Category: සුපිරි News
-

නකල්ස් බේරගන්න බන්දුල පෙරට
නකල්ස් කඳුකරයේ සිදුවන පරිසර හානිය හා ඉඩම් කට්ටිකර බෙදා දීම පිළිබඳ සිද්ධියේ සත්‍ය කරුණු හෙළිදරව් කිරීම සඳහා මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයේ තොරතුරු ගවේෂණයකට සූදානම් වන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටී.“නකල්ස් කඳුකරයේ සංවේදී පරිසර කලාපයක්. ඒ වාගේම අපේ පරිසර සම්පතක්. මේක විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසයි අපි මාධ්‍යවේදීන් පිරිසක් එක්ක ඒ ප්‍රදේශයට යන්නේ. එහි ඇත්ත තොරතුරු අපි අදාළ අංශ සමගත් සාකච්ඡා කරලා රටට හෙළි කරනවා” යැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත. -

ඇපල් දාන උන් කියවපන්… අනිත් අයට දකින්න SHARE කරලා රටට වෙන මේ විනාශය නවත්තන්න……
“වඳ පෙත්තක්”
මම මෙසේ පෙන්වා දෙමි.“FANTASY Pills”
“Tramadol Hydrochloride” නොහොත් බජාර් එකේ හැමෝම කටින් කට කතා කරන “ඇපල්” එම අති භයානක වඳ පෙත්ත වේ. මේ වන විට ශ්‍රීලංකාවේ පොඩි කොල්ලො (වයස අවු:16,17,18,19,20,21,22,23) අතර ශීඝ්‍රයෙන් පැතිරී යන එහෙත් කවුරුත් නොදන්නා “අන්තරායකාරී මත්ද්‍රව්‍යයක්” ලෙස ඇපල් හැඳින්වූවාට වරදක් නැත.
මත් කරන(Narcotic-like) ඖෂධයක් ලෙස වර්ගීකරනය කර ඇති “ඇපල්” වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන්නේ අධික වේදනා නාශකයක්(severe pain killer) ලෙසටය. උදාහරණයක් ලෙස යුද්ධයේදී බෝම්බයකට හසුවී ශරීරයේ ඉනෙන් පහල කොටස වෙන්වූ සොල්දාදුවෙක්ගේ අධික වේදනාව නැසීම සඳහා Tramadol නිර්දේශිත මාත්‍රාවක් කඩිනමින් ලබාදෙනු ලබයි.
එය ලබා ගැනීමෙන් සුලු වේලාවකට පසු තුවාලයට පත් සොල්දාදුවාගේ ශරීර අභ්‍යන්තරයේ Tramadol ක්‍රියාත්මක වී ඔහුගේ මුලු ශරීරයම ක්ශනික හිරි වැට්ටවීමකට පත් කරයි. එකී හිරි වැටීම හේතුවෙන් ඔහුට තම ශරීරයේ ඇති අධික වේදනාව නොදැනී යයි.
“අඩෝ ඇපලක් නැද්ද?”
“මං ඇපල් එකහමාරක් දාල ඉන්නේ…ඊයෙ මං ඇපල් 3ක් දැම්ම නිසා අද එකහමාරට වදින්නෙත් නෑ බන්”
“අඩෝ අරූට මොකද වෙලා තියෙන්නෙ ඇස් හීනිවෙලා බෙල්ල පාත් වෙලා? –ඌ ඇපල් 5ක් දාලා ඉන්නේ බන් ඒකයි ඔය!”
“අඩෝ ඇපලක් දාන්නම ඕනෙ බන් නැත්තම් අද රෑට මට නින්ද යන්නෑ..
මං නෙ දන්නේ ඒකෙ වේදනාවා..
ඒ කොහෙන් හරි එක ඇපලක් හරි හොයාගෙන දාන්න ඕනෙ බන්..”
“අඩෝ ඇපල් දාලා ඉන්නේ ඕන එකෙක් මරන්න පුලුවන් මටනම් දැන් කිසිම දෙයක් දැනෙන්නෙ නෑ..”
“අඩෝ හයියෙන් ටිකක් කොනිත්තපන්කෝ මාව…….අඩෝ දැන්නෙන් නෑ බන් හී හී හී..”
“මේ කේජී පාරක් නම් ඕනෙමයි ඇපල් වදින්නෑ නැත්තම්”
“මේ ඇපල් පැක් එකක්ම පහකට ගන්න පුලුවන් ලු බන් සල්ලි දාල ගමුද?”
“අඩෝ 75න් නම් වදින්නෑ බන් 150න්/225 නැද්ද?”
“අඩෝ කබරය යන්න වගේ එනවා…”
එසේනම් මොහොතක් සිතන්න ඉහෙන් බහින ලෙඩක් නැති,හොඳට කන්න බොන්න දීලා හදපු සිංහල අම්මල තාත්තලගේ බොදු හෙළ පුත්‍රයෝ “ඇපල්” පෙති දහය දොලහ අහුරු පිටින් කටේ දමාගෙන ලබාගන්නා හිරිවැටීම කෙබඳු එකක් විය හැකිද?
එය මුලුමහත් ජාතියම හිරිවැට්ටවීමට තරම් භයානකය.
කෙතරම් භයානකද කිවහොත් පවතින තත්වය යටතේ සිංහල බෞද්ධ පොඩි පොඩි කොල්ලො දහයක් වටින් පිටින් අහුලගත්තොත් එතනින් අඩුම තුන් හතර දෙනෙක්ම “ඇපල්” අධි මාත්‍රාවෙන්(overdose) පාවිච්චි කරන උන් ය.
එයිනුත් දෙදෙනෙකු හෝ “ඇපල්” වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇත.
මේවා නිල සංඛ්‍යාලේඛන නොවන මුත් නිරීක්ශණයෙන් ලද මා හට පුද්ගල සාක්ශි ඇතුව ඔප්පු කළ හැකි තොරතුරුය.
යම් කිසි පිළිගත් ආයතනයක් මගින් මේවා ගැන නියමානූකූලව සමීක්ශනයක් කළ බැලුවහොත් එයින් ලැබෙන සංඛ්‍යා,ප්‍රස්තාර දැකීමෙන් තුන් හෙළයේ අම්මාවරුන්ට අප්පච්චිලාට ඔටෝමැටිකලි ‘හික්!’ ගෑවෙනු ඇත.
“ඇපල්” කේස් එක ඒ තරමටම ටෙරිබල් ය.
කවුරුත් මේ පිළිබඳව කතාවක් නැත.
කතාව කොහෙදෝ යන තම්බියෙක් කෑම එකට දාපු පැනඩෝල් පෙත්තක් ගැනය.
එක රොත්තට එකතු වී කසු කුසුව මුස්ලිම් වඳ පෙත්තක් ගැනය.මෙය පැහැදිලි “මෝඩකම” නොවේද?

රටේ සිටින උගත් යැයි කියාගන්නා, කටපාඩමින්, පොත් පත් වලින් දාර්ශනය(philosophy) ඉගෙනගත්තු අධිරැඩිකල්,අධිදේශමාපක,අධිජාතිවාදි,අධිසමාජවාදී,අධිලිබරල්වාදී අති පණ්ඩිත ෆේස්බුක් මගින් තම දර්ශනය ව්‍යාප්ත කිරීමට සෑහෙන වෙර දරන සෝශල් නැති සෝශල් මීඩියා පිලෝසොෆර්ස් ලා මෑකරල් හේනට පැනපු ගිරවු වගේ ඔහේ කෑ ගසන්නේ කිසිදු පදනමක් හරයක් නැති තුට්ටු දෙකේ සිදුවීම් අල්ලාගෙනය.
උන් එසේ බයිලා කැලිප්සෝ ගසන විට මෙහෙ සිංහල ජාතියේ අනාගත වංශයම කෙමෙන් කෙමෙන් පණ නැතිවී අකර්මණ්‍ය වී යන්නේය.
උන් උන් එසේ නොදැකපු වඳ පෙත්තක් ගැන දැක්කා සේ පොර ටෝක්ස් ඉසූ කරන වේලාව තුල ලංකාවේ ඕනෑම පාමසියකින් හොර බෙහෙත් චිට්(cheat prescription) එකකට කුඩා ළමයෙකුට වුවද මිලදී ගත හැකි මුලු මහත් ජාතිය නොව සම්පූර්ණ ශිශ්ඨාචාරයම සදාකාලිකවම “වඳ” භාවයට පත් කල හැකි Tramadol X , Pregablin,Vallium Diazepalm,Coezipalm,Sudol වැනි නිහඬ “වඳ පෙති” වලින් රටේ අහිංසක පොඩි කොල්ලො ටික ගලවගන්න කෑගැහුවනම් රටත් ජාතියත් සමයත් තව සියවස් ගණනාවකට රැකගත හැකිය.
නැතිනම ඔබටත් මටත් සැමදෙනාටම සිදුවන්නේ නිර්වින්දනය වූ සමාජයක සදාකාලික නින්දකට යාමටය…
මේ එකක් විතරයි.අයිතිය මුල් අයිතිකරුට👌💓
බොන එව්න්ට දැනුවත් වෙන්න අනිවාර්යයෙන් ශෙයා කරන්න 👌👊
-

තැපැල් සේවකයින් පසු නොබසියි අඛන්ඩව වර්ජනය අදත්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය අද(20) දිනත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ සිය ගැටලු වලට විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
-

2015 න් පසු අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වාගෙන නැහැ…..විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම අනතුරක
ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු සියලූ රටවලට නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍ර තොග අවසන් වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත් කිරීම නතර වීමේ අවදානමක් නිර්මාණය වී ඇත. අවසන් වරට තොගයක් ගෙන්වා ඇත්තේ 2015 වසරේදී වන අතර අද වන තෙක් සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර මෙරටට ගෙන්වීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැත.
ඒ අනුව මේ වනවිට සියලූ රටවලට අදාළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ වෙනත් ක‍්‍රමවේදයකට වන අතර ඒ මැද පෙරදිග රටවල් සඳහා පමණක් නිකුත් කරන විදෙස් ගමන් බලපත‍්‍රයේ ඊට අදාළ රටවල්වලට පහලින් සියලූ රටවල් සඳහා මෙම විදෙස් ගමන් බලපත‍්‍රය වලංගු වන බවට මුද්‍රණය කිරීමෙනි.
ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසන්නේ එයද ඉතා අනතුරුදායක ක‍්‍රමයක් බවයි. ඊට හේතු වී ඇත්තේ මෙම මුද්‍රණය ඕනෑම පුද්ගලයෙකුට වුවද සිදු කළ හැකි වීමත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය මෙවැනි මුද්‍රණය කරන ලද විදෙස් ගමන් බලපත‍්‍ර පිළි නොගන්නා බවත්ය. ඒ හේතුවෙන් මගියාගේ අනන්‍යතාව පිළිබඳ ගැටළුවක් මතුවීමට ද ඉඩ ඇත.
මෙවැනි ගමන් බලපත‍්‍රයක් සතු ශ‍්‍රී ලාංකික සංචාරකයෙකු ඕනෑම ගුවන් තොටුපලක රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ද එම රටවල ආගමන විගමන නිලධාරීන්ට අවස්ථාව පැවතීම හේතුවෙන් එම මගීන් ජාත්‍යන්තර ගුවන් තොටුපලවලදී අපහසුතාවට පත්වීමටත් ගුවන් ගමන ප‍්‍රමාද වීමටත් ඉඩ පවතින බව ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ගේ සඳහන් කරයි. මෙම තත්ත්වය දැඩි ලෙස බලපාන්නේ ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික පංතියට අයත් ගුවන් මගීන්ට වන බව වැඩිදුරටත් සඳහන් වේ.
සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර හා මැද පෙරදිග රටවලට අදාළ ගමන් බලපත‍්‍ර, ශ‍්‍රී ලංකාව තුළ නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර වර්ග අතර ජනප‍්‍රිය වර්ග දෙක වන අතර සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකු ලබා ගන්නේ සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රයයි. මැද පෙරදිග කලාපයේ රටවලට රැකියා සඳහා යන පිරිස් පමණක් අනෙක් බලපත‍්‍රය ලබා ගන්නා අතර මාසිකව නිකුත් කරන සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර සංඛ්‍යාව 35,000කට ආසන්න වේ. පිටු 64කින් යුත් එහි වටිනාකම රුපියල් 7500ක් සහ මැද පෙරදිග රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍ර ද මසකට 12,000ත් -15,000ත් අතර සංඛාවක් නිකුත් කෙරේ. පිටු 48කින් යුත් එහි වටිනාකම රුපියල් 2500ක් වේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ මැද පෙරදිග රටවලට නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර ලක්ෂ දෙක හමාරක තොගයක් මේ වනවිට පවතින අතර එම තොග ප‍්‍රමාණවත් වන්නේ තවත් මාස 04කට පමණකි. ඒ, මැද පෙරදිග රටවල ගුවන් ගමන් බලපත‍්‍රය මේ වනවිට සියලූ රටවලට අදාළ ගුවන් ගමන් බලපත‍්‍රය ලෙස ද නිකුත් කිරීම හේතුවෙන්.
මෙම තොග අද දිනයේ ඇණවුම් කළ ද එහි ක‍්‍රියාවලිය සංකීර්ණ වීම හේතුවෙන් සියලූ රටවලට අදාළ බලපත‍්‍ර මෙරටට ලැබීමට අවම වශයෙන් මාස 05ක පමණ කාලයක් ගතවන බැවින් තවත් මාස කිහිපයකින් ශ‍්‍රී ලංකාව තුළ විදෙස් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමට නොහැකි වන තත්වයක් උද්ගත වනු ඇති බවයි ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් පවසයි.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට මෙම අවදානම පෙන්වා දී තිබුණද රජයේ බලධාරීන් මෙතෙක් ඊට විසඳුම් ඉදිරිපත් නොකිරීම මෙම අර්බුදයට ප‍්‍රධාන හේතුව බව ඔවුන්ගේ අදහසයි.
-

වලවේ ගඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල වෙරළින් අල්ලයි
අම්බලන්තොට වලවේ ගඟෙන් මහ මුහුදට ගිය යෝධ කිඹුලෙක් මිරිජ්ජවිල ආසන්න වෙරළේදී අල්ලා ගෙන ඇති අතර එලෙස අල්ලාගත් දැවැන්තයා බුන්දල ජාතික උද්‍යානය මුදාහැරීමට පියවර ගෙන ඇත.වලවේ ගගේ කිඹුල් ගහනය වැඩිවිම නිසා ගඟ දෙපස ජීවත්වන අය මෙන්ම ගඟෙන් ජලය ප්‍රයෝජනයට ගන්නා ජනතාව දැඩි බියකින්ද පසුවන බවත් පසුගිය දිනවල ගඟේ ජලය වැඩියෙන් ගලා යෑම හේතුවෙන් මෙම කිඹුලා සැඩ පහරට හසු වි මහ මුහුදට ගසාගෙන ගොස් ඇති බවත් වනජිවී නිළධාරීහු සැකකරන බව සඳහන් වේ.මිරිජ්ජවිල ආසන්න වෙරළේ කිඹුලා සිටිනු දැක පසුව වනජීවී නිළධාරින්ට දැනුම් දීමෙන් පසු වෙරළ ආසන්න මුහුදේ සිටි කිඹුලා දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩට ගෙන බුන්දල ජාතික උද්‍යානයට මුදාහැරීමට පියවර ගෙන තිබූ බව වාර්ථා වේ.
ඡායාරූපය හිරු ගොසිප් වෙතින්
-

අද සේවයට වාර්ථා නොකරන තැපැල් සේවකයින්ට වැඩ වරදින ලකුණු
අද (19) දිනය තුළ සේවයට වාර්තා නොකරන සියලු සේවකයින් තනතුර හැරගියා සේ සැලකෙන බව නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.
සියලුම කාර්යාල විවෘත කර රාජකාරීයට පැමිණෙන කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් හා ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු වන අතර ඒ සඳහා අදාළ ප්‍රදේශයේ පොලීසියේ සහය ලබාගත හැකි බවත් අද දිනය තුළ සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන හා පත්වීම් ස්ථීර නොකරන ලද කාර්යය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය සදහා තවදුරටත් තැපැල් පරිපාලනය වගනොකියන බවත් තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අතර ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් තවදුරටත් අඛන්ඩව වැඩවර්ජනය ඉදිරියට ගෙන යන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා සදහන් කළේ කුමන් බලපෑම් එල්ල කළ ද සිය ඉල්ලිම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
-

කොළඹ වරාය මහජනතාවට විවෘත කරයි
යුද්ධය පැවැති කාලය තුළ ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන ගියත් දැනට රටේ පවතින සාමකාමී තත්ත්වය හේතු කොටගෙන මහජන දේපළක් ලෙස සළකා කොළඹ වරාය නැරඹීම සඳහා මහජනයාට විවෘත කිරීමට ජනාධිපතිවරායගේ උපදෙස් පරිදි ඉදිරියේදී කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ කොළඹ වරයේ ආරක්ෂක නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ දී සඳහන් කරන ලදී.ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත ලෙස සැළකෙන කොළඹ වරාය මේ වසරේ බිලයන 13.2 ක ලාභයක් ලබාගෙන ඇති අතර එය රටේ ආර්ථික වර්ධනයට විශාල පිටුවහලක් වන අතර කොළඹ වරාය සමස්ත ජනතාවටම අයිති දේපළක් ලෙස සළකා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කල අතර පුහුණුවෙන් පසු ආරක්ෂක නිලධාරීන් 150 දෙනෙකු විසිරයාමේ උත්සවය මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ දී පැවති අතර එම අවස්ථාවට වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, ආරක්ෂ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය. -

සිර දඬුවම් ලැබූ හිමිවරුන් 15නමක් ‘ජම්පරයෙන්’ බන්ධනාගාරවල
මිනී මැරුම් ඇතුළු විවිධ හේතූන් යටතේ අධිකරණවලින් වැරැදිකරුවන් බවට පත්වී දඬුවම් ලැබූ චීවරධාරීන් 15 දෙනකු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය ඇතුළුව බන්ධනාගාර කිහිපයක සිරගත කර තිබෙන බවත්, එකී සියලු දෙනා සෙසු සැකකරුවන් මෙන් බන්ධනාගාර සිර ඇඳුම (ජම්පරය) ඇඳ සිටින බවත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.මෙම පිරිස අතර මාස 06 සිට වසර 6-7 දක්වා වූ කාල පරාසයක සිර දඬුවම් ලැබූවන් සිටින බවද, වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එසේ දඬුවම් ලැබූ චීවරධාරීන් 08 දෙනකු සිටින බවද ඒ මහතා පැවැසීය.මෙම සිරගත පිරිසට අමතරව විවිධ හේතූන් මත සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 10ක් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා ඇති බවත් ඒ මහතා පැවැසීය.මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ සිරගත කර සිටින පූජ්‍ය හෝ පූජක පක්ෂයේ කිසිදු සිරකරුවකුට විශේෂත්වයක් දක්වා නොමැති බවත්, ඔවුන් සෙසු සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නීති රීතිවලට යටත්ව කටයුතු කරන බවත්ය. -

ජනපති පොලිස්පතිට ජාතිය අමතයි
මේ දිනවල පොලිස්පතිවරයාගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක්ම තමාට පැමිණිලි කර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයන් සිදුනොකළ යුතු බවත්, දෙපාර්තමෙන්තුවේ ප‍්‍රධානියා ලෙස පෞද්ගලික කරුණු කාරණා ප‍්‍රසිද්ධ වේදිකාවන්ට ගෙන ඒම, පොලිස්පති තනතුරට නුසුදුසු බවත්, ජනපතිවරයා දැඩිව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත අවධාරණය කර ඇත.
පදනම් විරහිත චෝදනා නඟමින් තමන්ව අපහසුතාවට පත් කැරෙමින් තිබෙන බව එම ඇතැම් පොලිස් නිලධාරීන් ජනපතිවරයා හමුවේ පවසා තිබිණ. එවැනි දේ වහාම නැවැතිය යුතුව තිබෙන බව අවධාරණය කළ ජනපතිවරයා, වසර අවසානය වන විට ප‍්‍රමුඛ පෙලේ විමර්ශනයන් සියල්ල අවසාන විය යුතු බවට පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
පන්සලක පැවැත් උත්සවයක දී සුදු ඇඳගත් පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස්පති ජයසුන්දර කර තිබූ ප‍්‍රකාශයක් ජනපතිවරයා මෙහිදී විමසුමට ලක් කල අතරතමා කිසිදු පුද්ගලයකු ඉලක්ක නොකළ බව කියා සිටි පොලිස්පතිවරයා පැරණි ජනකතාවක් ආදර්ශයට ගනිමින් එවැනි සඳහනක් කළ බව පැහැදිලි කළේය.
එය එසේ වන්නට හැකිවෙතත්, එවැනි ප‍්‍රකාශයක් හමුවේ යම් වැදගත් පුද්ගලයකු ඉලක්ක වීමට ඉඩ ඇති බව පොලිස්පති වරයාට පැහැදිලි කර දෙනු ලැබීය.
-

යාපනය මහ මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී
යාපනය, මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ගින්නක් හට ගෙන ඇත.
නාවික හමුදාව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්‍රියා කරමින් සිටින බවයි.ඊයේ රාත්‍රියේ ඇතිවු ගින්න මැඩ පැවැත්වුව ද, අද පෙරවරුවේ යළිත් නෞකාවේ ගින්න හටගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය.
කිංඩම් නැමති මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න ඇති බවට සැක කෙරෙයි.පෞද්ගලික සමාගමකට අයත් මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළ එකකි.මෙම නෞකාව පසුගිය ජනවාරි මාසයේදී වැලිපරයක ගැටීමෙන් සිරවීම නිසා එය අතහැර දමා තිබේ.මේවන විටත් ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.
-

තැපැල් වර්ජනයට සතියයි… – මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි
වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවක ගැටලු විසඳීමේ අරමුණින් විෂය භාර අමාත්‍යවරයාගේ ද සහභාගීත්වයෙන් අද දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇතැයි තැපැල්පති රෝහණ අබේරත්න පවසයි.තම වැඩවර්ජනය ආරම්භ කර අදට සතියක් ගතවී ඇති බවත් සිය වර්ජනයෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසා සිටි අතර තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් මෙම ගැටලුව අද දිනයේ විසඳීමට අපේක්ෂා කරන බවයි. -

“කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන”- බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
භික්ෂුවක් සිරදඬුවම් ලැබුවොත් සිරකරුවන්ගේ ඇඳුම ඇඳිය යුතුමද යනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම නිසා මේ වෙද්දී රටේ තවත් නීති ප්‍රශ්නයක් ඇති වී අැත.
උපසම්පදා භික්ෂුවකගේ සිවුර එසේ ගලවා ඉවත් කරන්න නොහැකි බව බොදු සේනාවේ හිමිවරු සඳහන් කරන අතර තම සංඝ සභාවේ අනුමැතියකින් තොරව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන බලවත් අප්‍රසාදය පළකරන බව කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව අධිකරණ ඇමැතිවරයාට ලිපියක් යොමු කර ඇත.
කෙසේ වුනත් රටේ නීතිය අනුව කවුරු සිරදඬුවම් ලබලා ආවත් සිරකරුවන්ගේ ඇඳුම අැඳිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. රටේ නීතිය අනුව සිරකරුවෙක්ට බන්ධනාගාරය ඇතුලේදී වෙනත් කිසිම ඇඳුමක් අඳින්න බෑ. ඒ නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජම්පරය ඇඳීම නිත්‍යනුකූල බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර ඥනසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන බොදුබල සේනා සංවිධානයේ හා සිංහල රාවය සංවිධානයේ හිමිවරු ඊයේ මහානායක හිමිවරුන් දැනුවත් කරන ලද අතර මේ ගැන ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කරන ලදී.
-

අගමැති යළි දිවයිනට
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සිය දින 08 ක විදේශ සංචාරය නිමා කර අද(18) දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
එතුමා ඇතුළු දූත පිරිස ඉකුත් පසුගිය 10 වන දින අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ යානයකින් දෝහා වෙත පිටත්ව ගොස් තිබුණි.
-

වාහන මිල යළි ඉහලට
මෙරට පෞද්ගලික වාහන භාවිතාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ලෝක බැංකුවේ ඉල්ලීමක් මත වාහන මිල ඉදිරියේදී ඉහල දැමීමේ සැලැසුමක් ඇතැයි වාහන අලෙවිකරුවන්ගේ කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ඒ අනුව 1000 සී සී ප්‍රමාණයේ ඇංජින් ධාරිතාවයෙන් යුත් වාහන වල මිල බොහෝදුරට ඉහළ යාමට ඉඩ ඇති බව පැවසේ.මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා වාහන ආනයන කරුවන් අතර සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ. -

කිරිවෙහෙර නාහිමිගේ ප්‍රතිකාර රජයේ වියදමින්
වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වැයවන සියලු වියදම් රජය මගින් දැරීමට තීරණය කළ බව බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට පවසයි.
උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් රැගෙන ඒම වෙනුවෙන් වියදම් වූ මුදල ද රජය මගින් ගෙවීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් ලක්‌ෂ 5 1/2 ක් වැයවී ඇතැයිද ඇමැතිවරයා කීවේය.
-

දැරියන් රැසකට අතවර කළ යාපනයේ අමන ගුරා අත්අඩංගුවට
යාපනය වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ උපකාරක පන්තියකට ගිය සිසුවියක් අපයෝජනයට ලක්‌කළ සහ තවත් දැරියන් කීපදෙනෙකුට අතවර සිදුකළා යෑයි පවසන ගුරුවරයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වඩුක්‌කොඩෙයි ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියකට යන සිසුවියන් හට අතවර සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු පිළිබඳව සිසුවියන් තිදෙනකු පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පසුගිය බදාදා අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරයා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
මේ අතර මෙම ගුරුවරයා උගන්වන පාසලෙන් මොහුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මවුපියන් හා පාසල් සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ අනුව ඔහුව පාසලෙන් ඉවත් කිරීමට අදාළ පාසලේ විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.වැටීමෙන් පිළිස්‌සුම් තුවාල ලබා ඇත.