Category: සුපිරි Cases

  • Voice of People: කොවිඩ් නිසා අතරමංවූ ‘මැදපෙරදිග ශ්‍රමික විලාපය’

    Voice of People: කොවිඩ් නිසා අතරමංවූ ‘මැදපෙරදිග ශ්‍රමික විලාපය’

    අපේ එම්බසි එකෙන් අපිට උදවු කළේ නැහැ. එම්බසි එකේ අයටත් කොරෝනා කියලා ඊට පස්සේ ඔෆිස් එක වහගෙන ඉන්නවා. ගොඩාක් අය තාම මෙහේ අඬ අඬ ඉන්නවා. ගෑනු අයව හිරකරගෙන ඉන්නවා. ඒවා මාධ්‍යවල යන්නේ නැහැ

    මම ඒජන්සියටත් ගියා. එතැන දීත් මාව විකුණන්න කතා වෙනවා මට ඇහුණා. මම අසරණයි, එහෙම කරන්න එපා කියලා මම ඇඬුවා. කිසිම කෙනෙක් උදව්වට ආවේ නැහැ

    පිහියෙන් ඇනලා මාව මරණවා කියලා කියනවා. මම එම්බසි එකට යන්න දන්නේත් නැහැ, මාව ගෙනිහින් දාන්නේත් නැහැ. මේ වීඩියෝව දකින කෙනෙක් හරි මට එම්බසියට යන්න උදව් කරන්න. මාව කොයි වෙලාවේ මරලා දාවි ද කියලා මට බයයි.

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව කොවිඞ් ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට මුහුණදීමට සිදුවූ පාර්ශ්වයක් වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය. කොවිඞ් 19 ගෝලීය වසංගතයේ පැතිර යාමත් සමග විදෙස්ගත ශ්‍රමිකයෝ ගැටලු රාශියකට මැදිව සිටියහ.

    නැවත මව් රටට ඒමේ බලාපොරොත්තු සහිතව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින වැඩි පිරිසක් සිටින්නේ මැදපෙරදිග රටවලය. ඔවුන් නැවත මෙරටට රැගෙන ඒමේ කටයුතු වරින් වර පමා වෙමින් තිබී පසුගිය කාලයේ නැවතත් කණ්ඩායම් වශයෙන් රැගෙන ඒමේ කටයුතු ආරම්භ කර තිබුණි. එහෙත් මේ වන විට රට තුළින් හමුවන කොවිඞ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සමග විගමණික ශ්‍රමිකයන් ගෙන ඒම නැවතත් තාවකාලිකව නතර වූයේය.

    වසංගතය මධ්‍යයේ හිංසන

    “අපේ රටේ බලධාරීන් අපිව ගෙන්න ගන්නේ නැති බව දැන් මෙහේ අය දන්නවා. ඒ නිසා දැන් ඒ අය අපෙන් වෙනදාටත් වඩා වද වේදනා දිදී වැඩ ගන්නවා. අපේ වැටුප් පවා දුන්නත් එකයි නැතත් එකයි කියලා දැන් ඒ අය හිතනවා. ලාංකාවේ අයට කොවිඞ් හැදුණත් වැඩකරන ගෙවල් වලින් පැනඩෝල් පෙත්තක්වත් ලැබෙන්නේ නැහැ. එම්බසි එකෙන් බලන්නේත් නැහැ. අපිට මේ රට වලට එන්න රජයේ අනුග්‍රහය ලැබුණා වගේම මේ වෙලාවේ අපි වෙනුවෙන් පෙනී ඉන්න අපේ රටේ රජයට බැරි ඇයි. ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න මෙහේ ලංකාවේ මිනිස්සු දුක් විඳලා මැරිලා යනවා.” කුවේට් හි ගෘහ සේවයේ යෙදෙන ශ්‍රී ලාංකික කාන්තාවක් රාවයට පැවසුවාය.

    කොවිඞ් වසංගතයේ පැතිරීමත් ඒ හේතුවෙන් මව් රටට පැමිණීමට නොහැකි තත්ත්වයත් හමුවේ මැදපෙරදිග ගෘහ සේවයේ නියුතු බොහෝ සංඛ්‍යාවක් විගමණික ශ්‍රමිකයන් පත්ව තිබෙන්නේ ඉතා ඛේදනීය තත්ත්වයකටය. ඔවුන් බොහෝ දෙනා පවසන්නේ තානාපති කාර්යාල වලට දැන්වීමට ද නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවය, ඒ ඇතැම් කාර්යාල වසා දමා ඇති බවය, ඇතැම් දුරකථනවලට කිසිවකු පිළිතුරු නොදෙන බවය. ඒ බොහෝ ශ්‍රමිකයන් දැන් සිටින්නේ කිසිදු පාර්ශ්වයක පිළිසරණක් නොමැති තත්ත්වයකය. කෙසේ හෝ තමන් මෙරටට රැගෙන එන ලෙස සියලුදෙනාට ඔවුහු ආයාචනා කරමින් සිටින්නේ එබැවිනි.

    ඕමානයේ ගෘහ සේවයේ සිටින එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මීට දින කීපයකට පෙර හඬා වැළපෙමින් තම දුක්ගැනවිල්ල සමාජමාධ්‍ය ජාලවලට එක් කර තිබුණේ මෙලෙසය.

    මම ඕමානයට ඇවිත් අවුරුදු දෙකයි මාසයක් වෙනවා. මම වැඩ කරන ගෙදර මැඩම් මට එම්බසියට යන්න කියලා ගහනවා. කන්න දෙන්නේත් නෑ. කෑම ඉතිරි වෙන ඒවා මම කාවි කියලා, ඩස්ට්බින් එකට විසි කරනවා. බඩගින්නේ ඉන්න බැරුව මම තේ එකක් හදාගනිද්දී ඒකත් විසි කළා. පිහියෙන් ඇනලා මාව මරණවා කියලා කියනවා. මම එම්බසි එකට යන්න දන්නේත් නැහැ, මාව ගෙනිහින් දාන්නේත් නැහැ. මේ වීඩියෝව දකින කෙනෙක් හරි මට එම්බසියට යන්න උදව් කරන්න. මාව කොයි වෙලාවේ මරලා දාවි ද කියලා මට බයයි.”

    ඔවුන්ට යාන්තම් හෝ රැකවරණයක් තිබුණා නම් වසංගතය හමුවේ එම රැකවරණයන් ද දැන් අහිමිව ගොස්ය. මේ වන විට ඔවුන්ට කිසිදු පිළිසරණක් නොමැති බව දන්නා ඇතැම් හාම්පුතුන්ගෙන් දැන් ඔවුන්ට එල්ලවන හිරිහැර ද අසීමිතය.

    කබලෙන් ලිපට වැටීම්

    කුවේට්හි ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් දුරකථනය ඔස්සේ අපට පැවසුවේ ඇය සේවය කළ නිවසෙන් සිදුවූ හිරිහැර හේතුවෙන් ඇය එම නිවසෙන් පැන ගොස් කුවේට් හි මෙරට තානාපති කාර්යාලය වෙත ගිය බවය. එහි නිලධාරීන් තමන්ට වෙනත් නිවසක් සොයා දුන් බවත් එම නිවසේ හාම්පුතා වෙතින් ඇයට ලිංගික බලපෑම් එල්ල වූ බවත් ඇය පවසන්නීය. ඊට විරෝධය දැක්වූ විට ඇයට හාම්පුතා විසින් සඳහන් කර තිබුණේ ඇය ඒ වෙනුවෙන්ම තානාපති කාර්යාලයට ද දන්වා රැගෙන ආ බවය. ඇය එම නිවසෙන් ද පැන ගොස් අවසානයේ කිසිදු පිළිසරණක් නොමැතිව තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ රැකවරණය යටතේ මේ වන විට සිටින බව ඉකි බිඳිමින් කියන්නීය.

    “මම ඒජන්සියටත් ගියා. එතැන දීත් මාව විකුණන්න කතා වෙනවා මට ඇහුණා. මම අසරණයි, එහෙම කරන්න එපා කියලා මම ඇඬුවා. කිසිම කෙනෙක් උදව්වට ආවේ නැහැ.”

    ඇය ඇතුළු තවත් විශාල පිරිසකට නවාතැන් පමණක් නොව ආහාර වේලක් හෝ සොයා ගැනීමට නොහැකිව සිටින බව ඇය අප හා කීවාය. ඇතැම්විට නොමිලේ ආහාර සපයන ඉතා දිගු පෝළිම්වල බලා සිටියත් අවසානයේ කිසිදු අහරක් නොලබා සිටීමට සිදුවන බව ඇය පැවසුවාය. ඒ බොහෝ දෙනා මැදපෙරදිග රැකියා සොයා පැමිණ තිබුණේ තම පවුලේ ආර්ථිකය තම දෙවුර මත තබා ගනිමිනි. බොහෝ අයට පාසල් වියේ දරුවෝ වූහ. වයස්ගත, රෝගී දෙමාපියෝ වූහ. ඔවුහු ජීවත් කරවීමට මුදල් උපයා මෙරටට එවූ මේ විගමණික ශ්‍රමිකයන්ට අද ඒ කිසිවක් සිදුකරගත නොහැකි ව තිබෙන්නේය. මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මේ හේතුවෙන් මුහුණ දීමට සිදුව තිබෙන පීඩාවන් සුළු පටු නොවන්නේය.

    රෝගී තත්ත්වයට පත්ව කුවේට් හි සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයකට තම දුක්ගැනවිලි ඉදිරිපත් කරන ආකාරය පසුගිය දිනෙක සමාජ මාධ්‍යවලට එක් කර තිබුණි.

    මම මාස හතරක ඉඳලා රෝද පුටුවේ ඉන්නේ. අසනීප අය ඉක්මනට ලංකාවට ගන්නවා කිවුවත් අසනීප අය ඉද්දී සනීපෙන් ඉන්න අයත් ගෙන ගියා. අපිට ඉන්න තැනක් නැහැ. කන්න, අඳින්නවත් හරියට නැහැ. අපිට අවශ්‍ය බෙහෙත්වත් ගන්න විධියක් නැහැ. සනීපාරක්ෂක තුවා නැහැ. අපි අපේ ඇඳුම් ඉරලා සනීපාරක්ෂක තුවා විධියට පාවිච්චි කරවනවා. අපිට කිසිම කෙනකුගේ පිළිසරණක් නැහැ.”

    එම කණ්ඩායමේ එක් කාන්තාවක් කීවාය. ඒ බොහෝ දෙනාට තිබුණේ ඉතා දුක්ඛිත කතාන්දරය. ඔවුන්ට තිබූ එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මෙරටට නැවත ඒමට අවස්ථාවක් සලසා ගැනීමය.

    විදෙස්ගතව රැකියාවන්හි නියැලෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 48000ක් පමණ නැවත මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. කොවිඞ් වසංගතයේ පැතිරයාම සමග රැකියා අහිමිවීම්, වැටුප් කප්පාදු, ආහාර ඖෂධ නවාතැන් ආදී මූලික අවශ්‍යතා අහිමිවීමෙන් ද තවත් බොහෝ ගැටලු රාශියකට මේ බොහෝ ශ්‍රමිකයෝ මැදිව සිටිති. ඇතැම් පිරිස් මෙම වසර ආරම්භයේ දී තෙමසක් සඳහා වීසා ලබා රැකියා සොයා මැදපෙරදිගට ගිය පිරිස්ය. ඇතැම් අය මේ වන විට රැඳී සිටින්නේ පොදු උද්‍යාන, පාළු ගොඩනැගිලි ආදී ස්ථානවලය. ඩුබායි හි එලෙස උද්‍යානයක රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ඡායාරූප ද සහිතව එහි මාධ්‍යවේදිනියක් තම ට්විටර් ගිණුමේ මෙන්ම ‘ද ටෙලිග්‍රාෆ්’ වෙත මීට දින කීපයකට පෙර වාර්තා කර තිබුණි.

    පිහිටක් නැති තානාපති කාර්යාල

    ඒ අතර නීත්‍යානුකූල ලියවිලි රහිතව රැඳී සිටින ශ්‍රමිකයන් මුහුණ දී තිබෙන්නේ වඩා අවදානම් තත්ත්වයකටය. මෙම වසරේ අප්‍රේල් මාසය වන විට වීසා නොමැති සහ නීතිමය ගැටලු සහිතව කුවේට් හි සිටින විගමණික ශ්‍රමිකයන්ට මාසයක් තුළ කුවේට්වලින් පිටවන ලෙසත් එම කාල සීමාව තුළදී ඔවුන්ගේ ලියවිලි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බවත් එරටින් දන්වා තිබුණි.

    පිලිපීනය, බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල ගොඩක් අය ඒ වෙලාවේ මේ රටෙන් පිටත් වුණා. අපිටත් භාර වෙන්න කියලා තිබුණා, ඒත් ඒ වෙලාවේ එම්බසි එකෙන් ඒකට ඕනෑ ලියකියවිලි හදලා දෙනවා වෙනුවට පොලීසියෙන් ගෙන්නලා අපිට පහර දුන්නා. වීසා නැති, නීතිමය ප්‍රශ්න තියන අය ගොඩක් අය මෙහේ අසරණ වෙලා ඉන්නවා. අපිට රටෙන් පිටවෙන්න අවස්ථාව ලැබුණ වෙලාවේත් අපේ එම්බසි එකෙන් අපිට උදවු කළේ නැහැ. එම්බසි එකේ අයටත් කොරෝනා කියලා ඊට පස්සේ ඔෆිස් එක වහගෙන ඉන්නවා. ගොඩාක් අය තාම මෙහේ අඬ අඬ ඉන්නවා. ගෑනු අයව හිරකරගෙන ඉන්නවා. ඒවා මාධ්‍යවල යන්නේ නැහැ.”

    ඒ, නීතිමය ගැටලුවකට මැදිව එරටින් පිටවීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික තරුණයෙකි. ඔවුන් සියලුදෙනාට තම මවු රටට යෑමට ලබා දුන් අවස්ථාවේ දී මෙරට තානාපති කාර්යාලය ඒ සම්බන්ධව නිසි මැදිහත්වීමක් නොකළ බවට ඔවුහු චෝදනා කරති. එමෙන්ම සෑම අතින්ම පීඩනයට පත්ව සිටින අවස්ථාවක තානාපති කාර්යාලවල අය තමන්ට උපකාර කරනවා වෙනුවට තව තවත් පීඩාවට පත්වන ආකාරයේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ ඔහු විස්තර කළේය.

    මේ අතර කොවිඞ් වෛරසය ආසාධිතව කිසිදු ප්‍රතිකාරයක් ලබාගත නොහැකිව අසරණ තත්ත්වයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මැදපෙරදිග සිටින පිරිස් අපට පැවසූහ. ඒ බොහෝ දෙනා මේ වන විට සිටින්නේ ද කිසිවෙකුට උපකාරයක් කිරීමට හැකි තත්ත්වයක ද නොවේ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කිසිදු පාර්ශ්වයක් ද මේ වන විට නැත. කෙසේ වෙතත් කොවිඞ් ආසාධිත යැයි පීසීආර් පරීක්ෂණ වලින් තහවුරු වන අය මෙරටට රැගෙන එන්නේ ද නැත. රැගෙන එන අවස්ථාවල ගෙන එන්නේ ද කොවිඞ් ආසාධිත නොමැති බවට තහවුරු වන්නන් පමණි. මෙම වසර තුළ දී මැදපෙරදිග රටවල කොවිඞ් ආසාධිතව ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 68ක් මියගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත සඳහන් කරයි. ඒ, සවුදි අරාබි 30ක්, කුවේට් 17ක්, අබුඩාබි 8ක්, කටාර් 6ක්, බහරේන් 2ක්, ජෝර්දාන් 1ක් සහ ඕමාන් 4ක් ලෙසය. ඉන් 56ක් පුරුෂයන් වන අතර 12ක් ස්ත්‍රීන් බව එම කාර්යාංශය සඳහන් කරයි.

    ඉදිරි සැලසුම මොකක් ද

    මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවක් ආශ්‍රිත මෙරටින් විශාල කොවිඞ් ආසාධිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම සමග ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමන් ද තාවකාලිකව අවලංගු වූයේය. ඒ සමග එම ශ්‍රමිකයන්ගේ මව් රටට ඒමේ බලාපොරොත්තුව තවත් ඈතට ගොස් තිබේ.

    එවන් පසුබිමක මෙම ශ්‍රමිකයන් මැදිව සිටින ගැටලු සම්බන්ධයෙන් සහ ඔවුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන සැලසුම කුමක් දැයි අප ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වන මංගල රන්දෙණියගෙන් විමසුවෙමු.

    ‘විශේෂ ගුවන් යානා කීපයක් යවා කඩිනමින් ගෙන්වාගත යුතු අය පිළිබඳ අපි ලැයිස්තුවක් හැදුවා. ඒක ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කළා. කොවිඞ් කමිටුවෙනුත් අනුමැතිය ඊට ලැබී තිබුණා. ඒ සියල්ල සූදානම් කර තිබිය දී අවාසනාවන්ත ලෙස ලංකාව ඇතුළේ මේ කොවිඞ් දෙවන රැල්ලක් මතු වුණා. දේශීය වශයෙන් දැනට තිබෙන මානව හා භෞතික සම්පත් ලංකාවේ ඇතුලේ ඉන්න අය වෙනුවෙන් යොදවන්න සිදුවුණා. ඉදිරි දින කීපය තුළ ආසාදිතයන්ගේ ප්‍රමාණය වැඩි වෙයි ද පීසීආර් හා රෝහල්වල ඇඳන් ප්‍රමාණය මදි වෙයි ද නිරෝධායන ස්ථානවල ප්‍රමාණය මදි වෙයි ද වැනි දේ පිළිබඳ සති දෙකක් පමණ ඉදිරියට බැලීමට සිදුවන නිසා ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යොදවා තිබූ සියලු විශේෂ ගුවන් යානා ජාතික කොවිඞ් කමිටුව විසින් තාවකාලිකව නවතා දැමුවා. කෙසේ වෙතත් ඉදිරි සති දෙක තුන නිරීක්ෂණයටන්ට අනුව ගන්නා ඊළඟ පියවරක් තිබෙනවා. ඒ අනුව ගෙන්වා ගැනීම වෙනත් ක්‍රමයකට සැලසුම් කිරීම සම්බන්ධයෙන් දැනට සාකච්ඡා සිදුවෙනවා.”

    රජයේ ප්‍රකාශකයෙකු අපට පැවසුවේ ගෙන්වනවා ගැනීම් සම්බන්ධයෙන් දැනට ලංකාවේ ක්‍රියාත්මක වන ඉහත කී ක්‍රමවේදය වෙනස් කර නිරෝධායන කටයුතු ආදියෙහි වගකීම එම පුද්ගලයන්ට ගැනීමටත්, සියලු ආසාධිතයන් රෝහල්ගත කිරීම වෙනුවට ඇතැම් රටවල සිදුවන ආකාරයට රෝග ලක්ෂණ සහිත පිරිස් පමණක් රෝහල්ගත කිරීම වැනි ක්‍රියාවලියකට මාරු වීමට ඉදිරි දිනවල තත්ත්වය සලකා බලා තීරණ ගනු ඇති බවය.

    රටේ වගකීම ඉටු කරන්න

    සුරංගනා කතා කියලා මේ රටවලට එවන ඒජන්සිවල අය අපි මෙහාට ඇවිත් භාරදුන්නාට පස්සේ හොයන්නේවත් නෑ. හැමදාම අපේ රටේ කාන්තාවෝ මෙහේ ආවාට පස්සේ දුක් විඳිනවා. කිසිම පිහිටක් නෑ. දැන් මරුවා පෙනි පෙනී අපිට මෙහේ බලාගෙන ඉන්න වෙලා තියනවා. අපෙන් කොරෝනා එනවා කියලා කිවුවාට දැන් රට ඇතුලේ කොරෝනා ඇති වෙනකම් ඒ අය දන්නේ නෑ. චීනේ අයට කිසිම නීතියක් නැතිව රටට එන්න දුන්නා. අපිත් චීනයට ගිහින් චීනය හරහා ලංකාවට එන්න ඕනෑ ද. චීනයේ අයට එක විධියකටත් අපිට තව විධියකටත් සලකන්නේ ඇයි. කවදා වෙනකම් මේ අය මේ විධියට රඟපාවි ද. පහුගිය කාලයේ පළමු තැන දීලා තිබුණේ ඡන්දයට. මෙහේ ලාංකිකයෝ කාන්තාරයේ වැළලෙද්දී අපි ගෙන්වා ගන්න ඔනෑ කමක් තිබුණේ නැහැ.”මව් රටට ඒමට කුවේට්හි බලා සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් කියන්නීය.

    එපමණක් නොව රටෙහි පුරවැසියන් වන මෙම විගමණික ශ්‍රමිකයන් රැකගැනීමේ වගකීම මෙරටට තිබෙන්නේය. ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ගෙන් මෙරටට වාර්ෂිකව ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩි විදේශ විනිමය වටිනාකමින් ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන්නේ මැදපෙරදිග සේවා නියුක්තිකයන්ගෙනි. එසේ වුව ද මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවන බව නම් පෙනෙන්නට නැත. වරින්වර විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් විවිධ ප්‍රතිපත්ති යෝජනා ආදිය මතු වුව ද තවමත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙරට රජය කෙතරම් දුරට මැදිහත් වෙනවාද යන ගැටලුව තිබෙන්නේය. ■

    මෙම සම්පූර්ණ ලිපිය 2020 ඔක්තෝබර් 25 වැනි දින ‘රාවය‘ ඊ පුවත්පතට ඉඳුනිල් උස්ගොඩ ආරච්චි විසින් සම්පාදිත එකකි. කොවිඩ් සමයේ ජනතා ප්‍රශ්න බලධාරීන්ගේ සහ සමාජයේ දැඩි අවධානයට යොමු කළ යුතු නිසා මෙම ලිපිය සම්පූර්ණයෙන්ම උපුටා ගෙන කිසිදු සංස්කරණයකින් තොර පළ කරන ලදි. ප්‍රධාන සංස්කාරක

  • Covid-19 සහ කටුනායක BOI කම්කරුවන්ගේ වේදනාව: ‘මෙහෙම ගියොත් වහ කන්න තමයි වෙන්නේ’

    Covid-19 සහ කටුනායක BOI කම්කරුවන්ගේ වේදනාව: ‘මෙහෙම ගියොත් වහ කන්න තමයි වෙන්නේ’

    කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් සහ මෑන්පවර් සේවකයින් කෙරෙහි බලපාන හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ලෙස එම සේවකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ වෘත්තීය සමිති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.

    අනිවාර්ය ස්වයං නිරෝධායනය වෙත යොමු කරනු ලැබ ඇති සේවකයන්ට හදිසි සහන සලාක, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබා දීම, මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව COVID-19 නිසා රැකියා අහිමිවූ හෝ රැකියා කිරීමට නොහැකිව සිටින නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන් සඳහා රුපියල් 10,000 සෞඛ්‍ය දීමනාවක් ලබා දීම ඉහත කී සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීම්වලට ඇතුළත් වේ.

    ඉහත කී සංවිධාන සහ වෘත්තීය සමිති විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙන සෙසු ඉල්ලීම්:

    පසුගිය මාර්තු මස අගුළු දැමීම සමග ගම්බිම් බලා පිටත්ව යාමට සැරසෙන නිදහස් වෙළෙද කලාප සේවකයින් පරීක්ෂාවට ලක් කරමින්.
    • කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සහ ඒ අවට සේවය කරන මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව සියලුම කම්කරුවන් සඳහා PCR පරීක්ෂණ සිදු කිරීම;
    • COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන සියලුම රජයේ නිරෝධායන පහසුකම් සහ රෝහල් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලවන බව සහතික කිරීම.
    • නේවාසිකාගාරවල හෝ කර්මාන්ත ශාලාවල කිසිවෙකු COVID ආසාදිත බව හෝ රෝග ලක්ෂණ තිබෙන බව පෙන්නුම් කරන්නේ නම් සහ රජයේ ප්‍රතිචාර සහ හදිසි සම්බන්ධතා පිළිබඳ විස්තර ඇතුළුව අවදානම් සන්නිවේදනය සඳහා නිරන්තර ප්‍රවාහයක් පවත්වා ගැනීම. සියලුම සන්නිවේදනයන් සිංහල හා දෙමළ භාෂාවෙන් ලබා දී ඇති බවට සහතික වීම.
    • නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යන කම්කරුවන්ට, අනිවාර්ය ස්වයං නිරෝධායනයක දී සහ / හෝ අගුලු දැමීමේදී වැඩට යාමට නොහැකි වූ අයට වන්දි ලබා දීම.
    • ඒකාබද්ධ කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කරන ලද අගුලු දැමීමේදී වන්දි ගෙවීම පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ප්‍රසිද්ධ කිරීම සහ බලාත්මක කිරීම.
    • කර්මාන්තශාලා විවෘත කර ඇති විට හා වැඩ කිරීමට වාර්තා කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින විට රජයේ සෞඛ්‍ය බලධාරීන් හරහා ආරක්ෂක රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම.

    ලංකා බැංකු සේවක සංගමය (CBE), ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CFTU), ලංකා කාර්මික සේවක සංගමය (CIWU), ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU), ලංකා ගුරු සංගමය (CTU), දාබිඳු සාමූහිකය, කටුනායක විමුක්ති ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS), ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), කටුනායක ශ්‍රමාභිමානී කේන්ද්‍රය, සීදූව ලංකා නැගී සිටිමු ව්‍යාපාරය සහ කටුනායක එක්සත් කම්කරු සංගමය (UFL) යන වෘත්තීය සමිති සහ සංවිධාන අදාළ ලිපියට අත්සන් තබා ඇත.

    කටුනායක නිදහස් වෙළඳ කලාපය

    ශ්‍රී ලංකාවේ COVID-19 දෙවෙනි අදියරේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දහස් ගණනක් කම්කරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පවසන වෘත්තීය සමිති සහ සංවිධාන මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ විශාල පොකුර මේ වන විට කටුනායක ඇතුළු අනෙකුත් නිදහස් වෙළෙඳ කලාප (FTZ) වෙත වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව ඉහත කී ලිපියේ දක්වා ඇත.

    “හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල දැනට නිරෝධායනය කරනු ලබන කම්කරුවන් 1000 කට වැඩි පිරිසකට අමතරව, බොහෝ කම්කරුවන්ට තම නේවාසිකාගාර සහ බෝඩිං ස්ථාන තුළ ස්වයං නිරෝධායනය වන ලෙස පවසා තිබේ,” යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.

    වැඩිදුරටත් කරුණු දක්වන එම සංවිධාන සහ වෘත්තීය සමිති, “කම්කරුවන් නවාතැන්වලින් ඉවතට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට නේවාසිකාගාර හිමියන්ට පොලීසිය විසින් අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, මෙම කම්කරුවන්ට නිසි පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී නොමැති නිසා, ඔවුන්ට ආහාර සහ ඖෂධ ඇතුළු මූලික අත්‍යවශ්‍ය දෑ ගබඩා කර ගැනීමට නොහැකි වී ඇති අතර, එබැවින් ඔවුහු දිවි ගලවා ගැනීමේ අරගලයක නියැලී සිටිති,” යනුවෙන් ද පවසති.

    “මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ඉස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා දෙන දෙයක් කාලා ඉන්න තිබුණා. දැන් අපිට කර කියාගන්න දෙයක් නෑ. වැඩ තියෙයි කියලා හිතාගන්නවත් බෑ. බෝඩිමෙන් එළියට යන්නත් නෑ. හැමදාමත් කාමරයෙන් කාමරේ අනිත් අයගෙන් මොනව හරි ඉල්ගෙගෙන කන්න තමයි වෙලා තියෙන්නේ. දැන් දැන් අනිත් අය කාමරේ දොරවල් අරින්නෙත් නැහැ. ඇත්තටම ඒ ළමයින්ටත් නැතිකොට කොහොමද තවත් උන්ව බලාගන්නේ. ගෙදර යන්න විදිහකුත් නැහැ. කවුරුවත් අපි බාර ගන්න ලෑස්ති නැහැ .මෙහෙම ගියොත් වහ ටිකක් කන්න තමයි වෙන්නේ,” කටුනායක ඇවරිවත්තේ ස්වයං නිරෝධායනයේ සිරවී සිටින මෑන්පවර් සේවකයෙකු පැවසුවේ යයි ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

    Text copied by bbc sandesaya

  • ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්ති: රට සුපිරි බලවතුන්ගේ පොරපිටියක් වේද?

    ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්ති: රට සුපිරි බලවතුන්ගේ පොරපිටියක් වේද?

    ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්ම යිකල් ආර්. පොම්පියෝ මහතා  හෙට (27) ලංකාවට පැමිණෙන අතර ඔහු දින දෙකක් (27-28) ලංකාවේ ගත කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

    විදේශ අමාත්‍යාංශයට අනුව  මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා නායකයින් සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ඇත. දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.

    එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වෙයි.

    එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සමග ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ගැන දැඩි සංවාදයක් මේ වන විට සමාජය තුළ සිදුවෙමින් පවතී. මෙම ලිපිය ඒ ගැන සිදුකෙරෙන ගැඹුරු විමසුමකි.

    + + + +

    පළමු වෙඩිමුරය එල්ල කරන ලද්දේ නව දිල්ලියෙනි. අගමැති නරේන්ද්‍ර මෝදි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ සමාන පදවියෙහි සිටින්නාට (Counterpart) සුබ පතන අතරවාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාවට නැංවිය යුතු බව දැනුම්දුන්නේ එය අනිවාර්ය කොන්දේසියක් බව හැඟෙන ස්වරයකිනි.

    ”අසල්වැසියාට ප්‍රමුඛස්ථානය” යන ඉන්දියානු කොන්දේසිය කොළඹ විදේශ ප්‍රතිපත්තියට අදාළ න්‍යාය පත්‍රයේ පහළ ස්ථානයකට විතැන්ව බොහෝ කල්ය. එමගින් රෝපණය කෙරුණු අනිවාර්ය බලාපොරොත්තුව සහ ඊටම ඈඳුන ප්‍රතිවිපාකය පරිදි චීනයේ ඉහළ මට්ටමේ දූත මණ්ඩලයක් ශ්‍රී ලංකාවේ පය තබද්දී, අගමැති මෝදිගේ ප්‍රකාශය කෙරී ගෙවී තිබුණේ දින කීපයක් පමණි.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියෙෂි ප්‍රමුඛ දූත මණ්ඩලයක් වහාම කොළඹ නායකත්වය හමුවිය. එපමණක් නොව, කොරෝනා නිරෝධායන කොන්දේසි පවා නොතකා හරින ලද බවට නැගුණු විවේචන හමුවේ පැය දහඅටකට පමණක් සීමාවූ එම හදිසි සහ වෙහෙසකාරී සංචාරයේ දී දී රුපියල් බිලියන 16.5 ක (යුවාන් මිලියන 600) මූල්‍ය ආධාරයක් සැපයීමට ද චීනය පරිත්‍යාගශීලී විය.

    ඉන්දීය උප මහාද්වීපයේ කුඩා දිවයින සතු මූලෝපායික පිහිටීම ඉන්දියානු සහ ශාන්තිකර සාගර කලාපයන් ඉක්මවමින් තවත් ඈතට විහිදගොස් ඇත. පෙරකී ඉන්දීය සහ චීන මැදිහත්වීම් මැද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නුදුරේදීම කොළඹ සංචාරයක නිරතවෙන බව දැනටමත් ප්‍රකාශයට පත්කොට අවසන්ය. රාජ්‍යලේකම් මයික් පොම්පියෝ ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කරනු ඇතැයි වොෂිංටනය පසුගියදා නිවේදනය කළේය.

    එම සිදුවීම් පෙළ හුදෙක් සාකච්ඡා හෝ සුහද සංචාර පමණක් ද? එය ඊට වඩා ගැඹුරු ”ප්‍රදර්ශනාත්මක” සැලසුම්වල අංගයක්ය යන්න දේශපාලන සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ විද්වතුන්ගේ තක්සේරුවය.

    ”මෙම ‘shuttle diplomacy’ ක්‍රියාවලිය තුළින් පෙනීයන්නේ ශ්‍රී ලංකාව කලාපීය සහ ලෝක බලවතුන්ගේ දැඩි අවධානයට ලක්වෙමින් පවතින ආකාරයයි” මහාචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි.

    ”අගමැති මෝඩි 13 වෙනි සංශෝධනය මතක් කරදීම හුදෙක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය ගිවිසුමකට අදාළ කොන්දේසියක් සිහිපත් කිරීමක් හෝ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට අදාළ දේශපාලනමය විසඳුමක් කරා ආණ්ඩුව තල්ලුකිරීමක් නොව එය ඉන් ඔබ්බට ගිය ඉන්දියානු සාධකය ප්‍රදර්ශනය කිරීමක් ද වෙයි” පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර බී.බී.සී සිංහල සේවයට පැවසීය.

    sri lanka
    ‘අගමැති මෝඩිට අවශ්‍ය කළේ 13 සංශෝධනය බලාත්මක කරවීම නොවෙයි, ඒ හරහා වෙනත් පණිවුඩයක් දීමටයි”

    ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් වඩාත් ලාභදායක ජපන් මූල්‍ය සහයෝගිතා ව්‍යාපෘතියක් ද පසුගියදා ශ්‍රී ලංකාවේ රජය විසින් අවලංගු කරනු ලැබුණි.

    ”මෙය ශ්‍රී ලංකාව කාලයක් අනුගතව සිටි මධ්‍යම ප්‍රතිපදාව මත පදනම් වූ නොබැඳි විදෙස් පිළිවෙතේ පීලිපැනීමක්. ඊට හේතු වුණේ රට වෙනත් බලවත් රටක් මත යැපීමේ තත්ත්වයකට පත්වීම. එම තෝරාගැනීම තුළ ශ්‍රී ලංකාව වේගයෙන් චීනය දෙසට ආකර්ෂණයවීමත් සමඟ පරිත්‍යාග හැටියට හෝ එහෙමත් නැත්නම් අඩු පොලියට ණය දුන් ජපානය වැනි රටවලින් ඈත්වීම තවත් ප්‍රවනතාවක්. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය තීන්දුකරන්නේ කවුරුන් විසින්ද කියන කාරණය සිතා බැලිය යුතුව තිබෙනවා.අපේ සබඳතාවලට (ශ්‍රී ලංකාව සහ චීනය අතර) අත පොවන්න එපා යයි පසුගියදා චීන තානාපති කාර්යාලය කියා තිබුණා.” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශාඛා සූරියබණ්ඩාර පවසයි.

    ඉන්දියාවේ කලාපීය මූලෝපාය

    නිදහසින් පසු ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ මූලධර්මය මට්ටමින් මුල්බැසගත් ආකල්පයක් වන්නේ ”අසල්වැසියාට මුල්තැන” (Neighborhood First) යන්නයි. අගමැති නේරුගේ ශක්තිමත් ආරම්භයේ පටන් බලයට පත් සෑම ඉන්දීය ආණ්ඩුවක් විසින්ම අනුගමනය කරනු ලබන එම ”මූලධර්මය” නොකියන සත්‍යය නම්,දකුණු ආසියානු කලාපයේ මුල්තැන ඉන්දියාවට දියයුතු අතර ඔවුන්ගේ අභිලාෂය පරිදි ”කුඩා සහෝදරයන්” ක්‍රියාකළ යුතු බවය.

    “‘බැංඩුන්’ සමුළුවෙන් අනතුරුව ප්‍රඥප්තිගත ”නොබැඳි පිළිවෙත” සංකල්පය මගින් සහ පසුව ඒ හා බැඳුණු අන්තර්ජාතික ක්‍රියාවලිය තුළ අගමැති නේරු විසින් ස්ථාපනය කරගනු ලැබූ ආධිපත්‍යය බොහෝ ආසියානු රටවලට බලපෑ අතර එම ආරම්භක අවධියේ පටන්ම ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) දක්නට ලැබුණේ පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නොවේ. පළමු අගමැති ඩී.එස්. සේනානායකට විදේශ ප්‍රත්පත්තිය සම්බන්ධයෙන් දැනුමක්, පළපුරුද්දක් හෝ උනන්දුවක් නොවූ අතර එය කුමක්ද යන්න තීන්දු කරන ලද්දේ ඉහළ පෙළේ සිවිල් සේවකයන් විසිනි. එනිසාම එහි අනිවාර්ය කොන්දේසිය වූයේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍යය ප්‍රමුඛ පොදුරාජ්‍ය මණ්ඩලීය හැඩරුව අනුව තීන්දු වීමයි” මහාචාර්ය එස්.යූ.කොඩිකාර සඳහන් කරයි.

    මේ අතර අගමැති නේරු විසින් කැඳවන ලද ‘1947 ආසියානු සබඳතා පිළිබඳ නවදිල්ලි සමුළුව’ මෙන්ම ‘1948 දිල්ලි සමුළුව’ සඳහා ලංකාව නියෝජනය කරමින් එවක ඇමැතිවරයකුව සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහභාගී වූ අතර 1956 දී අගමැති පදවියට පත්වීමෙන් අනතුරුව බණ්ඩාරනායකද නේරුගේ නොබැඳි රාජ්‍ය පිළිවෙත කරා අවතීර්ණ වී සිටියේය.

    සෝවියට් සංගමය සහ චීනය සමඟ පූර්ණ තානාපති සබඳතා ආරම්භ කිරීමත්, සෝවියට් සංගමයේ විරෝධය අවසන්ව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිකර ගැනීමත් සමඟ, 1947 පටන් ශ්‍රී ලංකාවේ බල පැවැත්වුණු බටහිර කේන්ද්‍රගත විදේශ ප්‍රතිපත්තිය වෙනුවට 1956 – 76 අතර කාලය තුළ ලංකාව අනුගමනය කළ බල කඳවුරු නියෝජනය නොකිරීමේ එම (නොබැඳි) රාජ්‍ය තාන්ත්‍රික මූලෝපාය 1977න් අනතුරුව නොතකා හරිනු ලැබීමේ ප්‍රතිවිපාකය ලෙසින් ලද දේශපාලන දඬුවම ඊළඟ දශකය තුළ ශ්‍රී ලංකාවට විඳින්නට සිදුවිය. ඇමෙරිකානු මැදිහත්කර ගැනීම වෙනුවෙන් එදා ලද එම දඬුවම නැගෙනහිර ආසියාවේ ලෝක බලවතාගේ සෘජු මැදිහත්වීම මගින් අද වෙනත් මුහුණුවරකින් දිවයින මත එල්ල වෙමින් පවතින ආකාරයක් ඉන්දියානු සහ ඇමෙරිකානු සංඥාකිරීම් මගින් පෙන්නුම් කෙරෙයි.

    sri lanka
    ”ආණ්ඩුව මහජන පරමාධිපත්‍යය ආරක්ෂා කරදීමට කොතරම් සූක්ෂ්මද යන්න ප්‍රශ්නයක්”

    ද්විත්ව මැදිහත්වීමක්

    පාකිස්ථානය, බංග්ලාදේශය සහ මියන්මාරය සමඟ පමණක් නොව දකුණු අප්‍රිකාව වැනි රටවලටත් අවි ආයුධ වෙළෙඳාම මගින් එක්තරා අන්තර් රාජ්‍ය සම්බන්ධයක් පවත්වා ගෙන යන නමුත් නව ගෝලීයකරන රාමුව තුළ චීන විදේශ ආධිපත්‍යමය ව්‍යාප්තිය මහා පරිමාණයෙන් සැලසුම් කරනු ලැබ තිබෙන්නේ ආර්ථික ගනුදෙනු (ණය ආධාර) සැපයුම තුළය.

    ”මේ සංදර්භය තුළ චීනය මේවනවිටත් ශ්‍රී ලංකාව සිය ණය උගුලට හසුකරගෙන හමාරයි. වරාය නගරයට අවසරදීම සහ හවුල්වීම මගින් ශ්‍රී ලංකාව චීන ‘සේද මාවතට’ දැනටමත් දැන් ඇතුල්ව සිටිනවා” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩාර පවසයි.

    චීනය හම්බන්තොට වරායේ පාලනය ඔවුන් අතට ගැනීම එහි ඊළඟ දිගුව වූ අතර, ඊට සමාන්තරව ඉන්දියාව මත්තල ගුවන් තොටුපොළ ඔවුන්ට ඉල්ලා සිටින්නේ අනාගතයෙහි චීන යුද හමුදා පාසටහන් හම්බන්තොට වරාය භූමියෙන් දක්නට ලැබෙතැයි දිල්ලි පාලනය කල්තබාම අනුමාන කරන හෙයිනි.

    ඒ අතරම දේශපාලනමය අවියක් වන 13 වෙනි සංශෝධනය පමණක් නොව,ත්‍රිකුණාමලය තෙල්ටැංකි වැනි ද්විපාර්ශ්වීය ආර්ථික ගනුදෙනු යෝජනා ආර්ථික සහ වානිජමය අවි මට්ටමින් නව දිල්ලිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවෘත මට්ටමින් භාවිත කරයි.

    ”චීනය හම්බන්තොට වරායේ පය ගසා ගැනීම භූදේශපාලනමය වශයෙන් ඔවුන් තැබූ ඉදිරි පිම්මක්.ඉදිරි අනාගතයෙහි චීනය ලෝක මට්ටමින් බලය ව්‍යාප්ත කරන පරිසරයක් තුළ යුදහමුදා ස්ථානගත කිරීමක් සඳහාත් හම්බන්තොට වරාය යොදාගැනීමට අවසර ඉල්ලන්න ඉඩකඩ තිබෙනවා. හම්බන්තොට වරාය පරිශ්‍රය පැවරීමට අවට භූමියේ අක්කර 15,000 ක් ද ඇතුළත් වෙනවා”

    sri lanka ,china
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම සම්බන්ධයෙන් සව්දිය පුරන චීන ජාතිකයෙක්

    චීනය කිසියම් දිනක ආර්ථික සහ මූල්‍ය ගනුදෙනු ඉක්මවා යමින් සිය ණයකරුවන්ගෙන් මිලිටරි වශයෙන් ද පහසුකම් ඉල්ලා සිටීමට අවකාශයක් ඇතිබව ලෝකය සාකච්ඡා කරන්නට පටන්ගත්තේ ‘ජිබුටි’ (Djibouti) රාජ්‍යයේ පිහිටි හමුදා කඳවුරක් චීන මැදිහත්වීමෙන් නවීකරණය කරමින් ඇති බව දැක්වෙන චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගත් පින්තූර සමූහයක් මේ වසරේ මැයි මාසයේ දී ප්‍රසිද්ධවීමත් සමඟය.

    ”2017 දී පහසුකම් සැපයීමේ ආධාරක ඒකකයක් ලෙස පිහිටුවන ලද එම ස්ථානය අඩි 1,120ක් දිග ජැටියකින් යුත්, ගුවන් යානා ගෙන යා හැකි ලියාඕනිං (Liaoning ) යුද නෞකාව ඇතුළු චීන යුද නැව් රඳවා තැබිය හැකි පරිපූර්ණ නාවික කඳවුරක් බවට වැඩි දියුණු කරමින් ඇති බවක් පෙනෙනවා. මෙය සිදුවන්නේ උපාය මාර්ගික අභිමතාර්ථයන් සහිත සංවර්ධනයක් ලෙස පෙනී යන සහ සමහරෙක් චීනය ඉන්දියාවේ බලපෑම් කලාපය ආක්‍රමණය කිරීමක් ලෙස හඳුන්වන චීනය මාලදිවයිනේ කෘත්‍රිම දූපතක් ගොඩ නැගීමෙන් පසුවයි. කලාපය තුළ චීනයෙන් එල්ලවන ආරක්ෂක තර්ජනය වැඩිවෙමින් පවතින ආකාරය දකින විට, ඊට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දක්වමින් එම තත්ත්වය මැඩ පැවැත්වීමට හා කලාපයේ ආරක්ෂාව සපයන්නා ලෙස ඉන්දියාවත් සිය කාර්යභාරය ශක්තිමත් කිරීමට පෙළඹෙනවා” ආචාර්ය අසංක අබේගුණවර්ධන සඳහන් කරයි.

    එවැනි කලාපීය අනතුරක් ගැන සැක කරනු ලැබීමට අවශ්‍ය කරුණු දිනෙන් දින ඉන්දියානු බුද්ධි අංශ වාර්තාවන්ට එකතුවෙමින් ඇත. ඊට හොඳම උදාහරණයක් වන්නේ චීන සබ්මැරීන් කොළඹ වරායට සේන්දුවීම සිය ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස ඉන්දියාව සැලකීමය.

    චීනය ශ්‍රී ලංකාවේ ඉතා සරළ මට්ටමේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි පවා දක්වන බලවත් සැලකිල්ල කොතරම්ද යන්න පිළිබිඹු කෙරෙන මෑත උදාහරණයක් වූයේ අගමැති මහින්ද රාජපක්ෂ සිය කණිටු පුත්‍රයා යෝෂිත රාජපක්ෂ, අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී පදවියට පත්කරනු ලැබීම නිවේදනය කරනු ලැබීමත් සමඟ කොළඹ සිටින චීන තානාපතිවරයා වහාම ඔහුට සුබ පැතුම් යැවීමට පවා ඉදිරිපත් වීමය.

    කලාපීය අන්තර්රාජ්‍ය සබඳතාවන්හි දී නව දිල්ලි පාලනය විසින් ”ඉන්දියාවට පළමු තැන” යන දේශපාලන උවමනාව වෙනුවට ”අසල්වැසියාට පළමු තැන” යන තේමා පාඨය පෙරට තබනු ලබන්නේ එවැනි පරිසරයකය.

    එම මැදිහත්වීම ශ්‍රී ලංකාවට පමණක් නොව මාලදිවයින, මුරුසිය, මැඩගස්කර්, කොමරෝස් සහ සීෂෙල්ස් යන දූපත් රාජ්‍යයන් හයේම විදේශ ප්‍රතිපත්ති සාධනය කෙරෙහි බලපෑමක් ඇතිකරන බව ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු සහ වේදාන්ග්ෂි රෝයි චෞදරී පෙන්වා දෙති.

    ”එම දූපත් රාජ්‍යයන්හි අභ්‍යන්තර දේශපාලන චිත්‍රය ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියෙහි සැලකිය යුතු භූමිකාවක් වෙයි. එකී කුඩා ජාතීන් කෙරෙහි එල්ලවෙන අභියෝගය ඔවුන්ගේ අභ්‍යන්තර ස්ථාවරභාවය සහ පරමාධිපත්‍යය කෙරෙහි පිටස්තර බලවතුන්ගෙන් එල්ලවෙන අනතුරයි”

    ඇමෙරිකානු ඇස ගැසීම

    තව නොබෝ දිනකින් ඇමෙරිකානු රාජ්‍යලේකම්වරයා කොළඹට ළඟාවීමට නියමිතය. මෙයින් ඉහත ඉන්දියාවේ සංචාරයක් අතරවාරයේ ඔහු කොළඹ සංචාරයක් ද සැලසුම් කළ ද එය හදිසියේ අවලංගු කෙරිණි. මෙවර සංචාරයට එවැනි ආපදාවක් එල්ල නොවුනොත් එය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂකයන්ගේ අවධානයට ලක්වනු ඇත්තේ ඇමෙරිකානු රාජ්‍යලේකම්වරයකුගේ කාර්ය බහුල දිනපොතෙහි පහසුවෙන් කාලයක් වෙන්කරනු ලැබීම දුර්ලභ කරුණක් හෙයිනි.

    දැනටමත් ඇතැම් විශ්ලේෂකයන් විසින් අනාවැකි පළකරනු ලැබ ඇති ආකාරයට රාජ්‍යලේකම්වරයා කොළඹ සංචාරයේ දී ‘මිලේනියම් සහශ්‍ර අභියෝගතා ගිවිසුම’ (MCC) සහ තවත් ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් පොළඹවනු ඇත.

    මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය

    කලින් බලයේ සිටි ‘යහපාලන ආණ්ඩුව ‘සමයේ ‘මිලේනියම් සහශ්‍ර අභියෝගතා ගිවිසුමට’ දැඩිලෙස විරෝධය පළකරන ලද නමුත් වත්මන් ආණ්ඩුවේ බලධාරීන් දැන් එම ගිවිසුම ‘පතුරු නොගසන’ අතර දැඩි මූල්‍යමය අර්බුදයක ගිලී සිටින ආණ්ඩුවකට එමගින් ලැබෙන ඩොලර් මිලියන 480 මේ මොහොතේ ආශීර්වාදයක් වනු ඇත. අනිත් අතින් ඒ සමඟ එක්සත් ජනපදයට සිය ප්‍රතිවාදියා වන චීනයට එරෙහිව මූලෝපායික වශයෙන් වැදගත් ආසියානු මර්මස්ථානයක පිහිටි දිවයිනක සැරිසැරීමට ද එමගින් දොරටුවක් විවෘත වනු ඇත.

    ඉන්දියාව හෝ චීනය මෙන් නොව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රවනතා කෙරෙහි තමන් එළිපිටම මැදිහත් නොවන බව ප්‍රදර්ශනය කරන නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ට අවශ්‍ය මොහොතේදී කොළඹ බල තුලනය කෙරෙහි මැදිහත් නොවීමේ සහතිකයක් ද නැත. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ ජනාධිපති සිරිසේන විසින් 2018 වසරේ දී අගමැති පදවිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කරගත් අවස්ථාවේ ට්‍රම්ප් පරිපාලනය රනිල් වික්‍රමසිංහ යළිත් එම පදවියේ පිහිටුවීම සඳහා මැදිහත් වූ ආකාරයය. එහෙත් එම බල පොරයේ දී නව දිල්ලිය ඊට මැදිහත් නොවීමට වගබලා ගත්තේය.

    sri lanka,india
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු සිදුකළ පළමු නිල විදේශ සංචාරය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට යාමය

    ඉන්දියානු දැල එලන ආකාරය

    පිටස්තරයන් විසින් සිය බාල සහෝදරයා ”නරක් කොට අනතුරක හෙළන්නේදැයි” ඉන්දියාව දුකට පත්වන්නේද? මෙය ඇසිය යුතු ප්‍රශ්නයකි.

    කොළඹ පිහිටි මහ කොමසාරිස් කාර්යාලය හැරුනු විට දිල්ලි පාලනයට දැනටමත් මහනුවර සහ උතුරේ කොන්සල් කාර්යාල ඇත. ”වීසා සැපයීම පහසුකිරීම සඳහා” පිහිටුවන ලද එම කොන්සල් කාර්යාල හැරුනු විට ඉන්දියාව පසුගියදා දකුණු පළාත සඳහාද කොන්සල් ජනරාල්වරයකු පත්කිරීමට පියවර ගත්තේය. එම කොන්සල් ජනරාල්වරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු දකුණු පළාත සහ ඌව පළාතට අයත් මොනරාගල දිස්ත්‍රික්කය ආවරණය කරනු ඇත. එම තනතුර පසුගිය අගෝස්තු 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබ තිබුණි.

    මේ අතර පසුගිය ජුනි 4 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ‘අන්‍යෝන්‍ය යුද මෙහෙයුම් කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධානය පිලිබඳ අන්‍යොන්‍ය සහාය ගිවිසුම’ (Mutual Military Logistics Support Agreement) නමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එය ඉතා පැහැදිලිවම කලාපයේ ව්‍යාප්තවෙමින් පවතින චීන අභියෝගය ඉදිරියේ දෙන ලද විවෘත සංඥාවක් වැනිය.

    ”යුද මෙහෙයුම් කටයුතු සම්පාදනය හා කාර්ය සංවිධානය පිළිබඳ අන්‍යොන්‍ය සහාය ගිවිසුම මගින් ජපානය සහ එක්සත් ජනපදය ඇතුළත් වන සිව්පාර්ශ්වීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇත. ඉන්දියාව මෙම ගිවිසුම අත්සන් කරන ලද්දේ එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූරුව, වියට්නාමය සහ ඉන්දුනීසියාව සමඟ දැනටමත් පවත්වාගෙන යන එවැනි ගිවිසුම්වලට අමතරවය. මෙම ගිවිසුම් කලාපයේ ආරක්ෂාව සැපයීමේ කාර්යභාරය ඉටුකිරීමට සහ ඉන්දියානු සමුද්‍ර ක්ෂේත්‍රය තුළ චීන බලපෑම පාලනය කිරීමට ඉන්දියාවට බෙහෙවින් උපකාරී වනු” ඇතැයි ආචාර්ය අසංක අබේගුණවර්ධන පවසයි.

    INDIA,SRI LANKA
    අගමැති නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ හමුවූ අවස්ථාවක්(සංරක්ෂිත ඡායාරූපයකි)

    ”අලුත් ආයුධ”

    කලක් නව යටත්විජිතවාදය ලෙස විග්‍රහ කරන ලද, දැන් ගෝලීයකරණය හෝ වෙනත් කවර වූ හෝ ව්‍යක්ත යෙදුම් මාර්ගයෙන් බොහෝ දෙනකු විසින් විශ්ලේෂණය කරනු ලැබෙමින් ඇති අලුත් අන්තර්ජාල දේශපාලන බලපෑම තුළ භාවිතයට ගැනෙන ‘අවි’ වෙනස් මුහුණුවරක් ගනී.

    කඩුව (තුවක්කුව) හෝ ශුද්ධ ග්‍රන්ථ නොව,ණය ආධාර ලෙස ප්‍රදානය කෙරෙන මුදල් පොදි නැත්නම් මානව හිමිකම් ප්‍රශ්න අද ජාත්‍යන්තර සබඳතා සහ බැඳීම් හසුරුවනු ලබන මෙවලම් බවට පත්ව ඇත.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට ඉන්දියාවේ එකී මැදිහත්වීම ජෛවීය සහ සංස්කෘතිකමය අතින් අත්‍යන්ත බැඳීම පදනම්කර ගනිමින් ඔවුන්ගේ පිහිට යදින සුවිශේෂී ජනකොටසක සුරක්ෂිතභාවය සහතික කරදීමේ අත්හළ නොහැකි වගකීම යුක්ති සහගත කෙරෙන දේශපාලනමය මැදිහත්වීමක් මෙන්ම කලාපයේ සුරක්ෂිතභාවයට අදාළ අන්තර් රාජ්‍යමය ක්‍රියාවලියකි.

    1977 න් පසුව ජනාධිපති ජයවර්ධන විසින් අනුගමනය කරන ලද ඇමෙරිකාවට ප්‍රමුඛස්ථානය දීමේ විදේශ ප්‍රතිපත්තියේ අනිවාර්ය ප්‍රතිවිපාක වූයේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ගුවනින් ආහාර හෙලීම සහ පළාත් සභා හඳුන්වා දීමට මුල්වූ 1987 ඉන්දු-ලංකා ගිවිසුම සහ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

    ”ඉන්දියාව උතුරේ ප්‍රශ්නය යොදාගන්නේ ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය මාර්ගය පාදාගන්න. අගමැති මෝඩි ඉඟි කරන්නේ එයයි. 13 වෙනි සංශෝධනය නොවෙයි, ඔහුගේ උවමනාව. තමන්ට සතුරු යයි සැලකෙන බලයක් තමන්ගේ දොරකඩට ගෙනෙනවට ඉන්දියාව එදාත් විරුද්ධ වුණා. ඉන්දු-ලංකා ගිවිසුමේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ගැන සහ ‘වොයිස් ඔෆ් ඇමෙරිකා’ ගැන තියෙනව. අද චීන ව්‍යාප්තිය ගැනත් ඉන්දියාව හිතන්නේ ඒ විදියටමයි” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ.එම්.නවරත්න බණ්ඩාර පෙන්වා දෙයි.

    අනිත් අතින් තම අභිලාෂයන්ට පටහැනි ශ්‍රී ලංකාවකට වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමටද ඉන්දියාවට නොහැකියාවක් නොමැත. ඒ සඳහා ඔවුන් සතු එක ආයුධයක් වන්නේ ලෝකය සඳහා ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කමට ප්‍රධාන හේතුවක් වන වරාය ව්‍යාපෘතීන්ට වෙනත් වක්‍ර ක්‍රියාමාර්ග මගින් අවහිර කිරීමය.

    බෙංගාල බොක්ක ආසන්නයේ ඇති අන්දමන් දූපත් හි වරායක් ප්‍රතිනැව්ගත කිරීමේ වරායක් ලෙස දියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 1.3 ක ආයෝජනයක් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ වරායවල ඇති වටිනාකම අනාගතයේ දී පහත වැටෙනු ඇද්ද යන ප්‍රශ්නය පසුගියදා මතුවිය.

    මේ අතර චීනයේ මැදිහත්වීම් කෙළින්ම ”ආධාරවීම” යන වචනය ඇතුළත සඟවමින් සපයනු ලබන මධ්‍යම හෝ දිගුකාලීන ණය ව්‍යාපෘතීන් ඇතුළත් න්‍යාය පත්‍රයක් අනුව සිදුකෙරෙමින් පවතී.

    මෙහිදී ඇමෙරිකාව සහ බටහිර රාජ්‍ය පද්ධතිය තෝරාගනු ලබන්නේ කුමක්ද? බටහිර බලවතුන්ගේ අවිය බවට පත්ව තිබෙන්නේ මානව හිමිකම් මාතෘකාවයි. එය රාජ්‍යයක් තම අක්ෂයට ගැනීමට හෝ ඉන් පිටමංකර දැමීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර භාවිත කරන ආයුධය වේ.

    2005-2015 දක්වා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනයට එල්ල වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට අදාළ චෝදනා ශ්‍රී ලංකාව වේගයෙන් බටහිර ලෝකයෙන් හුදෙකලා වීමට හේතු වූ අතර, ආර්ථික සම්බාධක පනවනු ලැබීම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සහ ඇඟළුම් වැනි නිෂ්පාදන අපනයන ආර්ථිකයට බරපතල අභියෝගයක් විය. එහෙත් ඒ සමඟ සිදුවුණේ ශ්‍රී ලංකාව වෙනත් අක්ෂයක් කරා විතැන්වීම ය. ආර්ථික සහයෝගය, හමුදා උපකරණ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්බාධක පැනවීම වළක්වා ගැනීමේ දේශපාලනික ආවරණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව චීනය දෙසට ගමන් ගැනීමය. මෙය ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සෑම ආණ්ඩුවකටම තමන් මුහුණ දෙන ගැඹුරු ආර්ථික ප්‍රශ්න හමුවේ පහසුවෙන් දිනා ගැනීමට ඉතිරිව තිබූ එකම තෝරාගැනීම බවට පත්ව ඇත..

    ඉහත කී සියලු කරුණ සංක්ෂිප්තව ගෙන බැලීමේ දී පෙනීයන්නේ චීනය ”ණයදීම සහ ණයකරුවා අතර ඇතිකරගනු ලබන බැඳීම මගින් බල ව්‍යාප්තියක නිරතවෙන අතර, ඉන්දියාව මානුෂීය උවමනාවන්ට පිහිටවීම ,ආර්ථික ආධාර සහ කලාපීය සුරක්ෂිතභාවය යන න්‍යාය පත්‍රයක් තුළ කටයුතු කරමින් සිටින අතරවාරයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය මානව හිමිකම් ප්‍රශ්න ආයුධයක් කර ගනිමින් දකුණු ආසියාවේ තම පැවැත්ම සහතික කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව භාවිත කරන බවය.

    usa
    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන්නේ MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා බලකරනු ලැබීමට යයි ඇතැම් වාර්තා මගින් පැවසෙයි

    නොපෙනෙන ඇත්ත

    මේ අතර ශ්‍රී ලංකා ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනය සම්මතකර ගැනීමේ අද්දරටම පැමිණ සිටියි.

    විසිවෙනි සංශෝධනය වොෂිංටනයේ උවමනාවක් වන අතර එමගින් ජනාධිපතිවරයා අත සියලු බලතල සංකේන්ද්‍රගත කරමින් MCC ගිවිසුම අත්සන් කරගනු ලැබීම ඇමෙරිකානු අභිලාශය බව එක් විශ්ලේෂකයකු විසින් සඳහන් කරනු ලැබ ඇත. එහි සත්‍ය හෝ අසත්‍යතාව කුමක්වුවද, විසිවෙනි සංශෝධන ප්‍රයත්නය මගින් ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping)පන්නයේ පාලනයක් ශ්‍රී ලංකාවේද නිර්මාණය නොවන්නේදැයි අපට ප්‍රශ්න කළ හැකිය. රාජාණ්ඩු පවතින රටවල හැරුනුවිට සියලු බලතල ඒකරාශී වූ (යාවජීව) ජනාධිපතිවරයකු බලයේ සිටින අප ජීවත්වෙන ග්‍රහලෝකයේ ඇති එකම රාජ්‍යය චීනයයි.

    ”මගේ තක්සේරුව අනුවනම්, විසිවෙනි සංශෝධනය මගින් සිදු කෙරෙන්නේ රට චීන ක්‍රමයට යාමක්. එමගින් විධායකය කෙරෙහි පමණක් නොව ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන අංශ කෙරෙහිත් ජනාධිපතිවරයාගේ බලපෑම තහවුරුකර ගැනීමක් සිදු කෙරෙනවා” ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ විශාඛා සූරියබණ්ඩාර පවසයි.

    ”අනූ අවුරුදු බදුකර සමඟ භූමිය පමණක් නොවෙයි, නීතිය අතිනුත් රට එක්තරා බැඳීමකට යටත් කෙරෙනවා. ඒ සමඟ එල්ලවෙන සංස්කෘතිකමය බලපෑමත් සීමා කිරීම අසීරුයි. එම කරුණු සියල්ල ඊළඟට කෙලින්ම බලපාන්නේ රටේ පරමාධිපත්‍යයට. මහජනතාව තමන් සතු පරමාධිපත්‍යය ආණ්ඩුවකට භාරදෙනවා.ඊට පස්සෙ ජනතාවට බලපෑමක් නැහැ. ඉතින් ආණ්ඩුව එම අයිතිය රැකගන්න කොයිතරම් සූක්ෂ්මද? කියන එක ප්‍රශ්නයක්. අද ජාතික අභිලාෂයට මුල්තැනක් නැහැ.විදේශීය රටක ආධිපත්‍යයට රටේ ස්වාධිපත්‍යය යට වෙනවා ” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දෙයි.

    sri lanka
    අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කෙරුණ ‘කොළඹ යෝජනා’ (Colombo Proposals) චීනයේ සහ ඉන්දියාවේ එක හා සමාන ගෞරවයට සහ සැලකිල්ලට පාත්‍රවිය

    බටහිර සමඟ බැඳුන පිළිවෙතක කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයේ සිටියදී 1950 දශකයේ මුල්භාගයේ ළදරු විප්ලවීය චීන ආණ්ඩුවත් සමඟ ශ්‍රී ලංකාව පළමු ආර්ථික ගිවිසුම (චීන-ලංකා සහල්-රබර් ගිවිසුම) අත්සන් කරන ලද්දේ කොරියානු යුද්ධයට පැටලී සිටි ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පමණක් නොව ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ද දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතින අතරයි.

    එසේම ඒ සමඟ කිට්ටු සබඳතා තරකර ගනිමින් ඉන්දු-ලංකා වතුකම්කරුවන් පිළිබඳ ගැටලුවට අදාළ සාකච්ඡා ද ඉන්දියාව සමඟ පෙරට ගෙනයමින් පැවතුණි. කිසිදු පාර්ශ්වයක බලපෑමකට යටත්වීමේ උවමනාවක් නොවුණි. ඉන් වසර කීපයකට පසු ඉන්දු- චීන යුද ගැටුම මොහොතේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කෙරුණ ‘කොළඹ යෝජනා’ (Colombo Proposals) චීනයේ සහ ඉන්දියාවේ සමාන ගෞරවයට සහ සැලකිල්ලට එක හා සමාන මට්ටමින් යොමුවීම අද එම දෙරට අතර දෝලනය වීමට සිදුව ඇති වර්තමානයට කදිම පාඩමක් නොසපයන්නේද?

    බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පසුගිය 21 වැනි දින පළ වූ මෙම ලිපිය කාලීනභාවය සහ අප පාඨකයින්ට වඩාත් නිරවුල් හා පුළුල් දැනුමක් ලබාදීම සදහා සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • රට ඉතාම භයානක තැනක; දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්න – GMOA

    රට ඉතාම භයානක තැනක; දිස්ත‍්‍රික්ක 05ක සීමා වසා දමන්න – GMOA

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද‍්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

    මෙම දිස්ත්‍රික්කවලින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    එම තීන්දුව ගැනීම තවදුරටත් කල් නොදමන ලෙස ද එසේ කල්දැමුවහොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් ඇති බවද ඔහු දැඩිව අවධාරණය කළේය.

    අද වන විට කොරෝනා වෛරස ව්‍යාප්තිය ගැන පූර්ව අනාවැකි කිව නොහැකි තත්වයට පත්ව ඇති බවත් සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි.

    නමුත් තවම වෛරසයේ නියම අවදානම අවබෝධ වී නැතැයිද ඔහු කියා සිටියේය

    වෛරසය සමාජ ව්‍යාප්තියක් ආරම්භ වූ සැණින් ද සියල්ල උඩුයටිකුරු වෙන බවත් මරන ගණන වේගයෙන් ඉහළ යනු ඇති බවත් ඔහු පැවසීය.

    සමාජ ව්‍යාප්තියකදී රෝහල් පද්ධතිය ඇඳන් සහ ඉඩකඩ පිරී යනු ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලය විඩාවට පත් වී ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩපන වන බවත් අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

    එනිසා යම් කිසි මොහොතක සමාජ ව්‍යාප්තියකට ප්‍රවේශ වූවොත් රට ඉතාම භයානක තැනකට යනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

    කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

  • Deep fake bot හරහා ‘නිරුවත් කළ’ කාන්තාවන් දහස් ගණනකගේ ඡායාරූප අන්තර්ජාලයේ

    Deep fake bot හරහා ‘නිරුවත් කළ’ කාන්තාවන් දහස් ගණනකගේ ඡායාරූප අන්තර්ජාලයේ

    කාන්තාවන් 100,000 කට වැඩි පිරිසක් ඔවුන්ගේ ඇඳුම් ඩිජිටල් ලෙස රූප වලින් ඉවත් කර ඇත

    කාන්තාවන් 100,000 කට වැඩි පිරිසකගේ නිරුවත් රූප (Faked nude imagesසමාජ මාධ්‍ය පින්තූර වලින් නිර්මාණය කර අන්තර්ජාලය හරහා බෙදාගෙන ඇති බව නව වාර්තාවක දැක්වේ.

    ඉලක්ක කරගත් සමහර අය බාල වයස්කරුවන් බව පෙනී ගිය බව බුද්ධි අංශ සෙන්සිටි වාර්තාව (Intelligence company Sensity) පවසයි. නමුත් අදාළ සේවාව පවත්වාගෙන යන සමාගම පැවසුවේ එය හුදෙක් “විනෝදාස්වාදය – entertainment” සදහා පමණක් සිදුකළ දෙයක් බවයි.

    කෘතිම බුද්ධිය (Artificial Intelligence – AI) මගින් කාන්තාවන්ගේ පින්තූර වලින් ඇඳුම් ඩිජිටල් ලෙස ඉවත් කර ටෙලිග්‍රාම් නම් පණිවුඩකරණ යෙදුම (Messaging app Telegram) හරහා ව්‍යාප්ත වන බවයි අදාළ වාර්තාව සදහන් කරන්නේ.

    බීබීසී මෘදුකාංගය පරීක්ෂා කර දුර්වල ප්‍රතිඵල ලබා ඇති අතර සංවේදීතාව කියා සිටින්නේ භාවිතා කරන තාක්ෂණය “Deep fake bot” බවයි.

    Deep fake bot යනු පරිගණකයෙන් ජනනය කරන ලද, බොහෝ විට යථාර්ථවාදී රූප සහ වීඩියෝ ය. එහි එක් භාවිතයක් වන්නේ කීර්තිමත් පුද්ගලයින්ගේ ව්‍යාජ අසභ්‍ය වීඩියෝ දර්ශන නිර්මාණය කිරීමයි.

    නමුත් සෙන්සිටි සමාගමේ ප්‍රධාන විධායක ජෝර්ජියෝ පැට්‍රිනි පැවසුවේ පුද්ගලිකව පුද්ගලයින්ගේ ඡායාරූප භාවිතා කිරීම මාරුවීම සාපේක්ෂව අලුත් දෙයක් බවයි.

    “පොදු ඡායාරූප සහිත සමාජ මාධ්‍ය ගිණුමක් තිබීම ඕනෑම කෙනෙකුට ඉලක්කයක් වීමට ප්‍රමාණවත්” යැයි ඔහු අනතුරු ඇඟවීය.

    Telegram bot

    කෘතිම බුද්ධියෙන් ක්‍රියා කරන Bot ක්‍රියාත්මක වන්නේ ටෙලිග්‍රාම් පුද්ගලික පණිවිඩ නාලිකාවක් තුළ ය. පරිශීලකයින්ට Bot මගින් කාන්තාවකගේ ඡායාරූපයක් යැවිය හැකි අතර, එය කිසිදු වියදමකින් තොරව මිනිත්තු කිහිපයකින් ඇගේ ඇඳුම් ඩිජිටල් ලෙස ඉවත් කරනු ඇත.

    විෂයයන්හි කැමැත්ත ඇතිව බීබීසී විසින් පින්තූර කිහිපයක් පරීක්‍ෂා කරන ලද අතර ඒවා කිසිවක් යථාර්ථවාදී නොවීය. අපගේ ප්‍රතිඵලවල කාන්තාවකගේ ප්‍රාචීරයේ බඩ බොත්තමක් (Belly button) ඇති ඡායාරූපයක් ඇතුළත් විය.

    පසුගිය වසරේදී එවැනිම යෙදුමක් වසා දමන ලද නමුත් මෘදුකාංගයේ කොපිකරගත් සංස්කරණ සංසරණයේ පවතින බව විශ්වාස කෙරේ.

    “P” යනුවෙන් හැඳින්වෙන සේවාව මෙහෙයවන පරිපාලක පැවසුවේ “මම මේ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මෙය ප්‍රචණ්ඩත්වය ගෙන නොයන විනෝදාස්වාදයක් පමණයි‘

    “ගුණාත්මකභාවය යථාර්ථවාදී නොවන බැවින් කිසිවෙකු මේ සමඟ කිසිවෙකු බ්ලැක්මේල් කරන එකක් නැහැ‘

    ඔහු කියා සිටියේ කණ්ඩායම බෙදාගන්නා ඡායාරූප මොනවාදැයි සොයා බලන බවත්, “බාල වයස්කරුවන් දුටු විට අපි පරිශීලකයාගේ යහපත සඳහා අවහිර කරන බවත්ය.”

    නිදර්ශන එකතුවකින් පෙන්වන්නේ කාන්තා සිරුරු පැතලි සුදු වර්ණයන්ගෙන් දැක්වෙන අතර නිල් පැහැති පිහිනුම් ඇඳුම්, මුදුන් සහ සායක් බොට් සමඟ පණිවුඩ සංවාදයකදී ඉවත් කර ඇති බවයි.
    නවීකරණය කරන ලද අනුවාදයක් ආපසු එවීමට BOT වෙත පණිවිඩ යැවීමෙන් ප්‍රතිඵල ලැබෙන ආකාරය වාර්තාවේ නිදර්ශන වලින් දැක්වේ

    නමුත් ඡායාරූපය අන් අය සමඟ බෙදා ගත යුතුද යන්න පිළිබඳ තීරණය තීරණය කරන්නේ එය නිර්මාණය කිරීමට බොට් භාවිතා කළ අය කවුරුන්ද යන්න මතය.

    එහි සාපේක්ෂ මට්ටමේ හානිය ආරක්ෂා කරමින් ඔහු මෙසේ පැවසීය: “යුද්ධ, රෝග, ලෝකයේ බොහෝ හානිකර දේවල් තිබේ.” ඔහු සියලු රූප ඉක්මනින් ඉවත් කරන බව ද කියා සිටී.

    අදහස් දැක්වීම සඳහා ටෙලිග්‍රාම් ප්‍රතිචාර දක්වා නොමැත.

    2019 ජූලි සිට 2020 දක්වා කාලය තුළ කාන්තාවන් 104,852 ක් පමණ ඉලක්ක කර ඇති අතර ඔවුන්ගේ නිරුවත් රූප ප්‍රසිද්ධියේ බෙදාගෙන ඇති බව Sensity  වාර්තා කරයි.

    එහි පරීක්ෂණයෙන් හෙළි වූයේ සමහර පින්තූර බාල වයස්කාරියන්ගේ බවයි, “සමහර පරිශීලකයින් මූලික වශයෙන් bot භාවිතා කරන්නේ පෙඩෝෆිලික් අන්තර්ගතයන් ජනනය කිරීමට සහ බෙදා ගැනීමට බව” පෙනී යනවා.

    අදාළ වාර්තාව කියා සිටියේ මෙම යෙදුමට රුසියානු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන VK හි සැලකිය යුතු වෙළඳ දැන්වීම් ඇති බවත්, වේදිකාව පිළිබඳ සමීක්ෂණයකින් හෙළි වූයේ බොහෝ පරිශීලකයින් රුසියාවෙන් සහ පැරණි සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවට අයත් රටවලින් පැමිණි අය බවයි.

    නමුත් වීකේ පැවසුවේ “වේදිකාවේ එවැනි අන්තර්ගතයන් හෝ සබැඳි ඉවසන්නේ නැති අතර ඒවා බෙදා හරින ප්‍රජාවන් අවහිර කරන බවයි‘‘

    මෙම වසර මුල වන තෙක් රුසියාවේ Telegram නිල වශයෙන් තහනම් කර තිබුණි.

    “මෙම වෙබ් අඩවි හෝ යෙදුම් බොහොමයක් භූගතව සැඟවී හෝ ක්‍රියාත්මක නොවේ. මන්ද ඒවා දැඩි ලෙස නීති විරෝධී නොවන බැවිනි” යනුවෙන් සෙන්සිටි හි ජෝර්ජියෝ පැට්‍රිනි පැවසීය.

    “එය නරක අතට හැරෙනු ඇතැයි මම බිය වෙමි” නිල් චිත්‍රපට නිළියක වන ‘බෙලා තෝර්න්‘ Bella Thorne ගැඹුරු අපයෝජනය (Deepfake abuse) පිළිබඳ සිය අත්දැකීම් විවර කරයි

    වාර්තාවේ කතුවරුන් පවසන්නේ ඔවුන් සිය සියලු සොයාගැනීම් ටෙලිග්‍රාම්, වීකේ සහ අදාළ නීති බලාත්මක කිරීමේ ආයතන සමඟ බෙදාගෙන ඇති නමුත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

    Deep Fakes and the Infocalypse නම් පොතේ කතුවරයා වන නීනා ෂික් පැවසුවේ ගැඹුරු නිර්මාණකරුවන් ලොව පුරා සිටින බවත්, නීතිමය රැකවරණය තාක්‍ෂණය සමඟ “අල්ලා ගැනීම අපහසු” බවත් ය.

    “එම අන්තර්ගතය වඩාත් නවීන වන තෙක් එය ඉතා සුළු දෙයක් පමණයි. ගැඹුරු අසභ්‍ය වීඩියෝ ගණන සෑම මාස හයකට වරක් දෙගුණ වෙනවා” ඇය පැවසුවාය.

    “අපගේ නීති පද්ධති මෙම ගැටලුව විසදීම සඳහා සුදුසු නැහැ. මෙම තාක්‍ෂණික දියුණුව නිසා අපට සිතාගත නොහැකි තරම් වේගයෙන් සමාජය වෙනස් වෙමින් පවතිනවා. මෙය නියාමනය කරන්නේ කෙසේදැයි සමාජයක් ලෙස අප තීරණය කර නැහැ. ව්‍යාජ කාමුක දර්ශනවලට (Fake porn) ගොදුරු වූවන්ට එය විනාශකාරී යි. එය ඔවුන්ගේ ජීවිතය මුළුමනින්ම උඩු යටිකුරු කළ හැකියි‘

    ව්‍යාජ නිරුවත් රූප (Fake nude images) පිළිබඳ වර්තමාන එක්සත් රාජධානියේ නීතිය මෑතකදී නිකුත් වූ විශ්වවිද්‍යාල පර්යේෂණ වාර්තාවක “නොගැලපෙන, යල්පැනගිය සහ ව්‍යාකූල” බවට විවේචනයට ලක්විය.

    පළිගැනීමේ කාමුක දර්ශන වැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රගතියක් තිබියදීත්, “නීතියේ දීප්තිමත් හිඩැස් බොහෝමයක් පවතී” යැයි Women’s Aid charity ප්‍රකාශිකා ලුසි හැඩ්ලි පැවසුවාය.

    මෙම සංඛ්‍යාලේඛන මගින් ගැඹුරු ව්‍යාජ රූප කොතරම් පුළුල් විය හැකිදැයි පෙන්වන නමුත් එය දැනට නිශ්චිත වරදක් නොවේ.

    එංගලන්තයේ සහ වේල්සයේ පවතින ගැටලුව සම්බන්ධයෙන් නීතිය සමාලෝචනය කරන ලෙස රජය ‘නීති කොමිසමට“ උපදෙස් දී තිබේ. එහි සොයා ගැනීම් 2021දී ක්‍රියාත්මක වීමට නියමිතය.

    2020 ඔක්තෝබර් 20 වැනි දින බී.බී.සී. වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙලෙන්එගොඩ

  • දරුවෙකු දරුකමට හදා ගැනීම: ‘කුලවැද්දුම් නීතිය’ දැන ගනිමු !

    දරුවෙකු දරුකමට හදා ගැනීම: ‘කුලවැද්දුම් නීතිය’ දැන ගනිමු !

    ලංකාවේ ජනතාව තුළ ‘නීතිය’ ගැන තිබෙන්නේ ඉතාම අල්ප දැනුමක්. මේ නිසා ඔවුන් එදිනෙදා ජීවිතයේදී වගේම යම් යම් විශේෂ අවස්ථාවලදී ද මුහුණ පාන දුෂ්කරතාවල නිමක් නැහැ. මෙය වෙනස් කළ හැකි වන්නේ ‘ජනතාව තුළ නීතිය පිළිබඳ සාක්ෂරතාව’ වර්ධනය කිරීමෙන් පමණයි.

    එහෙත් එවැනි පියවරක් වෙත යාමට ‘අදාළ අංශ’ උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට නැහැ. මේ තත්ත්වය තුළ එදිනෙදා ඔබ මුහුණ දෙන නෛතික ගැටලූ සම්බන්ධ නීතිමය පසුබිම වටහා දීම සඳහා විශේෂ ලිපි පෙළක් සම්පාදනය කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු ලිපිය.

    මෙය උපුටා ගත්තේ පසුගිය 16 වැනිදා බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පළ වූ ‘මංජුල ලසන්ත උක්වත්තගේ CSC නේෂන් ලංකා ආයතනය පුණ්‍ය කටයුත්තක් ද? .බේබි ෆාම්. එකක් ද ? යන ලිපියෙන්.

    ‘ස්වභාවික දෙමාපියන් හැර වෙනත් විවාහක හෝ අවිවාහක පුද්ගලයන් දරුවෙකු දරු කමට හදා වඩා ගැනීම ‘දරුවන් කුලවද්දා ගැනීම’ යන්නෙන් අදහස් වන අතර, ඊට අදාළ නීතිය 1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනතේ සඳහන් වන බව නීතීඥ මදුෂි කොස්වත්ත අදහස් දක්වමින් පැවසුවාය.

    Baby farm Sri Lanka
    ඡායාරූප ශීර්ෂ වැකිය,නීතීඥ මදුෂි කොස්වත්ත

    “මේ සම්බන්ධයෙන් දරුවා වගේම ඒ දරුවා හදා ගන්න අය සපුරාලිය යුතු අවශ්‍යතා කීපයක් පනතේ සඳහන් වෙනවා. ප්‍රායෝගිකව සිදු විය යුත්තේ, අධිකරණය හරහා පෙත්සමක් ගොනු කරළා ඉල්ලුම්කාර පාර්ශවය විදිහට දරු කමට හදා ගන්න ඉල්ලන යුවල හෝ තනි පුද්ගලයා සඳහන් කරන්න ඕනේ. එහි වගඋත්තරකරුවන් විදිහට දරුවාගේ නම සඳහන් කළ යුතුයි. ඊට අමතරව දරුවාගේ ස්වභාවික මව සහ පියාගේ කැමැත්ත අනිවාර්යයෙන් තිබිය යුතුයි,” ඇය සඳහන් කළාය.

    “ඊට අමතරව රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුව සහ දරුවට අදාළ පරිවාස නිලධාරීන්ව වගඋත්තරකරුවන් ලෙස නම් කරළා, ඒ අයගෙන් කැමැත්ත විමසලා, දරුවාගේ උපරිම යහපත කියන සංකල්පය මත අධිකරණය තීරණයක් ලබා දෙනවා,” යැයි නීතීඥවරිය පැවසුවාය.

    1941 අංක 24 දරණ දරුකමට හදාගැනීමේ ආඥා පනත ප්‍රකාරව දරුවෙක් දරුකමට හදා ගැනීමේදී සපුරාලිය යුතු අවශ්‍යතා:

    1. දරුකමට හදා ගැනීමට බලාපොරොත්තු වන දරුවා වයස අවුරුදු 14 ට අඩු විය යුතුය.
    2. වයස අවුරුදු දහයට වැඩි දරුවෙක් දරුකමට හදා ගැනීමට ගැනීමේදී, අධිකරණය දරුවාගේ කැමැත්ත විමසනු ඇත.
    3. දරුකමට හදා ගැනීමට ඉල්ලුම් කරන පාර්ශවය, එනම් යුවල හෝ තනි ‍පුද්ගලයා අවුරුදු 25 සම්පුර්ණ කර තිබිය යුතුය.
    4. දරුකමට හදා ගැනීමට ගන්නා පාර්ශවය සහ දරුවා අතර වයස පරතරය අවුරුදු 21 ට වැඩි විය යුතුය. නමුත් අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් කෙලින්ම පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කරුගේ පුර්ණ හෝ අර්ධ සහෝදරයෙක් හෝ සහෝදරියක් වන විට හෝ ඔවුන්ගෙන් පැවත එන්නෙක් වන විට හෝ ඉල්ලුම්කාර පාර්ශවයේ සැමියාගේ හෝ බිරිඳගේ වෙනත් විවාහයක දරුවකු වන විට ඔවුන් අතර තිබිය යුතු අවුරුදු 21 වයස් පරතරය අත්‍යවශ්‍ය නොවේ.
    5. ගැහැණු දරුවෙකු දරුකමට හදා ගැනීමේදී ඉල්ලුම් කරන පාර්ශවය තනි පිරිමි පුද්ගලයෙකු නම්, ඔහුට ඒ සඳහා අධිකරණයෙන් අවසර නොලැබේ.vකෙසේනමුත්, විශේෂ ඥාති සම්බන්ධතා මත අවසර ලබා දීමට අධිකරණයට අභිමතයක් තිබේ.
    6. යුවලක් විසින් ඉල්ලුම් කරන විටෙක, දරුවා හදා ගැනීමට දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය වේ. නමුත්, ඔවුන් දික්කසාද වී සිටී නම් හෝ එක් පාර්ශවයක් සොයාගත නොහැකි නම් හෝ කලත්‍රයා මානසික ආබාධයකින් පසුවෙයි නම්, දෙදෙනාගේම කැමැත්ත අවශ්‍ය නොවේ.
    7. දරුවෙක් හදාගැනීමට ගැනීමක දී, ඔහුගේ/ ඇයගේ ස්වාභාවික දෙමවුපියන්ගේ කැමැත්ත ලබාගැනීම අනිවාර්ය වේ. දරුවාගේ දෙමව්පියන් විවාහක නම් දෙමාපිය දෙදෙනාගේම කැමැත්තද, අවිවාහජ දරුවෙකු නම් (පියෙකු නොමැති නම්) මවගේ කැමැත්ත ද අවශ්‍ය වන අතර, භාරකරුවෙක් යටතේ දරුවා සිටින විටෙකදී, එම භාරකරුගේ කැමැත්ත ද අවශ්‍ය වේ.
    8. නමුත් මෙසේ කැමැත්ත ලබාගත යුතු පුද්ගලයා දරුවාව අත හැර ගොස් සිටී නම් හෝ දරුවා නඩත්තු කිරීම පැහැර හැර ඇත්නම් හෝ සිහි විකල් වූවෙක් නම්, ඔහුගේ/ ඇයගේ කැමැත්ත විමසීමක් අවශ්‍ය නොවන අතර දිසා අධිකරණයට දරුවා පිළිබඳ තීරණයක් ගත හැකි වේ. දිසා අධිකරණය දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් සැළකීම මීට හේතු වේ.
    9. දරුවෙකු හදා ගැනීමට ගැනීම සම්බන්ධයෙන් දරුවාගේ ස්වභාවික දෙමව්පියන් හෝ භාරකරු වෙත මුදලක් හෝ ත්‍යාගයක් ගනුදෙනුවක ආකාරයෙන් ලබා දීම දීම හෝ දීමට පොරොන්දු විය නොහැක.
    10. දරුවා හදාගැනීමට ගැනීමෙන් පසුව දරුවාට නමක් යෝජනා කිරිමට කුලවද්දා ගත් දෙමාපියන්ට හැකි අතර, කුලවද්දා ගත් පියාගේ පෙළපත් නාමය දරුවාට ලබා දිය හැකිය.
    Baby farm Sri Lanka

    දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය යනු කුමක්ද?

    දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ 4 වන වගන්තිය, දරුවාගේ උපරිම යහපත පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් විස්තර කර ඇත.

    දරුවන්ගේ ඉහළම භාරකරු වශයෙන් හඳුන්වන්නේ දිසා අධිකරණය වන අතර, දරුවා කුලවද්දා ගැනීමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට පෙර දරුවා හදාගැනීමට දීමෙන් ඔහු හෝ ඇයගේ උපරිම යහපත සැලසී ඇත්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.

    මෙහිදී මූලික වශයෙන් සලකා බලන කරුණු නම්:

    1. දරුවාගේ කායික සහ මානසික යහපත
    2. දරුවාගේ සෞඛ්‍යමය යහපත
    3. දරුවාගේ මුල්‍යමය තත්වයට අදාළ කරුණු
    4. දරුවාගේ සදාචාරාත්මක පැවැත්මට අදාළ කරුණු

    “තනි පුද්ගලයෙකුට දරුවෙක් හදා ගන්න පුළුවන් කියලා පනතේ තිබුණට, අධිකරණයෙන් ඒකට අවසර දෙන්නෙම නැති තරම්. කොහොම වුණත්, දරුවන් කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ යල් පැනගිය නීතියක්. 1940 ගණන්වලට අදාළ මේ නීතිය අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි,” නීතිඥ මදුෂි කොස්වත්ත පැවසීය.

    “මේ නීතියේ සෑහෙන හිඩැස් තියෙනවා. ඒ හිඩැස්වල තමයි CSC නේෂන් ලංකා වගේ ආයතන එල්ලිලා ඉන්නේ. මේ යල් පැනගිය නීති නිසා ඇත්තටම දරුවෙකුගේ අවශ්‍යතාව තියෙන යුවලකට දරුවෙකු හදාගන්න එක අමාරු වෙන අවස්ථා අපි අත්දැක තියෙනවා.”

    Baby farm Sri Lanka

    ළමා නිවාසවල සිටින දරුවන් කුලවද්දා ගැනීම සිදුවන්නේ කෙසේද?

    ළමා නිවාසවල සිටින දරුවන් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ අදාළ පළාතේ ළමා හා පරිවාස කොමසාරිස්වරයාටය.

    1. ඒ අනුව, ළමා නිවාසයක සිටින දරුවෙකු හදා ගැනීමට ඉල්ලුම් කිරීමේ දී ප්‍රථමයෙන් අවසර ලබා ගත යුත්තේ පරිවාස හා ළමා කොමසාරිස්වරයාගෙනි. ඒ සඳහා අදාළ ළමා නිවාසය පිහිටි බල ප්‍රදේශයේ ළමා හා පරිවාස කොමසාරිස්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකළ යුතුය.
    2. මෙහි දී ඉල්ලුම්කාර පාර්ශවය නිත්‍යානුකුලව විවාහ වී සිටීම අවශ්‍ය වන අතර, ඔවුන් අදාළ අධිකරණ බල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් විය යුතුය.
    3. පිරිමි ඉල්ලුම්කරුවන්ගේ වයස අවුරුදු 25ත් 55ත් අතර විය යුතු අතර, කාන්තා ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 25 ත් 50 ත් අතර විය යුතුය.
    4. අදාළ පාර්ශවයට දරුවෙකු හදා ගැනීමට සරිලන ආර්ථික තත්වයක් පවතින බව ඔප්පු කළ යුතුය.
    5. ඔවුන් හොඳ කායික සහ මානසික යහ පැවැත්මෙන් යුක්ත බව පෙන්වා දිය යුතුය.
    6. ඔවුන්ට දරුඵල නොමැති බව වෛද්‍ය සහතිකයකින් පෙන්වා දී තිබිය යුතුය.
    7. දරුවාගේ සුභසාධනය වෙනුවෙන් දරුවාගේ නමින් බැංකු ගිණුමක් අරඹා පවත්වා ගෙන යාමේ කොන්දේසියට ද අදාළ පාර්ශවය එකඟ විය යුතුය.

    දරුවෙකු කුලවද්දා ගැනීමට ගැනීම සඳහා අධිකරණයෙන් තාවකාලික ආඥාවක් පමණක් නිකුත් කර තිබෙන අවස්ථාවක, දරුවා නැවත ළමා නිවාසයට භාරදීමේ හැකියාව ඇති නමුත්, අධිකරණය මඟින් ස්ථිර ආඥාවක් නිකුත් කළ පසුව එසේ කළ නොහැකිය.

    “නීතියේ තියෙන යම් දුර්වලතා නිසා, ළමා නිවාසයකින් දරුවෙක් හදා ගන්න ඉල්ලනකොට පරිවාස නිලධාරීන් හරි ඉක්මනට ඒ ක්‍රියාවලිය සම්පූර්ණ කරන තත්වයක් තියෙනවා. ඒ වගේ දේවල් CSC නේෂන් ලංකා වගේ ආයතනවලට වාසි සහගත වෙලා තියෙනවා.”

    “ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම තහනම් වීම යන කාරණය මත, සමහරවිට ඔවුන් මේ සිදුකරන්නේ හොඳ දෙයක් වෙන්න පුළුවන්, නමුත් මංජුල කියන පුද්ගලයා මේ ලබා දෙන අනවශ්‍ය ප්‍රචාරය දැක්කාම ඕනෑම කෙනෙකුට සාධාරණ සැකයක් මතු වෙනවා,” නීතිඥවරිය තවදුරටත් පැවසුවාය.

    ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය

    ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වගන්තිය අනුව ගබ්සාවක් කළ හැක්කේ කළලයෙන් මවගේ ජිවිතයට හානියක් වන අවස්ථාවකදී පමණි.

    Baby farm Sri Lanka

    ගබ්සා කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන්, ස්ත්‍රී දූෂණ, කළලයේ බරපතළ විකෘතිතා, පවුල් සැලසුම් ක්‍රම අසාර්ථකවීම, ව්‍යභිචාර වැනි අවස්ථාවලදී ඇතිවන ගැබ් ගැනීම් ඉවත් කිරීමට නොහැකි නිසා කාන්තාවන් විශාල ගැටළු රැසකට මුහුණ දෙන තත්වයක් දැකිය හැකිය.

    දියුණු රටවල මෙන් ශ්‍රී ලංකාව තුළ තනි මවකට දරුවෙකු හදා වඩා ගැනීමට රජයෙන් සහයක් නොලැබෙන අතර, සමාජයෙන් එල්ල වන පීඩනය අන් සියල්ලට වඩා අසීරුය.

    ගබ්සා නීතිය ලිහිල් කරන ලෙස කාන්තා සංවිධාන, වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනෙක් වසර ගණනාවක් තිස්සේ විවිධ ඉල්ලීම් කළ නමුත් ඒ සෑම අවස්ථාවකම ආගමික නායකයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කිසිදු රජයක් එම ඉල්ලීම් ක්‍රියාත්මක කළේ නැත.

    මේ අතර, ලොව පුරා රටවල් ගණනාවක ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කර තිබේ.

    විදේශිකයෙකු ශ්‍රී ලංකාවේ දරුවෙකු කුලවද්දා ගැනීමට අදාළ නීති මොනවා ද?

    විදේශීය රටක පුරවැසිභාවය හිමි අයෙකුට වුව ද ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය. එහිදී පහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය වේ:

    1. අදාළ දරුවා රජයේ ලියාපදිංචි අනාථ නිවාසයක සිටින දරුවෙක් විය යුතුය.
    2. එම දරුවා තෝරා දීමේ කාර්යය පරිවාස හා ළමා කොමසාරිස් විසින් සිදු කළ යුතුය.
    3. විදේශීය ඉල්ලුම්කරු සම්බන්ධයෙන් ඔහුගේ රටේ වගකිවයුතු ආයතනයකින් ලබාගත් පොලිස් වාර්තාවක්, ඔහුගේ වටපිටාව සම්බන්ධ වාර්තාවක් සහ එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් ලබාගත් වාර්තාක් ද ඉදිරිපත් කළ යුතුය.
    4. විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ දරුවෙක් කුලවද්දා ගැනීමෙන් පසු එම දරුවාට වයස අවුරුදු 10 වන තෙක්ම සෑම සය මසකට වරක් දරුවා පිළිබඳ ප්‍රගති වාර්තා අදාළ ඡායාරූප ද සමඟ පරිවාස හා ළමා කොමසාරිස් වෙත එවිය යුතුය.
  • 20 එන දවසේ පාන්දර වසර1 1/2ක් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මදුෂ් මරුට! සැඟවුණු ආයුධ නොවෙයි සැඟවුණු කුඩු පෙන්වන්න ගිහින්ලු!

    20 එන දවසේ පාන්දර වසර1 1/2ක් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මදුෂ් මරුට! සැඟවුණු ආයුධ නොවෙයි සැඟවුණු කුඩු පෙන්වන්න ගිහින්ලු!

    මාලිගාවත්ත නිවාස සංකීරණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.

    ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

    අද (20) අළුයම එම වැටලීම සිදුකර තිබේ.

    එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

    ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරියෙකුට වෙඩිවැදී තිබේ. ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.

    වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි.

    ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයෙන් සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.

    වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව 2019 මැයි මාසයේ දී මෙරටට රැගෙන එන ලදි.

    උපුටා ගැනීම: අද දෙරණ

    සංස්කාරක සටහන:

    අද (20) පාර්ලිමේන්තුවට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත අතර හෙට(21) සහ අනිද්දා (22) එය විවාදයට ගැනීමට සැලසුම් කොට තිබේ.

    මීට පෙර (2015 යහපාලන ආණ්ඩුව පැමිණීමට පෙර ) බොහෝ අවස්ථාවලදී මෙවැනි දරුණු අපරාධ කරුවන් සැඟවුණු ආයුධ පෙන්වීම ගෙන ගිය අවස්ථාවලදී පොලිසිය සහ ඔවුන් අතර ද්වන්ධ සටන් ඇතිවී එම අපරාධ කරුවන්ගේ ජීවිත අහිමි වූ අවස්ථා බොහෝමයක් වාර්තාවිය. කෙසේ වෙතත් මෙවර වාර්තාවන්නේ සැඟවුණු ආයුධ වෙනුවට සැඟවුණු කුඩු පෙන්වීමට ගිය බවයි. පාතාලයට සම්බන්ධ බොහෝ අපරාධකරුවන්ධ මේ වන විට අත් අඩංගුවට පත් වෙමින් සිටින්නේ කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් ලෙසය.

    අපරාධකරුවන්, ජාවාරම්කරුවන් පිටුපස බොහෝ විට දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධ රහසකි. එසේම ඇතැම් විට රටේ තීරණාත්මක දේශපාලන, ආර්ථික තීන්දු තීරණ ගන්නා සහ ක්‍රියාත්මක වන අවස්ථාවලදී එවැනි දේ පරයා වෙනත් මාතෘකා ඉස්මතු වීම සහ මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවා ගනිමින් එවැනි දෑ ඉස්මතු කිරීම මෑත කාලයේ සුලභව සිදුවන බව වහලුන් නොවන බුද්ධිමත් ජනතාවට පසක් වෙමින් තිබේ.

  • පරිප්පුවල සුපිරි ගුණ ගැන විස්මිත හෙළිදරව්වක් !

    පරිප්පුවල සුපිරි ගුණ ගැන විස්මිත හෙළිදරව්වක් !

    ශාක පදනම් කරගත් ආහාර වේලක ඇති ප්‍රයෝජන පිළිබඳ වැඩි වැඩියෙන් දැනුවත් වීමත් සමඟ, කලින් නොසලකා හරින ලද විවිධ අමුද්‍රව්‍ය වඩාත් ප්‍රචලිත වී තිබේ. පරිප්පු යනු එවැනි එක් ආහාරයකි. අපගේ ප්‍රෝටීන් මාත්‍රාව ලබා ගැනීම සඳහා අපගේ පරිප්පු බඳුන අවසන් කරන ලෙස අපට නිතරම පවසා ඇත. එය උරාඩ් පරිප්පු (කළු පරිප්පු), මසූර් පරිප්පු (රතු පරිප්පු), ටෝර් පරිප්පු (කහ පරිප්පු) යනාදිය විය හැකිය. නමුත් ප්‍රෝටීන වලින් පොහොසත් වීමට අමතරව පරිප්පු වලට වෙනත් සෞඛ්‍යමය වාසි රැසක් ඇති බව ඔබ දැන සිටියාද?

    ප්‍රතිලාභ

    පරිප්පු අතර රතු පරිප්පු හෝ මසූර් පරිප්පු යනු භාවිතයේ පහසුව නිසා ඉන්දියාවේ බහුලව භාවිතා වන පරිප්පු වලින් එකකි. එය අධික පෝෂ්‍යදායී හා රසකාරක වන අතර එමඟින් එදිනෙදා සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීම සඳහා කදිම තේරීමක් වේ.

    මෙම අඩු කැලරි හා ඉහළ ප්‍රෝටීන් සහිත සුපිරි ආහාර පෝෂ්‍ය පදාර්ථ සහිත පිරිපහදු කළ පිටි සඳහා හොඳ විකල්පයකි. ස්වාභාවිකවම සමාගම් රතු පරිප්පු වලින් සාදන ලද පෝෂ්‍යදායී ග්ලූටන් රහිත පැස්ටා නිපදවා ඇත. එබැවින්, ඔබ පැස්ටා රසවත් බඳුනක් භුක්ති විඳින විට පවා, ඔබ සෞඛ්‍ය සාධකය සමඟ සම්මුතියක් ඇති නොකරයි.

    රතු පරිප්පු වල පෝෂණ කරුණු

    ශාක පදනම් කරගත් ප්‍රෝටීන වල විශිෂ්ට ප්‍රභවයකි.

    යටින්
    ශාක පදනම් කරගත් ප්‍රෝටීන වල විශිෂ්ට ප්‍රභවයකි. කලින් සඳහන් කළ පරිදි රතු පරිප්පු ප්‍රෝටීන වල හොඳ ප්‍රභවයකි. පිසූ රතු පරිප්පු වල එක් භාජනයක් (ග්‍රෑම් 50 ක් පමණ) ප්‍රෝටීන් ග්‍රෑම් 12ක් අඩංගු වන අතර එය මූලික වශයෙන් ඔබ නිර්දේශිත දෛනික ප්‍රෝටීන් ප්‍රමාණයෙන් සියයට 30 කට පරිවර්තනය කරයි. එබැවින් එය සත්ත්ව ආහාර වලින් තොර සහ නිර්මාංශිකයින් සඳහා ශාක පදනම් කරගත් ප්‍රෝටීන වල විශිෂ්ට ප්‍රභවයක් බවට පත් කරයි.

    තන්තු වල හොඳ ප්‍රභවය – රතු පරිප්පු යනු තන්තු වල විශිෂ්ට ප්‍රභවයකි. පිසින ලද රතු පරිප්පු කෝප්පයක තන්තු ග්‍රෑම් 15 ක් අඩංගු වන අතර එය ඔබ නිර්දේශිත දෛනික තන්තු ප්‍රමාණයෙන් සියයට 45 ක් පමණ වේ.

    අත්‍යවශ්‍ය ඛනිජවල ඉහළ – රතු පරිප්පු යකඩ හා මැග්නීසියම් හොඳ ප්‍රභවයකි.

    ප්‍රතිලාභ


    අඩු කැලරි – රතු පරිප්පුවල අඩංගු කැලරි ප‍්‍රමාණය ඔබට සැනසුමක් ගෙන දෙන තරම් වේ. පිසූ පරිප්පු වල එක් භාජනයක් අඩංගු වන්නේ කැලරි 168 ක් පමණි.

    විටමින් වලින් පොහොසත් – රතු පරිප්පු විටමින් හොඳ ප්‍රභවයක් ලෙස සේවය කරයි, විශේෂයෙන්, ෆෝලේට්, එය බී විටමින් වර්ගයකි.

    රතු පරිප්පු වල සෞඛ්‍ය ප්‍රතිලාභ

    පරිප්පු වල සෞඛ්‍ය ප්‍රතිලාභ හයක් මෙහි ලැයිස්තු ගත කර ඇති අතර ඒවා දැන්ම ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට පටන් ගනී.

    ප්‍රතිලාභ


    හෘද සෞඛ්‍යය නංවන්න – තන්තු, මැග්නීසියම් සහ ෆෝලේට් වලින් පොහොසත් වීම; රතු පරිප්පු නිරෝගී හදවතකට උපකාර කරයි. මැග්නීසියම් ශරීරය පුරා රුධිරය, ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ වැඩි දියුණු කරයි. ධමනි බිත්ති වලට වන හානිය වළක්වා ගැනීමට ෆෝලේට් උපකාරී වන අතර එමඟින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි. රතු පරිප්පු වල ඇති තන්තු අන්තර්ගතය ශරීරයේ සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටම පවත්වා ගැනීමට උපකාරී වේ.

    ප්‍රතිලාභ

    බර කළමනාකරණයට උදව් කිරීම – රතු පරිප්පු කෙඳි හා ප්‍රෝටීන් වලින් පොහොසත් වීමට අමතරව අඩු කැලරි අගයක් ඇති බැවින් ඵලදායී බර කළමනාකරණයට උපකාරී වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ දෙක නිසා, අපට වඩා වේගවත් හා දීර්ඝ කාලයක් දැනෙන අතර, එම නිසා ආහාර වේල් අතර සෞඛ්‍ය සම්පන්න නොවන සුලු ආහාර අනුභව කිරීමේ ආශාව මග හැරේ. අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී සිටීමටත්, අනවශ්‍ය බර පැටවීම වැළැක්වීමටත් එය අපට උපකාරී වේ.

    ප්‍රතිලාභ

    සෞඛ්‍ය සම්පන්න ගැබ්ගැනීම් සඳහා සහාය – ගර්භනී කාන්තාවන්ගේ ආහාරයට රතු පරිප්පු ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් වේ. මෙයට හේතුව රතු පරිප්පු හොඳ ෆෝලේට් ප්‍රභවයක් වන අතර එය කලලරූපී මොළයේ වර්ධනයට සහ සංජානන ආබාධ වැළැක්වීමට බෙහෙවින් අත්‍යවශ්‍ය වේ.
    ප්රතිශක්තිය ගොඩනැගීමට උදව් කරන්න

    ප්රතිශක්තිය ගොඩනැගීමට උපකාරී වේ

    ප්‍රතිශක්තිය ගොඩනැගීමට උදව් කරයි – රතු පරිප්පු වල අත්‍යවශ්‍ය විටමින්, ප්‍රතිඔක්සිකාරක සහ ඛනිජ ලවණ බහුල වීම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට උපකාරී වේ. ප්‍රතිඔක්සිකාරක මගින් නිදහස් රැඩිකලුන් විනාශ කිරීමට සහ සෛල හා පටක වලට සිදුවන හානිය අවම කිරීමට උපකාරී වන අතර එමඟින් නිරෝගී සම ප්‍රවර්ධන කාරකයක් ලෙස සේවය කරයි.
    රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උදව් වන්න

    රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට උපකාරී වේ

    රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කිරීමට – රතු පරිප්පු වල අඩු ග්ලයිසමික් ​​දර්ශකයක් ඇති අතර ආහාරමය තන්තු අඩංගු වේ. මෙම සාධක දෙකේ සංයෝජනය හදිසියේ රුධිරයේ සීනි වැඩිවීම වැළැක්වීම සහතික කරයි. මේ අනුව දියවැඩියාව ඇති පුද්ගලයින් සඳහා ස්ථාවර රුධිර සීනි මට්ටමට සහාය වීම.

    ශක්තිය වැඩි කරයි


    ශක්තිය වැඩි කරයි – රතු පරිප්පු මන්දගාමී දැවෙන සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ලබා දෙන අතර එය බිඳ වැටීමට වැඩි කාලයක් ගත වන අතර ශරීරයේ වැඩි කල් පවතින ශක්තියක් සපයයි. මේ හැරුණු විට රතු පරිප්පු යනු යකඩ ප්‍රභවයක් වන අතර එය රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය හා බලශක්ති නිෂ්පාදනයේ විශාල කාර්යභාරයක් ඉටු කරයි. යකඩ ඌනතාවය වෙහෙසට හා තෙහෙට්ටුවට ප්‍රධාන හේතුවක් වන හෙයින්, රතු පරිප්පු ආහාරයට විශේෂයෙන් එකතු කරනුයේ විශේෂයෙන් ඔසප් වීම / ගර්භනී කාන්තාවන්, ළමුන් සහ යෞවනයන් යකඩ ඌනතාවයට වැඩි අවදානමක් ඇති අය සඳහා ය.

    Text by The femaina.in – by – Thushadhavi

  • මම සති 28 ගැබිනියක්ව සිටියදී ‘මගේ පියයුරේ’ ගැටිත්තක් හමු වුණා

    මම සති 28 ගැබිනියක්ව සිටියදී ‘මගේ පියයුරේ’ ගැටිත්තක් හමු වුණා

    29 හැවිරිදි එමී, සොමර්සෙට් හි ෆ්‍රෝම් හි රූපලාවණ්‍ය ශිල්පිනියක සහ වේශ නිරූපණ ශිල්පිනියකි. ඇය ගර්භණීව සිටියදී පියයුරු පිළිකාවක් ඇති බවට හඳුනාගෙන ඇති අතර, ඇය එතැන් සිට සමාජ මාධ්‍යවල ඇගේ ගමනේ දුෂ්කර පියවර බෙදාගනිමින් සිටියි.

    ‘ඊයේ රෑ මම කොණ්ඩය සෝදමින් සිටියදී මගේ හිසකෙස් පොකුරු පොකුරු ගැලවී අතට ආවා. දැන් මගේ කොණ්ඩය ඉතාම සිහින් වෙලා. එහි තැන තැන හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබෙනවා. මේ වන විට මට මගේ ඇහිබැම සහ ඇහිපිය ද අහිමි වී තිබෙනවා. මෙය දරාගත නොහැකි හැඟීමක් වගේම මා කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක්’

    ‘මම කැඩපත දෙස බැලූවා. දැන් එහි සිටින පුද්ගලයා මට හඳුනා ගැනීමට නොහැකියි. ඒත් ඒ මම කියලා මා දන්නවා’ ‘මම වෘත්තියෙන් වේශ නිරූපණ ශිල්පිනියක්. එම මෑතක් වනතෙක් එය පවත්වා ගෙන ගියා. ඒත් දැන් එය වසා දමා තිබෙනවා.

    ‘මගේ රැුකියාව වන්නේ කාන්තාවන් ලස්සන කිරීමයි. ඔවුන් තුළ ප‍්‍රබෝධයක් ඇති කිරීමයි. ඒත් දැන් මා මුහුණ දී සිටින තත්ත්වය අනුව මට ඔවුන් හමුවට යාම දුෂ්කර වී තිබෙනවා. කොණ්ඩය සහ ඇහිබැම කියන්නේ ඔබගේ අනන්‍යතාවයයි. එය අහිමි වීම ඔබට ඔබම අහිමිකර ගැනීමක්’

    ‘මා දැන් පත්ව සිටින්නේ දැඩි අසීරු තත්ත්වයකට. මට වේෂනිරූපණ කිරීමට සහ බොරු කොණ්ඩයක් පැළඳීමට සිදුව තිබෙනවා.

    ‘ගර්භණීභාවයට පෙර මා සිටි තත්ත්වය ගැන මට අමතක කළ නොහැකි හැඟීමක් තිබෙනවා. මම ඒ ගැන කල්පනා කරනවා. ඒත් දැන් මගේ ජීවිතය වෙනස් වී තිබෙනවා. මට මගේ අනන්‍යතාව අහිමි වෙලා තිබෙනවා’

    එමී

    ‘මම මුලින්ම මගේ පියයුරුවල ගැටිත්තක් සොයාගත්තේ මැයි මාසයේදීයි. එය දුටු විට මා පුදුමයට පත් වුණා. ‘එය එතැනට ආවේ කොහොමද ?’ මම කල්පනා කළා.

    ‘තවත් දින කිහිපයක් ගත කළා. මා තීරණය කළා එය පරීක්ෂා කළ යුතු බව. නමුත් අවාසනාව පැමිණ තිබුණා. කොවිඞ් වසංගත නිසා මට නිසි පරීක්ෂණයකට ලක්වීමට නොහැකි වුණා. මා පරීක්ෂා කළ කාන්තාව එය නිසි පරිදි කළේ නැහැ. ඇය මට ගෙදර ගොස් සිසිල් ගෝවා කොළ මගේ පපුව මත තබන ලෙසත් පියයුරුවල තිබෙන ගැටිත්ත ගර්භනීභාවය නිසා හෝමෝන වෙනස්වීම් නිසා ඇති වූ තත්ත්වයක් විය හැකි බවත් ඇය පැවසුවා. මම ඇයව විශ්වාස කළා. මොකද ඇය විශේෂඥවරියක්. ඇය කියන දේ මා විශ්වාස නොකර වෙන කුමක් කරන්න ද ?

    ඒත් ඇය වැරදි බවත්, මා ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බවත් සති කිහිපයකින් මට වැටහුණා. සති හතරක් පහක් තුළ අර ගැටිත්ත මගේ පියයුරුවල මුදුනටම ආවා.

    එය දිගින් දිගටම වර්ධනය වෙමින් පැවතුණා. ඒ නිසා එය නැවත පරීක්ෂා කිරීමට මට අවශ්‍ය වුණා. මම නැවත විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වුණා. ඔවුන් පැය 24ක් තුළ මාව දේශීය පියයුරු පිළිකා සායනයට ඇතුළත් කළා.

    ඔවුන් එහි බයොප්සි පරීක්‍ෂණයක් කළා. යමක් වැරදියි කියා ඔවුන්ට පෙනෙන නිසා ඔවුන් මගේ යටි පතුලත් පරිලෝකනය කළා. මම සති 35ක ගර්භනී අවධියේදී නිල වශයෙන් දැනගත්තා මට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව’ එය ත්‍රිත්ව බැට්එසඩැ ණාත්මක පියයුරු පිළිකාවක් බවයිග

    ‘එය ඇසූ විට මම සම්පූර්ණ හා දැඩි කම්පනයකට පත්ව වුණා. එය හරියට මගේ දෙපා කපා ඉවත් කළා වගෙයි මට දැනුණේ’

    ‘ඔබ ගර්භණීව සිටින විට ඔබට දැනෙන්නේ ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඇති බවයි.ඔබට හෝ ඔබේ දරුවාට කිසිම හානියක් සිදු නොවන බවයි. ඒත් මගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මම ගර්භණීව සිටියදීයි පියයුරු පිළිකාවකට ගොදුරු වුණේ. මම එවැනි දෙයක් කිසිදාක අසා නැහැ. එය ඇත්තෙන්ම බියකරු සිහිනයක් වගේ දෙයක්’

    ‘පිළිකා ඔබේ තේරීම් ඉවත් කරයි’

    ‘මගේ දුව බ්‍රොඩි-රේ සති තුනකට පෙර සිසේරියස් ශෛල්‍යකර්මයක් මගින් ප‍්‍රසූත කළා. මට ඇයට මව්කිරි දීමට හැකි වූයේ එක් වරක් පමණයි. එතරම් ස්වාභාවික දෙයක් කිරීමට හැකිවීම සහ පිළිකාවක් නොතිබීම එය මගෙන් ඈත් කිරීම එම සුළි සුළඟේ මට මතක ඇති වඩාත් සාමකාමී, සුන්දර මොහොතයි’

    ‘නමුත් ඊළඟ දවසේ වෛද්‍යවරු මගේ කිරි පැමිණීම නැවැත්වීමට බෙහෙත් ටිකක් දුන්නා. ඒ නිසා මට මව්කිරි දීමට නොහැකි වුණා. මම මෑතකදී මගේ අන්තිම ප‍්‍රතිකාර වටය ද අවසන් කළ අතර මම සුවය ලබා හැකිතාක් විවේක ගනිමින් සිටිනවා. සති හතරකින් ශල්‍යකර්මයක් කිරීමට නියමිතයි’

    ‘මට සියල්ල අහිමි වී ඇති බවත්, සියල්ල අසීරු බවත් හැඟී යනවා’

    එමී

    ‘පියයුරු පිළිකාවක් තිබීම නිසා මට තෝරා ගැනීම් කිහිපයක් තිබුණේ නැහැ. එය අතිෂය ඒකපාර්ශ්වික දෙයක් වුණා.

    මගේ ප්‍රතිකාර කාලසටහන, මගේ දරුවා ප්‍රසූත කරන්නේ කවදාද යන්න පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරුන් තවත් මොහොතකින් ‘මට මව්කිරි දීමට නොහැකි බව’ පැවසුවා. මගේ ඩිම්බ කෝෂ රසායනික චිකිත්සාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මාව ඔසප් වීමකට ලක් කළා. දැන් මගේ ඩිම්බ කෝෂ රසායනික ද්‍රව්‍යයෙන් පසු අවදි නොවන්නේ නම් මගේ සාරවත් බව නැති වීමට ඉඩ තිබෙනවා. පිළිකාව මගෙන් උදුරා ගත හැකි තවත් දෙයක් එයයි’

    මම මේ මොහොතේ කැඩපත දෙස බැලීමට කැමති නැහැ. එය මම නොකිරීමට උත්සාහ කරන දෙයක්. මම මේ චුම්බක ඇහිබැමි පැළඳ ගෙනයි සිටින්නේ. මම ඒවා පැළඳ සිටින්නේ අමුත්තන් හමුවේ පෙනී සිටීමට අවශ්‍ය වූ විට සහ මම ‘පිටතට’ යන විටයි.

    කොණ්ඩය කැපීමේ පෙනුම නිර්මාණය කිරීමට ඔබට භාවිතා කළ හැකි පුදුමාකාර බ්‍රෝ පැන්සලක් ද මම සොයා ගත්තා. මට අහිමි වූ දේ නැවත ලබා ගැනීමට මේ කුඩා නිෂ්පාදන සියල්ලම මට උපකාර කරමින් සිටිනවා.

    ‘මගේ දුව ලෝකයේ ඉන්න වාසනාවන්තම දැරිය කියලා මට දැනෙනවා. මම මවක් වන්නේ කෙසේදැයි දන්නේ නැහැ. නමුත් එය මම ඉතා දිගු කාලයක් තිස්සේ සිහින මැවූ දෙයක්. ඉතින් මේ සියල්ල සිදුවන්නේ මගේ ජීවිතයේ සුන්දරම කාලය තුළ වීම මට විශ්වාස කළ නොහැකි දෙයක්.

    නමුත් සෑම දිනකම මගේ දියණිය දෙස බැලීමෙන් මට ඇදහිය නොහැකි තරම් වාසනාවක් දැණෙනවා. මට දැන් ඇය නොසිටියා නම් මට කවදාවත් දරුවන් ලැබෙන්නේ නැති බව මා දන්නවා.

    මම හිතන්නේ මගේ පිළිකාව අපේ සම්බන්ධතාවය වඩාත් ගැඹුරු කර ඇත්තේ ඇය වැඩී ඇය කෙතරම් වැදගත් දැයි වටහා ගන්නා නිසයි. ඇය ලෝකයේ ප්‍රීතිමත්ම කුඩා දැරිය වන අතර ඇය හරිම සුරතල්. ඇය මාව සම්පූර්ණ කරනවා’

    එමී

    ‘මම තරුණ අම්මලාගෙන් ඉල්ලා සිටින්නේ වසංගත කාලේ තුළ වුවත් ඔබේ පියයුරු මත සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කරන ලෙසය. වෙනසක් හෝ සැකයක් ඇති වූ විට පිිළිගත් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගන්නා ලෙසයි.

    ‘පළමු වතාවට මා හැරී ගිය විට මට දැනුනේ මම සැබවින්ම ඇහුම්කන් නොදුන් බවයි. එබැවින් කෝවිඩ් සීමාවන් යළිත් දැඩි වීමත් සමඟ ඔබේ බුද්ධිය සහ සහජ බුද්ධිය විශ්වාස කළ යුතුයි’ යමක් නිවැරදි යැයි හැඟෙන්නේ නැත්නම්, ඔබ ආපසු යා යුතු අතර ඔබ දැකීමට තල්ලු කර තල්ලු කළ යුතුයි.

    ‘මට ඉතා වේගයෙන් වර්ධනය වන, ආක්‍රමණශීලී පිළිකාවක් තිබෙනවා. එබැවින් යමක් නිවැරදි යැයි හැඟෙන්නේ නැතැයි මා විශ්වාස නොකළේ නම් මා කෙබඳු තත්වයක සිටිය යුතුදැයි කවුද දන්නේ ?’

    මෙම මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වන නමුත් පියයුරු පිළිකා රෝස සහ සුදුමැලි දේවල් සමඟ සම්බන්ධ කිරීමට මා කැමති නැහැ. ඊට හේතුව වන්නේ පියයුරු පිළිකාව කිසිවිටෙකත් සුමුදු මෘදු අත්දැකීමක් නොවීමයි. එය කිසිසේත් රෝස මලක් මෙන් සුන්දර හෝ පියකරු නැහැ. එය තරුණියන්ව ඝාතනය කරන ඝාතකයෙක්’

    අපගේ පියයුරු පරීක්ෂා කර මාසික මතක් කිරීමේ සේවාවලට ලියාපදිංචි වීම කොතරම් වැදගත් ද? කල්තියා හඳුනා ගැනීම එතරම් වැදගත්’

    පිළිකා යනු ඕනෑම කෙනෙකුට කවදාවත්, කවදා හෝ අත්විඳිය යුතු ඉතාම භයානක දෙයක්. නමුත් මම මගේ කතාව ඉන්ස්ටග්‍රෑම්හි බෙදාහදා ගෙන ඇත්තේ දැනුවත් කිරීම සහ අනෙක් අයට උපකාර කිරීම සඳහා යි.

    බොහෝ කාන්තාවන් මා අමතනවා. ඔවුන් කියන්නේ මාගේ දැනුවත් කිරීම නිසා ඔවුන් ද පියයුරු පරීක්ෂා කිරීමට යොමු වූ බවයි. ඔවුන් අවධානමෙන් මිදීමට එය අවස්ථාවක් කරගෙන තිබෙනවා. මෙහිදී මා යළි යළිත් ඔබට අවධාරණය කරන්නේ ඔබේ සුන්දර පියයුරු දිනපතා පරීක්ෂා කර බලන ලෙසයි. එහි සිදුවන සියුම් වෙනසක් පවා දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි. මොකද ඔබේ පියයුරු ඔබව සුන්දර කරන්නා සේම ඒ හරහා ඔබගේ මාරයා ද පැමිණිය හැකියි’

    බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

  • අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට ‘බක-සම්මාන’ දෙන්න කාලය ඇවිත්!

    අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට ‘බක-සම්මාන’ දෙන්න කාලය ඇවිත්!

    උත්ප්‍රාසයට කරුණ නම් මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයටම මාධ්‍ය ආචාරධර්ම සම්පාදනය කරන කර්තෘ සංසදයේ වත්මන් ප්‍රධානියා ලංකාදීප කතුවරයා වීමයි! වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු ඒ අමාරුව?

    නාලක ගුණවර්ධන

    2020 වසර පුරාම අප මුහුණ දී සිටින වසංගත ආපදා තත්වය හමුවේ අලුත්ම තොරතුරු නිවැරදි සහ නිරවුල් ලෙස ලබා දීමට ජනමාධ්‍යවලට ලොකු වගකීමක් තිබෙනවා.

    වසංගතයේ පැතිරීම සහ වැළැක්වීම ගැන නිවැරදි තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය කිරීම සහ ප්‍රවෘත්ති ලෙස ඒවා සම්පාදනය කොට විගසින් බෙදා හැරීම කරනවාට අමතරව, සමහරක් මාධ්‍යවේදීන් තමන්ගේ පෞද්ගලික ආකල්ප සහ මතවාද එයට එකතු කරනු අප දකිනවා.

    COVID-19 රෝගය ඇති කරන, ඇසට නොපෙනෙන SARS-CoV-2 වෛරසය ආසාදනය වූවන් රෝගීන් හෝ ආසාදිතයන් යයි හඳුන්වනවා වෙනුවට, ඔවුන් අපරාධකරුවන් හා පාපතරයන් ලෙස හැඟීම් ඇති කරන විදියේ සාහසික මාධ්‍යකරණයක් මේ දිනවල යළිත් වරක් සමහර පත්තර, රේඩියෝ සහ ටෙලිවිෂන් අන්තර්ගතයේ හමු වනවා.
    ඔක්තෝබර් 4 වනදා දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් සේවක සේවිකාවන් අතරින් නව COVID-19 ආසාදිත පොකුරක් මතුවීමෙන් පසු යළිත් වරක් ආසාදිතයන් මත වරද පැටවීමේ සහ ඔවුන්ට දැඩි ලෙස නින්දා කිරීමේ අශිෂ්ට මාධ්‍යකරණයක් ඉස්මතු වී තිබෙනවා.

    පසුව ඇගේ දියණියටද මෙම රෝගය ආසාදනය වී ඇති බව සොයා ගත්තා. ඇතැම් ජනමාධ්‍ය මේ සිදුවීම් වාර්තා කළේ එම ආසාදිත කාන්තාව හා ඇගේ දියණිය සිදු කළ “අපරාධයක්” ලෙස හුවා දක්වමින්.

    රාජ්‍ය මාධ්‍යයක් වන ITN ශ්‍රී ලංකා ප්‍රවෘත්ති නිවේදකයා ඔක්තෝබර් 5 වනදා සවස සිරස්තල ඉදිරිපත් කළේ “දිවුලපිටියේ අම්මගෙයි දුවගෙයි කොරෝනාව” හැටියටයි.

    එම කාන්තාවට වෛරසය ශරීරගත වීමේ මූලාශ්‍රය සොයා ගැනීමට මේ දක්වා සෞඛ්‍ය බලධාරීන්ට හැකි වී නැතත්, ඇගේ චරිතය ඝාතනය වන පරිද්දෙන් නොයෙක් ආකාරයේ අනුමානයන් සහ ප්‍රබන්ධයන් ලෙස සමහර මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ලෙස ඉදිරිපත් කළා.

    එම සතියෙම FM දෙරණ නාලිකාවේ අනුපමා වැඩ සටහනේ නිවේදකයා මෙහෙම ප්‍රශ්නයක් මතු කළා: “ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් දැන් බයෙන් සිටින්නේ කුමක් සම්බන්ධයෙන්ද?” නිවේදිකාව එයට මෙසේ පිළිතුරු දුන්නා: “පොසිටිව් වීම!”

    ඇඟලුම් සේවිකාවන් පිළිබඳව මෙවැනි අවඥා සහගත කතා ජන සමාජයේ හමු වන බව ඇත්ත. එහෙත් රටටම ඇහෙන්න විද්‍යුත් මාධ්‍යයක කතා කරන නිවේදක දෙපළ චාරයක් නැති මෙවැනි කතා කීම හරිද?

    FM නිවේදකයන් බොහෝ දෙනකු ගුවන් තරංගවල වල්පල් දෙඩවීම මේ වන විට සාමාන්‍ය දෙයක් වී ඇතත්, වාචාලකමටත් කිසියම් හෝ සීමා තිබිය යුතුයි නේද?

    ඔක්තෝබර් 6 වනදා ලංකාදීප පුවත්පතේ සිරස් තල දෙකකම කොරෝනා කතා යන යෙදුම ලොකු අකුරින් භාවිත කර තිබුණා. ඇය මෙසේ හංවඩු ගැසීමට මාධ්‍ය මෙතරම් උත්සුක වුණේ ඇය ඇඟලුම් කර්මාන්ත සේවිකාවක වන නිසාද?

    උත්ප්‍රාසයට කරුණ නම් මුද්‍රිත මාධ්‍ය කර්මාන්තයටම මාධ්‍ය ආචාරධර්ම සම්පාදනය කරන කර්තෘ සංසදයේ වත්මන් ප්‍රධානියා ලංකාදීප කතුවරයා වීමයි! වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු ඒ අමාරුව?

    මා ඉහත ගෙනහැර දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණයි. මෙම අශිෂ්ට මාධ්‍යකරණය ගැන කම්පනයට පත් (මාත් ඇතුළු) පුරවැසියන් ගණනාවක් අත්සන් කළ ප්‍රකාශයක මේ තත්ත්වය විග්‍රහ කළේ මෙලෙසයි:

    “විශේෂයෙන්ම මෙම අසාධාරණයට ඇය ලක්වීමට මුලිකම හේතුව ඇය ඇඟළුම් කම්හලක සේවය කරන කාන්තාවක් වීමත් සමාජයේ පහළ ස්ථරයකට අයත්වීමත් බව පෙනෙන්නට තිබේ. ඇය, මෙම අවස්ථාවෙහි දස දහස් ගණනාවක් වන ඇඟලුම් සේවිකාවන් අතර කළු පැල්ලමකි. මෙම අශිෂ්ට වාර්තාකරණයන් නිසා අදාළ ප්‍රදේශයන්හි ඇඟලුම් සේවිකාවන්ද විසම සැළකීම්වලට ලක් වෙමින් ඇති බවද වාර්තා වේ.”

    එම ප්‍රකාශයේ මුලදීම අප කියා සිටියේ මෙයයි: “සමාජීය ඛේදවාචකයක් අවස්ථාවක වින්දිතයින් මෙලෙස මානසික පීඩනයකට මෙන්ම අවමානයට සහ කොන් කිරීමට හේතු වන මෙම කණගාටුදායක ප්‍රවණතාවය නිසා කම්පනයටත් වේදනාවටත් පත්ව සිටිමු.”

    සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්:https://bit.ly/2GVMNYB

    මෙවැනි චරියා Facebook වැනි සමාජ මාධ්‍යවලද දැකිය හැකි නමුත්, එවැනි වේදිකාවල නොයෙක් පුද්ගලයන් කරන ආගිය කතාවලට බෙහෙවින් වැඩි වගකීම් සහගත හැසිරීමක් අපි මහා මාධ්‍යවලින් අපේක්ෂා කරනවා.

    මුද්‍රිත මාධ්‍යවලට නම් ආචාර ධර්ම මාලාවක් තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ, අවසන් වරට 2015 සංශෝධනයට ලක් වූ මාධ්‍ය වෘත්තිය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) සංග්‍රහයයි. https://bit.ly/3bdJ95z

    ශ්‍රී ලංකාවේ රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය ආයතනවලට පොදු මාධ්‍ය ආචාරධර්ම මාලාවක් නැහැ. විද්‍යුත් මාධ්‍ය හරහා අගතියට පත් කෙනෙකුට පැමිණිල්ලක් කරන්නට හෝ සහනයක් පතන්නට කිසිදු යාන්ත්‍රණයක් ඇත්තේ ද නැහැ.

    වත්මන් වසංගත වාර්තාකරණයේදී මගපෙන්වීම ලද හැකි, 2020 අප්‍රේල් මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ COVID-19 සම්බන්ධ වාර්තාකරණයේදී භාවිත කළ යුතු නිර්දේශ’ මාලාවක් තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන ඒවා අමු අමුවේ උල්ලංඝණය කරනවා.

    ඔක්තෝබර් 11 වනදා සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විවෘත ලිපියක් ලියමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ඉල්ලා සිටියේ COVID-19 සම්බන්ධයෙන් පුවත් වාර්තාකරණයේ දී වඩා වගකීම් සහගතව ක්‍රියා කරන ලෙසයි.

    එහි මෙසේ ද සඳහන් වුණා: “…වෛරසය ආසාදිත හෝ නිරෝධායනයට ලක් කරන හෝ පුද්ගලයන් පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මෙම පුද්ගලයන් නිරෝධායනය හෝ රෝහල් ගත කිරීම සඳහා රැගෙන යන ආකාරය, ඔවුන්ගේ නිවාස හෝ ආශ්‍රීත පරිසරය ආදී එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමේ දර්ශන විකාශය කිරීම දිගටම සිදු කෙරෙන බව නිරීක්ෂණය වේ. එමෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී රෝගීන් හා ආශ්‍රීතයින් යනු සමාජ විරෝධීන් ලෙස හැඟෙන ආකාරයට ඇතැම් මාධ්‍ය මඟින් කරුණු ඉදිරිපත් කරනු දැකිය හැකිය.”

    මෙම අශිෂ්ට මාධ්‍යකරණයේ බිහිසුණු ආදීනව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සාවධානව මෙසේ පෙන්වා දුන්නා: “මෙවැනි දර්ශන විකාශය කිරීම මගින් ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමේ කාර්යයට ඵලදායී දායකත්වයක් නොලැබෙන අතර, සිය පෞද්ගලිකත්වයට හානි වන දර්ශන සමාජගත වීමේ අවදානම නිසා යම් පුද්ගලයන් ප්‍රතිකාර හෝ නිරෝධායනය සඳහා ඉදිරිපත් නොවීමේ අවස්ථාද එළඹිය හැකිය”

    ශ්‍රී ලංකා තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය ද මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් එම කරුණම අවධාරණය කළා: “රෝගය ආසාදනය වූවන් ඉදිරිපත් නොවීමට සහ ඉදිරිපත් වීමට බියක් දැක්වීමට ප්‍රධානම හේතුව ජනමාධ්‍ය මගින් COVID-19 ආසාධිතයන් අපරාධකරුවන් සේ සලකා කරන වාර්තා කිරීම සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වන ආකාරයට වාර්තා කිරීම බව අපගේ විශ්වාසයයි.”

    ජනමාධ්‍ය ප්‍රවීනයන් සහ දශක ගනන් අත්දැකීම් ඇති සමහර කතුවරුන් මාධ්‍ය ආචාරධර්ම අමු අමුවේ දිනපතා කඩන විට, තරුණ මාධ්‍යවේදීන් මෙසේ හඬ නැගීම ප්‍රශංසනීයයි.

    තරුණ ජනමාධ්‍යවේදීන් තව දුරටත් පෙන්වා දුන්නේ මෙයයි: “COVID-19 ආසාදිතයන් සහ ආසාදනය වූවායැයි සැක කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ සිටම ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේ ආසාදිතයන් වැරදිකරුවන්යැයි යන හැඟීම මහජනතාවට ඇති වන අයුරින් සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින්ය. මීට පෙර කොරෝනා බෝ කරන්නේ එක්තරා ජාතියකට අයත් පිරිසක් බවට ඒත්තු ගැන්වීමට පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ව්‍යාජ පුවත් පවා ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළ අතර එය සමාජයේ දැඩි කතාබහකට ලක් විය.”

    සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්: http://bit.ly/3nR1T20

    ප්‍රකාශන නිදහසේ ම දිගුවක් වන මාධ්‍ය නිදහස දිවා රාත්‍රී භුක්ති විඳින අතර, වගකීම් සහගතව සහ ශිෂ්ට සම්පන්නව ක්‍රියා කිරීමට සමහර විද්‍යුත් මාධ්‍යවේදීන් සහ කතුවරුන් දිගටම අසමත් වන්නේ ඇයි?

    මේ ගැන සාකච්ඡා කරන හැම විටකම මෙයට බලපාන නොයෙක් ව්‍යුහමය සාධක මතු කෙරෙනවා. ග්‍රාහක පිරිස වැඩි කර ගන්න මාධ්‍ය අතර තිබෙන දැඩි තරගකාරීත්වය (විශේෂයෙන්ම විiුත් මාධ්‍යවල රේටින් පොරය), ප්‍රාග්ධනය සහ හිමිකාරීත්වය වැනි සාධක පසුබිමේ තිබෙන බව ඇත්තයි.

    එහෙත් අපේම සහෝදර පුරවැසියන් ගැන පරපීඩකයන් හැටියට ක්‍රියා කරමින් නිර්දය ලෙසින් මාධ්‍යකරණයේ යෙදීම ගැන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ප්‍රධාන කාර්යාලවල තීරක මට්ටමේ සිටින කතුවරුන්ට සහ පුවත් අධ්‍යක්ෂකවරුන්ට කිසිම ලැජ්ජාවක් හෝ කම්පනයක් නොමැතිද?

    මා මින් පෙර කිහිප අවස්ථාවක පෙන්වා දී ඇති පරිදි, ආචාරධර්ම කඩමින් සිදු කරන අශිෂ්ට මාධ්‍යකරණයේ වගකීම මුළුමනින්ම මාධ්‍ය හිමිකරුවාට හෝ වෙළඳපොළට හෝ පැවරීමට නොහැකියි. එසේම රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම මාධ්‍ය මේ වැරදි දැන දැන කරනවා.

    පරමාදර්ශී මාධ්‍යකරණයක යෙදීමට අවශ්‍ය සියලු සාධක සපුරා ගත නොහැකි වුවත්, සිය හෘදය සාක්ෂියට එකඟව හැකි තාක් වෘත්තීය මට්ටමින් වැඩ කිරීමට යම් ඉඩක් තවමත් සොයා ගත හැකියි. එසේ කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් ටික දෙනකු ගැන මා දන්නවා.

    මේ දුෂ්කර අවස්ථාවේ, තමන්ට වෛරස් ආසාදනය වීමේ අවදානමද නොතකා වසංගතය පිළිබඳව වගකීම් සහගතව වැඩ කරමින් සිටින මාධ්‍ය වෘත්තිකයන්ට අපි ප්‍රණාමය පුද කරමු.

    එහෙත් කිරි කළයකට ගොම ටිකක් එකතු වුණත් සමස්ත කිරි කළයම අපතේ යනවා වගේ ජනමාධ්‍ය තක්කඩියන් කරන අමන වැඩ නිසා මුළු මාධ්‍ය ප්‍රජාවම මේ දිනවල දැඩි මහජන අප්‍රසාදයට ලක් වී සිටිනවා.

    මේ කර්මාන්තය තුළ උඩුගම් බලා පිහිනීමට නොහැකි නම් (මෑතකදී එවැනි දුර්ලභ මාධ්‍යවේදීන් කිහිප දෙනකු කළාක් මෙන්) මහා මාධ්‍ය කසල ගොඬේ දිගටම ලැග නොසිට ආත්ම ගරුත්වය රැක ගෙන නික්ම යා හැකියි.

    එසේ නික්ම ගිය සමහරුන් මේ වන විට කුඩා පරිමාණයෙන් ප්‍රමිතිගත ඩිජිටල් මාධ්‍ය කලාවක නිරත වෙනවා. මාධ්‍ය කලාවේ අනාගත පැතුම ඇත්තේ එතැනයි.

    මෙය මාධ්‍යවේදීන්ගේ හැදියාව සහ ශිෂ්ට සම්පන්න බව උරගා බැලෙන අවස්ථාවක්. ලක් සමාජයේ තිබෙන අධිපතිවාදය සහ පරපීඩක නැඹුරුව එලෙසින්ම ජනමාධ්‍ය ආයතනවල සහ එම කර්මාන්තයේ නිරත පුද්ගලයන් තුළත් හමු වනවා.

    වින්දිතයාට හා පීඩිතයාට දත නියවීම සහ දිගින් දිගට පහරදීම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. වාර්ගික සහ ආගමික සුළුතරයන්, වතුකරයේ ප්‍රජාවන්, HIV ආසාදිතයන්, ලිංගික ශ්‍රමිකයන් වැනි සමාජයේ පීඩිත ස්ථරයන් සහ පිරිස් තව තවත් පීඩාවට පත් කරන්නට අපේ සමහර මාධ්‍ය හරි හපන්.

    මේවා කෙතරම් විවේචනය කළත් ජනමාධ්‍ය කසල ගොඩින් අත්මිදීමට බොහෝ අයට උවමනාවක් නැති පාටයි. ඒ නිසා වෙනත් ආකාරයක ප්‍රවේශයක් මා කල්පනා කළා.

    කර්තෘ සංසදය වාර්ෂිකව මෙරට මුද්‍රිත මාධ්‍යයට අදාළව විශිෂ්ටතා සම්මාන පිරිනමනවා. 2019 වර්ෂයේ මාධ්‍යකරණය සඳහා සම්මානවලට අයදුම්පත් කැඳවන දැන්වීම් මේ දිනවල පුවත්පත්වල පළ වී තිබෙනු දැකිය හැකියි.

    පොදු උන්නතිය වෙනුවෙන් අවංකවම කැප වී, ජනමාධ්‍ය ආචාර ධර්ම ද රකිමින් ක්‍රියා කරන මාධ්‍ය වෘත්තිකයන් ටික දෙනා ඇගයීමට ලක් කිරීම වැදගත්. එහෙත් බහුතරයක් ජනමාධ්‍ය අයාලෙ යමින් සිටින අද කාලයේ, අශිෂ්ටතම ජනමාධ්‍යකරණය සම්බන්ධයෙන්ද යම් තේරීමක් කළ හැකියි!

    එවැනි බක-සම්මාන පිරිනැමීමකදී නොයෙක් ආකාරයේ ජනමාධ්‍ය නොපනත්කම් සැලකිල්ලට ගත යුතුයි. මට හිතෙන බක-සම්මාන කිහිපයක් මෙන්න:
    ■ වර්ෂයේ අමානුෂිකම පරපීඩක වාර්තාකරණයට
    ■ පට්ටපල් බොරු වැඩිම සංඛ්‍යාවක් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස ඉදිරිපත් කිරීමට
    ■ වර්ෂයේ අශිෂ්ටතම සිරස්තල නිර්මාණයට
    ■ දිගින් දිගටම කාන්තා විරෝධී ලෙසින් බස හැසිරවීමට
    ■ මනුෂ්‍යත්වයට මුළුමනින්ම එරෙහි වන පුවත් සේයාරූකරණයට
    ■ නිවට නියාලු ලෙස මාධ්‍ය හැසිරවීම සඳහා වැඩිපුරම හැකියාව පෙන්වූ කතුවරයාට
    ■ වර්ෂයේ අශිෂ්ටතම පුවත්පත, ටෙලිවිෂන් නාලිකාව හා රේඩියෝ නාලිකාව
    ■ වැඩිම වාරයක් මාධ්‍ය ආචාරධර්ම කඩ කිරීමට සමත් වූ මාධ්‍යයට
    ■ අවඥාව, අසංවේදී බව සහ අමනෝඥ බව හොඳින්ම මූර්තිමත් කරන නිවේදකයාට
    ■ අන් අයට ආචාරධර්ම නිර්දේශ කරමින් තමන් ඒවා නිතිපතා කඩ කරන කතුවරයාට

    තවත් ජනමාධ්‍ය අශිෂ්ටතා සම්මාන ඔබටත් යෝජනා කළ හැකි වේවි. සම්මානලාභීන් තෝරා ගන්නේ කොහොමද?

    ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන තෝරන්නේ කර්තෘ සංසදය පත්කරන කිහිප දෙනකුගේ විනිශ්චය මණ්ඩලයක් විසින්. එහෙත් අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට දෙන බක-සම්මාන සඳහා එම මාධ්‍ය නොපනත්කම්වලින් සංවේගයට හෝ කෝපයට පත් මාධ්‍ය ග්‍රහකයන්ගෙන් නාමයෝජනා කැඳවා, ඔවුන්ගේම වැඩි ඡන්දයෙන් (වැඩි අමනාපයෙන්?) බක-සම්මානලාභීන් තෝරා ගත හැකියි.

    කාටුනය: The Morning පුවත්පතේ කාටුන් ශිල්පී ආර්. සී. ප්‍රදීප්කුමාර් විසින්

    කාලීන හා ජාතික අවශ්‍යතාව සලකා 2020 ඔක්තෝබර් 18 වැනි දින රාවය ඊ පුවත්පතින් උපුටා ගෙන සම්පූර්ණයෙන්ම පළ කරන ලදි – ප්‍රධාන සංස්කාරක

  • ආණ්ඩුවේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

    ආණ්ඩුවේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්

    ටිරන් කුමාර බංගගමආරච්චි

    පළමුවර කොරෝනා මෙරටට ආවේ නොදැනුවත්කම හෝ අතපසුව හෝ කුමන හේතු මත හෝ විදේශිකයන් හරහාය. එහෙත් එය ලොකුවට වර්ධනය වන්නට ඉඩ නොදී මර්දනය කර ගන්නට ආණ්ඩුව සමත් විය. එය අගය කළ යුතුය.
    ඒ කෙටි කාලය තුළත් ආණ්ඩුව කොරෝනා බෝ කළැයි එළිපිටම ඉතාලියෙන් ආ මෙරට අයට බැන්නේය.

    ඉතාලියෙන් ආ අය කොරෝනා බෝ කරමින් පාටි දමනවා යැයි ආණ්ඩුව කියද්දී රටේ ඉතිරි ජනයා ඒ අය දෙස බැලුවේ දැඩි වෛරයෙනි. එහෙත් ඉතාලියේ සිට ආ අය හෝ ඒ අය විසූ පැතිවල කොරෝනා රෝගීන් හමුවූයේ ඉතා අල්පවය.

    ඉන්පසු ඇමති අලුත්ගමගේ ප්‍රසිද්ධියේ කීවේ “දැන් බලන්න. අද දවසේ මේ ආසාදනයන්ට ලක්වෙච්ච රෝගීන් සංඛ්‍යාව විස්සයි. ඒකෙන් 19 දෙනෙක්ම මුස්ලිම් බැතිමතුන්. අද මේ වෛරසය පාලනය කරන්න බැරිවෙලා තියෙන්නේ මේ අය නිසයි.” මේ රටේ ඇමතිවරයෙක් සිංහලයන්ට අවුරුදු කන්න බැරි වුණ හේතුව එදා හෙලිකර ගත් හැටිය. බහුතර සිංහලයෝ මුස්ලිම් අයට වෛර කරන්න ගත්තේ මුස්ලිම් විරසකය තවත් ඉහළට ගනිමිනි. ඉන්පසු සමාජයේ ප්‍රචලිත වූයේ මුස්ලිම් පිරිස් ඕනෑකමින්ම මෙම වෛරසය පතුරුවාලන බවය. ආණ්ඩුවේ අංක එකේ මුඛරියෙක් වන මහින්දානන්ද කියූ පසු අනෙක් කතා මොනාද පන්නයට කතාව ලියලා වැඩුණේය. එහෙත් අවසානයේ මුස්ලිම් අයට වෛරසය වැලඳුණු ප්‍රමාණය ඉතා අල්ප විය.

    ප්‍රශ්නය එය නොවේ. කන්න ඕනෑ වෙලාවට කබරගොයත් තලගොයා කරන මේ ආණ්ඩුව අද කොරෝනා දෙවැනි රැල්ල උච්චම වෙමින් පවතිද්දීත් එය ලංකාවට ගෙනත් බෝ කළ බ්‍රැන්ඩික්ස් ලොක්කාට එරෙහිව වචනයක්වත් නොකීමය. ඉතාම හොඳට කොරෝනා පාලනය කළ ලෝකයේ දෙවැනි රට ලෙස ආඩම්බරයෙන් උදම් ඇනූ ලංකාවට කොරෝනා ගෙනවිත් ව්‍යාප්ත කළ ඔමාර් අස්රෆ්ට මේ ආණ්ඩුවේ කිසිවකු වචනයක්වත් නොකියන්නේ ඇයි? මහින්දානන්ද අලුත්ගමගේ එදා කතාව කිවයුත්තේ අද නොවේද? එදා වීරයා වූ ඔහු අද නිවටයා වී ඇත්තේ ඇයි?
    ලංකාවේ දේශපාලනය තුළ ජාතිය, ආගම, කුලය කුමන දේවල් පෙරට ගෙන ඡන්දය ඉල්ලුවද අවසානයේ රට කරවනුයේ ව්‍යාපාරික ඕනෑඑපාකම් මතය. ජනතා කැමැත්ත ගන්නට දේශපාලකයෝ කොතරම් මුදල් වියදම් කරනවාද? ඒ කාගේ මුදල්ද? අපි ජනතාව ලෙස රැවටෙනුයේ ඒ අයගේ මතවාදවලට නොව, ඒ අය වියදම් කොට පෙන්වන මායම්වලටය. ඒ මුදල් එනුයේ මෙරට සිටින මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගෙන්ය.

    පාස්කු ප්‍රහාරයට බදියුදීන්ලා දඟ ගෙයි යැවිය යුතුමයි කියන කාදිනල්තුමාට කොරෝනා රැල්ල ඇති කළ ඔමාර් අස්රෆ් ගැන වචනයක් කිව නොහැක්කේ ඇයි? සියල්ල ධනය බලය මත පතබෑවෙන නිසාද?

    බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ට බැණ වැදුණු අය ඉන්දියාවේ සිට කොරෝනා ගෙනා එහි ලොක්කාට බැණ නොවදින්නේ ඇයි? මේ දෙවැනි කොරෝනා රැල්ල මුදලට තණ්හාවෙන්ම බලෙන් රැගෙන ඒමකි.

    එදා ගෝඨාභය දිනවන්නට විශාල වශයෙන් මුදල් දැමූ අය අතර පෙරමුණේම සිටින අයෙක් ලෙස ඔමාර් අස්රෆ් හැඳින්විය හැකිය. ඔහු මීට පෙර එජාපයේ ජයග්‍රහණවලට මුදල් යෙදෙව්වෙකි. එහෙත් එජාපයෙන් ගැලවී රාජපක්ෂලා ළඟට ගිය මිලින්ද මොරගොඩගේ මාර්ගයෙන් ඔමාර් අස්රෆ්ද රාජපක්ෂලාට හේත්තු විය. ඒ ඔහු මිලින්දගේ ළඟ හිතවතකු වීම නිසාය. වියත් මග තුළවත් නොලැග්ග මිලින්ද ගෝඨාට නැතිවම බැරි මිනිසෙක් වූයේ වියත් මගටත් ඉහළින් සිටිමින් අවශ්‍ය ධනස්කන්ධය සෙවූ පුරෝගාමියා මිලින්ද වූ නිසාය. විමල් වීරවංශ වැනි කයිවාරුකාරයන් සියයක් සොයා ගත හැකි වුවත්, මිලින්ද ගෝඨාට ළං කළ ව්‍යාපාරිකයන් දහදෙනකු සොයා ගැනීම ලේසි පහසු නැති බව ජනපති හොඳාකාරවම දන්නේය. ඒ නිසා මිලින්ද තැබිය හැකි ඉහළම තැන තැබුවේය.

    එමෙන්ම ඔමාර්ටත් අවැසි ඕනෑම දෙයක් කරන්නට ජනපති එකෙන්ම සිටියේය. මේ කොරෝනා දෙවැනි රැල්ල එහි ප්‍රතිඵලය. ඔමාර් පවුලට අයත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානියා ඔමාර් අස්රෆ්ය. ඔහුට මෙරට පුරාම ව්‍යාප්ත බ්‍රැන්ඩික්ස් ජාලයක්ම ඇත. එමෙන්ම ඉන්දියාවේද බ්‍රැන්ඩික්ස් ආයතනයක් ඇත. එය මහින්ද ආණ්ඩු සමයේ දැමූවකි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජී.එල්. පීරිස්ය.

    ඉන්දියාව පුරා කොවිඞ් ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස පැතිරෙන බැවින් ඉන්දීය බ්‍රැන්ඩික්ස් ආයතනයට පැමිණි ඇණවුම සපුරාලීමට නොහැකි විය. (බ්‍රැන්ඩික්ස් ආයතනයේ සියලු නිෂ්පාදන යුරෝපීය අවශ්‍යතා වෙනුවෙන් සපුරාලන්නේය.) ඒ අනුව එම හදිසි ඕඩරය සපුරාලීම ලංකාවේ බ්‍රැන්ඩික්ස් ආයතනය හරහා කිරීමට ඔමාර් තීරණය කරන්නේය.
    ඉන්දියාවේ සාම්පල සහ ඒවා පිළිබඳ ප්‍රවීණයන් මෙරටට එනුයේ ඒ ගැන මෙරට සේවකයන් දැනුවත් කරන්නටය. පෞද්ගලික ගුවන් යානා හරහා මත්තලට ගොඩබාන්නේ ඒ අයය.

    මෙරට පවතින රාමුව නම් පිටරටින් එන අය දින 14ක් නිරෝධායනය කොට ඒ අය නිවසේද තව සති දෙකක් නිරෝධායනය විය යුතුය යන්නය. එහෙත් එතරම් කාලයක් දිග් ගැස්සුණහොත් මේ හදිසි ඇණවුම් ලබාදිය නොහැකිය.

    ඒ නිසා ඔමාර්ට ජනපතිට දුන් සහයේ ප්‍රතිඵල ඕනෑ වන්නේය. එහි ප්‍රතිඵල ලෙස කිසිදු නිරෝධායනයකින් තොරව ඉන්දියානුවෝ බ්‍රැන්ඩික්ස් ආයතනවලට පැමිණියහ. මේ දෙවැනි රැල්ල ව්‍යාප්ත වන්නේ එලෙසය. එහෙත් ජනමාධ්‍ය මෙන්ම ආණ්ඩුවත් මුලදී බැණ වැදුණේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මුලින්ම වෛරසය ආසාදනය වූ කාන්තාවටය. ඇයගේ චරිතය පවා කෙලෙසුවාය. ආණ්ඩුවද හරි උජාරුවට එය ව්‍යාප්ත කළේය. එහෙත් දැන් සියල්ල සිදුවී ඇත්තේ ආණ්ඩුවේ වරදින් තම පැවැත්මට මුදල් දුන් අයට උදව් කරන්නට ගොස් බව වැටහුණු පසු කිසිදු කතාවක් නැතිව කරබාගෙන සිටිති. මේ දෙබිඩි ප්‍රතිපත්තිය කුමක්ද?

    යහපාලනය තිබුණා නම් අද රට පුරා කොවිඞ් කිව් අය අද කෝ? අද රට පුරා කොවිඞ් නැද්ද? රාජපක්ෂලාත් මෙරට ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජාත්‍යන්තර රූකඩය. එය රනිල්ගේ විතරක් දැක්කේ රාජපක්ෂලා සිවුරට මුවාවී ඇති නිසාය. ආණ්ඩුවේ සිටින ජාති හිතෛෂීන් අද කෝ? බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කළා යැයි ලියුම් ලියන මන්ත්‍රීවරු කොරෝනා දෙවැනි රැල්ල නිර්මාණය කළ ඔමාර්ට එරෙහිව අත්සන් සියයක් එකතු නොකරන්නේ ඇයි? ජනතාව මේ ව්‍යාජයන් ප්‍රමාද වී හෝ හඳුනා ගත යුතුය. රාජපක්ෂලා කළේම රට කොටවන එකය. ජාති ආගම්වලට කඩන එකය. ඒ අයට මුස්ලිම් කොටසක් නරකය. අලි සබි්‍රලා, ඔමාර්ලා හොඳය. ඔමාර් කොරෝනා ව්‍යාප්ත කළද අද රාජපක්ෂලාට වචනයක් කිව නොහැකිය. ජනතාවට ඒ ගැන හිතා ගන්නටත් බැරිය. මේ තමන් ඇදහූ ආණ්ඩුවයය. මේ ආණ්ඩුවේ ඇත්තේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්ය. මේ තත්ත්වය ඉදිරියේදී මීට වඩා හොඳට දැකගත හැකිය.

    චීනයෙන් පමණක් නොව අපට ඉන්දියාවෙන්ද කොරෝනා ලැබුණි. මේ ආණ්ඩුව දැඩිව විශ්වාස කරනුයේ තමන්ට චීනය සහ ඉන්දියාව සිටින නිසා බිය විය යුතු නැති බවය. ඒ අයට බියක් නැතත් මේ දෙකේම බිය ඉදිරියෙහි අත්විඳින්න වනුයේ ජනතාවටය. ජනතාව උපරිම පරිස්සමට ඉද්දී ආණ්ඩුව ඉන්දියාවෙන් කොරෝනා ගෙනවිත් නැවත ජනතාවට බෝ කළේය. තමාට බලයට එන්නට මුදල් පොම්ප කළ ව්‍යාපාරිකයන්ට නීතිය නැවීම නිසා අද රටම අගාධයට හෙළා ඇත. එහෙත් ඒ තත්ත්වයන් නිවැරදිව දකින්නට ජනතාවට තවම නොහැකිය. ඒ අය ඇත්තේ තවම රාජපක්ෂලාගේ මෝහනයට ලක්වය.

    ඉතාම අපහසු වුවත් ජනතාව ලෙස සිය උපරිම ආරක්ෂාව සපුරාගෙන මේ වෛරසයෙන් මිදීමට වග බලා ගත යුත්තේ එහි නරක ප්‍රතිඵලත් තමන්ටම වන බැවිනි. අප දකිනුයේ කොවිඞ් කියූ සැණින් කුදලාගෙන යෑම් පමණි. ඒ හරහා අබල දුබල වන ජීවන රටාව කාට හෝ නොපෙනේ.

    ආණ්ඩුව කළේ නිතර මිනිසුන්ට බැණ වදිමින් මිනිසුන්ට නඩු දමමින් කොරෝනා පාලනය කිරීමට ජනතාවම බිත්තියට හේත්තු කිරීමය. මුහුණු ආවරණ නැති අයට දඩ ගහන ආණ්ඩුව කොරෝනා මෙරටට ගෙනා අයට දඩ දැම්මේ ඡන්දයට පෙර නිසාදෝ අද මුනිවත රකී. ආණ්ඩුව පිහිටුවන්නට ව්‍යාපාරිකයන්ගෙන් ගත් දඩවලට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ ජනතාවටය. මේ උපරිම ලබාදී පිහිටුවා ගත් ආණ්ඩුව නිසා ආණ්ඩුව දෙන්නේ නම් කොරෝනා වුවත් සතුටින් බාර ගැනීමට ජනතාව සැදී පැහැදී සිටිය යුතුය. මෙය තනිකරම එම අදහසෙහි පිහිටුවා කළ දෙයකි. පාර්ලිමේන්තුවේ අයට කොරෝනා හැදෙන්නේ නැත්නම් ජනතාවට හෙණ ගැහැව්වම මොකද? ■

    2020 ඔක්තෝබර් 18 වැනි දින ‘රාවය‘ ඊ පුවත්පතින් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලදි – ප්‍රධාන සංස්කාරක

  • ඇඟලුම් සේවිකාවන් ත්‍රස්තවාදීන් කළ මහ රෑ හමුදා මෙහෙයුම

    ඇඟලුම් සේවිකාවන් ත්‍රස්තවාදීන් කළ මහ රෑ හමුදා මෙහෙයුම

    ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


    චීනයේ සිට මෙරටට පැමිණි කාන්තාවකට කොවිඞ් 19 ආසාදිතව රෝහල්ගතව සිටීමත් සුවය ලැබූ ඇගේ පිටත්ව යෑමත් උත්කර්ෂවත් ලෙස හා හැඟීම්බරව සැමරූ මෙරට පාලකයන් දැන් මෙරට ඇඟලුම් සේවක සේවිකාවන්ට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනස් අයුරිනි. චීන ජාතික කාන්තාවට මල් මිටක් දී මුහුණ සිඹ ඉතා ආදර ගෞරව දැක්වූ රටක් අද ලංකාවේ ම ඇඟලුම් සේවක සේවිකාවන් රැගෙන යන්නේ ආයුධ සන්නද්ධව විත් ත්‍රස්තවාදීන් පිරිසක් රැගෙන යන ලෙසිනි. රට තුළ විශාල කොවිඞ් ආසාදිත පොකුරක් බවට පත් වූ ඇඟලුම් කර්මාන්තශාලාවල සේවයේ නියුතුවූවන් එබැවින් මේ වන විට මැදිව සිටින්නේ ඉතාම දුක්ඛිත තත්ත්වයකටය.


    අපරාධකරුවන් සේ රැගෙන යෑම


    “රෑ දොළහට විතර අපේ බෝඩිංවලට හමුදාවෙන් ඇවිත් දොරවල්වලට ගහලා අපිව ඇහැරෙව්වා. අපේ බෝඩිමේ කට්ටිය 53ක් හිටියා. කාමරවල ඉන්න ඔක්කෝම එළියට එන්න හැංගෙන්න එපා කියාලා අපිට කිව්වා. එක්කෙනෙක්වත් පැනලා යන්න හදන්න එපා හමුදාවෙන් වට කරලා තියෙන්නේ කිව්වා. ඒ අය අපිට කතා කළේ ජාතික අපරාධයක් කළ අයට වගෙයි. අපි හිතුවේ අපිට සෞඛ්‍ය උපදෙස් දෙන්න ඇවිත් කියලායි. රෑ අපිව කුදලගෙන යන්න ඇවිත් කියලා අපි හිතුවේ නැහැ. ඔක්කෝම තත්පරෙන් යන්න ලෑස්තිවෙන්න කියලා කිව්වා. අපිට ලෑස්ති වෙන්න වෙලාවක්වත් දුන්නේ නැහැ. රෑ දොළහමාර වෙද්දී අපිව බස්වල පටවාගෙන ආවා. ඕනෑ ඇඳුම් ටිකවත් හරියට ගන්න බැරි වුණා.” කටුනායක ඇඟලුම් කම්හල්වල සේවය කළ සේවක සේවිකාවන් පිරිසක් ඇවරිවත්ත ප්‍රදේශයේ බෝඩිංවලින් රැගෙන ගිය අයුරු එක් ඇඟලුම් සේවිකාවක් විස්තර කළේ එලෙසය. එසේ බසයක නංවාගත් එම පිරිසද රැගෙන කටුනායක, සීදුව, මීගමුව, අමන්දොළුව ආදී ප්‍රදේශවල සිටි තවත් සේවක සේවිකාවන් ද රැගෙන කටුනායකින් පිටත්ව ගොස් තිබුණේ පසුවදා පෙරවරු 5.30ට පමණය.


    කොවිඞ් රෝගීන් හා ආශ්‍රිතයන් පලා යෑම සම්බන්ධයෙන් හා සැඟවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කරන පිරිස් ඊට හේතුව කුමක් දැයි සාධාරණ ලෙස බැලිය යුතුව තිබේ. ආසාදිතයන් හෝ ආශ්‍රිතයන් රැගෙන යන ආයුධ සන්නද්ධ සෙබළුන්ගේ හැසිරීම ඔවුන්ට බිය උපදවන්නකි. එමෙන්ම එම ක්‍රියාවලිය සිදුවන්නේ ද අපරාධකාරී හැඟීමක් මේ ආසාදිතයන්ට හෝ ආශ්‍රිතයන් වූ අයට දැනෙන ලෙසය. ඔවුන් පවසන පරිදි ඒ රැගෙන යෑමේ ක්‍රියාවලියම ඉතා පීඩාකාරීය, කර්කෂය. ඉන් මිදී පලා යාම හෝ සැඟවීමට උත්සාහ කිරීම වඩා ආරක්ෂාකාරී යැයි මේ මිනිසුන්ට දැනීම ඉතාම ස්වභාවිකය.


    අපි මනුෂ්‍යන් නොවෙයිද?


    එලෙස එදින රැගෙන ගිය කණ්ඩායම කළුතර ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ආ බව එහි එක් සේවිකාවක් පැවසුවාය. “දැන් අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. හරක් වගේ මෙහෙම ගාල් කරලා තියෙන්නේ අපි මිනිස්සු නෙවෙයිද. මේක ගොඩක් කාලයක් පාවිච්චියට ගත්තේ නැති ගොඩනැගිල්ලක්. මෙතැන දැන් ගොඩක් දෙනෙක්ට පාවිච්චි කරන්න තියෙන්නේ වැසිකිළි කීපයයි, ඒවාත් උතුරා යනවා, හරිම අපිරිසිදුයි. හැමතැනම අපිරිසිදුයි. මෙතැනට එද්දී ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඉන්න තැනකට අපිව ගෙනියනවා කියලා අපි හිතුවා. එහෙම කවුරුවත් මෙහේ නෑ. අපිට කිසිම පරීක්ෂණයක් කළේත් නෑ. දෙන කෑම කටේ තියන්නවත් බෑ. මෙහෙම ඉඳලා දවස් දාහතර ඉවරවෙද්දී අපිව දැඩි සත්කාර ඒකකයට දාන්න වේවි කියලා හිතෙනවා.” එම කණ්ඩායමේ දරුවන් කීපදෙනෙකු ද සිටින බව ඇය පැවසුවාය.


    ඔක්තෝබර් 11 වැනි දින රාත්‍රී 10.30ට පමණ හදිසියේම යුද හමුදාවෙන් පැමිණ කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ නේවාසිකව සිටි ඇඟලුම් සේවක සේවික පිරිසක් ද එලෙසම රැගෙන ගොස් තිබුණි. ගර්භනී තත්ත්වයේ මවකගේ කතාව මෙවැන්නකි. “මට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා මේ දවස්වල හිටියේ තනියම කටුනායක බෝඩිමෙයි. දරු ගැබට දැන් මාස හතක් වෙනවා. අල්ලපු බෝඩිමේ සේවිකාවක් කොවිඞ් පොසිටිව් නිසා අපිවත් නිරෝධායනයට ගෙනියනවා කියලා පෙරෙයිදා (09) රෑ හමුදාවෙන් ඇවිත් කිව්වා. අපිව බස් එකකට නග්ගාගෙන ඇවරිවත්තට ගිහින් එහෙනුත් තව කට්ටිය බස් එකට නග්ග ගත්තා. අපි එකසිය ගණනක් කට්ටිය නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනාවා. අපිට සූදානම් වෙන්නවත් වෙලාවක් දුන්නෙ නැති නිසා ඕනෑ දේවල් ගේන්නත් බැරි වුණා. දරුවෝ කීපදෙනෙකුත් මේ කණ්ඩායමේ ඉන්නවා. මට නිතර දැන් බඩගිනි දැනෙනවා, ඒත් කන්න දෙයක් නැහැ, මෙතැනින් දෙන කෑම කොහොමත්ම කන්න බැහැ. අපිට කිසිම දෙයක් ගේන්න ඉඩක් ලැබුණේත් නැහැ. මෙතන වැසිකිළි හරිම අපිරිසිදුයි, ඒවාත් හැමෝම පාවිච්චි කරනවා, සබන් වුණත් කීපදෙනා පාවිච්චි කරනවා. නිරෝධායනයට පහසුකමක් මෙතැන නැහැ.”


    මේ අතර කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් සේවක සේවිකාවන්ට පීසීආර් පරීක්ෂණ සිදුකර ගැනීමට ඔක්තෝබර් 14 වන දින අමන්දොළුව විද්‍යාලයට උදෑසනින් පැමිණෙන ලෙස පොලිස් නිවේදන නිකුත් කර තිබුණි. එදින උදෑසන හය පමණ සිට එම විද්‍යාල භූමියට ඇඟලුම් සේවක සේවිකාවන් දහසකට වැඩි ගණනක් රැස්ව තිබුණි. උදෑසන නවය හමාරට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂක හා තවත් නිලධාරීන් කීපදෙනෙකු පැමිණ නිවේදනයක් නිකුත් කර තිබුණේ ඇඟලුම් කම්හල් දෙකක සේවක සේවිකාවන් සහ රෝග ලක්ෂණ ඇති අය පමණක් රැඳී අනෙක් අයට නැවත නේවාසිකාගාර වෙත පිටත්ව යන ලෙසය. එලෙස පැමිණි එක් සේවිකාවක් ඉන්පසු සිදුවූ සිද්ධි දාමය අපට පැවසුවේ මෙලෙසය. “අපි බෝඩිමට ඇවිත් පැයක් වගේ යද්දී හමුදාවෙන් ආවා. පරක්කු වෙනවා කියලා අපිව හදිසියේම වගේ බස් එකට පටවා ගත්තා. ඒත් අන්තිමට මුළු දවසම ටවුන් එකේ රස්තියාදු කර කර තවත් අයව එකතු කර කර හිටියා. අපි බඩගින්නේ හරක් වගේ තියාගෙන හිටියා. බස් එක කටුනායකින් පිටත් වුණේ පහමාරත් පහුවෙලායි. දැන් වේයන්ගොඩ බස් ස්ටෑන්ඞ් එකේ නතර කරගෙන ඉන්නවා. මෙතැන කිරි දෙන අම්මලාත් ඉන්නවා. ඒ අය දරුවෝ එක්ක ඇවිත් ඉන්නවා. දරුවෝ තෙහෙට්ටුවට අඬනවා. සමහර අය ඊයේ රෑ කෑවට පස්සේ තාම කාලා නැහැ. උදේ උයපු බත් එක අපිට කන්න වුණේ නැහැ, පරක්කු වෙනවා කියලා කලබල කළ නිසා උයපු බත් එක හලලා අපි ආවා. අපිට මොකද කරන්නේ කොහේද ගෙනියන්නේ මොනවත් අපි දන්නේ නැහැ. අපි අහද්දී ඒ අයත් දන්නේ නැහැ කියනවා.” එම අවස්ථාවේ ඔවුන්ට බිස්කට් පැකට් එකක් හා කිරි පැකට් එකක් ලබාදීමට යුද හමුදාව කටයුතු කර තිබුණි. කොවිඞ් ආසාදිත බවට තහවුරු වූවන්ගේ ළඟම ආශ්‍රිතයන් ද එසේ නොවන අය ද කර්මාන්තශාලා කීපයක අයද එකටම රැගෙන යාම් සිදුවන බවත් ඒ අතර ආසාදිතයන් ද සිටිය හැකි බැවින් එය තවත් අයට වැළඳේ යැයි යන බියෙන් ද ඔවුහු පසුවූහ.


    මාධ්‍ය වගකීම ඉටු කරන්න


    ඒ අතර වෙනත් රෝගාබාධ සහිත අය ද සිටින බවත් ඔවුන්ට අවශ්‍ය ඖෂධ ආදිය ද රැගෙන ඒමට නොහැකි වූ බවත් ඒ පිරිස පැවසූහ. ඔවුන්ට අවශ්‍ය දේ මිල දී ගැනීමට පසුගිය දිනවල සිටම ප්‍රදේශයේ වෙළෙඳ සැලකටවත් යා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ බවත් බොහෝ දෙනා ඇඟලුම් සේවක සේවිකාවන් දෙස සැකයෙන් බයෙන් බැලීමට මෙන්ම ඇතැම්විට බැණ වැදී ගැරහීමට ද කටයුතු කළ බව ඔවුහු පැවසූහ. එම පරිසරය හැදීමේ වරදෙහි දැවැන්ත පංගුකාරීත්වයක් ඇතැම් ජනමාධ්‍ය ආයතනවලට ද තිබෙන්නේය. පසුගිය දිනක රජයේ රූපවාහිනී නාලිකාවක් පුවතක් වාර්තා කළේ, “අම්මගෙයි දුවගෙයි කොරෝනාව නිසා 2000කට පීසීආර්, 72කට දැනටමත් කොරෝනා” යනුවෙනි. තවත් ගුවන් විදුලි නාලිකාවක තරුණයෙක් හා තරුණියක් ඇඟලුම් සේවිකාවන් පොසිටිව් වීම සම්බන්ධයෙන් බියෙන් සිටින බවට අපහාසත්මක දෙබසක් හාස්‍යජනක ලෙස ඉදිරිපත් කර තිබුණේය. ඒ හා සමගාමීව සමාජ මාධ්‍ය ජාලවලද එවැනි අපහාසාත්මක දේ හුවමාරු වූයේය. ඇඟලුම් කම්හල්වල ශ්‍රමය දිය කරමින් මෙරටට විනිමය ඉපයීමේ මෙහෙවරෙහි යෙදෙන සේවක සේවිකාවන්ගේ ජීවිතවලට එල්ල වන්නේ එවැනි අමානුෂීය නින්දා අපහාසය. ඔවුන්ගේ ශ්‍රමය සූරාකමින් ලාභ ලබන දැවැන්ත කර්මාන්තශාලාවල හාම්පුතුන් ද මේ සේවක සේවිකාවන්ගේ ජීවිත නගාසිටුවීමට ඔවුන්ගේ සුභසාධනය පිළිබඳ කිසිදිනක එතරම් අවධානයක් යොමු කළේ නැත. මෙවන් ව්‍යසන හමුවේ ඔවුන්ගේ ජීවිත ආර්ථික, සමාජයීය ආදී සෑම අංශයකින්ම බිඳ වැටීමෙහි වගකීම ප්‍රධාන වශයෙන් ඔවුන් මත ද තිබෙන්නේය. එමෙන්ම තම රටේම පුරවැසියන්ගේ ජීවිත මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට ඉඩ දී තිබෙන හා ඔවුන්ගේ ගැටලුවල දී නිසි මැදිහත්වීමක් නොකරන මෙරට පාලකයන් ද මෙහි වගකීම ගත යුතුය.


    මේ යුද්ධය වෙනස්


    වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයක් වන StandUp Movement Lanka හි කැඳවුම්කාරිය වන අශිලා දංදෙනිය ඇඟලුම් සේවක සේවිකාවන් මේ වන විට මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් රාවයට දැක්වූයේ මෙවන් අදහසකි. “මේක ඉතාමත්ම නරක ක්‍රමවේදයක්. සමහර වෙලාවට පොඞ්ඩ ඇත්නම් හමුදාවේ අය කුණුහරුප කියලා මේ සේවිකාවන්ට බැණලා තිබුණා. පොඩි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් බස් එකට නගින්න ඇවිත් දරුවාගේ කිරිබෝතලයක් අමතක වීම නිසා ඒක නැවත ගන්න යද්දීත් අසභ්‍ය කතා කියලා තිබුණා. ආයුධත් අරගෙන ඇවිත් කිසිම චාරයක් නැති විධියට මේ අයව කුදලාගෙන යන්නේ ඇයි. ෆැක්ටි්‍ර වලින්වත් පීසීආර් කරගැනීමට හෝ මේ අය සම්බන්ධනේ කිසිම ක්‍රමවේදයක් නැහැ. රජය පැත්තෙන් කරගෙන යන්නේ සේවකයන් බිය වද්දන ක්‍රමවේදයක්. ඒක මේ අය කැමැත්තෙන් පීසීආර් පරීක්ෂණ වලටවත් නිරෝධායනයටවත් යන්න උනන්දු කරවන ක්‍රමවේදයක් නෙමෙයි. දැන් පාලනයක් නැතිව ක්‍රමවේදයක් නැතිව පිස්සෝ වගේ එකතු කරනවා. හොරු මංකොල්ලකාරයෝ ගෙනියනවා වගේ ගෙනියනවා. ඊට පස්සේ මිනිස්සු හැංගෙනවා කියලා කියනවා. හැංගෙන්නේ මේ ක්‍රමවේදය ඉතාම හිංසනකාරී නිසායි. එහෙම ප්‍රශ්න ගොඩක් මේ වෙලාවේ තියෙනවා. එකපාරට මෙවැනි දෙයක් සිදුවුණාම ධාරිතාවන් පිළිබඳ ආදී ප්‍රශ්න තියෙන්න පුළුවන් බව අපි දන්නවා. නමුත් අවම වශයෙන් මේ අය මනුෂ්‍යයෝ ලෙස සලකා කටයුතු කරන්න ඕනෑ. අඩුම වශයෙන් මේ කර්මාන්තශාලා ටික දින කීපයකට හෝ වසා දමා හෝ විධිමත් ක්‍රමයකට මේක කරන්න ඕනෑ.”


    කොවිඞ් ගෝලීය වසංගතයක් හා වෛරසයක් සම්බන්ධ සෞඛ්‍යමය කාරණයක් වුවද ඒ සම්බන්ධයෙන් ප්‍රධානත්වය ගනිමින් හා ජනතාවට ප්‍රකාශ නිකුත් කරන්නේ යුද හමුදාව හා පොලීසිය විසිනි. සෞඛ්‍ය අංශයට මෙවන් ගෝලීය වසංගතයක් හමුවේ තනිව කටයුතු කළ නොහැකි බව සැබෑය. ආරක්ෂක අංශවල සහාය ඊට ලැබිය යුතුය. එහෙත් මෙරට පැවති ආයුධ සන්නද්ධ යුද්ධයට වඩා මෙය හාත්පසින්ම වෙනස් වූ සෞඛ්‍යමය කාරණයක් බවත් ඊට විසඳුම් සෙවිය යුතු වන්නේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වන විද්‍යාත්මක ක්‍රමවේද මුල් කරගෙන බවත් පසුගිය යුද සමයේ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙසද කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයා ද ඇතුළු රාජපක්ෂ පාලනතන්ත්‍රයම තේරුම් ගත යුතුව තිබෙන්නේය. වගකීම ජනයා මතම පැවරෙන මොහොතට පෙර වහා අලුතෙන් සිතා පියවර ගත යුතුව තිබෙන්නේය. ■

    මේ ගෙනියන්නේ මිනිස්සු
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ


    සමහර අය බස් එකට නැග්ගාට පස්සේවත් කොහේද යන්නේ කියලා දන්නේ නැහැ. මේ අරන් යන්නේ මිනිස්සු. බස් එකකට දාගනිද්දී කොහේද යන්නේ කියලාවත් දැනගන්න ඕනෑ. එවැනි දේවල් නිවැරදි විය යුතුයි. සමහර වෛද්‍යවරු පවා ගෙන ගිය ස්ථාන ගැන සෞඛ්‍ය අංශ දන්නේත් නැති තත්ත්වයක් තිබුණා.
    සමහර නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. වැසිකිළි ප්‍රශ්න, පොදු ශාලාවල වැඩි ප්‍රමාණයක් රඳවා තැබීම, දුරස්ථභාවය පිළිබඳ ප්‍රශ්න, එම ස්ථානවල වෛද්‍යවරු නැහැ ආදී පැමිණිලි ලැබී තිබෙනවා. ඒවා හොඳ තත්ත්වයන් නෙමෙයි. නිරෝධායනය වෙන්න යන අය විශාල කැපකිරීමක් කරන්නේ, ඒ අයට වෙනත් විකල්පයක් නෑ. ඒ අයට අවශ්‍ය පහසුකම් සැපයීම බලධාරීන්ගේ වගකීමක්. ආරක්ෂක අංශවලට මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනෑ. වෙනත් රෝග තිබෙන අයත් එම ස්ථානවල ඉන්නවා. නිරෝධායනය සඳහා රැගෙන යාම් මීට වඩා පාරදෘෂ්‍ය ආකාරයට විය යුතුයි. ■

    රෝගීවීම අපරාධයක් වෙලා
    ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය


    නිරෝධායන පනත යටතේ මහජන පරීක්ෂකවරුන්ට නිරෝධායනය කිරීම සඳහා බලය පැවරී තිබුණත් තවත් පාර්ශ්වයක් විසින් එය උල්ලංඝනය වන ආකාරයට කටයුතු කිරීමෙන් නිරෝධායනය විහිළුවක් බවට පත්වෙනවා. ඒ වගේම ආරක්ෂක අංශවලින් සිදුකරන රැගෙන යෑම් කොවිඞ් පැතිරීම වැළැක්වීමේ අරමුණින් වුණත් එය සිදුකරන ආකාරය නිසා මහජනතාවට ඒ ගැන විශ්වාසයක් නැති වීමත්, බියක් ඇතිවීමත් වෙනවා. යම් පාර්ශ්වයක් තමන් මේ දේ කළා කියලා මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවාට වඩා මේක සාමූහිකව සිදුකිරීම වැදගත් වෙනවා. මිනිස්සු මේ රෝගය බලෙන් හදා ගන්නා දෙයක් නෙමෙයි. රෝගීවීම කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. ජනතාවට මෙය අපරාධයක් ලෙස හැඟෙන ආකාරයට කටයුතු කිරීම සුදුසු නැහැ. ■

    ජාතික වශයෙන් ජනතාව දැනුවත් කිරීම අතිෂය වැදගත් හෙයින් 2020 ඔක්තෝබර් 18 වැනි දින රාවය ඊ පුවත්පතින් උපුටා ගන්නා ලදි. – ප්‍රධාන සංස්කාරක

  • පොඩි මිනිහගේ පුවක් ගැන සුපිරි කතාවක්

    පොඩි මිනිහගේ පුවක් ගැන සුපිරි කතාවක්

    රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ‘ගිලීමලේ‘ යනු අතීතයේදී නොදියුණු පිටිසර පළාතකි. බුලත් හැපීම මෙවැනි පළාත්වල ජනතාවගේ ඉතා සුලභ පුරුද්දක් වූ නිසා ඔවුනගේ දෙතොල නිතරම රත්පැහැ ගැන්වී, දත්වල කහට බැඳී තිබුණේය.. එවැනි පලාත්වල වුවත් කිරිසුදු දත් දෙපලක් ඇති අය සිටිනා බව දන්වමින් ‘ගිලීමලෙත් ඇත දත සුද්දෝ’ යන ප්‍රස්තා පිරුල බිහිවුයේ සම්ප්‍රදායික සිරිතට පිටින් යන උදවිය ඕනෑම සමාජයක සිටිය හැකි බව හඟවන්නටය.

     මේ වනවිට ගිලීමලේ තත්වය ඊට වඩා වෙනස් වියහැකි වුවත්, ලෝක ජනගහනයෙන් 10% ක් දෙනා එනම් මිලියන 800 ක පමණ ජනතාවක් තවමත් පුවක් හපති. ඇතැමෙක් ඊට බුලත්, හුණු, දුම්කොළ ඇතුළු වෙනත් අඩුමකුඩුම පවා එකතු කරගනී. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික උද්දීපනය ගෙනදෙන ද්‍රව්‍ය ලැයිස්තුවේ නිකොටින්, කැෆේන්, මද්‍යසාර යන සංඝටක වලට පසුව හතරවෙනියට ලියා ඇත්තේද පුවක්ය.

    එසේනම් අප පුවක් ගැන සුළුකොට තැකිය යුතු නොවේ. මන්දයත් මෙම ද්‍රව්‍ය ලැයිස්තුවේ තිබෙන ඒවා වර්තමාන වාග්මාලාවට අනුව කියනවානම් ‘අතේ දුරින් තබාගෙන‘ ඇසුරු කළ යුතු ඒවා නිසාය. ඒවාහි ඇති ඇල්කලොයිඩ් නමැති සංයෝග වර්ග නිසා රුධිරයට ඇඩ්‍රිනලින් නම් හෝර්මෝනයක් පහසුවෙන් නිදහස් වේ. ඒ හමුවේ හෘද ස්පන්දනය ආදිය වේගවත් වී, ප්‍රබෝධමත් ගතියක් සිරුරට දැනෙන්නේය.

    අපේ රටේ මිනිස්සුත් කලකට ඉහතදී, කෑමට පසු තවත් සීනි ටිකක් ශරීරයට එකතුවෙන පරිදි අතුරුපසක් වළඳනවා වෙනුවට හැපුවේ බුලත් විටකි. කෑමට පසු ඉබේම ඇතිවෙන නිදිමත ගතිය මේ හරහා පහවී යන බව ඔවුහු අත්දැකීමෙන් දැනගෙන සිටියහ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍යය සංවිධානය පවා පුවක් හඳුන්වාදෙන්නේ පිළිකාකාරකයක් වශයෙන් වන අතර ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් පුවක් ශාකය විෂ සහිත ශාක නාමාවලිය තුලටද ඔබ්බවා ඇත.

    ගොවිතැන් කටයුතු ගැන ලියන කියන අප, පුවක් කෑමේ හොඳ නරක ගැන කතා කළයුතු නොවේ. ආරම්භයේදීම ඉහත විස්තරය ගෙනහැර පෑවේ පුවක් හා කරුංකා වල පාරිභෝජන තොරතුරු හා එයට ලොව වටා ඇති පිළිගැනීම කෙසේද යන්න හැඳින්වීමටයි.

    ලාංකික ආර්ථිකයට පුවක් මගින් ලබාදිය හැකි සාත්තුව

    පුවක් වල ගුණාගුණ ගැඹුරට විමසිය යුත්තේ වෛද්‍යවරුන්ය. සිරිතක් වශයෙන් අපි අනුන්ට අයිති වැඩ නොකරන්නෙමු. මෙම ලිපිය ලියන්නේ දේශීය බෝගයක් වශයෙන් ලාංකික ආර්ථිකයට පුවක් මගින් ලබාදිය හැකි සාත්තුව ගැන පෙන්වාදීමටය.

    ඉහත සඳහන් කල ප්‍රබෝධයක් ගෙනදෙන ද්‍රව්‍ය ලැයිස්තුවේ පළමු තුන මගිනුත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවා, අපේ ආර්ථිකයට සල්ලි පිරෙනා නිසා, ‘පුවක්අරඹ’ රැකගැනීමේ වැදගත්කමත්, ඒ හරහා ගමේ ආර්ථිකයේ ඇතිවන දියුණුවත් ගැන කතාකිරීමේ වරදක්ද නැත. අද දවසේ අප මෙය ගැන කතා කලත්, පුවක් ගස සමාජ ඇසුරට පත්වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසටත් එහා දුර අතීතයකදී බව පෙනෙන්නට ඇති කරුණකි.

    ජනාකීර්ණ මුම්බායි නගරයේ සිට සැතපුම් 200 ක් පමණ දුරට යන විට ලෝක ප්‍රකට අජන්තා ලෙන් සමුහය හමුවේ. ගල් පර්වතය කපා ලෙන් ගුහා 30 ක් පමණ ඉදිකර ඇති මේවා අතීතයේ සාදා ඇත්තේ වස් වසනා භික්ෂූන්ටත්, වෙළෙන්දන් හා වන්දනාකරුවන්ටත් නවාතැන් ගැනීම සඳහායි. එහි ඇතුළත ඇති අලංකාර සිතුවම් යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් වශයෙන් නම්කර සංරක්ෂණය කර ඇත්තේ එහි ඓතිහාසික වටිනාකම නිසාමය.

    මෙහි ඇතැම් සිතුවම් වල පසුබිම් දර්ශනතල ප්‍රවේසමෙන් විමසා බලන විට පෙනෙන්නේ පුවක් ගසක රූ සටහන් ඇඳීමට චිත්‍ර ශිල්පියා සැලකිලිමත් වී ඇති බවයි. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස තරම් ඈත කාලයේදී පවා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තය තුළ පුවක් ගසට තිබූ සැලකිල්ල කියාපෑමට අජන්තා බිතු සිතුවම් කදිම සාක්ෂියකි.

    ඒ එදා මහාරාෂ්ඨයයි. එහෙත් මෑතකදී මහාරාෂ්ඨයට අලුත් පුවක් අත්දැකීමක් විඳගන්නට හැකිවූ බව 2018 සැප්තැම්බර් 22 වෙනිදින පළවූ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි. බහුලව එම පළාතේ පරිහරණය කෙරෙනා ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට, පුවක් කොළ වලින් තැනූ කෑම පිඟන්, දීසි යනාදිය මහාරාෂ්ඨ ප්‍රාන්ත වැසියන්ට හඳුන්වාදීමට කටයුතු කරන ‘ඇනින්දීටා චවුද්රි‘ නම් කාන්තාවකගේ තොරතුරු පුවත්පතෙහි පලවිය.

    වසර කීපයකට උඩදී කුඩා ව්‍යාපාරයක් සේ ඇරඹි ඇයගේ නිෂ්පාදන, මහාරාෂ්ඨය ඇතුළු යාබද ඉන්දීය ප්‍රාන්තයන් තුළ පවා දැන් අලෙවි කෙරේ. ඇයට ප්‍රශ්නයක්ව ඇත්තේ කර්මාන්තය ප්‍රසාරණය කිරීමට තරම් පුවක් කොළ හා කොලපත් අවටින් සපයා ගැනීමට ඇති නොහැකියාවයි. එදා අජන්තා ලෙනෙහි සිතුවම් ඇඳි සිත්තරා දුටු පුවක් ගසේ වටිනාකම, චවුද්රි නෝනා විසින් අලුත් රිද්මයකින් මහාරාෂ්ඨයට හඳුන්වා දී තිබේ.

    අපේ රටේ නම් පුවක් ගසට තිබු එදා වටිනාකම දිනෙන් දිනම වළපල්ලට යමින් තිබේ. කොලපත උඩ වාඩිවූ බාලයාව මිදුල වටා ඇදගෙන යන්නටවත්, ගමේ කොලු ගැටයාට දැන් විවේකයක් නැත. දෙදෙනාම මුල්ලකට වී දවස පුරාම ෆෝන් එකේ ගේම් ගසති. කෑම කන්නට ප්ලාස්ටික් පිඟනුත්, බත්මුල් ඔතන්නට කීපවරක්ම තහනම් කල ලන්ච්ශීට් කොලත් ඇති පදමට අපට තිබෙන නිසා චවුද්රි නෝනා කල කී දෑ අපට අදාළ නොවිය හැකිය.

    පුවක් වැව්වොත් ගොඩේ ගොඩ

    අපේ ගම්වල මෙරටට ආවේනික ‘සිංහල පුවක්’ නමින් හඳුන්වන කුඩා ගෙඩි සහිත ප්‍රභේදයට අමතරව ‘රට පුවක්’ නම් ගෙඩි ලොකු ප්‍රභේදයක්ද තිබේ. මේ දෙක අතර කලවම් වීමෙන් හටගන්නේ ‘හම්බන් පුවක්’ නමින් හඳුන්වන තවත් වර්ගයකි. රට පුවක් සිටුවීමෙන් බොහෝ විට එම වර්ගයම නොලැබෙන අතර, වැඩි ප්‍රවනතාවයක් ඇත්තේ කලවම් වර්ගයක් ලැබීමටය.

    “අපි ඈත අතීතයේ ඉඳලම පුවක් හා කරුංකා භාවිතා කෙරුවනේ. කරුංකා කියන්නේ වේලපු පුවක්. දවස් තිහ හතළිහක් අව්වේ වේලලා තමයි කරුංකා හදාගන්නේ. ඊට පස්සේ දුම් මැස්සට දාල අවුරුද්දක් හමාරක් වුණත් තියා ගන්නවා. වර්තමානයේ නම් ගෙවල්වල දුම්මැසි නැති නිසා වියලීම පමණයි කෙරෙන්නේ. හොඳට වෙලුනේ නැත්නම් ඇතුළ පුස් කනවා. ගුල්ලො ගහනවා. හොඳ කරුංකා හදාගන්න නම් පුවක් ගෙඩිය ඇතුලේ තිබෙන සුදු පාට පොල්මද කැබලි වැනි දෑ අඩු පුවක් ගන්න ඕනෑ. ඇතැම් ගස් වල හැදෙන ගෙඩි මේ ගතිගුණය සහිතයි. ඒවායින් හැදෙන කරුංකාත් හොඳයි. ඉතින් මේ ගුණාත්මයෙන් තිබෙන කරුංකා වලට ඉන්දියාවෙන් එහෙම හොඳ ඉල්ලුමක් තිබුණා.”

    පුවක් ගැන කතාකරන්නට අපනයන කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ දිශානති නිරෝෂා මෙනෙවියත් සමග මා හමුවූ ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා තම විස්තරය ආරම්භ කෙරුවේ එලෙසිනි. හෙතෙම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ මාතලේ තිබෙන මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) වරයායි.

    මඩ පුවක් සෑදීමද වියලීමට අමතරව පුවක් කල් තබාගැනීම සඳහා මෙරට භාවිතාවන ක්‍රමවේදයකි. මූලිකව මෙහිදී කෙරෙන්නේ එකතුකරන ලද පුවක් ගෙඩි වතුරේ ගිල්වා තැබීමයි. වායුගෝලීය ඔක්සිජන් හා නොගැටෙන බැවින්, ජලය තුල තිබෙනවිට ඇතුලත පුස්කෑම හෝ මදය ගුල්ලන් ගැසීම හෝ සිදුවන්නේ නැත. කුඹුරු ආශ්‍රිතව ජලය රැස්කල වලවල් තුල මඩත් සමගම ගිල්ලා තැබීම නිසා එවැනි නමක් පටබැඳුනා විය හැකිය. දේශීය වෙළඳපොලේ මඩ පුවක්, කරුංකා, අමු පුවක් යන සියල්ලම අලෙවි කෙරේ.

    වසර පහකින් පමණ පලදැරීම අරඹන පුවක් ගස, එතැන් සිට අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් නොකඩවා අස්වැන්න ලබාදෙයි. අවුරුද්දකට ගෙඩි 1000 ක් පමණ නිපදවන අතර හෙක්ටයාරයක තනි වගාවක් වවන්නේ නම් එයට පුවක්ගස් 1000-1100 ක් අතර ප්‍රමාණයක් ඇතුළත් වේ. අස්වැන්න 50% ක් අඩුවෙන් තක්සේරු කලත් වසරකට ගෙඩි ලක්ෂ පහකි. ඉතා අවම මුදලක් වශයෙන් ගෙඩියක් විකුණුවේ රුපියල බැගින් යයි සිතුවත්, ආදායම වසරකට රුපියල් ලක්ෂ පහකි. ඇතැම් කාලයට ගෙඩියක් රුපියල් දහයක් පමණ දක්වා මිල නගී. මේ දිනවල වෙළඳපොළ වාර්තා කියාපාන්නේ නම් පුවක් ගෙඩියක මිල රුපියල් 25 දක්වා වුවද ඉහළ නගිනා බවයි. බුලත් විටක් රුපියල් 50 ක් පමණ වෙන්නේ බුලත් පුවල් වලට ලැබෙන මේ අධි තක්සේරුවයි.

    “මේ සියල්ල ශුද්ධ ලාභය වශයෙන් තමයි හඳුන්වන්න වෙන්නේ. වගා නඩත්තුවක්, පොහොර දැමීමක්, කෘෂි රසායන ද්‍රව්‍ය වියදමක් වැනි කිසිවක් නෑනේ. කම්කරුවන් යොදවා පුවක් කැඩීම කරන්නෙත් නැත්නම්, ගහ යට වැටෙන ගෙඩි ටික අහුලගන්න එක පමණයි වැඩකට තියෙන්නේ.”

    එසේ පවසන ආචාර්ය සරත්චන්ද්‍ර පුවක් ගස හඳුන්වන්නේ 21 වෙනි සියවසේ කප්රුක වශයෙන්ය. ඔහු එසේ පැවසුවත් අපට නම් සිතෙන්නේ කප්රුකෙහි අගය සාමාන්‍ය ජනතාව අතරට ගැඹුරට කාන්දු වී නොමැති බවයි.

    ගෙවතු වගාවටත් පුවක් ඉස්තරම්

    Ayurvedic Plants of Sri Lanka: Plants Details

    රටේ කෙතරම් රුක් රෝපණ වැඩ සටහන් තිබෙනවාද? පොල් පැළ සිටුවනවා කෙතරම් දුටුවත් පුවක් පැළයක් සිටුවනවා රූපපෙට්ටියෙන්වත් දැක තිබෙනවාද? ගසෙහි හටගන්නා පළමු පුවක් වලු කිහිපයේ තිබෙන්නේ ගෙඩි සුළු ගණනක් බවත් කල්යාමේදී ලොකු පුවක් වලු හටගෙන තත්වය හොඳ වන බවත් ගොවියා තේරුම්ගෙන තිබේද?

    මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත්, ඔවුනට අයත් රටපුරා පිහිටි පැළ තවාන් වලිනුත්, ගොවීනට අවශ්‍ය හොඳ වර්ගයේ පුවක් පැල නිකුත් කෙරේ. මීට අමතරව වැවිලි සමාගම් වලින් ලැබෙන ඉල්ලීම් වලට අනුව, පැළ සාදාගැනීම සඳහා ඔවුනට ගෙඩිද ලබා දෙන්නේය. ගොවීන්ට ගෙඩි නිකුත් නොකරන්නේ, තවානක් වෙතට නොගොස් ඒවාහි ඉරණම ගැමියාගේ බුලත් මඩිස්සලයෙන්ම කෙලවරවේය යන සැකය නිලධාරීන් තුල තිබෙන බැවිනි.

    ගෙවතු වවමින් කෙටිකාලීන ආහාර බෝග ගැන සමාජයේ උනන්දුවක් ඇතිවී තිබෙන මෙම වකවානුවේ, අඩු වියදමකින් ස්ථාපනය කල හැකි, නිශ්චිත ඉඩක් පවා වගාබිමෙන් ඉල්ලා නොසිටින, මෙවැනි බෝග කෙරෙහිද අප අවධානය යොමුකළ යුතුය. වාර්ෂික බෝග මෙන් හදිසි කාලගුණ විපර්යාසයන්ට මේවා සංවේදී නොවන අතර, අස්වැනු හානියකට බියවී පුවක් තොගය ලහි ලහියේ කුණු කොල්ලයට විකුණා දැමිය යුතුද නොවේ.

    ප්‍රතිඅපනයන මාෆියාව පුවක් වගාවට හෙණයක්

    හෙක්ටයාර් 15000 – 18000 ක පමණ පුවක් වගාවක් මෙරට පවතී. නමුත් ඇත්තේ විසිරුණු වගාවක් වශයෙනි. දේශීය පරිභෝජනයට වැයවෙන ප්‍රමාණය අඩුකළ පසු සාමාන්‍යයෙන් අපනයනය කරන උපරිම කරුංකා ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 5000 කට අඩුය. 2012 වසරේදී මෙරටින් අපනයනය කර ඇත්තේ කරුංකා මෙට්‍රික් ටොන් 2121 ක් පමණි. වසරක් ගතවූ තැන එනම් 2013 වනවිට එය 9783 දක්වා හතර ගුණයකින් පමණ වැඩිවී තිබේ.

    අපේ ගම්වැසියන්  වැඩේ හොඳටම හිතට අරගෙන රටපුරා ඇවිදිමින්, පුවක් ගසක් දුටු තැන එය දිගේ බඩගා ගොස් පුවක් කඩා, කරුංකා වියළා ගත්තා සේය. එසේ සිතමින් අප මොහොතකට හිත හදා ගනිමු. 2014 වනවිට රට පැටවූ ප්‍රමාණය ටොන් 29,509 කි. 2015 වෙත්දී 29,513 කි. අවුරුදු දෙකක් ඇතුළත පුවක් අපනයනය මේ පෙනෙන පරිද්දෙන් 14 ගුණයකින් වැඩිකිරීමට නම් ලංකාද්වීපය තුළ දඩිබිඩියේ තුත්තිරි ගස් ගානට පුවක් ගස් පැළවිය යුතුය. පුවක් වලින් සරු ආදායමක් ලබමින් සිටි පිටිසරයාගේ බඩට වැදුනේ ව්‍යාපාරික නාගරිකයින් දෙතුන් දෙනෙක් එකතුවී කල මෙම අපනයන විජ්ජාවෙනි.

    ඉන්දුනීසියාවේ වනගත ප්‍රදේශවල ඉබේ පැලවුනු පුවක් ගස් ඇති පමණට තිබෙන නිසා කැලෑවට රිංගා වැටී ඇති පුවක් එකතුකර විකිණීම අවට ගම්මුන්ගේ ජීවනෝපායක් වේ. මේවා ඉතා බාල ගුණාත්මයක් සහිත ඒවා බැවින් වෙළඳපොළ වටිනාකමද අවමය. නිරෝධායන නීති අමතක කරන්නේ නම්, ක්‍රියාත්මක වෙළඳ ගිවිසුම් වලට පින් සිදුවෙන්නට, ඉන්දුනීසියාවේ කරුංකා, ලංකාව හරහා බදු ගෙවන්නේ නැතිවම ඉන්දියාවට යැවිය හැකිවේ. එහෙත් ලංකාව හරහා නොයා ඉන්දුනීසියාවෙන් ඍජුවම ඉන්දියාවට කරුංකා යැවීමේදී නම් එයට බදු අදාළ වේ.

    කපටි ව්‍යාපාරික සංවිධානයක් විසින් ඉන්දුනීසියාවෙන් බාල කරුංකා එකතුකර ලංකාවට පැටවීමටත්, මෙහිදී ඒවා ශ්‍රී ලාංකික කරුංකා බවට බවුතීස්ම කර  ඉන්දියාවට යැවීමටත් මේ අනුව කටයුතු කරන ලදී. ‘කරුංකා ප්‍රති අපනයනය’ යනුවෙන් ලස්සන යෙදුමක්ද ඔවුහු නිර්මාණය කරගත්හ. එතැන් සිට ලාංකික කරුංකා වශයෙන් ඉන්දියාවට ගොඩබෑවේ ඉන්දුනීසියානු බාල කරුංකාය.

    ඉන්දියාවටද කරුංකා උවමනා වන්නේ කෑමටම නොවේ. ඔවුහු තීන්ත කර්මාන්තය වැනි ව්‍යාපාරයන් රැසක් කරුංකා සමග පවත්වාගෙන යයි. ඒ සඳහා බාල කරුංකා වුවත් සෑහේ. අවසන් ප්‍රතිපලය වුයේ අපනයනකරුවන් විසින් ඔරිජිනල් ලාංකික නිෂ්පාදනයන් පවා අඩු මිලට ඉල්ලා සිටීමය. ඒ කියන මුදලට පුවක් එකතුකිරීමෙන් මහන්සියටවත් මුදලක් නොලැබෙන නිසා මෙරට ගොවීහු අපනයනයට පුවක් සැපයීම අත්හැර දැමූහ.

    ශාක නිරෝධායන පනත හකුලා ගැනීම

    ශාක නිරෝධායන පනතට අනුව තාල වර්ගයට අයත් පැලයක් නොව ගසක කැබල්ලක්වත් මෙරටට ගෙනඒමට තහනම් බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නිලදරුවන් කීප දෙනෙක්ම කලබලවී හඬ තැලුවද, බලධාරීන් චාමර සැලුවේ ජාවා හා සුමාත්‍රා දූපත් වල සිට යාත්‍රා කරනා කරුංකා නැවටමය.  

    අද නම් නිරෝධායනය යනු කුමක්දැයි සැවොම දන්නා කරුණකි. නිරෝධායනය නොවී, රෝගියෙකු රට තුලට දමාගතහොත් සිදුවන විනාසය කොපමණද යන්න  කොවිඩ්-19 වයිරසය විසින් අපට ගෙනවිත් දුන් පාඩම් පොතේ තිබෙන එක පරිච්ඡේදයකි.

    කලකට ඉහතදී ඉහළ ගිය පොල් මිල හමුවේ පිටරටින් පොල් ගෙනෙන්නට තටමද්දීත් කෘෂිකර්මයේ ඇත්තෝ මෙලෙසින්ම කලබල වී කෑ ගැසූහ. වගකිවයුතු එක බලධාරියෙකු ප්‍රකාශකර සිටියේ බාධාව ඇත්තේ පනතේ නම්, පනත වෙනස් කර හෝ පොල් ආනයනය කළ යුතු බවයි. දැන් ඉතින් පනතේ බාධාවකුත් නැති නිසා දඩිබිඩියේ මොනවට ලංකාවට යනවදැයි සිතා, ක්‍ෂුද්‍රප්‍රාණියා පොල් ගෙඩියෙන් බිමට බැස ඉන්දියාවේම නතර වෙනු ඇතැයි ඔහුගේ පුංචි මොලයට සිතුනා විය හැකිය.

    වත්මන් පාලකයින් විසින් ප්‍රතිඅපනයන තහනම් කරනා තෙක්ම කරුංකා සෙල්ලම නම් අඩු තීව්‍රතාවයකින් හෝ ක්‍රියාත්මක විය. ඒ 2016 වසරේ සිට ක්‍රමික අවරෝහණයක්ද සහිතවය. කෙසේ වෙතත් නිරෝධායන නීතිරීති පයිසෙකටවත් ගණන් නොගන්නා කරුංකා නැව් උදේ හවස කොළඹ පැත්තේ ඇවිත් ගියද ලංකාවට ලෙඩක් පාත් නොවීම නම් ආශ්චර්යයක් සේ හැඟේ.

    කෙසේ නමුත් කලකට ඉහතදී කටකතා පැතිරී ගියේ කල් ගතවෙත්ම නැව් මෙරටට නොපැමිණි බවත්, කරුංකා තොගය ඉන්දුනීසියාවේ සිට කෙලින්ම ඉන්දියාවට යද්දී, ලිපිගොනුව පමණක් මෙහෙ ඇවිත් අපනයන සීල් ගසාගෙන යන බවයි. මේවාහි සත්‍ය අසත්‍ය බව අප දන්නේ නැත. එහෙත් ආනයන වාර්තා වල දැක්වෙන ප්‍රමාණයම අපනයන වාර්තා වලින්ද පෙන්විය යුතු බව පොඩි එකෙකුට වුවත් තේරෙන කතාවකි. කටකතා වලට යම් ජීවයක් තිබුනාද කියා සිතෙන්නේ කරුංකා වෙනුවෙන් මෙම වාර්තා ද්විත්වය එකකට එකක් පෑහෙන්නේ නැති බැවිනි. රෝගකාරක ක්‍ෂුද්‍රප්‍රාණීන් සිටින්නේ කරුංකා ගෙඩිය ඇතුලේ මිස ෆයිල් සමග නොවන නිසා, ලිපිගොනුව ආවත් කරුංකා නොපැමිණීම හේතුවෙන්ම අපේ ගස් ලෙඩ නොවුනාද විය හැකිය.

    “ප්‍රති අපනයනය හරහා දේශීය පුවක් වලට සිදුවූ අසාධාරණය දැන් නැවතිලා තිබෙනවා. ඒ හරහා හොඳ විදේශ විනිමයක් රටට ලැබෙන තරමට මේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. ඉල්ලුම අසීමිතයි. මාතලේ පර්යේෂණ භුමියේ අපි දිවයිනේ විවිධ තැන වලින් එකතුකළ පුවක් ගස් එකතුවක් තියෙනවා. ඉන් හොඳ ගස් අපි තෝරලා තියෙනවා. පර පරාගනයෙන් ගෙඩි හැදෙන නිසා හැදෙන හැම ගසකම ගතිගුණ කලින් මව් ගසට වඩා වෙනස්. ඒ නිසා හොඳ ගුණාත්මයෙන් යුත් ගෙඩි ලබාදෙන තනි ගසක් තමයි අපි ‘වර්ගය’ ක් ලෙස නම්කරලා තියෙන්නේ. විශේෂ ක්‍රමයකට අපි ඒ ගස් වල මල් වෙනත් මල් සමග කලවම් නොවෙන්න සලස්වලා ගෙඩි ලබාගන්නවා.”

    Big imports from Nepal, Sri Lanka pull down areca nut prices - The Economic  Times

    ආකර්ෂණීය ප්‍ර භේද සමග පුවක් වගාව ප්‍රවර්ධනය

    අධ්‍යක්‍ෂවරයාගේ සැලසුමට අනුව වඩාත් ආකර්ශනීය ප්‍රභේද තෝරාගනිමින්, වගාව ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත්තේ එසේය. නව ආර්ථික වගා සොයා යන අප බොහොම පහසුවෙන් කල හැකි පුවක් වගාව ගැන මෙතෙක් අවධානය නොකළේ මන්දැයි සිතා බැලිය යුතුය.

    නිශ්චිත භූමියක් මේ සඳහා අවශ්‍ය නැත. වැට මායිම ලෙස වුවද පුවක් ගස් වැවිය හැකිවේ. කඳ දිගේ වැවෙන ගම්මිරිස් වැනි වගාවක් පිහිටුවීමට වුවද පුවක් ගස සුදුසුය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන වගා ප්‍රවර්ධන කටයතු වලදී ඔවුනට ප්‍රධාන අඩුවක් ලෙස දැනෙන්නේ ගොවීන්ගේ තොරතුරු නොමැතිවීමයි.

    අපනයනකරුවන් සිටින්නේ අතලොස්සකි. ඔවුන් සතුව තමා වෙත කරුංකා ලබාදෙන වෙළඳුන්ගේ තොරතුරුද තිබේ. එහෙත් තමාට කරුංකා රැගෙන එන ගම්මුන්ගේ තොරතුරු මෙම වෙළෙන්දන් සතුව නැත. පුවක්අරඹට රිංගන්නේත්, කූඩැල්ලන් කඩමින් පුවක් ඇහිඳින්නේත් ගම්මුන්ය. ලාංකික නිෂ්පාදනයක ඌරුව පවා කෙලසමින් අතලොස්සක් විසින් යටිමඩි ගසා ගන්නා ලද ඩොලර් මල්ල රුපියල් වලට හරවා ගම්මුන් අතට පත්කරන්නට නම් පුවක් ඇහිඳින ගැමියාගේ වගතුග මාතලේට අවශ්‍යයවේ.

    සනත් එම් බණ්ඩාර – හිටපු සහකාර අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම පර්යේෂණ සහ සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නෝරුව, පේරාදෙණිය.

  • මුළු පාසල් දිවියටම එකම එක විභාගයක් පමණයි ! ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන ඇත්ත කතාව

    මුළු පාසල් දිවියටම එකම එක විභාගයක් පමණයි ! ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන ඇත්ත කතාව

    ඇමෙරිකාවේ නිව් බ්‍රිට්න්හි සෙන්ට්‍රල් කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ජෝන් මිලර් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව ලොව සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රට ෆින්ලන්තයයි.

    අධ්‍යාපනය, පුස්තකාල පහසුකම් මෙන්ම රටේ පුවත්පත්වල ගුණාත්මකභාවය මේ සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන ප්‍රධාන නිර්ණායක.

    අධ්‍යාපනය ක්‍රමයේ පවතින අපූරු විශේෂතා හේතුවෙන් ෆින්ලන්තය ලොව සාක්ෂරතාවය අතින් ඉදිරියටම පැමිණ සිටින බවයි, කලක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ, දැනට හෙල්සින්කි අගනුවර වෙසෙන ශකිලා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ.

    1990 දී සිදු කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ෆින්ලන්තයට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. එය සම්පූර්ණ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක්.

    එම අධ්‍යාපන ක්‍රමවේදය තුළ ෆින්ලන්ත ජාතික සිසුන්ට මෙන්ම එහි වෙසෙන විදේශීය සිසුන්ටද එකසේ සමාන අවස්ථා ලබා දෙන අතරම අධ්‍යාපන ක්‍රමවේදයේ මූලිකම පරමාර්ථය වී තිබෙන්නේ, තරඟ විභාගවලින් ඔබ්බට ගිය අධ්‍යාපනයක් සදහා ශිෂ්‍යයින් යොමු කිරීම බවයි ශකිලා දිසානායක පවසන්නේ.

    ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන මේ කරුණු දැන සිටියාද?

    “මෙහෙ ප්‍රාථමික හෝ මූලික අධ්‍යාපනය තුල ජාතික මට්ටමේ විභාග නැහැ. එකම ජාතික මට්ටමේ විභාගය උසස් පෙළ සිසුන් සඳහා අවසාන වසරේ පවත්වන විභාග පමණයි,”

    මුල් ළමා විය අධ්‍යාපනය සහ රැකවරණය සඳහා අවුරුදු පහ දක්වා වූ දරුවන් යොමු කෙරෙන අතර ඉන් පසු, පෙර ප්‍රාථමික අධ්‍යාපනයට ඔවුන් යොමු කෙරේ.

    මූලික අධ්‍යාපනය වසර නමයක් දක්වා දිව යන අතර, ඉන්පසුව උසස් පෙළ අධ්‍යාපනය සඳහා යොමුවන්නේද? නොඑසේනම් ප්‍රාථමික වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන්නේද යන්න තීරණය කිරීමට සිසුන්ට අවස්ථාව උදාවේ.

    මුලික අධ්‍යාපනයෙන් පසුව උසස් පෙළ අධ්‍යාපනයට යොමු වන ශිෂ්‍යයෝ වසර 3 ක් එම අධ්‍යාපනය හදාරා ,තුන්වන වසර අවසානයේ පවත්වනු ලබන පරීක්ෂණයට මුහුණ දෙති.

    ෆින්ලන්තයේ ජාතික මට්ටමේ එකම විභාගයද එයයි.

    ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන මේ කරුණු දැන සිටියාද?

    නවීණ තාක්ෂණික විධි යොදාගනිමින් පාසල් තුළ අධ්‍යාපනය ක්‍රියාත්මක වන අතර, පාසල් මට්ටමෙන් සංස්කෘතික අංගයන්ට මෙන්ම ක්‍රීඩා වලටද ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කෙරේ. සෑම වසරකම කෙටි කාලයක් (සතියක් හෝ දෙකක්) කිසියම්ම හෝ වෘත්තීය පුහුණුවක නියැලීම අත්‍යවශ්‍ය වන අතර සියලුම පාසල් තුල ළමුන්ට දිවා ආහාරය ලබාදේ.

    ඉහළ ගුණාංගයන්ගෙන් යුත් ෆින්ලතයේ අධ්‍යාපන ක්‍රමය තුල සිසුන්ට කිසිදු මානසික ආතතියකින් තොරව නිදහසේ සිය අධ්‍යාපන කටයුතු කිරීම පිණිස සියලු පහසුකම් සපයා දී ඇති බවත් දැනට ෆින්ලන්ත රතු කුරුස සංවිධානයේ ස්වේච්ඡා සේවිකාවක ලෙසින් කටයුතු කරන ශකිලා දිසානායක පවසයි.

    උසස් අධ්‍යාපනයට යොමුවීමේදී අවශ නම් අධ්‍යාපනය පිළිබඳ උපදේශන සේවා සපයා ගැනීමටත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසුකම් සැලසේ. සිසුන්ට සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් සහ මානසික උපදේශන ලබාදීමට සෑම පාසලකම හෙදියක්ද සිටි.

    උසස් අධ්‍යාපනයට යොමු වීමේදී , ප්‍රථමික වෘත්තීය අධ්‍යාපනයට හෝ උසස් වෘත්තීය අධ්‍යාපනයට (university of applied science) යොමුවන්නේද, නොඑසේනම් වීශ්වවිද්‍යාල අධ්‍යාපනට යොමුවන්නේද යන්න සිසුන්ගේ අභිමතය පරිදි තෝරාගැනීමක් කිරීමට අවස්ථාව සැලසේ.

    ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන මේ කරුණු දැන සිටියාද?

    සිසුවෙකුට ප්‍රාථමික වෘත්තීය අධ්‍යාපනයෙන් අනතුරුව උපාධියක් හැදෑරීමට අවශ්‍ය නම් උසස් පෙළ අධ්‍යාපන සුදුසුකම නොමැතිව ඒ සඳහා උසස් වෘත්තීය අධ්‍යාපනයට යොමුවීමේ හැකියාව තිබේ.

    මානසික හෝ ශාරීරික ආබාධ පවතින සිසුන් සඳහා විශේෂ වෙනම අධ්‍යාපන ක්‍රමවේදයක්ද ෆින්ලන්තයේ ක්‍රියාත්මක වේ. ඔවුන්ට රජය විසින් සුදුසු වෘත්තීය පුහුණුවක්ද ලබාදෙන්නේ ඔවුන්ටද රැකියා වෙළඳපොළට දොරටු විවෘතකර දෙමින්.

    පුර්ණ කාලීන අධ්‍යාපනයේ නිරතවන්නන් දිරිමත් කිරීම පිණිස රජය විසින් මාසික දීමනාවක් ලබා දෙන බව පවසන ශකිලා දිසානායක, රටේ අනාගත පරපුරේ දැනුම වර්ධනය කිරීම සඳහා ෆින්ලන්ත රාජ්‍යය හැකි උපරිම උත්සාහය දරන බවත් වැඩිදුරටත් සංදේශයට කියා සිටියාය.

    නිසි දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ සමීක්ෂණයට යොදා ගෙන තිබෙන්නේ රටවල් 61ක් පමණයි. එබැවින් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් මේ සමීක්ෂණ වාර්තාවට ඇතුලත් වී නැහැ.

    Text copied by – bbc sandesaya

  • ශ්‍රීලංකන් කේටරින් ශ්‍රී ලාංකික ආහාර සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදෙයි

    ශ්‍රීලංකන් කේටරින් ශ්‍රී ලාංකික ආහාර සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදෙයි

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ආහාර රටාවන් සමගින් කල් තබා ගත හැකි ශීත කළ ආහාර හඳුන්වාදීමට කටයුතු යෙදා තිබේ. ආරම්භයේ දී එම ආහාර ශ්‍රී ලංකාවේ දී ත් පසුව ජාත්‍යන්තර වශයෙන් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී මෙම ආහාර ශ්‍රීලංකන් කේටරින් වෙළඳ නාමය යටතේ ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් වෙත ගෙන යනු ඇත.

    හොඳම තත්ත්වයේ, ශීත කළ ආහාර සඳහා වන ඉහළ ඉල්ලුමට විසඳුමක් ලෙස ශ්‍රීලංකන් කේටරින් ‘Cuisine Gastronome’ යන නමින් මෙම ආහාර රටාවන් සකසා ඇති අතර එය නැවුම් අමුද්‍රව්‍ය වලින් සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය වලින් සාදා ඇත.   ‘Cuisine Gastronome’ ප්‍රණීත ආහාර රසයන් සහ දේශීය හා විදේශීය ප්‍රියතම රසවත් ආහාර රැසක් පිරිනමන අතර ඒවා මිනිත්තු කිහිපයකින් විශිෂ්ට ආහාර වේලක් සඳහා පහසු මෙන්ම ඉක්මන් විසඳුමක් ලබා දෙයි.

    Cuisine Gastronome’s වෙතින් පුළුල් පරාසයක විහිදුණු දේශීය ප්‍රියතම ආහාර වන කලු පොල් පොලෝස් ඇඹුල සමඟ දේශීය රතු සහල්, කුකුළු මස් ව්‍යංජන සහිත ශ්‍රී ලාංකික කහ බත් පිළිගන්වනු ලැබේ. එසේම  ජාත්‍යන්තර විශේෂිත ආහාර වන Penne Pasta in Rich Sundried Tomato Sauce, තායි ස්වීට් චිලී සමග වොක් ෆ්‍රයිඩ් නූඩ්ල්ස්  , Cannelloni Stuffed with Rich Creamy Chicken, Polo Cacciatore Italiano with Penne Pasta,  English Country Lamb & Mint Pie, and a variety of other delectable meals සහ තවත් රසවත් ආහාර  වර්ග රැසක්ම නිවසේ සිට සුවපහසුවෙන් භුක්ති විඳීම වෙනුවෙන්ම සකසා ඇත.

    මෙම රසවත් හා සෞඛ්‍ය සම්පන්න ආහාර පිළියෙල කරනු ලබන්නේ ශ්‍රීලංකන් කේටරින් හි නවීනතම මුළුතැන්ගෙයි සිටින ඉහළ පුහුණුවලත් පළපුරුදු සූපවේදී කාර්ය මණ්ඩලයක් විසිනි. එම ආහාර අමුද්‍රව්‍ය ලබා ගැනීම, ඇසුරුම්කරණය සහ බෙදා හැරීම දක්වා  සෑම ආකාරයකම සනීපාරක්ෂාව සහ තත්ත්ව පාලනය පිළිබඳ ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වේ. ශ්‍රීලංකන් කේටරින් හි ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ එහි විශිෂ්ටත්ව ප්‍රමිතීන් වෙනුවෙන් ගෝලීය සම්මාන ඇතුලු සම්මාන රාශියක් දිනා ගෙන තිබේ.

    Cuisine Gastronome හඳුන්වාදීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ සරල හා පරිභෝජනයට පහසු වන පරිදි හොඳම ගුණාත්මක, අව්‍යාජ ශ්‍රී ලාංකික ආහාර රැසක් ලොවට ගෙන යාමය. රට තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත හොඳම තත්ත්වයේ, කෑමට සූදානම් ආහාර වේලක අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් දේශීයව ශ්‍රීලංකන් කේටරින් වෙළඳ නාමය යටතේ අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. පවතින කෝවිඩ් -19 වසංගතය හමුවේ මෙම ආහාර දේශීයව අලෙවි කිරීමේ සඳහා ඉතා පහසු කාර්යභාරයක් ඉටු කළේය.ලොව පුරා ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දැමූ විට, ගෝලීය ශීත කළ ආහාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමටත්, ආදායම් උත්පාදනය සඳහා වෙනත් මාර්ග ගවේෂණය කිරීමටත්, මෙම නවතම ආහාර ශ්‍රී ලංකාව තුළත් හඳුන්වා දෙමින්, අවසානයේ දී විදේශයන්හිත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රීලංකන් කේටරින් හි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය.

    ශ්‍රී ලංකන් කේටරින් ලිමිටඩ් පුද්ගලික සමාගමක් ලෙස 1979 දී එයාර් ලංකා ආහාර සැපයුම් සේවාකරු ලෙස සිය මෙහෙයුම් ආරම්භ කළේය. පසුව එම සමාගම BOI අනුමත වූ අතර 1998 දී ශ්‍රීලංකන් කේටරින් එයාර් ලංකා ලිමිටඩ් හි පූර්ණ හිමිකාරීත්වය දරන සමාගමක් බවට පත්විය. එය දැන් ශ්‍රීලංකන් කේටරින් අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුර්ණ අනුබද්ධ සමාගමක් වන අතර එය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) ක්‍රියාත්මක වන සියලුම ගුවන් සේවා සඳහා ආහාර පාන සපයන එකම ගුවන්යානා සැපයුම්කරු වේ. ශ්‍රී ලංකන් කේටරින් එමිරේට්ස්, එතිහාඩ්, කටාර් එයාර්වේස්, KLM, කැතේ පැසිෆික්, මැලේසියානු ගුවන් සේවය, එයාර් චයිනා, ඕමාන් එයාර්, කොරියානු ගුවන් සේවය, Turkish Airlines and UIA ඇතුළු බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසකට සේවා සපයයි.

  • 15 හැවිරිදි සිසුවාගෙන් 27 හැවිරිදි ගුරුවරිය සැප අරන් මාට්ටුවෙයි..

    15 හැවිරිදි සිසුවාගෙන් 27 හැවිරිදි ගුරුවරිය සැප අරන් මාට්ටුවෙයි..

    පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පිරිමි දරුවාගේ මව විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබිණි.

    මෙම පිරිමි දරුවා සැකකාරිය විසින් සිය නිවසේ පවත්වාගෙන ගිය බවට කියන උපකාරක පන්තියට යමින් සිට ඇත. මේ මස 6 වැනිදා උපකාරක පන්තියට සහභාගි වූ පිරිමි දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් එම දරුවාගේ මව උපකාරක පන්තිය පවත්වන නිවසට ගොස් තිබේ.

    එහි දී සැකකාරියගේ මව පවසා ඇත්තේ ඈ නිවසේ නැති බවය. ගුරුවරියත් පුතත් නැති බව දැනගෙන පොලිසියට ඒ සම්බන්ධව පැමිණිලි කළ බවත් පවසා ඇත. පසුව වහාම ක‍්‍රියාත්මක වූ වැලිගම පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය විසින් පිරිමි ළමයා ලිංගික කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති බවය.

    පසුව 12 වැනිදා වැලිගම පොලිසියේ දැන්වීම මත පිරිමි ළමයාත් සැකකාරියත් පොලිසියට ඉදිරිපත් වී ඇත. මෙහිදී පිරිමි ළමයා ප‍්‍රකාශ කර ඇත්තේ සැකකාරිය තමා කොළඹ සහ නුවර ප‍්‍රදේශවල හෝටල්වලට ගෙන ගිය බවයි. මෙම ප‍්‍රකාශ මත පොලිසිය සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

    උපුටා ගැනීම: දිවයින