Category: සුපිරි News

  • 2021 මුල් භාගයට පෙර කිසිදු එන්නතක් අපේක්ෂා කළ නොහැකියි – WHO

    2021 මුල් භාගයට පෙර කිසිදු එන්නතක් අපේක්ෂා කළ නොහැකියි – WHO

    කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් පර්යේෂකයන් හොඳ ප්‍රගතියක් ලබා ඇති නමුත් 2021 මුල් භාගය වන තෙක් ඔවුන්ගේ පළමු භාවිතය අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් වාර්තාකරුවන්ට පැවසුවේ එන්නත සංවර්ධනය කිරීම මන්දගාමී වුව ද “ආරක්ෂාව සඳහා වඩාත් වැඩි අවධානයක් යොමු කිරීම” අත්‍යවශ්‍ය බවයි.

    “අපට අපගේ ඇස් දෙස බැලීමට හැකි විය යුතුයි. අපගේ ප්‍රජාවන් දෙස බැලීමට අපට හැකි විය යුතුයි. මෙම එන්නත් අපි සාමාන්‍යයෙන් ලබා දීමට පෙර ආරක්ෂිත හා ඵලදායීද යන්න තහවුරු කර ගැනීම සඳහා අපි සෑම පූර්වෝපායක්ම ගෙන ඇති බව සහතික කළ යුතුයි. ”ආචාර්ය රයන් පැවසීය. 

    “එය සිදු කිරීම සඳහා, අපට එම කාලය කෙටි කළ හැකිය. නමුත් යථාර්ථවාදීව, එන්නත ලබා දෙන පුද්ගලයින් දැකීමට පෙර එය ලබන වසරේ පළමු කොටස වනු ඇත.”

    විභව එන්නත් කිහිපයක් තුන්වන අදියර අත්හදා බැලීම්වල යෙදී ඇති අතර ආරක්ෂාව හෝ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ජනනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් කිසිවක් අසමත් වී නැති බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

  • පාලිත තෙවරප්පෙරුමගේ ‘හතර හන්දි කඩලා’

    පාලිත තෙවරප්පෙරුමගේ ‘හතර හන්දි කඩලා’

    කොන්ත්‍රාත් සමාගමක නිලධාරීන්ගේ පහර කෑමකට ලක් වූ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර ඇත. හිටපු මන්ත්‍රීවරයා කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ පවුලේ සමීපතමයෙකු ප්‍රකාශ කළේ.

    පාදයකින් සහ අතකින් ලේ ගැලීම් සහිතව රෝහල්ගත කරන ලද ඔහුට සුළු ශල්‍යකර්මයක් කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළා.

    ‘පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට පහරදී තිබෙන්නේ මතුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේ සිදු වූ බහින්බස් වීමකදීයි. මෙම ජල ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කටයුතු සිදුකරන සමාගමේ නිලධාරීන් සහ හිටපු මන්ත්‍රීවරයා අතර බහින් බස්වීම සිදුවෙලා තිබෙනවා. එහිදී තමයි මන්ත්‍රීතුමාට පහර දීලා තිබෙන්නේ. අපිට ආරංචි විදිහට මීට පෙර ද මේ ජල ව්‍යාපෘතියේ නිලධාරීන් සහ මන්ත්‍රීතුමා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

  • කොවිඩ්වලට මුහුණ දෙන්න පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්

    කොවිඩ්වලට මුහුණ දෙන්න පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්

    මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 තර්ජනයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව  රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට අවශ්‍ය කරුණු නිරීක්ෂණයට සෞඛ්‍යසේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු  වෛද්‍ය කණ්ඩායමක් අද (22) ශ්‍රි ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක නිරත විය.

    මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන  මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාකර ගැනීමට අදාළ වැඩවැඩපිළිවෙලක් සකස්කර ගැනීම සදහා මෙම  නිරීක්ෂණ චාරිකාව සංවිධානය කෙරිණි.

    පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ,නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මෙම වෛද්‍ය කණ්ඩායම පාර්ලිමේන්තු සභා ගර්භය, මන්ත්‍රී ආලින්දය,මහජන,මාධ්‍ය සහ විශේෂ අමුත්තන්ගේ ගැලරි,මන්ත්‍රී භෝජනාගාර හා පුස්තකාලයද පරීක්ෂාවට ලක් කළහ.මෙයට අමතරව ඔවුහු මුළුතැන්ගෙය,කාර්ය මණ්ඩල ආපනශාලා, විශේෂ අමුත්තන්ගේ භෝජනාගාරය ඇතුළු පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාන ගණනාවක්ද පරීක්ෂාවට ලක් කළහ.  

    මෙම පරීක්ෂාවෙන් පසුව වෛද්‍ය කණ්ඩායම සහ පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තුව තුළ දැනට අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියා පිළිවෙත් සහ ඇතිවී ඇති යම් ප්‍රායෝගික ගැටලු පිළිබද දීර්ඝව සාකච්ඡා කරන ලදී.

    ඉදිරියේදී කොවිඩ් තත්ත්වය පහව යන තෙක් අමුත්තන් පාර්ලිමේන්තුවට පැමිණීම සීමා කිරීමේ වැදගත්කම වෛද්‍ය කණ්ඩායම මෙහිදී පෙන්වා දුන්හ.

    මෙම සාකච්ඡාවේදී මතුවු කරුණු සහ  නිරීක්ෂණ පදනම් කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් විසින්  ඉදිරි දින කිහිපය ඇතුළත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සැසිවාර පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන  මාර්ගෝපදේශ පදනම් කරගනිමින් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළ සියලු පියවර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී අවධාරණය කළේය.

  • කන්දකාඩු පොකුරේ සමාජය තුළ පැතිරීම පාලනයට කළා – පවිත්‍රා

    කන්දකාඩු පොකුරේ සමාජය තුළ පැතිරීම පාලනයට කළා – පවිත්‍රා

    නාවික හමුදාකඳවුර ආශ්‍රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්. කන්දකාඩුපුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ යහා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින(22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම අදහස් දක්වන ලදි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රජයක් ලෙසසැම අවස්ථාවකම අපේ ඉළක්කය තිබුනේ කොවිඩ් – 19 රෝගය සමාජය තුල පැතිරයාම වැළැක්වීමයි. මේ වන විට නාවික හමුදා පොකුර ගත්තොත් නාවික හමුදා කඳවුර ආශ්‍රිතව සිටි සියළුම රෝගීන්සුව වී එම පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා.”

    “කන්දකාඩු පුනරුත්ථාපනකඳවුර ආශ්‍රිතව එම රෝගීන් ආ ගිය තැන් වල ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ පිරිස් හා ලඟමආශ්‍රිතයින්ගේ PCRපරීක්ෂා 8148 ක් සිදු කර තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපනකඳවුර ආශ්‍රිතව මේ තිබෙන පොකුරේ සමාජය තුල පැතිරීම අපි බොහෝ දුරට පාලනය කරලා සමාජයතුල පැතිරීම අපේ පාලනයට නතු කර ගෙන තිබෙනවා.

    එමෙන්ම එම කඳවුර ඇතුලේ දෙවන වතාවටත් PCR පරික්ෂණසිදු කරගෙන යනු ලබනවා. දෙවැනි වතාවට සමහර විට කඳවුර ඇතුලේ රෝගීන් හමුවිය හැකියි. නමුත්කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව සමාජය තුල මෙම වෛරසය පැතිරීම අප පාලනයට ලක් කරතිබෙනවා.”

    “ඒ වගේම අද දින කැබිනට්මණ්ඩලයේ දී පෙර පාසල් ආරම්භ කිරිම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා. කැබිනට්මණ්ඩලයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යතුමාත්, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙසමමත් එකඟ වුනා අගෝස්තු මස 01 දින සිට දිවයින පුරා පෙර පාසල් නැවැත ආරම්භ කිරිමට.”

  • බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම: අන්තර්කාලීන වාර්තාව අගමැතිට

    බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම: අන්තර්කාලීන වාර්තාව අගමැතිට

    කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාරදුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකක විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

    මෙම වාර්තාව මගින් යෝජනා 05ක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සහ විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සිදුකළ යුතු බව ද යෝජනා කර ඇති බවත් එහි සදහන් වේ.

    එම වාර්තාවෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත්කර ඇත.

    01) ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොළු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. එම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතියි. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.

    02) මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.

    03) මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම.

    04) මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම.

    05) විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.

    අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ලේකම්වරයා විසින් ‍මෙම කමිටුව පත්කළ අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී. ඒ. කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට මහත්මිය, බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මෙම කමිටුව නියෝජනය කරයි.

  • ශෂී වීරවංශට වරෙන්තු

    ශෂී වීරවංශට වරෙන්තු

    අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන  ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) වරෙන්තු නිකුත් කර ඇත.

    ඒ ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවට භාර දී අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාලව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙනි.

    අද මෙම නඩුව විභාගයට නියමිතව තිබු අතර ඇය අසනීප තත්ත්වයකින් පසුවන නිසා අධිකරණය හමුවේ පෙනී නොසිටින බව ඇයගේ නීතිඥවරයා අධිකරණයට දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි.

    කෙසේවෙතත් අසනීප බවට කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බව වැඩිදුරටත් වාර්තා වෙයි.

  • තවත් කදුකර කොටියෙක් මස්වැද්දන්ට බලිවෙයි

    තවත් කදුකර කොටියෙක් මස්වැද්දන්ට බලිවෙයි

    පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටි දේනුවක් මන්දකට හසු වි මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

    නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටි දේනුව මිය ගොස් සිටි බවයි කරුණාතිලක මහතා කියා සිටියේ.

    ‘මිය ගොස් ඇත්තේ අවුරුදු හතක් පමණ වයස කදුකර කොටි දේනුවක්. මාපකන්ද ප්‍රදේශයේ වගා භුමියක සතුන් දඩයම් කිරිම සදහා දඩයම්කරුවන් විසින් අටවන ලද මන්දකට මේ සතා අසුවී ඇති බව අපි දැනට කළ පරීක්ෂණවලදී අනාවරණය වුණා. මන්දට අසු වූ කොටි දේනුව කොහොම හරි මන්ද කඩාගෙන කෝපි ගසක නැගලා තිබෙනවා. එහිදි කෝපි ගසේ මන්ද සවි කර තිබු මුගුර ගසේ සිරවිම නිසා ඉන් බේරිමට කොටියා උත්සහ කර ඇති අවස්ථාවේ උගුර හිරවෙලා තමයි ඇය මිය ගිහින් තියෙන්නේ. කොටි දේනුවගේ උදරය මන්දට හසු ඇති වුණ විශාල තුවාල රැසක් තිබෙනවා.

  • පහත වැටී ඇති ගම්මිරිස් මිල නංවන්න ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක්

    පහත වැටී ඇති ගම්මිරිස් මිල නංවන්න ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක්

    2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබිණ. දැන් එය රුපියල්    450ත් – 500ත් දක්වා පහත වැටී තිබේ. අමු ගම්මිරිස් කිලෝවකට ලැබෙනුයේ රුපියල් 150ත්- 175ත් අතර මිලකි.

    මෙලෙස පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගාකරුවන් ආරක්ෂා කර දෙන්නැයි පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ගොවීහූ ඉල්ලා සිටියහ.

    ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ගතයුතු ක්‍රියාමාර්ග විමර්ශණය කළ සාකච්ඡාවක් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

    ලොව ඉහළ ගුණාත්මක අගයක් සහිත ගම්මිරිස් නිෂ්පාදකයා ශ්‍රී ලංකාවයි. මෙරට ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පැවතිණ. අපනයනයෙන් 75%  පමණ ගැණුම්කරු වූයේ ඉන්දියාවයි. ඇමරිකාවෙන් සහ යුරෝපා රටවලින් ද ඉහළ ඉල්ලුමක් තිබිණ.

    අඩු ගුණාත්මක අගයෙන් යුත් ගම්මිරිස් වියට්නාමයෙන් ගෙන්වා දේශීය ගම්මිරිස් සමග මිශ්‍ර කර ලෝක වෙළෙඳපොළට ප්‍රති අපනයනය පසුගිය වසර කිහිපය තුළ සිදුව තිබේ. මේ නිසා ඉන්දියාව ඇතුළු සෙසු රටවලින් ගම්මිරිස් සඳහා ඉල්ලුම සීග්‍රයෙන් පහත වැටිණ.

    “මම බලයට පත්වීමෙන් පසු ගම්මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නතර කළා. ඒ සමග ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් අපනයනයට නැවත අවස්ථාව උදා වුණා. සියලු තානාපති කාර්යාල මගින් මේ පිළිබඳව ගැනුම්කාර රටවල් දැනුවත් කර විදේශීය වෙළෙඳපොළ දිනාගත යුතුයි” ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ඉන්දියාව සමග සාකච්ඡා කර දැනට වැඩි ගම්මිරිස් ප්‍රමාණයක් සැපයීම කෙරෙහි ද අද රැස්වීමේදී අවධානය යොමු කෙරිණ. අගය එකතු කළ නිෂ්පාදන ලෙස ගම්මිරිස් ලෝක වෙළෙඳපොළට සැපයීම ප්‍රධාන උපායමාර්ගයක් විය යුතු යැයි ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    නව අපනයනකරුවන් බිහි කරමින් අපේ ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳ පොළෙහි ඉල්ලුම වැඩි කිරීම සහ පසු අස්වනු තාක්ෂණික ක්‍රම දියුණු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

    වියළීම, විෂ බීජ හරණය, දිස්ත්‍රික් මට්ටමින්  සැකසුම් මධ්‍යස්ථාන ස්ථාපනය කර ගම්මිරිස් සඳහා ඉහළ අගයක් එකතු කළ හැකි පරිදි සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන එක්ව සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අවශ්‍ය යාන්ත්‍රෝපකරණ සඳහා ඉදිරි අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට  තීරණය කරනු ලැබීය.

    වැඩි මිලක් ලබාගත හැකි ගම්මිරිස් වර්ග වගාවට ගොවීන් උනන්දු කිරීමටත්, අවශ්‍ය දැනුම ලබාදීමටත් ක්‍රියා කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට පැවසීය.

    ගම්මිරිස් අස්වැන්නට ඉහළ මිලක් සහතික කිරීම සෑම තීරණයකම අවසාන ප්‍රතිඵලය විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. සියලු තීරණ වහාම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් එතුමා ඉදිරි දෙවසර තුළ ගම්මිරිස්  සඳහා ඉහළ මිලක් ලබාගැනීම ඉලක්කය කරගත යුතු බව ද පැවසීය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ. කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ. කේ. මාපා පතිරණ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් යන මහත්වරු,  ප්‍රධාන ගම්මිරිස් අපනයනකරුවන් සහ නිලධාරීහූ පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

  • උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභායේ නව දිනයන් ප්‍රකාශ කෙරේ

    උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභායේ නව දිනයන් ප්‍රකාශ කෙරේ

    මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන දිනත් පැවැත්වීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වේ.

  • බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම – තවත් පුරාවිද්‍යා කෙප්පයක් ද ?

    බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම – තවත් පුරාවිද්‍යා කෙප්පයක් ද ?

    මේ කඩා දමා ඇත්තේ එම ගොඩනැගිල්ලේ කොටසකි. එය වනාහි කුරුණෑගල පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ල යි. කිසිසේත්ම 13 වැනි සියවසට අයත් ගොඩනැගිල්ලක් මෙහි නැත. 13 වැනි සියවසේ දැවමුවා රූකම් සහිත කණු නිරුපද්‍රිතව ඉතුරු වන්නේ ද නැත!

    TS Nimesha
    නිමේෂ තිවංකර සෙනෙවිපාල
    කර්තෘ/සංස්කාරක
    කුරුණෑගල විස්තරය
    ශාස්ත්‍රීය පුස්කොළ අත්ලිපි සංස්කරණය සහ සාරපූර්ණ සංඥාපනය

    මිත්‍රවරුනි, මා ඔබේ විනෝදයට හා විවේචනයට බාධා නොකරමි. මේ කෙටි සටහන ලියා දක්වන්නේ, හුදී ජන පහන් සංවේග පිණිස නොව, හුදී අල්පේශාඛ්‍ය මහේශාඛ්‍ය උගත් නූගත් පුරාවිද්‍යා චක්‍රවර්තීන්ගේ දැනුම පිණිස පමණි.

    කඩා බිඳ දමන ලද කුරුණෑගල රාජසභා මන්දිරය යැයි කී පමණින් මා විමතියට පත් වූයේ එවැන්නක් ගැන කිසිඳු අවස්ථාවක මා අසා නොතිබුණු බැවිනි. කාර්යබහුල දින දෙකක් අවසන මා දුටුවේ භුවනෙකබාහු රජ්ජුරුවන්ගේ සභාශාලාව ගැන වෙන්ඩ පුරාවිද්‍යාඥයන්ගේ නොයෙක් සංවේදී කතාවන් ය.

    ඇත්ත වශයෙන් ම මෙම පැරණි ගොඩනැගිල්ල ගැන ඇත්ත ඉතිහාසය ලියන්නට කල්පනා කළේ කිසිඳු දේශපාලනික කණ්ඩායමක් සාධාරණීයකරණය කරනු පිණිස ද නොවේ.

    එහෙත් ඇත්ත දත යුතු ය.

    වසර සියයකට වඩා පැරණි යම් ඓතිහාසික අගයක් හිමි ගොඩනැගිලි පුරාවිද්‍යා උරුමයක් ලෙස ගැසට් කිරීම පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මගින් සිදු විය හැක.

    ඒ අනුව 2009 ජූලි 10 දාතම දරණ 1610 අතිවිශේෂ ගැසට්පත්‍රය මගින්, කුරුණෑගල කොළඹ පාරේ, වරිපනම් අංක 1 දරණ ස්ථානයේ පිහිටි වසර 100 ඉක්මවූ ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප්‍රසිද්ධ කරන ලදී.

    මේ කඩා දමා ඇත්තේ එම ගොඩනැගිල්ලේ කොටසකි. එය වනාහි කුරුණෑගල පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ල යි. කිසිසේත්ම 13 වැනි සියවසට අයත් ගොඩනැගිල්ලක් මෙහි නැත. 13 වැනි සියවසේ දැවමුවා රූකම් සහිත කණු නිරුපද්‍රිතව ඉතුරු වන්නේ ද නැත!

    මෙම ස්ථානය වනාහි ඓතිහාසික ස්ථානයක් වන්නේ ඇයි ?

    මෙම ස්ථානය වනාහි ඓතිහාසික ස්ථානයක් වන්නේ කාරණා කිහිපයක් නිසා ය. ඉන් එකක් පමණක් දක්වමි.

    සුප්‍රකට මාතලේ කැරැල්ල හෙවත් 1848 විමුක්ති අරගලයේ දී වරදකරුවෙකු වූ වීදිපැල්ලේ බණ්ඩා යුවරජු 1848 අගෝස්තු 4 වැනි දා බම්බා විහාරයේ දී ඉංග්‍රීසි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට විරුද්ධව යුද්ධාධිකරණය රැස්වූයේ මෙම ගොඩනැගිල්ල පිහිටි බිමේ දී ය. එහිදී වරදකරු වූ වීදිපැල්ලේ හෙවත් හඟුරන්කෙත ඩිංගිරාළට එදිරිව මෙසේ චෝදනා ගොනු විය.

    “අගරැජිණගේ නීත්‍යනුකූල ආණ්‌ඩුව බිඳ දැමීමේ අදහසින් රාජ්‍ය ද්‍රෝහියකු ලෙස, අගෝස්‌තු මස 02 වැනිදා සහ 04 වැනිදා අතර කාලය තුළදී කුමන්ත්‍රණයේ යෙදීම, වෙනත් රාජ්‍යද්‍රෝහී බලවේගයන් සමඟ එක්‌ වී මහ රාජිණියගේ ආණ්‌ඩුවේ සාධාරණ පාලනය කඩා දමා, ආණ්‌ඩු බලය අල්ලා ගැනීමට තැත් කිරීමේ චෝදනාව”

    කපිතාන් ජේ. එම්. මැක්‌ඩොනල්ඩ්ගේ නියෝග අනුව යුද්ධාධිකරණයට කපිතාන් ඩබ්ලිව්. හැමිල්ටන්, කපිතාන් එච්. සී. බර්ඩ්, ලුතිනන් ඊ. පී. ලැමර්ට්‌, ඊ. බී. මැගනෝල් යන අය සහභාගි වූහ.

    අගෝස්තු 5 වැනි දා ලබාදුන් යුද්ධාධිකරණ තීන්දුව ප්‍රකාරව වීදිපැල්ලේ බණ්ඩා, 1848 අගෝස්තු 5 වැනිදා වෙඩි තබා මරා අනතුරුව කුස පළා අතුණුබහන් බැහැර ඇද, සතරකඩකට පලා ගසක එල්ලා තබනු ලැබුණි.

    ඒ දුෂ්ඨ තීන්දුව ලබා දුන් බිමෙහි මෙම අධිකරණ ශාලාව පසුකාලීන ව ඉදි විය.

    පිළිමතලව්වේ පළමු අධිකාරම ගේ නඩු අහන මණ්ඩපය!

    1803 දී සත්කෝරළේ දිසාව වූ පිළිමතලව්වේ පළමු අධිකාරම විසින් භාවිත කළ නඩු අහන මණ්ඩපය පිහිටා තිබුණේ ද මෙම ස්ථානයේ යැයි සිතන්නට අවකාශ ඇත. කන්දේ නුවර සීමාවට ඇතුළු වූ වෙරළබඩවාසීන් පිරිසක් ඔත්තුකරුවන් යැයි සිතා අංගච්ඡේදනයට ලක් කරනු පිණිස තීන්දු කරන ලද්දේ ද මෙම භූමියේ ම යැයි මම සිතමි.

    ඒ ගැන දෙස් දෙන එක් වැදගත් අප්‍රකට ඉංග්‍රීසි ලියැවිල්ලක් මේ දිනවල පරිවර්තනය කරමින් සිටින හෙයින් ඒ ගැන වැඩිමනක් මෙහි නොකියමි.

    වර්තමාන කුරුණෑගල උසාවිය පවත්වාගෙන යන්නේ පැරණි නගරසභා ගොඩනැගිල්ලේ ය.

    කෙසේ වෙතත්, පුරාවිද්‍යා ස්මාරකයක් මෙසේ විනාශ කිරීම සමාව නොදිය යුතු වරදකි.

    (මේ සටහන,ශාස්ත්‍රීය පුස්කොළ අත්ලිපි සංස්කරණය සහ සාරපූර්ණ සංඥාපනය කර්තෘ සංස්කාරක විසින් සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි)

  • රාජ සභා මණ්ඩපය වැසූවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි – ඥානසාර හිමි

    රාජ සභා මණ්ඩපය වැසූවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි – ඥානසාර හිමි

    මේ විනාශය සිදුකළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර පිළිබදව මේ රටේ ජනතාව විමසිල්ලෙන් පසුවෙනවා.

    පුරාවිද්‍යා ස්මාරකවලට හානි කිරීම සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියා වැනි පුංචි මිනිසුන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි, බොදුබල සේනා සංවිධානයේ කැදවුම්කරු, ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කරති.

    කුරුණෑගල රාජධානි සමයේ ඉදිකළ බව කියන බුවනෙකබාහු රාජ සභා මණ්ඩපයට විනාශ කිරීම නිරීක්ෂණය කිරීම සදහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මේ අදහස් පළ කළහ.

    ‘උතුරු – නැගෙනහිර තිබෙන බෞද්ධ පුරා විද්‍යා උරුමයන් අන්‍යාගමිකයින් විසින් ඉවක් බවක් නැතිව බුල්ඩෝසර් කරමින් විනාශ කරනවා. ඒ දේම අද දකුණේ බෞද්ධ දේශපාලනඥයින් අතිනුත් සිද්ධ වෙන එක සංගවේගයට කරුණක්.

    මේ විනාශය සිදුකළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර පිළිබදව මේ රටේ ජනතාව විමසිල්ලෙන් පසුවෙනවා.

    මෙම අවස්ථාවට උලපනේ සුමංගල, වනවාසී රාහුල ඇතුළු හිමිවරුන් පිරිසක් සහභාගී වූහ.

  • බුවනෙකබාහු රාජ්‍ය සභා මණ්ඩපය වැනසූවන්ට එරෙහිව ‘නීතිය ප්‍රමාද’ ඇයි ?

    බුවනෙකබාහු රාජ්‍ය සභා මණ්ඩපය වැනසූවන්ට එරෙහිව ‘නීතිය ප්‍රමාද’ ඇයි ?

    ඵෙතිහාසික වටිනාකමක් ඇති  කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා  සහ පොලිස්පතිවරයා  දැනුවත් කර තිබියදීත්, එය කඩා බිඳ දැමීම ගැටළුවකි.  එබැවින් මේ සම්බන්ධව පරික්ෂණයක් සිදු කර රටට/ සහ රටේ අනාගත පරපුරට ඵෙතිහාසික අහිමිවන ඵෙතිහාසික ස්ථාන විනාශ කරන කරන දේශපාලන හස්තයන් හා රාජ්‍ය නිලධාරීන් පිළිබද විධිමත් පරීක්ෂණයක් ඔබතුමගේ මැදිහත් වීමෙන් සිදු කරන ලෙස  ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු‘යැයි හෙළ බොදුසවිය පදනමේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.

    එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය,

    ගරු ජනාධිපතිතුමා, ජනාධිපති කාර්යාලය, කොළඹ 01.

    ගරු ජනාධිපතිතුමනි,

    කුරුණෑගල  දිස්ත්‍රික්කයේ සංරක්ෂණය කළ කලයුතු ස්ථාන දහයෙන් එකක් වන දෙවන බුවනෙකබාහු රාජ්‍ය සභාව කඩා දැමිම සම්බන්ධවයි.

    ඓතිහාසික කුරුණැගල නගරයේ පිහිටි දෙවන බුවනෙකබාහු රාජ්‍ය සමයේ ඉදි කරන ලද අවුරුදු 700ක් පමණ පැරණි වර්තමානයේදී නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දිස්ත්‍රික්යේ සංරක්ෂණය කලයුතු ගොඩනැගිලි 10න් එකක් වන රාජ්‍ය සභා ගොඩනැගිල්ල නගර සංවර්ධනය මුවාවෙන් පසුගියදා කඩා ඉවත් කර ඇත.

    වසර 100ක් ඉක්මවා ගිය පසු ඕනෑම ගොඩනැගිල්ලක්  පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත්ත වන බව පුරාවිද්‍යා පනතේ සදහන් වන අතර රටක පෞරාණික වස්තුන් එම රටේ අභිමානය හා ඵෙතිහාසික වටිනාකමක් විදහාදක්වන වටිනා සාක්ෂියකි.

    අප විසින් පුරා විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද?  අද වන විට මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අවස්ථාවක වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතුය.

    එසේම තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල සිදුවන මෙවන් වටිනා ඵෙතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට නොහැකි මැතිවරණ අපේක්ෂකයෙකු උතුරු ප්‍රදේශයේ මුහුදු මහා විහාරය, දෙවනගල හා කූරගල නටබුන් සංරක්ෂණය කරන්නේ කෙසේද ? යන්න සමස්ථ මහජනතාවටම ඇත්තේ සාධාරණ සැකයකි.

    ඓතිහාසික උරුමයන් අරක්ෂා කරන බවට මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙමින් පසුගිය ජනාධිපතිවරණයේදි මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කර, ඊට හාත්පසින්ම විරුද්ධ මෙවන් දෑ සිදුකිරීම ජනතාව කිසිසේත්ම බලාපොරෙත්තු නොවේ. මේ හරහා වත්මන් රජයට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වු ජනතාව පත්වන අපහසුතාවය මෙපමණයි කියාකිව නොහැකිය.

    ගරු ජනාධිපතිතුමනි, මෙම සිදුවීම පිටුපස සිට එයට බලපෑම් කරන දේශපාලන හස්තයන් ගැන සොයා ඊට කඩිනමින් මැදිහත්ව කටයුතු කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින අතර එම ස්ථානයේ ඓතිහාසිකත්වය සුරැකෙන ලෙස අනාගත පරපුර වෙනුවෙන් එම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල නැවත ඒ ආකාරයෙන්ම ඉදි කරන ලෙස ද ඉල්ලා සිටිමි. එසේ නොකිරිමයෙන් සිදු වන්නේ ඔබතුමා බලයට පත් කිරීමට කටයුතු කළ ජනතාවට කරන අගෞරවයකි, අපහසයකි, අවඥාවට ලක්කිරිමකි.

    එසේම  මෙම ඵෙතිහාසික වටිනාකමක් ඇති  කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා  සහ පොලිස්පතිවරයා  දැනුවත් කර තිබියදීත්, එය කඩා බිඳ දැමීම ගැටළුවකි.  එබැවින් මේ සම්බන්ධව පරික්ෂණයක් සිදු කර රටට/ සහ රටේ අනාගත පරපුරට ඵෙතිහාසික අහිමිවන ඵෙතිහාසික ස්ථාන විනාශ කරන කරන දේශපාලන හස්තයන් හා රාජ්‍ය නිලධාරීන් පිළිබද විධිමත් පරීක්ෂණයක් ඔබතුමගේ මැදිහත් වීමෙන් සිදු කරන ලෙස  ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

    බුදුගල ජිනවංස  හිමි, සභාපති, ‘හෙළබොදු සවිය‘

  • ඇමති ප්‍රසන්නගෙන් ‘පොලිස්පතිට ලිපියක්’

    ඇමති ප්‍රසන්නගෙන් ‘පොලිස්පතිට ලිපියක්’

    පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඇමතිවරයා අවධාරණය කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් ද සමග එක් ව ගෙන ගිය මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළි කර ගත හැකි වුයේ තමන් විසින් පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි.

    මිනුවන්ගොඩ කුඩු ජාවාරමට තමන්ව ඈදා ගනිමින් සාවද්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන්ට සහ සමාජ මාධ්‍ය වලට එරෙහිව පියවර ගන්න

    යහපාලන ආණ්ඩුව සමයේ සිට ක්‍රියාත්මක මිනුවන්ගොඩ කුඩු ජාවාරමට තමන්ව ඈදැගනිමින් සාවද්‍ය ප්‍රකාශ කරනු ලබන පුද්ගලයන්ට හා වෙබ් අවඩි ඇතුළු සමාජ මාධ්‍ය වලට එරෙහිව වහා පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති  ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

    පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඇමතිවරයා අවධාරණය කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් ද සමග එක් ව ගෙන ගිය මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළි කර ගත හැකි වුයේ තමන් විසින් පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි.

    ප්‍රදේශවාසින් තමන්ට ලබාදුන් තොරතුරු පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දී ඒ පිළිබදව කඩිනම් පියවර ගන්නා ලෙස කරනු ලැබු ඉල්ලීම අනුව මෙම පරීක්ෂණ සිදුකෙරුණු බව ඔහු සදහන් කරයි.

    මේ සම්බන්ධයෙන් ඇමතිවරයා පසුගිය (17) වෙනිදා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය මෙසේ ය.

    2020-07-17

    පොලිස්පතිතුමා පොලිස් මූලස්ථානය, කොළඹ.

    පොලිස්පතිතුමණි,

    මා සම්බන්ධයෙන් සිදු කෙරෙන සාවද්‍ය ප්‍රකාශය නිවැරිදි කිරීම සහ ඒ සදහා පරීක්ෂණයක් ඉල්ලීම

    මිනුවන්ගොඩ පොලීසිය මගින් පසුගිය දා අත් අඩංගුවට ගත් ටයිල් චමින්ද නැමැත්තා හරහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට සම්බන්ධ කීපදෙනෙකු ගෙන ගිය මහ පරිමාණ මත්කුඩු ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කුඩු හා පාතාලය මර්දනය කිරීමේ වැඩසටහන ඉතා ඉහළ තලයකට ඔසවා තැබීමට මෙමගින් හැකියාව ලැබුණු බව මුළු රටම පිළිගන්නා කාරණයකි.

    මෙම සිද්ධියට සම්බන්ධ ‘ ටයිල් චමින්ද ‘ නැමැත්තා අත්අඩංගුවට ගැණුනේ 2020-06-08 වන දින යටියන විජය මංගල පිරිවෙනේ ධර්ම ශාලාවේ පැවති රැස්වීමකින් අනතුරුවය. යහපාලන ආණ්ඩුව කාලයේ සිටි යටියන ගමේ මත්ද්‍රව්‍ය ජාවාරමක් පවතින බවට ප්‍රදේශවාසීන් විටින් විට මා වෙත පැමිණිලි කර තිබු අතර ඒ අනුව අදාළ රැස්වීම සංවිධානය කරන ලෙස ප්‍රදේශයේ මගේ නියෝජිතයන්ට මා විසින් උපදෙස් ලබා දී තිබිණි. රැස්වීම එදින පැවැත්වූයේ ඒ අනුවය. ඒදින රැස්වීමට මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ද කැදවා ගන්නේ මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමටය. ඒ අනුව ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු අනුව මෙයට සම්බන්ධ සියලු දෙනාට ඒරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස මාවිසින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඉල්ලා සිටි අතර පොලිස්පතිවරයාට ද දුරකථනයෙන් අමතා මේ පිළිබද පියවර ගන්න‌ා ලෙස දැනුම් දුනිමි.

    පහුගිය යහපාලන රජය කාලයේ සිට ඉතා රහසිගත ව ක්‍රියාත්මක වූ මෙම ජාවාරම හෙළිදරව් වුයේ එම රැස්වීමෙන් පසුව ක්‍රියාත්මක වු පරීක්ෂණ වලට අනුවය. මෙම පරීක්ෂණ වලට මගේ තනතුර හෝ නාමය භාවිතා කරමින් අබමල් රේණුවක හෝ බාධාවක් නොවනු පිණිස  අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මා විසින් ගත් බව ඔබතුමා සහ පොලීසියේ සියලු නිළධාරීන් හොදින් දන්නා කරුණකි. එබැවින් මේ සිද්ධියට මා ඇඳෑ ගැනීමට පාරාජිත දේශපලනඥයින් කටයුතු කිරීම පිළිකුල් සහගතය.

    ප්‍රසිද්ධ මාධ්‍ය, වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ  පිරිස මෙම කුඩු ජාවාරම පිටුපස මා සිටින බවට ජනතාව අතර මතයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටී. ඊට අදාළව මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා කීපයක් මේ සමග ඔබ වෙත එවමි. ඔවුන් මේ සියල්ල සිදු කරන්නේ ඔවුන්ට හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ වලට වාසි ලබා ගැනිමේ  අරමුණිනි. ජනාධිපතිවරයා ගෙන යන පාතාළය හා කුඩු මර්දනය කිරීමේ මෙහෙයුම අඩාල කිරීම මොවුන්ගේ අරමුණ බව පෙනේ. මේ නිසා මේ සිද්ධිය සිදු වූ ආකාරය පිළිබද පැහැදිලි කීරිමක් රටට සිදු කරන ලෙසත් මේ සදහා මා සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරනු ලබන පුද්ගලයන්ට හා ඒවා පළ කරන අයට එරෙහිව විමර්ශනයක් සිදු කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිමි.

    මෙවැනි බොරු අවලාද නැගීමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේම ජනතාව පොහොට්ටුව  හා මා කෙරෙහි තබා ඇති විශ්වාසය පලුදු නොවන බව මා දනිත්ත හෘද සාක්ෂියක් සහිත දේශපාලනඥයෙකු ලෙස මෙම ඉල්ලීම සිදු කරනු ලබන බවද අවධාරණය කරමි.

    ස්තූතියි. මෙයට – විශ්වාසි, ප්‍රසන්න රණතුංග

  • කොරෝනා දෙවැනි රැල්ලක් අතළග – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

    කොරෝනා දෙවැනි රැල්ලක් අතළග – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

    ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ්-19 දෙවන රැල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා අද (18) පැවැති මාධ්‍ය හමුකදී හෙළි කළේය.

    විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මෙහිදී කියා සිටියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කණස්සල්ලෙන් පසුවන බවත් අද ඇති වී තිබෙන තත්ත්වය කුමන අතට හැරෙයි දැයි සැකයක් ඇති බවයි.

    කොරෝනා වසංගතය ආරම්භ වූ මුල් අවධියේ ඊට මුහුණ දුන් ආකාරය ඉතා විශිෂ්ට බවත් ඒ ගැන සෑහීමකට පත්විය හැකි බව පැවසූ රණසිංහ මහතා රජයේ ඉහළ බලධාරීන් ගෙන් ලැබෙන වැරදි ආදර්ශ නිසා ජනතාව මන්දෝත්සාහී වී ඇති බවද කීවේය.

    කොරෝනා වෛරසය සමාජයේ පැතිර ඇතැයි සීයට සීයක් තහවුරු කර කිව නොහැකි වුවත් ඒ ආසන්නයේ අත ළඟ ඉන්නා බව කිව හැකි යයිද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

  • පාසල් ආරම්භ කිරීම කල් යයි – AL සහ 5 වසර ශිෂ්‍යත්වය ගැන තීන්දුව සදුදා

    පාසල් ආරම්භ කිරීම කල් යයි – AL සහ 5 වසර ශිෂ්‍යත්වය ගැන තීන්දුව සදුදා

    පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.   යළිත් පාසල් ආරම්භය 11 , 12 ,13 වසර සඳහා පමණක් ජුලි මස 27 වනදා සිදුකරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි. 

    කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි.

    පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුගේ නිර්දේශ ඊයේ (17) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබේ. 

    මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දිනය වන අගෝස්තු මස 10 වන දා පාසල්වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති බව ද සඳහන් වේ. 

    උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන නව දින ප්‍රකාශයට පත් කිරීම එළඹෙන සඳුදා (20) සිදුකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

  • රාජාංගනයේ අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා

    රාජාංගනයේ අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා

    අද දින (17) රාජාංගනය ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගි වූ පිරිස් අළලා කරන ලද පරීක්ෂණ 139 කට අනුව අවුරුදු 12 එක් දරුවකු  කොවිඩ් 19 රෝගියකු ලෙස හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

    කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි අනිල් ජාසිංහ මහතා වැඩි දුරටත් සදහන් කළේ.