Category: සුපිරි News

  • පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනි… – සුලේකා ජයවර්ධන

    රෙදි කඩේකදි ඇඳුම් මාරු කරන හැටි වෙළඳසැලේ හිටපු කෙනෙක් වීඩියෝ කරන්න ගිය සිද්ධිය ගැන සුලේඛා සති අන්ත පුවත්පතකට අදහස් දක්වලා තියෙන්නේ මේ විදියට.

    මොකක්ද එදා සිද්ධවුණේ?

    මෙම දෙහිවල ඇඳුම් කඩයකට ගියා ඇඳුම් ගන්න, හරියටම රාමසාන් උපවාස පටන්ගත්ත දවසේ, ඒක ප්‍රසිද්ධ කඩයක් නෙවෙයි, නමුත් ලස්සන ඇඳුම් තියෙනවා දැකපු නිසා මම ඒ කඩේ ඇතුලට ගියා, ගැලපෙනවා කියලා හිතෙන ඇඳුම් දෙක තුනක් අරන් මම ඇඳුම් මාරු කරන කාමරය ඇතුලට ගියා, විනාඩි 5ක් විතර මම කාමරේ ඇතුලේ ඇඳුම් මාරු කරකර හිටියා, ඒත් එක පාරටම දැක්කා මොබයිල් එකකින් මාව වීඩියෝ කරන බව,

    කොහොමද එහෙම දැක්කේ ?

    ඒ සාප්පුවේ ඇඳුම් මාරු කරන කාමරයේ දොර පොළවේ ඉඳලා අඟල් 15ක් විතර උසින් තමයි හයි කරලා තියෙන්නේ. මම ඉස්සරහා කණ්නාඩිය දිහා බලන් ඉන්නකොට ඒකෙන් දැක්කා දොර ලඟ මොකක් හරි තියෙනවා කියලා, ඒ තියෙන්නේ කැමරා ෆෝන් එකක් කියලා මම කණ්නාඩියෙන් අඳුන ගත්තා. ඒ වෙලාවේ මට හුඟක් බය හිතුනා.

    බයටම කෑ ගැහුණද ?

    ඔව් බයයි, දුකයි, තරහයි, මට කෑ ගැහුණා. ඇඳුමක් ඇඳගෙන මම එළියට එනකොට ඒ මනුස්සයා දොර යටින් ෆෝන් එක අරගෙන සාක්කුවේ දාගෙන හිටියා, මම එළිය ආපු ගමන් වීඩියෝ කරපු මිනිහව අතටම අල්ලා ගත්තා,

    දුරකථනයේ ඒ වීඩියෝව තිබුණද ?

    ඒ පොඩි ෆෝන් ඔපරේට් කරන හැටි මම දන්නෙවත් නෑ, මම ඒ ෆෝන් එකයි මිනිහාවයි දෙන්නම පොලිසියට භාර දුන්නා.

    ඒ වීඩියෝ කරපු කෙනා ඇඳුම් කඩේ වැඩ කරන කෙනෙක්ද ?

    ඔව් එයා කඩේ වැඩට ඇවිත් හරියටම මාසයයිලූ‍. පොඩි කොල්ලෙක්. වයස 20ක් වගේ ඇති. ගෑණු ළමයෙක් වෙලා ඉපදුනාම ප්‍රවේශම් වෙන්න ඕනි, දෙවියෝ විශ්වාස කරන නිසා දෙවියෝ මාව බේරගත්තා, පොඩි කාලේ ඉඳන්ම ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනි, විශේෂයෙන්ම පිරිමි ළමයින්ට, එතකොට මේ වගේ මානසික ලෙඩ්ඩු බිහිවෙන්නේ නෑ.

  • අඩ මාසයක්‌ පෘතුවිය අන්ධකාරයේ – නොවැම්බර අන්ධකාරය ඇත්තටම ඒවිද..?

    මේ වසරේ නොවැම්බර් මස 15 වන දින සිට 29 වන දින දක්‌වා දින 15 ක කාලයක්‌ ලෝකයම මුළුමනින්ම අඳුරේ ගිලී පවතිනු ඇතැයිද, මෙම සිදුවීම වසර මිලියන ගණනකට වරක්‌ සිදුවන අති දුර්ලභ සිදුවීමකැයිද නාසා ආයතනය වාර්තා කරයි.

    නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් පවසනුයේ නොවැම්බර් මස 15 වන දින පාන්දර 3.00 සිට නොවැම්බර් 30 වන දින හවස 4.15 දක්‌වා ලෝකය මුළුමනින්ම අන්ධකාරයේ ගිලී පවතිනු ඇති බවයි. මේ නොවැම්බර් අන්ධකාරය සිකුරු හා බ්‍රහස්‌පති ග්‍රහලෝක අතර ඇතිවන තාරකා විද්‍යාත්මක සිදුවීමක්‌ නිසා ඇතිවන අතුරුඵලයක්‌ බවද ඔවුන් පවසයි. ජනපති ඔබාමා විසින් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබූ චාල්ස්‌ බෝල්ඩන් විසින් මෙම සිදුවීම ධවල මන්දිරයට පැහැදිලි කර දෙමින් පිටු දහසක ලේඛණයක්‌ ඉදිරිපත් කර ඇත.

    ඉහතින් දැක්‌වෙනුයේ 2015 වසරේ ජූලි මාසයේ වෙබ් අඩවියක පළවූ පුවතකි. මේ පුවත අන්තර්ජාලය පුරා ලැව් ගින්නක්‌ මෙන් පැතිර ගියේය. එහෙත් සැබෑ නාසා ආයතනයේ සේවය කරන චාල්ස්‌ බෝල්ඩන් විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ එවැනි දින 15 ක අන්ධකාරයක්‌ පිළිබදව තම ආයතනය විසින් කිසි දිනක ප්‍රකාශයක්‌ නිකුත් නොකළ බවය. ඉන් පසුව අදාල දින වකවානුවලදී එවැනි අන්ධකාරයක්‌a උදා නොවීමත් සමඟම මෙම පුවත පතුරුවන්නට මුල් වුණු වෙබ් අඩවියද ජනතා අප්‍රසාදයට ලක්‌ විය.

    එහෙත් මේ වසරේදීද, පසුගිය දින කීපය තුළදීද “නොවැම්බර් අන්ධකාරය” ක්‌ ගැන ආරංචිය සමාජ ජාලා වෙබ් අඩවි කලඹවන්නට සමත් වී ඇත. මෙවරද පුවත පැතිර යන්නේ නොවැම්බර් මාසය තුළ දින පහලොවක්‌ පෘථිවිය මුළුමනින්ම අඳුරේ ගිලෙන බවයි.

    සැබවින්ම පෘථිවිය මුළුමනින්ම අඳුරු වීමට නම් සිදුවිය යුත්තේ කුමක්‌ද.?

    එක්‌කෝ හිරු යම් දෙයකින් හිරු මුළුමනින් ආවරණය විය යුතුය. නැතිනම් පෘථිවියට වඩා විශාල ග්‍රහ වස්‌තුවක්‌ පෘථිවියත් සූර්යාත් අතරට පැමිණ දවස්‌ ගණනාවක්‌ රැදී තිබිය යුතුය. එහෙත් හිරුගේ විශාලත්වය අනුව සලකා බලන කල මේ කිසිවක්‌ සිදුවිය හැකි දේවල් නොවේ. ඉතිහාසයේ කිසිදු තැනක එක දිනක්‌වත් මුළු පෘථිවියම අඳුරේ ගිලී තිබුණු බවට සදහනක්‌ නැත්තේ එබැවිනි.

    2017 වසරේ “අන්ධකාර නොවැම්බරය” ගැන ව්‍යාජ පුවතක්‌ පැතිර ගියා සේම 2015 වසරේද, 2014 වසරේද 2011 වසරේද මෙවන් අන්ධකාර දින පිළිබදව මතිමතාන්තර ජනතාව අතර පැතිර යන ලදී. ඒ කටකතා පැතිර ගියද 2011 වසරේවත්, 2014 දී හෝ 2015 දී වත් එකම දිනයක්‌වත් පෘථිවිය මුළුමනින් අන්ධකාරයේ ගිලී තිබුණේ නැත. 2017 වසරේදීද එය එසේම වනු ඇත.

    මෙසේ වරින් වර පැතිර ගිය මේ කටකතා වලදී අන්ධකාර දවස්‌ යෑයි සටහන් වුණු සෑම කාලයක්‌ම වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාස ගැන කියවෙන කටකතා වූයේ ඇයි.?

    darkලෝකයේ උත්තර අර්ධගෝලයේ මේ කාලසීමාවන්හිදී ශීත සෘතු සූර්ය ¨නිවෘත්තිය නම් ස්‌වභාවික සංසිද්ධිය ඇතිවෙයි. එම දිනයන්හිදී දිවා කාලය දිගුය. අන්ධකාර රාත්‍රී කාලය දීර්ඝය. උත්තර අර්ධගෝලයට සූර්යනිවෘත්තිය ඇති වනුයේ දෙසැම්බර් මස මුල් දින කීපය තුළදීය. ඇතැම්විට අන්ධකාර නොවැම්බරයේ කතාව නිර්මාණය වෙන්නට ඇත්තේ මෙකී “ශීත සෘතු සූර්ය නිවෘත්තිය” ආශ්‍රය කරගෙන විය හැකිය.

    කෙසේ වුවද මුළු පෘථිවියම එක වර අඳුරේ ගිලෙන අවස්‌ථාවක්‌ හෝ දින ගණනාවක්‌ අඳුරේ තිබෙන අවස්‌ථාවක්‌ ගැන ඉතිහාසයේ කොතැනකවත් සදහන්ව නැත. අනාගතයට එවන් දවසක්‌ උදාවනු ඇතිදැයි ද සැක සහිතය. ලෝ ප්‍රකට නාසා ආයතනයෙන් පවසනුයේද තම ආයතනය මගින් කිසි දිනක “අන්ධකාර නොවැම්බරය” ක්‌ පිළිබදව කිසිදු ප්‍රකාශයක්‌ නිකුත් කොට හෝ තහවුරු කොට නොමැති බවයි.

    [rns_reactions]

  • නීරෝගී දිවියකට නීරෝගී සැලැස්මක් – පියවර 10 සැලසුමක් මෙන්න..

    නීරෝගී දිවියකට, නීරෝගී ජීවන රටාවකට මෙම පියවර 10 ඔබට මහඟු රුකුලක් වනු ඇත. මුලින්ම ඔබ කළ යුතු වන්නේ, දවසේ වැඩ කටයුතු සැලැසුම් කිරීමය.

    දවසේ ඔබ කිරීමට සූදානම් සියලුම වැඩ සවිස්තරාත්මකව සටහන් කරන්න.

    එදින ඔබ කෑමට බලාපොරොත්තු වන්නේ මොනවද සටහන් කරන්න. ප්‍රධාන කෑම වේලවලට අමතරව ඔබ කෑමට බලාපොරොත්තු වන්නේ මොනවාදැයි කල්පනා කර බලන්න. ඒවාද සටහන් කර ගන්න. ඔබේ සැලැස්මට නොගැලපෙන හෝ අහිතකර හෝ ආහාර පාන ගැනීමෙන් වැළැකිය යුතුය. ක්‍රියාවන්ගෙන් ද වැළැකිය යුතුය. එසේ නොකිරීමට ඔබ ඔබටම උපදෙස් දෙන්න.

    සෑම දිනකම ඔබ කිරීමට සූදානම් වන සියලු දේ එසේ සැලැසුම් කළ පසු, නින්දෙන් අවදි වූ වේලාවේ සිට යළි රාත්‍රී නින්දට යනතෙක් ඔබ ඔබේ සැලැස්මට අනුව කාර්ය බහුල වනු ඇත.

    ඔබේ සිතේ වැඩ කරනු ඇත්තේ ද එම සැලැස්ම පමණි. එවිට, ඔබේ බර ගැන හෝ ඔබේ වෙනත් අසනීප තත්ත්වයන් ගැන හෝ මනසට වදයක් නොවනු ඇත. ඔබ වඩ වඩාත් ක්‍රියාකාරී වනු ඇත. නොකරන දේවල් හෝ කළ දේවල් ගැන යළි සිතමින් පසු තැවෙනවාට වඩා සැලැස්මකට අනුව එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කිරීම නීරෝගී දිවියකට පළමු පියවර වේවි.

    දෙවැනි පියවර වන්නේ, එදිනෙදා ඔබට ඇති ‘ඉලක්ක’, එසේත් නැතිනම් ඔබේ බලාපොරොත්තු සහ සිහින කෙසේ විය යුතුදැයි ලියා තැබීමය. ඔබට අමතක වී ගිය, ජීවිතේ ඔබ කළ යුතු දේ ලියා තැපිය යුතුය. සමහරවිට ඔබට ඒවා කර ගන්න අමාරු වෙන්න පුළුවනි. එසේත් නැතිනම් ඒවා විකාර යැයි ඔබට සිතෙන්නටත් පුළුවනි. ඔබ කළ යුතු වන්නේ ඒකාකාර දෛනික ජීවන රටාවෙන් මිදීමය. පවතින ජීවන රටාව අලුත් කර ගැනීම ඔබ කළ යුතුය. සමහරවිට ඔබේ සමහර බලාපොරොත්තු උදා කර ගැනීම මේ ජීවිතයේ දී කර ගැනීමට නොහැකි වේවි.

    එසේ වුවත්, ඒවා ලියා තැබීම ඔබ කළ යුතුය. එසේ කළ විට, ඒවා කරා ළඟා වීමට ඔබට ධෛර්යය ලැබෙනු ඇත. ඒ සඳහා ඔබේ සිත පෙළඹෙනු ඇත.

    තෙවැනි පියවර වන්නේ, ඔබේ අනාගත සැලැසුම්වලට මඟ පාදා දෙන එක දීර්ගකාලීන ක්‍රියාකාරකමකට අත ගැසීමය. එසේ නොකරන්නේ නම්, ඔබ සැමදා ඒකකාරී වේවි. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී, අලුත් දෙයක් එසේත් නැතිනම් වෙනස් දෙයක් ඔබ කළ යුතුයි. එසේ කටයුතු කළොත්, සතිය අවසන් වෙද්දී ඔබේ ප්‍රධාන අරමුණ කරා ටිකෙන් ටික ඔබ ළං වනු ඇත.

    සිවුවැනි පියවර වන්නේ, ආපසු හැරී නොබැලීමය. කිසිවක් ගැන පසුතැවෙන්නේ නැතිව ඔබ කළ යුත්තේ ඉදිරියට යෑමය. අතපසුවීම්, දුක් දොම්නස් ගෙන දෙන සිදුවීම් ගැන පසුතැවෙමින් සිටීමෙන් ඔබ වැළැකිය යුතුය. දුක්මුස් වේදනාකාරී මතකයන් ඇතිනම් ඒවා අමතක කර, සිතට මෙන්ම ගතට ද සහනයක් සතුටක් ගෙනෙන අලුත් මතකයන් ඇති කර ගත යුතුයි. ‘අයියෝ, මං එහෙම නොකර සිටියා නම්’ ‘ඇයි මං එහෙම කළේ’ ආදී ප්‍රශ්න අසන්න යන්න එපා. එවැනි ප්‍රශ්න අසමින් මනසට වද දෙන්න එපා. මඟ හැරුණු සියල්ල අමතක කර, ජීවිතේ අර්ථවත් කර ගත යුතුය. රැකියාව දියුණු කර ගන්නේ කෙසේද ? සැමියාට හොඳ බිරියක, බිරියට හොඳ සැමියකු වන්නේ කෙසේදැයි සිතිය යුතුයි. ඔබ ඔබේ අරමුණු කරා යා යුතුයි. ඊයේ දිනය ඔබට අමිහිරි වුවත් අද හෙට දිනය සොදුරු දිනයක් බවට පත් කර ගැනීම කළ හැක්කේ අන් කිසිවකුට නොව, ඔබටම පමණි.

    පස්වැනි පියවර වන්නේ, හේතු ඉදිරිපත් කිරීමෙන් වැළැකීමය. අපට අපේ අරමුණු කරා යෑමේදී බාධා එල්ල වෙයි. එම බාධාවලට හේතු ඉදිරිපත් නොකර බාධක ජය ගැනීම ඔබ කළ යුතුය. එම බාධා ඔබේ ජීවිත ගමනට හේතුවක්, එසේත් නැතිනම් සමාව දිය හැකි කරුණක් නොකර ගත යුතුයි. බාධක එකිනෙක ජය ගනිද්දී, ඔබ තව තවත් ශක්තිමත් වනු ඇත.

    නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය වන සය වැනි පියවර වන්නේ, ඔබ කරන කියන හැමදේකම වගකීම ඔබ බාර ගැනීමය. ඔබට සිදුවන දේවල් සම්බන්ධයෙන් වරද වෙන අයට පැටවිය යුතු නැත. වෙන අයට දොස් පැවැරිය යුතු වන්නේ ද නැත. ඔබ සම්බන්ධයෙන් කරන කියන සහ සිදුවන සියලුම දේට වගකිව යුත්තේ ඔබම පමණි. එහෙයින්, දෛනික සැලැස්මකට ඔබ කටයුතු කළ යුතු වෙයි. දිනපතා ව්‍යායාම ගත යුතුය. ඔබේ ජීවිතය ක්‍රිකට් ක්‍රීඩාවක් යැයි සිතන්න, එහිදී ඔබ සිටින්නේ ප්‍රේක්ෂකාගාරයේ හෝ ඔල්වරසන් දෙන්නන් අතරේ හෝ නොවේ. පුහුණුකරු ඔබ නොවේ. ඔබයි පිටිය මැද සිටින පිතිකරු හෝ පන්දු යවන්නා. ඔබ ඔබට ඕනෑ විදියට ක්‍රීඩාව වෙනස් කර ජය ගත යුතුයි. කරන කියන හැමදේකම වගකීම බාර ගනිමින් යන්න ඉදිරියට.

    සත්වැනි පියවර වන්නේ, ඔබට ඔබේ අරමුණු කරා යන ගමනේදී එල්ල වන බාධා සහ බාධා කරන්නන් මඟ හැරීමය. එම බාධා තේරුම් ගන්න. බාධා කරන පුද්ගලයන් හඳුනා ගන්න. උදෑසන නීරෝගී ආහාර වේල අමතක කර කඩචෝරු කෑමෙක් වළකින්න. එසේ නොකරන්නැයි ඔබ ඔබටම විධානයක් දෙන්න. නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය විදියට ඔබ ජීවත් විය යුතුයි. ඔබ රේස් අශ්වයකු යැයි සිතන්න. රේස් අශ්වයකුට ඇස් ආවරන පළදවන්නේ අවට කිසි දෙයක් නොපෙනී, ඉදිරිය පමණක් පෙනෙන ලෙසිනි. ඔබත් ඉදිරිය පමණක් බලන්න, ඔබේ අරමුණු කරා යන ගමනේ දී, වටපිට නොබලන්න. එසේ යද්දී ඔබට සුළු සිත් තැවුල් ඇතිවේවි. අපහසුතා ඇතිවේවි. එහෙත් හෙට දවස යහපත් වේවි. ඔබ ඔබටම ස්තුති කර ගනු ඇත.

    අට වැනි පියවර නම්, අනාගතය ගැන සිතීමයි. සිතන්න අදින් තව වසර 20 කින් ඔබ කොතැන සිටීවි ද ? කොහොම කෙනෙක් වේවිද ? වසර 20 කින් ඔබ මහල්ලකු වී සිටීවි. අරමුණු කරා ගොස් ඒවා ඉටු කරගත් කෙනෙකු ලෙස ඔබට ඔබ දැකිය හැකිදැයි සිතා බලන්න. ඒ අනුව ඉදිරියට යන්න උත්සහ ගත යුතුය. නව වැනි පියවර වන්නේ, ඔබ ළං කර ගත යුත්තේ ඔබ මෙන් ධනාත්මක දැක්මක් ඇති පුද්ගලයන්ය. ඔබ ස්ථුල පුද්ගලයකු නම්, ඔබ සමීපව ඇසුරු කර ගත යුත්තේ, ඔබට ඔබේ අධි බර අඩු කර ගැනීමට උපදෙස් දෙන සහ සහාය දෙන අවංක පුද්ගලන් පමණි. ‘අයියෝ මොනවා කරත් බර අඩු කර ගන්න බැහැ’ යැයි මැසිවිල නගන මිතුරන් ඇසුරු කිරීමෙන් වැළකිය යුතුය. ධනාත්මක චිත්තනය ඇති ඔබට නිවැරදි උපදෙස් ලබා දෙන මිතුරු මිතුරියන් පමණක් නොව, නෑදෑයින් පවා ඔබ ඇසුරු කළ යුතුය. ඔබේ අරමුණුවලට සමාන අරමුණු ඇති අය ඇසුරු කිරීමෙන් ඔබට ඔබේ අරමුණු වෙත යෑමට ශක්තිය සහ ධෛර්යය වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න, එකිනෙකාට උදවු කර ගන්න.

    දස වැනි පියවර වන්නේ, ව්‍යායාමවලට ආදරේ කිරීමය. ව්‍යායාම කිරීම සතුටින් කළ යුතු දෙයකි. එය මනසට හෝ සිරුරට වදයක් හෝ කරදරයක් හෝ නොවිය යුතුය. මානසික සංවර්ධනය ද එසේමය. ව්‍යායාම නොකර සිටීමට හේතු ඇති කර ගත යුතු නැත. උදෑසන හෝ සැවන්දෑවේ ඇවිදීමට ඔබ ප්‍රිය කරන තැනක් තෝරා ගැනීම කළ යුතුය. සුන්දර නැවුම් වාතයෙන් පිරිසරයක් ඒ සඳහා තෝරා ගත යුතුය. එසේ ඇවිදින විටදී, ව්‍යායාම සඳහා ඇවිදිනවා යැයි සිතන්න. වටපිට බලමින් නොයන්න. ඇවිදීම පමණක් නොව, ක්‍රීඩා කරන්න, ඇරොබික්ස් සහ යෝග ව්‍යායාම ද ඔබ නිරෝගීව තැබීමට උපකාරී වෙයි. ඔබ නර්තනයේ යෙදෙන්නකු නම්, ගෙවතු අලංකරණය කරන්නකු නම්, වත්තේ වැඩපල කරන්නකු නම් එය ද ව්‍යායාමයක් වනු ඇත. ව්‍යායාම කිරීමට නොහැකි නම්, පා පැදියක් භාවිතා කරන්න. එවිට ඔබට ව්‍යායාම උපකරණ අවශ්‍ය වන්නේ ද නැත. ඔබට සතුට ගෙන දෙන විදියේ, ක්‍රියාකාරකම් තෝරා ගැනීම ඔබ කළ යුතුවෙයි.

    අවසන් වශයෙන්, නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය අමතර කාරණාවක් වන්නේ, ඔබට කළ හැක්කේ දැනට ඔබ කරන ප්‍රමාණය පමණක් යැයි කිසිම විටෙක සිතන්න යන්න එපා. ඔබට කළ හැකි දේ බොහොමයි. ඔබට බැරි දෙයක් නැතැයි යන සිතුවිල්ල සහ අධිෂ්ඨානය පමණක් ඔබට ප්‍රමාණවත් වෙයි. නීරෝගී ජීවන රටාවක් සඳහා ඔබ සකස් කරන මඟ එළිපෙහෙළි කර දීමට එම අධිෂ්ඨානයට හැකි වනු ඇත. ඔබ අවංකවම ඒ ගැන සිතන්න, එවිට ඔබට කරන්න බැරි දෙයක් නැත. ළඟා වීමට බැරි තැනක් නැත.

    [rns_reactions]

  • පුටුවෙන් යන දත් ගලවන රූප සුන්දරී

    ඉන්දියාවේ ‍බෙංගාලුරූස්හි ජීවත්වන රාජාලක්ෂ්මීට උපතින් ම සුන්දර රූ සපුවක් සහ තියුණු බුද්ධියක් හිමි විය. ඇගේ අනාගත බලාපොරොත්තුව වූයේ දන්ත වෛද්‍ය විශේෂඥවරියක් වීමය. ඇය පාසැල් කාලයේ සිටම උනන්දුවෙන් එම විෂය ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යනය කළා ය. එහෙත් අවාසනාවකට අවුරුදු 21 වන විට ඇය දරුණු රිය අනතුරකට ගොදුරු වුවා ය. අනතුරින් පසුව ශල්‍ය කර්ම කිහිපයක්ම කළ ද ඇගේ සුසුම්නාවේ ආබාධිත තත්ත්වය සුව කළ කොහැකි විය. ඒ හේතුවෙන් ඇය ජීවිත කාලය රෝද පුටුවේ ගත කිරීමට සිදු විය. ඒ වුවත් රාජාලක්ෂ්මී දන්ත වෛද්‍ය විශේෂඥවරියක වීමේ සිහිනය අමතක නොකළා ය. ආබාධිත ජීවිතය පිළිබඳ පසුතැවිලි නොවී ධනාත්මකව සිතා කටයුතු කළ ඇය මේ වන විට දී තමන්ගේම දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයේ දන්ත වෛද්‍ය විශේෂඥවරිය ලෙස කටයුතු කරන්නී ය. ඊට අමතරව ඇය සතුව විවිධ දක්ෂතා රැසකි.

    වෘත්තීමය උපදේශිකාවක් මෙන් ම පරිසර ගවේෂිකාවක්, අසරණයින්ට පිහිටවන දානපතිනියක් මෙන් ම මෝස්තර නිරූපිකාවක් ලෙස ඇය වර්තමානයේ දී රෝද පුටුවකට වී ජීවිතය දිනු ඉන්දියාවේ ප්‍රසිද්ධතම කාන්තාව වශයෙන් හඳුන්වති. ඇය ආබාධිත කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පදනමේ සභාපති වශයෙන් ද කටයුතු කරන්නී ය. තමන්ගේ ජීවිත කථාව ආදර්ශයක් ලෙස ගෙන ඇය අනිකුත් කාන්තාවන්ට ද තමන්ට හිමිව ඇති දෑ තුළින් ජීවිතය ජයගන්නා ආකාරය කියා දෙන්නීය.

    රාජාලක්ෂ්මීට 2014 වර්ෂයේ දී Miss Wheelchair India තරගාවලියෙන් ජයග්‍රහණය හිමි කර ගත්තා ය. එමෙන් ම 2015 වර්ෂයේ දී Orion මෝස්තර නිර්මාණ සතියට සහභාගී වූවාය. ඇය 2014 වර්ෂයේදී රූ රැජීණික් වී ලබා ගත් අත්දැකීම් 2015 වසරේ තරඟාවලියට සහභාගී වු යුවතියන්ට ද කියා දුන්නේ සමාජ මෙහෙවරක් ලෙසිනි. අබාධිත තත්ත්වය කොතරම් දරුණු වුවද ඇය හා සමාන සුන්දර එහෙත් ආබාධිත නොවූ යුවතියන්ට ද ඇය කිසිඳු උපදෙස් දෙන්නීය.

    ගෟහ නිර්මාණකරණය,ගායනය,චිත්‍ර ඇදීම,පිහිනීම වැනි විවිධ අංශයන්හි තරග සඳහා සඳහා රටවල් 11 කට පමණ ගොස් ඇතැම් තරගවලින් ජයග්‍රහණය හිමි කර ගෙන ඇත. ඉන්දියාවේ යටිතල පහසුකම් පිළිබඳව සොයා ලබා ඒ පිළිබඳව මිනිස් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇය විසින් මෙහෙය වන්නේ සාමාන්‍ය කාන්තාවක පරිද්දෙනි. බාහිරින් ඇය රෝද පුටුවකට වී සිටිය ද ඇගේ සිත ශක්තිමත්ය.

    “මම කැමතියි මගේ මෝටර් රථය පඳවා ගෙන ගොස් මගේ එදිනෙදා රාජකාරී කරන්න. ඒක මට ලොකු සතුටක්. මම මගේ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන් පැමිණෙන තෙක් සිටින විට බො‍හෝ රෝගීන් මා දෙස පුදුමයෙන් බලනවා. ඔවුන් හිතන්නේ මමත් රෝගීයෙක් කියලා.” යනුවෙන් ඇය ප්‍රකාශ කළා ය.

    අහිමි වු දෑ පසුපස ගොස් නිකරුණේ ජීවිතය විනාශ කර ගන්නා තරුණ පරම්පරාවට රාජාලක්ෂ්මී ආදර්ශයකි. මිනිසුන්ගේ දත් හා සම්බන්ධ ගැටලු විසඳාලීමට ඇය විවිධ ප්‍රදේශවලට ගොස් වැඩමුළු පවත්වයි.

    පොතපතින් ලබා ගන්නා දැනුමටත් වඩා රාජාලක්ෂ්මීගේ ජීවිතයෙන් සෑම කාන්තාවකටම ගත යුතු යමක් අන්තර්ගතව ඇත. ඇගේ ජීවිතයෙන් එක් පුද්ගලයෙකුට වුව ද තම ජීවිතය ධනාත්මකව ජය ගැනීමට අස්වැසිල්ලක් වන බව මාධ්‍ය වර්තා කරයි.

    [rns_reactions]

  • පරිගණකය සුද්ද කරන හැටි

    දූවිලි, මකුළු දැල් කියන්නේ අපේ ජීවිතේට නැතුවම බැරි දේවල් දෙකක්. කවුරු අපිට අකමැති වෙලා දාලා ගියත් දූවිලි නම් එහෙම ලේසියෙන් දාලා යන ජාතියේ එකක් නෙවෙයි. මකුළුවොත් කොච්චර මකුළු දැල් කැඩුවත් “ඔබ සොයා එන්නෙමි මා හදේ මකුළුවා”කියලා ආයෙත් ඇවිත් බූත ගුහාවක් වගේ වෙන්නම ආයෙ සැරසිලි ටික කරලා දෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මෙහෙම කළාම ඒක අපේ ඉලෙක්ට්‍රොනික බඩුවලට විශේෂයෙන් පරිගණකයට වාවන්නේ නැහැ. එහි තිබෙන කවුළු අවහිර වුණාම ඇතුළේ ජනනය වන මහා රස්නය පිට කරගන්න බැරුව අමුතු සද්දවලින් කෑ ගහන්න සහ පරිගණකයේ වේගය අඩු වෙන්නත්, ඉක්මණින් ම තිබෙන කොටස් පිච්චෙන්නත් ඉඩකඩ ලැබෙනවා වැඩියි. මේ නිසා අපි බලමු අපිට පුළුවන් හැටියට සහ පරිගණකයට හානියක් නොවෙන්න එය සුද්ද බුද්ද කරගන්නේ කොහොමද කියලා.

    හැබැයි ඔක්කෝටම කලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඩෙස්ක්ටොප් කම්පියුටරේ හෝ ලැප්ටොප් එකේ කෑලි ගලවලා සුද්ද කරද්දී එහි වගකීම් සහතියකට හානි වෙනවා කියන එක. බොහෝ වෙලාවට ඉතින් කම්පියුටරේට දූවිලි එහෙම බැඳිලා එනකොට වගකීම් සහතිකේ මකුළු දැල් බැඳිලා කල් ඉකුත් වෙලා ගසුත් පැළවෙලා. හැබැයි ඉතින් සේරටම කලින් ඒ ගැන කල්පනාකාරී වෙලා ඉන්න. මොකද, මේ කියන කිසිම දෙයක් නිසා ඔබේ පරිගණකයේ වගකීම් සහතිකයට හානි සිදු වුණොත් අපිට එයට වග කියන්න බැහැ. මෙහි තිබෙන පියවර ඉතා ආරක්ෂාකාරී ඒවා තමයි. හැබැයි ඔබේ අත් වැරැද්දක් නිසා මොනවා හරි පරිගණකයට වෙනවා නම් එයටත් අපිට වගවෙන්න බැරි බව මුලින්ම කියන්න ඕන.

    අපි ඩෙස්ක්ටොප් පරිගණකයක් සුද්ද කරන හැටි බලමු. මුලින්ම පද්ධති ඒකකයේ ඒ කියන්නේ ස්ක්‍රීන් එක හැරුණාම ඇතැම් ඒවායේ කණුවක් වගේ තිබෙන බොහෝ දෙනෙක් වරදවා කියන CPU එක. CPU කියන්නේ පද්ධති ඒකකය හෙවත් සිස්ටම් යුනිට් එක ඇතුළේ තිබෙන කුඩා කොටසක් විතරයි. දැන් එහි තිබෙන සියලුම සබඳතා එනම්; මොනිටරය, මූසිකය, යතුරු පුවරුව ආදී වූ වයර්වලින් ඉවත් කර හොඳින් ඉඩ තිබෙන ස්ථානයකට සිස්ටම් යුනිට් එක ඉවත්කර ගන්න. ගෙදරින් එළියට වගේ නම් තවත් හොඳයි. එතකොට අස්කරන දූවිලි ආයේ අතුගාන්න වෙන්නේ නැහැ.

    දැන් මේක ගලවමු. මෙහෙම ගලවන්න කලින් ගැලවීම වළක්වාලමින් පරිගණකය විකිණීම සිදු කළ ආයතනය විසින් වගකීම් සහතිකය රැක ගැනීම සඳහා ස්ටිකර අලවා ඇති දැයි සැලකිලිමත් වෙන්න. බොහෝ සිස්ටම් යුනිට් ඉස්කුරුප්පු නියන් නැතිවම අතින් ගැලවිය හැකි විධියට ඇණ දාලා පිට කවරය සවිකර තිබෙනවා. සමහර ඒවායේ නම් බොත්තමක් එබීම මඟින් සම්පූර්ණ පිටත කවරයම විවෘත කරන්න අවකාශ සලසා තිබෙනවා. පියන ඉවත් කිරීමෙන් පස්සේ එහි දුහුවිලි වැඩිපුර තිබෙන ස්ථානවල මෘදු කෙඳි තිබෙන බුරුසුවකින්, යන්තමින් අභ්‍යන්තර කොටස්වලට හානි නොවන සේ පිරිසිදු කරන්න. විශේෂයෙන් ෆෑන්වල බැඳී ඇති දුහුවිලි හොඳින් ඉවත් වන සේ පිස දමන්න. එහිදී පරිගණකයෙන් ඉවතට එම දූවිලි ඉවත් වන සේ පිස දාන්න.

    ඊට පස්සේ අත්වැසුම් දාගෙන හෝ ඉතා අවම වශයෙන් ද අත් දෙක ගෑවෙන අාකාරයට RAM කාඩ් ගලවලා ඒවා සවි වී තිබූ කුහර බුරුසුව ආධාරයෙන් පිරිසිදු කරන්න. RAM කාඩ් ගැලවීමේ දී ද ඒවායේ දෙපස ඇති pinවලින් නිදහස් කරලා ප්‍රවේශමෙන් ගලවන්න අමතක කරන්න එපා. ඒවා ඉතා සියුම් නිසා අතේ තිබෙන ස්ථිති විද්‍යුත් ආරෝපණවලින් පවා හානි සිදු වෙන්න පුළුවන්. දැන් අත් වැසුම් එක්කම මකනයක් හෝ මෘදු රබර් කැබැල්ලක් ආධාරයෙන් එහි යට කොටසෙහි ඇති ලෝහමය ඉරි වැනි කොටස් පිස දමන්න. එහෙම කළාම ඒවායේ බැඳී තිබෙන මලින වීම් ඉවත් වෙලා විද්‍යුත් සබඳතාවය ඇති වෙනවා. දැන් හැමදේම කලින් තිබුණු විධියටම සවි කරලා කවරයත් ඇණ සවි කිරීම හෝ ක්ලික් හඬ නැගෙන සේ තද කර ලොක් කරගන්න.

    මොනිටරය පිරිසිදු කිරීමේදී ගෙදර තිබෙන්නේ CRT හෙවත් පිටිපස්සේ ගෙඩියක් වගේ දිගට තිබෙන ආකාරයේ එකක් නම් එතරම් බය වෙන්න දෙයක් නැහැ. එය ආස්‍රැත ජලයෙන් හෝ රුපියල් පන්සියයකටත් අඩු මිලකට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි කම්පියුටර් ස්ක්‍රීන් ක්ලීනින් කිට් එක්ක ලැබෙන දියර භාවිතයෙන් ඒ එක්කම ලැබෙන රෙදි කැබැල්ලකින් පිස දැම්මාම ඇති. ඒ වගේම එහි පිටුපස තිබෙන වායු කවුළුත් බුරුසුවකින් සුද්ද කරන්න. හැබැයි කුණු එළියට වැටෙන්න. නැත්නම් ඒවා තව ඇතුළට ගිහින් ඔක්කොම පිච්චිලා යන්නටත් පුළුවන්. මේ කාලේ LCD මොනිටර බහුලයිනේ. ඒ කියන්නේ ගොඩක් සිහින් ස්ක්‍රීන් තිබෙන ඒවා. මේවාට නම් පිසදැමීමෙදී අත තද නොකර කරන්නට වග බලා ගන්න ඕන. නැත්නම් ස්ක්‍රීන් එක උඩ නොමැකෙන පැල්ලම් ඇති වෙනවා.

    මුලින්ම මෘදු කෙඳි බුරුසුවකින් එහි තිබෙන ලොකු දූවිලි කැබලි ඉවත් කරගන්න. ඊට පස්සේ තිර පිරිසිදු කිරීමේ දියරවලින් ටිකක් ස්ප්‍රේ කරන්න. ඉන්පසු මෘදු රෙදි කැබැල්ලකින් සෑම දාරයක්ම ආවරණය පිසදා ගන්න. හැම විටම රෙදි කැබැල්ලේ එක් තැනකින්ම පිහදාන්න එපා. එතකොට මුලින් තිබුණු දූවිලිවලින් වෙනත් තැනක් සීරී යන්න පුළුවන්.

    මේ ටික හරියට කර ගත්තොත් පරිගණකය අලුතින් ගත්තා වගේ පෙනුමක් වගේම වේගයත් ටිකක් වැඩි කරගන්න ඔබට හැකියාව ලැබේවි. මාසෙකට සැරයක් වත් ස්ක්‍රීන් එකත්, වැඩිය දූවිලි වදින්නේ නැති තැනක පරිගණකය තිබෙනවා නම් මාස දෙක තුනකට විතර සැරයක් පද්ධති ඒකකයත් මෙහෙම පිරිසිදු කරන්නට පුළුවන් නම් පරිගණකයේ දිගු කල් පැවැත්මට ඒක විශාල පිටිවහලක් වේවි.

    [rns_reactions]

  • උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතුයි – ආර්. සම්බන්ධන්

    දැනට රටේ ක්‍රියාත්මක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සිංහල හා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වන හෙයින් උතුරු නැගෙනහිර පළාත් දෙකේ රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතු යෑයි දෙමළ ජාතික සංධානයේ නායක හා විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය

    විපක්‌ෂ නායකවරයා එසේ කියා සිටියේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම අමතමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සම්බන්ධන් මහතා මෙසේ කියා සිටියේය. වර්තමානයේ අපි ජාතික සමගිය සංහිඳියාව පිළිබඳව කතාකරනවා. අපි සියලු දෙනාම එක හා සමානයි කියනවා. නමුත් රැකියා අවස්‌ථා ලබා දීමේදී දෙමළ තරුණයන්ට අසාධාරණයක්‌ වනවා. මේ නිසා දෙමළ තරුණයන් කළ කිරීමට පත්වෙලා ඉන්නවා. මේ නිසා තවත් ප්‍රශ්නයක්‌ මතු වෙන්න පුළුවන්. ආණ්‌ඩුව දෙස තරුණයන් වෛරයෙන් බලන්න පුළුවන්. ඒ තත්ත්වය නැති කිරීමට නම් රැකියා ලබා දීමේදී ජන අනුපාතය මත කටයුතු කරන්න වෙනවා.

    අලුතෙන් හදන ව්‍යවස්‌ථාව පිළිබඳව රටේ කතා වෙනවා. රට බෙදනවා කියනවා පෙඩරල් ක්‍රමයක්‌ දෙන්න යනවා කියනවා. දකුණේ සිංහල ජනතාව විවිධ ප්‍රචාරයන් ගෙනියනවා. නමුත් ව්‍යවස්‌ථාව කෙටුම්පත් කරලාවත් නැහැ. මේවා තියෙන්නේ සාකච්ඡා මට්‌ටමේ විතරයි. හැබැයි බලය බෙදීමක්‌ අවශ්‍යයි. ඒ දෙය සිදුවිය යුත්තේ නොබෙදුණු ඒකීය රටක්‌ තුළයි. එහෙම නැතිව අපි වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන්නේ නැහැ ජනාධිපතිතුමා අගමැතිතුමා පිළිබඳව අපේ විශ්වාසයක්‌ තිබෙනවා මේ ප්‍රශ්නවලට විසඳුමක්‌ දෙයි කියලා.

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ දෙමළ හා සිංහල භාෂාවන් රාජ්‍ය භාෂාවන් ලෙස පිළිගෙන තිබෙනවා. රටේ සෙසු පළාත් හතේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වන හෙයින් උතුරු නැගෙනහිර පළාතේ බහුතරයක්‌ වෙසෙන දෙමළ කතා කරන අය වෙනුවෙන් ඒ පළාත් දෙකෙහි රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතු යෑයි පැවැසීය.

    මෙම අවස්‌ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල්ලා මහරුෆ්, ඉම්රාන් මහරුෆ්හා තුරෙයිරත්නසිංහම් යන මහත්වරුද එක්‌ව සිටියහ

  • රට පාලනය කරන්නේ කවුද? මෙන්න අමාත්‍ය රවීගේ හෙළිදරව්ව (Video)

    අද රට පාලනය කරන්නේ අමාත්‍ය මණ්ඩලය නෙමෙයි, FCIDඑක බැදුම්කර කොමිසම වගේ ආයතනයි රවී හෙළිකරයි..

    ඔවුන් දඩ බල්ලන් වගේ ලිහලා හතර අතේ දසයමේ යවනවා. එහෙම උනාබ දේශපාලකයින් වගේම අවංක රාජ්‍ය නිලධාරීද තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන්න මැලි කමක් දක්වනවා. මොකද කොයි මොහොතේ කාගේ වුවමනාවට තමන්ව දඩයම් කරයිද නොදන්නා නිසා. අමාත්‍යවරයා මේ අදහස් පල කර සිටියේ කොළඹ පැවැති ජන හමුවක් අමතමිණි.

    https://www.facebook.com/FutureSriLanka1/videos/510660315966233/

  • චමින්ද වාස් යලි විවාහ වෙයි..

    ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණු චරිතයක් වන චමින්ද වාස් කියන්නේ හැමෝම ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

    ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් ගැන මේ දවස්වල වෙනස් කථා බහක් පැතිරෙමින් තියෙනවා.

    ඒ, දැනට වසර කිහිපයකට ප්‍රථම විවාහයෙන් වෙන් වුණු චමින්ද වාස් ආයෙමත් විවාහ වුණා කියලා.

    ඔහු මෙසේ විවාහ වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වී විදෙස් රටක ජීවත් වූ කාලයේදී හමුවූ බර්නි ද අල්විස් නම් කාන්තාවක් සමගයි.

  • මංගල රවීට තෑන්ක්ස් කරයි (VIDEO)

    2015 විනාශව තිබූ ආර්ථිකය ගොඩගෙන රට නිවැරදි මාවතට ගෙන ගියේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමයි. එතුමා ඒ වෙනුවෙන් කල මෙහෙවර මා මේ අවස්ථාවේ අගය කරන ගමන් වත්මන් මුදල් අමාත්‍යවරයා විදියට මාගේ ගෞරවය හා ප්‍රණාමය ගරු රවී කරුණානායක මැතිතුමාට පුද කරනවා. 2018 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙලෙස ප්‍රකාශ කලේය

    වීඩියෝව පහතින් නරඹන්න

    https://www.facebook.com/FutureSriLanka1/videos/510819032617028/

     

  • තෙල් නිසා කැබිනට් එක පිච්චෙයි

    ඛනිජතෙල් අර්බුදය හේතුවෙන් ඊයේ දහවල් පැවැති කැබිනට් රැස්වීමද දැඩි උණුසුම්කාරී වී ඇත.

    ඛනිජතෙල් අර්බුදය පිළිබඳව ඇමැති අර්ජුන රණතුංග මහතා ඇමැති මණ්ඩලයට කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඇමැතිවරුන් කිහිප දෙනකු ඊට පක්ෂව හා විපක්ෂව අදහස් දැක්වීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිව තිබේ.

    දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි යන ඇමැතිවරුන් අර්ජුන රණතුංගට එරෙහිව අදහස් දක්වා ඇති අතර දයා ගමගේ ඇමැතිවරයා අර්ජුන රණතුංග ඇමැතිවරයාට පක්ෂව අදහස් දැක්වූ බව වාර්තා වේ.

    පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අදහස් දක්වමින් මෙය මාෆියාවක් බවත් මේ ගැන වහාම සොයා බැලිය යුතු බවත් සඳහන් කර ඇත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වමින් මේ ගැන වහා පරීක්ෂණයක් කළ යුතු බවත්, වගකිවයුතු අයට දඬුවම් දිය යුතු බවත් සඳහන් කර තිබේ.

    ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට ඇමැතිවරුන් සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් ද කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත.