Category: සුපිරි Cases

  • මොකටද මේ භූමදානය ?

    මොකටද මේ භූමදානය ?

    තමුසෙලා මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ, අබමල් රේණුවකවත් කරුණාවක් හිතේ නැතුව මොන බෞද්ධකමක්ද ?

    ගිය අවුරුද්දේ, ඉන්දියාවේ බරණැසි නුවර ගංගා ගං ඉවුරේ දුටු දර්ශන මට මතක් වෙනවා. එක් මළ සිරුරක් ගං ඉවුරේ තබාගෙන කිරි වලින් සෝදනවා, තවත් දේහයක් ලී වේදිකාවක් මත තබා සුදු රෙදි වලින් ඔතා හය දෙනෙකුගේ පමණ උරහිස් මත ඔසවා ගං ඉවුර වෙත ගෙන එනවා, තවත් දේහයක් දර සෑයක් මත දහනය කරනවා.

    උපත මෙන්ම මරණයත් ජීවිත චක්‍රයේ ස්වභාවික දෙයක් කියල බෞද්ධයින් වන අපි විශ්වාස කරනවා. බුද්ධාගමට සමානව හින්දු ආගමේත් ශරීරයේ තාවකාලික ස්වරූපය පිළිගන්නවා. දේහය කියන්නේ බඳුනක්  පමණක් බවත්, මරණයෙන් පසුව, පණ නැති දේහය අත්හැරලා අපේ ආත්මය වෙනත් ස්වරූපයකින් යලි උපත ලබන බව, පුනරුප්පත්තිය විශ්වාස කරන අපි විශ්වාස කරනවා.

    කොච්චර මෙහෙම විශ්වාස කරත්, අපේ ජීවිත වලින් සමීප කෙනෙක් සමුගත් විට අපිට දැනෙන්නේ කම්පනයක්, කණගාටුවක්, ඉදිරිපත් වන්නේ දුක්බර හැගීම් පිරුණු අවස්ථාවක්. අපේ ඥාතියාට, හිතවතාට, මිතුරාට පිං පමුණුවන්න, ඔවුන්ව මතක් කරන්න අපි නොයෙකුත් දේ කරනවා.

    ගිය අවුරුද්දේ මෙගේ ලොකු බාප්පා අප අතරින් හදිසියේම සමුගත් මොහොත මට සිහිපත් වෙනවා. කවුරුත් නොහිතපු මොහොතක, ඔහුගේ දියණිය සාමාන්‍ය පෙළ ලියන්න සති ගණනකට පෙර ඔහු මෙලොවෙන් සමු ගත්තා. කොඩි ඔසවලා, මළ බත උයලා, මතක බණ, හත් දවසේ දානය, තුන් මාසේ දානය, අවුරුද්දේ දානය වැනි විවිද චාරිත්‍ර යුතුකම් හැටියට ඉටු කරා. මේ දුක්බර අවස්ථාවේ,  අලුත් ආත්මයක් කෙරෙහි  තිබෙන අපේ අගමික විශ්වාසය, ඒ සිත් තුළ තිබුණු වේදනාවට යම්කිසි සිසිලසක් වුණා කියල මම හිතනවා.

    මම කියවලා තියෙනවා හින්දු ධර්මයට අනුව දේහයක් අදාහනය කිරීම තුළින්, මියගිය පුද්ගලයාගේ ආත්මය ඉක්මනින් ඒ ශරීරයෙන් නිදහස් වෙනවා කියලා, එතුළින් පුනරුප්පත්තියේ ගමන කඩිනම් කිරීමට අදාහනය සුදුසුයි කියලා කියනවා.

    දින 20ක් වයසැති බිළිදා ආදාහනය කිරීමට එරෙහි පොදුජන විරෝධය – බොරුල්ල කනත්ත අභියස

    කොරෝනා අසාදිත වූ දින 20ක දරුවෙකුගේ දේහය, PCR පරීක්ෂණයකින් තොරව හා දෙමව්පියන්ගේ අවසරයකින් තොරව ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරින්කටයුතු කළ බවට මාධ්‍යයෙන් වාර්තා කර තිබුණා. මේ ඛේදනීය සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය වල විවිද අදහස් පළවුණා..

    ඒ අතරින් එක් කාන්තාවකගේ facebook සටහනක් මගේ හිතට වැදුනා. ඇය මෙසේ කියා තිබුණා “දින 20ක දරුවෙකු පුළුස්සා දැමීම කොතරම් අමානුෂිකද”.

    මගේ නූගත් හිතට එක්වරම සිතුනේ, මැරිච්ච් කෙනෙක්ගේ දේහය පුච්චන එක දරුවෙකු පණ පිටින් පුච්චනවාට සමාන කරන්නේ කොහොමද ? නමුත් මේ කාන්තාව මෙවැනි අදහසක් ප්‍රකාශ කරන්නේ ඇයි කියලා තේරුම් ගැනීමට මට අවශ්‍ය වුණා..

    හින්දු හා බෞද්ධ විශ්වාසයට අනුව පණ නැති දේහයක් යන්න, හිස් බඳුනක්  මෙන්, පණ නැති දේහය පලකට නැති දෙයක්. කෙසේ වෙතත් ආත්මය ගැනත්, මෘත දේහයක් ගැනත් එලෙස නොසිතන විශාල පිරිසක් ලංකාවේ සිටින බව මට පැහැදිලි වුණා.

    ඇයි මේ මුස්ලිම්වරු භූමදානය ගැන මෙතරම් සංවේදී ? මට මේක ප්‍රහේලිකාවක් වුණා.

    අන්තර්ජාලය ඔස්සේ මේ ගැන සොයා බලන විට වැඩි හරියක් තොරතුරු තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් පුළුස්සන එක පිළිබදවයි. මේ මාතෘකාව ගැන වැඩි විස්තර සොයා ගැනීම තරමක් අපහසු කරුණක් බව මට වැටහුනා.

    මිතුරන් කිහිප දෙනෙකුගෙන් ලැබුණු තොරතුරුත්, අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු වලත් අනුව, ඉස්ලාමීය මෙන්ම කතෝලික හා ක්‍රිස්තියානි, යුදෙවූ යන ආබ්‍රහමික ආගම් තුළ අදාහනයට ඇති විරුද්ධත්වය හා භූමදානයට ලැබෙන ප්‍රමුඛත්වය ඒ ආගම් තුළ මුල්තැන් ගන්නා කාරණයක් බව හෙළි වුණා.

    බෞද්ධයින් හා හින්දු භක්තිකයින් මෙන්ම මරණයෙන් පසු ජීවිතයක් ගැන මුස්ලිම් හා ක්‍රිස්තියානි භක්තිකයින්ද  විශ්වාස කරනවා. පුනුරුප්පත්තිය වෙනුවට, ආබ්‍රහමික ආගම් විශ්වාසය කරන්නේ ‘නැවත ඉපදීම’ යන සංකල්පයයි. ඔවුන් විශවාස කරන පරිදි එක්තරා දිනයක දෙවියන් වහන්සේ විසින් මරණයට පත්වුණු සියලු ජීවිතවලට නැවතත් පණ ලබාදෙනවා. ඉන්පසු ඔවුන්ගේ ජීවිත කාලය පුරා කල හොද හා නරක දෙස බලා දෙවියන් වහන්සේ විසින් ඔවුන් ගැන විනිශ්චයක් ගන්නවා. නැවත කැදවන ජීවිතය දිවිය ලෝකයටද නැතිනම් අපායට යවන්නේද යන්න ‘විනිශ්චය දිනයේදී’ දෙවියන් වහන්සේ තීරණය කරනු ලබනවා.

    මාගේ වැටහීමට අනුව, මේ ආගම් තුළ අදාහනයට විරුද්ද වීමට ප්‍රධාන හේතුව රඳා පවතින්නේ ‘විනිශ්චය දිනය’ කෙරෙහි ඇති විශ්වාසය පදනම්වයි. ඔවුන් විශ්වාස කරන පරිදි, නැවත පණ දීමටනම්, පණ ලැබීමට නම් මියගිය පුද්ගලයාගේ දේහයේ යම්කිසි කොටසක්  භාවිතා කිරීමට සිදුවෙනවා. ආදාහනය තුලින් මියගිය කෙනෙකුගේ සමීපයන්ට ඔවුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරියා මෙන් සැලකෙනවා.

    කොවිඩ් ආසාදිතයින් භූමිදානය කරන සමූහ මිනීවළක්

    කෙසේ වෙතත්, මෑත කාලීනව කතෝලික, ක්‍රිස්තියානි හා ආගම් තුළ එම විශ්වාසය පිලිබඳ යම් වෙනස්වීමක් සිදුවී ඇති බව මට දැනගැනීමට ලැබුණා. යුදෙවුවන් වුවද විශේෂ හේතු මත ආදාහනය අනුමත කර තිබෙන බව මට මිතුරෙකු පැවසූවා. නමුත් ඉස්ලාම් ආගමේ එවැනි වෙනස් වීමක් සිදුවී නෑ.

    එමෙන්ම ඉස්ලාමික භක්තිකයින්ට ඔවුන්ගේ ධර්මයෙන් පවසා ඇත්තේ මිය ගිය පුද්ගලයාට පවා  සැලකිය යුතු බවත් ගෞරව කල යුතු බවත්ය, ඒ ගෞරවය ජීවත්ව සිටින කෙනෙකුට හා සමාන විය යුතු බවත්ය. ආදාහනය යනු දේහය විකෘති කිරීමක් හෝ එයට අගෞරව කිරීමක් බැවින් සලකන නිසා ඉල්සාමිය පුද්ගලයින්ට අදාහනයකට සහභාගී වීම හෝ අනුබල දීම පවා තහනම්.

    මේ කරුණු  වටහාගනීමෙන් පසුව, ඉස්ලාමීය පසුබිමක හැඩුණු වැඩුණු පුද්ගලයෙකුට, ළදරුවෙකුගේ දේහය ආදාහනය කිරීම, පන ඇති දරුවෙකුව පුළුස්සනවා මෙන් හැගීමට ඉඩක් ඇති බව මට තේරුණා.

    නැවත නැගිටීම, දිව්‍ය ලෝකය, අපාය යන විශ්වාසයන් ගැන පෞද්ගලික විශ්වාසය කුමක් වූවත්, තමන්ගේ ඥාතියෙකු, හිතමිතුරෙකු, දරුවකු, මවක් හෝ පියෙක්, සහෝදරයෙක් හෝ සහෝදරියක් මියගිය කෙනෙකු කෙරෙහි මනුෂ්‍ය කමක් තියෙන ඕනෑම කෙනෙකුට දැනිය යුත්තේ අනුකම්පාවක් යයි මට හැඟුනා.

    එමෙන්ම මුළු ජීවිත් කාලය පුරාම දිනකට පස්වතාවක් යාඤා කරමින්, දිනපතා හෝ සති පතා පල්ලි යමින්, ආදායමෙන් අවම වශයෙන් 2.5 % දුප්පතුන් වෙනුවෙන් පරිත්‍යාග කරමින් ජීවත් වුන මුස්ලිම් භක්තියෙකුට ඔවුන්ගේ ආගමික විශ්වාසයට අනුව අවසන් ගෞරවය දීම වැලක්වීමට කවරෙකු හෝ දැනුවත්ව කටයුතු කරන්නේ නම්, මියගිය තැනැත්තාගේ පවුල් වල උදවියට, හිත මිතුරන්ට, ඔවුන්ගේ හිත් වලට දෙන දුක හෝ වේදනාව, බෞද්ධයෙකු ලෙස මා දකින්නේ ඔවුන් කරන පවක් ලෙසයි.

    COVID-19 නිසා සෞඛ්‍ය බලධාරීන් ගෙන ඇති පියවර හේතුවෙන් මිය යන මුස්ලිම් භක්තියින්ට තම ආගමික විශ්වාසයන්ට අනුව තම ඥාතීන් වෙනුවෙන් අවසන් කටයුතු කිරීමට හා අවසන් ගෞරව දැක්වීමට නොහැකි වී තිබෙනවා. පුරවැසියන් ලෙස බලධාරීන්ගෙන් අපි  බලාපොරොත්තු වන්නේ අපගේ නිදහසට යම් බාධාවක් කරන්නේ නම්, එයට පැහැදිලි හේතුවක් හා විශ්වාසීය තොරතුරු, සාධක හා සාක්ෂි ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීම පමණයි.

    මේ ගැටලුවට විසදුමක් මා සතුව නැත. කෙසේ වෙතත්, ඕනෑම ගැටළුවක් ඉදිරියේ තාර්කිකව මෙන්ම සංවේදීව හා මානුෂිකව බැලීමට අපගේ යුතුකමයි. එතුලින්, රටට මෙන්ම සිත් වලට සිදුවෙන හෝ සිදුවියහැකි හානිය අවම කරගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා.

    ඉන්දියාවේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකු මළදමන ආකාරය

    සමාජ මාධ්‍ය තුළ දකින සමහර සටහන් කියවන විට, මට සිතෙන්නේ, ඒවායේ රචකයින් මා ලෙසම මෙම ගැටලුව ගැන නිසි අවබෝධයක් නොමැති නිසා කල ප්‍රකාශයන විය යුතු බවයි.

    කෙසේ වෙතත් තවත් සමහර අදහස් කියවනවිට මට සිහිපත් වුනේ, කොළඹ ආනන්ද විදුහලේ හය වසර බුද්ධාගම පන්තියේ මට උගන්වපු ගරු ස්වාමීන් වහන්සේ එක් වතාවක් මුළු පන්තියටම බැණවැදුණු ආකාරයයි

    “තමුසෙලා මුළු ත්‍රිපිටකයම කට පාඩම් කලත් වැඩක් නෑ, අබමල් රේණුවකවත් කරුණාවක් හිතේ නැතුව මොන බෞද්ධකමක්ද ?”

    නීතිඥ වරුණ පද්මසිරි

  • මහා බ්‍රිතාන්‍යයෙන් හමුවූ කොරෝනා නව ප්‍රභේදය ගැන අලුත්ම තොරතුරු

    මහා බ්‍රිතාන්‍යයෙන් හමුවූ කොරෝනා නව ප්‍රභේදය ගැන අලුත්ම තොරතුරු

    කොරොනාවෛරසයෙහි නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සීමාවන්වලට යටත් කිරීමට, එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පියවර ගෙන තිබේ. ඒ අනුව නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වනු ඇත.

    එමෙන්ම, එක්සත් රාජධානියට සංචාරක තහනම් පැනවීමට ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියා කර තිබේ.

    එවැනි පියවරකට ශ්‍රී ලංකාව ද එක්වූ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස බීබීසී සිංහල සේවයට පැවසුවේ එංගලන්තයෙන් පිටත්වන හෝ ඒ හරහා එන සියලු ගුවන් මගීන්ගේ පැමිණීම හෙට (දෙසැම්බර් 23) සිට තාවකාලිකව අත්හිටුවන බවය.

    එංගලන්තයේ සමහර ප්‍රදේශවල නොපැවති දෙයක් මාස කීපයක් ඇතුළත සුලභ වෛරසයක් බවට පත් වී ඇත්තේ කෙසේද?

    නව ආසාදනය වෙනත් ප්‍රභේදයන්ට වඩා වේගයෙන් සම්ප්‍රේෂණය විය හැකි බවට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන රජයේ උපදේශකයන්ට ඇත්තේ “මධ්‍යස්ථ” විශ්වාසයකි.

    වෛරසය සම්බන්ධයෙන් සියලුම කාර්යයන් තවමත් මුල් අවධියේ පවතින අතර දැඩි අවිනිශ්චිතතා සහ පිළිතුරු නොලැබුණු ප්‍රශ්න ලැයිස්තුවක් තිබේ.

    වෛරස් සෑම විටම වෙනස් වීමට භාජනය වන නමුත් වෛරසයේ හැසිරීම වෙනස් වේද යන්න පිළිබඳ දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

    මෙම ප්‍රභේදය ගැන සැලකිලිමත් වීමට හේතුව කුමක්ද?

    මෙයට කරුණු තුනක් බලපා තිබේ:

    • එය කොරනාවෛරසයේ අනෙකුත් ප්‍රභේදයන් ඉතා වේගයෙන් ප්‍රතිස්ථාපනය කරමින් සිටියි.
    • එය කොරනාවෛරසයේ වැදගත් විය හැකි කොටස් කෙරෙහි බලපාමින් වෛරසය විකෘති කර තිබේ.
    • විද්‍යාගාර පරීක්ෂණවලට අනුව මෙසේ වෙනස් වූ සමහර වෛරස සෛල ආසාදනය කිරීමේ වැඩි හැකියාවක් පවතී.

    මේ සියල්ලම එකට එකතු වී වඩාත් පහසුවෙන් පැතිර යා හැකි වෛරසයක් ගොඩනැඟෙනු ඇත.

    කෙසේවෙතත්, අපට කිසිවක් නිශ්චිතව කිව නොහැක. එමෙන්ම, නියමිත වේලාවට සුදුසු තැනක රැදීම මගින් නව වෛරසය වඩාත් ව්‍යාප්ත විය හැකිය. මෑතක් වන තුරුම ලිහිල් සීමාවන් පමණක් ක්‍රියාත්මක වූ ලන්ඩන් වැනි ස්ථානයක එය පැතිරීම පහසු වී ඇත.

    නමුත් දැනටමත් ප්‍රභේදය පැතිරීම අවම කිරීම සඳහා පැනවූ දැඩි සීමාවන් සාධාරණීකරණය කිරීම සිදු වෙමින් තිබේ.

    “රසායනාගාර අත්හදා බැලීම් අවශ්‍යයි. නමුත් ඔබට සති හෝ මාස ගණනක් බලා සිටීමට අවශ්‍යද (ප්‍රතිඵල බැලීමට සහ පැතිරීම සීමා කිරීමට පියවර ගැනීමට)? මේ තිබෙන තත්ත්වය මත ඒක කරන්න බැහැ,” මහාචාර්ය නික් ලෝමන් පැවසුවේය.

    New variant of Coronavirus
    රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානියට සංචාරක සීමා පනවා තිබේ

    මෙය කොතරම් වේගයෙන් ව්‍යාප්ත වේද?

    මෙය ප්‍රථම වරට අනාවරණය වූයේ සැප්තැම්බර් මාසයේදීය. නොවැම්බර් මාසයේ ලන්ඩනයේ කොරෝනාවෛරස රෝගීන්ගෙන් හතරෙන් එකක පමණ නව ප්‍රභේදය වාර්තා විය. මෙය දෙසැම්බර් මැද භාගයේදී තුනෙන් දෙකකට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය විය.

    මිල්ටන් කීනස් ප්‍රදේශයේ සමහර මධ්‍යස්ථානවල පරීක්ෂණ ප්‍රතිඵලවලින් මෙම ප්‍රභේදය කෙතරම් දුරකට ආධිපත්‍යයක් දරන්නේ ද යන්න ඔබට දැක ගත හැකිය.

    ගණිතඥයෝ විවිධ ප්‍රභේදවල පැතිරීමේ සංඛ්‍යා දත්ත ලබාගනිමින්, සංසන්දනය කර, මේ වෛරසයේ ප්‍රභලත්වය ගණනය කිරීමට උත්සහ කරති. නමුත් මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ මිනිසුන්ගේ හැසිරීම නිසාද නැත්නම් වෛරසය නිසාද යන්න පැහැදිළි කර ගැනීම දුෂ්කර කරුණක් වී ඇත.

    අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කළ පරිදි නම්, මෙම ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වීමේ ප්‍රවණතාව 70%කි.

    ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ආචාර්ය එරික් වොල්ස්ගේ ඉදිරිපත් කිරීමක ද මෙම 70% සංඛ්‍යාව ගැන සඳහන් විය.

    කතාව අතරතුර ඔහු මෙසේ පැවසීය: “එය කීමට ඇත්තෙන්ම කල් වැඩියි… නමුත් අප මෙතෙක් දුටු දෙය අනුව එය ඉතා ඉක්මණින් වර්ධනය වෙමින් පවතින බව පෙනෙනවා. එය පෙර පැවති ප්‍රභේදයකට වඩා වේගයෙන් පැතිර යනවා. මේ පිළිබඳ විමසිල්ලෙන් සිටීම වැදගත් වෙනවා.”

    ප්‍රභේදය කොතරම් දුරට බෝවිය හැකිද යන්න “නිශ්චිතව ම” කිව නොහැක. විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් තවමත් සිය වැඩ කටයුතු ප්‍රසිද්ධ කර නොමැති අතර, බෝ වන වේගය 70% ට වඩා ඉහළ මෙන්ම අවම සංඛ්‍යාවක් ද ගත හැකි බවට පරස්පර මත ඉදිරිපත් වී ඇත.

    නමුත් එය තව දුරටත් සම්ප්‍රේෂණය වන්නේ ද යන්න පිළිබඳ ප්‍රශ්න ද පවතී.

    “වෛරසය සැබවින්ම සම්ප්‍රේෂණය වීම වැඩි වී තිබේද යන්න පිළිබඳව ප්‍රබල හෝ ස්ථිර මතයක් දැරීමට පොදුවේ ඇති සාක්ෂි ප්‍රමාණවත් වන්නේ නැහැ,” නොටිංහැම් විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ මහාචාර්ය ජොනතන් බෝල් පැවසුවේය.

    New variant of Coronavirus
    නත්තල් සමය තුළ සිය ඥාතීන් දැකීමට නොහැකි වීමත් සමග ඔවුන් වෙත පාර්සල් යැවීමට තැපැල් හල් ඉදිරියේ පෝලිම් ගැසුණු පුද්ගලයන් දැකිය හැකිය

    මෙය කෙතරම් දුරට ව්‍යාප්ත වී තිබේද?

    මෙම ප්‍රභේදය එක්සත් රාජධානියේ රෝගියෙකු තුළ මතුවී ඇත්ද නැත්නම් කොරෝනාවෛරස වෙනස් වීම් නිරීක්ෂණය කිරීමේ අඩු හැකියාවක් ඇති රටකින් ඇවිත් තිබේද යන්න ගැන පැහැදිළි නැත.

    නව ප්‍රභේදය උතුරු අයර්ලන්තය හැර එක්සත් රාජධානිය පුරා සොයාගත හැකි නමුත් එය දැඩි ලෙස පැතිරී ඇත්තේ ලන්ඩන්, ගිනිකොන සහ නැගෙනහිර එංගලන්තයේය.

    ලොව පුරා වෛරස් සාම්පලවල ජාන කේත අධීක්‍ෂණය කරන නෙක්ස්ට්ස්ට්‍රේන් හි (Nextstrain) දත්තවලට අනුව ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවල දැකිය හැකි වෛරසය පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. නෙදර්ලන්තයෙන්ද මේ හා සමාන රෝගීන් වාර්තා වී තිබේ.

    දකුණු අප්‍රිකාවේ මේ හා සමාන ප්‍රභේදයක් මතු වී ඇති නමුත් මේ සමඟ සම්බන්ධයක් නැති බව පැවසේ.

    මෙය මීට පෙර සිදුවී තිබේද?

    ඔව්.

    ලෝකයේ බොහෝ ස්ථානවල මේ වන විට පවතින්නේ චීනයේ වූහාන් හි ප්‍රථම වරට හමුවූ වෛරසය නොවේ.

    පෙබරවාරි මාසයේදී යුරෝපයෙන් මතු වූ D614G නම් ප්‍රභේදය පසුව ලෝකයේ ප්‍රමුඛ වෛරසය බවට පත්විය.

    A222V නමින් තවත් ප්‍රභේදයක් යුරෝපය පුරා ව්‍යාප්ත වූ අතර එය ස්පාඤ්ඤයේ ගිම්හාන නිවාඩුව හා සම්බන්ධ විය.

    නව ප්‍රභේද ගැන අප දන්නේ මොනවාද?

    නව ප්‍රභේදය පිළිබඳ මූලික විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර වැදගත් වෙනස් වීම් 17 ක් හඳුනාගෙන තිබේ.

    වෛරසයේ තිබෙන උල් හැඩැති ප්‍රෝටීනයේ වෙනස්කම් සිදුව ඇත – අපගේ ශරීරයේ සෛලවලට ඇතුළුවන දොර ඇරීමට වෛරසය භාවිත කරන යතුර මෙයයි.

    N501Y නම් එක් ප්‍රභේදයක වෛරසයේ උල් හැඩැති කොටසේ වැදගත්ම අංගය වෙනස් කර ඇති අතර, එය “ප්‍රතිග්‍රාහක-බන්ධන ප්‍රදේශය (receptor-binding domain)” ලෙස හැඳින්වේ. වෛරසයේ උල් හැඩැති කොටස අප ශරීරයේ සෛල මතුපිට සමඟ මුලින්ම සම්බන්ධ වන්නේ මෙහිදීය. වෛරසයට ඇතුළුවීම පහසු කරවන ඕනෑම වෙනස්කමකට එය අවස්ථාව ලබා දෙනු ඇත.

    “මෙය වැදගත් අනුවර්තනයක් වගේ පෙනෙනවා, දැනෙනවා,” මහාචාර්ය ලෝමන් පැවසීය.

    ‘H69 / V70 ඩිලීෂන්’ නම් තවත් ප්‍රභේදයක උල්වලින් කුඩා කොටසක් ඉවත් වී තිබෙන අතර, මීට පෙර කීපවතාවක් එය මතුවී තිබේ. මෙය පසුගිය සමයේ ප්‍රසිද්ධ පුවතක් බවට පත් වූ ආසාදිත මින්ක් සතුන් තුළ දැකිය හැකි විය.

    කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවී ගුප්තා සිදු කරන ලද පරීක්ෂණ කටයුතු අනුව මෙම ප්‍රභේදය රසායනාගාර පරීක්ෂණවලදී ආසාදනය වීම දෙගුණයකින් වැඩි කර පෙන්වා ඇත.

    එම කණ්ඩායමේම අධ්‍යයනවලින් පෙනී යන්නේ මේ කුඩා කොටසක් ඉවත් වූ ප්‍රභේදය ශරීරගත වී දිවි ගලවා ගත් අයගේ රුධිරයෙන් ලැබෙන ප්‍රතිදේහවල වෛරසය සමග සටන් කිරීමේ ශක්තිය අඩු බවය.

    “මෙය වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා. මේ ගැන රජය කනස්සල්ලට පත්වෙලා සිටිනවා. අපි කනස්සල්ලට පත්වෙලා, බොහෝ විද්‍යාඥයන් කනස්සල්ලට පත්වෙලා,” මහාචාර්ය රවී ගුප්තා පැවසුවේය.

    Police officers speak to a driver in one of lorries parked on the M20 motorway after France closed its border
    ,ප්‍රංශ – එක්සත් රාජධානිය දේශ සීමා වසා දැමීමත් සමග විවිධ භාණ්ඩ රැගත් ලොරි 1500කට අධික ප්‍රමාණයක් මායිමේ දින දෙකක පමණ කාලයක් සිර වී තිබේ.

    මෙය පැමිණියේ කොහෙන්ද?

    නව ප්‍රභේදය අසාමාන්‍ය සහ දැඩි ලෙස වෙනස් වී ඇත.

    මෙම තත්ත්වයට ආසන්නතම පැහැදිලි කිරීම නම් වෛරසය පරාජය කිරීමට නොහැකි වූ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති රෝගියෙකු තුළ මෙම ප්‍රභේදය මතු වී ඇති බවය.

    අදාළ ශරීරය වෛරසය වෙනස් වී බිහිවීමේ ස්ථානයක් බවට පත් වී ඇත.

    මෙය ආසාදනය වඩාත් මාරාන්තික වනු ඇත්ද?

    එසේ සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැත. නමුත් මෙය තවදුරටත් අධීක්ෂණය කිරීමට අවශ්‍ය වේ.

    කෙසේවෙතත්, බෝවීම වැඩි වීම පමණක් රෝහල්වල ගැටලු ඇති කිරීමට ප්‍රමාණවත් වේ.

    නව ප්‍රභේදය වැඩි පිරිසකට ඉක්මණින් ආසාදනය වීමෙන් සිදුවන්නේ වැඩි පිරිසකට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වීමය.

    නව ප්‍රභේදයට එරෙහිව එන්නත් ක්‍රියා කරයිද?

    නිසැකවම එය එසේ වනු ඇත. අවම වශයෙන් දැනට හෝ එය ක්‍රියා කරනු ඇත.

    ප්‍රමුඛ පෙළේ එන්නත් තුනම දැනට පවත්නා කොරෝනාවෛරසය ආසාදනයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලෙස නිර්මාණය කර තිබීම මෙම ප්‍රශ්නය පැන නැගීමට හේතු වේ.

    වෛරසයේ විවිධ කොටස් කීපයකට පහර දීම සඳහා, එන්නත් මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරන අතර උල් හැඩැති කොටස වෙනස් වී ඇතත්, එන්නත් තවමත් ක්‍රියාත්මක විය යුතුය.

    “නමුත් අපි එයට තවත් වෙනස් වීම් එකතු කිරීමට ඉඩ දුන්නොත්, ඔබ කනස්සල්ලට පත් වීමට පටන් ගනීවි,” මහාචාර්ය රවී ගුප්තා පැවසීය.

    “මෙම වෛරසය එන්නතෙන් ගැලවීමේ මාවතක ගමන් කරනවා විය හැකියි. එය ඒ සඳහා පළමු පියවර කීපයක් ගෙන තිබෙනවා.”

    වෛරසය වෙනස් වූ විට එන්නතෙන් ගැලවී යාමක් සිදු වන අතර එමඟින් එන්නතෙහි සම්පූර්ණ බලපෑමෙන් මිදී දිගින් දිගටම මිනිසුන්ට ආසාදනය වෙයි.

    වෛරසයට කුමක් සිදුවන්නේ දැයි යන්න පිළිබඳ වඩාත් සැලකිල්ල යොමුවන මූලිකාංගය මෙය විය හැකිය.

    අප වැඩි දෙනෙකුට ආසාදනය වෙමින් වෛරසය අඛණ්ඩව අනුවර්තනය වන බව පෙන්වන නවතම ප්‍රභේදය මෙය වී තිබේ.

    “මේ වෛරසයට බොහෝ විට එන්නත්වලින් මිදී යා හැකි වෙනස් කිරීම් සිදු කිරීමට හැකි වනු ඇත,” යැයි ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් රොබට්සන්ගේ ඉදිරිපත් කිරීමක නිගමනයේ සඳහන් විය.

    මෙය අපව උණ රෝගය හා සමාන තත්ත්වයකට පත් කරනු ඇත. එහිදී එන්නත් නිරන්තරයෙන් යාවත්කාලීන කළ යුතුය. වාසනාවකට මෙන් අප සතුව ඇති එන්නත් වෙනස් කිරීමට පහසුය.

    (බීබීසී හි සෞඛ්‍ය හා විද්‍යා තොරතුරු පිළිබඳ වාර්තාකරු ජේම්ස් ගැලගර් සකස් කළ වාර්තාවක් පදනම් කරගත් ලිපියකි.)

  • ඉන්දියාවෙන් ලන්ඩන් ගිය හොර කොරෝනා පෙත්ත මගඩියක් !

    ඉන්දියාවෙන් ලන්ඩන් ගිය හොර කොරෝනා පෙත්ත මගඩියක් !

    කොවිඩ්-19 වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ලංකාවේ‘ හෙළ ඔසුව / ධම්මික පැණිය‘ ආදි නම්වලින් ‘නිල අනුමැතිය නොලත් ඖෂධයක් ප්‍රචලිත වේද්දී කොවිඩ්-19 වෛරසයෙන් දැඩිව බැටකන මහා බ්‍රිතාන්‍ය යෙන් සුවිශේෂී පුවතක් වාර්තා වේ. ඒ ඉන්දියාවේ නිෂ්පාදිත බව කියන ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බර්මිංහැම් සරසවිය විසින් ප්‍රතික්ෂේප කළ බවට වන පුවතයි.

    බී.බී.සීය විසින් වාර්තා කළ එම පුවත බී.බී.සී සන්දේශය වෙබ්අඩවියේ ද ඊයේ (21) දින පළ වූ අතර මෙරට ජනතාව විෂයෙහි ද අතිෂයින් වැදගත් මෙම ප්‍රවෘත්ති විශේෂාංගය අප ද ඔබගේ දැනගැනීම පිණිස සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරමු.

    ‘කොරෝනිල්’: බර්මිංහැම් සරසවිය ලන්ඩන් වෙළෙඳපොළට ආ ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බැහැර කරයි

    කෝවිඩ්-19 වෛරසයට ඔරොත්තුදෙන පරිදි මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිය නංවාලීමට උපකාරීවෙන බවක් පවසමින් ලන්ඩන් නගරයේ ඇතැම් වෙළඳසැල්වල අලෙවි කෙරෙමින් පවතින ඉන්දියානු “ඖෂධයක්” ව්‍යාජ නිර්මාණයක් බව බීබීසිය විසින් සිදුකරන ලද ගවේෂණයක් මගින් හෙළිදරව් වී තිබේ.

    ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබ ඇති ‘කොරෝනිල්’ (Coronil) නම් එම දේශීය (ඉන්දියානු) ශාකමය ඖෂධ ප්‍රතිකාරය ලන්ඩන් නගරයේ ආසියානු ප්‍රජාව වැඩිවශයෙන් ජීවත්වෙන කළාපවල වෙළෙඳසැල්වලින් හමුවූ බවත් වාර්තා වෙයි.

    එය නිර්මාණය කරන ලද ‘පතංජලී ආයුර්වේද්’ නිෂ්පාදකයන් පවසන්නේ “හුස්ම ගැනීම කෙරෙහි බලපාන ආසදනයවීම්” වලදී ඔවුන්ගේ “බෙහෙත” රැකවරණයක් වන බවය.

    එහෙත් බීබීසිය සඳහා සිදුකරන ලද අත්හදාබැලීම් වලින් එම ‘කොරෝනිල්’ (Coronil) පෙතිවලින් කොරෝනාවෛරසයෙන් බේරීමට රැකවරණයක් නොලැබෙන බව පෙන්නුම් කරනු ලැබ ඇත.

    බීබීසිය වෙනුවෙන් එකී ඉන්දියානු පෙතිවර්ගය සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණය සිදුකරන ලද්දේ ‘බර්මිංහැම්’ සරසවිය විසිනි. ‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරයේ ‘කොරෝනිල්'(Coronil) පෙත්ත නිර්මාණය කිරීමට යොදාගනු ලැබ ඇති ශාක පදනම් කරගත් වට්ටෝරුව මගින් කොරෝනාවෛරසයට පිළියමක් නොලැබෙන බව එම පරීක්ෂණයේ ප්‍රතිපලය විය.

    “එම නිර්මාණය මගින් සිරුරේ ප්‍රතිශක්තිය නංවාලන බවක් ප්‍රකාශ කළත් කොරෝනාවෛරසයට ප්‍රතිකාරකිරීම අතින් එහි තේරුමක් නැති,” බව වෛරස් විශේෂඥවරියක වන වෛද්‍ය මෛත්‍රිය ශිව්කුමාර් (Virologist Dr Maitreyi Shivkumar) පවසයි.

    “කෝවිඩ් -19 වෛරසයට එරෙහිව අපේ ශරීරයේ ප්‍රතිශක්ති රටාව ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද? කියන කාරණය සම්බන්ධයෙන් නොයෙක් විශ්ලේෂණ ඉදිරිපත් වෙනවා. නමුත් ප්‍රතිශක්තිය නංවාලීමට හේතුවෙන ආකාරයවත් අපි දන්නේ නැහැ,” වෛද්‍යවරිය පවසයි.

    “කොරෝනිල් පෙත්ත ප්‍රතිශක්තිය වැඩිකරන්න හේතුවේද යන්න අපැහැදිලියි.”

    එක්සත් රාජධානියේ බලපැවැත්වෙන වෙළෙඳ දැන්වීම් රෙගුලාසි අනුව කෝවිඩ් -19 ගැන සඳහන් කරනු ලැබීම සහ “ප්‍රතිශක්තිය නංවාලීම” ප්‍රචාරක දැන්වීම්වලට ඇතුළත් කරනු ලැබීම තහනම් ක්‍රියාවකි.

    එහෙත් ඉන්දියාවේ ඊට අනුමැතිය ලැබෙන අතර පතංජලී ආයුර්වේද නිෂ්පාදන සඳහා විශාල ගැනුම්කරුවන් පිරිසක් ද සිටිති.

    ලන්ඩන් නගරයට අයත් ‘වෙම්බ්ලි’ (Wembley) කළාපයේ පිහිටි එක්තරා වෙළෙඳසැලක් ‘කොරෝනිල්’ පෙත්ත “කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රතිශක්තිකාරකයක්” වන බව පැවසෙන දැන්වීම් පළකර ඇති අතර, ඔවුන්ගේ අන්තර්ජාල වෙබ් අඩවියේත් ඒ ගැන සඳහන් කර ඇත.

    එම වෙළෙඳසැල පමණක් නොව තවත් එවැනි ස්ථාන අඩුතරමින් හතරක්වත් බීබීසිය විසින් හඳුනාගනු ලැබ ඇති අතර, ඔවුන් පවසන්නේ එම “පෙත්ත” කෝවිඩ්-19 වෛරසයට ප්‍රතිකාරයක් වන බවය.

    “මගේ වයස අවුරුදු 78යි. ඒනිසා මම ‘කොරෝනිල්’ පෙත්ත ගන්නවා.”

    එක් පාරිභෝගිකයෙක් බීබීසියට පැවසීය.

    “මම මට අවශ්‍ය දේවල් මිලට ගන්න නගරයට ගියොත්, වෙනත් අයගෙන් මට වෛරසය බෝවේවි.ඒ නිසයි-මම ‘කොරෝනිල්’ ගන්නේ. මගේ ආරක්ෂාවට.”

    ‘කෝවිඩ් ප්‍රතිකාරයක්’

    ‘දැන්වීම් ප්‍රමිතිය පිරික්සනු ලබන බල අධිකාරිය’ (ASA) පෙන්වාදෙන පරිදි, සිරුරේ ප්‍රතිශක්තිය නංවාලීමට හේතුවන්නේ යයි පැවසෙන කිසිදු ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය තුළ සෞඛ්‍යමය ප්‍රචාරක කටයුතුවලට අනුමැතියක් නැත.

    “වෛද්‍ය සහ සෞඛ්‍ය සංරක්ෂණ නිෂ්පාදන පාලන අධිකාරියේ” (MHRA) බලපත්‍රයකින් තොර, වෙනත් කිසිදු නිෂ්පාදනයක් කොරෝනාවෛරසයට ගොදුරුවීමෙන් වැලකීමට, ඉන් සහනයක් ලබාගැනීමට හෝ ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකි බව පැවසෙන ප්‍රකාශන සඳහා එක්සත් රාජධානියේ අවසරයක් නොමැත.

    ‘කොරෝනිල්’ ඉන්දියානු පෙති පාවිච්චිය සඳහා “වෛද්‍ය සහ සෞඛ්‍ය සංරක්ෂණ නිෂ්පාදන පාලන අධිකාරිය” (MHRA) කිසිදු අනුමැතියක් දී නැත.

    “එක්සත් රාජධානියේ වෙළෙඳපොළෙහි එවැනි වෛද්‍යමය අනුමැතියකින් තොර නිෂ්පාදනයක් ප්‍රචාරය කරනු ලැබීම හෝ වෙළෙඳාම සිදුකෙරෙන්නේනම්, ඊට එරෙහිව සුදුසු පියවර ගනු ඇතැයි,” වෛද්‍ය සහ සෞඛ්‍ය සංරක්ෂණ නිෂ්පාදන පාලන අධිකාරියේ (MHRA)පවසයි.

    ‘පතංජලී ආයුර්වේද්’ නිර්මාතෘ බාබා රාම්දේව් පසුගිය ජූනි මාසයේ ප්‍රකාශයක් කරමින් කොවිඩ් -19 ආසාදිතයන්ට ‘කොරෝනිල්’ ලබාදීමෙන් ඔවුන් සුවපත්කළ බවක් කියා සිටියේය.

    “අපේ බෙහෙත දවස් තුනක් පාවිච්චි කරපු කොරෝනාවෛරස් ආසාදිතයන්ගෙන් 69%ක් වෛරසයෙන් තොර බව පැහැදිලි වුනා. බෙහෙත දවස් හතක් පාවිච්චිකරපු අය 100% කින් කොරෝනාවලින් මිදුනා.”

    ‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරයට ‘කොරෝනිල්’ කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් ලෙස නොව, ප්‍රතිශක්තිය නංවාලන නිෂ්පාදනයක් ලෙස අලෙවිකළ හැකි බව ඉන්දියානු ආණ්ඩුව පවසා ඇත.

    කෙසේවුවද, ‘කොරෝනිල්’ කෝවිඩ් -19 වෛරසයට ප්‍රතිකාරයක් වන බව පැවසෙන ප්‍රකාශන ඉවත්කර ගැනීමට ‘පතංජලී ආයුර්වේද්’ ව්‍යාපාරය මේවනවිට පියවර ගෙන ඇත.

    “මේවගේ නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුකෙරෙන වැරදි තොරතුරු ප්‍රචාරණය නිසා මහජන සෞඛ්‍යයට සහ ඔවුන්ගේ මුදල් තත්වයට හාණිකර බලපෑමක් ඇති කරනවා,” ෆුල් ෆැක්ට්(Full Fact) නම් ස්වාධීන තත්ව පරීක්ෂණ සංවිධානයක් පෙන්වා දෙයි.

    “මේ වගේ වසංගත තත්වයක් තුළ මහජනයා කුමක් හෝ විසඳුමක් සොයායාම තේරුම්ගන්න පුළුවන්. එය ස්වභාවික තත්වයක්,” ෆුල් ෆැක්ට් (Full Fact) සංවිධානයේ පර්යේෂක අබ්බාස් පන්ජ්වානි (Abbas Panjwani) පවසයි.

    covid-19
    ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ලබාගන්නා ලද මෙවැනි නිර්ව්‍යාජ කොරෝනාවෛරස් මෙවලම් පමණක් පාවිච්චි කරන ලෙස බ්‍රිතාන්‍ය පොලිසිය මහජනයාට දැනුම්දෙයි

    ‘ව්‍යාජ නිෂ්පාදනවලින් වලකින්න’

    කොරෝනාවෛරසයට ප්‍රතිකාර යයි පවසමින් නොයෙක් නිෂ්පාදන වෙළෙඳපොළට ඇතුල් කෙරෙමින් පවතින අතර, එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් එක්තරා පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුණි. කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් යයි පවසමින් ව්‍යාජ නිෂ්පාදනයක් නිර්මාණය කිරීමේ චෝදනා යටතේ එම පුද්ගලයා අධිකරණය ඉදිරියට පමුණුවනු ලැබුණි.

    59 හැවිරිදි ෆ්‍රෑන්ක් ලුඩ්ලෝෆ් (Frank Ludlow) නම් එම තැනැත්තා ලන්ඩන් නාගරික පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ‘වෙස්ට් සසෙක්ස්’ ප්‍රදේශයේ ඔහුගේ නිවස අසල පිහිටි තැපැල් කාර්යාලයක් තුළ සිටියදීය.

    ඇමෙරිකානු බුද්ධි ආයතනයක් විසින් සපයන ලද තොරතුරු අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලද්දේ බුද්ධිමය දේපොළවලට අදාළ අපරාධ පරීක්ෂණ අංශය විසිනි.

    ලුඩ්ලෝෆ් අත තිබුණ කෝවිඩ් ප්‍රතිකාර ‘මෙවලම්වල’ (kits) මිනිස් සිරුරට හානිකර රසායන වර්ගයක් අන්තර්ගත වූ අතර, මහජනයාට උපදෙස් දී තිබුණේ එම රසායනය කට සේදීම සඳහා පාවිච්චි කරන ලෙසය.

    ව්‍යාජ නියෝජිතයකු ලෙස පෙනීසිටීම, වංචා සහගත ක්‍රියා සඳහා පාවිච්චි කරනු ලබන ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ වෛද්‍යමය භාණ්ඩයක් නීතිවිරෝධී මට්ටමින් නිෂ්පාදනය කරනු ලැබීම ලුඩ්ලෝෆ් ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා විය.

    එම චෝදනා යටතේ ‘බ්‍රයිටන්’ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ෆ්‍රෑන්ක් ලුඩ්ලෝෆ් (Frank Ludlow) රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුණි.

    ලියාපදිංචි සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් පමණක් උපදෙස් ලබාගන්නා ලෙස බ්‍රිතාන්‍ය පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

    කොවිඩ්-19 සම්බන්ධ අපගේ සංස්කරණ ප්‍රතිපත්තිය

    කොවිඩ්-19 සම්බන්ධයෙන් හුදු ජනප්‍රිය හෝ අන්තර්ගතමය වටිනාකමක් නැති ආකර්ෂණීය පුවත් හා විශේෂාංග වෙනුවට ජනතාවට නිවැරදි අවබෝධයක් සහ දැනුමක් ලබාදිය හැකි නිවැරදි, නිරවුල් සහ විද්‍යාත්මක දැනුම සහ තොරතුරු පමණක් සන්නිවේදනය කිරීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තියයි. එම තත්ත්වය තුළ අප පාඨකයින් වෙනුවෙන් අදාළ නිවැරදි, නිරවුල්, සරල සහ විද්‍යාත්මක ලිපි පළ වන ඕනෑම වෙබ් අඩවියකින් හෝ පුවත්පතකින් එය ඍජුව උපුටා ගැනීමට අපි පියවර ගනිමු. මෙම කාලීන ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පසුගිය 21 වැනි දින ‘කොරෝනිල්’: බර්මිංහැම් සරසවිය ලන්ඩන් වෙළෙඳපොළට ආ ‘කොරෝනිල්’ ඉන්දීය කොරෝනා පෙත්ත බැහැර කරයි යන ශීර්ෂය යටතේ පළ වූ වාර්තාවකින් උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය පමණක් වෙනස්කර ඇති – ප්‍රධාන සංස්කාරක

  • මාකඳුරේ මධුෂ් හෙළිකළ බව කියන රහස් ගැන BBC විමසීමට පොලිසිය ගොළුවෙයි

    මාකඳුරේ මධුෂ් හෙළිකළ බව කියන රහස් ගැන BBC විමසීමට පොලිසිය ගොළුවෙයි

    කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ අපරාධකරුවෙකු බව කියන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු රදවා ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් හෙළිකළ බව කියන නම් සහ එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් පොලිසිය ගත් පියවර කවරේ දැයි විමසමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය පසුගිය ඔක්තෝබර් 27 වෙනි දින පොලිස්පතිවරයාට ද පිටපතක් සහිතව පොලිසියෙන් ඉල්ලීමක් කළ බවත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් අදාළ අංශවලින් ලැබී නැති බවත් බී.බී.සී සන්දේශය කියයි.

    ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: මාකඳුරේ මධුෂ් පොලිසියට හෙළි කළ නම් මොනවාද? යන ශීර්ෂපාඨය යටතේ බී.බී.සී සන්දේශය අද (21) දින ප්‍රකාශයට පත් කළ වාර්තාවක දැක්වෙන්නේ සති දෙකකට වැඩි කාලයක් ඉකුත්ව යාමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසා පිළිතුරක් යොමු කරන බව සඳහන් කළ නමුත් එම විමසීමට තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

    මාකඳුරේ මධුෂ් ඝාතන පරීක්ෂණයේ ප්‍රගතිය සහ ඔහු හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ගන්නා පියවර විමසීම පිණිස පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමතීමට බීබීසී සිංහල සේවය කළ උත්සහය ද සාර්ථක නොවූ බව එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

    පහත දැක්වෙන්නේ බීබීසී සිංහල සේවය, පොලිසිය වෙත යොමු කළ තොරතුරු දැනගැනීමේ එම ඉල්ලුම්පතේ සඳහන් කරුණුය:

    මාකඳුරේ මධුෂ් එසේ හෙළි කළ දේශපාලකයන් කවුරුන්ද?

    “ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්, මහජනතාවගේ ආරක්ෂාව සහ යහපත පිණිස මහජනතාව දැනුවත් කළ යුතු කරුණු යයි අප විශ්වාස කරන පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

    ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ මාස 18 ක පමණ කාලයක් පොලිස් අත්අඩංගුවේ පසු වූ සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් ‘මාකඳුරේ මදූෂ්’ නමැති සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් 80 දෙනෙකුගේ පමණ නම් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මීට ඉහතදී සඳහන් කළේය.

    ඒ බව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය හමුවලදීත් සඳහන් කර තිබේ.

    ඉල්ලා සිටින තොරතුරු:

    1. ‘මාකඳුරේ මදූෂ්’ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත එවැනි නම් හෙළිදරව් කර ඇත්නම් එසේ හෙළි කළ නම් මොනවාද?

    2. ‘මදූෂ්’ හෙළි කළ තොරතුරු ඇසුරෙන් ඔහු නම් කළ දේශපාලකයන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන තිබේද?

    3. ‘මදූෂ්’ විසින් එසේ නම් හෙළි කළ දේශපාලකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබෙන්නේ ද?

    3.1 ඔවුන් අත්අඩංගුවට නොගත්තේ නම් සහ ඔවුන් කිසිවෙකුගෙනුත් ප්‍රශ්න නොකළේ නම් ඒ දේශපාලන බලපෑම් නිසාද?

    4. ‘මදූෂ්’ නම් සඳහන් කළ දේශපාලකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසිය විමර්ශන පවත්වන්නේ ද?

    4.1 එසේ විමර්ශන පවත්වන්නේ නම් එම විමර්ශනවල ප්‍රගතිය කවරේ ද?

    5.’ මදූෂ්’ විසින් නමින් සඳහන් කළ දේශපාලකයන් පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ ද?

    5.1 මෙතෙක් අධිකරණයට වාර්තා නොකළේ නම් නුදුරු අනාගතයේ දී එසේ වාර්තා කිරීමට බලාපොරොත්තු වන්නේ ද?”

    බී.බී.සී. සන්දේශය ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා ලබා දුන් ලිපිය පහත දැක්වේ.

    තොරතුරු ඉල්ලීම ලැබුණ බව දැන්වීම

    කතාව ගැන කෙටියෙන්

    පසුගිය වසරේ පෙබරවාරි 04 වෙනි දින ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ් ඝාතනය කරනු ලැබීමට ප්‍රථම මාස 18 ක් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ රඳවාගනු ලැබ සිටියේය.

    මාකඳුරේ මධුෂ් කටුනායක ගුවන් තොටුපොළේ
    මාකදුරේ මධුෂ් නැමැත්තා ඩුබායි සිට ලංකාවට රැගෙන ආ දා කටුනායක ගුවන්තොටුපොළ පර්යන්තයේදී

    එසේ රඳවාගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර ඔහු විසින් හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මෙන්ම විපක්ෂ දේශපාලනඥයන් ද වරින්වර සඳහන් කර තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, “මාධ්‍ය විටින් විට වාර්තාකරල තිබුණ සමහර දේශපාලකයින් පිළිබඳව මධුෂ් වමාරපු බව. සමහර ව්‍යාපාරකයින් ගැන මධුෂ් වමාරපු බව. ඒ වගේම සමහර දේශපාලකයන්ට මුදල් පොම්ප කරපු ආකාරය පිළිබඳ සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබුණ,” යනුවෙනි.

    අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ මදූෂ් හරහා මේ පාතාල ජාලයත්, එම කුඩු ජාලයට සම්බන්ධ දේශපාලකයිනුත්, කුඩු ජාලයට සම්බන්ධ ව්‍යාපාරිකයිනුත් එළිදරව් කර අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් සමාජයේ තිබුණ නමුත් ඔහුගේ මරණයත් සමගම ඒ සියල්ලම යට ගැසීමට ඉඩ තිබෙන බවය.

    ඔහු මරා දමනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයින් ආරක්ෂා කර ගැනීම පිණිස දැයි සැකසිතෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා ද මාධ්‍ය හමුවේ පැවසීය.

    ඝාතනය ගැන අවුල

    මාකඳුරේ මධුෂ් පසුගිය ඔක්තෝබර් 20 වෙනි දින උදෑසන කොළඹ දී වෙඩි තබා මරා දමා තිබුණි. පොලිසිය පැවසුවේ, සඟවා තිබෙන කුඩු කිලෝ 22ක් පෙන්වීමට මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුමාරුවකදී ඔහු මරුමුවට පත් වූ බවය.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඔහු ඝාතනය කරන ලද බව ඉහළ පොලිස් නිලධාරීන් සඳහන් කළ නමුත් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා වී නැත.

    ඔහුගේ මරණය සිදුවූ ආකාරය ප්‍රබන්ධයක් බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් මධුෂ් ගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චමින්ද අතුකෝරාල මාධ්‍ය අමතමින් සඳහන් කළේය.

  • සැලකිලිමත්ව බඩඉරිඟු වැවුවොත් ‘සේනා’ පරාදයි!

    සැලකිලිමත්ව බඩඉරිඟු වැවුවොත් ‘සේනා’ පරාදයි!

    දැනට ඇති වගාවට හා ඉදිරි කන්නයේ වගාව වෙනුවෙන් වෙනම මාර්ගෝපදේශ අවශ්‍යයයි

    සේනා දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙකක් සම්පුර්ණවී තිබේ. 2018 වසරේ මහ කන්නය තුලදී මෙම පළිබෝධ ආක්‍රමණය මෙරටින් හඳුනාගන්නාවිට සත්වයාගේ හැසිරීම හෝ පළිබෝධ පාලන ක්‍රමවේදයන් පිළිබඳව කිසිදු අත්දැකීමක් ලාංකික බඩඉරිඟු ගොවියා සතුව තිබුණේ නැත.

    කෘෂි විද්වතුන් විසින් කල්පනාකාරීව දුන් උපදෙස් නිසිලෙස පිළිපැදීමට ගොවි ප්‍රජාව දැක්වූ එකඟතාවය නිසා බරපතළ විනාශයක් අපේක්‍ෂා කළ එම වගා කන්නය තුළ පවා සිදුවූ හානිය 20% කටත් වඩා අඩු බව අවසානයේදී සනාථ විය.

    එදා මෙදා කාලය අතරතුර කෘෂි විද්වතුන් විසින් සේනා දළඹුවාට අදාළ තොරතුරු බොහොමයක් එකතු කරගෙන තිබේ. පර්යේෂණ ගණනාවක්ද පවත්වා තිබේ. උවදුරෙහි අවදානම එතරම් සරල බසින් ජනතාව අතරට යනවිට ඒ පිළිබඳව ඇති අවධානයද සමාජය තුළින් ක්‍රමයෙන් ගිලිහීයාම නිතැතින්ම සිදුවන්නකි.

    මේ අතරතුර දැනට වසරකට ආසන්න කාලයක් තිස්සේ නගරයේ පමණක් නොව ගම්බදව වෙසෙන ජනතාවට පවා වැඩිපුර ඇසෙන්නේ මානව සෞඛ්‍යය පිළිබඳව කෙරෙන දැනුවත් කිරීමය. රජයේ සේවකයින්ද සේවයට එන්නේ සීමා සහිතවය. මේ නිසා ජනමාධ්‍යය හරහා හෝ රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවියා වෙතට ගලායන කෘෂිකාර්මික දැනුවත්කිරීම් යම් තරමකින් අඩුවන්නට ඇතැයි සිතීම අසාධාරණ නොවේ.

    බඩඉරිඟු ගොවියාට නියම කලට මෙවර මහ කන්නයේ වගා පිහිටුවන්නට වතුර තිබුණේද නැත. කන්නයද සති කීපයක් ප්‍රමාද විය. මේ සියල්ලෙහි වාසිය තමා වෙතට හරවාගත් ‘සේනා දළඹුවා’ මේ වනවිට වගා ආක්‍රමණය කරමින් සිටී.

    වගාකරුවන්ට ‘සේනා’ ව පෙනෙන්නේ අඟල් කීපයක් තරමට දික්වූ දළඹුවන් බඩඉරිඟු පත්‍ර මත දඟලන විටදීය. ඇතැම් පණුවන් ගොබය තුළට රිංගා ඇතුළත ඇති දෑ කමින්, පණුපස් පිටතට දමනා විටදීය.

    මෙවැනි අත්දැකීමක් හරහා නැවතත් සිතෙහි තැන්පත් කරගතයුතු කාරණය වන්නේ ‘සේනා’ කළමනාකරණය වගාව ආරම්භයේදී සිටම ඉතා සැලකිලිමත්ව වගකීමෙන් කළයුතු දෙයක් බවයි.

    කිරිකරල් ලබා ගැනීම අවදානම්

    කිරිකරල් ලබාගැනීමේ අරමුණ ඇතිව කඩින්කඩ බඩඉරිඟු වගා ස්ථාපනය කිරීම නම් නොකළ යුත්තක්මය. මේ හරහා සලබයාට බිත්තර හෙළීමේ ස්ථාන සපයාදීම ගොවියා විසින්ම සිදුකරන බව ඔහු තේරුම්ගත යුතුය. අවසන් වින්දිතයා වන්නේද ගොවියාම නිසා සාමුහික එකඟතාවයකට පැමිණීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි.

    අවාරයට වගාකිරීම හෝ වසර පුරා පැතිරෙන පරිදි කිරිකරල් අලෙවිය තහනම කිරීමට නීතිරීති නොමැති බැවින් ගොවි සංවිධාන වැනි දෑ හරහා සාමුහික එකඟතාවයක් ගොඩනැගෙන්නේ නැතිනම්, මෙතැනදී කෘෂි නිලධාරීන්ට කරන්නට ඉතිරිවන්නේ ඉතා සුළු කාර්යභාරයක් බව සමාජය තේරුම්ගත යුතු සත්‍යයි. එසේ නොමැතිව බඩඉරිඟු ගසට නගින්නට අවැසි සියලු පහසුකම් ‘සේනා’ට සපයාදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දෙසට හැරී කෑගැසීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

    අද පවතින තත්වය පාලනය කරගත හැකි අන්දම ගැන පළමුව සලකා බලමු. සලබයා පැමිණ වගා තුළ බිත්තර දමාගොස් දැන් අවසන් වී ඇත්තාක් පමණක් නොව, දළඹුවන්ද ඉපදී හමාරය. ඇතැම් තැනක අලුත උපදින දළඹුවන් වුවත් සිටිය හැකිය.

    එකම ක්‍රමවේදයකට වඩා ඒකාබද්ධ ක්‍රමවේද වැදගත්

    “දැන් වෙළඳපොලේ තියෙනවා ෆොලිජන් (Fawligen) කියලා වයිරස් ද්‍රාවණයක්. මෙය විෂවෙන්නේ සේනා දළඹුවාට විතරමයි. වෙන කිසිම සතෙකුට හෝ ශාකයකට බලපෑමක් නෑ. දළඹුවා බොහොම කුඩා තරමේ නම්, ඒ කියන්නේ සෙන්ටිමීටරයකට වඩා දිග අඩු නම් මේ වයිරස් ද්‍රාවනය ඉසින්න පුළුවන්. හැම තැනටම නෙවෙයි, සතුන් ඉන්න තැන්වලට.”

    එසේ අදහස් දක්වන්නේ ගන්නොරුවේ උද්‍යාන බෝග පර්යේෂණායතනයේ කෘමි විද්‍යාව පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ සේනානි වැලිගමගේ මහතායි. ඔහු මූලධර්මයක් වශයෙන්ම ඉතා අවධාරණයෙන් පවසන්නේ ‘සේනා’ මර්දනය සඳහා එක ක්‍රමවේදයකට යොමු නොවෙමින්, ක්‍රම කීපයක් ඒකාබද්ධ කර මේ සඳහා ප්‍රවේශයක් ලබාගතයුතු බවකි. පරිසරයේ සිටිනා කුරුල්ලන්, සේනාට සතුරුවෙන කෘමි සතුන් යනාදියගේ සහාය පවා අනිවාර්යයෙන් ගතයුතු බව හෙතෙම ඉතා ප්‍රබලව අවධාරණය කරයි.

    “වගාව තුළට කිසිවිටෙකත් වල්නාශක ඉසින්න එපා. හිතකර සතුන් පවා මැරෙනවා. අවශ්‍යම නම් උදලුගාන්න හෝ අතින් වල් ගලවන්න පුළුවන්. බඩඉරිඟු ගස් උස ගියහම වල් වලින් කොහොමටත් බෝගයට තරඟයක් නෑනේ. අනෙක තමයි අවට වන ලැහැබ සුද්ධ කරන්නත් එපා. ‘සේනා’ගේ සතුරන් එන්නේ එහි සිටයි. අක්කරයකට එකක් පමණ වෙන්න ලොකු වතුර භාජන තබන්න. දළඹුවාව අහුලාගෙන කන කුරුල්ලෝ වර්ග ඕනේ තරම් ඉන්නවා. ඒ අය කැඳවා ගැනීමටයි වතුර භාජන තබන්නේ.”

    මර්දන පිළිවෙත් ඔහු විසින් පරිසරය හා බද්ධ කෙරුවේ එලෙසිනි. දළඹුවන් විසින් ලපටි පත්‍ර කාදැමුවත්, එම හානිය ප්‍රතිසංවිධානය කරගැනීමට ශාකය පසුව සමත්වෙනු ඇත. ස්වභාවික සතුරන්ගේ අහුලාකෑමට මෙන්ම දළඹුවන් අතරම සිදුවන ස්වභක්‍ෂණය නොහොත් එකිනෙකා කා ගැනීම නිසා ඉක්මනින්ම දළඹු ගහනය අඩුවී යයි. අවසානයේ එක ගසකට ඉතිරිවන්නේ දළඹුවන් කීප දෙනෙකි.

    උන්ගේ මීළඟ ඉලක්කය වැඩෙන ගොබය තුළට පිවිසීමයි. සත්වයා ඇතුල් වූ සිදුර ඌ විසින් පිටකරන ‘පණුපස්’ වලින්ම වැසී යන නිසා දළඹුවා ඇත්තේ ආරක්‍ෂිත ස්ථානයකය. දැන් කුරුල්ලන්ට හසුවන්නේවත්, කලබලයට පත් ගොවියා විසින් ඉසින පළිබෝධනාශක ඇඟට වදින්නේවත් නැත.

    සේනා මර්දනයේ හොඳම ක්‍රමය

    “තෙල් බෙහෙත් ජාති සේරෝම ගැහුවා. එත් ගොබය ඇතුලේ සතා ඉන්නවා කියලා ගොවියෝ කියන්නේ ‘සේනා’ පළිබෝධනාශක සමග ගැටෙන්නේ නැති නිසා. ඒක බෙහෙතේ වරදක් කියලත් ඇතැමුන් කියනවා. මේ සතුන් හැම ගසකම නෑ. ඉන්න ගස් හඳුනාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ගොබය පළල් කරලා පනුවා අරන් විනාශ කරන එක. වසවිස භාවිතයකුත් නැති නිසා ඒක තමයි හොඳම ක්‍රමය. අපි මේ ක්‍රමයේ ප්‍රායෝගික බව සොයා බලා තිබෙනවා. අක්කරයකට වඩා ප්‍රමාණයක් එක පුද්ගලයෙකුට දවසකට කරන්න පුළුවන්. ගොබය තුළට අළු ටිකක්, වැලි ටිකක් වුණත් දැමිය හැකියි. එහෙමත් නැතිනම් කට උල් බෝතලයකට නාශක දියරය මිශ්‍රකරලා අරගෙන ගොබය තුළට මේස හැන්දක් විතර වැටෙන්න විදින්න ඕනේ.”

    අවසන් විකල්පය වෙතට යන්නට ඔහු උපදෙස් දෙන්නේ අතින් අහුලා සතාව ඉවත් කරන්න නොහැකි නම් පමණය. මන්දයත් අන්තිම තුරුම්පුව භාවිතා කරද්දී රසායන ද්‍රව්‍ය යොදාගන්නා  බැවිනි. අප හැකි පමණ උත්සාහ ගත යුත්තේ ආහාරය වසවිසෙන් තොරව නිපදවා ගැනීමටයි. වගාකරු නොකෑවා කියා සමාජයට වස කැවීම සදාචාරාත්මක නොවේ. එතැන වගකීම ඇත්තේ වෙන කිසිවෙකු අත නොව ගොවියා සතුවමය.

    ආරම්භයේදී වගාව කෙරෙහි වූ අවධානය අඩුවීම, කන්නය පමාවීම, කඩින් කඩ සිටුවීම වැනි අඩුපාඩු සිදුව ඇති නිසා යතාර්ථයට මුහුණදෙමින් දැන් කලයුත්තේ මෙම උපදෙස් අනුගමනය කරමින් පවතින වගාවේ ඉතිරිය ආරක්ෂා කරගැනීම මිස, ඉවක් බවක් නැතිව කෘමිනාශක ඉසිමින් කාලය හා ධනයද අපතේ යවා, පරිසරයද වනසා ගැනීම නොවේ.

    යල කන්නය ගැනත් අවධානය ඕනෑ

    මීළඟට අප අවධානය යොමුකළ යුත්තේ තව මාස දෙක තුනකින් ආරම්භ වෙන යල කන්නය පිළිබඳවයි. එය බහුලව බඩඉරිඟු වවන කන්නයක් නොවන බව සැබෑ නමුත් ‘සේනා’ කළමනාකරණය පිළිබඳව ආරම්භයේ සිටම කටයුතු කලයුතු අකාරය ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ කෘමි විද්‍යාව යටතේ ගන්නොරුවේම සේවය කරන තවත් විද්‍යාඥයෙකි. ඔහු සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ප්‍රභාත් නිශාන්ත යි. සේනා නසන වයිරසය මෙරටට රැගෙන ඒම උදෙසා ඉදිරිපෙළ කාර්යභාරයක් කෙරුවේ ඔහු විසින්ය.

    “සම්පුර්ණ ක්‍රියාවලිය පියවර කීපයකට බෙදලා විස්තර කරන්න පුළුවන්. පළමු පියවර තමයි වගාව පටන් ගනිත්දීම ෆෙරමෝන් උගුල් අටවා පිරිමි සතුන්ගේ ගහනය අඩුකර ගැනීම. එතකොට ජීවී බිත්තර බිහිවීම අඩුවෙනවා. අපි ළඟ දැන් ඉන්නවා බිත්තර පරපෝෂිතයෝ. මේ වෙලාවේම ඔවුන්වත් නිදහස් කරන්න පුළුවන්. මේ අය ‘සේනා’ ගේ බිත්තර ඇතුලේ බිත්තර දානවා. උපදින පැටවූ ‘සේනා’ගේ කළලය අනුභව කරමින් තමයි වැඩෙන්නේ.  දැන් ඔන්න දෙවැනි පියවරේදී තව ටිකක් ‘සේනා’ ගහනය අඩු වුණා. කොහොමහරි මේ පියවර දෙකෙන්ම බේරිලා යම් ප්‍රමාණයක් දළඹුවන් හැදුනයි කියමුකෝ. තුන්වෙනි පියවර හැටියට ඒ අය උපදිනකොටම අපි වයිරසය ඉසිනවා. ලපටි දළඹුවෝ වැඩි හරියක් එතනින් මැරෙනවා. හතරවෙනි පියවර අපි භාරදෙනවා පරිසරයට. ස්වභාවික සතුරන් වැඩිපුර වගාවේ ගැවසෙන විධියට අපි පරිසරය සකස්කරනවා. ඉතුරුවෙලා ඉන්න දළඹුවන් එතැනදී වැනසී යනවා. දැන් ඉතින් ඕනේ වෙයිද පළිබෝධනාශක?”

    වාසනාවන්ත දළඹුවෙක් ?

    නිශාන්ත මහතා අසන්නේ අත්දැකීම් බහුල බඩඉරිඟු ගොවියා නොව ගොවිගෙදර සිටින පාසල් දරුවෙකුට වුවත් පිළිතුරු දියහැකි පහසු ප්‍රශ්නයකි. සැබැවින්ම මෙම බාධක හතරම පසුකරමින් උස්මහත්වී ගොබයට ළංවීමට තරම් වාසනාවන්ත ‘සේනා’ දළඹුවෙක් සිටීනම් එය ඉතා විරල සිදුවීමක් වනු ඇත. අතරින් පතර එවැන්නෙක් සිටියත් ඉහත දැක්වූ පරිදි වගාව පිරික්සමින් පළිබෝධකයා යාන්ත්‍රිකව ඉවත් කිරීමේ අපහසුවක්ද නැත. ඒ නිසා ඉදිරි කන්නයකදී බඩඉරිඟු වගාවක් පිහිටුවීමට සිතා සිටින ගොවීන් නිශාන්ත මහතාගේ මෙම පාඩම කියවා තේරුම්ගෙන මතක තබාගත යුතුවේ.

    රටේ කුමන මාතෘකාවක් වැඩිපුර කතාකෙරුවත්, සන්නිවේදන මාධ්‍යයන් වෙතින් කුමකට වැඩි ප්‍රමුඛතාවය දුන්නත්, ගොවියා විසින් තම ක්‍රියාකාරකම් ඒ හමුවේ උදාසීන කරගත යුතු නැත. ගොවිතැන යනු බිම් සැකසීම, බීජ සිටුවීම, පොහොර දැමීම, අස්වැන්න නෙලීම හා විකිණීම වැනි ප්‍රධාන මෙහෙයුම් පමණක් නොව, ක්‍රමවත්ව හා විද්‍යානුකූලව වගාව රැකබලා ගැනීමත් ගොවිතැනටම අයත්වෙන බව හෙතෙම පැහැදිලිව අවබෝධ කරගත යුතු කරුණකි. එසේ නොකෙරෙන ගොවිතැනක් අතරමගදී ගොවියාට නිතරම සිදුවන්නේ, අකරතැබ්බ වලින් මිදීම සඳහා කෑගසන්නටය.

    විසඳාලන්නට තවත් ගැටළුවක්ද කෘෂි විද්වතුන් වෙතට දළඹුවා විසින් රැගෙනවිත් තිබේ. මෙවැනි ගහනයක් හදිසියේ බිහිකරන්නට තරම් සලබ ගහනයක් වගා කන්න දෙකක් අතර මැද පැවතුනේ කෙසේද, කොතැනකද යන්නද සොයා බැලිය යුතුම කරුණකි.

    සලබයාගේ ජීවිතකාලය දින 10 කි. බිත්තර දින 2-3 ක් අතර පුපුරා යන අතර දළඹුවා උපරිම වශයෙන් දින 22 ක් ජීවත්වී පිලවා බවට පත්වේ. පිලවා සති දෙකකින් නැවතත් සලබයෙකු වන්නේය. එසේනම් කන්න දෙකක් අතරමැද කාලය තුළදී වට කීපයක් ක්‍රියාත්මක වියයුතු මෙම චක්‍රය අපේ ඇස ගැටෙන්නේ නැතිව සිදුවූ ආකාරය සෙවීම, අගනා පර්යේෂණ නිමිත්තක් බවද පෙනෙන්නට තිබේ.

    සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය

  • කොවිඩ්-19 මළසිරුරු භූමිදානය: කීර්තිමත් ශ්‍රී ලංකික වෛරස් විද්‍යාඥයෙක් කරන සුපිරි හෙළිදරව්ව

    කොවිඩ්-19 මළසිරුරු භූමිදානය: කීර්තිමත් ශ්‍රී ලංකික වෛරස් විද්‍යාඥයෙක් කරන සුපිරි හෙළිදරව්ව

    ඉහළ ඡායාරූපය – ග්‍රීසියේ කොරෝනාවෛරසය ආසාදිත වී මියගිය පුද්ගලයෙක් භූමදානය කළ අවස්ථාවක්

    කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව ඉහළම පෙළේ වෛරස විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙකු ද මහාචාර්ය මලික් පීරිස් කියයි.

    බී.බී.සී සන්දේශය වෙබ් අඩවිය සමග පසුගිය දා සූම් තාක්ෂණය ඔස්සේ සිදුකළ සංවාදයකදී මහාචාර්ය මලික් පීරිස් මහතා මේ බව අවධාරණය කළේය.

    මහාචාර්ය මලික් පීරිස්
    මහාචාර්ය මලික් පීරිස්, 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකි.

    ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකු ද (Pathologist) වන මහාචාර්ය මලික් පීරිස්, හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය.

    ශ්‍රී ලංකිකයෙකු වන මහාචාර්ය මලික් පීරිස් 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන අතර 2015 වසරේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සඳහා ද ඔහුගේ දායකත්වය ලැබී ඇත.

    ලොව පිළිගත් විද්‍යාත්මක සඟරා තුළ පර්යේෂණ පත්‍රිකා 600 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති මහාචාර්ය මලික් පීරිස් ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේ ද (The Royal Society) සාමාජිකයෙකි.

    මහාචාර්ය මලික් පීරිස් සහ ඔහුගේ කණ්ඩායම නව කොරෝනා වෛරසය හඳුනා ගැනීම සහ එය පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ පර්යේෂණවල යෙදී සිටිති.

    “පළමු වෙනි දේ තමයි, අපි දැනගන්න ඕන වෛරසයක් වැඩිවෙන්නේ (multiply වෙන්නේ) සජීව සෛලවල විතරයි,” මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කිරීම ආරම්භ කළේ එලෙසිනි.

    “සෛල මැරුණම වෛරසවලට multiply වෙන්න විදියක් නෑ. ඒ නිසා වෛරසය පැතිරීමත් නවතිනවා.”

    එබැවින් කෝවිඩ් ආසාදිතයෙකු මියගිය පසු ශරීරයේ ඉතිරිව පවතින වෛරසවල ආයු කාලය ඉතාමත් කෙටි බවද වෛරස විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකික විශේෂඥයා අවධාරණය කරයි.

    “ඒ නිසා අඩි හයක් පොළොව යට දාන සිරුරකින් පසට වෛරසය ඇවිල්ල, වතුරට ඇවිල්ල වෛරසය බෝවෙන්න පුළුවන් ද කියල මම නම් දන්නේ නෑ.”

    කෝවිඩ් වෛරසය බෝවෙන්නේ කොහොමද?

    “දෙවෙනි කරුණ, රෝගියෙකුගෙන් කෝවිඩ් රෝගය බෝවෙන්න පටන් ගන්නේ ඒ රෝගියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න දවස් කිහිපයකට කලින් ඉඳල. ඒ අවස්ථාවේ රෝගය ශරීරයේ තිබුණත් රෝගියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ,” මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කළේය.

    “රෝග ලක්ෂණ පහළ වෙලා තවත් දවස් හතරක්, පහක් රෝගියාගෙන් වෛරසය බෝවෙනවා. ඒ කාලේ තමා වෛරසය වැඩියෙන්ම බෝවෙන කාලේ.”

    “කිසිවෙක් රෝගයෙන් මරණයට පත්වෙන්න කලින්, රෝග ලක්ෂණ පහලවෙලා, රෝහලට ඇතුළත් කරලා, අධි සත්කාර ඒකකයට ඇතුළු කරලා … ඒ සියල්ලට දවස් ගණනක් යනවනේ? ඉතින් රෝගියා මරණයට පත්වෙන කොට ඔහුගෙන්/ඇයගෙන් තවත් කෙනෙකුට වෛරසය බෝවීමේ හැකියාව ඉතාම අඩුයි.”

    ලෝ ප්‍රකට වෛරස විද්‍යා විශේෂඥයා අවධාරණය කරන්නේ, රෝහලට ඇතුළත් කිරීමෙන් දින ගණනාවකට පසුව වුවත් රෝගියෙකුගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ‘පොසිටිව්’ විය හැකි බව සැබෑ නමුත් ඔහුගෙන්/ඇයගෙන් වෛරසය පැතිරීමේ හැකියාව ඉහළ බවක් එයින් අදහස් නොවන බවය.

    “PCR පොසිටිව් වෙන්න පුළුවන් ඒත් වෛරසය බෝවෙන්න පුළුවන් හැකියාව දවස් 8 විතර වෙනකොට බොහෝ දුරට පහව ගිහිල්ල.”

    “ඔය කරුණු දෙක හොඳින් හිතල බැලුවොත් ගොඩක් දෙනා මැරෙන්නේ රෝගය හැදිලා දෙවෙනි සුමානේ නැත්නම් තුන්වෙනි සුමානේ. ඒ වෙනකොට රෝගියාගෙන් වෛරසය තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව හරිම අඩුයි.‘‘

    බ්‍රසීලයේ කොවිඩ්-19 රෝගයේ මියගිය පුද්ගලයින් භූමිදානය කර ඇති සුසාන භූමියක්

    සිරුරක් මිහිදන් කරන්නේ කෙසේද?

    මළ සිරුරක් මිහිදන් කරන්නේ අඩි හයක් යට වලක් තුළ බව සිහිපත් කරන වෛසර විද්‍යා විශේෂඥයා, “සිරුරක් කෙලින්ම වතුරට වල දාන්නේ නෑ නේ. ඉතින් මොනවා හරි වෛරස් තිබුණත් ඒක කෙලින්ම වතුරට යන්නේ නෑ,” යනුවෙන් මා සමඟ පැහැදිලි කළේය.

    ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පත්කරනු ලැබ තිබෙන විශේෂඥයන්ගේ කමිටුවේ උපදෙස් ප්‍රකාර ආණ්ඩුව අනුගමනය කරන්නේ කොරෝනාවෛරසය ආසාදිත වී මියයන සියලු දෙනා ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියකි.

    ආණ්ඩුවේ ස්ථාවරයට විද්‍යාත්මක පදනමක් නැති බව පවසමින් මුස්ලිම් ජනතාව සිය ඥාතීන්ගේ සිරුරු ආදාහනය නොකරන මෙන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

    මේ අතර දින විස්සක් වයසැති බිළිඳු දරුවෙකු බලහත්කාරයෙන් ආදාහනය කිරීම පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

    බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය මලික් පීරිස් පැහැදිලිව පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරයට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවය.

    “භූමදානය කරපු මළ සිරුරකින් වෛරසය පැතිරෙන්න නම් වෛරසය පස් වලින් ෆිල්ටර් වෙලා, ෆිල්ටර් වෙලා යන්න ඕන. එහෙම වෙනකොට තිබුණ වෛරස් එකත් නැතිවෙන්න තමා චාන්ස් එක තියෙන්නේ,” ඔහු පැවසීය.

    විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ප්‍රකාර සිරුරක් මිහිදන් කරන්නේ වෛරස නාශක (disinfectant) ඉස, සිරුර ප්ලාස්ටික බෑගයක ද දැමීමෙන් අනතුරුව බව පෙන්වාදෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයා, “වෛරස් තිබුණත් ඒවා මැරෙන්න disinfectant දානවනේ,” යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.

    ‘අසූචි එක්කත් වෛරසය තියෙන්න පුළුවන්

    ශ්‍රී ලංකාවේ භූගත ජල මට්ටම ඉහළ බව පිළිගන්නා මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, “කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි, එහෙම එක උදාහරණයක්වත් මම දන්නේ නෑ,” යනුවෙනි.

    “කෝවිඩ් waterborne disease එකක් නෙමෙයි.”

    “ඔය විදියට ලංකාවේ සුසාන භූමියක් වත් තියෙන්න බෑ.”

    “අපි නිකමට හිතමු, පස්වලින් බේරිලා,බේරිලා වතුරට ආව කියල. ඒත් එතකොට වතුරවලින් වෛරසය තනුක (dilute) වෙනවා. අඩු ගානේ වෛරස් අංශු දාහක්වත් එන්න ඕනේ රෝගය බෝවෙන්න.”

    “කාට හරි ඔහොම බයක් තියෙනව නම් ඒ බය තියෙන්න ඕන උණසන්නිපාතය, කොලරාව වගේ රෝග වලට. ඒ ඔක්කොම අසූචිවලින් බෝවෙන රෝග.”

    “ඇත්තටම අසූචි එක්කත් වෛරසය තියෙන්න පුළුවන්.”

    “රෝගය හොයාගන්නේ ආසාදනය වෙලා දවස් ගණනකට පස්සේ; diagnose වෙන්නේ දවස් ගාණක් ගියාට පස්සේ. ඔය කාලේ අසූචි එක්කත් වෛරසය පැතිරෙනවා. ඒ කියන්නේ ඒ අසූචිත් වතුරවලට යනවනේ. ඒක ගැන හිතන්නේ නැතුව ඇයි මේ මළ සිරුරු ගැන කියන්නේ,” මහාචාර්යවරයා ප්‍රශ්න කරයි.

    කනත්ත ඉදිරිපස
    බිළිඳු දරුවාගේ දේහය ආදාහනය කිරීම ගැන විරෝධය

    ‘රෝග පාලනය කරන්න ඕන මිනිස්සු එක්ක එකතු වෙලා’

    ලොව පුරා පැතිර ගිය වෛරස රෝග ගණනාවක් පාලනය කිරීම පිණිස දායක වූ විද්‍යාඥයා පවසන පරිදි ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියා කලාපය රට තුළ වෛරසය තවදුරටත් පැතිරයාම පාලනය කිරීම පිණිස සෞඛ්‍ය සේවකයන් දරන උත්සාහයට ද එල්ල කෙරෙන අතුල් පහරකි.

    “අපි හැමදෙනාගේම අරමුණ, මේ රෝගය බෝවීම වලක්වාගැනීම,” මහාචාර්ය මලික් පීරිස් විස්තර කළේය.

    “ඒ සඳහා මේ රෝගය බෝවෙන්නේ කොහොමද, පටන් ගන්නේ කොහොමද, රෝග ලක්ෂණ එන්නේ කොහොමද කියන මේ සේරම තේරුම් ගන්න ඕන. ඒ කිසි දෙයක් නැතුව අපි වතුර ගැන විතරයි කතා කරන්නේ.”

    මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, මළ සිරුරු ආදාහනය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හේතුවෙන් රෝගය වැළඳුණත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට ඒ බව වාර්තා කිරීමට දැන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බියක් දක්වන බවය.

    “රෝගය පාලනය (disease control) කියන්නේ රෙගුලාසි දැමීම විතරක් නෙමේ, මිනිස්සුන්ගේ විශ්වාසවලට ගරු කරමින් කළ යුතු දෙයක්,” ඔහු පැවසීය.

    “රෝග පාලනය කරන්න ඕන මේ සේරම හිතල, මිනිස්සු එක්ක එකතු වෙලා. මිනිස්සු බය කරලා නෙමෙයි.”

    කොවිඩ්-19 සම්බන්ධ අපගේ සංස්කරණ ප්‍රතිපත්තිය

    කොවිඩ්-19 සම්බන්ධයෙන් හුදු ජනප්‍රිය හෝ අන්තර්ගතමය වටිනාකමක් නැති ආකර්ෂණීය පුවත් හා විශේෂාංග වෙනුවට ජනතාවට නිවැරදි අවබෝධයක් සහ දැනුමක් ලබාදිය හැකි නිවැරදි, නිරවුල් සහ විද්‍යාත්මක දැනුම සහ තොරතුරු පමණක් සන්නිවේදනය කිරීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තියයි. එම තත්ත්වය තුළ අප පාඨකයින් වෙනුවෙන් අදාළ නිවැරදි, නිරවුල්, සරල සහ විද්‍යාත්මක ලිපි පළ වන ඕනෑම වෙබ් අඩවියකින් හෝ පුවත්පතකින් එය ඍජුව උපුටා ගැනීමට අපි පියවර ගනිමු. මෙම කාලීන ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පසුගිය 18 වැනි දින කොරෝනා වෛරසය: “කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි” – වෛරස විද්‍යා විශේෂඥ, මහාචාර්ය මලික් පීරිස්‘ යන ශීර්ෂය යටතේ පළ වූ වාර්තාවකින් උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය පමණක් වෙනස්කර ඇති – ප්‍රධාන සංස්කාරක

  • ඖෂධයකට හෝ එන්නතකට ‘විද්‍යාත්මකව’ අනුමැතිය ලැබෙන්නේ කෙසේද ?

    ඖෂධයකට හෝ එන්නතකට ‘විද්‍යාත්මකව’ අනුමැතිය ලැබෙන්නේ කෙසේද ?

    කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සදහා කෑගල්ලේ කපු මහතෙකු විසින් හදුන්වා දුන් බව කියන ‘හෙළ ඖෂධය‘ ඇතුළු දේශීය ඖෂධ සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ බලවත් අවධානයක් සහ ආන්දෝලනයක් තිබෙනවා. ඒ සමග බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි ‘යම් කිසි ඔසුවක් / ඖෂධයක් හෝ එන්නතක් විද්‍යාත්මකව තහවුරු කර ගන්නේ කෙසේද ? යන්න.

    මේ ප්‍රශ්නය අතිෂයින්ම වැදගත්. මොකද එවැනි විද්‍යාත්මක හා ලෝකය පිළිගත් සම්මත ක්‍රමය ගැන නිවැරදි අවබෝධයක් ඇති විට ‘මිත්‍යා‘ හෝ ව්‍යාජ ඖෂධවලට රැවටීමක් සිදුවන්නේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා. ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් විද්‍යාත්මකව තහවුරු කර ගන්නා ආකාරය ගැන සරල හා නිරවුල් පැහැදිලි කිරීමක් කරන්න.

    ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් විද්‍යාත්මකව තහවුරු කිරීමෙන් අනතුරුව එය ජනතාව අතට පත් කිරීම ලොව පිළිගත් ක්‍රමවේදයයි.

    පහත දැක්වෙන්නේ ආරක්‍ෂිත සහ ඵලදායි එන්නතක් සඳහා අනුමැතිය ලබා ගැනීමට පෙර ලොව රටවල සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන පියවරයි.

    පූර්ව සායනික පරීක්ෂණ

    මිනිසුන් යොදා ගැනීමට පෙර විද්‍යාගාර තුළ කෙරෙන මූලික පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනෙයි. කෝවිඩ්-19 පර්යේෂණ සඳහා විශාල වශයෙන් යොදා ගනු ලබන්නේ මුගටි විශේෂ (Ferret), මීයන් සහ වඳුරන්ය. ඔවුන්ගේ කායික සහ ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය බොහෝ සෙයින් මිනිසාට සමාන වීම ඊට හේතුවයි.

    සායනික පරීක්ෂණ අදියර 1

    සතුන් යොදා ගනිමින් කළ පර්යේෂණවල සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමෙන් පසු, මිනිසුන් යොදා ගනිමින් සායනික පරීක්ෂණවල පළමු අදියර ආරම්භ වේ. ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන සෞඛ්‍ය සම්පන්න කුඩා කණ්ඩායමක් යොදා ගැනෙයි. (සාමාන්‍යයෙන් 20-50 ත් අතර පිරිසක්). එහිදී ශරීරය ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය නිරීක්ෂණය කරනු ලබයි. අවශ්‍ය කෙරෙන මාත්‍රාව ද එහිදී නිර්ණය කෙරෙයි.

    සායනික පරීක්ෂණ අදියර 2

    දෙවෙනි අදියරයේ පර්යේෂණ සඳහා සිය ගණනක පිරිසක් යොදා ගනු ලබයි. එන්නත කෙතරම් ඵලදායි දැයි එහිදී පරීක්ෂාවට ලක් කෙරෙයි. එහිදී සියලුම වයස් කාණ්ඩයන්ට අයත් ස්ත්‍රීන් සහ පුරුෂයන් යොදා ගනු ලබන අතර ඒ සඳහා සියලූම ජනවර්ග යොදා ගැනීමට හැකිනම් එය වඩාත් උචිතය.

    සායනික පරීක්ෂණ අදියර 3

    තෙවෙනි අදියරය, දෙවෙනි අදියරයේ පරීක්ෂණයට බෙහෙවින් සමාන අතර එහිදී පරීක්ෂණය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන මිනිසුන් දෙතුන් දහසක් යොදා ගනු ලබයි. එන්නත කෙතරම් ඵලදායි දැයි යන්න වඩාත් පුළුල්ව පරීක්ෂාවට ලක් කෙරෙයි. පරීක්ෂණ මීළඟ අදියරයට ගෙන යන්නේ දැයි යන්න ද නිර්ණය කෙරෙයි. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින බරපතල තත්ත්වය හමුවේ මෙම අදියරයන්හි සුළු වෙනස්කම් සිදුවිය හැක. නමුත් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන පරීක්ෂාවන් සියල්ල සපුරාලිය යුතුය.

    නියාමන වාර්තා ලබා ගැනීම

    පරීක්ෂණවලට අදාළ ප්‍රමාණවත් දත්ත එක්රැස් කර ගැනීමෙන් පසු ඒවා ඒ ඒ රටවල්හි ඖෂධ නියාමන ආයතන වෙත ලබා දිය යුතුය. විද්‍යාත්මක සහ සායනික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් එම දත්ත විමර්ශනයට ලක් කරනු ලැබේ. අදාළ එන්නත කෙතරම් ඵලදායිදැයි යන්න, කෙතරම් ආරක්‍ෂිත සහ ස්ථායි මට්ටමක පවතී දැයි යන්න, ගුණාත්මකභාවය මෙන්ම ආරක්‍ෂිත ප්‍රමිතීන්ට සහ මහජන සෞඛ්‍ය නීතිවලට අනුකූලව එන්නත නිෂ්පාදනය කර තිබේදැයි සහ ඒවා ගබඩා කර ඇත්දැයි යන්න එහිදී පරීක්ෂාවට ලක් කෙරෙයි.

    නිෂ්පාදනය

    අදාළ ආයතනවලින් අනුමැතිය ලැබීමෙන් පසු එන්නත මහජනයා වෙත ලබා දෙයි. එසේ වුවත් තවදුරටත් අදාළ ආයතන විසින් සෞඛ්‍ය වාර්තා සහ දත්ත නිරීක්ෂණය කරනු ලැබේ. ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් ජනතාව වෙත ලබා දීමට පෙර ඉහත කී ආකාරයට ඒවායේ නිර්මලභාවය සහ ගුණාත්මකභාවය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කරනු ලබයි.

    vaccine approval

    වැරදි තොරතුරු නිසා ජීවිත අහිමි විය හැක

    වසංගත තත්ත්වයක දී විශාල වශයෙන් තොරතුරු හුවමාරු වේ. ඉන් සමහරක් තොරතුරු නිවරද්‍ය වන නමුත් ඇතැම් ඒවා එසේ නොවේ. එමගින් ජනතාව ව්‍යාකූල වන අතර අවසානයේ ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරීන් ගන්නා වූ ක්‍රියාමාර්ග අවිශ්වාස කිරීම දක්වා එම තත්ත්වය දුරදිග යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    කොරෝනා වෛරස් වසංගතය හමුවේ විද්‍යාත්මකව තහවුරු නොකරන ලද ඖෂධ අලෙවිය හෝ බෙදා හැරීම මෙන්ම ‘අත්බෙහෙත්’ භාවිතය ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවේ.

    කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් වශයෙන්, කීට විශේෂයක් මර්දනය කිරීම සඳහා භාවිත කෙරෙන ‘ඉවර්මෙක්ටින්’ (Ivermectin) නැමති ඖෂධයක් දකුණු ඇමරිකානු කලාපයේ ප්‍රචලිත විය. ඒ කෙරෙහි ජනතාව යොමුව තිබුණේ ඖෂධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවා නොතිබුණ පසුබිමකදීය.

    misinformation

    වසංගත තත්ත්වයක් තුළ දී රටක පුරවැසියන්ට අවබෝධ කර ගත හැකි ආකාරයේ, සාක්ෂි මත පදනම් වූ තොරතරු ලබා දීමට මැදිහත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    “නිසි මාධ්‍ය ඔස්සේ, නිසි පණිවුඩකරු හරහා නිසි වේලාවට, නිසි පණිවුඩය ලබා දීමෙන් ජීවිත බේරා ගත හැක. නොමග යවන සුළු තොරතුරු හෝ නිශ්චිත නොවන තොරතුරු නිසා ජීවිත නැති විය හැක.”

    විශේෂයෙන් අද වැනි ඩිජිටල් යුගයක නොමග යවන සුළු තොරතුරු නිසා පුද්ගලයෙකු හෝ ප්‍රජාවක් සම්පූර්ණයෙන් විනාශයට පත් විය හැක.

    ඉහත කී තත්ත්වය හුදු සන්නිවේදනයේ ගැටළුවක් පමණක් නොව වසංගත තත්ත්වයක් තුළ තොරතුරු ලබා දීමේදී සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක් පිළිබඳ යළි සිතා බැලීමේ අවශ්‍යතාව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    කොවිඩ්-19 සම්බන්ධයෙන් හුදු ජනප්‍රිය හෝ අන්තර්ගතමය වටිනාකමක් නැති ආකර්ෂණීය පුවත් හා විශේෂාංග වෙනුවට ජනතාවට නිවැරදි අවබෝධයක් සහ දැනුමක් ලබාදිය හැකි නිවැරදි, නිරවුල් සහ විද්‍යාත්මක දැනුම සහ තොරතුරු පමණක් සන්නිවේදනය කිරීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තියයි. එම තත්ත්වය තුළ අප පාඨකයින් වෙනුවෙන් අදාළ නිවැරදි, නිරවුල්, සරල සහ විද්‍යාත්මක ලිපි පළ වන ඕනෑම වෙබ් අඩවියකින් හෝ පුවත්පතකින් එය ඍජුව උපුටා ගැනීමට අපි පියවර ගනිමු. මෙම කාලීන ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පසුගිය 17 වැනි දින පළ වූ වාර්තාවකින් උපුටා ගන්නා ලදි. – අදාළ ලිපියේ අත්‍යශ්‍ය කොටස පමණක් උපුටා ගත් බව සලකන්න. – ප්‍රධාන සංස්කාරක

  • ඔන්ලයින් නිසා දරුවන් 20-30 ක් දිනකට රෝහලට – අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් හෙළිකරයි

    ඔන්ලයින් නිසා දරුවන් 20-30 ක් දිනකට රෝහලට – අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් හෙළිකරයි

    කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක් වු පාසල් දරුවන් විසි තිස් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලේ අක්ෂී සායනය වෙත පැමිණෙන බව එම රෝහලේ අක්ෂී ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පැවසීය.
     
    එම නිසා අඛණ්ඩව පරිගනකයේ හෝ ජංගම දුරකතනයේ තිරය දෙස නොබලන ලෙසත් මිනිත්තු 20 න් 20 ට අඩුම වශයෙන් තත්පර 20 ක හෝ විවේකයක් ගන්නා ලෙසත් ඒ මහතා පාසල් හා සරසවි සිසු සිසුවියන්ට දැනුම් දී සිටී.
     
    විශේෂයෙන්ම මේ දිනවල වමනය, ක්ලාන්තය, ඇස් වේදනාව, ඇස් වලින් කදුලු ගැලීම ආදී රෝග ලක්ෂණ සහිත දරු දැරියන් වැඩි වශයෙන් තමාගෙන් පෞද්ගලිකව හා රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බව කී ඉද්දවෙල මහතා ඒ සෑම අයෙකුගෙන්ම තමා පලමුවෙන්ම විමසන්නේ ඔන් ලයින් පාඩම් වැඩ කරනවාද බවත් ඔවුන්ගේ පිලිතුර “ඔව්”වන බවත්ය.
     
    ඒ අතරින් ඇතැම් දරුවන්ගේ රෝග තත්වය උත්සන්න වී සී.ටී. හා එම්.ආර්.අයි.වැනි මිල අධික වෛද්‍ය පරික්ෂණ වලට භාජනය වී ඇති බවත් පසුව ඔවුන් ඊට අදාල විශේෂඥ වෛද්‍යවරුන් විසින් අක්ෂී සායනය වෙත යොමු කරන බවත් ඒ මහතා සදහන් කලේය.
     
    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඉද්දවෙල මහතා මෙසේද කීය.
     
    “මිනිසා වානරයගෙන් තමයි පරිණාමය වෙලා තියෙන්නේ.ඒ නිසා අපේ ඇස් එක දෙයක්ම දිහා එක දිගට බලා ගෙන ඉන්න තරම් හුරුවක් නැහැ. දැන් දරුවන් පැය ගණන් එක දිගට ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙලා පරිගනකය හෝ ජංගම දුරකතනයේ තිරය දෙස බලා ගෙන සිටීම නිසා දෘෂ්ටි රෝගාබාධ වලට ලක්වී තිබෙනවා. මේ දිනවල මා හමුවට පැමිණෙන පාසල් හා සරසවි සිසු සිසුවියන්ගෙන් සියයකට 60 කට වඩා මේ තත්වය තිබෙනවා.  
     
    ලමා අක්ෂී සායනයට එන දරුවන්ගෙන් සියයට 80 කට වඩා මේ තත්වය දැක ගන්න තිබෙනවා. මේක එතරම් හොද දෙයක් නොවෙයි.එම රෝග ලක්ෂණත් සමග ඇතැම් දරුවන්ගේ හැසිරීම් රටාව පවා වෙනස් වෙලා. ඔවුන්ට වෙනදට වඩා කේන්ති යනවා.තරහා යනවා. පවතින තත්වය තුල ඔන් ලයින් අධ්‍යාපනය සිදු විය යුතුයි. හැබැයි ඒ ගැන කවුරුත් දැනුවත් විය යුතුයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙයට කියන්නේ කම්පියුටර් විෂන් සින්ඩ්රොමි කියලයි.
     
    පරිගනකයට වඩා ජංගම දුරකතනයේ තිරය පොඩියි. ඒ නිසා ඇස් තවදුරටත් වෙහෙස මහන්සී වෙනවා වැඩියි. ඇසේ වේලීම වැඩි කරනවා.තෙත් ගතිය නැති වෙනවා.අපේ ඇස ගත්තොත් කාර්යක්ෂම සියුම් පේෂීන් 6 ක් තිබෙනවා. කුමක් හෝ දිහා බලන විට ප්‍රතිබිම්බය ඒ පසුපස යනවා.

    අවම වශයෙන් හැම විටම පේෂීන් 02 ක් 04 ක් වැඩ කරනවා. ලග බලන විට 4 ක් සංකෝචනය වෙනවා. එක දිගට එකම තැනක් දිහා බලද්දී ඒ සංකෝචනය දැඩි බවක් ඇති කරනවා. එය මොලයට මෙන්ම ඇහැට ද දැනෙනවා.එහි ප්‍රතිඵලය ඇස් වටේ දැවිල්ල, කදුලු ගැලීම, හිසරදය, වමනය යාම දක්වා වෙන්න පුලුවන්.මේ නිසා ඇතැම් දරුවන්ට ඇස් කණ්ණාඩි පවා නිර්දේශ කරන්න සිදු වෙලා තිබෙනවා.
     
    දැනට කල යුත්තේ විනාඩි 20 න් 20 ට තත්පර 20 ක හෝ විවේකයක් ගැනීමයි. එසේ නොමැති නම් මෘදුකාංගයක් තිබෙනවා විනාඩි 20 න් 20 ට තිරය ඔටෝ ඕෆ් වී නැවත දිස්වන.ඔන්ලයින් පන්ති කරන ගුරුවරුන් මේ ගැන දැනුවත් වී දරුවන්ට ඒ ආකාරයට විවේකය ලබා දිය යුතුයි. ඒ වගේම ඔන්ලයින් ඉගෙන ගන්න හැටි දරුවන්ට කියා දීමට රජය මැදිහත් විය යුතුව තිබෙනවා.
     
    සමහර විට තව අවුරුදු හැට හැත්තෑවකින් අපේ ඇහැ ඔන්ලයින් අධ්‍යාපනයට හුරු වේවි.නමුත් තවම එහෙම හුරුවීමක් නෑ. සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන් පවා අපේ ගාවට එනවා. ඔවුන් අහනවා එතකොට අපි රැකියාව නොකර ඉන්නද කියලා. එවිට ඔවුන්ට පැහැදිලි කර දීලා පරිගනකයට ඇස විටින් විට විවේකය අරන් හුරු වන විදිය කියලා දෙනවා. කුඩාම දරුවන්ට මේක ඒ තරම් බලපෑමක් නෑ .මොකද ඔවුන් එක දිගම අවධානයේ යොමු කර ගෙන ඉන්නේ නෑ. 06 ශ්‍රේණියෙන් ඉහල තමයි වැඩිපුර තිබෙන්නේ.
     
    ඒ වගේම අපේ ඇසෙන් පැය ගානක් ඒ දිගට බලා ගෙන හිටියත් හොදට මතකයේ තියෙන්නේ අවසන් මින්ත්තු 20 ක ඒවා විතරයි කියලයි නවීන විද්‍යාවේ  කියන්නේ.ඒ නිසා පැය දහය දොලහ එක දිගට ඔන්ලයින් වලට යොමු වීමට වඩා ක්‍රමාණුකූලව ඒ ගැන අවබෝධයෙන් ඉගෙන ගැනීම වඩාත් සාර්ථක වේවි.”

    තාලීනභාවය සහ ජනතාව දැනුවත් කිරීම සදහා ලංකාදීප ඊ පුවත්පතින් සම්පූර්ණ ලිපියම උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • ලෝකයේ කැතම උඩවැඩියා මල සමග තවත් නව විශේෂ 50ක් සොයා ගනී !

    ලෝකයේ කැතම උඩවැඩියා මල සමග තවත් නව විශේෂ 50ක් සොයා ගනී !

    “ලෝකයේ කැතම ඕකිඩ් – ugliest orchid in the world”” සහ බ්‍රිතාන්‍ය හතු –  British mushrooms 2020 දී රාජකීය උද්භිද උද්‍යානයේ (Royal Botanic Gardens -Kew) විද්‍යාඥයින් විසින් නම් කරන ලද නව විශේෂ ලැයිස්තුවට එක්කර ඇත.

    ප්‍රවීණයන් පවසන්නේ “අමුතු හා පුදුමාකාර – weird and wonderful” ශාක හා දිලීර තවමත් සොයාගත හැකි හා ලේඛනගත කර ඇති විශේෂවල ඇදහිය නොහැකි විවිධත්වය ඉස්මතු කරන බවයි.

    නව විශේෂ වලින් තුනෙන් එකක් ඕකිඩ් වේ.

    නමුත් විද්‍යාඥයන් පුදුමයට පත් වූයේ හීත්‍රෝ ගුවන්තොටුපල අසල වැඩෙන හතු වර්ග (British toadstools) හයක් සොයා ගැනීමෙනි.

    Cortinarius තාපක
    වනාන්තරවල කාබන් චක්‍රය (carbon cycling) ක්‍රියාත්මක වීම සඳහා හතු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි

    බොහෝ දුරට සොයාගත නොහැකි වූයේ හීත්‍රෝ ගුවන්තොටුපලේ ජලාශයක් අසල ගස් අතර වැඩෙන හතු ය. එය දිලීර විශේෂඥ ඇන්ඩි ඕවරල් විසින් සොයා ගන්නා ලදී.

    “එය රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. එය විශේෂ දෙයක්” ඔහු බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය.

    කියෙව්හි විශේෂඥයන් මෙම නිදර්ශකය පරීක්ෂා කළ අතර ඩීඑන්ඒ අධ්‍යයනයන් පසුව එය නව ප්‍ර භේදයක් බව සනාථ කළේය.

    ඔහු නව හතු විශේෂය තම බිරිඳ හෙදර්ගේ නමින් Cortinarius heatherae, ලෙස නම් කර ඇත .

    Acanthostachys කැල්සිකෝලා
    මෙම උඩවැඩියා විශේෂය බ්‍රසීලයේ ස්වභාවිකව නිරාවරණය වන හුණුගල් මත වැඩෙයි

    තවත් හතු විශේෂ දෙකක් එංගලන්තයෙන් හමු වූ අතර, එකක් සසෙක්ස් හි ඩෙවිල්ස් ඩයික්හි සහ අනෙක බැරෝ-ඉන්-ෆර්නස් අසල වනාන්තරවල තිබී හමු විය.

    නව ස්කොට්ලන්ත විශේෂ තුනක් ද හඳුනා ගන්නා ලදී; එකක් හයිලන්ඩ්ස් හි කයිත්නස්හි සහ දෙකක් රැනොච්හි බ්ලැක් වුඩ්හි දී සොයා ගැනිණි.

    මෙම හතු විශේෂ හයම අයත් වන්නේ දිලීර සමූහයකටය, ඒවා වෙබ් කැප් web caps ලෙස හැඳින්වේ, මන්ද ඒවා මකුළුවන්ගේ දැල් වලට සමාන නූල් තොප්පියකින් ආවරණය වී ඇති බැවිනි.

    ඕක්, බීච්, බර්ච් සහ පයින් වැනි ජලය හා පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීමට හතු උපකාරී වේ.

    ඩෙන්ඩ්‍රෝබියම් ඕරිෆෙක්ස්
    නිවර්තන කලාපීය නිව් ගිනියාවේ සිට පැමිණි ඕකිඩ් 19 න් එකක්

    කියෙව් විශේෂඥ ටූලා නිස්කානන් (Tuula Niskanen) විසින් ස්කොට්ලන්ත විශේෂ දෙකක් සොයා ගත් අතර, Cortinarius aurae  ඇතුළු ඇගේ දියණිය ඕරාගේ නම තැබීය.

    “නව දිලීර සොයා ගැනීමට ඔබට ඇමසන් හෝ අප්‍රිකාවට යාමට අවශ්‍ය නැත. ඒවා ඔබට සමීපව සොයා ගත හැකිය” යනුවෙන් ඇය බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවාය. “ලන්ඩනයේ පවා ඔබට නව විශේෂ සොයා ගත හැකිය.”

    නව දිලීර විශේෂ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට සහ ආරක්ෂා කිරීමට හැකි වන පරිදි ඒවා සොයා ගැනීම සහ නම් කිරීම වැදගත් බව ඇය පැවසුවාය.

    ශාක හා සතුන් හා සසඳන විට දිලීර පිළිබඳ “ගල් යුගයේ” දැනුමක් අප සතුව ඇත.

    ඉපෝමියා නොමානා
    මෙම ලස්සන රෝස පැහැති morning glory ශාකයේ අල ආහාරයක් වන අතර එය නව ආහාරයක් විය හැකිය

    ලොව පුරා නව ශාක හා දිලීර තවමත් වසරකට 2,000 ක් පමණ සොයා ගනී.

    කියෙව්හි විද්‍යාඥයින් සහ ඔවුන්ගේ සහකරුවන් විසින් මේ වසරේ විශේෂ 156 ක විද්‍යාත්මක තොරතුරු නම් කොට ප්‍රකාශයට පත් කර ඇත. ඉන් 27 ක් දිලීර වේ. (එක්සත් රාජධානියේ හයක් ද ඇතුළුව)

    කියෙව් හි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ආචාර්ය මාටින් චෙක් පැවසුවේ මේ වසරේ අලුතින් නම් කරන ලද ඇදහිය නොහැකි විශේෂයන්ගේ ලැයිස්තුවක් ඇති බවයි. “එක්සත් රාජධානියේ සිට විද්‍යාවට නව විශේෂ හයක් එක් කිරීමට ලැබීම සතුටට කරුණකි. එය කවදා හෝ සිදුවන්නේ දිලීර සමඟ පමණි.”

    නව විශේෂ වලින් තුනෙන් එකක් ඕකිඩ් වේ. ජෛව විවිධත්වයේ උණුසුම් ස්ථානයක් වන නිව් ගිනියා දූපතේ ඕකිඩ් 19ක් හමු විය.

    කුඩා, දුඹුරු මල් සහිත තවත් ඕකිඩ් වර්ගයක් මැඩගස්කරයේ වනාන්තරයක තිබී හමුවිය. කියෙව් විද්‍යාඥන් එය විස්තර කළේ “ලෝකයේ කැතතම ඕකිඩ් – the ugliest orchid in the world”.” ලෙසයි.

    රකෝටෝනාසොලෝයි
    මැඩගස්කරයේ වනාන්තරයකින් හමුවූ කෝමාරිකා විශේෂ දෙකෙන් එකක්
    මාස්ඩේනියා චිරින්ඩෙන්සිස්
    මෙම ශාඛය ඖෂධීය ශාක පවුලකින් පැවත එන්නකි

    කියෙව්හි විද්‍යාඥයින්ගේ වෙනත් සොයාගැනීම් අතර:

    • අනාගත ආහාර ප්‍රභවයක් විය හැකි බතල ශාකයක්- පේරු රටින්
    • නැමීබියාවේ ශුෂ්ක ප්‍රදේශවල වැඩෙන අමුතු පඳුරක් (scaly shrub). මෙම ශාකය කොරපොතු කොළ ඇති අතර උණුසුම් ස්වාභාවික වැලි කදුවල වැඩෙයි. තනි ශාක 1,000කටත් වඩා අඩු ප්‍රමාණයක් පවතී.
    • හම්මිං කුරුල්ලන් විසින් පරාගනය කරනු ලබන අන්නාසි කුලයට සම්බන්ධ බ්‍රසීලියානු ශාකයක්. බ්‍රොමෙලියඩ් bromeliad නම් මෙම ශාකය මධ්‍යම බ්‍රසීලයේ හුණුගල් කඳු මුදුන්වල වැඩේ. නමුත් සිමෙන්ති සෑදීම සඳහා හුණුගල් නිස්සාරණය කිරීම නිසා එය අවදානමට ලක්ව ඇත.
    • ඉන්දුනීසියානු නිව්ගිනියාවේ ලොව විශාලතම රන් පතල අසල තිබී බ්ලූබෙරි හා සම්බන්ධ පඳුරු.
    • සිම්බාබ්වේ සහ මොසැම්බික් අතර මායිමේ වනාන්තරයක තිබී ඖෂධීය ගුණ ඇති ඔසු.
    • මැඩගස්කරයේ නව කෝමාරිකා විශේෂ දෙකක්.

    2020 දෙසැම්බර් 17 බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Harry Potter නළු – නිළියන්ගේ අද ජීවිතය ගැන සුපිරි කතාව !

    Harry Potter නළු – නිළියන්ගේ අද ජීවිතය ගැන සුපිරි කතාව !

    හැරී පෝටර් කියන්නේ ලොකු – පොඩි, උගත් – නූගත්, ධනවත් – දුප්පත් ආදි කිසිම භේදයකින් තොරව මුළු ලෝකයම වසග කළ පොතක්. එය චිත්‍රපයට නැගුණ විට තවත් විචිත්‍රවත් වුණා. ඒ සමග ඒ ඒ චරිත සමග ආදරයෙන් / අමනාපයෙන් බැදීමටත අපට හැකි වුණා. ඒ කියන්නේ හැරී පෝටර් අපට සදාකාලික බැදීමක්.

    ඒත් ප්‍රශ්නයක් තිබෙනවා. එදා අපි හැරී පෝටර් තුළින් දුටු චරිත, නළුවන් අද දැක්කොත් ඔබට ඔවුන්ව හදුනා ගන්න පුළුවන් වෙයිද ?

    හැරී පොටර් චිත්‍රපට 8 න් පළමුවැන්න එළිදැක්වූයේ මීට වසර 20 කට පමණ පෙරයි. ඒ කියන්නේ එදා හැරී පෝටර් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ළමා නළු නිළියන් සියල්ලෝම පාහේ අද ඔවුන්ගේ තුන්වැනි දශකයට පැමිණ තිබෙනවා.

    ඉතිං ! එදා අපේ සිත් වසග කළ ඒ සුරතල් නව යොවුන් දර – දැරියන් අද සිටින තත්ත්ව දැක ගැනීමට ලැබුණොත් එය සුන්දර අත්දැකීමක් විය හැකියි නේද ?  ඔන්න අපි ඔබේ ඒ ආසාවත් ඉටු කළා.

    1. හැරී පොටර් ලෙස ඩැනියෙල් රැඩ්ක්ලිෆ් / Daniel Radcliffe as Harry Potter

    ජේ. කේ. රෝව්ලිංගේ හැරී පොටර් නවකතා චිත්‍රපට බවට පත් කරන බවට නිවේදනයක් නිකුත් කළ විට, එය විස්මිත පුවතක් වුණා. මොකද මේ දැවැන්ත සිනමාපටය තුළ ළමා චරිත රැසක් තිබෙනවා. විශේෂයෙන් වීරයා ‘හැරී‘

    ඉතිං දැන් මුළු ලෝකයේම නව යොවුන් වියේ පසුවන පිරිම ළමුන් තුළ හදගැස්ම වැඩි වුණා. ඔවුන්ගේ දෙමාපියන්ගේ, පවුලේ සමීපතමයින්ගේ හදගැස්ම වේගවත් වුණා. ඒත් හැරී වෙන්න කිසිවෙකුට පහසු වුණේ නැහැ. පිරිමි ළමුන් 17,000 ක් පමණ පරීක්ෂණයට ලක් කිරීමට සිදු වුණා ! ඒක ළමා චරිතයක් සදහා එතෙක් මෙතෙක් කළ දැවැන්තම පරීක්ෂණය බවට පත් වුණා.

    ඉතිං ! අවසානයේ ජයග්‍රාහකයා… වාසනාවන්තයා හමු වුණා. ඒ බොහෝම අපූරු නව යොවුන් පිරිමි ළමයෙක් වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් Daniel Radcliffe.

    ඔහු හැරී පෝටර් පළමු සිනමා පටයෙන්ම ලෝකයේම අවධානය දිනාගත්තා. තමා කවුද කියා ලෝකයට පෙන්වා සිටියා. 

    නැවත කිසි දිනෙක චිත්‍රපටයක රග නොපෑමට ඔහු තීරණය කළේ නම් ඔහුට තම ජීවිතයේ ඉතිරි කාලය සම්පූර්ණ මූල්‍ය සුරක්ෂිතභාවයෙන් ගත කළ හැකිව තිබුණා. නමුත් ඔහුට අවශ්‍ය වූයේ ඊට වඩා විශාල උරුමයක් ගොඩනඟා ගැනීමටයි.

    හැරී පොටර් චිත්‍රපටයෙන් පසු, රැඩ්ක්ලිෆ් විවිධාකාර සිනමාපටවල රඟපා තිබෙනවා. ඔහු විකට, රොම්-කොම්ස් සහ ත්‍රාසජනක චිත්‍රපටවල පවා රංගනයෙන් දායක වී තිබෙනවා. ඔහු Swiss Army Man හි විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. ඔහු රූපවාහිනී වැඩසටහන් කිහිපයක සහ නාට්‍යමය රංගනයන්හි ද රඟපා තිබෙනවා.

    හැරී පොටර් ලෙස ඩැනියෙල් රැඩ්ක්ලිෆ් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්
    හැරී පොටර් ලෙස ඩැනියෙල් රැඩ්ක්ලිෆ්

    2. රූපට් ග්‍රින්ට් රොන් වෙස්ලි ලෙස /  Rupert Grint as Ron Weasley

    අපි කවුරුත් දන්නවා රොන් වෙස්ලි හැරීගේ හොඳම මිතුරායි. මෙය රූපට් ග්‍රින්ට්ගේ ප්‍රථම ගෞරවයට පාත්‍ර වූ චිත්‍රපට භූමිකාවයි. පොටර් චිත්‍රපටවලින් පසුව ඔහු 2015දී ප්‍රහසන චිත්‍රපටයක් වූ Moonwalkers චිත්‍රපටයෙන් පසු රිදී තිරයට නොපැමිණි නමුත් චිත්‍රපට කිහිපයකම දිගටම රඟපෑවේය.

    රූපට් ග්‍රින්ට් රොන් වෙස්ලි ලෙස |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්
    රූපට් ග්‍රින්ට් දැන් පුංචි පුතෙකුගේ පියෙක්.

    3. හර්මන් ග්‍රෙන්ජර් ලෙස එමා වොට්සන් / Emma Watson as Hermione Granger

    එමා වොට්සන් හොග්වාර්ට්ස් හි වඩාත්ම දක්ෂ මායාකාරිය වූ හර්මියොන් ග්‍රෙන්ජර් ලෙස රඟපෑවාය. වොට්සන් එක් දක්ෂ නිරූපිකාවකි. ඇය 2014දී Brown සරසවියෙන් උපාධිය දිනාගත් අතර ඊට පසුව වඩාත් සාර්ථක චිත්‍රපට රැසක ප්‍රධාන චරිත නිරූපණය කළාය. ඒ අතර My Week With Marilyn (2011), The Perks of Being a Wallflower (2012), and The Bling Ring (2013) ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ සජීවීකරණය කරන ලද ක්‍රියාදාම චිත්‍රපටයක් වන Beauty and the Beast  චිත්‍රපටයේ ඇය බෙලි Belle ලෙස රඟපෑවාය . ඇගේ නවතම චිත්‍රපට ගෞරවය හිමි වූයේ Little Women (2019)සඳහා ය.

    හර්මියොන් ග්‍රෙන්ජර් ලෙස එමා වොට්සන් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    4. ඩ්‍රැකෝ මැල්ෆෝයි ලෙස ටොම් ෆෙල්ටන් / Tom Felton as Draco Malfoy

    ටොම් ෆෙල්ටන් පොග්ගේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා කළ හොග්වාර්ට්ස් හිරිහැර කරන්නා ලෙස රඟපෑවේය. නමුත් සැබෑ ජීවිතයේදී ඔහු ඊර්ෂ්‍යා කරනවාද? ඇත්ත වශයෙන්ම නැත! ඔහු හොලිවුඩයේ නිරන්තර භූමිකාවන් සොයා ගනී, බොහෝ දුරට අඩු වියදම් නාට්‍යවලට ඔහු වැඩි කැමැත්තක් දක්වයි. ඔහු ටීඑන්ටී හි Murder in the First”, “The Flash” on CW,  සහ යූ ටියුබ් මුල් මාලාව වන ““Origin” ඇතුළු මාලාවන් කිහිපයකම පෙනී සිටියේය. ඔහුගේ නවතම චිත්‍රපටය වන්නේ A Babysitter’s Guide to Monster Hunting ය.

    ඩ්‍රැකෝ මැල්ෆෝයි ලෙස ටොම් ෆෙල්ටන් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    5. නෙවිල් ලෝන්ග්බෝටම් ලෙස මැතිව් ලුවිස් /  Matthew Lewis as Neville Longbottom

    නෙවිල් ලෝන්ග්බෝටම් ලෙස රංගනයෙන් දායක වූ 12 හැවිරිදි මැතිව් ලුවිස්ට වටකුරු මුහුණක් තිබුණි. නමුත් හැදී වැඩුණු පසු ඔහු කාන්තාවක් බවට පත් වූවාය.. ඔහු 2015 දී ඔන්ලයින් ප්‍රකාශනයක් සඳහා යට ඇඳුම්වලින් පෙනී සිටියේය. පොටර් චිත්‍රපට නිම කළ දා සිට ඔහු විකට නාට්‍ය කිහිපයක රඟපෑවේය. ඔහු බීබීසී සහ අයිටීවී හි බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලා කිහිපයකම පෙනී සිටියේය.

    නෙවිල් ලෝන්ග්බෝටම් ලෙස මැතිව් ලුවිස් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    6. සෙඩ්රික් ඩිගරි ලෙස රොබට් පැටින්සන් /  Robert Pattinson as Cedric Diggory

    රොබට් පැටසන් පළමු වරට පොටර් කතා මාලාවේ 4 වන චිත්‍රපටය වන he Goblet of Fire හි ට්‍රයිවිසාර්ඩ් ශූරයා Triwizard champions ලෙස පෙනී සිටියේය. පසුව, ඔහු යොවුන්ගැහැනු ළමයින් කැමති vampire/wolf movies කිහිපයක රඟපෑවේය.

    සෙඩ්රික් ඩිගරි ලෙස රොබට් පැටින්සන් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    7. ලූනා ලව්ගුඩ් ලෙස එවානා ලින්ච් /  Evanna Lynch as Luna Lovegood

    ඉහත සඳහන් කළ අනෙක් නළුවන් මෙන් නොව, එවානා ලින්ච් හැරී පෝටර් කතා මාලාවේ 5වන චිත්‍රපටය වන Order of the Phoenix චිත්‍රපටයට දායක වන තෙක්ම රංගනයට පිවිසියේ නැත . අද ඇය PETA සහ Save the Asian Elephants වැනි මහජන ව්‍යාපාරවලට සහාය දක්වන ක්‍රියාකාරිනියකි. 

    ලූනා ලව්ගුඩ් ලෙස එවානා ලින්ච් |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    8. ඩඩ්ලි ඩර්ස්ලි ලෙස හැරී මැලිං /  Harry Melling as Dudley Dursley

    ඔබට මතකද හැරී පොටර්ගේ නරක් වූ ඥාති සහෝදරයා ඩඩ්ලි ඩර්ස්ලි? හැරී පොටර් හි අවසන් වරට පෙනී සිටි පසු මෙලිංගේ බර අඩු වී ඇති අතර ඔහු Netflix’s හි නවතම ජනප්‍රියම චිත්‍රපටය වන “TheQueen’s Gambit” හි ප්‍රධාන චරිතයක් ලබා ගත්තේය.

    හැරී මැලින් ඩඩ්ලි ඩර්ස්ලි ලෙස |  හැරී පොටර්ගේ නළුවා: එහෙනම් දැන් |  සෙස්ට්‍රඩාර්

    සැකසුම – තුෂාධවි

  • ‘සේනා පාලනය’ ගැන අලුත් විදිහට සිතමුද ?

    ‘සේනා පාලනය’ ගැන අලුත් විදිහට සිතමුද ?

    අපි පසුගිය කාලය පුරා අඛණ්ඩව සේනා දළඹුවා ගැනත් ඔහුගෙන් බඩඉරිගු වගාවට සිදුවිය හැකි ව්‍යසනය ගැනත් ඔබව දැනුවත් කළා. ඒත් දැන් සිදුව ඇති සේනා දළඹු ආක්‍රමණය හමුවේ ඒ දැනුම සහ තොරතුරු යාවත්කාලීන කිරීමට සිදුව තිබෙනවා.

    මේ අතර පොඩි චෝදනාවක් ද කළ යුතුව තිබෙනවා. ඒ තමයි වැඩි දෙනෙක් කරන්නේ සේනාගේ හානිය ගැන රටට පෙන්වන එක. ඒත් වඩා වැදගත් වන්නේ මේ විනාශයෙන් ගැළවීමට අප කළ යුත්තේ කුමක්ද ? කියලයි.

    ෆෙරමෝන උගුල් මගින් පිරිමි සතුන් අල්ලගෙන සේනා බෝවීම පාලනය කරන්න දැන් නම් ප්‍රමාද වැඩියි. ඒත් ඒක අලුත් වගාවකට නම් තවමත් අදාළයි.

    ඒත් බොහොමයක් තැන්වල දැන් සලබයා බිත්තර දාලා දළමුවත් ඉපදිලා. ඒ නිසා විකල්පයක් ගැන සිතමු.

  • “අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

    “අඩෝ මං කාලි; උඹේ අම්මා..!” නාටකයේ ට්‍රැක් පනී..පැණි ධම්මිකයා ගෝඨාණ්ඩුවේ රෙදි ගලවයි (වීඩියෝ)

    මෙරට ඉතිහාසය තුල රටේ උගත්, නූගත් ජනතාවට ජාතිය, ආගම, දේශප්‍රේමය සහ අන්ධ මිත්‍යාවිශ්වාස තුලින් ගොනාට අන්දවා පවුල් බලය තහවුරු කරගත් සහ ඒ බලය පවත්වාගෙන යෑමට එම ක්‍රමවේදයම නිරන්තරයෙන් යොදාගන්නා යම් පවුලක් වෙත්නම් ඒ රාජපක්ෂ පවුල් පාලනය බව අපගේ විශ්වාසයයි. කෝවිඩ්-19 වැනි අධි අවදානම් වෛරසයකට ලෝකයම විද්‍යාත්මකම තහවුරු කළ ඖෂධයක් සොයන මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව කට්ටඩි වැඩ කරන මේසන් බාස් අයවලෙකුගේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති, තහවුරු කිරීමක් නොමැති ඊනියා පැණියක් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය දැක්වීම මෙතෙක් ලොව පිළිගත් රාජ්‍යයක මෙන්ම ලක් ඉතිහාසයටවත් සිදු නොවූ තරමේ ඛේදවාචකයෙකි. කෝවිඩ් 19 දෙවන රැල්ලෙන් අසාර්ථක වූ ආණ්ඩුව ඊට නිසි සැලැස්මක් වෙනුවට ඉන් බේරී ජනමනස සකසන්න විවිධ උපක්‍රම භාවිතා කළ තර ධම්මික පැණියේ, පැණි නාටකය ආණ්ඩුවේම තවත් අසාර්ථක තිර පිටපතක් බවට දැන් ඔප්පු වෙමින් පවතී.

    මෙය කෙතරම් අභ්‍යාග්‍යසම්පන්න, සෝචනීය තත්වයක්ද යත් මෙරට සියලු ගෞරවනීය ආගමික නායකයින් සහ උගත් බුද්ධිමතුන් ඇතුළු රටක අභිවෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් වැඩ කරන පිරිස්වලට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩින්, මේසන් බාස්ලා ඉදිරියේ කර බා ඔවුන්ට ආශිර්වාද කරමින් නිහඬව බලා සිටීමටත්, එහෙයියන් වීමටත් සිදුව තිබීමයි.

    මෙවැනි විකාර රූපී අයවලුන්ගේ මිත්‍යාවිශ්වාස පිළිගැනීම, ඒවා පසුපස යෑම සහ ප්‍රවර්ධනය කිරීම රාජපක්ෂලා සහ ඔවුන් වන්දනා කරන වහල්ලුන්ට අලුත් දෙයක් සහ දැනෙන යමක් නොවූවද, මේ වන විට වත්මන් ගෝඨාණ්ඩුව මේ කෙලෙසමින් සිටින්නේ පෞඩ්‍ර, දියුණු තාක්ෂණික ඉතිහාසයක් පැවති රටක අභිමානය සහ අනාගතයයි.

    මේ පහත දැක්වෙන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විසින් රාජ්‍ය අනුග්‍රහය යටතේ නිකුත් කරන “ධම්මික පැණිය” හිමිකරු සිංහල බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ ඇතුළු අටමස්ථානය භාර අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අමතන ආකාරයයි.

    රටක උගතුන්, වියතුන් වෙනුවට මෙවැනි තුට්ටි දෙකේ, නූගත් තුප්පහි කට්ටඩි, මේසන් බාස්ලාට සියල්ලන්ට ඉහලින් වැජබෙමින් රිසි සේ රඟන්න රාජ්‍ය අනුග්‍රහය දෙන ආණ්ඩුවක් පිළිබඳව රටක පුරවැසියන් ලෙස සිතා බැලීම ඔබට භාරයි.

    ඡායාරූප සහ දර්ශන උපුටා ගැනීමේ ස්තුතිය: Sirasa News 1st

  • ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැන මානව හිමිකම් කොමිසම කරන සුපිරි හෙළිදරව්ව

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැන මානව හිමිකම් කොමිසම කරන සුපිරි හෙළිදරව්ව

    පිළිගත් ප්‍රමිතීන් සපුරාලීමෙහි ලා අසමත්ව ඇති, යල් පැන ගිය ශ්‍රී ලංකා බන්ධනාගාර පද්ධතිය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පළමු වරට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳ කරන ලද දීප ව්‍යාප්ත අධ්‍යයනයේ ඒ බව සඳහන් වේ.

    එකී විෂයට අදාළ තොරතුරු හිඟ වීම මෙන්ම බන්ධනාගාර පද්ධතිය, ඒවායේ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් පවතින මහජන කතිකාව අඩු වීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර ඉහත කී අධ්‍යයනය සිදු කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

    එමෙන්ම එකී අධ්‍යයන වාර්තාව ප්‍රකාශයට පත්ව ඇත්තේ කොරෝනා වෛරස් පැතිරීම හමුවේ මහර, වැලිකඩ සහ අනුරාධපුර වැනි බන්ධනාගාරයන්හි ප්‍රචණ්ඩ ක්‍රියා සහ විරෝධතා හටගත් පසුබිමකදීය. අදාළ අධ්‍යයනයේ අඩංගු සොයා ගැනීම්, නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ හට ගත් කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් අතුරු වාර්තාවේ නිර්දේශ හා සමපාත වීම ද විශේෂත්වයකි.

    ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, අයිතීන් උදෙසා කාන්තාවෝ සහ අලුත් පියාපත් ඇතුළු සිවිල් සංවිධාන විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණු දෙසැම්බර් 10 වෙනිදා පවත්වන ලද විරෝධතාවක්
    ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව, අයිතීන් උදෙසා කාන්තාවෝ සහ අලුත් පියාපත් ඇතුළු සිවිල් සංවිධාන විසින් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණු දෙසැම්බර් 10 වෙනිදා පවත්වන ලද විරෝධතාවක්

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවට ලක් කර ඇත. බන්ධනාගාර, රිමාඩ් බන්ධනාගාර සහ වැඩ කඳවුරු ඊට ඇතුළත්ය. එහිදී රැඳවියන්, බන්ධනාගාර බලධාරීන් මෙන්ම රජයේ ආයතන, ස්වාධීන සහ රාජ්‍ය නොවන කණ්ඩායම් ඇතුළු වෙනත් පාර්ශව ද සම්මුඛ සාකච්ඡාවට බඳුන් කර තිබේ.

    2018 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ කරන ලද අධ්‍යයනය සඳහා බන්ධාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර මෙන්ම ඊට ඔවුන්ගේ සහාය ද ලැබුණු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත.

    අධ්‍යයනයේ ප්‍රධාන සොයා ගැනීම් තුනකි:

    • බන්ධනාගාර තුළ නියමිත සීමාව ඉක්මවා සිරකරුවන් රඳවා සිටීම සහ සම්පත් අවම වීම
    • නිවැරදි කිරීමේ/ පුනරුත්ථාපනය කිරීමේ ආකෘතියක් වෙනුවට නිවැරදි කිරීමේ/ දඬුවම් පැමිණවීමේ ක්‍රමයකට බන්ධනාගාර තදින් අනුගතව සිටීම
    • අඩුපාඩුකම් පිළිබඳ බලධාරීන් හොඳින් දැනුවත් අතර ඔවුන් වෙනසකට සූදානම්ය
    sri lanka prison

    බන්ධනාගාර තුළ තත්ත්වය සහ සිරකරුවන්ට සලකන ආකාරය

    බන්ධනාගාර වාට්ටුවල තත්ත්වය: එක් සිරකරුවෙකු සඳහා ඇති ඉඩ, වාතාශ්‍රය, ආලෝකය සහ උෂ්ණත්වය සම්බන්ධයෙන් පවතින පිළිගත් ප්‍රමිතීන්ට අනුගත නොවන බව අධ්‍යයනයෙන් හඳුනා ගෙන තිබේ. එමෙන්ම බොහෝ විට වාට්ටු මනුෂ්‍ය වාසයට නුසුදුසු මට්ටමේ පවතින බව අධ්‍යයන වාර්තාවේ දැක්වේ. සෑම බන්ධනගරයකම පවතින අධික තදබදය පමණක් නොව දශක ගණනාවකට පෙර ඉදි කරන ලද බන්ධනාගාර ජරාවාස තත්ත්වයේ පැවතීම ද ඊට හේතු වී ඇති බවත් එමගින් පෙන්වා දෙයි.

    රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු පැරණි බන්ධනාගාර තුළ පමණක් නොව අලුතින් ඉදි කරන ලද බන්ධනාගාර තුළ ද දක්නට ඇති බව හඳුනාගෙන තිබේ.

    “වාට්ටුවල පවතින අධික තදබදය හමුවේ නිදා ගැනීමට ඉඩක් නොමැතිකම හේතුවෙන් අලුතින් පැමිණි රිමාන්ඩ් සිරකරුවන්ට රාත්‍රිය පුරා සිටගෙන සිටීමට සිදු වේ, නැතහොත් වැසිකිලි අසල හෝ ඒවා ඇතුළත නිදා ගැනීමට ඔවුන්ට සිදුවේ,”

    මහර ඛේදවාචකය

    මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද පංච පුද්ගල කමිටුව නිකුත් කළ අතුරු වාර්තාවේ දැක්වෙන පරිදි ඒ වන විට රැඳවිය හැකි සිරකරුවන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් එම බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව හෙළි වේ.

    “සිද්ධිය සිදු වූ දින දහවල් කාලයේ කොවිඩ්-19 වැළඳුනු රෝගීන් විශාල සංඛ්‍යාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බවට රැඳවියන්ට දැන ගැනීමට ලැබී ඇති අතර රිමාන්ඩ් බන්ධනාගාරයේ පැවති දැඩි තදබදය නිසාත් රැඳවියන් අතර උණ රෝගය පැතිරී තිබීම නිසාත් ඒ නිසා ඇති වූ ජීවිත අවදානම මත රැඳවියන් දැඩි නොසන්සුන්තාවයට පත්ව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් උද්ඝෝෂණ කරන්නට පටන් ගැනීම සාධාරණ උද්ඝෝෂණයක් ලෙස නිරීක්ෂණය වේ,” යනුවෙන් අදාළ කමිටු වාර්තාවේ සඳහන් වේ.

    “නිලධාරීන්ගෙන් කඩිනම් විසඳුම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම උද්ඝෝෂණය දැඩි අන්දමින් පවත්වාගෙන ගිය බවට නිරීක්ෂණය වේ,” යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.

    ආහාර

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ අධ්‍යයනයේදී අනුරාධපුර බන්ධනාගාරය හැර සෙසු සියලුම රිමාන්ඩ් බන්ධනාගාරවල සිටි රැඳවියෝ තමා ට ලබා දෙන ආහාර සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එම ආහාර “රසක් නැති සහ දියාරු” බවින් යුක්ත අතර බොහෝ විට පිසුණු නැති බත් ලබා දෙන බවත් ඔවුන් පවසා තිබේ.

    සාමාන්‍යයෙන් මුළුතැන් ගෙයි කටයුතු සඳහා යොදවන ලද සිරකරුවන්ට ආහාර පිසීම සම්බන්ධයෙන් පෙර අත්දැකීම් නොමැති බව මානව හිමිකම් කොමිසමට දැන ගැනීමට ලැබී ඇති අතර ඒ හේතුවෙන් ආහාරවල ගුණාත්මකභාවයට අනිවාර්ය බලපෑමක් සිදුවන බව නිරීක්ෂණය කර ඇත. පවතින නීතියට අනුව මුළුතැන් ගෙය සෞඛ්‍ය නිලධාරීන්ගේ පරීක්ෂාවට භාජනය විය යුතු වුව ද එය එසේ නොවන බවත් එබැවින් ආහාර සැකසීමේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක් නොවන බවත් අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

    මේ අතර මහර බන්ධනාගාරයේ හටගත් කලහකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ අතර: “දෙනු ලබන ආහාරවල තත්ත්වය අනුභව කිරීමට සුදුසු ආකාරයට පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව” දක්වා තිබේ.

    ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ පිරිසිදුභාවය

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යයනය සිදු කිරීමේදී රටපුරා පිහිටි බන්ධනාගාර 20 ක් පරීක්ෂාවන්ට ලක් කර ඇත

    බන්ධනාගාරවල පවතින දැඩි තදබදය මෙන්ම දැනට සිටින රැඳවියන් සංඛ්‍යාවට සරිලන පරිදි නිර්මාණය නොවුණු යල් පැන ගිය ගොඩනැගිලි, රැඳවියන්ට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීමට සහ සනීපාරක්ෂක පහසුකම් වෙත පිවිසීමට බාධාවක් වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය අධ්‍යනයෙන් පෙන්වා දෙයි.

    “රාත්‍රී කාලයේ සිර මැදිරි අගුළුලන අතර ඒවා තුළ වැසිකිලි පිහිටා නොමැත. එබැවින් සිරකරුවන්ට ශරීර කෘත්‍ය සිදු කිරීමට පිටතට යෑමේ හැකියාවක් නොමැති බැවින් ඔවුහු ඒ සඳහා ප්ලාස්ටික් බකට්ටු සහ පොලිතින් මළු භාවිත කරති. එම බකට්ටු හෝ මළු රාත්‍රිය පුරා සිරමැදිරි ඇතුළත තබා ගැනීමට සිදු වේ. එක් සිර මැදිරියක වාසය කරන රැඳවියන් එක් බකට්ටුවක් හවුලේ භාවිත කරන අතර බොහෝ විට අලුතින් පැමිණෙන රැඳවියන්ට පසුදා උදෑසන ඒවා පිරිසිදු කිරීමේ කාර්යය පැවරෙනු ඇත.”

    තවද ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගැනීමේ පහසුකම්, ඥාතීන් ඇතුළු බාහිර සමාජය සමග සන්නිවේදනය, සිරකරුවන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර සම්බන්ධය, විනය සහ දඬුවම් ලබා දීම, බන්ධනාගාර තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදු කරන ලද අධ්‍යයනයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වේ.

    බී.බී.සී සන්දේශය ඇසුරිණි

  • මාළු ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද? නවතම හෙළිදරව්ව මෙන්න !

    මාළු ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද? නවතම හෙළිදරව්ව මෙන්න !

    මාළු සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස අපි දනිමු, නමුත් ගර්භනී කාන්තාවන්ට නම් මාළු පරිභෝජනය සීමා කරන ලෙස කියනු ලැබේ. මාළු ආහාරයට ගැනීමෙන් ඇති වන සෞඛ්‍යමය ප්‍රතිලාභ එහි අවදානම ඉක්මවා යනවාද? මේ පසුගිය කාලය තුළ ඒ පිළිබදව ජාත්‍යන්තර මට්ටමින් සිදුකළ පර්යේෂණ පදනම් කරගත් විශේෂඥ වාර්තාවකි.

    අපට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරවලින් එකක් ලෙස මාළුවලට අභියෝගයකින් තොර කීර්තියක් ඇත.

    නමුත් ශාක පදනම් කරගත් විකල්පයන් ඉහළ යාම, මුහුදු ආහාරවල තිරසාරභාවය සහ කාබන් විමෝචනය පිළිබඳ වැඩි වැඩියෙන් සැලකිලිමත් වීම හේතුවෙන් අපට තව දුරටත් මාළු ආහාරයට ගැනීම අවශ්‍ය දැයි ප්‍රශ්න කිරීම ආරම්භ වී තිබේ.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවලට අනුව, 1974 සිට ජීව විද්‍යාත්මක තිරසාර මට්ටම්වල සිටින මත්ස්‍ය ගහණය 90%සිට 66% දක්වා අඩු වී තිබේ.

    මේ අතර, රසදිය හා අනෙකුත් දූෂක කාරණා ගැන සැලකිලිමත් වන සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශය වන්නේ ගැබිනි හෝ මව්කිරි දෙන කාන්තාවන්ට, සමහර විශේෂවල මාළු පරිභෝජනය සීමා කරන ලෙසයි.

    මාළු ආහාරයට ගැනීමෙන් වැඩි සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලැබේද? නැතහොත් සෞඛ්‍ය අවධානම උග්‍ර වේද ?

    බර ලෝහ Heavy metal

    මෑත දශකවලදී, මාළු පිළිබඳ ලොකුම කනස්සල්ල වන්නේ එහි හානිකර විය හැකි දූෂක හා ලෝහ මට්ටමයි.

    polychlorinated biphenyls (PCBs) එක් කරුණකි . 1980 දශකය වන විට ඒවා තහනම් කරනු ලැබුවද, මෙම කාර්මික රසායනික ද්‍රව්‍ය ලොව පුරා විශාල වශයෙන් භාවිතා කරන ලද අතර තවමත් අපේ පසෙහි හා අපගේ ජලයේ රැඳී පවතී.

    එය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සිට මොළය දක්වා සෑම දෙයකටම අහිතකර සෞඛ්‍යමය බලපෑම් රාශියක් සමග සම්බන්ධ වී ඇති අතර කිරි නිෂ්පාදනවල සිට පානීය ජලය දක්වා සෑම දෙයකම PCBs පවතින අතර ඉහළම මට්ටම් මාළුවල දක්නට ලැබේ. මාළු පිළිබඳ ලොකුම කනස්සල්ල වන්නේ එහි හානිකර විය හැකි දූෂක හා ලෝහ මට්ටමයි (ණය: ගෙටි රූප)

    මාළු පිළිබඳ ලොකුම කනස්සල්ල වන්නේ එහි හානිකර විය හැකි දූෂක හා ලෝහ මට්ටමයි

    එංගලන්තයේ හර්ට්ෆර්ඩ්ෂයර් හි රොතම්ස්ටෙඩ් රිසර්ච් Rothamsted Research in Hertfordshire හි විද්‍යා අධ්‍යක්ෂ ජොනතන් නේපියර් පවසන්නේ මාළු වලින් ඔබ PCB පානය කිරීම සීමා කිරීම සඳහා වන විසඳුම ප්‍රතිවිරුද්ධ විය හැකි බවයි.

    “විෂ සහිත සංයෝග සමුච්චය වීමේ ගැටලුව සෘජු මිනිස් පරිභෝජනය සඳහා හසු වන වන සතුන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ඇත,” ඔහු පවසයි. 

    මිනිසුන් විසින් වගා කරන මසුන් (farmed fish) පෝෂණය කරන සාගරයෙන් ලබාගත් අමුද්‍රව්‍ය පිරිසිදු කිරීම හෝ විෂ ඉවත් කිරීම සඳහා පියවර ගැනීම නිසා වගා කරන මසුන් බොහෝ විට සාගර හෝ මිරිදිය මසුන්ට වඩා ආරක්ෂිත වේ.

    කෙසේ වෙතත් එය සැවිටම එසේ නොවන අතර පී.සී.බී අන්තර්ගතය ද කාලානුරූපව උච්චාවචනය වේ. ඒවා සාමාන්‍යයෙන් අපේ සෞඛ්‍යයට හා පරිසරයට වඩා හොඳ යැයි සලකන අතර, මහා පරිමාණ ජලජීවී වගාවට තමන්ගේම ගැටලු ඇත.  එනම් සාගර අපද්‍රව්‍ය වලින් දූෂණය කිරීම සහ වන සතුන් තුළට පැතිර යා හැකි රෝග සඳහා බෝවන ස්ථාන බවට පත්වීම ආදියයි.

    ගර්භණී හා මව්කිරි දෙන කාන්තාවන් පීසීබී මෙන්ම ඩයොක්සින් වැනි දූෂක ද්‍රව්‍යද සතියකට කොටස් දෙකකට සීමා කිරීමට මාළු විශේෂ සීමා කරන ලෙස එක්සත් රාජධානියෙ ජාතික සෞඛ්‍ය සේවය නිර්දේශ කර ඇත. මෙම මසුන් අතර සැමන් සහ සාඩින් වැනි තෙල් සහිත මාළු මෙන්ම කකුළුවන් හා sea bass ඇතුළු තෙල් රහිත මසුන් ද ඇතුළත් ය. ස්ප්‍රැට් වැනි තෙල් සහිත මාළු වලට PCB ලෙස හඳුන්වන විෂ ද්‍රව්‍ය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින හෙයින්, ගර්භනී කාන්තාවන්ට සතියකට කොටස් දෙකකට වඩා නොතිබිය යුතුය (ණය: ගෙටි රූප)

    ස්ප්‍රැට් වැනි තෙල් සහිත මාළු වලට PCB ලෙස හඳුන්වන විෂ ද්‍රව්‍ය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින හෙයින්, ගර්භනී කාන්තාවන් සතියකට ග්‍රැම් 140කට වඩා ඒවා ආහාරයට නොගත යුතුය.

    තවත් කනස්සල්ලට හේතුවක් නම් රසදියයි. රසදිය වැදමහ හරහා ගොස් දරුවන්ගේ වර්ධනයට බලපාන ගැටලු ඇති කරයි. රසදිය ශරීරගත වීම සහ පිළිකා, දියවැඩියාව සහ හෘද රෝග අතර සම්බන්ධතා රාශියක් ඇත. 

    එළවළු වැනි වෙනත් ආහාර වලින් රසදිය සොයා ගත හැකි වුවද, එක් අධ්‍යයනයකින් හෙළි වූයේ සහභාගීවන්නන්ගේ රසදිය පරිභෝජනයෙන් 78% ක්ම පැමිණියේ මාළු හා මුහුදු ආහාර වලින් බවයි.

    මාළු වල රසදිය මට්ටම එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරියට අනුව (FDA) ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක පවතින අතර ගර්භණී කාන්තාවන් හැලිබුට් සහ ටූනා ඇතුළු ජනප්‍රිය මාළු ආහාරයට ගැනීම සතියකට එක් දිනක් දක්වා සීමා කරන ලෙස නිර්දේශ කරයි.

    නමුත් මාළු වල බැර ලෝහ සමුච්චය වීම පිළිබඳ කනස්සල්ල අධික වී ඇති බව නේපියර් පවසයි. අවුරුදු 15 ත් 20 ත් අතර කාලයක් ජීවත් විය හැකි swordfish වැනි දීර්ඝ කාලයක් ජීවත් වන විශේෂයන් සම්බන්ධයෙන් එය ගැටළුවක් පමණක් බව ඔහු පවසයි. 

    swordfish වල රසදිය සාන්ද්‍රණය 0.995 PPM වන අතර සාමාන්‍ය යෙන් අවුරුදු හතරක් හෝ පහක් ජීවත් වන සැමන් මත්ස්‍යයින්ගේ එම අගය 0.014 ක් පමණ වේ. 

    එක්සත් ජනපදයේ පාරිසරික ආරක්ෂණ ඒජන්සිය දැනට කියා සිටින්නේ ගර්භනී කාන්තාවන් සඳහා සතියකට එක් ආහාරයක් අනුභව කරන්නේ නම් එක් වේලක් සඳහා ඉහළම රසදිය සාන්ද්‍රණය 0.46 PPM බවයි.

    නමුත් පෘථිවිය උණුසුම් වන විට සාගරයේ ඇති රසදිය මට්ටම ඉහළ යා හැකි බවට සාධක ඇති බැවින් ගැටළුව තවත් උග්‍ර වේ. ආක්ටික් හිම තට්ටු දියවන විට, ශීත කළ භූමියේ සිරවී ඇති රසදිය ජල මාර්ගවලට මුදා හරින බව  පර්යේෂණවලින් හෙළි වී තිබේ .

    රසදිය කුඩා අවදානමක් වන අතර, නේපියර් පවසන්නේ මාළු වලින් ලබා ගැනීමට තවත් බොහෝ දේ ඇති බවයි – විශේෂයෙන් සමුද්‍ර ඔමේගා 3 marine omega 3 මේ අතර ප්‍රධාන වේ.

    මේද අම්ල Fatty acids

    සැමන්, ටූනා, සාඩින් සහ මැකරල් ඇතුළු තෙල් සහිත මාළු පාරිභෝජනය හෘදරෝග ඇතිවීමේ අවධානම අඩු කරයි. එහි සාගර ඔමේගා 3, මේද අම්ල අයිකොසපෙන්ටෙනොයික් අම්ලය  fatty acids eicosapentaenoic acid (EPA)  සහ ඩොකොසහෙක්සෙනොයික් අම්ලය docosahexaenoic acid (DHA) බහුලව අන්තර්ගත වේ.

    හණ ඇට සහ walnuts වැනි සමහර ශාක පදනම් කරගත් ප්‍රභවයන් ඔමේගා 3 වලින් පොහොසත් වේ. ALA. 2014 අධ්‍යයනයකින් නිගමනය වී ඇත්තේ ශාක පදනම් කරගත් ඔමේගා 3 හි හෘද සෞඛ්‍ය ප්‍රතිලාභ EPA සහ DHA සමඟ සැසඳිය හැකි නමුත් එය උපස්ථ කිරීමට තවමත් පර්යේෂණ සිදු වී නොමැති බවයි. කෙසේ වෙතත්, ඔබට ඇල්ගී අතිරේකවල සහ ආහාරයට ගත හැකි මුහුදු පැලෑටි වල EPA සහ DHA යන දෙකම සොයාගත හැකිය .

    EPA සහ DHA යන දෙවර්ගයම මිනිස් පරිවෘත්තීය ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි, නමුත් අපට ඒවා අපගේ ශරීර තුළ ඉතා effectively ලදායී ලෙස සාදා ගත නොහැක, එබැවින් ඒවා අපගේ ආහාරයේ කොටසක් ලෙස තබා ගැනීම සැබවින්ම වැදගත් වේ – ජොනතන් නේපියර්

    “ඊපීඒ සහ ඩීඑච්ඒ යන දෙවර්ගයම මිනිස් පරිවෘත්තීය ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නමුත් අපට ඒවා අපගේ ශරීර තුළ ඉතා ඵලදායී ලෙස සාදා ගත නොහැක. එබැවින් ඒවා අපගේ ආහාරයේ කොටසක් ලෙස තබා ගැනීම ඇත්තෙන්ම වැදගත් වේ” යැයි නේපියර් පවසයි.

    අපගේ මොළයේ, දෘෂ්ටි විතානයේ සහ වෙනත් විශේෂිත පටක වල DHA බහුල වේ. EPA සමඟින් ශරීරයේ ඇතිවන දැවිල්ල සමග සටන් කිරීමට එය උපකාරී වන අතර එය හෘද රෝග, පිළිකා සහ දියවැඩියාව ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වේ.

    “සමුද්‍ර ඔමේගා 3 සෞඛ්‍යයට ඇති කරන බලපෑම දෙස බලන ජනගහන දත්ත ස්ථාවර හා ශක්තිමත් වන අතර, ඊපීඒ සහ ඩීඑච්ඒ වැඩි වශයෙන් ආහාරයට ගන්නා පුද්ගලයින්ට පොදු රෝග, විශේෂයෙන් හෘද රෝග හා ඒවායින් මිය යාමේ අවදානම අඩු බව පෙන්නුම් කරයි” එංගලන්තයේ සදම්ටන් විශ්ව විද්‍යාලයේ මානව සංවර්ධන හා සෞඛ්‍ය අංශ ප්‍රධානී පිලිප් කැල්ඩර්.

    ඔමේගා 3 ලබා ගන්නා අතරතුර රසදිය නිරාවරණය වීමෙන් ඇති විය හැකි හානිය වළක්වා ගත හැකි එක් ක්‍රමයක් නම් මාළු තෙල් අතිරේක ලබා ගැනීමයි. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙනුවෙන් මෑතකදී කරන ලද පර්යේෂණයකින් ඔමේගා -3 අතිරේක සෞඛ්‍ය ප්‍රතිඵල පිළිබඳව සොයා බැලූ විට තෙල් සහිත මාළු අනුභව කිරීමට සමාන බලපෑමක් නොමැති බව සොයා ගන්නා ලදී.මාළු තෙල් අතිරේකයන්ගෙන් ඔබට ඔමේගා 3 ලබා ගත හැකි වුවද, ඒවා තෙල් සහිත මාළු ආහාරයට ගැනීම තරම් effective ලදායී නොවේ (ණය: ගෙටි රූප)

    මාළු තෙල් අතිරේකයන්ගෙන් ඔබට ඔමේගා 3 ලබා ගත හැකි වුවද, ඒවා තෙල් සහිත මාළු ආහාරයට ගැනීම තරම් ඵලදායී නොවේ

    “අපගේ ශරීර විශේෂිත පෝෂ්‍ය පදාර්ථයක හෝ අමුද්‍රව්‍යයක තනි පෙත්තකට වඩා සම්පූර්ණ ආහාර පරිවෘත්තීය කිරීමට අනුගත වේ” යනුවෙන් නේපියර් පවසයි.

    “අපගේ සොයාගැනීම් මඟින් කිරීටක හෘද රෝගවලින් මිය යාමේ අවදානම අඩු කිරීමේ දී ඉතා සුළු වාසිදායක බලපෑමක් ඇති කරයි” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යයන පර්යේෂකයෙකු වන ලී හූපර් පවසයි.

    නමුත් හූපර් වැනි ජනගහන අධ්‍යයනයන්හි ගැටලුවක් තිබේ. සාඩින් වැනි සමහර තෙල් සහිත මාළු සාපේක්ෂව මිල අධික නොවන අතර මාළු සාමාන්‍ය යෙන් මිල අධික ආහාර වේලක් සමග සම්බන්ධ වේ. සමාජ ආර්ථික තත්ත්වය සෞඛ්‍ය ප්‍රතිඵල කෙරෙහි බලපාන බව බොහෝ දෙනා පිළිගෙන ඇත. එබැවින් වැඩියෙන් මාළු අනුභව කරන පවුල්වලට ඉහළ ආදායමක් සහ පොදුවේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තිබිය හැකිය.

    සාමාන්‍යයෙන් පර්යේෂකයන් එවැනි ව්‍යාකූල සාධක සැලකිල්ලට ගනු ඇතැයි කැල්ඩර් පවසයි. නමුත් අධ්‍යයනයේ ප්‍රතිඵල මඟ හැරිය හැකි සෑම දෙයක් ගැනම ඔවුන් නොසිතනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අධ්‍යයන 79 ක සමාලෝචනයක් වන අතර, ඒ සෑම එකක්ම සහභාගිවන්නන්ගේ සමාජ ආර්ථික තත්ත්වය සඳහා ඔවුන් පාලනය කළ ආකාරය අනුව වෙනස් වනු ඇත.මාළු සාමාන්‍යයෙන් වඩා මිල අධික ආහාර වේලක් සමඟ සම්බන්ධ වේ - එසේනම් වැඩි මාළු අනුභව කරන අය වැඩි ආදායමක් සහ පොදුවේ සෞඛ්‍ය සම්පන්න විය හැකිද?  (ණය: ගෙටි රූප)

    මාළු සාමාන්‍යයෙන් වඩා මිල අධික ආහාර වේලක් සමඟ සම්බන්ධ වේ. එසේනම් මාළු වැඩියෙන් අනුභව කරන අය වැඩි ආදායමක් සහ පොදුවේ සෞඛ්‍ය සම්පන්න විය හැකිද? 

    නමුත් අහඹු ලෙස කණ්ඩායමකට පුද්ගලයින් අනුයුක්ත කර ඇති අතර ඔමේගා -3 අතිරේක ගැනීම වැනි මැදිහත්වීමක් මනිනු ලබන මැදිහත්වීමේ පරීක්ෂණ, ගැටළු ද ඇත. නිදසුනක් ලෙස, ඊපීඒ සහ ඩීඑච්ඒ ඌනතාවයේ ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම් විශ්ලේෂණය කිරීම දුෂ්කර ය, කැල්ඩර් පවසයි.

    මීට අමතරව, පර්යේෂණයන් පෙන්වා දෙන්නේ මාළු සෑම කෙනෙකුගේම සෞඛ්‍යයට විවිධ මට්ටම්වලට බලපෑම් කළ හැකි බවයි. මෙම වෙනස පුද්ගලයෙකුගේ සමස්ත ආහාර රටාව හා ජීවන රටාව දක්වා පහළ විය හැකි බව කැල්ඩර් පවසයි, නමුත් ජානමය වෙනස්කම් ද ඊට හේතු විය හැකිය.

    මසුන්ගේ සෞඛ්‍ය ප්‍රතිලාභ වෙනස් වීමට තවත් හේතුවක් වන්නේ මාළු ඇති කරන ආකාරයයි.

    සමුද්‍ර පරිසර පද්ධති ඔමේගා -3 වලින් පිරී ඇත: කුඩා මසුන් සමුද්‍ර ප්ලවාංග අනුභව කරන අතර විශාල මාළු ඔවුන් ආහාරයට ගනී. මේ ආකාරයට මුළු ආහාර දාමය ඔමේගා -3 හරහා මිනිසුන්ට ගමන් කරයි. නමුත් මාළු ගොවිපොළවල වගා කරන මසුන් සඳහා මෙම ආහාරදාම පද්ධතිය වෙනස් වේ.

    “මාළු ගොවිපලක, එය කූඩුවක මසුන් දහස් ගණනක් පමණයි. මාළු ගොවියා දෙන දේ ඔවුන් කනවා, ”නේපියර් පවසයි.

    ගොවිතැන් කරන මසුන්ට සාමාන්‍යයෙන් කුඩා මත්ස්‍ය විශේෂ පෝෂණය වේ. කෙසේවෙතත්, සාගරයේ හෝ වෙනත් ස්වභාවික පරිසර පද්ධතියක වැඩෙන මාළු විවිධාකාර කුඩා මාළු අනුභව කරනු ඇත. 

    ගෝලීය ජලජීවී වගාව අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළත්  එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයට අනුව, මාළු තෙල් සඳහා වැඩි වන ඉල්ලුම යනු ගොවිතැන් කරන මසුන්ට ලබා දෙන මාළු ආහාරයේ අඩංගු තෙල් අඩුවීමයි. එයින් අදහස් වන්නේ අපි පරිභෝජනය කරන මාළු වල ඔමේගා -3 ප්‍රමාණයද අඩුවෙමින් පැවතීමයි.මාළු තෙල් අතිරේක සඳහා ඇති ඉල්ලුම වැඩිවීම යනු අප ගන්නා මාළු වල ඔමේගා 3 මට්ටම පහත වැටීමයි (ණය: ගෙටි රූප)

    මාළු තෙල් අතිරේක සඳහා ඇති ඉල්ලුම වැඩිවීම යනු අප ගන්නා මාළු වල ඔමේගා 3 මට්ටම පහත වැටීමයි

    “සෑම වසරකම සාගරයෙන් පිටතට එන සීමිත ඔමේගා මාළු තෙල් වර්ග තිබේ. ‘අපට ලැබී ඇත්තේ එපමණයි,” ඔහු පවසයි. 

    “ජලජීවී වගාව පුළුල් වන නමුත් මිනිසුන්ගේ ආහාර වේලට ඇතුළත් කළ යුතු වැදගත්ම ආදානය වන මාළු තෙල් සම්පූර්ණයෙන්ම ස්ථිතික නම්, ඔබ මසුන්ට කොපමණ ප්‍රමාණයක් පෝෂණය කළ යුතුද යන්න තනුක කරයි.”

    ගොවිපොළ මගින් වගා කරන ලද සැමන් මසුන් තුළ ඊපීඒ සහ ඩී.එච්.ඒ මට්ටම දශකයක් තුළ අඩකින් අඩු වී ඇති බව 2016 දී කරන ලද පර්යේෂණයකින් හෙළි විය. ගොවිතැන් කළ සැමන් මත්ස්‍යයින් තුළ සාගරයේ ජීවත් වන සැමන් මසුන්ට වඩා ඔමේගා -3 තවමත් ඇති බව නේපියර් පවසයි.

    ‘‘සැමන් මත්ස්‍යයා අත්ලාන්තික් සාගරය හරහා ඉදිරියට පීනයි. ඔහු කෙට්ටු සතෙක්. ඔහු පරිභෝජනය කරන සෑම දෙයක්ම දහනය කරන නිසා ඔහු තුළ මේදය ඉතිරි නොවේ, ”ඔහු පවසයි.

    Brain food

    ඔමේගා -3 හැරුණු විට මාළු වල ‘සෙලීනියම්‘ ඇතුළු වෙනත් ප්‍රයෝජනවත් පෝෂ්‍ය පදාර්ථ ඇති අතර සෛල හානිවලින් හා ආසාදනවලින් ආරක්ෂා කරයි. නිරෝගී පරිවෘත්තීය ක්‍රියාවලියකට සහාය වන  අයඩින් සහ ප්‍රෝටීන් ඒ තුළ අන්තර්ගතය.

    මාළු දිගු කලක් තිස්සේ ‘මොළයේ ආහාර Brain food ලෙස වර්ණනා කර ඇත. මෑත අධ්‍යයනයකින් ඇඟවෙන්නේ මෙය එහි ඔමේගා -3 අන්තර්ගතයට ස්තූතිවන්ත නොවන බවයි. (අධ්‍යයනවලින් ඔමේගා -3 හා මන්දගාමී සංජානන පරිහානිය අතර සම්බන්ධයක් සොයාගෙන ඇත)

    පර්යේෂකයෝ සොයා ගත් පරිදි බේක් කරන ලද හෝ broiled fish ආහාරයට ගැනීම මොළයේ පරිමාවන් සමඟ සම්බන්ධ වේ.

    වැඩිදියුණු කළ සෞඛ්‍යය හා රෝග සමඟ අපගේ මොළයේ පරිමාව වෙනස් වේ. 

    70 දශකයේ අග භාගයේ සිටි 163 දෙනෙකුගේ මාළු ආහාර ගැනීමේ පුරුදු සහ එම්ආර්අයි ස්කෑන් පරීක්ෂාව පර්යේෂකයන් සාමාන්‍යයෙන් සසඳා බැලීය. කිසිදු මාළු වර්ගයක් ආහාරයට නොගත් සහභාගිවන්නන් හා සසඳන විට, සතිපතා මාළු අනුභව කළ අයට විශාල මොළයේ පරිමාවක් ඇති බව ඔවුන් සොයා ගත්හ. (වැඩි වශයෙන් ඔවුන්ගේ ඉදිරිපස කොටසේ) ඔවුන්ගේ තාවකාලික මතකය සඳහා එය ඉතා වැදගත් වේ. (ඉගෙනීම සහ සංජානනය)

    මාළු හා මොළය අතර ඇති සම්බන්ධය ප්‍රති-ගිනි අවුලුවන බලපෑමක් ඇති මත්ස්‍යයන් දක්වා අඩු විය හැකි බව රාජි පවසයි, මන්ද දැවිල්ල අඩු කිරීමට මොළය ප්‍රතිචාර දක්වන විට එය ක්‍රියාවලියේ මොළයේ සෛල වලට බලපෑම් කළ හැකි බැවිනි.

    “මෙයින් අදහස් කරන්නේ ඔබට මොළයේ සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි අතර ඇල්සයිමර් රෝගය ද වළක්වා ගත හැකිය” යනුවෙන් රාජි පවසයි. 

    ඩිමෙන්ශියාවට මොළය හැකි තරම් ඔරොත්තු දීමේ හැකියාව සඳහා, ඔබ වයස විසි ගණන්වල හෝ තිස් ගණන්වල පසුවන විට අවම වශයෙන් සතියකට වරක්වත් මාළු ආහාරයට ගැනීම ආරම්භ කිරීමට රාජි උපදෙස් දෙයි.

    මාළු සහ මුහුදු ආහාර සෞඛ්‍ය සම්පන්න වීමට එක් හේතුවක් වන්නේ ඒවා අපගේ ආහාර වේලෙහි අඩු සෞඛ්‍ය සම්පන්න ආහාර ආදේශ කිරීමයි (ණය: ගෙටි රූප)

    මාළු සහ මුහුදු ආහාර සෞඛ්‍ය සම්පන්න වීමට එක් හේතුවක් වන්නේ ඒවා අපගේ ආහාර වේලෙහි අඩු සෞඛ්‍ය සම්පන්න ආහාර ආදේශ කිරීමයි

    තවමත්, මාළු අනුභව නොකරන පුද්ගලයින්ට ප්‍රධාන සෞඛ්‍ය අඩුපාඩුකම් යෝජනා කරන ශක්තිමත් පර්යේෂණ නොමැති හෙයින්, කැල්ඩර් පවසන්නේ සමස්ත මිනිස් සෞඛ්‍යයට මාළු අත්‍යවශ්‍ය යැයි නිශ්චිතව පැවසීම දුෂ්කර බවයි. කෙසේ වෙතත්, ඔමේගා -3 සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන අතර රෝග අවදානම අඩු කරන බව පැහැදිලිය.

    නමුත් මාළු කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න පිළිබඳව සොයා බැලීම බොහෝ කලකට පසු වැදගත් කරුණකි. 

    “මාළු තිරසාර ආහාර ප්‍රභවයක් නොවන බැවින්, පර්යේෂණයන් දැන් මාළු පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන් වෙනුවට ඇල්ගී වගා කිරීම සහ ඔමේගා -3 තෙල් අස්වැන්න නෙළා ගැනීම වැනි විසඳුම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත” යනුවෙන් කැල්ඩර් පවසයි.

    ලබා ගත හැකි වඩාත්ම තිරසාර මත්ස්‍ය විශේෂ තෝරා ගැනීමෙන් පුද්ගලයන්ට උපකාර කළ හැකිය. සමුද්‍රීය සංරක්ෂණ සමිතිය වැනි මාර්ගෝපදේශකයින් පෙන්වන්නේ විශේෂ 133 න් 50ක්ම තිරසාර, “හොඳ” තේරීම් ලෙස ලැයිස්තුගත කර ඇති බවයි. වාසනාවකට මෙන්, ගොවිතැන් කරන ලද සැමන්, ඉස්සන්, කෝඩ්, මැකරල් වැනි ජනප්‍රිය ප්‍රියතමයන්. බෙල්ලන් සහ ගොවිතැන් කරන ලද හැලිබුට් ද මේ අතර සිටී.

    2020 දෙසැම්බර් 13 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘සුව ආහාර’ පරිභෝජනය කියන්නේ කුමක්ද ?

    ‘සුව ආහාර’ පරිභෝජනය කියන්නේ කුමක්ද ?

    ‘මේ ළමයා කොච්චර කෑවත් ඇටකෝට්ටා වාගේ. කාක්කා වාගේ කන ඒවා කොහෙ යනවද දන්නේ නැහැ’
    ‘අම්මෝ මම පිඟානක් ළඟින් ගියත් මහත් වෙනවා’
    ‘අනේ මම මේ දවස්වල ඩයට් කරනවා. නැතිනම් කොහොමද අනේ ෂේප් එක තියා ගන්නේ’

    මේ අපට නිතර නිතර සෑම තැනකදීම වාගේ ඇසෙන සුලභ කතා කිහිපයක්. මීට සමාන තවත් කතා බොහොමයක් ඔබට ද තිබිය හැකියි. මේ කතා ඇහෙන කොට ඔබට මොනවද හිතෙන්නේ ? අපි හැමෝටම ‘කෑම’ ගැන කුමක් හෝ ගැටලූවක් තිබෙන බව නේද ?

    ‘මාළුවා නහින්නේ කට හින්දා’ කියලා කතාවක් අපි අතර තිබෙනවා. අද වෛද්‍යවරු කියන්නෙත් අපේ බොහෝ දෙනෙක් නහින්නේ ‘කට’ හින්දා කියලා. මේ කට හින්දා කියලා කියන්නේ ‘කෑම’ නිසා කියන එක. ඇත්ත. පෝෂණ විද්‍යාවේදී අවධාරණය වන කරුණක් තමයි ‘සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා සුව ආහාර පරිභෝජනය’ අත්‍යවශ්‍යයි කියන එක.

    ‘ ජීවත් වෙන්නේ කන්නද ?’ ‘කන්නේ ජීවත් වෙන්නද ?’ කියන ප‍්‍රශ්නේ අපි බොහෝ දෙනකුට තිබෙනවා. ඒත් පොදුවේ පිළිගන්නා දෙයක් තමයි ‘ආහාර කියන්නේ ලෝකයේ ජීවත් වන සියලූම ජීව වස්තූන්ගේ මූලික අවශ්‍යතාවක්. ආහාර නොමැති කිසිම ජීවියෙකුට ජීවත් වෙන්න බැහැ. ඒත් අපි බොහොම ප‍්‍රවේශමෙන් තේරුම් ගත යුතු දෙයකුත් තිබෙනවා. ඒ තමයි ආහාර කියන්නේ බොහොම සැලකිල්ලෙන් තෝරා ගත යුතු දෙයක් කියන එක.

    ඔබ බොහෝ විට අහලා ඇති ‘හරහට මහත් වෙනවා’ කියන කතාව. පාර දිගේ මස් පර්වත වාගේ යන්නේ මේ වාගේ හරහට මහත් වෙන කට්ටිය. ඒ අය ළමා කාලයේදී, තරුණ කාලයේදී බොහෝම කෙසඟ අය විය හැකියි. ඒත් වයසට යන කොට හිතා ගන්න බැරි තරමට පාලනයකින් තොරව මහත් වෙනවා. මේ තත්ත්වය සෞඛ්‍යයට ඉතාම අවදානම් දෙයක්. ඒ නිසා දරුවන්ගේ හා යෞවනයන්ගේ ප‍්‍රශස්ත වර්ධනය සඳහා ආහාර පාරිභෝජනය පිළිබඳව ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. එවැනි සැලකිල්ලක් දැක්වුවහොත් තමයි ඔබට නීරෝගී වගේම බොහොම කඩවයම් දරුවෙක් ලබා ගන්න පුළුවන් වෙන්නේ.

    ආහාර සම්බන්ධ ගැටලූ හා මිත්‍යා

    ලංකාවේ බොහොමයක් දේවල් සමග වැරදි අදහස්, මිත්‍යා මත බොහොමයක් පැටලී තිබෙනවා. සමහර විට ඇත්ත මොකක්ද ? බොරුව මොකක්ද කියලා තෝරා බේරා ගන්න බැරි තරමට මේක සිද්ධ වෙනවා. ඒ නිසා අපි ප‍්‍රථමයෙන්ම ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් පවතින විවිධ ගැටලූ නිරාකරණය කරගත යුතුයි.

    ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අප අතර පවතින ප‍්‍රධාන ගැටලූවක් තමයි නිසි ප‍්‍රමාණයකින් ආහාර නොගැනීම කියන එක. මෙය ඉතාම අහිතකර තත්ත්වයන් ඇති කරන ගැටලූවක් වශයෙන් සැලකිය හැකියි. අඩුබර තත්ත්වයන්, වර්ධනය අඩාල වීම නිසි ප‍්‍රමාණයකින් ආහාර නොගැනීම නිසා සිදුවිය හැකියි.

    අධික ලෙස ආහාර ගැනීමත් අප අතර පවතින ආහාර ගැනීමේ ගැටලූවක්. අපි බොහෝ දෙනෙක් සීනි, ලූණු, මේදය බහුල ආහාර, කෙටි සහ පිරි සැකසූ ආහාර බහුල වශයෙන් ගන්නවා. මේ පුරුද්ද අධිබර සහ ස්ථුලතාවය, බෝනොවන රෝග වශයෙන් සැලකෙන දියවැඩියාව, හදවත් රෝග, පිළිකා සහ දිගුකාලීන වකුගඩු රෝග සඳහා හේතු වෙනවා.

    නියමිත ප‍්‍රමාණයෙන් එළවළු හා පලතුරු නොගැනීම නිසා විටමින් ඌනතා, ශරීර ප‍්‍රතිශක්තිය දුර්වලවීම, මලබද්ධය, අධ්‍යාපනික කටයුතු දුර්වල වීම සහ ඇස් පෙනීම දුර්වල වීම සිදුවෙනවා.

    ප‍්‍රධාන ආහාර වේල් මග හැරීම අප අතර පවතින සුලභ පුරුද්දක්. මෙය ඉතාමත් නරක පුරුද්දක් වශයෙන් සැලකිය හැකියි. මේ පුරුද්ද නිසා පෝෂණ ඌණතා, අමාශයේ රෝග (ගැස්ට‍්‍රයිටිස්) ක‍්‍රියාශිලී බව අඩුවීම සිදු වෙනවා.

    මේ ගැටලූ වළක්වා ගන්නේ කොහොද කියලා අපි සුවිශේෂ අවදානයක් යොමු කළ යුතුයි. වෛද්‍යවරුන් හා පෝෂණවේදීන් කියන ආකාරයට ‘සුව ආහාර’ පරිභෝජනය මගින් මෙම අහිතකර ප‍්‍රතිඵල වළක්වා ගත හැකියි. ඒ නිසා අප ආහාරයට ගත යුත්තේ මොනවාද ? ඒවා ආහාරයට ගත යුත්තේ කෙසේද ? කියන කාරණා ගැන අවධානය යොමු කළ යුතුයි.

    ‘සුව ආහාර’ පරිභෝජනය කියන්නේ කුමක්ද ?

    විවිධ වර්ගයේ ආහාර නියමිත ප‍්‍රමාණයන්ගෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු අනුගමනය කරමින් ලබා ගැනීම ‘සුව ආහාර පරිභෝජනය’ කියලා කියනවා. මෙහිදී ඔබ ප‍්‍රධාන කරුණු හතරක් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

    1 ගත යුතු ආහාර මොනවාද ? / ඔබ විවිධත්වයකින් යුත් ආහාර ගත යුතුයි
    2 කොපමණ ප‍්‍රමාණයන්ගෙන් ආහාර ගත යුතුද ? / ඔබගේ වයසට සහ බරට සරිලන ප‍්‍රමාණයන්ගෙන් ආහාර ගත යුතුයි.
    3 කෙසේ ආහාර ගැනීම කළ යුතුද ?/ සෞඛ්‍යමත් ආහාර පුරුදු අනුගමනය කළ යුතුයි
    4 නොගත යුතු ආහාර මොනවාද ?/ සෞඛ්‍යයට අහිතකර ආහාර අවම කළ යුතුයි.

    සුව ආහාර පරිභෝජනය කිරීම ඔබගේ නිසි මානසික හා ශාරීරික වර්ධනයට වැදගත් වෙනවා වාගේම එමගින් වැඩිහිටි අවධියේදී ඇතිවිය හැකි බෝනොවන රෝග ඇතිවීම ද වැළකෙනවා.

    කෑම පිඟාන මොන වගේද ?

    ආහාර වේල සැලසුම් කිරීම අපේ බොහෝ දෙනකුට හීනෙන්වත් හිතා ගන්න බැරි දෙයක්. බොහෝ දෙනකුට වුවමනා වෙන්නේ සිරිපාදේ කන්ද වාගේ බත් ගොඩක් බෙදාගෙන ‘බඩ පිරිරෙන්න කන්න’.

    ඒත් ඔබ අහලා තියෙනවා නේද මෙහෙම කතාවකුත් අප අතර තියෙනවා. ‘උදේට රජෙක් වාගේ කන්න, දවල්ට සිටුවරයෙක් වාගේ කන්න, ?ට හිඟන්නෙක් වාගේ කන්න’ කියලා. මේ උපදේශය අපේ කෑම පිඟාන සැලසුම් කිරීම හා බොහෝ දුරට විද්‍යාත්මක සම්බන්ධතාවක් තිබෙන බවක් පේනවා.

    කෑම පිඟාන සැලසුම් කිරීම සම්බන්ධයෙන් පෝෂණවේදීන්ගේ මතය වෙන්නේ උදෑසන, දහවල් සහ රාත‍්‍රී වශයෙන් අප දිනකට ගන්නා ප‍්‍රධාන ආහාර වේල් තුන කිිසිඳු හේතුවක් නිසා මග නොහැරිය යුතු බවයි. මෙහි සරල අදහස වන්නේ ඔබ විසින් මග හරින කිසිම ආහාර වේලක් නැවත ගන්නා ආහාර වේලක් මගින් සම්පූර්ණ කරගත නොහැකි බවයි. ඒ කියන්නේ උදේට නොකා දවල්ට කන්දක් තරම් කෑවත්, දවල්ට නොකා ? බඩ පැලෙන්න කෑවත් ඔබට අත්වෙන කිසිදු සෙතක් නැහැ.

    ප‍්‍රධාන ආහාර වේල සහ ඔබගේ පිඟාන

    ප‍්‍රධාන ආහාර වේලක් සඳහා ඔබගේ පිඟාන සකස් විය යුතු පෝෂණ විද්‍යාත්මක භාවිතයක් තිබෙනවා. මෙහිදී ඔබගේ පිඟාන තුළ පහත සඳහන් දෑ අන්තර්ගත විය යුතුයි.

    ධාන්‍ය සහ අල වර්ග, කොස්/ දෙල්, මේවා ඔබගේ පිඟානෙන් භාගයක් පමණ තිබිය යුතුයි.

    එළවළු සහ පළා වර්ග, පිඟානෙන් ඉතිරි භාගයෙන් 2/3 ක් පමණ.

    මාළු, පියලි සහ ඇට වර්ග, බිත්තර සහ මස්, ඔබගේ පිඟානෙන් ඉතිරි භාගයෙන් 1/3 ක්.

    මේදය/ තෙල් සහ තෙල් සහිත ඇට සහ බීජ වර්ග සුළු ප‍්‍රමාණයක්.

    පලතුරු, නියමිත ප‍්‍රමාණයෙන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් දවසේ විවිධ අවස්ථාවලදී ආහාරයට එක්කර ගන්න.

    කිරි සහ කිරි නිෂ්පාදන

    මේ ආකාරයෙන් ඔබ ඔබගේ කෑම පිඟාන සකසා ගතහොත් ඔබට වඩාත් නීරෝගී ජීවිතයක් සඳහා අවශ්‍ය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය සහිත පෝෂණීය ආහාර වේලක් ලබාගත හැකියි.

    පලතුරුත් කෑ යුතුමයි

    ලංකාව පලතුරු බහුල රටක්. ලාභයටත්, පහසුවෙනුත් ලබාගත හැකි නැවුම් ස්වභාවික පලතුරු වර්ග රැුසක් අපට තිබෙනවා. ඒත් ප‍්‍රශ්නයක් වන්නේ අප කොතරම් දුරකට මේ පලතුරු අපගේ දෛනික පරිභෝජනයට එක්කර ගන්නවාද යන්නයි.

    ඔබට නීරෝගීමත් ජීවිතයක් අවශ්‍ය නම් ඔබ නියමිත ප‍්‍රමාණයෙන් පලතුරු වර්ග දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් සහ කිරි සහ කිරි නිෂ්පාදන (යෝගට්, මුදවපු කිරි) ප‍්‍රධාන ආහාර වේල සමග හෝ අතුරුපස ලෙස හෝ අමතර ආහාර වේලක් වශයෙන් දෛනිකව ලබාගත යුතුයි. හොඳට මතක තබා ගන්න ‘පලතුරු අපගේ දෛනික ආහාරයේ අත්‍යවශ්‍ය අංගයක් කරගත යුතුමයි.

    විවිධත්වයකින් යුතුව අහාර තෝරා ගන්නේ කොහොමද ?

    මෙය හරිම වැදගත්. මොකද අපේ බොහෝ දෙනෙක් හුරුවෙලා තිබෙන්නේ ඉහත සඳහන් කළ හය ආකාරයෙන් ප‍්‍රමාණවත් තරම් ආහාරයට එක්කර ගැනීමට වඩා ඒ කාණ්ඩ දෙකක් හෝ තුනකින් වැඩි ප‍්‍රමාණයක් ආහාරයට එක්කර ගන්නයි. පෝෂණවේදය අනුව මෙය යහපත් තත්ත්වයක් නොවෙයි. සිදුවිය යුත්තේ ඉහත සඳහන් ආකාර හයටම අයත් ආහාර ප‍්‍රධාන ආහාර වේලක් සඳහා එක්කර ගැනීමයි.

    මෙවැනි තෝරා ගැනීමකට යාමේදී අපේ බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලූවක් තමයි මේ එක් එක් කාණ්ඩයට අයත් ආහාර තෝරා ගන්නේ කොහොමද ? කියන එක. මේ එක් එක් කාණ්ඩයට අයත් විවිධ ආහාර වර්ග ගැන ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා නම් එය ඉතාම පහසුවෙන් කළ හැකියි.

    ධාන්‍ය සහ අල වර්ග

    ධාන්‍ය අතර ලංකාවේ බහුලව භාවිත වෙන්නේ බත්. ඒ නිසා ඔබගේ ආහාර වේලට කිසිදු අපහසුකින් තොරව බත් එක්කර ගත හැකියි. ඊට අමතර කුරක්කන්, බඩ ඉරිඟු, තිරිඟු, හාල් පිටි, කුරක්කන් පිටි, තිරිඟු පිටි, ආශ‍්‍රිත ආහාර (ඉඳිආප්ප, ආප්ප, පාන්, රොටි..) පිෂ්ටය අඩංගු සුලභ ආහාර වර්ග වන කොස්ථ දෙල් සහ අල වර්ග වශයෙන් සැලකෙන මඤ්ඤොක්කා, කිරිඅල, බතල, ඉන්නල… මෙහිදී ඉතා වැදගත් කරුණක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කළ යුතුයි. ඒ තමයි පාහින ලද සුදු තිරිඟු පිටි වලින් සෑදු ආහාර සෞඛ්‍යයට අහිතකර නිසා එම ආහාර වර්ග හැකිතාක් අවම කිරීමට ඔබ සැලකිලිමත් විය යුතුයි.

    එළවළු හා පළා වර්ග

    අපට එළවළු ප‍්‍රධාන කාණ්ඩ දෙකක් වශයෙන් හඳුනා ගත හැකියි.

    කොළ එළවළු / පළා වර්ග – කංකුන්, නිවිති, ගොටුකොළ, සාරණ, මුකුණුවැන්න, කතුරුමුරුංගා, තම්පලා, මුරුංගාකොළ.
    අනෙක් එළවළු – කැරට්, බීට්, වට්ටක්කා, පතෝල, වැටකොළු, බටු, අළු කෙසෙල්, බණ්ඩක්කා, තක්කාලි.

    එළවළු වර්ග වල විටමින්, ඛනිජ ලවණ, ප‍්‍රතිඔක්ෂිකාරක සහ තන්තු බහුලව තිබෙනවා. මෙම ප‍්‍රතිඔක්ෂිකාරක සහ තන්තු බහුල වීම නිසා එළවළු ආහාරයට ගැනීම මගින් පිළිකා, දියවැඩියාව සහ හදවත් රෝග වැනි රෝගාබාධයන්ගෙන් වැළකීමට අවස්ථාව උදාවෙනවා. එළවළු ආහාරයට එක්කර ගැනීමේදී එහි ගුණය උපරිමයෙන් ලබා ගැනීම සඳහා ඔබ වගබලා ගත යුතුයි. ඒ සඳහා, නැවුම් හා වාරයේ බහුලව ලබාගත හැකි එළවළු තෝරාගත හැකියි. එමෙන්ම එළවළු කැපීමට පෙර හොඳින් සෝදා ගැනීමට මෙන්ම එළවළු කැපීම සහ පිසීම අතර කාලය අවම කර ගැනීමටත් ඔබ වගබලා ගත යුතුයි. මෙම එළවළු වල පෝෂණ ගුණය උපරිම වශයෙන් ලබා ගැනීමට නම් ඒවා පිසීමට ගතවන කාලය අවම කිරීමටත් වග බලා ගන්න.

    මාළු, බිත්තර, මස්, පියලි සහ ඇට වර්ග

    මාළු, බිත්තර, මස් වැනි සත්ව නිෂ්පාදන වල ගුණාත්මකභාවයෙන් යුත් ප්‍රෝටීන බහුලව තිබෙනවා. මුහුදු මාළු, වැව් මාළු, හාල්මැස්සන්, කරවල, කූනිස්සන් (ඉස්සන් විශේෂ) වැනි විවිධ මාළු වර්ග රැසක් ඔබට අනුභව කළ හැකියි.

    පියලි සහ ඇට වර්ග සැලකීමේදී මේවා තුළත් ප්‍රෝටීන් අඩංගු වෙනවා. ඔබට ඉතා පහසුවෙන් කඩල, මුංඇට, කවුපි, සෝයා, උළුඳු, කොල්ලූ සහ පරිප්පු වැනි පියලි සහ අට වර්ග රැුසක් ලබාගත හැකියි.

    මේදය / තෙල්

    මේදය/ තෙල් ද ශරීරයේ නිසි වර්ධනයට සහ ක‍්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යයි. එහෙත් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා මේදය පරිභෝජනය කිරීම මගින් බෝනොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ යන බව ඔබ සිහිතබා ගත යුතුයි.

    පොල්, පොල්කිරි, පොල්තෙල් සහ ඉවීම සඳහා භාවිත කරන අනෙකුත් තෙල් වර්ග වල මේදය අඩංගු වෙනවා. එමෙන්ම ආහාර ගැඹුරු තෙලේ බැඳීම හා නැවත නැවත බැඳීම කිසි විටෙකත් නොකළ යුතු දෙයක්. මෙහිදී පොල්තෙල් සම්බන්ධයෙන් විශේෂයෙන් කරුණක් සිහිපත් කළ යුතුයි. පොල්තෙල් වල තාප ස්ථායි බව ඉහළ නිසා බැඳීම සඳහා අතීතයේ සිට අපට හුරු පුරුදු පොල්තෙල් භාවිත කිරීම වඩාත් සුදුසුයි. පාම්තෙල් සහ අනෙකුත් එළවළු තෙල් වර්ග (මාගරින් ද ඇතුළත්ව) ගැඹුරු තෙලේ නැවත නැවත බැඳීම සඳහා යොදා ගැනීම ඉතාම අහිතකර බවත් ඔබ අවධානයට ගත යුතුයි.

    තෙල් / මේදය ලබාගත හැකි තවත් ක‍්‍රම

    ඔබට අවශ්‍ය තෙල්/ මේදය ලබාගත හැකි තවත් පහසුම ක‍්‍රමයක් ලෙස තෙල් සහිත මාළු ආහාරයට ගැනීම දැක්විය හැකියි. බෝල්ලා, බලයා, සාලයා, සැමන්, හුරුල්ලා, කුම්බලාවා, වැනි මාළු වර්ග මේ සඳහා ඉතා සුදුසුයි.

    තෙල් බහුල ඇට සහ බීජ වර්ග ආහාරයට එක්කර ගැනීම මගින් ඔබට පහසුවෙන් ම හිතකර තෙල් / මේදය ලබාගත හැකියි. ඒ වගේම තෙල් බහුල ඇට සහ බීජ වර්ග ආහාරයට ගැනීම මගින් තුන්තු, විටමින් ඊ, ශාක ස්ටෙරෝල් සහ අනෙකුත් ඛනිජ ලවණ ද ලබාගැනීමේ හැකියාව තිබෙනවා. රටකජු, කොට්ටන්, කජු, වට්ටක්කා ඇට, තල හිතකර මේදය බහුල ඇට වර්ග වශයෙන් සැලකිය හැකියි. නීරෝගී හදවතක් සඳහා මෙම හිතකර තෙල් හා මේදය අත්‍යවශ්‍ය බව ඔබට සිහිපත් කළ යුතුයි.

    අහිතකර මේදය – හිතකර මේදය මගින් නීරෝගි හදවතක් උරුම කර දෙනවා සේම අහිතකර මේද ඔබට උරුම කර දෙන්නේ කෙටි ජීවිත කාලයක් බව මතක තබා ගන්න. අද බහුල වශයෙන් ව්‍යාප්තව පවතින විවිධාකාර බේකරි නිෂ්පාදන, (පේස්ටි‍්‍ර වැනි) ගැඹුරු තෙලේ බඳින ලද ආහාර (රෝල්ස් වැනි) බිස්කට්, කේක් සහ ඇතැම් මාගරින් වර්ග ශරීරයට අහිතකර ‘‘ට‍්‍රාන්ස්-මේදය’’ (අතර මැදි මේද අම්ල හා කොලොස්ටරෝල්) බහුල කරනවන අතර මේවා සෞඛ්‍යයට අහිතකරයි.

    පලතුරු

    නීරෝගී ජීවිතයක් සඳහා දිනපතාම පලතුරු ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ පලතුරුවල විටමින්, ඛනිජ ලවණ, ප‍්‍රතිඔක්ෂිකාරක සහ තන්තු අඩංගු නිසයි. පෝෂණවේදීන්ගේ නිර්දේශය වන්නේ එක් දිනකට පලතුරු ආහාර ප‍්‍රමාණයන් දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ආහාරයට ගත යුතු බවයි. පලතුරු ආහාරයට ගැනීම මගින් ඔබට අන්ත‍්‍ර රෝග, මලබද්ධය හා පිළිකා රෝග වැළදීමෙන් ගැළවී සිටිය හැකියි.

    පලතුරු ආහාරයට එක්කර ගැනීමේදී ඒ ඒ කාලයට බහුලව තිබෙන දේශීය නැවුම් පලතුරු වර්ග ( කෙසෙල්, ගස්ලබු, පේර, දිවුල්, අන්නාසි, දොඩම්, අලිගැටපේර, වෙරළු, ජම්ඹු, ගල්සියඹලා, මාදං, අනෝදා, සියඹලා, උගුරැුස්ස, ගඩගුඩා, අඹිල්ල, ඇඹරැුල්ල, ලෙලාවි, බෙලි ආදි* තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. ඊට හේතුව වන්නේ ආනයනික පලතුරු වල කල්තබා ගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය එක්කර තිබීමයි. පලතුරු ආහාරයට ගැනීමට, කැපීමට පෙර ඒවා මනාව සේදීම මගින් එහි අඩංගු පෝෂක සුරක්ෂිත කරගත හැකියි.

    කිරි සහ කිරි නිෂ්පාදන

    නැවුම් දියර කිරි සහ කිරි ඇසුරින් නිෂ්පාදිත යෝගට්, චීස්, බටර්, මුදවපු කිරි ආදිය ද දෛනික ආහාර වේල්වලට එක්කර ගත යුතු වැදගත් ආහාර කාණ්ඩයක් වශයෙන් සැලකිය හැකියි. ඊට හේතුව වන්නේ නීරෝගී ජීවිතයක් සඳහා අත්‍යවශ්‍ය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, ඛනිජ ලවණ හා විටමින් මෙහි අඩංගු වීමයි.

    කිරි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන තෝරා ගැනීමේදී හැකි තරම් නැවුම් දියර කිරි තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම කිරි පැටට්වල අධික සිනි, රසකාරක හා කල් තබා ගැනීමට යෙදු රසායනික ද්‍රව්‍ය සෞඛ්‍යයට අහිතර හෙයින් ඒවා භාවිතය අවම කළ යුතුයි.

    වැඩෙන දරුවන්ට සහ යෞවනයින්ට දිනකට නැවුම් කිරි කෝප්ප 1/2 – 1 අතර ප‍්‍රමාණයක් ද යෝගට් හෝ මුදවපු කිරි කෝප්පයක් ද අත්‍යවශ්‍ය බව පෝෂණවේදීන්ගේ නිර්දේශයයි.

    කුඵබඩු

    අපි අපේ ආහාර වේල සකස් කර ගැනීමේදී ඉහත සඳහන් කළ සියලූම ක‍්‍රමවේද අනුගමනය කළත් ඒ ආහාර වර්ණ ගැන්වීම සඳහා හෝ රස ගැන්වීම සඳහා සෞඛ්‍යයට අහිතකර රසායනික ද්‍රව්‍ය එක් කළහොත් කිසිදු ප‍්‍රයෝජනයක් අත් වන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ අපි අනාදිමත් කාලයක සිට ආහාර වර්ණ ගැන්වීමට, රස ගැන්වීමට හා කල්තබා ගැනීමට භාවිත කළ ස්වභාවික, දේශීය කුළුබඩු භාවිතයට ගැනීමට උනන්දු විය යුතුයි.

    ඊට හේතුව වන්නේ මේ දේශීය කුළුබඩු ඖෂධීය ගුණයෙන්, රසයෙන් හා සුවඳින් අනූන වීමයි. මේ සඳහා කහ, ඉඟුරු, කුරුඳු, ගම්මිරිස්, සුදුලූණු, මිරිස්, කරාබුනැටි, එනසාල්, සූදුරු වැනි දේ පහසුවෙන් භාවිත කළ හැකියි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ‘අපි නීරෝගී වෙමු’ පොත් පිංච ඇසුරිනි. – සකස් කළේ – තුෂාල් විතානගේ

  • මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය: ලංකාවේ තත්ත්වය ගැන හෙළිදරව්ව

    මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය: ලංකාවේ තත්ත්වය ගැන හෙළිදරව්ව

    හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා.

    අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ ළමයින්ට’ කියලා. ඒ නිසා එයාලා හැම මොහොතක්ම ගත කරන්නේ තමන්ගේ දරු පැටවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන්. දරුවන් සතුටින් තැබීම වෙනුවෙන්.

    ඒත් ‘හොඳම දේ දරුවන්ට ’ කියන මේ කියමන ‘පෝෂණ විද්‍යාවේදී’ නම් බොහොම තදින් ප‍්‍රශ්න කෙරෙනවා. ඒ පෝෂණ විද්‍යාව අනුව නම් අම්මලා තාත්තලා හොඳම දේ කියලා හිතන දේ ‘නරකම දේ’ වෙන්න පුළුවන් නිසා. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඒ ගැන. පෝෂණ විද්‍යාව අනුව දරුවාට වඩාත් සුදුසු ආහාර මොනවාද කියන කාරණය අනුව.

    How to Get Your Child to Eat Vegetables - Parents, These are Just the Tips  You Need!

    පෝෂණය යනු කුමක්ද ?

    ‘‘පෝෂණය’’ යනු කුමක් කියලා කරන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමකදී පෝෂණය යනුවෙන් අදහස් වෙන්නේ ‘‘ අප ජීවිතයේ එදිනෙදා ශාරීරික ක‍්‍රියාවන් හා වර්ධනය සඳහා ශරීරයට ලබා දිය යුතු ආහාර’ යනුවෙනුයි.
    පෝෂණය ඕනෑම ජීවියෙකුට අත්‍යවශ්‍ය දෙයක්. නිසි පෝෂණයකින් තොරව ගසක් පවා නිසියාකාරව වර්ධනය වෙන්නේ නැති බව ඔබ අප සියලූ දෙනාම ඉතාම පැහැදිලිව දන්නා කියන කාරණයක්.

    මෙහිදී අපේ අවධානය යොමු වන්නේ ළමුන්ගේ පෝෂණය ගැන නිසා අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒකට හේතුව තමයි මිනිසාගේ වර්ධනයේ තීරණාත්මක අවධිය වන්නේ ළමාවිය.

    නිසි පෝෂණයක් නොලැබුණොත් ?

    නිසි පෝෂණයක් නොලැබීමෙන් ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට බලපෑම් ඇති වෙනවා. පෝෂණ විෂමතාවෙන් මන්දපෝෂණය, අධිපෝෂණය, විටමින් ඌනතා ඇති වෙනවා.

    මන්දපෝෂණය

    මන්දපෝෂණය මානව ඉතිහාසය පුරාම මිනිසාට අත්විඳීමට සිදු වූ දෙයක්. විද්‍යාත්මක අතින් බොහොම පොහොසත් වර්තමාන ලෝකයත් මන්දපෝෂණයට මුහුණ දෙනවා. ඒ සඳහා සංකීර්ණ හේතු බලපානවා. මන්දපෝෂණය යනු අප ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යාම නිසා අපගේ ශරීරයට ඇතිවන තත්වය වශයෙන් පැහැදිලි කළ හැකියි.

    ලංකාවේ තත්ත්වය

    මන්දපෝෂණ තත්ත්වයෙන් ලංකාව බැට කනවා. ඒකට දුප්පත්කම වගේම ආහාර පුරුදු ආදියත් බලපානවා. ඒ නිසා අපි ලංකාවේ තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

    ළමුන් සම්බන්දයෙන් ලෝකයේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ආයතනය වශයෙන් ‘එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ ආයතනය සැලකිය හැකියි. ඔවුන් බොහෝ කාලයක සිට ළමුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ලෝකයේ සියලූම රටවල දත්ත රැස් කරමින් පර්යේෂණ කරනවා. ඒ අනුව ඔවුන් ලංකාවේ ළමුන්ගේ හා කාන්තාවන්ගේ මන්දපෝෂණ තත්ත්වය ගැන තොරතුරු ප‍්‍රකාශයට පත් කරලා තිබෙනවා.

    යුනිසෙෆ්’ ආයතානයට අනුව දරුවන්ගෙන් තුනෙන් එකක් සහ කාන්තාවන්ගෙන් හතරෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ඔබ දන්නවාද ? යුනිසෙෆ් වාර්තාවන්ට අනුව අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 29 % ක අඩු බර දරුවන්ය. අලූත උපන් දරුවන්ගෙන් 16 % ක් අඩු උපත් බර දරුවන්ය. අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 14 % ක් තීව‍්‍ර මන්දපෝෂණයෙන් පෙළෙති. මාස 6-11 ත් අතර ළදරුවන්ගෙන් 58 % ක් මාස 12-23 ත් අතර දරුවන්ගෙන් 38 % ක් රක්තහීනතාවයෙන් පෙළෙති. අවුරුදු 05ට අඩු පෙර පාසල් දරුවන්ගෙන් 30 % ක් පාසල් දරුවන්ගෙන් 21 % ක් රක්තහීනතාවයෙන් පෙළෙති. අවුරුදු 05ට අඩු පෙර පාසල් දරුවන්ගෙන් 29 % ක් විටමින් ඌණතාවයෙන් පෙළෙති.

    ඔබට දැන් කුමක්ද හිතෙන්නේ. මේ දත්ත විමසා බලන විට නම් අපි හිතන තරම් අපේ රට පොහොසත් නැහැ. කියන තරම් අපි ආහාර අතින් ස්වයං පෝෂිත නැහැ. මේ භයානක තත්ත්වයක්. මොකද මන්දපෝෂණයට ලක්වෙලා ඉන්නේ අපේ අනාගත පරම්පරාව. මවුවරුන්. ඔවුන්ට පාරේ යන්නවත් පණ නැති කොට අලූත් රටක්, සමෘද්ධිමත් අනාගතයක් බිහි වෙයිද ?

    අයඞීන් ඌණතාවය

    රටේ ඕනෑම තැනක සිට මුහුදට කිලෝ මීටර 100 කට වඩා දුර නැහැ. ඒ නිසා ලංකාවේ මුහුදු ආහාර සුලභ විය යුතුයි. ඒත් අපි දන්වා ඒක එහෙම නොවන බව. ඒත් ‘ලූණු’ ඒක බොහොම මිල අඩු ද්‍රව්‍යයක්. ඒත් යුනිසෙෆ් වාර්තාවන්ට අනුව ලංකාවේ දරුවන්ගෙන් 20 % ක් අයඩින් ඌණතාවයෙන් පෙළෙනවා. මේවා විශ්වාස කරන්න අමාරු ඇති. ඒත් ඇත්ත තත්ත්වය නම් මේක තමයි.

    යුනිසෙෆ් සංවිධානයට අනුව ලංකාවේ මන්දපෝෂණයට හේතු

    1. නිතර රෝගවලට ගොදුරු වීම
    2. අවශ්‍ය ප‍්‍රමාණයක් ආහාර නොගැනීම
    3. නොදැනුවත්කම
    4. සංස්කෘතික හේතු
    5. දුප්පත්කම

    යුනිසෙෆ් සංවිධානය විසින් ලංකාවේ මන්දපෝෂණයට ඉහත සඳහන් හේතු හඳුනා ගෙන තිබෙනවා. මේවා දිහා බලන විට අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ කොතැන හෝ වරදක් තිබෙන බවයි. ඒකට හේතු ඔබම විමසා බලන්න. ලංකාවේ තරම් පලතුරු විවිධත්වයක් ලෝකේ කිසිම රටක නැහැ. ඒ වගේම හැමදාම මොනවා හරි පලතුරක ඵලදාව ලැබෙනවා. ඒත් අපේ රටේ දේශීය පලතුරුවලට අත්වෙලා තියෙන්නේ බොහාම දුක්ඛිත ඉරණමක්. ලඳු කැලෑ පිරෙන්න හැදෙන දංගෙඩියේ සිට මිඳුල වැහෙන්න හැදෙන ඡුම්ඹු ගෙඩිය දක්වාත්, දිවුල් ගෙඩියේ සිට කොස් ගෙඩිය දක්වාත් අපි අපතේ දානවා.

    ඒ වගේම තමයි අපේ ඇතැම් සංස්කෘතික හේතුත් මන්දපෝෂණය සමග අත්වැල් බැඳ ගෙන ඉන්නවා. මස් කෑම සම්බන්ධව තිබෙන මතය, මිරිදිය මාළු ගැන තිබෙන ආකල්පය මේ අතර ප‍්‍රධානයි.

    දුප්පකම, හැමදේකටම මුල් වෙනවා වාගේ මන්දපෝෂණයටත් මුල්වෙනවා. ඒත් දුප්පත් පවුල්වල පියවරුන්ගේ වියදම් (මත්පැන්, දුම්වැටි, බුලත්විට* දෙස අවධානය යොමු කරන විට නම් පේන්නේ වෙනස් තත්ත්වයක්.

    මන්දපෝෂණයෙන් දරුවන්ට සිදුවන බලපෑම

    මන්දපෝෂණය ළමුන් කෙරේ කෙටි කාලීන, මැදි කාලීන මෙන්ම දීර්ඝ කාලීනව සෞඛ්‍ය හා මානසික බලපෑම් ඇති කරනවා. ඒවා පහත සඳහන් ආකාරයට දැක්විය හැකියි.

    1. බෝ නොවන රෝගවලට ගොදුරු වීම
    2. නිතර වසංගත රෝගවලට ගොදුරු වීම
    3. බුද්ධි වර්ධනය අඩු වීම
    4. ඉගෙනීමේ හැකියාව අඩු වීම
    5. අනාගතයේ බර අඩු දරුවන් ලැබීම

    මන්දපෝෂණය ජය ගැනීම

    මන්දපෝෂණය ජය ගැනීම පහසු දෙයක් නොවුණත් ඔබ එය කළ යුතුමයි. ඒකට හේතු ඔබට පැහැදිලිනේ. මොන අම්මා තාත්තද කැමැති නිතර නිතර ලෙඩ වෙන, බුද්ධි වර්ධනය අඩු පාරේ යන්න පණ නැති දරුවෙකුට. එහෙනම් ඔබ කළ යුත්තේ ඔබේ දරුවා මන්දපෝෂණයෙන් ආරක්ෂා කිරීමට නම් අංග සම්පූර්ණ රස හයකින් යුත් සමබර ආහාර වේලක් ලබාදීමයි.

    මොනවද මේ පෝෂ්‍ය පදාර්ථ කියන්නේ

    1 කාබෝහයිඩ්‍රේට්
    2 මේදය
    3 ප්‍රෝටීන්
    4 විටමින්
    5 තන්තු
    6 ජලය

    පහත සඳහන් කළ දේවල් ඔබට ඔබේ පරිසරයෙන් නොමිලේ හෝ ඉතා අඩු වියදමික් සපුරාගත හැකියි.

    1 මධුර රස හෙවත් පැණි / ධාන්‍ය වර්ග (පිෂ්ඨය)අල වර්ග හා කිරි මේදය
    2 තිත්ත රස : පළා වර්ග – විටමින් ඊ සහ යකඩ
    3 කහට රස: එළවළු වර්ග – ශාඛ ප්‍රෝටීන්, විටමින් වර්ග
    4 ලවණ රස: මුහුදු මාළු, කරවල , ලූණු , සත්ත්ව ප්‍රෝටීන්, යකඩ කැල්සියම් වැනි ඛනිජ ලවණ හා මේදය.
    5 අම්ල හෙවත් ඇඹුල් රස: ඇඹුල් රසැති පළතුරු – විටමින් සී
    6 ධාන්‍ය වර්ග : සහල්, මුං , කුරක්කන්, කව්පි, බඩ ඉරිඟු, කොල්ලූ, ඕලූ ඇට, මෙනේරි, තණහාල්, බාර්ලි.
    7 පළා වර්ග : මැල්ලූම් වර්ග, ගොටු කොළ, මුකුණුවැන්න නිවිති, සාරණ, කතුරු මුරුංගා, කොළ කැඳ, ගොටු කොළ, මුකුණුවැන්න එළ බටු, මොණරකුඩුම්බිය.

    බලන්න, මේ කිසිවක් මිල අධික දේවල් නොවෙයි. ඉතා අඩු මිලකට හෝ නොමිලේ ස්වභාවික පරිසරයෙන් ලබා ගත හැකි දේ. ඒත් ඇයි මේ දේ ඉටු නොවෙන්නේ. ඒක ඔබම ගැඹුරින් සිතා බැලිය යුතු කරුණක්. ඔබේ ආදරණීය දරුවාට වළ කපා ඇත්තේ ඔබම නේද ? කියලා ඔබට නොහිතෙන්නත් බැහැ නේද ?

    වර්ණවත් ආහාර වේලක්

    අපේ සමාජය වෙළෙන්දන්ගේ උප්පරවැට්ටිවලට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා රැුවටිලා කියලා තේරෙන්නේ ආහාර සම්බන්ධයෙන් අවධානය යොමු කරන විටයි. වත්ත පුරා පලතුරු වැටිලා කුණු වෙන කොට ණය වෙලා ඇපල් කන ජාතියක් බවට අපි පත් වෙලා. හීන් නාරං ගෙඩි කුණු වෙලා යද්දී අපි කෝඩියල්වලින් අපේ දරුවන්ගේ බඩ පුරනවා. ගම් බිත්තරේ විකුණලා සොසේජස් අරං කනවා. කොස් ඇට ටික කුණු වෙද්දී ක්ෂණික බඩගිනන්ට බිස්කට් කනවා. මේ රටක් හා ජාතියක් වශයෙන් බරපතළ තත්ත්වයක්. මන්දපෝෂණය අපි අපි විසින්ම ළඟා කරගත් අභාග්‍යයක්.

    මන්දපෝෂණයෙන් ඔබේ දරුවා ගළවා ගැනීමට නම් ඔබ ඔබේ දරුවාට විවිධ වර්ණයන්ගෙන් යුත් ආහාර වේලක් ලබා දිය යුතුමයි. රූපවාහිය මගින් පුනපුනා ඉදිරිපත් කරන නානාප‍්‍රකාර ක්ෂණික ආහාර ගැනීම හැකිතාක් අඩු කරන්න. ඒ අතර කෘත‍්‍රිම රස, වර්ණකාරක, කල් තබා ගැනිමට යොදා ගන්නා රසායනිකයන්, වැඩිි මේදය ඇති ආහාර හැකිතාක් සීමා කරන්න. දේශීය පාන වර්ග වන බෙලිමල්, රණවරා මල්, ඉරමුසු වැනි පාන වර්ග හැකිතාක් දරුවාට ලබා දෙන්න.

    How does COVID-19 affect kids? Science has answers and gaps

    දරුවා මානසිකව නිරෝගීව තබා ගන්නේ කෙසේද ?

    දරුවාගේ කායික නිරෝගීභාවය වගේම මානසික නිරෝගීභාවයත් අතිෂයින් වැදගත්. අපි අපේ දරුවන්ගේ බඩ පුරවන්න යොමු කරන අවධානය හා සමාන අවධානයක් ඔවුන්ගේ මානසික නිරෝගීභාවය රැුක ගැනීම සඳහා යෙදවිය යුතුයි.

    දරුවාගේ මානිසක නිරෝගීභාවය රැුක ගන්නේ කෙසේද? ඒ සඳහා වැදගත්ම පියවර තමයි දරුවාට ආදරය කිරීම, ඔහුගේ ආරක්ෂාව හා රැකවරණය සහතික කිරීම. ඒ සඳහා ඔබ මහ ලොකු කාලයක් හෝ මුදලක් වැය වෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ වුවමනාව ම පමණයි.

    මං අම්මට ගොඩා….ක් ආදරෙයි….
    මං තාත්තට ගොඩා….ක් ආදරෙයි….
    තාත්තත් මට ආදරෙයි නේද?
    තාත්තයි…. අම්මයි…දෙන්නම මගේ….
    මම තාත්තාගේ…. මම අම්මාගේ…. වැනි වදන් නිතර පවසන්න. ඒ සඳහා දරුවාටත් අවස්ථාව ලබා දෙන්න. මෙවැනි වදන්වලින් පිරුණු පවුලක් තුළින් බිහිවන්නේ ‘ආදරණීය දරුවන් ’ බව මතක තබා ගන්න.

    මාපියන්ගෙන් දුරස්වීම

    ‘‘අනේ මගේ අතේ තියාගෙන හදපු ළමයා අද මට සලකන්නේ හතුරෙක්ට වාගේ ’’ ‘‘ ළමයෙක් ඉන්නවා අපි උන්නද මළාද කියලා බල්නනේ නැහැ ’’ මේ අපට නිතර නිතර ඇසෙන මැසිවිලි. එහෙම වුණේ ඇයි ? වරද කොතතැනද ?

    කුඩා කාලයේ දෙමාපියන්ට මෙතරම් ආදරය කරන දරුවන් පසු කාලයේදී දෙමාපියන්ගෙන් දුරස් වන්නේ ඇයි ? මේක අපි හැමෝටම ප‍්‍රශ්නයක්. ඒකට පහත සඳහන් කාරණා බලපෑ හැකියි. බලන්න ඔබේ ගැටලූව තියෙන්නේ කොතැනද ? කියලා.

    1. අයහපත් ආශ‍්‍රය ?
    2. නරක ආදර්ශ ?
    3. ජනමාධ්‍යවල බලපෑම ?
    4. සාරධර්මවල පිරිහීම.

    දරුවන් ඔබලෙන් බලාපොරොත්තු වන ප‍්‍රධාන දේ ආදරයයි. ඔබ දරුවන්ට හිරු සඳු දේ සිටින්න.

    දරුවා මානසිකව නිරෝගීව වැඞීමට නම් ඔහුට, ආදරය, රැුකවරණය, ආරක්ෂාව පිළිබඳ විශ්වාසී හැඟීමක් ඔවුන්ගේ සිත් තුළ ජනිත විය යුතුයි. මෙසේ කළ යුත්තේ වචනයෙන් නොව හැසිරීමෙනි.

    ආයුර්වේදය හා දරුවා

    අපිට නිතරව ඔවදන් ලැබෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන්. ඒත් අපිට බොහොම සමීප, අපේම ආයුර්වේදයත් දරුවන් ගැන දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා.

    ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිවැරදිව දරුවන් හදා වඩා ගැනීම දක්වා තිබේද? ඔව්. එහි පහත සඳහන් පැහැදිලි කිරීම් තිබේ.

    බිළිදු වියේදී – සුරතල් කරමින්

    අවුරුදු 6 සිට යොවුන් විය දක්වා – සමාජ සංස්කෘතික හර පද්ධතියට අනුකූලව දඬුවම් කර හික්මවා හැඩ ගැස්විය යුතුයි

    යොවුන් වියට පත් දරුවා – මිතුරෙකු ලෙස සලකා කටයුතු කල යුතුයි. යොවුන් වියට පත් දරුවා මිතුරෙකු ලෙස තම දෙමාපියන් වෙත ළංවීමට නම් කුඩා කල සිටම දරුවා සහ දෙමාපියන් අතර මනා සම්බන්ධතාවයක් පැවතිය යුතුයි.දරුවාට දැනෙන්න ආදරය කරන්න. ආදරය, රැුකවරණය, ආරක්ෂාව, ගෞරවය ජීවිතයේ හැම සිද්ධියකදීම ඔවුන්ට දැනෙන්නට ආදරය කරන්න…..
    නිරෝගී දරුවන් විසින් නිරෝගී පරපුරක් ද රටක් ද බිහි කරනු ඇත.■

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රකාශන ඇසුරින් සකස් කළේ : මධුභාෂිණී උරේෂා කුමාරි