මේ වසරේ ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස හයක හිඟ වැටුපද සමඟ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පනහකින් ඉහළ නැංවීමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.  ඒ අනුව අවම වැටුප් ලබන සේවකයාගේ දළ වැටුප සියයට 55කින් ද, උපරිම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 41කින්…

අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන මුදලින් රුපියල් 100ක මුදලක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගිණුමට බැර වන අතර එමගින් වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට දන්වා ඇත.එම මුදල හරියටම රුපියල් 443,445,900ක් ලෙස ගිණුම් කාරක සභා වාර්තවේ දැක්වේ.

ඉදිරියේදී පොලීසියේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා භාවනා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් පසුගියදා පවසන ලදී. හිටපු අධ්‍යාපන ලේකම් තාරා ද මැල් මහත්මිය සහ තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම කටයුත්තට මුල පුරා ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.…

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික වැවිලි නිශ්පාදන ලබන සඳුදා සිට ආනයනය තාවකාලිව තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇත.මෙරටින් යවන ලද තේ බහාලුමක තිබී එක් කුරුමිණියෙක් හමුවීමත් සමග එම පියවර ගැනීමට රුසියාව කටයුතු කර ඇත.උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් රුසියානු රජය සමග සාකච්චඡා කිරීම සඳහා වැවිලි කර්මාණ්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යාමට…

එපාපයේ සිට මහින්දගේ සැලුන් දොරින් සංධානයට පැමිණි ප්‍රභල මෛත්‍රී වරු 4 දෙනෙක් එළැබෙන පළාත් පාලන මැතිවරණයට පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එන බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.පොහොට්ටුව පුප්පන්න වලි කන බැසිල් රාජපක්ෂගේ අත්තනෝමතික ක්‍රියාවන් හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට ඔවුන් ඉඟි පල කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසි අමනාපයක්…

විදේශ රටවලට ගෘහ සේවය සඳහා පිටත්කර යවන බව පවසමින් දීවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් රවටා  ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් ගුවන් බලපත්‍ර ආදී තොරතුරු රැගෙන විත් එම කාන්තාවන් රවටා විදේශගත කිරීමට නම් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ඔවුන් සමග ජංගම දුරකථනයෙන් විවිධ සංවාද පටිගත කොට ඒවා පෙන්වමින් මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු ගලේවෙල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.සැකකරු දඹුල්ල…

පැය 4 ක මෙහෙයුමකින්  ගිනි අවි 6ක් ඇතුළුව දිවයිනේ විවිධ අපරාධ සම්බන්ධව අවශ්‍ය කරන පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අතර බීමත් රියදුරෝ 501 ක් සිටිති.මේ අතර රථවාහන වැරදි සම්බන්ධ නඩු 4472 සහ නීති විරෝධී හෙරොයින්, ගංජා, අනවසර මත්පැන් වැටලීම් 586 ක් ද සිදුකිරීමට  හැකිවූ බව පොලිස් මුලස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.  

ලෝකය ජයගත්ත අපේ මිනිස්සු ගැන අපි කතා කරනවා. ශ්‍රී ලංකා නාමය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය ආක්‍රමණය කරන්න අපේ පුංචි රටේ මිනිස්සුන්ට හැකිවෙලා තියෙනවා. ඒක අපේ රටට ආඩම්බරයක්. කොන්ඩා සැකසුම් ක්ෂේත්‍රයේ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ එකතු කිරීමේ අවසන් වෑයම වශයෙන් අතුරලියේ රතන හිමියන් පසුගිය දිනක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී පොදුජන එක්සත් පෙරමුණේ නායකත්වය මහින්දට දීමටත් අවශ්‍යනම් තව ඉහල තනතුරක් බැසිල්ට දීමටත් ජනපති එකඟ වී ඇත.ඒ අනුව දෙපාර්ශවයම පුටුව ලකුණින් තරඟ කිරීමට එකඟ කර ගැනීමට රතන හිමියන් මහින්ද රාජපක්ෂ මහතාව…

බැසිල් හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුනොත් තමයි එයාගෙ අකටයුතු කම් වලින් එයාට ආරක්ෂා වෙන්න පුළුවං කියල… මහින්ද හිතන් ඉන්නෙ ශ්‍රී ලංකා එක පැරදුනොත් තමයි 2025 නාමල්ට තැනක් හදාගන්න…

ජේ.ආර් ප්‍රේමදාසගේ කකුලෙන් ඇද්දෙ නෑ… චන්ද්‍රිකා මහින්දගෙ කකුලෙන් ඇද්දෙ නෑ… ඒත් මහින්ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරල පාර්ලිමේන්තු ගිහින් අද කවදාවත් නොපිපෙන පොහොට්ටුවක් පුප්පන්න වලි කන ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයේ පක්ෂ විය්‍යවස්ථාවට අනුකූල නොවන අයුරින් වෙනත්…

කාලයක් ටෙලි නාට්‍ය නිලි චතුරිකා පීරිස් සමග විවාහ වී සිටි, හඟුරන්කෙතින් පැමිණි ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය, චතුරිකා සමග අවුරුදු 7ක් පවුල් කා, ඇගෙන් දික් කසාද වුණා. ඒ දවස්වල ඒ සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වූයේ චතුරිකාටයි. එසේ වූයේ රොෂාන්, ඔහුට සුපුරුදු අහිංසක පෙම්වතාගේ බොරු ප්‍රතිරූපය මාධ්‍ය ඉදිරියේ දිග හරිමින් අහිංසක පාට් එක රඟපෑම නිසා බව දැනටමත්…

සී.බී රත්නායකගේ එකම අරමුණ මෙවර පළාත් පාලන ආයතන ටික පැරදවීම බව දිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා ප්‍රකාශ කර සිටී.සී බී ගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් එතුමන් ස්වාධීනව තරඟ…

තම නිවසේ පොලිස් මුර පොල අසලම ලොකයේම තහනම් ගසක් වු විශාල කොකෙන් ගසක් ඇති බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි. ‘ගස් හදුනගන්න ඔ්න. ඒක ඉතාම වැදගත්. කොකේන් ගහක් බලන්න ඕන…

“රජයත් අපේ, පොලිසියත් අපේ; අපිට ඕන කෙන්ක්ව අපි එළවලා දානවා” ඊයේ දින රැස්වීමක් අමතමින්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. “අපිට අවශ්‍ය ඔබේ චන්දය පමණයි” ඔහු තම ආධාර කරුවන් අමතමින් පැවසිය. ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ වෙළඳපල මිලේ තරඟකාරීත්වය තබා ගැනීමට සහල් සහ පොල් ගෙන්වීමට රජය විසින් පාලනයක් ගෙන එන බවයි.…