Category: සුපිරි Politics

  • ආර්.සම්බන්ධන්ගෙන් විග්නේෂ්වරන්ට ලිපියක්

    උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට විරුද්ධව ගෙන ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විග්නේෂ්වරන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දි තිබෙනවා.

    උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්ට හා පළාත් ධීවර අමාත්‍ය පී.ඩෙනිශ්වරන් වෙත මසක කාලයක් නිවාඩු ලබා ගන්නා ලෙසට තමන් කළ නියෝගය වෙනස් කරන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත යැවු ලිපියෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින්  සම්බන්ධන් මහතා එලෙස දැනුම් දි තිබෙනවා.

    අර්. සම්බන්ධන් මහතා එහිදි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අදාළ අමාත්‍යවරුන් වෙත පවතින ස්වාධීන පරීක්ෂණ වෙනුවෙන් තමන් කිසිඳූ බලපෑමක් නොකරන බවයි.

    විග්නේෂ්වරන්ට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාව ඉවත් කරන ලෙසට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට දැනුම්දෙන බවද එහි තව දුරටත් සඳහන් කර තිබෙනවා.

    ඉදිරියේදි විග්නේෂ්වරන් හමුවී සාකච්ජා කිරීමට සුදානම් බවද ආර්. සම්බන්ධන් මහතා අදාළ ලිපියෙන් දන්වා තිබෙනවා.

    [rns_reactions]

  • තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනපතිට යවයි

    ලංකා කමිකරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොන්ඩමන් ඉල්ලා අස්විමේ ලිපියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී තිබෙනවා.

    අදාළ ඉල්ලා අස්වීම මගින් ඔහු පෙන්වා දී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තමන් ඉවත් වෙන බවයි.

    හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දීමට එයට අදාල රජයේ නිළධාරින් කටයුතු නොකිරිම හා එකතුවී ඇති කසල බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.

    හැටන් නගරයේ කැළි කසල ගැටළුව විසදිමට තමන් දිස්ත්‍රික් කමිටු සම සභාපති වශයෙන් අවස්ථා කිහියකදී ගත් තිරණ අදාල නිළධාරින් ක්‍රියාත්මක කිරිමට අපොහොසත් වීම නිසා තමන් දරණ එම නිලයෙන් ඵලක් නොවන බව සඳහන් කරමින් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    [rns_reactions]

  • ලක්ෂ්මන් යාපාගේ අත යට සුපිරි ගැහිල්ලක් අතලඟ..!!

    බොහෝ දිනකට පසු අද(19) දින ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ 23 වන මහලේදී නාමිකව වැඩ භාරගත් ලක්ෂමන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල දඩමීමා කරගෙන අළුත් ගැහිල්ලකට සැරසෙන බවට වාර්තාවේ.

    කලින් මුදල් රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයේදී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්විය. ඉන්පසු හිටපු නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා භාවිත කළ කොටසේ වැඩභාර ගැනීමට සියලු කටයුතු සූදානම්ව තිබියදී ඊට පෙරදින රාත්‍රියේ ඇමැති කබීර් හෂීම් මහතා විසින් එම කාමර නවයෙන් හයක්‌ තම ව්‍යාපෘති සඳහා අවශ්‍ය බව පවසමින් එය ලබාගත් නිසාවෙන් ඊට විරෝධය පළකළ ලක්‍ෂ්මන් යාපා ඇමැතිවරයා වැඩභාර නොගෙන මාතර බලා පිටත්ව ගියේය. ඉන් අනතුරුව තම අමාත්‍යංශයට කාමරයක් නැතිබව පවසමින් දිගින් දිගටම වැඩක් නොකොට මාතර වී සිටින අතරතුර අමාත්‍යවරයාට අළුත් පොටක් පෑදී ඇත.

    ගාල්ල ප්‍රදේශයේ තම මිතුරකුට අයත් කොළඹ පිහිටි ගොඩනැගිල්ලක් කෝටි ගණනකට තම අමාත්‍යංශ ගොඩනැඟිල්ල සඳහා මිලට ගැනීමයි. මෙම ගනුදෙනුව 50 ට 50 අතයට ගනුදෙනුවක් ලෙස සිදුකිරීමට සැලසුම් කර ඇති අතර මෙය එකවර සැක නොසිතන පරිදි කළ නොහැකි නිසා අද දින අඩුපාඩු මැද වුවත් වැඩ භාරගත් බව පෙන්වීම සඳහා වැඩ භාරගත් බවට වැඩිදුරටත් වාර්තාවේ. මෙම සැලැස්මට අනුව නුදුරු දිනයකදී මාධ්‍ය හමුවේ ලක්ෂ්මන් යාපා ලෝක ව්‍යාපාරික මධ්‍යස්ථානයේ තම අමාත්‍යංශ කාමර සඳහා යන මිලගණන් පෙන්වා; එතරම් ධනස්කන්ධයක් ජනතාවට ඉතිරිකිරීම වෙනුවෙන් තම මෙවැනි ගොඩනැගිල්ලක් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් මිලදී ගන්නවා යැයි කිවහොත් එය අපට නම් කරුමක් මිස අරුමයක් නොවනු ඇත.

    [rns_reactions]

  • විග්නේශ්වරන්ට පක්ෂව හා විපක්ෂව පිරිසක් අතර දැඩි උණුසුම් තත්වයක්!

    උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විසින් අත්තනෝමතිකව උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍ය වරයා වශයෙන් සිටි පී.සත්‍යලිංගම් මසකට අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් කියමින් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් උතුරු මහඇමති වරයාට විරුද්ධව වව්නියාවේ විරෝධතාවක නිරත වූහ.

    වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාව ආසන්නයට උතුරු මහඇමති විග්නේෂ්වරන්ගේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණි අදාල විරෝධතාවට විරෝධය පෑමත් සමග දෙපිරිස අතර දැඩි උණුසුම් තත්වයක් හට ගත් අතර තත්වය පාලනය කිරීමට වව්නියාව පොලීසියට මැදිහත් වීමට සිදු විය.

    උතුරු මහඇමතිට විරෝධය පෑ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් කියා සිටියේ උතුරු පලාත් සභාවේ අමාත්‍ය වරුන් සිවු දෙනාගෙන් දෙදෙනෙකුට පමණක් දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවේදී උතුරු මහඇමති වරයා විසින් අනෙක් අමාත්‍ය වරුන් දෙදෙනාද මසක අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බවටත් වහාම එම තීරණය ඉවත් කර ගත යුතු බවටත්ය.

    එම අවස්ථාවේදී අදාල විරෝධතාව ඉදිරිපිටට පැමිණී උතුරු මහඇමතිට පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණ කියා සිටියේ උතුරු පලාත් සභාවේ සිටි දූෂකයින් පලවා හැරීමට උතුරු මහඇමතිගේ තීරණය අගය කරන බවටත් උතුරු මහඇමති විග්නේෂවරන් ඉදිරියටද මහඇමති වශයෙන්ම සිටිය යුතු බවටත් එතුමන්ට එරෙහිව කිසිවෙකුටත් එරෙහි වීමට ඉඩ නොතබන බවටයි.

    කෙසේ වෙතත් දෙපිරිස අතර බහින් බස් වීමක් ඇති දැඩි උණුසුම් තත්වයක්ද ඇති වූ අතර පසුව එය ගැටුමක් වීමට ගිය අවස්ථාවේදී වව්නියාව පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කරන ලදි.

    – වන්නි රොමේෂ් මධුෂංඛ

    [rns_reactions]
  • කොළඹ මහනගර සභාව දොයි….

    කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල එක් රැස්වන කැළි කසල මෙතෙක් නිසි පරිදි ඉවත් කිරීමක් දක්නට නොලැඛෙන බවට ජනතාව චෝදනා කරනවා. 

    ඩෙංගු ව්‍යප්තියට වැඩි වශයෙන් බලපා ඇත්තේ එම තත්ත්වය බවයි ඔවුන් පවසන්නේ. 

    එහෙත් කොළඹ මහනගර සභාව සඳහන් කරන්නේ ජනතාව නිසි පරිදි කසල වර්ගීකරණය කර බැහැර නොකිරීම හේතුවෙන් ගැටළුව තවත් වර්ධනය වී ඇති බවයි. 

    කොළඹ නගරයේ එක් රැස්වී ඇති කැළි කසල හා අපද්‍රව්‍ය හැකි ඉක්මණින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිඛෙනවා. 

    ඒ අග්‍රාමාත්‍යවරයා කොළඹ නගරයේ කැළි කසල ගොඩ ගැසී ඇති ස්ථාන කිහිපයක සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි. 

    අද දිනයේ ද කැලි කසල ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි කොළඹ මහනගර සභාව කියා සිටියේ. 

    [rns_reactions]

  • පාක්ෂිකයාට වන අසාධාරණය වෙනුවෙන් කථා කල බස්නාහිර පළාත්සභා එජාප මන්ත්‍රී දොට්ට….

    මේ ඔහු තම ෆේස්බුක් පිට්ටුව  මත පල කල අදහසසයි…

    “එක්සත් ජාතික පක්ශයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූයේ කුමක්ද?

    පාක්ශිකයාට වන අසාධාරණය වෙනුවෙන් හඩනැගීම හා රජයේ මැති ඇමතිවරැන්ගේ ජනතා විරෝධි තීරණ විවේචනය කිරීමේ වරදට මාගේ පක්ශ සාමාජිකත්වය අත්හිටවු බවට එක්සත් ජාතික පක්ශ නායක ගරැ රනිල් වික්‍රමසිංහ මහතා ⁣විසින් මා හට දැනුම් දී ඇත.

    කුමන අභියෝගය පැමිනියත් හෘදශාක්ෂියට එකගව ක්‍රියා කිරීම හරහා ඕනෑ තරම් බැටකා පුරැදු මාහට ඇති එකම කණගාටුව නම්, රටට හෙන ගැසුවත් තම දේශපාලන බලය ස්ථාපිත කරගැනීමට වෙර දරන ජනපති වරයකු යටතේ, එක්සත් ජාතික පාක්ශිකයා හා සාදාරනය අමතක කරමින්, අද අප පක්ශය ගමන් කරන දිශාව පිලිඹදවයි.

    නැති බැරි මිනිසුන් ඇති හැකි කල, අභිමානවත් නායකයන් බිහිකල එක්සත් ජාතික පක්ශය, ප්‍රභූ පංතියේ මිතුරන්ට ආවඩන, කශේරැකාවක් නොමැති, එහෙයියන් ගොට්ටන් පිරැනු ගව මඩුවක් බවට පත් කීරීම හරහා ඉදිරියේදී රටට හෝ පක්ශයට ජයග්‍රනයක් බලාපොරොත්තු විය හැකි දැයි පක්ශයට ලැදි සියලු දෙනාටම සිතා බැලීමට කාලය එලඹ ඇත.”

    අනුරාධ විමලරත්න.
    කොළඹ දිස්ත්‍රික් මංත්‍රී (එ.ජා.ප)
    බස්නාහිර පලාත් සභාව.

    [rns_reactions]

  • අපි පාරක් ගැහුවේ නැති පුතා මැරුවේ ඔළුවට පරාල ඇණ ගහලා – ත්‍රිමාවිතානගේ මව

    පද්මසිරි ත්‍රිමාවිතානගේ මව ලෙබනනයේ යුද බිය මැද රැකියාවට ගොස් ඇත්තේ වසර 5 ක කොන්තරාත් කාලයක් සඳහාය. ත්‍රිමාවිතාන නිතරම තම ලිපි මගින් දන්වා සිටියේ වසර 5 ම සේවය කොට ත්‍රිමාත් තම නංගිලා මල්ලිලාටත් සමාජයේ යහපත් පුරවැසියන් ලෙස අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා දෙන ලෙසය. තම නිවසින් වසර 4 1/2 ක් ගිය මුත් කිසිම දවසක ලංකාවට එන ලෙස දන්වා නැති නිසා ත්‍රිමාගේ මවට යම් ගුප්ත සිතුවිල්ලක් මෙන්ම සැකයක් ඇතිවන්නට විය.

    ‘‘මට ලොකුම ප්‍රශ්නය වුණේ ලෙබනනයේ මම සේවය කළ නිවසේ හිමියන් දාලා එන එක. මම අවුරුදු 4 1/2 ක් පවුලේම කෙනෙක් වගේ හිටියේ. මිනිස්සු මැද පෙරදිග ගිහින් අසරණ වුණාට මට නම් හොඳම තැනක් ලැබුණේ. මගේ දරුවන්ගේ වාසනාව නිසා වෙන්නැති. මං එනවා ආයි ලංකාවට කිව්වම ඒ ගෙදර අය ඔක්කොම ඇඬුවා. උඹ ආපහු ලංකාවට ගිහින් එනකම් උඹ වගේම හොඳ කෙනෙක් නවත්තලා යන්න කියලා මට කිව්වා. මට කිව්වෙම ආපහු වරෙන් කියලා. මට ලෙබනනයේ ඉන්න කොටම තේරුණා ත්‍රිමා පුතා වෛද්‍ය වෘත්තීය අධ්‍යාපන කඩ බවට පත් වීමට වගේම ඉන්දියාව ලංකාවට එල්ල කරන තර්ජන බලපෑම් ගැන කැකෑරෙන වෛරයෙන් ඉන්න බව. එයා එයට විරුද්ධව රත්නපුරේ පැත්තේ දේශන පවත්වනවා කියලා නම් කීයටවත් හිතුවේ නැහැ.’’

    කටුනායක ගුවන් තොටට පැමිණි සැණින් ත්‍රිමාගේ මව විමසා ඇත්තේ තම ලොකු පුතා පද්මසිරි ත්‍රිමාවිතාන ගැනය. තම සැමියාට අමාරු බව කිව්වත් තම පවුලේ අය හංගන යම් බලගතු කාරණයක් ඇති බව ත්‍රිමාගේ මවට දැනෙන්නට විය.

    මහ ගෙදර ඇවිත් දවස් 2-3 ක් ගත වූ මුත් පද්මසිරි පුතා තමන් බලන්නට නොපැමිණීම ත්‍රිමාගේ මවට මහත් ප්‍රශ්නාර්ථයක් විය.
    අහල පහල නිවැසියන් තමන් හමුවට පැමිණ කතා කරන විට යම් සංයමයකින් කතා කිරීම ඇය තුළ ඇති කළේ කුතුහලයකි.

    ටික දවසක් යන කොට ගෙදර කට්ටිය ගංගන්නම බැරි තැන මගේ ජීවිතයේ එකම බලාපොරාත්තුව පද්මසිරි පුතාට අත්වුණු ඉරණම මට කිව්වා. ඒක මට දරා ගන්න බැරි වේදනාවක් වුණා. පුතා දිවි පිදුවේ වෛද්‍ය උපාධිය පෞද්ගලීකරණයට එරෙහිව.

    මට ලෙබනනේට එන්න කියලා තිබ්බේ තුන් මාසේ දානේ දෙන්න. මගේ තරුණ ජීවිතයම මම ලෙබනනයේ කැඹුරුවේ මගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ කාලේ මගේ පඩිය ඩොලර් 100 යි. ලංකාවේ සල්ලිවලින් රු. 2500 /- යි. පුතා පද්මසිරි කොහොමත් වැඩිය කතා කරන කෙනෙක් නොමෙයි. පවුලටම ආදරෙයි. මම ලෙබනන් ඉන්න කොට ඇටසැකිල්ලක් ගන්න රු. 500/- ක් ඉල්ලල එවල තිබුණා. මං ලංකාවට ආපු අලුත පුතාගේ කාමරේ ඒ ඇටසැකිල්ල එල්ලල තිබුණා. ලෙබනන් යුද්දෙ නිසා එහෙ වැඩ කරපු අපි වගේ අයගේ පඩිය 50% කින් කැපුවා. ඒත් පද්මසිරි පුතා වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නේ මේ පඩි සල්ලිවලින් කිව්වාම ලෙබනන් ගෙදර අය පඩිය සතයක් කපන්නැතුව අතටම දුන්නා. ගෙදර මහත්තයා මම එනකොටත් කිව්වේ ‘‘උඹේ ළමයි ඉගෙන ගන්නවනේ. ආපහු වරෙන් කියලා.’’

    පද්මසිරි ත්‍රිමාවිතාන අද ජීවතුන් අතර සිටියා නම් ඔහුගේ වයස 53 කි. ත්‍රිමාගේ මව කියන්නේ තම සැමියා මිය යනතුරුම ලොකු පුතා පද්මසිරි ගැන මතක් කළ බවය.

    ත්‍රිමාවිතාන යන නම මෙරට වෛද්‍ය සේවයේ කෙතරම් කිඳා බැස ඇති නමක්දැයි ඔහුගේ මව අපට කියූ කතාවකින් අපට මනාව වැටහී ගියේය.

    ඉස්පිරිතාලේ බේත් ගන්න පෝලිමේ ඉන්න කොට මගේ නම “ත්‍රිමාවිතාන” කියලා දැනගත්ත ගමන් දොස්තරලා මාව ඉස්සරහටම ගන්නවා පෝලිමෙන් අයින් කරලා. ත්‍රිමා පුතා වෛද්‍ය විද්‍යාලය පෞද්ගලීකරණයට එරෙහිව දිවි පුදපු එක ගැන දොස්තරලා පුදුම ගෞරවයක් තියෙන්නේ. සමහර දාට පුතා එක්ක ඉගෙන ගත්ත දොස්තරලත් කලාතුරකින් හම්බෙනවා. ත්‍රිමා පුතා හිටියා නම් මටත් වෙදකම් කරයි නේද කියලා මට එතකොට ඉබේම හිතෙනවා. පද්මසිරි පුතාට අපි පාරක් ගහල වත් හැදුවේ නැහැ. පත්තරවල තිබුණලු පුතාට පරාල ඇණ ගහලය මරලා පුච්චල තිබුණේ කියලා. අපි කොච්චර හොඳට දරුවෝ හැදුවත් දේශපාලනයට ගියාම හික්මීමක් නැති වෙනවා. අද ත්‍රිමා පුතා හිටියනම් දොස්තර කෙනෙක් විදියට රටටත් සේවයක් කරලා පවුලටත් සේවයක් කරනවා.’’
    ත්‍රිමාගේ මවගේ කතාව අසා සිටි විට අපට ප්‍රශ්නයක් වූයේ ත්‍රිමාවිතාන සමග දේශපාලනයේ යෙදුන පුද්ගලයින්ගෙන් ඇයට යම් රැකවරණයක් නොලැ​ෙබන්නේ ද යන පැනයයි. ඒ ගැන ඇය පවසා සිටියේ තමන් අසරණ මුත් තම අනෙක් දරුවන් සමග ඇය තෘප්තිමත් ජීවිතයක් ගත කරන බවය.

    ත්‍රිමා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම එයාගේ සමකාලීනයින්ගේ යුතුකම. මම කාගෙන්වත් මුකුත් ඉල්ලන්නේ නැහැ. මට මහත්තයගේ පෙන්ෂන් එක තියෙනවා. ලොකු පුතා ඇඳපු චිත්‍ර, ලියපු ලිපි, කවි ගොඩක් මං ගාව තිබුණා. එක එක්කෙනා ගෙනත් දෙන්නම් කියලා ගෙනිහිල්ලා දැන් මුකුත් මං ගාව නැහැ. මට ඒ ටික ලැබුණොත් ඇති.

    ත්‍රිමාවිතාන වෛද්‍ය ශිෂ්‍ය ඝාතනය සිදු වී ඇත්තේ මීට වසර 29 කට පෙර 1988 දීය.

    මේ ඝාතනය ගැන මුලින්ම පුවත් පත් වාර්තාවක් පළ කොට ඇත්තේ 1988 ඔක්තෝබර් 27 වැනිදා දවස පුවත්පතේ මුල් පිටුවේය.
    මළ සිරුරු තුනම අද යළි ගොඩ ගනී.

    වැල්ලවායේ මැදගොඩ කොස්ලන්ද කැලෑවේදී මරා පුළුස්සා දමා තිබියදී ගොවියකුට හමු වූ නාඳුනන තරුණයින් තිදෙනාගේ මළ සිරුරු තුන අද උදේ යළි ගොඩ ගැනීමට පොලිසිය මගින් කටයුතු යොදා ගෙන යනු ලැබීය.

    ඉකුත් ඉරිදා (23 වෙනිදා) සොයා ගන්නා ලද මෙම නාඳුනන මළ සිරුරු තුනම වැල්ලවායේ පොදු සුසාන භූමියේදී ආරක්ෂක අංශ මගින් භූමිදානය කරනු ලැබ ඇත.

    මෙම මළ සිරුරු තුන පිළිබඳව රත්නපුර මන්ත්‍රී නන්ද එල්ලාවල මහතා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණයේ නියමයක් මත මෙම ගොඩගැනීම සිදු කෙරෙනු ඇත.

    මරා දමා සිටි තරුණයින් තිදෙනාගේ කලිසම් කමිස ආදිය වැල්ලවාය පොලිසියට ඊයේ උදේ පැමිණි ඥාති මිත්‍රාදීන් කීප දෙනකු විසින් පරීක්ෂා කර බලා එම ඇඳුම් හඳුනා ගැනීමෙන් පසුව පොලිසිය විසින් මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරනු ලැබීය.

    ත්‍රිමා විතාන ඝාතන සිද්ධිය ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර ඇත්තේ විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මහතාය. ඒ ගැන ද ඒ දින දවස පුවත්පත මුල් පිටුවේම වාර්තා කර ඇත්තේ මෙසේය.

    සිසුන් 3 ගේ මරණ ගැන පරීක්ෂා කරනවා ජාතික ආරක්ෂක ඇමැති කියයි.

    රත්නපුරයේදී පැහැර ගෙන ගොස් පුළුස්සා මරා දමන ලද ශිෂ්‍යයන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
    විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ඊයේ උදේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කී ඇතුලත්මුදලි මහතා මෙම පරීක්ෂණය කිසිදු හේතුවක් නිසා හෝ හෝ පසුබෑමකින් තොරව සිදු කරන බවත් මෙම සිද්ධියට අදාළ යම් පුද්ගලයින් සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇති බවත් කීය.
    1988 ඔක්තෝබර් 28 වැනි සිකුරාදා දවස පුවත් පතේ ප්‍රධාන පාඨයට පාදක වී ඇත්තේ ත්‍රිමාවිතාන ඇතුළු 3 දෙනෙකුගේ සිරුරු ගොඩ ගැනීමයි. එම ලීඩ් එක ලියා ඇත්තේ සමන් සුමනසේකර විසිනි. වැල්ලවායේදී ගොඩ ගත් සිරුරු 3 පරීක්ෂාවට කොළඹට ගෙනේ. සබරගමු මහ ඇමතිගේ පුතා රිමාන්ඩ් යනුවෙන් එහි සඳහන්ය. එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ය.

    රත්නපුර නගරයේ දී ඉකුත් 28 දා විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (26 දා) සවස පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් සබරගමුව පළාතේ මහ ඇමති ජී.වී. පුංචි නිළමේ මහතාගේ පුත් සුසන්ත පුංචිනිළමේ මහතා නොවැම්බර් 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් ටියුඩර් ගුණරත්න මහතා ඊයේ නියෝග කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය එක් සරසවි ශිෂ්‍යයකුගේ ඥාති සහෝදරයකු විසින් රත්නපුර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සුසන්ත පුංචි නිළමේ මහතා කොළඹදී පෙරේදා (26 දා) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

    රත්නපුර පොලිස් අධිකාරි සිරිසේන හේරත් මහතාගේ උපදෙස් මත පෙරේදා කොළඹ බලා පිටත් වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කොළඹදී පුංචි නිළමේ මහතා සැකපිට අත්අඩංගුවට ගත් අතර එදිනම රාත්‍රි ඒ මහතා රත්නපුරයට ගෙන ගොස් මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවන ලැබූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය. වැල්ලවාය පොලිසියට සැතැපුම් භාගයක් පමණ ඈතින් වැල්ලවායේ සුසාන භූමියේ වළ දමා තිබූ මෙම සිසුන් තිදෙනාගේ මළ සිරුරු ඊයේ (27 දා) උදේ පොලිසිය විසින් නැවත ගොඩ ගනු ලැබූ බව පොලිසිය කියයි.

    ​ෙගාඩ ගනු ලැබූ මෙම මළ සිරුරු සිරිමල් විතාරණ, ඩී.ඩී. බන්ධුවර්ධන හා රංජිත් පෙරේරා යන සිසුන්ගේ බවට ඔවුන්ගේ ඥාතීන් විසින් ඊයේ උදේ වැල්ලවායේදී හඳුනා ගනු ලැබූ බව මොණරාගල ප්‍රදේශයේ ජ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරියෙක් කීය.

    සිසුන් තිදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් ඊයේ උදේ මොණරාගල වැඩ බලන මහේස්ත්‍රාත් බී.එච්.එස්. ජයසේකර මහතා විසින් මළ සිරුරු ගොඩ ගත් ස්ථානයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර වැල්ලවාය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දොස්තර කේ. තිස්වරම්පිල්ලේ මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.

    මිය ගිය සිසුන් තිදෙනාගේ මළ සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ සවස හෙළිකොප්ටර් යානයකින් කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයට ගෙන ඒමට නියමිතව තිබූ බව මොණරාගල සහකාර පොලිස් අධිකාරි ලලිත් ලේකම්ගේ මහතා “දවස” ට පැවසීය.
    ඊයේ සවස වැල්ලවාය රෝහලේ දී කොළමට ගෙන ඒම සඳහා මළ සිරුරු පෙට්ටිවල දමා මුද්‍රා තැබූ බවද ඒ මහතා කීය. මෙම සිසුන් තිදෙනා ඉකුත් 22 දා රත්නපුර නගරයේදී කළු පැහැති පැජරෝ රථයක දමා ගෙන පැහැර ගෙන ගොස් ඇති අතර පසුව මරා පුළුස්සා දමා තිබූ ඔවුන්ගේ මළ සිරුරු වැල්ලවාය කොස්ලන්ද තිබී හමු වී ඇතැයි විපක්ෂයේ නායක අනුර බණ්ඩාරනායක මහතා පෙරේදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ මෙහෙයවීම යටතේ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා පැවසීය.

    සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමට රත්නපුර හා වැල්ලවාය යන ප්‍රදේශවල වෙළෙඳසල් ඊයේ වසා දමා තිබූ අතර නිවෙස්වල සුදු කොඩි දමා තිබූ බව වාර්තාවේ.

    ත්‍රිමාවිතාන ඝාතනය කළ දිනය ලෙස සැලකෙන්නේ 1988 ඔක්තෝබර් 22 වැනිදාය. ඊට දින 9 කට පසු ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 31 වැනිදා දවස පුවත් පත වාර්තා කොට තිබුණි. එහි පරාල ඇණ හිසට ගැසීමක් ගැන සඳහන් නොවුණත් ඔහුගේ දෙපා කැඩී තිබූ බව නම් සඳහන්ය. මෙම අධිකරණ වාර්තාව හේමචන්ද්‍ර නානායක්කාර සහ ලොකු බණ්ඩාර මුණසිංහ විසින් වාර්තා කොට තිබුණි. එය වාර්තා කොට ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ කට උත්තරයක් ලෙසය.

    සිසුන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිරුරුවල වෙඩි වැදුණ හා පිලිස්සුම් තුවාල තිබුණා.

    වැල්ලවායේ මරා දමා තිබි හමු වූ සිසුන් තිදෙනාගේ සිරුරුවල වෙඩි වැදුණ තුවාල හා පිලිස්සුම් තුවාල තිබූ බවද ත්‍රිමා විතානගේ සහ රංජිත් පෙරේරාගේ පාද කැඩී තිබූ බවද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ඇම්.ඇස්.ඇල්. සල්ගාදු මහතා සිය පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර සල්ගාදු මහතා මෙම මළ සිරුරු තුන සම්බන්ධව පෙරේදා දෙවන වරටත් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීය.

    පද්මසිරි ත්‍රිමාවිතානගේ හිසට වෙඩි වැදුණ තුවාල සහ ඔහුගේ පාද දෙකේත් දණ හිසත් කඩා දමා ඇති බවද බන්ධුවර්ධන​ෙග් පිටට වෙඩි වැදුණ තුවාල සතරක් ද අත් දෙක කැඩී තිබූ බවද සිරුරු පුරා පිලිස්සුම් තුවාල තිබූ බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.
    රංජිත් පෙ​ෙර්රාගේ සිරුරේ වෙඩි වැදුණ තුවාල හා පිලිස්සුම් තුවාල තිබූ බවද කකුල් දෙකම කැබී බිඳී තිබූ බවද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

    සරසවි සිසුන් තිදෙනාගේ මරණ සම්බන්ධව දෙවන වරට කොළඹදී පවත්වන ලද පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේ මෙම කරුණු සඳහන් වාර්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ලක්ෂ්මන් සල්ගාදු මහතා ඉදිරි දින කීපය තුළ දී මොණරාගල මහේස්ත්‍රාත්වරයාට යැවීමට නියමිතය.

    මෙම මළ සිරුරු තුන පොලිතින් කඩදාසිවල ඔතා තිබුණ බව සිරුර ගොඩ ගත් අවස්ථාවේදී මොණරාගල දිස්ත්‍රික්ක වෛද්‍ය නිලධාරී සහ වැල්ලවාය පොලිසියේ නිලධාරීන් සොයා ගෙන ඇත.

    අවසානයේ ත්‍රිමාවිතානගේ සිරුර තැන්පත් කරන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේය. ඔක්තෝබර් 31 වැනිදා අවමඟුල් පෙරහරට ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගී වූ බව වාර්තාවේ.

    ‘‘මගේ පුතාගේ මුහුණවත් මට බලා ගන්න බැරි වුණා’’ යි ත්‍රිමාවිතානගේ මව බලා ගත් අත සිතුවිලි සයුරේ කිමිදෙන්නට වූවාය. අපට ඉන් පසු දැනගන්නට ඕනෑ වූයේ පද්මසිරි ත්‍රිමාවිතානගේ දේහය අදාහනය කළේ කොළඹ බැවින් ඔහුගේ අළුවලට සිදු වූයේ කුමක්දැයි කියාය. අධි ​ෙචා්දනා 13 ක් මත රත්නපුර අධිකරණයේ විනිසුරු කේ.ටී. මිත්‍රසිරි ඉදිරියේ විභාගයට ගැනුන ත්‍රිමා, බන්දු, රංජිත් ත්‍රිපුද්ගල නඩුවේ සුසන්ත පුංචි නිළමේ අවසානයේ නිදොස් කොට නිදහස්වූ බව අද රහසක් නොවේ. ත්‍රිමාගේ අළු නිවසේ භූමියේ කොනක තැන්පත් කර ඇති බව දැන ගන්නට ලැබුණි.

    අපේ ගමනට ඡායාරූප ශිල්පී ඇලෙක්සැන්ඩර් බාලසූරිය සමග රියදුරු නන්දලාලුත් එක් විය. අප ආපසු පැමිණෙන විට පාර කියූ ත්‍රිමාගේ මව අපෙන් ඉල්ලීමක් කළාය.

    ‘‘ත්‍රිමා පුතාගේ අළු තැන්පත් කරපු තැන අදත් ඇන්තූරියම් මලක් පිපිලද බලන්න.’’

    ත්‍රිමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති තැන ඉහළට එසවුණ ඇන්තූරියම් ගහේ රතුම රතු ඇන්තූරියම් මලක් පිපී අප දෙස බලා සිටින්නේ දිගු කතාවක් කියාන්නාක් මෙන් යයි අපට හැඟිනි.

    ත්‍රිමාගේ මව වසර 29 පණ වගේ සඟවා ගෙන සිටි අතීතය “ඉරිදා ලංකාදීප” සුවහසක් පාඨකයන් වෙනුවෙන් පැහැර ගත් අපි ඇයට සමු දුන්නෙමු.

    [rns_reactions]

  • මහින්දට එරෙහිව විනය පියවර ගන්න විදිය ඇමති එස්.බි හෙළිකරයි…

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 15 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ සිදු කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුත්තක් බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. 

    ඔහු මෙම අදහස් පළ කළේ පාතදුම්බර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

    පක්ෂයේ විනය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සාමාන්‍ය දෙයක් බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

    එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද ඊයේ ප්‍රකාශ කළේ පක්ෂයේ විනය කඩන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණයකර ඇති බවයි. 

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 15 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කර ඇති බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා ද පල වී තිබුණා. 

     [rns_reactions]
  • මහින්දගේ හිත සනසන එකාබද්ධයේ මීළඟ රැළිය ගැන සියල්ල එලියට…

    පරාජිත ජනපති කු.පා.ම මහින්ද රාජපක්ෂගේ සිත සැනසීම සදහා  ඒකාබද්ධ විපක්‍ෂය විසින් දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති‍්‍රකුණාමලයේදී පැවැත්වෙනවා.

    ඒ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම පැවැත්වීමටයි මේ වන විට සැළසුම් කර ඇත්තේ.

    [rns_reactions]

  • තමාව විවේචනය කල ඇමතිවරයාට තෙවරප්පෙරුම කෙසෙල් ගෙඩියෙන් දුන් පිළිතුර මෙන්න..

    නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පසුගිය ආපදා ඇතිවූ සමයේදී ක්‍රියා කළ ආකාරය රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයා ඉදිරියේ විවේචනය කර තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන්  පාලිත තෙවරප්පෙරුම මෙවැනි අදහසක් මාධ්‍යවෙත ඉදිරිපත් කර තිබෙනවා.

    “මේ පක්ෂයේ ඉන්න මහලොකු කෙරුමෝ පක්ෂය දාලා මහින්ද මහත්තයත් එක්ක එකතු වෙනකොට යූඑන්පී එකට බලුකපුටෙක්වත් හිටියේ නැහැ. කළුතර දිස්ත්‍රික්කයෙන් මම තමයි පක්ෂය ආරක්ෂා කරගත්තේ.ජනාධිපතිතුමා ඉස්සරහා එක රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා තියෙනවා ආණ්ඩුවේ අයගේ තියෙන්න ඕන වගකීම මිනී උස්සන එකයි බඩු බෙදන  එකයි විතරක් ‍නෙවෙයි කියලා.  හැබැයි ඒ ඇමැතිවරයම කොළඹට ගංවතුර ආපු වෙලාවේ බෝට්ටුවෙන් ගිහිල්ලා කෙසෙල් ගෙඩියක් බෙදුවා.”

    [rns_reactions]

  • ලංකාවේ මිනිසුන්ගේ දුක දැනුනේ නැති ඉන්දියාවේ මිනිසුන්ගේ දුක දැනුන සංගක්කාර (VIDEO)

    මෙය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නොව එක්සත් ජනරජයේ මිනිසුන් වෙනුවෙන් ඔහු සිදුකරනා ඉල්ලීමකි.අපි කුහකයන් නොවෙමු.සමස්ථ මිනිස් සමාජය වෙනුවෙන්ම එක්සත් රාජධානියේ මිනිසුන් වෙනුවෙන් ඔහු සිදුකරන සේවය අගය කරන්නෙමු.

    2015 දෙසැම්බර් චෙන්නායි ගංවතුවර වෙනුවෙන් සංගා මිලියන 6ක්ද මුරලි මිලියන 10ක්ද ප්‍රධානය කලේ ඉන්දියානු ජනතාවගේ හිත්වල වීරයන් වෙමිනි. නමුත් සංගක්කාරලා මුරලිලා වෙනුවෙන් ජයගෝෂා නැංවූ සංගක්කාරලා මෙවර තමන්ගේම තමන්ට් ආදරය කරනා ලක්ෂ සංඛ්‍යාත සහෝදර ශ්‍රී ලාංකිකයන් ගංවතුරෙන් අවතැන් වෙන විට උදව් කලා නම් ඉතා අගනේය.

    තමන් වෙනුවෙන් කෑමොර දුන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කඳුලු නො එන සංගලාට එංගලන්තයේ මෙන්ම ඉන්දියාවේ මිනිසුන් අඬද්දී කිරි එරෙයි. අපේ මිනිසුන් වෙනස් ජාතියක් වන්නේ ඒ නිසාය.

     

    [rns_reactions]

  • මාධ්‍ය හමුවලට කඩා වැදී ගොං ප්‍රශ්න අසන ‘(හ)මීඩියා කිඹුලන්‘ (Video)

    මාධ්‍ය හමු වලට කඩා වැදී ගොං ප්‍රශ්න නගන ‘(හ)මීඩියා කිඹුලන්‘ නිසා ලංකාවේ සමස්ථ මාධ්‍යවේදීන්ගේම ගෞරවය බින්දුවට වැටෙන සිද්ධියක් ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී දක්නට ලැබිණ. එවන් ‘(හ)මීඩියා කිඹුලන්‘ දෙදෙනෙකු ඊයේ (14) සිටියෝ ය.  අප මෙහිදී මොවුන් ‘කිඹුලන්‘ ලෙස හඳුන්වන්නේ කිඹුලා කට අරින විට ඉබේටම උගේ  ඇස් වැසී යන බැවින් මොවුන්ද ප්‍රශ්න නගන්නට කට අරින විටම දෑස් අන්ධව ඇති නිසාය.

    මෙහි පළමු සේයාරුවේ දැක්වෙන ‘(හ)මීඩියා කිඹුලා‘ කැබිනට් ප්‍රකාශක රාජිතගෙන් ඇසුවේ අපූරු ප්‍රශ්නයකි. “පසුගිය ආණ්ඩුව කාලේ ආගමික අන්තවාදීන්ගේ ප්‍රහාර සහ සිද්ධීන් 30 ක් පමණක් වාර්තා වුවද මේ ආණ්ඩුව යටතේ එවන් සිදුවීම් 80 ක් වාර්තා වී ඇති බවයි.“ රාජිත ඊට පිළිතුරු ලෙස කීවේ ‘ඔබ ඒ කාලේ රටේ සිටියේ නැතිද‘ කියා ය.

    පසුගිය ආණ්ඩුවේ 2013 වසරේ දී පමණක් ජිනීවා මානව හිමිකම් සමුළුවට වාර්තා වූ පරිදි මුස්ලිම් පල්ලි වලට සහ පුද්ගලයන්ට එල්ල වූ ප්‍රහාර සහ වෛරී සිද්ධීන් ගණන 284 කි. ක්‍රිස්තියානි පල්ලි වලට එල්ල වූ ප්‍රහාර සහ වෛරී සිද්ධීන් ගණන 103 කි. එහිදී එකළ ආණ්ඩුව පිළිගත් ගණනද 182 කි. පොලිසියට වාර්තා වූ ගණන 143 කි. 

    2014 දී මුස්ලිම් පල්ලි වලට එල්ල වූ ප්‍රහාර සහ වෛරී සිද්ධීන් ගණන 113 කි. ඉන් 80 ක්ම එල්ල කර තිබුනේ බොදු බල සේනාව ය. ඊළඟට වැඩියෙන්ම ප්‍රහාර එල්ල කර තිබුනේ අද බයිලා කියන, එදා රාජපක්ෂලා සමග එකගෙයි කෑ චම්පික රණවකගේ ජාතික හෙළ උරුමය විසිනි. එම ගණන 24 කි. සිහල රාවය සිදුවීම් 7 කට වගකිව යුතුය.

    2015 දී වත්මන් ආණ්ඩුව බලයට ආ පසුව මුස්ලිමුන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර ගණන 37 ක් තරම් විශාල ප්‍රමාණයකින් අඩු වී තිබිණ. එම 37 න්ද 13 ක්ම එල්ල කර තිබුනේ බොදු බල සේනාව විසිනි. 

    මේ ගණන් හිලව් මානව හිමිකම් කොමිසමේ වාර්තාවන් ය.

    එසේ තිබියදී පළමු සේයාරුවේ වීරයා සේ ප්‍රශ්න නගන ‘(හ)මීඩියා කිඹුලා‘, පසුගිය ආණ්ඩුව කාලේ 30 දැන් 80 ට වැඩි වෙලා යයි කියන්නේ ගොං කමට හෝ පයිත්තියං නිසා හෝ විය යුතුය.

    දෙවැනි සේයාරුවේ සිටිනා ‘(හ)මීඩියා කිඹුලා‘ කැබිනට් ප්‍රකාශකගෙන් නගන්නේ තවත් අමු ගොබ්බ ප්‍රශ්නයකි. එනම් අන්තවාදය වපුරන බොදු බලයේ නානසාරලා වැනි තක්කඩියන් අත් අඩංගුවට ගත යුතු යැයි කියන අය වපුරන්නේද ආගමික අන්තවාදය යයි ඔහුගේ ගොබ්බ තර්කය විය. ඊට පිළිතුරු දුන් රාජිත කීවේ ආගමික අන්තවාදයට විරුද්ධ වීම තවත් අන්තවාදයක් යැයි කියා කියන්නේ කොයි ලෝකයේ ද කියා ය.

    මෙවන් ගොං ප්‍රශ්න නගන ‘(හ)මීඩියා කිඹුලන්‘ නිසා සැබෑ මාධ්‍යවේදීන්ගේ ගරුත්වය අහිමි වීම කියන්නට දෙයක් නොවේ. මෙවන් ගොං ප්‍රශ්න වලට ජෝන් අමරතුංග වැන්නන් ‘තොගේ අම්මට‘ කියා පිළිතුරු දීම සාධාරණය වන්නේ මේ ‘(හ)මීඩියා කිඹුලන්‘  නිසා ය. ජෝන්ලා මාධ්‍ය නිදහස නැතිකරන්නෝය. (හ)මීඩියා කිඹුලන් සුද්ධවන්තයෝ ය.

    කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැතිව ගත හැකි රස්සාවල් දෙකක් ලංකාවේ තිබේ. එකක් ‘දේශපාලකයා‘ රස්සාවය. අනෙක ‘මාධ්‍යවේදියා‘ රස්සාවය. මේ දෙකම ජනතාවගේ ඉරණමට බලවත් සේ බලපාන රස්සා දෙකකි. වෙනත් ශිෂ්ඨාචාර රටවල එලෙස නැත. ලංකා ඊ නිව්ස් අත්දැකීම් අනුව එංගලන්තයේ රාත්‍රී රෙස්ටොරන්ට් එකක පාට් ටයිම් වීඩියෝ කාරයෙක් වීමට පවා වීඩියෝග්‍රැෆි පිළිබඳ තුන් අවුරුදු උපාධියක් අවශ්‍යය. මාධ්‍යවේදියෙක් වීම ගැන කවර කතාද? රූපවාහිනියක කාලගුණ වාර්තාව ඉදිරිපත් කරන නිවේදකයෙකුට අඩුම ගණනේ කාලගුණ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් තිබිය යුතුය.  

    ලංකාවේ එහෙම බැරි යැයි කාට හෝ කිව හැකිය. නමුත් එසේ විය යුතු නැත. කෙසේ හෝ මාධ්‍යවේදීන්ගේ කොලිටිය වැඩි කළ යුතුම ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම ඉල්ලන මාධ්‍යවේදීන් පිළිපැදිය යුතුයැයි කියා කිසිදු ආචාර ධර්මයක් රටේ නැත. මේවා නිසා ලෝකයාට මුහුණ දීමට බැරි වන්නේ සැබෑ මාධ්‍යවේදීන්ට ය. එබැවින් ඉහත පින්තූර වල සිටිනා වැනි ගොං බිජ්ජන් වැදගත් මාධ්‍ය හමු වලට එවීමට පෙර  ඔවුන්ගේ ප්‍රධානීන් අඩුම ගණනේ මේකාලාට ‘ගෙදර වැඩ ටිකක්‘ (home work) පවරා හෝ ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට කටයුතු කළ යුතුය. දැනුම වවා ගන්නේ නැතිව රැවුල කොණ්ඩය වැව්වාට වැඩක් නැත.

    (14) ගොබ්බ ප්‍රශ්න ඇසීම සම්බන්ධ වීඩියෝවක් පහතින්

    උපුටා ගැනීම e news

    [rns_reactions]

  • මුදල් නිසා මවුබිමට ද්‍රෝහි වෙන්න එපා..! අගරදගුරු හිමිගෙන් ඉල්ලීමක්

    ආගම අතකොලුවක් කරගනිමින් එකිනෙකා පහත්කොට සැලකීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට හොමු වීම රටට කරන ද්‍රෝහිකමක් බවත්, දශක තුනක යුද්ධය අවසන්ව රට යළි ගොඩනැගෙන පසුබිමක ආගම පදනම් කරගනිමින් දිගින් දිගටම භේද ඇති කරගැනීම සුදුසු නොවන බවත් රදගුරු හිමියන් පෙන්වා දෙනවා.

    පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් එක්තරා නීතිඥවරයෙකු ප්‍රකාශ කළේ කතෝලික පල්ලි 166 කට මේ වනවිට ප්‍රහාර එල්ල වී ඇති බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, කතෝලික දේවස්ථානවලට පහරදීම් ගැන හෝ එවැනි සිදුවීම් වාර්තා වී ඇතැයි කියන අදාල සංඛ්‍යාලේඛන පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.  කතෝලික සභාවට අදාලව පසුගිය සමයේ එවැනි සිදුවීම් කිසිවක් වාර්තා නොවූ බව ද කාදිනල් හිමියෝ සඳහන් කළා.

    දේශපාලනයට සම්බන්ධ බලවේග ආගම යොදාගනිමින් භේද ඇතිකිරීමට උත්සාහ ගැනීම ඉතිහාසය පුරා සිදු වූවක් බව ද පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ආගම නිවැරදිව අදහන්නේ නම් ආගමික ගැටුම් හටගැනීමේ හැකියාවක් තිබිය නොහැකි බවයි.

    [rns_reactions]

  • මෙරට දේශපාලන ගෝලබාලයන් පිරිසකගේ රැවටීමකට හසුව මහපාරට වැටුණු සුද්දි

    මෙරටට ආයෝජනය කිරීම සදහා පැමිණ දෙවතාවක්‌ අපේ රටේ වංචාකාරයන්ට හසුවූ ඕස්‌ටි්‍රයානු ජාතික කාන්තාවක්‌ ගැන අපි ඉකුත් සතියක සටහන් කළෙමු. ඇය වංචාකරුවන්ට හසුවීම නිසා ඇයට ඇගේ සැමියා අහිමි විය. ඒ විතරක්‌ නොව ඇයට සිදුවූ පාඩුව කෝටි ගණනකි. ඇය ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටියදී ඇයට අයත් හෝටලයේ භුක්‌තිය අධිකරණය හරහා ලබාදීමට නීතිඥ තුෂාර ද සිල්වා මහතා කටයුතු කළේය. මෙම කාන්තාව රෝස්‌මරිය. ඇයව බලහත්කාරයෙන් විවාහ කරගත් පෙම්වතා රෝසමරිගේ ව්‍යාපාරික ස්‌ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන තිබිණි.

    ඇත්තටම මෙම විදේශීය කාන්තාව මට හමුවෙන විට කන්න බොන්න පවා නැතිව අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. විසා දිර්ඝ කරගන්න පවා මෙම කාන්තාවට මුදල් තිබුණේ නැහැ. පසුව ඇයට අධිකරණය මගින් යම්කිසි සහනයක්‌ ලබා දෙන්න මා කටයුතු කළා. හෝටලයේ භුක්‌තිය ලබාදුන්නා .පස්‌සේ ඇය ව්‍යාපාර කටයුතු කරගෙන ගිහින් යම් ආදායමක්‌ ලබා ගත්තා යෑයි නීතිඥ තුෂාර ද සිල්වා කීවේය. එහෙත් අප මේ කියන්නට යන්නේ රෝස්‌මරි තුන්වැනි වතාවටත් වංචාකරුවන් පිරිසකට හසුවූ කථාන්දරයයි. මෙවර ඇය හසුවූයේ එසේ මෙසේ පිරිසකට නොව ප්‍රබල දේශපාලනඥයකුගේ ගෝලබාලයන් පිරිසකටය.

    නීතිඥ තුෂාර ද සිල්වා මහතා විසින් අධිකරණය මගින් ඇයට යම් සහනයක්‌ ලබා දුන්නද ඇය ගැටලු රැසකට මුහුණ දී සිටියාය. ඇයව බලහත්කාරයෙන් විවාහකරගත් පුද්ගලයා නිසා රෝස්‌මරි දැඩි පීඩනයට ලක්‌ව සිටියාය. මේ අතරතුරේ රෝස්‌මරිට මෙරට ප්‍රබලතම දේශපාලනඥයකුගේ හිතවතෙකු අහම්බෙන් මුණගැසුණේය. ඔහු තම බලපුළුවන්කාරකම් ගැන රෝස්‌මරි සමග මහත් ආඩම්බරයෙන් කීවේය. අනේ මට උදව් කරන්න, මම ඉතා අසරණවෙලා ඉන්නේ. මෙරට ව්‍යාපාර පටන් ගන්න ඇවිත් කෝටි ගණනක මුදලක්‌ නැතිවුණා. මාව රවට්‌ටලා කසාද සහතිකයක්‌ද ලියාගෙන තියෙනවා. ඇය කියාගෙන ගියාය.

    කිසිදෙයකට භය වෙන්න එපා. මම ඇසුරු කරන්නේ ප්‍රබල දේශපාලනඥයෙක්‌. ඔහුට කරන්න බැරිදෙයක්‌ නැහැ. දේශපාලන බලය යොදාගෙන මට ඕන දෙයක්‌ කරන්න පුළුවන් දේශපාලනඥයාගේ හිතවතා තම දේශපාලන බලපරාක්‍රමය ගැන මහත් උජාරුවෙන් රෝස්‌මරිට කිවේය. එක්‌දිනක්‌ මෙම පුද්ගලයා තවත් පිරිසක්‌ සමග රෝසමරි හමුවීමට පැමිණියේ සුඛෝපභෝගි රථ පෙළකිනි. තමන්ට දේශපාලන බලය තිබෙන බව මෙම පිරිස රෝස්‌මරිට පෙන්වීය.

    ටික දිනකින් රෝස්‌මරි දේශපාලනඥයාගේ ගෝල බාලයන්ගේ සමීප හිතවතියක්‌ බවට පත්ව සිටියාය. ඇයට අවශ්‍ය වුයේ දේශපාලනඥයන්ගේ ගෝලබාලයන් යොදාගෙන තම ප්‍රශ්න විසඳා ගැනීමටය. දියේ ගිලෙන්න යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙන බවට කියමනක්‌ අපේ ජනවහරේ ඇත්තේය. රෝස්‌මරි ද ඒ තත්ත්වයට පත්ව සිටියාය. එක්‌ දිනක්‌ රෝස්‌මරි නීතිඥ තුෂාර ද සිල්වා හමුවිමට පැමිණියාය. හෝටලය සම්බන්ධව තියෙන ලිපි ලේඛන ඇතුළත් ලිපිගොනුව මට දෙන්න ඒක අපේ තානාපති කාර්යාලයට අවශ්‍ය වේලා තියෙනවා රෝස්‌මරි තුෂාරට කිවාය. රෝස්‌මරිට අවශ්‍ය වූයේ නීතිඥ තුෂාර ද සිල්වා මහතාගෙන්ද ඈත්වී දේශපාලනඥයාගේ හිතවතුන් සමග සම්බන්ධ වීමටය.

    අපි හදපු ලියවිලි ඇතුළු සියලු දේ තියෙන්නේ මේ ලිපිගොනුවේ ඔයා මේ අරගෙන යන එකට නම් මා කැමති නැහැ. ඔයාටත් හරි හැටි ආරක්‌ෂාවක්‌ නැතිව ඔයා කොහොමද මේ ලිපි ගොනුව ආරක්‌ෂා කරගන්නේ මම හිතන්නේ මේ ලිපිගෙනුව මගේ භාරයේ මගේ කාර්යාලයේ තිබෙන එක වඩා හොඳයි කියලා. තුෂාර ද සිල්වා රෝස්‌මරිට කිවේය.

    අනේ ටික දවසකට තමයි මේ ලිපිගොනුව අරගෙන යන්නේ මේ ගැන පරික්‍ෂා කරලා මම ඔයාට නැවත මේ ලිපිගොනුව ගෙනවිත් දෙන්නම් රෝස්‌මරි තුෂාර ද සිල්වාට කිවාය. ඔයා දෙවතාවක්‌ වංචාකාරයින්ට රැවටිලා ඉන්නේ. කල්පනා කරලා බලා සුදුසු දෙයක්‌ කරන්න තුෂාර කිවේය. රෝස්‌මරි තුෂාර භාරයේ තිබු ලිපිගොනුව රැගෙන ගියාය. ඉන්පසු රෝස්‌මරි තුෂාර සමග තිබූ සම්බන්ධකම් නතර කර දැමුවාය. ඇය දේශපාලඥයාගේ ගෝලබාලයන් මහ ඉහළින් පිළිගත්තාය. දේශපාලන බලපරාක්‍රමය පෙන්වමින් රෝස්‌මරිගේ විශ්වාසය දිනා ගැනීමට මෙම ගෝලබාලයන් සමත්ව සිටියහ. රෝස්‌මරි හෝටලය ගැනද මොවුන් සමග කථාබස්‌ කළාය.

    හරි හෝටලයේ තියෙන සියලු ප්‍රශ්න අපි නිරාකරණය කරලා දෙන්නම්. එලවන්න ඕන කෙනෙක්‌ ඉන්නවානම් එකත් කරලා දෙන්නම් කාගෙන්ද කරදර කියලා අපට කියන්න දේශපාලනඥයින්ගේ හිතවතුන් රෝස්‌මරිට කීහ. “හොර ඔප්පුවක්‌ හදාගෙන මාව බලහත්කාරයෙන් විවාහකරගත් පුද්ගලයා විවාහ සහතිකය හා හොර ඔප්පුව ඉදිරිපත් කරලා හෝටලය අයිති කරගන්න හදන්නේ. මට මේ ප්‍රශ්නය නිරාකරණය කරලා දෙන්න” රෝස්‌මරි කිවාය.

    ඕක සුළු දෙයක්‌ පොඩි ප්‍රශ්නයක්‌ තියෙනවා අපට මේ ස්‌ථානයට ඇතුල්වෙන්න ඔයාගේ පොඩි අවසරයක්‌ ඕන එක ලියවිල්ලකින් අපට දෙන්න දේශපාලනඥයාගේ හිතවතුන් කිහ. එක කිසි ප්‍රශ්නයක්‌ නැහැ. ඔයාලා වගේ පිරිසක්‌ ඉන්න එක මටත් හයියක්‌ මගේ නීතිඥවරයෙක්‌ ඉන්නවා. ඔහු හමුවේලා මේ වැඩකටයුතු කරමු රෝස්‌මරි දේශපාලනඥයාගේ හිතවතුන්ට කීවාය. නැහැ එක හරියන්නේ නැහැ. කොළඹ ඉන්නවා අපේ හිතවත් නීතිඥවරයෙක්‌. ඔයා එන්න කොළඹ යන්න අපි මේ විදියට කරමු අවුරුදු තුනකට බදු ඔප්පුවක්‌ ලියලා දෙන්න. ඔයාට හෝටලයේ සන්තකයත් අරන් දෙන්නම් බිස්‌නස්‌ එකත් හදලා ඔයාට මුදලකුත් දීලා අවුරුදු තුනකින් පසු නැවත ඔයාට හෝටලය භාර දෙනවා දේශපාලනඥයාගේ හිතවතුන් රෝස්‌මරිට කිහ.

    දේශපාලනඥයින්ගේ හිතවතුන් සැලසුම් කළේ රෝස්‌මරිට අයත් මෙම හෝටලය උපක්‍රමශීලී ලෙස අත්පත් කරගැනීමටය. රෝස්‌මරිගේ උපක්‍රමය වූයේ දැනට මෙකී හෝටලය අයිතිකර ගැනීමට වලිකන තම ප්‍රේමවන්තයා මොවුන් හරහා එලවා දැමීමටය. ඒ අනුව රෝසමරි කිසිදු චකිතයකින් තොරව වසර තුනකට දේශපාලනඥයන්ගේ ගෝලබාලයන්ට හෝටලය බදු දුන්නේය. හෝටලය බදු දුන්නද ඇය හෝටලයේ එක්‌ කාමරයක නතර වී සිටියාය. මේ අතර දේශපාලනඥයාගේ හිතවතුන් තම දේශපාලන බලය පමණක්‌ නොව පොලිසියේ ද සහයෝගය ලබාගෙන මෙකී හෝටයේ අයිතිකරගැනීමට වලිකන රෝස්‌මරිගේ ප්‍රේමවන්තයා එලවා දමනු ලැබිය. පසවු දේශපාලනඥයාගේ හිතවතුන් හෝටලය සිය භාරයට ගෙන එහි අලුත්වැඩියා කටයුතු කරනු ලැබීය.

    හෝටලයේ අලුත්වැඩියා කටයුතු කරනු ලැබුවේ මහා පරිමාණයෙනි. අවුරුදු තුනකට තමයි බදු දුන්නේ ඇයි මේ අය හෝටලය සම්පූර්ණයෙන් වෙනස්‌ කරලා අලුත්වැඩියා කරන්නේ රෝස්‌මරිට මේ ගැන සැකයක්‌ද ඇති වූවාය. ඕ මේ ගැන දේශපාලනඥයින්ගේ හිතවතුන්ගෙන් ඇසුවාය. නමුත් රෝස්‌මරිට ඒ ගැන හරිහැටි පිළිතුරක්‌ ලබා දුන්නේ නැත.

    ඔයා මේ හෝටලයේ ඉන්න එකත් අපට කරදරයක්‌ ඔයාගේ ප්‍රේමවන්තයා ඇවිත් ප්‍රශ්න ඇති කරන්න පුළුවන් ඔයා මරණ බවත් කියලා තියෙනවා. ඒ නිසා හෝටලයෙන් ඉවත්වෙලා වෙනත් තැනකට ගියොත් තමයි හොඳ. දේශපාලනඥයාගේ ගෝලබාලයින් රෝස්‌මරිට කීහ. මොවුන්ගේ කීම විශ්වාස කළ රෝස්‌මරි වෙනත් ස්‌ථානයකට ගියාය. එහෙත් ඇය වරින්වර හෝටලයට පැමිණ එහි කටයුතු පරීක්‌ෂා කළාය. නමුත් රෝස්‌මරිට හෝටලයට එන්නට ලැබුණේ ටික දිනකි. ඔයා මේ පැත්ත පළාතක එන්න එපා. මේ හෝටලය අයිති අපට දේශපාලනඥයාගේ හිතවතුන් රෝස්‌මරිට තර්ජනය කොට ඇයට හෝටලයට එන්නට ඉඩ ලබා දුන්නේ නැත. රෝස්‌මරිට සිදුවුයේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩකි.

    මේ අයගේ දේශපාලන බලය කෙතරම්ද යත් රෝස්‌මරි විසින් දමනු ලබන පැමිණිලි පොලිසිය භාරගත්තේ නැත. ඇය පොලිසියට පැමිණි විට පොලිස්‌ නිලධාරීන් විසින් ඇය එළවා දමනු ලැබිය. නමුත් දේශපාලනඥයාගේ හිතවතුන්ට පොලිස්‌ ආරක්‌ෂාව පවා ලබාදීමට පොලිසිය කටයුතු කළේය. පසුව රෝස්‌මරි විසින් බදු ඔප්පුව ලියනු ලැබු නිතිඥවරයා හමුවුවාය. ඇය ලිපි ලේඛන පරික්‌ෂා කිරීමේ දි අනාවරණය වුයේ අවුරුදු තුන වෙනුවට බිංදුවක්‌ දමා බදු ඔප්පුව වසර තිහකට ලියාගෙන ඇති බවය. රෝස්‌මරිට වූයේ ඉඟුරු දී මිරිස්‌ ගත්තා වගේ වැඩකි.

    ඇය තමන්ට හැමවිටම පිහිට වූ නීතිඥවරයා වන තුෂාර ද සිල්වා හමුවීමට පැමිණියේ හඬාගෙනය. තුෂාර ද සිල්වා හමුවීමට පැමිණෙන විට ඇය මානසික වශයෙන් දැඩි ලෙස වැටී සිටියාය. සිරුර වැහැරි තිබුණාය.

    “මට බැහැ මේකට ඉදිරිපත්වෙන්න. උඹ මාවත් රවට්‌ටලා නේ ලිපිගොනුව අරගෙන ගියේ. වැඩේ අනාගත්ත නම් කරන්න දෙයක්‌ නැහැ” නීතිඥ තුෂාර ද සිල්වා කීවේය. මේ සඳහා ඉදිරිපත්වන ලෙස රෝස්‌මරි තුෂාර ද සිල්වාගෙන් බැගෑපත් ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව නීතිඥ තුෂාර ද සිල්වා දේශපාලනඥයින්ගේ හිතවතුන්ට එරෙහිව අධිකරණයේ නඩුවක්‌ පවරා ඇයට හෝටලයේ සන්තකය යළි අත්පත් කරදීමට කටයුතු කළේය. ආණ්‌ඩු වෙනසත් එක්‌ක දේශපාලනඥයින්ගේ හිතවතුන්ගේ බලයත් බිඳුණා. ඒ නිසා සාමාන්‍ය රටේ නීතිය යටතේ නඩුවක්‌ පවරලා දේශපාලනඥයින්ගේ හිතවතුන් අධිකරණ බලය යටතේ හෝටලයෙන් අයින් කිරීමට හැකිවුණා. නමුත් මෙම කාන්තාවට තම දේපළ ආරක්‌ෂා කරගැනීම සදහා දැන් නඩු දෙකකට පෙනී ඉන්න සිදුවෙලා තියෙනවා. මේ වන විට ඇය රුසියානු ජාතිකයකු සමග හවුලේ හෝටලය කරගෙන යනවා. නීතිඥ තුෂාර ද සිල්වා කීවේය.

    [rns_reactions]

  • මොන මොන සෙල්ලං දැම්මත් බැඳුම්කර හොරේ වහන්න බෑ – විගණනාධිපතිගෙන් ප්‍රකාශයක්

     

    ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවලට අදාළව රජයේ විගණාකාධිපතිවරයා සකස්‌ කළ විශේෂ විගණන වාර්තාව පසුගිය සතියේ කොමිසම හමුවේ සලකුණු කර ඒ පිළිබඳ රජයේ විගණාකාධිපති ගාමිණී විෙ-සිංහ මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම සිදු විය. එහිදී විගණකධිපතිවරයා විසින් තමන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට වාචිකව සහ ඔහු විසින් සකස්‌ කළ රූප රාහු ඇසුරින් පිළිතුරු ලබා දීම සිදු කරන ලදී. ඔහුගේ සාක්‍ෂි විමසීම ඉකුත් සඳුදා (12දා) ආරම්භ කරන ලද අතර එදින සිට පෙරේදා (16දා) දින දක්‌වා පුරා දින පහක්‌ තිස්‌සේම විගණකාධිපතිවරයාගෙන් සාක්‍ෂි විමසීම සිදු විය. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙය වීම යටතේ රජයේ විගණකාධිපතිවරයා සාක්‍ෂි ලබා දීම සිදු කරන ලදී. එසේ කොමිසම හමුවේ ඉදිරිපත් වූ ප්‍රශ්න සහ ඒවාට ඔහු විසින් ලබා දුන් පිළිතුරු මෙසේය.

    ප්‍රශ්නය – විගණකාධිපතිට බලතල පැවරී ඇත්තේ කවරාකාරයෙන්ද?

    රජයේ විගණකාධිපති – ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 153 වන වගන්තිය යටතේ ව්‍යවස්‌ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිතුමා විසින් විගණකාධිපතිව පත් කරනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව රජයේ කිසිදු අමාත්‍යාංශයක්‌ යටතට වැටෙන්නේ නැහැ. රාජ්‍ය අංශයේ ආයතනවල ගිණුම් විගණනයට ලක්‌ කර ඒවා වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රධාන කාර්යයි. රජයේ විගණනකාධිපතිගේ වාර්තා පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ ගිණුම් කාරක සභාව රාජ්‍ය ආයතනවල කාර්යසාධනය පරීක්‍ෂාවට ලක්‌ කරනවා. එහිදී එම කෝප් සහ කෝපා යන කමිටුවලට විගණකාධිපති සහාය ලබා දෙනවා.

    ප්‍රශ්නය – බැඳුම්කර නිකුතු ගැන ඔබගේ විගණාකාධිපති වාර්තාව ඉදිරිපත් කළේ කවදාද? රජයේ

    විගණකාධිපති – 08 වන පාර්ලිමේන්තුවේ 2016 මැයි 06 දින රැස්‌ වූ කෝප් කමිටුවේ උපදෙස්‌ අනුව 2016 ජුනි 29 වැනිදා විශේෂ විගණන වාර්තාව මම ඉදිරිපත් කළා. එහි වැඩිදියුණු කළ යාවත් කාලීන වාර්තාව 2016 සැප්තැම්බර් 30 දින කෝප් කමිටුවට ඉදිරිපත් කළා.

    ප්‍රශ්නය – එම විගණන වාර්තාවෙන් මූලික වශයෙන් අවධානය යොමු කළ කරුණු මොනවාද?

    රජයේ විගණකාධිපති – අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු එම මුදලට අගයක්‌ ලැබෙන පරිදි සිදු කර තිබෙනවාද, මහ බැංකුව රජය වෙනුවෙන් අවම පිරිවැයට ණය රැස්‌ කිරීම සිදු කර තිබෙනවාද, මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් මේ ගනුදෙනුවලදී සද්භාවයෙන් කටයුතු කර තිබෙනවාද, එහිදී නිසි ක්‍රමවේද අනුගමනය කරමින් විනිවිදභාවයෙන් කටයුතු කර තිබෙනවාද සහ භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය ගෙන ඇත්තේ රටේ අවශ්‍යතාවට අනුවද යන කරුණු ගැන මෙහිදී මූලික අවධානය යොමු කළා.

    ප්‍රශ්නය – මෙම විගණන වාර්තාව සැකසීමට අනුගමනය කළ ක්‍රමවේදය කුමක්‌ද?

    රජයේ විගණකාධිපති – අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් නිකුත් කළ සහතික කරන ලද ලේඛන සහ මුල් පිටපත්, මහ බැංකුවේ වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවල ප්‍රාථමික සහ ද්විතියික වෙළෙඳපොළ තොරතුරු, නිලධාරීන් සමඟ සාකච්ඡා කර ලබා ගන්නා ලද තොරතුරු 07 වන සහ 08 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවලට දෙන ලද සාක්‍ෂි සහ පිටිපන කමිටුවේ වාර්තාව ඇතුළු තොරතුරු මෙහිදී අප සැළකිල්ලට ගත්තා.

    විගණනයේදී 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්‌වා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතු ගැන අපේ අවධානය යොමු කළා. එයිනුත් මහ බැංකුව මුලින් ප්‍රකාශ කළ අගයට වඩා ලංසු වැඩියෙන්ම පිළිගත් අවස්‌ථා දෙකක්‌ අපි තෝරා ගත්තා. එනම් 2015.02.27 දින සහ 2016.මාර්තු 29 දින පැවැති වෙන්දේසි දෙකයි.

    ප්‍රශ්නය – 2015 මාර්තු මාසයේ රජයේ අරමුදල් අවශ්‍යතාව කොපමණද?

    රජයේ විගණකාධිපති – 2015 පෙබරවාරි 20 දිනට අනුව 2015 මාර්තු මාසයේ අරමුදල් අවශ්‍යතාව රු. බිලියන 261.683 ක්‌. ඉන් රු. බිලියන 172 ක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කරවලින් සහ ඉතිරි රු. බිලියන 89.683 භාණ්‌ඩාගාර බිල්පත් නැවත නිකුත් කිරීමෙන්ද ලබා ගැනීමට සැලසුම් කර තිබුණා. දේශීය ණය කළමනාකරණ කමිටුවේ නිර්දේශය වී තිබුණේ භාණ්‌ඩාගාර බැඳුම්කරවලින් ලබා ගත යුතු රු. බිලියන 172න් රු. බිලියන එකක්‌ වෙන්දේසියෙන් සහ ඉතිරි රු. බිලියන 171 සෘජු නිකුතු ක්‍රමයෙන් ලබා ගැනීමටයි.

    2015 මාර්තු 02 දිනට අවශ්‍ය පැවැති රු. බිලියන 13.55 ක අරමුදල් අවශ්‍යතාව සපුරා ගැනීමට අපේක්‍ෂා කළේ රු. බිලියනයක්‌ වෙන්දේසියෙන් සහ ඉතිරි රු. බිලියන 12.55 ක මුදල සෘජු නිකුතු ක්‍රමයෙනුයි. අධිපති 2015 මාර්තු 02 දින මාර්තු මස ණය වැඩසටහනට අනුමැතිය දී තිබුණා.

    2015.02.23 දින මුදල් මණ්‌ඩල රැස්‌වීමේ සටහන්වලට අනුව තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කරයක්‌ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙහිදී අධිපතිවරයාගේ (අර්ජුන මහේන්ද්‍රන්) අදහස වී තිබුණේ මීට විදේශ ආයෝජකයින් සහභාගී වනු ඇති බවයි. එහෙත් මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2016 ජුනි 07 දින කෝප් එකට දී ඇති සාක්‍ෂි සටහන් අනුව එය අධිපතිවරයාගේ අදහස වුවත් තිස්‌ අවුරුදු බැඳුම්කරවලට විදේශ ආයෝජකයින්ගේ උනන්දුවක්‌ නැති බව සඳහන් කර තිබෙනවා. එසේම 2015 වසර වෙනුවෙන් නිකුත් කළ මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ 2015 වසරේදී විදේශ ආයෝජකයින් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් බැඳුම්කර විකුණා ඔවුන් වෙළෙඳපොළෙන් ඉවත්ව ගොස්‌ ඇති බවයි.

    එම කරුණට අදාළ මහ බැංකු වාර්තාවේ උපුටා ගැනීම් ද රජයේ විගණකාධිපතිවරයා විසින් කොමිසමට ඉදිරිපත් කළේය.

    ප්‍රශ්නය – 2015.02.27 දින වෙන්දේසියේ කූපන් අනුපාතය කුමක්‌ද?

    රජයේ විගණාකාධිපති – එය සියයට 12.5 ක්‌. එහෙත් සියයට 12.5 ක අනුපාතය තීරණය කිරීමට කවර ක්‍රමයක්‌ අනුගමනය කළේද යන්නට තහවුරු කළ හැකි ලේඛන මහ බැංකුව විසින් විගණනයට ඉදිරිපත් කළේ නැහැ. ඒ වන විට පැවැති සාමාන්‍ය ඵලදා අනුපාතය සියයට 9.48 යි. ඒ 2015.02.18 දිනෙන් අවසන් වන සතියේ ද්විතියික වෙළෙඳපොළ දත්ත අනුවයි.

    ප්‍රශ්නය – 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ලංසු ලැබී ඇත්තේ කවරාකාරයෙන්ද?

    රජයේ විගණකාධිපති – එදින රු. මිලියන 20708 ලංසු මහ බැංකුවට ලැබී තිබුණා. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම මෙහිදී තමා විසින් සහ ලංකා බැංකුව හරහා ලංසු ඉදිරිපත් කර තිබුණා. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින්ම රු. මිලියන 200 ක (රු. බිලියන 2 ක) ලංසු සහ ලංකා බැංකුව හරහා තවත් රු. බිලියන 13,000 ක (රු. බිලියන 13 ක) ලංසු ඉදිරිපත් කර තිබුණා. එක්‌ ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ (Primary dealer) වෙනුවෙන් තවත් ප්‍රාථමික අලෙවිකරුවෙක්‌ ලංසු ඉදිරිපත් කළ ප්‍රථම අවස්‌ථාව මෙයයි. අනෙකුත් ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කර තිබූ ලංසු ප්‍රමාණය රු. මිලියන 5708 ක්‌. ඒ අනුව ඉදිරිපත්ව තිබූ මුළු ලංසු ප්‍රමාණයෙන් අනෙකුත් සියලුම ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කර තිබුණේ සියයට 27 ක්‌ පමණයි. පර්පෙචුවල් ට්‍රෙෂරීක්‌ සමාගම තමන් විසින්ම සහ ලංකා බැංකුව හරහා සියයට 73 ක මුළු ලංසු ප්‍රමාණයක්‌ වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා.

    ඉදිරිපත්ව තිබූ ලංසු අතුරින් ලංසු පිළිගැනීම සැළකුවොත් මුළු පිළිගත් ලංසු ප්‍රමාණයෙන් සියයට 50 ක්‌ම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ඉදිරිපත් කළ ලංසුයි. (පර්පෙචුවල් ට්‍රෙෂර්ස්‌ සමාගම සහ එම සමාගම ලංකා බැංකුව හරහා ඉදිරිපත් කර තිබූ ලංසු) අනෙකුත් සියලුම ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කළ ලංසුවලින් පිළිගත් ප්‍රමාණය, එදින වෙන්දේසියේදී පිළිගත් මුළු ලංසුවලින් සියයට 50 ක්‌ පමණයි.

    2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ඉදිරිපත් කළ සියලු ලංසු පිළිබඳ විස්‌තර රජයේ විගණකාධිපතිවරයා කොමිසමට ඉදිරිපත් කළේය. මෙ දින වෙන්දේසියේ පළමු විනාඩි 146 දී රු. බිලියන 7.108 ක ලංසු ලැබෙන විට අන්තිම විනාඩි 08 දී රු. බිලියන 13.6 ක ලංසු ලැබී තිබෙනවා. පළමු විනාඩි 146 දී ඉදිරිපත්ව ඇති රු. බිලියන 7.108 ක ලංසු ප්‍රමාණයෙන් රු. බිලියන දෙකක ලංසු ඉදිරිපත් කර ඇත්තේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමයි. අනෙකුත් ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කර ඇති ලංසු ප්‍රමාණය රු. බිලියන 5.108 ක්‌.

    වෙන්දේසියේ අවසාන මිනිත්තු 08 දී ඉදිරිපත්ව ඇති රු. බිලියන 13.6 ක මුළු ලංසු ප්‍රමාණයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ලංකා බැංකුව හරහා රු. බිලියන 13 ක ලංසු අසාමාන්‍ය ඉහළ ඵලද අනුපාත යටතේ ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් එම අන්තිම විනාඩි 08 දී අනෙකුත් ප්‍රාථමික අලෙවිකරුවන් ඉදිරිපත් කර ඇති ලංසු ප්‍රමාණය රු. බිලියන 0. 6 ක්‌ පමණයි.

    මෙදින (2015.02.27දින) වෙළෙඳපොළ මෙහෙයුම් කමිටු රැස්‌වීම උදේ පැවැත්වෙනවා. එම කමිටු රැස්‌වීමට උදේ 9.00 යට පමණ ප්‍රථම වතාවට (හිටපු) අධිපති පැමිණෙනවා. ඔහු එම කමිටුවේ සාමාජිකයෙක්‌ නොවේ. එසේ පැමිණ නිත්‍ය තැන්පතු පහසුකම් පොළී අනුපාතය (SDFR) වෙනස්‌ කිරීමට උපදෙස්‌ දෙනවා. ඒ සඳහා සකස්‌ කළ චක්‍රලේඛනයට අධිපති අවසර දෙනවා. එම වෙනස්‌ කළ පොළි අනුපාතිකය 2015.03.02 දින සිට ක්‍රියාත්මක වෙනවා. එය 2015.03.06 දින මුදල් මණ්‌ඩලය පසුව අනුමත (Ratified) කරනවා.

    ප්‍රශ්නය – 2015.02.27 දින වෙන්දේසිය සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිර්දේශය කුමක්‌ද?

    රජයේ විගණකාධිපති – ඔවුන් නිර්දේශ කර තිබුණේ රු. බිලියන 2.608 ක ලංසු පිළිගැනීමටයි. මෙහිදී අධිපතිතුමාගේ මැදිහත් වීම ගැන රාජ්‍ය ණය අධිකාරිවරිය නිර්දේශ ලේඛනයේ (Option sheet) සටහනක්‌ යොදා තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ රු. බිලියන 10 ක්‌ දක්‌වා ලංසු පිළිගන්නා ලෙස අධිපතිවරයා උපදෙස්‌ දුන් දුන් බවයි. රාජ්‍ය ණය අධිකාරිවරිය කෝප් එකට දුන් සාක්‍ෂි අනුව ඇයි ඔබලා බිලියන 10 ක්‌ නොගන්නේ කියා විමසා තිබෙනවා. එවිට අතිරේක රාජ්‍ය ණය අධිකාරි ආචාර්ය ආසිම් මහතා එම ප්‍රමාණයන් වැඩි බව අධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනා. බිලියන 10 පිළිගත්තා. කීමටත් පෙර අධිපතිවරයා බිලියන 20 කම ලංසු පිළිගන්න කියාත් මුලින් ප්‍රකාශ කර තිබෙනවා.

    මීට අදාළ කෝප් සාක්‍ෂි සටහන් ද රජයේ විගණකාධිපතිවරයා විසින් කොමිසමට ඉදිරිපත් කරන ලදී.

    ප්‍රශ්නය – 2015.02.27 දින වෙන්දේසියේදී කොපමණ ලංසු පිළිගෙන තිබෙනවාද?

    රජයේ විගණකාධිපති – කලින් සැලසුම් කළ පරිදි රුපියල් බිලියනයක්‌ වෙනුවට රු. බිලියන 10.058 ක ලංසු මහ බැංකුව විසින් පිළිගෙන තිබෙනවා. එය ඉදිරිපත් කළ වටිනාකම මෙන් සියයට 905 කින් ලංසු වැඩිපුර පිළිගැනීමක්‌. එසේම බිලියන 12.55 ක්‌ සෘජු නිකුතු ක්‍රමයෙන් ගැනීමට සැලසුම තිබුණත් අවසානයේදී සෘජු නිකුතු ක්‍රමයට බැඳුම්කර නිකුත් කර නැහැ. රු. බිලියන 2.608 ක මූලික නිර්දේශය පිළිගන්නා නම් ඵලදා අනුපාතය වන්නේ සියයට 10.724 යි. එහෙත් වෙන්දේසියෙන් බිලියන 10.058 ක ලංසු පිළිගත් නිසා එම ඵලදා අනුපාතය සියයට 11.727 දක්‌වා ඉහළ ගොස්‌ තිබෙනවා. වර්ෂ 2008 සිට වර්ෂ 2014 දක්‌වා ඉදිරිපත් කළ වටිනාකමට සාපේක්‍ෂව සියයට 905 ක වැඩිම ප්‍රතිශතයකින් ලංසු පිළිගෙන ඇත්තේ මේ අවස්‌ථාවේදීයි.

    මෙසේ සෘජු නිකුතු ක්‍රමයෙන් ලංසු පිළිනොගෙන ඇත්තේ තාවකාලිකව එම ක්‍රමය අත්හිටුවීමට ගත් තීරණයක්‌ නිසා බව කියා වෙනවා. ඒ බව 2015.03.02 දින හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මුදල් මණ්‌ඩලයට දැනුම් දී තිබෙනවා. එහෙත් භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු නිකුතු ක්‍රමය අත්හිටුවීමට මුදල් මණ්‌ඩලය තීරණයක්‌ අරන් නැහැ. ඒ බව අධිපතිවරයා මුදල් මණ්‌ඩලයට දැනුම් දීමයි සිදුව ඇත්තේ. බිලියන 10.058 ක ලංසු මහ බැංකුව විසින් පිළිගත් නිසා ඵලදා අනුපාතය සියයට 9.35 සිට සියයට 11.727 දක්‌වා ඉහළ ගියා. ඉහළ වට්‌ටමකට යැමට සිදුවීම නිසා රු. බිලියන 10.058 ක මුහුණත වටිනාකම ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා රජයට ලැබුණේ වෙන්දේසියෙන් රු. බිලියන 9.658 ක මුදලක්‌ පමණයි. එතනම රු. බිලියන 0.4 ක (රු. කෝටි 40 ක) අඩුවක්‌ සිදුව තිබෙනවා.

    ප්‍රශ්නය – මහ බැංකුව මුලින් ප්‍රකාශ කළ පරිදි රු. බිලියනයක ලංසු පිළිගත්තා නම් තත්ත්වය කොහොමද?

    රජයේ විගණකාධිපති-එහෙම නම් රු. බිලියන 1.3 ක්‌ දක්‌වා ලංසු 07 ක්‌ පිළිගැනීමට ලක්‌ වෙනවා. ඒ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීක්‌ සමාගමේ ලංසු නැහැ. මෙසේ ප්‍රකාශ කළ අගයට පමණක්‌ ලංසු පිළිගැනීම මහ බැංකුව විසින් සීමා කළා නම් රජයට පාඩුවක්‌ සිදු වන්නේ නැහැ.

    මේ අවස්‌ථාවේ අලාභ ගණනය කිරීම සඳහා යොදාගත් සූත්‍රය රජයේ විගණකාධිපතිවරයා විසින් කොමිසමට ඉදිරිපත් කරන ලදී. එම අලාභ ගණනය කිරීමේ පදනම 2017.03.06 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී පිළිගෙන ඇති බවද රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා කොමිසමට කීවේය.

    ප්‍රශ්නය – එම පදනම මත රු. බිලියන 10.058 ක්‌ දක්‌වා ලංසු මහ බැංකුව විසින් පිsළිගැනීම නිසා රජයට සිදුව ඇති පාඩුව කොපමණද?

    රජයේ විගණකාධිපති – මුලින් ප්‍රකාශ කළ වටිනාකම වන රු. බිලියනයක්‌ ලබා ගැනීම සඳහා රු. බිලියන 1.308 ක ලංසු පිළිගන්නවා වෙනුවට රු. බිලියන 10.058 ක ලංසු පිළිගත් නිසා රජයට රු. 889,353,050 ක අලාභයක්‌ සිදුව ඇති බවට ගණනය කර තිබෙනවා. එසේම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ රු. බිලියන 2.608 ක නිර්දේශ කළ අගය දක්‌වා ලංසු පිළිගන්නවා වෙනුවට රු. බිලියන 10.058 ක ලංසු පිළිගැනීම නිසා රජයට රු. 688,538, 600 ක අලාභයක්‌ සිදුව ඇති බවට ඇස්‌තමේන්තු ගත කර තිබෙනවා.

    අපට මේ බැඳුම්කර නිකුතුවලට අදාළ ද්විතියික වෙළෙඳපොළ දත්ත ලබාදීම මහ බැංකුව විසින් ප්‍රතිෂේප කළා. අප එම දත්ත ඉල්ලා සිටියත් එම දත්ත ඔවුන් සතුව නැති බව ලිකිතව අපට දැන්වුවා. එම දත්ත ලැබුණොත් අපට තවදුරටත් අපේ අලාභ ගණනය කිරීම ඉදිරියට ගෙන යන්න පුළුවන්.

    මේ අනුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිපිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ ඉල්ලීම අනුව අදාළ බැඳුම්කරවල ද්විතියික වෙළෙඳපොළ ගනුදෙනුවලින් රජයට සහ/ හෝ ව්‍යවස්‌ථාපිත ආයතනයකට යම් පාඩුවක්‌ සිදුව තිබේද එසේ නම් එම පාඩුව කොපමණ ද යන්නත් ගණනය කර කොමිසමට වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා රජයේ විගණකාධිපති ගාමිණී විෙ-සිංහ මහතාට නියෝග කළ අතර එම අලුත් විගණනය කිරීමට එරෙහිව පර්පෙචුවල් ට්‍රෙෂරීක්‌ සමාගම වෙනුවෙන් ඉදිරිපත් වන ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා යන මහත්වරුන් විසින් කොමිසම හමුවේ මතු කරන ලද විරෝධතා කොමිසම විසින් ප්‍රතික්‍ෂේප කළේය.

    [rns_reactions]

  • සෙංකෝලෙට අත තිබ්බොත් සති අටක්‌ ගෙදර – කතානායකගෙන් ප්‍රකාශයක්…

    පාර්ලිමේන්තු රැස්‌වීම් පවත්වන අවස්‌ථාවේදී කිසියම් මන්ත්‍රීවරයෙක්‌ සෙංකෝලය ස්‌පර්ශ කිරීම හෝ එසවීම කළහොත් එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය සති අටක්‌ අත්හිටුවීමේ නීතියක්‌ ගෙන ඒමට තීරණය කර ඇත.

    සභා ගර්භය ඇතුළත සෙංකෝලය තබා ඇති අවස්‌ථාවකදී එය ස්‌පර්ශ කිරීම හෝ එසවීම මගින් බරපතළ විනය විරෝධී ක්‍රියාවක්‌ මන්ත්‍රීවරයා විසින් සිදුකරන බවද අදාළ මන්ත්‍රීවරයා එම වරද සිදු කරන්නේ පළමු වරට වුවත් සමාවක්‌ හිමි නොවනු ඇතැයිද පාර්ලිමේන්තුවේ යෝජිත නව ස්‌ථාවර නියෝග පිළිබඳ අවසන් කෙටුම්පතෙහි දැක්‌වේ.

    එමෙන්ම යම් මන්ත්‍රීවරයකු සභාව තුළ දිගින් දිගටම අශෝභන ලෙස හැසිරෙමින් ස්‌ථාවර නියෝග උල්ලංඝනය කරන්නේ නම් පාර්ලිමේන්තු සජීවී රූපවාහිනි විකාශනයද වහා අත්හිටුවීමේ නියෝගයක්‌ ලබාදීමට කථානායකවරයාට යෝජිත නව ස්‌ථාවර නියෝග අනුව බලය හිsමිව තිබේ

    [rns_reactions]