Category: සුපිරි News

  • තෙල් පෝළිමෙන් මතුවූ මහරගම යුනිෆෝම් චන්ඩි…(Video)

     

    රට තුල නැවතත් තෙල් අර්බුදයක් ඇතියි නිර්මාණය වුන කටකතා හේතුවෙන් රෑ වැටුන වලේ දවල් වැටීමට ඇති නොකැමැත්ත නිසා මිනිසුන් කඩිමුඩියේ තෙල් ගසා ගැනීමට පොදිකන්න වුණා… ඉතිං මහරගම පෙට්‍රල් ෂෙඩ් එකක පෝලිමේ ඉදපු මිනිස්සු අස්සෙන් ඇවිත් යුනිෆොම් දා ගත්තු මේ නිලධාරීන් දෙන්න එතන හිටපු අය එක්ක වාදයක් ගියා… අන්න ඒ වෙලාවෙ මේ යුනිෆොම් දා ගත්තු නිළධාරීන් දෙන්න හැසිරුන විදිහ ඉතාමත් අශෝබනයි… 

    වීඩියෝව පහතින් නරඹන්න… (අසභ්‍ය වචන ඇතලත්ය)

     

  • චානකගෙන් සුජීව කන පැලෙන්න අසා ගත් හැටි…(Video)

    බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් සමග විශලා දුරකතන ඇමතුම් ප‍්‍රමාණයක් ලබා ගත්තේ යයි හෙලිව සිටින රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල විවේචනයකට ලක් වන්නට සිදු විය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක එක හුස්මටම ඇමති සේනසිංහට චෝදනා එල්ල කලේ කිසිවක් කීමට ඉඩක් නොතබමිනි.එල්ල වන චෝදනාවන්ට රාජ්‍ය ඇමතිවරයා සුළ මැදිහත්වීම් කරන්නට උත්සාහ කලද මන්ත‍්‍රී චානකගේ දැඩි ප‍්‍රහාරය වලකන්නට හෝ බාධා කරන්නට ඒ ප‍්‍රමාණවත් නොවීය.එම වීඩියෝව පහතින්…

    https://www.youtube.com/watch?v=vHcH9vhAfWU&feature=youtu.be&t=11

  • ඉෂිකා සේරම්ගේ අලුත්ම Photos

    ඉෂිකා සේරම් ගැන ඔබ අහල ඇති.උසින් අඩි 5 අඟල් 3ක් වන ඇය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්.ඇය ගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහලින්
  • මහින්දානන්ද උසාවියෙන් කට්ටි පනී…. – ඇප කරුවන්ව උසාවියට ඉදිරිපත් කිරීමට නියෝග

    අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කර කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද(20) කැඳවූ අවස්ථාවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ  මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ ඇප කරුවන් හෙට (21) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය නියෝග කර තිබේ.
    එහිදී විත්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බැවින් අධිකරණය හමුවට පැමිණීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.
    එහිදී විනිසුරු ගිහාන් කුලතුංග  මහතා විමසා ඇත්තේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ද යන්නයි.
    ඇපකරුවන් අද දිනයේ නොපැමිණි බව විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.
    ඒ අනුව විනිසුරුවරයා නියෝග කර ඇත්තේ විත්තිකරු ඉදිරිපත් නොවන්නේ නම් ඇපකරුවන් අනිවාර්යෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.එබැවින් ඔවුන්ට හෙට දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා සිතාසි නිකුත් කර තිබේ.
  • යාපනයේ කඩු කල්ලිය(ආවා) මර්ධනය කිරීම සාගල අතට ගනී…

    උතුරු පළාතේ ක්‍රියාතමක ආවා කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන තියෙනවා
    
    -නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

    අමාත්‍යවරයා ඒ ගැන පැවසූ අයුරු ඔහු පැවසූ ආකාරයෙන්ම පහත දක්වා ඇත.
    ” උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා කල්ලිය යලි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්ථාවුණා.ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වල වාර්ථා පවා පළවුණා.නමුත් මම කියන්න කැමතියි මේ ආවා කල්ලියට යළි කිසිඳු අයුරකින් හිස ඔසවන්න දෙන්නේ නෑ….
    පසුගිය දවස් 2 ඇතුලත මීට අදාල සිද්ධි 8ක් වාර්ථා වුණා.
    ඒ සිද්ධි වලට සම්බන්ධ යයි සැක කෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට අත් අඩංගුවට අරන් තියෙනවා…
    ඉතිරි සැක කරුවන් අල්ලන්න මේ වන විට විශේෂ විමර්ශන සිදුකරනවා.ඒ විමර්ශන කටයුත් ඉක්මණින් සිදුකරන්නට අවශ්‍ය නිසා මේ වන විට යාපනය පොළිස් කොට්ඨාෂයේ නිවාඩු අවලංගු කර තිනෙවා….
    යාපනේ විතරක් නෙමේ දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්ධනය කිරීමේ ක්‍රියාවලිය අපි මේ වන විට ආරම්භ කරල ඉවරයි.විදේශ වල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ලොක්කෝ සැඟවී සිටින ස්ථාන පවා අපි මේ වන විටහඳුනගෙන තියෙනවා.ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියළුම පියවර ගැනීම දැන් සිදුකරමින් ඉන්නවා”

    Image result for ava group jaffna

     

    Related image

    Image result for ava group jaffna

  • වෛද්‍ය සේනක බිබිලේ තබා තිබූ වාර්තාව අවුරුදු 59 කට පසු වෛද්‍ය චන්න ජයසුමන විසින් බිඳියි…

    වෛද්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා ලෙස වෛද්‍ය සේනක බිබිලේ තබා තිබූ වාර්තාව අවුරුදු 59 කට පසු වෛද්‍ය චන්න ජයසුමන විසින් බිඳියි…

    Image may contain: 1 person, standing

    රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා එම විශ්ව විද්‍යාලයේ භිෂග්වේදය (ඖෂධ විද්‍යාව) පිලිබඳ මහාචාර්ය ධුරයට පත්ව ඇත. ඒ අනුව දැනට ක්‍රියාවට නැංවෙන මහාචාර්යවරයකු තෝරා පත් කර ගැනීමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති රීති අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුම වයසකින් මහාචාර්ය ධූරයකින් පිදුම් ලබන්නේ ජයසුමන මහතාය. එම ධුරයට පත්වන විට ඒ මහතාගේ වයස අවුරුදු 36 කි. මේ සමග 1958 වර්ෂයේ දී වෛද්‍ය සේනක බිබිලේ මහතා වයස අවුරුදු 38 කින් භිෂග්වේදය පිලිබඳ මහාචාර්ය ධුරයට පත්වෙමින් අඩුම වයසකින් එම එම ධුරයට පත්ව තබා තිබූ වාර්තාව ද අවුරුදු 59 කට පසු බිඳ වැටේ.

    වෛද්‍ය ජයසුමන රජරට පළාත්වල පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගය පිලිබඳ ප්‍රමුඛ පර්යේෂකයකු ලෙස ද ක්‍රියා කරයි. කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා රජරට සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලවලදී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදු කළේය.

  • බැඳුම්කරයට මුවාවී ඇලෝෂියස්ගේ ගතමන්ට් එකෙන් කම්සැප ගත් දේශපාලකයෝ..

    මේ දින වල ලංකාවේ වැඩිපුරම කියවෙන වචනය නම් ” ඇලොසියස් කෝල් ” ය. ඒ ගැන රූපවාහිනියේ , පත්තර වල සහ වැඩිපුරම සමාජ ජාලයන් තුල නොයෙක් නොයෙක් ආකාරයෙන් පුවත් මැවී ඇත.

    මේ ජරමර අස්සේ අපේ පාරලිමේන්තු මැති ඇමති වරුන් ටික දෙනෙක් හා මහ ඇමති වරයෙක් මේ දිනවල ඉතාමත් බියෙන් පසුවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ සනාථ වී ඇත.ඒ මක් නිසාද යත් පහුගිය මාස හතරක පහක කාලයක සිට බොහෝ මැති ඇමති වරු රජ්‍ය තාන්ත්‍රික හා නොවන ලෙස කොයි වෙලෙත් පිටරට ගිය ගමන්ය… ඒ ගිය බොහොමයක් අතරින් 9 දෙනෙක් මේ දින වල ඉතා කණස්සෙල්ලෙන් සිටී.

    මෙයට හේතුව වෙන මොකුත් නොව පැහැදිලි සරල භාශාවෙන්ම කිව්වොත් ගත්ත ආතල් දැන් වමාරන්න වෙලා නිසාය.ඇලෝසියස්ගේ මුදලින් පිටරට වල ක්ලබ් ගානේ ගිහින් අත්දෙකට සුරූපිනියන් දෙන්නා තුන්දෙනා ගානේ අරං සුපිරි සැප ගත්තු අපේ මේ ජනතා පුත්‍රයින් මේ යන විදිහට ඒවාත් එළිවේදැයි බයෙන් මේ වන විට පූස් පැටවු වගේ හරි අහිංසක ලීලාවෙන් කාලය ගත කරයි. කොමිසමේ වාර්ථාව එළිවීමටත් ප්‍රථම දුරකථන ඇමතුම් ගැන මාධ්‍යට දීම ගැන වැඩිපුරම විරෝධය දක්වන්නන් අතර මේ අය ඉහලින්ම සිටින බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ….

  • නුවර සම්බාහන මධ්‍යස්ථානයකදී 21 යුවතියක් සමග බිරිඳට හසුවී බිරඳගෙන් ගුටි කෑ ආණ්ඩුවේ වයසක ඇමති ලොක්කා කවුද ?

    ඔන්න එක ඉරිද දවසක හැන්දෑවෙ 2ට විතර මේ ලොක්ක කෝල් එකක් ගන්නව ගෙදර ඉදං.. ඉතිං ඒක මහ ලොකු දෙයක් නෙමේනෙ ඒ ලොක්කට කොයි වෙලෙත් කෝල්.. හැබැයි ලොක්කගෙ කරුමෙ කියන්නේ මේ වෙලාවෙ ලොක්කගෙ ජංගම දුරකතනයේ බැටරි බැහැල නිසා ලොක්ක ගන්නෙ ගෙදර දුරකතනයෙන්… ඒකත් ඉතිං මේ ලෙක්කගෙ බිරින්දෑට ඒ හැටි ප්‍රශ්නයක් නෙමේ මොකද ලොක්ක ගෙදර ඉන්න දවසට ලොක්කගෙ ජංගම දුරකතනයට විතරක් නෙමේ ගෙදර එකටයි අර ආරක්ෂාවට දීල ඉන්න අයගෙ ජංගම දුරකතන වලටයි නිතරම කොල් එනවනේ… ඒ විතරැක්යෑ මේ කියන බිරින්දෑගෙ ජංගම දුරකතනයටත් ලගම අය කතාකරනවනේ ලොක්කව අල්ලගන්න… ඉතිං ඒ බිරින්දෑට ඒක එච්චර ගානක් ගියේ නෑ…..

    Image result for man calling clip art

    ඔහොම යද්දි ඉතින් හවස තුනට විතර මේ ලොක්ක ප්‍රිය බිරිඳ විසින් දුන්න තේ එකක් එහෙම කාරය බීල “මේ ____ (බිරිඳට ගෙදරට ආරේට කියන නමෙන්) අඬගහල මට හදිසියේම මලගෙදරකට ගොඩ වෙන්ට ඕන ඒයි.. මං පැය දෙක තුනක් යද්දි එන්නම් අද රෑට කන්න මට කරවල තෙල් දාල පරිප්පුවක් හදල සම්බෝලයක් එක්ක කැකුළු බත් ටිකක් හදන්නකෝ ” කියල ආදරෙන් කියල ගෙදරින් එළියට බැහැල තියෙනවා….

     

    ඔන්න ඉතින් මහත්තයගෙ වැඩ රාජකාරි එක්ක වැඩිය ගෙදරින් කන්න වෙන්නෙ නැති නිසාත් අද කටින්ම ආසම කෑම ඉල්ලුව නිසාත් ඒ ලොක්කගෙ ප්‍රිය බිරිඳ, ගෙදර උයන්න හිටිය කුස්සි අම්මට පැත්තකට වෙන්න කියල ඒ ලොක්කගෙ ආරක්ෂාවට හිටපු ආරක්ෂක මහත්තයෙක්ව ළඟ තියෙන සුපර් මාකට් එකට ඒ ස්කොඩ් ඒකේ ඩිෆෙන්ඩරේම යවල( ආ කලින් කියන්න අමතක උනා ලොක්ක අර හදිසියේ මල ගෙදරක යනව කියල ගියේ තමන්ගෙ අංගාරක්ෂකයො නැතිව රජයෙන් දුන්න වාහනෙත් තැතිව ගෙදර තිබ්බ පුද්ගලික වාහනයක තමයි ගියෙත් නිල රියදුරා එක්ක නෙමේ ගෙදර හිටපු අනෙත් රියදුරා එක්ක කියල තමා ආරංචිය)

    හරි ඉතිං ඒ ඩිෆෙන්ඩරේ යවල ඒ ලොක්ක කන්න ආසම මෝර කරවල ගෙන්නලා ඒව බඳින්න හදද්දිම ගෙදර දුරකතනය නාද වෙන්න පටං අරං… ඉතිං මේ නෝන කරවල බදින එක කුස්සි අම්මට දීල ගිහින් දුරකතනය උත්තර දෙද්දි නෝන හලෝ කියන්නත් කලින් එහා පැත්තෙන් කිව්වලු අනේ සර්,සර් ඉල්ලපු අවුරුදු 19 එක්කෙනාව කන්ටෑක් කරගන්න බෑ සර්… 21කේ එක්කෙනෙක් ඉන්නවා එයා දෙන්නම් කියල…

    Image result for woman calling land phone clipart

    ඔන්න ඉතිං මේ නෝන ඒ ලොක්කගෙ පරණ පැටිකිරිය හොදට දන්නව උනත් ඒ වයසටත් වඩා වැඩිමල් දුවල ඉන්න මේ ලොක්ක මේ වගේ එකක් කරයි කියල නම් කවදාවත් හිතල නෑළු… කකුල් දෙකත් පණ නැති උන මේ නෝන මොකුත් නොකිය ෆෝන් එක එහෙමම තියල ටික වෙලාවක් ඉදල ඒ නොම්බරයට ආයෙ කොල් එකක් ගත්තලු… ඔන්න ඒ වෙලාවෙ එහා පැත්තෙන් කියාපි_______ “අහවල් මසාජ් සෙන්ටර් එක වට් කැන් අයි ඩූ ෆො යූ සර් කියල”

    Image result for woman calling land phone clip art

    ඔන්න ඉතින් මේ නෝනගෙ රතු කට්ට වට දෙක තුනක් කැරකිලා ඉදින් හොද වැඩක් කරන්නම් කියලා ඒ ලොක්කගෙම ස්කොඩ් එකේ කොළුවෙකුට කතා කරල මේ නොම්බරේට කතා කරල තැන අහගන්න කිව්වලු… ඉතිං ඒ කොළුව කියල මොකක් කරන්නද නේද ඔය 225හේම අංගාරක්ෂකයො කරන්නෙ අදාල පුද්ගලයට වඩා පවුලෙ අයව රැක බලා ගන්න ඒකනේ.. ඉතිං ඒ කොළුවත් කොල් එක අරං තැන ඒම අහගෙන නෝනට දුන්නලු…

    ඔන්න ඊට පස්සෙ තමා යමර යුද්දෙ වෙලා තියෙන්නේ නෝනත් ඒ තැනට ලොක්ක දාල ගිය ස්කොඩ් එකේ වාහනේ කට්ටියත් එක්ක ඉස්සරහ සීට් එකේ නැගලම ගියලු.. මෙන්න බොලේ ලොක්ක අරං ගිය ගෙදර වාහනේට හේත්තු වෙලා රියදුරු මහත්තයා බුලත් විටක් කකා ඉන්නව දැක්කම නෝනගෙ ඇඟේ මාළු ගඟේ නටන්න ගත්තලු… කෙලින්ම අන්න ඒ මසාජ් ක්ලින්ක් එක ඇතුලට පිරිවර එක්ක ගිය නෝන ලොක්කගෙ බෙල්ලෙන්ම අල්ලගද්දි ඒ ලොක්කට කට උත්තර නැති උනාළු…. තූ නොදකින් වනචර බල්ලා මුන්ට වඩා වයස ගෑණු දරුවො බොට ඉන්ටවා නේද කියල මේ නෝන සෙරෙප්පුවේ අඩිය ගැලවෙනකල් ඒ ලෙක්කට පතබාල වර යන්ට ගෙදර කියල ඇදන් හිටපු සාළු කොටේ පිටින්ම ගෙදර අරං ගියා කියල තමා ආරංචිය…

    ආ ඔන්න ඉඟියක් දෙන්නම්කෝ මේ ලොක්ක ගැන මෙයා ඉන්නේ නුවර පැත්තේ… මෙයා ආණ්ඩුවේ ඇමති කෙනෙක් වගේම නායකයෙක්…. ගොඩක් මිනිස්සු මෙයට ආදරේට ගොනා කියල කතාකරනවා මෙයාගෙම කතාවක් නිසා….දැන් ඉතිං දන්නවනේ කවුද කියල…

    ඔන්න ඔහොමයි පිංවතුනෙ තොරණෙ විස්තරේ————
    ______________________________________________________________________________________________________

     

  • බුකිය ගැන නෑසූ කතා

    “ෆේස්බූක්” කියපු ගමන් ඔලුවට එන ඒ සමාජ ජාල සේවාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. කෙනෙක්ට බිය ඇති කරන අඳුරු ගුහාවක්, තව කෙනෙක්ට මල් පිපුන පාරාදීසයක්, දැනුම පිරුන ආකාරයක්. එහෙමත් නැත්තන් අදහස් බෙදන වේදිකාවක් වෙන්නත් පුළුවන්.

    අපි මේ කවුරුත් දන්න මුහුණු පොත නැත්තන් බුකිය ගැන නොදන්න දේවල් ටිකක් දැන ගමු.

    අදින් අවුරුදු 13 කට පෙර එනම් 2004 පෙබරවාරි 4 වැනිදා මාර්ක් සකර්බර්ග්, එඩුවාඩෝ සැවරින්, ඇන්ඩෲ මැකොලම්, ඩසටින් මොස්කොවිට්ස් සහ ක‍්‍රිස් හග්ස් යන අය එකතු වී ආරම්භ කළ මෙහි වර්තමාන ප‍්‍රධානියා වන්නේ මාර්ක් සකර්බර්ග්. සාමාන්‍ය පරිශීලකයන් තමන්ගේ අන්තර්ජාල දත්ත වියදම් කරමින් මෙය භාවිත කරන අතරේ 2016 වසර වන විට ෆේස්බුක් සමාගම එ් පරිශීලකයන් බිලියන 2 හරහා ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 27,638ක් වෙනවා. මේ අතරින් ශුද්ධ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10,217ක් වෙනවා. 2017 ජුනි 30 වැනිදා වෙද්දී මෙහි සේවය කළ සේවකයන්ගේ සංඛ්‍යාව 20,658ක්. ඉන්ස්ට‍්‍රග‍්‍රැම්, මෙසෙන්ජර්, වටස්ඇප්, ඔකුලස් වී.ආර් යන එ්වා මෙහි උප සමාගම් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. මෙහි මුලස්ථානය පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ මෙන්ලෝ උද්‍යානයේ ය. 

    කොහොම වුණත් මෙහි සාමාජික වෙන සෑම කෙනෙකුටම තමන්ගේ මුහුණේ පැහැදිලි පින්තූරයක් මෙයට දැමීමේ අවස්ථාව තිබෙනවා. මේ විදියට මුලින්ම මුහුණක් දාපු කෙනා තමයි ‘අල් පැසිනෝ’ කියන්නේ. ඔහු ඇමෙරිකානු රංගන ශිල්පියෙක්. නමුත් එ් පින්තූරය දැම්මේ ඔහු නෙවෙයි. එ්ක කළේ ෆේස්බුක් සමාගමින්මයි.

    ෆේස්බුක් ලාංඡනය, ලයික් බොත්තම සහ වර්ණය

    Image result for facebook\

    මේ ලාංඡනය නිර්මාණය කළේ මාර්ක් සකර්බර්ගේ මිතුරකු වගේම මෙහි ආරම්භයට දායාක වුණු ඇන්ඩෲ මැකලම්

    ෆේස්බුක් එකේ ආරම්භකයා වගේම වර්තමාන ප‍්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙක්. ඔහුට රතු – කොළ කියන වර්ණ හොදින් පෙනෙන්නේ නැහැ. මේ නිසා ඔහුට හො`දින් පැහැදිලිව පෙනෙන නිල්, මෙහි මූලික වර්ණය ලෙස යොදාගෙන තිබෙනවා. එ් වගේම විශ්වාසය සහ සුරක්ෂිතභාවය නිරූපණය කරන්නට ලොව පුරා භාවිත වන වර්ණයක් තමයි නිල් කියන්නේ. මේ නිසා මාර්ක් සකර්බර්ගේ වර්ණ අන්ධතාවය පැත්තකින් තිබ්බත් මේ පාට ෆේස්බුක් එකේ මූලධර්ම එක්ක හොදින් ගැළපෙනවා.

    ෆේස්බුක් හි කවුරුන් හෝ දමන ලද දෙයකට අපගේ කැමැත්ත පළ කරන්නේ ‘ලයික්’ (Like) බොත්තමෙන්. කොහොම වුණත් ෆේස්බුක් හි මෘදුකාංග ඉංජිනේරුවකු වූ ඇන්ඩෲ බොස්වර්ත් මෙය මුලින්ම නිර්මාණය කළේ වෙනත් නමිකින්. එය හ`දුන්වනු ලැබුණේ ‘ ඕසම්’ (Awesome) නමින්. අනෙක් මෘදුකාංග ඉංජිනේරුවන් ද මෙයට මහත් කැමැත්තක් පළ කළා. නමුත් 2007 වසරේ දී මාර්ක් සක්ර්බර්ග් එය නිෂේධ කරමින් ‘ලයික්’ බොත්තම හඳුන්වා දුන්නා. අද එය ෆේස්බුක් පරිශීලකයන් මහත් කැමැත්තකින් භාවිත කළත්, එදා මාර්ක් ගත්තු තීරණය ගැන ෆේස්බුක් ආයතනයේ බොහෝ දෙනෙක් එ් තරම් කැමැත්තක් දැක්වූයේ නැති බව ඇන්ඩෲ බොස්වර්ත් පවසනවා.

    ෆේස්බුක් දත්ත සහ පරිශීලකයින් වර්ධනය

    Image result for facebook crowd

    සෑම මිනිත්තු 15කටම වරකත් ෆේස්බුක් සමග එකතු වන පරිශීලක සංඛ්‍යාව 7,246ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා. 

    ෆේස්බුක් වෙබ් අඩවියට හැම මොහොතකම එකතු වන පින්තූර, වීඩියෝ ආදියේ ප‍්‍රමාණය මෙතෙකැයි කියා කියන්න බැහැ. එ් සියල්ල ෆේස්බුක් ආයතනයේ දත්ත සේවා පරිගණකවල තැන්පත් වෙනවා. මේ වන විට මේ පරිගණකවල තැන්පත්ව ඇති පරිශීලක දත්ත ප‍්‍රමාණය ‘පෙටාබයිට්’ 300ක් පමණ වෙනවා. පෙටාබයිට් එකක් කියන්නේ ගිගාබයිට් මිලියන 1ක ප‍්‍රමාණයක්. ලෝකයේ භාවිත වන භාෂාවන්ගෙන් වගේම පැරණි, අභාවිත භාෂාවන් පවා මෙහි අඩංගුව පවතිනවා. මේ නිසා සමස්ත මිනිස් වර්ගයාගේ විශාලතම ලේඛන එකතුව ෆේස්බුක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා.

    Image result for facebook server

    පෝස්ට් දමන්න හොඳම වෙලාව 
    ෆේස්බුක් භාවිත කරන ඔබට එයට පෝස්ට් එකක් දමන්න වෙලාවක් කලාවක අවශ්‍ය නැති බව ඇත්ත. නමුත් ෆේස්බුක් ආයතනයම කියන විදියට එ්ක එහෙම නෙවෙයි. ඔවුන් පවසන්නේ රෑ 10ත් 11ත් අතර කාලයේ දමන පෝස්ට්වලට 88% ක වැඩි අවධානයක් ලැබෙන බවයි. එ් වගේම ප‍්‍රශ්නාර්ථයකින් අවසන් වන පෝස්ට්වලට 162% ක වැඩි අවධානයක් ලැබෙන බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා.
     
    වැඩියෙන්ම බෙදාහදා ගැනීම් 
     
    ෆේස්බුක් වෙබ් අඩවියේ වැඩියෙන්ම හුවමාරු වෙන්නේ මොනවාද? පින්තූර කියා බොහෝ දෙනෙක් හිතුවොත් ඇත්තටම එ්ක එහෙම නෙවෙයි. වැඩියෙන්ම හුවමාරු වෙන්නේ වීඩියෝ. එ් වගේම 2014 වසරේ දී පමණක් ෆේස්බුක් පරිශීලකයන් දිනකට වීඩියෝ බිලියන 1 කට වඩා නරඹා තිබෙනවා. වර්තමානයේ එම ප‍්‍රමාණය දිනකට බිලියන 4කටත් වඩා වැඩියි.
    සකර්බර්ගේ බොරුව 
    ෆේස්බුක් නිර්මාණය කළ මාර්ක් සකර්බර්ගේ විස්තර තියෙන තැන සඳහන් වෙන්නේ ඔහු හාවර්ඞ් සරසවියේ පරිගණක විද්‍යාව හදාරා උපාධියක් ලබා ගත් ශිෂ්‍යයකු බවයි. නමුත් එ්ක බොරු කතාවක්. ඇත්තටම ඔහු එයින් උපාධියක් ගත්තේ නැහැ. ෆේස්බුක් ආයතනයේ වැඩකටයුතු අධික වීම නිසා ඔහුට එයින් ඉවත් වන්නට සිදු වුණා.
    ෆේස්බුක් හොරකම් 
    ෆේස්බුක් නිසා සොරකමකට ලක් වූවන්ගේ සංඛ්‍යාව බොහොමයි. බොහෝ දෙනෙක් තමන් එ් මොහොතේ සිටිනා ස්ථානය දක්වා ‘ස්ටේටස්’ යාවත්කාලීන කරන්නට පුරුදුව සිටිනවා. මෙයින් ප‍්‍රයෝජනය ගන්නා සොරු එම පුද්ගලයන්ගේ නිවාස කොල්ල කනවා. ලොව පුරා මංකොල්ලකරුවන්ගෙන් 80%ක්ම ෆේස්බුක් ස්ටේටස් පරීක්ෂා කරන බව සොයා ගෙන තිබෙනවා.
    ෆේස්බුක් අපරාධ 
    Related image
    ලොව වටා සිදුවන අපරාධවලින් 40%ක්ම ෆේස්බුක් සමග සම්බන්ධයක් ඇති බවට සොයාගෙන තිබෙනවා. ෆේස්බුක් නිසා හ`දුනාගත් පුද්ගලයන් අතින් මිය යන සංඛ්‍යාව ද දිනෙන් දින වැඩි වන බවට වාර්තා ලැබෙනවා. මිනිසුන් ඝාතනය කිරීමේ මානසික උන්මාදයකින් පසුවන්නන් එ් සඳහා ගොදුරු සොයාගැනීමේ ඉල්ලමක් ලෙස ෆේස්බුක් භාවිතා කරනවා.
    තහනම් රටවල් 
    ඇතැම් රටවල් ස්ථිර ලෙසත්, ඇතැම් රටවල් තාවකාලික ලෙසත් ෆේස්බුක් තහනම් කොට තිබෙනවා. චීනය, ඉරානය, උතුරු කොරියාව ආදිය ස්ථිර ලෙසම ෆේස්බුක් තහනම් කොට තිබෙනවා. ඊට අමතරව බංග්ලාදේශය, ඊජිප්තුව, ජර්මනිය, ඉන්දියාව, මැලේසියායාව ආදී තවත් රටවල් ගණනාවක් වරින් වර තාවකාලිකව ෆේස්බුක් තහනම් කොට තිබෙනවා.