Category: සුපිරි Politics

  • මාස 03ක මෙහෙයුමකින් පසුව තල්මසුන් මෝරුන් කොටුකරගත් අල්ලස් මෙහෙයුමේ තිරය පිටුපස කතාව…

    මාස 03ක මෙහෙයුමකින් පසුව තල්මසුන් මෝරුන් කොටුකරගත් අල්ලස් මෙහෙයුමේ තිරය පිටුපස කතාව…

    ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී අයි.එචි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මාස 03 පමණ කාලයක සිට සැලසුම් සකස් කර ඇති බව අප වෙත වාර්තාවුණා.
    මෙම නිලධාරීන් දෙදෙනා තමන්ගෙන් අල්ලස් ඉල්ලා බලපෑම් කරන බවට අදාළ සමාගමේ හිමිකරු අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත්තේ පසුගිය පෙබරවාරි මස මුලදීයි. සැකකරුවන් පළමුව ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් මිලියන 450ක් වන අතර පසුව එය රුපියල් මිලියන 540 දක්වා වැඩි කර තිබෙනවා. 
    කෙසේවෙතත් කේවල් කිරීමෙන් පසු එය රුපියල් මිලියන 450 දක්වාත් අනතුරුව රුපියල් මිලියන 100 දක්වාත්, අඩුකර ඇති බවයි අදාළ සමාගමේ හිමිකරු අල්ලස් කොමිසමට පවසා ඇත්තේ. 

    අදාළ අල්ලස් මුදලෙන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 2ක මුදලක් ලබා ගැනීමට අදාළ නිලධාරීන් දෙදෙනා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ වාහන රථ ගාලට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් දෙදෙනා රුපියල් කෝටි 2ක මුදල ලබා ගෙන ඇත්තේ ඉන්දීය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය තුළදීයි. ඉන්දීය ව්‍යාපාරිකයා සමග අල්ලස් කොමිසමේ නිලධාරියෙකුද ඉන්දීය ජාතිකයෙකු ලෙස වෙස් ගෙන මෝටර් රථය තුල රැඳී සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ. 

    සැකකරුවන්ට ලබා දී ඇත්තේ අල්ලස් කොමිසම මගින් ලබා දුන් මුදල් තොගයක්. ඒවායේ අනුක‍්‍රමික අංක සියල්ල සටහන් කර කොමිසම මගින් ලබා දී තිබෙනවා. ඒ අනුව සැකකරුවන් අල්ලස් ලබා ගත් බව පැහැදිළිව ඔප්පු කිරීමට අල්ලස් කොමිසම සමත්ව ඇති බවයි අප වෙත වාර්තාවුණේ.  
     

     

  • අකිලට ලේකම්කම දුන්නේ මොන ලබ්බකටද? මලපැනලා ගමේ ගියපු සාගල මැයි රැලිය වර්ජනයක

    අකිලට ලේකම්කම දුන්නේ මොන ලබ්බකටද? මලපැනලා ගමේ ගියපු සාගල මැයි රැලිය වර්ජනයක

    …මෙම පුවත උපුටා ගන්නා ලද්දේ වෙබ් අඩවියෙන් වන අතර අන්තර්ගතයේ සියළු වගකීම් ඔවුන් සතුය…

    අධ්‍යාපන අමාත්‍ය සහ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට එම පක්ෂයේ මහ ලේකම් ධූරය ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සිය කනස්සල්ල පළ කර තිබේ.

    අකිල විරාජ් කාරියවසම් මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරය ලබා දෙනවාට විරුද්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අමනාප වී මාතර,දෙනියායේ සිය මුල් ගම් බිම් බලා ගොස් ඇති සාගල රත්නායක මහතා අප්‍රේල් මස 26 වැනිදා “සිරිකොත” මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද වර්ජනය කර තිබේ.

    එදා සිට මේ දක්වාම මාතර දෙනියායේ රැඳී සිටින සාගල රත්නායක මහතා සඳුදා (07) පවැත් වෙන එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට ද සහභාගී නොවනු ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියකු පැවසීය.

    මේ ප්‍රශ්නය විසඳීම සඳහා අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අගමැතිවරයාගේ උපදෙස් මත මාතර දෙනියායට විශේෂයෙන්ම ගොස් සාගල රත්නායක මහතා හමු වී සාකච්ඡා කර ඇතත් මෙතෙක් ප්‍රශ්නය විසදී නොමැත.

    අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කරනවාට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පවා කිසිදු විරෝධයක් එල්ල නොවූ අතර ඊට විරෝධය පළ කරමින් සිටින්නේ සාගල රත්නායක මහතා පමණක් වීම විශේෂ සිද්ධියක් වී තිබේ.

    – lankanewsweek

  • පොහොට්ටුවේ ජනපති අපේක්ෂක බලු පොරය උග්‍රවෙයි… බැසිල් ගෝටා මදිවට චමලුත් කරලියට…

    පොහොට්ටුවේ ජනපති අපේක්ෂක බලු පොරය උග්‍රවෙයි… බැසිල් ගෝටා මදිවට චමලුත් කරලියට…

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාදිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන අපේක්‍ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත.

    වාමාංශික දේශපාලන පක්‍ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.

  • එජාප මන්ත‍්‍රින් 25ක් රනිල්ට විරුද්ධ වෙද්දී කැරලි නායිකා හිරුණිකාට එරෙහිව විනය පරීක්‍ෂණයක්…..

    එජාප මන්ත‍්‍රින් 25ක් රනිල්ට විරුද්ධ වෙද්දී කැරලි නායිකා හිරුණිකාට එරෙහිව විනය පරීක්‍ෂණයක්…..

    එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහිව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය සුරැකීමේ සංවිධානය පවසයි.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු යයි මන්ත‍්‍රීවරිය විසින් කල ප‍්‍රකාශය නිසා විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් තීරණය කර ඇති බව සංවිධානයේ ලේකම් එස්.ආර්.එම්. වික‍්‍රමසිංහ මහතා කීය.

    මෙම විනය පරීක්‍ෂණයට දැඩි විරෝධය දක්වන බවත් එය පැවැත්වෙන දිනයේදී දහස් ගණනක් සමගින් සිරිකොත වැටලීමට සූදානම් බවත් ඔහු අවධාරණය කරයි.

    රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතුය යන මතයේ දැනට මන්ත‍්‍රීවරුන් 25කට වඩා සිටින බවද එම මාධ්‍ය හමුවේදී හෙලි විය.

    https://www.facebook.com/hirunikapremachandralk/posts/1936347583104103

  • නොමිනිසුන්ගේ ගතිය පෙන්වමින් ලෙස්ටර්ගේ නිවසේදී වෙච්ච හොරකමේ වීඩියෝව එලියට..!

    නොමිනිසුන්ගේ ගතිය පෙන්වමින් ලෙස්ටර්ගේ නිවසේදී වෙච්ච හොරකමේ වීඩියෝව එලියට..!

    සිංහල සිනමාවේ මහා පුරුෂයා වූ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා බෞද්ධ හා කිතුනු ආගමික වතාවත් මධ්‍යයේ  දැයෙන් සමුගත්තා.
    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා.
    මේ ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ අභාවයෙන් මුළු රටටම ශෝකයෙන් සිටින අවස්ථාවක හීනයකින්වත් නොසිතන්න බැරි සිදුවීමක් දෙකක් සිද්ධ වුණා.
    ඉන් එක සිදුවීමක් මුළු ලෝකයම මේ වන විටත් දැනගෙන අවසන්.
    ඒ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටයට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී හිමිවු ‘රණ මයුර‘ සම්මානය 02 උදෑසන නැතිවීම.
    අනෙක් සිදුවීම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ පුවත.
    මේ සිදුවීමට අදාළ වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රචාරය වන්නට පටන් ගෙන තිබෙනවා.
    එම වීඩියෝව පහතින් බලන්න.

  • පොහොට්ටුව තුළ බෙදීමක්.. පක්ෂය පාවාදුන් පවිත්‍රාට එරෙහිව මහින්දගෙන් විශේෂ පරීක්ෂණයක්..

    පොහොට්ටුව තුළ බෙදීමක්.. පක්ෂය පාවාදුන් පවිත්‍රාට එරෙහිව මහින්දගෙන් විශේෂ පරීක්ෂණයක්..

    ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

    ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

    ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එජාපයේ සහය ලබා ගත් අතර එයට පොදුජන පෙරමුණ තුළින්ම විරෝධතා එල්ල වූවා.

    එහි ප්‍රබලතම පුපුරා යාම සිදු වූයේ රත්නපුර දිස්ත්‍රීක් මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි විසින් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුනගේ සහය ගෙන තම නියෝජිතයෙක් නගරාධිපතිවරයා ලෙස පත් කලේ යයි රංජිත් සොයිසා, ප්‍රේමලාල් ජයසේකර, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ චෝදනා කිරීමත් සමගයි.

    මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න විසින් කරන ලද්දේ දේශපාලන මගෝඩිකමක් යයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා කියා සිටියා.

  • ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති මෙෙත්‍රි අතර හමුවක්…

    ජපාන අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස ජනපති මෙෙත්‍රි අතර හමුවක්…

    දිවයිනට පැමිණ සිටින ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ විශේෂ උපදේශක හිරෝටෝ ඉසුමි මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

    ජනාධිපතිවරයාගේ ජාපන සංචාරය අතරතුර ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී මෙරට තුළ සිදු කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙන් අදාළ නියෝජිත  පිරිස මෙරටට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    වරාය සංවර්ධනය, ඩිජිටල්කරණය සඳහා සහයෝගිතාවය, බලශක්ති, සංචාරක, සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවලදී මෙරටට ලබාදෙන සහයෝගය ඉහළ නැංවිමට එම සංචාරයේදී එකඟතාව පළවී අතර ඒ සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජපාන නියෝජිත පිරිස සහ ජනාධිපතිවරයා අතර පැවැති  හමුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

    ඉදිරියේදී මතුවිය හැකි විදුලි අර්බුදය මඟහරවා ගැනීම සඳහා දියත් කෙරෙන බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නියෝජිත පිරිස වෙත පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

  • මාතලේ එ.ජා.ප ප්‍රබලයෙක් මැයි රැළිය වර්ජනය කරයි.. ශ්‍රිලනිපයට එක්වීමේ සූදානමක….

    මාතලේ එ.ජා.ප ප්‍රබලයෙක් මැයි රැළිය වර්ජනය කරයි.. ශ්‍රිලනිපයට එක්වීමේ සූදානමක….

    එක්සත් ජාතික පක්‍ෂය පවත්වන මෙවර මැයිදින රැළියට සහභාගි නොවීමට තමන් තීරණය කළ බව මාතලේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ පවසනවා.

    ඉකුත්දා සිදු කෙරුණු කැබිනට් සංශෝධනයේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බවයි ඔහු පැවසුවේ. මේ හේතුවෙන් ලබන සඳුදා කොළඹ පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ මැයි දින සැමරුමට එක් නොවන බව ඔහු සදහන් කළා.

    මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය දැනුවත් කර ඇතැයිද, තීන්දුවක් නොලැබෙන්නේනම් මැයි රැළියට සහභාගී නොවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ.

    රංජිත් අලුවිහාරේ මධ්‍යම පළාත් සභාවේ විපක්ෂනායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

  • මහියංගනයේ බලයත් නිදහසට… මැතිවරණයෙන් ජය ලැබූ ස්වාධින කණ්ඩායම ජනපති හමුවී සහය පළකරයි…

    මහියංගනයේ බලයත් නිදහසට… මැතිවරණයෙන් ජය ලැබූ ස්වාධින කණ්ඩායම ජනපති හමුවී සහය පළකරයි…

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහියංගණය ප්‍රාදේශීය සභාවට තේරිපත්වූ සාමාජිකයින් 08 දෙනා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලැබීය.

    පසුව ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන්හ.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස මහියංගණය ප්‍රාදේශීය සභාවට තරග කළ ඩී.එම්. ශ්‍යාමලී කුමාරි දිසානායක, ඩී.එම්. ධනුෂ්ක ධර්මරත්න දිසානායක, ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර, ඩබ්.එම්. සමන් පුෂ්පකුමාර, එම්.බී. වසන්ත වික්‍රමසිංහ, ආර්.පී.එම් චන්ද්‍රදාස, ඒ.එම්. ලලිතා වසන්ති දිසානායක, එච්.පී. භාෂිලා මධුභාෂිනී යන මහත්ම මහත්මීන් මෙම පිරිසට එක්වුහ.

  • අල්ලස් ගනිද්දී මාට්ටු වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට කිසිදු සමාවක් නෑ… ජනපති නියෝගයෙන් පරීක්ෂණ

    අල්ලස් ගනිද්දී මාට්ටු වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට කිසිදු සමාවක් නෑ… ජනපති නියෝගයෙන් පරීක්ෂණ

    ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි කේ මහානාම, හිටපු ඉඩම් ලේකම් පියදාස දිසානායක අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ කොළඹ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක වාහන නැවතුම්පලකදීය.

    වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය,

    කන්තලේ සීනි කර්මාන්ත ශාලාවක් සඳහා සම්බන්ධ සිද්ධියකදි ගරු ජනාධිපතිවරයාගේ අත්සන ලබා දීම සඳහා රුපියල් කෝටි 56ක පමණ මුදලක් මොහු ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

    ඒ විදෙස් ජාතික ආයෝජකයන් පිරිසකගෙන්ය.

    එහිදී රුපියල් කෝටි 56ක මුදල කෝටි 10 දක්වා අඩු කර ගැනීමට මොහු කැමති වී ඇති අතර එම කෝටි 10න් කෝටි දෙකක මුදලක් මෙලෙසින් කොළඹ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක වාහන නැවතුම්පලකදී අල්ලස් වශයෙන් ලබා ගනිද්දී කොටු වී ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම වැටලීම සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා දැනුවත් කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා අදාල අංශ වලට උපදෙස් දී ඇත්තේ නීතිය කාටත් පොදු බවත් වහාම නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසටයි.

    ඒ අනුව අද දහවල් එම කෝටි 10න් කෝටි දෙකක මුදලක් මෙලෙසින් කොළඹ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක වාහන නැවතුම්පලකදී අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අද දහවල් අත්අඩංගුවට ඇති බව සඳහන්.

  • සභීතට කෙලවෙන ලකුණු.. අමරවීර නියෝගයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පරණ ගොඩනැගිල්ලටම…

    සභීතට කෙලවෙන ලකුණු.. අමරවීර නියෝගයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය පරණ ගොඩනැගිල්ලටම…

    කෘෂිකර්ම අමාත්‍යංශය, පෙර තිබූ ගොඩනැගිල්ල වෙත රැගෙන යාම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අද පෙරවරුවේ සිය අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව වත්මන් කෘෂිකර්ම අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ල පිලිබඳව  මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ තමන් පෞද්ගලිකව එවැනි සුඛෝපභෝගී සහ විශාල ගොඩනැගිල්ලක අවශ්‍යතාව නොදකින බවයි.

    කෘෂිකර්ම අමාත්‍යංශය මීට පෙර පිහිටි ගොවිජන මන්දිර ගොඩනැගිල්ල අමාත්‍යංශය සඳහා සුදුසුම ස්ථානය බවට තමන් පිළිගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

    ගොවිජන මන්දිර ගොඩනැගිල්ල රජය විසින් වෙනත් කටයුත්තක් සඳහා පවරාගැනීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශය වර්තමාන ගොඩනැගිල්ල වෙත රැගෙන ඒමට සිදුවූ බව පෙන්වාදුන් අමාත්‍යවරයා ඒ පිළිබඳ අධ්‍යනයක් සිදුකර කෘෂිකර්ම අමාත්‍යංශය යළි ගොවිජන මන්දිරයට ගෙන යාම සම්බන්ධයෙන් තම උපරිම අවධානය යොමු කරන බවයි සඳහන් කළේය.

  • ලංකාවේ අපි ඉතිහාස පොතට…අවමගුල් දිනයේ ලෙස්ටර්ගේ ජංගම දුරකථනයත් හොරු අරන්…

    ලංකාවේ අපි ඉතිහාස පොතට…අවමගුල් දිනයේ ලෙස්ටර්ගේ ජංගම දුරකථනයත් හොරු අරන්…

    අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තිබූ තවත් භාණ්ඩයක් අතුරුදන්ව තිබෙනවා. පොලිස් වාර්තාවලට අනුව මෙලෙස අතුරුදන්ව ඇත්තේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්.

    අවමංගල්‍යය කටයුතු සිදුවූ ඊයේ (03) දිනයේයි මෙම දුරකථනයද අතුරුදන්ව ඇත්තේ. ඒ මහතාගේ නිවසේ තිබූ රණමයුර සම්මානයට හිමි පදක්කමද අතුරුදන්ව තිබුණා. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ඒ මහතාගේ ඥාති දියණියක් බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ කි‍්‍රයාත්මක අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

  • ගීතා එලියට යද්දී මැතිසභයට රිංගපු පියසේන කැබිනට් සංශෝධනයට ආපු නැති හේතුව මෙන්න…

    ගීතා එලියට යද්දී මැතිසභයට රිංගපු පියසේන කැබිනට් සංශෝධනයට ආපු නැති හේතුව මෙන්න…

    නව ඇමති, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ඊයේ (03) සහ පෙරේදා (02) සිදුවූ දිවුරුම් දීමේදී නම නොකියවුනු රාජ්‍ය අමාත්‍යවරයෙකු මේ වන විට දැඩි කණස්සල්ලෙන් පසුවනවා.

    ඔහු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේයි.

    ඊයේ සහ පෙරේදා පැවැති මෙම දිවුරුම් දීමේ අවස්ථා දෙකටම ඔහු සහභාගී වූයේ නැහැ. ඒ සඳහා සහභාගී වන ලෙසට ආරාධනා කර තිබුණද රාජ්‍ය අමාතයවරයා ඊට සහභාගී නොවී ඇති බවයි අප වෙත වාර්තා වුණේ. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේගෙන් විමසීමක් කළා.

    එහිදී ඔහු සඳහන් කළේ “මම මන්ත්‍රි වුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසේ.. ජනවාරි සිට මේ දක්වා දෙවරක් රාජ්‍ය ඇමති තනතුරේ මම දිවුරුම් දුන්නා. ඒ මාස තුන හතර ඇතුළත ආයෙත් රාජ්‍ය ඇමතිකමක් සඳහා තමයි දිවුරුම් දෙන්න වෙන්නේ. මම කල්පනා කරා ඒක අවශ්‍ය නෑ කියලා. තේරුමක් නෑ..ඒ නිසා මම ගියේ නෑ. වෙනසක් වෙලා නෑ..ඇමති කමක් දෙනවා නම් ශ්‍රීලනිපයේ දෙන්න තිබ්බ පළවෙනි එක්කෙනා මම. 89 ඉඳලා මේ දක්වා ශ්‍රීලනිපය වෙනුවෙන් කැපවුණා මම.” යනුවෙනි.

    තමාට ආරාධනා කර තිබුණේ රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දීමට බවත්, ඉන් කිසිඳු පළක් නොමැති බවත් ඔහු කියා සිටියා.

    ඇමති සංශෝධනයේදී තමාටද අනිවාර්යයෙන්ම කැබිනට් ඇමතිධූරයක් හිමිවිය යුතුව තිබූ බවයි රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ වැඩිදුරටත් පැවසුවේ.

    ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට මන්ත්‍රිධූරය අහිමිවීමත් සමග පියසේන ගමගේට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව උදාවුණා. ඔහු ඉකුත් පෙබරවාරි මාසයේ දිවුරුම් දුන්නේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. 

  • ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවයට ජනපති මෛත්‍රිත් එක්වෙයි….

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවයට ජනපති මෛත්‍රිත් එක්වෙයි….

    මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවය අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද සහභාගී වුණා.

  • හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන  ඕන කෙනෙකුට වැඩ මවන්න පුළුවන්

    හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන ඕන කෙනෙකුට වැඩ මවන්න පුළුවන්

    රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය සංශෝධනයෙන් පසු සියලු අමාත්‍යවරුන් ඇමතූ ජනාධිපතිවරයා, කැබිනට් අමාත්‍යවරුන් වෙත රාජ්‍ය ආයතන ගැසට් කිරීමේදී විද්‍යාත්මක පදනම පැහැදිලිවම සැලකිල්ලට ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
    රටට සහ ජනතාවට අවංකව සේවය කරනා මෙන් තමා ඉල්ලා සිටිනා බවත්  සීමා ගැන නොසිතා කළ හැකි දේ බොහෝ බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර “තමාගේ හැකියාව දක්ෂතාවය කුසලතාවය දැනුම යොදාගෙන වැඩ මවන්න පුළුවන් ඕන කෙනෙකුට. තමන්ට තියෙන ක්ෂේත්‍රයේ සීමාව නෙවෙයි හිතන්න ඕන. ඒ තුළ ඉඳගෙන ඒ කරන කටයුතු වගේම ඊට එහා දෙයක් හිතල කරන්නයි ඕන.” ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
  • රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු නිසයි අස්වුනේ

    රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු නිසයි අස්වුනේ

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ තනතුරු දරමින් සිට ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් මහනුවරට ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ඊයේ (2) දින බැහැදුටු අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී. ජෝන් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය,
    “රටේ ආර්ථික තත්ත්වය හා සමාජ තත්ත්වය පිරිහී යන බව දිගින් දිගටම වැටහුණු අතර අවුරුදු දෙකක කාලය තුළ විශාල කාර්යභාරයක් සිදුකළ නොහැකි බව අපට පෙනුණා. මේ කාලය තුළ වැරදි ක්‍රියාමාර්ගවල තවදුරටත් යෙදුණොත් ජනතාවට වගකියන්න සිදුවෙන නිසයි ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ සිටිමින් අපගේ කාර්යභාරය ඉටුකිරීමට අප තීරණය කළේ”