Category: සුපිරි News

  • ගස් 300 කැපුවේ කන්දට බර වැඩි නිසාළු…

    ගස් 300 කැපුවේ කන්දට බර වැඩි නිසාළු…

    කඳු මුදුනක පිහිටි ගස්‌ 300 ක්‌ කන්දට ඒවා බර වැඩි නිසා කපා දැමුවැයි කියන පුවතක්‌ ඉකුත් 18 දා මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති මාතලේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී අනාවරණය විය. එ

    කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්‌වීමේදී  මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල හේන්දෙනිය මහතා,

    මාතලේ නගරයට ඉහළින් තියෙන විල්ෂෙයාර් කඳුයායේ පෞද්ගලික ඉඩමක ගස්‌ 300 ගතවූ කාලේ කපලා තියෙනවා.ඒ ගස්‌ කන්දට බර වැඩි බව අදාළ අංශවලට දන්වලයි, මේ වැඩේට අවසර අරගෙන තියෙන්නේ. මේක මහා පුදුමාකාර හේතුවක්‌. හැබැයි ඒකට අවසර දීලා. මේ ගස්‌ කැපීම නිසා කන්ද පහළට පාත් වෙන්න පුළුවන්.

    මාතලේ ප්‍රාදේශීය ලේකම් පී. එල්. පී. මධුවන්ති මහත්මිය සභාපතිතුමාගේ ප්‍රකාශය මම අනුමත කරනවා.
     මටත් වාර්තා වෙලා තියන්නෙ. අදාළ ගස්‌ කන්දට බර වැඩි නිසා ඒවා කැපූ බව යෑයි පැවසුවාය.

  • උතුරේ බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ ඉවත් කරන්නැයි යෝජනාවක්‌

    උතුරේ බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ ඉවත් කරන්නැයි යෝජනාවක්‌

    උතුරු පළාතේ අනවසරයෙන් ඉදිකොට ඇති බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පී. රවිහරන් මහතා පෙරේදා (6දා) පළාත් සභාවට යෝජනා කොට තිබේ.
     
    මන්ත්‍රීවරයා කියා සිටින්නේ යුද්ධය අවසන් වීමෙන් පසුව උදා වූ වසර නවයක සාම කාලය ඇතුළත උතුරේ සිංහල බෞද්ධයන් නොමැති ප්‍රදේශවල බුදුමැඳුරු හා විහාරස්‌ථාන 131 ක්‌ ඉදිකොට ඇති බවයි. 
     
     සිංහල බෞද්ධයන් විසින් මේ බුදුමැඳුර හා විහාරස්‌ථාන උතුරු පළාතේ බෞද්ධයන් නොමැති පළාත්වල ඉදි කරන්නේ ඔවුන්ගේ සිංහල බලය පෙන්වීමට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. 
     
     මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය වන්නේ උතුරු පළාත තුළ පසුගිය වසර නවය ඇතුළත ඉදිකොට ඇති බෞද්ධ ස්‌ථාන 131 න් 67 ක්‌ම මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉදිකොට තිබීම බවද හෙතෙම පෙන්වා දෙයි.
     
     මේ බුදු පිළිම හා විහාරස්‌ථාන ඉදිකළ පළාත්වල සිංහල බෞද්ධයන් නොමැති නිසා ඒවා ඉවත් කිරීමට හෝ ඒවා ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමට උතුරු පළාත් සභාව වහාම පියවර ගත යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි. 
     
     

  • බිලියන 16 ක රේගු වංචාවක්‌ ගැන පරීක්‍ෂණ

    බිලියන 16 ක රේගු වංචාවක්‌ ගැන පරීක්‍ෂණ

    රේගුවේ සිදුවූ රුපියල් බිලියන 16 ක වංචාවක්‌ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කිරීමට රේගු අධ්‍යක්‌ෂ ජනරාල් සරෝජනී චාල්ස්‌ මහත්මිය කටයුතු කර ඇත.
     
    මෙම වංචාව සිදුව ඇත්තේ චාල්ස්‌ මහත්මිය රේගුව භාරගැනීමට පෙර එය පාලනය කළ  ප්‍රධානීන් විසින් වන අතර තම තීරණය පිළිබඳව නීතිපතිවරයා හරහා අභියාචනාධිකරණයට දැනුම් දීමට අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් පියවරගෙන තිබේ. ඇයට පෙර රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා විසින් එකකට රුපියල් ලක්‌ෂය බැගින් වූ දඩ මුදලක්‌ යටතේ ජර්මනියෙන් ගෙන්වන බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථ 1675 ක්‌ නිදහස්‌ කිරීමට පියවර ගෙන ඇති බවද ඇය අභියාචනාධිකරණයට දන්වා ඇත.
     
     මේ පිළිබඳව රේගු අධ්‍යක්‌ෂ ජනරාල්වරිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව චූලානන්ද පෙරේරා මහතා ඉහත සඳහන් දඩ මුදල් පැනවීම සිදුකර ඇත්තේ 2017 ජූලි 14 වැනිදා ය. මඩකලපුවේ දිසාපතිනිය ලෙස කටයුතු කළ චාල්ස්‌ මහත්මිය රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස වැඩ භාරගත්තේ 2017 සැප්තැම්බර් 24 වැනිදාය.2017 දී චූලානන්ද පෙරේරා මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සංචිතය වෙත මාරුකර යවා ඇත.
     එංගලන්තයේ නීතිඥවරයෙක් වන නීතිඥ නාගානන්ද කොඩිතුවක්‌කු මහතා විසින් ද මේ පිළිබඳව නඩුවක්‌ පවරා ඇත.

  • හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩකින් තරුණයකු පැහැරගත් නඩුව විභාගයට

    හිරුණිකාට එරෙහි ඩිෆෙන්ඩකින් තරුණයකු පැහැරගත් නඩුව විභාගයට

    ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැර ගෙන ගිය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට පවරා ඇති නඩුව ඔක්තෝම්බර් මස 08 සහ 09 යන දිනවලදී විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කර ඇත.
    පාර්ලිමේන්තු සැසියකට සහභාගී වී සිටින බැවින් ඇයට අද දිනයේ අධිකරණය වෙත පැමිණිය නොහැකි බව ඇගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිට ඇත.
    මෙම චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මීට පෙර වරද පිළි ගත් අතර ඒ අනුව ඔවුන්ට දඬුවම් ද නියම කර ඇත. 
  • තුන් කාලක් එළියේ දාගෙන ඇග පෙන්නලා කොල්ලෝ ෆෝම් කරන කෙල්ලෝ මැරුණට පස්සේ යන තැන මෙන්න…

    තුන් කාලක් එළියේ දාගෙන ඇග පෙන්නලා කොල්ලෝ ෆෝම් කරන කෙල්ලෝ මැරුණට පස්සේ යන තැන මෙන්න…

    දවසක් අනුරැද්ධ මහරහතන් වහන්සේ දිවැසින් දැක්කා මරණින් පස්සේ කාන්තාවෙෝබොහෝ දෙනා අපායට යනවා..
    උන් වහන්සේ බුදු රජාණන් වහන්සේගෙන් ඇවිත් අහනවා “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස නිරයේ බහුල ලෙස ස්ත්‍රීන් උපදින්නේ ඇයි” කියලා….
    බුදු රජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා..ගැහැණුන් ලග තියෙන අඩුපාඩු 3ක් නිසා ඒ අය නිරයට යනවා කියලා…
    1 ස්ත්‍රිය උදැසන ලොභ සහගත සිතින් වාසය කරනවා 
    2 දහවල් ඊර්ෂියාවෙන් කල් ගත කරනවා..
    3 රාත්‍රියේ කාමරාගයෙන් යට වු සිතින් කල් ගත කරණවා…
    ඔන්න එය හේතුව නිසා කාන්තාවෝ නිරයේ උපදිනවා කියලා බුදු නෙතින් දැක්කා…

    මෙි දිනවල ලංකාවෙි නිලියෝ කීප දෙනෙක් සියයට අනූවක් පමණ තමන්ගේ ඇග නිරාවරණය කරමින් ඉන්නා හැටි දකින්න ලැබෙනවා…සංවරකම කියන්නේ ගැහැණියකට ආභරණයක් කියලයි අහල තියෙන්නේ…ලෝකෙන් සගවාගත යුතු තැන් ලෝකයට පෙන්වීම නම් තිරිසන් ගතියයි…
    මමත් උසස්පෙළ කරන කේල්ලන් කීප දෙනෙක්ගෙන් ඇහුවා ඇයි මෙි ගැහැණු අය ඇග පේන්න ඇදුම් අදින්නේ කියලා..බලන්නකෝ පිරිමි අත් දිගට අදිනවා කකුල් දෙක වැහෙන්න අදිනවා..ඇයි ඔයාගොල්ලෝ මෙහෙම අදින්නේ කියලා?? ඒ ළමයි ටික බිම බලා ගත්තා…
    ඒ කාලෙත් ගැහැණු ඇග පේන්න අදුම් ඇදලා තියෙනවා…ඒ ගැන ඇත්තම විස්තරේ රහත් තෙරණියක් ලස්සනට කියනවා..උන් වහන්සේලා බොරැව අත් ඇරියා…ඒ නිසා මෙ චවන සත්‍ය වචනමයි…බුදු රජාණන් වහන්සේ කාලේ හිටිය විමලා කියලා ගනිකාවක්…ඇය ඇදුම් අදින්නෙත් ඔය වදියට රහස් තැන් පේන්නයි.
    “මම මෝඩ ජනතාවගේ වර්ණනාවන්ට ගැලෙපන විදිහට ඇඳගෙන ”වේසා ගෙයි” දොරකඩට වෙලා ඉන්නවා. මුවන් අල්ලන්ට උගුල් අටවන වැද්දෙක් වගේ…
    “මං ඒ කාලෙ ඇඳුම් ඇන්දෙ රහස් තැන් පිටට පෙනෙන විදිහට. මෝඩ ජනතාව මගේ ළ`ගට නිකම්ම ඇදිල ආවා. මං උස් හඬින් හිනා වෙවී විවිධ මායාවල් කළා.”.
    අවසානයේ ඇය පැවිදි වුනා…රහත් තෙරණියක් වුනා….
    එත් අද මෙි යුවතියන්ට හරි මග පෙනෙන්නට තිබුනත් හරි වැරද්ද තොරා ගන්නට නුවණක් නැති කමයි පෙනෙන්නේ..මෙි විලාසිතාවල භයානකකම නම් මෙි නිසාම ඔවුන් නිරයට ඇදගෙන වැටීමයි…ෆැෂන් කල යුතුය..එහි විවාදයක් නැත..70-80 දශකයේ ඇදුම් දැන් ගැලපෙන්‌නේ නැත..නමුත් සිරි ලංකාව මෙි යන විදියටනම් එය ඉක්මනින් බ්‍රසීලයක් වනවා නොඅනුමානය…
    මෙි අඩ නිරැවතින් රගන ස්ත්‍රින්ගෙේ වීඩියෝ ඔවු්ගෙේ දරැවන්ට පසු කලෙක දකින්නට ලැබෙනු ඇත…එදාට ඔවුන් උතුම් මාතෘත්තවයට නින්දා කරනු ඇත…ඔවුන් සියලු ගැහැණුන්ට වෛර කරනු ඇත…
    ඊට කලින් අසංවරකමෙි සැඩ සුලගට හසු නොවී ඉතිරි වී සිටනා මව්වරැන්වත් තම ගැහැණු දරැවන්ට ගුණ ධර්ම පුරැදු කල යුතුය…ගැහැණු දරැවන් දණහිසින් ඉහලට ඇදුම් ඇන්දොත් වෙිවැල් පහර දෙන තාත්තලානම් මට මුණු ගැසී ඇත..
    කාන්තාවෝ ගැන අපගේ බුදු සමිදුන් වදාල සංයුක්තයක්ම ඇත්තේය.. සංයුක්ත නිකායේ මාතුගාම සංයුක්තය කියවන්නට හැකි නම් කාන්තාව ගැන බුදු සමිදුන්ගේ අවබෝධය ගැන පුදුම සිතෙන්නේය…අපේ බුදු සමිදුන් ඇර කාන්තාවන් ගැන අනුකම්පා කල වෙනත් ශාස්තෘවරයෙක් නැති තරම්ය..උන් වහන්සේ නිසා අදටත් ගැහැණුන් නිරයෙන් බෙිරෙන්නේ..ගැහැණිය දුවනකොට කැතයි කියලත් දේශනා කලෙත් උන් වහන්සේය..මහ වැස්සේ විශාඛා හිමින් ඇවිද ගියේ ඒ නිසාය… අසංවර වී නිරයට යන්නට ප්‍රථම උතුම් සමිබුදු දේශනා අසා හරි මග යන්නට සියලු ස්ත්‍රීන්ට වාසනාව උදා වෙිවා!!!!!

     

  • රාජගිරිය බිල්ඩිමට කෟෂිකර්මයෙන් ගෙවන කෝටි ගාන නැතිවෙන ලකුණු

    රාජගිරිය බිල්ඩිමට කෟෂිකර්මයෙන් ගෙවන කෝටි ගාන නැතිවෙන ලකුණු

    මසකට රුපියල් කෝටි දෙකහමාරක කුලී පදනමක්‌ මත රාජගිරියේ ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය ළඟදීම එම ස්‌ථානයෙන් ඉවත් කර බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට ගෙන යැමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත. 
     
     තවදුරටත් සිදුවන විශාල මුදල් නාස්‌තිය වළක්‌වා ගැනීමේ අරමුණ ඇතිව නැවත ගොවිජන මන්දිරය ලබා දෙන ලෙස ඉල්ලා මහින්ද අමරවීර ඇමැතිවරයා කථානායක කරු ජයසූරිය මහතාට ලිඛිතව දැනුම් දී ඇති බවත් මේ වනවිට රුපියල් කෝටි දහයක්‌ වැය කරමින් ගොවිජන මන්දිරය අලුත්වැඩියා කරන බවත් තව නොබෝ දිනකින් එම ගොඩනැඟිල්ලට යැමට හැකි වෙන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
     
     වසර පහක කුලී පදනම මත රාජගිරියේ පිහිටි අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට කුලිය වශයෙන් රුපියල් කෝටි පනහකට වැඩි මුදලක්‌ ගෙවා ඇති බවත් එයට සේවා ගාස්‌තුවක්‌ද ඇතුළත් බවත් හෙතෙම කියා සිටියේය. මසකට රු. හැටඑක්‌ ලක්‌ෂ දහඅට දහස බැගින් මේ වනවිට කෝටි 14 කට අධික මුදලක්‌ සේවා ගාස්‌තු වශයෙන් ගෙවා ඇතැයිද කී එම නිලධාරියා මේ සියලු ගෙවීම්වලට අමතරව ගොඩනැඟිල්ල විවිධ අංශවලට බෙදා වෙන් කිරීම සඳහා රු. කෝටි හතළිහක්‌ද, ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක්‌ සඳහා රුපියල් ලක්‌ෂ පනහක්‌ ද, අමාත්‍යාංශයේ ගෘහ භාණ්‌ඩ සඳහා කෝටි පනහක පමණ මුදලක්‌ද රජය වැය කර ඇති බව අමාත්‍යවරයා විසින් කළ සමීක්‌ෂණයේදී හෙළිවී ඇතැයිද කීවේය. 
     
     මේ වනවිට මෙම ගොඩනැඟිල්ලේ ගිවිසුම් සහ කුලී ගෙවීම් පිළිබඳව නීතිපතිවරයාගේ නිරීක්‌ෂණයට ලක්‌වී ඇති බවත් ගොඩනැඟිල්ල ගැනීමේදී තාක්‌ෂණ නිලධාරියාගේ වාර්තාවේ සේවා ගාස්‌තු අය කර ගැනීම සඳහන් කර නොමැතිව තිබියදී ඊට පිටින් රජයේ ආයතනයක්‌ පවත්වාගෙන යැමේදී එම ගොඩනැඟිල්ල සඳහා සේවා ගාස්‌තුවක්‌ ගෙවා තිබීම පිළිබඳව වත්මන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් පී. විඡේරත්න මහතා විමසීමට ලක්‌ කර ඇතැයිද අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය

  • වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික්‌ කිලෝ අටක්‌

    වෙරළට ගොඩගැසූ තල්මසාගේ අමාශය තුළ ප්ලාස්‌ටික්‌ කිලෝ අටක්‌

    කිලෝ අටක්‌ වූ ප්ලාස්‌ටික්‌ බෑග් අනුභව කිරීම නිසා විශාල තල්මසෙක්‌ මරුමුවට පත්වී ඇත. මේ තල්මසා තායිලන්තයේ කෝලන් කැනඩා මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී තිබේ.
     
     රාත්තල් 500 ක්‌ බරැති මෙම තල්මසා තුළ ප්ලාස්‌ටික්‌ බෑග් 80 ක්‌ තිබී හමුවිය.මේ බව හෙළිවූයේ ජලජීවී විමර්ශකයන් විසින් තල්මසාගේ බඩ පලා සිදුකළ විමර්ශනයේදීයි.
     දින පහක්‌ තිස්‌සේ තල්මසා මුහුදට යෑවීමට සත්ව අවිහිංසාවාදීන් සිදුකළ උත්සාහයද ව්‍යාර්ථ විය.තල්මසා මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ බඩ තුළ තිබූ ප්ලාස්‌ටික්‌ දිරවා ගත නොහැකිව බව වාර්තා වේ.

  • රංජන්ට එරෙහි පෙත්සම් 2  සම්පූර්ණ විභාගයට ගනී

    රංජන්ට එරෙහි පෙත්සම් 2 සම්පූර්ණ විභාගයට ගනී

    නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සම්පූර්ණ විභාගයක්‌ පවත්වා තීන්දුවක්‌ ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ඊයේ (4 ) දැනුම් දුන්නේය. 
     
     රංජන් රාමනායක මහතා කළැයි කියන කතාව පටිගත කළ වීඩියෝ හඬ පටය ආශ්‍රයෙන් සකස්‌ කළ එම කතාවේ පිටපතක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිශ්චයකරුවන් වෙන වෙනම පරීක්‍ෂා කර බලා පසුව අගවිනිසුරුවරයාගේ නිල කාමරයට රැස්‌වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇති අතර රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් දෙක ඊවා වනසුන්දර සහ දෙහිදෙනිය යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවූ අවස්‌ථාවේදී  ඔහු මේ බව දැනුම් දුන්නේ ය.
     
    පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් කියා සිටියේ සියලුම විනිසුරුවරුන් හා නීතිඥවරුන් දූෂිතයන් යෑයි ඔහු කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක්‌ සිදුව ඇති බව නිසා ඔහු කළ එම වරදට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් ඔහු උසාවියට කැඳවා විමසන ලෙසත් පසුව ඒ ගැන විභාගයක්‌ පවත්වා ඔහුට සුදුසු දඬුවමක්‌ ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
     
     රංජන් රාමනායක මහතාට එරෙහිව පෙත්සම් දෙක ගැන අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වෙත යොමු කිරීමටද ඊයේ තීරණය කෙරිණු අතර රාමනායක මහතා කළ කතාවෙන් අධිකරණයට අපහාසයක්‌ සිදුවී ඇත යන්න නීතිපතිවරයාගේ ස්‌ථාවරය බව මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කැඳවූ මුල් දිනයේදීම අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා දැනුම් දුන්නේය.
     
    ශ්‍රී ලංකා නීතිඥ සංගමයද රාමනායක මහතා කළ කතාවට දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති අතර ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගයේදී තම සංගමය කරුණු ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
     
     වැඩිදුර විභාගය ලබන 18 දාට කල් තැබුණු අතර ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටී.මාගල්කන්දේ සුදන්ත හිමි සහ විශ්‍රාමලත් යුද හමුදා නිලධාරී රණවක සුනිල් පෙරේරා මෙහි පෙත්සම්කරුවෝ වෙති.

  • ශ්‍රී ලංකන් හා  මිහින් ලංකා අක්‍රමිකතා ගැන සාක්ෂි විමසීම ඇරඹෙයි

    ශ්‍රී ලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා ගැන සාක්ෂි විමසීම ඇරඹෙයි

    ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අද (04) ආරම්භ වුණි.
    අදාළ සමාගම්වල අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය පෙබරවාරි 14 වනදා විශේෂ කොමිසමක් පත් කරනු ලැබූ අතර එම කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා පත් කෙරුණි.
    මේ වන විටත් ‍ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කොමිසම වෙත මහජන පැමිණිලි ලැබී ඇති අතර සමාගම් රෙජිස්ටාර්වරයා සහ එහි නිලධාරියෙකුගෙන් අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය 
    අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර් අමරසේකර, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ හැරල්ඩ් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්,ජේ.කේ ගීගනගේ මෙනවිය කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.
  • දකුණේ වසංගතයට හේතුව සොයා ගනී

    දකුණේ වසංගතයට හේතුව සොයා ගනී

    දකුණු පළාතේ ව්‍යාප්ත වෙමින් පැවති වෛරස් රෝගී තත්ත්වයට හේතුව හෙළිකරගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා සිටියි. 

    සිය ආයතනය මගින් සිදුකරන ලද පරීක්ෂණ කටයුතු වලට අනුව මෙම රෝග තත්ත්වයට හේතුව වී තිබෙන්නේ “ඉන්ෆුවෙන්සා A” නම් වෛරසය බව ද එම ආයතනය තවදුරටත් අනාවරණය කර සිටියි.

  • ලංකාවේ මියුසික් වෙනස් කරන POP PUNK ඩබලගේ අලුත්ම Video එක “චම්පා”

    ලංකාවේ මියුසික් වෙනස් කරන POP PUNK ඩබලගේ අලුත්ම Video එක “චම්පා”

    මතකද මීට මාසෙකෙට විතර කලින් POP PUNK කියල කොල්ලො දෙන්නෙක් අපි හැමෝම දන්න වස්තිලත් එක්ක එකතු වෙලා අමුතු වීඩියෝ එකක් කරා “හෙල්මට්ස්” කියල.ඒකෙ දෙවෙනි කොටසත් රිලීස් කරල නිසා සුපිරි ගොසිප් අපි ඔබ වෙනුවෙන් මේ POP PUNK ඩබලට කතා කරන්න හිතුව.

    ඔවුන්ගේ පලවෙනි ඉල්ලීම තමයි දැනට ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න එපා කියන එක. මොකද ඒකත් අමුතු විදිහකට ඉදිරියේදී වෙන්න තියෙනව කියලයි මේ දෙන්න කිව්වෙ. ඒ නිසා කවුද මේ දෙන්න , මොකක්ද මේ දෙන්න එකතු වෙලා කරන්න හදන්නෙ කියන එක ගැන කියන්න විදිහක් නෑ… දැනට මේ දෙන්නව Jeramy සහ Tolamy කියල දැනගමු.

    ගියපාර මේ ගොල්ලො එළියට දාපු හෙල්මට්ස් කියන වීඩියෝ එක බලපු ඔයාලට මතක ඇති මේ දෙන්නට වස්තිල නියම කරනව අමුතුම තාලෙ හෙල්මට් දෙකක් දාන්න.ඒ හෙල්මට් දෙකත් දාගෙන මේ දෙන්න වස්තිලගෙ භාරයෙන් එළියට එන තැනින් ඒ වීඩියෝව ඉවරයි.ඒ වීඩියෝ එකට You Tube එකෙයි POP PUNK ෆෑන් පේජ් එකෙයි විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබිල තිබුණ.ගොඩක් අය අනාවැකි පල කරල තිබුණ මේ දෙන්න ලංකාවෙ MUsic Video ක්ෂේත්‍රයේ ලොකු පෙරළියක් කරයි කියල.ඒක ඇත්ත කියල තේරෙන්නෙ මාසයක් විතර නොකර සද්ද ඉඳල පොප් පන්ක් සහා මයිකල් ජැක්සන්ගේ මෙඩලය (හෙල්මට් විප්ලවයේ දෙවන කොටස) විදිහට “චම්පා” කියන Music Video එක රිලීස් කරද්දි.

    Agent Calgera කියන ඒජන්ත වරිය මේ POP Punk ඩබලට Meddle එකක් දෙන සිදුවීමකින් තමයි මේ වීඩියෝව පටං ගන්නෙ.Agent Calgera කියන්නෙ ලොකප්‍රසිද්ධ Pop King කියල හඳුන්වන Michel Jacksonගෙ ඒජන්ත වරියක්. Michel Jackson මියයෑමට පෙර මේ Agent Calgera ට පවරපු රාජකාරියක් තමයි මේ මෙඩ්ල් එක පොප් පන්ක් ඩබලට දෙන එක.මේ මෙඩල් එක ගෙනත් දුන්නට ස්තූතිය පලකිරීමක් විදිහට පොප් පන්ක් ඩබල මේ එජන්ත වරියට දෙනව ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන ” චම්පා ” CD එක.ඔන්න ඔහෙමයි පටං ගන්නෙ ඉතුරු ටික ඔයාලම බලන්න අපි කිව්වොත් එකේ රසය අඩු වෙන නිසා…….

    මේ සිංදුවේ melody එක සහ Music composition කරලා තියෙන්නේ පොප් පන්ක් ඩබලම තමයි.වචන ලියලා තියෙන්නේ පොප් පන්ක් , අනුශ්ක උදාන සහ රුවිනි තල්පාවිල.Video concept එකත් පොප් පන්ක් ලගෙ අදහසක් .වීඩියෝ එක Direct & edit කරලා තියෙන්නේ ලක්ශාන් එදිරිසිංහ කියන තරුණ දක්ශ නිර්මාණ කරුවා.

    මේ දවස් වල අපේ රටේ ඔය සෑහෙන ජනප්‍රියය කියල හිතං ඉන්න ගොඩක් තිර්මාණ කරුවො තමන්ගෙ නිර්මාණ හිට් කර ගන්නයි වීව්ස් හිඟාකන්නයි ඒව අස්සට හෙළුව ඔබද්දි එහෙම නැතිව ලංකාවේ Music අමුතුම තාලෙකට වෙනස් කරන්න හදන POP PUNK දෙපලට සුපිරි ගොසිප් අපේ ආචාරය!!!!!!

    වීඩියෝව නැරඹීමට පහත link එක click කරන්න,

    https://www.youtube.com/watch?v=RkCOz4ArPy0&feature=youtu.be

     

     

  • තවත් IMF ණය වාරිකයක් සඳහා අනුමැතිය ලැබෙයි

    තවත් IMF ණය වාරිකයක් සඳහා අනුමැතිය ලැබෙයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 4 වන ඇගයීමෙන් අනතුරුව මෙරටට ලැබීමට නියමිත ණය මුදලේ තවත් ඩොලර් මිලියන 252 ක කොටසක් සඳහා ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

  • 2015 මැතිවරණ දෙකම ජයගෙන ආණ්ඩුව පිහිටුවන්න පුළුවං උනේ හරීන්ගේ අසීමිත කැපවීම නිසයි

    2015 මැතිවරණ දෙකම ජයගෙන ආණ්ඩුව පිහිටුවන්න පුළුවං උනේ හරීන්ගේ අසීමිත කැපවීම නිසයි

    එජාප ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පත්වීමේ ලිපිය ප්‍රදානය කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් 2015 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වූයේත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කළ කැපකිරීම නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවැසීය.  

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

    “එක්සත් ජාතික පක්‍ෂයේ අපි අලූත් නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම පක්‍ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් නව නිලධාරීන් පත් කළා. එහි වැදගත් වගකීමක් වන්නේ මාධ්‍යයි. එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා ලෙසත්, එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා අප පත් කළා. ඒ මහතා මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙක් බව කිව යුතුයි.

    රටේ ජනමාධ්‍ය ඇතුලු අනෙකුත් ජන සන්නිවේදන අංශ සමග එක්ව වැඩ කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතික පක්‍ෂ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතාට බාර දී තිබෙනවා.” 

  • කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්

    කොළඹ ගංවතුර පාලනය කරන්න අලුතින් උමං දෙකක්

    මේ වන විට සාමාන්‍ය වැසි තත්වයක් යටතේ උවද වතුරෙන් යටවන කොළඹ නගරයට පිළියමක් වශයෙන් අලුතින් උමන් මාර්ග දෙකක් ඉදිකිරිමට රජය තීරණය කර ඇත.
    යෝජිත උමං මාර්ග දෙකක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම ලබා ගෙන ඇති අතර මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශයේ මෙම උමං මාර්ග ඉදිකරන්න නියමිතව ඇත.
    ඒ සඳහා වන ගිවිසුම් ඊයේ(30) බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම අතර අත්සන් කරන ලදී.
  • මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට

    මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට

    මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකරව ඊයේ(30) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තාවේ.
  • විසඳුම් නොලැබුනොත් ජුනි 12 සිට තැපෑල වර්ජනේ

    විසඳුම් නොලැබුනොත් ජුනි 12 සිට තැපෑල වර්ජනේ

    තැපැල් සේවා ව්‍යවස්‌ථාව කඩිනමින් සම්මත කර තැපැල් සේවකයන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ආණ්‌ඩුවට බල කිරීම සඳහා ජුනි මස 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා අඛණ්‌ඩ තැපැල් වර්ජනයක්‌ ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ තීරණය කර ඇතැයි එහි කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.
     
    ආණ්‌ඩුව මෙසේ දිගින් දිගටම තැපැල් සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් නොදී තැපැල් සේවකයන් රැවටීමට ලක්‌කිරීම නිසා අකමැත්තෙන් වුවත් මෙම තීරණය ගත් බව හෙතෙම පැවසූ අතර 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20,000 ට අධික සියලුම සේවකයන් සහභාගි වන බව ද තැපෑලට ආණ්‌ඩුව දක්‌වන කුඩම්මාගේ සැලකිල්ල නිසා සමස්‌ත තැපැල් දෙපාර්තමේන්තුවම දැන් කඩා වැටී ඇති බවද මේ සඳහා දිය හැකි හොඳම නිදසුන තැපැල් පරිගණක පද්ධතිය අක්‍රිය වීම බව ද බණ්‌ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.