ටෙලිකොම් පාලනාධිකිරියට කත් අදින යූනියන් ලොක්කො දෙන්නෙක්ට සුපිරි රට සවාරියක්
ටෙලිකොම් ආයතනයේ පාලන අධිකාරිය වෙනුවෙන් වැඩි වශයෙන් පෙනී සිටි වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙකුට එංගලන්ත සවාරියක් සදහා වියදම් ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙසේ එංගලන්ත සවාරියක් ලබාදී ඇත්තේ සමස්ථ ලංකා ටෙලිකොම් සේවා සංගමයේ සභාපති අනුර පෙරේරා මහතාට හා විදුලි සංදේශ නිළධාරින්ගේ සංගමයේ ලේකම්  රෝහන් ලාල් නිශ්ශංක මහතාටය. අදාළ වෘත්තීය සමිති නායකයින් දෙදෙනා රාජ්‍ය නොවන සංවිධානයයක්…

වැඩට නොපැමිණෙන දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු
සියලුම දුම්රිය තාක්ෂණික සේවාවේ අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා දැනුම් දී ඇති අතර එසේ සේවයට වාර්ථා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සලකන බව අවධාරනය කරයි.

ෆේස්බුක් තහනම් කරයි
ව්‍යාජ ගිණුම්, අසභ්‍ය ජයාරූප සහ ව්‍යාජ පුවත් පලකරන පුද්ගලයින් හදුනා ගැනීම සදහා වන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ලොව ප්‍රකට “ෆේස්බුක්” සමාජ ජාල වෙබ් අඩවිය මාසයක කාලයක් සදහා තහනම් කිරීමට පැපුවා නිව් ගිනීයානු රාජ්‍ය තීරණය කර ඇත.දිනෙන් දින ඉහල යන මෙවැනි සිදුවීම් වහාම පාලනය කල යුතු බවට එරට ජනමාධ්‍ය අමාත්‍ය සෑම් බැසිල් මාධ්‍යවේදීන් වෙත සිය නව…

වැටෙනවා නම් වැටෙන්නට තිබූ මිලියන ගණනක් අවස්ථා ඔහුගේ ජීවිතයේ විය. සියල්ල පසුකොට ඔහු ඉදිරියට ම ආවේය. ඕනෑ ම ප්‍රශ්නයක් ඉදිරියේ ඔහුට තිබුණේ එක ම පැනයකි. ‘දැන් මේකට මොකද කරන්නෙ…’ ඔහු…

දකුණේ තවත් කිරිකැටියන් දෙදෙනෙකු මරු තුරුලට..!රජයේ වියදමින් පුද්ගලික රෝහල්වල දැඩිසත්කාර ඒකක ලබා දෙන්න නියෝග..
මේ වන විට දකුණු පළාත පුරා පැතිර යන ඉන්ෆ්ලූඑන්සා රෝග තත්වය හේතුකරගෙන මියගිය දරුවන්ගේ සංඛ්‍යාව 11ක් දක්‌වා ඉහළ ගොස්‌ ඇති බව කරාපිටිය ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසනවා. කෙසේ වෙතත් මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලතුල පවතින අඩුපාඩුකම් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් වීමට නොහැකි තත්ත්වයක්ද පවතින බවයි වාර්තා…

දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලටද පැතිර යාමේ අවදානමක්
දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය අනෙකුත් පළාත් වලට ද පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට දකුණු පළාතේ වයස අවුරුදු 2ට අඩු දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති බව ය.වෛරස් උණ සමග ඇතිවූ සංකුලතා හේතුවෙන් එම මරණ සිදුව ඇති බව ද…

කඩුවෙල රාජසිංහ පාලමේ අවදානම බලධාරීන්ට පෙන්නුවත් පිළියම් යෙදුවේ නෑ
අයහපත් කාලගුණ තත්ත්වය සමග කඩුවෙල බියගම නගර යා කෙරෙන ප්‍රධාන පාලම මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙන බවත්, මෙවැනි අවදානමක් සිදුවිය හැකි බව පෙන්වා දෙමින් අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන් දැනුවත් කර  තිබුණද   එයට ප්‍රතිකර්මයක් ලබා දීමට ඔවුන් කටයුතු නොකළ බවත් කැලණි මිටියාවත සුරැකීමේ සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා පැවැසයි.…

අධික වර්ෂාව නිසා ආපදාවට ලක්වූවන්ගේ ආහාර සඳහා මිලියන 27ක්
දිවයිනට බලපෑ ඇති නිරිත දිග මෝසම් තත්ත්වය නිසා ඇති ව ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පවුල් 9817ක් විපතට පත්ව ඇති බවත් විපතට පත් ජනතාව සඳහා පිසූ ආහාර හා වියළි ආහාර ලබාදීම වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙතින් රුපියල් මිලියන 27ක් වෙන් කොට ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමල්නාදන් මහතා…

තවත් අජාසත්ත දරුවන් පිරිසක් සිය මහළු මව කුටියක සිරකරයි
මහලු මවක් කූඩුවක රඳවා තබා ඇති බවට ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ(22) වැටලීමක් දියත් කර තිබේ. දෙහිවල මෙම ස්ථානයට යන විටත් නිවසකට යාබඳව පිටතින් ඉදිකළ අඩි 04ක් පමණ පළල , අඩි 05ක පමන දිගින් යුත් ලෑලි හා සිමෙන්ති ගල් යොදා ඉදිකළ කුඩා කුටියක බිම මෙම මහලු මව…

බස් ගාස්තු සියයට 12.5% කින් ඉහළ දැමීමට ඊයේ(22) උදැසන රැස් වූ කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමි වූ අතර ඊයේ (22) මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම වැඩි වීම ක්‍රියාත්මක වේ. මෙහිදී කැබිනට් මණ්ඩලය…

වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වුනේ පෙර සූදානමින් සිටි නිසයි
ආපදා අංශවල පෙර සූදානම හේතුවෙන් වැසි සහිත කාලගුණයෙන් සිදු වීමට තිබූ විනාශයන් බොහෝමයක් වළක්වා ගැනීමට හැකි වූ බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇති වී තිබෙන ආපදා තත්ත්වය හා ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ (22) මාදම්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසයි.  අමාත්‍යංශ නිලධාරීන් ආපදා අංශ…

ගත වූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්
හදිසි ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම සඳහා අතිරේක හමුදා සාමාජිකයින් 1850ක් සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ යුද හමුදා සාමාජිකයින් දහසක්, නාවික හමුදා සාමාජිකයින් 600 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 250ක් ඊට ඇතුළත් බව ය. පවතින ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 170ක් ස්ථානගත කර තිබේ.…

පාර්ලිමේන්තු කාරක සභා මේ සතිය තුළ පිහිටුවීමට පියවර
කෝප් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව සහ තවත් කාරක සභා කිහිපයක් මේ සතිය තුල පිහිටු වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කරයි. ඒ සඳහා තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එවරස්ට් තරණය කළ මෙරට ඉතිහාසයට එක්වූ දෙවැන්නා – යොහාන් පීරිස්
එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි. නේපාල වේලාවෙන් අද උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර ඇති අතර එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේ 2016 වසරේදී එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල යි. යොහාන් පීරිස් 2016 වසරේ එවරස්ට් තරණය කිරීමට ගත් උත්සහය අසාර්ථක වූයේ ඔහු රැගෙන ගිය ඔක්සිජන් ටැංකියේ දෝෂයක්…

ඩිලන්ත මාලගමුව අනතුරකට ලක්වෙයි
ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ නාමය ලෝකය ඉදිරියේ බබලවන කවුරුත් ආදරය කරන කෙනෙක්.ඩිලන්තට හැමෝම ආදරය කරන්නේ ඔහුගේ දක්ෂකම්වලට විතරක්ම නෙවෙයි. ඔහුට තියෙන නිහතමානී ගුණයට. කෙසේවෙතත් ඩිලන්ත එංගලන්තයේ තරඟයකට සහභාගී වී සිටින අතරතුර නොසිතූ අනතුරකට ලක්වෙලා තියෙනවා.ඒ එංගලන්තයේ lamborghini Super Trofeo 2018 තරගයේදීයි.අනතුරින් ඩිලන්තයට කිසිදු හානියක් සිදුව නැහැ. සිදු වූ අනතුර ගැන කණාගාටුවෙන් ඩිලන්ත සිය ෆේස්බුක් ගිණුමට…

යෝජිත බස් ගාස්තු සංශෝධනය අද කැබිනෙට්ටුවට
යෝජිත බස් ගාස්තු සංශෝධනය අද(22) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සියයට හයයි දශම පහක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබූ නමුත් අදාළ බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් විරෝධය පල කළ බැවින් 12.5% ක බස් ගාස්තු වැඩිවීමක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟතාව…