Category: සුපිරි News

  • ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා යයි

    ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා යයි

    ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (02දා) දහවල් ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ ඇති අතර එහිදී ඔහු  තමිල්නාඩුවේ කොටි හිතවාදී වයිකෝගේ ඡායාරූප ශිල්පියා වූ ගජන් හමුවී සාකච්ඡා කර ඇත.
     මෙසේ ජිනීවා වෙත පැමිණීමට පෙර ඔහු ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පෙත්සමක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ට යවා ඇති අතර ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලීමට තමා සමුළුවට පැමිණි බව ඔහු ප්‍රකාශ කර ඇත.

     

  • රනිල් පන්නන්න පක්ෂ රැසක් සහය දීමට එකඟ වෙයි

    රනිල් පන්නන්න පක්ෂ රැසක් සහය දීමට එකඟ වෙයි


    රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් එකතු කිරීම මේ වනවිටත් කොළඹ පිහිටි විහාරස්ථානයක සිට ආරම්භ කර ඇති අතර පාලිත රංගේ බණ්ඩාර ඇතුළු එජාපයේම පිරිසක් ඊට මුල් වී කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් වන අතරශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකගේ සහ තවත් පක්ෂ රැසක සහය ලැබි ඇතැයි හම ආරංචි වල වැඩිදුරටත් සඳහන් වේ.

    මෙම විශ්වාස භංගයට එජපයේ මන්ත්‍රීවරු තිහකගේ පමණ සහයෝගය ලැබෙන බවත් ඒ අතර ඇමැතිවරු කිහිප දෙනෙකුද සිටින බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසන අතරඅගමැති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ඔහු එම ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර එසේ නොකරන්නේ නම්, පුළුල් කැබිනට් මණ්ඩල සංශෝධනයක් කළ යුතු බව මෙම කණ්ඩායම ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේය. එහිදී මාසයක කාලයක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා තම කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත.
    නමුත් බලා‍පොරොත්තු වූ පරිදි එම සංශෝධනය සිදු නොවූ අතර ඔළු ගෙඩි මාරුවීමක් පමණක් වූ බැවිනුත් ජනාධිපතිවරයා ඉල්ලා සිටි මාසයක කාලයෙන් මේ වන විට සති දෙකක් පමණ ගතවී තිබෙන බවත් ඉදිරි සතිදෙක තුළදී සාධනීය පිළිතුරක් නොලැබුණහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවටශ්‍රීලනිපයේ ආණ්ඩුව නියෝජනය කරන දොළොස් දෙනෙකුගේ පමණ කණ්ඩායමක් කටයුතු කරනු ඇතැයි එම ආරංචි වල තව දුරටත් සඳහන් වේ.

  • පේජ් වල අගය බස්සපු “Explore Feed” ගැන ෆේස්බුක් සමාගමේ අවසාන තීරණය මෙන්න…!

    පේජ් වල අගය බස්සපු “Explore Feed” ගැන ෆේස්බුක් සමාගමේ අවසාන තීරණය මෙන්න…!

    පසුගිය කාලයේම ෆේස්බුක් සමාජ ජාලයේ විවිධ වූ වෙනස්කම් රැසක් සිදු වූ අතර ඒවා පේජ් ඇඩ්මින්වරුන්ට නම් සුබදායි වුනේ නෑ..විශේෂයෙන්ම එක්ස්ප්ලෝරා ෆීඩ් එක නිසා නිව්ස් ෆීඩ් හී පේජ් වල පෝස්ට් දිස්වූයේ නොමැති බැවින් පේජ්වල වටිනාකම අඩු උනා..

    කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එක් ෆීඩ් එකක් ග්‍රාහකයන්ට ප්‍රමාණවත් බවට ෆේස්බුක් සමාගම තීරණය කර ඇති බවයි.

    ෆේස්බුක් සමාජ ජාලය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ එය මාස දෙකක දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව අදාල තීරණයට තම සමාගම එළඹුන බවයි.

    විශේෂයෙන්ම ෆේස්බුක් මිතුරු ජාලය පවුල් සහ මිතුරන්ෆේ තොරතුරු පෙන්වීමට වැඩි අවධානය යොමු කිරීමටයි එමගින් තීරණය කර තිබුනේ.

    බොලිවියාව, කාම්බෝජය, ග්වාටමාලා, ස්යිබීරියාව, ස්ලෝවැකියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් වල මෙම වෙන වෙනම පුවත් ෆීඩ් දෙකක් පෙන්වන එක්ස්ප්ලෝරා ෆීඩ් පරීක්ෂා කර ඇත.

    ෆේස්බුක් හි ප්‍රවෘත්ති සැපයුම් ප්‍රධානී ඇඩම් මොසෙරී පැවසුවේ, සිය පරිශීලකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා සමාගමේ පරීක්ෂණ අවසන් වීමට වඩාත් බලපෑ හේතුව බවයි සඳහන් කර සිටියේ.

    “ඔබ අපේ පිළිතුර අපට දුන්නා.මිනිසුන්ට වෙනම ආහාර දෙකක් අවශ්‍ය නැත. සමීක්ෂණවලින් පෙනී යන්නේ ඔවුන් තමන් දැක ඇති පෝස්ටර්වල අඩුවෙන් සෑහීමකට පත්වන බවත්, මිතුරන් හා පවුල සමඟ වැඩි දුරක් සම්බන්ධ කිරීම සඳහා වෙනමම ආහාර දෙකක් ඔවුන්ට උපකාර නොකළ බවත්ය.”

    ඔවුන්ගේ ප්‍රවෘත්ති සංග්‍රහවල (ෆීඩ් වල) ඔවුන්ගේ පවුලේ හා මිතුරන්ගෙන් වැඩි අන්තර්ගතයන් බැලීමට අවශ්‍ය බව පෙන්නුම් කරන පරිශීලකයන්ගෙන්ති ප්‍රතිචාර මත පදනම්ව සෙවීම් සංග්‍රහය (ෆීඩ් වල) ලෙස නම් කරන ලදී. ෆේස්බුක් පිටු වෙතින් මිනිසුන්ගේ පෞද්ගලික ෆේස්බුක් පැතිකඩක් වන සමාගම්වලට, ජනප්රියත්වයට හා වෙළඳ නාම සඳහා ප්‍රසිද්ධ පැතිකඩ පෙන්වීමයි.

    පුවත්පත් සංග්‍රහ දෙකකට බෙදා වෙන් නොකිරීමට තීරණය කිරීම මෑත වෙනස්කමක් වූ ෆේස්බුක් විසින් ඔවුන්ගේ ප්‍රවෘත්ති සංග්‍රහයේ පරිශීලකයන් පෙන්වන ආකාරයේ අන්තර්ගතයන් වෙත ය. ජනවාරියේදී ෆේස්බුක් පැවසුවේ ප්‍රධාන පුවත් ප්‍රවෘත්ති මගින් මිතුරන්ගේ  පින්තූර මෙන්ම අඩු අලෙවිකරණ අන්තර්ගතයන් සහ ප්‍රවෘත්ති ලිපි වැනි තවත් පවුල්වලට හිතකාමී පෝස්ට් පෙන්වනු ඇත.

    මෙහි ඉලක්කය වූයේ ෆේස්බුක් හි අනෙක් පුද්ගලයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා මිනිසුන්ව පොලඹවා ගැනීමට බවයි මාක් සර්ක්බර්ග් ප්‍රධාන විධායක නිලධාරිවරයා විස්තර කරන්නේ. එය “අර්ථවත් සමාජ අන්තර්ක්‍රියා” ලෙස ඔහු විස්තර කරදී ඇත.

     

  • පළාත් පාළන ආයතන සඳහා තේරීපත් වූ සෑම මන්ත්‍රීවරයෙකුටම ලක්ෂ 50ක්… වැඩ කරල පෙන්නුවොත් 100 දක්වා

    පළාත් පාළන ආයතන සඳහා තේරීපත් වූ සෑම මන්ත්‍රීවරයෙකුටම ලක්ෂ 50ක්… වැඩ කරල පෙන්නුවොත් 100 දක්වා

    පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට කොට්ටඨාෂයේ සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට කටයුතු සකස් කරන බවත් ඔවුන් එම මුදලින් හොඳින් වැඩ කරනවා ද කියා සොයා බලා වංචා දූෂණ නැතිව හොඳින් වැඩ කගහොත් ඒ අයට ලක්ෂ 100 ක මුදලක් දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (01) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ගිරිතලේ ජනපද කනිෂ්ඨ විද්‍යාලයට “පිබිදෙමු පොළොන්නරුව” සංවර්ධනන වැඩසටහන යටතේ ලබා දී ඇති රුපියල් ලක්ෂ 60 ක වියදමින් ඉදි කරන ලද නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය. 

    මේ කටයුතුවලදී තමන් බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙක් අතින්ම එම කටයුතු අවංකව, හොඳින් ඉටු වෙනවා ඇතැයි යන්න බවද දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව එදත් කටයුතු කළ බවත් අද මෙන්ම හෙටත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන බවත්  ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
  • ගෑස් වල ගෑස් බලන්න වෙයිද ?

    ගෑස් වල ගෑස් බලන්න වෙයිද ?

    පසුගියදා මෙරට ගෑස් සමාගම් 2ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් ඉහළ නංවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

    ජීවන වියදම් කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේ ගෑස් සමාගම් කළ අදාළ ඉල්ලීම සලකා බලා ඇති අතර එහිදී ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි පවතින වෙනස්කම් හා මෙරට ගෑස් වෙළෙඳපොළ පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සපයන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබා දී ඇති අතර  අදාළ වාර්තාව ලැබීමෙන් පසු ගෑස් මිල වැඩි කිරීමට කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
  • විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද සිට වර්ජනේ

    විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද සිට වර්ජනේ

     ඇමති මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව වුවද තම ගැටලු සඳහා නිසි විසදුම් ලැබෙනු ඇති බවට අපේක්ෂා නොකරන බැවින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාලවල අද (28) දින සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්  ආරම්භ කරන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති කමිටුවේ සම කැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කර සිටී.
  • පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

    පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ

    පසුගිය දින 2ක කාලය තුළ පැවති වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 114,600ක් ලෙස ඉහළ යාමත් සමග ඊයේ දිනයේදී වාන් දොරටු 4ක් විවෘත කෙරුණු අතර මේ වන විට එය වාන් දොරටු 8ක් දක්වා ඉහළ නංවා තිබේ.
    මේ වන විට පරාක්‍රම සමුද්‍රයෙන් මුදාහරින ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 1380ක් බව පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා සඳහන් කරයි.
  • අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වෙලා

    අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වෙලා

    බැඳුම්කර හොරකමේ මූලික සැකකරුවකු වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල (කුරියර් සේවය) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

    ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට  බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

  • මේ සතිය ඔබට කොහොමද? (පෙබ. 26 – මාර්තු 04)

    මේ සතිය ඔබට කොහොමද? (පෙබ. 26 – මාර්තු 04)

    මේෂ – ලද පමණින් සතුටු වන්න 
    තම තත්ත්වය උසස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කිහිපයක් ඉස්මතු කරගෙන කටයුතු කරයි. අලුත් අමුතු වැඩකටයුතු කිහිපයක් ආරම්භ කරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. යම් යම් පීඩා ඇතත් දියුණුව ලබයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. මිල මුදල් ලැබුණ ද වියදම් පක්ෂය ද ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් හිතුවක්කාරී ගති ඉස්මතු වේ. විටෙක ගුරුවර වැඩිහිටියන්ගේ උපදෙස් සුළුකොට සිතයි. ස්වකීය උත්සාහය තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනී. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.ජය වර්ණය- රතු, ජය අංකය- 09

    වෘෂභ – වියදම් අධිකයි 
    සෙනසුරු, රාහු, කේතු, ගුරු ගමන් එතරම්ම ශුභදායක නැත. ඒරාෂ්ටක තත්ත්වයක් ද උදා කර ඇති නිසා අන්‍යයන් සමග කටයුතු කරගෙන යාමේ දී කල්පනාකාරි විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී සුළු සුළු බාධා අවහිරතා නැත්තේ ද නොවේ. උසස් නිලධාරීන්ගේ අවධානය තමාට එල්ල වන නිසා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වුවත් විටින් විට මිල මුදල් වියදම් වීම් අධිකයි. ගෙදරදොර කටයුතුවල දී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අය ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැක.ජය වර්ණය- නිල්, ජය අංකය- 06

    මිථුන – නව ආදායම් මාර්ග 
    ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නැත. තමාගේ උත්සාහය තුළ ආදායම් මාර්ග කිහිපයක් පාදා ගනී. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු වේ. වචන පාවිච්චියේ දී වඩාත් කල්පනාකාරී විය යුතුයි. සමගියට සාමයට බාධා එල්ල වනු ඇත. වෘත්තීය සහ රැකියා කටයුතු කරගෙන යාමේ දී ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සමාජීය කටයුතුවලට හිත ඇදී යයි. ඒ තුළ සමගිය සාමය සුරක්ෂිත වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.ජය වර්ණය- කොළ, ජය අංකය- 05

    කටක – බාධා මැද සාර්ථකත්වය 
    ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අයහපත් නොවේ. ස්වකීය උත්සාහයෙන් විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. ආදායම් ලැබිම අතින් අයහපත් නොවුණ ද විටෙක වියදම් පක්ෂය ඉහළ යනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටෙක බාධා අවහිරතා ඇතත් ස්වකීය උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක. ගෙදරදොර කටයුතුවල දී විටින් විට සුළු වශයෙන් හෝ සමගිය සාමයට බාධා එල්ල විය හැකි නිසා තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. වෙහෙසකාරී ගමන්බිමන් බහුලයි.ජය වර්ණය- ක්‍රීම්, ජය අංකය- 02

    සිංහ – ආර්ථිකය ශුභයි 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී සුළු සුළු බාධා අවහිරතා නැත්තේද නොවේ. දියුණුවක් ද ලැබිය හැක. උසස් අයගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබා ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට නම් උත්සාහයේ පල ලබා ගැනීම අසීරු වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයන්හි නියුක්ත අයට ස්වකීය උත්සාහය තුළ කිසියම් යහපත් ප්‍රතිඵලයක් උදා කර ගත හැක. ගමන්බිමන් කිහිපයක්ම යෙදේ.ජය වර්ණය- රතු, ජය අංකය- 01

    කන්‍යා – දියුණුවක් ලැබේ 
    බලා‍පොරොත්තු කිහිපයක් ඉෂ්ට සිද්ධ වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ මෙන්ම අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දියුණුවක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි ගෙන දේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ද ශුභදායකයි. ආදායම් මාර්ග කිහිපයක්ම අලුතින් උදාකර ගනී. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආගමික සහ සමාජීය අංශවලට යොමු වේ.ජය වර්ණය- කොළ, ජය අංකය- 05

    තුලා – ශුභා’ශුභ මිශ්‍රයි 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී ඔබ බලා‍පොරොත්තු වන තරමට ශුභදායී වාතාවරණයක් උදා නොවේ. බාධා, ගැටලුකාරි තත්ත්වයන් උදා කළ හැකි බැවිනි. එම නිසා හැම විටම ඉවසිලිමත්ව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත් වේ. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබා ගනී. ගෙදරදොර කටයුතු සාමාන්‍ය වේ. දරවන්ගේ කටයුතු ද යහපත්ය. උත්සවවලට ආගමික අංශයේ කටයුතුවලට සහභාගි වේ. ඒ තුළ සහනයක් ද සැනසීමක් ද ලබයි. කෙටි ගමන්බිමන් කිහිපයක් යෙදේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. විටෙක සංකීර්ණ රෝග බලපායි.ජය වර්ණය- නිල්, ජය අංකය- 06

    වෘශ්චික – උත්සාහයෙන් දියුණුව 
    ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. අවහිරතා බාධා ඉස්මතු වුව ද මිල මුදල් ලැබිම ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදා වේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු යහපත් වේ. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. අන්‍යයන්ගේ සහාය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. නමුත් යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේ දී තරමක් විමසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. ඒ තුළ පමණක් සමගිය සාමය උදා කරගත හැක. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන කටයුතු යහපත්ය. ස්වකීය උත්සාහය තුළ ආදායම් වර්ධනය කරගත හැක. කෙසේ වුවත් ගමන්බිමන් කටයුතුවල දී ප්‍රවේශම් විය යුතුයි.ජය වර්ණය- රෝස, ජය අංකය- 09

    ධනු – රැකියා කටයුතු කල්පනාවෙන් 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදු වේ. විටෙක දෝෂාරෝපණවලට ලක්වනු ඇති නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. විරුද්ධවාදීන්ගේ අභියෝගයන්ට මුහුණ පෑමට සිදු වේ. මිල මුදල් ලැබිම අතින් එතරම්ම අශුභදායක නොවේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග විවර වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී තරමක් විමසිලිමත්ව ද, බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක.ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

    මකර – දියුණුවෙන් සතුට 
    ක්‍රමයෙන් දියුණුවක් ලැබිම නිසා සිත් සතුටට කරුණු යෙදේ. යහපත් දේ සහ ප්‍රයෝජනවත් දේ සොයා ගැනීමට ඉඩ ලැබේ. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථක කරගත හැක. මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී තරමක් කල්පනාකාරී වන්න. කෙසේ වුවත් විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි උදා කර ගන්නා බව ද කිව යුතුයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කිසියම් මට්ටමක දියුණුවක් ලබයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැක.ජය වර්ණය- නිල්, ජය අංකය- 06

    කුම්භ – බාධා මැද දියුණුව 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී විටින් විට බාධ අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ ක්‍රියා කිරීමට සිදුවුවත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැකි බව කිව යුතුයි. කෙසේ වුවත් අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. මිල මුදල් ලැබිම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල නියුක්ත අයට වඩාත් ශුභදායක වනු ඇත. ලාභ ප්‍රයෝජන සහිතයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.ජය වර්ණය- නිල්, ජය අංකය- 08

    මීන – අනපේක්ෂිත වියදම් 
    වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී යම් යම් බාධා අවහිරතා මධ්‍යයේ තමාගේ කටයුතුවල නියුක්ත විය යුතුයි. ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද තම කටයුතු කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් තදබල අහිතකර තත්ත්වයක් උදා නොකළත් මිල මුදල් සම්බන්ධ ගැටලුවලට මැදිහත් විය හැක. අනපේක්ෂිත සිදුවීම් ඉස්මතු වීම තුළ මුදල් වියදම් පාලනය කර ගැනීම අසීරු වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවල දී ද තරමක් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ.ජය වර්ණය- රන්වන්, ජය අංකය- 03

  • බස් හිමියෝ ඩීසල් වෙනුවට භූමිතෙල් ඉල්ලති

    බස් හිමියෝ ඩීසල් වෙනුවට භූමිතෙල් ඉල්ලති

    දැනටත් රටේ බහුතරයක් හොර රහසේ බස්රථ ධාවනයට භූමිතෙල් භාවිතා කරන බවත් එවැනි බස්හිමියන් බස් කර්මාන්තයෙන් ලාභ ලබන බවත් බස් රථ ඇන්ජිමට භූමිතෙල් නිසා හානිදායක තත්ත්වයන් ඇති නොවන නමුත් තවත් අමතර කොටස් කිහිපයකට භූමිතෙල් අහිතකර විය හැකි  වුවත් භූමිතෙල් භාවිතා කිරීම නිසා දෛනිකව ලබන ලාභයෙන් එම අමතර කොටස්වලට යන වියදම පියවාගත හැකි බැවින‍් බොහෝ කාලයක සිට බස් හිමියන් හොර රහසේ කරන ලද මෙම ක්‍රියාව නීත්‍යානුකූලව ඉටුකර ගැනීමට අවසර දෙන ලෙසත් එසේ වුවහොත් මෙම වසරේ බස් ගාස්තු වැඩිවීමක්ද අවශ්‍ය නොවන බවත් ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (25) කියා සිටියේය.

     

  • ලොව ශක්තිවන්තම ස්ත්‍රී ලිංගය හිමි කාන්තාව මෙන්න

    ලොව ශක්තිවන්තම ස්ත්‍රී ලිංගය හිමි කාන්තාව මෙන්න

    ලොව ශක්තිමත්ම ස්ත්‍රී ලිංගයට හිමිකම් කියන්නේ Tatyana Kozhevnikova නම් රුසියානු ජාතික තරුණියකි. ඇය මේ වනවිට නිළ නොවන වශයෙන් ලොව ශක්තිමත්ම ස්ත්‍රී ලිංගය හිමි කාන්තාව ලෙස නම් දරා තිබෙනවා.
    දැව මගින් සාදන ලද කුඩා බිත්තරයක් තම ලිංගයට ඇතුලත් කර ඒ ආධාරයෙන් විවිධ බර මට්ටම් වල වස්තූන් ඔසවා බිත්තරය ගිලිහි නොයන සේ ලිංගයේ මාංශපේශි මගින් තද කරගෙන සිටීමෙන් මෙලෙස ඇය නිල නොවන ලෝක වාර්තාවක් තබා තිබෙනවා.
    2009 වසරේ ඇය රාත්තල් 31 ක බරක් මෙලෙස ඔසවා මෙම වාර්තාව පිහිටුවා ඇති අතර ගිනස් ලෝක වාර්තා වර්ගීකරණයේ මෙවැනි අංගයක් නොමැති නිසා මෙලෙස ඇයගේ වාර්තාව නිළ නොවන වාර්තාවක් වූ බවද සඳහන් වෙනවා.
    මෙලෙස තම ලිංගයෙන් බර දරා සිටීමට ඇය වසර 20 ක පමණ කාලයක් පුරා පුරුදු පුහුණු වී තිබෙන බවද සඳහන්..
    ජයාරූප පහතින්…

  • මට මාසයක්වත් නිදහසේ ඉන්න දෙන්න

    මට මාසයක්වත් නිදහසේ ඉන්න දෙන්න

    මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ (22දා) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ  ඔහුට අඩුම තරමේ මාසයක කාලයක් වත් විවේකයෙන් සිටීමට අවශ්‍ය බවයි. 
  • වෛද්‍ය විද්‍යාවේ තවත් විස්කමක්… ලොව ලොකුම මොලයේ ගෙඩිය’ ඉවත්කරයි..

    වෛද්‍ය විද්‍යාවේ තවත් විස්කමක්… ලොව ලොකුම මොලයේ ගෙඩිය’ ඉවත්කරයි..

    තිස් එක් වියැති පුද්ගලයෙකුගේ මොලයේ හටගත් කිලෝග්‍රෑම් 1.8 ක් බරැති ගෙඩියක් සැත්කමකින් ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ.

    මෙය ලෝකයේ දැනට වාර්තා වී ඇති විශාලතම ‘මොලයේ ගෙඩිය’ බව සඳහන් වෙයි.

    පෙබරවාරි 14 වැනිදා මුම්බායි නුවර රෝහලක සිදු කළ මෙම සැත්කමට පැය හතක කාලයක් ගත වී තිබේ.

    සැත්කමෙහි පැවති අවදානම් තත්වය හේතුවෙන් එය සිදුවන අකාරය ප්‍රසිද්ධ නොකිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

    ස්නායු ශල්‍ය වෛද්‍ය ත්‍රිමුර්ති නද්කාර්නි පැවසුවේ “දැන් තියෙන්නේ සුවය ලැබීම. හැබැයි ඔහු දැන් අවදානම් තත්වයෙන් ඈත් වෙලා,” බවය.

    උතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙසෙන සාප්පු සහායකයෙකු වන සන්ත්ලාල් පාල් ඔහුගේ මොලයේ හටගත් ගෙඩියෙන් වසර තුනක් පමණ පීඩා විඳ ඇත.

     100138282 tumour1

    සුවය ලබමින් සිටින සන්ත්ලාල් පාල් සහ ඔහුගේ බිරිඳ

    මොලයේ ගෙඩිය හේතුවෙන් පාල්ගේ ඇස් පෙනීම නැති වී ඇතත්, ක්‍රමයෙන් සුවය ලබද්දී පෙනීම නැවතත් ලැබෙනු ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.

    මෙම ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීම රෝහල් තුනක වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ බව පාල්ගේ බිරිඳ පැවසුවාය.

    “මේවගේ සැත්කම් ඉතා අවදානම්” වෛද්‍ය නද්කාර්නි පැවසුවේය.

    සැත්කම අතරතුර පාල්ට රුධිර ඒකක එකොළහක් ලබාදීමට සිදු වූ අතර, සැත්කමෙන් පසු දින කීපයක් හුස්ම ගැනීම පහසු කරන උපකරණයකට සම්බන්ධ කර තැබීමට සිදු වූ බව වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

  • විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට

    විගණකාධිපති වෙනුවෙන් වෘත්තීය සමිති පෙරට

    රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බැවින් අසත්‍ය චෝදනා එල්ල කර විගණකාධිපතිවරයාගේ වැඩ කටයුතු අඩපණ කිරීමට හා විගණකාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සඳහා එම පිරිස් වැඩ කටයුතු සිදුකරමින් තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි.

    මේ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති එක්ව අද (23දා) පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනබවත්, එම ක්‍රියාමාර්ගයටද ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටී.

  • දැන හෝ නොදැන කරන මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදයට උඩගෙඩි දීමක්

    දැන හෝ නොදැන කරන මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ බෙදුම්වාදයට උඩගෙඩි දීමක්

    .

    විදේශීය බලවේගවල රූකඩයක් වී නැටවෙන වත්මන් ආණ්ඩුව අස්ථාවර කළයුතුයැයි පසුගිය මැතිවරණයේදී ජනතාව ප්‍රකාශ කර තිබෙන බවත්,එය පිළිගැනීමට භික්ෂූන් වහන්සේලා සූදානම් විය යුතු බවත් වත්මන් ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයැයි  මහනායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා බවත් ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ ඊයේ(22දා) ප්‍රකාශ කලේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමියෝ,

    “මේ දවස්වල මහනායක හිමිවරු ඇතුළු සංඝයා වහන්සේලා,ජනතා විමුක්ති පෙරමුණ වගේ දේශපාලන පක්ෂ මේ ආණ්ඩුව අස්ථාවර කරන්න එපා කියාගෙන යනවා.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් ජනතාව දීපු උත්තරය වුණේ ආණ්ඩුව අස්ථාවර කළ යුතුයි කියලා.බොහෝ දෙනා නොදන්නවාට මේ ආණ්ඩුව අස්ථාවර නොකර ස්ථාවරව තියාගැනීමේ ප්‍රබලම අවශ්‍යතාව තියෙන්නේ විදේශ බලවේගවලට හා දෙමළ බෙදුම්වාදීන්ට.මහනායක හාමුදුරුවෝ වුණත්,අනෙක් සංඝයා වහන්සේලා වුණත්,මේ ආණ්ඩුව අස්ථාවර නොකළයුතුයි කියන්නේ විදේශ බලවේගවල හා දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා.ඒක දැන කරනවද, නොදැන කරනවද කියලා අපි දන්නෙ නෑ.නමුත් මේ රටේ හාමුදුරුවරු හැටියට යමක් කියනවා නම් වගකීමක් ඇතිව කියන්න ඕන.අපි දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් කරලා එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා රනිල් වික්‍රමසිංහ හොරෙක් කියලා ඔප්පු කළොත් ගෝල්ෆේස් එකේ බෙල්ල කපාගන්නවා කියලා.මේක විලිලැජ්ජ නැති කතාවක්.මේ සංඝයාවහන්සේලාද සිවුරු දරාගෙන ඉන්නේ කියන සැකය තියෙනවා.අඩුගාණේ මම සිවුරු අරිනවා කියලා කිව්වනම් ඒක කමක් නැහැ.රනිල් වික්‍රමසිංහ මහතා හොරෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි.බැඳුම්කර වංචාවේ මූලික විත්තිකාරයා රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවේ රනිල් වික්‍රමසිංහ.අර්ජුන් මහේන්ද්‍රන්ගේ මූලිකත්වයෙන් කමයි බැඳුම්කර මහහොරකම සිදුවුණේ.ඒ නිසා ඒ හොරකම කරන්න මූලිකයා වුණේ රනිල් වික්‍රමසිංහ.දැන් අපි ඒ උන්නාන්සේට කියනවා බෙල්ල කපාගන්න කියලා.මේ ගොල්ලෝ හදන්නේ ආණ්ඩුවෙන් සල්ලි දීලා හරි කමක්නැහැ මොනවාහරි කරලා මාධ්‍ය සාකච්ඡා පවත්වලා ආණ්ඩුවට පක්ෂව කරුණු කියන්න.ප්‍රාදේශිය සභා මැතිවරණයෙන් පැහැදිලිව ආණ්ඩුවට විරුද්ධව වැඩි ඡන්ද ප්‍රමාණයක්  මහජනතාව ප්‍රකාශ කළා.නමුත් දැන් ආණ්ඩුව කරන්නේ ජනමතයට ඇහුම්කන් දෙන එක නෙමෙයි.මේක රූකඩ ආණ්ඩුවක් නිසා මේ අයට ජනමතයට ඇහුම්කන් දෙන්න බැහැ.සාමාන්‍යයෙන් රඟපෑමක් කරනවා නම් නළුවෝ නිළියෝ වේදිකාවට ඇවිත් රඟපෑම් කරන්නේ.දැන් මේ සිරිසේන රනිල් රඟපෑමක් නෙමෙයි කරන්නේ.ඒගොල්ලො රූකඩයෝ.සී.අයි.ඒ. එකයි රෝ එකයි, දෙමළ බෙදුම්වාදීන්,ඩයස්පෝරාව පිටුපස්සෙන් ඉඳගෙන මේ රූකඩ ටික නටවනවා.ඒ නිසා මේ ආණ්ඩුවට රඟපෑම් කරන්නවත් බැහැ.ඒ රූකඩ ආණ්ඩුව ස්ථාවර කරන්න කියලා කියන්න පුළුවන් මොන මෝඩයටද?ඒ නිසා භික්ෂූන් වහන්සේලා හැටියට යමක් ප්‍රකාශ කරනකොට කරුණු දැනගෙන හරියට ප්‍රකාශ කරන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.බලයට රැවටිලා පන්දම් අල්ලන්න එපා කියලා මහනායක හිමිවරු ඇතුළුව  භික්ෂූන් වහන්සේලාට මතක් කරනවා.මහානායකකමත් එක්ක නුවණ ලැබෙන්නැහැ.ඒක අපි තේරුම් ගන්න ඕන.තනතුරක් ලැබුණට නුවණ ලබෙන් නැහැ” යනුවෙන් පවසා සිටියහ.

  • විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි

    විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි

    කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් ඇවනිවු හි සුවිසල් මන්දාරයක වසර 28ක කාලයක් කුලී පදනම මත පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු සහ එහි සිටි නිවැසියන් එළියට ඇද දමා මැරයන් පිරිසක් විසින් එම නිවස අල්ලාගෙන ඇතැයිඑම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

    පෙරේදා (20) දා මෙම සිදුවීම සිදුව ඇති අතර මේ මැර පිරිස විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත.

    මෙම මැර පිරිස් මීට පෙර මේ ව්‍යාපාරිකයාට මේ නිවසින් ඉවත්වන ලෙස කිහිප අවස්ථාවකදී තර්ජනය කර ඇති අතරව්‍යාපාරිකයා ඇතුළු පිරිස නිවසින් ඉවත් නොවූ නිසා මෙලෙස පැමිණ එහි නිවාසියන්ට පහරදී එම මන්දිරය අත්පත්කර ගෙන තිබේ.මැර පිරිසේ පහර කෑමට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවද පැවසේ.