Category: සුපිරි News

  • සනත් නිශාන්තගේ ගෝලයෝ පුත්තලමේ සිමෙන්ති ෆැක්ටරියක යකා නටයි..

    පසුගිය ආණ්ඩුව තිබියදී මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ කොන්ත්‍රාත්තුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සනත් නිශාන්තගේ ප්‍රබල ආධාර කරුවෙක් විසින් ලබා ගෙන තිබුනු අතර දේශපාලන බලපෑම මත එම ටෙන්ඩරය සමාගමට අවාසි වූවත් තබා ගැනීමට ඔවුන් ක්‍රියා කර ඇතැයි සඳහන වේ.

    මෙම ගැටළුවට මුල එම ටෙන්ඩරය අලුත් ආයතනයකට ලබාදීමත් , ආයතනයේ හරියට සේවය නොකර ආයතනයට පාඩු සිදුකරන ඇතැම් නිලධාරීන් සහ සේවකයන් නිත්‍යානුකූල ලෙස ඉවත්කර අලුත් සේවකයන් 30 ක්‌ පමණ ආයතනයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබීමත් හේතුවෙන් මෙම පිරිස කර්මාණ්ත ශාලාවෙන් ඉවත් නොවී කලහ කාරී ලෙස හැසිරෙන බව සැලවී ඇත.

     

  • ඡන්දය කල්දාන්නෙ පොහොට්ටුවයි… ෆොන්සේකා ආයෙත් නා ගනී (Video)

    ඡන්දෙ පහුවෙන්න පහු වෙන්න අවාසි වෙන්නේ යූ ඇන් පි යට බවත් එසේ ඡන්දය පහුකරන්නට පොහොට්ටුව උත්සාහ කරන බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය පිලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසන ලදී…

    එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

    “මැතිවරණ සම්බන්ධයෙන් පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේ අර පොහොට්ටුවේ කට්ටියනේ.දැන් ඒගොල්ලෝ තමයි රජයට දෝශාරෝපණය කර කර හිටියේ මැතිවරණය කල් දානවා අරවා මේවා කිය කිය.දැන් තියන්න ඔක්කොම ලෑස්තිවෙලා තියෙනකොට පේනවනේ කවුද බය වෙලා තියෙන්නේ කියලා. බය වෙච්ච අය තමයි මේ වෙලාවේ පෙත්සම් ගහන්නේ.ජනාධිපතිතුමා පොරොන්දුවක් දීලා තියෙනවා මේ මැතිවරණය මේ කාලේ ඇතුලෙදි පවත්වනවා කියලා. ඒක කල්දාන්න කිසිම හේතුවක් නෑ කියන එක එතුමා පිිලිඅරන් තියෙනවා. මුලු රජයම එක ස්ථාවරයක ඉන්නවා. අපිට පාඩුයි. අපි අපි කැමති නෑ. මේක කල් දාන්න.ඔක්කොම තියන්න තිබ්බෙ 2015 ජනවාරි 8 දිනපුවාම එක දිගට මැතිවරණ ටික තියන්න තිබ්බේ.මේවා කල් යන්න යන්න රජයටයි පාඩු.පහුවෙන්න පහුවෙන්න අපිට අවාසියි.මොකද අපේ තියෙන ජයග්‍රාහී මානසිකත්වය මේ රටේ ජනතාවට හිටපු ගමන් අමතක වෙලා යනවා.ඉතිහාසය අමතක වෙනවා. එහෙම ගතියක් තියෙනවානේ.”

     

  • මංගල බියර් අඩු කලේ සමලිංගකයින් පිනවන්නද ?

    ලංකාව තුල සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා විශාල උත්සාහයක් මේ වන විට පවතින බව නොරහසකි.ඒ සඳහා දේශිය මැති ඇමැති වරු රාශියක් උත්සාහ කරනු පසුගිය දින වල පෙනෙන්නට තිබූ අතර මංගල සමරවීර ඇමති වරයා එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී…

    පෙර ආණ්ඩු සමයවල් ලංකාව තුල වල සමලිංගක සේවනය ඉතා හොර රහසේ සිදු වූ අතර දැන් වන විට එය නොයෙක් සමලිංගික සමාජයන් නිර්මාණය කරගෙන ලංකාව පුරා පැතිර යන වෛරසයකි.මේ වන විට වෙනම සමලිංගික සාද , අවුරුදු උත්සව , අවුරුදු කුමාරි හා Miss Sri lanka(LGBT) තෝරන තරම් පැතිර ඇත.ඔවුන් සුපිරි හෝටල් වල මෙම සාද පවත්වන අතර අපේ පාර්ලිමේන්තුවේ මෛත්‍රී වරුන් පිරිසක්ද මෙම සාද වලට හොර රහසේම සහභාගී වන බවට ආරංචි ලැබී ඇත.

    හොර රහසේ සුපිරි හෝටල් වල පවත්වන මෙම සාද වලට අරක්කු විස්කි බ්‍රැන්ඩි ජින් ඇතිපදම් සපයන අතර වැඩි වශයෙන්ම මෙම සමලිංගිකයින් බීමට කැමැත්තක් දක්වන්නේ බියර්ය… එබැවින් මෙම සංමලිංගික සමාජයන් පවත්වාගෙන යන්නඋන් හට ඔවුන්ට NGO වලින් ලැබෙන මුදලෙන් වැඩි කොටසක් බියර් සඳහා වැයවේ…

    සමලිංගික පනත මෙරට ස්ථාපිත කිරීමට වැඩි පුරම වලි කන ඇමති මංගල විදේශ හා මුදල් ඇමති වීම ඔවුනට මහත් ඵල මහත් ආනිසන්ස ගෙනදෙන්නක් බව මෙවර අයවැයෙන් බියර් අසීමාන්තිකවම අඩුවීමෙන් සක්සුදක් සේ පැහැදිලිය….

     

     

  • හමුදාවට පොදුසමා කාලය දීර්ඝ කරයි

    නිවාඩු ලබා යළි සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යානුකූලව ඉවත් වීම සඳහා ප්‍රකාශයට පත් කර තිබූ පොදුසමා කාලය 22 වැනිදා දක්‌වා දීර්ඝ කර ඇත.

    ඔක්‌තෝබර් මස 23 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්‌වා පොදුසමා කාලය ප්‍රකාශයට පත් කර තිබූ බව ද, පොදුසමා කාලය දීර්ඝ කරන ලෙසට ලද ඉල්ලීම් මත මෙසේ පොදුසමා කාලය දීර්ඝ කළ බව ද යුද හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා දන්වා සිටි…

  • ඔබත් සුරතල් මසුන් ඇතිකරනවනම් මේ පිළිබද සැලකිලිමත් වෙන්න

    අද සමාජයේ විසිතුරු මසුන් ඇති කිරීම ලොකු කුඩා කොයි කා අතරන් ජනප්‍රිය විනෝදාංශයක් සහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. සෑම සතෙකුට මෙන් මත්ස්‍යයින්ටත් අවශ්‍යතා ඇත. මිනිසා විසින් මත්ස්‍යයින්ව ස්වභාවික පරිසරයෙන් ඉවත් කර කෘතිම ජීවන රටාවකට හුරුකර ඇත. නමුත් ඒ නිසා ඔවුන්ට අහිමි වන දේ බොහෝයි. බොහෝ විට ඔවුන් ජීවිතයෙන් පවා වන්දි ගෙවයි. ඔවුනට සිදුවන හිරිහැර ආදිය ගැන මිනිසාට අවබෝධයක් නැති තරම් ය. ඔවුනට සිදුවන හිරිහැර සහ එසේ නොවීමට ඔවුන් වෙනුවෙන් ඔබ වග බලා ගත යුතුය..

    අපට මෙන්ම මත්ස්‍යයින්ටත් ජීවත් වීමට අත්‍යාවශ්‍ය සාධක ඇත. ජලය ඉන් ප්‍රධාන වේ.

    ජලය

    ජලයේ ගුණාත්මක භාවය ගැන බොහෝ දෙනා විසින් නොසලකා හරින, එහෙත් සැලකිලිමත් විය යුතුම දෙයක් වේ. අපි බලමු කොහොමද ජලයේ ගුණාත්මක භාවය මසුන්ට හිතකර ලෙස පවත්වා ගෙන යන්නේ කියලා.

    දින දෙකකට වරක් වත් මත්ස්‍ය ටැංකියේ ජලය අඟල් කිහිපයක් (2-3ත් අතර) ඉවත් කර අළුත් ජලය එක් කරන්න. (මේ සඳහා ක්ලෝරීන් මිශ්‍ර ජලය යොදා ගත්තාට ගැටළුවක් නැත)
    බොහෝ දෙනා මත්ස්‍ය ටැංකි සඳහා යොදා ගන්නේ කෘතිමව සැකසූ (ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යවලින් නිපැයූ) පැලෑටි වර්ගයන් ය. නමුත් හැකි සෑම විටම ස්වභාවික ජලජ පැලෑටි සිටුවා ගැනීමට වගබලා ගන්න. (බොහෝ මත්ස්‍ය විශේෂ මේවා කා දමයි. මන්ද ඔවුනට අවශ්‍ය විටමින් වර්ග සහ පෝෂ්‍ය පදාර්ථ සපුරා ගැනීමට ඇති මාර්ගයක් නිසාවෙන්. ප්ලාස්ටික් පැල ටැංකියට දැමී‍මෙන් අපට අලංකාර ලෙස පෙනුනත් මසුන්ට එයින් ඇති සෙතක් නැත. ස්වභාවික පැලෑටි ටැංකියේ සිටුවා ගැනීමෙන් ටැංකිය තුළ සිදුවන ජල විෂවීම් බොහොමයක් ස්වභාවිකවම පාලනය වේ. ජලයේ ඇති බොහෝ විෂ කොටස් ශාක මගින් උරා ගැනීම සිදුවේ. මත්ස්‍යයින්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍ය ශාක වැඩීමට අවශ්‍ය පොහොර ලෙස ස්වභාවිකවම යෙදවේ. නමුත් අනවශ්‍ය පරිදි ශාක යෙදීම ද හිතකර නොවේ. එය රාත්‍රී කාලයේ දී ටැංකිය තුළ ඔක්සිජන් ප්‍රමාණය අඩු කිරීමටහේතු වේ. එහිදී ඔක්සිජන් අඩු වීමෙන් මසුන් මිය යා හැක.
    ටැංකියේ මත්ස්‍ය ගහණය පාලනය කරන්න. (කුඩා ටැංකියක මසුන් විශාල ගණනක් යෙදීමෙන් වළකින්න) එමගින් ජලය ඉතා ඉක්මණින් අපිරිසිදු වන අතර මසුන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබී යයි. එයින් මසුන් මිය යා හැක.
    ආහාර දීමේ දී විනාඩි 5-6ත් අතර දී ආහාරයට ගෙන අවසන් කළ හැකි පරිදි ආහාර කුඩා ප්‍රමාණය බැගින් ලබා දෙන්න. යම් හෙයකින් ටැංකිය පතුලේ ආහාර කැබලි රැඳී ඇත්නම් වහාම ඒවා ඉවත් කරන්න. එය ජලයේ ගුණාත්මක භාවය රැක ගැනීමට කළ යුතුම දෙයකි.

    මත්ස්‍යයින්ට අවශ්‍ය පරිසරය සකසන්න

    ඔබට අවශ්‍ය මත්ස්‍ය විශේෂය ටැංකියට දැමීමට පෙර එම මත්ස්‍ය විශේෂය සඳහා අවශ්‍ය කුමන පරිසරයක් ද, යන්න සොයා බලන්න. සමහර මත්ස්‍ය විශේෂ සැඟවී සිටීමට කැමත්තක් දක්වයි. (බොහෝ සික්ලි විශේෂ) අප ඒ සඳහා ඔවුනට අවශ්‍ය පරිසරය සකසා දිය යුතු ය. එසේ සකසා දීමෙන් ඔවුන්ගේ ස්වභාවික චර්යා අපට අධ්‍යයනය කිරීමට අවකාශය සැලසේ. එමෙන්ම එමගින් ඔවුන් පහසුවෙන් අභිජනනය වීමද සිදුවේ.

  • ප්‍රින්සිපල්ගෙන් සංවර්ධන සමිතියේ ලේකම්ට ගුටි…(Video)

    වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ පරක්කු වී සේවයට වාර්ථා කිරීම ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කරන්න ගිය සංවර්ධන සමිතියේ ලේකම් වරයාට කුපිත විදුහල් පති වරයා පහර දුන්නේ මෙහෙමයි….

  • ප්‍රභාකරන් යලි ඉපදේ.. උතුරු පළාත් අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි…(Video)

    උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේස්වරම් අද වව්නියාව ඉරට්ටෙපෙරියකුලම් පැරකුම් මහ විද්‍යාලයේ පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කොට ඇති අතර මෙහිදී උත්සවය සංවිධානය කල මංවිධායක මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
    රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරන මොහු වන් අය මේ ඉල්ලන්නේ ප්‍රභාකරන්ගේ නම් ඒ කෘර ත්‍රස්තවාදියාගේ දෙමල ඊලම නොවේද? එකම රටේ ජාතික ධජය පිළිගන්න බැරි මොවුන් මෙම රටෙන් පිටුවහල් කරන්න වටිනවා නේද?

  • පුංචි ඡන්දයට එරෙහිව ඉදිරිපත් කල පෙත්සමේ තීන්දුව 22 දා…

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම අද(16) විභාගයට ගත් අතර එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැදවූ මෙම පෙත්සමේ එම ගැසට් පත්‍රය සඳහා පෙත්සම් කරුවන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය පිළබඳ
    තීන්දුව ලබන 22 දා ලබාදෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇත.

    එහිදී මැදහත්කාර පාර්ශව ලෙස එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , පොදුජන පෙරමුණ සහ පැෆරල් සංවිධානය මෙම පෙත්සම් වලට සිය විරුද්ධතාවය පලකරන ලදී. මෙම පෙත්සම් මගින් පළාත් පාලන මැතිවරණය අනවශ්‍ය ලෙස කල් තැබීමට මෙම පෙත්සම් මගින් උත්සාහ දරනවා යැයි එම පාර්ශව වලින් පෙනී සිටි නීතීඥවරු පැවසන ලදී.ඒ හේතුවෙන් ජනතාවගේ උත්තරීතර අයිතියක් වන ඡන්ද බලය උල්ලංඝනය වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා අතර මේ හේතුවෙන් නීතිපති වරයාද මෙම පෙත්සම සම්බන්දව මූලික විරෝධතා ගොණු කර ඇති බව අධිරකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම ගැසට් නිවේදනය මෙම වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති අතර මේ වන විට ඊට මාස නමයකට යැඩි කාලයක් ගත වී ඇති නිසා ඒ අනුව එයට එරෙහි වීමට කාලය ඉක්මවා ඇති බව නීතිපති වරයාගේ විරෝධතාවයේ දැක්වේ.මෙම පෙත්සම මැතිවරණ සම්බන්ධව බැවින් එය විමසීමට බලය ඇත්තේ අභියායචනාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාදිකරණයට බවත් නීතිපති වරයා ගොණු කල විරෝධතාවයේ සඳහන් බව අධිකරන ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහන් වේ.

  • බුදුරුවක් උරහිසේ පච්චකොටාගෙන ආ බ්‍රිතාන්‍ය කාන්තාවට රජයෙන් ලක්ෂ 7 ක වන්දියක් ගෙවන ලෙස ලංකාවේ උසාවියෙන් තීන්දු කරයි…

    ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තම උරහිසේ බුදුන්ගේ රුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කාන්තාවක් විසින් ගොනු කොට තිබු මූලික අයිතිවාසකිම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ නඩු ගාස්තු හා වන්දි වශයෙන් රුපියල් ලක්ෂ අටක මුදලක් ඇයට ගෙවන ලෙස නියෝග කෙළේය.

    කටුනායක පොලිසිය විසින් 2014 දී ඇය ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පිටුවහල් කොට ඇත.ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කොල්මන් මහත්මිය ගොනුකළ පෙත්සම මගින් කටුනායක පොලිසියේ නිළධාරීන් දෙදෙනකු වගඋත්තර කරුවන් වශයෙන් නම්කොට තිබුණි.

    Image result for naomi coleman

     

    මෙම පෙත්සම විභාග කළ අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව තීරණය කොට රජය මගින් ඇයට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ද රුපියල් ලක්ෂ 2ක් වූ ඇයගේ නඩු ගාස්තු ද පොලිස් නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ද පෙත්සම්කාරියට ගෙවන ලෙස නියෝග කෙළේය.

    Related image

     

    පෙත්සම්කාර නයෝමි කෝල්මන් මහත්මිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ජේ.සී වැලිඅමුණ මහතා ද රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆාරින්ද රණසිංහ මහතා ද පෙනී සිටියහ.

  • ඔබත් ලිංගික උත්තේජන පෙති ගන්නවානම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න…

    පසුගිය දිනවල හෘදයාබාධ වලින් මිය ගිය තරුණයන් කිහිප දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර ගිය පොදු රාවයක් වූයේ ඔවුන් මෙම ලිංගික උත්තේජන පෙති පානය කිරීම නිසා  හෘදයාබාධ වලට ලක් වී මිය ගිය බවය.

    මේ තත්ත්වය යටතේ මෙහි විද්‍යාත්මක සත්‍යය අනාවරණය කරගනු පිණිස අපි රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා වෙත මෙම ප්‍රශ්න කිහිපය යොමු කළෙමු.

    • පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව මඟින් නිර්දේශ කළ පෙති වර්ග තිබෙනවාද?

    ඔව්; ඒ සඳහා Sidenafil, Tadalafil වැනි ඖෂධ වර්ග තියෙනවා.

    Image result for sildenafil pills for sale

    Image result for Tadalafil pills for sale

     

    • මේ දෙකෙහිම ක්‍රියාකාරීත්වය එක හා සමානද?

    මුල් ඖෂධයේ ක්‍රියාකාරීත්වය පැය ගණනක් දක්වාත්, දෙවෙනි ඖෂධයේ ක්‍රියාකාරීත්වය දින ගණනක් දක්වාත් බලපැවැත්වෙනවා. මේ අතරින් බහුලවම භාවිතා වන්නේ මුලින් සඳහන් කළ ඖෂධයයි.

    • Sidenafilයන ඖෂධය මෑතක සිට ජනප්‍රිය වූවක් නේද?

    මේ ඖෂධය මුලින්ම නිෂ්පාදනය වී ඇත්තේ 1989 වසරේ; ඒ අධික රුධිර පීඩනය, පපුවේ ඇන්ජයිනා කැක්කුම ආදී රෝග වලට ප්‍රතිකාරයක් වශයෙන්. නමුත් එය භාවිතයට ගැනීමෙන් පසුව එහි අතුරුඵලයක් ලෙස එමගින් පුරුෂයන් හට ලිංගික උත්තේජනයක් ලැබෙන බව අනාවරණය වුණා. පුරුෂ ලිංගික බෙලහීනතාව මැඩලීම සඳහා නිර්දේශ කරන ඖෂධයක් ලෙස මෙය භාවිතයට ගැනුණේ ඊට වසර දහයකට පමණ පසුවයි.

    • එහෙත් මෙවැනි ඖෂධ වලින් පුද්ගලයන්ට මරු කැඳවන බවට සමාජය පුරා පැතිර යන රාවය කුමක්ද?

    මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය මත ඒවා භාවිතා කරන පුද්ගලයන්ගේ රුධිර ගමනාගමනය ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා එවැනි අන්තරාකාරී තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්.

    • සියළුදෙනා කෙරෙහි ඒ අවදානම බල පෑ හැකිද?

    බොහෝවිට සුළු වෙහෙස මහන්සියක දී ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නවුන් නයිට්රේට් (Nitrate) ගණයේ ඖෂධ ලබාගන්නවුන් මෙම අවදානමට වැඩිපුර ලක් විය හැකියි.

    • හෘදයාබාධ සඳහා බයිපාස් සහ ඇන්ජියෝ ප්ලාස්ටි සැත්කම් වලට ලක් වූවන් මෙම පෙති පෙති පාවිච්චි කිරීම සුදුසුද?

    කවුරුන් හෝ මෙම පෙති භාවිතයට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. එහිදී වෛද්‍යවරයා රෝගියාගෙන් කරුණු විමසා අවශ්‍ය නම් අදාල පර්යේෂණද සිදුකොට ඒ පෙති සහ ඒවා භාවිතයට ගත යුතු මාත්‍රාව නිර්දේශ කරනු ඇති.  එසේ නොමැතිව තමන්ගේ හිතුමනාපයට මෙවන් පෙති භාවිතා කිරීමේ දී කිසියම් අවදානමක් තිබෙනවා.

    • මෙම පෙති භාවිතයෙන් හෘදයාබාධයකින් කිසිවෙකු මිය ගිය විට එම හෘදයාබාධයට මෙම පෙති ඉවහල් වූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය කර ගත හැකිද?

    මූලික පශ්චාත් මරණ පරීක්ෂණයක දී විමසා බැලෙනුයේ මරණයට ආසන්න සහ දෘශ්‍යමාන හේතු පමණයි. එහෙත් එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරුවූ සොයාගැනීමට (Finding) අමතරව වැඩිදුර සොයාගතයුතු යමක් ඇතැයි හැගේ නම් මිය ගිය තැනැත්තාගේ රුධිර සාම්පල් මරණය සිදුවී පැය දහයක් ඇතුළත රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වෙනවා. එවිට මිය යන අවස්ථාවේ ඒ තැනැත්තාගේ රුධිරයේ ඇති රසායනිකයන් වෙන්ව හඳුනාගත හැකියි. ඒ අනුව හෘදයාබාධයකින් මිය ගිය තැනැත්තෙකු වුව මිය යන මොහොතේ මේ ඖෂධය භාවිතා‍ කොට තිබිණිද යන්න එම රසායනාගාර පරීක්ෂණ මගින් මනාව තහවුරු කර ගත හැකියි.

    • ලිංගික උත්තේජනයක් වශයෙන් නොමැතිව වෙනත් රෝග සඳහාත් තවමත් මේ ඖෂධය භාවිතා වෙනවාද?

    ඔව්; පෙනහළු රුධිර පීඩනය(Pulmonary Hypertension) සහිත රෝගීන්ට මෙම ඖෂධයෙන් සුළු මාත්‍රාවක් ලබා දෙනවා.

    • මෙම ඖෂධය වැඩි මාත්‍රාවකින් ගැනීමෙන් සිදුවිය හැකි වෙනත් හානි මොනවාද?

    ප්‍රධාන වශයෙන් රුධිර පීඩනය පහළ බැසීම නිසා සිදුවන හානි ඒ අතරින් ප්‍රධානයි. විශේෂයෙන් මෙය සිට්රේට් (Sitrate) සහිත ඖෂධයක් නිසා නයිට්රේට් (Nitrate) සහිත ඖෂධ භාවිතා කරන රෝගීන් මෙම පෙති භාවිතයේ දී වැඩි අවදානමකට ලක්වෙන්න පුළුවන්.

    • ඒ හැරුණු කොට මෙම පෙති අධිමාත්‍රාවක් ගැනීමෙන් ලිංගික ප්‍රාණවත් වීම පාලනය නොවන තත්ත්වයක් ඇති බවට සමහරුන් මත පළ කරනවා මෙහි සත්‍යයක් තිබේද?

    ඔව්; එසේද සිදුවිය හැකියි.

    • ඒ සඳහා වන ප්‍රතිකර්මය කුමක්ද?

    ඒ සඳහා ඇති පහසුම ප්‍රතිකර්මය වන්නේ රෝහලක දී ලිංගේන්ද්‍රිය පද්ධතිය තුළ ගලා යන අධික රුධිරය ඉදිකටුවක් වැනි ශෛල්‍ය උපකරණයක් මාර්ගයෙන් ශරීරයෙන් ඉවත් කිරීමයි.

  • මහින්ද ඇතුළු ඒකාබද්දේ සියළු දෙනාගේම මන්ත්‍රී ධූර අහෝසි කරනවා… -සංධාන මහලේකම් ගර්ජනා කරයි

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත් ඔවුනගේ මන්ත‍්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔවුනට වෙනත් පක්‍ෂයක් දිනවීමට අවශ්‍යනම් එයට කිසිම බාදාවක් නැති අතර පක්ෂයේ රැදී සිටිමින්  එසේ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඔවුන්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එසේ කිරීමට හැකියාව අති බව සදහන් කරන ලදී. ඒසේ නොමැතිව පක්ෂයේ සිටිමින් වෙනත් කුමන හෝ පක්ෂයක් දිනවීමට කටයුතු කරන්නේ නම් හිත මිත්‍ර කම් , තරාතිරම් නොබලා පක්ෂයෙන් ඉවත් කරන  බවත් ඔහු පැවසීය.

  • කිසිසේත්ම බියර් ආයි වැඩි කරන්නේ නෑ… මංගලගෙන් සහතිකයක්

    2018 අයවැය මගින් යෝජනා කර ඇති බියර් මිල අඩු කිරීමේ යෝජනාවේ කිසිම වෙනසක් සිදු නොකරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    මත්පැන්වල ඇති මධ්‍යසාර ප්‍රතිශතයට අනුව බදු පැනවීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඒක හැමෝම පිළිගන්න ඕන අපි ලෝකය සමග ඉදිරියට යන්න නම් ජාත්‍යන්තර ක්‍රමවේද අනුගමනය කරන්න ඕන.මේ වගේ ක්‍රමවේදයන් වලින්  රාජ්‍ය බදු ආදායමද ශක්තිමත් වන බව සදහන් කරයි.2018 අයවැය මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට බොහෝ පාර්ශවයන්ගෙන් විරෝධය එල්ල වෙමින් ඇති අතර ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුම මීට විරුද්දව ප‍්‍රසිද්ධියේ අදහස් පල කර තිබේ.

  • නෙළුම් කුළුන ඉදිවෙන හැටි…(Video)

    මෙම ගොඩනැගිල්ලේ සැලසුම නෙළුම් මලක ආකාරයට සකස් වී ඇත. නෙළුම් මල්  
    නෙළුම් මල් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ පාරිශුද්ධ භාවය සංකේතවත් කරන අතර 
    රටේ දියුණුව වර්ධනය කිරීම සංකේතවත් කරයි. 
    කුළුණ 350 m (අඩි 1,150) උසින් යුක්ත වන අතර එහි වර්ග අඩි 32,600,000 (අඩි 329,000) 
    කට වැඩි ප්රමාණයක් ඇත. 
    
    නෙළුම් කුළුනේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ 
    1.සංචාරක කර්මාන්තය
    2.ඇන්ටනා ලීසිං- * රූපවාහිනී සේවාවන් 50 ක් , FM රේඩියෝ ස්ටේෂන් 20 ක් හා විදුලි සංදේශ 
                       සේවා සපයන්නන් 20 ක් සඳහා ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන 
                       ඇන්ටෙනාවක් ISDB-T සහ යෝජිත DVB-T2 ආධාරක ව්යුහය ලෙස කටයුතු කරනු ඇත.
    
    මෙම කුලුනේ දොරටු හතරක් ඇති අතර ඉන් එකක් ප්‍රභූවරුන් (ප්රධාන ආරාධිත අමුත්තන් සහ රාජ්ය නායකයින්) 
    යන අයගේ ප්‍රවේෂයන් ලෙස භාවිතා කරනු ලැබේ. විදුලි සංදේශ කෞතුකාගාරය සහ ආපනශාලාව 
    බිම් මහලේ පිහිටා ඇත. කුලුනේ පීඨය මහල් 6 කින් සමන්විත වේ. වේදිකාවේ පළමු මහලේ 
    කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශන ශාලා දෙකක් ඇත. දෙවන මහල 500 කට වඩා වැඩි ආසන පහසුකම් 
    සහිත සම්මන්ත්රණ ශාලා කිහිපයක් සඳහා යොදා ගැනේ. අවන්හල්, සුපිරි වෙළඳසල් සහ ආහාර උසාවි 
    තුන්වන මහලේ පිහිටා ඇත. සිව්වන මහලේ දී 1000-ආසන ශ්රවණාගාරයක් පිහිටා ඇති අතර එය 
    බෝල්රාගාරයක් ලෙසද භාවිතා කරනු ඇත. පස්වන මහලට සුඛෝපභෝගී හෝටල් කාමර, විශාල නාන කාමර,
     සහ හත්වැනි මහලේ නිරීක්ෂණ පුස්තකාලය ලබා දෙනු ඇත. භූමි අලංකරණය විශාල ජල උද්යානයක් 
    ලෙස සැලසුම් කර ඇත.
    
    
  • කඳුළු මුතු කැට වන දිය කිඳුරියෝ…


    අප කවුරුත් දන්නා දියකිදුරියන් ගැබුරු සාගරයේ ජීවත් වන මිත්‍යා ජීවී විශේෂයකි.ඉන ප්‍රදේශයෙන් ඉහල කොටස මිනිස් ශරිරයකින්ද,ඉනෙන් පහල කොටස මත්ස්‍ය ශරීරයකින්ද හැදිලා තියෙන මේ දිය කිදුරියන් තාමත් ලෝකයට අභිරහස් ජීවියෙකි.

    මොවුන් ගැන නොයෙකුත් මිත්‍යා විශ්වාස තියෙනවා.මෙම දිය කිදුරියන් ඉතාමත් ආකර්ශනීය රූපයකින් යුතු අන් අය තමන් වෙත පොලඹවා ගන්න සමත් කියලයි එම කතාවල තියෙන්නේ.එම මිත්‍යා කතා වලට අනුව මොවුන් තමන්ගේ ආකර්ශණීය සංගීතයෙන් නැවියන් තමන් වෙතට ඇදගන්නවා කියන විශ්වාසයක් තියෙනවා.

    තව මෙයාලට මිනිස්සුන්ගේ කන් අඩි පැලෙන තරම් වේගෙන් කෑ ගහන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.නැව් වල නැවියන්ට මෙයාලගේ ඒ සද්දේ ඇහිලා තියෙනවා කියලා කට කතාවක් තියෙනවා. 
    “Mermaid” යන වචනය සෑදී තිබෙන්නේ,“Mer” යන්නෙන් ප්‍රංශ භාෂාවෙන් මුහුද යන්න සහ “maid” යන්නෙන් තරුණ කාන්තාව යන්නයි.මොවුන් ගැන ලෝකයේ හැම තැනින්ම වාර්ථා වෙලා තියෙනවා.උදාහරණයක් ලෙස ඉන්දියාවේ මිත්‍යා කතාවක් වන අප්සරා නම් ජලයේ සිටිනා දෙවගන,රුසියාවේ රුසල්කා(Rusalka),ග්‍රීක දේවතාවියක් වන සිරෙන්(Siren) දක්වන්න පුලුවන්.


    මෙම දිය කිදුරියන් හා දිය කිදුරන් ගැන ග්‍රීක හා බැබිලෝනියානු  මිත්‍යා කතා රාශියක් ඇත.


    ට්‍රිටොන්(Triton)

    Triton යනු ග්‍රීක දෙවියෙකි.මුහුදට අධිපති වනPoseidon ගේ පුත්‍රයා වේ.මොහු දියකිදුරෙක් ලෙස තමයි ඔවුන් හදුන්වන්නේ.මොහු තමන්ගේ පියා මෙන් ත්‍රිශූලයක් තම දෑතේ රදවාගෙන සිටී.කොහොම නමුත් ඔහු  හක්ගෙඩියෙන් හා හොරණෑවෙන් කෙනෙකු භීතියට පත් කරන නාදයක් නිකුත් කරනවා මෙන්ම එය අසා සිටින්නෙකුට කැලයේ සිටින ඉතා භයංකාර මෘර්ගයෙකු මැවී පේනවා කියල ඔවුන් විශ්වාස කරනවා.මිත්‍යා වට අනුව Triton ගැඹුරු මුහුදු පත්ලේ තියෙන තමාගේ පියාගේ රත්‍රන් මාලිගාවේ වාසය කරයි.

    ගවේශකයෙකු වන Pausanias,ට්‍රිටොන්ගේ හැඩරුව විස්තර කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි.

    “ඔහුගේ සිරුර මෝරෙකු මෙන් සියුම් ලෙස කොරල වලින් වැසී තියෙනවා.කන් යටින් කරමලක්ද මිනිසෙකුගේ නාසයක්ද මොහුට තියෙනවා.නමුත් ඔහුගේ කට සහ දත් භයානක මෘර්ගයෙක් වගේ සහ නිල් පාට ඇස් ඔහුට තියෙනවා.මිනිසුන්මෙන් අත් දෙකක් හා ඇගිලි මොහුට තියෙනවා.ඉනෙන් පහල කොටස ඩොල්‍ෆින් කෙනෙකුට මෙන් වරල් තියෙනවා.”තවද මුහුදේ රල නැගෙන්නේ මුහුද කලඹන නිසා කියලත් ග්‍රීක වැසියන් විස්වාස කරනවා.


    සිරෙන්(Siren)

    සිරෙන් නම් ග්‍රීක දේවතාවියකි.මැය තමන්ගේ දූපත අසලින් යන නැව් වල සිටිනා නැවියන්ව තමන්ගේ සංගීතයෙන් මෝහනය කර ගල්පර වලින් වටවූ තමන්ගේ දූපතට එම නැව ගෙන්වා මුහුදුබත් කරයි.Sirenum scopuli වර්තමානයේ Capri ලෙස හදුන්වන්නේ මෙම දේවතාවිය සිටියා යැයි කියන ගල්පර වලින් වට වූ දූපතයි.


    සිරෙන්(Siren)ගේ හැඩරුව කුරුල්ලන් හා කාන්තාවන් ගේ හැඩරුවින් විවිධ අයුරින් හදුන්වා දී තියෙනවා.ග්‍රීක සිතුවම් වලට අනුව Siren හදුන්වන්නේ පක්ෂී සිරුරක් හා කාන්තා හිසක් ඇති බවයි.පසුව ඔවුන් මැය ඉනෙන් ඉහල කොටස කාන්තාවක මෙන් හා පහල කොටස මත්ස්‍ය ශරීරයකින් යොදා සිතුවමට නගා තිබෙනවා.ඇයගේ සංගීත භාණ්ඩය වන්නේ වීණාවයි.දීර්ඝ ගමන් වල යෙදී හෙම්බත් වී සිටින නාවිකයන්ට අමෘතය මෙන් සංගීතයක් මැය තමන්ගේ වීණාවෙන් නිකුත් කර එම නාවිකයන් මෝහනයට පත් කර තමන් වෙතට ගෙන්වා ගනී.මෙම සංගීතයේ අවසානය මරණය යැයි නාවිකයන් විස්වාස කරයි.


    රුසල්කා(Rusalka)


    Rusalka යනු රුසියානු මිත්්‍යා කතාවක එන තරුණ කාන්තාවක ගේ ආත්මයකි.ජනප්‍රවාදයට අනුව ඇය තමන්ගේ විවාහයට පෙර ඝාතනය කරන ලදී.පසුව ලත් ශාපයෙන් ඇය විලක දියකිදුරියක් ලෙස ජීවත් වෙලා තියෙනවා.එම විල අසලින් යන මිනිසුන් හට මිහිරි ගීත ගායනා කර එම මිනිසුන් තමන් වෙතට ගෙන්වා ගෙන විල පත්ලට ගෙන යයි.Rusalka  මෙම ශාපයෙන් මුදවා ගත හැක්කේ ඇය ඝාතනය කල පුද්ගලයා විසින් එම වරද පිලිගත හොත් පමණි යන්න රුසියානු ජනප්‍රවාදයේ සදහන් වෙයි.
    එම මිත්්‍යාවේ සදහන් වන පරිදි රුසල්කා සිහින් සිරුරක් හිමි,පිරිපුන් පියයුරු වලින් යුත් ලස්සන කාන්තාවකි.ඇයගේ ඇස් දීප්තිමත් දුඹුරු පැහැයක් ගන්නා අතර හිස කෙස් තබ පැහැයක් ගනී.ඇයට මිනිසෙකු ලෙස වෙස්වලා ගැනීමටද හැකියාව තිබේ යැයි සදහන් වේ.
    මෙම විල ගණ වනාන්තරයකින් වට වී ඇති නිසා මැය ගස් වල අතු අතර හිදගෙන තම විලෙහි සිටින ආත්මයන් සමග මිහිරි ගීත ගායනා කරයි.නමුත් සමහර අවස්ථාවල මැය මිනිස් වෙස් ගෙන ගම්මාන වලට ගොස් මින්සුන් වශී කරගෙන තම විල වෙතට ‍රැගෙනවිත් මරා දමන බවටද මිනිසුන් විශ්වාස කරයි.

    අනෙකුත් මිත්‍යා විශ්වාස

    මෙම දිය කිදුරියන් නාවිකයන් කරදර වලින් බේරා ගන්නවා යැයි සමහර නාවිකයන් විස්වාස කරනවා.නැවක් මුහුදුබත් වූ අවස්ථාවල එම නැවියන් බේරා ගැනීමට මොවුන් පැමිනෙන බවත්.එම නැවියන්ව දිය කිදුරියන්ගේ මුහුද යට තිබෙන රාජධානි වෙත ගෙනයන බවත්,ඔවුන්ට මිනිසුන් හට වතුර යටදී හුස්ම ගැනීමට බැරි බව අමතක වීම නිසා එම මිනිසුන් මිය යන බවත් විස්වාස කරනවා.තවද මෙම දිය කිදුරියන්ගේ කදුලු වලින් මිනිස් සිරුරේ තාරුණ්‍ය ‍රැක ගැනීමට හැකියාව ඇති බවත් මිනිසුන් විස්වාස කරනවා.තවද මෙම කදුලු මුතු ඇට බවට පත් වෙනවාය යන්න චීන මිනිසුන් විස්වාස කරනවා.


    කෙසේ නමුත් මෙම ජීවී විශේෂය ගැන පිංතූර අන්තර්ජාලයේ තිබුනත් මේවා සත්‍යතාව ඔප්පු කිරීමට අපහසුය. 

  • රාජ්‍ය සේවක වැටුප් 15%කින් වැඩිවෙයි

    2018 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට පහළොවකින් වැඩිවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (14) පැවැසීය.

    රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිවීම හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

    මෙම වැටුප් වැඩිවීම අනුව රාජ්‍ය සේවයේ පහළම සේවය වන කාර්යාල කාර්ය සේවකයාගේ සිට රාජ්‍ය සේවයේ ඉහළම වැටුප් දරන නීතිපතිවරයා දක්වා වැටුප් වැඩිවීම සිදුවන බවත් ඇමැතිවරයා පැවැසීය.

    ඒ අනුව කාර්යාල කාර්ය සහායක සේවකයාගේ මූලික වැටුප රුපියල් 14,000 සිට රුපියල් 23,000 දක්වා වැඩි කෙරෙන බවත් නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා වැඩිවන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප 60,000 සිට රුපියල් 69,756 දක්වා වැඩිවන බවත් ඇමැතිවරයා පැවැසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා

    2016 වසරේ දී කාර්යාල කාර්ය සහායක සේවකයකුගේ මූලික වැටුප රුපියල් 17,450ක් වුණා. 2017 වසරේ දී ඔවුන්ගේ වැටුප රුපියල් 20,575 ක් උනා.2018 වසරේ දී එම වැටුප 23600ක් වෙනවා.ඒ අනුව කාර්යාල කාර්ය සහයකයකුගේ වැටුප ලබන වසරේ දී රුපියල් 3075 කින් වැඩිවෙනවා.

    නීතිපතිවරයාගේ වැටුප 2018 වසරේ දී 1, 10000 වෙනවා. එය රුපියල් දාහතර දහසක වැඩිවීමක්. ඒ අනුව කාර්යාල කාර්යාල සේවකයාගේ සිට නීතිපතිවරයා දක්වා සියයට පහළොවකින් වැටුප් වැඩිවෙනවා.