Category: සුපිරි Cases

  • ‘වෛරස්වලින් තොර ජෛව ලෝකයක්’ පැවතිය හැකිද ?

    ‘වෛරස්වලින් තොර ජෛව ලෝකයක්’ පැවතිය හැකිද ?

    ලෝකයේ සියලුම වෛරස ඉබේම විනාශ වුවහොත් හෝ අප විසින් විශාල ප්‍රයත්නයකින් පසු විනාශ කරනු ලැබුවොත්, ඉන්පසු මානව අපට යහතින් ජීවත් විය හැක්කේ දින කිහිපයක් පමණයි. එයට හේතුව පරිසරයේ ජීවයට හිතකර ක්‍රියාවන් සඳහා විශාල දායකත්වයක් සපයන වෛරස ද පැවතීමයි.

    නාලක ගුණවර්ධන

    කොරෝනා වෛරස් රෝගය ලෙස පොදුවේ හඳුන්වන වත්මන් වසංගත රෝගයේ නිල නාමය Coronavirus disease 2019 (COVID-19). රෝගකාරක වෛරසය විද්‍යාත්මකව හඳුන්වන්නේ severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) හැටියටයි.

    වෛද්‍යවරුන් එතෙක් නොදැන සිටි මෙම රෝගය සහ වෛරසය මුල්වරට වාර්තා වුණේ 2019 දෙසැම්බරයේ චීනයේ වුහාන් නගරයෙන්. (මුල් සති කිහිපයේ හරි හැටි කළමනාකරණය කරනු ලැබුවේ නම් රෝගය චීනය තුළම පාලනය කර ගත හැකිව තිබුණා.)

    ඒ අනුව රෝගය මතු වී මේ මාසයට වසරක් පිරෙනවා. 2020 දෙසැම්බර් 2දා වන විට ලොව පුරා රෝගීන් මිලියන 63.8 වාර්තා වී ඇති අතර ලක්ෂ පහලවකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මිය ගිහින්. ආර්ථිකයට, ජන ජීවිතයට සහ සංස්කෘතික කටයුතුවලට මේ වසංගතය ඇතිකර තිබෙන හිතකර බලපෑම ඉමහත්. 

    ඇසට නොපෙනෙන කුඩා වෛරසයක් මෙතරම් හානියක් කරනු ඇතැයි මීට වසරකට පෙර පරිකල්පනය කලේ කවුද?

    වත්මන් වසංගතයට පෙර මානව සංහතියට SARS, MERS, Ebola, HIV, සූකර උණ, කුරුළු උණ සහ ඩෙන්ගු වැනි වෛරස් රෝග රැසක් සමග පොර බදන්නට සිදු වුණා. ගෝලීය මට්ටමින් පුවත් ආවරණයට ලක්නොවූ තවත් වෛරස් රෝග තිබෙනවා.

    වෛරසවල චර්යාව ගැන තවමත් විද්‍යාඥයන් පර්යේෂණ කර ගෙන යනවා. මේ දක්වා සොයා නොගත් වෛරස් රැසක් සොබාදහමේ පවතින බවත් අනුමාන කෙරෙනවා.

    වයිරස් නොමැති ලෝකයක ජීවත් වන්නට හැකි නම් කෙතරම් අපූරුද? වසංගතයෙන් හෙම්බත් වී සිටින අප සමහරෙක්ට එසේ සිතෙන්නට පුළුවන්.

    එහෙත් එය ඉතා සීරුවෙන් කළ යුතු ප්‍රාර්ථනයක්. මානවයන්ට සහ පරිසරයට හිතකර වයිරස් විශේෂ ද තිබෙන නිසා.

    අමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින්-මැඩිසන් සරසවියේ වසංගත රෝග විශේෂඥ ටෝනි ගෝල්ඩ්බර්ග් මෙසේ කියනවා:

    “ලෝකයේ සියලුම වෛරස ඉබේම විනාශ වුවහොත් හෝ අප විසින් විශාල ප්‍රයත්නයකින් පසු විනාශ කරනු ලැබුවොත්, ඉන්පසු මානව අපට යහතින් ජීවත් විය හැක්කේ දින කිහිපයක් පමණයි. එයට හේතුව පරිසරයේ ජීවයට හිතකර ක්‍රියාවන් සඳහා විශාල දායකත්වයක් සපයන වෛරස ද පැවතීමයි.”

    සොබාදහමේ හමු වන සමස්ත වෛරස් විශේෂ සංඛ්‍යාව සමග සසඳන විට අපට වින කරන්නේ සාපේක්ෂව සීමිත වෛරස් පිරිසක්. 

    එසේම සමහර වෛරස්, මානව අපට සහ සත්ව ලෝකයේ වෙනත් ජීවීන්ට හිතකර ක්‍රියා සිදු කරන බව සොයා ගෙන තිබෙනවා. 

    ඉතා සරලව විග්‍රහ කළොත් වෛරස් යනු ප්‍රෝටීන් ආවරණයකින් වට කරනු ලැබූ ජානමය ද්‍රව්‍ය සමුදායක්.  ඒක සෛලීය ජීවීන් වන බැක්ටීරියාවලටත් වඩා වෛරස් වෙනස්. තනිවම තමන්ගේ ජීවය පවත්වා ගන්නට වෛරස් වලට නොහැකි නිසා ඒවා සැමවිටම වෙනත් ජීවියකුගේ සිරුර තුළට ඇතුළු වනවා. 

    ඉතා සරලව විග්‍රහ කළොත් වෛරස් යනු ප්‍රෝටීන් ආවරණයකින් වට කරනු ලැබූ ජානමය ද්‍රව්‍ය සමුදායක්.  ඒක සෛලීය ජීවීන් වන බැක්ටීරියාවලටත් වඩා වෛරස් වෙනස්. තනිවම තමන්ගේ ජීවය පවත්වා ගන්නට වෛරස් වලට නොහැකි නිසා ඒවා සැමවිටම වෙනත් ජීවියකුගේ සිරුර තුළට ඇතුළු වනවා. 

    එසේ ඇතුළු වන ජීවියා ධාරකයා (host) ලෙස නම් කෙරෙනවා.  ධාරකයාගේ සිරුරේ සෛල තුළට පිවිසෙන වෛරස්, එහි සිට තමන්ගේ ජෛව පිටපත් නිපදවන්නට පටන් ගන්නවා. එවිට සෛලයේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සියල්ල අඩාල වනවා. වෛරස් ආසාදනයකදී සිදු වන්නේ මෙයයි.

    වෛරස්, බැක්ටීරියා සහ දිලීර අයත් වන්නේ ක්ෂුද්‍රජීවී ලෝකයටයි. මේ ජීවීන් අපේ ප්‍රකෘති ඇසින් දැක ගන්නට බැරි තරම් කුඩායි.  

    මිහිපිට ජෛව විවිධත්වයේ එක් වැදගත් ස්ථරයක් වන්නේ ක්ෂුද්‍රජීවීන්. ඇසට නොපෙනෙන මේ ජෛව යථාර්ථය පවතින බව මුල්වරට සොයා ගනු ලැබුවේ 17 සියවස මැදදී.  

    ඇන්ටොනි ෆන් ලියුවන්හොක් (Antonie van Leeuwenhoek: 1632-1723) නම් ඕලන්ද ජාතික විද්‍යාඥයා, මුල්ම අණ්වික්ෂයක් නිපදවමින් 1673 දී ක්ෂුද්‍ර ජීවීන් අප අවට පරිසරයෙ වාතයේ, ජලයේ සහ විවිධ මතුපිට හැම තැනම සිටින බව සොයා ගෙන ලොවට හෙළි කළා. එනිසා ඔහු ක්ෂුද්‍රජීවී විද්‍යාවේ පියා ලෙස සැලකෙනවා.

    ඔහුගේ සමකාලීනයකු වූ බ්‍රිතාන්‍ය විද්‍යාඥ රොබට් හුක් (Robert Hooke: 1635-1703) 1665 වසරේ මයික්‍රොග්‍රැෆියා නම් වැදගත් පොතක් පළ කරමින්, එවකට තිබූ දුරදක්න සහ අන්වීක්ෂ හරහා තමන් දුටු දුරස්ථ සහ සමීප සොබාදහමේ පැතිකඩ එහි ඇතුළත් කළා.

    පැළෑටිවල, පසේ මෙන්ම කුණු වෙමින් තිබෙන එළවළු මතුපිට දැකිය හැකි පුස් හෙවත් දිලීර විශේෂයක් ගැන රූප සටහනක් ඒ අතර තිබුණා. (ඡායාරූප ශිල්පය නොතිබි ඒ යුගයේ සියලු රූප සටහන් අතින් අඳිනු ලැබුවා.)

    සියලු ශාක සහ සතුන්ගේ ජෛවීය තැනුම් ඒකකය වන්නේ සෛලය (cell) බව තේරුම් ගෙන, එම නම යෝජනා කළේ ද ඔහුයි.

    මේ අනුව සමස්ත ක්ෂුද්‍රජීවී ලෝකය පිළිබඳව මානව දැනුම ලබා ගෙන තිබෙන්නේ ගෙවී ගිය සියවස් හතරකට ටිකක් අඩු කාලය තුළයි. ඒ කාලයේ වුවද වැඩිපුරම වෛද්‍ය පර්යේෂකයන්ගේ සහ සත්ව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මානව අපට රෝග ඇති කරන අහිතකර ක්ෂුද්‍රජීවීන් අධ්‍යයනය කරන්නයි.

    පාරිසරිකව වැදගත් මෙහෙවරක් ඉටු කරන බැක්ටීරියා ගැන මෑත දශකවල ක්ෂුද්‍රජීව විද්‍යාඥයන් සොයාගැනීම් කළත්, ජෛව ලෝකයට හිතකර සේවා සපයන වෛරස ගැන පර්යේෂණ සිදුව ඇත්තේ ඉතා අඩුවෙන්.

    බැක්ටීරියා ඇතුලට පිවිස ඒවා ආසාදනය කරන්නටම පරිණාමය වූ වෛරස විශේෂ තිබෙනවා. ඒවාට කියන්නේ බැක්ටීරියා භක්ෂකයන් හෙවත් bacteriophages කියායි. සමහර බැක්ටීරියා භක්ෂකයන් තමන්ගේ ධාරක බැක්ටීරියා විනාශ කරන අතර, තවත් බැක්ටීරියා භක්ෂකයන් තම ධාරක බැක්ටීරියා සමග යම් සහජීවනයකට එළඹෙනවා.

    බැක්ටීරියා භක්ෂක විසින් බැක්ටීරියාවල ගහනය නිශ්චිත මට්ටමක පවත්වා ගැනීම හරහා ක්ෂුද්‍ර ජීවී ලෝකයට වැදගත් තුලනයක් ලබා දෙන බව හෙළිව තිබෙනවා. එය සත්ව ලෝකයේ ඉහළ සත්ව කාණ්ඩ අතර තිබෙන විලෝපීයන් සහ ගොදුරු අතර තිබෙන සහසම්බන්ධතාව වගේ.

    ටෝනි ගෝල්ඩ්බර්ග් තව දුරටත් කියන හැටියට: “සාගරවල බැක්ටීරියා ගහන නියත මට්ටමක නියාමනය වන්නේ බැක්ටීරියා භක්ෂක වෛරස පැවතීම නිසයි.  සාගරයේ ජෛව සම්පත්වලින් 90%කට වඩා ඇත්තේ ක්ෂුද්‍රජීවී මට්ටමේ නිසා, බැක්ටීරියා භක්ෂක වෛරස පැවතීම සාගරවල සමතුලිතභාවයට තීරණාත්මකයි.”

    සෑම දිනකම බැක්ටීරියා භක්ෂක වයිරස් විසින් සාගරයේ තිබෙන බැක්ටීරියාවලින් 50% පමණ කා දමන බව සොයා ගෙන තිබෙනවා. බැක්ටීරියා නිශ්චිත මට්ටමක පවත්වා ගැනීම හරහා සාගරයේ ඉතා පුළුල්ව හමුවෙන ප්ලැංක්ටන් ප්ලවාංගවලට තරම් පෝෂක ද්‍රව්‍ය ඉතුරු වෙනවා. ප්‍රභාසංස්ලේෂණය හරහා හිරු එළිය උරාගෙන ජෛව ද්‍රව්‍ය නිපදවන මේ ප්ලවාංග, එහිදී ඔක්සිජන් වායුව පිට කරනවා.   

    මිහිතලයේ තුනෙන් දෙකකට වඩා වසා ගෙන තිබෙන සාගරවල නිරතුරුව සිදු වන මේ වැදගත් ස්වභාවික ක්‍රියාදාමය පවත්වා ගැනීමට බැක්ටීරියා භක්ෂක වයිරස් අත්‍යවශ්‍යයි.

    මේ අතර තණකොලවල තිබෙන සමහර වෛරස විශේෂ, ඒවා ආහාරයට ගන්නා ශාක භක්ෂක සතුන්ගේ ජීර්ණ පද්ධති තුළ තණකොළ දිරවීමට උපකාර වන බවට සාක්ෂි තිබෙනවා. 

    වෙනත් සතුන්ගේ මෙන්ම මානව අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළත් හිතකර ක්ෂුද්‍රජීවීන් විශේෂ ගණනාවක් ජීවත් වනවා. Human microbiome හෙවත් මානව ක්ෂුද්‍ර පරිසර පද්ධති ලෙස හඳුන්වන මේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් සහ අපේ යහපත් සෞඛ්‍යය අතර තිබෙන බැඳීම ගැන වසර කිහිපයක පටන් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ කර ගෙන යනවා. 

    කැනඩාවේ බ්‍රිටිශ් කොලම්බියා සරසවියේ පාරිසරික වෛරස විශේෂඥ කර්ටිස් සට්ල් කියන හැටියට, “අපේ ශරීර තුළ සිටින හිතකර බැක්ටීරියා ගැන වෛද්‍ය පර්යේෂකයන් කලෙක පටන් දැන සිටියා. එහෙත් එම හිතකර බැක්ටීරියා නියාමනය කිරීමට යම් හිතකර වෛරස දායක වන බවට පර්යේෂණාත්මක සාක්ෂි දැන් මතු වෙමින් තිබෙනවා. මානව දේහය තුළ තිබෙන පාරිසරික පද්ධතියේත්, සමස්ත ග්‍රහ ලෝකයේ විවිධ පරිසර පද්ධතිවලත් විවිධ වෛරස ඉටු කරන කාර්ය භාරය අප තවත් අධ්‍යයනය කළ යුතුයි.”

    ගොඩබිම වෙසෙන සමහර කෘමි විශේෂවල ගහනයන් ස්වභාවිකව තුලනය කර ගැනීමටත් සමහර වයිරස් උපකාර වනවා. කෘමි ගහනයන් නිශ්චිත මට්ටමක පවතින්නේ ඔවුන්ගේ සිරුරු තුළට පිවිස ඔවුන් ලෙඩ කොට මරා දැමිය හැකි යම් වෛරස නිසයි. 

    මේ වයිරස තුරන් කළොත් කෘමි ගහනයන් ඉහළ ගොස්, මානව ජනාවාස සහ ගොවිපළවලට ලොකු හානි සිදුවිය හැකියි.

    කර්ටිස් සට්ල් කියන්නේ වෛරස යනු ස්වභාදහමේ වැදගත් නියාමන මෙවලමක් බවයි.

    “කෘමීන් වේවා ඊට වඩා දියුණු සතුන් වේවා ඔවුන්ගේ ගහනය විශාල වෙමින් ඔවුන්ටත් පරිසර පද්ධතියටත් අධික පීඩනයක් ඇති කරන විට සොබාදහමින් මතු වන යම් වෛරස ආසාදන හරහා අදාල ජීවී සංඛ්‍යාව අඩු කරනවා. ඒ මගින් පාරිසරික තුලනය නැවත ලබා ගන්නට තැත් කෙරෙනවා.”

    එසේ නම් COVID-19 මතුව ඇත්තේ මානව සත්ත්වයන් මිහිපිට අසීමිත ලෙස වැඩිවීම නියාමනය කිරීමේ ස්වාභාවික උත්සාහයක් ලෙසද? එබන්දක් කල්පිතයක් ලෙස තර්ක කළ හැකි වුවත් ඒ සඳහා ඇති තරම් සාක්ෂි තවම නැහැ.

    සොබාදහමේ නිරායාසයෙන් සිදු වන ක්‍රියාදාමයන් රාශියක් තිබෙනවා. ඒවා අතරින් කීපයක් සීරුවෙන් තෝරා ගෙන, අපේ ග්‍රහලෝකය ‘සවිඥානිකව හැසිරෙන’ බවට සමහරුන් පරිකල්පනය කරනවා.

    COVID-19 වසංගතය යනු ‘මානව අපගේ ක්‍රියාවලින් පීඩාවට පත්වූ මිහිතලය මානවයන්ට පාඩමක් උගන්වන්නට තැත් කිරීමක්’ යයි අභව්‍ය කල්පිතයක් සමහරුන් මෑත මාසවල ප්‍රවර්ධනය කළා.

    2020 අප්‍රේල් 12 වනදා මගේ රාවය තීරු ලිපියෙන් මා ඒ ගැන විග්‍රහ කළා. එහිදී මා සඳහන් කළ හැටියට: වෛරසකියන්නෙත්මානවඅපමෙන්මසොබාදහමේතවත්කොටසක්වසරමිලියනගණනක්තිස්සේජෛවපරිනාමයෙන්බිහිවතිබෙනවෛරසඋත්සාහකරන්නේතමන්ගේවර්ගයාබෝකරමින්හැකි තාක්පුළුල්වප්රචලිතවීමටයිමානවදේහයටඇතුළුවූපසුවයිරස්අපේසෛලතුළඅතිවිශාලවශයෙන්තමන්ගේපිටපත්බිහි කරනවා.

    “සොබාදහමසහජෛවපරිණාමයක්රියා කරන්නේසවිඥානිකවනොවෙයිඑසේමමානව අපගොඩනගා ගන්නාවිවිධචින්තනයන්ට (සහඅපේසමහරුන්අතරතිබෙනනොයෙක්සුචරිතවාදයයන්ටඅනුකූලලෙසින්ද නොවෙයිමේනිසාවත්මන්කොරෝනාවසංගතය ‘සොබාදහම කරනදඬුවමක්’ යන්නපරිසරසංරක්ෂණආධානග්රාහයක්හෙවත් dogma එකක්.අන්තහරිතවාදීන්ගෙ කල්පිතයක්.”

    සොබාදහමේ හමු වන බැක්ටීරියා භක්ෂක වෛරස, යම් බැක්ටීරියා ආසාදනවලට වෛද්‍ය ප්‍රතිකර්ම (Phage therapy) ලෙස යොදා ගත හැකිද යන්න සියවසක පමණ කාලයක් තිස්සේ පර්යේෂණවලට ලක් වූ කරුණක්. මේ ගැන 1920 දශකයේ පටන් සෝවියට් දේශයේ ත් සමහර බටහිර රටවලත් අත්හදාබැලීම් සිදු කෙරුණා.

    රෝග කාරක බැක්ටීරියා නැසීම සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ යොදා ගන්නා ප්‍රතිජීවක (antibiotics) නිසා සිරුරේ හිතකර බැක්ටීරියා ද විනාශ වනවා. එසේම ප්‍රතිජීවක බහුලව භාවිතය නිසා ඒවාට එරෙහිව ප්‍රතිරෝධයක් සහිත රෝගකාරක බැක්ටීරියා (antibiotic resistance) බිහිව තිබෙනවා.  

    මේ නිසා යම් රෝගකාරක බැක්ටීරියාවක් ඉලක්කගතව විනාශ කරන, එහෙත් සෙසු බැක්ටීරියාවලට හෝ මානව සිරුරට හානි නොකරන වෛරස විශේෂ අනාගතයේදී වෛද්‍ය ප්‍රතිකර්ම අතරට එක් වීමට ඉඩක් තිබෙනවා.

    එහෙත් රෝගකාරක බැක්ටීරියා නසන්නට යොදා ගනු ලබන එවන් වෛරස, ඉනික්බිතිව අපේ සිරුර තුළ අනපේක්ෂිත ලෙසින් රෝග හෝ ආබාධ ඇති නොකරන බවට ඉතා ප්‍රවේශම් විය යුතුයි. 

    වෛරසවලින් පරිසර පද්ධතියට මෙන්ම මානව සෞඛ්‍යයටද ඇතිකරන යහපත් බලපෑම් ගැන විද්‍යාත්මක දැනුම තවමත් සීමිතයි. එයට හේතුව වෛරසයකට හිතකර විය හැකිය යන්න සංකල්පීය මට්ටමින් පිළිගන්නට පවා ජෛව විද්‍යා සහ වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් මෑතක් වනතුරු සූදානම් නොවීමයි. 

    විද්‍යාත්මක දැනුමේ නිම් වළලු පුළුල් වන්නේ අසම්මත සහ ජනප්‍රිය නොවන දැනුම් ගවේෂණ මාර්ගයන්හි ගමන් කිරීමෙන්. වෛරසවල ජෛව විද්‍යාත්මක සහ පාරිසරික විද්‍යාත්මක ප්‍රයෝජන ගැන ඉදිරි වසර වල සොයා ගැනීම්වලින් බොහෝ දේ පැහැදිලි වනු ඇති.

    “සමස්ත ජෛවී පරිසරයම අප හිතනවාට වඩා අන්තර් සබඳතා රාශියක් තිබෙන, සියුම්ව තුලනයන් පවතින සංකීර්ණ පද්ධතියක්. ඒ පද්ධතිය තුල හැම ජීවියාට ම නිශ්චිත කාර්යයක් තිබෙනවා. විද්‍යාවෙන් අප තවමත් මේ පද්ධති තේරුම් ගනිමින් සිටිනවා. වෛරස් ගැන අප දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි බවයි පෙනෙන්නේ.  වෛරස් සියල්ල පරිසරයෙන් ඉවත් කළොත් එහි පවතින සමතුලිතතාවය කඩා බිඳ වැටෙන්නට හැකියි,” මෙක්සිකෝවේ ජාතික ස්වාධීන සරසවියේ වෛරස් පිළිබඳ පර්යේෂිකා සුසානා ලෝපේස් චැරටන් කියනවා.

    නාලක ගුණවර්ධන

  • ‘ශානි අබේසේකර ගැන බොරු පැමිණිලි දාන්න කියල බලකරනවා’ – ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව බරපතල චෝදනා

    ‘ශානි අබේසේකර ගැන බොරු පැමිණිලි දාන්න කියල බලකරනවා’ – ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව බරපතල චෝදනා

    අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකරන මෙන් පොලිස් නිලධාරියෙකු ලෙසින් හඳුන්වාගත් පුද්ගලයෙක් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව විදේශගත ශ්‍රී ලාංකික කාන්තාවක් පවසයි.

    “කතා කරපු කෙනා මගෙන් ඇහුව මිස් ඔයා රවි වෛද්‍යලංකාරට විරුද්ධව පැමිණිල්ලක් කරලා තියෙනව නේද? කියල,” දැනට ස්වීඩනයේ වාසය කරන චාමලී මදනායක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

    “මම කීව ඔව් කියල. ඊට පස්සේ ඇහුව පැමිණිල්ල කළේ කාටද කියල. මම කීව ශානි අබේසේකරටයි, ඒ වෙනකොට රහස් පොලිසියේ ප්‍රධානියා රවි සෙනෙවිරත්නටයි කියල,” ඇය විස්තර කළාය.

    “ඊට පස්සේ එකපාරටම මට කියනවා ‘මිස් ට පුලුවන්ද අපිට පැමිණිල්ලක් දාන්න ශානි අබේසේකර ඒ පැමිණිල්ල යට ගැහුවා කියල.’ මම කෙලින්ම බෑ කිවුව. මම කිවුව මම දැනට දාල තියන පැමිණිලි ටික ඉස්සෙල්ල ඔයාල විසඳන්න කියල.”

    තමන් එකහෙලාම එය ප්‍රතික්ෂේප කළ පසු අදාළ පුද්ගලයා දුරකථනය විසන්ධි කළ බවද චාමලී මදනායක පවසන්නීය.

    පසුව ඇය එම අංකයට (0112551086) යළිත් දුරකතන ඇමතුමක් ගත්විට ඇමතුමට පිළිතුරු දුන් ආරක්ෂක නිලධාරියෙක් පවසා තිබෙන්නේ එය ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අයත් දුරකථන අංකයක් බවය.

    ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අදහස් දැක්වූ මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, එවැනි “ඕපා දූප” සහ “ගොසිප්” තමන් විශ්වාස නොකරන බවය.

    කෙසේ වුවත්, සාක්ෂි සහිතව ලිඛිතව එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් “අනිවාර්යෙන්ම පරීක්ෂා කරන” බව ද අමාත්‍යවරයා පැවසීය.

    රවී වෛද්‍යාලංකාරට එරෙහිව පැමිණිල්ලක්

    එවක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ගෙන් තමන්ට මුහුණ දීමට සිදු වූ අතවරයක් සම්බන්ධයෙන් චාමලී මදනායක විසින් 2018 වසරේ සිට එවක පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු පොලිස් බලධාරීන් කිහිපවරක්ම දැනුවත් කර තිබෙන නමුත් ඇයට සිය පැමිණිල්ල ගොනුකිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ 2019 මාර්තු 11 වෙනිදාය.

    “පැමිණිල්ල භාරගත්තේ ශානි අබේසේකර විතරයි. සර්ව සාධාරණ විදියට එයාල පැමිණිල්ල භාරගත්ත,” චාමලී මදනායක කියා සිටියාය.

    චාමලී මදනායක

    2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වී සතියක් ඇතුළත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ගාල්ලේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහායකවරයා ලෙසින් මාරු කිරීම මහත් ආන්දෝලනයකට ද ලක්විය.

    බීබීසී පුවත් සේවයේ අන්බරාසන් එතිරාජන් පවසන පරිදි, එය පැහැදිලි ලෙස ම ඔහු සේවයෙන් පහත දැමීමක් විය.

    ඒ වනවිට ඔහු චාමලී මදනායක ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වමින් සිටි බව ඒ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවි සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

    “මම දාපු කිසිම පැමිණිල්ලක් ගැන සාධාරණ විමර්ශනයක් නොකළ නිසා මට පොලිසිය ගැන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තිබුණේ,” චාමලී මදනායක පවසන්නීය.

    “පොලිසියෙන් සාධාරණයක් වෙනවා කියල මට විශ්වාසයක් තිබුණේ ශානි අබේසේකරයි, රවි සෙනෙවිරත්නයි ගැන විතරයි.”

    කාන්තාවක් එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර 2019 ඔක් 25 මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණි.

    ශානි අබේසේකර අත්අඩංගුවට

    ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම රහස් පරීක්ෂකවරයෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ 2014 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළ අධිකරණ කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි ලබා දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

    ඔහු එසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වූ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්වලආරච්චි විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්වය.

    ඉන් අනතුරුව මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටියදී කෝවිඩ්-19 ආසාදිත වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ජාතික මානව හිමිකම් කොමිසම විසින් දෙවතාවක්ම බන්ධනාගාර කොමසාරිස්වරයාට කරන ලද සිහි කැඳවීම්වලින් අනතුරුව කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබේ.

    ඉරෝෂ් විල්වලආරච්චිගෙන් ‘විවාහ යෝජනාවක්’

    ශානි අබේසේකරට විරුද්ධව පැමිණිල්ල ගොනු කළ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්වලආරච්චි පසුගිය වසරේ තමන්ට විවාහ යෝජනාවක් ගෙන ආ බව චාමලී මදනායක පවසන්නීය.

    “මම හොයල, බලල එකඟ වුණා. 2019 මාර්තු 22 අපි බඳින්න හිටියේ.”

    එහෙත් ඔහුගේ අභිලාෂය වූයේ තමන්ගේ පිහිටෙන් විදේශගතවීම බව වැටහුණ බැවින් අවසාන මොහොතේ ඔහු සමඟ විවාහවීමෙන් වැළකුණු බව ද ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

    සුගත් මෙන්ඩිස්ට ‘බොරු සාක්කි දෙන්න කියලා’

    ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස්

    අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් “ගොතන ලද සාක්ෂි” රැස්කිරීමට උත්සහ කරන බවට මීට ඉහතදී ද පොලිසියට චෝදනා එල්ලවිය.

    ශානි අබේසේකර “කොටුවන ආකාරයට” සාක්ෂි ලබාදෙන මෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරියෙක් තමන්ට බලපෑම් කළ බව, හිටපු රහස් පරීක්ෂකවරයෙකු වන උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන් මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළයි මාධ්‍ය වාර්තාවල දැක්විණ.

    ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල අධිකරණය හමුවේ කරුණු දක්වමින්, කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවූ තම සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අවස්ථාවේ එහි සහකාර පොලිස් අධිකාරි “නෙවිල්” නමැති නිලධාරියෙකු ඔහුට බලපෑම් කර ඇති බව සඳහන් කර තිබුණි.

    මේ අතර, උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මේ වන විට කොරෝනාවෛරස රෝග ලක්ෂණවලින් පෙළෙන නමුත්, ඔහුට අවශ්‍ය නිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ කිසිදු ඖෂධයක් වත් ලබා දී නොමැති බව නීතිඥ චමින්ද අතුකෝරල දෙසැම්බර් 07 වෙනි දින ජාතික මානව හිමිකම් කොමිසමට ලිපියකින් දන්වා තිබුණි.

    මේ අතර ට්විටර් ඔස්සේ නිවේදනයක් නිකුත්කරන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, උප පොලිස් පරීක්ෂක සුගත් මොහාන් මෙන්ඩිස්ට රෝහලකින් ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සලසන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

    උප පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම්වලට පිටු පා, ඔහු දුෂ්කර ප්‍රදේශයක පිහිටි සිරකරුවන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයකට යවා ඇතැයි ඔහුගේ නීතිවේදියා පවසන බව ද නිවේදනයේ දැක්වේ.

    පසුගිය අගෝස්තුවේ දී ඔහු අත්ඩංගුවට ගනු ලැබුවේ, ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබාදෙන මෙන් කරන ලද බලපෑම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ පර්යේෂිකා, නීතිවේදිනී ත්‍යාගි රුවන්පතිරණ ද සඳහන් කොට තිබුණි.

    නීතිපතිගෙන් ප්‍රතිචාරයක් නෑ

    • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා මත රක්ෂිත බධනාගාරගත කරනු ලැබූ පිල්ලෙයාන් මන්ත්‍රීවරයාට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ නොකළ
    • මූල්‍ය වංචා චෝදනා යටතේ නඩු පවරනු ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදේශගතවීමට අවසර දීම සඳහා විරෝධයක් නොදැක්වූ
    • මිනීමැරුමට වරදකරු වූවෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අනුමැතිය දුන්
    • ඇමෙරිකානු අධිකරණය ඉදිරියේ දූෂණ චෝදනා ලබා සිටින පුද්ගලයෙකුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමි බවට නිගමනය කළ

    නීතිපතිවරයා ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් ට ඇප ලබාදීමට දැඩි විරෝධයක් පළ කරන්නේ මන්දැයි විමසීම පිණිස නීතිපතිවරයාගේ ප්‍රකාශිකා, රජයේ නීතිවේදිනී නිශාරා ජයරත්න ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

    ඒ සම්බන්ධයෙන් ඇය වෙත ලිඛිතව යැවූ විමසීම්වලට ද මෙතෙක් පිළිතුරක් ලැබී නැත.

    නීතිපතිවරයා ගේ ස්ථාවරය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශිකා, රජයේ නීතිවේදිනී නිශාරා ජයරත්න වෙත යොමු කළ ප්‍රශ්නවලට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත
    නීතිපතිවරයා ගේ ස්ථාවරය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශිකා, රජයේ නීතිවේදිනී නිශාරා ජයරත්න වෙත යොමු කළ ප්‍රශ්නවලට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත

    අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රතිචාරය

    පොලිසියට එල්ලවන මේ චෝදනා පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පිණිස පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

    මේ අතර අමාත්‍ය සරත් වීරසේකර පවසන්නේ, ගොතන ලද සාක්ෂියක් ලබාදෙන මෙන් පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් පවසා තිබෙන්නේ නම් ඒ ගැන “අනිවාර්යයෙන්ම” පරීක්ෂණ පවත්වන බවය.

    “පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ගැන කටයුතු කරනවා වගේම පොලිසිය අපකීර්තියට පත්කරන නිලධාරීන් ගැනත් මම හොයල බලල පියවර ගන්නවා,” අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍ය සරත් වීරසේකර
    “පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ගැන කටයුතු කරනවා වගේම පොලිසිය අපකීර්තියට පත්කරන නිලධාරීන් ගැනත් මම හොයල බලල පියවර ගන්නවා”

    ශානි අබේසේකර සහ නිශාන්ත කන්දප්පා යන නිලධාරීන් දෙදෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සාක්ෂි ලබාගැනීමට උත්සහ කර ඇතැයි සාක්ෂි තිබෙන නමුත්, චාමලී මදනායක එල්ල කරන චෝදනාව “ගොසිප්” බව පවසන අමාත්‍යවරයා එය විග්‍රහ කළේ “කිසිම පදනමක් නැති චෝදනාවක්” ලෙසිනි.

    “කිසිම සාක්කියක් නැතුව බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගත්ත ඒ නිලධාරීන්ට නඩු දාලවත් නෑ.”

    එහෙත් කොළඹ දී තරුණයන් පිරිසක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන්ට එරෙහිව නඩු පවරා තිබෙන බව පෙන්වා දුන් විට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ “ඒ පස්සේ කාලෙක නේ,” යනුවෙනි.

    මේ පිළිබඳව වැඩිදුර කරුණු විමසා බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 10) දැනුම් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වුවත් අමාත්‍යවරයා ඇමතූ විට අය වැය විවාදයට සහභාගි වෙමින් සිටින බැවින් ඔහු කාර්ය බහුල බව දැනගැනීමට ලැබිණ.

    හිජාස් හිස්බුල්ලා

    නීතිඥ හිජාස් හිස්බුල්ලා (මැද - වාඩි වී)

    පසුගිය අප්‍රේල් 15 වෙනි දින සිට ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා ට එරෙහිව ව්‍යාජ සාක්ෂි ලබා දෙන මෙන් බලපෑම් කළ බවට ද පොලිසියට චෝදනා එල්ල වී ඇත.

    පොලිසිය තමන්ට එසේ බලපෑම් කළ බව පවසමින් දරුවන් කිහිප දෙනෙකුගේ දෙමාපියන් අභියාචනාධිකරණයට පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ.

    නීතිවේදී හිජාස් හිස්බුල්ලා මද්රාසා පාසලක විදුහල්පති බවටත්, පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වූ සහ්රාන් හෂීම් එහි පැමිණ දේශන පැවැත්වූ බවටත් හදිසියේම මාධ්‍ය වාර්තා පළවිය. එම පාසලේ ඉගෙනුම ලබන සිසුවෙක් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කරන ලද බව පැවසෙන රහසිගත ප්‍රකාශයක් ද එම මාධ්‍ය වාර්තාවලට ඇතුළත් විය.

    එහෙත් එසේ රහසිගත ප්‍රකාශයක් කළේ නම් එය මාධ්‍ය වෙත ලැබුණේ කෙසේ දැයි ඔහුගේ පවුලේ සාමාජිකයෝ ප්‍රශ්න කරති.

    අධිකරණයට ඉදිරිපත් නොකොට මාස අටකට ආසන්න කාලයක් නීතිවේදී හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් දෙස්, විදෙස් මානව හිමිකම් සංවිධාන බරපතල අවධානය පළ කොට තිබිණ.

    Text by bbc sandesaya

  • අවුරුදු 397කට පසු ‘බ්‍රහස්පති – සෙනසුරු’ මහා යුද්ධයක් !

    අවුරුදු 397කට පසු ‘බ්‍රහස්පති – සෙනසුරු’ මහා යුද්ධයක් !

    ඉහළ ඡායාරූපය – ග්‍රහයන් දෙදෙනෙක් එකක් හැටියට දිදුලන ආකාරය; බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු එකට සමීපවීමක් මින්පෙර ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ මෙයින් අවුරුදු 397කට පෙරය. එම අවස්ථාව ලද්දේ ගැලිලියෝ විසින් දුරේක්ෂය සොයාගනු ලැබීමෙන් පසුවය.

    2020 දෙසැම්බර් මාසයේ දී ඉතාම චිත්තාකර්ශනීය ආකාශ දර්ශන කීපයක් ලෝකයට දැක ගැනීමට ලැබෙනු ඇත

    දුරේක්ෂ හෝ එසේත් නැත්නම් වෙනත් මිල අධික උපකරණ ආදියෙන් තොරව නිවසේ සිට අහස නැරඹීමේ සිත්ගන්නා සුළු අහස් කන්නාඩි නිෂ්පාදන මෙම දෙසැම්බර් මාසය තුළ ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

    ග්‍රහලෝක දෙකක් දියවෙමින් එකක් බවට පත්වීම, ඉතා දර්ශනීය උල්කාපාත වර්ෂාව සහ පූර්ණ සූර්යග්‍රහනයක් ආදී මේ සියල්ල නැරඹීමට අපට අවශ්‍ය කරන්නේ පැහැදිලි ගුවන්තලයක්, අක්ෂි ආරක්ෂණ මෙවලමක් සහ ඒවා නැරඹීමට සුදුසු අවස්ථාව සහ ස්ථානයක් තෝරාගැනීම පමණි.

    මේ දෙසැම්බර් මාසය තුළ විශ්වය අපට දර්ශනය කරනු ලබන දේවල් කාල නීර්ණය අනුව පහත දැක්වෙන පරිදි පෙළ ගස්වමු:

    13-14දෙසැම්බර්: ‘ගෙමිනිඩ්’ උල්කාපාත වැස්ස සමස්ත ලෝකයටම දර්ශනය වනු ඇත

    The Geminids meteor shower during its peak, in the night sky over Tokarevsky Lighthouse on Egersheld Cape on Russky Island in the Sea of Japan, December 2017.
    මෙම පින්තූරයේ දක්නට ලැබෙන රුසියාවේ ඈත පෙරදිග ‘ව්ලදිවොස්තොක්’ පටන් ‘ඩකාර්’ තෙක් වෙසෙන සියළු දෙනාට පැහැදිලි අහස්තලයෙහි ජෙමිනි උල්කාපාත වැසි දර්ශනය වනු ඇත

    ඇතැමුන් පසුගිය ආසන්න මාසවලත් උල්කාපාත නරඹා තිබිය හැකිය. නමුත් දෙසැම්බරයේ දී ලෝකයට දකින්නට ලැබෙන්නේ ‘උල්කාපාත වර්ෂාවන්හි රජ දැක්මයි’.

    “තාරකාවක් පිටුපස පැතිර පවතින වල්ගා වැනි දූවිලි වලාවෙන් අතරින් පෘථිවිය ගමන්ගැනීමේ දී උල්කාපාත වැසි ඇතිවෙන” බව එක්සත් රාජධානියේ රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ ආයතනයේ තාරකා විද්‍යාඥවරියක වන පැට්‍රීෂියා ස්කෙල්ටන්( Patricia Skelton) පවසයි.

    “ගෙමිනිඩ් තාරකා වැස්ස අපූරු දර්ශනයක්. එය ෆයිටන් 3200 යනුවෙන් නම්කරනු ලැබ ඇති තාරකාවක එල්ලී පවතින දූවිල්ලයි,” පැට්‍රීෂියා පවසන්නීය.

    අප ජීවත්වෙන ග්‍රහලෝකය අභ්‍යවකාශයෙහි ඉතිරිව ඇති සුන්බුන් අතරින් ගමන්ගන්නා විට නොමිලේම අලංකාර රාත්‍රී අභ්‍යවකාශ සංදර්ශනයක් ද නැරඹීමට සෑම වසරකම අපට අවස්ථාව උදාවෙයි. දෙසැම්බර් මාසයේ 13-14 දිනවල එහි උච්ඡතම අවස්ථාවේ දී පැයකට කඩාවැටෙන තරු සංඛ්‍යාව 150ක් පමණ වෙයි.

    A composite image of the 2017 Geminid meteor shower in Arizona.
    අන්ධකාර රාත්‍රිය ජීවිතයේ සදා මතකයේ රැඳෙන අහස් දසුනක් නැරඹීමට හොඳ අවස්ථාවක් වනු ඇත

    “උල්කාපාත පෘථිවි අවකාශයට පතිතවන්නේ තත්පරයකට කිලෝමීටර් තිස්පහක (35) වේගයකින්. පැයකට කිලෝමීටර් 130,000කට කිට්ටු වේගයකින්,” පැට්‍රීෂියා පවසයි.

    “කහපාටින් ඇතැම්විට හරිත සහ නිල පැහැයෙන් රෑ අහස පුරා ආලෝකධාරාවන් දකින්නට බලාපොරොත්තු වෙන්න! හැම දිශාවකටම උල්කාපාත ගමන් ගැනීමත් සමඟ දකින්න ලැබෙන්නේ එවැනි දර්ශනයක්!” ඇය තවදුරටත් විස්තර කරන්නීය. එවැනි අපූරු සුන්දර දර්ශනයක් නැරඹීමට වඩාත් උචිතවන්නේ අඳුරු පරිසරයකි. එහෙත් ආලෝකයෙන් දූෂණය වී පවතින නාගරික ප්‍රදේශවලදීත් එම දර්ශනය නැරඹීමට හැකිවනු ඇත.

    මේ අතර මෙවර තවත් ශුභ ආරංචියකි! පසුගිය වසරේ මෙම සංසිද්ධීන්හි අලංකාරය විඳ ගැනීමට නොහැකිවුනේ බබලමින් පුරහඳ හේතුවෙනි. එහෙත් මෙවර අළුත් සඳකි. පුරහඳ සැඟව ගොසිනි. අහස්තලයේ අඳුර මැද උල්කාපාත සංදර්ශනය හොඳින් නැරඹීමට අවස්ථාව උදාවී පවතී.

    14 දෙසැම්බර්: පූර්ණ සූර්යග්‍රහණයක් චිලී සහ ආර්ජන්ටිනාවාසීන්ට නැරඹීමට හැකිවනු ඇත

    Panoramic view of Patagonia: The recently paved road connecting El Calafate to El Chalten is renowned to be one of the most beautiful roads in the world.
    මහ දවාලක හදිසියේම ලෝකය අන්ධකාරයෙන් වැසීයද්දී පැරණි ලෝකයේ මිනිසුන් කුමක් සිතාගන්නට ඇද්ද?

    නමුත් අද අන්තර්ජාලයට පිංසිදුවන්නට ලෝකයේ කොතැනක හෝ සිදුවෙන දෙයක් සජීවී මට්ටමින් සෙසු ලෝකයට දැනගන්නට ලැබෙයි.

    දැන් පැතිර පවතින වසංගතයට පෙර මෙය සිදුවී නම්, බොහෝ දෙනා එම අනගි දර්ශනය නැරඹීම සඳහා චිලී දේශයේ දකුණු කලාපයට හෝ ආර්ජන්ටිනාව කරා සේන්දුවිය හැකිව තිබුණි. එහෙත් පවතින වසංගත පරිසරය යටතේ වෙනත් බොහෝදේවල් මෙන්ම මෙම දුර්ලභ දර්ශනයත් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට සිදුවනු ඇත.

    ඒ අතරම තමන් ජීවත්වෙන ස්ථානයේම සිටිමින් ඉහත කී අපූරු අහස් සංදර්ශනය නැරඹීමට තරම් වාසනාවන්ත වෙන පුද්ගලයන් වේ නම්, සූර්යයා දෙස කෙලින්ම නොබලා ඒ සඳහා අක්ෂි ආරක්ෂණයක් උපයෝගීකර ගන්නා ලෙස විද්‍යාඥයෝ ඔවුන්ට උපදෙස් දෙති.

    මිනිත්තු විසිහතරක් වූ අපූරු කාලවේලාවක් පුරා චන්ද්‍රයා සූර්යයාගේ මුහුණ ආවරණය කරමින් ඒ හරහා ගමන්කරනු ඇත.

    “එම කාලය තුළ චන්ද්‍රයා හිරු මුහුණත සහමුලින්ම ආවරණය කරනු ලබන්නේ මිනිත්තු 2තත්පර 9.6ක කාලයකට පමණි,” ග්‍රිනිච් හි රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ටානියා ඩි සාලෙස් මාර්කේස් (Tania de Sales Marques) පවසයි.

    “චන්ද්‍රයා සූර්යයාට වඩා හාරසිය ගුණයකින් පුංචියි. ඒ කියන්නේ හිරු සඳුට වඩා හාරසිය ගුණයක් විශාලයි,” ටානියා පවසයි.

    “නමුත් චන්ද්‍රයා අපට ලොකුවට පෙන්නේන්නේ එය අපේ ග්‍රහලෝකයට කිට්ටුවෙන් පිහිටීම නිසයි. එම තත්වය නිසා චන්ද්‍රයාට සමස්ත හිරු මුහුණත අපෙන් ආවරණය කරන්න පුළුවන්කම ලැබෙනවා,” ටානියා විස්තර කළාය.

    චන්ද්‍රයාගේ ගමන් පථය සූර්යයා ඉදිරිපිටින් වන හෙයින් නියමිත දවසේ හරියටම මධ්‍යාහ්නයෙහි දකුණු ඇමෙරිකාවේ දකුණු කලාපය ඝන අඳුරු තිරයකින් ආවරණය කරන ලද ආකාරයේ තත්වයකට පත්කරනු ඇත.

    Low angle view of solar eclipse in sky during foggy weather.
    සූර්යයා දෙස කෙලින්ම නොබලන්න! පූර්ණ සූර්යග්‍රහණ මොහොතේවත් කෙලින්ම එදෙස කෙලින්ම නොබලන්න!

    අහස්කුස සිදුවෙන වෙනස්කම් කෙරෙහි විශේෂයෙන්ම සමීප අවධානය යොමුකරනු ඇත්තේ දකුණු ඇමෙරිකාවේ චිලී සහ ආර්ජන්ටිනා කලාපයේ පිහිටි හුදෙකලා ‘පැටගෝනියා’හි ආදිවාසී ‘මපුචේ’ (Mapuche) ජනතාවයි.

    “හිරු පුරුෂ ශක්තියේ සංකේතයක්. සඳ කාන්තා ශක්තියේ සංකේතයක්. ඒ බලවේග දෙක අන්‍යෝන්‍ය වශයෙන් ඔවුන්ගේ ගමන් පථය ඔස්සේ ගමන්ගැනීමේ දී හටගන්නා සාතිශය උනන්දුව අපට ඉතාම සුන්දර මොහොතක්!,” ‘මපුචේ’ අන්තර් සංස්කෘතික සබඳතා විෂයෙහි ප්‍රවීනයකු වන මාර්සෙලෝ හ්යුකෙන්මන් (Marcelo Huequenman) පවසයි.

    “මපුචේ ආදිවාසීන් සූර්යග්‍රහණ ඉදිරියේ භීතියට පත්වීම ඔවුන්ගේ ගතානුගතික පුරුද්දයි. ඔවුන්ගේ ව්‍යවහාර භාෂාවෙන් ඔවුන් සූර්යග්‍රහණ හඳුන්වනු ලබන්නේ ‘lhan Antü’ යන වචනයෙනි. එහි තේරුම ‘හිරුගේ මරණය,” යන්නයි. මාර්සෙලෝ පැවසීය.

    “ලොවපුරා ඇතිවූ සූර්යග්‍රහණ ගැන වසර 5000කට ආසන්න ඉතිහාසය පුරාම වාර්තාගතව තිබෙනවා,” ටානියා පවසන්නීය.

    “මිනිස් ඉතිහාසයේ වැඩිම කාලයක් තුළ මිනිසුන් පූර්ණ සූර්යග්‍රහණ අශුභ නිමිත්තක් ලෙස තේරුම් ගැනීම පහසුයි. සූර්යයා ගොදුරක් වන ආකාරයක් දක්නට ලැබීම සහ එක්තරා සුළු කාලයක් දවාල රාත්‍රියක් බවට පත්වීම ඊට හේතුවයි,” තාරකා ශාස්ත්‍රඥවරිය පවසන්නීය.

    ඇය තවදුරටත් මෙසේ සඳහන් කරයි.

    “එක අවුරුද්දක් ඇතුළත සූර්යග්‍රහණ පහක් විතර ඇතිවෙන්න පුළුවන්. නමුත් පූර්ණ සූර්යග්‍රහණයක් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් වෙන්නේ – මාස 18ක් වගේ කාලයකට.එවැනි පූර්ණ සූර්යග්‍රහණයක් ඇතිවෙන්නේ චන්ද්‍රයා හිරුගේ රශ්මි කදම්භය ආවරණය කරමින් හිරු සහමුලින්ම අවහිර කිරීමක් සමඟයි.”

    එවැනි තත්වයක් යටතේ ලෝකයට ඊළඟ පූර්ණ සූර්යග්‍රහණ නැරඹිය හැකි කලාප සහ කාලය මෙසේ සඳහන් කළ හැකිය.

    1. ඇන්ටාක්ටිකා – 2021 දෙසැම්බර්
    2. ඉන්දුනීසියා සහ ඕස්ට්‍රේලියා -2023 අප්‍රියෙල්
    3. ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව-2024 අප්‍රියෙල්
    4. දකුණු යුරෝපය සහ ග්‍රීන්ලන්තය -2026 අගෝස්තු
    5. මැද පෙරදිග සහ අප්‍රිකාවේ බොහෝ රටවල් – 2027 අගෝස්තු

    දෙසැම්බර් 21: බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු ග්‍රහ සංයෝගය සමස්ත ලෝකවාසීන්ට දැකගැනීමට ලැබෙනු ඇත

    The trio of (L to R) Saturn, Mars and Jupiter in conjunction in the dawn twilight, taken from home in Alberta on March 26, 2020. This is a stack of 10 exposures.
    ග්‍රහයන් දෙදෙනෙක් එකක් හැටියට දිදුලන ආකාරය; බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු එකට සමීපවීමක් මින්පෙර ලෝකයට දැකගැනීමට අවස්ථාව ලැබී ඇත්තේ මෙයින් අවුරුදු 397කට පෙරය. එම අවස්ථාව ලද්දේ ගැලිලියෝ විසින් දුරේක්ෂය සොයාගනු ලැබීමෙන් පසුවය.

    “බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු දිදුලන දීප්තියකින් යුක්ත ග්‍රහතාරකා දෙකක් වන නිසා ඒවා ඇසින් නැරඹීමට පහසුම ගහතරු වෙන්න පුළුවන්,” ග්‍රිනිච් රාජකීය අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ විශේෂඥයකු වන එඩ් බ්ලූමර් (Ed Bloomer) පවසයි.

    “ග්‍රහතාරකා දෙකක් එකට සමීපව සංයෝජනය වෙමින් එකක් හැටියට බබලන්නට පටන්ගැනීම චිත්තාකර්ෂණීය දර්ශනයක්. එම දර්ශනය අපට මෙම දෙසැම්බර් 21 දින රාත්‍රිකාලයේ නරඹන්න අවස්ථාව ලැබෙනවා. අහස්කුස සැරිසරමින් සිටින බෘහස්පති තාරකාව සහ සෙනසුරු දෙසැම්බර් 21 වෙනිදා එකිනෙකාට සමීපවෙන අවස්ථාවේ අපට පෙනෙන්නේ ඒ දෙන්නා එකට ගැටෙනව වගෙයි,” එඩ් බ්ලූමර් එම දර්ශනය විස්තර කරයි.

    අපි පියෙවි ඇසින් එම දර්ශනය නරඹන විට පෙනෙන්නේ ඔවුන් දෙදෙනා අතර පරතරය 0.1º ක් හැටියටය. නමුත් යතාර්ථය ඊට වෙනස්වූවකි. පෘථිවිය සහ බෘහස්පති අතර කිලෝමීටර් මිලියන 800කටත් වැඩි දුරකි. එසේම පෘථිවිය සහ සෙනසුරු අතරත් ඊට ආසන්න දුරක් ඇත. ඉහත කී දර්ශනය අප නෙතට හසුවන්නේ එම පිහිටීමේ කක්ෂ අනුවය.

    කෙසේවෙතත්, පාෂාණමය පෘෂ්ටයක් නොමැති හයිඩ්‍රජන් සහ හීලියම් වායුවෙන් මගින් සංයුක්ත බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු (two giant gas planets) යෝධ ග්‍රහයන් දෙදෙනා අපට ඉහලින් පිහිටි අහස් විමනේ දී අන්තිමේ දී එකට මුණගැසෙනතෙක් මාස කීපයකට එකිනෙකා වෙත අඟලකින් පමණ සමීපවීමක් දක්නට ලැබෙයි.

    “එවැනි සංයෝගයක් නැරඹීමට ලැබීම විනෝදජනකයි. විශේෂයෙන්ම,එම ග්‍රහතරකා එලෙස එකතුවීමට පෙර දවස් සහ ඔවුන් සමීපවීම සහ එම වෙනස සිදුවෙන ආකාරයත් දකින්නට ලැබීම සිත්ගන්නා සුළුයි,” එඩ් බ්ලූමර්(Ed Bloomer) පවසයි.

    අහස නරඹනු රිසි දුරදක්න යුවළක් හෝ කුඩා දුරේක්ෂයක් ඇත්නම්, එම තැනැත්තාට බ්‍රහස්පතිගේ යෝධ චන්ද්‍රයන් සතරදෙනා වන අයෝ (Io) යුරෝපා ( Europa)ගැනිමිඩි(Ganymede) සහ කැලිස්ටෝ (Callisto) පවා දැක ගැනීමට හැකිවනු ඇත.

    එම චන්ද්‍රයන් සිව්දෙනා හඳුන්වනු ලබන්නේත් ගැලීලියෝගේ චන්ද්‍රයන් හැටියටය. ඊට හේතුව ඒවා ඉතාලි ජාතික තාරකා ශාස්ත්‍රඥ ගැලිලියෝ ගැලිලි විසින් සොයාගනු ලැබීමය. තමා විසින්ම නිර්මාණය කරනලද අලුත් දුරේක්ෂයක් උපයෝගීකර ගනිමින් ගැලිලියෝ 1610 වසරේ දී එම චන්ද්‍රයන් හතර නිරීක්ෂණය කළේය.

    Artwork of Jupiter and its largest four (Galilean) moons. From left to right the bodies are Io, Callisto, Jupiter (with the shadow of Io cast upon it), Ganymede and Europa. The bodies are all shown to the correct scale, as viewed from a distance somewhere beyond the orbit of Callisto
    දුරදක්නය සූදානමින් තබාගන්න!වම් පසින් ඔබට පෙනෙන්නේ ‘අයෝ’ සහ ‘කැලිස්ටෝ’ චන්ද්‍රයන් දෙදෙනායි. මැද ප්‍රමාණයෙන් විශාල ග්‍රහයා බ්‍රහස්පති තාරකාවයි.’ගැනිමිඩ්’ සහ ‘යුරෝපා’ චන්ද්‍රයන් දකුණින් දිස්වෙයි

    බ්‍රහස්පති-සෙනසුරු සංයෝගයක් සිදුවන්නේ සෑම අවුරුදු 19.6කට වරකි. එහෙත් මෙවර දක්නට ලැබෙන සංයෝගය ඉතා සුවිශේෂී වූවකි. ඊට හේතුව 17 ශතවර්ෂයේ මුල් භාගයේ සිදුව ඇති සංයෝගයටත් වඩා මෙවර 29020 සංයෝගයේ දී ග්‍රහයන් දෙදෙනා බොහෝ කිට්ටුවීමය.

    බ්‍රහස්පති (ජුපිටර්) සහ සෙනසුරු අවසන් වතාවට මෙතරම් සමීප වී තිබෙන්නේ 1623 දීය. මෙයින් අවුරුදු 397කට පෙර. එබැවින් අපි නැවතත් ගැලිලියෝ සිහිපත් කරමු!

    “මෙය ජීවිතකාලය තුළ දකින්නට ලැබෙන පුදුම සිද්ධියකටත් වඩා එහා ගිය දෙයක්,” එඩ් බ්ලූමර් පවසයි.

    “ග්‍රහතාරකා ආදියේ චලිතය නිරීක්ෂණය කරනු ලැබීම ඇත්තෙන්ම මිනිසා අභ්‍යවකාශය තරණය කරනු ලැබීමට බොහෝ කාලයකට පෙරාතුවම මානව වර්ගයාට සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව අවබෝධයක් ලැබුනා,” එඩ් බ්ලූමර් සඳහන් කළේය.

    “අභ්‍යවකාශයේ සිදුවෙන ඉහත කී ආකාරයේ භෞතික සංචරනයවීම් විශ්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙන්ම,පෘථිවියේ ගණනින් සඳහන් කළ නොහැකි තරමේ විද්‍යාත්මක ප්‍රගතියකට සහ නව සොයාගැනීම් සඳහා මහෝපකාරී කාර්යයක් ඉටුකළා,” එඩ් බ්ලූමර් වැඩිදුරටත් පවසයි.

    පැහැදිලි අහසක් වේනම්, ඉහත කී දර්ශන නැරඹීම පහසුවනු ඇත. එහෙත් එම අපූරු දුර්ලභ දසුන් නැරඹීමට අවශ්‍ය නම්, අපි කඩිනම් වියයුතු වෙමු. ග්‍රහයන් සිතිජයේ ගිලී සැඟව යාමට පෙර එය නෙතින් අල්ලා ගැනීම සඳහා අපට ඇත්තේ පැයකට සීමා වූ කාල කවුළුවක් පමණි.

    ඒ සඳහා හොඳ සැලැස්මක් තිබිය යුතුය. එසේම රාත්‍රි කීපයක් ග්‍රහතාරකා පිහිටීම නිරීක්ෂණය කළ යුතුය. එය සුන්දර විනෝදජනක කාර්යයකි. දෙසැම්බර් මාසයේ අපූරු අහස් දසුනෙහි පිහිටීම අපි දනිමු. එය හිරු අවරගිරෙහි සැඟව යාමෙන් හෝරාවකට පසු නිරිතදිග සිතිජයයි. (south-west horizon)

    මේ සඳහා තවත් වාසිදායක සංසිද්ධියක් ද ඇත. එනම්, දෙසැම්බර් 21 යනු හරියටම දක්ෂිණායන දිනය වීමය. තාරකා විද්‍යාත්මකව, එදින දකුණු අර්ධගෝලයේ ග්‍රීෂ්ම ඍතුවේත් උතුරු අර්ධගෝලයේ ශීත ඍතුවේත් පළමු දවස වෙයි.

    Text copied by bbc sinhala

  • අපේ කෙල්ලෝ වෙන්න කැමති ‘සුපිරි කෙල්ලෝ’ මෙන්න !

    අපේ කෙල්ලෝ වෙන්න කැමති ‘සුපිරි කෙල්ලෝ’ මෙන්න !

    මිනිසා දන්නා කියන කාලයේ සිට සාර්ථකත්වයට ළඟා වූ අයව වන්දනා කරති. අපට වඩා ශක්තිමත්, දක්ෂ, වේගවත් අයව අධිමානුෂික ලෙස සලකමු. අපි ඔවුන් දෙස බලා යම් දවසක අපි ඔවුන් හා සමාන වනු ඇතැයි බලාපොරොත්තු වෙමු. ඇත්තෙන්ම එය හොඳ දෙයකි. එය අපව ඉදිරියට ගෙන යයි. එය අපව විශාල අරමුණු සඳහා වෙහෙසීමට සලස්වයි. උසස් ප්‍රමිතීන් සකස් කරයි.

    කෙසේ වෙතත්, මෑතක සිට යොවුන් පරපුර අතර ජනප්‍රිය චරිත වන්දනා කිරීමේ ප්‍රවණතාවක් පවතී. විශේෂයෙන් මෙය තරුණියන් අතර ඉහළින්ම පවතී. එයම අලුත් දෙයක් නොවන අතර, සමහර අය තනිකරම අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ බාහිර අලංකාරයට මිස ඔවුන්ගේ ගුණ යහපත්කම්වලට හෝ පෞද්ගලික ජයග්‍රහණවල අංශවලට නොවේ. 

    එබැවින් සෑම ගැහැණු ළමයෙකුටම ඔවුන් වීමට කැමති කීර්තිමත් කාන්තාවන් 10 දෙනෙකුගේ ලැයිස්තුවක් අපි ඔබට ඉදිරිපත් කරන අතර, ඔවුන් ලෝකයේ සිටින සාර්ථකම කාන්තාවන් ලෙස නොසලකන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

    10 Celebrities So Beautiful Every Girl Wants To Be Them | Her Beauty

    1. ඇලෙක්සිස් රෙන් Alexis Ren – ඇලෙක්සිස් රෙන්, සම්පූර්ණ නම ඇලෙක්සිස් රෙනේ ග්ලබාච්, ප්‍රසිද්ධ ඉන්ස්ටග්‍රෑම් නිරූපිකාවක් සහ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකි. ඇයගේ වයස අවුරුදු 21 ක් වන නමුත් ඇයට ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයන් මිලියන 12 කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටී.

    ඇය 2018දී ‘ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් පිහිනුම් ඇඳුම් කට්ටලය – Sports Illustrated Swimsuit Rookie for 2018‘ බවට පත් වූවාය. වචනාර්ථයෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් ඇය මෙන් වීමට සිහින දකී. නමුත් මෙහිදී කිව යුතු වැදගත්ම කරුණක් තිබේ. එනම් එය හිතන තරම් පහසු නැති බවයි. ඒ සදහා කැපවීමෙන් වැඩකළ යුතුය. නිර්මාණශීලීව වැඩකළ යුතුය.

    10 Celebrities So Beautiful Every Girl Wants To Be Them #2 | Her Beauty

    2. එමා වොට්සන් –  Emma Watson – එමා වොට්සන් ලොව ලස්සනම කාන්තාවක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. එපමණක් නොව, කාරුණික, බුද්ධිමත් ඇය සෑම විටම උත්සාහ කරන්නේ මේ ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීම සඳහා ඇයට හැකි සෑම දෙයක්ම කිරීමටය. හැමෝම ඇයව හැරී පොටර්ගේ හර්මියෝන් Hermione ලෙස හොඳින්ම දන්නා අතර ඇය තවදුරටත් එම චරිතය රඟපාන්නේ නැතත්, ඇගේ ක්‍රියාවෙන් ඔප්පු වන්නේ සැබෑ ජීවිතයේ දී පවා ඇය හර්මියෝන් හා සමාන බවයි.

    3. එමිලි රටාජ්කොව්ස්කි Emily Ratajkowski – එමිලි යනු ඇමරිකානු නිරූපිකාවක් සහ නිළියක් වන අතර රොබින් තිකේගේ ‘බොඳ වූ රේඛා Blurred Lines’ වීඩියෝ පටයේ පෙනී සිටීම නිසා කීර්තියට පත්විය. එම වීඩියෝ පටය සහ ගීතය කාන්තාවන්ගේ නිරූපණය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති කර ඇති අතර, එමිලිගේ ජනප්‍රියතාවය දිනෙන් දින වර්ධනය වේ. ඇයට මේ දක්වා Instagram හි අනුගාමිකයන් මිලියන 16,5 ක් ඇත.

    10 Celebrities So Beautiful Every Girl Wants To Be Them #3 | Her Beauty

    4. ජෙනිෆර් ලෝපෙස්  Jennifer Lopez – ජේ. ලෝ දශක ගණනාවක් තිස්සේ ඇයගේ පෙනුම ගැන ප්‍රශංසා ලබා ඇති අතර එයට හේතුව සොයා ගැනීම අපහසුය. ඇගේ සුහද පෙනුම සහ වක්‍රාකාර ශරීරය සිහින වල දේවල් වේ. නමුත් ඇය හුදෙක් ලස්සන මුහුණක් නොවේ, ඇය නිළියක්, ගායිකාවක්, නර්තන ශිල්පිනියක්, කතුවරියක්, විලාසිතා නිර්මාණ ශිල්පිනියක් සහ නිෂ්පාදකවරියකි. ඉතින් ඔබ සිතනවා, “මට ජේ. ලො වැනි කොල්ලයක් වීමට අවශ්‍යයි” කියා. ඒත් එය පහසු නොවන බව සිතන්න. ඇය දක්ෂතා රැසක් ඇති සුපිරි තරුවක්.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 4 |  ඇගේ අලංකාරය

    5. කයිලි ජෙනර්  Kylie Jenner – කර්ඩීෂියන් පවුලේ බාලම දියණිය කයිලි ජෙනර් වන අතර ජනප්‍රියත්වය අනුව කිම්ට එරෙහිව තරඟ කළ එකම තැනැත්තිය ද ඇය විය හැකිය. කාර්ඩාෂියන් පවුලේ සෙසු අයට සමාජ මාධ්‍යවල අනුගාමිකයන් විශාල ප්‍රමාණයක් සිටින බව සහතික වුවත්, කයිලි සහ කිම්ට පමණක් එය මිලියන 100 ඉක්මවා ඇත. ඇත්ත වශයෙන්ම, කයිලි පිටුපස සිටින්නේ මිලියන 4 ක් පමණි.  20 වන වියේ පසුවන ඇය දැනටමත් මවක් වීම විශේෂත්වයකි.

    10 Celebrities So Beautiful Every Girl Wants To Be Them | Her Beauty

    6. එමිලියා ක්ලාක් Emilia Clarke – එමිලියා ක්ලාක් බොහෝ චිත්‍රපටවල රඟපා ඇති නමුත් ඩෙනේරිස් ටාගරියන් Daenerys Targaryen (පළමු උත්සාහයේදී ඔබට එය නිවැරදිව උච්චාරණය කළ හැකිද?) හෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි කලීසිගේ චරිතය නිසා බොහෝ දෙනා ඇයව හොඳින් දනිති. 

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 2 |  ඇගේ අලංකාරය

    7. ඈෂ්ලි ග්‍රැහැම් Ashley Graham
    ඈෂ්ලි ග්‍රැහැම් ඇමරිකානු ප්ලස් ප්‍රමාණයේ නිරූපිකාවක් American plus size model වන අතර සුන්දර යැයි සැලකීමට ඔබ සිහින් විය යුතු නැති බවට ඇය ජීවමාන සාක්ෂියකි. අලංකාරය සෑම හැඩයකින්ම සහ ප්‍රමාණයකින්ම පැමිණෙන බව ඇය විශ්වාස කරන අතර, අපි ද ඇය දෙස බලා එය විශ්වාස කරමු.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 3 |  ඇගේ අලංකාරය

    8. රිහානා  Rihanna – රිහානා සෑම රීතියකටම ව්‍යතිරේකයකි. සිහින් කීර්තිමත් පුද්ගලයින් දැඩි ආහාර වේලක් සහ දැඩි ව්‍යායාම පුරුද්දක් තබා ගැනීමට උපරිම උත්සාහයක් ගන්නා අතර, එතරම් සිහින් නොවන අය ශරීර ධනාත්මකතාව ගැන කතා කරති. රිහානා ඒ කිසිවක් ගණන් ගන්නේ නැත, ඇය කුමක් වුවත් තමාට ආදරය කරයි. ඇය විටෙක සිහින් වන අතර තවත් විටෙක මහතට පෙනේ. අපට රිහානා වැනි තවත් චරිත නිරූපණ අවශ්‍යයි.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි |  ඇගේ අලංකාරය

    9. බෙලා හැඩිඩ් Bella Hadid – බෙලා හැඩිඩ් ඇගේ slim figure සහ hourglass shape හැඩය සඳහා ප්‍රසිද්ධය. ඇය වඩාත්ම සාර්ථක ඇමරිකානු නිරූපිකාවකි.  බෙලා අනිවාර්යයෙන්ම ජානමය වශයෙන් ආශීර්වාද ලත් තැනැත්තියක් වන අතර, ඇය පැහැදිලිවම බොහෝ වැඩ කටයුතු කරයි. එය අර්ථවත් කරයි.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 2 |  ඇගේ අලංකාරය

    10. කිම් කාර්ඩාෂියන් Kim Kardashian – කිසිම හේතුවක් නොමැතිව කිම් ප්‍රසිද්ධ යැයි බොහෝ දෙනෙක් තර්ක කළ හැකිය, නමුත් අපි තර්ක කරන්නේ ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඇගේ ඇදහිය නොහැකි නිතඹ නිසා බවයි. ඇයගේ නිතඹ ස්වාභාවිකද, නැතහොත් ඇය යම් ක්‍රියා පටිපාටියක් කර ඇත්ද යන්න පිළිබඳව විශාල කතාබහක් හා උපකල්පන ඇත. නමුත් ඇයගේ පෙනුමේ සිත් ඇදගන්නා සුළු බව ඔබ පිළිගත යුතුය.

    කීර්තිමත් පුද්ගලයන් 10 ක් සෑම ගැහැණු ළමයෙක්ම ඔවුන් වීමට කැමතියි # 3 |  ඇගේ අලංකාරය

    hearbeauty.com ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • හෙළ පැණිය සමග ‘හෙළිවෙන හෙළුව’

    හෙළ පැණිය සමග ‘හෙළිවෙන හෙළුව’

    ඉවසීමෙන් තර්කානුකූලව සිතීමේ පුහුණුවක්, පුරුද්දක් ඇති සමාජයක් අද නැත. එවැනි සමාජයක් හැදීම, අතිශය තරගකාරී විවෘත වෙළඳපල ආර්ථිකයට අවශ්‍ය හිස් පාරිභෝගිකයින් හැදීම සමග නොගැලපෙන්නකි.

    එනිසා පසුගිය අවුරුදු 40ක කාලයේ පරම්පරා දෙකක්ම මේ විවෘත වෙළඳපල සමග හැදුනේ අලෙවි ප්‍රචාරණ මගින් උසස් යැයි සහතික ලබාදෙන භාණ්ඩ ප්‍රශ්න කිරීමකින් තොරව මිලට ගැනීමේ හිස් පාරිභෝගිකයන් ලෙසින්ය. 

    එවැනි පාරිභෝගිකයින් බවට වැඩියෙන්ම පත්ව ඇත්තේ තරගකාරී ජීවිත වලට කොටුවී ඉන්නා මැද පංතිකයින්ය. විවෘත වෙළඳපල ආර්ථිකය විසින් බහුතර ග්‍රාමීය සමාජය අතහැර දමා ඇති හෙයින් ඒ ජනතාව තමන්ගේ ප්‍රශ්න සඳහා කවර හෝ විසඳුම් සොයා යන පිරිසක් බවට නිතැතින්ම පත්වෙති. 

    එවැනි සමාජයක ඉතිරි වන්නේ අලෙවි ප්‍රචාරණ පසුපස යන පාරිභෝගිකයින් සහ තම ප්‍රශ්න විසඳා ගැනීමට ඕනෑම දෙයක් බාරගැනීමට සූදානම් ජනතාවකි. 

    එබැවින් තොග පිටින් නොමිලේ බෙදන්නට පැණියක් හැදීමට මේ රටේ මී පැණි හොයා ගත හැකිද යැයි ප්‍රශ්න අසන්නෙකු නැත. එවගේම වාණිජ මට්ටමෙන් ශාක ඖෂධ වගා නොකරන රටේ, මේ පැණිය හැදීමට යොදා ගන්නා ශාක ඖෂධ තොග සපයා ගත්තේ කෙසේද යැයි අසන කෙනෙක්ද නැත. වෙනිවැල්ගැට වඳවී යන ශාකයක් ලෙස කැපීම, ප්‍රවාහනය කිරීම, ළඟ තබා ගැනීම, අලෙවි කිරීම තහනම් කර ඇති බැවින් මේ සා විශාල තොග නිෂ්පාදනයකට වෙනිවැල්ගැට ලබා ගත්තේ කෙසේ දැයි අසන්නෙකුද නැත. 

    එළෙස ඕනෑම දෙයක් විචාරයකින් තොරව බාර ගන්නා සමාජයක් බවට අප පත්කර ඇත්තෙ එසේ නොවන්නේ නම් මේ විවෘත වෙළඳපල ආර්ථිකය පවත්වා ගත නොහැකි හෙයිනි. ඒ සඳහා වන සහතිකලාභීන් මිස උගතුන් නොහදන අධ්‍යාපනයක්ද, ප්‍රචාරක වාසි සඳහා මේ වෙළඳපලින් යැපෙන සමාජ වගකීමක් නොදන්නා මාධ්‍ය භාවිතයක්ද අපි නඩත්තු කරන්නෙමු.

    මේ ඒ සියල්ල සිදුවන ආකාරය පෙන්වන මාධ්‍ය වාර්තාවකි.  –  https://youtu.be/Z5w9Ccb-2A8

    සටහන – කුසල් පෙරේරා

  • ලෝකයේ විස්මිත ස්ථාන 06ක් ගැන ඔබ නොදැන සිටි සුපිරි කතාව

    ලෝකයේ විස්මිත ස්ථාන 06ක් ගැන ඔබ නොදැන සිටි සුපිරි කතාව

    නෙවාඩා හි ‘පියාඹන ගීසරවල  Fly Geyser සිට තුර්කෙනිස්තානයේ Gates of Hell දක්වා ස්ථාන කිහිපයක් වෙනත් ග්‍රහලෝකයක මෙන් සම්පූර්ණයෙන්ම ආශ්චර්යමත් තත්වයට පත්වේ.

    ලෝකය සුන්දර වන්නා සේ ම අරුම පුදුම දේවලින් ද කිසිම අඩුවක් නැත. මේ අරුම පුදුම ස්ථාන දකින ඕනෑම කෙනෙනක් සිතන්නේ ‘මේවා නම් අපේ පෘථිවියේ ඒවා විය නොහැකි‘ බවයි.

    මේ අරුම පුදුම ස්ථාන අතර ඉහළ ඡායාරූපයේ දැක්වෙන නෙවාඩා‘ පියාඹන ගීසරවල  Fly Geyser වලසිට ටර්ක්මෙනිස්තානයේ ගේට්ස් ඔෆ් හෙල් දක්වා විස්මිත ස්ථාන රැසක් වේ. ඒවා අතරින් තෝරා ගත් කිහිපයක් පමණක් අප ඔබට ඉදිරිපත් කරමු.

    [/:]

    චීනයේ ක්‍රෙසන්ට් විල Crescent Lake

    වයඹදිග චීනයේ ගන්සු පළාතේ, ගෝබි කාන්තාරයේ ස්වාභාවික චන්ද්‍රවංශ හැඩැති ක්ෂේම භූමියක් දිස්වේ. මීටර 5 ක් පමණ ගැඹුරු වූ ක්‍රෙසන්ට් විල Crescent Lake මෑතකදී අතුරුදහන් වීමේ අවදානමට ලක්ව තිබූ අතර එය මීටර 1 ට වඩා අඩු ගැඹුරකට හැකිලී ගියේය.

    [/: "

    The Wave, United States

    ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ඇරිසෝනා කාන්තාරයේ මේ විස්මිත ස්ථානය පිහිටා ඇත. The Wave සිංහල භාෂාවෙන් ‘රැල්ල‘ යන ඇති මෙම අපූරු ස්ථානය අඩි 62 ක් පළල සහ අඩි 85ක් වේ. වැලි ගල් පාෂාණ වලින් යුත් මෙම ස්ථානය නිර්මාණය වී ඇත්තේ සුළං ඛාදනය හේතුවෙන් බව විශ්වාස කෙරේ. අවට උතුරු කොයෝට් බට්ස් කාන්තාර North Coyote Buttes ප්‍රදේශයට දිනකට අවසර පත්‍ර 20 ක් පමණක් ලබා දී ඇති බැවින් උදේ 9 ට ආරම්භ වන දෛනික ලොතරැයියට ඇතුළු වීමට වේලාසනින් පැමිණෙන්න. 

    සෙනෙගල් හි රෙට්බා විල (ණය: ඩොලන් යාන් / ගෙටි)

    සෙනෙගල්හි රෙට්බා විල – Lake Retba, Senegal

    මීටර් 3 ක් ගැඹුරු මෙම විල cotton-candy pink පැහැයක් ගනී. ඒ ජලයේ වැඩෙන ඩුනියෙල්ලා සාලිනා ඇල්ගී  Dunaliella salina algae නිසාය. රෝස පැහැය වඩාත් දෘශ්‍යමාන වන්නේ වියළි කාලයේදී වන අතර එය නොවැම්බර් සිට පෙබරවාරි දක්වා පවතී. 

    ඩර්වීස්, ටර්ක්මෙනිස්තානය (ණය: ෆ්ලයිඩයිම් / ගෙටි)

    ඩර්වීස්, ටර්ක්මෙනිස්තානය / Derweze

    ෙ“අපායේ ගේට්ටුව” ලෙස නම් කර ඇති ඩර්වීස් Derweze (ඩාර්වාසා ලෙසද හැඳින්වේ) නිරයට පිවිසෙන දොරටුව මෙන් පෙනේ. මීටර 70 ක් පළල විවරයක් නිරන්තරයෙන් ගිනිදැල්වලින් පිරී පවතී. එයට ස්වාභාවික පෙනුමක් තිබුණද, ගුහාව සැබවින්ම 1970 ගණන්වලදී ස්වාභාවික වායුව සඳහා කැණීම් කරන ලද පතළක් නිසා බිහිවූවකි. භූ විද්‍යාඥයන් ඉන්ධන දහනය කිරීමේ බලාපොරොත්තුවෙන් ගෑස් ගිනි තැබූ නමුත් ගුහාව අදටත් දීප්තිමත් ලෙස දැවී යයි. කාන්තාරයේ පිහිටීම නිසා පොළවට ඉහළින් දැවෙන වායූන් තනුක කිරීමට නැවුම් වාතාශ්‍රයක් ලබා ගත හැකි බැවින් ආවාටයේ අද්දර සිටගෙන සිටිය හැකිය. 

    ස්කෆ්ටාෆෙල් අයිස් ගුහා, අයිස්ලන්තය (ණය: තෝර්ස්ටන් හෙන් / ගෙටි)

    ස්කෆ්ටාෆෙල් අයිස් ගුහා,Skaftafell ice caves අයිස්ලන්තය

    මෙම ගුහා තුළ ඇති අයිස් සාමාන්‍යයෙන් සිවිලිම හරහා කුඩා ආලෝකයක් විනිවිද යාමට ඉඩ දෙයි. කෙසේ වෙතත්, වසරකට කිහිප වතාවක්, (සාමාන්‍යයෙන් ජනවාරි අග හෝ පෙබරවාරි මාසවලදී) වර්ෂාව ග්ලැසියරයේ මතුපිට තට්ටුව සෝදා හරින අතර අයිස් සිවිලිම විචිත්‍රවත් නිල් ආලෝකයකින් ගුහාවලට (සහ ඒවා ගවේෂණය කරන්නන්ට) දිය යට පෙනුම ලබා දෙයි.

    බී.බී.සී. ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • PCR පරීක්ෂණ කරන්න තවත් පුද්ගලික රෝහල් 05කට අනුමැතිය

    PCR පරීක්ෂණ කරන්න තවත් පුද්ගලික රෝහල් 05කට අනුමැතිය

    රජයේ රෝහල් පහක් සහ පෞද්ගලික රෝහල් පහක් ඇතුළු රෝහල් 10කට පී.සී.ආර් පරීක්ෂණ කිරීම සදහා අනුමැතිය ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.  

    මෙහි අරමුණ වන්නේ මේ වන විට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම බවයි රත්නායක මහතා සදහන් කළේ.

    මේ වන විට දෛනික PCR පරීක්ෂණ ධාරිතාවය 13,000- 14,000 වන අතර ඉදිරියේදී එය 20,000 සීමාවට ගෙන ඒමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා නව තීන්දුව හේතු වන බවත් රත්නායක මහතා වැඩි දුරටත් සදහන් කළේය.

    ‘පී.සී.ආර් පරීක්ෂණ කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අලුතින් අනුමැතිය ලබා දුන් රෝහල් 10 ද ඉදිරියේදී එම පරීක්ෂණ සඳහා එක් වූ විට අපේ ඉලක්කය කරා යාමට හැකි වේවි.  ඒ වගේම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් 100,000ක් පමණ රෝහල් අතර බෙදා දී තිබෙනවා. එම පරීක්ෂණය කෙනෙකුට සිදුකරනවාද ? නැද්ද? යන්න තීරණය කරනු ලබන්නේ රෝහල් බලධාරීන් විසිනුයි‘

    මෙහිදී විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා කියා සිටියේ   රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් දෙවන තොගයද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ලැබී ඇති අතර එයත් ඉදිරියේදී රෝහල් අතර බෙදා දෙන බවයි.

  • ලෝකයේ බිහි වූ ‘සුපිරිම’ ගුප්ත විද්‍යාඥයෝ සහ අනාවැකිකරුවෝ

    ලෝකයේ බිහි වූ ‘සුපිරිම’ ගුප්ත විද්‍යාඥයෝ සහ අනාවැකිකරුවෝ

    ‘ගුප්ත විද්‍යව‘ ගැන ලංකාවේ අපිට අලුතින් කියන්න දෙයක් නැහැ. ලෝකයේ වැඩියෙන්ම ගුප්ත විද්‍යාව අදහන රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. සමහර විට ලෝකයේ අංක 01 වෙන්නත් පුළුවන්.

    ඒත් ගුප්ත විද්‍යාම සමග තවත් බොහෝ අංශ බැදී තිබෙනවා. ඒවා අඩුවැඩි වශයෙන් ලංකාවෙත් තිබෙනවා. ඒ අතර විශ්වශක්තිය, අනාවැකි කීම, දෙවියන් සමග කතා කිරීම / සන්නිවේදනය මෙන්ම රෝගීන් සුව කිරීම ආදිය ද තිබෙනවා.

    ඒත් අපි මේ කියන්න යන්නේ අද තත්ත්වය හෝ ලංකාව ගැන නොවෙයි. පසුගිය දීර්ඝ ඉතිහාසය පුරාම ගුප්ත විද්‍යාව සම්බන්ධයෙන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයින් ගැනයි. ඔබ සමහර විට මේ නම් අතරින් එකක් හෝ කිහිපයක් අසා ඇති. ඒත් අපටත් අනාවැකියක් වාගේ කියන්න පුළුවන් ඔබ මේ නම් සියල්ලම නම් දන්නේ නැහැ කියලා.

    හොදයි … එහෙනම් අපි මේක කියවලා බලමුද ?

    ග්‍රිගෝරි රස්පුටින් – Grigori Rasputin

    ඔහු ගැන නොදන්න කෙනෙක් නැහැ. රස්පුටින් යනු 19 වන සියවසේ වඩාත් ජනප්‍රිය ගුප්ත විද්‍යාඥයෙක්. ඔහු සයිබීරියාවේ දුප්පත් පවුලක උපත ලැබීය. ඔහුගේ දෙමව්පියන් නූගත් ගොවීන් වූ අතර රස්පුටින්ට විධිමත් අධ්‍යාපනයක් නොලැබුණි. 

    ඔහු වැඩිහිටියෙකු ලෙස කියවීමට හා ලිවීමට ඉගෙන ගත්තේය. ‘තමා ශුද්ධ මිනිසෙකු යැයි‘ holy man ඔහු විශ්වාස කළේය, නැතහොත් ඔහු ප්‍රකාශ කළේය. ඔහුගේ දෑස් ඔහුගේ කැපී පෙනෙන ලක්ෂණය වූ අතර, මිනිසුන් ඔහුගේ දෑස් දෙස බලන තාක් කල් ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඔහුට හැකි බව මිනිසුන් විශ්වාස කළහ. 

    ඔහු රුසියාවේ අවසාන අධිරාජ්‍යයා වූ දෙවන නිකොලායිගේ පවුලට සමීප විය. අධිරාජ්‍යයා සහ ඔහුගේ බිරිඳ රස්පුටින් දෙවියන් වහන්සේගේ මිනිසෙකු man of God ලෙස දුටු අතර ඔවුන් තම දරුවා සුව කිරීම කෙරෙහි ඔහුව විශ්වාස කළහ. 

    ඔහු ද තරමක් මතභේදාත්මක චරිතයකි. සමහරු ඔහු ගුප්ත විද්‍යාඥයෙකු යැයි විශ්වාස කළ අතර තවත් සමහරු සිතුවේ ඔහු පිස්සෙකු බවයි. ඔහු දෙවන නිකොලායිගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ බවට කටකතා තිබේ,

    ග්‍රිගෝරි රස්පුටින් |  6 මෙතෙක් පැවති ශ්‍රේෂ් est තම ගුප්ත විද්‍යාව |  සෙස්ට්‍රඩාර්

    මැඩම් බ්ලැවට්ස්කි – Madame Blavatsky

    මෙම කාන්තාව (එලේනා බ්ලාවට්ස්කි Elena Blavatsky) සමහරු විද්‍යාඥවරියක හා දාර්ශනිකයෙකු ලෙස සලකනු ලැබූ අතර තවත් අය ගුප්ත විද්‍යාඥවරියක ලෙස සැලකූහ. 

    ඇය තුන් වතාවක් ලොව පුරා සංචාරය කර ඇති අතර සෑම විටම අද්භූත හා විචක්ෂණශීලී දේ කෙරෙහි උනන්දුවක් දැක්වූවාය. ඇයගේ චාරිකා වලදී, ඇය ටිබෙටයට ගෙන ගිය පුරාණ ප්‍රඥාවේ ප්‍රවීණයන් සිටින බව පවසන අතර ලෝකය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකි ආකාරය සහ ආගම, විද්‍යාව සහ දර්ශනයේ සමකාලීනය ඇයට ඉගැන්වීය. 

    එලේනා දර්ශනවාදය හා බැඳී ඇති බොහෝ ආගම්වල සම්මිශ්‍රණයක් වන තියෝසොෆි Theosophy නමින් තමන්ගේම ආගමක් ආරම්භ කළාය. 

    කෙසේ වෙතත්, බ්ලාවට්ස්කි එය ආගමක් ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළාය. තියෝසොෆි යනු පුරාණ දැනුම ලබා ගැනීමයි. ඔවුන්ගේ ලාංඡනයෙහි “සත්‍යයට වඩා උසස් ආගමක් නැත -there is no religion higher than the truth ” යන වචන ඇත. 

    බ්ලැවට්ස්කි මැඩම් |  6 මෙතෙක් පැවති ශ්‍රේෂ් est තම ගුප්ත විද්‍යාව |  සෙස්ට්‍රඩාර්

    ඇලස්සැන්ඩ්‍රෝ කැග්ලියොස්ට්‍රෝ Count Alessandro Cagliostro

    ඇලෙස්සැන්ඩ්‍රෝ කැග්ලියොස්ට්‍රෝ Count Alessandro Cagliostro ඉතාලි ගුප්ත විද්‍යාඥයෙකි. සුව කිරීමේ හැකියාවන්, මැජික් හැකියාවන් සමග ද සෙල්ලම් කළ ඔහු අනාගතය දෙස බැලීමට හැකි බව කියා සිටියේය. 

    සමහරු ඔහුව විචිත්‍රවත් හා අද්භූත යුරෝපීය චරිතයක් ලෙස සැලකූ අතර තවත් සමහරු විවෘතව කියා සිටියේ ඔහු නොසැලකිලිමත්කම සහ අගෞරවය ඔහු උපක්‍රමයක් ලෙස හැඳින්වූ බවයි. ඔහුට ප්‍රංශ අධිකරණයේ පවා නඩු පවරනු ලැබීය. 

    ඇලෙස්සැන්ඩ්‍රෝ කැග්ලියොස්ට්‍රෝ ගණන් කරන්න |  6 මෙතෙක් පැවති ශ්‍රේෂ් est තම ගුප්ත විද්‍යාව |  සෙස්ට්‍රඩාර්

    ඇලිස්ටර් ක්‍රව්ලි – Aleister Crowley

    ක්‍රව්ලි යනු කුප්‍රකට ඉංග්‍රීසි ගුප්ත විද්‍යාඥයෙකි. ඔහු තෙලෙමා Thelema නමින් ආගමක් ආරම්භ කළේය. ඔහු චාරිත්‍රානුකූල ඉන්ද්‍රජාලිකයෙක්, කවියෙක් සහ දක්ෂ ලේඛකයෙක් විය. 

    තමා නව යුගයකට ජනතාව ගෙන යන අනාගතවක්තෘවරයකු ලෙස සැලකූ ඔහු විසින් ම හදුන්වා ගත් අතර, තම බිරිඳ මෙලොව හැරගොස් සිටීම නිසා තම බිරිඳ සම්බන්ධ කර ගත් බවත්, මෙම නව ආගමික ව්‍යාපාරයේ ප්‍රධාන මූලධර්ම ලැයිස්තුගත කළ නීති පොත සැකසීමට ඇය විසින් තමාට නියම කළ බවත් ඔහු කියා සිටියේය.

    ක්‍රෝලි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ විසින් කුලියට ගත් බවත් ඔත්තුකරුවෙකු බවත් කටකතා පවතී. 

    ඇලිස්ටර් ක්‍රව්ලි |  6 මෙතෙක් පැවති ශ්‍රේෂ් est තම ගුප්ත විද්‍යාව |  සෙස්ට්‍රඩාර්

    ජොආන් ඔෆ් ආර්ක්-Joan Of Arc

    ඇය ප්‍රසිද්ධ කාන්තාවකි. ඇය කියා සිටියේ කුඩා කාලයේ සිටම තමාට දෙවියන් වහන්සේ දර්ශනය වන බවයි. ඇයට ආගමික බලයක් ඇති බවත් සාන්තුවරයන් ඇය සමඟ සන්නිවේදනය කර ඇයට උපදෙස් දුන් බවත් ඇයට හමු වූ බොහෝ දෙනා විශ්වාස කළහ.

    ඇය විශ්වාස කළේ සාන්තුවරයන් තිදෙනෙකු ඇය VII වන චාල්ස්ට සහාය දැක්වීමට නියෝග කළ බවයි. ඔබ දන්නා පරිදි ඇයට හමුදාව මෙහෙයවීමට ඉඩ දෙන ලෙස ඇය VII වන චාල්ස්ට ඒත්තු ගැන්වීය. ඉතිරිය ඉතිහාසයයි. 

    ජොආන් ඔෆ් ආර්ක් |  6 මෙතෙක් පැවති ශ්‍රේෂ් est තම ගුප්ත විද්‍යාව |  සෙස්ට්‍රඩාර්

    නොස්ට්‍රඩමස් – Nostradamus

    ලොව වඩාත්ම ප්‍රකට අනාවැකිකරුවා ඔහුයි. වාර්තාවලට අනුව නොස්ට්‍රාඩමස් බොහෝ දක්ෂතා ඇති මිනිසෙකි. ඔහු වෛද්‍යවරයෙක්, ජ්‍යෝති ශාස්ත්‍රඥයෙක් මෙන්ම වාචාලයෙක් ද විය. 

    ඔහු බුද්ධිමත් හා ඥානවන්ත උපදෙස් ලබා දීමට ප්‍රසිද්ධ වූ නමුත් අනාගතය ගැන අනාවැකි කීමටද ඔහු කැමති විය. 

    ඔහුගේ “ලෙස් අනාවැකි – Les Propheties” නම් ග්‍රන්ථයේ අනාගතයේදී සිදුවනු ඇතැයි ඔහු විශ්වාස කළ සිදුවීම් රාශියක් පුරෝකථනය කර ඇති බවක් පෙනෙන්නට තිබේ. 

    විචාරකයින් පවසන්නේ ඔහු පුරෝකථනය කළ බොහෝ දේ ඉතා අපැහැදිලි බවය. එබැවින් ඒවා සිදුවීම් රාශියකට පමණක් ගැලපේ. අනෙක් අය පවසන්නේ ඒ සියල්ල වැරදි පරිවර්තනය නිසා සිදුවී බවයි. 

    කොහොම වුණත්, ඔබ ඔහු ගැන අසා ඇත අතර ඔහු නියත වශයෙන්ම සෑම විටම ජනප්‍රිය ගුප්ත විද්‍යාඥන්ගෙන් කෙනෙකි.  

    නොස්ට්‍රඩමස් |  6 මෙතෙක් පැවති ශ්‍රේෂ් est තම ගුප්ත විද්‍යාව |  සෙස්ට්‍රඩාර්

    සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ‘මහර ඛේදවාචකය’ සමාජ හෘද සාක්ෂිය ප්‍රශ්න කිරීමට අවස්ථාවක්

    ‘මහර ඛේදවාචකය’ සමාජ හෘද සාක්ෂිය ප්‍රශ්න කිරීමට අවස්ථාවක්

    ඉහළ ඡායාරූපය – සිය ඥාතීන් දැක බලා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබිණි

    මහර බන්ධනාගාර ඛේදවාචකය, ශ්‍රී ලංකාවේ දක්නට ඇති වින්දිතයාටම වරද පැටවීමේ (Victim blaming) සංස්කෘතියේ තවත් දිගුවක් බව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරියක් වන අචලා සෙනවිරත්න පවසයි.

    “ඉතිහාසයේ සිට මේ දක්වාම මේ රටේ වෙලා තිබෙන දේ තමයි වින්දිතයාම සමාජය ඉදිරියේ තවදුරටත් වරදකරු වීම. අපරාධයකට ලක් වෙලා ඒ ගැන පැමිණිලි කරන්න පොලිස් ස්ථානයකට ගිය අවස්ථාවේ සිට අධිකරණය දක්වාම පීඩාවට පත්වෙන එකම පුද්ගලයා තමයි වින්දිතයා.”

    ඇය ඒ බව කියා සිටියේ මහර බන්ධනාගාරය තුළ හටගත් කලහකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අනුමත කරමින් රැඳවියන් සහ ඔවුන්ගේ ඥාතීන් දෝෂදර්ශනයට ලක් කර පළ වන අදහස් පිළිබඳ ප්‍රතිචාර දක්වමිනි.

    නොවැම්බර් 29 වෙනිදා මහර බන්ධනාගාරයේ රැඳවියන් වෙඩි තබා මරා දැමීම සාධාරණීකරණය කරමින් මේ දිනවල සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් අදහස් පළ වේ.

    ආණ්ඩුවට පක්ෂ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද සම්පූර්ණ වශයෙන් සිරකරුවන් මත වරද පැටවෙන අයුරින් ඉහත කී සිදුවීම වාර්තා කරන බවට ද චෝදනා එල්ල වේ. සිරකරුවන් එකිනෙකාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් බදාදා (දෙසැම්බර් 02) මාධ්‍ය වෙත මුදා හැර තිබිණි.

    මහර ඛේදවාචකය

    ඉහත කී තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් නීතිඥ අචලා සෙනවිරත්න වැඩිදුරටත් කියා සිටියේ, නීතියෙන් පරිබාහිරව අපරාධකරුවන් මරා දැමීම හෝ ඔවුන්ට වෙඩි තැබීම සාධාරණීකරණය කිරීම, “ම්ලේච්ඡ සමාජයක ලක්ෂණයක්” බවය.

    “එසේ කරන අතරේම මහා අපරාධවල යෙදුන, දූෂණ වංචා සිදු කරන, මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරන ඇතැම් ප්‍රබලයෝ වෙනුවෙන් මේ සමාජය පෙනී ඉන්නවා. ඒ අපරාධකරුවන් මහා අහිංසක චරිත විදිහට හඳුන්වමින් ඔවුන් නිදහස් කර ගන්න විශාල වශයෙන් හඬ නගනවා. ඇයි දේශපාලන බලයක් හෝ ධන බලයක් තිබෙන පුද්ගලයන් අහිංසකයන්ගේ ගොඩට දාලා, සුළු අපරාධ හෝ වැරදි පෙළඹවීමක් නිසා අපරාධකරුවන් බවට පත්වෙන මිනිස්සු මරල දැම්මොත් හොඳයි කියන මානසිකත්වයට සමාජය එන්නේ,” යනුවෙන් ඇය ප්‍රශ්න කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසන පරිදි කලහකාරී තත්ත්වය හටගත් අවස්ථාවේ මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් සංඛ්‍යාව 2,782 කි.

    ඉන් 582 දෙනෙකු දඬුවම් ලද සිරකරුවන්ය (අච්චු කළ). සෙසු 2,197 දෙනා විවිධ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකරුවන්ය.

    අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ ගැටුම මතුව ඇත්තේ රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකරුවන් අතර බවය.

    මහර ඛේදවාචකය

    යම් කිසි චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පමණින් ඔහු හෝ ඇය අපරාධකරුවෙකු යයි කිව නොහැකි බව නීතිඥ අචලා සෙනවිරත්න මේ අතර පෙන්වා දෙයි.

    අධිකරණ නඩු විභාගයකින් පසු අදාළ චෝදනාවලට වරදකරු වේ නම් දඬුවමක් වශයෙන් එම පුද්ගලයා බන්ධනාගාර ගත කෙරෙන බව කී ඇය, “මනුෂ්‍යයෙක් අපරාධකරුවෙකු වූ පලියට ඔහුට මනුෂ්‍යයෙකු නොවන විදිහට සලකන්න බැහැ. ඒ නිසා බන්ධනාගාරයක ඉන්න ඕනෑම පුද්ගලයෙකු දිහා බැලිය යුත්තේ මනුෂ්‍යයෙකු විදිහට. ඒක බන්ධනාගාරයේ ලියලම තිබෙනවා සිරකරුවොත් මනුෂ්‍යයෝය කියලා.” යනුවෙන් සඳහන් කරයි.

    මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් ෆේස්බුක් හි තැබූ සටහනක්
    මාධ්‍යවේදිනී රේඛා නිලුක්ෂි හේරත් ෆේස්බුක් හි තැබූ සටහනක්
    නාමල් අමරසිංහගේ කාටූනයක්
    නාමල් අමරසිංහගේ කාටූනයක්

    මහර බන්ධනාගාරය අසලට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් අතර වැඩි වශයෙන්ම සිටියේ කාන්තාවන්ය. ඔවුන් හඬා වැළපෙමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ දණින් වැටෙන ආකාරය දැක්වෙන ඡායරූප සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය. බන්ධනාගාරය ආසන්නයේ පදිංචිකරුවෙකු වන මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රී බීබීසී සිංහල සේවයට කියා සිටියේ රැඳවුම් භාරයේ සිටින සිය දරුවන් සහ ඥාතීන් “පණ පිටින් දැයි” දැන ගැනීමේ අපේක්ෂාවෙන් ඔවුන් එහි රැස්ව සිටි බවය.

    “මිනිස්සු ඇඬුවා, කෑ ගැහුවා. අඩු තරමේ අපේ ළමයි තුවාල වෙලාද, තාම ඇතුලේ ඉන්නවද, ඉස්පිරිතාලෙද, නැතිනම් මැරිලද කියන්න කියලා ඒ අම්මලා අඬ අඬා ඉල්ලුවා. නැතුව රැඳවියන් නිදහස් කරන්න කියල නෙමෙයි ඔවුන් ඉල්ලුවේ.”

    Achala Senewiratne

    මේ අතර නීතියේ සාධාරණත්වය අගයන සමාජයක් තුළ පුද්ගලයන්ට වෙනස් ලෙස සැලකීමට ඉඩක් නොමැති බව නීතිඥ අචලා සෙනවිරත්න පවසයි.

    “අම්මලා එතන හඬා වැළපෙන්නේ මව් සෙනෙහස නිසා. තමන්ගේ දරුවා හදා ගන්න බැරුව නොමග ගියාම වෙඩි කාලා මැරෙන එක හොඳයි කියලා සමාජ ජාල තුළ අදහස් පළ වෙනවා. අනෙක් අතින් අපේ රටේ පවතින නීති පද්ධතිය තුළ අපට නිශ්චිතවම කියන්න බැහැ වරදකාරයාම ද බන්ධනාගාර ගත වෙන්නේ කියලා. මේ මිය ගිය පිරිසෙන් බහුතරයක්ම නඩු අහලා ඉවර නැති රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුද්ගලයන්. ඒ කියන්නේ නඩු විභාගයකින් වරදකරුවෙකු හෝ අපරාධකරුවෙකු බව තීන්දු නොවුණු සැකකරුවන්.”

    “නමුත් අර මම කලින් කියපු ආකාරයේ ප්‍රබලයින් ඇස් පනාපිට නිදහස් වෙලා යනකොට ඒක හොඳයි කියමින් ඔවුන් වන්දනාමාන කරන අර කියන මිනිස්සුම තමා වැනි තවත් පීඩිතයෙක්ව පීඩාවට පත් කරන අතරේ තමන්ව පීඩාවට පත් කරන පාලක පන්තිය හෝ ප්‍රබලයින් ආරක්ෂා කරන්නත් කටයුතු කරනවා.”

    “ඒක නොදියුණු ගෝත්‍රික ආකල්ප සහ වහල් මානසිකත්වය සහිත සමාජයක ලක්ෂණයක් විදිහටයි මම දකින්නේ.”

    අවන්ත ආටිගලගේ කාටූනයක්
    අවන්ත ආටිගලගේ කාටූනයක්

    දේශපාලනඥයන්, බලධාරීන් සහ මාධ්‍ය ආයතන කී පමණින් යමක් පිළිනොගෙන ඒ පිළිබඳ බුද්ධියෙන් විමසා බලන අතරේ සිය අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීම ද පුරවැසියෙකුගේ වගකීම බව නීතිඥ අචලා සෙනවිරත්න වැඩිදුරටත් සඳහන් කළාය.

    මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 ක් ඝාතනය වීම සහ තවත් රැඳවියන් 115 දෙනෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර තිබේ.

    සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සහ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට එක් වූ සෙසු මානව හිමිකම් ක්‍රියාධරයන් අතර නීතීඥ අචලා සෙනවිරත්න ද වේ.

    උපුටා ගැනීම – බී.බී.සී. සන්දේශය

  • ධනවාදයේ නව නෝමල්සියා පෙරහැර

    ධනවාදයේ නව නෝමල්සියා පෙරහැර

    කෝවිඩ් වසංගතය නිසා ලෝකය ප්‍රති-ව්‍යුහගත විය. එනම් යළි සැකසිණ. නැතහොත් සැකසෙමින් පවතී. කෝවිඩ් සහිත ලෝකය කලින් තිබු ලෝකය නොව අලුත් හෝ වෙනස් එකක් ය. සෞඛ්‍ය, ආර්ථික, නිෂ්පාදන, වෙළඳපොළ, දේශපාලන, සමාජ, සංස්කෘතික, සාහිත්‍ය-කළා, අධ්‍යාපන කී නොකී සියලු ක්ෂේත්‍ර ඇතුළු සියලු මිනිස් සබඳතා පෙර ඒවා නොව අලුත් ඒවා ය.

    අලුත් ව්‍යවහාර මෙන්ම අලුත් වචන සහ සංකල්ප ද ආවේය. නව සාමාන්‍යතාව නැතහොත්නිව් නෝමල්සි (new normalcy) යනු එවැන්නකි. මා එය නව නෝමල්සියානු තත්ත්වය ලෙස නම් කිරීමට කැමතිය. මෙම ලිපිය තුළ මා උත්සහ කරන්නේ මේ නව නෝමලියානු තත්ත්වය එනම් නව සාමාන්‍යතාව පිළිබඳව අපගේ පාඨකයින් සමඟ වෙනත් කතාබහක් සිදු කිරීමට ය.

    බොහෝ අය සිතන්නේ නව නෝමල්සියානු තත්ත්වය වනාහි කෝවිඩ් නිමවුමක් බව ය. එසේම පළමු නව නෝමල්සියානු අවස්ථාව මෙය බවය. නමුත් මා සිතන දකින ආකාරයට අනුව නම් මිනිස් වර්ගයාගේ සකලවිධ ඉතිහාසයම නව නෝමල්සියානු තත්ත්වයන්ට මුහුණ දෙමින් ඉදිරියට ආ එකක් ය. මාක්ස් සහ එංගල්ස් ගේ කොමියුනිස්ට් ප්‍රකාශණය තුළ සඳහන්වන “මේ දක්වා වූ ඉතිහාසය පන්ති  සටන්වල ඉතිහාසයයි” යන්න ආකෘතිකමය වශයෙන් අනුකරණය කරමින් ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම ට මට සිතේ. එනම් ‘මේ දක්වා වූ මානව ඉතිහාසය නව නෝමල්සියානු තත්ත්වයන්ට මුහුණ දීමේ ඉතිහාසයි’ යනුවෙනි.

    මානව සමස්ථ ඉතිහාසය ම කල් ඇදුනු හෝ කෙටි කලකින් නිමා වී නැවත එළඹුන නව නෝමලියානු තත්ත්ව දාමයකින් යුක්ත වුවත් කාර්මික සහ කෘෂිකාර්මික විප්ලව වලින් පසුව, නව නෝමල්සියානු තත්ත්ව නිර්මාණය වන්නේ විශාල කාල පරතරයකින් තොරව ය.

    එනම් මේ විප්ලව වලින් පසුව ලෝකයේ ආර්ථික වෙළඳපොළ සමාජ සහ දේශපාලන වශයෙන් සිදුවීම් පෙළගැසෙන්නේ අධික වේගයකින් තරඟයට මෙන් ය. එසේම පශ්චාත් කාර්මික සමාජ ආර්ථික වෙළඳපොළ සන්දර්භයක් තුළ තොරතුරු තාක්ෂණයේ අරුම පුදුම වර්ධනය විසින් ලෝකය දිනපතා වෙනස් කරමින් නව නෝමල්සියානු තත්ත්ව දාමයක මානව සමාජය පටලවමින් සිටී. ඒ පසුබිමේ සත්‍ය කැලෑවැදී ඇත. ඒ වෙනුවට පශ්චාත් සත්‍ය සමාජය තොරතුරුවලින් සරුසාර වී ඇත. ඇත්ත සහ බොරුව අතර සියලු මායිම් අතුරුදහන් වී ඇත. එක්කෝ බොඳ වී ඇත.

    සාර්ව ආකාරයෙන් බලනවිට ඇතැම් නව නෝමල්සියානු තත්ත්ව බලවතුන් විසින් උපායිකව නිෂ්පාදනය කරන ඒවා ය. එසේ නිෂ්පාදනය කිරීමට මැදිහත්වන බලවතුන් එහි වගකීම සමස්ත මානව සමාජයම මත පටවන්නේ ‘මානව නිෂ්පාදනයක්’ (a human product) ‘මානවයින් විසින් නිෂ්පාදිත ආපදා’ (human made disasters) යන ලේබල අලවමින් ය. අප ඒ ලේබල් තීරණාත්මකව ප්‍රතික්ෂේප කළ යුතු ය. එහෙත් ඒ ලේබලවලට විරුද්ධවන මානව වාදීන් බුද්ධිමතුන් ඉතාම හිග ය. ඒ නිසා අප වඩාත් නිවැරදිව, ඒවා ‘බලවතුන්ගේ නිෂ්පාදන’ ‘බලවතුන් විසින් නිෂ්පාදිත ආපදා’ ලෙස නම් කරමු.

    මේ බලවතුන් තම බල-ධන-මානසික අරමුණු වෙනුවෙන් ලෝකය හෝ රටවල් ගෝලීයව හෝ ජාතිකව අවභාවිත කිරීමට වෙර දරන අය ය. මේ අය මහා ව්‍යසන හෝ ආපදා නිර්මාණය කොට ඉන් අසරණ වන ජනයාට,  මානව සමාජයට නියෝග කර සිටින්නේ, ඒ ව්‍යසන සමඟ ජීවත් වන ලෙස ට ය.

    කාර්මික විප්ලවය මානව සමාජය මත පතිතකළ පීඩනය, තැති ගැන්ම සහ අසරණකම බලවතුන් නම් කළේ මානව සමාජය පනින ලද යෝධ පිම්මක් ලෙස ය. එහෙත් එය කර්මාන්ත හිමියන් හාම්පුතුන් වෙළෙඳ බලවතුන් ලැබූ සමෘද්ධියක් මිස, කාර්මික විප්ලවය සමස්ත මානව සමාජයට සහ පෘථිවියට අත්පත් කර දුන්නේ ව්‍යසන පිට ව්‍යසන පැමිණෙන ඉතිහාස කතාවක් ය.

    කාර්මීකරණය, යන්ත්‍රකරණය, ස්වයංක්‍රීයකරණය, තොරතුරු තාක්ෂනය මගින් අසරණ වුණු, වීසි වී රැකියා අහිමිව හිඟමනට වැටුන, වැටුප් වහලුන් බවට පත් වුන, දිනකට පැය කීපයක්  තැන තැන වැඩකරමින් දෛනික වියදම් හොය කන, හැම අතකින්ම පරාරෝපණය වී මානසික ආතතීන් සහ ව්‍යාධීන් සහිත මිහිතලයේ අසරණයින් බවට පත් වුන, තිබෙනවා යැයි කියන සියලු පහසුකම් මැද පැය විසිහතරම මානසික පීඩනයකින් සිටින බිලියන ගණනකින් යුත් මානව සමාජයක් මිස, සුළුතරයකට හැර, අති බහුතරයකට එය ලබා දුන් සමෘද්ධියක් සහනයක් නැත.

    ඒවාට විරුද්ධ ව්‍යාපාර මතු වුනත් කාර්මික ධනවාදය, පශ්චාත් කාර්මික ධනවාදය, සහ එහි බලවතුන් පරාජය වුයේ නැත. එනම් නැවත කාර්මික විප්ලවයෙන් පෙර කාලයට යාමක් සිදු වුණේ නැත. සමහරු අලුත් තත්ත්වය මානවීයකරණය කර ගැනීමට තවමත් උත්සහ කරති.

    නමුත් සත්‍ය වශයෙන්ම කාට කාටත් කරන්නට සිදු වුණේ, කාර්මික විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස ඇතිවුණු දශලක්ෂ සංඛ්‍යාත හදිසි අනතුරු, මරණ, වසංගත, බො නොවන රෝග, මානසික ආතති, වෙළඳපොළ බලහත්කාරකම්, බහුජන සංහාරක ආයුධ සහ උපක්‍රමික තාක්ෂනය සහිත මිහිතලය කම්පාකරවන අති බිහිසුණු දැවැන්ත යුද්ධ සාමාන්‍ය දේවල් යැයි සලකමින් කාර්මික විප්ලවය විසින් ඇතිකළ මානව සහ පෘතුවි විරෝධී නව නෝමල්සියානු තත්ත්වයට අනුගත වී, තනි වී, තනි තනිව කෙසේ හෝ දිවි රැක ගැනීමේ ක්‍රියාවලියක නිරත වීමට ය. අප මේ මොහොතේත් කරමින් සිටින්නේ එය ය.

    එසේම එම නව නෝමල්සියානු තත්ත්වය අති දැවැන්ත වෙළඳපොළ ක්‍රියා දාමයකි. කෝවිඩ් නව නොමල්සියානු තත්ත්වය තුළ බලවත් වී ඇති වෛද්‍ය පරීක්ෂණ, නිරෝධායන, අත් සේදීමේ දියර, වෛරස් නාශක, මුව ආවරණ, ශරීර ආවරණ, ඖෂධ, ප්‍රතිශක්තිකරණ ක්‍රම, ඔන්ලයින් අධ්‍යාපනය, වැනි   කර්මාන්ත, වෙළඳපොළ, සහ මිලගණන් දෙස අවධානය යොමුකළහොත් මා පෙන්වන දෙය වටහා ගැනීම ඔබට පහසු වනු ඇත. මේ වෙළඳපොලේ දී බිලියන ගණනින් වූ ජනයා අසරණය, පීඩිත ය. විද්‍යාවේ දියුණුව කාර්මික විප්ලවය ‘මානව සංහතියේ නිර්මාණයක්’ නම් එහි වාසි සමස්ත මානව සංහතියටම නොලැබී සුළුතරයකගේ වාසියට පමණක් හේතු වී ඇත්තේ අර කිසිවක් අපේ නොවන නිසා ය. අපි ඒ හැම දෙයකටම පාවිච්චි වනවා පමණි.     

    ක්‍ෂුද්‍ර වශයෙන් බලන විට කෝවිඩ් නෝමල්සියානු තත්ත්වය තුළ පීඩාවට පත්වන අසරණයින් අපගේ අවධානයට ලක්විය යුතුය. කාර්මික විප්ලව නෝමල්සියානු තත්ත්වය හෝ නෝමල්සියාව තුළ මහා පරිමාණ කර්මාන්ත සහ වෙළඳපොළ විසින් අසරණ කළ සුළු පරිමාණ සහ තනි පුද්ගල කර්මාන්තකරුවන් සහ වෙළෙන්දන් තම ජීවනෝපාය සලසා ගත්තේ එක්කෝ දෛනික කුලීකරුවන් ලෙස ය. එක්කෝ සංචාරක තනි පුද්ගල භාණ්ඩ සහ සේවා සපයන්නන් ලෙස ය.

    මෙය තේරුම් ගැනීමට, පෝපි පෝපි හඬින් නලාව ශබ්ද කරමින් තැනින් තැනට ගිය  අයිස්ක්‍රීම් වෙළෙන්දන් මහා පරිමාණ අයිස්ක්‍රීම් කර්මාන්තය සහ වෙළඳාම විසින් අතුරුදහන් කළ ආකාරය මතකයට නගා ගන්න. මහන මැෂිමක් තියාගෙන ඇදුම් මැසූ ටේලර් උන්නැහේ, මහා පරිමාණ රෙඩිමේට් ඇගලුම් කර්මාන්තය සහ වෙළඳපොළ විසින් අතුරුදහන් කළ ආකාරය ද සිහියට නගා ගන්න. අපට ඒ අය ගැන මතයක් වත් ඉතුරු කොට නැත. ඔවුන් ගැන සෙවීම අමතක කර දැමුවේ ද මේ කියන කාර්මික සහ පශ්චාත් කාර්මික ධනේශ්වර නෝමල්සියානු තත්ත්ව විසින් ය.

    (ඒ වටහා ගැනීම මත පදනම්ව අද දවසේ අපේ රටේ ත්‍රීවීල් කරුවන් සහ මගී ප්‍රවාහණ සේවා සපයන්නන්, සංචාරක මාළු වෙළෙඳුන්, අනෙකුත් සංචාරක භාණ්ඩ-සේවා සපයන්නන්, දවසේ කුලියට වැඩ කරන ගෘහ සේවක සේවිකාවන්, වීදි වෙළඳුන්, සංචාරක සහ දෛනික කම්කරුවන්, ශ්‍රම සහ ශරීර විකුණන අය, ශාරීරිකව සමීප සේවා සපයන අය,  කෝවිඩ් නෝමල්සියානු තත්ත්වය තුළ අසරණ වී සිටින ආකාරය ද අප තේරුම් ගත යුතුය.)

    මේ ආකාරයට කාර්මික විප්ලවයෙන් පසු ඇතිවූ ලෝක යුද්ධ, රටවල්වල අභ්‍යන්තරික යුද්ධ, රටවල් අතර යුද්ධ, ජෛව අවි පරිහරණ, වෙළඳපොළවල් බෙදාගැනීම සඳහා වූ ජාවාරම්කාර සැඟවුණු යුද්ධ, වසංගත, බෝනොවන රෝග වලින් මිනිසුන් දශලක්ෂ ගණනින් මිය යෑම්, බිහිසුණු බහුජන සංහාර, න්‍යෂ්ටික අවි නිෂ්පාදනය, වායු ගෝලය උණුසුම් කිරීම, සොබාදහම දුෂණය කිරීම එනම් පාංශු දුෂණය, ජාල දුෂණය, වායු දුෂණය, ශබ්ද දුෂණය, අවකාශ දුෂණය, වන විනාශය යනාදී එකිනෙකට පෙළගැසුණු ව්‍යසන වල දී අපට ධනේශ්වර ක්‍රමය දෙන උපදේශය වන්නේ ඊට අවනතව අනුගත වී එළඹෙන නව නෝමල්සියානු තත්වයන්ට අනුව අසරණව පීඩිතව ජීවත්වන්න හෝ මිය යන්න කියා ය. අප වටහා ගත යුත්තේ බලවතුන් සුරැකෙන දුබලයින් මිය යන ඉරණමක් මිස, වෙන ක්‍රමයක් යෝජනා කිරීමේ වුවමනාවක් ධනේශ්වරයට සහ බලවතුන් ට නොමැති බවය. මේ වනාහි ධනවාදයේ නෝමල්සියාව  ය.

    ධම්ම දිසානායක

  • මරණ පරීක්ෂණ නිමාවන තුරු මහර රැඳවියන්ගේ සිරුරු ආදාහනය කරන්න එපා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

    මරණ පරීක්ෂණ නිමාවන තුරු මහර රැඳවියන්ගේ සිරුරු ආදාහනය කරන්න එපා – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

    මහර බන්ධනාගාරයේ සිරකරු උද්ඝෝෂණය සහ ඉන් අනතුරුව හටගත් ගැටුමට ප්‍රධාන වශයෙන්ම එහි පැවති තදබදය ඇතුළු කරුණු තුනක් හේතු වී තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

    “අපි එතැනට යන කොටත් එතැන කිසිම පිළිවෙලක්, ‘සිස්ටම්’ එකක්, තිබුණේ නෑ. එතැන දේවල් සිද්ද වෙන්නේ කොහොමද?, තීන්දු ගන්නේ කවුද? කියල කිසිම පිළිවෙලක් තිබුණේ නෑ,” මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණී මුත්තෙටුවේගම බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

    “ඇත්තටම එතැන තිබුණේ ‘පිස්සිගේ පලා මල්ලක්’ වගෙයි.”

    පසුව රිමාන්ඩ් රැඳවියන් විසින් මානව හිමිකම් කොමිසම වෙත සිය අදහස් ඉදිරිපත් කිරීම පිණිස 12 දෙනෙකු තෝරාගෙන තිබේ.

    “ඒගොල්ල හැමෝම එක හඬින් කීවේ, අපිව මෙහාට ගෙනාපු එක වැරදියි, අනික අපට ඇප දෙන්නේ නැති එක වැරදියි කියල.”

    ගැටුමට හේතු මොනවාද?

    රමණී මුත්තෙටුවේගම පවසන පරිදි,

    • අධික තදබදය
    • කෝවිඩ් රෝගය පැතිර යාම ගැන පැවති බිය සහ
    • එයට එරෙහිව පැවති උද්ඝෝෂණය

    රැඳවියන් 11 දෙනෙකුවත් මරා දමමින් මහර බන්ධනාගාරයේ හටගත් ගැටුමට හේතු වූ ප්‍රධාන කරුණු බව ඒ සම්බන්ධයෙන් ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයේ මූලික නිගමනය වී තිබේ.

    “වෙලා තියෙන්නේ කොරෝනා ප්‍රශ්නේ නිසා බන්ධනාගාර බලධාරීන් මේක ගැන ඩීල් කරන්න බයෙන් හිටියේ,” කොමසාරිස්වරිය සඳහන් කළාය.

    මහර රැඳවියන්ගේ උද්ඝෝෂණය

    ගැටුම් වැළැක්වීම පිණිස නිර්දේශ

    නොවැම්බර් 29 දින හටගත් ගැටුම පිළිබඳව නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මානව හිමිකම් කොමිසම එහි ගොස් කරන ලද විමසීම්වලින් අනතුරුව මූලික වාර්තාවක් නිකුත් කර තිබේ.

    මහර බන්ධනාගාරය ඇතුළු බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට වහාම පියවර ගත යුතු බව එම වාර්තාවේ දැක්වෙන එක් ප්‍රධාන නිර්දේශයකි.

    • සිරකරුවන්ගේ සෞඛ්‍යය හා ප්‍රතිකාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බන්ධනාගාරවලට නව පිරිස් ඇතුළත් කිරීමේදී සියලු දෙනා පීසීආර් පරීක්ෂාවකට ලක් කිරීම
    • සිරකරුවන් අතර ඇති බිය අවම කිරීම සඳහා වෛරසය ආසාදනය වූ සියලු සිරකරුවන්ට වෙනම ප්‍රතිකාර හා පහසුකම් සැලසීම ආදිය
    • මිය ගිය, තුවාල ලැබූ, රෝහල්ගත කළ සියලු සිරකරුවන් පිළිබඳ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නිවැරදි තොරතුරු ලබා දීම
    • සිරකරුවන්ගේ ආහාර, ජලය, විදුලි, ඖෂධ ඇතුලු සුබසාධනයන් අඛණ්ඩව ලබා ගැනීමට පහසුකම් සැලසීම

    මානව හිමිකම් කොමිසමේ අනෙක් නිර්දේශ අතර වේ.

    ‘මෙච්චර තදබදයක් කොහෙවත් දැකල නෑ’

    මහර බන්ධනාගාරය ඉදිරිපස

    “අනිත් සේරම පැත්තකට දැම්මත්, දැරිය නොහැකි මට්ටමේ සංඛ්‍යාවක් රඳවා තැබීම (overcrowding) ලොකුම ප්‍රශ්නයක්. මම කොයි තරම් ඔය වගේ තැන්වලට ගිහින් තියෙනවද ඒත් මෙච්චර තදබදයක් කොහෙවත් දැකල නෑ,” රමණී මුත්තෙටුවේගම කියා සිටියාය.

    “මහර රිමාන්ඩ් එකේ සිරකරු ධාරිතාව (capacitiy) 1000 යි, හැබැයි එතැන 2500 ක් ඉන්නවා. අනික මේ කෝවිඩ් කාලේ.”

    කොමසාරිස්වරිය පවසන්නේ, මානව හිමිකම් කොමිසම සහ ක්‍රියාධරයන් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා කෝවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මාසය අවසන් වනවිට බන්ධනාගාර ජනගහනය 30% කින් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළ නමුත්, සැප්තැම්බර් මාසය වනවිට යළිත් එම තීන්දුව වෙනස් කළ බවය.

    “බන්ධනාගාර බලධාරීන් කෙලින්ම කිවුව – ‘ඉන්න අයට PCR කරන්නෙත් නෑ, ඇතුළට එන අයට පීසීආර් කළෙත් නෑ’ – කියලා.”

    ‘සිරුරු පුළුස්සන්න එපා’

    ගැටුම අවස්ථාවේ සිදු වූ බව පැවසෙන තවත් බරපතල කරුණක් පිළිබඳව කොමසාරිස්වරිය අවධානය පළ කරන්නීය.

    “සමහර රැඳවියන් සඳහන් කළා සමහර ටවර්වල (මුර කුළුණුවල) ඉඳල වෙඩි තිබ්බා කියල. අපි තාම දන්නේ නෑ ඒක ඇත්තද? කියල ඒ නිසා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතුරු බලාගෙන ඉන්නේ,” රමණී මුත්තෙටුවේගම සඳහන් කළාය.

    “එහෙම කළා නම් ජීව උණ්ඩවලින් මිනිස්සුන්ට වෙඩි තියපු එක වැරදියි. ඒක අවම බලය නෙමෙයි.”

    රමණී මුත්තෙටුවේගම

    එබැවින් කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණද, පශ්චාත් මරණ පරීක්ෂණය නිමාවන තුරු මරා දැමුණු රැඳවියන්ගේ සිරුරු ආදාහනය නොකරන මෙන් මානව හිමිකම් කොමිසම ලිපියකින් බලධාරීන්ට දැනුම් දී තිබේ.

    “මොකද? ඒ මළ සිරුරු 11 තමා සාක්කියට තියෙන්නේ.”

    එම සිරුරු පුළුස්සා දැමීමේ සූදානමට එරෙහිව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉදිරිපත් කළ මෝසමක් විමසා බැලීමට අධිකරණය තීන්දු කර ඇතැයි ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    බන්ධනාගාර නිලධාරීන්ගේ මානව හිමිකම්

    මේ ගැටුමේදී රැඳවියන්ගේ හිමිකම් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානයට යොමු වුව ද බන්ධානාගාර නිලධාරීන්ගේ මානව හිමිකම් ගැන වැඩි අවධානයක් යොමු වී නොමැති බවත් මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.

    “මේකත් හරිම වැදගත්. බන්ධනගාර අධිකාරීවරයා සඳහන් කළා – ‘වැලිකඩින් රැඳවියන් 120 ක් අරගෙන එන්න එපා’ – කියල දනුම්දුන් බව.”

    “- ‘ඇයි අපි ගැන හිතන්නේ නැත්තේ, මගේ නිලධාරීන්ගේ ජීවිතත් අවදානමේ. එයාලටත් දැන් කොරෝනා හැදිල’ – කියල බන්ධනාගාර අධිකාරීවරයා කිවුව,” රමණී මුත්තෙටුවේගම සඳහන් කළාය.

    “ගොඩක් බන්ධනාගාර නිලධාරීන් හරිම තරහින් ඉන්නේ … ‘ටෙස්ට් කරන්න දෙන්නේ නෑ. මේ මිනිස්සුන්ට ඇප දෙන්නේ නෑ’ කියල එයාල කියනවා.”

    මහර බන්ධනාගාරයේ සිටි ඇතැම් රැඳවියන්ට පහසුවෙන්ම ඇප දිය හැකිව තිබුණ බවත් කොමසාරිස්වරිය සඳහන් කළාය.

    මව්වරුන්ගේ විලාපය

    ගැටුමෙන් අනතුරුව රැඳවියන්ගේ මවුවරුන් ඇතුළු ඥාතීන් මහර බන්ධනාගාරය වෙත පැමිණ වැළපුන ආකාරය සිහිපත් කරන ප්‍රගතිශීලී කාන්තා එකමුතුවේ නීතිඥ නිරූපා සේරසිංහ, “රැඳවියන්ගේ ජීවිතය ඉල්ලලා කාකි ඇඳුම් ගාව කකුල් දෙක අල්ලලා වඳින අම්මලා දැක්ක මේ රටේ ජනතාව කිවුවේ එහෙම පුත්තු හදපු අම්මලාට ඔහොම වෙලා මදි – ඒ අම්මලාටත් වෙඩි තියන්න ඕන කියල,” යනුවෙන් කියා සිටියාය.

    “අන්න එහෙම තැනකට මේ රටේ ජනතාව ගෙනිච්චේ මේ රටේ දේශපාලකයා,” යනුවෙන්ද නීතිඥ නිරූපා සේරසිංහ කියා සිටියාය.

    නීතිඥ නිරූපා සේරසිංහ
    රැඳවියන්ගේ ජීවිතය ඉල්ලලා කාකි ඇඳුම් ගාව කකුල් දෙක අල්ලලා වඳින අම්මලා දැක්ක මේ රටේ ජනතාව කිවුවේ එහෙම පුත්තු හදපු අම්මලාට ඔහොම වෙලා මදි – ඒ අම්මලාටත් වෙඩි තියන්න ඕන කියල”

    ගැටුම අවස්ථාවේ මතු වූ ඒ තත්වය ගැන අදහස් දක්වමින් රමණී මුත්තෙටුවේගම පවසන්නේ, “පවුල් දන්නේ නෑ කාටද අසනීප?, කවුද මැරුණේ? කියල. කිසිම දෙයක් දන්නේ නෑ.”

    “මේ මිනිසුන්ට හිතක් පපුවක් නැද්ද ? තමන්ගේ දෙමව්පියන් මතක් වෙන්නේ නැද්ද?,” යනුවෙන් ද ඇය ප්‍රශ්න කරන්නීය.

    වගකීම කාගේද?

    මේ අතර සිරකරුවන් මරා දැමීමට විරෝධය පාමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපස පැවැත්වීමට සැලසුම් කළ උද්ඝෝෂණයක් පොලිසිය විසින් වලක්වනු ලැබ තිබේ.

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ ‘ට්විටර්’ පණිවුඩයක දැක්වෙන්නේ ඒ සඳහා පොලිසිය මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන ඇති බවය.

    බන්ධනාගාර තුළ කෝවිඩ් 19 රෝගය පැතිරයාම වැළැක්වීම පිණිස පියවර ගන්නා මෙන් මාර්තු 16 වෙනිදා සිට තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත්, රජයෙන් එයට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැතිබව ‘සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ’ සභාපති නීතිඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.

    බන්ධනාගාරයේ හෝ රජයේ වෙනත් ආයතනයක අත්අඩංගුවේ පසුවන ඕනෑම පුද්ගලයකුගේ ආරක්ෂාව සහතික කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් කමිටුව අවධාරණය කරයි.

    මේ අතර ‘සමබිම’ පුවත්පතට ලිපියක් සපයමින් මාධ්‍යවේදිනී ජයනි අබේසේකර පවසන්නේ, දෙවැනි කෝවිඩ් රැල්ල පැතිරීම පාලනය කිරීමට නොහැකිවීම වටහාගත හැකි වුවත්, “රජයේ සම්පූර්ණ පාලනය යටතේ පවතින බන්ධනාගාර ආශ්‍රිතව කෝවිඩ් පැතිරීම පාලනය කර ගැනීමට නොහැකි වීමත් සිය සෞඛ්‍යාරක්ෂාව ඉල්ලා සිටි රැඳවියන් ඝාතනය කිරීමක් දක්වා වන තැනකට එය තල්ලු වීමත් සම්බන්ධයෙන් රජයට සහ බන්ධනාගාර බලධාරීන්ට සරල පිළිතුරක් නැති බව අවධාරණය කළ යුතුය,” යනුවෙනි.

    සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලිපිය
    සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලිපිය

    මනෝ සමාජයීය සහයෝගයක්

    බීබීසී සිංහල සේවය සමඟ වැඩිදුරටත් කරුණු දැක්වූ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණී මුත්තෙට්ටුවේගම, ගැටුම හේතුවෙන් දැඩි මානසික කම්පනයකට මුහුණ දී සිටින බව දක්නට ලැබෙන රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ද මානසික සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමේ වැදගත්කම අවධාරණය කළාය.

    “ඇතැමුන් හුස්ම ගැනීමේ අපහසුතා ගැන සඳහන් කළ අතර, ගැටුමේ දී හටගත් තුවාල ගැන තව සමහරුන් සඳහන් කළ,” බව මානව හිමිකම් කොමිසම නිකුත් කළ මූලික වාර්තාවේ දැක්වේ.

    “ගැටුමේ දී මියගිය ‘සහෝදරයන්’ ගැන අදහස් දක්වන්න සිරකරුවන්ට අපහසු වුනා. මේ ගැටුමේ දිගු කාලීන බලපෑම අවප්‍රමාණ කිරීමට නම් ඔවුන්ට මනෝ සමාජයීය සහයෝගයක් (psycho social support) ලබාදීම අත්‍යවශ්‍ය වේ,” යනුවෙන් ද වාර්තාවේ දැක්වේ.

    මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ‘විනිසුරුවන් නියෝජනය කරන ජාත්‍යන්තර කොමිසම’ (ICJ) ඒ සම්බන්ධයෙන් පූර්ණ, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කර තිබිණ.

    කෝවිඩ්-19 රෝගය වැළඳීම හේතුවෙන් ජීවිතය අහිමිවීමේ අවදානමට මුහුණ දී සිටින රැඳවියන් මෙන්ම සුළු වැරදි වෙනුවෙන් දඬුවම් ලබමින් සිටින සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද ICJ සංවිධානය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

    ඒ පිළිබඳව නොවැම්බර් 30 වෙනි දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිනී, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ, බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට ආණ්ඩුව දැනටමත් පියවර ගෙන තිබෙන බවය.

    කොරෝනාවෛරසය ආසාදිත සිරකරුවන් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබෙන බව කියා සිටි රාජ්‍ය ඇමතිනිය, කෝවිඩ් ආසාදිත සියලු සිරකාරියන් කන්දකාඩු පුනරුත්තාපන කඳවුර වෙත යොමුකරන ලද බවත් සඳහන් කළාය. ඇමතිනිය වැඩිදුරටත් කියා සිටියේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ සුලු වැරදි සඳහා අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ට ඇප ලබාදීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නගා ඇති බවය.

    සම්පූර්ණ උපුටා ගැනීම 2020 දෙසැම්බර් 03 වැනි දින බී.බී.සී සන්දේශය වෙබඅඩවියෙනි.

  • මෝදි ආණ්ඩුව ඉන්දීය ගොවීන් දැවැන්ත සමාගම්වල බිලිදීමට එරෙහිව ගොවීන් සටන් බිමට

    මෝදි ආණ්ඩුව ඉන්දීය ගොවීන් දැවැන්ත සමාගම්වල බිලිදීමට එරෙහිව ගොවීන් සටන් බිමට

    ලොකු මාළු කුඩා මාළු කනවා සේම, මහා ව්‍යාපාරිකයන්ද දැන් අපව ආහාරයට ගනු ඇතැයි‘‘ ඉන්දියාවේ අගනුවර වන දිල්ලියෙන් පිටත කඳවුරු බැඳ සිටින ගොවියෙකු වන රාකේෂ් වියාස් පවසයි.

    අසල්වැසි ප්‍රාන්ත වන පන්ජාබ් සහ හර්යානාහි වියාස් වැනි ගොවීන් දස දහස් ගණනක් දැන් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ රජය සමඟ දැඩි ගැටුමක පැටලී සිටින අතර වෙළඳපොල හිතකාමී නීති තුනක් අවලංගු කරන ලෙස ඉල්ලා සිටිති. 

    එකට ගත් කල, විවාදාත්මක ප්‍රතිසංස්කරණ මඟින් ගොවි නිෂ්පාදන විකිණීම, මිල කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ නීති ලිහිල් කරනු ඇත.දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගොවීන් නොසැලකිලිමත් නිදහස් වෙළඳපොලකින් ආරක්ෂා කර ඇති නීති ඉවත් වන බව මෙහි සරල අදහසයි.

    සතියකට ආසන්න කාලයක් තිස්සේ විරෝධතා දැක්වූ ගොවීන් සහ ඔවුන්ට සහාය දක්වන කණ්ඩායම්වලට පොලිසිය විසින් ජල සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර ඔවුන් දිල්ලි නගරයෙන් පිටතට පන්නා දමා තිබේ. මේ තත්ත්වය තුළ නගර සීමාවෙන්ටත  ගොවීන් කඳවුරු පිහිටුවා ගෙන ඇත.

     “මෙම විරෝධතාවය අද්විතීයයි. එය දේශපාලනය හෝ ආගම විසින් මෙහෙයවන දෙයක් නොවෙයි. ඇත්ත වශයෙන්ම දේශපාලනඥයන් ඊට ප්‍රතිචාර දැක්විය යුතුයි” යැයි ආහාර හා වෙළඳ ප්‍රතිපත්ති විශ්ලේෂක දේවින්දර් ෂර්මා (Devinder Sharma, a food and trade policy analyst) පවසයි.

    ඉන්දියාවේ ගොවීන් වසර ගණනාවක් තිස්සේ උණුසුම් වෙමින් සිටී. ඉන්දියානුවන්ගෙන් අඩකට වඩා ගොවිපලවල්වල වැඩ කරන නමුත් ගොවිතැන රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හයෙන් එකක් (6/1) පමණ වේ. 

    ඵලදායිතාව අඩුවීම සහ නවීකරණයේ ඌනතාවය දිගු කලක් තිස්සේ කෘෂිකර්මාන්තයේ ප්‍රගතියට බාධාවක් වී ඇත. . ගොවිතැනෙන් ලැබෙන ආදායම මෙන්ම බිම් ප්‍රමාණයද අඩු වෙමින් පවතී. මිල ගණන් දරුණු ලෙස අක්‍රමවත් විය හැකි අතර අතරමැදියන් කාටල් සාදමින් ලාභයෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගනී. 

    “දීර්ඝ කාලයක් තිස්සේ ගොවීන්ට සිදුවන අසාධාරණය පිළිබඳ කෝපය වැඩි වෙමින් පැවතුණා. නව නීතිවලට එරෙහි මෙම විරෝධතා සමග එය ශක්තිමත් ලෙස එළියට පැමිණ තිබෙනවා” යැයි ෂර්මා මහතා පවසයි.

    ඉන්දියානු ගොවියා
    ඉන්දියානුවන්ගෙන් අඩකට වඩා වැඩ කරන්නේ ගොවිපළවල ය

    ඉන්දියාවේ ගොවීන් පැමිණිලි නොකළ යුතුය

    රජය ඔවුන්ට නොමසුරුව සහනාධාර, ආදායම් බද්දෙන් නිදහස් කිරීම සහ බෝග රක්ෂණය ලබා දෙයි. බෝග 23 ක් සඳහා මිල ගණන් සහතික කර ඇති අතර ණය ගෙවීමට නොහැකි වූ විට ණය නිදහස් කරනු ලැබේ. 

    “මහා ව්‍යාපාර සමඟ ඍජුව ගනුදෙනු කරන ලෙස දැන් ආණ්ඩුව අපෙන් ඉල්ලා සිටිනවා. නමුත් අපි මෙය මුලින් ඉල්ලා සිටියේ නැහැ. ඉතින් ඔවුන් අපට මෙහෙම කරන්නේ ඇයි?” වියාස් මහතා ප්‍රශ්න කරයි.

    මෙම කෝපයේ මුල ඉන්දියානු ගොවීන් වෙළඳපල ප්‍රතිසංස්කරණ කෙරෙහි දක්වන ගැඹුරු අවිශ්වාසයයි.

    ඉන්දියාවේ ගොවීන් බොහෝ දුරට කුඩා ඉඩම් හිමියන් වන අතර ඔවුන්ගේ ආදායම අඩු අතර ඵලදායීතාවය ආන්තිකය. ඔවුන්ගෙන් 68% ක් සතුව අක්කරයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක් ඇත. භෝග සඳහා සහතික කළ මිල සහයක් ලැබෙන්නේ ඔවුන්ගෙන් 6% කට පමණක් වන අතර ගොවීන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් තම නිෂ්පාදන වෙළඳපොලේ විකුණති. 

    ගොවීන්ගෙන් අඩකට වඩා, ආර්ථික විද්‍යාඥයෙකුගේ වචනවලින් කිවහොත්, “විකිණීමට පවා ප්‍රමාණවත් නිෂ්පාදනයක් කරන්නේ නැත”. 

    ජනාකීර්ණ හා දුප්පත් උතුරු ප්‍රාන්තය බිහාර් හි අසීමිත පෞද්ගලික වෙළඳාමට ඉඩ දී ඇතත් එහි පෞද්ගලික ගැනුම්කරුවන් සිටින්නේ ස්වල්පයක් පමණි. කොන්ත්‍රාත් ගොවිතැන සඳහා ඉන්දියාවේ ප්‍රයත්නය ඉතා අශෝභන වන අතර ප්‍රධාන වශයෙන් සීමිත වෙළඳ බෝග කිහිපයක් පමණක් වගා කරයි.

    ගොවීන් විශාල පිරිසකගේ ආදායම අඩුවීම පුදුමයක් නොවේ. 2016 ආර්ථික සමීක්ෂණයට අනුව, ඉන්දියාවේ ප්‍රාන්තවලින් අඩකට වඩා ගොවි පවුලක සාමාන්‍ය වාර්ෂික ආදායම රුපියල් 20,000ක් (ඩොලර් 271ක්) විය. 

    “බොහෝ බෝග ගනුදෙනු දැනටමත් පෞද්ගලිකව තිබියදීත් ගොවීන්ගේ ආදායම එතරම් අඩු නම් ජනතාව වෙළඳපල කෙරෙහි විශ්වාස කරන්නේ කෙසේද?” ෂර්මා ප්‍රශ්න කරයි.

    බොහෝ ගොවීන් විශාල තොග වෙළඳපොළවල් හෝ මැන්ඩිස් වල නිෂ්පාදන අලෙවි කරති
    බොහෝ ගොවීන් විශාල තොග වෙළඳපොළවල් හෝ මැන්ඩිස් වල නිෂ්පාදන අලෙවි කරති

    දිගු කලක් තිස්සේ ගොවීන් තම භෝග රජය විසින් නියාමනය කරන ලද තොග වෙලඳපොලවල් 7,000ක හෝ රට පුරා “මැන්ඩිස් – mandis ” තුළ විකුණා ඇත. 

    ඒවා මෙහෙයවනු ලබන්නේ ගොවීන්, බොහෝ විට විශාල ඉඩම් හිමිකරුවන්, වෙළඳුන් හෝ “කොමිස් නියෝජිතයන්” යන අයගෙන් සමන්විත කමිටු විසිනි. ඔවුන් විකුණුම් තැරැව් කිරීම, ගබඩා කිරීම හා ප්‍රවාහනය සංවිධානය කිරීම සහ මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කරයි. නව ප්‍රතිසංස්කරණ මඟින් ගොවීන්ට මෙම වෙළඳපලවල් මත අඩු විශ්වාසයක් තබා ගැනීමට සහ ඔවුන්ගේ ආදායම වැඩි දියුණු කිරීමට පොරොන්දු වේ.

    නමුත් ගොවීන්ට එය ඒත්තු ගැන්වී නැත. 

    “අපට අපේ ඉඩම් අහිමි වේවි. ඔබ මහා ව්‍යාපාරිකයන්ට මිල තීරණය කිරීමට සහ බෝග මිලදී ගැනීමට ඉඩ දුන්නොත් අපට අපගේ ආදායම අහිමි වේවි. අපි මහා ව්‍යාපාරිකයන් විශ්වාස කරන්නේ නැහැ. නිදහස් වෙළඳපොලවල් වැඩි නියාමනයක් ඇති රටවල සාර්ථක විය හැකියි. නමුත් එමගින් දූෂිත වෙළෙදපොළ ක්‍රමයක් ඇති අපට යහපතක් විය නොහැකියි ” ගොවි උද්ඝෝෂණ ව්‍යාපාරයේ ප්‍රධාන නායකයෙකු වන ගුර්නාම් සිං චාරුනි පැවසීය.

    ඉන්දියාවේ ගොවිතැන ප්‍රතිසංස්කරණය කිරීම අතිශය සංකීර්ණ අභියෝගයකි.

    එක් අතකින්, ජනගහනයෙන් විශාල කොටසක් වන විශාල හා කුඩා ගොවීන් සහ ගොවිපලවල්වල වැඩ කරන ඉඩම් නොමැති අයට හොඳ ආදායමක් සහතික කළ යුතුය.

    මහාරාෂ්ට්‍රයේ ගොවීන් 2017 අඩු මිලට විරෝධය පළ කරමින් පාරට බැස ඇත
    ගොවීන් බොහෝ විට අඩු මිලට විරෝධය පළ කරමින් තම නිෂ්පාදන පාරට දමා ඇත

    අනෙක් අතට, ආහාර සුරක්‍ෂිතතාවය සහ ගොවිතැන පරිසරයට ඇති කරන බලපෑම පිළිබඳව බරපතළ ප්‍රශ්න තිබේ.

    උදාහරණයක් ලෙස පන්ජාබ්, හර්යානා සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල ගොවීන් භූගත ජලය ක්ෂය කරන තිරිඟු, වී සහ උක් වැනි සහනාධාර සහිත, ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බෝග නිපදවීමෙන් යම් ලාභයක් ලබා ගනිති.

    මේ අතර වැටුප් රහිත ගොවිතැනෙන් ඉවත් වන මිනිසුන් වැටුප් සහිත කර්මාන්තශාලා රැකියා වෙත යාමේ අභියෝගය ද ඇත. එහෙත් රැකියා කොහේද ? එවැනි විශාල වෙනසක් හුදකලා ප්‍රතිසංස්කරණවලින් තෘප්තිමත් කළ නොහැකි බව විශේෂඥයින්ගේ අදහසයි. විශේෂයෙන් කෘෂිකර්මාන්තය මත තවමත් රඳා පවතින රටක එය මහත් අභියෝගයකි.

    කොවිඩ්-19 වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා මෝඩි පාලනය පසුගිය මාර්තු මාසයේදී පැය හතරක දැනුම්දීමකින් ඉන්දියාවට අගුලු දැමූ විට, රැකියා විරහිත කම්කරුවන් මිලියන ගණනක් නගරවලින් පිටතට පැමිණ තම ගොවිබිම්වල රක්ෂාව සඳහා ආපසු ගියහ. අඩු ඵලදායිතාව තිබියදීත්, බොහෝ ඉන්දියානුවන්ගේ එකම ආරක්ෂාව තවමත් ඉඩම් බව මෙයින් පැහැදිලි වේ.

    ” ඔබ එය කළ යුත්තේ කෘෂිකර්මාන්තය සඳහා ආයෝජනය කිරීම සහ ක්ෂේත්‍රයෙන් බැහැර ජීවනෝපායන් නිර්මාණය කිරීමෙනි” යනුවෙන් සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය මේඛාල ක්‍රිෂ්ණමූර්ති පවසයි.

    දැන් පැහැදිලිව පෙනෙන දෙය නම් අගමැති නරේන්ද්‍ර මොදිගේ ගොවි ප්‍රතිසංස්කරණ දුර්වල ලෙස පිළිසිඳ ගත් බවයි. ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් උපදෙස් නොගෙන වසංගතයක් තුළට ඔවුන්ව තල්ලු කිරීම ඉන්දියාවේ ෆෙඩරල් සම්ප්‍රදායන්ට එරෙහිවෙ ගමන් කරයි. 

    යෝජිත විධිවිධානය තුළ පෞද්ගලික ගැනුම්කරුවන් සමඟ ඇති වන ආරවුල් විසඳීම සඳහා ප්‍රමාණවත් මාර්ග නොමැති බවට ගොවීහූ පැමිණිලි කරති. තවත් අය කල්පනා කරන්නේ විවෘත වෙළඳපොල පද්ධතියක් තුළ ගනුදෙනු සහ මිල ගණන් සොයා ගන්නේ කෙසේද යන්නයි. 

    මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති පවසන්නේ “මෙම නීතිවලට ප්‍රමාණවත් නියාමනයකින් සහාය නොදක්වයි. ඔබ සියලු ගැටළු වලට විසඳුම් ලබා නොදී ප්‍රතිසංස්කරණ ප්‍රකාශයට පත් කළ විට ඒවා අවිනිශ්චිතතාවයක් හා ව්‍යාකූලත්වයක් ඇති කරයි”

    ෂර්මා මහතා වැනි ප්‍රවීණයන් පවසන්නේ නම් කරන ලද තොග වෙලඳපොළවල් ඉවත් කිරීම වෙනුවට, රට ආවරණය කිරීම සඳහා ඒවා වඩා වැඩි ප්‍රමාණයක් තිබිය යුතු බවයි.

    සහතික කළ ආධාරක මිල ගොවියාට “නෛතික අයිතියක්” බවට පත් කළ යුතු බවත්, පුළුල් පරාසයක භෝග ආවරණය වන පරිදි ඒවා දීර්ඝ කළ යුතු බවත් ඔහු පවසයි. 

    උදාහරණයක් ලෙස කේරළය ගොවීන්ට නිෂ්පාදන පිරිවැය සහ එළවළු වර්ග දුසිමකට වඩා 20%ක ප්‍රමාණයක් ගෙවීමට තීරණය කර තිබේ. අවසාන වශයෙන්, ඉඩම් නොමැති ගොවීන්ට සෘජු ආදායම් ආධාර වැඩි කළ යුතුය. ඔවුන්ට දැන් මසකට රුපියල් 6,000 ක් ලැබේ.

    කතාවේ සදාචාරය නම් පාර්ශවකරුවන් හා දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඉන්දියානු කෘෂිකර්මාන්තයට ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. 

    “කෘෂිකාර්මික වෙළඳපොල ප්‍රතිසංස්කරණ දේශපාලනිකයි” මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති පවසයි. 

    “ඔබේ පිඟානේ ඇති ආහාර කිසි විටෙකත් ලෝකයේ ඕනෑම තැනක නිදහස් වෙළඳපොලක නිෂ්පාදනයක් නොවේ‘‘

    2020 දෙසැම්බර් 03 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • ලෝකය ගිනි ගන්න වසර ගැන විද්‍යාත්මක අනාවැකියක්

    ලෝකය ගිනි ගන්න වසර ගැන විද්‍යාත්මක අනාවැකියක්

    2020 වසර ලෝකය මුහුණ දුන් උණුසුම්ම වසර වනු ඇතැයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය World Meteorological Organization (WMO) උපකල්පනය කර ඇත.

    එහි තාවකාලික තක්සේරුව අනුව මෙම වර්ෂය 2016 සහ 2019 ට වඩා උණුසුම්ම වසර බවට පත්වනු ඇත.

    1850 දක්වා දිවෙන ගෝලීය වාර්තා වල උණුසුම්ම The warmest වසර 6 වාර්තා වී ඇත්තේ 2015න් පසුවය. වඩාත්ම කැපී පෙනෙන උණුසුම සයිබීරියානු ආක්ටික් ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියය් අංශක 5ඉහළ මට්ටමක පැවතුනි.

    වර්ෂය තවම අවසන් නොවන විට 2020 සඳහා වන උෂ්ණත්වය අප දන්නේ කෙසේද?

    දේශගුණික වාර්තාව සම්පාදනය සඳහා WMO විවිධ ගෝලීය දත්ත කට්ටල පහක තොරතුරු භාවිතා කරයි.

    ඉන්පසු ඒවා නවීන කියවීම් 1850-1900 අතර ගත් උෂ්ණත්වයන් සමඟ සංසන්දනය කරයි. මෙම මූලික අගය සමහර විට පූර්ව කාර්මික මට්ටම් Pre-industrial levels ලෙස හැඳින්වේ.

    මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා දත්ත ලබා ගත හැකි අතර, WMO පවසන්නේ 2020 මූලික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.2ක පමණ ඉහළ අගයක් ගන්නා (නමුත් 0.1C දෝෂයක් සහිතව) බවයි.

    දත්ත සමුදායන් පහ මගින් සිදුකළ විශ්ලේෂණ අනුව ඒ අනුව 2020 වසර උණුසුමින් අඩු වන්නේ 2016ට වඩා වන අතර 2019ට වඩා උණුසුමින් වැඩිය. (පෙර වර්ෂවල සමාන කාල පරිච්ඡේද සමඟ සැසඳීම් මත පදනම්ව)

    කෙසේ වෙතත් විද්‍යාඥයින්ගේ අපේක්ෂාව වන්නේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල උෂ්ණත්ව දත්ත මගින් 2020 තෙවන ස්ථානයට තල්ලු කිරීමට තරම් සිසිලසක් ලැබෙනු ඇති බවයි. එයට හේතුව පැසිෆික් සාගරයේ ලා නිනා කාලගුණික සිදුවීමක් වර්ධනය වී ඇති අතර මෙය සාමාන්‍යයෙන් උෂ්ණත්වය අවපාත කරයි.

    MAP
    දිගු කාලීන සාමාන්‍ය උෂ්ණත්වයේ විශාලතම වෙනස්කම් සයිබීරියානු ආක්ටික් ප්‍රදේශයේ දක්නට ලැබුණි

    එසේ තිබියදීත්, 2020 උණුසුම්ම වසර තුනෙන් එකක් ලෙස WMO විශ්වාස කරයි.

    “වාර්තාගත උණුසුම් වසර සාමාන්‍යයෙන් 2016 දී මෙන් ශක්තිමත් එල් නිනෝ සිදුවීමකට El Niño eventසමපාත වී තිබේ” යැයි WMO මහලේකම් මහාචාර්ය පෙටේරි තලස්  Prof Petteri Taalas පැවසීය.

    “අපි දැන් ලා නිනා  La Niña අත්විඳිමින් සිටිමු. එය ගෝලීය උෂ්ණත්වය කෙරෙහි සිසිලන බලපෑමක් ඇති කරයි. නමුත් මේ වසරේ තාපය සඳහා තිරිංගයක් දැමීමට එය ප්‍රමාණවත් නොවීය.”

    මෙම කුඩා උෂ්ණත්ව වෙනස්කම් වැදගත් ද?

    අයිස් බර්ග්

    පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ සාපේක්ෂව සමාන ගෝලීය උෂ්ණත්ව සංඛ්‍යාවක් ප්‍රාදේශීය මට්ටමින් සැලකිය යුතු වෙනස්කම් සඟවයි.

    2020 දී සයිබීරියාවේ සාමාන්‍යය උෂ්ණත්වයට වඩා 5C පමණ උෂ්ණත්වයක් දක්නට ලැබුණු අතර එය ජුනි 20 වන දින වර්කෝයාන්ස්ක් හි 38C කියවීමකින් අවසන් විය. මෙය ආක්ටික් කවයට උතුරින් ඕනෑම තැනක වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වේ.

    ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය යුරෝපයේ වාර්තා වූ උණුසුම්ම කාල පරිච්ඡේදයයි. නමුත් කැනඩාව, බ්‍රසීලය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු සමහර ස්ථාන සාමාන්‍ය මට්ටමට වඩා එය අඩු විය.

    සමස්තයක් ලෙස 2020 සංඛ්‍යාලේඛන මගින් මානව ක්‍රියාකාරකම් මගින් මෙහෙයවනු ලබන දේශගුණික උනුසුම් වීම අඛණ්ඩව පවතින බවට මතයක් තහවුරු කරයි. 2011 සිට 2020 දක්වා වූ දශකය තවමත් වාර්තා වී ඇති උණුසුම්ම දශකය වේ.

    වායුගෝලයේ උණුසුම් වායූන්ගෙන් ජනනය වන අතිරික්ත තාපයෙන් වැඩි ප්‍රමාණයක් අවසන් වන්නේ සාගරවල ය. මෙය මුහුදට අමතර පීඩනයක් ගෙන දෙන අතර ගෝලීය ජලයෙන් 80% ක් පමණ මේ වසරේ අවම වශයෙන් එක් සාගර තාප තරංගයක් අත්විඳිති. ගොඩබිමෙහි තාප තරංගවලට සමාන මෙම සිදුවීම්, සාගර ජීවීන්ට හා පරිසර පද්ධතිවලට විනාශකාරී බලපෑම් ඇති කළ හැකි අධික උෂ්ණත්වයකට දීර්ඝ කාලයක් නිරාවරණය වීම දකී

    පර්යේෂකයන් පවසන්නේ පසුගිය අවුරුදු 40 තුළ මෙම සිදුවීම් 20 ගුණයකින් වැඩි වී ඇති බවයි.

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය John Church පැවසුවේ “මානව දේශගුණික විපර්යාසයන්ගෙන් දේශගුණික පද්ධතිය තුළ එකතු වන තාපයෙන් 90% ක් පමණ සාගරයේ ගබඩා වී ඇති” බවයි.

    WMO හි මෙම නවතම යාවත්කාලීනය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ සාගර අඛණ්ඩව උණුසුම් වෙමින් පවතින බවත් ඉහළ වේගයකින් මුහුදු මට්ටම ඉහළ යෑමට දායක වන බවත්ය. මෙයින් අදහස් කරන්නේ දේශගුණික විපර්යාසයන් ඉදිරි දශක කිහිපය තුළ තවදුරටත් වෙනස් වීමට අපව පොළඹවන බවයි.

    අඛණ්ඩව උණුසුම් වීම

    යුරෝපයේ ගිම්හානය
    2020 දී යුරෝපයේ තවත් වාර්තාගත ගිම්හානයක් දුටු අතර එය සංචාරකයින්ට ජීවිතය අපහසුතාවයට පත් කළේය

    2020 අගෝස්තු දක්වා අයිස් ටොන් බිලියන 152 ක් පමණ අහිමි වූ ග්‍රීන්ලන්තය ඇතුළු ලෝකයේ බොහෝ රටවල උණුසුම අඛණ්ඩව ඉහළ යන බව WMO පවසයි.

    උතුරු අත්ලාන්තික් සුළි කුණාටු සමයේදී නම් කරන ලද කුණාටු 30 ක් ඇති වූ අතර, ඒවා ඊට පෙර පැවැති සිදුවීම් ගණන පිළිබඳ වාර්තාව බිඳ දැමීය.

    මේ වසරේ WMO විසින් සටහන් කරන ලද අනෙකුත් බලපෑම් අතර සයිබීරියාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරය සහ දකුණු ඇමරිකාව යන රටවල ලැව්ගිනි ඇති වූ අතර එමඟින් දුමාරය ලොව පුරා සංසරණය විය.

    අප්‍රිකාවේ සහ ගිනිකොනදිග ආසියාවේ ඇති වූ ගංවතුර හේතුවෙන් විශාල පිරිසක් අවතැන් වූ අතර මිලියන ගණනකගේ ආහාර සුරක්ෂිතතාව අඩපණ විය.

    මෙම වාර්තාවට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?

    WMO වාර්තාවේ සොයා ගැනීම් බොහෝ නිරීක්ෂකයින් පුදුමයට පත් නොකරනු ඇත.

    එක්සත් රාජධානියේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේව් රේ පැවසුවේ “ගෝලීය දේශගුණයේ තත්වය තව දුරටත් සැගවිය යුතු දෙයක් නොවන‘ බවයි.

    “පෘථිවියේ පිරිහෙන සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ මෙම වාර්ෂික යාවත්කාලීනයන් සෑම විටම අඳුරු කියවීමක් ඇති කරයි; මේ වසරේ පූර්ණ රතු අනතුරු ඇඟවීමකි. රස්නය වැඩිවීම, නියඟය සහ අධික ලැව්ගිනි යන සියල්ලම 2020 දී දේශගුණික විපර්යාසයන්ගේ උග්‍ර බලපෑම් ගැන කථා කරයි. තව දුරටත් හරිතාගාර වායු විමෝචන හා පෘථිවිය උණුසුම් වීම ඔවුන් පැරිස් දේශගුණික අරමුණු අපගේ ග්‍රහණයෙන් සදහටම ඉරා දමනු ඇත. ඉදිරි වසර කොවිඩ් -19 වෙතින් අප යථා තත්ත්වයට පත්වීම මගින් අර්ථ දැක්වෙනු ඇත. “

    සුළි කුණාටුව
    අයෝටා සුළි කුණාටුව නිකරගුවාවේ විනාශයට පත්විය

    පාරිසරික උද්ඝෝෂකයින් පවසන්නේ මෙම වාර්තාව යථා තත්ත්වයට පත් කිරීම, පශ්චාත් කෝවිඩ්, දේශගුණික විපර්යාස සහ පරිසරය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා හදිසි අවශ්‍යතාවයක් එක් කරන බවයි.

    “කොරෝනා වසංගතය 2020 දී සංවර්ධිත ලෝකයේ බොහෝ දෙනාගේ ලොකුම කනස්සල්ලට හේතු වී ඇතත්, දේශගුණික අවදානමට ලක්විය හැකි ස්ථානවල මිලියන ගණනක් දේශගුණික හදිසි අවස්ථා විශාලතම තර්ජනය ලෙස පවතින අතර කනගාටුවට කරුණ නම් දේශගුණය නිවැරදි කිරීම සඳහා සරල එන්නතක් නොමැති වීමයි‘

    නමුත් ක්‍රිස්ටියන් ඒඩ් Christian Aid හි ආචාර්ය කැට් ක්‍රාමර් පැවසුවේ මෙය හොඳ ආරම්භයක් වනු ඇති බවයි.

    “මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ රජයේ ආර්ථික ප්‍රතිසාධන පියවරයන් පොසිල ඉන්ධන ආර්ථිකයට fossil fuel economy හසු නොවී ශුන්‍ය කාබන් ලෝකයකට  zero-carbon world මාරුවීම වේගවත් කිරීමට ක්‍රියා කිරීම සහතික කිරීම කෙතරම් වැදගත් ද යන්නයි.”

    සොබාදහමට ඇති බලපෑම

    සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ Union for the Conservation of Nature (IUCN) නව වාර්තාවකට අනුව, ‘‘දේශගුණික විපර්යාස දැන් වඩාත්ම වැදගත් ලෝක උරුම ස්ථානවලට ඇති ලොකුම තර්ජනයයි.

    සාගර උෂ්ණත්වය ඉහළ යාම, ආම්ලිකකරණය හේතුවෙන් මහා බාධක පරය ඇතුළුව ලෝක උරුම 83 ක් දැන් තර්ජනයට ලක්ව ඇති බව අයි.යූ.සී.එන් පවසයි.

    එය පළමු වරට “විවේචනාත්මක – critical” දෘෂ්ටියක් ඇති බවට ශ්‍රේණිගත කර ඇත.

    2020 දෙසැම්බර් 03 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • දකුණු අප්‍රිකාවේ කළු LGBTQIA + ප්‍රජාව සැමරීම- සුපිරි ඡායාරූප එකතුව

    දකුණු අප්‍රිකාවේ කළු LGBTQIA + ප්‍රජාව සැමරීම- සුපිරි ඡායාරූප එකතුව

    ඉහළ ඡායාරූපය – “ජුලීල් අයි, පාක්ටවුන්, ජොහැන්නස්බර්ග්” (2016)

    “අපගේ පැවැත්ම, ප්‍රතිරෝධය සහ නොනැසී පැවතීම පිළිබඳව ලෝකයට දැන ගැනීම සඳහා මම දකුණු අප්‍රිකාවේ කළු දෘශ්‍ය ඉතිහාසයක් නැවත ලියමි” යනුවෙන් ශනෙලේ මුහෝලි Zanele Muholi පවසයි.

    කොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් ප්‍රමාද වූ ඡායාරූප ශිල්පියාගේ විශාලතම ප්‍රදර්ශනය බදාදා ලන්ඩනයේ ටේට් නූතන ගැලරියේ දී  (London’s Tate Modern gallery) විවෘත වේ.

    “අපි නොවැම්බර් මුල සිට සූදානම්” යැයි ටේට් ජ්‍යෙෂ්ඨ භාරකරු යසුෆුමි නකමෝරි (Yasufumi Nakamori) බීබීසීයට පැවසුවේ උද්යෝගයෙන්.

    “මැදිවියේ ජපන් ජාතිකයෙකු ලෙස, මුහෝලිගේ කෘතිවලට ප්‍රවේශ වීම මා ලෝකය දකින ආකාරය වෙනස් කළේය. මෙම ඡායාරූප එතරම්ම ලස්සනය … ගතිකය. නමුත් විෂයයන්ගේ ජීවන අත්දැකීම් සමානව වැදගත් වේ.”

    කැමරාවෙන් looking ත් වී සිටින පුද්ගලයාගේ ඡායාරූපය
    “Ntozakhe II, Parktown” (2016)

    මුහෝලි ඔවුන්ගේ කාර්යයන් දෘශ්‍ය ක්‍රියාකාරිත්වය visual activism ලෙස විස්තර කරයි.

    “ලලිත කලාව සඳහා ඡායාරූපකරණය භාවිතා කළ නොහැකි බව මම විශ්වාස කරමි. එය ගැඹුරට යා යුතුය,”මුහෝලි මීට පෙර බී.බී.සී සමග පැවසීය.

     “අපගේ අවකාශයන්හි සිදුවන අසාධාරණ ඕනෑම දෙයක් ගැන කථා කිරීමට අපි ඕනෑම ක්‍රමයක් භාවිතා කළ යුතුය.”

    කොණ්ඩය සහ කරාබු ලෙස අප්‍රිකානු පනා පැළඳ සිටින පුද්ගලයා.
    “කිනිසෝ අයි, ද සේල්ස්, ඩර්බන්” “Qiniso I, The Sails, Durban” (2019)

    ඔහු මෙම ඡායාරූප දකුණු අප්‍රිකාවේ කළු ජාතික කාන්තාවන්ට යටත් කර ඇති පරීක්ෂාව, ප්‍රචණ්ඩත්වය සහ කොන් කිරීම සංකේතවත් කිරීමට මුක්කු ලෙස භාවිතා කරයි.

    ඇඳුම් ඇඳ සිටින පුද්ගලයෙක්
    “බෙස්ටර් අයි, මයෝට්”Bester I, Mayotte (2015)
    කැඩපත දෙස බලන පුද්ගලයෙක්
    “බොනා, චාලට්ස්විල්”Bona, Charlottesville (2015)

    මුහෝලිගේ අනෙක් පුද්ගලයින්ගේ නිරූපණයන් සංකල්පනය කර ඇත්තේ සහයෝගීතාවයෙනි. බොහෝ විෂයයන් ඔවුන්ගේ බැල්මෙන් ඔබව නිවැරදි කරන අතර, ඔවුන්ගේම ලිඛිත සාක්ෂි ප්‍රීතිය හා ආත්මාර්ථකාමිත්වය සහිතව ඉදිරිපත් කරයි.

    දුනු ටයි සහ ස්ෙවටර් පැළඳ සිටින පුද්ගලයා
    “ලුන්ගයිල් ක්ලියෝ ඩැඩ්ලා, ක්වාමා, ප්‍රජා ශාලාව, උල්පත්, ජොහැන්නස්බර්ග්” (2011)
    ඉදිරිපස කැමරාවෙන් away ත් වී සිටින පුද්ගලයෙක් සහ පසුබිමේ මඩුවකි
    “බුසි සිගාසා, බ්‍රැම්ෆොන්ටයින්, ජොහැන්නස්බර්ග්” (2006)

    දකුණු අප්‍රිකාවේ දිවංගත කිවිදියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන සූසි සිගාසා  Busi Sigasa,වසර 25කට පෙර මෙසේ සදහන් කර ඇත.

    “මක්නිසාද යත් … ජාතීන්ට කියවීම සඳහා කතන්දර ලිවීම, බියෙන් තොරව සිටගෙන මගේ කතාව පැවසීම ය. මම විනිශ්චය නොකර සිනාසෙමින් ආචාර කළෙමි, රෝගීන්ට ධනාත්මක ජීවිතයක් ගත කිරීමට මම බලපෑම් කළෙමි. බලාපොරොත්තු රහිත අයට බලාපොරොත්තුවේ බීජ රෝපණය කළෙමි” යනුවෙන් එය ආරම්භ වේ.

    මුහෝලිගේ කාර්යභාරයත් බූසිගේ සිතුවිලිවලට සමාන වේ. වෙනත් තැන්වල, බොහෝ ඡායාරූප ප්‍රජාවේ වැදගත්කම ඉස්මතු කරයි.

    දෙදෙනෙක් බිම වාඩි වී සිටිති
    “කැට්ලෙගෝ මාෂිලෝනේ සහ නොසිෆෝ ලාවුටා, ලේක්සයිඩ්, ජොහැන්නස්බර්ග්” (2007)
    කළු ඇඳුම සහ රතු සපත්තු පැළඳ සිටින පුද්ගලයා
    “මිස් ඩිවින් II” “Miss D’vine II”(2007)

    “මුහෝලිගේ ප්‍රදර්ශනය නැරඹීමට ලන්ඩනයේ සිටින අප්‍රිකානු ඩයස්පෝරා ප්‍රේක්ෂකයින් මෙන්ම LGBTQIA+ people of colour ද ගෙන ඒම මගේ ආයතනික අභිප්‍රායයි. එක්සත් රාජධානියේ බ්ලැක් ප්‍රයිඩ් UK Black Pride විසින් අනුපූරක ප්‍රවේශ පත්‍ර 500 ක් බෙදා හැරීමට නියමිතය.”

    දිවියන් ඇඳ සිටින පුද්ගලයා
    “රොක්සි”Roxy” (2017)
    කළු සුදු තොප්පියක් පැළඳ සිටින පුද්ගලයා
    “යයා මාවුන්ඩ්ලා, පාක්ටවුන්, ජොහැන්නස්බර්ග්” (2014)

    කොරෝන වෛරස් සීමා කිරීම් හේතුවෙන් නරඹන්නන්ගේ සංඛ්‍යාව අඩුවීම නිසා Tate galleries මගින් රැකියා 300 කට වැඩි ප්‍රමාණයක් කපා හැරීමට පෙළඹී ඇති අතර, වෘත්තීය සමිති පවසන්නේ අඩු වැටුප් සහිත සහ කළු හෝ සුළු ජනවාර්ගික පසුබිමක් ඇති කම්කරුවන්ට අසමාන ලෙස බලපාන බවයි.

    එසේ නම්, මෙම චතුරස්රය ඇතුළත් කිරීම සඳහා එහි ප්‍රකාශිත කැපවීම සමඟ කටයුතු කරන්නේ කෙසේද? නැකමෝරි පවසන්නේ Tate galleries තරඟ සමානාත්මතා කාර්ය සාධක බලකායක් ඇති අතර “කම්කරුවන්, සහභාගිවන්නන් සහ ප්‍රේක්ෂකයින් සඳහා වඩාත් සමාන ඉඩක් ලබා දීමේ මෙම කාර්යය බැරෑරුම් ලෙස සලකයි.

    “පෙරටුගාමී සේවයේ නියුතු අඩු වැටුප් සහිත සේවකයින්, උදාහරණයක් ලෙස අවන්හල, ටේට් හි භාරකරුවන් කණ්ඩායමට වඩා විවිධාකාර බව ඇත්ත නමුත් මම හිතන්නේ එය වෙනස් වෙමින් පවතී.

    “ආයතනය තුළ මෙම සුදු-යුරෝපීය ආධිපත්‍ය සංස්කෘතිය වෙනස් කළ යුතු බව අපි හොඳින් දනිමු.”

    බී.බී.සී. වාර්තාවකි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • Covid-19: දේශීය ඖෂධයට අදාල යෝජනා මාලාව කඩිනමින් සැකසීමට විද්වත් කමිටුවක්

    Covid-19: දේශීය ඖෂධයට අදාල යෝජනා මාලාව කඩිනමින් සැකසීමට විද්වත් කමිටුවක්

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් කොවිඩි වෛරසයට එරෙහිව සොයා ගනු ලැබූ ඖෂධය ආසාදිතයින්ට ලබා දීමේ ක්‍රමවේදය සැකසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්වරුන්ගේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මැතිනියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොවිඩ් වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ මෙම ඖෂධය පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානයට යොමුවී ඇති බැවින්  ඖෂධයට අදාල ඉදිරි පර්යේෂණ කටයුතු රාජ්‍ය මට්ටමින් සිදු කරන ලෙසත්, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය  ද  ලබාදෙන ලෙසත් උපදෙස් ලබා දෙන ලදි.

    මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලොවටම ලබා දීමට නම්  ‍විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂන  සිදු කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පෙන්වා දෙන ලදි. ඒ අනුව මෙම ක්‍රමවේදය පිළිබද යෝජනා මාලාවක් සකස් කළ යුතු බව පැවසීය.

    එම යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සදහා විද්වත් කමිටුවක් පත් කරන ලද අතර, මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතීත්වයෙන් වන එම කමිටුවේ සාමාජිකයින් ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා, මහාචාර්ය සිසිර සිරිවර්ධන මහතා, මහාචාර්ය සරෝජ ජයසිංහ මහතා, මහාචාර්ය ලේකම්වසම් මහතා, මහාචාර්ය ජනක ද සිල්වා මහතා, මහාචාර්ය සෑම් කුලරත්න මහතා, මහාචාර්ය කමනි වනිගසූරිය මහත්මිය පත් කරන  ලදි.

    මෙම අවස්ථාවට ඖෂධය සකස් කල වෛද්‍ය ධම්මික බණ්ඩාර වෙද මහතාද, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,  සෞඛ්‍ය , දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

  • ලංකාවේ කොල්ලේ මානසික ලෙඩ්ඩු වුණේ ගංජා සහ ඉන්ටර්නෙට් නිසාද ?

    ලංකාවේ කොල්ලේ මානසික ලෙඩ්ඩු වුණේ ගංජා සහ ඉන්ටර්නෙට් නිසාද ?

    ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් අතර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින මානසික රෝගය ලෙස ‘Cannabis Induced Psychosis’ නමැති තත්ත්වය හඳුනාගෙන ඇති බව වවුනියාව රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි.

    එමෙන් ම, වත්මන් තරුණ පරපුර සීමාව ඉක්මවා ඉන්ටර්නෙට් වෙත නැඹුරු වීම ද මානසික ගැටලු වැඩි වීමට හේතු‍වක් වී ඇති බව වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දෙයි.

    වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවේ තරුණයන් වර්තමානය වන විට ගංජා, මත්කුඩු, මත්පෙති හා හෙරොයින් භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වී ඇති බව ය.

    එවැනි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මොළයට ඇති කරන අහිතකර බලපෑම් මත තරුණයන් දිනපතා මානසික රෝග වෙත ගොදුරු වී‍මේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

    මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මානසික රෝගවලට ගොදුරු වන තරුණයන් සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළ තුළ දිනෙන් දින ඉහළ යමින් පවතින බව ද වෛද්‍ය සන්නසූරිය සදහන් කළේ ය.

    මත්ද්‍රව්‍ය භාවිතයට අමතරව ඉන්ටර්නෙට් හා සමාජ ජාල වැරදි ලෙස භාවිතය තුළින් ද තරුණ පිරිස් වැඩි වශයෙන් මානසික රෝග වෙත ගොදුරු වීමේ අවදානමක් මතුව ඇති බව කී වෛද්‍යවරයා ඒ හේතුවෙන් මානසික ආතතිය, විශාදය, කාංසාව, භින්නෝන්මාදය වැනි තත්ත්වයන් විශාල වශයෙන් වාර්තා වන බව වෛද්‍යවරයා සඳහන් කළේ ය

    ඔහු පවසන පරිදි තරුණයන් අතර මානසික රෝග හට ගැනීමේ ප්‍රවණතාව වැඩි වීම හේතුවෙන් පවුල සහ සමස්ත සමාජය ම දැඩි අවුල්කාරී තත්ත්වයකට පත්ව ඇති අතර ඒ තුළින් සමාජීය හා ආර්ථික ගැටලු රැසක් පැන නැගී තිබේ.

    දෙමව්පියන් සහ තරුණ දරුවන් අතර සබඳතා දුරස්වීම, සම වයස් කණ්ඩායම්වල පෙළඹවීම, තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් සිදුවන විෂමාචාර ප්‍රචාරයන් සහ තරුණ කණ්ඩායම් තනි වීම වැනි කරුණු රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට වැඩි වශයෙන් බලපා තිබේ.

    ලෝක මානසික සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මානසික ගැටලුවලින් 50% ක ප්‍රතිශතයක් ආරම්භ වන්නේ, වයස අවුරුදු 14 කාල සීමාවේදී ය.

    Depressed man

    නිසි වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම, මානසික සෞඛ්‍ය සායන වෙත යොමු වීමට ඇති අකැමැත්ත, මානසික සෞඛ්‍ය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීම සහ නොදැනුවත්කම යන කරුණු හේතුවෙන් අදාළ රෝගී තත්ත්වයන් උත්සන්න වන බව වෛද්‍ය මයුර සන්නසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ

    “රටේ පවතින ආර්ථික ගැටලු, තරුණ විරැකියාව හා තරුණ කණ්ඩායම් අතර පවතින ‍නොයෙකුත් අපචාර ක්‍රියා හේතුවෙන් ද මානසික ගැටලු උද්ගත වී තරුණ කණ්ඩායම් ජීවිත අහිමි කර ගැනීමේ තත්ත්වයන්ට පවා පත්ව තිබෙනවා. තරුණ පිරිස් හෝ වෙනත් පිරිස් වෙත කිසියම් මානසික ගැටලුවක් පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම තුළින් මානසික රෝගී තත්ත්වයන්ගෙන් මිදීමට හැකියාව ලැබෙනවා” ඔහු අවසන් වශයෙන් දුන් උපදේශය යි.

    Text copied by bbc sandesaya