Category: සුපිරි Politics

  • SLPP ‘ජාතික ලැයිස්තු නාම ලේඛනය’ මැතිවරණ කොමිෂමට – පරාජිතයින් නෑ

    SLPP ‘ජාතික ලැයිස්තු නාම ලේඛනය’ මැතිවරණ කොමිෂමට – පරාජිතයින් නෑ

    මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක් දිනා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (7) දිනම සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සදහා වන නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.

    ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදීන් ඇතුළු ප්‍රවීන පුද්ගලයින්ගෙන් සැදුම් ලත් මෙම ලැයිස්තුව තුළ කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ඇතුළත් න‍ොවීම විශේෂත්වයක් බවයි දේශපාලන නිරීක්ෂකයින් කියන්නේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේෙ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය.

    1. මහාචාර්ය ජී එල් පීරිස් මහතා
    2. නීතීඥ සාගර කාරියවසම් මහතා
    3. හිටපු මහ බෑංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා
    4. ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා
    5. ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ අහතා
    6. විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක මහත්මිය
    7. ජ්‍යේෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා
    8. මහාචාර්ය චරිත් හේරත් මහතා
    9. ගෙවිඳු කුමාරතුංග මහතා
    10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා
    11. මහාචාර්ය තිස්ස විතාරණ මහතා
    12. ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන මහතා
    13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මහතා
    14. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා
    15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය
    16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතමොහොමඩ් ෆලීල් මර්ජාන් මහතා

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිමිවනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කළත් ඔහුගේ නම අදාළ ලේඛනයේ නැහැ.

  • ‘SLPP’ කෙණෙහිලිකම් මැද’SLFP’ 15ක් උඩින්ම ජයග්‍රහණය කරයි

    ‘SLPP’ කෙණෙහිලිකම් මැද’SLFP’ 15ක් උඩින්ම ජයග්‍රහණය කරයි

    මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්ෂකයින් 15 දෙනෙකු මන්ත‍්‍රී ධුර දිනාගෙන තිබෙනවා.

    ඒ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් දිනාගත් අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් වුණා.

    හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වැටුණු හිටපු අමාත්‍ය මහින්ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා චමල් රාජපක්ෂ මහතාව ද අභිබවා යමින් මනාප ලැයිස්තුවේ තෙවැනි තැන දිනා ගත් අතර දයාසිරි ජයසේකර මහතා ද අතිෂය තරගකාරී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු පෙළ මනාප ලබා ගත්තා.

    මෙවර ජයග‍්‍රහණය කර ඇති ශ‍්‍රීලනිප අපේක්ෂකයින් වන්නේ,

    1. මෛත්‍රීපාල සිරිසේන – පොළොන්නරුව
    2. දයාසිරි ජයසේකර – කුරුණෑගල
    3. දුමින්ද දිසානායක – අනුරාධපුර
    4. නිමල් සිරිපාල – බදුල්ල
    5. මහින්ද අමරවීර – හම්බන්තොට
    6. රන්ජිත් සියබලාපිටිය – කෑගල්ල
    7. චන්දිම වීරක්කොඩි – ගාල්ල
    8. ලසන්ත අලගියවන්න – ගම්පහ
    9. ශාන් විජයලාල් – ගාල්ල
    10. චාමර සම්පත් – බදුල්ල
    11. ජගත් පුෂ්පකුමාර – මොණරාගල
    12. ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
    13. සාරතී දුෂ්මන්ත – කෑගල්ල
    14. අංගජන් රාමනාදන් – යාපනය
    15. කාදර් මස්තාන් – වව්නියාව

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලයිස්තුවෙන්ද මන්ත‍්‍රී ධුර 02ක් හෝ 03ක් හිමිවනු ඇතැයි බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් ද එක් මන්ත්‍රීධුරයක් දිනා ගත්තා.

  • අගමැති අනිද්දා දිවුරුම් දෙයි

    අගමැති අනිද්දා දිවුරුම් දෙයි

    මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලබන 09 වනදා, ඉරිදා දිවුරුම් දීමට නියමිත බවත් ඓතිහාසික කැළණිය රජ මහා විහාරස්ථානයේ දී උදෑසන 08.30ට දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දෙන්නේ සිදුවන වරට වීම විශේෂත්වයකි. මීට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සිවු වරක් අග්‍රාමාධ්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

  • ‘දකුණේ ජ්‍යෙෂ්ඨයෝ පසුපසට – ගීතා – චොකා මල්ලි සහ පිල්ලෙයාන් ජය ගනී’ – රත්නපුර, දකුණ, මොනරාගල, මහනුවර සහ මඩකළපුව මනාප මෙන්න

    ‘දකුණේ ජ්‍යෙෂ්ඨයෝ පසුපසට – ගීතා – චොකා මල්ලි සහ පිල්ලෙයාන් ජය ගනී’ – රත්නපුර, දකුණ, මොනරාගල, මහනුවර සහ මඩකළපුව මනාප මෙන්න

    රත්නපුරය දිස්ත්‍රික්කය – මරණ දඩුවම නියම වූ ‘චොකා මල්ලි’ දෙවැනි තැනට

    මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 08ක් ද සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 03ක් ද දිනාගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු තැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහ්තිමය විසින් ද පසුගිය 2015 ජනාධිපතිවරණයේදී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පසුගිය දා මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මනාප ඡන්ද 104,237ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ මනාප ලැයිස්තුවේ දෙවැනි තැන දිනා ගෙන සිටීම විශේෂත්වයක්.

    ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් වන වාසුදේව නානායක්කාර මහතා 06 වැනි ස්ථානයේදීත් ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා 08 වැනි ස්ථානයේත් පසු වෙනවා.

    සමගි ජනබලවේගයේ හේෂා විතානගේ පළමු තැනට පත්ව ඇති අතර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වූ තලතා අතුකෝරාළ තෙවැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රාහකයින්
    1.පවිත්‍රා වන්නිආරච්චි- 200,977
    2.ප්‍රේමලාල් ජයසේකර- 104,237
    3.ජානක වක්කුඹුර- 101,225
    4.ගාමිණී වලේබොඩ- 85,840
    5.අකිල එල්ලාවල- 71,179
    6.වාසුදේව නානායක්කාර- 66,991
    7.මුදිතා සොයිසා-65,933
    8.ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න- 61,612

    සමගි ජන බලවේගය
    1.හේෂා විතානගේ- 60,426
    2.වරුණ ලියනගේ-47,494
    3.තලතා අතුකෝරාල- 45,105

    පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප නිකුත් කිරීම මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන මට්ටමින් සිදු කරමින් ඇත.

    ගාල්ල දිස්ත්‍රික්කය – ගීතා කුමාරසිංහ යළි මැති සබයට

    මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 07ක් ද සමගි ජනබලවේගය මන්ත්‍රීධුර 02ක් ද දිනා ගත් නමුත් ජ්‍යෙෂ්ඨයින් රැසක් තරග කළත් එජාපවට එකම ආසනයක් හෝ දිනා ගැනීමට හැකි වුණේ නැහැ.

    ගාල්ලේ මනාප ලැයිස්තුවේ පළමු තැන මනාප ඡන්ද 250,118ක් දිනාගත් වෛද්‍ය රමේෂ් පතිවරණ විසින් දිනාගත් අතර පසුගිය මහ මැතිවරණයේදී ද්විත්ම පුරවැසි භාවය නිසා මන්ත්‍රීධුර අහිමි වූ ප්‍රකට සිනමා නිළි ගීති කුමාරසිංහ මහත්මිය මනාප ඡන්ද 63,358ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට පත් වුණා.

    සමගි ජන බලවේගයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ගයන්ත කරුණාතිලක මහතා කලක් එජාපයේ සිට මහින්ද රාජපක්ෂ රජයට එක් වී යළිත් එජාපයට එක් වී සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ මනූෂ නානායක්කාර මහතා පත්ව තිබෙනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රාහකයින්
    1. රමෙිෂ් පතිරණ – 250,118
    2. සමිපත් අතුකෝරල – 128,332
    3. මොහාන් සිල්වා- 111,626
    4. චන්දිම වීරක්කොඩි – 84,984
    5. ඉසුරැ දොඩන්ගොඩ- 71,266
    6). ශාන් විජයලාල් – 67,793
    7). ගීතා කුමාරසිංහ – 63,358

    සමගි ජන බලවේගයේ ජයග්‍රාහකයින්
    01. ගයන්ත කරුණාතිලක – 50,097
    02. මනුෂ නානායක්කාර – 47,399

    මාතර පොහොට්ටු ජ්‍යෙෂ්ඨයින් පසුපසට නවක අපේක්ෂකයින් පෙරමුණේ

    මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 06ක් සහ සමගි ජනබලවේගය එක් මන්ත්‍රීධුරයක් දිනාගත්තා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින් අතර මාතර දිස්ත්‍රික්කයේ දැඩි මනාප පොරයක් පැවති අතර ජ්‍යෙෂ්ඨයින් සියලු දෙනා අභිබවා තරුණ අපේක්ෂකයෙකු වන නිපුණ රණවක මහතා පළමු ස්ථානයට පත්වීමට සමත් වුණා. මාතර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අභිබවා තරුණ අපේක්ෂකයින් ඉදිරිපයට පැමිණීම විශේෂත්වයක්.

    සමගි ජන බලවේගය විසින් 01ක් මන්ත්‍රීධුරයක් දිනාගත් අතර එය මනාප ඡන්ද 44,839ක් දිනාගත් බුද්ධික පතිරණ විසින් දිනාගත්තා. එජාපයට හෝ ජාතික ජන බලවේගයට කිසිම මන්ත්‍රීධුරයක් හිමි නොවීම විශේෂත්වයක්.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩිම මනාප ලාභීන්
    1. නිපුණ රණවක 131,010
    2. කරුණා කොඩිතුවක්කු 114,319
    3. ඩලස් අලහප්පෙරුම 103,534
    4. කංචන විජේසේකර 96,033
    5. මහින්ද යාපා 80,895
    6. වීරසුමන වීරසිංහ 77,968

    හම්බන්තොට මනාප සටනින් චමල් රාජපක්ෂ මහින්ද අමරවීරටත් පසුබසී

    මෙම මහ මැතිවරණයේදී සුවිශේෂ අවධානයක් යොමු වූ දිස්ත්‍රික්කයක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 06ක් සහ සමගි ජන බලවේගය එක් මන්ත්‍රීධුරයක් දිනාගත් නමුත් එක්සත් ජාතික පක්ෂයට හෝ ජාතික ජන බලවේගයට එකම මන්ත්‍රීධුරයක් හෝ ලැබුණේ නැහැ.

    හම්බන්තොට මනාප ලැයිස්තුවේ විශේෂත්වයක් වන්නේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වන චමල් රාජපක්ෂ මහතා 04 වැනි ස්ථානයට පත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙකු වූ මහින්ද අමරවීර තෙවැනි තැනට පත් වීමයි. නාමල් රාජපක්ෂ මහතා මනාප ඡන්ද 166,790ක් දිනා ගනිමින් හම්බන්තොට මනාප ලැයිස්තුවේ පළමු තැන සිටිනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
    1. නාමල් රාජපක්ෂ – 166,790
    2. ඩී.වී. චානක – 128,781
    3. මහින්ද අමරවීර – 123,769
    4. චමල් රාජපක්ෂ – 84,542
    5 . උපුල් ගලප්පත්ති – 63,233
    6. අජිත් රාජපක්‍ෂ – 47,401

    ජාතික සමගි ජන බලවේගය
    01.දිලිප් වෙදආරච්චි 25,376

    මහනුවර දිස්ත්‍රික්කය – දිලුම් 01ට

    මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසාන 08ක් සහ සමගි ජනබලවේගය මන්ත්‍රීධුර 04ක් දිනා ගත්තා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය දිලුම් අමුණුගම විසින් ද සමගි ජන බලවේගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා විසින් ද දිනාගත්තා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිලුම් අමුණුගම – 171,758 මහින්දා නන්ද අලුත්ගමගේ – 161,471 ලොහාන් රත්වත්තේ – 140,917 අනුරාධ ජයරත්න – 140,798

    සමගි ජන බලවේගය

    රාවුෆ් හකීම් – 83,398

    එම්.එච්. අබ්දුල් හලීම් – 71,063

    වේලු කුමාර් – 57,445

    ලක්ෂමන් කිරිඇල්ල – 52,311

    මොනරාගල දිස්ත්‍රික්කය – පළමු තැන ශෂින්ද්‍රට

    මෙවර මහ මැතිවරණයෙන් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 05ක් සහ සමගි ජන බලවේගය එක් මන්ත්‍රීධුරයක් දිනාගත්තා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු තැන මනාප ඡන්ද 104,729ක් දිනා ගත් ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ද දෙවැනි ස්ථානය මනාප ඡන්ද 91,530ක් ලබා ගත් කුමාරසිරි රත්නායක මහතා විසින් ද තෙවැනි ස්ථානය මනාප ඡන්ද 68,984ක් දිනාගත් විජිත් බේරුගොඩ විසින්ද සිවුවැනි ස්ථානය මනාප ඡන්ද 66,176ක් ලබාගත් ජගත් පුෂ්කුමාර මහතා විසින් ද පස්වැනි ස්ථානය මනාප ඡන්ද 45,384ක් ලබාගත් ගයාෂාන් නවනන්ද දිනාගත් අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීධුරය මනාප ඡන්ද 20,662ක් ලබාගත් ධර්මසේන විජේසිංහ මහතා විසින් ද දිනාගත්තා.

    පුත්තලම දිස්ත්‍රික්කය – සන්ත නිශාන්තට මුල්තැන

    පුස්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 05ක්, සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 02ක් සහ මුස්ලිම් ජාතික සන්ධානය 01ක් මන්ත්‍රීධුරයක් දිනාගත්තා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
    මනාපඡන්ද 80,082ක් දිනාගත් සනත් නිශාන්ත පළමු ස්ථානයටත්, මනාප ඡන්ද 70,892ක් දිනාගත් ප්‍රියංකර ජයරත්න දෙවැනි ස්ථානයත්, මනාප ඡන්ද 46,058ක් දිනාගත් අරුන්දික ප්‍රනාන්දු තෙවැනි ස්ථානයත්, මනාප ඡන්ද 41,612ක් දිනාගත් චින්තක අමල් මායාදුන්න සිවුවන ස්ථානයත් දිනාගත් අතර මනාප ඡන්ද 41,612ක් දිනාගත් අශෝක් ප්‍රියන්ත පස්වන ස්ථානයටත් පත් වුණා.

    සමගි ජන බලවේගයෙන් 34,127ක් දිනාගත් හෙක්ටර් අප්පුහාමි සහ මනාප ඡන්ද 31,636ක් දිනාගත් නිරෝෂන් පෙරේරාත් පාර්ලිමේන්තු වරම් දිනාගත්තා.

    මුස්ලිම් ජාතික සන්ධානයේ මන්ත්‍රීධුරය මනාප ඡන්ද 33,509ක් දිනා ගත් අබ්දුල් අලි සබ්රිට හිමි වුණා.

    මඩකළපුවෙන් මුල් තැන පිල්ලේයාන්ට

    මඩකළපුව දිස්ත්‍රික්කයෙන් 54,198ක මනාප ලබාගත් සිවනේශතුරේ චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් පාඒලිමේන්තුවට පත්ව සිටිනවා.

  • ප්‍රසන්න – විමල් සහ රොෂාන්ගේ සිහින බොදවෙයි – දිස්ත්‍රික්ක 07ක මනාප මෙන්න !

    ප්‍රසන්න – විමල් සහ රොෂාන්ගේ සිහින බොදවෙයි – දිස්ත්‍රික්ක 07ක මනාප මෙන්න !

    කුරුණෑගල දිස්ත්‍රික්කය – ලංකාවෙන්ම 01ක අගමැති මහින්ද

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප ඡන්ද 527,394ක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ. මෙය පසුගිය මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වශයෙන් ද සැලකේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 649,965ක් දිනා ගත්තේය.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඡන්ද එක් ලක්ෂ 99,203ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානයට තේරී පත්ව ඇත්තේ මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතායි. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එක් ලක්ෂ 41,991කි.

    දයාසිරි ජයසේකර මහතා එක් ලක්ෂ 12,452ක් ද, අසංක නවරත්න මහතා 82,779ක් ද වශයෙන් මනාප ඡන්ද හිමිකර ගෙන තිබේ. සමන් ප්‍රිය හේරත් මහතා හිමි කර ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 66,814ක්. ඩී බී හේරත් මහතා ඡන්ද 61,954ක් ලබා ගත්තේය. ජයරත්න හේරත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 54,351ක්. ශාන්ත බණ්ඩාර මහතා ඡන්ද 52,086ක් ලබා ගත් අතර, උඩුකුඹුරගේ සුමිත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 51,134කි.

    මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින් බණ්ඩාර මහතා මනාප ඡන්ද 75,631ක් ලබා ගත්තේය. ජේ සී අලවතුවල මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 65,956ක්. ඡන්ද 54512ක් ලබා ගනිමින් අශෝක් අබේසිංහ මහතා එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව තිබේ. තුෂාර ඉදුනිල් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 49,364කි.

    කොළඹ දිස්ත්‍රික්කය – විමල් දෙවැනියා කරමින් ප්‍රථම ස්ථානය සරත් වීරසේකරට

    කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 12ක් හිමිකර ගත් අතර සමගි ජනබලවේගය මන්ත්‍රීධුර 06ක් සහ ජාතික ජනබලවේගය 01ක් මන්ත්‍රීධුරයක් දිනා ගත්තේය.

    වෙමර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා වූ රියර් අද්මිරල් සරත්වීරසේර මහතා විසින් මනාප ඡන්ද 328,092ක් දිනා ගනිමින් ලබා ගත්තේය. දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට පත් වූ අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 266,084කි. එය පසුගිය මහ මැතිවරණයට වඩා මනාප ඡන්ද 46,000කට ආසන් අඩුවීමක් බව ද වාර්තා වේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්ක ජයග්‍රාහකයින් පහත දැක්වේ.

    1. සරත් වීරසේකර 328,092
    2. විමල් වීරවංශ 266,084
    3. උදය ගම්මන්පිල 136,331
    4. විජේදාස රාජපක්ෂ 120626
    5. බන්දුල ගුණවර්ධන 101,646
    6. ප්‍රදීප් උඳුගොඩ 91,958
    7. දිනෙශ් ගුනවර්ධන 85,282
    8. මධුර විතානගේ 70,205
    9. ප්‍රේමනාත් දොලවත්ත 69,055
    10. ගාමිණි ලොකුගේ 62,543
    11. සුසිල් ප්‍රේමජයන්ත 50,322
    12. ජගත් කුමාර 47,693

    කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය විසින් මන්ත්‍රීධුර 06ක් දිනාගත් අතර එහි මුල් තැන මනාප ඡන්ද 305,744ක් දිනාගත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ද දෙවන ස්ථානය මනාප ඡන්ද 96,916ක් දිනාගත් එස්.එම්. මරික්කාර මහතා විසින් ද දිනාගෙන තිබේ. තෙවන ස්ථානය මනාප ඡන්ද 87,589ක් දිනා ගත් මුජිබර් රහුමාන් මහතා විසින් ද සිවුවන ස්ථානය මනාප ඡන්ද 82,845ක් දිනාගත් ආචාර් හර්ෂ ද සිල්වා විසින් ද පස්වන ස්ථානය මනාප ඡන්ද 65,574ක් දිනාගත් චම්පික රණවක මහතා විසින් ද සයවන ස්ථානය මනාප ඡන්ද 62,091ක් දිනා ගත් මනෝ ගනේෂන් මහතා විසින් ද දිනාගෙන ඇත.

    ජාතික ජන බලවේගයට හිමි වූ එකම මන්ත්‍රීධුරය මනාප ඡන්ද 49,814ක් දිනාගත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දිනාගෙන තිබේ.

    හිටපු ජනපති මෛත්‍රී පොළොන්නරුවෙන් පළමු තැනට

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මනාව 111,137ක් දිනා ගනිමින් පළමු තැනට පත්ව ඇත. රොෂාන් රණසිංහ 90,615, සිරිපාල ගම්ලත් 67,917ඒ.අතුකෝරළ 45,795ක් දිනා ගමින් මන්ත්‍රීධුර හිමිකර ගෙන ඇත. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයට එක් ආසනයක් හිමි වූ අතර එය දිනාගෙන ඇත්තේ මනාප ඡන්ද 22,392ක් දිනා ගත් කිංස්ලි නෙල්සන් මහතා විසිනි.

    ගම්පහ දිස්ත්‍රික්කය – නාලක ගොඩහේවා මුල් තැනට

    ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැස්තුවේ ප්‍රථම ස්ථානය මනාප ඡන්ද 325,479ක් දිනා ගනිමින් නාලක ගොඩහේවා මහතා විසින් දිනාගෙන තිබේ. දෙවැනි ස්ථානය මානප ඡන්ද 316,544ක් දිනාගත් ප්‍රසන්න රණරතුංග මහතා විසින් ද තෙවන ස්ථානය මනාප ඡන්ද 136,297ක් දිනා ගත් ඉන්දික අනුරුද්ධ මහතා විසින් ද දිනා ගෙන තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුව පහත දැක්වේ.

    1. නාලක ගොඩහේවා 325479
    2. ප්‍රසන්න රණතුංග 316544
    3. ඉන්දික අනුරුද්ධ 136297
    4. සිසිර ජයකොඩි 113130
    5. නිමල් ලන්සා 108945
    6. ශාන් ප්‍රදීප් විතාන 97494
    7. සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 89329
    8. ප්‍රසන්න රණවීර 83203
    9. කෝකිලා ගුණවර්ධන 77922
    10. ලසන්ත අලගියවන්න 73061
    11. නලින් ප්‍රනාන්දු 69800
    12. මිලාන් ජයතිලක 68449
    13. උපුල් මහේන්ද‍්‍ර රාජපක්‍ෂ 67756

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 04ක් දිනාගත් අතර ඒ සදහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, රන්ජන් රාමනායක, වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා පත්ව තිබේ.

    ජාතික ජන බලවේගය විසින් දිනාගත් එක් මන්ත්‍රීධුරය සදහා විජිත හේරත් මහතා පත්ව තිබේ.

    මාතලේ දිස්ත්‍රික්කය – ජනක බණ්ඩාර තෙන්නකොන් මුල්ට

    මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව හිටපු අමාත්‍යවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මානප 73 296ක් ලබාගෙන ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති අතර නාලක බණ්ඩාර කොට්ටේගොඩ මනාප ඡන්ද 71,404ක්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්          67,776ක්, රෝහණ දිසානායක මනාප ඡන්ද 50368ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. මාතලේ දිස්ත්‍රික්කයෙන් සමඟි ජනබලවේගයට එක් ආසනයක් හිමි වූ අතර එය මනාප ඡන්ද 27,587ක් දිනා ගත් රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය විසින් දිනා ගෙන ඇත.     

    කලුතර දිස්ත්‍රික්කය – පළමු තැන විදුර වික්‍රමනායක     

    කළුතර දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 08ක් දිනා ගත් අතර සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 02ක් දිනා ගත්තේය.

    ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය මනාප ඡන්ද 147,958ක් දිනා ගත් විදුර වික්‍රමනායක මහතා විසින් ද දෙවැනි ස්ථානය මනාප ඡන්ද 147,472ක් දිනාගත් රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ද දිනාගෙන තිබේ.

    1. විදුර වික්‍රමනායක 147,958
    2. රෝහිත අබේගුණවර්ධන 147,472
    3. සංජීව එදිරිමාන්න 105,973
    4. පියල් නිශාන්ත 103,904
    5. ජයන්ත සමරවීර 100,386
    6. අනුප පස්කුවල් 97,777
    7. ලලිත් එල්ලාවල 76,705
    8. මහින්ද සමරසිංහ 58,514

    කලුතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය දිනාගත් මන්ත්‍රීධුර 02ක සදහා මනාප ඡන්ද 77,476ක් දිනා ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ මනාප ඡන්ද 77,083ක් දිනා ගත් හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා පත්ව තිබේ.

    අනුරාධපුරය දිස්ත්‍රික්කයේ වැඩිම මනාප චන්න ජයසුමනට

    අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධුර 07ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 02ක් දිනාගත් අතර එක්සත් ජාතික පක්ෂයට හෝ ජාතික ජන බලවේගය කිසිම මන්ත්‍රීධුරයක් හිමි නොවීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලයිස්තුවේ පළමු ස්ථානය මනාප ඡන්ද 139,368ක් ලබා ගත් එස්. එම්. චන්ද්‍රෙස්න මහතා විසින්ද දෙවන ස්ථානය මනාප ඡන්ද 133,980ක් ලබාගත් වියත්මග නියෝජනය කරමින් දේශපාලනයට පැමිණි මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ද හිමිකර ගෙන ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරයේ මනාප ලයිස්තුව මෙසේය.ෙ

    1. එස්. එම්. චන්ද්‍රෙස්න – 139368
    2. චන්න ජයසුමන – 133980
    3. උද්දික ප්‍රේමරත්න – 133550
    4. ශෙහාන් සේමසිංහ – 119878
    5. දුමින්ද දිසානායක – 75535
    6. එච් නන්දසේන – 53618
    7. කේ. පී. එස් කුමාරසිරි – 49030

    මෙවර මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට අනුරධපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 02ක් හිමි වූ අතර එය මනාප ඡන්ද 49,290ක් දිනා ගත් ඉෂාක් රහුමාන් සහ රෝහණ බණ්ඩාර – 39520 අතර බෙදී ගියේය.

  • මෙවර මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසනවලට ගනන් හදපු හැටි මෙන්න

    මෙවර මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසනවලට ගනන් හදපු හැටි මෙන්න

    2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්ය. මහ මැතිවරණය අවසන් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 225 න් 145 කම ජයග්‍රහණය අත්පත් කර දෙමිනි. එය ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී ආසන 128කින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 17 කින් සමන්විත විය.

    ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූ වහාම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදී යන ආකාරය පිළිබඳවය. විශේෂයෙන්ම ආසන මට්ටමින් කිසිදු මන්ත්‍රී ධූරයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූ එක්සත් ජාතික පක්ෂයට හා අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර 1 බැගින් හිමිවූයේ කෙසේද යන්න, බොහෝ දෙනාගේ විමසුම් ඇස යොමු වූ කරුණකි.

    පාර්ලිමේන්තුවට පත්වන මුළු ජාතික ලැයිස්තු මන්ත්‍රීන් සංඛ්‍යාව 29 කි. මෙය ගණනය කෙරෙනුයේ එක් එක් පක්ෂය ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව, මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් බෙදා 29 න් ගුණ කිරීමෙනි. එහිදී එන අගයයන් ආසන්නතම පූර්ණ සංඛ්‍යාවට වැටයීමෙන් පසු ඡන්ද ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින පක්ෂ සඳහා හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව තීරණය කෙරේ. මෙම ගණනයෙන් පසු ආසනයක් හෝ දෙකක් ඉතිරිව පවතී නම් එය මීළඟට වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති පක්ෂ වෙත ඒවා පිරිනමනු ඇත.

    ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන බෙදී ගිය අයුරු පහත පරිදි ගණනය කර පෙන්විය හැකිය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ; (6,853,698/11,598,929) x 29 = 17.13 ♎︎ 17

    සමගි ජන බලවේගය ; (2,771,980/11,598,929) x 29 = 6.93 ♎︎ 7

    ජාතික ජන බලවේගය ; (445,958/11,598,929) x 29 = 1.11 ♎︎ 1

    ඉලංකෙයි තමිල් අරුසු කච්චි ; (327,168/11,598,929) x 29 = 0.81 ♎︎ 1

    එක්සත් ජාතික පක්ෂය ; (249,435/11,598,929) x 29 = 0.62 ♎︎ 1

    ඉහත පක්ෂ 5 අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 27 ක් බෙදී ගොස් ඇති අතර තවත් මන්ත්‍රී ධූර 2 ක් ඉතිරිව ඇත. මෙම ආසන 2 මීළඟට වැඩිම ඡන්ද ලබා ඇති අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් හා අපේ ජන බල පක්ෂය වෙත බෙදී ගොස් ඇත. නමුත් මෙම පක්ෂ දෙකම ලබා ඇත්තේ මැතිවරණයේ සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 0.58% ක් බැගිනි.

    එමෙන්ම 0.58% ක ප්‍රත්ශතයක් ලැබූ තමිල් මක්කල් විදුතලයි පුලිකල් පක්ෂය සමස්ත මැතිවරණයෙන් ඡන්ද 67,692 ක් ලබා ඇති අතර එක් මන්ත්‍රී ආසනයකට හිමිකම් කියනු ලබයි. කෙසේ වෙතත් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය අහිමිව ඇත්තේ අපේ ජන බල පක්ෂයට වඩා ඡන්ද 66 ක් පිටුපස සිටීම හේතුවෙනි.

  • ආයේ ඉල්ල ඉල්ල අඬන්න දෙයක් නැහැ; කියන්න දෙයක් නැහැ; ජනතාව අත පුරෝලා පොහොට්ටුවට තුනෙන් දෙකම දෙයි (මෙන්න සුපිරි ප්‍රතිඵලේ)

    ආයේ ඉල්ල ඉල්ල අඬන්න දෙයක් නැහැ; කියන්න දෙයක් නැහැ; ජනතාව අත පුරෝලා පොහොට්ටුවට තුනෙන් දෙකම දෙයි (මෙන්න සුපිරි ප්‍රතිඵලේ)

    ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. ඒ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට අවශ්‍ය අයුරින් රට කිරීමට තුනෙන් දෙකක බහුතරයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම ඉටු කරමිනි.

    මැතිවරණයේදී ඡන්ද 2,771,980 ක් ලබා ගත් සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන්ට හිමිවූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 54කි.

    ජාතික ජන බලවේගය ඡන්ද 445,958 ක් හිමිවූ අතර දිනා ගත් ආසන සංඛ්‍යාව 3කි.

    ඉලංගෙයි තමිල් අරුසු කච්චි මෙවර මැතිවරණයේදී ඡන්ද 327,168 ක් ලබා ගැනීමට සමත් විය. ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව 10 කි.

    ඡන්ද 249,435ක් පමණක් හිමි කර ගත් එක්සත් ජාතික පක්ෂයට මහ මැතිවරණයේදී හිමි වූයේ, එක් මන්ත්‍රී ධුරයක් පමණි.

    2020 මහ මැතිවරණයේ දී දිස්ත්‍රික්ක අනුව එක් එක් පක්ෂය ලබා ඇති ඡන්ද සංඛ්‍යාව සහ ආසන සංඛ්‍යාව පහතින් දැක්වේ.


  • 71%ක් ඡන්ද ප්‍රකාශ කරයි – වැඩිම ප්‍රතිශය නුවරඑළියෙන් – අඩුම ප්‍රතිශතය පුත්තලමෙන්

    71%ක් ඡන්ද ප්‍රකාශ කරයි – වැඩිම ප්‍රතිශය නුවරඑළියෙන් – අඩුම ප්‍රතිශතය පුත්තලමෙන්

    අද (05) දින පැවැති මහ මැතිවරණයේදී 71%ක ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (05) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා.

    වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය75%ක්. බදුල්ල, ත්‍රිකුණාමලය, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් 74%ක ප්‍රතිශතයක් වාර්තා වුණා.

    අවම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එය 63%ක් ලෙස වාර්තා වුණා. යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 64%ක්.

    ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයන් මෙසේ යි.

    ගාල්ල 69%
    නුවරඑළිය 75%
    බදුල්ල 74%
    ත්‍රිකුණාමලය 74%
    මොනරාගල 74%
    වන්නි 73%
    රත්නපුර 73%
    හම්බන්තොට 73%
    කොළඹ 72%
    දිගාමඩුල්ල 72%
    මඩකලපුව 72%
    පොළොන්නරුව 71%
    කෑගල්ල 71%
    මාතර 71%
    කළුතර 71%
    මාතලේ 71%
    මහනුවර 71%
    අනුරාධපුරය 71%
    ගාල්ල 69%
    කුරුණෑගල 69%
    ගම්පහ 69%
    යාපනය 64%
    පුත්තලම 63%

    මෙවර මහමැතිවරණය කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ පැවැත්වීමට සිදුව තිබීම නිසා ඡන්ද දායකයින්ට අද දිනයේදී සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව සලසා තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.

  • 80 – 85%ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව මැ.කො කියයි

    80 – 85%ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව මැ.කො කියයි

    ශ්‍රී ලංකාවේ 09 වෙනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනකු තෝරා පත් කරගනුවස් පැවැත්වෙන මහ මැතිවරණය අද (අගෝස්තු 05) උදෑසන 7:00 ට ආරම්භ වූ අතර එය පස්වරු 05.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද දායකයින් 16,263,885 ක් සුදුසුකම් ලබා සිටින අතර. මහ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 7,452ක්.

    මෙවර මහ මැතිවරණය කරුණු කිහිපයක් නිසා වැදගත් වෙනවා. එයි ප්‍රමුඛතම කාරණය වන්නේ කොවිඩ්-19 වසංගත තත්ත්වය මත එය පැවැත්වීමට සිදුවීමයි. එනිසා පෙර වසරවලදී මෙන් අද මධ්‍යම රාත්‍රි යේදී මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ. හෙට දිනයේදී ඡන්දය ගණන් කිරීම සිදුවන අතර අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවන්නේ සිකුරාදා සවස බවයි මැතිවරණ කොමිෂම සදහන් කළේ.

    මේ අතර කොරෝනා වසංගතය නිසා ඡන්දපොළ සහ එහි නිලධාරීන්ට ද ඡන්ද දායකයින්ට ද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමට සිදුව තිබෙනවා. ඒ අනුව කාබන් තැවරූ කඩදාසි කැබැල්ලකින් ඇඟිලි වර්ණ ගැන්වීම සිදුවන අතර ඒ සඳහා ඡන්ද දායකයින් සිය වම් අතේ සුලැඟිල්ල මෙසය මත ඇති ටිෂු කඩදාසියක් මත තැබිය යුතුව තිබෙනවා.

    ඡන්දපොළ නිලධාරීන් සඳහා විශේෂ ආරක්‍ෂක කුටි සපයා ඇති අතර ඡන්ද දායකයින් ඇතුළු වනවිට හා පිටව යනවිට විෂබීජහරණය කිරීමකට ලක් කරනවා.

    මේ අතර අද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටියේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් කිසිඳු බියකින් තොරව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය භාවිත කරන ලෙසයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා කියා සිටියේ මෙවර මහ මැතිවරණයේදී 80% – 85% අතර ප්‍රතිශතයක් ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය සදහන් වුණේ අද දින 07:00 – 10:00 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 70 ක් වාර්තා වූ බවත් ඉන් බහුතරය නීතිවිරෝධී ප්‍රචාරක කටයුතුවලට අදාළ පැමිණිලි බවයි.

    මැතිවරණ පුවත් වාර්තාකරණය – තුෂාර වල්ගම සහ මධුභාෂිනී උරේෂා කුමාරී

  • නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා  රැස් වෙයි

    නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා රැස් වෙයි

    අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ තීරණය ගෙන තිබේ. ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට පත් කෙරිණ.

  • Covid අවධානමක් නෑ- බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට එන්න – මැකෝ

    Covid අවධානමක් නෑ- බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට එන්න – මැකෝ

    කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක කොවිඩ්-19 අවධානමක් නොමැති බවත්, මහ නගර සභා නගර සභා හා ප‍්‍රාදේශීය සභාවල සහාය ලබාගෙන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අද (03) සහ හෙට (04) යන දිනයන්හිදී සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමට පියවර ගන්නා බවත් මැතිවරණ කොමිෂම පවසනවා.  

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයාට දැනුම් දී ඇති ආකාරයට ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි ලෝහ පෘෂ්ඨ 70% ක් මද්‍යසාර අඩංගු ද්‍රාවණයකින් විෂබීජහරණය කළ යුතු අතර ලෝහ නොවන පෘෂ්ඨ සියයට 0.1 සෝඩියම් හයිපොක්ලෝරයිඞ් යොදා විෂබීජහරණය කෙරෙන අතර ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි ඇතුළත හා පිටත සියලු බිත්තිවලට බිම් මට්ටමේ සිට අඩි 6 දක්වා උසට විෂබීජහරණය කිරීමට ද නියමිතව තිබෙන අතර ඡන්දය දැමීමට පැමිණෙන ඡන්දදායකයන් සබන් යොදා දෑත් සේදීම කළ යුතු අතර එසේ නැතිනම් විෂබීජහරණය කළ යුතු බව ද නියම කර තිබෙනවා.

    ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් යෙදවීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.

    මේ අතර මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා අද (03) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඡන්ද මධ්‍යස්ථාන තුළ කිසිදු කොරෝනා අවදානමක් නොමැති බවත් කිසිදු බියකින් තොරව සිය ඡන්දය භාවිත කරන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය. 

    මෙහිදී ඡන්ද දායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කළ සභාපතිවරයා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමන කරන ලෙස ද ඉල්ලා සිටියේය.

  • ආණ්ඩු බලය දිනා ගන්න පුළුවන් පොහොට්ටුවට හෝ අලියට පමණයි – රනිල්

    ආණ්ඩු බලය දිනා ගන්න පුළුවන් පොහොට්ටුවට හෝ අලියට පමණයි – රනිල්

    සහෝදරයින් දෙදෙනකුට බලය දී එක් වේලක් කනවාද ? තුන් වේලම කන්න එක්සත් ජාතික පක්ෂයට බලය දෙනවාද යන්න ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා අද (02) ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේ සංවිධානය කර තිබූ ජනහමුවේදී එජාප නායකයා මේ බව සදහන් කළේය.

    ‘මේක දේශපාලනඥයින්ගේ ඡන්දයක් නොවෙයි ඔබේ ඡන්දයක්. ඔබයි පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු අපේක්ෂකයින් තෝරා ගන්නේ. ඔබට ලබන පස් වැනිදාට තෝරා ගැනීමට තිබෙන්නේ පක්ෂ දෙකයි. ඒ පක්ෂ දෙකට පමණයි මේ රටේ ආණ්ඩු බලය ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඒ තමයි වත්මන් ආණ්ඩු බලය හිමි පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය. වෙන කිසිම පක්ෂයකට ආණ්ඩු බලය දිනා ගන්න බැහැ.

    කාගේදෝ දේශපාලන පක්ෂයක් කියා තිබුණා ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි කියලා. තව පක්ෂයක් කියලා තිබුණා උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදනවා කියලා. තව පක්ෂයක් ඇවිල්ලා ඉන්නේ මට බනින්න විතරමයි. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ වගකීමෙන් ඡන්දය ප්‍රකාශ කරන්න. මේ අවස්ථාවේ ඔබ ගන්නා තීරණය අනුව තමයි ඔබේ අනාගතය තීන්දු වෙන්නේ‘

  • ජනපති සමග වැඩකළ හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවන්න – අගමැති මහින්ද

    ජනපති සමග වැඩකළ හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවන්න – අගමැති මහින්ද

    හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන කණ්ඩායමක් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    වැඩක් කිරීමට සූදානමින් සිටින ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ වැඩක් කළ හැකි ඒ පිළිබද අවබෝධයක් ඇති කණ්ඩායමක් බවට අගමැතිවරයා මෙහිදී සදහන් කළේය.

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ අද (02) පෙරවරුවේ හම්බන්තොට වෙරළ උද්‍යානයේ සංවිධානය කර තිබූ ජන හමුවේදීය.

    මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අද දිනයේ දී අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ජනහමු රැසක් සංවිධානය කර තිබුණේය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ අගෝස්තු 05 වැනිදා පාන්දරමින්ම ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගසා මනාප තුනම ලකුණු කරන ලෙසයි. කටකතාවලට රැවටී ඡන්ද අයිතිය අහිමිකර නොගන්නා ලෙස ද මෙහිදී අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

    අගමැතිවරයා කියා සිටියේ වසර පහකට පමණක් බලයට පැමිණ අනාගත පරපුරට අයිති සම්පත් විකුණා දමා කොළඹට පැන දිවූ නායකයින් සිටින මෙවැනි යුගයක ගමේ සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින නායකයින්ට ජනතාව ඡන්දය ලබාදිය යුතු බවයි.

  • නුවරඑළිය SJB අපේක්ෂිකා ‘නීතිඥ හිරන්‍යා හේරත්’ පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවිය යුතුමය

    නුවරඑළිය SJB අපේක්ෂිකා ‘නීතිඥ හිරන්‍යා හේරත්’ පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවිය යුතුමය

    දශක ගණනාවකට පසු නුවරඑළියෙන් ජාතික දේශපාලනයට පිවිසි එකම කාන්තා නියෝජනය වන හිරන්‍යා හේරත් මහත්මිය අප වෙනුවෙන්… අපේ දරුවන් වෙනුවෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම අද නුවරඑළියේ ජනතාව වන අප හමුවේ ඇති ඓතිහාසික වගකීමකි. යුතුකමකි.

    රටට ප්‍රජාතන්ත්‍රවාදය ද? ඒකාධිපතිවාදය ද ? නුවරඑළියට සංවර්ධනය ද ? නැතහොත් පරණ සුපුරුදු සූරා කෑම ද ? විකල්පය තෝරා ගැනීමට තවත් ඇත්තේ දින කිහිපයකි. එනිසා මේ තීරණාත්මක අවස්ථාවේ නුවරඑළියේ බුද්ධිමත් ඡන්දදායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කළ යුතුය.

    ඒ මෙවර මහ මැතිවරණයේදී නුවරඑළියේ සාම්ප්‍රදායික අන්ත දූෂිත ප්‍රභු පවුල් පාලනයට අභියෝග කරමින් ජනතාව අතරින්, ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින සමගි ජන බලවේගයේ අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය වෙනුවෙන් නොව නුවරඑළියේ ජීවත් වන, එයට ආදරය කරන ඔබ මා වෙනුවෙනි.

    පසුගිය 70 වසරක දේශපාලන ඉතිහාසය පුරා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කැබිනට් ඇමතිවරු, ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ මන්ත්‍රීවරු සිය ගණනක් බිහි වුවත් අදත් ලංකාවේ තිබෙන පසුගාමී දිස්ත්‍රික්ක අතරින් නුවරඑළිය ඉදිරියෙන්ම සිටින බව ඔබ හොදින් දන්නා කරුණකි. ඒ සදඑා හොදම උදාහරණ සෞඛ්‍ය සේවයයි. අන්ත දුප්පත් වතුකම්කරු සහ ගොවි ජනතාවක් වෙසෙන නුවරඑළිය යනු අඩුම වෛද්‍යවරුන් පිරිසක් සේවය කරන දිස්ත්‍රික්කයයි.

    අධ්‍යාපනය, ක්‍රීඩා, කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්ත සහ රාජ්‍ය සේවය අතින් ගත් විට ද තත්ත්වය සෞඛ්‍යට දෙවැනි නැත. නුවරඑළියේ පාසල් බහුතරකට පුහුණු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නොමැති අතර භෞතික සම්පත් හිගය ගැන කතා කිරීමට දෙයක් නැත.

    ක්‍රීඩා ඇමැතිවරු තිදෙනක් පත් කළ දිස්ත්‍රික්කයක් වුවත් නුවරඑළියේ දරුවන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගනයක් නැත. නුවරඑළියෙන් ජාතික තලයට ගිය ක්‍රීඩකයෙක් – ක්‍රීඩිකාවක් නැත.

    වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය පසුගිය කාලය පුරාම නුවරඑළියට සින්න වූ අමාත්‍යධුර විය. එහෙත් අදත් වතු කම්කරු ජනතාවගෙන් අති බහුතර ජීවත් වන්නේ කිසිදු පහසුකමක් නැති පේලි නිවාසවලය. ඔවුන්ට කියා බිම් අගලක් නැත.

    ඔවුන් තම දෛනික වැටපු වැඩි කර ගැනීමට කළ සියලු අරගල නුවරඑළියේ දේශපාලන ප්‍රබලයින් විසින් පවාදී ඇත. එනිසා අදත් නුවරඑළියේ වතු ජනතාව යනු අඩුම දෛනික වැටුපක් ලබන දැවැන්තම සූරා කෑමට ලක්ව සිටින කණ්ඩායමයි.

    එළවළු, අල, මල් වගාව පදනම් කරගත් නුවරඑළියේ ගොවි ජනතාව ද මුහුණ දෙන්නේ මීට දෙන්නේ මීට නොවෙනස් තත්ත්වයකටය. ඔවුන්ගේ නිෂ්පාදන සදහා විධිමත් වෙළෙදපොළක්, සාධාරණ මිලක් ලබා දීමට පසුගිය 70 වසර පුරා බලයට පත් කිසිදු ප්‍රභූ දේශපාලනඥයෙක් පියවර ගත්තේ නැත. එනිසා අදත් නුවරඑළියේ ගොවිජනතාව අතරින් බහුතරය අන්ත දිළින්දෝය.

    නුවරඑළියේ උගත් තරුණ – තරුණියන්ට පසුගිය කාලය පුරා රජයේ රැකියාවක් ලැබුණේ නැත. නුවරඑළියෙන් පත්ව ගිය ප්‍රභූ දේශපාලනඥයින් ඒවා මිලදට විකුණා දමා හෝ තම හිතමිතුරන් අතර බෙදා දී තම මඩිය තරකර ගත්තා පමණකි. ඇතැම් රජයේ රැකියා ලබාදීමට තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ගත් බව ද ප්‍රකට කරුණකි.

    මේ අතර නුවරඑළියෙන් බිහි වූ අල්පයක් වූ විද්වතුන්ට, වෘත්තිකයින්ට රජයේ ඉහළ තනතුරු ලැබුණේ ද නැත. ඒවා ප්‍රභූ දේශපාලනඥයින්ගේ පවුලේ ඥාතීන් හෝ මිතුරන් අතර බෙදා ගත් අතර ඔවුහු ඒවා කෙළිබිමක් බවට පත්කර ගත්හ. නුවරඑළියට කටුවක්වත් ලැබුණේ නැත. ලැබුණා නම් ඒ ලිංගික සූරාකෑම හෝ අල්ලසට රැකියා විකුණා දැමීම පමණකි.

    කාන්තාවන්ට සිදුව ඇති අගතිය

    නුවරඑළියේ අති බහුතරය කාන්තාවන්ය. වතුකරයේ, ගොවිබිමේ, වෙළෙදපොළේ, ගව පට්ටියේ ශ්‍රමය වගුරමින් දහසක් දුක් විදින්නේ මේ කාන්තාවන්ය. රටට විදේශ විනියමය, නුවරඑළියට ආදායම් ගෙන එන්නේ මේ කාන්තාවන්ය.

    එහෙත් නුවරඑළියේ කාන්තාවන්ගේ තත්ත්වය අතිෂය නොදියුණුය. ඛේදවාචකයකි. ඔවුන්ට නිසි වැටුපක්, සෞඛ්‍ය පහසුකම්, ආදායම් තත්ත්වයක් හා ගරුත්වයක් නොව නිසි පවුල් ජීවිතයක් පවා ගත කිරීමට අවස්ථාවක් නැත.

    වතු කම්කරු කතුන් සේම ගොවිබිම්වල ශ්‍රමය වැය කරන කාන්තාවන් ද අසීමිත සූරා කෑමට ලක්ව ඇති අතර ඔවුන් දෙස පසුගිය 70 වසර පුරා ප්‍රභූ දේශපාලනඥයින් ඇසක් ඇර බලා නැත. ඔවුන්ගේ ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමට කිසිදු දෙයක් කර නැත.

    මේ නිසා අද නුවරඑළියේ අති බහුතරයක් කාන්තාවන් ක්ෂුදු මූල්‍ය මාෆියාවේ ගොදුරු බවට පත්ව ඇත. ණයකාරියන් බවට පත්ව ඇත.

    නුවරඑළිය පුරා අසීමිතය මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම නිසා ඔවුන්ගේ සැමියන්, දරුවන් විනාශ වී ඇති අතර පවුල් ජීවිත අවුල් වී ඇත. අනාගතය අදුරු වී ඇත.

    කොටින්ම නුවරඑළියේ කාන්තාවන් සරණක් අහිමි, පිළිසරණයක් අහිමි පිරිසක් බවට පත්ව ඇත.

    මේ යුගය වෙනස් කළ යුතුමය

    ලෝකය වෙනස් වෙමින් පවතී. එනිසා නුවරඑළියේ අපි ද මේ දූෂිත ප්‍රභූ පවුල් පාලනය පරාජය කර අලුත් දේශපාලන නායකත්වයක් පත් කළ යුතුමය.

    රේණුකා හේරත් මහත්මිය අමාත්‍යධුරයට පත් පත් වීමෙන් පසුව නුවරඑළියෙන් කාන්තා නියෝජනයක් සිදුව නැත. අප විසින් සිදුකර ඇති බරපතළම වරදක් ලෙස එය සැලකිය හැකිය. දිසානායක – තොණ්ඩමන් ප්‍රභූ පවුල් පාලනයට යටව අන්ත දුක් වින්දා මිස අප ඒ දූෂිත ප්‍රභූ පවුල් පාලනය වෙනස් කිරීමට කිසිවක් කළේ නැත.

    එනිසා මෙම මහ මැතිවරණයේදී අප විසින් තීරණාත්මක තීන්දුවක් ගත යුතුය. ඒ අප වෙනුවෙන්, අපේ දරුවන් වෙනුවෙන් පමණක් නොව සමස්ත රටත් – ජාතියත් වෙනුවෙනි.

    ඒ වෙනස කළ හැක්කේ අපිට හිතවත්, අපි අතරින්ම බිහි වූ ‘අපේම කෙනෙක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීම මගිනි.

    වසර ගණනාවකට පසු, නුවරඑළියේ පොදුජනතාව වෙනුවෙන් අනුපමේය සේවයක් කළ හිටපු ඇමතිනී රේණුකා හේරත් මැතිණිය දේශපාලනයෙන් හා දිවි ගමනින් සමුගත් පසු අපට දෛවෝපගත ලෙස ඒ ස්වර්ණමය අවස්ථාව උදාවී ඇත. ඒ රේණුකා හේරත් මැතිණියගේ දියණිය නීතිඥ හිරන්‍යා හේරත් මහත්මියගේ දේශපාලන ආගමනය සමගිනි.

    ඇය පසුගිය කාලය පුරා සිය මවගේ සෙවනැල්ල සේ කටයුතු කරමින් අපේ දුක – සැප, අවශ්‍යතා මනාව හදුනාගත් අපේම හිතවතියකි… මිතුරියකි… ඥාතිවරියකි… දියණියකි. ඒ නිසා ඇය ගැන දෙවරක් සිතීමට අවශ්‍යතාවක් නැත. නුවඑරළියෙන් බිහි වූ කීර්තිමත්ම දේශපාලනඥවරිය වන රේණුකා හේරත් මැතිණිය ගත් ඒ මග ඇය විසින් ද අනුගමනය කරන බව පැහැදිලිය. ඇය තම මව ආරම්භ කළ ගමන අවසානයක් කරා ගෙන යනු ඇත.

    ඒ නිසා දශක ගණනාවකට පසු නුවරඑළියෙන් ජාතික දේශපාලනයට පිවිසි එකම කාන්තා නියෝජනය වන හිරන්‍යා හේරත් මහත්මිය අප වෙනුවෙන්… අපේ දරුවන් වෙනුවෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම අද නුවරඑළියේ ජනතාව වන අප හමුවේ ඇති ඓතිහාසික වගකීමකි. යුතුකමකි.

    දෙවරක් නොසිතන්න. සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය වෙනුවෙන් අපේ වටිනා මනාපය සලකුණු කර ඒ ජාතික වගකීම ඉටුකරමු.

    මම, තීක්ෂණ බණ්ඩාර කරල්ලියැද්ද

  • මරණ දඩුවම නියම වූ ‘ප්‍රේමලාල් ජයසේකරගේ’ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලීමක්

    මරණ දඩුවම නියම වූ ‘ප්‍රේමලාල් ජයසේකරගේ’ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලීමක්

    පුද්ගල ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඩුවම නියම කරනු ලැබ සිටින රත්නපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ නිත්‍ය නියෝජිත කීර්ති තෙන්නකෝන් විසින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර ඇත.

    එම සම්පූර්ණ ලිපිය පහත පළ වේ.

    2020 අගෝස්තු මහින්ද දේශප්‍රිය මහතා, සභාපති මැතිවරණ කොමිෂන් සභාව, රාජගිරිය.

    මහත්මාණෙනි,

    ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත බව සම්බන්ධයෙනි

    රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරනු ලැබූ පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය ප්‍රකාරව මරණ දඬුවම නියම වූ දිනයේ සිට පුරවැසිබලය අහිමිවේ.  ඒ අනුව, 2020 අගෝස්තු 5 දින පැවැත්වෙන මහා මැතිවරණයේ දී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන අවස්ථාව හිමි නොවේ.

    මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් නොලබන කිසිදු අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය යටතේ ඡන්දය ඉල්ලීම සඳහා වන අයිතිය ද අහිමි (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යටත් වන අනුශක්තාව) වේ. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ මනාප අංක 13 යටතේ තරඟවදින අපේක්ෂකයාට නීතියේ ඉදිරියේ වලංගු අපේක්ෂකයෙකු නොවන නිසා ඔහුට  සලකුණු කරනු ලබන ඡන්ද සියල්ල අපතේ යන ඡන්ද බවට පත්වන බව මැතිවරණ කොමිෂන් සභාව හොඳින් දන්නා ස්ථාපිත කරුණකි.

    එවැවින්, අගෝ. 5 දින මැතිවරණයට ප්‍රේමලාල් ජයසේකර ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි බවට වන නිල දැනුම්දීම සිදු කිරීම මැතිවරණ කොමිසම සතු වගකීමකි.  ඒ රත්නපුර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරි වෙත දැනුම්දීමට  කටයුතු කරන ලෙස ද ඉල්ලමි. තව ද,   ඔහුගේ අංකයට සලකුණු කරනු ලබන මනාපයක් වේ නම් එය ශුන්‍ය හා බලරහිත බව ප්‍රකාශ කිරීම ද.  කොමිසම සතු වගකීමක් බව කාරුණිකව සිහිපත් කරමි. 

    මෙයට විශ්වාසී, රජිත් කීර්ති තෙන්නකෝන් නිත්‍ය නියෝජිත/සමගි ජනබලවේගය

    1.       දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි – රත්නපුර

    2.       කොමසාරිස් ජෙනරාල් – මැතිවරණ කොමිෂන් සභාව

    3.       සහකාර මැතිවරණ කොමසාරිස් – රත්නපුර

  • හම්බන්තොට අනාගත ඉරණම ගැන ජනපතිගෙන් විශේෂ හෙළිදරව්වක් !

    හම්බන්තොට අනාගත ඉරණම ගැන ජනපතිගෙන් විශේෂ හෙළිදරව්වක් !

    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට 

    අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටි.

    කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය “සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක වේ. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර “සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළෙඳපොළ හා තරගකරන රටක් ගොඩනගන බව ජනාධිපතිවරයා පවසයි.

    පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (02) හම්බන්තොට දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාමය, බස් නැවතුම්පොළ අසළ සංවිධාන කළ ජන හමුවෙන් ජනාධිපතිතුමාගේ හම්බන්තොට චාරිකාව ආරම්භ කෙරිණ.

    හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහත් හරසර පුද කළ ජනතාව ප්‍රදේශයේ ගැටළු එතුමා වෙත ඉදිරිපත් කළහ.

    පානීය ජල ගැටළුවට සහ වන අලි තර්ජනයට විසඳුම් ලෙස විධිමත් සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන බව අපේක්ෂක හර්ෂ උදයකුමාර ජයවීර මහතා ලුණුගම්වෙහෙර බස්නැවතුම්පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට  මහා සංඝරත්නය ආශිර්වාද පළ කළහ.

    හම්බන්තොට මහනාගපුර සහ ලුණුගම්වෙහෙර මහාවිද්‍යාලවල අඩුපාඩු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ. ගම්මාන කිහිපයකට බස් රථයක් ලබාගැනීම, ගබඩාවෙන්ම පොහොර මිලදී ගැනීම යන ඉල්ලීම් ජනතාව ජනාධිපතිතුමා වෙත යොමු කළහ.

    පස් හැවිරිදි පී.ජී. පසගි දැරිවිය කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් පරිත්‍යාග කළාය.

    අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ, අපේක්ෂකයන් වන නාමල් රාජපක්ෂ සහ අජිත් රාජපක්ෂ යන මහත්වරු  හමුවට එක්ව සිටියහ.

    මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දෙන ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සූරියවැව නගරයේ පොදු වෙළෙඳපොළ අසළ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ.

     රිදීගම මහා විද්‍යාලයට ගොඩනැගිල්ලක් ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීන් කළ ඉල්ලීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. 

    කුඩා දියණියක් කොවිඩි අරමුදල සඳහා මුදල් කැටයක් පරිත්‍යාග කළාය.

    අපේක්ෂක උපුල් සංජීව ගලප්පත්ති මහතා හම්බන්තොට වෙරළ උද්‍යානයේ සහ අපේක්ෂක අජිත් රාජපක්ෂ මහතා අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා හුංගම බස් නැවතුම්පොළ අසළ, අපේක්ෂක ඩී.වී. චානක මහතා රන්න සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ සහ අපේක්ෂක ජයන්ත වන්නිආරච්චි මහතා වීරකැටිය පොළභූමියේ සංවිධාන කළ ජන හමුවලට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.