Category: සුපිරි Politics

  • හොරකම් කරපු දේවල් බුක්ති විඳ විඳ ඒ අයට නිදැල්ලේ ඉන්න අපි රජය වශයෙන් අපි ඉඩ දෙන්නෑ—මහින්ද අමරවීර…

    පසුගිය කාලයේ රජයේ මහජන දේපොළ හොරකම් කරමින් රජ සැප විඳින පිරිසක් තවමත් අපි අතර ඉන්නවා. සමහර රජයේ නිලධාරින් වැඩ තහනමට ලක් වෙලා. ඔවුන් හිතනවා ඇති වැඩ තහනමට ලක් වුනාම සියලු දඩුවම් ලැබුනා, ප්‍රශ්නය එතැනින් ඉවරයි කියළා. නමුත් මම එකක් කියනවා. රාජ්‍ය දේපොළ කියන්නේ සඟ සතු කළ පුජා වට්ටියක් වගේ. ඒ අන්දමට මහජන හා රාජ්‍ය දේපොළ හොරකම් කරලා දැනට වැඩ තහනම් වෙලා ඉන්න කිසිදු නිලධාරියෙකුට වගේම දේශපාලනඥයින්ට අපි නිදැල්ලේ ඉන්න දෙන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා විතරක් නොවෙයි අවුරුදු හත අටකට හිරේ යවනවා. ඒ වගේම කොල්ල කාපු මහජන දේපොළ රාජ සන්තක කිරීමටත් අපි රජයක් වශයෙන් පසුබට වෙන්නේ නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සෙනසුරාදා (16)  ඇඹිලිපිටිය මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-

    මහවැලියේ  නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයෙක් වශයෙන් කටයුතු කරපු නිලධාරියෙක් ගැන ලිපි ගොනු කිහිපයක් පසුගිය සතියේ කියවන්න ලැබුනා. ඔහු මහවැලි ඉඩම් කෝටි ගණනින් ඇතැම් පුද්ගලයින්ට විකුණලා අල්ලස් වශයෙන් කෝටි ගණනින් අරගෙන තිබුණා. දැන්  ඒ නිලධාරියා වැඩ තහනමට ලක් වී සිටිනවා. එක ඉඩමක් විකුණන්න මේ පුද්ගලයා රුපියල් කෝටියක් අල්ලස් වශයෙන් අරගෙන තිබුනා. ඒක ගන්න ඉඩම මිල දී ගත්ත ව්‍යාපාරිකයාගේ ගෙදරට යන කොට ඒ ගෙදර BMW කාර් එකක් තිබිලා තියෙනවා.

    මාත් හොයන්නේ මේ වගේ දෙයක් තමයි. මගේ පුතා හරි කැමැතියි මේ වගේ වාහනයකට . මට සල්ලි එපා මේ වාහනය දෙන්න කියළා ඒක ඉල්ලලා. BMW  කාර් එකක් කෝටි දෙකහමාරක් විතර වෙනවා. අර ව්‍යාපාරිකයා කියළා තියෙනවා. ඕක මිලයි නේ කියළා. එතකොට අර නිලධාරියා කියලා තියෙනවා ඒකට කමක් නෑ. මම අරං දුන්න ඉඩම කෝටි ගණනක් වටිනවානේ කියළා.
     
     එහෙම තමයි සමහර නිලධාරින් පසුගිය කාලයේ කටයුතු කර තියෙන්නේ. දැන් මේ නිලධාරියා වැඩ තහනම් වෙලා ගෙදර ඉන්නවා. ඒ වගේ තවත් නිලධාරින් ඉන්නවා හොරකම් කරපුවාට හරියන්න මගේ වැඩ තහනම් වුනානේ දැන් හරි, මගේ ප්‍රශ්න ඉවරයි  කියළා. 

    හොරකම් කරපු දේවල් බුක්ති විඳ විඳ ඒ අයට නිදැල්ලේ ඉන්න අපි රජය වශයෙන් අපි ඉඩ දෙන්නෑ. ඒ සියලු දෙනාම හිරගෙදර ඇරළයි නවතින්නේ. මහජනතාවගේ දුක සේ හරි හම්බ කරන දේවල් හොරා කාළා මේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන්ද කියළා මම අහනවා. 

     අනිත් එක තමයි. සමහරු කියනවා එහෙම නම් මේ රජයේ හොරුන්ට මොකද කරන්නේ කියළා. හොරකම නම් හොරකමම තමයි. ඒක අර රජයට මේ රජයට කියළා වෙනසක් නෑ. ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ රජය යටතේ කිසිසේත්ම හොරුන්ට ඉඩක් නෑ. අපි මේ ආණ්ඩුව හැදුවේ පහුගිය රජයේ හොරු අල්ලලා මේ රජයේ හොරකම් කරන පුද්ගලයින් ආරක්ෂා කරන්න නොවෙයි. හොරුන්ට මේ  යහපාලන රජය යටතේ කිසිදු ඉඩක් නෑ. 

    සමහරු කියනවා. කෝ හොරු ඇල්ලුවාද කියළා.. පසුගිය රජයේ හොරු ගැනත්, මේ රජයේ හොරු ගැනත් දැන් විමර්ශන කෙරෙමින් තිබෙනවා. ඒක අධිකරණමය ක්‍රියාමාර්ගයක්. අපි රජයක් වශයෙන් අධිකරණ කටයුතුවලට බලපෑම් කරන්නේ නැහැ. අධිකරණය විසින් නිසි වෙලාවට අවශ්‍ය තීන්දුව දේවි. එතකං අපි රජය විදියට ගත හැකි සියලු උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. 

    මහබැංකු බැදුම්කර සිද්ධිය ගැන මුලින්ම අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිලි කලේ මම. දැන් ඒ විමර්ශන කටයුතු ඉතා හොඳින් කෙරෙනවා. ඒ අනුව බැදුම්කර මගඩියේ නියම තොරතුරු දැන් ඕනැවටත් වඩා හෙලිවෙමින් තිබෙනවා.. ඒ නිසා  අපි රජය විදියට කිසිසේත්ම හොරු ආරක්ෂා කරන්නේ නැහැ. මහජන දේපොළ හොරකම් කරළා රජසැප විදින්න කවුරුන් හරි හිතනවා නම් ඒ අයට මං කියන්නේ ඒ අදහස කරුණාකරලා හිතෙන් අයින් කර ගන්න. හොරුන්ට නිසි දඬුවම් රජය වශයෙන් අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 

    ඩබ්. එම්. ඩී. වන්නිනායක විසිනි

    [rns_reactions]

  • කටමැත දොඩා වැඩ වැරදුනු චම්පිකගෙන් හෙළුව වහගන්න මාධ්‍යයට බලපෑම්..

    ඇමති චම්පික රණවක සහ අතුරලියේ රතන හිමියන් විසින් බොදු බල සේනා සංවිධානයට විවිධ කොන්ත්‍රාත් දුන්නේ යයි බොදු බල සේනාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා විසින් කළ ප්‍රකාශය සදහන් පුවත ඉවත් කරන ලෙස ඩේලි මිරර් වෙබ් අඩවියට බලපෑම් කර ඇති බව කොලම්බු ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරයි.

    එම පුවත පහතින් කියවන්න

    DAILY MIRROR WEBSITE REMOVES NEWS STORY ‘CHAMPIKA, RATHANA THERA RESPONSIBLE FOR GNANASARA THERA’S ACTIONS’

    Daily Mirror has been forced to remove news reports form its website. The news story ‘Champika, Rathana Thera responsible for Gnanasara Thera’s actions’ is removed from their website without giving any clarification. According to the sources within the Daily Mirror, Minister Patali Champika Ranawaka has yesterday forced them to remove the story from its website.

    We publish below the news story in full;

    Champika, Rathana Thera responsible for Gnanasara Thera’s actions

    The Bodu Bala Sena (BBS) said today Minister Patali Champika Ranawaka and MP Athureliya Rathana Thera should take responsibility for its General Secretary Galagodaaththe Gnanasara Thera intervening in various matters in the country.

    Champika, Rathana Thera responsible for Gnanasara Thera’s actions

    The Bodu Bala Sena (BBS) said today Minister Patali Champika Ranawaka and MP Athureliya Rathana Thera should take responsibility for its General Secretary Galagodaaththe Gnanasara Thera intervening in various matters in the country.

    “Gnanasara Thera would have turned even more violent had he accepted the contracts given by Minister Ranawaka and Rathana Thera,” BBS CEO Dilanthe Vithanage told a news conference.

    He said they had prompted Gnanasara Thera to incite violence to achieve their political goals.“No one talks about the real issues which he raises in public,” Mr. Vithanage said.

    Sinhala Ravaya General Secretary Magalkande Sudaththa Thera said the Government was trying to label Gnanasara Thera as another Prabhakaran.

    “The joint opposition paints the BBS as a front of the Government while the Government the BBS as a JO front. The Government also blamed the BBS saying the BBS was created by former defence secretary Gotabaya Rajapaksa to pave the way for him to contest the 2020 presidential election. On the other hand the JO said the BBS was created to support Minister Champika Ranawaka to do the same,” he said.

    [rns_reactions]

  • අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට එරෙහිව එජාපයෙන් චන්ඩි පාට්…

    අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නව බන්ධනාගාරය විවෘත කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මෙම බන්ධනාගාරය ස්ථාපිත කිරීම තුළින් තංගල්ල ප්‍රදේශයේ ජනතාව ගැටළු රැසකට මුහුණ දෙනු ඇති බවය.

    එහිදී අමත්‍යවරයා වැඩිදුරටත් දැක්වූයේ මෙවන් අදහසක්,

    පසුගිය රජය මගින් මිලියන 7000 ක පමණ වියදමින් ඉදිකර ඇති මෙම හිර ගෙදර රැදවියන් 4000 කට අධික ප්‍රමාණයක් රැදවිය හැකි මෙම බන්ධනා ගාර පරිශ්‍රය තුළ නේවාසිකා ගාරයක් , මුරකරු බැරැක්ක 30 ක් 200 කට එකවර භාවිතා කළ හැකි ආපන ශාලාවක් , ක්‍රීඩාංගනයක් ,පිහිනුම් තටාකයක් , රැදවියන්ට සිටිය හැකි ශාලා පහක් , අංග සම්පුර්න තට්ටුදෙකේ රෝහලක් , ඇතුළු තවත් විශාල පහසුකම් ප්‍රමාණයක් මේ සදහා ලබා දීලා තිබෙනවා .

    අගුනුකොළපැලැස්සේ මේ බන්ධනාගාරය දැම්මට පස්සේ වැලිකඩට උන දේ තමයි මෙහාට වෙන්නේ. කුඩු කාරයෝ කුඩු මුදලාලිලා මෙහෙ ඇවිත් පදිංචි වේවි මේවල ඉන්න අහිංසක තරුණ තරුණියන් හට තමයි එක බලපාන්නේ .

     තංගල්ල රෝහල අවුරුදු ගානකින් ගොඩනැඟිල්ලක් හදලා නෑ එකේ ලෙඩ්ඩු ඉන්නේ ඇදන් යට ඒ වගේම තංගල්ල බන්ධන ගාරයේ ඉන්නේ රැදවියන් 300 ක් 400ක් විතර ඒ ටික දෙනාට මෙච්චර ලොකු බන්ධනා ගාරයක් ඕන නෑ එනිසා මෙම නව බන්ධනා ගාරය සැදූ තැන රෝහලක් හෝ විශ්වවිද්‍යාලයක් දැමීමට කට යුතු කරන්න කියලා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා වන මහින්ද අමරවීර අමාත්‍ය  වරයාගෙන් හා සජිත් ප්‍රේමදාස අමාත්‍ය වරයාගෙන් තමන් ඉල්ලා සිටිනවා.
     
    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එදා රජය ගත තීරණයට තමන්හට විරුද්ද වීමට තරම් අවස්ථාවක් නොතිබුණු බවත් නමුත් නමුත් කොච්චර ලොකුවට හැදුවත් හම්බන්තොට දිස්ත්‍රිකයේ අය පමණක් ඒ තුළ රදවා තැබීමට කටයුතු කරන ලෙස ඉලා සිටින බවය .

      මෙම හිරගෙදර හැදීමට ගත් තීරණය ඉතා දුර්දාන්ත තීන්දුවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය .එම නිසා ප්‍රදේශයට යම් සම්පතක් වන දෙයක් වෙනුවෙන් යම් විකල්ප දෙයක් මේ තුළ ස්ථාපිත කිරීම ගැන තමාගේද එකඟතාවය ප්‍රකාශ කරන බවද අමත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

    [rns_reactions]
  • ‘එජාපය අද කොන්දක් නැති නපුංසක ගොට්ටන්ගේ ගවමඩුවක්’ – එජාප මන්ත‍්‍රී අනුරාධ කියයි

    අද වන විට එක්සත් ජාතික පක්‍ෂය කොන්දක් නැති ගොට්ටන් පිරුණු ගව මඩුවක් බවට පත් කර ඇති බවට එම පක්‍ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි.

    ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එවන ලද ලිපියද සමගින් ෆේස්බුක් ඔස්සේ ඔහු මේ බව කියා සිටී.

    [rns_reactions]
  • සියල්ලන් අභිබවමින් සුදර්ශන, ගුවන්විදුලියේ මුල් පුටුවට.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සුදර්ශන ගුණවර්ධන මහතා පත්කර තිබේ.

    වෘත්තියෙන් නීතිඥයෙකු වන ඔහු ‘රයිට්ස් නව්‘ නමැති ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීම සදහා වන සිවිල් සමාජ සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියෙකු සහ එහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ.

    ඊට පෙර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරීය.

    නිදහසේ වේදිකාව සංවිධානයේ සම කැදවුම්කරුවෙකු හා නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා වන ව්‍යාපාරයේ ලේකම්වරයා ද වේ.

    2005 දී රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන්  අගමැතිවරයාගේ උපදේශකයෙකු වශයෙන් පත් වූ ඔහු, 2016 දී ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම සදහා විදේශ කටයුතු ඇමතිවරයාගේ උපදේශකයෙකු ලෙසින් පත් විය.

    සංහිඳියා යාන්ත්‍රණය වෙනුවෙන් වන කාර්ය සාධක බලකායේ බස්නාහිර පළාත් සභාපතිවරයා ලෙසින් ද ඔහු කටයුතු කරයි.

    ජර්මනියේ සුලූතර ජනකොටස්වල ආරක්ෂාව අධ්‍යයනය කිරීම සදහා 2016 සැප්තැම්බර් මාසයේදී එරට රජයෙන් ආරාධනා ලැබීය. 2014දී ඔහු ජර්මනියේ චාරිකා කලේ සිවිල් සමාජය ශක්තිමත් කිරීම සදහා වන  ජාත්‍යන්තර නායකත්ව වැඩසටහනක් සදහායි.  ජගත් සංවිධානය වෙනුවෙන් ඔහු 1999 දී නැගෙනහිර තිමෝරය සහ 2000 දී කොසෝවෝ හි ස්වේච්ඡා සේවකයෙකු ලෙසින් කටයුතු කලේය.

    ගත්කතුවරයෙකු හා මාධ්‍යවේදියෙකු ද වන ඔහු සමබිම කළමනාකාර සංස්කාරකවරයා ලෙසින් කටයුතු කරයි. 2015 සිට ඔහු නිදහස් දේශපාලන විවේචකයෙකු හා ජාතික රූපවාහිනී සංවාද වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසින් ද කටයතු කරයි.

    [rns_reactions]

  • පෝද්දල ජයන්ත යලිත් කරලියට.. ගෝඨාබය තමන්ව මරන්න හදපු ආකාරය ගැන ජයන්ත සියල්ල හෙලිකරයි..

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ පැහැරගෙන ගොස් අතපය කඩා පහරදී රවුල් කොණ්ඩා කපා කටේ ඔබා මහමග දමා ගොස් සිට හමුවූ වෘතිය මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සබාපති මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා අද දින (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් කරමින් විමර්ශනයක් ඉල්ලාසිටියේය.

    2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය.

    ඔහුගේ හිස කෙස් සහ රැවුල කපා කටට ඔබා තිබිණි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා “වෙන දේ බලා ගනිව්” කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා 2015 දී මාධ්‍යට සම්මූඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසීය.

    අද දින මෙම පැමිණිල්ල බාරදීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය

    [rns_reactions]

  • මම ජනාධිපති වී සිටින තුරු කුණු අදින්න හමුදාව යොදවන්නේ නෑ – ජනපති මෛත්‍රිගෙන් ප්‍රකාශයක්

    තමා ජනාධිපතිවරයා ලෙස සිටින තාක් හමුදාව කුණු අදින්න යොදා නොගන්නා බවත්, එසේ කරන්නට අදහසක්වත් තමාට නොතිබූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

    කුණු ප්‍රශ්නය ඇතුළු ජනතාවට පොදුවේ බලපාන උග්‍ර ප්‍රශ්න විසඳීම සඳහා අදාළ ආයතනයන්ට උපදෙස් දී තිබෙන අතර එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා පමණක් හමුදාව යොදාගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    [rns_reactions]

  • පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන ශ්‍රීලනිප සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු ඇතුළු 14 දෙනකු පමණ පිරිසක් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට එකඟ නොවීම පක්ෂ නායකත්වය විවේචනය කිරීම, වෙනත් පක්ෂ පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ඒ තුළට ඇද ගැනීම, ඇතුළු චෝදනා ගණනාවක් මෙම සාමාජිකයින්ට එල්ල වී තිබෙනවා.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ කඩ කරමින් ඊට පටහැනිව දිගින් දිගටම කටයුතු කරමින් සිටි මේ සාමාජිකයන්ට එලෙස නොකරන ලෙසට පක්ෂ නායකත්වය මෙන්ම මධ්‍යම කාරක සභාව කරන ලද දැනුම් දී තිබියදී දීම් සියල්ල ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරිම නිසා මීළඟ ක්‍රියාමාර්ගය කුමක් විය යුතුද යන්න පිළිබඳ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දීර්ඝ වශයෙන් සාකච්ඡාකර මොවුනට එරෙහිව විනය පරික්ෂණයන් සිදු කළ යුතුය යන ස්ථාවරයකට එළඹී තිබෙනවා. මේ අනුව පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ට එරෙහිව විනය පරික්ෂණ ආරම්භ කරන ලදි.

    මේ අය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ කිහිපයක් මේ වන විට අවසන් අදියරේ පවතින අතර ඉතා කඩිනමින් මේ පිරිස සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත ය.

    [rns_reactions]
  • දෙමල සන්ධානය දෙකඩ වීම නවතී..

    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඊයේ (19) උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වෙතට ලිපියක් මගින් දැනුම් දී ඇත.

    යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුන් සහ යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමන්ගේ මැදිහත්වීම මත මෙම අර්බුදය විසඳුමකට ගෙන ඒමට හැකි වූ බවද සම්බන්ධන් මහතා එහිදී සඳහන් කර ඇත.

    මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය තමිල් අරසු කච්චි පක්ෂය විසින්ම ඉල්ලා අස්කර ගන්නා බවත් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලටද ඇගිලි ගැසිම් නොකරන බවත් සම්බන්ධන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    දූෂණ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකු මසක නිවාඩුවක් සහිතව අමාත්‍යධූර අත්හිටුවීමට තීරණය කිරීමත් සමග මහ ඇමතිවරයාට එරෙහි විහ්වාසභංගයක් ගෙන ඒමට තමිල් අරසු කච්චි පක්ෂය පියවර ගෙන තිබුණු අතර එකී තීරණය වෙනස් කරන බවට මහ ඇමතිවරයා එකඟතාව පලකිරමින් ලිපියක් යැවීමත් සමග මෙම විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවට විපක්ෂ නායක වරයා තිරණය කර තිබෙන අයුරු පෙනී යයි.

    – වන්නි රොමේෂ් මධුෂංඛ

    [rns_reactions]

  • ඇමති හැරිසන්ගේ ජනතා මුදල් අවභාවිතාවට එරෙහි ගොවි නායකයෝ FCID යයි

    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති පී. හැරිසන් මහතා විසින් ජනතා මුදල් අවභාවිතයක යෙදෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද (19) පෙරවරුවේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එහි ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

    පී. හැරිසන් ඇමතිවරයා නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගනිමින් රුපියල් දසලක්ෂ පනස නවදහස් දෙසිය හැත්තෑ ලහයි ශත පනහක(රු. 1,059,275.50) මුදලක් අවභාවිතා කර ඇති බව එම පැමිනිල්ලේ සඳහන් කර ඇත.

     

     

    [rns_reactions]

     

  • ජපන් ගිය මහින්ද නීති නොසලකමින් ටොන් එකක බඩු ගෙනත්.. බලධාරීන් සුව නින්දේ..

    පසුගියදා ජපානයේ පෞද්ගලික සංචාරයක නිරත වුනු මහින්ද රාජපක්ෂ මහතා යලි මෙරටට පැමිණීමේදී ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ටොන් එකක (කිලෝ 1000) බඩු තොගයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

    සාමාන්‍යයෙන් පැමිණි කණ්ඩායම අනුව සියල්ලන්ටම ගෙන ආ හැකි ප්‍රමාණය කිලෝ 400 ක් පමණ වුවද මහින්ද රාජපක්ෂ මහතා පමණක් මෙලෙස ටොන් එකක බඩු ගෙනෙවිත් ඇති අතර ඔහු සමඟ ගිය අනෙක් පිරිසද විශාල බඩු තොගයක් මෙරටට ගෙනවිත් තිබේ.

    මේ සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කර තිබේ.

    මෙලෙස ගෙන ආ බඩු තොග මොනවාද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නිරාවරණය නොවන පරිදි කටයුතු කිරීමට ගුවන්තොටුපල සහ රේගු බලධාරීන් කටයුතු කර ඇත.

    දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ කළමනාකාරීත්වයේ තනතුරු දරනු ලබන්නේ රාජපක්ෂ හිතවාදීන් නිසා රාජපක්ෂලාට ගුවන් ගමන් වලදී විශේෂ සැලකිලි හිමිවේ.

    [rns_reactions]

  • තවත් මාධ්‍ය සංදර්ශනයක්ද? ඇළ මාර්ග ඔස්සේ ප්‍රවාහන පද්ධතියක් සකස් කිරීමට පාටලී ටෙන්ඩර් කැඳවයි..

    කොළඹ නගරයේ ඇළ මාර්ග හරහා රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ මගී ප්‍රවාහන යාත්‍රා පද්ධතියක් සකස් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට මහ නගර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. ජූලි 24 වැනිදා ටෙන්ඩර් කැඳවීම අවසන් වන බවත් තෝරාගන්නා ආයෝජකයන් සති 9ක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට අවස්ථාව සලසා දී තිබේ. මේ සඳහා නෙදර්ලන්තයේ තාක්ෂණික ආධාර වැඩසටහන යටතේ එරට මහජන – පෞද්ගලික සම්බන්ධතා උපදේශකවරු සහයෝගය ලබා දෙති.

    මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLRDC) මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම ආයතනය ලෙස කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සඳහා මාර්ග තුනක් සකස් කෙරේ. ඒ අනුව වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා (IW-1) , කොටුව සිට යුනියන් පෙදෙස (IW-2) සහ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා (IW-3) මෙම යාත්‍රා යෙදවීමට නියමිතය.

    පළමු අදියර යටතේ වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා කොටස මැරීන් ඩ්‍රයිව්, ගාලු පාර, හයිලෙවල් පාර, බේස්ලයින් පාර, නාවල පාර සහ පාර්ලිමේන්තු පාර ප්‍රධාන මාර්ග 6 ක් ඔස්සේ කඩිනමින් නිම කිරීමට අපේක්ෂිතය.
    දෙවැනි අදියර යටතේ කොටුව සහ යුනියන් පෙදෙසේ වාණිජ ස්ථාන දක්වා මාර්ග තදබදය වැඩි වේලාවන්වල දී කාලය ඉතුරු කරගනිමින් ගමන් කළ හැකි මගී යාත්‍රා පද්ධතියක් සකස් කිරීමට නියමිතය.

    මෙහි තෙවැනි අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වන්නේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා කැලණි ගංඟාව ආශ්‍රිතව ලෝලෙවල් මාර්ගය ආවරණ වන පරිදි සකස් කරන කොටසයි.

    මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට ගතවන කාලය සම්බන්ධයෙන් මෙතෙක් අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවත් තවමත් මෙය ආරම්භක අදියරේ පවතින බැවින් ටෙන්ඩර් ලබාගැනීම පමණක් සිදුවන බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    [rns_reactions]

  • හිටිහැටියේ නින්දෙන් නැගිටපු නවින් ලකුණු දාගන්න දගලපු හැටි මෙන්න…

    හිටිහැටියේම නින්දෙන් අවදිවූ  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එලිය නගර මධ්‍යයේ පිහිටි තැපැල් කාර්‍යාලය ඉදිරිපිටදී උද්ගෝශනයක් පැවැත්වීය. තමන් මේ ප්‍රදේශයේ නායකයා බවත්  නුවර එලිය තැපැල් කාර්‍යාලය කඩා දැමීමට යන බව පවසමින් මහ ජනතාව කුපිත කරමින් යම් පිරිසක් ගෙන ගිය බොරු ප්‍රචාරයට විරෝධය පාමින් කිසි දිනක තමන් නුවර එලිය නගරයේ පිහිටි තැපැල් කාර්‍යාලය කඩා දැමීමට ඉඩ නොදෙන බව එතුමා පැවසීය.

    මෙය දකින ජනතාවට විශාල ගැටළුවක් පැනනගින බව අපි දන්නෙමු. මෙච්චර කල් නවින් කොහෙද හිටියේ? එකපාරට නින්දෙන් නැගිට්ටේ ඇයි? යන්න එම ගැටලුවයි.

    https://www.facebook.com/dissanayakenavin/posts/1399588506754625

    [rns_reactions]

  • මහජාතිය අපි නිසා පලමුව අපි හැදෙමු – ඇමති දුමින්දගෙන් අමුතු කතාවක්..

    බෞද්ධ අප මේ රටේ මහජාතිය අප යනුවෙන් පැවසුවද, අපට මේ රට අයිති බව පැවසුවද, අපෙන් විය යුතු යුතුකමට වඩා අප කතා කරන්නේ වෙනත් කාරණා පිළිබඳවයි යනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

    තලාව නබඩවැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකල බෝධි ප්‍රාකාරය හා රන් වැට නිරාවරණය කිරීමේ පුණ්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

    එහිදී විහාරස්ථ භූමියේ අභිනවයෙන් ඉදිවන බුද්ධ මන්දිරයේ ඉදිරි වැඩකටයුතු නිරීක්ෂණය කල අමාත්‍යවරයා විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු දායක දායිකාවන් සමගින් විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ජා කල අතර ඒ සඳහා මැදිහත් වීමට පොරොන්දු විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    අපේ රටේ බෞද්ධයෝ බණ අහන තරමට බණ පිළිපැද්දා නම් මේ රටේ මේ සිදුවන තරම් අපරාධ සිදුවන්නේනෑ. අද අපි පත්තරයක් බැලුවොත්, රූපවාහිනියක් බැලුවොත්, ගුවන් විදුලියට සවන් දුන්නොතපිට නිතරම අහන්න ලැබෙන්නේ හොද නැති දේවල්. මාධ්‍යයත් හැමදාම ඉල්ලුම කියලා සපයා දී තිබෙන්නේ නරක දේම තමයි. බෞද්ධ අපි මේ රටේ මහා ජාතිය කියලා අපි කියනවා. හැබැයි අපෙන් විය යුතු යුතුකමට වඩා අප කතා කරන්නේ වෙනත් කාරණා පිළිබඳවයි. ඒ නිසා අපි බෞද්ධයෝ විදිහට පංසිල් රකින්න ඕන්, යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවනම් ඒ ප්‍රශ්නත් සමනය කරගෙන බෞද්ධයෝ විදිහට ආදර්ශමත්ව මේ රටට නායකත්වය ලබාදෙන්න අපි කටයුතු කල යුතු වෙනවා. අපි සෑම කාරණයකටම උද්ගෝෂණ හෝ අරගල කරනවා. මේ දේවල්වලින් රටක් හදන්න හෝ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. හැබැයි අපිට බෞද්ධයෝ ලෙස අපෙ ආගමානුකූලව හිතන්න, වෙනස් වෙන්න පටන් ගත්තොත් මේ දේවල් මහා අමාරු කාරණා නෙමෙයි. හැබැයි අපි දකිනවා සමහර වෙලාවට යම් යම් වැරදි සිදු වෙනවා. අපි වැරදි කර කර අනෙක් අයගෙන් අහනවා ඇයි එහෙම කරන්නේ කියලා. අපේ ආගමේ ඉගැන්වීම් අනුව පලමුව අපි හැදෙමු. වරදට සමාව දෙමු. නැවත වරක් එවැනි වරදක් නොවෙන්න හැඩගස්සා ගමු. යනුවෙන් පැවසීය.

    [rns_reactions]

  • ත්‍රීරෝද රථ රියදුරන්ට ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් – සෝලංගආරච්චිට තවත් ජයක්..

    ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි  ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී ත්‍රීරෝද රැකියාවට අමතරව වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කො‍ඩි මහතා පවසයි.

    කෙසේවෙතත් මේ අරගලය පසුපස ජනාධිපතිවරයා පසුපස සිටිමින් අවශ්‍ය පරිදි මුලික ක්‍රියාමාර්ග සියල්ල ගනු ලැබුවේ කොලොන්නාව ආසනයේ නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි බව මේ වනවිට ප්‍රසිද්ධ රහසකි.

    මේ අතර වීරක්කොඩි  අමාත්‍යවරයා  පවසා සිටියේ මෙවන් අදහසක්,

    අද අපි තරුණයන්ට ජීවනෝපායක් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීම සිදුකරනවා. තරුණයන් පමණක් නොවේ අද තරුණියන්ද ඒ සදහා එක්වීම පිළිබදව සතුටුවෙනවා. ත්‍රීරෝද රථ සදහා පුහුණුව ලබන්න ඉදිපත් වී ඇති අයගෙන් මම ඉල්ලීමක් කරනවා වයස 18 සම්පුර්ණ වනු ගමන් බහුතරයක් පුරුදුවෙලා ඉන්නේ ත්‍රීරෝද රථයක් අරන් හංදියකට වෙලා මුළු ජීවිතයම එතනට වෙලා ගෙවන්නයි. ත්‍රීරෝද පුහුණුව ලබන සියළු දෙනාට හා දැනට සිටින ත්‍රීරෝද රථ රියදුරන්ට ඉදිරියෙදී වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ත්‍රීරෝද රථ රැකියාවට අමතරව විදුලි කාර්මික, ජලනල කාර්මික, රැකියාවල යෙදිම සඳහා පුහුණුව ලබාදීම සඳහා යොමු කරනවා. වැඩි ආදයමක් ලබා ගැනීම අපගේ අරමුණයි. නැතිනම් බොහෝ දෙනෙකුගේ ජීවිත තාවකාලික තෘත්තිය කරා ගිහින් ප්‍රශ්න ඇති කරගන්නවා. අද ගෙදර වයර් එකක් ගැඩුනාම හදාගන්න කෙනෙක් නෑ, ටැප් එකක් කැඩුනාම හදාගන්න කෙනෙක් නෑ. ත්‍රී රෝද රථ රියදුරෙකුට ඒ හැකියාව ලබා තිබේනම් ත්‍රීරෝද රැකියාවට අමතරව අමතර ආදායමක් ලැබෙනවා.

    රැකියා තිබුනට කවුරුත් පුහුණු වෙන්නේ නෑ. වැල්ඩින් පාඨමාලාව සඳහා අපො. සා. පෙළ. විභාගයෙන් ගණිතය විෂය සමත් නම් මෙම මස 20 දාට පෙර ජර්මානු කාර්මික විද්‍යාලය සඳහා අයදුම් කරන්න. ඒ පාඨමාලාව සම්පුර්ණ කරගතහොත් රැකියාව එලියට එනකොට හිමිවෙනවා. ලංකාවේ නොවේ වැඩිපුර සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. (CGTTI) සීජීටීටීඅයි වෙබ් අඩවියට පිවිස අයදුම් කරන්න. ඒවගේම ඉදිරියේ දී බැකෝ යන්ත්ර) පුහුණු පාඨමාලාවක් ලබන 25වන ඉරිදා ගාල්ල බටපොල ප්‍රදේශයේදී ආරම්භ කරනවා. ඒ සඳහාත් අයදුම්පත් යොමු කරන්න. මට ඇමතිකම ලැබුනාට පසුව රටේ අනෙකුත් වැඩ කරන අතරතුර ගාල්ලේ දරුවන්ගේ අනාගතයට ජයගන්න මුල් තැන දෙනවා. අපේ අරමුණ දුප්පත්කම තුරන් කිරීමයි. දුප්පත්කම අඩුවෙන්ම තුරන්වන දිස්ත්රි.ක්කය ගාල්ල දිස්ත්‍රීක්කයයි. දුප්පත්කම නැතිකරන්න නම් සියළුදෙනා රැකියගත කරන්න වෙනවා. රැකියා ගත කරන්න නම් පුහුණුවක් අවශ්‍ය ඇයි. ඒ සඳහා අපේ වැඩසටහන් ඉදිරියෙදි ආරම්භ කරනවා. අපි හෙට සිට රියදුරු පුහුණුව ආරම්භ කරනවා. තවත් පුහුණු කරුවෙකුගේ සහයෝගය ලබාගෙන දින හතේම පුහුණුව ලබාදී හොද පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

    අපි තරුණයන්ගේ හා දරුන්ගේ ප්‍රශ්නය අපි තේරුම් අරගෙනයි සිටින්නේ. සියළු දෙනාගේ දෑතේ සවියෙන් තමන්ගේ දක්ෂතාවයෙන් රැකියවාක් ලබාදීමට නිපුණතාවයක් ඇතිකිරීමේ වගකීම මේ රජය ආරම්භ කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගමෙන් ආපු මිනිසුන්ගේ දුක හදුනාගත් නායකයෙක් හැටියට රාජ්‍ය නායකයා හැටියට අමාත්‍යවරයා හැටියට මට මේ වැඩසටහන් ක්‍රියාත්මක කර ගන්න උපරිම  සහයෝගය ලබාදෙනවා. මට මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන මුදල් ගන්න අපි රටවල් කිහිපයක් සමගම සාකච්චා කරා. ඒ වගේම පුහුණුවෙන් පසුත් සියළු රැකියා සඳහා රටවල් වලට යන්නත් විදේශ රැකියා අමාත්‍යාංශයත් සමගත් අපි සකච්චා කර තිබෙනවා. අපේ අරමුණ තරුණයන්ට රැකියා ලබාදීම හා මේරටේ දුප්පත් කම තුරන් කිරීමයි.

    [rns_reactions]

     

  • වැඩ බැරිනම් දවස් තුනකින් ගෙදර යන්න ලෑස්තිවෙන්න – ජනපති ගෙන් මහඇමතිට නියෝග

    කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කසළ දින තුනක් ඇතුලත ඉවත් නොකරන්නේ නම් මහ ඇමතිධූරයෙන් ඉවත්කරන බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ.

    ජනාධිපතිවරයා බස්නාහිර මහඇමති දේවප්‍රිය මහතා පෙරේදා(17) උදේ ජනාධිපති නිල නිවසට කැඳවා මේ බව දැනුම්දී ඇතැයිද රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.

    කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල කුණු ගොඩගැසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහ ඇමතිවරයාට තදින් දොස් පවරා ඇතැයි වාර්තා වේ.

    ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් පෙරේදා පෙරවරුවේ පැවති හදිසි රැස්වීමේදීත් ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර එම සාකච්ජාවට මහ ඇමතිවරයා සහභාගී නොවූ බවද දැනගැනීමට ඇත.

    මේ අතර කොලඹ නගර සභාවේ කුණු ඉවත්කිරීමේ ටෙන්ඩරය නගර සභාව විසින් වාර්ෂිකව පෞද්ගලික සමාගමකට භාරදිය යුතු වුවත් මෙවර එම ටෙන්ඩරය වසර හතරක කාලයකට එක්වරම ලබාදී ඇති බවද ආරංචිමාර්ග කියයි.

    වසරකට රුපියල් මිලියන 300 බැගින් වසර හතර සඳහා රුපියල් මිලියන 1200කට එම ටෙන්ඩරය ලබාදී ඇති බව වාර්තා වේ.

    [rns_reactions]