ඩෙංගු රකුසා නැවතත් හිස ඔසවයි
දිවයින පුරා ඩෙංගු රෝගීන් 18586 ක් මේ වන විට වාර්තා වී ඇති අතර නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමග ඩෙංගු මදුරු ග්‍රහණය ඉහළ යා හැකි බැවින් මහජනතාව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී…

දකුණේ හඳුනා නොගත් උණෙන් 600ක් රෝහල්වල 13ක් මරුට
දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරු වූ රෝගීන් 600 දෙනෙකු මේ වන විට පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව ගාල්ල කරාපිටිය, මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන රෝහල්වලින් මෙම රෝගීන් වැඩිවශයෙන් වාර්තා වේ.දකුණු පළාතේ පැතිර යන මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පාලනයට අවශ්‍ය උපරිම පියවර…

නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය පිටාර ගලන බැවින් ඒ අවට ජනයාට අවධානයෙන් සිටින ලෙස දැණුම් දෙයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංඟා වල ජල මට්ටම් ඇතැම් ස්ථාන වල ගංවතුර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිල්වලා, ගිං, කළු, කැලණි යන ප්‍රධාන ගංඟා සහ අත්තනගලුඔය සහ මාඔය  ස්ථාන කිහිපයකින් පිටාර ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර ඒ හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් වල ජීවත් වන ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂා…

“බිග් බෑඩ් වුල්ෆ්” පොත් ප්‍රදර්ශනය ජුනි 28දා සිට
ශ්‍රී ලංකිකයන් අතර අතිජනප්‍රියත්වයට පත්වූ “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන දිනය මේ වන විට නිවේදනය කර තිබේ. “බිග් බෑඩ් වුල්ෆ්” නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙන පරිදි මෙම ප්‍රදර්ශනය ජුනි 28 දා සිට ආරම්භ වීමට නියමිතය.

සතොස තොග ගබඩාවක් තුළින් මිනිස් ඇටසැකිළි
මන්නාරමේ සතොස තොග ගබඩාවේ ස්ථානයකින් පසුගිය 16 වැනිදා මිනිස් ඇටසැකිළිවල කොටස් කීපයක් හමුවීමෙන් පසුව පොලීසිය කළ කැණීම්වලදී තවත් ඇටසැකිළි කොටස් හමුවීම නිසා මන්නාරමේ සතොස තොග ගබඩාව තුළ සමූහ මිනීවළක් ඇති බවට ආරක්ෂක අංශවලට සැකයක් පහල වී ඇත. මේ පිළිබඳව මන්නාරම දිසා විනිසුරු එම්.එම්. ඇලෙක්ස් රාජා වෙත පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂ…

මිලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් පරදවා අදට වසර 9යි
රටේ සැබෑ නිදහස සුරක්ෂිත කරමින් වීරෝදාර රණවිරුවන් කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා වසර 09 ක් අද(18) දිනට  සපිරෙන බැවින් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී කටයුතු සූදානම් කොට ඇත. ඊට සමගාමීව දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව පවත්වන ආලෝක පූජාව කැලණිය රජමහා විහාරස්ථානයේදී…

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යතුරුපැදියක් උඩ නිදා සිටින ඡායාරූපයක් අන්තර්ජාලය පුරා පැතිරෙමින් තිබෙනවා. බුකිය පුරා පැතිරෙන මෙම ඡායාරූපයේ ඇත්ත කතාව හොයද්දි අපිට මරු ෆෝටෝ එකක් සෙට් උනා…  

විශාල මිනිස් සංහාරයක් සිදු කරමින් ඇති වුනු ගාසා තීරයේ ගැටුම් තව දුරටත් එලෙසින්ම පවතිනවා. එහිදී ඊශ්‍රායල් හමුදාව විසින් එල්ල කල ප්‍රහාර හමුවේ පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 2700 කට…

බස් ගාස්තු සංශෝධන විද්වත් කමිටුව අද රැස්වෙයි
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව කොපමන සංඛ්‍යාවකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ද යන්න සාකච්ඡා කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව අද දිනයේ රැස්වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. බස් ගාස්තු සංශෝධනය සඳහා එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත්…

නාසි ප්‍රධානි කෲර පාලකයා වන හිට්ලර් ඔහුගේ මතවාදයන් පැතිර වීමට අමුතු විදියේ දේවල් කරපු කෙනෙක් කියන එක හැමෝම දන්නවනේ. ඒ වගේ ඔහු දරුවන් බිහිකරන්න කාන්තාවන් පවා කුලියට අරගෙන තියනවා. ඒ විදියට ඔහු…

අපේක්ෂා රෝහලේ හා ජාතික රෝහලේ පෙට් ස්කෑනර් දෙකෙන්ම වැඩක් ගන්නෙ නෑ
අතිවිශාල මුදලක් වැය කරමින් මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දී ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා අවශ්‍ය විශේෂ රසායනික වර්ණක ආනයනය කර රෝහල් වෙත ලබා නොදීම හේතුවෙන් රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. කොළඹ ජාතික රෝහල වෙතද මීට වසර හතරකට පෙර ගෙන එන ලද පෙට් ස්කෑන් යන්ත්‍රයත් මේ හේතුවෙන්ම නිසි භාවිතයෙන් තොරව පවත්නා…

ඩුබායි රටේ ඉන්න සුරූපී තරුණියක් තමයි ලානා රෝස් කියන්නේ. සැමියාගෙන් දික්කසාද වී සිටින ලානා තමන්ගේ සහෝදරයා සමග Youtube අඩවියට විවිධ වීඩියෝ පටිගත කර දැමීම ඔවුන්ගේ විනෝදය සහ ආදායම් මාර්ගයයි. ඉතිං කෙටියෙන් කියනවා…

2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනවාමයි
 ඉකුත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස තමන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ඉල්ලීමක් කළ බවත් එහෙත් ඒ අවස්ථාවේදී නිවැරදි තීරණයක් නොගත් බවත්, එලෙස වැරදි තීරණයක් ගැනීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිමින් සිටින බවත්ආණ්ඩුවේ ගෞරවය රැකගැනීමට නොහැකිව අද ළතැවීමට සිදුවී ඇත්තේ එදා ගත් වැරදී තීන්දුව නිසා බවත් ප්‍රාදේශීය සංවර්ධන තිරසර සංවර්ධන හා වනජිවී අමාත්‍ය සරත්…

සමෘද්ධියත් මහබැංකුව යටතට ගන්නවා
අනෙක් සියලු බැංකු මහබැංකුව යටතේ පාලනය වන බැවින් සමෘද්ධි සහනාධාර සහ ණය පහසුකම් ඉතුරුම්වලට අදාළ සමෘද්ධි බැංකුවද ඉදිරියේදී මහබැංකුවේ පාලනය යටතට පත් කිරීමට කටයුතු කරන බව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (06) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේදී අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.   සේවක අර්ථසාධක අරමුදල, සේවක  භාරකාර අරමුදල, ආදී සියල්ල මුදල්…

හෙට රෑ 12න් පසු යකඩ යක්කු වර්ජනයක
හෙට මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගනිමින් වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. වැටුප් ගැටළුව මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවීමට සැලසුම් කර ඇති බව එම සංගමය සඳහන් කළේය.

පෑලියගොඩ පාතාල මංජුගේ ගෝලයා පොලිස් වෙඩි පහරින් මරුට
පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාතාල නායකයාව සිටි පාතාල නායක මංජුගේ ප්‍රධාන ගෝලයා වන මනුෂ්‍ය ඝාතන, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙක්  දිලීප පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩිතබා පලායැමට උත්සහ කළ අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරයකදී මරුමුවට පත්වී ඇත. සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්‌ඨාසයට සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අවශ්‍යව සිටි සංවිධානාත්මක…