දකුණු ආසියානු කලාපයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මැඬ පැවැත්වීමේ අරමුණින්, එම කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කලාපීය මධ්‍යස්ථානය (South Asian Regional Intelligence and Coordination Centre – SARICC) ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට යෝජනා වීමත් සමඟ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල පරිශ්‍රය තුළ එය තාවකාලික වශයෙන් ස්ථාපිත කිරීමටත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Category: සුපිරි News
-

ටැබ් වලට වෙන් කළ මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන්
උසස් පෙළ සිසුන් එක් ලක්‍ෂ හැත්තෑ දහසකට සහ ගුරුවරුන් තිස් දහසකට ටැබ් පරිගණක ලබදීමට 2017 අයවැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කෙරුණු අතර එම ව්‍යාපෘතිය පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්හිටවනු ලබුවේ එම මුදල් පාසල් සංවර්ධනය සඳහා යෙදවීම යෝග්‍ය බව පවසමිනි.
එබැවින් එම මුදලින් කොටසක් ගුරුවරුන්ගේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය යුතු බව අධ්‍යාපනඥයින් පවසයි.
-

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන් කොතලාවල ආක්ෂක විෂ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම තීරණය කර ඇත.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දැනට ඉගෙනුම ලබන දහසක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා ඒ අනුව මෙම ඇතුළත් කරගැනීම සිදු කිරීමට මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.
-

ලංකාවෙ පවුල් 52 ලක්ෂයකට වාහන 71 ලක්ෂයක්
මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විවාදයට ගැනුන අතර එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ කියා සිටියේ රට තුළ ලියාපදිංචි මෝටර් වාහන හැත්තෑ එක් ලක්ෂයක් පමණ ඇති මුත් දැනට මෙරට සිටින පවුල් ප‍්‍රමාණය පනස් දෙලක්ෂයක් පමණ වන බවයි .
-

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ශ්‍රී ලංකා රජයට තවත් බලපෑම් එල්ලකරනු ඇතැයි විචාරකයෝ කියා සිටී
ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු 2ක් සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමට නියමිත බවත් එම කරුණු සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ද නියමිත බවත් ජගත් මානව හිමිකම් කවුන්සිලය පනවසා ඇත.
ලබන 26 වනදා 37 වන සැසිවාරය ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත බැවින් අදාළ විවාදය ලබන මාර්තු 16 වනදා සිට 21 වනදා දක්වා යෙදී ඇති අතර ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වෙනස් කම් හා වත්මන් තත්ත්වයන් පිළිබඳව 16 වනදා විවාදයට ගැනීමට නියමිත ඇති බව සඳහන් වේ.
එමෙන්ම 21 වනදා පැවැත්වෙන විවාදයේ දී මානව හිමිකම් කවුන්සිලය විසින් ලබාදුන් තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කටයුතු කර ඇති ආකාර හා එහි ප්‍රගතිය සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමටත් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙයින් විසින් ඒ පිළිබඳව වාචික පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවත් ජගත් මානව හිමිකම් කවුන්සිලය විසන් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වර්ධනය කිරිම හා සිදුවූ බවට කියන මානව හිමිකම් කඩවීම් නිවැරදි කර ගැනීම සඳහා මෙන්ම වගවීමේ ක්‍රියාවලීය ශක්තිමත් කිරිම වෙනුවෙන් වසර 2ක කාලයක් ලබාදී තිබු අතර මේ වන විට ඉන් වසරක් ගතවී ඇති බැවින් මෙම ප්‍රගති සමාලෝචනය සිදුකිරිමටත් නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ පරිදි සංහිඳියාව හා වගවීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉටුකර නොමැති බවටයි චෝදනා එල්ල වී ඇති අති අතර මෙම ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ශ්‍රී ලංකා රජයට තවත් බලපෑම් එල්ලකරනු ඇති බව විශ්ලේෂකයින් පෙනවා දී ඇත.
-

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය මඩවල උපාලි හිමියන් නිපදවූ මෝටර් රථයට පේටන්ට් බලපත්‍රයක්
බණ්ඩාරවෙල. කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිපදවන ලද නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ.
සූර්යය ශක්තිය, විභව ශක්ති, ප්‍රතිප්‍රාප්තිය මූලධර්මය හා විද්‍යුත් ප්‍රතිගාමක බලය උපයෝගී කරගෙන මෙම නිපැයුම සිදුකළ බව උපාලි හිමියෝ පවසති.
මෙය සූර්යය ශක්තියෙන් ක්‍රියාකරන බවත්,ධාවනයේදී ඇති විභව ශක්තිය හා තිරිංග යෙදීමේදී ක්‍ෂය වන චාලක ශක්තියද නැවත විද්‍යුත් ශක්තිය බවට හරවා එම ශක්තිය නැවත බැටරියවෙතම ගබඩා කර භාවිතයට ගැනීම මෙහි විශේෂත්වයක් බවද උන්වහන්සේ සඳහන් කරති. දැනට ලෝකයේ බරපතළ ප්‍රශ්නයක් වන ගෝලීය වායු දූෂණයට හා උණුසුමිකරණයට සෘජුව බලපාන කාබන්ඩයොක්සයිඩ්, සල්ෆඩයොක්සයිඩ් ආදී විෂ වායු පිට නොකිරීම මෙම රථයේ ඇති තවත් විශේෂත්වයකි.
ඇවිදීමේ අපහසුතාවන් ඇති සියලු දෙනාට මෙන්ම ව්‍යාපාරික පරීශ්‍රයේ නිතර එහාමෙහා ගමන් කරන නිලධාරීන්ට හා. කාර්යමණ්ඩලයට මෙම රථ මනා පිටිවහලක් වන බවද උන්වහන්සේ පෙන්වා දෙති.
සාමාන්‍ය ගමනාගමනයට වුවද, වියදම් රහිතව මෙම රථය යොදාගත හැකිය. උපරීම වේගය පැයකට කිලෝමීටර් 30කි. පුද්ගලයන් දෙදෙනෙකුට මෙහි පහසුවෙන් ගමන් කළ හැකිය.පැවිදි වීමට පෙර උන්වහන්සේ විදයා ගුරුවරයෙකි. තම ආරණ්‍ය සේනාසනයේ සිට විවිධ පර්යේෂණවල යෙදෙන උපාලි හිමියන් චතුර දේශකයාණන් වහන්සේ නමක ලෙසද ප්‍රකටය.
-

තුන්රෝදයත් බදු වලින් මිරිකිලා… බදු අඩු නොකලොත් ගාස්තු ඉහල දානවා
ගෙවීගිය කාලය බදු ඉහළ දැමීම හේතුවෙන් ත්‍රිරෝද රථ සහ අමතර කොටස් මිල 150% ඉහළගොස් තිබෙන බවත්, මාසයක කාලයක් තුළ බදු සහන ලබා දී අමතර කොටස් සහ ත්‍රිරෝද රථ මිල අඩු නොකළහොත් මාර්තු 26 වැනිදා සිට ගාස්තු ඉහළ දමන බවත් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මේ අනුව මාර්තු 26 වැනිදා සිට දැනට දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන රුපියල් 40ක මුදල රුපියල් 50ක් බවට පත් කරීමට සිදුවන බවත් ඒ අනුව ත්‍රිරෝද රථ මගීන්ට ලැබී තිබූ එකම සහනය අහෝසි වී යන බවත්, එදින සිට පළමු කිලෝමීටරයේ සිට ගමනාන්තය දක්වා වූ සියලුම කිලෝමීටර්වලට රුපියල් 50 බැගින් අයකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
-

උසස්පෙළ සිසුන්ගේ හා ගුරුවන්ගේ ටැබ් සිහිනයට වැට බැඳේ
උසස්පෙළ සිසුන්ට හා ගුරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4ක මුදලක් වැය කිරීමට නියමිතව තිබිණි.නමුත් ඊයේ(21)පැවති කැබිනට් හමුවේදී ජනපතිවරයාගේ අදහස වී ඇත්තේ මෙම අවස්ථාවේදි එවැනි විශාල මුදලක් වැය කිරීම සුදුසු නොවන බවයි.එබැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීමට තීරණය වී ඇත.
-

සනී ලියෝන්ගේ සරාගී පින්තුරයක් ගොවිබිමේ ලොකුවට ගහපු ගොවියට වෙච්ච දේ මෙන්න…
මිනිසුන් තම වගාවන් වැඩි කරගැනීමට,අස්වැන්න සාර්ථක කරගැනීමට විවිධ උපක්‍රම යොදාගන්නවා. තම වගාවන් ආරක්ෂා කරගැනීමටත් විවිධ දේ කරනවා.
නමුත් ගොවියෙකු තම විශාල වගාබිමේ සුවිශාල කාන්තා රුවක බැනරයක් සවිකර තිබුනා. එහි සිටියේ ජනප්‍රිය නිළියකි.
ටිකක කාලෙකින් ඔහුගේ වගා බිමේ පලදාවට සිදුවුයේ නොසිතු දෙයකි. ඔහු ඒ ගැන පැහැදිලි කළා. බලන්නකෝ ඔහු කීව විශ්මිත කතාව. -

කසල ප්‍රශ්නය විසඳනකල් සියඹලාණ්ඩ්වේ හිමිනමක් මාරාන්තික උපවාසක
ප‍්‍රදේශවාසීන් සහ විවිධ පුද්ගලයින් විහාරස්ථානය ඉදිරිපිටට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් සියඹලාණ්ඩුව මහකළුගොල්ල ශ‍්‍රී තල්නාලෙන් අසපුවේ හිමි නමක් ඊයේ (19) දහවල් සිට සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන බව වාර්ථා වී ඇත.විහාරස්ථානය ඉදිරිපිටට බැහැර කරන කසල ඉවත් කිරීමට ප‍්‍රාදේශීය සභාව කිසිදු පියවරක් නොගන්නා බව එම හිමි නම පවසන අතර මෙම ගැටලූවට නිසි විසඳුමක් ලබා දෙන තුරු උපවාසය අත්නොහරින බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටී -

ගිරාඹේ ආනන්දහිමියෝ අපවත්වෙති
අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී ඇත.
අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියේ පසුවූ උන්වහන්සේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
-

2016 ට වඩා 2017 මත්ස්‍ය නිශ්පාදනය 2.3% කින් වැඩි වෙලා
මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙක්ට්‍රික් ටොන් 389,500ක් ලෙස 2017 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල සීමාව තුළ වාර්තා වූ බව ධීවර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව පෙන්වා දෙන අතර එම වාර්තාවට අනුව 2016 වසරේ අදාළ කාලසීමාවට අනුව මෙය 2.3% ක වර්ධනයකි.මෙම වර්ධනය සඳහා මෙරට ධීවර කර්මාන්තයේ ප්‍රධාන උප අංශයක් වන කරදිය ධීවර අංශය සියයට 86.2% ක දායකත්වයක් ලබාදී ඇති අතර මිරිදිය හා ජලජීවී වගාව ලබාදී ඇති දායකත්වය 13.8%කි. -

දණගැස්සවූවා යයි කියන විදුහල්පතිනිය ගිය වාහනය ප්‍රපාතයකට ඇද වැටේ
පසු ගිය දින වල ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගස්වනු ලබුයේ යැයි මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියට අදාළ විදුහල්පතිනිය සහ තවත් පිරිසක් පසුගිය 15 වැනිදා සාක්ෂි දීම පිණිස පාර්ලිමේන්තුවට ගොස් නැවත ඒමේදී විදුහල්පතිනියව රාගමින් බැස ඇති අතර ඉතිරි හත්දෙනා වෑන් රථයේ ආපසු පැමිණෙමින් සිටියදී රාත්‍රි 11.30ට පමණ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල හල්පේ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගොස් සුරතලී ඇල්ල පාමුල අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී තිබේ.සමනලවැව පොලිසිය එහි යන විටත් අනතුරට ලක්වූ සිවුදෙනකු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සිට ඇති අතර එක් අයෙක් ගුරුවරියකි.දැඩි ප්‍රපාතයකට පෙරළී ගොස් ජීවිත 7කට හානියක් සිදු නොවී තිබීම දෛවෝපගත සිද්ධික් බව ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රදේශවාසීහු පවසති. -

ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවේ… ඉදිරියේ විදුලි අර්බුදයක ලකුණු
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවී ඇති බව විදුලිබල හා පුනර්ජනීනය බල ශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.මේ අනුව කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 58.06ක් බවත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සියයට 62.9ක්, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 34.6, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 71.2ක්ද, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 48.6ක්ද සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 52.01 දක්වා අඩුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙන අතර දෛනික ජලවිදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැය 42ක් හා 43 වැනි ඉහළ අගයක් ගන්නා අතර එයින් සියයට 15-20ත් අතර ප්‍රමාණයක් ජලවිදුලි බලාගාරවලින් ලබාදෙන බවත් ඊට අමතරව විදුලිය නිෂ්පාදනය සඳහා මේ දිනවල තාප බලාගාර භාවිත කරන බවත් ඒ මහතා පැවැසීය. එමෙන්ම පාරිභෝගිකයා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය. -

වියළි කාලගුණය තව දුරටත්
මේ දිනවල ඉන්දියානු උප මහද්වීපය හරහා වියළි සුළං හැමීම සිදුවන නිසා මේ මස 23 වැනි දින දක්වා බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් හා ඊට අමතරව එම කාලය තුළදී බොහෝ ප්‍රදේශවලට උදේ කාලයේ සහා රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවත් 23 වන දිනෙන් පසු මෙම තත්ත්වය වෙනස් වී යම් තරමක වැසි ඇතිවිය හැකි බවත් කාර්යනියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කරයි.
-

ලිංගික පහස අතහැරීම නිසා අද සමාජයේ පැතිරෙන ලෙඩ රෝග ගැන විස්තරේ මෙන්න…
ලිංගික ආශාව ඇතිවීම මෙන්ම නිවැරදි සංසර්ගය නිරෝගි බවේ ලකුණක්. නමුත් දිගින් දිගටම සම්බන්ධතා නොපැවැත්වීම රෝග රැසකට මගපෑදිය හැකියි. මෙන්න ඉන් කිහිපයක්.
ස්ත්‍රි ප්‍රජනන මාර්ගයේ තරමක තද ගතියක් ඇතිවිය හැකිය
ඔබ කාන්තාවක් නම් ලිංගික පහස නොලබා දිගු කලක් සිටින විට ඔබේ යෝනි මාර්ගයේ මාංශ පේශී තරමක් තද ස්වරූපයක් ගනු ලබනවා. මේ සිද්ධිය සිදුවන්නේ සංසර්ගයේ නොයෙදෙන නිසා යෝනි මාර්ගයේ ඇති මාංශ පේශීහට ලිහිල් වීමේ ක්‍රියාවලිය සිදුවීමට අවස්ථාවක් නොලැබෙන නිසයි. මේ නිසා ඔබට සුළු වේදනාවක්ද ඇති වන්නට පුළුවන්. නමුත් ඔබ නැවතත් ලිංගික පහස ලබන්න සුදානම් වූ විට ඉතා ඉක්මනින් මේ මාංශ පේශී ලිහිල් වන්න පටන්ගන්නවා.
පිරිමි පුද්ගලයින්හට ප්‍රාණවත් නොවීමේ ගැටලු ඇති විය හැකිය
දිනපතා ලිංගික සංසර්ගයේ නොයෙදෙන පිරිමි පුද්ගලයින්හට දිනපතා ලිංගිකව එක්වන පිරිමි පුද්ගලයින්ට වඩා ශිෂ්ණය ප්‍රාණවත් නොවීමේ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. පිරිමි පුද්ගලයෙක් දිනපතා ලිංගික සංසර්ගයේ යෙදෙනවා නම් ශිෂ්ණයේ මාංශ පේශී ප්‍රාණවත් වී දිගු කලක් ශිෂ්ණය ප්‍රාණවත්ව තබාගන්නට පුළුවන්කම තිබෙනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය කඩා වැටේ
ලිංගික ක්‍රියාකාරිත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කරන බව විවිධ අධ්‍යයන මගින් තහවුරු කර තිබේ. ලිංගිකව එක් නොවුනත් ස්වයංවින්දනයේ නිරත වනවා නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසියාකාරව පවත්වාගෙන නිතර වැළඳෙන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගවලින් ලේසියෙන්ම ආරක්‍ෂා විය හැකි බව වාර්තා වී ඇත.
ලිංගික ආශාව අතුරුදන් වෙයි
මෙය විවිධ මතවාදවලට ලක්ව තිබෙන මාතෘකාවක්. ඇතැම් විශේෂඥයන් පවසන්නේ දිනපතා ලිංගිකව එක්වීම මගින් අති මහත් ලිංගික ආශාවක් පවත්වා ගන්නට හැකි වන බවයි. ලිංගිකව එක්නොවී වැඩිකලක් සිටීම මගින් මේ ලිංගික ආශාව තරමක් අඩු වී යන බවටයි විවිධ පුද්ගලයින් කරුණු දක්වන්නේ. නමුත් මෙය එකිනෙකාට වෙන්වුණු පෞද්ගලික කරුණක්.
මානසික ආතතිය ඉහළ යයි
මානසික ආතතිය දුරුකරගන්නට ඇති හොඳම මගක් තමයි ලිංගික පහස ලැබීම. ඔබත් නිතරම වාගේ ලිංගිකව එක්වනවා නම් මානසික ආතතිය නිසා ඔබට ඇතිවන අධි රැධිර පීඩනය පවා දුරුකරගෙන ආතතියකින් තොරව වඩා සාර්ථකව වැඩ කටයුතු කරගන්නට හැකියාව ලැබෙයි.
හදවත් රෝග
ඔබ දිනපතා ව්‍යායාම සිදුකරන පුද්ගලයෙක් වුවත් ලිංගිකව එක්වීම එයටත් වඩා ඔබේ ශරීරය මනාව සෞඛ්‍යය සම්පන්න කරනු ලබනවා. ලිංගික පහස ලැබීමෙදී මුලු සිරුරට ලැබෙන ව්‍යායාමය මෙන්ම එහිදි සිදුවන හෝමොන ක්‍රියාකාරිත්වය ඔබේ හදවත් සෞඛ්‍යයත් වර්ධනය කරන නිසා ඒ ආශ්‍රිතව ඇතිවන රෝගවලිනුත් ලෙහෙසියෙන්ම ගැලවෙන්නට පුළුවන්.

