Category: සුපිරි Politics

  • ඉදිරි දිනකීපය තුල තවත් ඇමැති ධුර කිහිපයක වෙනසක්

    ඉදිරි දිනකීපය තුල තවත් ඇමැති ධුර කිහිපයක වෙනසක්

    ඉදිරි දින කිහිපය තුළ තවත් ඇමැතිවරුන් කිහිපදෙනෙක් අලුතින් පත්කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    එහිදී එක් කැබිනට් අමාත්‍ය ධුරයක් සහ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධුර කිහිපයක් සඳහා ඇමැතිවරු පත්  කෙරෙනු ඇති බවත්
     මෙහිදී කැබිනට් අමාත්‍ය ධුරය සුළු ජාතික පක්ෂ නියෝජිතයකු සඳහා හිමිවනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. 
    මිට අමතරව දැනට පුරප්පාඩු වී ඇති නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරය, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ඇතුළු තවත් ඇමැති ධුර  කිහිපයක් සඳහා අලුතින් පත් කිරීමට නියමිතය.
  • සාධාරණ සමාජයක් විකුණගෙන කෑ සරත් විජේසූරිය අාචාරියාගේ ඔබ නොදත් කතාව මෙන්න….

    සාධාරණ සමාජයක් විකුණගෙන කෑ සරත් විජේසූරිය අාචාරියාගේ ඔබ නොදත් කතාව මෙන්න….

    සාධාරණ සමාජයක් යන්න කී පමණින් අප සිහියට නැගෙන්නේ අන් කිසිවෙකුත් නොව ජනවාරි 08 විප්ලවය උදෙසා ජිවිත පරිත්‍යාගයෙන් මහත් කැප කිරිමක් සිදුකළ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නායක හිමියන්වය..

    කෙසේ වෙතත් සාේභිත හිමියන්ගේ අපවත් වීමෙන් පසු සංවිධානය බිහිකිරීමට මුලික වු ප්‍රබලයන් සිටියදී සංවිධානයේ නැමති බස් රියේ ෆුට් බෝඩ් ඒකේ ගමන් කරමින් තමන් එහි ප්‍රබලයෙක් ලෙස හගවමින් සිටි එජාපයේ රනිල් හිතවාදියෙක් සංවිධානයේ නායකත්වයට දෑස් යොමාගෙන සිටියේය.. කෙසේ වෙතත් කාලයාගේ අැවෑමෙන් සාධාරණ සමාජයක් උදෙසා වු සංවිධානයේ මුල් පුටුවට පැමිණියේ අප ඉහත සදහන් කළ රනිල් හිතවාදීයා වන සියළු දැලි කුණු යටපත් කරමින් විද්වතෙක් ලෙස නමක් දරා සිටින සරත් විජේසුරිය නම් වු මහාචාර්යවරයයා..

    සැබැවින්ම ඔහු කවුද? මේ ඔහු පිළිබදව කෙරෙන හෙලිදරවුවකි..

    පසුගිය මාසයේ එක්තරා දිනයක මේ අාචාරියා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හමුවි සාධාරන සමාජයක් උදෙසා සංවිධානය ඉදිරියට පවත්වාගෙන යාමේදි පැණ නැග අැති මුල්‍යමය ගැටළු අැතුළු ගණනාවක් සාකච්ඡා කර අැති අතර එම සාකච්ඡාව අවසානයේදි චන්ද්‍රිකා මැතිණිය විසින් සරත් විජේසුරිය හට රුපියල් මිලියන 06ක මුදලක් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ කටයුතු වෙනුවෙන් ලබාදී අැත. එම මුදල් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ ගිණුමට බැර කිරිම පසෙක තැබු මේ කුප්‍රකට අාචාරියා එම සියළු මුදල් තම පුද්ගලික ගිණුමට බැර කරගෙන කිසිවක් නාෙවුනාක් මෙන් නිහඩව සිට අැත..

    මේ අතර සාධාරන සමාජයක් සංවිධානයේ ඉතිරි නිලධාරින් සියළුදෙනා තම සංවිධානයේ තත්වය පිළිබද සාකච්ඡා කිරිමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිණිය මුණ ගැසෙන්නේ  මේ අතරතුරය.. එහිදි මුල්‍යමය ගැටළු පිළිබදව චන්ද්‍රිකා මැතිණිය දැනුවත් කල විට  ” අැයි මම සරත්ට මිලියන 06ක් දුන්නනේ සංගමයේ වැඩට ” යැයි පැවසීමත් සමගින් සියළුදෙනාට සිදුව අැති දේ පැහැදිලිවිය..

    අනතුරුව නිහඩව පැමිණි මොවුන් සාධාරන සාමාජයක් උදෙසා වු සංවිධානයේ ඊ ළග සභා වාරයේදි මේ පිළිබදව ප්‍රශ්ණ කිරිමත් සමගම සරත්ට කට උත්තර නැතිවිය.. සාමාජිකයන්ගේ දැඩි විවේචන හමුවේ නිරුවත් වු මේ අාචාරියා සභා ගැබෙන් පැණ ගොස් අැත. අනතුරුව එදා සිට මේ දක්වා චන්ද්‍රිකා මැතිණියගේ දුරකථන අැමතුමකට පවා මේ අාචාරිවරයා ප්‍රතිචාර දක්වන්නේ නැති බව අපට ලැබුණු තොරතුරු අනුව පැහැදිලි විය.

    සරත් එජාපයේ නායක රනිල් හමුවන්නේ මේ අතරතුරය.. තම නායකත්ව අර්බුධය විසදාගැනීමට සරත්ගෙන් උදවු ඉල්ලා අැති අතර රනිල්ගේ අදහසකට අනුව ජනමතය විකෘති කිරිමට රටේ නැති බොරු කියන කැලෑ පත්තරයක් මුද්‍රණය කිරිමටද රනිල් – සරත් ඩබල එකතු වන්නේය.. ප්‍රතිපත්ති පසෙක තබා සම්මාන සමාර්ථ ලබාදෙන්නේ යැයි පවසමින් තම සිසුවියන් සමග නිදිවැදුනු මේ අධම මිනිසා මේ වනවිට මුදල් වලට විකිනෙන තවත් එක් ඝණිකාවකගේ තත්වයට පත්ව අැති බව කණගාටුවෙන් වුවද සදහන් කිරිමට සිදුව අැත.

     

  • වැලිකඩ ඝාතනයට සම්බන්ධ රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ

    වැලිකඩ ඝාතනයට සම්බන්ධ රංගජීව සහ එමිල් රංජන් වෛද්‍ය නිර්දේශ නැතිව බන්ධනාගාර රෝහලේ

    වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා බන්ධනාගාර ඉහළ නිලධාරියකුගේ නියෝගය මත බන්ධනාගාර රෝහලේ රඳවා ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.

    ඔවුන්ට රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට තරම් රෝගයක් නැති බව ද එම ආරංචි මාර්ග පවසයි.

    බන්ධනාගාර රෝහලේ වෙනම ස්ථානයක ඔවුන් රඳවා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දෙදෙනාට විශේෂ පහසුකම් ලැබෙන බව බන්ධනාගාරයේම නිලධාරීහු චෝදනා කරති.

    මේ ගැන කළ විමසීමකදී බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජගත් මල්වත්ත මහතා ප්‍රකාශ කළේ රෝහලේ ප්‍රතිකාර ලැබීමට තරම් රෝගයක් නොමැති මේ දෙදෙනා රෝහලේ රඳවා ඇත්තේ බන්ධනාගාර අධිකාරීගේ නියෝග මත බවයි.

    -ලංකාදීප-
    ජායාරූප උපුටා ගැනීම: ලංකා ඊ නිව්ස්

  • පක්ෂේ කෑවා අැති.. රනිල් දැන් ඔයා රිටයර් වෙන්න… පසුපෙළ මන්ත්‍රින් සමගින් හිරුණිකා අරගලයට…

    පක්ෂේ කෑවා අැති.. රනිල් දැන් ඔයා රිටයර් වෙන්න… පසුපෙළ මන්ත්‍රින් සමගින් හිරුණිකා අරගලයට…

    පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

    පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 20 දෙනකු පමණ තමන් සමඟ එම තීරණයට එළැඹ සිටින බවත් මන්ත්‍රීවරිය කියා සිටියාය.

    එම තීරණයට එළැඹ සිටින සියලුම මන්ත්‍රීවරුන් දිවි හිමියෙන් අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සහ නොයෙක් අසාධාරණකම්වලට ලක් වූ පුද්ගලයන් බව පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පක්ෂ නායකත්වයෙන් මිස අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු යයි අගමැතිවරයාට කිසිදු බලකිරීමක් නොකරන බවත් අවධාරණය කළාය.

    “විශ්වාසභංගයට මුහුණ දෙන කොට අගමැතිතුමාගේ චරිතයේ වෙනස්වීම් අපි දැක්කා. අපි ඒක විශ්වාස කළා. ඒ විශ්වාසය මත අපි හැමදෙනාම අගමැතිතුමා වෙනුවෙන් එදා නැගී සිටියා.”

    ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ ප්‍රතිසංවිධාන සඳහා සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන සහ ජේ.සී. අලවතුවල ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු කිහිපයක් පත්කරන ලද බව සිහිපත් කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරිය, තමන් ද එවැනි එක් කමිටුවක සාමාජිකත්වය දැරූ බවත් සඳහන් කළාය.

    විශේෂයෙන්ම පක්ෂයේ සියලු නිලතල සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් මගින් නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බවට රුවන් විජේවර්ධන කමිටුව නිර්දේශ කළේ “ගම් මට්ටමේ, බිම් මට්ටමේ ජනතාවගේ හඬ” බව අවධාරණය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නේ, එවැන්නකට පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉඩකඩ ඇසිරී තිබෙන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද බාධාවක් නොමැති බවය.

    මන්ත්‍රීවරිය පවසන පරිදි “රුවන් විජේවර්ධන කමිටුවේ සියලු නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය” යන්න ඇය ඇතුලු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානම ඉල්ලීම වී ඇත.

    “අගමැතිතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියල කියන්නේ අපි නෙවෙයි. අජිත් පී පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ වගේ අගමැතිතුමාගේ ලඟින්ම හිටපු අය තමා දැන් කියන්නේ. අපිත් ඒ මතය දරනවා.”

    එසේ නම් පක්ෂ නායකත්වයට පත්විය යුත්තේ කවුරුන් දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, නායකයා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ද, නවීන් දිසානායක ඇමතිවරයා ද යන්න තමන් සඳහන් නොකරන බවය.

    “ඉස්සරහට නායකත්වය බලාගෙන කවුරු හරි ඉන්නව නම් දැන් හොඳම අවස්ථාව එළියට ඇවිල්ල අපිට නායකත්වය දෙන්න.”

    හදිසියේම මෙවැනි උද්ඝෝෂණයක් දියත් කරන්නේ ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍ය පදවියක් හෝ බලාපොරොත්තුවෙන්දැයි යන්න ඇයට යොමු කළ තවත් ප්‍රශ්නයකි.

    “නියෝජ්‍ය ඇමතිකම කියන්නේ පේන්න දාන නිකම්ම නිකම් සිප්පි කටු මාලයක් වගේ එකක්. නියෝජ්‍ය ඇමතිකම විහිළුවක්. ඉතින් මේ වෙලාවේ ඒ වගේ දේකට අහුවෙනවා කියන්නේ අපිත් අපේ අනාගතේ නැතිකර ගන්නවා කියන එකයි.”

    තමන්ට පක්ෂයෙන් එවැනි මට්ටමේ තනතුරක් හෝ නොලැබෙන අතර එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් ඇය කියා සිටියාය.

    කිසිදු බලයක් නොතිබුන අවස්ථාවක මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව හඬ නගමින් එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාට සහාය දුන් තමා මේ අවස්ථාවේත් “මොන විනය පරීක්ෂණය කළත්” සිය අරගලය අත් නොහරින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

  • අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය නාම ලේඛණය මෙන්න…

    අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය නාම ලේඛණය මෙන්න…

    එච්.එම්.එම් හාරිස් – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    සෙයිද් අලි සාහීර් මවුලානා ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය

    මුත්තු සිවලිංගම් – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    මනූෂ නානායක්කාර – විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

    පාලිත තෙවරප්පෙරුම – තිරසාර සංවර්ධන, වනජීවි හා ප්රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    සාරතී දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

    කරුණාරත්න පරණවිතාන – විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය නියෝජ්‍ය අමාත්‍ය

    රන්ජන් රාමනායක – සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

    දුනේෂ් ගන්කන්ද – ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    අමීර් අලි ෂිහාබ්දීන් – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

    වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    ලක්ෂ්මන් සෙනෙවිරත්න – රාජ්‍ය පරිපාලන සහ කලමනාකරණ හා නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය

    ශ්‍රියානි විජේවික්‍රම – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී

    චම්පිකා ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

    දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

    එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    මොහාන් ලාල් ග්‍රේරෝ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

  • එජාප පසුපෙළ ගිනිගනී … වහාම අගමැති හමුවීමට ඉල්ලයි

    එජාප පසුපෙළ ගිනිගනී … වහාම අගමැති හමුවීමට ඉල්ලයි

    එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් ඉල්ලා අද දිනයේ ලිඛිතව ඉල්ලීමක් කිරීමට සුදානම් වේ.
    පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම සිදුකරන බව පසුපෙළ මන්ත්‍රිවරයෙකු ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස්වී කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.ඒ අනුව අදාළ ඉල්ලීම ඇතුළත් ලිපිය අද දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතුව භාරදීමට කටයුතු කරන බවද එම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
    මේ අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙන අතර පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාව වර්ජනය කර තිබිණි.පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බවත් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇත.
     
  • අරාබි ජාතිකයෙක් ලෙස වෙස්වලාගෙන ජනපති සිටි තැනට ආ තැනැත්තා මානසික රෝගියෙක් ලෙස හැඟවීමට උත්සාහ කරයි

    අරාබි ජාතිකයෙක් ලෙස වෙස්වලාගෙන ජනපති සිටි තැනට ආ තැනැත්තා මානසික රෝගියෙක් ලෙස හැඟවීමට උත්සාහ කරයි

    අරාබි ජාතිකයකු ලෙස වෙස්‌ වළාගෙන කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ සිට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ පසුගිය 28 දා පැවැති රාජ්‍ය වෙසක්‌ උත්සවයට පැමිණ සිටි සැක කටයුතු පුද්ගලයකු බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 3 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.
     
     මානසික රෝගියකු ලෙස හැඟවීමට තැත් කරන මොහු අවුරුදු 57 ක්‌ පමණ වයසැති අයකු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා පස්‌වරුවේ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ රාජ්‍ය වෙසක්‌ උත්සවය පැවැති භූමියට ඇතුළු වීමට උත්සහ කරමින් සිටියදී ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර සිය භාරයට ගෙන බිංගිරිය පොලිසියට භාරදුන් බවත් බිංගිරිය පොලීසිය පවසයි.
  • අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක්

    අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක්

    දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමේදීත්, ආණ්ඩු කිරීමේදීත් අවංක සහ නොකිලිටි දේශපාලනඥයින් සොයා ගැනීම අද යුගයේ ප්‍රධානම ගැටළුවක් වී ඇතැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රකාශ කලේය.
    මෙහිදී ජනාධිපතිවරයා හිටපු කම්කරු නායකයින් වෙත උපහාර පිදීම ද සිදු කළේය.

  • කැබිනට්‌ වෙනසට පසු ආණ්‌ඩුවේ 10ක්‌ විපක්‍ෂයට

    කැබිනට්‌ වෙනසට පසු ආණ්‌ඩුවේ 10ක්‌ විපක්‍ෂයට

    අද පැවැත්වීමට නියමිත කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.
     
     මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීල.නි. පක්‍ෂයේ ඇමැතිවරුන් 16 දෙනාගෙන් කිසිවකු නැවත ආණ්‌ඩුවට එකතුවී කැබිනට්‌ අමාත්‍ය ධුර ලබා නොගන්නා බවත් එම 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගත්තේ ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ බිහිකිරීමට බවත්, එය ඉටුවෙන තෙක්‌ විපක්‍ෂයේ සිටිමින් ආණ්‌ඩුවට එරෙහි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එස්‌.බී. දිසානායක මහතා එහිදී කියා සිටියේය.

    ඒ සඳහා ඉවත් වූ 16 දෙනාට ශක්‌තියක්‌ වෙමින් නව කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයේ දී තවත් දස දෙනකු විපක්‌ෂයේ අසුන් ගන්නා බවද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

  • කැබිනට් සංශෝධනයේ දෙවන පියවර හෙට.. උදේ 10.30 සියල්ලන්වම යලි කැදවලා..

    කැබිනට් සංශෝධනයේ දෙවන පියවර හෙට.. උදේ 10.30 සියල්ලන්වම යලි කැදවලා..

    සෙසු කැබිනට් අමාත්‍ය ධූර එලෙසම ක්‍රියාත්මක වන අතර, නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම හෙට (02) පෙ.ව 10.30 ට ජනාධිපති කාර්යාලයේදී සිදුවෙනවා.

    ඒ සදහා ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. 

  • බ්‍රහස්පතින්දා වෙන දේ බලන්න – කැබිනට් සංශෝධනය ගැන රවී දුන්නු අමුතු උත්තරය මෙන්න

    බ්‍රහස්පතින්දා වෙන දේ බලන්න – කැබිනට් සංශෝධනය ගැන රවී දුන්නු අමුතු උත්තරය මෙන්න

    අද (01) පෙරවරුවේ සිදු වූ නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායකගෙන් අදහස් විමසා සිටියා.

    එහිදී ඔහු සඳහන් කළේ “දැන්ම මේ ගැන අදහසක් කියන්න අවශ්‍ය නෑ..බ්‍රහස්පතින්දාගෙන් පස්සේ අදහසක් කියන්නම්” යනුවෙනි.

    කෙසේවෙතත් විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සිදු වූයේ කැබිනට් සංශෝධනයේ කොටසක් බවත් එළඹෙන බ්‍රහස්පතින්දා මෙහි තවත් කොටසක සංශෝධනය බොහෝ දුරට සිදුවිය හැකි බවයි.

  • මෙවර කැබිනට් සංශෝධනයෙන් කිසිදු වෙනසක් නොවූ ඇමතිවරු 19 දෙනා මෙන්න

    මෙවර කැබිනට් සංශෝධනයෙන් කිසිදු වෙනසක් නොවූ ඇමතිවරු 19 දෙනා මෙන්න

    අද පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතැම් අමාත්‍යවරු යටතේ තිබූ අමාත්‍යාංශ හෝ විෂයයන් වෙනත් අමාත්‍යවරුන් වෙත පැවරුණද අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ විෂය පථයන්හි කිසිදු වෙනසක් සිදුවූයේ නොමැත. මේ එම අමාත්‍යවරුන්ය. 

    රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය 

    ජෝන් අමරතුංග සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය

    නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

    මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

    තිලක් මාරපන විදේශ කටයුතු අමාත්‍ය

    රවුෆ් හකීම්  නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය

    රාජිත සේනාරත්න සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය

    මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය

    වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍ය

    රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය

    පාඨලී චම්පික රණවක මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය

    නවින් දිසානායක වැවිලි කර්මාන්ත අමාත්‍ය

    ගයන්ත කරුණාතිලක ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය

    අර්ජුන රණතුංග ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

    පලනි දිගම්බරම් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

    චන්ද්‍රානි බණ්ඩාර කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය

    එම්.එච්.ඒ.හලීම් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

    හරීන් ප්‍රනාන්දු විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය

  • රට රස්සා දෙන්න මුදල් වංචා කල අමිල හිමිට වැඩ වරදී… CID දුෂණ පරීක්ෂණ නැවතත් කරලියට..

    රට රස්සා දෙන්න මුදල් වංචා කල අමිල හිමිට වැඩ වරදී… CID දුෂණ පරීක්ෂණ නැවතත් කරලියට..

    පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදීමේ ක්‍රියාවලියට උදාහරණ සපයමින්  2009 දෙසැම්බරයේ එවකට හොරණ මහේස්ත්‍රාත් අනුෂ්ක සෙනවිරත්න මහතා විසින් 2010 ජනවාරි 08 දක්වා රිමාන්ඩ් භාරයට යැවු දබර අමිලගේ මුදල් වංචා පරීක්ෂණ නවතත් මතුවීමට පටන් ගෙන ඇත. 

    2009 නඩුකර මහතා ඉදිරියේ රහස් පරීක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී මෙවන් සිල්වා, පොලිස් පරීක්ෂක රන්ජිත් මුනසිංහ මහතුන් විසින් මෙම දුෂණය පිළිබද විස්තරාත්මක වාර්තාවක් ලබා දී ඇත.

    මෙම පරීක්ෂණ වලට අනෙක් සැකකරු ලෙස අමිල හිමිගේ රියදුරාද පොලිසියට අවශ්‍යව වී තිබුණි .

    2009දී දබර අමිල හිමි ඇත අඩංගුවට ගෙන ඇත්තේ 15 දෙනෙකු විසින් ඉදිරිපත් කල පැමිණිලි හේතුවනි. මෙම 15 දෙනාම පැමිණිලි කර ඇත්තේ තමන් කොරියාවේ රැකියා වලට යවන බවට පොරොන්දු වී රට යැවීමට ප්‍රථම මුදල් ලබා ගෙන කිසිවකු කොරියාවට නොයවා ඇති බවය.

    මොවුන් රවටා ලබා ගත් මුදල රුපියල් මිලියන 2කට අධිකය. අමිල හිමි මෙම මුදල් වංචාව සිදු කලේ තමා නොව තම රියදුරු විසින් යයි කියා ඇග බේරා ගැනීමට තැත් කර ඇත.

    පසුව 2010දී රුපියල් 425,000ක් ඇප මුදලකට යටත්ව හොරණ මහේස්ත්‍රාත් තුමා මොහුට ඇප ලබා දී ඇත්තේ පිටරට ගුවන් බලපත්‍රයත් උසස්වී භාරයට ගැනීමෙන් පසුවය.

    Source – LNW

  • මේ මොහොතේ රටම කතාවෙන විෂය බොහොමයක් මාරු වු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න….

    මේ මොහොතේ රටම කතාවෙන විෂය බොහොමයක් මාරු වු අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න….

    සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

    රවීන්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

    විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

    දයා ගමගේ – සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

    මනෝ ගනේෂන් – ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය

    සාගල රත්නායක – ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

    ඩී.එම් ස්වාමිනාදන් – පනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

    විජිත් විජිතමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය

    ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා, පාළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    තලතා අතුකෝරල – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

    රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන කලමණාකරණ සහ නිතිය හා සාමය අමාත්‍ය

    පී. හැරිසන් – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

    කබීර් හෂීම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

    දුමින්ද දිසානායක – වාරි මාර්ග ජලකලමනාකරණ සහ ආපදා කලමනාකරණ අමාත්‍ය

    එස්. බී නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

    මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය

    සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය

    ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ කඳුරට සංවර්ධන අමාත්‍ය

     

  • උදයංගගෙන් ජාත්‍යන්තර පොලීසියට ලිපියක්

    උදයංගගෙන් ජාත්‍යන්තර පොලීසියට ලිපියක්

    තමන්ට එරෙහිව නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත් කර ගන්නා ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසියෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වී ඇත. 

    මිග් 27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ දී මූල්‍ය වංචාවක් සිදුව කර ඇති බවටයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව චෝදනා එල්ලවී තිබූ අතර ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන පරික්ෂණයක් සඳහා පෙනී සිටින ලෙස උදයංග වීරතුංගට දැනුම්දී තිබුණත් ඒ සඳහා ඔහු අවස්ථා කිහිපයකදී පෙනී නොසිටි බැවින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.

    පසුව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලීස් ඒකකය විසින් රුසියාවේ හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන ලෙස කල ඉල්ලීම මත උදයංග වීරතුංගට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වී ඇති අතර ඔහු ඩුබායි ගුවන් තොටුපොලේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය. නමුත් අත්අඩංගුවට පත්වූ උදයංග වීරතුංගව මෙතෙක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ සඳහා විවිධ හේතු පල විය.

    කෙසේ වෙතත් ඔහු විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කර ඇති ලිඛිත ඉල්ලීම මගින් පෙන්වා දී ඇත්තේ තමන් කිසිම අවස්ථාවක රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ මූල්‍ය වංචාවකට සම්බන්ධ නොවු බැවින් තමාට එරෙහි ජාත්‍යන්තර රතු අත්හිටුවන ලෙසයි.

  • මට බලතල දුන්නට වැඩක් නෑ – මට අවශ්‍ය වන්නේ නායකත්වය – සජිත් ප්‍රේමදාස අවසානයේ සටනට..

    මට බලතල දුන්නට වැඩක් නෑ – මට අවශ්‍ය වන්නේ නායකත්වය – සජිත් ප්‍රේමදාස අවසානයේ සටනට..

    තමන් නියෝජ්‍ය නායක ධුරයෙන් හො වැඩි බලතල ලබා දීම තුලින් සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    තමන් සැනසීමට නම් ජනතා පැතුම ඉෂ්ඨ කල යුතු යයිද ඔහු සදහන් කරයි.

    තමනට ලැබෙන තනතුරු තානාත්තර වලින් තමන් තෘප්තියක් නොලබන බවත් එම නම්බු නාම තනතුරු සියල්ල ජනතාව විසින් එක පෑන් පහරින් අවසන් කරනු ඇති බවත් ඔහු කියා සිටී.

    ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ නියෝජ්‍ය නායතකයාට වැඩි බලතල දෙන්නේ යයි එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකින් පසුව වීම විශේෂත්වයකි.