මර්වින්ගේ පුත් මාලක අල්ලන්න වරෙන්තු
2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට වරෙන්තු නිකුත් කෙරුණු අතර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය.  

මත්පැන් සඳහා කාන්තාවක්ට තිබූ නීති ලිහිල් කල චක්‍රලේකය අවලංගු කරන්න එපා කියා කාන්තාවෝ උසාවි යයි
මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය 10 වනදා නිකුත් කල මත්පැන් අලෙවි සල්වල සේවය කිරීමට හා මත්පැන් අලෙවි සල්වලින් මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට අවසර ලබාදෙන ගැසට් පත්‍රය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා කාන්තාවෝ පිරිසක් ඊයේ (17) පස්වරුවේ ශේ්‍රෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගෙන ඇතැයි කියන කැබිනට්…

සම අයිතිය තිබුණා කියලා පුරුෂයින් කරන සෑම දෙයක්ම කාන්තාවන්ට ගැළපෙන්නේ නෑ… මෙවැනි නීතියක් අපේ රටේ තිබුන කියල කාන්තාවන් දැනගත්තෙත් මේ චක්‍ර‍ලේඛය නිසයි
මත්පැන් මිලදී ගැනීම විකිනීම පිළිබඳව කාණ්තාවන්ට තිබූ නීතිය ලිහිල් කරමින් මුදල් ඇමති විසින් ගෙන ආ චක්‍රලේකය ඉවත් කිරීමට ජනපති ගත් තීරණයට  විරෝධය දක්වමින්  කාන්තාවට පුරුෂයින්ට සමාන අයිතිවාසිකම් ලබාදීමට ව්‍යවස්ථාවට අනුව රජය බැදී සිටින බවත් එවැනි තත්ත්වයක් මත කාන්තාවන් ඉලක්ක කර මෙවැනි නීති පැනවීම අසාධාරණ බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක් ඊයේ(17)  කියා සිටියාය. අපේ රටේ…

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අගමැතිගෙන් උපදෙස්…ඉදිරි දින කිහිපය තුලදී නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
     ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාචිකව දැනුම් දුන් බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපය ඇතුළත දී පත්වනු ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(17) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.  “ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින…

පාර්ලිමේන්තු / පළාත් සභා මන්ත්‍රීන්ගේ තැපැල් පහසුකම ඩබල් වේ
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් පහසුකම 100% කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසරකට රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකමක් ලබාදෙන අතර එය මින් ඉදිරියට රුපියල් 350000ක් දක්වාත් පළාත් සභා මන්ත්‍රීවරයකුට වසරකට ලැබෙන රුපියල් 24000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 48000 දක්වා ඉහළ නංවා තිබේ.

සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නෙමෙයි යුධ අපරාදයක්… විග්නේශ්වරම් අපේ රණවිරුවන් අපරාධ කාරයින් කරයි
  2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෙසු රටවල අනුග්‍රහය ඇතිව ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ලක් රජය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් දිය යුතු බවත් යුද්ධ වකවානුවක සාපරාධි මනුෂ්‍ය ඝාතන සිදුකිරීම,මානව හිමිකම් කඩකිරීම හා…

මරුණත්කමක් නෑ කියල බෙල්ල දෙන්න ආපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගහන්නෙ කලගුණ දන්නැති අයයි
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද  (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය… ” මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.අපට ජනාධිපති අපෙක්ෂකයෙක් නැතිවෙලාවේ…

පොලීසියෙන් ගුටි දුන්නැයි කියා ලංකාවෙම විදුලි සේවකයෝ වර්ජනයක
ඊයේ(17) විදුලි බල මණඩල මූලස්ථානය ඉදිරිපිට දී  වැටුප් විෂමතා  ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් පැවති විරෝධය අතරේ විදුලි සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර අද(18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ  ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය. ලංකා විදුලි බල මණ්ඩලයේ…

ඔපරේෂන් 1 ඉවරයි මං අද ඔපරේෂන් 2 පටං ගත්තා
බැඳුම්කර වංඡාව ගැන සෙවීමට පත්කල කොමිසමේ නිර්දේශ ලැබිමත් සමගම පාර්ලිමේන්තුවේ සහ ඉන්පිටතත් මහජනයා අතරත් ඇත්තේ දැඩි නොසන්සුන්තාවයකි.ඒ අතර අද(17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් මෙසේ කියා සිටියේය. ‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද(17) ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ…

ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි
  පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට ‍පොලීසියට ලැබුණු තොරතුරක් මත ‍පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේදී තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට…

ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් විශේෂ සැමරුම් ප්‍රසංගයක්
ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් පැවැත්වෙන  විශේෂ සැමරුම් ප්‍රසංගයක් අද (17) ප:ව 6.30 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.  

දඹුල්ලේ  තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ එක වසරට ඇතුළත් වු දරුවන්ට පාසල් දිවියේ පළමු දිනම මඩුවක ඉගෙන ගන්න වෙයි
පළමු වසරේ  සිට පස්වැනි  ශ්‍රේණිය දක්වා  පන්ති පැවැත්වෙන වසර  1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ  ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත්  නොවීම සහ අබලන්  වීම නිසා   පාසලට  ඇතුළු වු  2018 පළමු  වසරේ දරුවන්ට  මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට  සිට පන්ති පැවැත්වීම සිදුව ඇත. මෙම දරුවන්ගේ  මව්පියන් හඬා වැටෙමින්  කියා සිටියේ  දහසක්  බලාපොරොත්තු පොදි බැඳගෙන මඩුවකට දරුවන්…

භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ විදුලිසෝපාන ක්‍රියාකරුගෙන් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි
රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම විදුලිසෝපාන ක්‍රියාකරුගේ කොලරයෙන් ඇද පොලිස්පතිවරයා පහරදීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය වසරේ මාධ්‍යයට නිකුත් විය. ඒ ගැන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසද්දී පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකිරීම නිසා එම සිදුවීම වූ බවයි. පොලිස්පතිවරයා ඔහුට බැණ වැදුණු නමුත් ඔහුට පහරදීමට උත්සාහ…

එකම පංසලේ හාමුදුරුවරු දෙනමක් පක්ෂ දෙකකින් පුංචි ඡන්දෙට
බෝලෑප විහාරයේ විහාරවාසී බෝලැපේ සුධම්ම හිමි හා හිදගොඩ ආනන්ද යන හිමිවරුන් මෙසේ පක්ෂ දෙකකින් නාම යෝජනා බාරදී ඇති අතර බෝලෑපේ සුධම්ම හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ද  හිදගොඩ ආනන්ද හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද පාත හේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට නාමයෝජනා බාර දී සිටිති.    බෝලෑපේ සුධම්ම හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි…

බැඳුම්කර වංඡාවේ චූදිතයින්ට නඩු ගොනු කිරීමට විශේෂඥ කණ්ඩායමක්
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිසමට යවා ඇති තිබේ.පිටු 1500 කට අධික ප්‍රමාණයක් ඇති අතර බැඳුම්කර ගනුදෙනු වලදී හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට අල්ලස් කොමිසම සිය…

ඒකාබද්දෙන් ගුටි කෑ මරික්කාර් ජනපතිට අපහාස කරයි
  මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කා ඔහුට කෙලියා වගේ අපේ පිහිටෙන් ජනාධිපති වී අපට කෙලින්නට හිතාගෙන ඉන්නා බවත් මහින්ද රාජපක්‍ෂගේ සාක්කුවෙන් පිට්පොකට් ගහගෙන විත් ජනාධිපති කල නිසා තමන් පිට්පොකට් ජනාධිපති කෙනෙක් බව සිහිතබා ගත යුතු බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා එක්සත් ජාතික පක්‍ෂ පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් පවසයි.   පසුගිය දිනකදී පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී…