Category: සුපිරි News

  • අයිශ්වර්යා රායිගේ සාරාගී බව ලොවට කියා පෑ සුපිරිම සුපිරි විලාසිතා 32ක් මෙන්න

    අයිශ්වර්යා රායිගේ සාරාගී බව ලොවට කියා පෑ සුපිරිම සුපිරි විලාසිතා 32ක් මෙන්න

    අයිශ්චර්යා‘ ඇය නම අනුව ම ලොව ලස්සනම කාන්තාව ලෙස සැලකෙන අතර 1994 දී ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳින දා සිට අයිශ්වර්යා රායි බච්චන් කිසිදු පසුබෑමකට මුහුණ දී නැහැ. ඇය එදා අත්කර ගත් කීර්තිය අදත් නොනැසී පවත්වා ගෙන යන අතර බොලිවුඩයේ බලවත්ම පුද්ගලයාගේ ලේලිය (අමිතාබ් බචන්ගේ) ලෙසත්, බොලිවුඩයේ කඩවයම්ම නළුවකුගේ (අභිෂේක් බච්චන්) බිරිද ලෙසත් තවත් බලවත් හා කීර්තිමත් වී සිටිනවා.

    ආයිශ්චර්යා සතු මේ ජනප්‍රියභාවය හා බලය නිසාම ඇය නිරන්තරයෙන් ජාත්‍යන්තර තලයේ කතාබහට ලක් වෙනවා. ඡායාරූපවලට හසුවෙනවා. එයින් ඇයගේ කීර්තිය හා සුන්දරත්වය තව තවත් ඔපවත් වෙනවා.

    මේ අතර ආයිශ්චර්යා ලොව ජනප්‍රියම හා වැදගත් සිනමා උළෙලක් වශයෙන් සැලකෙ ‘කෑන්ස් ‘ සිනමා උළෙලට ද අඛණ්ඩව සහභාගී වුණා. වාර්තාවලට අනුව සහභාගී වූ අයිශ්වර්යා 2002 දී කෑන්ස් රතු කාපට්‌ මතින් සිය ගමන ආරම්භ කළේ දේවදස්‌ ගෝලීය වේදිකාවක තිරගත වූ අවස්ථාවේදීයි. 

    ඇය එදා සුන්දර දීප්තිමත් කහ සාරියකින් සැරසී සිටි අතර මුළු ලෝකයම මේ සුරූපිනිය දෙස බලාසිටියා. ඉන්පසු ඇය සෑම වසරකම කෑන්ස් සිනමා උළෙලට සහභාගී වුණා.

    කෑන්ස් සිනමා උළෙලට සහභාගී වූ සෑම වසරකම ඇය අලුත් විලාසිතාවක් අත්හදා බැලූ අතර ලොව පුරා සිටින විලාසිතා ශිල්පීන් විස්මයටත් කුතුහලයටත් පත් කළා.

    වසර කිහිපයක් තනියවම කෑන්ස් රතු පළස මතින් ගමන් කළ ඇය ඊට පසුව ඉන්දියාවේ බලවත්ම පුද්ගලයාගේ පුතා සමග කෑන්ස් රතු පලස මතින් ගමන් කළා. ඒ සෑම අවස්ථාවකදීම ඇය සුන්දර – අසමසම විලාසිතාවකින් සැරසී සිටියා.

    කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරේ කෑන්ස් සිනමා උළෙල අවලංගු වූ බැවින්, 2002 සිට 2019 දක්වා අයිශ්වර්යා රායි කෑන්ස් සිනමා උළෙලට සහභාගීවීමේදී හැඩ වූ විලාසිතා 34ක් අපි ඔබට ඉදිරිපත් කරනවා.

    බලන්න, ඔබගේ සිත්ගත් සුරූපිනියගේ විලාසිතා ඔබටත් අනුගමනය කළ හැකිද කියා…

    අයිශ්වර්යා රායි බච්චන්

    ෂාරුක් ඛාන්, අයිශ්වර්යා රායි බච්චන්, සංජේ ලීලා බන්සාලි

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි බච්චන්

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි බච්චන්

    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්
    අයිශ්වර්යා රායි බච්චන්

    ඡායාරූප සහ වාර්තාව ෆිල්ම් ෆෙයාර් (මැයි 19 -2020) ඇසුරිණි – සැකසුම – තුෂාධවි

  • COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ‘ඉටුකම’ සන්නාමයෙන් ඉදිරියට

    COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල ‘ඉටුකම’ සන්නාමයෙන් ඉදිරියට

    “COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම – COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල යනුවෙන් නම්කර ඇත.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් තවත් ආකර්ශනය කරගනු පිණිස සන්නාමය හඳුන්වාදෙනු ලැබීය.

    ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 23 දා අරමුදල ස්ථාපනය කෙරිණ. එතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක් ප්‍රදානය කළේය.

    COVID -19 වසංගතය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම ආරක්ෂණ අරමුදලේ පරමාර්ථයයි. අරමුදලට පරිත්‍යාග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ විශේෂ ගිණුමක් විවෘත කර ඇත.

    එහි අංකය 85737373. බැංකු කේතය 7010; ශාඛා කේතය 660; ස්විෆ්ට් කේතය BCEYLKLX.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායක වීමට පිළිවන.

    COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල පාලනය කරනුයේ පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසිනි.

    මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා කමිටු සභාපති ධූරයත්, ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී රවින්ද්‍ර විමලවීර මහතා ප්‍රධාන ලේකම් ධූරයත් හොබවති.

    මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, රේගු අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් ජී. විජිත් රවිප්‍රිය, ලංකා සතොස සභාපති නුෂාඩ් එම්. පෙරේරා, සේවක භාර අරමුදලේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් පී.ඩී. ඉන්දිකා එල්. විජේගුණවර්ධන, ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) නීතිඥ හරිගුප්තා රෝහණධීර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එන්.ඩබ්.ජී.ආර්.ඩී. නානායක්කාර, ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.පී. රසල් පොන්සේකා, හිටපු ඔඩිටර් ජනරාල් එස්. ස්වර්ණජෝති යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති. කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ ජේ.එම්.එස්. ජී. ජයසුන්දර මහතා කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

    දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට පිළිවන

  • සංචාරක කර්මාන්තය නංවාලීමට යුරෝපා සංගමයෙන් ප්‍රදානයක්

    සංචාරක කර්මාන්තය නංවාලීමට යුරෝපා සංගමයෙන් ප්‍රදානයක්

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි.

    ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබා දෙන්නැ‘යි යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi)  මහතා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය.

    යුරෝපා සංගම් තානාපතිවරයා හා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (19) පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම කෙරිණ.

    යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය පළ කිරීමක් ලෙස මෙම මුදල ලබා දිමට තීරනය කළ බව ද තානාපතිවරයා කියා සිටියේය.

    මෙම ප්‍රදානය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ සදහා අදාළ යෝජනා කඩිනමින් යුරෝපා සංගමයට ලබා දෙන්නැ‘යි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දුන්නේය.

    සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මාසයේ 19 වන දින ශ්‍රී ලංකාවට මගී ගුවන් යානා පැමිණිම අත්හිටුවන විට එම මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 71,370 කි. ඉන් 60% ක්ම පැමිණ ඇත්තේ යුරෝපා රට වලිනි. යුරෝපා රටවලින් මාර්තු මාසයේ දි මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 42,084 ක් වේ. මෙරට සංචාරකයන් පැමිණෙන ලොව ප්‍රධානතම කලාපය වන්නේ යුරෝපයයි.

    මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි. සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම හා එමගින් සිදුකරන විදේශ විනිමය උත්පාදනය ඉහළ නැංවීමත් තුළින් මෙරට ආර්ථිකය නංවාලීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ඇමතිවරයා 2025 වන විට මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 07 දක්වා ඉහළ නැංවීමටත් ඒ තුළින් වසරකට ඇ.ඩො. බිලියන 10 ක විදේශ විනිමය උත්පාදනය කිරීමත් අපේක්ෂාව බව ද කීවේය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ම සංචාරක කර්මාන්තය බිද වැටී ඇතත් අපේක්ෂිත ඉලක්කය සපුරාලීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

  • හෝටල් – ආපන ශාලා යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

    හෝටල් – ආපන ශාලා යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

    කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.

    රට තුල සාමාන්‍ය ජන ජීවිතය යථාතත්වයට පත් කීරීමේ රජයේ වැඩපිලිවෙලට සමගාමීව මෙම ආපනශාලා කඩිනමින් විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නේය.

    සංචාරක හෝටල් හිමියන් ආපනශාලා හිමියන් හා සංචාරක ක්ශේත්‍රයේ සේවා සපයන විවිධ වෘත්තිකයන් සහ ඇමතිවරයා අතර ඊයේ (19) පැවති සාකච්ඡාවකදි හෝටල් සහ ආපනශාලා හිමියන් ඉල්ලා සිටියේ කඩිනමින් සිය ආයතන විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි.

    සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන මාර්ගෝපදේශ වලට අනුව සිය ආපන ශාලා විවෘත කර පවත්වාගෙන යාමට සංචාරක හෝටල් හිමියන් හා මෙහිදි එකගත්වය පල කලහ. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝටල් හා ආපන ශාලා විවෘත කිරීමට නිකුත් කර ඇති මාර්ගෝපදේශ මේ වන විටත් හෝටල් හිමියන්ට ලබා දී ඇති බවයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහස වුයේ එම මාර්ගගෝපදේශ ද අනුගමනය කරමින් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමගද සාකච්ඡා කර කොවිඩ් 19 පාලනය කිරීමේ කමිටුවේද එකගතාවය ඇතිව හෝටල් හා ආපන ශාලා විවෘත කිරීම සදහා වු වැඩපිලිවෙලක් සැකසිය යුතු බවයි. ඒ අනුව එම සාකච්ඡාව අතරතුර සෞඛ්‍ය බලධාරීන් ඇමතු ඇමතිවරයා හෝටල් හා ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට හැකිවන පරිදි මාර්ගෝපදෙශ සංග්‍රහයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

    හෝටල් හා ආපන ශාලා වසා දැමිම නිසා එහි සේවකයන්ට වැටුප් ගේවීමේ දුෂ්කරතා ඇතැයි හෝටල් හා ආපන ශාලා හිමියෝ මෙහිදි පෙන්වා දුන්හ. රජය දැනටමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් ඉතා ඉක්මනීන් මේ සදහා වැඩ පිලිවෙලක් සකස් කරන බවටත් ඇමතිවරයා සහතික වුයේය.

    ලිසිං ගෙවිමට සහන ලබා ගැනීම සහ සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවලට එක්වූ සංචාරක ක්ශේත්‍රයේ නියුතු විවිධ සංවිධාන නියෝජිතයින් ඇමතිවරයාගේ ඉල්ලීම් කළ අතර ඇමතිවරයා සදහන් කලේ ඊට අදාල යෝජනා ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් කෙටුම්පත් කර ඇති බවයි. මුදල් අමාත්‍යාංශය සමගද සාකච්ඡා කිරීමෙන් කඩිනමින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපෙක්ෂා කරන බවද ඔහු කිවේය.

    මෙම සාක්ච්ඡා සදහා කොළඹ නාගරික හෝටල්කරුවන්ගේ සංගමය කොළඹ නාගරික ආපන ශාලා හිමියන්ගේ සංගමය සංචාරක වෘත්තීයවේදීනගේ සංගමය සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක නියෝජිතයින් සහභාගී වූහ. සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මිහූද මෙම සාකච්ඡාවට සහභාගී වුහ.  

  • නායයාම් රතු නිවේදන තවදුරටත්

    නායයාම් රතු නිවේදන තවදුරටත්

    පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ග කරන බව අද දින (20) නිවේදනය කර ඇත.

    පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල සහ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ ඉංගිරිය නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

    ගාල්ල, මාතලේ, රත්නපුර, කලුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල,මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒපිළිබද අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානම් නිවේදන

    කලුගංගා ද්‍රෝණියේ ප්‍රදේශ කීපයකට ගංවතුර අවදානම් නිවේදන

    පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලු ගංගා පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුලු ගංවතුර තත්වයන් ඇති වේ යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

    මෙම කලාපයේ ජීවත් වන ජනතාව ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සදහා ආපදා පෙරසුදානම් ක්‍රියාකාරකම් අනුගමන කරන ලෙසත්, විශේෂයෙන්ම පාසැල් පොත් සහ උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් නිරංතරයෙන් ඔබ ප්‍රදේශයේ ගංවතුර මට්ටම පිළිබදව අවධානයෙන් සිටිමින් කළින් හදුනාගෙන ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාමට සුදානම්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධයස්ථානය ජනවතාවට දැනුම් දේ.

    එසේම මේ පිළිබදව යම් තොරතුරක් හෝ ඔබට අවශ්‍ය සහයෝගයක් සදහා 117 දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05කට නායයාම් රතු නිවේදන

    රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05කට නායයාම් රතු නිවේදන

    පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුරදිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධිඅවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.

    පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලුව සහ තවලම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල සහ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ ඉංගිරිය නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

    ගාල්ල, මාතලේ, රත්නපුර, කලුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල,මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒපිළිබද අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

  • Covid-19 Daily Update: අදත් නව ආසාදිතයින් 28යි – මුළු ගණන 1020යි

    Covid-19 Daily Update: අදත් නව ආසාදිතයින් 28යි – මුළු ගණන 1020යි

    අද (19) දින ප.ව 18.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම් අනුව ලංකාවේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1020 දක්වා වර්ධනය වී තිබෙනවා.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට අධීක්ෂණය යටතේ පුද්ගලයින් 135 දෙනකු සිටින අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 569ක්.

  • අක්ෂි රෝහලේ සායවලට පැමිණීමට පෙර ‘දිනයක් හා වේලාවක්’ වෙන්කර ගන්න

    අක්ෂි රෝහලේ සායවලට පැමිණීමට පෙර ‘දිනයක් හා වේලාවක්’ වෙන්කර ගන්න

    ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර සේවා ලබා ගන්නා රෝගීන් අදාල සායනයේ විශේෂඥ වෛද්‍යවරයාට හිමි දුරකථන අංකයෙන් සායන දිනය හා වේලාව වෙන්කරවාගෙන සායනයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් මහජනතාව ඒ්කරාශිවීම වැළැක්වීමේ මූලික අරමුණින් පසුගිය කාලය තුල රෝහල්වල සාමාන්‍ය සායනික සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙනයාම අපහසු විය. 

    COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.යූ පී කුමාරතිලක මහත්මිය පවසයි.

    ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර සේවා ලබා ගන්නා රෝගීන් අදාල සායනයේ විශේෂඥ වෛද්‍යවරයාට හිමි දුරකථන අංකයෙන් සායන දිනය හා වේලාව වෙන්කරවාගෙන සායනයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    කාමර අංක 01

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය)             – 011 7 682 741

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය )     – 011 7 682 554

    කාමර අංක 02

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය)         – 011 7 682 558

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය)           – 011 7 898 301

    කාමර අංක 03

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න මහත්මිය)      – 011 7 682 391

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා)        – 011 7 682 549

    කාමර අංක 04

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතා )             – 011 7 682 534

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා)                   – 011 7 682 564

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කූසුම් රත්නායක මහතා)              – 011 7 682 657

    රෙටිනල් සායනය

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා )            – 011 7 898 344

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා)                 – 011 7 682 650

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා)         – 011 7 682 094

  • කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීමට විකල්ප ක්‍රියාමාර්ග

    කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීමට විකල්ප ක්‍රියාමාර්ග

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීම සදහා විකල්ප ක්‍රියාමාර්ග රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු වේ. එහි එක් පියවරක් ලෙස කටුනායක ගුවන් තොටුපළට අමතර ව මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ වල මගී ගුවන් සේවා පුළුල් කිරීමට අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික ගුවන් මගී මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 06 ත් 08ත් අතර වේ. එහෙත් මේ වන විට වාර්ෂිකව ගුවන් මගී මෙහෙයුම් මිලියන 10ත් 12ත් අතර සංඛ්‍යාවක් කටුනායක ගුවන් තොටුපළේ සිදු වේ. තවත් වසර දෙකක් තුළ මෙය මිලියන 18-20 ත් අතර ඉහළ අගයක් ගනු ඇතැයි ගණන් බලා තිබේ. කොරෝනා වසංගතය ලොව පුරා  පැතිර යාමත් සමග මේ වන විට ලොව පුරා ගුවන් ගමන් අඩාල වී ඇති අතර මේ නිසා ලෝකයේ සියලුම ගුවන් තොටුපළ සේවා බිද වැටී තිබේ.

    ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය පවසන්නේ ආසියා පැසිෆික් කලාපයේ මගී ප්‍රවාහන ඉල්ලුම 34% ත් 44% ත් අතර අගයකින් පහළ වැටෙනු ඇති බවයි. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමත් සමග නැවතත් මගී ගුවන් ගමන් යථා තත්ත්වයට පත්වනු ඇත.සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ දී ගුවන් තොටුපළවල පවතින මගී තදබදය අවම කර ගත යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අදහසයි.

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් කොවිඩ් 19 වසංගතය නැවත රටට ඇතුළුවීම වැළැක්වීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් රජයට යෝජනා කර තිබේ. කටුනායක ගුවන් තොටුපළෙන්  ගුවන් මගියෙකු රටට ගොඩ බැසීමට පෙර නිශ්කාෂණ ක්‍රමයක් හදුන්වා දීම, යම් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් ගුවන් ගත වී පැය 1/2 ක් තුළ ගුවන් මගීන්ගේ නාම ලේඛනයක් ගුවන් තොටුපළ බළධාරීන්ට ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම, සෑම මගියෙකු ම පැමිණීමේ දී වීෂබීජහරණ කුටි ඔස්සේ යාමට සැලැස්වීම, පැමිණෙන සෑම මගියෙකු ම කොවිඩ් 19 පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කිරීම, ගුවන් මගීන්ගේ කොවිඩ් 19 පරීක්ෂණ සිදු කිරීම, මගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම, ගුවන් යානා හා ගුවන් තොටුපළ වරින් වර වීෂබීජානුහරණය කිරීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි යෝජනා ඒ අතර වේ. කටුනායක ගුවන් මගියෙකු පිටවන අවස්ථාවක දී ක්‍රියාකළ යුතු ආකාරය ද මෙම යෝජනාවලියේ ඇතුළත් වේ.

    මෙම යෝජනා අතර ඇති විශේෂ යෝජනාවක් වන්නේ කටුනායක මෙන් ම මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ මගී ගුවන් මෙහෙයුම් පුළුල් කිරීමයි. රටට පැමිණෙන ගුවන් මගීන්ට  සිය ගමනාන්තය අනුව රටට ගොඩ බැසිය හැකි ක්‍රමවේදයක් හරහා කටුනායක ගුවන් තොටුපළින‍් දිවයිනට පැමිණිම අවම කර ගත යුතු බවත් ඒ මගින් කටුනායක ගුවන් තොටුපළේ මගී තදබදය අවම කර ගැනීමට හැකිවනු ඇති බවත් ගුවන් තොටුපළ බළධාරීන්ගේ අදහසයි. දැනටමත් මත්තල සහ රත්මලාන ගුවන් තොටුපළ මගී ගුවන් සේවා පුළුල් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ යෝජනාවලිය කඩිනමින් ක්‍රියත්මක කිරිමට රජය අපේක්ෂා කරන බවයි.

  • බ්‍රිගේඩියර්ලා 05කට මේජර් ජෙනරාල් පදවි හිමිවෙයි – තවත් 172කට ඉහළ නිල

    බ්‍රිගේඩියර්ලා 05කට මේජර් ජෙනරාල් පදවි හිමිවෙයි – තවත් 172කට ඉහළ නිල

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහති විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකු ඔවුන්ගේ අනෙකුත් නිලයට උසස් කර ඇත.

    මෙය මෑතකාලීනව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක්දිනක් තුල ලබාදෙන ලද විශාලතම උසස්වීම් අතරින් එක් අවස්ථාවක් බව හමුදා ලේකම් කාර්යාලය සඳුදා (18) දින සන්ධ්‍යාවේ නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

    ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයේ සිටි 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වාත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් නිලයේ සිටි 04 දෙනෙකු බ්‍රිගේඩියර් නිලය දක්වාත්, මේජර් නිලයේ සිටි 9 දෙනෙකු ලුතිනන් කර්නල් නිලය දක්වාත්, කපිතන් නිලයේ සිටි 69 දෙනෙකු මේජර් නිලය දක්වාත් දෙවන ලුතිනන් නිලයේ සිටි 60 දෙනෙකු ලුතිනන් නිලය දක්වාත් නිල උසස් කර ඇති අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන් සියලුදෙනාට සුබපැතුම් එක්කරයි.

    මේජර් ජෙනරාල් සහ බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්:

    මේජර් ජෙනරාල් සී.යු. මාරසිංහ ආර්.එස්.පී යු.එස්.පී

    මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්.පී. එන්ඩියු

    මේජර් ජෙනරාල් එච්.පී. රණසිංහ ආර්.ඩබ්ලිව්.පී. ආර්.එස්පී. එන්ඩියු

    මේජර් ජෙනරාල් ඒ.පී.අයි. ප්‍රනාන්දු ආර්.ඩබ්ලිව්.පී. යු.එස්.පී

    මේජර් ජෙනරාල් සී.ඩි. වීරසුරිය ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්පී. එන්ඩියු

    බ්‍රිගේඩියර් එස්.එන්. සමරවික්‍රම

    බ්‍රිගේඩියර් එච්.එම්.එන්.බි හේරත්

    බ්‍රිගේඩියර් එන්.ජි.එස්. තිලකරත්න

    බ්‍රිගේඩියර් කේ.එන්. පෙරේරා

  • දිස්ත්‍රික්ක 10ක් සදහා නිකුත් කර තිබු නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත්

    දිස්ත්‍රික්ක 10ක් සදහා නිකුත් කර තිබු නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත්

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ, නුවරඑලිය, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 10 සදහා නිකුත් කර තිබු නායයාම් අවදානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත.

    පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇලපාත, නිවිතිගල, කලවාන සහ කිරිඇල්ල

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල සහ දෙහිඕවිට,

    නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

    එසේම පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවු ප්‍රදේශවල ජනතාව නායයාම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවා ඇත.

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, අක්මීමන, ඇල්පිටිය, නියාගම, බෝපේ පෝද්දල, නාගොඩ, තවලම සහ නෙලුව,

    මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට,අයගම කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, වලල්ලාවිට, හොරණ, ඉංගිරිය සහ මතුගම,

    මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, කොළඔ දිස්ත්‍රික්කයේ සීතාවකපුර, කෑගල්ල දිස්ත්‍රික්කයේඅරනායක යටියන්තොට, දැරණියගල, මහනුවර දිස්ත්‍රික්කයේ ගගඉහළ කෝරළේ සහ තුම්පනේ, ගගවටකෝරළේ සහ පාතහේවාහැට යන යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවා ඇත.

    විශේෂයෙන්ම නායයාම් අවදානම් ප්රදේශවල ජීවත්වන ජනතාව ඒ පිළිබදව සැළකිලිමත් විය යුතුය.

    පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වාටවල්, හා දුරකථන කුලුණු ආදිය, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්ති මත ඇතිවන පිපිිරුම් හා ඒවායේ ක්රමික වර්ධනය වීම, එක්වර ජල උල්පත්මතුවීම හෝ පෙරපැවති උල්පත් බොරවීම අවහිරවීම හෝ නැතිවීම වැනි නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

    පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්ය නිසා ඔබ ජීවත්වන නිවස ගංවතුර අවධානයට ලක්වන තෙක් නොසිට සුරක්ෂිත මධ්‍යස්ථානය කරා යාම ඉතා වැදගත් වේ.

    එසේම පාසැල් සිසුන්ගේ පොත් පත් ලිපි ද්‍රව්‍ය ගංවරතුරෙන් සුරක්ෂිත කර ගැනීමට කටයුතු කිරීමත් පවතින තත්වය හමුවේ ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

  • නුම් දෙන තුරු ධීවර කටයුතු වල නොයෙදෙන්න – අනතුරු ඇගවීම් තවදුරටත්

    නුම් දෙන තුරු ධීවර කටයුතු වල නොයෙදෙන්න – අනතුරු ඇගවීම් තවදුරටත්

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් ඊයේ (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති පව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

    මෙහි බල පෑම හේතුවෙන් ඉදිරි පැය විසිහතර තුල දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් පුත්ලම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වුු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත. ගිණිකොණදිග සහ යාබද නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශවල පැයට කිලෝමීටර් 100-150 දක්වා වන සුළං පැවති හැකි බවත් එය විටින් විට පැයට කිලෝමීටර් 200 දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

    මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධිවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන ලෙසත් මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

    එසේම මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2.0-2.5 ක් පමණ ඉහළ යා හෙයින් මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සදහන් වේ.

    පවතින කාලගුණ තත්වය පිළිදව නිසි අවධානයක් යොමු කරන ලෙසත් ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීම සදහා විටින් විට ලබා දෙනු ලබන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

    එසේම පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

  • ‘අම්ෆන්’ බලපෑම දැඩි කරයි: දිවයින පුරා ගිගුරුම් සහිත අධික වැසි

    ‘අම්ෆන්’ බලපෑම දැඩි කරයි: දිවයින පුරා ගිගුරුම් සහිත අධික වැසි

    Powerful Cyclonic Storm Amphan takes aim at India, Bangladesh ...

    2020 මැයි මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය – 2020 මැයි මස 19 දින උදෑසන 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදි.

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) ඊයේ (18) දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 14.9 ත් නැගෙනහිර දේශාංශ 86.5 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරන අතර මැයි 20 වන දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

    එහි බලපෑම හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත.

    දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර නුවරඑළිය,මහනුවර, මාතලේරත්නපුරකෑගල්ලගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී.100 ට වැඩි තද වැසිද ඇති විය හැක.

    උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

    2020 මැයි මස 19 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) ඊයේ (18) දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 14.9 ත් නැගෙනහිර දේශාංශ 86.5 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරන අතර මැයි 20 වන දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.ධීවර හා නාවුක කටයුතු වල යෙදෙන්නන් මේ සම්බන්දයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
    වැසි තත්ත්වය:  
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම්සහිතවැසි ඇති වේ.පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවනමුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වැසිද ඇතිවිය හැක.
    සුළඟ:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතදෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (50-55) පමණ වේ.පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-80) දක්වා වැඩි විය හැක.
    මුහුදේ ස්වභාවය:
    දිවයින වටා වන මුහුදු ප්‍රදේශරළුවියහැකි අතර පුත්තලම සිට ගාල්ල,හම්බන්තොට සහ පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විටඉතා රළුවේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.


  • කුවේට් රාජ්‍යයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම හෙට දින ආරම්භ වේ

    කුවේට් රාජ්‍යයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම හෙට දින ආරම්භ වේ

    තවදුරටත් කුවේට් රාජ්‍යයෙහි සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ ශ්‍රී ලාංකිකයන් සඳහා කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්, නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු හෙට දින ආරම්භ වන බව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් අද (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

    එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

    තවදුරටත් කුවේට් රාජ්‍යයෙහි සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ ශ්‍රී ලාංකිකයන් සඳහා කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්, නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු හෙට දින ආරම්භ වේ.

    අද දින (මැයි 18) කුවේට් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අහමඩ් නසර් අල් මොහොමඩ් අල් සබා මහතා සමඟ දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ආසන්න වශයෙන් 460 ක් පමණ වන නැවත පැමිණෙන පළමු කණ්ඩායම 2020 මැයි 19 වන අඟහරුවාදා දින ‘කුවේට් එයාර්වේස්’ට අයත් ගුවන් යානා දෙකකින් මෙරටට ගෙන්වා ගැනීමට එකඟ විය.

    කුවේට් රාජ්‍යය පොදු සමා කාලය තුළ නීති විරෝධී සංක්‍රමණිකයන් වෙත  ලියාපදිංචි වීම සඳහා නැවත අවස්ථාවක් ලබා දුන් අවස්ථාව වන විට ශ්‍රී ලංකා ආගමන විගමන බලධාරීන් සමඟ සාකච්ඡා කර පොදු සමාව සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලාංකිකයින් වෙත කුවේට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් කඩිනම් ගමන් බලපත්‍ර සත්‍යාපනය කර ලබා දීමට කටයුතු කළ බව  විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. සාමාන්‍ය පොදු සමාව මගින් කුවේට්හි සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ තැනැත්තන්ට කිසිදු බලපෑමකින් තොරව එරට්න් පිටව යාමේ අවස්ථාව හිමිවන අතර, නෛතික වශයෙන් සේවය සඳහා නැවත කුවේට් රාජ්‍යය වෙත පැමිණිය හැකිය.

     කුවේට් රාජ්‍යයේ පොදු සමාව ලද ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව අමාත්‍ය ගුණවර්ධන මහතා කුවේට්හි විදේශ අමාත්‍යවරයා වෙත සහතික විය. කෙසේ වෙතත්, නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩ ප්‍රමාණය සීමිත වන බැවින්, ඊට අනුකූලව සැලකිලිමත් ලෙස මෙම සම්බන්ධීකරණය සිදු කිරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

    කොවිඩ් – 19 මගින් එල්ලවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා අදාළ රජයන් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවද අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළහ. දැනට කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 100,000 කට වැඩි පිරිසකට සෞඛ්‍ය පහසුකම් ඇතුලු අවශ්‍ය ආධාර සැපයීම පිළිබඳව අමාත්‍යවරයා කුවේට් රජයට සිය ස්තූතිය පුද කරනු ලැබීය. කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කුවේට් රාජ්‍යය පදනම් කරගත් ශ්‍රී ලාංකික ප්‍රජාව සහ අනෙකුත් සුභසාධන කණ්ඩායම් සමඟ එක්ව, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වියළි සලාක අඛණ්ඩව ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    දෙරට අතර ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ශ්‍රී ලංකා තේ සහ අනෙකුත් නිෂ්පාදනයන් කුවේට් රාජ්‍යය වෙත ආනයනය කිරීමේ කටයුතු ඉහළ නැංවීමට ඇති හැකියාව පිළිබදව සොයා බලන ලෙස ද විදේශ අමාත්‍යවරයා කුවේට්හි විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. කුවේට් රාජ්‍යයේ සිට පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් රැගෙන මෙරටට පැමිණෙන ගුවන් යානා, ශ්‍රී ලංකා අපනයනයන් කුවේට් රාජ්‍යය වෙත  ප්‍රවාහනය සදහා යොදා ගැනේ.

    මෙම කරුණුවලට අදාළ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා දෙසතියකට වරක් දුරකතන සංවාදයක් පැවැත්වීමට අමාත්‍යවරු එකඟ වූහ.

  • ගුවන් තොටුපළ තීරු බදු සාප්පු ඇතුළු සේවා සපයන ආයතනවලට මාස 03ක කුලී සහනයක් දීමට යයි

    ගුවන් තොටුපළ තීරු බදු සාප්පු ඇතුළු සේවා සපයන ආයතනවලට මාස 03ක කුලී සහනයක් දීමට යයි

    කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මෙම තීරණයට එළඹ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළේ සේවා සපයනු ලබන ආයතන හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය දා (15) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට ප්‍රකාශයට පත් කෙරිණ.

    මේ අනුව පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේ ඇති තීරු බදු රහිත සාප්පු, සේවා ආයතන හා සංචාරක සේවා කුටි වලින් මාස 03 ක කාලයක් මාසික කුලිය අය නොකෙරන අතර එය 2020 මාර්තු 19 සිට මාස 03ක කාලයකට වලංගුවේ. ඊට අමතරව ගුවන් තොටුපළ තුළ සිය සේවා කුටි පවත්වා ගෙන යනු ලබන ගුවන් සමාගම්වලින් 2020 අප්‍රේල් මාසයේ සිට මාස 03 ක කාලයක් සදහා මාසික ගාස්තු අය නොකෙරේ.

    මීට අමතරව ගුවන්තොටුපළ භාණ්ඩ ගබඩා කර තැබීමේ (Cargo) පහසුකම් ලබා ගන්නා ආයතනවලින් අප්‍රේල් මාසයේ සිට මාස 03ක කාලයක් සදහා ඔවුන්ගේ මාසික ගාස්තුවෙන් 50% ක් පමණක් අය කිරීමට ද තීරණය කර තිබේ. රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනයේ ගුවන් යානා නතර කර තැබිමේ ගාස්තු ද 2020 මාර්තු 19 සිට මාස 03 ක කාලයක් සදහා අය නොකිරිමට ද තීරණය කර තිබේ.

    කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මාස 03 ක කාලයෙන් පසුව මෙම සහන තවදුරටත් ලබා දෙනවද නැද්ද යන්න පිළිබද ව නැවත සලකා බලන බවයි. මේ වන විට කටුනායක ගුවන් තොටුපළ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් වුව ද සංචාරක, ගුවන් සේවා වැනි ක්ෂේත්‍ර  යථා තත්ත්වයට පත් වීම සදහා තවත් කාලයක් ගතවනු ඇත. මේ නිසා මෙම සහන සම්බන්ධයෙන් ජුනි මාසයේ දී නැවත සලකා බැලීමට සිදුවනු ඇති බව ඇමතිවරයාගේ අදහසයි.