මහින්දානන්ද අලුත්ගමගේගේ සමීපතමයකු යැයි කියන පුද්ගලයකුට අයත් හලාවත ඉන්ධන පිරුවුම්හලක අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ යටපත් කිරීම සදහා තෙල් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කරන ඛනිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ වැඩිමහල් සොහොයුරෙකු…

ගෝඨා ඇතුළු 07කට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි
හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට විශේෂ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (27) නියෝග කළේය.  තංගල්ල වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ…

නව මහාධිකරණයේ පළමු නඩුව කැඳවමින් දුන් නියෝග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු හතර දෙනෙකුට අද (24) මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත් කළ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අධිචෝදනා භාර දෙනු ලැබුවා.  ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ…

තණකොළ කපන මැෂිමට කැපුණු පිඹුරාට සැත්කමක්‌
ගාල්ල බටපොළ ප්‍රදේශයේදී තණකොළ කපන යන්ත්‍රයකට හසුවීමෙන් බරපතළ ලෙස කැපුම් තුවාල ලැබූ පිඹුරකු සැත්කමකට භාජනය කොට ඇත. සැත්කමින් පසු මෙම පිඹුරා හියාරේ සත්ව රෝහලේ සුවය ලබමින් සිටියි.    තණකොළ කපන යන්ත්‍රයකට හසුවී ඇති අතර පිඹුරාගේ උදරයට ඉහළින් කැපුම් තුවාල තුනක්‌ තිබූ බව වනජීවී සංරක්‌ෂණ සංගමය පවසයි.     මෙම මස 08 වැනි දින පිඹුරා ගාල්ල වනජීවී…

2016 – 2017 ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර විද්‍යා පීඨයට
පසුගිය 2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව සිසුන් අට දහසක්‌ පමණ ඇතුළත් කර ගැනීමට නියමිතය. සිසුන් ඇතුළත් කර ගැනීමේ ගැසට්‌ නිවේදනය ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්‍ෂා කෙරේ. දැනට පවතින ගුරු අවශ්‍යතාව සහ උසස්‌…

කන්කසන්තුරේ අධිආරක්‍ෂිත කලාපයේ අක්‌කර 4.2 ක්‌ දිසාපතිට භාරදෙයි
යාපනයේ කන්කසන්තුරේ අධි ආරක්‍ෂිත කලාපයට හසුව තිබූ ඉඩම් අක්‌කර 4.2 ක ප්‍රමාණයක්‌ 21 වැනිදා නිදහස්‌ කොට යුද හමුදාව විසින් දිසාපතිවරයා වෙත භාරදී තිබේ. යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය කන්කසන්තුරය මධ්‍යම ග්‍රාමයේදී ඉඩම් සම්බන්ධයෙන් වූ නිල ලියවිලි භාරදීම සිදුකෙරිණි. යුද්ධය හේතුවෙන් අවතැන් කඳවුරු තුළ හා වෙනත් ස්‌ථානයක වසර 30 කට…

උසස් පෙළ ලියා එද්දී පැහැරගෙන සිසුවියට අතවර කල මන්තී‍්‍ර සහ මිතුරකු අත්අඩංගුවට
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට නිවසට යමින් සිටි මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි සිසුවියක පැහැර ගෙන ගොස් අතවර කළ බව කියන උතුරු පළාතේ යොවුන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු සහ ඔහුගේ මිතුරකු පුදුකුඩිඉරිප්පු පොලිසිය මගින් ඊයේ (22 ) අත්අඩංගුවට ගෙන ඇත. මෙම යොවුන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා සිසුවිය පැහැර ගෙන ගොස් ඇත්තේ පලෙයි පිහිටි ඔහුගේ නිවසටය. සැකකරු කාලයක්‌ මෙම සිසුවිය සමග…

යුද හමුදාව සතුව තිබූ කන්කසන්තුරේ ඉඩම් 30 වසරකට පසු මුදා හරී…
යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්කසන්තුරෙයි ප්‍රදේශයේ වසර 30 ක් පුරාවට ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 4 යි පර්චස් 20 ක ප්‍රමාණයක් ඊයේ (21) දින මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයේ ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු වූවේ යාපනය දිසාපති නාගලිංගම්…

ශ්‍රී ලංකන්-මිහින් ලංකා කොමිසමට ගෝඨා , සජින්, නිශාන්ත සහ කපිලට නොතීසි
ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස එම කොමිසම මගින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි, කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් වෙත නොතීසි නිකුත් කර ඇතැයි එම…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරු ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත වේ
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබේ. ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක සමරසිංහ මහත්මියගේ සිව්වන දරුවා ලෙස ජන්මලාභය ලැබ කීර්තිමත් වැවිලිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලු ඒ මහතා මිය යන විට 70 වන වියෙහි පසු විය. අකුරැස්සේ රම්‍යා ගුණසේකර හෙට්ටිආරච්චි මහත්මියගේ ස්වාමියා වූද, චමින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් හිටපු කතානායක…

මාතර රත්තරං කොල්ලයේ කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා හඳුනා ගනී
මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාතාල කල්ලි සාමාජිකයකු වූ කොස්ගොඩ තාරක ඇතුළු සාමාජිකයන් තිදෙනා ඊයේ  (20) මාතර අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී එම නඩුවේ සාක්කිකරුවන් දෙදෙනකු විසින් හඳුනාගන්නා ලදී. මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ. විතාරණ මහත්මියගේ නියෝග මත එහි වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ෂර්ලි ජයවීර මහතා ඉදිරියේ…

කොළඹ නගරාධිපති නිළ කාමරයේ වසර 50කට අධික කලක් තිස්සේ පැවති ඓතිහාසික බුද්ධ ප්‍රතිමාව රෝසි ආ පසු අතුරුදහන් වෙයි
කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල කාමරයේ තිබී ඉවත් කරන ලද ඓතිහාසික ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ අතුරුදන්ව ඇති බව කොළඹ මහ නගර සභාවේ ආරංචි මාර්ග පවසයි. රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධුරයට පත්වීමෙන් පසු නිල කාමරයේ තිබූ පැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කර ඇතැයි පෙරේදා (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ උත්සවයකදී ඕමල්පේ සෝභිත හිමියෝ…

දුම්රිය හරස් මාර්ග සංඥා නොතකන රියදුරන්ට  දඩය 25,000යි
දුම්රිය හරස් මාර්ග විදුලි සංඥා නොතකමින් කටයුතු කරන රියැදුරන්ට රුපියල් 25,000ක මුදල් දඩයක් නියම කිරීමට නීති විධි විධාන මේ වන විටත් සකස් කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා දින (19) හික්කඩුවේදී පැවැසීය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු මාධ්‍යයට හෙළිකළේ දුම්රිය හරස් මාර්ග විදුලි…

1 වැනිදා සිට දුම්රිය ගාස්තු 15%කින් වැඩිවේ
ඔක්තෝබර් 01 වැනිදා සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩිවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික‍්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (19 වැනිදා* පැවසීය. ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිදුවන පාඩුව වළක්වා ගැනීමට මෙලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව කී ඒ මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපයේදී ප‍්‍රකාශයට පත්කරන බවද සඳහන් කළේය. මීට පෙර දුම්රිය ගාස්තු…

උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 37ක් වසා තැබේ
අපොස උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 37ක් ලබන 23වනදා සිට සැප්තැම්බර් 05වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 03වන පාසල් වාරය වෙනුවෙන් මෙම පාසල් සැප්තැම්බර් 06වනදා විවෘත කරන බවයි. සෙසු පාසල් 03වන වාරය සඳහා විවෘත කරන්නේ සැප්තැම්බර් 03වනදායි.

ඇමති කිරිඇල්ලගේ අරුම යහපාලනය… අහිංසක ග්‍රාමසේවිකාවක් රස්සාවෙන් දොට්ට දමයි
මහනුවර දිස්ත්‍රික්කයේ, හසලක ග්‍රාම සේවක නිලධාරිනියකගේ රැකියාව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ අණින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. දියබුබුල වසමේ කොට්ඨාශ අංක 938 හි ග්‍රාම නිලධාරිනිය වශයෙන් කටයුතු කල ප්‍රියංගිකා සජීවනී ජයසිංහ නම් ග්‍රාම සේවා නිලධාරිනියගේ රැකියාව මේසේ අහිමි කොට ඇත. මේ සබැඳිව සේවයෙන් පහ කිරීමේ ලිපියක් හෝ ඇය හට ලබා දී නොමැති අතර, ආසන්න හේතුවක් වශයෙන් දක්වා…