Category: සුපිරි News

  • ඩෙංගු රකුසා නැවතත් හිස ඔසවයි

    ඩෙංගු රකුසා නැවතත් හිස ඔසවයි

    දිවයින පුරා ඩෙංගු රෝගීන් 18586 ක් මේ වන විට වාර්තා වී ඇති අතර නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඩෙංගු මදුරු ග්‍රහණය ඉහළ යා හැකි බැවින් මහජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ගම්පහ, කළුතර, මඩකලපුව, කල්මුණේ, කෑගල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිර යාමේ වැඩි අවධානමක් පවතින බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කර සිටියේය.

    මේ නිසා තද උණ සමග හිසරදය, මස්පිඬු වේදනාව, වමනය ආදී රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ඇය ජනතාවට දන්වයි.

  • දකුණේ හඳුනා නොගත් උණෙන් 600ක් රෝහල්වල 13ක් මරුට

    දකුණේ හඳුනා නොගත් උණෙන් 600ක් රෝහල්වල 13ක් මරුට

    දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරු වූ රෝගීන් 600 දෙනෙකු මේ වන විට පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

    ඒ අනුව ගාල්ල කරාපිටිය, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින් මෙම රෝගීන් වැඩිවශයෙන් වාර්තා වේ.දකුණු පළාතේ පැතිර යන මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පාලනයට අවශ්‍ය උපරිම පියවර මේ වන විට ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

    පසුගිය මාසයක කාලය තුළ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බොහෝ දරුවන්ට නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර එම දරුවන්ට උණ සහ ශ්වසනාබාධ ලක්ෂණද දක්නට ලැබුණි. මෙහිදී කරන ලද රසායනාගාර පරීක්ෂණ අනුව ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් හේතුවෙන් මෙම රෝගී තත්ත්වය ව්‍යාප්ත වන බව දැනට සොයාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මෙම රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් සහ වැඩිහිටියන් කිහිපදෙනා මේ වන විට මියගොස් ඇත.පවතින තත්ත්වය අවම කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පියවර රැසක් ගෙන තිබේ.රෝගීන් කළමනාකාරණය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති අතර පැතිර යාම වැළැක්වීමටද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. ඒ අනුව රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන පිරිස අවම කර ඇති අතර ශ්වසනාබාධ සහිත රොගීන් වෙනත් ස්ථානවල රඳවා ප්‍රතිකාර කරනු ලබයි.

    එමෙන්ම මුඛය සහ නාසය වැසෙන පරිදි ආවරණයක් යොදා සිටින ලෙසත් දෑත් සබන් දා සෝදා පිරිසිදුව තබාගන්නා ලෙස ජනාකිර්ණ ප්‍රදේශවල ගැවසීම අවම කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි. තවද අවදානම් සහිත ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද හෙතෙම අවධාරණය කරයි. වයස අවුරුදු 2ට අඩු දරුවන් ගර්භණී මව්වරු, කිරිදෙන මව්වරු ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් හා වැඩිහිටියන් ඉහළ අවධානමක් සහිත පිරිස් ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.

  • නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය පිටාර ගලන බැවින් ඒ අවට ජනයාට අවධානයෙන් සිටින ලෙස දැණුම් දෙයි

    නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය පිටාර ගලන බැවින් ඒ අවට ජනයාට අවධානයෙන් සිටින ලෙස දැණුම් දෙයි

    පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඇතැම් ස්ථාන වල ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය  ස්ථාන කිහිපයකින් පිටාර ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර ඒ හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

    ඒ අනුව නිල්වලා ගඟ පිටබැද්දර, හා ඌරව ප්‍රදේශ වල සුළු ගංවතුර මට්ටමක් පවතින අතර අකුරැස්ස, පානදුගම පහල ජල මට්ටම මහ ගංවතුරක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත් ගිං ගඟ ඉහළ ගංඟා ධාරා ප්‍රදේශයේ එනම්තවලම ප්‍රදේශයෙන් ජල මට්ටම අඩුවෙමින් පැවතිය ද බද්දේගම ආශ්‍රිත පහල ගංගා ධාරා ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවත් කළු ගඟේ රත්නපුර ආශ්‍රිතව පවතින සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර කැලණි ගගේ කොළඹ, කැලණිය, කොලොන්නාව, බියගම, කඩුවෙල, හංවැල්ල, දොම්පේ, රුවන්වැල්ල, දෙහිඕවිට සහ දැරණියගල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට ගංවතුර අවධානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර 150කට අධික වර්ෂාපතනයක් ඇතිවුවහොත් රත්නපුර, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වල නායයෑමේ අවදානම් සහ පස් කඳු කඩාවැටීම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

    මේ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හෙතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව එම ස්ථාන වලින් ඉවත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

  • “බිග් බෑඩ් වුල්ෆ්” පොත් ප්‍රදර්ශනය ජුනි 28දා සිට

    “බිග් බෑඩ් වුල්ෆ්” පොත් ප්‍රදර්ශනය ජුනි 28දා සිට

    ශ්‍රී ලංකිකයන් අතර අතිජනප්‍රියත්වයට පත්වූ “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය මේ වන විට නිවේදනය කර තිබේ.

    “බිග් බෑඩ් වුල්ෆ්” නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන පරිදි මෙම ප්‍රදර්ශනය ජුනි 28 දා සිට ආරම්භ වීමට නියමිතය.

  • සතොස තොග ගබඩාවක් තුළින් මිනිස් ඇටසැකිළි

    සතොස තොග ගබඩාවක් තුළින් මිනිස් ඇටසැකිළි

    මන්නාරමේ සතොස තොග ගබඩාවේ ස්ථානයකින් පසුගිය 16 වැනිදා මිනිස් ඇටසැකිළිවල කොටස් කීපයක් හමුවීමෙන් පසුව පොලීසිය කළ කැණීම්වලදී තවත් ඇටසැකිළි කොටස් හමුවීම නිසා මන්නාරමේ සතොස තොග ගබඩාව තුළ සමූහ මිනීවළක් ඇති බවට ආරක්ෂක අංශවලට සැකයක් පහල වී ඇත.

    මේ පිළිබඳව මන්නාරම දිසා විනිසුරු එම්.එම්. ඇලෙක්ස් රාජා වෙත පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂ කළ දිසා විනිසුරුවරයා එම ස්ථානය බැකෝ යන්ත්‍රයක් යොදාගෙන කැණීම් කරණ ලෙස පොලීසියට නියෝග කළ අතර මේ සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගේද සහය ලබා ගන්නා ලෙස නියෝග කොට ඇත. දිසා විනිසුරුවරයා කැණීම් සිදු කරණ ස්ථානයට අධිකරණ නිලධාරීන්ද යොදවා ඇත.

    යම් හෙයකින් මෙම ස්ථානයෙන් තවදුරටත් මිනිස් ඇටසැකිළි කොටස් හමු වුවහොත් සතොස තොග ගබඩාවෙන් කොටසක්ද ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇත.

  • මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් පරදවා අදට වසර 9යි

    මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් පරදවා අදට වසර 9යි

    රටේ සැබෑ නිදහස සුරක්ෂිත කරමින් වීරෝදාර රණවිරුවන් කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා වසර 09 ක් අද(18) දිනට  සපිරෙන බැවින් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී කටයුතු සූදානම් කොට ඇත.
    ඊට සමගාමීව දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව පවත්වන ආලෝක පූජාව කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර ඊට නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහය ලබාදෙනු ඇත.රට වෙනුවෙන් ජීවිතය පූජා කළ 28,619 ක් වූ රණවිරුවන් සමරා පහන් දැල්වීම මෙහිදී සිදුවන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. 
    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ද ඊට එක්වන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළ අතර දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන, බල සේනා, යුද හමුදා පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන මෙන්ම ක්ෂේත්‍ර මූලස්ථානවලද අද පෙරවරු 9.30 ට රණවිරු සැමරුම් පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.
    මෙවර රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 50 දෙනෙකුට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් පිරිනැමීම විෂේශත්වයකි.
  • යතුරුපැදිය උඩ නිදා සිටින නාමල්ගේ Photo Shoot එකේ ලීක් වෙච්ච පට්ට Photo එක මෙන්න…

    යතුරුපැදිය උඩ නිදා සිටින නාමල්ගේ Photo Shoot එකේ ලීක් වෙච්ච පට්ට Photo එක මෙන්න…

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යතුරුපැදියක් උඩ නිදා සිටින ඡායාරූපයක් අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා.

    බුකිය පුරා පැතිරෙන මෙම ඡායාරූපයේ ඇත්ත කතාව හොයද්දි අපිට මරු ෆෝටෝ එකක් සෙට් උනා…

     

  • ගාසා තීරයේ ගැටුම්…. ලෝක යුද්ධයක අතිතය මතක් කරමින් ඩ්‍රෝන යාත්‍රාවලිනුත් කඳුලු ගෑස්…!

    ගාසා තීරයේ ගැටුම්…. ලෝක යුද්ධයක අතිතය මතක් කරමින් ඩ්‍රෝන යාත්‍රාවලිනුත් කඳුලු ගෑස්…!

    විශාල මිනිස් සංහාරයක් සිදු කරමින් ඇති වුනු ගාසා තීරයේ ගැටුම් තව දුරටත් එලෙසින්ම පවතිනවා. එහිදී ඊශ්‍රායල් හමුදාව විසින් එල්ල කල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2700 කට අධික පිරිසක් තුවාල ලබා තිබුනා. මෙම ගැටුම් හටගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයක් ජෙරුසලමේ පිහිටුවීමට යන බවට කල ප්‍රකාශයත් සමඟයි.

    ඒ අනුව මේ සඳහා විරෝධය පලකරමින් සිටි පලස්තීනුවන්ට ඩ්‍රෝනා යත්‍රා මගින් කඳුලු ගෑස් එල්ල කිරීමටද කටයුතු කර තිබුනා. දෙවන ලෝක යුද්ධය සිහිපත් කරමින් ඇතිවුනු මෙම දරුණු තත්වයේ වීඩියෝ සහ ඡායාරූප මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් පවතිනවා.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • බස් ගාස්තු සංශෝධන විද්වත් කමිටුව අද රැස්වෙයි

    බස් ගාස්තු සංශෝධන විද්වත් කමිටුව අද රැස්වෙයි

    ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව කොපමන සංඛ්‍යාවකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ද යන්න සාකච්ඡා කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව අද දිනයේ රැස්වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
    බස් ගාස්තු සංශෝධනය සඳහා එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කල අතර පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා ඊයේ පැවසුවේ, 15% කින් බස් ගාස්තු ඉහළ දැමීමට රජයට පියවර නොගත හොත් 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත් වන බවයි.
  • හිට්ලර් දරුවන් බිහිකරන්න කෙල්ලන්ව අඩුවයසින්ම නිදියහනට ගෙන්නගත්ත අමුතුම ක්‍රම මෙන්න….

    හිට්ලර් දරුවන් බිහිකරන්න කෙල්ලන්ව අඩුවයසින්ම නිදියහනට ගෙන්නගත්ත අමුතුම ක්‍රම මෙන්න….

    නාසි ප්‍රධානි කෲර පාලකයා වන හිට්ලර් ඔහුගේ මතවාදයන් පැතිර වීමට අමුතු විදියේ දේවල් කරපු කෙනෙක් කියන එක හැමෝම දන්නවනේ. ඒ වගේ ඔහු දරුවන් බිහිකරන්න කාන්තාවන් පවා කුලියට අරගෙන තියනවා. ඒ විදියට ඔහු දරුවන් බිහි කිරීමට කාන්තාවන් කුලියට අරගෙන තියෙන්නේ ඇයි කියලා තමයි අපි අද හොයලා බලන්නේ.

    1. නාසි ආධාරකරුවන්

    1936 දී නාසි ආධාරකරුවෙකු හා උපාධිධාරිනියක වන Hildegard Trutz ව ජර්මනියේ වාර්ගිකව “පවිත්‍ර” කාන්තාවක් ලෙස බදවාගෙන, ආර්ය දරුවා බිහිකිරීමේ බලාපොරොත්තුවෙන් SS නිලධාරින් සමග නිදා ගැනීමට තෝරා ගත්තා. 1930 ගණන් වලදි නාසි හමුදාව තුල රහස් සැලැස්මක් ලෙස ක්‍රියාත්මක කල මෙමගින්, නිල් පාට ඇස් හා රන්වන් පාට කෙස් වලින් යුතු දරුවන් බිහිකර ගැනීම අපෙක්ෂා කලා.

     

    1. Lebensborn

    ජර්මානු රාජ්‍ය බෝ කිරීම හා නිෂ්පාදනය කිරීම “උසස් ජර්මානු” වන්ට පැවරී තිබුනා. SS හමුදා ප්‍රධානියා වන Heinrich Himmler මෙය පිටුපස සිටින ප්‍රධාන මොලකරුවා වූ අතර ඔහු විසින් කැදවු උද්ඝෝෂනය Lebensborn ලෙස හදුන්වනු ලැබුවා. Himmler පවසා සිටියේ “මේ නොර්ඩික් ජාතිය ස්ථාපනය කිරීමට හා මිලියන 200ක පමන ජන සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීමට අපි සමත් වුවහොත්, ලෝකයම අපිට අයිති කර ගැනීමට පුලුවන් වෙනවා.” යන ලෙසයි.

    1. ඇතුලත හා පිටත සම්බන්ධතා

    ජර්මනියේ වඩාත්ම ආක්‍රමනශීලි හමුදා ඒකකය වන SS හි ප්‍රධානීන් විසින් එහි සාමාජිකයන්ට, විවාහය තුල හා විවාහයෙන් පිටත සම්බන්ධතා පැවැත් විය යුතු බවට නියෝග කරනු ලැබුවා. Himmler විසින් මෙය නිවේදනය කරනු ලැබුවේ “මගේ මිනිසුන් දිලිසෙන ඇස්වලින් මට කියනවා ඔවුන් (ගැහැණුන්) ට අවජාතක දරුවන් සිටින බව”

    1. වැඩසටහනේ පරමාර්ථය

    මෙම වැඩසටහනේ වර්ධනය සදහා බොහෝ දෙනෙක් හේතු වුනා. 1900 ගණන් වල මුල් භාගයේදී පිරිමින්ගේ හිගයක් පැවතුනු අතර, ජර්මනියේ උපත් වේගයත් පහල වැටුනා. එයට 1918 නොවැම්බර් 11, පසු පලමු වන ලෝක මහා සංග්‍රාමයෙන් ඇතිවූ ආර්ථික පරිහානිය හා ජර්මන් කාන්තාවන් අතර ඇති වූ ගබ්සා කිරීම් සංඛ්‍යාව හේතු වුනා. එයට පිලියමක් ලෙස තමයි ජර්මනියේ ආර්ය උපත් අනුපාතය වර්ධනය කිරීමට Lebensborn වැඩසටහන අරම්භ කරනු ලැබුවේ.

    1. නිවස සහ කොන්දේසි

    සියලුම සුඛෝපභෝගි තත්වයන් හා මූල්‍යමය ආධාර ලබා ගැනීම සදහා, ගර්භනි කාන්තාවන් ඔවුන්ට ලැබෙන්නට සිටින දරුවන් ආර්ය පරම්පරාවට අයත් බව ඔප්පු කල යුතු වුනා. ඒ වගෙම එම දරුවන් Lebensborn නිවාස වල රදවා හොදින් රැකබලා ගත් අතර ඔවුන්ට නාසි අධ්‍යාපනයද ලබා දීමට කටයුතු කලයුතු වුනා.

    1. අසාමාන්‍ය කතාව

    ජර්මානු හා නෝර්වේ යන රටවලින් වාර්තා වී ඇති ආකාරයට තුන්වන ජර්මන් රාජ්‍ය කාලයේ අවුරුදු 12ක් තුල බිළිඳුන් 20,000 ක් උපත ලබා තිබෙනවා. එකල සිටි ජනයා විසින් ගෙනගිය කතාවලින් ජර්මන් කාන්තාවන් විශ්වාස කලේ තමන් හිට්ලර් සදහා උපත් ලබා දීමට සෑදී ඇති බවයි.

    1. Giles milton

    1933 කාලය තුල හිට්ලර්ගේ නීති යටතේ, පක්ෂපාති නාසි ආධාරකරුවෙකු වන Hildegard Trutz ගේ Bund Deutscher Madel නම් කාන්තා කණ්ඩායම සමග අත්වැල බැදගත් අතර එය හිට්ලර්ගේ කාන්තා කණ්ඩායම ලෙස හදුන්වා තියෙනවා.

    1. කණ්ඩායමේ ප්‍රධානියා

    Hildegard Trutz නෝර්ඩික් කාන්තාවන් සදහා කදින් නිදසුනක් වූ අතර ඇයට දරුවන් බිහි කිරීම සදහාම සුදුසු වූ ශරීරයක් උරුම වී තිබුනා.

    1. ජීවිත වෙනස් වීම1936

    දරුවාගේ පාසල් කාලයෙන් පසු, BDM නායකයන් විසින් දරුවාට කල යුත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි කර දෙනවා.

    1. වැඩසටහන

    BDM නායකයා පැහැදිලි කර දුන් ආකාරයට දරුවා අතහැර දැමිමේ නිති රීති වලට යට විය යුතු අතර නැවත නිදා ගැනීම සදහා කාන්තාව විසින් සහායකයකු තෝරා ගත යුතුය. දරුවාගේ උපතෙන් පසු, ඔවුන් රාජකීය නාසීන් බවට පත් කිරිම සදහා Lebensborn වෙත රැගෙන යා යුතු බවට නියෝග කරනු ලැබුවා.

  • අපේක්ෂා රෝහලේ හා ජාතික රෝහලේ පෙට් ස්කෑනර් දෙකෙන්ම වැඩක් ගන්නෙ නෑ

    අපේක්ෂා රෝහලේ හා ජාතික රෝහලේ පෙට් ස්කෑනර් දෙකෙන්ම වැඩක් ගන්නෙ නෑ

    අතිවිශාල මුදලක් වැය කරමින් මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දී ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය විශේෂ රසායනික වර්ණක ආනයනය කර රෝහල් වෙත ලබා නොදීම හේතුවෙන් රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

    කොළඹ ජාතික රෝහල වෙතද මීට වසර හතරකට පෙර ගෙන එන ලද පෙට් ස්කෑන් යන්ත්‍රයත් මේ හේතුවෙන්ම නිසි භාවිතයෙන් තොරව පවත්නා බව ද වාර්තා වී තිබේ.

    පෙට්ස්කෑන් පරීක්ෂණයක් සඳහා විශාල මුදලක් වැය වන අතර මෙම වියදම කිසිසේත්ම රෝගියෙකු හට දරාගැනීමට නොහැකි බැවින් පිළිකා රෝගීන්ට සහනයක් ලෙස මේ විශේෂිත රසායනික වර්ණක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ පෞද්ගලික අංශය මගින් ආනයනය කොට ලබාදී මේ යන්ත්‍ර දෙක රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඩෙහාන් ගුණසේකර මහතා පවසයි. 

  • බීම වර්ග ගැලූන් 1500ක් ටබ් එකට දාලා පැය 24ක් හිටපු සුරූපී තරුණියට වෙච්ච දේ මෙන්න…

    බීම වර්ග ගැලූන් 1500ක් ටබ් එකට දාලා පැය 24ක් හිටපු සුරූපී තරුණියට වෙච්ච දේ මෙන්න…

    ඩුබායි රටේ ඉන්න සුරූපී තරුණියක් තමයි ලානා රෝස් කියන්නේ.

    සැමියාගෙන් දික්කසාද වී සිටින ලානා තමන්ගේ සහෝදරයා සමග Youtube අඩවියට විවිධ වීඩියෝ පටිගත කර දැමීම ඔවුන්ගේ විනෝදය සහ ආදායම් මාර්ගයයි.

    ඉතිං කෙටියෙන් කියනවා නම් සල්ලි වෙනුවෙන් ලානා තම සහෝදරයා සමග බීම වර්ග ගැලූන් 1500ක් පුරවා එහි පැය 24ක කාලයක් බැස සිටියදී සිදුවූ දේවල් පහතින් බලන්න…

    ලානා සල්ලි වෙනුවෙන් කරපු තවත් වැඩක් බලන්න…

  • 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවාමයි

    2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවාමයි

     ඉකුත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස තමන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ඉල්ලීමක් කළ බවත් එහෙත් ඒ අවස්ථාවේදී නිවැරදි තීරණයක් නොගත් බවත්, එලෙස වැරදි තීරණයක් ගැනීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිමින් සිටින බවත්ආණ්ඩුවේ ගෞරවය රැකගැනීමට නොහැකිව අද ළතැවීමට සිදුවී ඇත්තේ එදා ගත් වැරදී තීන්දුව නිසා බවත් ප්‍රාදේශීය සංවර්ධන තිරසර සංවර්ධන හා වනජිවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඊයේ (06) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දිනයේදී පැවැසීය.
    එබැවින් 2020 ජනාධිපතිවරණයේදී ඒ වැරැද්ද නිවැරදි කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමට  කටයුතු කළ යුතු බවත්, පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා සියලු දෙනා ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ මහතා පැවැසීය. එසේ නොවුණහොත් සිදුවන්නේ නැවතත් අපි ගැන අපිටම ලැජ්ජා වීමට බවද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කීය. 
  • සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා

    සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා

    අනෙක් සියලු බැංකු මහබැංකුව යටතේ පාලනය වන බැවින් සමෘද්ධි සහනාධාර සහ ණය පහසුකම් ඉතුරුම්වලට අදාළ සමෘද්ධි බැංකුවද ඉදිරියේදී මහබැංකුවේ පාලනය යටතට පත් කිරීමට කටයුතු කරන බව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (06) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
     
    සේවක අර්ථසාධක අරමුදල, සේවක  භාරකාර අරමුදල, ආදී සියල්ල මුදල් අමාත්‍යාංශයේ රෙගුලාසී මත පාලනය වන නමුත් සමෘද්ධි අරමුදල් හෝ සමෘද්ධි බැංකුව එලෙස කිසිදු රෙගුලාසියකට අනුව පාලනය නොවන බව පෙනී ගොස් ඇති බැවින්  එයට ඉදිරියේදී මුදල් අමාත්‍යාංශ රෙගුලාසිවලට යටත් වන නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසීය. 
    සමෘද්ධි අමාත්‍යාංශය වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින අමාත්‍යාංශයක් බැවින් සමෘද්ධි සහනාධාර ලබාදීමේදී ඉකුත් කාලයේ සිදුවූ අඩුපාඩු මගහරවා ගැනීමට කටයුතු කරන බවත් සමෘද්ධිය වෙනුවෙන් මුළු වර්ෂයම සඳහා වෙන් කර ඇති මුදලින් මුල් මාස තුන ඇතුළත පමණක් 52% වියදම් කර අවසන් බවත් මුල් මාස තුන තුළ වියදම් කළ යුත්තේ 25 පමණක් වන බවත් මෙලෙස 52 වියදම් කර අවසන් වූයේ කෙසේ දැයි සොයා බලන ලෙසත් උපදෙස් දී ඇතැයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
  • හෙට රෑ 12න් පසු යකඩ යක්කු වර්ජනයක

    හෙට රෑ 12න් පසු යකඩ යක්කු වර්ජනයක

    හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගනිමින් වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

    වැටුප් ගැටළුව මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවීමට සැලසුම් කර ඇති බව එම සංගමය සඳහන් කළේය.

  • පෑලියගොඩ පාතාල මංජුගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට

    පෑලියගොඩ පාතාල මංජුගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට

    පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාතාල නායකයාව සිටි පාතාල නායක මංජුගේ ප්‍රධාන ගෝලයා වන මනුෂ්‍ය ඝාතන, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක්  දිලීප පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතබා පලායැමට උත්සහ කළ අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකදී මරුමුවට පත්වී ඇත.

    සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්‌ඨාසයට සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට ගොස්‌ ඇති අතර එහිදී සැකකරු පාතමයිලපිටිය ප්‍රදේශයේ නිවසක සිටින බව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම නිවස වටලා ඇත.

    මේ අවස්තාවේදි මෙම පුද්ගලයා පිස්‌තෝලයකින් පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තබා පලා යැමට උත්සහ කළ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකාය සැකකරුට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කර ඇත. සැකකරු බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට රැගෙන යන අවස්‌ථාවේ මියගොස්‌ ඇත. මෙම අවස්‌ථාවේ සැකකරු සමග සිටි කාන්තාවක පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි තැබීමට යොදාගත් මිලිමීටර් නවයේ ගිනි අවියද බිම වැටී තිබියදී පොලිසියට හමුවී ඇත.

    මෙම පාතාල සාමාජිකයාගේ ප්‍රධානියාවූ ඩී. මංජු නමැත්තා මීට මාස කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සමග ඇතිකරගත් ගැටුමකින් මියගොස්‌ තිබූ අතර ඔහු මියයැමෙන් පසු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ මෙහෙයවා ඇත්තේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබිණි.

    මීට දින කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවන් කණ්‌ඩායමක්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී එම මැර පිරිස විසින් පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට පහරදී පලාගොස්‌ තිබිණි. එහිදී තුවාල ලැබු නිලධාරීන් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබු අතර එම ප්‍රහාරය සිදුකර තිබුණේ මෙම මියගිය පාතාල සාමාජිකයා බවට විමර්ශනවලදී හෙළි වී ඇත.