Category: සුපිරි Politics

  • මෛත‍්‍රීගේ සභාපතිකම ‘පියන්කමක්’ වගේ – ඇමැති ප‍්‍රසන්න රණතුංග

    මෛත‍්‍රීගේ සභාපතිකම ‘පියන්කමක්’ වගේ – ඇමැති ප‍්‍රසන්න රණතුංග

    අස්වැන්න ආරක්ෂා කිරීමට කුඹුරේ පඹයන් සිටවන්නාක් මෙන් ඡන්ද ආරක්ෂා කිරීමට ද පඹයන් අවශ්‍ය විය හැකී බවත් නව සන්ධානයේ සභාපතිවරයා පත්කිරීමද එවැනි අරමුණකින් සිදූවූවක් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන  ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    අද සුදනන් ලෙස පෙනී සිටින ඇතැමුන් පොහොට්ටුවෙන් ජයග්‍රහණය කර පාවා දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව අවධාරණයෙන් කටයුතු කරන්නැ‘යි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටි.

    දොම්පේ කෑරගල පරකඩමුල්ල ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩ සටහනකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ අදහස් පල කලේය.

    මෙහිදී මාධ්‍යවේදීන් මතුකල ප්‍රශ්ණ හා ඒවාට ඇමතිවරයා ලබාදුන් පිලිතුරු මෙසේයි.

    ප්‍රශ්ණය :- ආණ්ඩුවේ පරිපූරක ඇස්තමේන්තුව පරාජය කිරීමට විපක්ෂය උත්සාහ කිරීම ගැන ඔබ මොකද කියන්නේ?

     පිළිතුර :- ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තුව ගේන්න හැදුවේ 2019 මුදල් වර්ෂයට අදාල ගෙවීම් කරන්නයි. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩන්  වැටිලා. පොහොර සහනාධාර දෙන්න විදිහක් නෑ.මොකද ගත්ත පොහොර වලට හිටපු ආණ්ඩුව සල්ලි ගෙවලා නෑ.වීශ්‍රාම වැටුප් දෙන්න විදිහක් නෑ. පලාත් පාලන ආයතන වලට කෙරුණු වැඩ වලට සල්ලි ගෙවන්න විදිහක් නෑ.පරිපූරකයට විරුද්ධවීම හරහා සජිත් ප්‍රේමදාස පක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම සිය කුහක කම ප්‍රදර්ශණය කලා.

    අපේ ආණ්ඩුව උපාධිධාරීන් 54 000 කට රැකියා දෙන්න කටයුතු කරගෙන යනවා.තවත් ලක්ෂයකට රැකියා දෙන්න කටයුතු යොදලා තියනවා.මේවාට විපක්ෂය බය වුනා.අපිට තියෙන්නේ සුලුතර ආණ්ඩුවක්.2015 දී මතුවුනෙත් මේ වගේම තත්වයක්.හැබැයි එදා අපි ආණ්ඩුවට විරුද්ධ වුනේ නෑ.සජීත්ලා ජනතාවාදී සලුපිලි ඇදගෙන ආවට කරන්නේ ජනතාවිරෝධී වැඩ. වෙස්මුහුණු දාගෙන හිටියට විපක්ෂයට නටන්න වුනේ එලියෙ.ඒකෙන් විපක්ෂයේ කුහකකම රටම දැකගත්තා.

    ප්‍රශ්ණය :-දැන් මොකද වෙන්නේ.ආණ්ඩුව ගෙනියන්න පුළුවන්ද?

    පිළිතුර :- බල්ලො බිරුවට කදුපාත්වෙන්නේ නෑනේ.සජිත් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට අපේ ගමන නතර කරන්න බෑ.වියදම් අඩුකරලා ක්‍රමවේද හොයාගෙන අපි ජනතාව වෙනුවෙන් කලයුතු දේ කරනවා.

    ප්‍රශ්ණය :- ජිනීවා ප්‍රශ්ණය නැවත ඇවිත් තියෙනවා. ඔබතුමාලා සම යෝජනා වලින් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා ඒ ගැන.

    පිළිතුර :- ජිනීවා යෝජනාවලිය හරහා රට පාවා දීමක් සිදුවුනේ. ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩල හෝ පාර්ලිමේන්තු අනුමැතිය ගත්තේ නෑ පැවති ආණ්ඩුව. නමුත් අපි මේ යෝජනාවලියෙන් ඉවත් වුනේ කැබ්නට් මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි. අපි අදත් හෙටත් අනිද්දාත් රට පාවාදෙන මේ යෝජනාවට විරුද්ධයි. ඒක කවුරු ගෙනාවත්.

    ප්‍රශ්ණය :- සුමන්දිරන් මන්ත්‍රීවරයා කියනවා එහෙම අයින් වෙන්න බෑ කියලා. එජාපය කියනවා බලවත් රටවල් එක්ක හැප්පිලා ආණ්ඩුව රට අනතුරේ දානවා කියලා.

    පිළිතුර :- අවුරුදු හතරහමාරම බටහිර රටවල් වලට ගැතිව කටයුතු කරපු, ඒ අය කියන කියන විදිහට නටපු ආණ්ඩුවට බැරි වුනාට අපිට පුලුවන්. අපිට කොන්දක් තියෙනවා ඒ අයට නැති වුනාට. මහින්ද ගෝඨා සුසංයෝගයට මේක කරන්න පුලුවන්. යුද්ධෙදිත් ඒක කලා. 

    ප්‍රශ්ණය :- හැබැයි U.N.P එක නම් කියන්නේ මේක ජන්ද ගුංඩුවක් කියලයි.

    පිළිතුර :- මේ අය හැමදාම කිව්වේ එහෙමනේ. 2015 දීත් ඔයවගේම කියලා ජනතාව රැවැට්ටුවා. මිනිස්සු ඒවා පිලිගන්න ලැස්ති නෑ.

    ප්‍රශ්ණය :-  ඔබතුමාලා හදපු සන්ධානයේ සභාපතිවරයා විදියට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා පත්කලාට විරෝධයක් තියෙනවද?

     පිළිතුර :-  ඔව් මම විරුද්ධයි. පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා ගැන රටේ ජනතාවගේ ලොකු විරෝධයක් තියෙනවා. මම පහුගිය කාලෙම සටන් කලේ අපි පොහොට්ටු‍වෙන් ඉල්ලන්න ඕන. මොන සන්ධාන හැදුවත් සම නායකයෝ ඉන්න බෑ. අසම සම නායකයා මහින්ද විතරයි කියලයි. ඒ දෙකම හරි ගියා. අද රටේ මතයක් හැදීලා තියෙනවා මෛත්‍රීට සන්ධානයේ සභාපතිකම දුන්නට මේ සභාපතිකම නිකං පියන් කමක් වගේ. මේ සන්ධානයේ නායකයා මහින්ද මහත්තයා. අස්වනු රැක ගන්න කුඹුරක පඹයෙක් හිටවන්න ඕන. අපේ ජන්ද ප්‍රමාණය රැකගන්නනම් සමහර විට පඹයෙක්ව හිටවන්නත් වෙයි මේ උනෙත් ඒක වෙන්න පුලුවන්. කොහොම වුනත් අපිට ශ්‍රීලනිපය එක්ක ප්‍රශ්ණයක් නෑ. අපිට සන්ධාන ගහන්න පුලුවන්. හැබැයි 2015 රටම පාවා දුන්න නායකයෙක් අද සුදන වගේ මේකට එන්න හදන කොට ඒකට විරෝධයක් තියෙනවා. මේකෙදි අපට සාධාරන සැකයක් තියෙනවා සන්ධානයට ඇවිල්ලා ආණ්ඩුව පිහිටෙව්වාම කඩාගෙන යයිද කියලා. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කල යුතුයි.    

    ප්‍රශ්ණය :- රොශාන් රණසිංහ මන්ත්‍රීතුමා කියනවා  එතුමා වෙනම තරගකරනවා කියලා.ඔබතුමන් ගම්පහින් එහෙම තරග කරනවාද?

    පිළිතුර :- මට නම් ප්‍රශ්ණයක් නෑ.ගම්පහ එකට ඉල්ලුවත් වෙනම ඉල්ලුවත් අපි දිනනවා.පරදින්නත් කවුරුහරි දාන්න එපායැ. පක්ෂයක් හැටියට තීන්දුවක් ගත්තම අපි නායකත්වයට ගරු කරනවා.හැබැයි ජනතාවගේ මතයටත් අපි කන්දෙනවා.

    ප්‍රශ්ණය :- පොහොට්ටුවේ බෙදීමක් තියනවාද?

    පිළිතුර :-අපෝ නෑ පොහොට්ටුවේ අපි බෙදිලා නෑ.පුද්ගලයන් පිළිබද ප්‍රශ්ණ තියනවා.ශ්‍රී ලංකා එක එක්ක එකතු වීම ගැටළුවක් නෙමේ.ඒත් මෛත්‍රීව එකතුකර ගැනීම ගැටළුවක්.ඒකයි අපි මේ කියන්නේ රනිල් එක්ක ගිවිසුම් ගහලා ආර්ථිකය කඩා වට්ටලා ජාතික ආරක්ෂාව විනාශ කරපු අපි බැනපු මනුස්සයෙක් ආපහු  දැන් යන එන මං නැතිව අපි එක්ක එකතු වෙනවා.එච්චරයි වෙලා තියන්නේ.

    ප්‍රශ්ණය :-එතුමා එක්ක ඔබතුමා ලගට එන අය පරද්දන්න කටයුතු කරනවාද?

     පිළිතුර :-මට බෑනේ පරද්දන්න.ඒක තීරණය කරන්න ඕන ඡන්ද දායකයෝ.ජනතා පරමාධිපත්‍ය  ඒ තරම් බලවත්.ජනතාව ඒ තීන්දුව ගනී.

  • කරු UNPයෙන් සමුුගෙන ‘සෝහිත හිමියෝ ගිය මග’ යාමට සැරසෙයි

    කරු UNPයෙන් සමුුගෙන ‘සෝහිත හිමියෝ ගිය මග’ යාමට සැරසෙයි

    මෙරට ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වන කතානායක කරු ජයසූරිය මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි ජයසූරිය මහතාට සමීප ආරංචි මාර්ග කියයි.

    මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවී එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ජයසූරිය මහතාට ආරාධනා ලැබී ඇතත් එය ද තරයේ ප‍්‍රතික්ෂේප කර ඇති කරු ජයසූරිය මහතා තමා මාදුළුවාවේ සෝහිත හිමියන් නායකත්වය දුන් ‘සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයට’ නායකත්වය දෙන බව පවසා ඇත.

    අප මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ ප‍්‍රබලයෙකුගෙන් කළ විමසීමේදී ඔහුද මේ බව තහවුරු කළ අතර කරු ජයසූරිය මහතා එහි නායකත්වය ගන්නේ නම් මේ මොහොතේ දේශපාලනය ගැන කළකිරීමෙන් සිටින අතිවිශාල පිරිසක් එය වටා ගොනුවීමේ සූදානමින් සිටින බව ද සදහන් කළේය.

  • ජවිපෙට එරෙහිව  අමූලික බොරුවලට ‘ටිල්වින් දුන්’ පිළිතුර

    ජවිපෙට එරෙහිව අමූලික බොරුවලට ‘ටිල්වින් දුන්’ පිළිතුර

    අද මේ මාධ්‍ය සාකච්ඡාව විශේෂයෙන් පවත්වන්නේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කළ නිවේදනයකින් ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කරගෙන අමූලික බොරු කරුණු දැක්වීමක් පිළිබඳව අපේ පැත්තෙන් නිවැරදි තොරතුරු එළිකරන්න.

    2015 පැවති ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක සම අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දක්වන ලද බවට අමූලික බොරුවක් ප‍්‍රචාරය කර තිබුණා. මෙම අසත්‍ය ප‍්‍රකාශය අපි තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර, මෙබඳු බොරු නිර්මාණය කර ප‍්‍රචාරය කිරීම පිළිබඳ දැඩි විරෝධය පළ කරනවා.

    වර්තමාන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ආමෙරිකාවට ඇතුල්වීම තහනම් කිරීම පදනම් කරගෙන ඒ තත්වය මතු වුණේ 2015 මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාව නිසා බවත් ඊට එක්සත් ජාතික පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ ජාතික සන්ධානයත් සහයෝගය දුන් බවටත්, වගකිම් විරහිත ප‍්‍රකාශකර තිබෙනවා. අනික් අය සම්බන්ධයෙන් අපිට වගකීමක් දරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ඔහු ඒ ඉදිරිපත් කර තිබෙන අදහස් සියල්ලම සාවද්‍ය තොරතුරු. එනිසා අපේ විරෝධය පළ කරන ගමන්, මේ වගකිම් විරහිත ප‍්‍රකාශය හෙළා දකිනවා.

    අවුරුදු 5කට කළින් ඉතිහාසය මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතක වෙලා නැතිව ඇති කියලා අපි හිතනවා. මතක තියෙද්දී තක්කඩිකමක් කරනවා කියලයි අපි හිතන්නේ. 2015 සැප්තැම්බර් මාසයේ මානව හිමිකම් කොමිසම ජිනීවාවල රැුස්වුණු වෙලාවේ ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ගේ යෝජනාවක් ලංකාවේ එවකට තිබුණු හවුල් ආණ්ඩුවේ සම දායකත්වයෙන් ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණ ඒ ආණ්ඩුවේ කොටස් කාරයෙක් නොවෙයි. අනෙක් පැත්තෙන් ඒ සම දායකත්වය දක්වන්න ආණ්ඩුව ඉදිරිපත් වීම ගැන අපේ විරෝධය පළ කළා. ඒ සම්බන්ධයෙන් පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවලදී අපි දැක්වූ අදහස් ඔබේ මාධ්‍ය ආයතනවල සුරක්ෂිතව ඇති කියලා හිතනවා.

    මුලින්ම 2015 සැප්තැම්බර් 22 මේ සම්බන්ධයෙන් පළවැනි මාධ්‍ය හමුව පවත්වමින් ආණ්ඩුව ගන්නා මෙම කි‍්‍රයාමාර්ගයේ බරපතළ වැරැුද්ද පිළිබඳව පැහැදිලි කළා. අනාගතයේ බරපතළ අනතුරු ගණනාවක් ඒ නිසා නිර්මාණය කෙරෙන බව රටට කිව්වා. ඊට පස්සේ 2015 ඔක්තෝබර් මාසයේ 04 වැනිදා දෙවැනි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ තත්වය නැවත අවධාරණය කළා. ඊටත් අමතරව මේ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කරමින් 2015 ඔක්තෝබර් 13 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී ”ජිනීවා ඊයේ අද සහ හෙට” කියලත් දේශනයක් පැවැත්වූවා. ඊට අමතරව පාර්ලිමේන්තුවෙත් කතා කරලා තියෙනවා. මේ සියලූ අවස්ථාවලදී ඉතා පුළුල් ලෙස අපේ ස්ථාවරය පැහැදිලි කරමින් රට හමුවේ කරුණු හෙළිකළා.

    මේ වෙලාවේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා වගකීම් විරහිතව එවකට පැවති ආණ්ඩුව සම දායකත්වයෙන් ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සහිත ආණ්ඩුවක් ලෙස නම්කර, ඒ යොජනාව අනුමත කළා කීම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තනතුරට, වයසට අනුව කටයුතු කිරීම ගැන නැවත හෙළා දකිනවා. යුද්ධය අවසන් වන විට තිබුණු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවටත් ඊට පස්සේ බලයට පත්වුණු හවුල් ආණ්ඩුවටත් අපේ ස්ථාවරය පැහැදිලි කරමින් බලකර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට විරුද්ධව නිර්මාණය කෙරෙන අහිතකර යෝජනාවලින් ගැලවීමේ මාර්ග ගැනයි. ලංකාව තුළ මානව හිමිකම් රැුකීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම, වගේම යුද්ධයෙන් පීඩාවට පත්වුණු අයට ඇහුම්කන් දීලා, ඔවුන්ට සහන දීලා, යුද්ධයෙන් සිදුවුණු තුවාල සුවපත්කරන්න වහාම කි‍්‍රයාත්මක විය යුතු බවයි. මානව හිමිකම් කඩවීම් ගැන චෝදනා තිබෙනවා නම්, ලංකාව තුළ පරීක්ෂණ පවත්වලා ලංකාවේ නීතියට අනුව කටයුතු කරනවා මිස, අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට විදේශ බලවේගයන්ගේ මැදිහත්වීම වළක්වන ලෙසයි, අපි ආණ්ඩුවට බල කළේ.

    ඒ නිසා ඔය කිසිම ගිවිසුමකට, යෝජනාවකට අත්සන් කරන්න අපි සම්බන්ධ වෙලා නැහැ. දෙමුහුන් උසාවි හදන්න ඉඩ නොදිය යුතු බව අපි අවධාරණය කළා. ඇමෙරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී බලවේග මේ රට තුළ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට අත පෙවීමට සියලූ මාර්ග පක්ෂයක් ලෙස අධ්‍යයන කර, එය වළක්වා ගන්න ඕනෑ කරන බලපෑම් පැවති ආණ්ඩුවලට අපි දිගටම සිදුකළා. මහින්ද රාජපක්ෂ මහත්තයා සහ ඔහු වටේ ඉන්නා අයට යළිදු සිහිපත් කිරීමක් සඳහා අතීතය සිහිපත්කර විය යුතුයි. 2015 සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව එක්ක සම අනුග‍්‍රාහකත්වයෙන් යෝජනා ඉදිරිපත් කළ, ආණ්ඩුවේ සංයුතිය මොකක්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා සිහිබුද්ධියෙන් ඉන්න වෙලාවක කල්පනා කරලා බලන්න, කියලා අපි අවධාරණය කරනවා. එවකට ජනාධිපතිවරයා කවුද? මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. එදා හිටි ඇමති මණ්ඩලයේ විශාල පිරිසක් අද මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්නවා.

    ජනාධිපතිවරයා හැටියට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ආමන්ත‍්‍රණය කරන්න නිව්යෝර්ක් නුවරට මෛතී‍්‍රපාල මහත්තයා ගිහින් ආවා. ඒ එනකොට අද මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක ඉන්න ඇමතිවරු එදා කටුනායකට ගිහින් පිළිගත්තේ ”රට බේරා ගත්තු නායකයා” කියලා. ඒ ජනාධිපති දැන් කොහේද ඉන්නේ ? මහින්ද රාජපක්ෂ මහත්තයලා අලූතින් හදාගත්තු පක්ෂයේ සභාපති වෙලා ඉන්නවා. මහින්ද මහත්තයා නායකයා, දෙවැනියා හැටියට ඒ කියන්නේ සභාපති හැටියට මෛතී‍්‍රපාල මහත්තයා ඉන්නවා. ඒ වගේම ඒ යූ.එන්.පී. ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ හිටිය දැන් මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ ඉන්න නිමල් සිරිපාල සිල්වා මහත්තයලා, එස්.බී. දිසානායක මහත්තයලා, දුමින්ද දිසානායක මහත්තයලා, මහින්ද අමරවීර මහත්තයලා, ඩිලාන් පෙරේරා මහත්තයලා, දයාසිරි ජයසේකර මහත්තයලා, ඇතුළු මුළු නඩයම ඒ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු. ඒගොල්ලෝ තමයි මේ යෝජනාව අනුමත කළේ.

    මේ හැමෝම දැන් ඉන්නේ රාජපක්ෂ මහත්තයා අලූතින් අටවා ගත්තු සන්ධානයේ. එදා ඒ අය කළේ පාවාදීමක් නම්, ඒ අයට තමන්ගේ අලූත් සන්ධානයේ තනතුරු දී ගෙන, ඒ යෝජනාවට කිසිම සම්බන්ධයක් නැති ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කරන එක අතිශය බරපතළ කාරණයක්. මේක දේශපාලන තක්කඩිකමක්. අපේ රටට විදේශ මැදිහත්වීම සඳහා පාර කපන පළවෙනි පියවර ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයලා බව ඒ අයටත්, ඒ අය වෙනුවෙන් ලියන කියන මහත්තුරුන්ට සිහිපත් කරලා දෙන්න ඕනෑ. 2009 යුද්ධය අවසන් වන විටම එවකට එක්සත් ජාතීන්ගේ මහා ලේකම්ව සිටි බෑන්කී මූන්ට ලංකාවට එන්න කියලා ආරාධනා කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ අනුව මහා ලේකම්වරයා ලංකාවට ආවා. ඒ මැයි මාසයේ 22 එතුමත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් කළා. ඒකාබද්ධ ප‍්‍රකාශයෙන් ආරාධනා කළා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ එවකට සිටි නවනීදන් පිල්ලේ සභාපතිවරියට ලංකාවට එන්න කියලා.

    ලංකාවේ මානව හිමිකම් රකින බවටත්, යුද්ධය අවසාන සමයේ කරුණු සොයා බලන බවටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන බවටත්, ඇතුළු කොන්දේසි ගණනාවකට ඒකාබද්ධ ප‍්‍රකාශයෙන් එකඟ වුණා. නමුත් බෑංකී මූන්ට පොරොන්දු වූ කිසිවක් ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉටුකළේ නැහැ. මේ නිසා පොරොන්දු ඉටු නොකිරීම ගැන සොයන්න දරුස්මාන් කමිටුව පත්කළා. දරුස්මාන් කමිටුවෙන් ලංකාවට හානිකර වාර්තාවක් නිකුත් කළා. මෙවැනි වාර්තාවක් නිකුත් කරන්න ඉඩ හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයලා. ඒ නිසා මේ ගොල්ලෝ දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාට අත්සන් කරදුන් කොන්දේසි කඩකළා. මේ තත්වය ඇමෙරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන් වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලංකාවට විරුද්ධව පාවිච්චි කළා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් පස්සේ බලයට පත්වුණු හවුල් ආණ්ඩුවත් ඒ තත්වය දිගටම පවත්වාගෙන ගියා. යුද්ධයෙන් ඇතිවුණු තුවාල සුවකරන්න හවුල් ආණ්ඩුවත් මැදිහත් නොවී එක්සත් ජනපදයට සහ අධිරාජ්‍යවාදී ආයතනවලට මේ රටට ඇඟිල් ගහන්න අවස්ථාව දිගටම ලබාදුන්නා. මේ නිසා දිගින් දිගටම එන විදේශ ඇඟිලි ගැහීම්වලට මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ ආණ්ඩුව පාර කපා දුන්නා.

    මේ සමස්ත ඉතිහාසය වළදාලා දැන් හදිසියේ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සිහිය අවුල්වෙලා නොවෙයි. වෙන දේශපාලන උප්පරවැට්ටියකට. ශවේන්ද්‍ර සිල්වා මහත්තයාට එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කිරීමට විරෝධය පළ කරමින්, සම අනුග‍්‍රාහකත්වයෙන් ඉදිරිපත් කළ යෝජනාවෙන් ඉවත් වුණාට මේ යෝජනාව අවලංගු වන්නේ නැහැ. මේ වෙනකොටත් එක්සත් ජනපදය මානව හිමිකම් කොමිසමෙන් අයින්වෙලා. මහින්ද මහත්තයලා මෙහෙන් සම අනුග‍්‍රාහකත්වයෙන් අයින් වෙන බව නිවේදනය කළාට, යෝජනාව අහෝසි වන්නේ නැහැ. මහින්ද මහත්තයාගෙන් අපි අහන්නේ අපි අභියෝග කරන්නේ මේ යෝජනාව ඉවත් කර ගන්නා කි‍්‍රයාමාර්ග රටට හෙළිකරන්න කියලයි. ඒ වගේම එක්සත් ජනපදයට විරෝධය පළ කරන්න මේ නිවේදන නිකුත් කරනවා වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයලාගේ පවුලේ අයට එක්සත් ජනපදයේ තියෙන පුරවැසිකම් අත්හරින්න කියලා අභියෝග කරනවා. බැසිල් රාජපක්ෂ මහත්තයාට සහ පවුලේ අයට එක්සත් ජනපදයේ තිබෙන පුරවැසිකම් අත්හරින්න කියලා අභියෝග කරනවා. එක්සත් ජනපදයට රිදෙන වැඩ ඒවානේ. ජනාධිපති පවුලේ කට්ටියගේ එක්සත් ජනපද පුරවැසිකම් අත්හරින්නේ නැහැ. ඒගොල්ලන්ගේ පක්ෂයේ ලේකම් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඇමෙරිකානු පුරවැසිකම් අත්හරින්නේ නැහැ. ඒ පුරවැසිකම් ආරක්ෂාකර ගනිමින් මෙහේ ජනතාවට එක එක ජාතියේ කතා කියලා බොරු වීරයෝ වෙන්න උත්සාහ කරමින් ඉන්නවා.

    එහෙම නැත්නම් මහින්ද මහත්තයා ලෑස්තිද ඔය විරෝධය පළ කරළා, එක්සත් ජනපදය සමග අත්සන් කළ ‘ඇක්සා’ ගිවිසුම ඉරාදාන්න. 2007 මාර්තු මාසයේ ලංකාවට අහිතකර ඇක්සා ගිවිසුමක් අත්සන් කළේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයායි, ලංකාවේ හිටි ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහත්තයායි. එක්සත් ජාතික පක්ෂය වසර 10කට පස්සේ ඒ ගිවිසුම දීර්ඝ කළා. එක්සත් ජනපදය මේ කලාපයේ සිදුකරන යුධමය මැදිහත්විම්වලදී අපේ රටේ භූමිය සහ පහසුකම් සලසන්න බැඳිලා ඉන්නේ ඇක්සා ගිවිසුම නිසයි. එහෙම නම් ඒ ගිවිසුම ඉරාදාන්න. අනික් පැත්තෙන් ඡුන්දය කාලේ ලොකුවට කෑ ගහපු ඵක්‍ක්‍ ගිවිසුම අත්සන් නොකරන බවට ප‍්‍රකාශ කරන ලෙසත් අපි කියනවා. එහෙම කියන්නෙත් නැහැ. ඒක අත්සන් කරන්න හොරගල් අහුල අහුල ඉන්නවා. රට පාවාදීපු අලූත් පාවා දීමේ ගිවිසුම් අත්සන් කරන්න පෙරුම් පුරමින් ඉන්න ගමන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කිරීම තක්කඩි දේශපාලන කි‍්‍රයාවක්.

    ආණ්ඩුව මේ කරමින් යන්නේ ඉදිරි මහා මැතිවරණයට අලූතින් තුරුම්බුවක් සෙවීම. ජනාධිපතිවරණය කාලේ කියූ බේගල් දැන් අතේ පත්තුවෙලා තියෙන්නේ. ජනාධිපතිවරණයට කලින් දැවැන්ත මුස්ලිම් විරෝධයක් නිර්මාණය කළා. නමුත් දැන් මද්‍රාසා පාසල් ලියාපදිංචි කරන්න, ශරියා විශ්විවිද්‍යාල පවත්වාගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා. සායින්දුමරුදුවලට වෙනම නගර සභාවක් දෙන්න ගැසට් කරලා ආයෙ ඒක තාවකාලිකව ඉවත් කරනවා. වතුකම්කරුවන්ට රුපියල් 1000/ක වැටුපක් දෙනවා කිව්වාට ඒකත් කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. ජනතාවට සහන දෙන්න බැරිවෙලා. ජනාධිපතිවරණය කාලේ දීපු පොරොන්දු ඔක්කොම කඩකර ඇති නිසා, ශවේන්ද්‍ර සිල්වා මහත්තයාගේ සිදුවීම මුල්කරගෙන මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැුස්වෙන වෙලාවේ පරණ සිද්ධියක් මතුකරලා බොරු දේශපේ‍්‍රමයක් අවුස්සාගෙන මැතිවරණයට යන්න සැලසුම් කරමින් ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයලා දේශපේ‍්‍රමී කතා කිය කියා ඡුන්ද කීයක් දිනුවාද? විදුලි පුටුවක් ගැන කියලා ඡුන්ද කීයක් දිනුවාද? සහරාන්ගේ පාස්කු ප‍්‍රහාරය වගේම ඵක්‍ක්‍ ගිවිසුමත් මේ පාර නෑනේ. ඒ නිසා හොයන අලූත් තුරුම්බුව විදිහට ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගනවා. ඒ වෙනුවෙන් ඒ ගොල්ලෝ සැලසුම් කරලා තිබෙන්නේ ජේ.වී.පි. , යූ.එන්.පි., ටී.එන්.ඒ. එක පිලක් වශයෙන් ජනතාවට හුවා දක්වන්නයි. ඒ ගොල්ලෝ රට රකින දේශපේ‍්‍රමීන් හැටියටත් ජනතා විමුක්ති පෙරමුණ යූ.එන්.පී. ගොඩට දාලා දේශද්‍රෝහීන් කරන්නත් සැලසුම් කරලා. අපි ඉතා පැහැදිලිව කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වෙන ඕන කෙනෙක් එකට වැඩ කරන්න. නමුත් අපි ඒ ගොඩට දාන්න ලෑස්තිවෙන්න එපා කියලයි. ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් එක්සත් ජාතික පක්ෂය ගොඬේ ඉඳලත් නැහැ, ඉන්නෙත් නැහැ. අපිට වෙන දේශපාලන ගමනක් තිබෙනවා.

    හැබැයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටපු, අවුරුදු 5ක් තිස්සේ රට පාලනය කරපු, ජනාධිපතිකම් කරපු අය තමන්ගේ ගොඩට අරගෙන ඊට කිසිම සම්බන්ධයක් නැති අපිව, ඒ පැත්තට ප‍්‍රහාර එල්ල කරන්නේ ඊළඟ මහා මැතිවරණය ඉලක්ක කරගෙන. මැතිවරණය දිනන්න තුරුම්බු සොයා ගන්නයි. ජනතා විමුක්ති පෙරමුණ සමග ජාතික ජන බලවේගය ඉදිරියට එමින් තිබෙනවා. සහන අහිමි වුණු, වැටුප් කප්පාදු වුණු, විශ‍්‍රාම වැටුප කප්පාදුවට ලක්වුණු, සේවක අර්ථ සාධක අරමුදල බේරාගන්න එක්වුණු, වැඩකරන පන්තියේ ජනතාව අපි වටා එක්වෙමින් සිටිනවා. ජනතාව මේ ඒකරාශී වීම වට්ටන්න ජනමාධ්‍යයත් එකතු කරගත්තු ප‍්‍රචාරයක් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව, ආරම්භ කර තිබෙනවා. ඇත්තටම රටට ද්‍රෝහී වුණු කණ්ඩායම් හවුලක් විදිහට එකතු වෙලා ඊනියා දේශපේ‍්‍රමී විදිහට ප‍්‍රචාරයන් සිදුකරනවා. ඉතිහාසය ඒගොල්ලන්ට අමතක වුණාට අපට අමතක නැහැ. ඡුන්දයට වාසි ගන්න බලාගෙන මහින්ද මහත්තයා නිකුත් කර තිබෙන මේ නිවේදනයේ අඩංගු කරුණු අපි හෙළාදකින බව නැවතත් කියනවා. එක්සත් ජනපදයට ගැතිවී පුරවැසිකම් ලබාගෙන මේ රට තුළ බොරු දේශපේ‍්‍රමය පතුරුවන බංකොලොත් මතවාදයට නොරැුවටෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වෙලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු වෙලාවේ අපහාස කළ පිරිස වගේම ඒ අපහාස කිරීමේදී අත්පුඩි ගහපු කට්ටියකුත් ඉන්නවා. මේ හැමදෙනාටම ඒ බව අමතක වෙලා මෛතී‍්‍රපාල මහත්තයා ජනාධිපති වුණාම මහින්ද රාජපක්ෂ මහත්තයලාගේ පවුලේ අයට විවිධ අපහාස උපහාස කළ අයත් ඒවා අනුමතකරමින් අත්පුඩි ගහපු පිරිසකුත් හිටියා. අලූත් පක්ෂයක් හැදුවොත් එහෙම මහ පාරේ ඇවිද්දවනවා කියපු අයත් ඒකට අත්පුඩි ගහපු අයත් මේ ඔක්කොමලා දැන් විලිලැජ්ජා නැතිව එකට එකතු වී ඉන්නවා. අපේ රටේ ලැජ්ජාව නැත්තේ මහින්ද මහත්තයාටයි, මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාට විතරක් නොවේ. ඒ අත්පුඩි ගහපු අයටත් මේ දේශපාලන සංස්කෘතිය විසින් ලැජ්ජාව නැතිකරලා තියෙන්නේ. අපේ රටේ විනාශ කළ දේශපාලන සංස්කෘතිය ආපහු ගොඩනගන්න වගකීමක් ජනතාවට තිබෙනවා. වැරැද්දක් කළාම කවුරු කළත් වැරැද්දක් බව කියන, හොඳ වැඩක් කළාම කවුරු කළත් හොඳයි කියන සංස්කෘතියක් බිහි කළේ නැත්නම් මේ නාඩගම්, විගඩම් දිගටම කරගෙන යාවි. තමන්ගේ බැරිකම් අනුන්ට අවලාද නැගීමෙන්, මඩ ගැසීමෙන් වසන්කරගන්න උත්සාහ කරාවි.

    අපි ජනතාවට අවධාරණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කිසිදවසක මේ රටේ ස්වෛරීත්වයට, ස්වාධීනත්වයට එරෙහිව අබමල් රොණක හානියක් කර නැති බවයි. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ රට වෙනුවෙන් කි‍්‍රයාකර තිබෙනවා. හැම ජන කොටසකටම අයිතිවාසිකම් ලබාදී මානව හිමිකම් සුරැුකිය යුතුයි කියන ස්ථාවරයේත් අපි ඉන්නවා. හැමෝටම සාධාරණය ඉෂ්ට වෙන්න ඕනෑ. ඒ සියල්ල වෙනුවෙන් පෙනී සිටින අතරම, රටට එරෙහිව එන ඕනෑම බලවේගයකට විරුද්ධව කොන්දේසි විරහිතව කි‍්‍රයාකරනවා. අපි ජනතාවට කියන්නේ මේ රටට හානිකර ගිවිසුම් අත්සන් කළ මේ රටේ සම්පත් කොල්ලකෑමට සහ විකුණා දැමීමට කි‍්‍රයාකළ අය නඟන සාහසික, නින්දිත අවලාද ප‍්‍රතික්ෂේප කරමින් සත්‍යය වෙනුවෙන් පෙළ ගැසෙන්න කියලයි.

    මාධ්‍යවේදින් නැගූ ප‍්‍රශ්නවලට විජිත හේරත් සහෝදරයා පිළිතුරු දෙමින්…
    ආණ්ඩුව බලයට පත්වුණු ගමන් බදු අඩුකරන බව කීවා. මේ නිසා අපේක්ෂිත ආදායම බිලිය 484ක් අහිමිවෙලා කියලත් කිව්වා. සල්ලි තියෙන නිසා බදු අඩුකරන බව කියලා, දැන් සල්ලි නෑ කියන්නේ දෙබිඩි බවක්. ඡුන්දය බලාගෙන වියදම් කරන්න සල්ලි හොයාගන්න අතුරු සම්මත ගිණුම් ඉදිරිපත්කර, ආයෙත් හකුළා ගත්තා. ඇත්තටම මේ ගිණුම් අනුමත කරගන්න ඕන කමක් ආණ්ඩුවට තිබුණු බවක් පෙණුනේ නැහැ.

    පසුගිය ජනාධිපතිවරණයට දවස් දෙක තුනකට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයයි, බැසිල් රාජපක්ෂ මහත්තයයි, සායින්දමරුදු ප‍්‍රදේශයට ගිහිල්ලා රැුස්වීමකදී ප‍්‍රසිද්ධියේ පොරොන්දු වුණේ, ජනතාව එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ, ජනාධිපතිවරණයෙන් පස්සේ පළවෙනියාටම සායින්දමරුදු නගර සභාව ප‍්‍රකාශයට පත්කරනවා කියලයි. ඒ ජනතාවගේ ඡුන්ද ටික ගන්න ඒ ප‍්‍රකාශය කරලා මෙහෙට ඇවිල්ලා ජාතිවාදය ඇවිස්සුවා. අද ගැසට් එකකින් සායින්දමරුදු නගර සභාව ප‍්‍රකාශයට පත්කරලාම මතුවූ විරෝධයන් එක්ක තාවකාලිකව ඒ ගැසට් එක අත්හිටුවා තිබෙනවා. මේකේ යටි අරමුණ ඡුන්ද සඳහා ජනතාව රවට්ටමින් ජාතිවාදී ලෙස කටයුතු කරන එක.

  • Weekend Supiri Gossip: රටට සහ මහින්දට ලොකු හානිය කළ ‘පුද්ගලයා’ ගැන ප‍්‍රසන්න කළ හෙළිදරව්ව

    Weekend Supiri Gossip: රටට සහ මහින්දට ලොකු හානිය කළ ‘පුද්ගලයා’ ගැන ප‍්‍රසන්න කළ හෙළිදරව්ව

    සටහන – ගජබා නාගහවත්ත

    පසුගිය සතියේ ප්‍රසන්න සහ නාමල් කුවෙට් බලා ගියේ එරට පොදුජන පෙරමුණේ ශාඛාවේ නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුවය. එම ශාඛාවේ සභාපති සුමිත් මේ දෙදෙනාට ආරාධනා කර තිබුණේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු පිරිසට ස්තුතිය පුද කිරීම සඳහාය.

    උත්සවයෙන් පසුව පිරිස සුහද කතාබහක නියැලෙන අතර සුමිත් අපූරු හෙළිදරව්වක් කළේය.

    “මේ වතාවේ ඡන්දෙට ජනාධිපතිවරණයටත් වඩා වැඩි පිරිසක් පිටරට ඉඳන් ලංකාවට ඡන්දෙ දාන්න යනවා“ සුමිත් කීවේය.

    “ඒ මොකද? ප්‍රසන්න ඇසුවේය.

    “මහ මැතිවරණය තියෙන්නේ අලුත් අවුරුදු කිට්ටුවනෙ. ඒ කාලටෙ කොහොමත් මේ රටවල ඉන්න අය ලංකාවට යනවා. ඒ හින්දයි මම කියන්නේ ජනාධිපතිවරණයටත් වැඩි පිරිසක් ඡන්දෙ දෙන්න යනවා කියලා“ සුමිත් පැහැදිලි කළේය.

    “ඡන්දෙ තියන්නේ අලුත් අවුරුද්දට පස්සේ නිසා ඔයාලා කට්ටිය දැනුවත් කරන්න අප්‍රේල් මුල ලංකාවට යන්නේ නැතුව අවුරුද්දට දින ළං කරලම යන්න කියලා. එතකොට ඡන්දෙ ඉවර වෙනකම් ලංකාවේ ඉන්න ඒ අයට අවස්ථාවක් ලැබෙනවා“ ප්‍රසන්න උපදෙස් දුන්නේය.

    මෛත‍්‍රීපාලට එරෙහිවීමේ ඇත්ත හේතුව ප‍්‍රසන්න බැසිල්ට මතක් කර දෙයි

    කාට අමතක වුණත් මෛත්‍රි මේ රටටත් මහින්ද මහත්තයටත් කරපු හානිය මට අමතක කරන්න පුළුවන්කමක් නැහැ“ ප්‍රසන්න

    මේ අතර ප්‍රසන්නට බැසිල්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. බැසිල් ප්‍රසන්න අමතා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සන්ධානය සම්බන්ධයෙන් දැනුවත් කිරීමටය. නිදහස් පක්ෂය සමඟ එක්වීම ගැන ප්‍රසන්න සිටියේ දැඩි විරෝධයකය. විශේෂයෙන් මෛත්‍රි ළංකර ගැනීම සම්බන්ධයෙන් ප්‍රසන්න මුල සිටම දැඩි විරෝධයක් දැක්වීය.

    බැසිල්ගේ කතාවට කන්දෙමින් සිටි ප්‍රසන්න අවසානයේ කීවේ,

    “ සර්ලා ගත්තු තීන්දුව ගැන මට විවේනයක් නැහැ. හැබැයි මම නම් ඕකට කොහෙත්ම කැමැති නැහැ. මෛත්‍රි සම්බන්ධ කරගන්න එකට නම් මට කැමැති වෙන්න විදියක් නැහැ. මොකද කාට අමතක වුණත් මෛත්‍රි මේ රටටත් මහින්ද මහත්තයටත් කරපු හානිය මට අමතක කරන්න පුළුවන්කමක් නැහැ“ ප්‍රසන්න පැවසිය.

    “හරි ප්‍රසන්න අපි ඕවා ගැන හෙමිහිට කතා කරමුකෝ“ බැසිල් කීවේය.

    “දැන් මොකක්ද සර් ඔය සන්ධානයේ ලකුණ? ප්‍රසන්න ඇසුවේය.

    “ලකුණ නම් පොහොට්ටුව“ බැසිල් පැවසීය.

    “එහෙම නම් කමක් නැහැ. මොනවා වුණත් අපිට පොහොට්ටුව අතහැරලා ගමනක් නැහැ“ ප්‍රසන්න කීවේය.

    අපි දන්නවා අයියා මුල ඉඳන්ම ඕකට විරුද්ධව හිටපු බව. ඒත් දැන් ඉතින් තීන්දුවක් අරගෙන තියෙනවා නේ . ඒ නිසා අපි කලබල නොවී ඉම්මු“ නාමල් ප්‍රසන්න අස්වසමින් කීවේය.

    නාමල් ප‍්‍රසන්නගේ හිත හදයි

    දුරකථනය විසන්ධි වීමෙන් පසුව නාමල් ඇසුවේ මොකක්ද අයියේ කේස් එක කියාය. ප්‍රසන්න කීවේ පොහොට්ටුව සහ නිදහස් පක්ෂය සන්ධානගත වීමට තීන්දු කර ඇති බවය.

    “අපි දන්නවා අයියා මුල ඉඳන්ම ඕකට විරුද්ධව හිටපු බව. ඒත් දැන් ඉතින් තීන්දුවක් අරගෙන තියෙනවා නේ . ඒ නිසා අපි කලබල නොවී ඉම්මු“ නාමල් ප්‍රසන්න අස්වසමින් කීවේය.

    අනතුරුව පිරිස කතාබහ කරමින් සිටින අතරතුරේ නාමල් සිය මංගල්‍යයේ සිදුවූ රස සිද්ධීන් විස්තර කළේය. නාමල් කීවේ විශාල පිරිසකට ආරාධනා කළ නමුත් මත්පැන් නොදුන් නිසා ලොකු මුදලක් ඉතුරු වුණු බවය. ඒ අතරම නාමල් තව කතාවක් කීවේය.

    “අපේ තාත්තටත් හිතවත් අපිත් දන්න කෙනෙක් ඉන්නවා ප්‍රංශයේ. කොහොම හරි මට අමතක වුණා ඒ කෙනාට ආරාධනා පත්‍රයක් යවන්න. මගුල් ගේ ඉවරවෙලා ටික දවසකින් මට එයාගෙන් ලියුමක් ආවා. ඒ ලියුමේ තිබුණේ අපේ අම්මගෙයි තාත්තගෙයි ආරාධනා පත්‍රය. බැලින්නම් එයා අපේ තාත්තගේ වෙඩින් එකටත් ගිහින්. මට අමතක වුණ නිසා තමයි මෙච්චර කල් අරන් තියන් හිටපු ඒ කාඩ් එක මටම එවලා තියෙන්නේ“ නාමල් සිනාසෙමින් පැවසීය.

    “ඒකෙන් පේනවා මහින්ද මහත්තයට මේ රටේ මිනිස්සු කොච්චර ආදරේද කියලා. එහෙම නැත්නම් මෙච්ච කාලයක් ආරාධනා පත්‍රය අරන් තියන් ඉඳිද? ප්‍රසන්න පැවසීය.

    ඒක නම් කෙළින් කතාවක්. මුළු රටම දන්නවා ප්‍රසන්නගේ විරෝධය ගැන. මේ දවස්වල කාටුන්කාරයන්ටත් ප්‍රසන්න ඇමැතිතුමාගෙන් තොර ලෝකයක් නැහැ – සනත්

    මේ දවස්වල කාටුන්කාරයන්ටත් ප්‍රසන්නගෙන් තොර ලෝකයක් නැහැ

    පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රසන්න, සනත් නිශාන්ත ඇතුළු පිරිසක් කතා කරමින් සිටින තැනට පියල් ආවේ මහ හඬින් කෑගසමිනි. පියල් ඇසුවේ මෛත්‍රිට සභාපති ධුරය දීම ගැනය.

    “‍මොකද ඇමැතිතුමා සටන පැරදුණා නේද? කොහොම හරි මෛත්‍රි උන්නැහේ සන්ධානයේ සභාපති වුණානේ“ පියල් ඇසුවේය.

    “මේකනේ මල්ලි වැඩේ. කවුරු කැමැති වුණත් මම ඒකට කැමැති නැහැ. මම මුල ඉඳන්ම මෛත්‍රිට කැමැති නැහැ. මහින්ද මහත්තයාට විරුද්ධව වගේම රටටත් එයා කරපු දේවල් මට අමතක වෙන්නේ නැහැ. ඒවා අමතක කරන්නෙත් නැහැ. සන්ධානයේ සභාපති නෙමේ නායකයා වුණත් මගේ විරෝධතාව අයින් කරගන්නෙත් නැහැ“ ප්‍රසන්න පැවසීය.

    “ඒක නම් කෙළින් කතාවක්. මුළු රටම දන්නවා ප්‍රසන්නගේ විරෝධය ගැන. මේ දවස්වල කාටුන්කාරයන්ටත් ප්‍රසන්න ඇමැතිතුමාගෙන් තොර ලෝකයක් නැහැ“ සනත් කීවෙය.

    “මම එදා ඉඳන් කියන්නේ මෛත්‍රිව විශ්වාස කරන්න බැහැ කියලයි. මගේ තීරණය එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි“ ප්‍රසන්න අවධාරණය කළේය.

  • Weekend Supiri Gossip: මෛත‍්‍රී පුදන කොටම ‘කාපි යකා’

    Weekend Supiri Gossip: මෛත‍්‍රී පුදන කොටම ‘කාපි යකා’

    සටහන : ගජබා නාහවත්ත


    1988 – 89 අතුරුදහන් වූවන් ගේ පවුල්වල සංවිධානය” රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරමුණින් පසුගිය 14 වැනිදා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිණි. පසුව ඔවුන් සටන් පාඨ කියමින් පස්වරු 4.30ට පමණ අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ නැවත සිය උද්ඝෝෂණය ආරම්භ කළහ. මේ අවස්ථාවේ අගමැතිවරයා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයකට සහභාගි වෙමිණි.

    1988 – 89 අතුරුදහන් වූවන් ගේ පවුල්වල සංවිධානය” රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරමුණින් පසුගිය 14 වැනිදා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිණි

    උද්ඝෝෂකයින්ට කිරිකෝපි

    සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්වත් වූ අග‍්‍රාමාත්‍යවරයා වහාම අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාසමග දුරකතනය හරහා සම්බන්ධ විය.

    ‘ගාමිණි, උද්ඝෝෂණයේ යෙදිලා ඉන්න අයට කිසිම හිරිහැරයක් වෙන්න දෙන්න එපා. මේකට පොලීසිය කොහෙත්ම මැදිහත් කර ගන්න එපා. ඒ අයට කියන්න මම උත්සවයකට සහභාගි වෙලා ඉන්නේ කියලා. ඒ අයගේ ගැටලු ගැන සාකච්ඡා කරන්න‘

    අගමැතිවරයාගේ උපදෙස් ලැබීමත් සමග වූ ගාමිණී සෙනරත් මහතා අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම්වි හර්ෂ වි‍ජේවර්ධන මහතාට උද්ඝෝෂණකරුවන් හමුවට ගොස් ඔවුන් සම සාකච්ඡා කරන ලෙස දැනුම් දුන්නේය.

    ඒ අනුව උද්ඝෝෂණකරුවන් වෙත ගිය හර්ෂ විජේවර්ධන මහතා ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විමසා සිටියේය. අතුරුදහන් වූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 6000ක දීමනාවක් ලබා ගැනීම, අතුරුදහන් වූවන් වෙනුවෙන් වන්දි ලබා ගැනීම, රජයේ රැකියා ලබා දීමේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයෙකුට අවස්ථාවක් ලබා ගැනීම, ඉඩම් හා නිවාස ලබා ගැනීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම, යුක්තිය ඉටුකරවා ගැනීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කොට ඇතැයි එහිදී දැනගන්නට ලැබිණි.

    පසුව උද්ඝෝෂණකරුවන් අරලියගහ මන්දිර පරිශ‍්‍රයට කැදවා ඔවුන්ගේ ඉල්ලීම් අගමැතිවරයාට යොමු කරන‍ෙබව පවසා උද්ඝෝෂණකරුවන්ට ජල බෝතල් ලබා දීමටත්, කිරිකෝපිවලින් සංග‍්‍රහ කිරීමටත් පියවර ගත්තේය. මේ අතරතුර අග‍්‍රාමාත්‍ය ලේකමවරයා අගමැතිවරයා අමතා සිය ̈ තොරතුරු අගමැතිවරයාට දැනුම් දී තිබිණි.

    ‘ගාමිණි, මේ උත්සවය තවමත් අවසන් වෙලා නැහැ. මම ගාමිණී ලොකුගේ ඇමැතිතුමාව පුළුවන් ඉක්මනට උද්ඝෝෂණකරුවෝ ළගට එවන්නම්” යි කීවේය.

    ඉතාම කෙටි කාලයක් ඇතුළත උද්ඝෝෂණකරුවන් හමුවට පැමිණී ගාමිණී ලොකුගේ ඇමැතිවරයා ඔවුන්ගේ‍ෙඉල්ලීම් අගමැතිවරයාට යොමුකර ඔවුන් වෙනුවෙන් සාධාරණත්වය ඉටු කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේය.

    බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සිට නැවතත් අරලිය ගහ මන්දිරයට පැමිණි අගමැතිවරයා එහි සංවිධානය කොට තිබූ බැංකු නිලධාරීන්ගේ හමුවකට එක්විය. වන විටත් බැංකු නිලධාරීන්ගේ සාකච්ඡාව අරඹා තිබිණි.

    දේශීය ව්‍යාපාරිකයින් අගමැතිගේ අවධානයට

    තනි වෘත්තීය සමිතියක් දෙකඩ වුණාම කේවල් කිරීමේ බලය නැති වෙනවා. ආණ්ඩුවකට බලපෑම් කරන්න නම් වෘත්තීය සමිති දෙකඩ වෙන්න හොද නැහැ. මෙතන වෙලා තියෙන්නේ ඔයාලාගේ වෘත්තීය සමිතිය දෙකඩ වෙන එක මිසක් මගේ නම අවභාවිතා කරන එකක් නෙවෙයි

    ‘දේශීය ව්‍යාපාරිකයින්ට අත දෙන එක නම් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. මම ගියා පොතක් එළි දක්වන උත්සවයකට. ඒ පොතේ තියෙන්නේ අපේ ව්‍යාපාරිකයෙක් බොහොම උත්සාහවන්ත විදියට ඉදිරියට ආපු විදිය. ඔය ගොලලෝ ඒ වගේ දේවල් ගැනත් සාකච්ඡා කරන්න.”

    සාකච්ඡාවට සහාගිව සිටි අයෙක් ඒ අවස්ථාවේදීම ‘අපි ඒ ගැන ඇරෙන්න අනිත් හැම දේ ගැනම කතා කළා” යැයි කීවේය.

    ‘ඒකනේ කියන්නේ ඔය ගොල්ලේ අවශ්‍යම දේවල් සාකච්ඡා කරන්නැනේ හැ.” යි අගමැතිවරයා එක්වරම කීවේය.

    බැංකු සේවකයින්ගේ වෘත්තීය සමිතියක් නියෝජනය කරමින් සාකච්ඡාවට එක්ව සිටි අයෙක් මෙහිදී සදහන් කරන්නේ සිය සංගමයේ පිරිසක් තවත් සංගමයක් පිහිටුවා ගෙන අගමැතිවරයාගේ නම අවභාවිතා කරමින්
    සිටින බවයි.

    ‘තනි වෘත්තීය සමිතියක් දෙකඩ වුණාම කේවල් කිරීමේ බලය නැති වෙනවා. ආණ්ඩුවකට බලපෑම් කරන්න නම් වෘත්තීය සමිති දෙකඩ වෙන්න හොද නැහැ. මෙතන වෙලා තියෙන්නේ ඔයාලාගේ වෘත්තීය සමිතිය දෙකඩ වෙන එක මිසක් මගේ නම අවභාවිතා කරන එකක් නෙවෙයි” අගමැතිවරයා ක්ෂණිකව කීවේය.

    සාකච්ඡාව අවසානයේ පැමිණ සිටි අය සමග සුහදදව කතා කරමින් සිටි අගමැතිවරයා අතුරුදන් වූවන්ගේ‍ෙ ඥාතීන් අරලිය ගහ මන්දිරයට පැමිණීම සම්බන්ධයෙන් ද අදහස් පල කලේය.

    අතුරුදන්වූවන්ගේ ප‍්‍රශ්නයට විසදුම් ඕනේ

    ‘‘අවුරුදු හතරක් පහක් තිස්සේ කිසිම තොරතුරක් හොයා ගන්න නැති අයට ජාති බේදයක් නොසලකා මරණ සහතිකයක් සහ වන්දියක් දෙන වැඩපිළවෙලක් කි‍්‍රයාත්මක කරන්න තිබුණා නම් හොදයි. මේ අයගේ ප‍්‍රශ්නයට විසදුමක් දෙන්නත් ඕනේ. ඒ වුනාට මේ එන්.ජී.ඕ එක්ක මොකුත් කරන්න බැහැනේ“ මේ අවස්ථාවේදී අගමැතිවරයාගේ මුවින් නිකුත් විය.

    හජ් වන්දනා නියාමනය කිරීම සම්බන්ධයෙනුත් පසුගිය සතියේ අරලිය ගහ මන්දිරයේදී හජ් කමිටුවේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි. මේ අවස්ථාවට විදේශ සංචාර නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

    දුම්මලසූරිය පල්ලියේ ගැටුම

    දුම්මලසූරිය පල්ලියේ ඇතිවු යම් සිද්ධියක් සම්බන්ධයෙන් මෙහිදී පැමිණ සිටි අය අගමැතිවරයාගේ අවධානය යොමු කලේය. පාරම්පරික මුස්ලිම්වරුන්ට පල්ලියට ඇතුල් වීමට අවස්ථාව නොදීමක් මෙම ගැටුමට හේතු වී තිබණි.

    අගමැතිවරයා වහාම දුම්මලසූරිය පොලීසියට ඇමතුමක් ගෙන, ‘මේ ගැටුම දුරදිග යවන්න එපා. ඉක්මනින්ක මැදිහත් වීමක් කරන්න. නැත්නම් මේවා අනවශ්‍ය විදියට දුරදිග ගිහින් මිනිසුන්ගෙන් ජීවිත වලටත් බලපාන්න
    ඉඩ තියෙනවා” යැයි පැවසීය.

    ඒ සමගම ආණ්ඩුකාරවරයා ඇමතූ අගමැතිවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන්
    සොයා බලා වහාම මැදිහත් විමක් කරන්නැයි ආණ්ඩුකාරවරයාට ද දැන්වා සිටියේය.

    හජ් වන්දනාවේ යෙදෙන මුස්ලිම් ජාතිකයන්ගෙන් හිතුමතේ මුදල් අයකිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. රුපියල් පන්ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක්ප මණක් හජ් වන්දනාවේ යෙදෙන මුස්ලිම් ජනතාවගෙන් අය කරන ලෙස මේ අවස්ථාවේ අගමැතිවරයා සංචාරක නියෝජිත ආයතන වෙත දැනුම් දුන්නේය. නමුත් සංචාරක නියෝජිත ආයතන නිලධාරීන්ගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණි.

    මේසයට තදින් පහරක් එල්ල කළ අගමැතිවරයා, ඕගොල්ලන්ට මේ ගානට ගියා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාලාට කරන්න බැරි නම් කියන්න. ඔය ගානට කරන්න පුළුවන් අය ඕනේ තරම් ඉන්නවා.” යැයි කීවේය.

    ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ පළමු හමුව

    ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ පළමු හමුව ඉකුත් දා (18) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විනි. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, ආරුමුගම් තොණ්ඩමන්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, අතුරලියේ රතන හිමි, මහින්ද අමරවීර, සී.බී රත්නායක, රාජා කොල්ලුරේ, මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ,
    පවිත‍්‍රා වන්න්ආරච්චි, අසංක නවරත්න, එස්.එම් චන්ද්‍රසේකර, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර යන පිරිස සහභාගි වූහ.

    මේ රැස්වීම ඇරඹීමට පෙර හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ඇතු ̈ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අරලිය ගහ මන්දිර පරිශ‍්‍රයේදීම අගමැතිවරයා හා බැසිල් රාජපක්ෂ මහතා හමුවිය. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාත් සහභාගි වී සිටියේය. නමුත් දුමින්ද දිසානයක පක්ෂ නායකයින්ගේ හමුවට සහභාගී වූයේ නැත.

    මේ සුහද හමුව අවසානයේ, දුමින්ද දිසානායක මහතා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. මෙවර අනුරාධපුරයේ පැවැත්වෙන ජාතික කී‍්‍රඩා උළෙලට සහභාගි වෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ‘දුමින්ද, මම ඒකට එන්නම්. ඒ ගමන් ඔයාලාගේ ගෙවල් පැත්තටත් ඇවිත් යන්නම්‘ කීවේය.

    එදින රාති‍්‍ර 7ට පමණ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුව ආරම්භ විය. මේ අවස්ථාවේදී එක්වරම අගමැතිවරයා අමතමින් වාසුදේව අමාත්‍යවරයා සදහන් කරන්නේ,

    ‘ බඩු මිල, එළවළු මිල නම් හොදටම වැඩියි. මේ ගැන අවධානය යොමු කරන්න ඒ වගේම පොහොර හිගයකුත් තියෙනවා. මට හිතෙන්නේ මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් හරියට කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ” යනුවෙනි.

    ඒ අවස්ථාවේදීම දුරකතනයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධ කරගත් අගමැතිවරයා වාසුදේව ඇමැතිවරයා සදහන් කළ කරුණු සම්බන්ධයෙන් විමසීය. ‘පොහොර බෙදාදීමේ වැඩපිළිවෙලේ යම් යම් අඩුපාඩු තියෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බලලා අවශ්‍ය පියවර ගන්නැයි අගමැතිවරයා මුදල් අමාත්‍යාංශයේ‍ෙලේකම්වරයාට දැනුම් දුන්නේය.

    ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ සමග එක්ව කටයුතු කරන ආකාරයත්, නාම යෝජනා සම්බන්ධයෙනුත්මෙ හිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

    ෆයිල් බන්ඩලයක් බැසිල් පොහොට්ටුව වෙනුවෙන්

    ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘෘ බැසිල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවට සහභාගි වී සිටියේ විශාල ෆයිල් තොගයක්ද සමගිනි. කුරහන් පැහැ රිබන් පටි දෙකකින් එම ෆයිල් මිටිය බැද තිබණි. බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ ඉතිහාසය,ඡන්ද ප‍්‍රතිශතයේ වෙනස් වීම් ඇතුළු පහුගිය මැතිවරණ තොරතුරු සංඛ්‍යා ලේඛණ සහිතව රැගෙන මෙම රැස්වීමට සහභාගීව සිටියේ ́ඕනෑම ප‍්‍රශ්නයකට මුහුණ දීම සදහා පෙර
    සූදානමකින්ද යුතුවයි.

    මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ සම්බන්ධයෙන් සිය ̈ පක්ෂ නායකයින් දැඩි උනන්දුවකින් පසුවිය. අතුරලියේ රතන හිමියන්,

    ‘සන්ධානය මොක වුණත්,ලකුණ මොකක්ද කියලා පැහැදිලි කරන්න‘ යැයි කීවේය.

    මේ අවස්ථාවේ ෆයිල් ගොනුව දිග හැර ගත් බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ දත්ත එකින් එක ගෙනහැර දක්වමින් ඡන්ද දායකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කලේය. අවසානයේ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ ලෙස සියලු දෙනාගේ එකගත්වයෙන් ‘පොහොට්ටුව” තෝරා ගත්හ.

    මහ මැතිවරණයට බැසිල්ගේ නායකත්වය

    ‘මේ මැතිවරණයටත් බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය අවශ්‍යයි. බැසිල් රාජපක්ෂ මහතාගේ‍ෙනායකත්වයේ ප‍්‍රතිඵල මේ වන විටත් අපිට ලැබී තිබෙනවා.” මේ අවස්ථාවට සහභාගි වී සිටි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවසීය.

    ‘අපි පොහොට්ටුවෙන් තරග කරනවා වගේම සන්ධානගත වෙන සුළු පක්ෂ ගැනත් හිතන්න වෙනවා. උතුරු – නැගෙනහිර පළාතේ අපිත් එක්ක සන්ධානගත වෙන සුළු පක්ෂ වලට අවශ්‍ය නම් ඒ පලාත්වල වෙනම
    මැතිවරණය සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දෙන්න ඕනේ” ඩලස් අලහප්පෙරුම මහතා එහිදී අදහස්ද ක්වමින් පැවසිය.

    ‘ඒක හරි ඩලස්. අතාවුල්ලා අපිත් එක්ක මැතිවරණයට ඉදිරිපත් වුනාම අපේ අය තේරෙනවා. හැබැයි එතුමාට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව නැති වෙනවා. ඒ නිසා පක්ෂවලින් ඉල්ලිමක් අවොත් අපි ඒ ගැන සලකා බලන්න ඕනේ” ඊට ප‍්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

    මෛතී‍්‍රට හින්ට් එකක්

    ‘ඒක හරි සර්. ගියපාර අපේ දිස්ති‍්‍රක්කවල ඡන්දවලට ජාතික ලයිස්තුවෙන් ලැබුණු මන්තී‍්‍රධූරත් අපිට නැති වුණා” අතාවුල්ලා මහතා ද ඊට ප‍්‍රතිචාර දක්වමින් සදහන් කලේය.

    මේ අවස්ථාවේදී සංවාදයට එක්වු අගමැතිවරයා,

    ‘අතාවුල්ලා ඒ කාලේ ලොකු මහත්තයා මෙතන ඉන්නවා‘ යැයි කියමින් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දෙසට අත දිගු කලේය.

    ‘ ඔව් සර්, ඒ මහත්තයා තමයි ඒ කාලේ හිටියේ.” යැයි අතාවුල්ලා මන්තී‍්‍රවරයාද පෙරළා කීවේය.

  • Weekend Supiri Gossip:  හදවත ගන්න ගිහින් ‘සජිත් අනාගත් හැටි’

    Weekend Supiri Gossip: හදවත ගන්න ගිහින් ‘සජිත් අනාගත් හැටි’

    සටහන – ගජබා නාගහවත්ත

    වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් දිනය බ්‍රහස්පතින්දාට යෙදූ තිබුණ බැවින් ද වෝහාරික වාර්තාවට අදාළ විවාදයේ අවසන් දිනය ද යෙදී තිබුණු බැවින් එ.ජා.ප නායකයා එදින වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේය. එ.ජා.ප මන්ත්‍රීවරු හා නිලධාරින් සමග කතා බහ කිරීමට ද එහිදි ඔහු ක්‍රියා කළේය.

    “බැදුම්කර මගඩිය එ.ජා.පෙ ඇගේ ගහලා බේරෙන්න හදලා තියෙන්නේ 2015 ට කලින් බැදුම්කර වලින් කෝටි 5600 ක මගඩි කරපු වත්මන් ආණ්ඩුව බව වෝහාරික වාර්තාවෙන් එළියට ආවා. එ් ගැන තියපු විවාදය බොහෝ ජනමාධ්‍ය හරියට වාර්තා කළේ නැහැ. ඒ ව්‍යාජ දේශප්‍රේමින් රුපියල් දශ ලක්ෂ 8900 ක් අර්ථ සාධකයෙන් මේ මගඩියට යට කරලා වැඩ කරන ජනතාවත් උගස් කරලා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

    “වෝහාරික වාර්තාව හැදුවේ ජාත්‍යන්තරය පිළිගත් ස්වාධීන අයයි. ඒත් මේ ආණ්ඩුව කියන්නේ විගණකාධිපති කරපු නැති නිසා පිළිගන්න බෑ කියලායි. විගණකාධිපති මේ වාර්තාව හැදුවානම් කියාවි යහපාලන ආණ්ඩුව යටතේ හිටපු කෙනෙක් හදපු වාර්තාවක් පිළිගන්නේ නෑ කියලා.” ජේ.සි අලවතුවල කීවේ එවැන්නකි.

    “දැන් එ.ජා.පෙ සියළු දෙනා එකතු වෙලා යන්න තීන්දුව ගැනීම වටිනවා. ඒත් ඡන්ද ලකුණ ඉක්මණින් තීන්දු කර ගන්න ඕනේ. ඔබතුමා හා විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නය ඉක්මණින් ඉවර කර ගන්න.” ජේ.සි අලවතුවල තවදුරටත් නායකයාගෙන් ඉල්ලා සිටියේය.

    “හදවත ලාංඡනය පස්සේ මුලින්ම ගියා. ඒක වෙන පක්ෂයකට අයිති එකක් කියලාවත් අධ්‍යයනයක් නොකලේ ඇයි? සන්ධානයේ ව්‍යවස්ථාව පවා තාම ලැබිලා නෑ. අලියාගෙන් යමු කියලා යෝජනා කළාම පස්ස ගැහුවා. හංසයාගෙන් යනවා නම් රවිත් එක්ක කතා කරලා නීතිඥයෝ එක්ක ගිහින් කොමසාරිස් හමුවෙලා ප්‍රශ්නය බේර ගන්න ඕනේ.  මම මේ කරුණු මද්දුම බණ්ඩාරට පැහැදිලි කළා.” ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු දුන්නේය.

    “දැන් හංසයාගෙන් හෝ අලියාගෙන් ආවොත් නාමයෝජනා අත්සන් කරන්නේ සන්ධානේ මහලේකම්ද ඒ පක්ෂයේ ලේකම් ද” චම්පිකා ප්‍රේමදාස විමසුවේ තීරණාත්මක පැනයකි.

    “අලියාගෙන් ආවොත් එ.ජා.ප මහලේකම්ට තමයි අත්සන් කරන්න වෙන්නේ. හංසයාගෙන් ආවොත් ඒ පක්ෂයේ මහලේකම්. ඒක සරල නීති පදනමක්.” එ.ජා.ප නායකයා ද කටහඩ අවදි කළේය.

    “දෙවෙනි රාජසිංහ රජු පෘතුග්‍රිසි මාරු කරලා ඕලන්දක්කාරයෝ ගෙන්න ගත්තා. මෙයාලා රනිල් මාරු කරලා රවි ගන්නයි හදන්නේ. එ.ජා.ප යෙම ඉන්නවාද රවිගේ අතට පනිනවද කියලායි තීන්දු කරන්න වෙන්නේ.” එ.ජා.ප නීති නිලධාරියෙකු පැහැදිලි කළේ ඉතිහාසය හා වර්තමානය සසදමිනි.

    “මම නීතිමය පදනම පෙන්නලා වරද්ද ගන්නේ නැතුව යන්න කිව්වා. ඒක හරියට තේරුම් ගත්තා ද මම දන්නේ නැහැ. මම විසදුම් දීලා නැහැ. පැහැදිලි කළා පමණයි. කොමිසමත් එක්ක කතා කරලා විසදුමකට එන්න අමාරු නම් ලබන සතියේ මට අවසන් විසදුම දෙන්න වෙනවා. පැය හයෙන් උත්තර ඉල්ලනවා. එහෙම කරන්නේ කොහොමද?” එ.ජා.ප නායකයා කීවේය.

    “මේ හමුදාපති පත්කරන කොට ලෝකයෙන් විරෝධතා ආවා. හිටපු ජනපති වලන් කඩේට පැනපු ගානට එයා හිතපු දේවල්ම කලා. දැන් හමුදාපතිට ඇමරිකාව තහනම්. තව රටවල් කීයක් ඒ පාරේ යාවිද දන්නේ නැහැ. ආණ්ඩුවත් ෂෝ දානවා මිසක් ප්‍රශ්නයට විසදුම් හොයන්නේ නැහැ.” කේ.කේ පියදාසගේ මතය එය විය.

    “අපේ හමුදාපතිට මේ තහංචිය ආවේ යහපාලන රජය ජිනිවාවලදී අත්සන් කරපු 30/1 යෝජනාව නිසා කියලා ආණ්ඩුව කියනවා  නේද?” චම්පිකා ප්‍රේමදාස විමසීය.

    “ආණ්ඩුව අනාථ වෙලා ජනතාව නොමග යවන්න හදනවා. මීට කලින් ජගත් ජයසූරියටත් ඔය ප්‍රශ්නයම ආවා. ඉන්දුනිසියාවේ ජෙනරල් විරන්තෝට වගේම ඉන්දියානු වත්මන් අගමැති මෝදිටත් ඇමරිකාව මෙවැනි තහංචිම දැම්මා. 30/1 වගන්තිය අනුවද එයාලටත් තහංචි දැම්මේ කියලායි අපි ආණ්ඩුවෙන් අහන්නේ. යමෙකුට රටකට ඇතුල් වෙන්න දීම නොදීම ඒ රටේ තීන්දුවක්.” ලක්ෂ්මන් කිර්ඇල්ල කළ පැහැදිලි කිරීම එ.ජා.ප නායකයා ද අනුමත කළේය.

    “එම්.සි.සි ගිවිසුම අත්සන් කරවන්න මේ ආණ්ඩුවට කරන බලපෑමක් ලෙසත් හමුදාපතිගේ සිද්ධිය සමහරු විග්‍රහ කරනවා නේද?” කේ.කේ පියදාස ඇසුවේ නායකයාගෙනි.

    “නෑ එහෙම හිතන්න අමාරුයි. එම්.සි.සි වල ඩොලර් මිලියන 490 නැතුව මේ ආණ්ඩුව කොහේ දුවන්නද? ඉන්දියාව ලග දනින් වැටිලා ණය කපන්න කියලා ඉල්ලුවේ නිකංද?” එ.ජා.ප නායකයා කීවේ කාගෙත් සිනා මැදය.

    “මේ ආණ්ඩුව ජිනිවා යෝජනාවෙන් ඉවත් වෙන්නයි හදන්නේ. 2015 ට කලින් වගේ ජි.එස්.පි නැති කරගෙන මාළු තහංචි දමාගෙන විශාල ආර්ථික ව්‍යසනයක් ජනතාවට කරන්නයි මේ උත්සාහ කරන්නේ.” දයා ගමගේ කී දේ ද සියළු දෙනා අනුමත කළහ.

  • එජාපය ජනපතිවරණ ඉලක්ක කර ගනිමින් කළ සංර්ධනය ගැන හෙළිදරව්වක්

    එජාපය ජනපතිවරණ ඉලක්ක කර ගනිමින් කළ සංර්ධනය ගැන හෙළිදරව්වක්

    අකාර්යක්ෂම මූල්‍ය පාලනය හේතුවෙන් පසුගිය පාලන සමය තුළ ගෙවා ගත නොහැකි වූ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ වියදම් පියවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විරෝධය පළ කිරීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් පළ කළ විරෝධතාව හේතුවෙන් විවිධ ඉදිකිරීම්වල නිතරවූ කොන්ත්‍රාත්කරුවන්ට සහ ඔවුන් යටතේ සේවය කරන කම්කරුවන් ඇතුළු සියලු පාර්ශ්වය වෙත ගෙවීම් කිරීම තව දුරටත් ප්‍රමාද වන බව හෙතෙම සඳහන් කරයි.

    එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මගින් ම තෝරාගනු ලැබූ කොන්ත්‍රාන්කරුවන් මෙසේ අසරණභාවයට පත් කිරීම හුදෙක්ම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් සිදු කළ එකක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සේමසිංහ මහතා මේ බව කියා සිටියේ (20) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

    පැවැති ආණ්ඩුව මගින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමක් මගින් දැනට රජයේ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කෙරේ. ඒ අනුව 2020 ජනවාරි මස 01 වැනි දා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා රජයේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුම මගින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 757කි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය අනුව 2019 වසරේ දී විවිධ පාර්ශ්වයන්ට ගෙවිය යුතුව තිබූ මුදල් පියවීමට තීරණය කෙරිණි. ඒ එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෝ ඔවුන්ට සිය සේවකයන් වෙනුවෙන් මුදල් ලබා දීමට හැකි වන අයුරිනි.

    පසුගිය ආණ්ඩුව විසින් 2019 වසරේ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 156 මුදලක් නොගෙවා තිබූ අතර තවත් රුපියල් බිලියන 211ක මුදලක් ප්‍රතිපාදන නොමැතිව වැය කර තිබිණි. මෙහි සමස්ත එකතුව වන රුපියල් බිලියන 367කි. පසුගිය රජය මගින් සම්මත කර ගත් අතුරු සම්මත ගිණුම මගින් මේ සඳහා මුදල් වෙන් කර නොතිබූ අතර ඒ වෙනුවෙන් තවත් රුපියල් බිලියන 367ක මුදලක් ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් විපක්ෂයේ විරෝධය හමුවේ අදාළ යෝජනාව ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සිදු විය.

    සෞඛ්‍ය ඖෂධ හා සැපයුම් වෙනුවෙන් රු මිලියන 25,696ක්, ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී සහනාධාර වෙනුවෙන් රු  මිලියන 45,856ක්, පොහොර සහනාධාරය වෙනුවෙන් සැපයුම්කරුවන්ට රු මිලියන 23,950ක්, ත්‍රිවිධ හමුදා සේවාවන්ට සහ භාණ්ඩාගාරය මත  යැපෙන ආයතනවල නොගෙවූ බිල්පත් වෙනුවෙන් රු මිලියල 5,490ක්, මහා මාර්ග ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් රු මිලියන 18,449ක්, නගර සංවර්ධන ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් රු මිලියන 6,862ක්, පාසල් සංවර්ධන ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් 2,824ක්, ගම්පෙරළිය, උතුර පළාත් සංවර්ධන, නැවත පදිංචිකිරීම් සැපයුම්කරුවන්ට රු මිලියන 3,126ක්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නොපියවූ මුදල් රුපියල් මිලියන 3,895ක්, ජල සම්පාදන, උසස් අධ්‍යාපන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1,990ක් සහ වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන යටතේ ඉදිකිරීම්කරුවන්ට රුපියල් මිලියන 6,558ක්ආදී වශයෙන් ගෙවීම නියමිතව තිබේ.

    රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම ගෙවීම් වෙනුනේ අතුරු සම්මත ගිණුම මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ ඉඩ ලබා නොදුන්න ද මීළග අයවැය මගින් අදාළ මුදල් වෙන් කරන බවයි.

    රට තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සියලු ගෙවීම් සිදු කිරීමට ඇත්තේ 2019 වසර සඳහා බව අවධාරණය කළේ ය. නිසි ආදායම්, වියදම් හෝ ණය කළමනාකරණයක් නොමැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමන් විසින් ම කළ වරද නිවැරැදි කර ගැනීමට උත්සහ නොකිරීමට කණගාටුවට කරුණක් බව අමාත්‍යවරයා පැවැසීය.

    පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ කඩිමුඩියේ මුල්ගල් තබමින්, විවෘත කළ ව්‍යාපෘතිවල සැබෑ තත්ත්වය දැන් ජනතාවට අවබෝධ වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට කිසිදු යහපතක් සිදු නොවන බවයි.

    ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව මෙම පිරිසට නිසි ප්‍රතිචාරය දක්වනු ඇති බව ද සේමසිංහ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

  • වෝහාරික විගණන වාර්තාව: ජනපති බෝලය මහ බංකුවට පාස් කරයි

    වෝහාරික විගණන වාර්තාව: ජනපති බෝලය මහ බංකුවට පාස් කරයි

    වෝහාරික විගණන වාර්තාව මහබැංකුව විසින් සකස් කළ හෙයින් ඒ සම්බන්ධයෙන් තමන්ට නඩු පැවැරීමට හැකියාවක් නොමැති බවත් නඩු පැවැරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට බවත් ජනපති ලේකම්වරයා තමාට ලිපියක් මගින් දැනුම් දුන් බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා.

    අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ එම ලිපිය තමන් හැන්සාඩ් ගතකරන බවයි. කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ ලිපියකට පිළිතුරු ලිපියක් ජනපති ලේකම්වරයා විසින් යොමුකරමින් මේ බව සඳහන් කළ බවයි කෝප් සභාපතිවරයා කියා සිටියේ.

    එසේම ජනපතිවරයාගේ ලිපිය අනුව මහබැංකුව කෝප් කමිටුවට කැඳවා අදාළ වාර්තාව සම්බන්ධයෙන් නඩු පැවැරීමට අවස්ථාවක් ලැබී ඇති බවත් ඒ අනුව ඉදිරියේදී අදාළ පියවර ගන්නා බවත් ඔහු පැවැසුවා.

  • සජිත්ටත් ‘ජිල්මාට්’

    සජිත්ටත් ‘ජිල්මාට්’

    පාර්ලිමේන්තු සජීවී විකාශයේදී තමන්ට කථා කිරීමට මයික්‍රෝෆෝනය ලබාදුන්නත් තම රූපය තිර හරහා නොපෙන්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.

    ‘මට කතා කරන්න මයික් එක දුන්නට මගේ රූපේ දෙන්නේ නෑ. එතැන මොනවා හරි ජිල්මාට් එකක් තිබෙනවා’

  • මෛත‍්‍රීගේ ‘පඹ සභාපතිකමටත්’ ඇමති ප‍්‍රසන්න දෙහි කපයි

    මෛත‍්‍රීගේ ‘පඹ සභාපතිකමටත්’ ඇමති ප‍්‍රසන්න දෙහි කපයි

    සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව එම සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද ව එකග විය නොහැකි බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ සභාපතිධූරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග මහතා මෙසේ ද කීවේය.

    ‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධානයක් බිහිවීම පිළිබද ව මම මුල ඉදලම කියපු දේ තමයි මොන සන්ධානය හැදුවත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් බව. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ සන්ධානයේ සම නායකයා බවට පත් කිරීමට මම විරුද්ධ බව කිව්වා. මම තවමත් කියන්නේ අපිට ශ්‍රිලනිපය සමග සන්ධාන අවශ්‍ය නෑ. අපිට තනිවම පොහොට්ටුවෙන් දිනන්න පුළුවන් කියලයි. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු කර ගන්නවාට මම ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් කැමති නැති බවත් මම කිව්වා. මම දරපු ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මම තවමත් කියන්නේ අපට තනිව ඉල්ලලා දිනන්න තිබුණා. ඒ වගේ ම මෛත්‍රී සම්බන්ධ කර නොගත යුතු ව තිබුණා.

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් අද මේ රට තිබෙන තත්ත්වයට වගකිව යුතුයි. එදා මහින්ද මහත්තයට විරුද්ධව ආප්ප කාලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙලා රටට කරපු විනාශයට කිසිසේත් සමාව දෙන්න පෞද්ගලිකවම මට බෑ. මේ සන්ධානයේ සභාපතිධූරය කිසිම බලයක් නැති නිකම්ම නිකම් තනතුරක් වුණත් ඒකට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාව පත් කළාට මා නම් විරුද්ධයි. මා විතරක් නෙමේ මේ රටට ආදරය කරන බහුතරයක් විරුද්ධයි. පහුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද මහත්තයා වෙනුවෙන් ඡන්දය දුන්න මිනිස්සු බහුතරය විරුද්ධයි. මට වගේම රටේ බහුතරයකටත් මෙමත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තවමත් ශත පහකටවත් විශ්වාස නෑ. 

    මම මගේ විරෝධය මහින්ද මහත්තයටත්, බැසිල් මහත්තයටත් කිව්වා. මම කියන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පොහොට්ටුව ලකුණින් තරග කරන්න ඉඩ දිය යුතු නෑ. එහෙම එනවාට අපේ පාක්ෂිකයෝ කැමති නෑ. හැබැයි මම මේක දකින්නේ දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදීමක් විදිහටයි. එදා පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අද ඒ පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටවපු සන්ධානයේ සභාපතිකම ගන්න වෙලා තියෙනවා. ඔහුට එහෙම වුණ එක ගැන මට තියෙන්නේ සතුටක්. නමුත් ඔහුව එකතු කරගෙන මැතිවරණයට යාම පිළිබද ව මම එදත්, අදත්, හෙටත් විරුද්ධයි. ’

  • ගෝඨා තවත් ඡන්ද පොරොන්දුවක් ඉටුකරයි

    ගෝඨා තවත් ඡන්ද පොරොන්දුවක් ඉටුකරයි

    අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1,40/1 යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසුවා.

    විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සදහන් කළේය.

    ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/ 1 හා 40/ 1 යන යෝජනාවලින් ශ‍්‍රී ලංකා රජය ඉවත් වීමට නියමිතයි.

  • ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර පත් කෙරේ

    ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර පත් කෙරේ

    ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

    හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප‍්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයෙන් නීතිය පිළිබද විශිෂ්ට සමාර්ථය සහිත උපාධිය හිමි කර ගත් ඒ මහතා පරිපාලකයෙකු, සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයෙකු, අපරාධ යුක්ති නීතිය පිළිබ`දව දේශකයෙකු ලෙස ද ප‍්‍රකටය.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රධාන නීති උපදේශකවරයා ලෙස යුද්ධය පැවති කාලයේ දී විශාල කාර්යයභාරයක් රට වෙනුවෙන් ඉටු කළ නිලධාරියෙකි. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස ද සේවය කළ ඒ මහතා රණවිරු සේවා අධිකාරියේ දිර්ඝ කාලයක් නීති උපදේශකවරයා ලෙස සේවය කර තිබේ.

    ජාතික මලල කී‍්‍රඩා කණ්ඩායම නියෝජනය කළ හරිගුප්තා රෝහණ දීර මහතා ආනන්ද විද්‍යාලීය සහ කොළඹ විශ්වවිද්‍යාලීය කී‍්‍රඩා වර්ණලාභියෙකි.

    රුසියාව, ස්ව්ස්ටර්ලන්තය, කොරියාව, බෙලාරුස් ඇතුළු රටවල් ගණනාවක අපරාධ යුක්තිය හා නීතිය පිළිබද වූ සමුළු සහ වැඩමුළු නියෝජනය කර ඇති හරිගුප්තා රෝහණදීර මහතා දැනට අපරාධ යුක්තිය පිළිබද පාරිභාෂිත වචන ඇතුළත් ශබ්ද කෝෂයක් එළිදැකීම පිළිබ`ද පර්යේෂණයක ද නියැලෙයි.

    හරිගුප්තා රෝහණදීර මහතා පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබ`ද විද්වතෙකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අභාවප‍්‍රාප්ත මැන්දිස් රෝහණදීර මහතාගේ පුත‍්‍රයෙකි.

  • ආයෝජනයට ‘හොඳම රට බවට’ ශ‍්‍රී ලංකාව පත් කිරීම මගේ අභිප‍්‍රායයි – ජනපති

    ආයෝජනයට ‘හොඳම රට බවට’ ශ‍්‍රී ලංකාව පත් කිරීම මගේ අභිප‍්‍රායයි – ජනපති

    ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග අද (18)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිත සඳහන් කළේය.

    නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව ක්‍රියා කළ යුතු බවට ජනාධිපති උපදෙස් දුන්නේය. පරිසරය ආරක්ෂා කරගෙන ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රම සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමකි.

    බලපත්‍ර නිකුත් කිරීමේ දී ගතවන කාලය හැකි උපරිමයෙන් අඩු කර විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන් පෙළඹවීමට සහ දිරිමත් කිරීමට පියවර ගන්නැයි ද ජනාධිපති උපදෙස් දුන්නේය.

    වසර කිහිපයකට පෙර අනුමැතිය ඉල්ලා ඇති උතුරු පළාතේ ජලජීවි උද්‍යාන ව්‍යාපෘතියට මෙතෙක් අවසර ලැබී නැත. ඒ පිළිබදව අවධානය යොමු කළ ජනාධිපති ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නැයි දැනුම් දුන්නේය. එමගින් රැකියා අවස්ථා රැසක් බිහි වේ.  ප්‍රශ්න විසඳා සංහිඳියාව ඇති කිරීමට ඇති හොදම මග එය බව ද ජනාධිපති පැවසීය.

    නීති රීති සම්පාදනය කළ යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීම ද අරමුණු කර ගෙන යැයි ජනාධිපති පෙන්වා දුන්නේය.

    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහත්වරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

  • අර්බුද ඉවරයි: එක්ව තරග කරනවා – මනුෂ නානායක්කාර

    අර්බුද ඉවරයි: එක්ව තරග කරනවා – මනුෂ නානායක්කාර

    එක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    ගාල්ලේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.

    එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය අවසන් වෙලා, රාජපක්ෂවරු ගෙදර යවලා, ජනතා විරෝධී රජය පලවා හැරීමට අපි කටයුතු කරනවා. මේ ආණ්ඩුවට දැන් වයස මාස තුනයි. මේ මාස තුන ගත වන විට ආණ්ඩුව මොකද කළේ කියන ප්‍රශ්ණය තිබෙනවා. පෝර දුන්නාද, බඩු මිල අඩු කළාද, රැකියා ලක්ෂයක් ලබා දුන්නාද, රාජ්‍ය සේවකයින්ගේ දීමනා ලබාදුන්නාද යන ප්‍රශ්ණ අපිට අහන්න තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වෙලා තහනම් කරනවා කියලා කියපුවා තහනම් කරලා තියෙනවාද කියන ප්‍රශ්ණය අහන්න තිබෙනවා.

    මේ වන විට සයිදමරදුවලට නගර සභාවක් දීලා තිබෙනවා. මක්කම යන අයට සහන ලබාදී  තිබෙනවා. මේවා හැට නම ලක්ෂයක් ජනතාව ජාතිවාදී විදියට ඉල්ලපු දේවල්ද මේ ලබාදෙන්නේ. හැට නම ලක්ෂයක් ඉල්ලුපු දේවල්ද මේ ආණ්ඩුව ලබාදෙන්නේ. මේ ආණ්ඩුව රාජ්‍ය ආයතනවලට කඩා පැනපු දේවල්වලට වඩා වැඩි දෙයක් කරලා නෑ. රටක් විදියට ඉදිරියට යන්න ජනතාවට මොනවද කරලා තියෙන්නේ? මාධ්‍ය සංදර්ශන හැරෙන්න රටේ ජනතාවට සිදුවූ යහපත කුමක්ද?

    හැට නම ලක්ෂයක් ජනතාව බලාපොරාත්තුවූ එම්.සී.සී ගිවිසුම අහෝසි කළාද? ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අය අත්අඩංගුවට ගත්තාද? ආණ්ඩුව ඉඩම් විකිණීම නතර කළාද? මේ කිසිම දෙයක් කරලා නෑ. මේ වන විට අක්කර ගණනාවක් විකුණන්න පටන් අරගෙන තිබෙනවා. විකුණලා තිබෙනවා.  අද ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් ඇතිවෙලා තිබෙනවා.

    කිසියම් අර්බුදයක් නිර්මාණය කරලා බලයට පත්වුන හැම ආණ්ඩුවක්ම ඒ අර්බුදය විසින්ම ගෙදර යවනවා. පාස්කු ප්‍රහාර කියන අර්බුදය නිර්මාණය කරලා තමයි මේ ආණ්ඩුව බලයට පත්වුනේ. ජාතිවාදය අවුස්ලා තමයි බලයට ආවේ. මේ ආණ්ඩුව ජාතිවාදය නිසාම අවසානයේදී බලයෙන් පහවෙනවා. ඉතාමත්ම ඉක්මනින්ම පරාජයට පත්වූ ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙනවා.

    අපේ පක්ෂයේ අර්බුදය ගැන කතා කරනවා. පොදු ජන පෙරමුණේ, පොහොට්ටුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද ගොඩයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය අපි විසදාගෙන තිබෙනවා. එක්ව තරග කිරීමේ තීන්දුව අපි අරගෙන තිබෙනවා. ලකුණ මොකක් වුනත් අපි තරග කරලා ජයග්‍රහණය කරනවා. මොන ලකුණ ලැබුනත් අපි, සජිත් ලකුණින් ඇවිත්, ජනතාවගේ ලකුණින් ඇවිත් ජනතාවගේ හදවතේ ලකුණින් ඇවිත් මේ ආණ්ඩුව ගෙදර යවනවා.

    උදයංග වීරතුංග දැන් ලංකාවට ඇවිත්. උදයංග වීරතුංග ඉතාමත්ම සුරක්ෂිතාව අත්අඩංගුවට ඇවිත් තිබෙනවා. ඔහු දැන් රෝහල්ගත කරලා තියෙනවා. මිග් ගනුදෙනුවේ දෙවැනි විත්තිකරු විසින් මිග් ගනුදෙනුවේ පළමු විත්තිකරු අත්අඩංගුවට ගැනීමේ නාට්‍යමය ජවනිකාව මේ වන විට සිදුවෙමින් තිබෙනවා. තව ටික දවසකින් මිග් ගනුදෙනුවේ සියලුම වැරදිවලින් ඔහු නිදහස් කරගැනීමේ දේවල් අපිට දැක බලාගැනීමට ලැබේවි. මේ වන විට හිර ගෙවල්වල ඉන්න ඔ්න අය රජවෙලා. හිර ගෙවල්වල ඉන්න ඔන් අය ඇමැතිවරු වෙලා. මේවාට වගකිව යුතු වන්නේත් අපේ අයමයි. ඒ අය එක්ක තිබුණ ඩීල් නොතිබෙන්න මේ අයට ඡන්දෙ ඉල්ලන්නවත් මේ ද්විත්ව පුරවැසියාට අවස්ථාව ලැබෙන්නේ නෑ.  මේ කරපු වැරදිවලට ජනතාව පිළිතුරක් ලබාදී තිබෙනවා.

    අද නැවත වරක් ජනතාව සිදුවූ වරද නිවරදි කරලා, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙනුවෙන් ජනතාව නිවරදි තීරණයක් ගනීවි. අපි ජනතාවට තුන්වේල කාලා බීලා ඉන්න පුලුවන් රටක් අපි නිර්මාණය කරනවා. ඒ සදහා ඩීල් එක්ක යන්න බෑ. පිරිසිදුව රාජපක්ෂවරුන්ට විරුද්ධව කටයුතු කරන කණ්ඩායමක් තමයි අවශ්‍ය‌ වෙන්නේ. ජනතාව නිවරදි තීරණය අරගෙන රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරාවි.

    අපි ඉදිරි මැතිවරණයේදී ආසන 113 ක් ලබාගෙන ජයග්‍රහණය කරනවා. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැසී සිටිනවා. රාජපක්ෂවරුන්ට තුනෙන් දෙක්ක ලබාදීමට විරුද්ධව ජනතාව පෙළ ගැසී සිටිනවා. අපි සමගි ජන බලවේගය කියන පොදු සන්ධානයෙන් තරග කරනවා. මේ සන්ධානයේ ලකුන ඉදිරියේදී සුභ වේලාවකින් එළිදක්වනවා. 

  • චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති වෙයි

    චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

    චන්ද්‍රිකා මහත්මිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ ද, ඇයගේ අනුශාසක ධුරය තවදුරටත් පවතින බවත් අත්තනගල්ල ආසනයේ වැඩ බලන සංවිධායක ලෙස රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පත් කළ බවත් පක්ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

  • මෛත‍්‍රීපාල සිරිසේනට විජේපාල හෙට්ටිආරච්චිගෙන් ‘අභියෝගයක්’

    මෛත‍්‍රීපාල සිරිසේනට විජේපාල හෙට්ටිආරච්චිගෙන් ‘අභියෝගයක්’

    මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් ඇත්නම් තනිව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව  ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

    අද (16)  මන්ත්‍රීවරයාගේ ගාල්ලේ පිහිටි නිවසේ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසිණ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

    ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය  එක්වි අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක්  බිහිකරන්න අපි එදා  උත්සාහ ගනු ලැබුවද  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නිල්පාක්ෂිකවෙලා ශ්‍රිලනිප යේ  සභාපතිකම ගත්තා. ශ්‍රිලනිපය  දියකරහරින්නත් මෛත්‍රිපාල ජනාධිපතිතුමා කටයුතු කළා. එහි අවසානය තමයි මේ. අද පොහොට්ටුවට අවශ්‍ය විදියට තමයි ශ්‍රිලනිප  මැති ඇමතිවරුන් පිළිබද තින්දු තිරණ ගන්නේ. 

    අපේක්ෂකත්වය දෙනවාද, දිස්ත්‍රික්කවලට දෙන අපේක්ෂක සංඛ්‍යාව තින්දු කරන්නේ පොහොට්ටුවේ නායකයින්. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට ලැජ්ජ නැහැ. ශ්‍රි.ල.නි පක්ෂයේ සභාපතිකම අරගෙන සියයට 15කට වඩා  ඡන්දය තියෙනවා නම්  අඩුගානේ එක දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රිධුරයක් හරි ගන්න. කොන්දක් තියෙනවානම් තනියෙන් ඉල්ලන්න පුළුවන්කමක් තිබිය යුතු වෙනවා.

    එදා ශ්‍රිලනිපය  කඩාගෙන ගිහින් පොහොට්ටුව නිර්මාණය  කරලා  මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට අපහාස කළ මිනිසුන් සමග  ලැජ්ජා නැතිව මෛත්‍රිපාල මහත්තයා කියනවා තුනෙන් දෙකේ බලයක් දෙන්න කියලා. පුන පුනා ප්‍රකාශ කරන්න තරම් එතුමා බොළඳ වෙලා තියෙනවා. ශ්‍රි.ල.නි පක්ෂය පොරකයට තියලා මහින්ද රාජපක්ෂ මහතාට තුනෙන් දෙකේ බලයක් දෙන්න මෛත්‍රිපාල මහත්තයා එකතුවෙනවා කියන්නේ ශ්‍රි.ල.නි.පක්ෂය අකාමකා දමන්නට කරපු සෙබ්බඩ විජ්ජාවක්. බලය  උරගාල බලන්න තනියම එන්න තිබුණෙ අද පොහොට්ටුවේ  නැට්ටේ එල්ලිලා අසරණ තත්ත්වයට පත්වෙලා.

    එජාපය අර්බුදය ගැන අමාරුව තිබුණේ ආණ්ඩුවට. මතවාද ගැටුමක් තමයි තිබුණේ. අපේ සන්ධානයේ ලකුණ ගැනත් ආණ්ඩුවට ලොකු අමාරුවක් තියෙනවා. නමුත් ලෙඩා කලබලවුණාට දොස්තර  කලබල වෙන්නේ නැහැ. ඒ වගේ අපි කලබල වෙන්නේ නැහැ. දැන් සන්ධානය නිර්මාණය කිරිමේ සියලු කටයුතු අවසන් කරලා ඉවරයි. ලකුණ ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පුළුවන් නම් අපි අලියාගෙන් එනවා නැතිනම් අපි හංසයාගෙන් එනවා එහෙම  නැතිනම් වෙනම ලකුණක් ගන්නවා පසුගිය දිනවල  ආණ්ඩුවේ අයට නින්ද  ගියේ නැහැ. කවදාද එජාපය කැඩෙන්නේ කියා.

    පුළුල් සන්ධානයක් හැටියට සන්ධානයේ නායකත්වය සභාපතිත්වය, අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිලා තියෙනවා. ඒ නිසා මොන ලකුණෙන් තරග කළත් එක අලියාද හංසයාද, එහෙම නැතිනම් වෙනත් ලකුණක්ද මොන ලකුණෙන් ආවත් මෙ රටේ ජනතාවගේ හදවතේ තියෙන්නේ සජිත් ප්‍රමුඛ සන්ධානය තරග කරන්නේ මොන ලකුණෙන්ද  රටේ ජනතාව ඒ ලකුණු ජයග්‍රහණය කරවිමට කැමතියි. අගමැතිවරයා බවට පත්කිරිමට මේ රටේ ජනතාව සැදි පැහැදි සිටිනවා”.