Category: සුපිරි Politics

  • ආණ්ඩුවේ අනාගතය තීරණය කරන තීරණාත්මක තීන්දුව දින නියමයක් නොමැතිව කල් යයි…. (Update)

    ආණ්ඩුවේ අනාගතය තීරණය කරන තීරණාත්මක තීන්දුව දින නියමයක් නොමැතිව කල් යයි…. (Update)

    අද දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට පැවැත්වීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව දින නියමයකින් තොරව කල් දමා තිබේ.

    ඉදිරි මධ්‍යම කාරක සභාව පැවැත්වෙන දිනයක් මෙතෙක් තීරණය කර නැති බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.

    විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය ලබා දුන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් 16 දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට කල ඉල්ලීම ගැන අවසන් තීන්දුව ගැනීමට අද දිනයේ මධ්‍යම කාරක සභාව ගස්වීමට නියමිතව තිබින.

    එම හේතුව නිසා ශ‍්‍රිලනිප සියළු ඇමතිවරුන් කැබිනට් රැස්වීම වර්ජනයකද නිරත වූහ.

    මේ අතර වාර්තා වන්නේ තව දුරටත් ආන්ඩුවේ සිටින්නේද නැද්ද යන්න සම්බන්ධ්යෙන් බරපතල බෙදීමක් ශ‍්‍රීලනිපය තුල ඇතිව තිබෙන බවයි.

    බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සදහන් කරන්නේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරය සදහන් කරන්නේ එජාපය සමග තව දුරටත් ආණ්ඩු නොකල යුතු බවයි.

  • රජයේ ඉන්නවද නැද්ද තීරණය කරන තීරණාත්මක ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    රජයේ ඉන්නවද නැද්ද තීරණය කරන තීරණාත්මක ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද….

    ජාතික ආණ්ඩුවේ තව දුරටත් පාර්ශවකරුවෙක් ලෙස රැදෙනවාද නැත්නම් ඉන් ඉවත් වෙනවාද යන්න පිළිබඳව තීරණය කරනු ලබන තීරණාත්මක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද (11) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

    පසුගිය 09 වෙනිදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තම පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි. එම අදහසට පක්ෂව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ජන්දය ප්‍රකාශ කල සියලු අමාත්‍යවරුන් සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

    කෙසේ නමුත් මේ වන විට නිදහස් පක්ෂය තුල මතවාද දෙකක් පවතින අතර එක් පාර්ශවයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන යෝජනා කරන විට තවත් පාර්ශවයක අදහස වී ඇත්තේ තවදුරටත් ආණ්ඩුවේ රැදිසිටිය යුතු බවයි.

    කෙසේ නමුත් මේ සියලු කාරණා පිළිබඳව අද දිනයේදී අවසන් තීරණයන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

  • රටම කතාවෙන පරිදි බේබි නාමල් එක්ක ප්‍රේමයක් මාධවීට තිබුණද?ඔබ නොදත් කතාව මෙන්න..

    රටම කතාවෙන පරිදි බේබි නාමල් එක්ක ප්‍රේමයක් මාධවීට තිබුණද?ඔබ නොදත් කතාව මෙන්න..

    ජැක්සන් ඇන්තනිගේ ආදරණිය දියණිය මාධවී වත්සලා ආයෙමත් පෙම්වතියක් වෙලා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක සෙල්ෆි ගහලා රටම කැළඹූ මාධවී ඇයගේ පෙම්වතාගේ ඡායාරූප මුහුණු පොතට එකතු කරලා තිබෙනවා. ඇයගේ පෙම්වතා මිලාන් සිල්වා.

    මේ දෙන්නා ළගදීම විවාහ වෙනවා කියලත් ආරංචියි.

      

    SHARE
  • මම අායෙත් ගොනාට අැදගත්තා – අැනගත්ත විශ්වාසභංගයෙන් පසු මහින්ද කියපු කතාව මෙන්න….

    මම අායෙත් ගොනාට අැදගත්තා – අැනගත්ත විශ්වාසභංගයෙන් පසු මහින්ද කියපු කතාව මෙන්න….

    විස්වාසභංග යෝජනාව නිසා පසුගිය සතියේ දේශපාලනය අතිශය උණුසුම් විය. මේ අතර විස්වාසභංග යෝජනාව තිරය පසුපස රසවත් කතා බොහොමයක් විය. 

    විස්වාසභංගය ගෙන ඒමට පෙර දින එකාබද්ධයේ පාර්ලීමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග විඡේරාම පෙදෙසට ගියේ හිටපු ජනපති මහින්ද මුණගැසීමටය. පෙරදා රාත්‍රියේ ප්‍රසන්නට දැනගන්නට ලැබී තිබුණේ විශ්වාසභංගය යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ බෙදීමක්‌ හටගෙන ඇති බවය.
     
    ප්‍රසන්න එනු දුටු හිටපු ජනපති එක්‌වරම  ආ මේ එන්නේ අපේ තරගයේ වීරයා යෑයි කීවේය. “මොකද සර් එහෙම කිව්වේ? ඇත්තටම දැන් මොකක්‌ද වෙලා තියෙන්නේ?”ප්‍රසන්න ඇසුවේය. 
     
    “නෑ ඉතින් ඔයා කිව්ව එක හරි” මහින්ද පැවසීය.
     
    “මොකක්‌ද මං කියපු එක?” ප්‍රසන්න යළි ඇසුවේය.
     
    “ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ බෙදීමක්‌ ඇති වෙලා තියෙනවා විශ්වාසභංගයට ඡන්දය දෙන එක ගැන. පක්‌ෂයේ නියෝජිතයෝ දෙන්නෙක්‌ උදේ මාව හම්බ වෙන්න ඇවිත් කියනවා පක්‌ෂයේ බෙදීමක්‌ ඇති වෙලා තියෙනවා කියලා. සමහරු කියනවලු විශ්වාසභංගයට පක්‌ෂ වෙමු කියලා. තව පිරිසක්‌ කියනවලු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකිමු කියලා. ඒ අය යෝජනා කරනවා විශ්වාසභංග යෝජනාව කල්දාමු කියලා. මම ඒක ප්‍රතික්‌ෂේප කළා. මම කිව්වා දැන් කොහොමටවත් කල්දාන්න බැහැ. කැමැති අය දෙන්න. අකමැති අය නිකම් ඉන්න. හැබැයි කවුරු දුන්නත් නැතත් අපි විවාදයට යනවා කියලා” මහින්ද පැහැදිලි කළේය. 
     
    “ඒකනේ මම කිව්වේ කොළේට අත්සන් ගමු කියලා. අපේ සමහරු කිව්වානේ එහෙම ගත්තොත් ඒ අයට ප්‍රශ්නයක්‌ වෙයි කියලා. මම දැනගෙන හිටියා මෛත්‍රී මේ හදන්නේ තුන්වැනි පාරටත් රනිල්ව ආරක්‌ෂා කරන්නයි කියලා” ප්‍රසන්න පැවසීය.
     
    “ප්‍රසන්නගේ කතාව හරි. මමත් කිව්වේ අඩුම ගාණේ මේ අය ලවා යෝජනාවටවත් අත්සන් කරවා ගන්න කියලයි. දැන් පේනවානේ වෙලා තියෙන වැඩේ” මහින්ද පැවසීය. 
     
    “අපි මේවා කිව්වම සමහරු අපිටත් ගැහුවා රනිල්ව බේරගන්න යනවා කියලා.  ඩීල් එකට අපි අහුවුණා. මොනවා වුණත් දැන් කරන්න දෙයක්‌ නැහැ. අපි මේ අභියෝගයට මුහුණ දෙමු. මොනවා වුණත් මිනිස්‌සු ඇත්ත දන්නවනේ” ප්‍රසන්න කීවේය. 
     
    ඒ අනුව විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයට සහභාගී වීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව බලා ගියහ. හිටපු ජනපති මහින්දට පාර්ලිමේන්තුවේ දී සුසිල් හමුවුණේය. “පක්‌ෂයේ බෙදීමක්‌ ඇති වෙලා තියෙනවා සර්. හැබැයි මම නම් අනිවාර්යයෙන්ම විශ්වාසභංගය යෝජනාවට සහාය පළ කරලා ඡන්දෙ දෙනවා” සුසිල් මහින්දට සපථ කළේය. 
     
    මේ අතර ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ සමඟ ලොබියේ කතා කරමින් සිටි මහින්දානන්දට නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මුණගැසුණේය.  ” මාර වැඩේනේ අපිට වුණේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපිට කිව්වේ එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අරගෙන දෙනවා කියලයි. දැන් ඒ අයම තීන්දු කරලා තියෙනවා ඡන්දෙ නොදී ඉන්න. මේක ලොකු පටලැවිල්ලක්‌. අපිට කරන්න දෙයක්‌ නැහැ “ වසන්ත පැවසීය. 
      
    විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම බදාදා රාත්‍රී 9.30 ට පැවැති අතර ඉන් අගමැතිවරයා ජයග්‍රහණය කර තිබුණි. විශ්වාසභංගයෙන් පසුව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් විවිධ ස්‌ථානවල එකතුව කතාබහ කරමින් සිටියහ. ප්‍රසන්න සභා ගැබෙන් එළියට ආවේම “මම කිව්වා හරි නේද? යෑයි අසමිනි. 
     
    “මරු වැඩේ කියන්නේ මේ යෝජනාව අපිට ගෙනාපු නිදහස්‌ පක්‌ෂයේම ප්‍රබලයා අන්තිමට ඡන්දෙ දෙන්නවත් ඇවිල්ලා නැහැ” සනත් පැවසීය. 
     
    “විශ්වාසභංග යෝජනාව ගෙනාවේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව වුණාට ජනතා විමුක්‌ති පෙරමුණ විවාදයේ දී කතා කළේම මහින්ද ගැනනේ” තවත් මන්ත්‍රිවරයකු පෙන්වා දුන්නේය.
     
    “එයාලට ඉතින් තියෙන ඡන්ද හතර පහවත් රැකගන්න මහින්ද මහත්තයට බණින්න වෙනවානේ” පියල් නිශාන්ත සිනාසෙමින් පැවසීය.  

  • අගමැති වෙනවා කියල රවට්ටලා ඡන්දෙ ගත්තා.. ඒත් එහෙම තත්ත්වයක් ඇති වුණේ නෑ – මහින්ද

    අගමැති වෙනවා කියල රවට්ටලා ඡන්දෙ ගත්තා.. ඒත් එහෙම තත්ත්වයක් ඇති වුණේ නෑ – මහින්ද

    ප්‍රාදේශිය සභාවලට අයත් මාර්ග ආදිය සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීමට ඉදිරියේදී උනන්දු නොවන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි
     
    ඔහු මේ අදහස් පළ කළේ අද(09) හම්බන්තොට පැවති ජන හමුවකට එක්වෙමින්ය.
     
    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
     
    “මහින්ද අගමැති වෙයි කියලා ඡන්දෙ දුන්නා. එහෙම තත්ත්වයක් ඇති වුණේ නෑ. 2020 වෙනකම් ඡන්දයක් තියන්න බෑ. පාරවල් හදන්න දෙන සල්ලි දුන්නත්. ප්‍රාදේශිය සභාවලට නවත්වන්න පුළුවන්. ප්‍රාදේශිය සභාවලට අයත් මාර්ගවලට මුදල් දෙන්න අපි දඟලන්නේ නෑ. පළාත් සභා පාරවල්වලට සල්ලි දෙනවා. මධ්‍යම ආණ්ඩුවට අයිති වැව් , පාසල් හදනවාඑපසුගිය මැතිවරණයෙන් පස්සේ .ගමේ සංවර්ධනය අඩුවුණා”
     

  • ඇමති සුජිවගේ පෙම්වතියගේ ආන්දෝලනාත්මක ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කරයි….

    ඇමති සුජිවගේ පෙම්වතියගේ ආන්දෝලනාත්මක ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කරයි….

    ජනප්‍රිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සුජීව සේනසිංහ නදීකා සේනාධීර නමැති නිරූපිකාවක් සමග එකට සිටින ඡායාරූප කිහිපයක් නදිකාගේ instagram ගිණුමට මුදා හැර තිබේ. ඇය විසින් එම ඡායාරූප නිකුත් කර තිබෙන්නේ එම පුද්ගලයා ඇගේ පෙම්වතා බව පවසමිනි.

    එම තරුණිය ගුවන් නියමුවරියක ලෙස අධ්‍යාපනය ලබයි.

     

    Related image

    Related image

    Image result for Nadeeka senadeera instagram

    SHARE
  • උණුසුම් වු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිදු වුනේ කුමක්ද? ඇත්ත මෙන්න…

    උණුසුම් වු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිදු වුනේ කුමක්ද? ඇත්ත මෙන්න…

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රී  7:15 ට පමණ ජනාධිපති නිල නිවසේදී රැස්වුනා.
    මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජාවට බදුන් වුනේ පසුගියදා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවෙන් පසු උද්ගතවූ තත්වය හා පක්ෂයක් වශයෙන් තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැදෙනවාද යන්න පිළිබඳවයි.

    අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ජන්දය ප්‍රකාශ කල නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එජාප යෙන් එල්ලවූ අපහාස හා චෝදනාවන්ට විරෝධය පල කරමින් හෙට (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට සියළු නිදහස් පක්ෂ ඇමතිවරුන් තීරණය කළා.

    මෙහිදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවයි. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඉදිරිපත් කල එම යෝජනාව අමාත්‍ය එස් බි දිසානායක විසින් අනුමත කර තිබෙනවා. කෙසේ  නමුත් ජනාධිපතිවරයා මෙහිදී සිය අදහස දක්වමින් කියා ඇත්තේ පක්ෂයක් ලෙස එකට එක්ව තවදුරටත් හදිසි නොවී තීන්දු තීරණ ගත යුතු බවයි.

    මේ අතර තවත් දිනකින් එනම් 11 වෙනිදා යලිත් වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට ඊයේ (09) තීරණය කල අතර එදිනට දේශපාලනික වශයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබෙනවා.

  • එජාප මහලේකම් ධූරය භාරගන්න යැයි නවීන්ට පසුපෙළ මන්ත්‍රීලාගෙන් ඇරයුම්

    එජාප මහලේකම් ධූරය භාරගන්න යැයි නවීන්ට පසුපෙළ මන්ත්‍රීලාගෙන් ඇරයුම්

  • දවස් 43ක් සරසවි වහලා… සිසුවෝ අනාතයි… අධ්‍යාපනය අඩාලයි .. ඇමති ගොළු බිහිරි සේ නිහඩයි..

    දවස් 43ක් සරසවි වහලා… සිසුවෝ අනාතයි… අධ්‍යාපනය අඩාලයි .. ඇමති ගොළු බිහිරි සේ නිහඩයි..

    දවස් 43ක් තුරාවට ක්‍රියාත්මක විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජන ක්‍රියා මාර්ගය නිසාවෙන් මේ වනවිට රට පුරා සරසවි වල දැඩි අර්බුධකාරී තත්වයක් නිර්මාණය වී ඇත. සරසවි තුල මහපොළ ගෙවීම නවක සිසුන් බදවා ගැනීම පවා මේ වැඩ වර්ජන ක්‍රියාවලිය නිසා ඇනහිට ඇති අතර අමාත්‍යවරයා සමග පවතී සාකච්චා පවා බිදවටිමෙන් 150,000 පමණ සිසුන් අපහසුතාවයට පත්ව ඇත.

    මේ පිලිබදව අදහස් දක්වමින් අන්තරේ කැදවුම්කරු වන ලහිරු පැවසුවේ දින 43ක් තිස්සේ පවතින මෙම ගැටලුව නිසාවෙන් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් විභාග කල්යාම අවසන් වසර පරීක්ෂණ කල්යාම පමණක් නොව මහපොළ නොලැබීම නිසා ඔවුනට තම නවාතන්පොලවල් වල කුලිය ගෙවාගැනීමේ අර්බුධයක්ද නිර්මාණය වී ඇති බවයි..

    රට ආපස්සට යද්දී රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා යන දෙදෙනාම ගොළුවන් බිහිරන් සේ සිටීම තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය බිදහෙලිමද යන්න ජනතාව ප්‍රශ්න කර සිටියි..

  • අගමැති රනිල්ගේ නිල බුකි පිටුවෙන් Sex චැට් කරලා මාට්ටු… කමෙන්ටුවකින් සියල්ල එලියට…..

    අගමැති රනිල්ගේ නිල බුකි පිටුවෙන් Sex චැට් කරලා මාට්ටු… කමෙන්ටුවකින් සියල්ල එලියට…..

    මාස ගණනාවකින් යාවත්කාලින නොකළ අගමැති රනිල්ගේ නිල බුකි පිටුවෙන් Sex Chat සිදුකල අජුත පුවතක් අපට වාර්තා වේ. තුෂාර නැමති මාධ්‍ය අංශ ප්‍රධානියෙකුගේ බුකි පොස්ටුවකට දැමු කමෙන්ටුවක් මගින් මේ සියලු තොරතුරු අපට හෙලිකරගැනීමට හැකිවූ අතර අගමැති රනිල්ද මේ පිලිබදව දැඩි කලකිරීමකට ලක්ව සිටින බව අපට වාර්තා වේ..

    එම පොස්ටුව මෙන්න….

    https://www.facebook.com/thushara.deshpriya/posts/1793983277330010

    එම කමෙන්ටුව මෙන්න…

  • එදා එලවන්න විරුද්ධයි කියූ එජාප මන්ත්‍රීවරුන්ගෙන් මෙදා රනිල් ගෙදර යවන්න විශ්වාසභංගයක්….

    එදා එලවන්න විරුද්ධයි කියූ එජාප මන්ත්‍රීවරුන්ගෙන් මෙදා රනිල් ගෙදර යවන්න විශ්වාසභංගයක්….

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවී, පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම ප්‍රමාද කිරීමේ අරමුණෙන් කමිටු පත්කිරීම අනුමත නොකරන එම පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් අගමැතිවරයාට එරෙහිව තවත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ (08) තීරණය කර ඇත.

    ඒ අනුව තවත් මාස හයක් ඇතුළත අගමැතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත.

    පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සාකච්ඡාවකට කැඳවා, ඒ පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පවත්වන්නේ නැතිව, අවසානයේ අගමැතිවරයාට හිතවත් පිරිසකගෙන් සමන්විත කොමිටියක් පත්කර මන්ත්‍රිවරුන්ගේ වටිනා කාලය නාස්ති කළ බව එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රිවරු පිරිසක් පැවසූහ.

    අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ, තුසිත විජේමාන්න, දයා ගමගේ, රංගේ බණ්ඩාර, අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රිවරු ඇතුළු මන්ත්‍රිවරු පිරිසක්, අගමැතිවරයා පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට පත්කළ යුතු බවට අදහස් දක්වා ඇත.

    රවි කරුණානායක, මංගල සමරවීර, ලක්ෂ්මන් විජේමාන්න, වජිර අබේවර්ධන යන ඇමැතිවරු ඇතුළු පිරිසක් මෙහිදී අගමැතිවරයා වෙනුවෙන් අදහස් පළ කර ඇත.

    වසන්ත සේනානායක, පාලිත රංගේ බණ්ඩාර ඇමැතිවරු සාකච්ඡාව පැවැත්වෙන අතරතුර එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවද වාර්තාවේ.

    එ.ජා.ප නායකත්වයෙන් අගමැතිවරයා වහාම ඉවත් විය යුතු බවට බලකර සිටින කණ්ඩායමේ මන්ත්‍රිවරු දස දෙනකු ඊයේ රැස්වී, ඔවුන් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන විශ්වාසභංග යෝජනාව සඳහා වන චෝදනා පත්‍රය සකස් කිරීම ආරම්භ කිරීම පටන්ගෙන ඇති බවද වාර්තාවේ.

    මේ වන විට. එ.ජා.පයේ මැති ඇමැතිවරු විසි හතර දෙනකු විශ්වාසභංග යෝජනාවට කැමැත්ත පළ කර ඇති බවත් මැති ඇමැතිවරු පනස් දෙනකුගෙන් එම යෝජනාවට අත්සන් ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවැසීය

  • අසාර්ථක රනිල් සිටියදී කැඩුණු පාක්ෂික හිත් සනසන්න මහලේකම් සහෝදරි තලතා සභාපති පුටුවට…

    අසාර්ථක රනිල් සිටියදී කැඩුණු පාක්ෂික හිත් සනසන්න මහලේකම් සහෝදරි තලතා සභාපති පුටුවට…

    එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිනිය ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුවී තිබේ.

    මීට පෙර ඇයට පක්ෂයේ මහ ලේකම් තනතුර ලබාදීමට යෝජනා වී තිබු අතර පසුව එය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබා දීමට තීරණය කෙරිණි.

    දැනට වැඩ බලන මහලේකම්වරයා ලෙස පත්කර ඇත්තේද ඔහුය.

    කෙසේ වෙතත් දේශපාලන පුවත් වාර්තා සඳහන් කරන ආකාරයට අතුකෝරළ ඇමතිවරියද සභාපති තනතුරට වඩා වැඩි කැමැත්තෙන් සිටින්නේ මහ ලේකම් තනතුරටය.

    ඇගේ සොයුරු ගාමිණී අතුකෝරළ මහතා ද කලක් පක්ෂයේ මහලේකම් තනතුරු හෙබවීය.

    ඉදිරි දින කිහිපය තුල පක්ෂයේ නව තනතුරු ලබාදීමට නියමිතය.

  • කිත්සිරි??කොහේ ඉන්න කිත්සිරියෙක්ද? මම චන්දිම… දුරකථන ඇමතුමෙන් චන්දිමට යකා වැහෙයි..

    කිත්සිරි??කොහේ ඉන්න කිත්සිරියෙක්ද? මම චන්දිම… දුරකථන ඇමතුමෙන් චන්දිමට යකා වැහෙයි..

    බ්‍රහස්‌පතින්දා උදය වරුවේ චන්දිම වීරක්‌කොඩි අමාත්‍යවරයාගේ දුරකථනයට හිටිහැටියේම විශේෂ දුරකථන ඇමතුම පැමිණියේ ය.

    “අපි මේ අහවල් FM සේවාවෙන්” කියමින් එහා කෙළවරින් කතා කළේ ලංකාවේ ජනප්‍රියම FM සේවාවක නිවේදකයෙකි.

    “අපේ ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂතුමාට ඔබතුමාට කතා කරන්න ඕනලු” කියමින් ඔහු තවත් අයෙක්‌ වෙත දුරකථනය යොමු කළේය.

    “බදාදා සිරස මූලස්‌ථානයට එල්ල කරපු ප්‍රහාරය ගැන ඔබතුමා මොනවද දන්නේ”

    එහා පැත්තෙන් හිටිහැටියේම අසන ලද ප්‍රශ්නය නිසා චන්දිම මහත් අපහසුතාවකට පත් විය. එහෙත් ඔහු උත්තර දුන්නේ ය.

    “කවුද ගහලාලු නේද? කවුරු කළත් මහ කැත වැඩක්‌.. මම දන්නෙත් අද උදේ 10. 00 ට විතර”

    “ඔබතුමා නිකං බබා වගේ කතා කරන්න හදන්න එපා. අපට ආරංචි වුණා ඊයේ දවල් ඉඳලා ඔබතුමා තමයි මේ ප්‍රහාරය මෙහෙයවන්න ප්ලෑන් කළේ කියලා”

    “මේ මම? ඔයගොල්ලන්ගේ ඔළුව හොඳ නැද්ද?”

    “නෑ…නෑ… හානියක්‌ කරන්න නෙවෙයි අපි කතා කළේ… ඔබතුමාගේ නම තමයි මේකට දැන් ගෑවිලා තියෙන්නෙ. අපිට රාජිත ඇමැතිතුමායි අන්වර් මන්ත්‍රීතුමායි කිව්වා මේකට ඔබතුමාගේ සම්බන්ධයක්‌ නැහැ කියල ඔබතුමාගෙන් වොයිස්‌ කට්‌ එකක්‌ අරන් ඔබතුමාව හිමීට ෂේප් කරලා දාන්න කියලා. ඒකයි අපි කතා කළේ. අපේ නිවේදකයා දැන් ඔබතුමාට කතාකරයි. එයාට ප්‍රකාශයක්‌ දෙන්න. මේකට මම සම්බන්ධයක්‌ නෑ. මම හිටියේ වෙනත් තැනක කියලා කියන්න. එච්චරයි කරන්න තියෙන්නෙ.” කියමින් ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂවරයා දුරකථනය තම නිවේදකයාට භාර කළේය.

    “මේ හලෝ… ඔය ගොල්ලන්ට වැරදීමක්‌ වෙලා. කරුණාකරලා කියනවද කාටද ඔයාලා ඔය කතා කරන්නෙ කියලා.”

    “ඔය කතා කරන්නේ අපේ කිත්සිරි රාජපක්‌ෂ මන්ත්‍රීතුමා නෙවෙයිද?”

    “මඟුල… මම දන්න කිත්සිරියෙක්‌ නෑ. මම මේ චන්දිම වීරක්‌කොඩි.”

    එසේ කී පමණින් අනිත් පැත්තෙන් දුරකථනය විසන්ධි විය.

    කිත්සිරි රාජපක්‌ෂ යනු කවරෙක්‌ දැයි චන්දිම සොයා බැලුවේ ඉන් පසුවය.

    කිත්සිරි යනු මැදමුලනට සම්බන්ධ අයකු නොව, කොළඹ මරියකඩේ සිටි චණ්‌ඩියකුට සම්බන්ධ අයකු බවත්, මේ වන විට ඔහු කොළඹ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයකු බවත් චන්දිම සොයා ගත්තේ ඉන්පසුවයි.

  • FCID අවට දැඩි ආරක්ෂාවක් – නයා ගහපු රත්තරන් සහ තව ප්‍රබලයෙක් අත්අඩංගුවට ගන්නා ලකුණු

    FCID අවට දැඩි ආරක්ෂාවක් – නයා ගහපු රත්තරන් සහ තව ප්‍රබලයෙක් අත්අඩංගුවට ගන්නා ලකුණු

    කොලබ චැතම් විදිය පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් මේ වන විට යොදා ඇත.චැතම් විදියේ රථ වාහන ධාවනයද සීමාකර ඇති අතර පොලිසියේ විශාල පිරිසක් ඒ අවට ආරක්ෂාවට යොදවා ඇත.

    විශ්වාසදායි ආරංචි මාර්ග වලින් සදහන් වන්නේ ඉකුත් ආණ්ඩුවේ ප්‍රභලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවය.

    තවද ඉකුත් සතියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමේ මහතාට විදේශ ගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය. සතොස මුදල් අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව ඔහුට මෙසේ විදෙස්ගතවීම තහනම් කළේය.

    එසේම පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එය වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

    මේ අතර විශ්වාසභංග විවාදයේදී අමාත්‍ය ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකා විසින් දූෂණ වංචාවක් එල්ල වි ඇති මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා නුදුරේදීම අත් අඩංගුවට පත් වන බව හෙළි කරනු ලැබුවේය.

    “හෙට මම කූඩුවේ දාන්න යන්නයි හදන්නේ මචෝ” කියල පසුපෙළ මන්ත්‍රීවරු එක්ක මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා අද කියල තියෙනව. එතුමටත් මිලියන 60ක නඩුවක් තියෙනව. කනගාටුයි එතුමාගැන. අපි කවුරුත් එක්ක හිතවත් තමයි.” ඔහු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කනගාටුව පලකරමින් පැවසුවා.

     

    SHARE
  • ජනපති දැක්මෙන් රට ගොඩ නගන ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ලෝකේ වටෙන් ආයෝජන..

    ජනපති දැක්මෙන් රට ගොඩ නගන ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ලෝකේ වටෙන් ආයෝජන..

    ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ කි‍්‍රයාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා සෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී.

    ඒ අනුව මෙරට මඤ්ඤොක්කා වගාව ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් මඤ්ඤොක්කා පිටිකරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා සහය ලබාදීමට ස්වීඩන සහ ඉන්දීය ආයෝජකයින් පිරිසක් ඉදිරිපත්ව සිටින අතර ඔවුන් අද (06) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කළහ.

    පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, මඩකලපුව සහ මොණරාගල දිස්ති‍්‍රක්ක පදනම් කර ගනිමින් මෙම වගාව ප‍්‍රචලිත කිරීමට අපේක්ෂා කෙරෙන අතර ඒ යටතේ නව වගාබිම් හෙක්ටයාර් 6,000 ක පමණ වගා කටයුතු සිදු කිරීම අපේක්ෂිතය.

    ගොවින් මඤ්ඤොක්කා වගාව සඳහා යොමුකර ඔවුන්ගෙන් මිලදී ගන්නා මඤ්ඤොක්කා මෙම නව කර්මාන්ත ශාලාව තුළ පිටි බවට පත් කෙරෙන අතර, ඒ තුළින් සීනි නිෂ්පාදනය ද අපේක්ෂා කරයි.

    මෙම ආයෝජන මගින් කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නව රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් උත්පාදනය වනු ඇති අතර, ශ‍්‍රී ලංකාවට සීනි ආනයනය සඳහා වැය වන අධික පිරිවැය ද අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    ස්වීඩන තාක්ෂණය යටතේ ඉදි කෙරෙන මෙම නව කර්මාන්ත ශාලාවේ කටයුතු මෙම වසරේදී අරම්භ කිරීමට අපේක්ෂිතය.

  • රනිල්ට එරෙහිව සජිත් ඉල්ලා අස්වීමට යයි.. ජනපති ඇරයුමෙන් ශ්‍රීලනිපයට එක්වීමේ සුදානමක්……

    රනිල්ට එරෙහිව සජිත් ඉල්ලා අස්වීමට යයි.. ජනපති ඇරයුමෙන් ශ්‍රීලනිපයට එක්වීමේ සුදානමක්……

    තම බලය දෙකඩ කර  නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇතිකල හොත් තමන් කිසිම තනතුරක් භාර නොගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එජාප ප්‍රතිසංධාන කමිටුවේදී පවසා ඇතැයි වාර්තාවේ.

    තමනට මේ වනවිටත් ශ්‍රීලනිපයෙන් ආරාධනා ලැබී ඇති බවත් රනිල් යටතේ සිටිනවා වෙනුවට ශ්‍රීලනිපය සමගින් එක්වීමට පාක්ෂිකයන් තමනට බලපෑම් කරන බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා ඇත.

    නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇතිකල යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යෝජනා කල අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා තිබේ.එසේ උවහොත් තමන් එජාපයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වන බවද සජිත් ප්‍රේමදාස මහතා කියා තිබේ.