ බලාපොරොත්තුව දැන් වෛද්‍ය විද්‍යාව මත ය. Saxenda සහ Semaglutide වැනි ආහාර රුචිය මැඩපවත්වන ඖෂධ පිළිබඳ පර්යේෂණ ඉදිරියට ගෙන යන බව වෛද්‍ය අබ්ද් ටහ්රානි පවසයි.

    MC4 ප්‍රතිග්‍රාහකයේ විකෘතියක් ඇති සාරා වැනි අය සඳහා ඖෂධයක් පිළිබඳ පර්යේෂණ ද ඇත .

    වෛද්‍ය ටහ්රානි පවසන්නේ සෙමාග්ලූටයිඩ් එක්සත් ජනපදයේ ඉතා මෑතකදී අනුමත කරන ලද අතර එය 15 සිට 17% දක්වා බර අඩු කර ගැනීමට හේතු විය හැකි බවයි. අනාගතයේදී, බර අඩු කර ගැනීම සඳහා 20 සිට 25% දක්වා බර අඩු කර ගත හැකි ඖෂධ දැකීමට ඔහු අපේක්ෂා කරයි.

    එක්සත් රාජධානියේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරුකමින් ජීවත් වන අතර මෙම තත්වය ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයක්ම පාහේ ස්පර්ශ කළ හැකිය. සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුව එය විස්තර කළේ “අද අප මුහුණ දෙන වැදගත්ම අභියෝගවලින් එකක්” ලෙසයි.

    එය මෙසේ පැවසීය: “බර අඩු කර ගැනීම පහසු නොවන අතර අපගේ ලොව ප්‍රමුඛ ස්ථුලතා උපායමාර්ගය මගින් වඩාත් දැනුවත් තීරණ ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න බරක් ලබා ගැනීමට ජනතාව බල ගැන්වීම සඳහා පුළුල් ක්‍රියාමාර්ගයක් ගනු ලැබේ.”

    සාරා ඊට අවධානය යොමු කරන්නේ ඇය හැකි තරම් සෞඛ්‍ය සම්පන්නව සිටීමට සහ ඇයගේ ජීවිතයේ උපරිම ප්‍රයෝජන ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින බැවිනි. ඇය ලස්සන යෝක්ෂයර් ගම්මානයක සාර්ථක වෘත්තීය ජීවිතයක් ගත කරයි. තනිකඩ අම්මා පවසන්නේ ඇගේ ආත්ම විශ්වාසය සෑම අංශයකින්ම ඉහළ මට්ටමක පවතින බවයි.

    තරබාරුකම ගැන ඇය දැන් දන්නා දේ තිබියදීත්, සාරාට තවමත් සිහින් වීමට අවශ්‍යයි. ඇයට අවශ්‍ය වන්නේ ගැළපීමට මිස විනිශ්චය කිරීමට නොවේ.

    විශාල වීම යනු වැරැද්ද කුමක් දැයි සිතීමයි. අවන්හලකදී මිතුරෙකු හමුවීම පවා කාංසාව ගෙන එයි. “පුටු මොන වගේද? මට වාඩි විය හැකි පුටු පුටු තිබේද? එය කඩා වැටිය හැකිද?”

    නමුත් තරබාරුකමෙන් පෙළෙන සමහර පුද්ගලයින්ට, (සාරා තම බර ගැන නොසතුටින් සිටින බව පිළිගැනීම) අපකීර්තිය හා ලැජ්ජාව ප්‍රතික්ෂේප කිරීමට කාලය පැමිණ ඇත. එය “ශරීර ධනාත්මක ව්‍යාපාරය “body positive” ලෙස හැඳින්වේ. සාරා එයට ගරු කළත් එය ඇයට නොවේ.

    “මම ශරීරයේ ධනාත්මක ප්‍රජාව දෙස බලන අතර ඔවුන්ගේ ආත්ම-ප්‍රේමය ඊර්ෂ්‍යා කරමි. නමුත් ඔවුන් කුඩා ප්‍රජාවක් පමණක් වන අතර ලෝකයේ විශාල ප්‍රජාවට වෙනස් ආකාරයකින් සිතන බව මට දැනේ”

    සාරා සහ ඇගේ දියණිය

    සාරාගේ බර පිළිබඳ ගැටළු ප්‍රධාන වශයෙන් ජාන විද්‍යාව දක්වා පහත බැස ඇති හෙයින්, එය ඇගේ දෙහැවිරිදි දියණිය එමිලිට කෙසේ බලපානු ඇත්දැයි ඇය නොදනී.

    තරබාරුකම සමඟ ඇය කළ අරගලයෙන් පසු සාරා බලාපොරොත්තු වන්නේ තම දියණියට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු විය හැකි බවයි.

    “සෑම කෙනෙකුම විවිධ හැඩයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් පැමිණෙන බවත්, අපට විවිධ හිසකෙස් වර්ණ ඇති බවත්, අපට විවිධ උස ඇති බවත්, ඇය මොන වගේද යන්න ප්‍රශ්නයක් නොවන බවත්, මට එය ඇය වීමට අවශ්‍ය බවත් ඇය දැන ගැනීමට මට අවශ්‍යය. එම පණිවිඩය ඇය වෙත ලබා දීම ගැන මම අතිශයින්ම ආශා කරමි‘‘

    තරබාරුකමෙන් පෙළෙන අයට උපකාර කිරීම සඳහා සාරා පුණ්‍යායතනයක් ආරම්භ කර ඇත. ඇය පවසන්නේ කලාතුරකින් ඇහුම්කන් දෙන ප්‍රජාවක් වෙනුවෙන් හඩක් නැගීම මෙහි අරමුණ බවයි.

    තරබාරුකම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති බොහෝ විද්‍යාඥයින්ට සහ වෛද්‍යවරුන්ට මෙම තත්වය සාධකවල එකතුවක් මගින් ඇතිවන සංකීර්ණ රෝගයකි. එම රෝගයෙන් පෙළෙන බවට යමෙකුට දොස් පැවරීම විද්‍යාත්මක සාක්ෂි හමුවේ ඈතට ගමන් කරන බව ඔවුහු පවසති.

    වෛද්‍ය අබ්දුල් ටහ්රානි පවසන පරිදි, “මේ වන විට අපට ඉතා සිහින් සමාජයක් ඇත. තරබාරුකම ඇති සෑම කෙනෙකුටම ඔවුන්ගේ වෛද්‍යවරුන්, අසල්වැසියන් හෝ පවුලේ අය හෝ සමාජය විසින් නිමක් නැති වාර ගණනක් දොස් පවරා ඇත. කරුණාකර එය නවත්වන්න”

    බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ලෝ ප්‍රකට Carry On Camping බිකිනියට‘ වසර 51කට පසු ලක්ෂ 19ක්

    ලෝ ප්‍රකට Carry On Camping බිකිනියට‘ වසර 51කට පසු ලක්ෂ 19ක්

    බාබරා වින්ඩ්සර් 1960 ගණන්වල Carry On චිත්‍රපටවල පෙනී සිටීමට පටන් ගත්තේය

    පරණ ඇදුමක මිල කීයක් විය හැකිද ? ඒක බිකිනියක් – bikini නම් ! හිතා ගන්න බැහැ නේද ? ඒත් ජනප්‍රිය පුද්ගලයින්ගේ, ඇතැම් සුවිශේෂ සිදුවීම්වල සම්බන්ධ හැම දේකටම ඉහළ මිලක් තිබෙනවා. ඇතැම් විට ඒකට නියම වන මිල ඔබට හිතා ගන්නවත් බැහැ. ඒ නිසාම ඒක ජාත්‍යන්තර පුවතක් බවට පත් වෙනවා. මේ එවැනි බිකිනියක් ගැන විස්මිත කතාවක්.

    ඩේම් බාබරා වින්ඩ්සර්  Dame Barbara Windsor කියන්නේ 1960 දශකයේ ලෝකයේ සිටි සුපිරිම නිළියක්. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට ඒ යුගයේ අතිෂය ජනප්‍රිය වුණා. මේ අතර බාබරා 1969 දී කැරී ඔන් කැම්පිං – Carry On Camping චිත්‍රපටයේ රගපෑවා. එය අතිෂයින් ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් වුණා. එම සුපිරි චිත්‍රපටයේදී බාබරා පැළඳ සිටි බිකිනි පසුගිය දා වෙන්දේසියට ඉදිරිපත් වුණා. ! එහිදී එම බිනිකි ඩොලර් 9500කට, ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 19කට අලෙවි වුණා.

    දුරකථන සහ මාර්ගගත ගැනුම්කරුවන් අතර ලංසු තැබීමෙන් පසුව මෙම භාණ්ඩය ඇමරිකානු ගැනුම්කරුවෙකුට විකුණනා තිබෙනවා. ඔහු කවුරුන්දැයි හෙළි වී නැහැ.

    මේ බිකිනිය අතිෂය ජනප්‍රිය වුණේ කිසිවක් නිසා නොවෙයි. Carry On Camping චිත්‍රපටයේ බාබරා ව්‍යායාම පංතියක් මධ්‍යයේ ඇගේ බිකිනි ඉහළට විසිකරන දර්ශනය ප්‍රසිද්ධ වීම නිසයි. මෙම දර්ශනය වඩාත් නිවැරදිව ගැනීමට එය තෙවරක් යළි යළි රූගත කිරීමට සිදු වුණා.

    මෙම බිකිනිය ඇතුළු බාබරාගේ භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායම ඇල්සයිමර් සංගමයට පරිත්‍යාග කරන බවයි වාර්තා වන්නේ. ඊට හේතුව වන්නේ වසර 83ක් ආයු වැළදා බාබරා පසුගිය දෙසැම්බර්යේ මිය ගියේ ඇල්සයිමර් රෝගයෙන් වීමයි.

    කැරී ඔන් කැම්පිං හි දර්ශනයේ ඡායාරූපයක් ඇගේ භාණ්ඩ වෙන්දේසියට ඇතුළත් කර ඇති අතර ඒ ඇයගේ සුප්‍රසිද්ධ උපුටා දැක්වීමත් සමඟයි. “එම පින්තූරය අවසානය දක්වා මා අනුගමනය කරනු ඇත.”

    කැරි ඔන් කැම්පිං හි බාබරා වින්ඩ්සර් විසින් පැළඳ සිටින බිකිනි
    කපු තුවා බිකිනි සඳහා ඩොලර් 800 ත් 1,200 ත් අතර මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළා.

    මෙම වෙන්දේසිය ගැන ඩේම් බාබරාගේ ස්වාමිපුරුෂයා වන ස්කොට් මිචෙල් මෙසේ පැවසුවා : “එම ප්‍රසිද්ධ දර්ශනයට සම්බන්ධ ඕනෑම අයිතමයක් ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන අයට උපකාර කිරීම සඳහා මුදල් රැස්කරනු පිණිස යෙදවීමයි ඇයගේ අපේක්ෂාව වුණේ. එය ඇයට කරන ගෞරවයක් ‘‘

    ප්‍රසිද්ධ කැරි ඔන් සීන් අතරතුර බාබරා වින්ඩ්සර්
    ඩේම් බාබරා පෙනී සිටියේ කැරී ඔන් චිත්‍රපට නවයක පමණි

    වෙන්දේසිකරු කෙරී ටේලර් මෙසේ පැවසුවා “කැරි ඔන් චිත්‍රපටවල රසික රසිකාවියන්ගේ සිට බාබරා වින්ඩ්සර්ට ආදරය කරන අය දක්වා මෙම බිකිනි ගැන උනන්දු වෙනවා. ඒ සමග ඇයගේ හාස්‍යය පිළිබඳ හැඟීම සහ සුපිරි රංගන හැකියාව කිසිදා අමතක කළ නොහැකියි. ඇය සැබෑ වෘත්තිකයෙක්. රූගත කිරීම් අතරතුරදී ඇයට මෙතරම් අපහසුතාවයක් ඇති කළ බිකිනියක් දැන් එතරම් හොඳ අරමුණක් කරා ගමන් කරාවි”

    ඇල්සයිමර් සමිතියේ ප්‍රධාන විධායක කේට් ලී මෙසේ පැවසීය: “ඩේම් බාබරා වින්ඩ්සර් ඇගේ ඩිමෙන්ශියා රෝගය ගැන කතා කරන විට බොහෝ දෙනෙකුට ආස්වාදයක් ලබා දුන්නා. ඇය සහ ඇගේ සැමියා ස්කොට්ගේ නොසැලෙන සහයෝගය අපිට නිතර හිමි වුණා.

    බී.බී.සී වාර්තාවකි – සැකසුම – තුෂාධවි

  • ‘ශරීර ධනාත්මක වීම‘ සරාගීකම කියන සංකේතයක් ද ?

    ‘ශරීර ධනාත්මක වීම‘ සරාගීකම කියන සංකේතයක් ද ?

    සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් පළ වන දේෂ සහිත සෙල්ෆි නිසා රූපලාවන්‍ය මෙන්ම කාන්තාවන් අතර මානසික ආතතිය ඇතුළු ගැටලු රැසක් පැන නැගී ඇති බව මනෝ විද්‍යාඥයින් මෙන්ම රූපලාවන්‍ය විශේෂඥයින් ද කියනවා.

    මේ විනාශකාරී චර්යාව සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන රුපලාවන්‍ය විශේෂඥ අරුන්දතී මල්හෝත්‍රා මෙසේ කියනවා. ‘‘ සමාජ මාධ්‍ය ව්‍යාජ රූපලාවන්‍ය ප්‍රමිතීන් දක්වන දෝෂ සහිත සෙල්ෆි වලින් පිරී ඇති අතර ඒවා වේගයෙන් වෛරස් වේ. ඒත් ඒ සියල්ල සැබෑ නොවන බව මතක තබා ගැනීම වැදගත් වන අතර සමහර ඒවා අව්‍යාජ ඒවා වුවද එය එතරම් වැදගත් නොවේ‘‘

    බර, සමේ තානය, කුරුලෑ, පියයුරු, උකුළු, දෙතොල් ඇතුළු ඔබේ පෙනුම වැරදියි කියා ඔබට සිතිය හැකි වෙනත් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඔබට ඔබේ ශරීරය ගැන ස්වයං වින්දනයක් ලබා ගත හැකිය, නමුත් ඒවා මගින් ඔබට ඔබ අහිමි කිරීමට ඉඩ නොදෙන්න‘‘ ඇය වැඩි දුරටත් පවසයි.

    ශරීර ධනාත්මකතාවය (Body positivity) යනු සෑම කීර්තිමත් පුද්ගලයෙකු සහ සාමාන්‍ය පුද්ගලයෙක්ම එක හා සමානව එකඟ වන දෙයක් වන අතර එය ඇතැම් විට ඍණාත්මක බලපෑම් ඇති කරයි. උදාහරණයක් ලෙස සෙල්ෆි ඡායාරූප මගින් ව්‍යාජ සුන්දරත්වයක් සහ රූපලාවන්‍ය ප්‍රමිතීන් ප්‍රවර්ධනය දැක්විය හැකිය.

    (ශරීර ධනාත්මකතාවය (Body positivity) යනු පුද්ගලයන්ගේ ශාරීරික බර හෝ ප්‍රමාණය නොසලකා බල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරන සමාජ ව්‍යාපාරයකි, එසේම සමාජය විසින් භෞතික ශරීරය ඉදිරිපත් කරන හා දකින ආකාරය අභියෝගයට ලක් කරයි. ශාරීරික හැකියාව, ප්‍රමාණය, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය හෝ පෙනුම නොසලකා සියලු ශරීර පිළිගැනීමට මෙම ව්‍යාපාරය උපදෙස් දෙයි)

    මෙහිදී දීර්ඝ කාලයක් පුරා සමාජයේ පවතින ශරීර ධනාත්මකතාව පිළිබද නිවැරදි නොවන ප්‍රමිතීන් ප්‍රවර්ධනය සිදුවන අතර ඇතැම් විට එය හිංසාකාරී එකක් බවට ද පත්වේ. නැතහොත් අනෙකාගේ මානසිකත්වයට ඍජුව ඍණාත්මක බලපෑමක් කරන දෙයක් බවට පත් වේ. සමාජ මාධ්‍ය, විශේෂයෙන් ඉන්ස්ටග්‍රෑම් මෙහිදී ඉදිරියෙන්ම තිබේ. 

    මේ අතර ධනාත්මක ප්‍රවණතාවක් ලෙස සුන්දරත්වය පිළිබඳ සමාජ දෘෂ්ටියට නිර්භීතව හා පැහැදිලිවම අභියෝග කරන බලපෑම් කරන්නන් ද සිටිති.

    ජෝර්ජි ක්ලාක් (Georgie Clarke)

    සම

    ශරීර ධනාත්මක බලපෑම්කාරියක වන ජෝර්ජි ක්ලාක් (Georgie Clarke) උදාහරණයක් ලෙස ගන්න. (ජෝර්ජිනා “ජෝර්ජි” ක්ලාක් යනු මධ්‍යම දුර ඉසව් සඳහා විශේෂඥ වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවකි. ඇය තරුණ හා කනිෂ්ඨ මට්ටමින් ජාත්‍යන්තර පදක්කම් කිහිපයක් දිනා ගත්තාය. ඇය වයස අවුරුදු 16 දී සිඩ්නි නුවර 2000 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වූවාය. ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ මිලියනයකට අධික පිරිසක් ඇත)

    මෙම විශ්මය ජනක කාන්තාවගේ ඉන්ස්ටා පිටුව අපට පෙන්වන්නේ ඉන්ස්ටග්‍රෑම් ආභාෂය ලබා ගැනීමට කැමති වන්නේ කෙසේද යන්නයි. ඇය තමා විසින්ම පින්තූර ගන්නා අතර ඇය හොඳම දේ පමණක් පළ නොකරයි, නමුත් ඇගේ ශරීරය සැහැල්ලුවෙන් හා සාමාන්‍ය ලෙස පවතින ඊනියා ‘පරිපූර්ණ ඡායාරූපය’ අසල තවත් පින්තූරයක් පළ කරයි. එමගින් මිනිස් සිරුර පෙනුමෙන් නොසන්සුන් වී පින්තූරයක් සඳහා පෙනී සිටින ආකාරය ඔබට දැක ගත හැකිය.

    සියලු ශරීර පරිපූර්ණ බව කාරුණික හා විශ්මය ජනක මතක් කිරීමකි. ඔබට නිවැරදි කෝණික ක්ලික් කිරීමක් නොලැබුණු පමණින් ඔබ අලංකාරයට වඩා අඩු දෙයක් නොවේ. ජෝර්ජි ශරීර බරින් පමණක් නතර නොවන අතර, ඡායාරූප සහ විවිධ ආලෝක සැකසුම් (the relation between different light settings) අතර ඇති සම්බන්ධය ද හෙළි කරයි, face tune apps  සහ තවත් බොහෝ දේවල ඔබේ ශරීරයේ සැබෑ තත්ත්වය ඉස්මතු කිරීමට හෝ සැඟවීමට හැකි ආකාරය ද ඇය තම ඡායාරූප මගින් හෙළි කරයි. 

    සෙලෙස්ටෙ බාබර් Celeste Barber

    සම


    සෙලෙස්ටෙ බාබර් කීර්තිමත් පුද්ගලයින්ගේ අන්තර්ගතයන් ලබාගෙන එය සැබෑ කාන්තාවන්ට සාපේක්‍ෂ වන අයුරු හෙළි කරයි. කීර්තිමත් පුද්ගලයින් ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පරිපූර්ණ වීඩියෝ පළ කරන විට ඇයගේ හාස්‍යය එතරම්ම අගනේය. ඇයගේ මේ ක්‍රියාවට කීර්තිමත් පුද්ගලයින් සහ ඇතැම් විට ඔබ ද කැමති නොවිය හැකිය. එහෙත් බාබර් අනුගමනය කරන හා ඇය නිසා දිරිමත් වන කාන්තාවන් මිලියන ගණනකි.

    සෙලෙස්ටෙ යනු කීර්තිමත් පුද්ගලයන් සහ සැබෑ ජීවිත අන්තර්ගතයන් සඳහා අයිස් කඩන යන්ත්‍රයක් වැනි ය. ඊටත් වඩා, ඇය සිය ගිණුමෙන් අති විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, ඇය තමාගේම යූ ටියුම් නාලිකාවක් සාර්ථකව පවත්වා ගෙන යන්නීය. ඒ සියල්ල කළේ ඇය සතු අනුපමේය කැපවීම හා නිර්මාණශීලීත්වය නිසාය.

    සෑම මිනිත්තුවක් පාසාම නව ශරීර ධනාත්මක පෝස්ට් එකක් අප සතුව ඇති අතර, ‘‘ශරීර ධනාත්මක වීම ඇත්ත වශයෙන්ම සරාගී ය‘‘ යන අදහස සනාථ කිරීම සඳහා තමන්වම භාර ගන්නා මෙවැනි බලපෑම්කරුවන්ට ස්තුති වේ!

    ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

  • කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය

    කිරි ගව පාලනයේදී සතුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම, එහි වැදගත්කම හා පෝෂක සංරක්ෂණය

    සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ  නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය

    කිරි ගව පාලනය අතීතයේ සිට මේ දක්වා දායම් උත්පාදන ක්‍රියාවලියක් ලෙස ග්‍රාමීයව ප්‍රචලිතය. මෙහිදී පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේලක් සතුන් සඳහා සැපයීම් ප්‍රබල අභියෝගයකි. නූතනයේ ගොවීන්, සතුන් හට  සාන්ද්‍ර ආහාර ලබාදීම  මගින් පමණක්  ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාග ගත හැකි බව විශ්වාස කරයි.  

    කෙසේ වෙතත් තත්වයෙන් උසස් තන්තුමය ආහාර ලබාදීම මගින් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාග ගත හැකි බව බොහෝ දෙනාගේ අවධානයට යොමුවී  වී නොමැත. එබැවින් තත්වයෙන් උසස්    තෘණ ආහාර   සැපයීම ගැන අවධානය යොමු කළ යුතු වේ.

    කිරි ගව පාලනයේදීදී දැරීමට සිදුවන ප්‍රධාන පිරිවැයක් ලෙස ආහාර සැපයීමේ පිරිවැය හදුනාගෙන ඇත. ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර සැපයීම සත්ත්ව නිෂ්පාදනයේ තිරසාරභාවයටමනා පිටුවහලක් වේ. තත්ත්වයෙන් උසස් ආහාර නිපදවීම හා ඒවාසත්ත්ව පරිභෝජනය සදහා ලබාදීම මගින් පොදුවේ රටක ආහාර සුරක්ෂිතභාවය ඉහළ නැංවීමට ලබාදෙන්නේ ඉමහත් දායකත්වයකි.

    ගව පාලනයේදී පෝෂණ ගුණයෙන් ඉහළ තෘණ හා සාන්ද්‍ර ආහාර සැපයීම මගින් නිෂ්පාදන ගුණාත්මකභාවය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි.සතුන් නිරෝගිමත්ව හා ශක්තිමත්ව තබාගැනීම සදහා පෝෂක සමතුලිත ආහාර වේලක් ලබාදීම අත්‍යාවශ්‍ය වේ.එමගින් සතුන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ගත හැකි අතර නිරෝගි බවින් යුතු ඉහළ නිෂ්පාදන විභවයක් ඇති සතුන් බිහිකිරීමේ හැකියාවද ඉහළ නැංවේ. ශ්‍රී ලංකාවේ ගව පාලනය සිදුකිරීමේදී බෙහෙවින් ස්වභාවික තෘණ මගින් පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා අතර සාන්ද්‍ර ආහාර සදහා වානිජ වශයෙන් නිපදවන ආහාර යොදා ගනී.

    සාන්ද්‍ර ආහාර ලෙස පොල් පුනක්කු, සහල් නිවුඩු, බියර් මන්ඩි, පරිප්පු පොතු යනාදිය භාවිතා කෙරේ. වානිජ මට්ටමින් නිපදවන සත්ත්ව ආහාර හා අනෙකුත් සාන්ද්‍ර ආහාර ද්‍රව්‍යයන්හිද මිල අධිකය. භුමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව කුඩා රටක් වන බැවින් ගව පාලනය සදහා තෘණ භූමි සකස් කිරීම තරමක් අපහසු කාර්යයකි. එසේම ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකකටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක් වියළි කලාපයට අයත් වන බැවින්, වියළි කාලවලදී නැවුම් තෘණ ලබාගැනීම බෙහෙවින් අසීරු කාර්යයකි.

    බොහෝ කිරි ගොවීන්ගේ අදහස වන්නේ සාන්ද්‍ර ආහාර නොමැතිව කිරි නිෂ්පාදනය ඉහළ නංවාලිය නොහැකි බවයි. කෙසේ වෙතත් ක්‍ෂේත්‍රයේවිශේෂඥයින්පවසන්නේ තත්ත්වයෙන් උසස් තෘණ හා නියමිත පරිදි  ලබාදීම මගින් හොද නිෂ්පාදන ධාරිතාවයක් ඇති සතෙකුගෙන් කිරි ලීටර 8ක් පමණ දිනකට ලබාගැනීමේ හැකියාව පවතිනබවයි.

    මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ ගව පාලනයේදී පෝෂක ආහාර ලබාදීමේ වැදගත්කම සොයා බැලීම සහ තත්ත්වයෙන්උසස් ආහාර සංරක්ෂණය කර සතුන්ට ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබද සොයා බැලීමයි. මෙහි දී විශේෂයෙන්ම නැවුම් තෘණ සැපයීම, පිදුරු සැපයීම, ඒවායේ පෝෂණ ගුණත්වය ඉහළ නැංවීම මෙන්ම ආහාර සංරක්ෂණ ක්‍රමවේද පිළිබදවද සොයා බැලේ. මෙම ලිපිය සැකසීම සදහාඅවශ්‍ය තොරතුරු සාහිත්‍ය විමර්ශනයන් තුළින් හා කිරි ගව පාලනය සම්බන්ධව සිදුකළ අධ්‍යනයන්ද ගොවීන් හා අනෙකුත් ක්‍ෂේත්‍රයට අදාළ නිලධාරින්  සමග සිදුකළසාකච්ඡාද උපයෝගි කර ගන්නා ලදි.

    ගව පාලනයේ ප්‍රධාන ආහාර

    ගව පාලනයේදී සත්ත්ව පෝෂණය සදහා ප්‍රධාන වශයෙන් ආහාර කාණ්ඩ තුනක් යොදා ගැනේ.

    1. හරිත හෝ නැවුම් තෘණ ආහාර
    2. වියළි තෘණ ආහාර
    3. සාන්ද්‍ර ආහාර

    නැවුම් තෘණ හා වියළි තෘණ යන ආහාර වර්ග දෙක රළු ආහාර ලෙස හැදින්වේ. ඒවා තුළඅධික තන්තු ප්‍රමාණයක් අඩංගු වේ. මේවායේ ඒකකයක අඩංගු පෝෂණ පාදාර්ථ ප්‍රමාණය අඩුය. විද්‍යාත්මක ලෙස සතුන්ට ආහාර ලබාදීමේදී විවිධ ආහාරවල අඩංගු පෝෂණ සංඝටක ප්‍රමාණයන් විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම ඉතා වැදගත්ය. සතුන්ගේ පෝෂණ අවශ්‍යතා ඔවුන්ගේ ‘ශාරිරික අවස්ථාව‘ අනුව වෙනස්වේ.උදාහරණ ලෙස කිරි ගව පාලනයේදී පැටවුන් සදහා වෙනම ආහාර සලාකයක්ද, කිරි දෙනුන්, පැටවුන් බිහිකිරීමට සිටින සතුන්, පිරිමි සතුන් ආදි සත්ත්ව කොට්ඨාසය අනුව හා සතුන්ගේ ශාරිරික තත්වයන් මත ආහාර සලාක වෙනස්වේ. කිරි ගව පාලනය සාර්ථකව පවත්වාගෙන යාම සදහා සතුන්ට නියමිත පරිදි ආහාර ලබාදීම ඉතා වැදගත්ය.

    ආහාර සංරක්ෂණය

    වර්තමානයේ සුළු පරිමාණ කිරිගොවීන් බොහෝ විට සත්ත්ව ආහාර සපයා ගනු ලබන්නේ ස්වභාවික තෘණ භූමි උපයෝගි කරගෙනය. එබැවින් කිරි නිෂ්පාදනය ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය ආහාර ස්වභාවික තෘණ යොදාගෙන ලබාගැනීමවියළිකාලවලදී තරමක් අපහසු කාර්යයකි. එනිසා වියළි කාලවලදී ප්‍රමාණවත් තරම් ගුණාත්මක ආහාර සැපයීම සදහා ආහාර සංරක්ෂණය ඉතා වැදගත්වේ.

    ප්‍රධාන වශයෙන් ගව ආහාර සංරක්ෂණය කළ හැක්කේ පිදුරු හෝ සයිලේජ නිෂ්පාදනය කිරීම මගිනි. තෘණ අතිරික්ත ලෙස පවතින කාලවලදී පෝෂණ තත්ත්වය ප්‍රශස්ථ ලෙස පවතින 10% ක පමණ මල්පිපී ඇති තෘණ කපා වියළා ගැනීම මගින් පිදුරු හා සයිලේජ් සාදා ගත හැකිය.

    කෙසේ වෙතත් ලංකාවේ බොහෝ ගොවීන් තම සතුන්ට සයිලේජ් හෝ පිදුරු ආහාර ලෙස ලබාදීම ඉතා අල්ප වශයෙන් සිදුවේ. මේ හේතුව නිසා සංරක්ෂණය කළ ආහාර අනුභවයට සතුන් මැලිකමක් දක්වයි. කෙසේ වුවද මෙම ආහාර ක්‍රමාන්‍රකූලව සතුන්ට ලබාදී ඔවුන් එම ආහාර සදහා හුරු කරලීම ඉතා වැදගත් වේ. එසේම වියළි කාලවලදී ආහාර රුචිය වැඩිකරන ආහාරයක් ලෙස සයිලේජ් ලබාදීමද සිදුකළ හැකිය. වියළි කාලවලදී පෝෂණ ගුණත්වයෙන් ඉහළ ආහාර ලබාදීම මගින් වර්ෂය පුරා අඛණ්ඩව ඉහළ කිරි ආදායමක් ලබාගැනීම සදහා ආහාර සංරක්ෂණය කිරීම ඉතා වැදගත්ය.කාලගුණික තත්ත්වයන් හා පවතින සම්පත් මත පදනම්ව තණකොළ හා වෙනත් ආහාර පිදුරු හෝ සයිලේජ් ලෙස සංරක්ෂණය කළ හැකිය.

    පිදුරු සෑදීම

    සකස් කළ පිදුරු

    තෘණ සහ රනිල ශාඛ පිදුරු  සැදීම සදහා භාවිතා කළ හැකිය. සත්ත්ව ආහාරවල අඩංගු පෝෂණ පදාර්ථ එලෙසම පවත්වා ගනිමින් තත්ත්වයෙන් උසස් ආහාර ලබාදීමේ අරමුණින් පිදුරු නිපදවීම සිදුවේ. පිදුරු සෑදීමේ දී තෘණ හා  අනෙකුත් ආහාරවල අඩංගු ජලය ප්‍රමාණය අඩුකරන බැවින් ප්‍රවාහනය හැසිරීම හා ගබඩා කිරීම පහසුය.එමෙන්ම ඒවා සකස් කිරීමේදී තෘණ හා අනෙකුත් ආහාර අඩු කාලවලදී පාවිච්චි කිරීමට හැකිවන පරිදි තෙතමනය අඩුකිරීම සිදුවන අතර ඒ අනුව පිදුරුවල තෙතමන සාමාන්‍ය 15% දක්වා අඩු කිරීම කළ යුතුය.

    පිදුරු සැදීමේ දී වැදගත් වන කරුණු

    1. පිදුරු සෑදීම සදහා අස්වනු නෙළීමේදී පුර්ව සපුෂ්පක හෝ අපුෂ්පක අවධියේ තෘණ හා රනිල ශාඛවල අස්වනු නෙළිය යුතුය.

    2.  වැසි රහිත දිනවලදී අස්වැන්න නෙළීම වඩා උචිතය.

    3. නැවුම් තෘණ වියළීමේදී තද අව්වට නිරාවරණය වීම සුදුසු නොවන අතර නැවුම් තෘණ වියළීමේදී සෙවන සහිත ස්ථානවල වියළීම වඩා සුදුසුය.

    4. හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි කිහිප විටක් සුළං වැදීමට සැලැස්වී කළ යුතුය

    5. වියළීමෙන් අනතුරුව ආවරණයක් සහිත ස්ථානයක හැකි ඉක්මණින් ගබඩා කිරීම සුදුසුය

    6. වියළාගත් පිදුරු වල තෙතමනය 15% දක්වා අඩුකර ගබඩා කළ යුතුය

    රනිල පැලෑටි උපයෝගී කර ගනිමින් පිදුරු  සකස් කර පිදුරු මිටි සකස් කරන්නේ නම් ඒ සදහා අවශ්‍ය රනිල අස්වැන්න නෙළාගත යුතු වන්නේ25% -50% අතර මල් හට ගන්නා  අවස්ථාවේදීය.

    අස්වැන්න ලෙස නෙළු රනිල ශාඛ හෝ තෘණ වියළීම සදහා කෙතෙහි තුනී කිරීම සිදුකරන අතර වියළීම ඉක්මන් කිරීම සදහා කිහිප වතාවක් ඒවා පෙරළීමට ලක්කරමින් වේලාගැනීම සිදුකළයුතුය. මෙහිදී තද අව්වේ වියළීම මගින් තෘණ හා රනිල ශාඛවල ඇති පෝෂණ පදාර්ථ විනාශ විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන්  විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය.

    මෙහිදී දැඩි හිරුඑළිය උපයෝගි කර ගැනීමට වඩා කෘත්‍රීමව වියළීම මගින් තත්ත්වයෙන් උසස් පිදුරු නිපදවීමේ හැකියාව පවතී.කෘත්‍රීම වියළීමේදී කපා අතුරා ගත් තෘණ හෝ රනිල ශාඛ මතතරමක් උෂ්ණත්වය වැඩි සුළං ධාරා කිහිප විටක් ගමන් කරවීම මගින් වියළාගැනීම සිදුකෙරේ. මෙම ක්‍රමය මගින් තත්වයෙන් ඉහළ පිදුරු සකසා ගතහැකි වුවත් ඒ සදහා අධික පිරිවැයක් දැරීමට සිදුවේ. එබැවින් මෙම ක්‍රමය කුඩා පරිමාණයේ ගොවීන්ට භාවිතා කළ නොහැකිය. කෙසේ වෙතත් පරිසරයේ ජලවාෂ්ප අඩු අවස්ථාවල හිරු එළිය උපයෝගි කරගනිමින් අනාගත ප්‍රයෝජනය සදහා වියළි තෘණ (පිදුරු) සාදාගැනීමේ හැකියාව පවතී.

    පිදුරු ගබඩා කිරීමේදී තෙතමනය 15% දක්වා අඩුකරගැනීම තුළින් ඒවා පෝෂණ ගුණයෙන් පවත්වා ගැනීම හා විනාශ වීමකින් තොරව ගබඩා කර තබාගැනීමට හැකියාව ඇත.කෙසේ වෙතත් පිදුරු ගබඩා කරන ස්ථානවලට හොඳින්වාතාශ්‍රය ලැබිය යුතුය.

    පිදුරු ගබඩා කිරීමේදී ජලය ප්‍රමාණය 15% වඩා වැඩිවු විට එම පිදුරු ස්වභාවිකව වියෝජනය වීමට පටන් ගනී. එසේම ඒවා ආශ්‍රිතව දිලීර හා බැක්ටීරියා වර්ධනය වීමක්ද දැකගත හැකිය. මෙලෙස වියෝජනයවු පිදුරු සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීම සුදුසු නොවේ. එබැවින් තත්වයෙන් උසස් පිදුරු නිෂ්පාදනය සදහා පිදුරු නිෂ්පාදනයේදී ඉහතින් සදහන් කළ කරුණු ගැන අවධානය යොමුකළ යුතුය.

    කපාගත් තෘණ ඔක්සිජන් නොරැඳෙන සේ ගබඩා කිරීම්

    සයිලේජ් නිෂ්පාදනය

    ‘‘සයිලේජ්‘‘ යනු කෘතිමව හෝ ස්වභාවිකව ඇසිඩ් යොදාගෙන ගව ආහාර වන තෘණ බෝග අවශේෂ සහ අනෙකුත් සතුන්ට ආහාරයට ගත හැකි කාර්මික අවශේෂ සංරක්ෂණය කිරීමයි.සයිලේජ් සාදා ගැනීම සදහා යොදාගත හැකිමුලික ද්‍රව්‍ය ලෙස නැවුම් තෘණ, රනිල ශාක, අනෙකුත් බෝග වන බඩ ඉරිගු, කුරක්කන්, ඕට්ස්, තිරිගු සහ සෝගම් වැනි භෝග අවශේෂ යොදා ගත හැකිය.

    මෙහිදී නිර්වායු ස්වසනය යටතේ ආහාර සංරක්ෂණය කෙරේ. සයිලේජ් නිෂ්පාදනයේ දී තෘණ හා භෝග අවශේෂ ලැක්ටික් ඇසිඩ් යොදා සංරක්ෂණය කිරීම බහුලව සිදුකෙරේ. මෙහිදී නිර්වායු තත්ත්ව යටතේදී මෙම තෘණ පැසීමට ඉඩ හැරීම සිදුවේ. මෙම ක්‍රියාවලියේදී ශාක කොටස්වල ඇති ජලයේ දියවන කාබෝහයිඩේඩ් පැසවීම, ලැක්ටික් ඇසිඩ් වියෝජනය කරන බැක්ටීරියා මගින් සිදුකරයි. එය සිදුකිරීමේදී ලැක්ටික් ඇසිඩ් හා සුළු වශයෙන් ඇසිටික් ඇසිඩ් නිෂ්පාදනය වේ. මෙමගින් තෘණ සංරක්ෂණය සිදුකර අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදුකරන වියෝජනය අඩුකර සත්ත්ව ආහාර හිග කාලවලදී ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි ගබඩා කර තබා ගත හැකිය. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ඉතා පරිස්සමින් සිදුකර ගතයුතුය. එසේ නොමැති වුවහොත් අනෙකුත් බැක්ටීරියා මේ මත ක්‍රියාත්මක වී තත්ත්වයෙන් අඩු සයිලේජ් සකස් විය හැකිය. මෙහිදී ‘බියුට්‍රික් ඇසිඩ්‘ (ButyricAcid)  නිෂ්පාදනය වුවහොත් සතුන්ගේ ආහාර රුචිය අඩුවීම සිදුවේ.

    සයිලේජ් නිෂ්පාදන ක්‍රියාවලිය

    1. තත්ත්වයෙන් උසස් තෘණ භෝග අවශේෂ නියමිත කාලවකවානුවලදී අස්වැන්න ලෙස නෙළා ගැනීම
    2. මේවායේ ඇති ජල ප්‍රමාණය 30% දක්වා අඩුකිරීම
    3. මැලවී ඇති තෘණ සෙන්ටිමීටර් 1-3 දක්වා අතර කුඩා කැබලිවලට කපා ගැනීම
    4. පැසවීම සදහා අවශ්‍ය බැක්ටීරියා වර්ග හදුන්වා දීම
    5. කපා වේලාගත් තෘණ එකිනෙකට ආසන්නව වාතය නොරැදෙන ලෙස ගබඩා කිරීම, තෘණ ස්ථර ලෙස සකස් කර ඒ මත පැසවීමට අවශ්‍ය බැක්ටීරියා යොදා නැවත ඒ මත තෘණ ස්ථරයක් දැමීමෙන් පසු හැකි ඉක්මනින් මෙම ක්‍රියාවලිය අවසන් කළ යුතුවේ. ඉන්පසු මෙම ගොඩගැසු තෘණ වෙත වාතය ඇතුළු නොවන සේ හැකි ඉක්මනින් සීල් කිරීම  කර  සතුන්ට ආහාර ලබාදෙන අවස්ථාව තෙක්ම නිර්වායු තත්වයේතබාගත යුතුය. එසේ නොමැති වුවහොත් ආහාරවල තත්ත්වය හීන විය හැකිය.

    සයිලේජ නිෂ්පාදන ක්‍රියාදාමය ප්‍රධාන අවස්ථා හතරක් යටතේ විස්තර කළ හැකිය. එය ‘‘එයරෝබික් අවධිය‘‘ ලෙස නම් කෙරේ. මෙහිදී‘සයිලේජ් පිට්‘ එක සාදාගැනීමෙන් අනතුරුව එය හැකි ඉක්මනින් වාතාශ්‍රයනොලැබෙන සේ මුද්‍රා තැබීමෙන්පසුවද තවදුරටත් වාතය ඉතිරි වුවහොත්,එම ඔක්සිජන් ක්ෂුද්‍ර ජීවින් මගින් සහ ශාඛ කොටස් ස්වසනයට යොදාගනිමින් අඩුකරයි. මෙම ක්‍රියාවලිය පැය කිහිපයක් පවතී. මෙම සයිලේජ් පිට්එක තුළ අඩංගු ඔක්සිජන් ඉවත්වු පසුනිර්වායු තත්ත්ව යටතේ දෙවැනි අවස්ථාව ලෙස ‘පැසවීම‘ආරම්භ වේ. මෙම අවස්ථාව දින කිහිපයක් හෝ සති කිහිපයක් පැවතිය හැකිය. මෙම ක්‍රියාවලියේදී ලැක්ටික් ඇසිඩ් නිෂ්පාදනය කරන බැක්ටීරියා ගහනය වැඩිවී සයිලේජ් පිට් එක තුළPH අගය3.5  සිට 4.5 දක්වා අඩුවේ. PH අගයඅඩුවීම සාර්ථකව සිදුකර ගැනීම සදහා 30% දක්වා වියළා ගත්තෘණ යෙදීම අත්‍යාවශ්‍ය වේ.

    තුන්වෙනි අවධිය ස්ථාවර වීමේ අවධියයි. එම අවධියේදී සයිලේජ් පිට් එක තුළට වාතාශ්‍රය ඇතුළු නොවන සේ නිර්වායු තත්ත්ව පවත්වාගෙන යාම වැදගත් වේ. මෙම අවස්ථාවේ PH අගය අඩු මට්ටමක පවතී. කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී ඇසිඩ්වලට ඔරොත්තු දෙන වෙනත් ක්ෂුද්‍ර ජීවීන් මේ මත සිටිය හැකිය.

    හතරවන අවස්ථාව ලෙස සයිලේජ් ආහාරයක් ලෙස සතුන්ට ලබාදීමේ අවධිය නම්කළ හැකිය. මෙහිදී මීයන් වැනි සතුන් සිදුරු තුළට රිංගීම මගින්සකස්කරගත් සයිලේජ් පිට් එක තුළ නිර්වායු තත්ත්වය වෙනස් විය හැකි බැවින් ඒ ගැන නිතර අවධානය යොමුකළයුතුය. එසේම මෙම අවස්ථාවන්වලදී සයිලේජ් පිට් එක තුළඋෂ්ණත්වය ඉහළ යාම මගින් ආහාර දිරා යාමට පුළුවන. එබැවින් එම තත්ත්ව නිරන්තරයෙන් පරික්ෂා කර බැලිය යුතුය.

    කෙසේ වෙතත් නිවර්තන කලාපීය තෘණවලට වඩා සෞම්‍ය කලාපවල තෘණ සයිලේජ් නිපදවීම සදහා වඩා උචිත වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ නිවර්තන කලාපීය තෘණවල අඩංගු ජලයේ දියවන ‘කාබෝහයිඩ්‍රෙඩ්ප්‍රමාණය අඩුවීමයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය මග හරවා ගැනීමට ඉක්මනින් ශාක කොටස් මැලවීම සිදුකළ යුතුවේ. මෙලෙස වියළා ගත් ශාක කොටස්වලට මොලැසස් යෙදීම මගින් හොද තත්ත්වයේ සයිලේජ් සාදා ගත හැකිය.

    සකස් කරගත් සයිලේජ්

    සයිලේජ් නිෂ්පාදනයේ ඇති වාසි

    1. සත්ත්ව ආහාරවල පෝෂණ ගුණාංග විනාශ නොවී වැඩි කාලයක් තබා ගැනීමේ හැකියාව.
    2. අහිතකර කාලගුණ තත්වවලදී තත්ත්වයෙන් උසස් ආහාර ලබාදීම
    3. සත්ත්ව ආහාර පරිපූර්ණ ආහාරයක් බවට පත්කිරීම සඳහා මොලැසස් වැනි දෑ එකතු කර ගුණාත්මක භාවය ඉහළ නැංවීම
    4. අහිතකර කාලගුණික තත්ත්ව යටතේ වුවද සයිලේජ් නිපදවා ගත හැකිවීම
    5. සතුන්ගේ ආහාර රුචිය හා ආහාර දිරවීමේ පහසුව ඇති කිරීම
    6. ගබඩා කිරීම සදහා අඩු ඉඩකඩක් අවශ්‍ය වීම
    7. වෙනත් බෝගයක් වගාකර ගත හැකි ලෙස භුමිය ඉක්මනින් පිරිසිදු කරගත හැකිවීම

    සතුන්ට අවශ්‍ය සයිලේජ් ප්‍රමාණය තීරණය කිරීමේදී එය කරුණු කිහිපයක් මත රදා පවතී. මෙහිදී ගව පට්ටියේ සිටින සතුන් ගණන, සතුන්ට කෑම ලබාදිය යුතු දින ගණන, මුළු ආහාර ප්‍රමාණයෙන් සයිලේජ්ලබාදිය යුතු ප්‍රතිශතය, සයිලේජ්වල අඩංගු ජල ප්‍රමාණය, අපතේ යන සයිලේජ් ප්‍රමාණය යන කරුණු මත අවශ්‍ය සයිලේජ් ප්‍රමාණය වෙනස් වේ.

    එක් ගවයෙක් සදහා දින 90කට අවශ්‍ය සයිලේජ් ප්‍රමාණය ගණනය කිරීමේදී පහත උපකල්පන මත පදනම්ව එය ගණනය කිරීම සිදුකළ හැකිය.

    1. සතුන්ට ලබාදෙන මුළු ආහාර ප්‍රමාණය කිලෝ 40ක් වන අතර ඉන් 50% ක් සයිලේජ් ලෙස ලබාදේ
    2. මෙහි ඇති ජල ප්‍රතිශතය 75%කි.
    3. සයිලේජ්වලින් 15%ක් නරක්වීම නිසා විනාශ වේ
    4. සයිලේජ් පිට් එකක ඝනත්වය මෙට්ට්‍රික් ටොන් 0.8කි

    එබැවින් අවශ්‍ය සයිලේජ් හා සයිලේජ් සැදීම සඳහා අවශ්‍ය පිට් එකෙහි දිග පළල පහත සඳහන් ගණනය කිරීම ආශ්‍රිතව සොයාගත හැකිය.

    අවශ්‍ය සයිලේජ් කිලෝග්‍රෑම් ප්‍රමාණය

    • එක් ගවයෙකුටදින 90 ක් සදහා          =    (50% x 40kg) 20 x 90 = 1800kg
    • විනාශ වන සයිලේජ් ප්‍රමාණය             =     15%
    • අවශ්‍ය සයිලේජ් කිලෝග්‍රෑම් ප්‍රමාණය  =     115% x 1800 = 2070 kg

    ඝනත්වය 400kg සදහා අවශ්‍ය ඝන මීටර්  ගණන එකකි. එබැවින් කිලෝග්‍රෑම් 2070 ක් සදහා 2070/400 මගින් ඝන මීටර් 5.3 ක සයිලෝවක් අවශ්‍ය වේ.ඒ අනුව ගව පට්ටියේ සිටින සතුන් ගණන අනුව එම සතුන්ට ලබාදෙන සයිලේජ් ප්‍රමාණය තීරණය කර අවශ්‍ය සයිලේජ් නිපදවා ගත හැකිය.

    සයිලේජ් නිපදවීම සඳහා(Silo)සකස් කර ගැනීම – කුඩා ප්‍රමාණයේ කිරි ගොවීන් සදහා සයිලෝ බෑග් ලෙසත්කුඩා බංකරලෙසත් මෙන්ම බැරල් ආදියද උපයෝගි කරගෙන ඒවා තනා ගත හැකිය.

    කිරි දෙනුන්ගේ පෝෂණ අවශ්‍යතා සැපයීම

    රෝමාන්තික සතුන්ගේ ආහාර පිරමීඩයට අනුව ගුණත්වයෙන් ඉහළතෘණ හා ධාන්‍යමය ආහාර සැපයීම මගින්හොඳකිරි නිෂ්පාදනයක් ලබාගත හැකිය. ඊට අමතරව මෙම සතුන්ට අවශ්‍ය මේද, රූමනයේදී වියෝජනය නොවන ප්‍රෝටීන හා අනෙකුත් ආහාර උත්තේජකසහිත පරිපූර්ණ ආහාර වේලක් මගින් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාගැනීමේ හැකියාව පවතී.

    සාමාන්‍ය ගව පාලනයේදී තත්ත්වයෙන් උසස් කෙදි සහිත නැවුම් තෘණ හෝ සංරක්ෂණය කළ තෘණ ලබාදිය යුතුය.මෙහිදී 18% ක් Acid Detergent Fiber (ADF)ලෙසද 28%  Neutral Detergent Fiber(NDF) ලෙසද යොදා ගනී
    Neutral Detergent Fiber (උදාසීන ඩිටර්ජන්ට් ෆයිබර් ):. සතෙකුට කොපමණ ආහාර ප්‍රමාණයක් ගත හැකිද යන්න ගණනයකිරීමසඳහා භාවිතා කරයි. වරකට සතෙකුට කොපමණ ආහාර ප්‍රමාණයක් ලබා ගනීද යන්නට සීමාවක් තිබේ. නිදසුනක් වශයෙන්, රූමනය ලෙස හැඳින්වෙන ආමාශයේ පළමු කුටිය පිරීයනතුරු එළදෙනක් අනුභව කරනු ඇත. එම කුටිය පිරීගිය පසු, ආහාර බඩවැලට මාරුවනතුරු හෝ ජීර්ණය වනතුරු එළදෙන තවදුරටත් ආහාරයට නොගනී. එබැවින්  ලබා ගන්නා මුළු තන්තුමය ආහාර ප්‍රමාණය තීරණය කිරීම සඳහා උදාසීන ඩිටර්ජන්ට් ෆයිබර් ප්‍රමාණය  ගණනය කෙරේ. සෑම වර්ගයකම තන්තුමය ආහාර හෝ තන්තු මගින් රූමනය පිරි  යයි. තන්තු වල අඩංගු පෝෂක පදාර්ථ ඒවායේ ස්වභාවය අනුව  ජීරණය සිදු සිදුකරයි. එබැවින් NDF මගින් ආහාරයේ ගුනාත්මක භාවය තීරණය කරයි.
    අම්ල ඩිටර්ජන්ට් ෆයිබර් (ADF) යම් තෘණ ආහාරයක් ජීරණය වූවාට පසු එහි අඩංගු සෙලියුලෝස්, ලිග්නීන්, කියුටීන් සහ අනෙකුත් දිය නොවන  මිනරල් ප්‍රමාණය ආම්ලිකව  මැන බැලීමයි
    සාපේක්ෂ ආහාර අගය (Relative Feed Value යනු ඇස්තමේන්තු ගත ආහාර පරිභෝජනය (NDF) සහ ඇස්තමේන්තුගත ජීර්ණය (ADF) ඒකාබද්ධ කරන පෝෂණ අගය පිළිබඳ පුරෝකථනයකි. 

     මීට අමතරව අනෙකුත් පෝෂණ අවශ්‍යතා, සතුන්ගේ විවිධ නිෂ්පාදන අවධි අනුවද ලබාදිය යුතුය.කිරිදෙනුන් හට ආහාර ලබාදීමේදී මේද ප්‍රමාණය 7% කට වඩා වැඩි නොවිය යුතුය.මීට අමතරව විටමින් හා මිනරල් අවශ්‍ය පරිදි ලබාදිය යුතුය.

    සාර්ථක ලෙස කිරිගව පාලනයේ නිරතවීම  සඳහාතත්ත්වයෙන් උසස් තන්තුමය ආහාර අවුරුද්ද පුරා ලබාදීම ඉතා වැදගත් සාධකයකි. කෙසේ වෙතත් වියළි කාළගුණික තත්ත්වවලදී තත්ත්වයෙන් උසස් තෘණ ආහාර ලබාදීම විශේෂයෙන්ම වියළි කලාපයේ ගොවීන් සදහා ප්‍රබල අභියෝගයකි. එබැවින් තෘණ බහුලව ඇති අවස්ථාවලදී ඒවා පිදුරු හෝ සයිලේජ් ලෙස සංරක්ෂණය කර සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීමෙන් අඛණ්ඩ ඉහළ කිරී නිෂ්පාදනයක් අපේක්ෂා කළ හැකිය.

    සාගරිකා හිටිහාමු, ජේෂ්ඨ පර්යේෂණ  නිලධාරි, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය

  • X-Press Pearl: ව්‍යසනය ගැන අලුත්ම තත්ත්වය කුමක් ද ?

    X-Press Pearl: ව්‍යසනය ගැන අලුත්ම තත්ත්වය කුමක් ද ?

    X-Press Pearl නෞකාව විනාශයට පත්වීම සමග ඇති වු පරිසර අර්බුදය මේ වන විට ආර්ථික හා සමාජ අර්බුදයක් දක්වාත් මෙරට රාජ්‍ය පරිපාලනයේ අසමත්භාවය මනාව කියාපාන කැඩපතක් බවටත් පත්ව තිබෙනවා. ඒ අතර බී.බී.සී වැනි ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද ලංකාවේ සාම්ප්‍රදායික පුවත්පත්, රූපවාහිනි නාලිකා සහ අන්තර්ජාල අඩවි පළ කරන වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් X-Press Pearl විනාශය ගැන ගැඹුරු විශ්ලේෂණ ඉදිරිපත් කරමින් සිටිනවා.

    මෙරට සාම්ප්‍රදායික වෙබ් අඩවි වලට වඩා වෙනස් මගක් ගන්නා අපි X-Press Pearl විනාශය ගැන ලෝ ප්‍රකට බී.බී.සී වෙබ් අඩවිය අද (11) දින ප්‍රකාශයට පත් කළ විමර්ශනාත්මක ලිපියක් ඔබ වෙනුවෙන් පරිවර්තනය කිරීමට තීරණය කළා. මේ ඒ ලිපිය.

    පසුගිය මස මුලදී, රසායනික ද්‍රව්‍ය රැගත් භාණ්ඩ නෞකාවක් (X-Press Pearl) ශ්‍රී ලංකාවේ වෙරළ සමීපයෙන් ගිනි ගත්තේය. එය බිහිසුණු පරිසර විනාශයක් ඇති කළ අතර එහි බලපෑම දශක කිහිපයක් පුරා පවතිනු ඇත.

    දින ගණනක් පුරා ඝන දුමාරයක් ඇති කරමින් දැවී ගිය නෞකාව මේ වන විට ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් අඩක් ගිලී ඇති අතර එය නොගැඹුරු සාගර පතුලේ රැදී පවතී. දැන් එහි ගිනිදැල් නැත. එහෙත් සැබෑ ගැටලුව දැන් ආරම්භ වී ඇත.

    නෞකාවේ තවමත් ප්‍රවාහනය කළ කන්ටේනර් බහාලුම් ඇත. ඒවායින් විශාල ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම්ය. මේවා පරිසරයට ඉතා හැනිකරය, භයානකය. මේ රසායනික ද්‍රව්‍යවලින් සැලකිය යුතු කොටසක් දැනටමක් සාගර ජලයට මුසුවී ඇති අතර ඒවා සාගර ජීවීන්ට විෂ විය හැකි බවට බියක් පවතී.

    මීට අමතරව, කුඩා ප්ලාස්ටික් පෙති ටොන් ගණනක් දැනටමත් අවට වෙරළ තීරයට ගොඩ ගසා ඇත. මේ සමග නැව තුළ ගබඩා කර ඇති එන්ජින් ඉන්ධන ටොන් සිය ගණනක් මුහුදට කාන්දු වීමේ තවත් අනතුරක් ද පවතී.

    නෞකා විනාශය සමග උද්ගත වූ පාරිසරික තර්ජන පසෙකලා, ප්‍රාදේශීය ප්‍රජාවන්ට ද විනාශකාරී ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇත. එක රැයකින් සිය ජීවනෝපායන් අහිමි වූ ධීවරයින්ට ඉදිරි වසර ගණනාව තුළ දුක් විඳීමට සිදුවනු ඇත.

    “අපි කුඩා කාලයේ සිටම කළේ ධීවර කර්මාන්තය. අපි දිනපතා මුහුදු යනවා. අපිට යමක් උපයා ගන්න පුළුවන් වෙන්නේ මුහුදු ගියොත් පමණයි. එසේ නොවුණහොත් මුළු පවුලටම බඩගින්නේ සිටීමටයි සිදුවන්නේ ‘‘ධීවරයෙකු වන ඩෙනිෂ් රොඩ්රිගෝ පැවසීය.

    ප්ලාස්ටික් පෙති බිලියන ගණනක්

    ව්‍යසනයේ ඡායාරූප දෙස බලන විට එක් දෙයක් කැපී පෙනේ. ඒ ඇසට පෙනෙන තරම් දුරට විහිදෙන කුඩා වටකුරු ප්ලාස්ටික් කැබලියි. බිලියන සංඛ්‍යා ප්‍රමාණයක් මෙම ප්ලාස්ටික් පෙති මුහුදු වෙරළ තීරය මත විසිර පවතී. (මෙම ප්ලාස්ටික් පෙති, නර්ඩ්ල්ස් nurdles ලෙසද හැඳින්වේ, සෑම ප්ලාස්ටික් භාණ්ඩයක්ම පාහේ නිපදවීමට මේවා යොදා ගනී)

    “එම නෞකාවේ විවිධ රසායනික ද්‍රව්‍ය වර්ග 46ක් පමණ තිබී ඇතැයි” ශ්‍රී ලංකා පරිසර ක්‍රියාකාරිකයෙකු සහ පාරිසරික යුක්ති කේන්ද්‍රයේ නිර්මාතෘ හේමන්ත විතානගේ මහතා පැවසීය.

    “නමුත් මෙතෙක් දැකගත හැකි වූයේ ප්ලාස්ටික් පෙති ටොන් ගණනකි.”

    මේ වන විට විනාශයට පත් නෞකාවේ විෂ රසායනික ද්‍රව්‍ය වල බලපෑම දැකගත හැකිය. මියගිය කැස්බෑවුන් සහ මසුන් විශාල පිරිසක් මුහුදු වෙරළට ගොඩ ගසා ඇත.

    ප්ලාස්ටික් දිරාපත් වීමට වසර 500 ත් 1000 ත් අතර කාලයක් ගත විය හැකි අතර සාගර ධාරා මගින් ශ්‍රී ලංකාව අවට වෙරළට හා කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි වෙරළට පවා ඒවා ගසාගෙන යා හැකිය. ප්ලාස්ටික් මෙතෙක් දැකිය හැකි වඩාත්ම බලපෑම විය හැකි නමුත් එය වඩාත්ම භයානක නොවේ.

    ඕස්ට්‍රේලියාවේ CSIRO Oceans and Atmosphere බ්‍රිටා ඩෙනිස් හාර්ඩෙස්ටි පැවසුවේ “මෙම ප්ලාස්ටික් පෙති මසුන්ගේ අමාශය තුළ තිබිය හැකියි. ඒත් මිනිසුන් සම්පූර්ණයෙන්ම ඔවුන්ව අනුභව නොකරන නිසා ගැටලුවක් ඇතිවිය නොහැකි‘ බවයි.

    ” මෙම ප්ලාස්ටික් පෙති බොහෝ විට සංවේදී කර ඇත. නමුත් ප්ලාස්ටික් අනුභව කළ මාළු ආහාරයට ගැනීමෙන් මිනිසුන්ට අහිතකර බලපෑමක් ඇති බවට ප්‍රබල සාක්ෂි නොමැත.” ඔහු ඩෙනිස් වැඩි දුරටත් පවසයි.

    ‘අපේ මුළු පවුලටම කුසගින්නේ සිටිනු ඇත’

    නමුත් මීගමුවේ ධීවරයින් අවධානය යොමු කරන්නේ මසුන්ගේ කුස තුළ ඇති දේ ගැන නොවේ. ඔවුන්ට ධීවර කටයුතු කිරීමට නොහැකියි. එය ඔවුන් මුහුණ දෙන බරපතළම ගැටලුවයි.

    බලපෑමට ලක් වූ ප්‍රදේශයේ මසුන් ඇල්ලීම දැන් තහනම් කර ඇත. එයින් අදහස් කරන්නේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට එක රැයකින් ඔවුන්ගේ ආදායම සහ ජීවනෝපාය අහිමි වී ඇති බවයි.

    “ප්‍රදේශයේ කොරල් පරවල මාළු බෝ කරන අතර බලධාරීන් පවසන්නේ භයානක රසායනික ද්‍රව්‍ය නිසා එම අභිජනන ස්ථාන සියල්ලම විනාශ වී ඇති බවයි.

    ‘‘මුහුදට පැන මියයාම හැර වෙනත් විකල්පයක් නැත” යැයි පසුගිය 35 වසර පුරාම ධීවරයෙකු ලෙස කටයුතු කළ ටියුලින් ප්‍රනාන්දු පවසයි.

    සිංගප්පූරුව පදනම් කරගත් නෞකාවේ අයිතිකරුවන්ගෙන් රජය වන්දි සහ රක්ෂණ මුදල් අයකර ගැනීමට අපේක්ෂා කරන අතර, එම මුදල්වලින් වැඩි ප්‍රමාණයක් තමන්ට උපකාර කිරීම සඳහා යොදා ගනු ඇතැයි විපතට පත් ධීවරයෝ විශ්වාස නොකරති.

    කෙසේ වෙතත් ධීවරයින්ගේ සංගමය පැවසුවේ ධීවරයින්ට මෙන්ම ඒ ආශ්‍රිත රැකියාවල නිරතව සිටින ප්‍රජාවට ද දැඩි උපකාර අවශ්‍ය බවයි.

    ‘‘උපකාර අවශ්‍ය අපට පමණක් නොවෙයි‘‘ ධීවරයෙකු මෙන්ම ධීවර වෘත්තීය සමිති නායකයෙකු ද වන ඩෙන්සිල් ප්‍රනාන්දු පැහැදිලි කරයි.

    “මේ හා සම්බන්ධ වෙනත් කර්මාන්ත ද තිබෙනවා. අපි දැල් සහ එන්ජින් සහ බෝට්ටු මිලදී ගන්නවා. අපට තෙල් අවශ්‍යයි, බෝට්ටු අදින අයත් ඉන්නවා. මෙම ධීවර කර්මාන්තයට සම්බන්ධ වෙනත් රැකියා දහස් ගණනක් තිබෙනවා. අද ඔවුන් ද අන්ත අසරණ වෙලා. ඔවුන්ට ද උපකාර අවශ්‍යයි”

    රසායනික දූෂණය

    දශක ගණනාවක් තිස්සේ රටට බලපාන බොහෝ කල් පවතින බලපෑම රසායනික දූෂණයයි. නෞකාවේ ඇති භයානක අංග අතර නයිට්‍රික් අම්ලය, සෝඩියම් ඩයොක්සයිඩ්, තඹ සහ ඊයම් වන බව පරිසර යුක්ති කේන්ද්‍ර යේ ප්‍රධානී හේමන්ත විතානේජ් මහතා පවසයි.

    මෙම රසායනික ද්‍රව්‍ය සාගර ජලය හා මුසු වූ විට ඒවා මසුන්ගේ සිරුර තුළට ද ගමන් කරනු ලැබේ. වස විස නිසා කුඩා මසුන් ඉක්මනින් මිය යා හැකි නමුත් විශාල මසුන්ට එම අවදානම අඩුය. නමුත් විශාල මසුන් මෙම විස සහිත කුඩා මාළු ආහාරයට ගැනීමෙන්, කාලයත් සමඟ විෂ ශරීරගත වේ.

    මාළු, කැස්බෑවන් සහ ඩොල්ෆින් මසුන් දැනටමත් වෙරළ තීරයේ මිය ගොස් ඇති බව විටැන්ජ් මහතා පවසයි. ඔවුන්ගෙන් සමහරක් හරිත පැහැයට හැරී ඇති අතර එමඟින් ලෝහ හා රසායනික ද්‍රව්‍ය දූෂණය වේ.

    “ඔබ මේ මොහොත් කෙළවල්ලා, තලපත් වැනි මසුන් ආහාරයට නොගෙන සිටිය හැකියි. ඒත් ආහාර දාමය දිගේ මේ විස රසායන වසර ගණනාවක් ගමන් කරනවා. ඇතැම් විට තවත් වසර කිහිපයකින් ඔබ ආහාරයට ගන්නා කෙළවල්ලා මසුන් විස සහිත විය හැකියි‘‘

    මෙයින් අදහස් කරන්නේ ලංකාවේ බටහිර වෙරළ තීරයෙන් මසුන් මිනිසුන්ට අනතුරුදායක වනු ඇති බවයි – දැනට පමණක් නොව, ඉදිරි වසර ගණනාව තුළ ද එම බලපෑම පවතිනු ඇත.

    “මේ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි” විට්චේන් මහතා ඉල්ලා සිටී. 

    “එය දැන් සම්පූර්ණයෙන්ම විෂ සහිත නෞකාවක්. වෙරළට පැමිණෙන ඕනෑම ද්‍රව්‍යයක් ඉතා විෂ සහිත වන අතර මිනිසුන් එය ස්පර්ශ නොකළ යුතුයි”

    ගැටළුව කිසිසේත් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ නැව් ගමනාගමනය අවට ප්‍රදේශයට පමණක් සීමා නොවේ.

    “අපද්‍රව්‍ය, විෂ හෝ ප්ලාස්ටික් භූගෝලීය සීමාවන් අනුගමනය නොකරයි,” ඕස්ට්‍රේලියාවේ CSIRO හි බ්‍රිටා ඩෙනිස් හාඩෙස්ටි පැවසීය.

    “ඒවා සුළඟ, තරංග, ධාරා මගින් ගෙන යනු ලබන අතර ඒවා කාලානුරූපව වෙනස් වේ.”

    පිරිසිදු කිරීමේ කාර්යය

    ලෝකයේ කාර්ය බහුල නෞකා මධ්‍යස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව කිසි විටෙකත් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දී නැත. මෙවැනි ආපදා තත්ත්වයක් සඳහා රට හොඳින් සූදානම් නැත. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර ප්‍රවීණයන් තීරණාත්මක වනු ඇතැයි ක්‍රියාකාරීන් කියා සිටී.

    එක්ස්-ප්‍රෙස් පර්ල් හි හිමිකාරීත්වය දරන නාවික සමාගම දැනටමත් අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා ජාත්‍යන්තර සමාගමක් පත් කර ඇති අතර එහි විශේෂඥයින් ශ්‍රී ලංකාවේ සිටින බව වාර්තා වේ.

    එහෙත් හේමන්ත විතානගේ මහතා සැක කරන්නේ ලාභය මත පදනම් වූ සමාගමක් මෙම තත්වයට උදව් කිරීම සඳහා උපරිම උත්සාහයක් දරන්නේද යන්නයි. නෞකාවේ විනාශය ඉහළ මට්ටමේ රක්ෂණ නඩුවක් බවට පත්ව ඇති අතර විශාල ගෙවීමක් පිළිබඳ අදහස සමුද්‍ර ජීවීන් කෙරෙහි දක්වන සැලකිල්ල තුරන් කළ හැකිය.

    පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රී ලංකා රජයට සහ නැව් සමාගමට එරෙහිව නඩු පවරා ඇති නමුත් හොඳම ප්‍රතිඵලය දැනුවත් කිරීම පමණක් විය හැකි බව ඔවුන් පිළිගනී.

    මේ වන විට හේමන්ත විතානේගේ මහතාගේ ලොකුම බලාපොරොත්තුව වන්නේ එවැනි ව්‍යසනයක් වැළැක්වීම සඳහා අවම වශයෙන් වටිනා පාඩමක් මෙම ව්‍යසනය මගින් ශ්‍රී ලංකාව ඉගෙන ගනු ඇති බවයි.

    බී.බී.සී වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

    මුල් ලිපියේ ශීර්ෂපාඨය සංශෝධනය කර ඇත.

  • කොවිඩ් 19 එන්නත් ගැන ගැටලු 13කට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

    කොවිඩ් 19 එන්නත් ගැන ගැටලු 13කට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

    කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වන විට දීපව්‍යාප්තව සිදුවෙනවා. නමුත් මේ ගැන ජනතාවට ඇති ගැටලුවල නිමක් නැහැ. ඊට හේතුව සුපුරුදු පරිදි ව්‍යාජ පුවත් බහුලව සමාජමාධ්‍ය තුළ සංසරණය වීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩසටහනට බරපතළ අගතියක් වගේම ජනතාවට ද බරපතළ ගැටලු ඇතිව වෙනවා.

    මෙම ලිපිය මගින් අපි එන්නත්කරණය සම්බන්ධයෙන් ඔබට ඇති බොහෝ ගැටලුවලට නිසි විද්‍යාත්මක පිළිතුරු ලබාදීමක් කරනවා.

    දැනට එන්නත ලබා දෙන්නේ කාටද?

    • සෞඛ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්
    • වයස 60ට වැඩි පුද්ගලයන්
    • වයස 30ට වැඩි පුද්ගලයන්
    • ගැබිණි මවුවරුන්ට ද එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

    ඔබට ලබා ගත හැකි එන්නත කුමක්ද සහ එය තෝරා ගත හැකිද?

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ ලබාදෙන එන්නත්:

    • ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා
    • රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී
    • චීනයේ නිෂ්පාදිත සයිනොෆාර්ම්

    මේ අතරින් තමන් කැමති එන්නතක් තෝරා ගැනීමේ හැකියාවක් නොමැත.

    කෙසේනමුත්, පළමු මාත්‍රාව ලබා ගත් එන්නතෙන් දෙවෙනි මාත්‍රාව ද ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස විශේෂඥයෝ පවසති.

    අතුරු ආබාධ සහ රුධිරය කැටි ගැසීමේ අවදානමක් තිබේද?

    දැනට වාර්තා වී ඇත්තේ සුළු අතුරු ආබාධ පමණක් වන අතර, දින කීපයකට පසු ඒවා සම්පූර්ණයෙන්ම නැති වී යයි.

    ශරීරය එන්නතට ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ:

    • උගුරේ රිදීමක්
    • වෙහෙසකාරී බව
    • උණ
    • හිසරදය
    • අසනීප ගතිය

    අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීමේ තත්ත්වයක් සුළු පිරිසක් අතරින් වාර්තා වීමත් සමග එක්සත් රාජධානිය ඇතුළු ලොව සමහර රටවල වයස අවුරුදු 40ට අඩු පුද්ගලයන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට වෙනත් එන්නතක් ලබා දීමට ක්‍රියා කරයි.

    මෙම තත්ත්වයට හේතුව එන්නත දැයි පැහැදිලි නැති නමුත් ලේ කැටි ගැසීම් වැඩි ගණනක් වාර්තා වූයේ තරුණ පිරිස අතරින්ය.

    නමුත් අනෙක් සියල්ලන්ටම ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු අනෙකුත් එන්නත්වලින් ප්‍රතිලාභ ලැබෙමින් පවතී.

    Question and answers about coronavirus vaccines

    ඔබ එන්නත ලබා ගත යුතුමද?

    එය අනිවාර්ය නොවේ. නමුත් තමන් මෙන්ම තම පවුල, මිතුරන් සහ පුළුල් සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම එන්නත් මාත්‍රා දෙක ලබා ගන්නා ලෙස සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටියි.

    එන්නත් ලබා ගැනීමෙන්;

    • වෛරසය ව්‍යාප්තිය අවම කළ හැකිය
    • වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ඇත

    එන්නත නොමැතිව ඔබට විදෙස්ගත වීමට හෝ ඇතැම් රැකියා කිරීමට ද නොහැකි වනු ඇත.

    අසාත්මිකතා ඇති පුද්ගලයින් කුමක් කළ යුතුද?

    ඔබට අසාත්මිකතා ඇත්නම් එන්නත ලබා ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමග ඒ ගැන සාකච්ඡා කළ යුතුය.

    ගැබිණි මවුවරුන්ට එන්නත ලබා ගත හැකිද?

    ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළ බව මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ජූනි 2 පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

    ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීමේදී සංකූලතා සහ ගැටලු ඇති මවුවරුන්ට ප්‍රථම වටයේදී එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරනු ඇත.

    එන්නත ලබාගැනීමේ අපේක්ෂාවෙන් ගර්භණී කාන්තාවන් රෝහල් කරා නොඑන ලෙසත්, එන්නත ලබාගැනීමට අදාළ දිනය, ස්ථානය සහ වේලාව පණිවිඩයක් මාර්ගයෙන් මවුවරුන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය.

    Question and answers about coronavirus vaccines

    එන්නතෙන් වඳභාවය ඇති විය හැකිද?

    කොවිඩ් 19 එන්නත නිසා පුරුෂයන් හෝ කාන්තාවන්ගේ සරුබව සම්බන්ධයෙන් ගැටලු ඇති වූ බවට කිසිදු සාක්ෂියක් නොමැත.

    මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු ප්‍රචාරය වී තිබිණි.

    ඇත්තෙන්ම සිදුවන්නේ කොරෝනාවෛරසය වැළඳීමෙන් පුද්ගලයන්ගේ සරුබවට බලපෑම් ඇති වීමය.

    එන්නත ඔසප් වීමට බලපාන්නේද?

    සමහර කාන්තාවන් පවසන්නේ ඔවුන්ට අසාමාන්‍ය ලෙස අධික රුධිර වහනයක් අත්විඳීමට සිදු වූ බවය. නමුත් එන්නත එයට හේතුවදැයි තවමත් පැහැදිලි නැත.

    කෙසේනමුත්, එය බිය වීමට හේතුවක් නොවේ යැයි විශේෂඥයෝ පවසති.

    කොවිඩ් රෝග ලක්ෂණ දීර්ඝකාලීනව තිබේ නම් කුමක් කළ යුතුද?

    මෑතකදී කළ අධ්‍යයනයකින් කියැවෙන්නේ එන්නත ලබා දීමෙන් දීර්ඝකාලීන කෝවිඩ් රෝග ලක්ෂණ අවම කළ හැකි බවය. මෙම අධ්‍යයනය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

    මෙම එන්නත් මඟින් ශරීරය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයෝ පවසති.

    Question and answers about coronavirus vaccines

    එන්නත ලබා ගැනීමෙන් පසු මත්පැන් පානය කළ හැකිද?

    ඔබට මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීමට අවශ්‍ය නැති නමුත් එන්නතේ අතුරු ආබාධ තිබේ නම් දින කීපයක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් නොගැනීම වඩාත් සුදුසුය.

    ඉඳිකටු ශරීරයට විදින විට බියක් දැනෙන්නේ ද?

    ඔබ ඉඳිකටුවලට අකැමති බව එන්නත විදින සෞඛ්‍ය සේවකයාට පවසන්න. ඉන්පසු එන්නත විදින තෙක් ඉවත බලා සිටින්න.

    බොහෝ දෙනා පවසන්නේ එන්නත වේදනා රහිත බවත් එය විදීමට කාලයක් ගත නොවන බවත්ය.

    තරුණ පිරිසට එන්නත ලැබේද?

    එක්සත් රාජධානිය තුළ අවුරුදු 16ට වැඩි තරුණ පිරිසට ෆයිසර් එන්නත අනුමත කර ඇති අතර, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත්, අවුරුදු 18ට වැඩි අය සඳහා අනුමත කර තිබේ.

    වයසින් වැඩි තරුණ අයට කොවිඩ් 19 ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇත.

    ශ්‍රී ලංකාව තුළ ද වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබා දීමට ඉදිරියේ දී ක්‍රියා කරන බව දක්වමින් රජය විටින් විට නිවේදන නිකුත් කර තිබේ.

    දරුවන්ටත් එන්නත ලැබේද?

    දරුවන් වෛරසයෙන් රෝගාතුර වීම අවම මට්ටමක පවතී. නමුත් වැඩිහිටියන් හා අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කිරීම සඳහා දරුවන්ට එන්නත ලබා දිය යුතු බවට තර්ක ඉදිරිපත් වී තිබේ.

    කෙසේ නමුත්, ලොව පුරා බොහෝ වැඩිහිටියන්ට තවමත් එන්නත නොලැබී ඇති නිසා මෙම තර්කය සදාචාර විරෝධී බව සමහරු පවසති.

    බොහෝ එන්නත් නිෂ්පාදකයන් මේ වන විට ද ඒවා දරුවන් මත පරීක්ෂා කරමින් සිටිති.

    මේ අතර, වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා ෆයිසර්-බයෝන්ටෙක් එන්නත භාවිත කිරීම එක්සත් රාජධානිය අනුමත කර ඇති බව ජුනි 4 වෙනිදා වාර්තා විය.

    බී.බී.සී සන්දේශය වාර්තාවකි.