Category: සුපිරි News

  • මිල සූත‍්‍රය වැඩක් නෑ; ඕන කමක් තියෙනවා නම් බදු අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන්

    මිල සූත‍්‍රය වැඩක් නෑ; ඕන කමක් තියෙනවා නම් බදු අඩු කරලා තෙල් මිල අඩු කරන්න පුළුවන්

    ඛනිජ තෙල් සූත‍්‍රයක් තිබුණත් රජයට අවශ්‍ය නම් ඛනිජ තෙල් මත රජය පනවා ඇති බදු අඩු කර ඛනිජ තෙල් මිල ගණන් අඩු කළ හැකි යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
     
     පුංචි බොරැුල්ලේ වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ (14) උදේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මේ බව කීවේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.
     
     තෙල් මිල ප‍්‍රශ්නය ගැන තවදුරටත් කතා කළ බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.
     
     මහින්ද රාජපක්‍ෂ රජය යටතේ රට භාර දෙනවිට 2014 අගදී තෙල් බැරලයක් ලෝක වෙළෙඳපළේ ඇමෙරිකානු ඩොලර් 105 ක් වුණා. එහෙම තියෙද්දී එදා පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කළේ රු.150 කටයි. ඞීසල් ලීටරයක් අලෙවි කළේ රු.111 ටයි. භූමිතෙල් ලීටරයක් අලෙවිකළේ රු.80 ටයි. මේවා තමයි සත්‍ය මිල ගණන්. දැන් අද මේ මිල සූත‍්‍රය එනවිට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක් රු.80 යි. මෙහෙම එදා ඩොලර් 100 ටත් වැඩිය තිබූ තෙල් මිල දැන් ඩොලර් 80 ට බැහැල තියෙද්දීත් පෙට‍්‍රල් ලීටරයක් රු.155 යි. ඞීසල් ලීටරයක් රු.123 යි. භූමිතෙල් විතරක් රු.70 ට දෙනව. මේ අනුව ඉතාම පැහැදිලිව රටට හෙළිදරව් වෙනව මහින්ද රාජපක්‍ෂ යුගයේ ලෝක ඛනිජ තෙල් අර්බුදය තිබියදීවත් මෙවැනි මිල පීඩාවක් මහජනයා මත පැටෙව්වේ නැහැ කියල. 2012, 2013 සහ 2014 යන වසරවල තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ට වඩා වැඩියි. 2015, 2016 සහ 2017 යන වසරවල ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ගණන් අඩුවුනා. අසාමාන්‍ය ලෙස ඛනිජ තෙල් මිල ගණන් අඩු වුණා. 2016 දී ඛනිජ තෙල් බැරලයක මිල ඩොලර් 45 දක්වා අඩුවුණා. එය 2016 දී තිබුණෙ ඇමෙරිකානු ඩොලර් 105 ටයි. මේ වාසිය මේ ආණ්ඩුව මහජනතාවට දුන්නද? නැහැ. මේ නිසා කෙතරම් මුදල් ප‍්‍රමාණයක් රටට ඉතුරු වුණාද? සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක් විතර ඛනිජ තෙල් ආනයනය කරන්න ගියා. මේ රජය යටතේ ඛනිජ තෙල් වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 කින් පමණ එනම් හරි අඩකින් පමණ මිල අඩුවෙලා තියෙනවා. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ඛනිජ තෙල් ආනයන වියදමක් සමඟ සාපේක්‍ෂව සැසඳීමේදී 2015, 2016 සහ 2017 යන වර්ෂ තුනේදී රටින් පිටට නොගොස් ඉතුරු වූ මුදල් ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක් පමණ අතිවිශාල මුදලක්. ඒ ඉතුරු වූ මුදලින් ගොඩක් දේවල් කරන්න තිබුණා. දැන් හම්බන්තොට වරායට ගියේ ඩොලර් මිලියන 1100 යි. නොරොච්චෝලෙ විදුලි බලාගාරයට ඩොලර් මිලියන 900 යි. කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 740 යි. මාතර දක්වා එම අධිවේගී මාර්ගය දිගුකිරීමට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 152 යි. උතුරු නැගෙනහිර මාර්ග ප‍්‍රතිසංස්කරණයට මිලියන 700 යි. කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 385 යි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඩොලර් මිලියන 240 යි. මේ සියලූම මහා පරිමාණ ව්‍යාපෘති වලට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 යි. ඛනිජ තෙල් වියදම් අඩුවීමෙන් ආණ්ඩුවට ඉතුරු වුණා. ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 ක්. මේක තමයි ඇත්ත කතාව.
     
     මේ සියල්ල විනාශ වුණේ රුපියල රැුකගැනීම සඳහා දිගින් දිගටම දේශීය වෙළෙඳපොළට මුදාහැරියා. මේ වසරේදී විතරක් රුපියල මස්ත බාල්දු වීම නවතා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා මේ වන විට යොදල තියෙනව. මේ මුදල කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයක් අලූතින් හදන්න වැය වන තරම් වූ මුදලක්. මෙහෙම කරල රුපියල රැුකගන්න බැහැ. සමස්ත මුදල් ක‍්‍රමය, බැංකු ක‍්‍රමය පිළිබඳ විශ්වාසය අද පළුදු වෙලා. මේ දිනවල දකුණේ ගෙන්ගෙට යනව විදේශ රැුකියාවල නියුතු අයගෙ ගෙවල් වලින් ඩොලර් එකතු කරන්න. මෙසේ රුපියලේ අගය විශාල ලෙස කඩාවැටීම නිසා විදේශ විනිමය කළු කඩය ඉතා විශාල ලෙස සක‍්‍රීය වෙලා තියෙනවා. මේ දැවැන්ත ආර්ථික අර්බුදය නිසා තෙල් මිලේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න නොහැකිවී තිබෙනවා. හේතුව ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීමේ වේගයටත් වඩා වැඩි වේගයකින් අපේ රුපියල කඩා වැටිල තියෙනවා.
     
     මේ ආණ්ඩුවේ අය මේ තියන මිල සූත‍්‍රය නොදන්නව නෙවෙයි. මේ අයට ඒ මිල සූත‍්‍රයෙන් ගැලවෙන්න බෑ. හේතුව ආණ්ඩු කිරීම සඳහා කොන්දේසි පනවල තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්. රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයාට සිදුවුණා 2015 වසරෙදී සියයට 9.3 රුපියල අවප‍්‍රමාණය වන විට, රටේ ගෙවුම් ශේෂ අර්බුදය උග‍්‍ර වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කරන්න. ඒ ගිවිසුමට අනුව ඉදිරි වර්ෂ තුන සඳහා කි‍්‍රයාත්මක කළ යුතු කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කළා. මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වූ එම ණය මුදලේ වාරික වරින් වර මුදාහැරීමේදී ඔවුන්ගේ කොන්දේසි මේ රජය ඉටුකළාද කියල වරින් වර මේ රටට ඇවිත් අධීක්‍ෂණය කරනවා. ඒ අනුව ඔවුන් කිව්ව ඛනිජ තෙල් සඳහා අනිවාර්යයෙන්ම මිල සූත‍්‍රයක් හඳුන්වා දියයුතුයි කියල. ඒ නිසා දැන් අලූත් තීරණයක් ගන්න බෑ, මේ ඇත්ත රටට කියන්න ඕන. නිලධාරීන්ට දොස් කියා වැඩක් නෑ. ඛනිජ තෙල් මිල සූත‍්‍ර තීරණය කරන්නේ රජය විසිනුයි. එනම් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟවී තියෙනව මිල සූත‍්‍රය අනුව ඛනිජ තෙල් මිල ගණන් තීරණය කරන බවට. නිලධාරීන් කරන්නේ රජය තීරණය කළ සූත‍්‍රයට ඉලක්කම් ඇතුළත් කිරීම පමණයි. රජයට අනන්‍යතාවය තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක නොකර සිටීමට බැරි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.
     

  • ජනපති විසින් ආයෝජන මණ්ඩලයෙන් එලවූ උපුල් ජයසූරිය 2016 ප’පචුවල් එකෙනුත් ලක්ෂ විසිපහක් ගත් බව පිළිගනී

    ජනපති විසින් ආයෝජන මණ්ඩලයෙන් එලවූ උපුල් ජයසූරිය 2016 ප’පචුවල් එකෙනුත් ලක්ෂ විසිපහක් ගත් බව පිළිගනී

    පසුගිය දිනකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නීතීඥ උපුල් ජයසූරිය නීතීඥ සංගමයේ සභාපතිව සිටි සමයේ බැඳුම්කර වංඡාවට සෘජුවම හවුල් පපචුවල් ට්‍රෙෂරර්ස් ආයතනයෙන් ලක්ෂ විසිපහක චෙක්පතක් බලා ගැනීම ගැන මාධ්‍යෙව්දියකු යොමු කල ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා රන්ජන් රාමනායක මහතා එවෙලේ මෙම උපුල් ජයසූරියට දුරකනයෙන් අමතන ලදී.

    එම අවස්ථාවේදී ස්පීකර් ෆෝන් දාන්නට එපා කියූ උපුල් ජයසූරිය රන්ජන් නියෝජ්‍ය ඇමතිතුමාට කියා සිටියේ ඔහු සභාපතිව සිටියදී ඔහු විසින් සංවිධානය කල ඉවෙන්ට් එකකට මෙම ලක්ෂ විසි පහ ලබාගත් බවයි.(අදාල වීඩියෝව පහතින් ඇත)මෙම උපුල් ජයසූරිය නම් තැනැත්තාව පසුගිය කාලයේ ජනපති තුමන් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති කමින්ද ඉවත් කරන ලද්දේ මොහුට විරුද්ධව ආයෝජන මණ්ඩලයේ පමණක් ඡෝදනා 241ක් පමණ ඇති හෙයින් බව වෙබ් මාධ්‍ය වාර්ථා බොහොමයක සඳහන්ව තිබූ අතර.මෙම උපුල් ජයසූරිය සමස්ථ නීති වෘත්තිකයින්ටම මහත් කැළලක් බව අප සමඟ අදහස් පවසා සිටි නීතීඥ වරු බොහොමයක් පවසා සිටියේය.

  • නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

    නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා දිවුරුම් දෙයි

    ශී‍්‍ර ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 
     
     අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ‍්‍රාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබී ය. 
     
     මහෙස්ත‍්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වී ක‍්‍රමානුකූලව උසස්වීම් ලැබූ නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබී ය.

    ==============================================================
     ශේ්‍්‍රෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා මීළ`ග අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ඊයේ (12 ) රැුස්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළේය.
     
     අභිනවයෙන් පත්වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ සාමාජිකයන් ඊයේ රැස්‌ වූයේ ප්‍රථම වරටය. ඒ අගවිනිසුරු ධුරය සඳහා සුදුස්‌සෙකු අනුමත කිරීමටය.
     
     එහිදී ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරු ධුරය සඳහා නලින් පෙරේරා මහතාගේ නම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව වෙත යෝජනා කර ඇත. ජනාධිපතිවරයාගේ නාමයෝජනාව වී තිබෙන්නේ දැනට ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරු නලින් පෙරේරා මහතා අගවිනිසුරු ලෙස පත්කිරීමටය. 
     
     ඒ අනුව ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරු ලෙස හෙතෙම පත්වනු ඇත.
     
     ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව සිය නිගමනය ඊයේ ම ජනාධිපතිවරයා වෙත දන්වා යවා ඇති අතර ඉන්පසු ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරනු ලබයි.
     
     වසර තුනකට වරක්‌ අලුතින් පත් කෙරෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව දහනවවැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ස්‌ථාපිත කර තිබේ. අගමැති, කථානායක, විපක්‍ෂ නායක නිලබලයෙන් සාමාජිකත්වයට පත්වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවට ජනපති, අගමැති සහ විපක්‍ෂනායකවරයාගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක්‌ සහ සුළු පක්‍ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පත්වෙති. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනකු ද වශයෙන් සාමාජිකයන් දස දෙනකුගෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාව සමන්විත වෙයි.
     
     නලින් පෙරේරා මහතා මහෙස්‌ත්‍රාත්වරයකු, දිසා විනිසුරුවරයකු, මහාධිකරණ හා අභියාචනාධිකාර විනිසුරුවරයකු ලෙස පියවරෙන් පියවර ශේ්‍රෂ්ඨාධිකරණය දක්‌වා පැමිණ අගවිනිසුරු ධුරයට පත්වීම විශේෂත්වයකි.
     
     ඊයේ රාත්‍රියේදී හතළිස්‌ හයවැනි අගවිනිසුරු ලෙස මහාඅධිකරණ විදිසුරු ලෙස නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෙස දිවුරුම් දුන්නේය.

  • ඥානසාර හිමිවයි මාවයි සමාන කරන්න එපා… – මාගල්කන්දේ සුදත්ත හිමිට රන්ජන් දුන් පිළිතුර

    ඥානසාර හිමිවයි මාවයි සමාන කරන්න එපා… – මාගල්කන්දේ සුදත්ත හිමිට රන්ජන් දුන් පිළිතුර

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ රංජන් රාමනායක මහතාට ඇත්තේ එක හා සමාන ඡොදනා බව පසුගියදිනකදී මාගල්කන්දේ සුදන්ත හිමි විසින් පවසා ඇති බවත් ඒ පිළිබඳව රංජන් රාමනායක මහතා දක්වන්නේ කුමන අදහසක්ද යන්න මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නයකට රන්ජන් රාමානායක මහතා විසින් මෙසේ කියා සිටියේය…

  • ඤාණසාර හිමිට නිදහස ඉල්ලා ජනපතිට ලිපියක්

    ඤාණසාර හිමිට නිදහස ඉල්ලා ජනපතිට ලිපියක්

    වසර හයක සිරදඬුවමකට ලක්ව මේ වන විට බන්ධනාගාර රෝහ‍ලේ සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.

    එම සංවිධානය මෙම ලිපිය මගින් වැඩිදුරටත් පවසන්නේ ඤාණසාර හිමියන්ට ලබාදී ඇති දඬුවම කිසිසේත්ම සාධාරණ හා යුක්ති සහගත නොවන බැවින් ජනාධිපතිවරයා සතු බලතල භාවිත කරමින් උන්වහන්සේ නිදහස් කරන ලෙසය.

  • රංජන් පර්මිට් එක විකුණපු සල්ලි වලට කරපු දේ මාධ්‍යට හෙළිකරයි  –  පුළුවන්නම් අනිත් අයත් කරල පෙන්නන්න යැයි අභියෝගයක්

    රංජන් පර්මිට් එක විකුණපු සල්ලි වලට කරපු දේ මාධ්‍යට හෙළිකරයි – පුළුවන්නම් අනිත් අයත් කරල පෙන්නන්න යැයි අභියෝගයක්

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් තමන් වෙත මෛත්‍රී වරප්‍රසාදයක් ලෙස ලැබුණු වාහන පර්මිට් එක විකුණා ලබාගත් මුදල් සියල්ල වියදම් කල ආකාරය සහ මෙම වාහන බලපත්‍ර විකිණීම සම්බන්ධයෙන් වන කරුණු කාරණා ඊයේ මාදිවෙල ඔහුගේ නිලනිවසේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකකදී පහත පරිදි කියා සිටියේය.

    වීඩායෝව පහතින්

  • රවීව සැකකාරයෙක් කරන්න බෑ… රවී බොරු සාක්කි දීල නෑ…

    රවීව සැකකාරයෙක් කරන්න බෑ… රවී බොරු සාක්කි දීල නෑ…

    මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්‍ෂි ලබාදුන් බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස රවි කරුණානායක මහතා නම් කිරීමට තරම් මෙතෙක් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බව පෙනී යන්නේ යැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08) පෙන්වා දුන්නේය. 

    නමුත් ඉදිරියේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක්‌ සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් තම අධිකරණය විසින් පනවා තිබූ නියෝග අත්හිටුවීමේ නියෝගය ඉවත් කළ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා රවි කරුණානායක මහතාගේ හා ඔහුගේ පවුලේ ඥතීන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් ඉදිරි විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නේය. විමර්ශන ප්‍රගතිය ලබන 22 වැනිදා ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

  • වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්, අයිවන් සිල්වා වහාම අත්අඩංගුවට

    වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්, අයිවන් සිල්වා වහාම අත්අඩංගුවට

    රුපියල් කෝටි 401ක මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක සැකකරුවෙකු වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ අයිවන් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ සඳහා විවෘත වරෙන්තු නිකුත් කළාය.

    අයිවන් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරිය එම විවෘත වරෙන්තුවේ ඉංග්‍රීසි භාෂාවේ පිටපතක්  ජාත්‍යන්තර  පොලීසියට  යැවීමටද  නියම කළාය.

    ‘ගිං නිල්වලා’ ව්‍යාපෘතියට වෙන්කළ මුදලින් රුපියල් කෝටි 401ක මුදලක් අවභාවිත කරන ලදැයි කියන කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දැනුම්දෙමින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අවස්ථාවකදී වරෙන්තු නිකුත් කොට ඇති බවත්, එම වරෙන්තුව ජාත්‍යන්තර පොලීසියට යවා ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් පිළිතුරු ලැබී නැතැයි ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙලෙස විවෘත වරෙන්තුව නිකුත් කළාය.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කරන ලද්දේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වනු  කේ.ඩබ්ලිව්. අයිවන් ද සිල්වා මහතාය.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින් ‘ගිං නිල්වලා’ යෝජනා ක්‍රමය සී.ඒ.එම්.සී. ඉංජිනියරින් සමාගම සමග එක්ව ඉදිකිරීමට නියමිතව තිබූ බවත්, ඒ සඳහා සී.ඒ.එම්.සී. ඉංජිනියරින් සමාගමේ සභාපතිවරයා වූ ලියේ යැං මහතා සමග සැකකරු විසින් ඉකුත් 2014 වර්ෂයේ නොවැම්බර් මස 05 වැනිදා ගිවිසුමක් අත්සන් කර තිබූ බවත් දැනුම් දුන්නේය.

    ‘ගිං නිල්වලා’ යෝජනා ක්‍රමයට වැය වන මුදලින් සියයට පහක මුදලක් වූ රුපියල් මිලියන 4012ක මුදලක් සැකකරු විසින් අවභාවිත කොට ඇතැයි දැනුම් දුන්  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සිද්ධියට අදාළව සැකකරුගෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා අවශ්‍ය වුවත් සැකකරු රටින් පළාගොස් නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර ජීවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

    මේ සිද්ධියට අදාළව සැකකරුගේ ගිණුමෙන් චෙක්පත් 11ක් මගින් රුපියල් 7,822,000ක මුදලක් සංසරණය වී ඇති බවද, ඉන් චෙක්පත් 06ක් මුදල් කර රුපියල් 2,220,000ක මුදලක් නාවලපිටිය තේ වත්තක් හිමි ඔහුගේ සොයුරියගේ සැමියාගේ ගිණුමකට බැර කර ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවද දැනුම් දුන් පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදු කරන බවත් දැනුම් දුන්නේය.

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය යළි කැඳවනු ලබන දෙසැම්බර් මස 10 වැනිදා සිද්ධියට අදාළව කරන පරීක්‍ෂණවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළාය.

  • හිරුණිකා වරද පිළිගනී

    හිරුණිකා වරද පිළිගනී

    නීතිපතිවරයා පවරා ඇති නඩුවේ චෝදනාවට වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කරගැනීමට විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සූදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනවිරත්න මහතා ඊයේ (08) කොළඹ මහාධිකරණ විනිසුරු වී. ශෂී මහේන්ද්‍රන් මහතාට දැනුම් දුන්නේය. 

    එම චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කොට කරුණු දැක්‌වීමට දින ලබාදෙන ලෙස ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු වී. ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ (08) ආරම්භ කිරීමට නියමිතව තිබූ එම නඩුවේ සාක්‍ෂි විභාගය ලබන දෙසැම්බර් 11 වැනිදා දක්‌වා කල්තැබීමට නියෝග කළේය. 2015.12.21 වැනිදා දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස්‌ පහරදීම, අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු අධිචෝදනා 29 ක්‌ යටතේ නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්‍ෂකයන් 8 දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

    ඇගේ පෞද්ගලික ආරක්‍ෂකයන් 8 දෙනා පෙර අවස්‌ථාවකදී වරද පිළිගෙන දඬුවමට ලක්‌වී තිබිණි.

  • මීළග අගවිනිසුරු ධූරය සඳහා නම් දෙකක්

    මීළග අගවිනිසුරු ධූරය සඳහා නම් දෙකක්

     

    වත්මන් අගවිනිසුරුවරයා ලෙස කටයුතු කරන ප‍්‍රියසාත් ඩෙප් ලබන 12 වැනිදා වයස අවුරුදු 65 සම්පූර්ණ වීම හේතුවෙන් විශ‍්‍රාම යාමට නියමිත වන හෙයින් මීළග අගවිනිසුරු ධුරය සඳහා නම් 02ක් පිළිබඳ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    ජ්‍යෙෂ්ඨත්වය අනුව ගත් කළ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දරයි. ඇය ලබන වසරේ පෙබරවාරි මාසයේදී විශ‍්‍රාම යාමටයි නියමිතව ඇත.

    ඊට අමතරව දැනට නීතිපති ධුරයේ කටයුතු කරන ජයන්ත ජයසූරියද අගවිනිසුරු ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇතැයි සඳහන්. 

    අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි. එම ධුරයට අදාළ නම නිර්දේශ කිරීම ජනාධිපතිවරයා සිදු කළ යුතු වනවා. එහෙත් ආණඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාව මේ වනවිට අක‍්‍රීය වී ඇති බැවින් ගැටළුකාරී තත්වයක් මතුව ඇති බවට ද වාර්තා පළ වුණා.

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ දින 14ක උපරිම කාල සීමාවකට අගවිනිසුරු ධුරය සඳහා වැඩබලන පත් කිරීමක් සිදු කළ හැකි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු නොවන අයෙකුට ද අගවිනිසුරු ධුරය ලබාදුන් අවස්ථා ඉතිහාසයේ ඇති බව දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියා

  • හින්දු කෝවිල්වල සත්ව බිලි පූජාවට තහනම් – කැබිනට්‌ යෝජනාවට අනුමැතිය

    හින්දු කෝවිල්වල සත්ව බිලි පූජාවට තහනම් – කැබිනට්‌ යෝජනාවට අනුමැතිය

    හින්දු කෝවිල්වල සත්ත්ව බිලිපූජා නතර කළ යුතු බවට කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත්වූ යෝජනාවකට අනුමැතිය හිමිව ඇත.

    හින්දු ආගමික කටයුතු ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා මීට අදාළ යෝජනාව කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.

    ඇමැති මණ්‌ඩල රැස්‌වීම ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

  • අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 4ක් හා තුවාල සිදුවීම් කිහිපයක්

    අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 4ක් හා තුවාල සිදුවීම් කිහිපයක්

    බොහෝ ප්‍රදේශවලට බලපෑ අධික වැසි නිසා හටගත් ජලගැලීම්, පස් කඳු කඩාවැටීම් හේතුවෙන්, ඊයේ (7) සවස වන විට පුද්ගලයන් 4 දෙනෙක් මියගොස් තවත් හතර දෙනෙක් තුවාල ලබා සිටියහ.

    සැඩපහරට හසුවීමෙන් මතුගම ප්‍රදේශයේ එක් පුද්ගලයකු මියගොස් ඇති අතර වැසි ජලයේ ගිලීමෙන් කළුතර ප්‍රදේශයේ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇත. ගාල්ල ප්‍රදේශයේද එක් පුද්ගලයකු මියගොස් ඇත. ඊට අමතරව කළුතර, නෑබඩ නිවාස 2ක් මතට ඊයේ (7) අලුයම පස් කන්දක් කඩා වැටීම නිසා සිවුදෙනෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ අතර වැසි ආපදා තත්ත්වයන් නිසා ඊයේ (7) සවස වන විට පුද්ගලයන් දසදහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්වී ඇත. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයටය. එහි පවුල් 131ට අයත් පුද්ගලයන් 8469 දෙනෙක් මෙලෙස පීඩාවට පත්වී ඇත.

    ඊට අමතරව බොහෝ ප්‍රදේශවල මාර්ග රැසක් ජලයෙන් යට වුණු අතර මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ ජලයෙන් යටවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමා තිබිණි.

    මේ අතර කළුතර අගලවත්ත වළල්ලාවිට ආදි ප්‍රදේශවල වර්ෂාවත් සමග දැඩි නාය යාමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම නිසා එම ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලකින් පසුවිය යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.

  • මංගලගේ නොහැකියාව සහ තෙල් මිල සූත්‍ර ප්‍රෝඩාව

    මංගලගේ නොහැකියාව සහ තෙල් මිල සූත්‍ර ප්‍රෝඩාව

    තම නොහැකියාව වසා ගැනීම සඳහා බොරු ආටෝප අටවා ජනතාව සහ මාධ්‍ය ඉදිරියට දැමූවද ආර්ථික සහ මූල්‍ය ක්ෂේත්‍රයට පිළිබඳව නිසි දැනුමක් නැති මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර විසින් තම විලිවසා ගැනීම සඳහා දමා ඇති “තෙල් මිල සූත්‍රය” අමු ප්‍රෝඩාවක් බව මේ වන විට අනාවරණය වී අවසානය.

    තෙල් මිල සූත්‍රය ලෙසින් සූත්‍රයක් හැඳින්වුවද එවැනි සූත්‍රයක් නැති බවත් එය අමූලික බොරුවක් බව ලංකා ඛනිජතෙල් සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල මහතාද පවසයි.

    ඒ මහතා පවසන්නේ එවැනි මිල සූත්‍රයක් සැකසීමේදී මෙරට ඊට අදාළ ක්ෂේත්‍ර බුද්ධිමතුන් සිටින බවත් අඩුම තරමේ ඔවුන් සමග දල අදහස් හුවමාරු කරගැනීමක්වත් මේ සම්බන්ධයෙන් සිදු කර නැති බවත්ය.

    මේ අතර අමාත්‍ය මංගල සමරවීර හඳුන්වා දුන් තෙල් මිල සූත්‍රය වෙළෙඳපොළ සංවේදී දෙයක් වන හෙයින් එය ලබාදීම සුදුසු දෙයක් නොවන්නේ යැයි මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දසේන වීරසිංහ පවසා ඇත.

    මෙහිදී පැන නගින ගැටලුව වන්නේ ජනතාවගේ දෛනික ජීවිතයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටම බලපෑමක් ඇතිකරවන තෙල් මිල සම්බන්ධයෙන් රටේ ජනතාවට අයිතිය බලධාරීන් විසින් අහුරවා ලන්නේ කෙසේද යන්නයි.

    පසුගියදා පැවති රජයේ කැබිනට් මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මෙන්ම කැබිනට් ප්‍රකාශයෙකු වන අමාත්‍ය රාජිත සේනාරත්නගෙන්ද “තෙල් මිල සූත්‍රය” සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසීම් සිදුකරන ලද අතර එහිදී අමාත්‍ය රාජිතද පවසා සිටියේ එය තමාද හරි හැටි නොදන්නා බවයි.

  • හිටපු ජනපති වසර 15කට හිරේ

    හිටපු ජනපති වසර 15කට හිරේ

    දූෂණ චෝදනා ලැබූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මුන් බැක්‌ වසර පහළොවකට සිරගත කර තිබේ.
     
     එසේම ඔහුට බොන් බිලියන දහතුනක දඩයක්‌ද අධිකරණය නියම කර තිබේ. 
     
     හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඔහුට එරෙහි චෝදනා දේශපාලන වශයෙන් නිර්මාණය කළ ඒවා බවයි.
     
     සිරදඬුවම් ලැබූ හතරවැනි දකුණු කොරියානු නායකයා ඔහුය. 
     
     ඔහුට පසු එරට ජනාධිපතිනිය වූ පාක්‌ හෙන්හේ පසුගිය අප්‍රේල් මාසයේ දී 33 වසරකට සිර දඬුවම් ලැබුවාය.

  • සැහැල්ලු දුම්රිය මාර්ග තුනකට කැබිනට් අනුමැතිය

    සැහැල්ලු දුම්රිය මාර්ග තුනකට කැබිනට් අනුමැතිය

    බස්නාහිර පළාතේ නාගරික කලාප ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය ගමන් මාර්ග 3ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

    රාගම – කඩවත – කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝමීටර් 33 ක් දිගින් යුත් සැහැල්ලු දුම්රිය මාර්ගයක්, කැලණිය – බොරැල්ල – නුගේගොඩ – පිළියන්දල හරහා මොරටුව දක්වා කිලෝමීටර් 28.3 ක දිගින් යුතු මාර්ගයක් සහ හුණුපිටිය – අංගොඩ – කොස්වත්ත හරහා කොට්ටාව දක්වා කිලෝමීටර් 22.3 දිගින් යුතු සැහැල්ලු දුම්රිය මාර්ගයක් මෙහිදී ඉදිකිරීමට යෝජිතය.

    එම මාර්ග ඉදිකිරීම සඳහා සුදුසු ආයතන වෙතින් යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලය මෙහිදී අවසර දී තිබේ.

  • ඥානසාර හිමිගේ ඇපෑල ප්‍රතික්ෂේපයි

    ඥානසාර හිමිගේ ඇපෑල ප්‍රතික්ෂේපයි

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උසාවියට අපහාස කිරීම ඇතුළු චෝදනා 04 කට වැරදිකරු කොට බරපතළ වැඩ සහිත වසර 06ක සිරදඬුවමක් නියම කරමින් අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනු කිරීමට විශේෂ අවසර ඉල්ලා උන්වහන්සේ ගොනු කළ අයැදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (05 ) ප‍්‍රතික්ෂේප කරන ලදී.

    මේ අනුව උන්වහන්සේට එරෙහිව අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබ ඇත.

    දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ හිමි ඇප පිට මුදාහරින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ අයෑදුම්පතකින් කර තිබූ ඉල්ලීම ද මේ සමඟ ප්‍රතික්‌ෂේප විය.

    ඊවා වනසුන්දර (සභාපති), නලීන් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අයෑදුම්පත පිළිබඳ විභාගය පැවැත්විණි.

    විනිසුරු මඬුල්ල බහුතර කැමැත්ත අනුව විත්තිකාර හිමියන්ගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කිරීමට තීරණය වූ බව සභාපති විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු මඬුල්ල ගත් තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.

    රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ එකී තීන්දුවට අනුව විත්තිකාර හිමියන්ට වසර 6 ක්‌ සිරගතව සිටීමට සිදුවනු ඇත.

    ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා දීර්ඝ වශයෙන් උන්වහන්සේ වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

    ඔහු කියා සිටියේ එතරම් බරපතළ දඬුවමක්‌ දීමට තරම් බරපතළ වරදක්‌ උන්වහන්සේ සිදුකර නැති බවයි. උසාවියට අපහාස කිරීමේ සිද්ධිය වූයේ ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් උසාවියේදී බවත් විත්තිකාර හිමියන් විසින් උසාවියට අපහාස වන ආකාරයේ හැසිරීමක්‌ හෝ ප්‍රකාශ කිසිවක්‌ කර ඇත්නම් ඒ වරදට දඬුවම් කිරීමේ බලය මහෙස්‌ත්‍රාත්වරයකුට නීතියෙන්ම පැවරී තිබියදී ඒ පිළිබඳ පැමිණිල්ල සීමාවකින් තොරව විත්තිකරුවකුට දඬුවම් නියම කළ හැකි අභියාචනාධිකරණයට යොමු කිරීම වරදක්‌ බවත් අර්ස කුලරත්න මහතා කීවේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය දෙන “බලු නඩු තීන්දු” පිළිගන්නේ නැතැයි මුළු ලෝකයම දැන ගැනීමට හැකිවන පරිදි උස්‌ හඬින් පැවසූ හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතාටත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ වසර 02 ක සිරදඬුවමක්‌ බවත් හෝමාගම උසාවිය තුළ ඇති වූ සිද්ධියකට එතරම් බරපතළ සිරදඬුවමක්‌ නියම නොකළ යුතුව තිබුණු බවත් ඔහු පැවසීය.

    විත්තිකාර හිමියන් එදා හෝමාගම උසාවියට ගොස්‌ තිබුණේ උසාවියේ විභාග වන කිසිදු නඩු කටයුත්තකට හිතාමතාම බාධා කිරීමට ගොස්‌ කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමේ ෙච්තනාවෙන් නොවන බව උන්වහන්සේට එරෙහිව නැවත නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ සාක්‍ෂිවලින්ම සනාථ වූ බවත් ඔහු පැවසීය.

    “ගරු ස්‌වාමිනී කොටි සමඟ යුද වැදී රට බේරගත් අය මුදා හැර අපිව සිරගත කරන්නැයි” හෝමාගම උසාවියේ විභාග වූ මාධ්‍යවේදී zප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ නඩුවේ විත්තිකරුවන්ට සහයෝගය දක්‌වමින් කර තිබෙන ප්‍රකාශයට අනුව පෙනී යන්නේ උන්වහන්සේ හෝමාගම උසාවියට ගොස්‌ ඇත්තේ තමාගේ පුද්ගල අවශ්‍යතාවක්‌ සඳහා නොව ජාතිමාමක හැඟීමෙන් යුතුව බව ඕනෑම කෙනකුට පැහැදිලිව වැටහෙන බවත් එම කරුණු ගැන සලකා බලා උන්වහන්සේගෙන් යම් වරදක්‌ සිදුව තිබුණා නම් ලිහිල් දඬුවමක්‌ නියම කළ යුතුව තිබුණ බවත් ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන් අබේසූරිය මහතා විත්තිකාර හිමියන්ගේ ගොනු කර තිබූ ඇපෑලට ඉඩ දෙනවාට දැඩිව විරුද්ධත්වය පළ කළේය.

    විත්තිකාර හිමියන් හෝමාගම උසාවියේ නඩු විභාග කටයුතු පැවැත්වෙන අතර උසාවිය අමතමින් කළ ප්‍රකාශ හා හැසිරුණු ආකාරය ගැන සලකා බලන විට උන්වහන්සේට නියම වූ දඬුවම වෙනස්‌ කළ යුතු නැතැයි ද උන්වහන්සේ හැසිරී ඇත්තේ මහෙස්‌ත්‍රාත්වරයා විසින් දෙන ලද අවවාද කිසිවක්‌ සලකන්නේ නැතිව ඉතාමත් දඩබ්බර ආකාරයෙන් බව ද පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එනිසා නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක්‌ ගොනු කිරීමට ඉල්ලා ඉදිරිපත් කළ අයෑදුම්පත විභාගයක්‌ පැවැත්වීමෙන් තොරව ප්‍රතික්‌ෂේප කළ යුතු යෑයි ද කීය.

    නේජිත අතුකෝරළගේ, චමුද්‍රි, අර්සකුලරත්න, ගනේෂන් ප්‍රේමකුමාර, නාමල් කරුණාරත්න, තිලිණ පුංචිහේවා යන නීතිඥවරු විත්තිකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටියහ.