Category: සුපිරි Politics

  • Hot Plate: සභාපති පස්සෙන් එද්දී ‘ගම්පහ ලොක්කා’ ඉස්සරහින් ගිහින්

    Hot Plate: සභාපති පස්සෙන් එද්දී ‘ගම්පහ ලොක්කා’ ඉස්සරහින් ගිහින්

    ප්‍රසන්න පසුගිය බදාදා බේරුවල ගියේ පියල්ගේ ඉල්ලීමක් අනුවය. පියල් ප්‍රසන්නට එන්න කියා තිබුණේ බේරුවල සංචාරක ව්‍යාපාරයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව ප්‍රසන්න එදින උදේ වරුව බේරුවල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට විසැඳුම් දුන්නේය. පහුගිය ආණ්ඩුව සිටි සංචාරක ඇමැතිවරුන් සම්බන්ධයෙන් මෙහිදී කතාබහක් ඇති විණි.

    “පහුගිය ආණ්ඩුවලත් සංචාරක ඇමැතිවරුන් හිටියා. ඒ අයට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවට වඩා තිබුණේ වෙන වැඩ. වෙන වෙන දේවල් තමයි ඒ අය ප්‍රවර්ධනය කළේ“ පියල් කීවේ පසුගිය කාලයේ හිටපු සංචාරක ඇමැතිවරයා ගැනය.

    “ඒක නම් ඇත්ත. පාස්කු ප්‍රහාරය හින්දා සංචාරක කර්මාන්තය බින්දුවටම වැටුණත් ඒ ඇමැතිට ගාණක්වත් තිබ්බේ නැහැ. හැමතිස්සෙම මොකක් හරි විහිලු කතාවක් කිය කියා හිටියා   ඇර වෙන කිසිම දෙයක් එයා කළේ නැහැ“ ප්‍රසන්න පැවසීය.

    “ඒක නෙමේ ඇමැතිතුමා මම අහන්නමයි හිටියේ පහුගිය දවසක අලුත් සභාපතිතුමාත් හමුවුණාලු නේද? පියල් ඇසුවේ පසුගිය දා පැවැති ශ්‍රි ලංකා පොදුජන නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම ගැනය. එම සන්ධානයේ සභාපතිවරයා වන මෛත්‍රි සහ ප්‍රසන්න අතර ඇත්තේ එතරම් හොඳ සබඳතාවක් නොවේ. පියල් ඇසුවේ ඒ ගැනය.

    “මෙහෙමයි, මහින්ද මහත්තයලා තීන්දුවක් අරගෙන තියෙනවා එතුමට සභාපති ධුරය දෙන්න. මගේ විරෝධය කිසිම වෙනසක් නැහැ. එදා වගේම මම අදත් අකැමැතියි හෙටත් අකමැතියි. මාවත් විධායක සභාවට දාලා තියෙන නිසා යන්නම වෙනවනේ“ ප්‍රසන්න පැවසීය.

    “ඒ කතාව නම් හරි. ඒත් තිබ්බ විරෝධයේ හැටියට මම කල්පනා කළේ කොහොමද ඔබතුමා එතුමත් එක්ක එකට වැඩ කරන්නේ කියලයි“ පියල් කීවේය.

    “මම කිව්වනේ විරෝධයේ අඩුවක් නැහැ. එයත් එක්ක මට කිසි වැඩක් නැහැ නේ. මම වැඩ කරන්නේ මහින්ද මහත්තයා එක්ක. මුලින් නං මම හිතුවා විධායක සභාවට නොගිහින් ඉන්න. පස්සේ මට හිතුනා මම එහෙම ඉන්න එකත් හොඳයි කියලා. මොකද මේ වෙලාවේ තමයි පෙරේතයෝ, කුම්භාණ්ඩයේ පොහොට්ටුවට කිට්ටු කරන වෙලාව. මම හිටියොත් තමයි ඔය පෙරේතයෝ, කුම්භාණ්ඩයන්ගෙන් පක්ෂය බේර ගන්න පුළුවන් වෙන්නේ“ ප්‍රසන්න පැවසීය.

    හිටපු ජනපති මෛත්‍රිපාලගේ උපන් ගම වන ගම්පහ පහල යාගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පසුගිය බ්‍රහස්පතින්දා අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම මධ්‍යස්ථානයට මුල්ගල් තබා තිබුණේ මෛත්‍රිය. ඒ ඔහු ජනපති ධුරය දැරූ සමයේය. එබැවින් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඔහු ද සහභාගී වීමට නියමිතව තිබුණේය.

    විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රසන්න කල්තියා පැමිණ සිටියත් මෛත්‍රි පැමිණ සිටියේ නැත. මෛත්‍රි මහින්ද එනතුරු අතරමඟට වී බලා සිටියේය. වේලාසනම උත්සව භූමියට ආ ප්‍රසන්න එතැන සිටි සිසිර ජයකොඩි, සුදර්ශනී, සහන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා කරමින් සිටියේය. මේ අතර අගමැති මහින්ද එම ස්ථානයට ආවේය. හිටපු ජනපති මෛත්‍රි උත්සව සභාවට ආවේද මහින්ද එන විටම වාගේය. ප්‍රසන්න ඇතුළු ගම්පහ මැති ඇමතිවරුන් මහින්ද පිරිවරාගෙන මධ්‍යස්ථානය තුලට ගියහ. හිටපු ජනපති මෛත්‍රී ඒ පිටුපසින් ගියේය. මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා පීත්ත පටිය කැපීමට මහින්ද සූදානම් වන විට ප්‍රසන්න ද ඒ අසළ සිටියේය. එහෙත් ටිකකින් මෛත්‍රි එතැනට ආ බැවින් ප්‍රසන්න හෙමින් සැරේ පසුපසට විය. මෛත්‍රි පීත්ත පටිය අසළ සිටිනු දුටු මහින්ද විපරම් කළේ ප්‍රසන්න කෝ කියාය.

    “කෝ මේ ප්‍රසන්න? මහින්ද ඇසුවේය.

    පිටුපසට වී සිටි ප්‍රසන්න “ඉන්නවා සර්“ කීවේය.

    “ඔයානේ ගම්පහ ලොක්කා. මොකද මේ පස්සට වෙලා. එන්නකෝ ඉස්සරහට“ කියමින් මහින්ද ප්‍රසන්න ඉදිරියට ගත්තේය.

    උත්සවය නිමා වී තේ බීමෙන් පසුව මහින්ද කටුනායක බලා යාමට නියමිතව තිබුණේ තවත් උත්සවයකට සහභාගී වීමටය. මහින්ද කටුනායක යාමට පෙර ප්‍රසන්න ගැන සොයා බැලුවේය. “එන්න කෝ ප්‍රසන්න මා එක්ක යන්න“ කියමින් සිය රථයට ප්‍රසන්න නංවා ගත් මහින්ද මෛත්‍රීටද යන්නන් කියා කටුනායක බලා පිටත්ව ගියේය.

  • ‘ක්ෂණිකව ජන ගැටලු විසදන්න’ ජනපති ගෝඨා ගමට යයි

    ‘ක්ෂණිකව ජන ගැටලු විසදන්න’ ජනපති ගෝඨා ගමට යයි

    ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත්විණ.

    සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිතුමා විසින් තොරා ගනු ලැබීය. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

    සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

    ජනාධිපතිතුමා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය.  කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ඕව්හු පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැණ නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇත. ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මෙමගින් ඉහළ ආදායමක් ලැබේ. එහෙත් පරිසරයට හානියක් සිදුවන්නේ නම් ලාභයෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වහාම කටුපොල් වගාව නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇත. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබේ. එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය  වහාම නතර කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළහ.  කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන්  විධිමත් කිරීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.  මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට  පසුබිම  සකසන්නැයි එතුමා පැවසීය.

    නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන්  විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන්නැයි කීය.

    ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද සාකච්ඡාවට ලක් වූ ප්‍රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිතුමා පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.

    ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන යතාවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය. වෛද්‍යවරු, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා එමගින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කරගත හැකි බව ද පෙන්වා දුන්නේය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.

    මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වේ. හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස  ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද පියවර ගනු ලැබිණ.

    හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

    අද දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මතු කෙරුණු ඇතැම් ගැටළුවලට ඒ මොහොතේම විසඳුම් ලැබිණ. උඩුගම රෝහලට ජල බවුසරයක් සැපයීම, විදුහල්පතිවරු නැති පාසල්වලට විදුහල්පතිවරු පත් කිරීම, සුළු පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති සඳහා හිඟ මුදල් සම්පාදනය ඒ අතර විය.

    ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන්  පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.

    දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැල සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්‍ත්‍රික්කයේ පැල 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.

    රැස්වීමට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

  • සජිත් නිසා පාරට වැටුණු නිවාස අධිකාරියේ 2000කට ආණ්ඩුවෙන් සහන

    සජිත් නිසා පාරට වැටුණු නිවාස අධිකාරියේ 2000කට ආණ්ඩුවෙන් සහන

    ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙස් මත නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ලබා දුන් සාධනීය විසඳුමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරතව සිටින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිස එම උද්ඝෝෂණය නතර කිරීමට එකඟතාවකට පැමිණියහ.

    කොන්ත්‍රාත් කාලය අවසන් වීම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිසක් සහ නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතර සාකච්ඡාවක් (26 දින) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

    මෙම සාකච්ඡාව සඳහා උද්ඝෝෂණයේ නිරත වන පිරිස අතරින් 22 දෙදෙනෙකු සහභාගී වූ අතර ඔවුන් අමාත්‍යවරයාගෙන් සිදු කරන ලද ඉල්ලීම මත කෙටිකලක් තුළදී මෙම අවස්ථාව ඔවුන් සඳහා ලබා දෙන ලදි.

    මෙම සාකච්ඡාවට සහභාගී වූ පිරිස සඳහන් කර සිටියේ මේ වන විට තමන් ඇතුළු 2000 කට ආසන්න පිරිසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සේවයෙන් ඉවත් කර ඇති බවත්, තමන් සියලු දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙසත්ය.  

    රාජ්‍ය සේවය තුළ දින 180 කට වැඩි කාලයක් කටයුතු කර ඇති අය ස්ථිර කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේකයක් නිකුත් වී ඇති බවත්, තමන් සියලු දෙනා දින 180 කට වැඩි කාලයක් සේවය කර ඇති බැවින් එය පදනම් කර ගනිමින් තම පිරිස සඳහා නැවත රැකියා ලබා දෙන ලෙසත් ඔවුන් මෙහිදි ඉල්ලා සිටියහ.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉවත් කළ පිරිස 2000 කට ආසන්න වුවද මේ වනවිට ස්ව කැමැත්තෙන් රැකියාව හැරගිය පිරිස හැරුණු විට දැනට ඉතිරිව ඇත්තේ 1000 කට අඩු පිරිසක් බවද ඔවුන් පවසන ලදි.

    දින 180 කට වැඩි කාලයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු කර ඇති තමන් සියලු දෙනා පසුගිය ආණ්ඩුව විසින් ස්ථිර කිරීමට කටයුතු කරමින් සිටින අතර පැවැති ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමේ නියෝග මත එම කටයුතු නතර කළ බවද ඔවුන් මෙහිදී පෙන්වා දෙන ලදි.

    මෙහිදී අමාත්‍යවරයා ඔවුන්ට පෙන්වා දුන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ මෙම පිරිස වත්මන් ආණ්ඩුව විසින් සේවයෙන් පහ නොකළ බවත්, කොන්ත්‍රාත් කාල සීමාව අවසන් වීම හේතුවෙන් ඔවුන්ට ඉවත් වීමට සිදු වූ බවත්ය. පසුගිය ආණ්ඩු සමයේදී මෙම සේවකයින් ස්ථිර කරනවා යැයි පවසා ඔවුන්ට ලබා දීමට සුදානම් වී ඇත්තේ නිසි පත්වීම් ලිපියක් නොව එහි ආකෘතියක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ දින 180 ට අදාල චක්‍රලේඛය පිළිබඳව සමාලෝචනය කර ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මත සුදුසුකම් සපුරා ඇති අයට රැකියා ලබා දීමට හැකි බවයි. මේ වන විට රැකියාව අහිමි වී ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියලු දෙනා සඳහා එම අධිකාරියේ හෝ වෙනත් ආයතනයක රැකියාව ලබා දීමට ඉදිරි කාලය තුළ කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ඔවුන්ට පැවසීය.

    අමාත්‍යවරයා විසින් සිදු කළ යෝජනාවට කැමැතිද නැතහොත් වෙනත් ඉල්ලීම් තිබේද කියා මෙහිදී අමාත්‍යවරයා ඔවුන්ගෙන් විමසා සිටියහ.

    එහිදී ඔවුන් පැවැසුයේ මේ වනවිට මෙම පිරිසට රැකියාව අහිමිවීම නිසා සිංහල අලුත් අවුරැද්ද සැමරීමට නොහැකි වී ඇති අතර මේ හේතුවෙන් තම දරු පවුල්ද අනාත වී ඇති බවයි. එම නිසා ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මැතිවරණය අවසන් වන තුරු නොසිට ඊට පෙර එනම් සිංහල අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් කොන්ත්‍රාත් පදනමින් හෝ තමන් ඇතුළු පිරිස නැවත සේවයට බදවා ගන්නා ලෙසයි. එවිට පසුගිය ආණ්ඩුව සමයේදී ලබා දුන් නිවාස ණය වලට අදාල ණය වාරික යම් කිසි ඉලක්කයක් මත අයකර ගැනීම සඳහා තමන් ඇතුළු පිරිසට හැකි බවයි. එහිදී නිවාස වාරික අයකර ගැනීමෙන් තමන්ට හිමිවන කොමිස් මුදලින් ආයතනයට බරක් නොවී අලුත් අවුරුදු සැමරීමට හැකියාව උදාවන බවයි. එම නිසා මේ පිළිබඳව ඔබතුමන් මානුෂිය ලෙස සිතා බලා තමන් ඇතුළු පිරිස සඳහා නැවත රැකියා ලබා දීමට කටයුතු කරන ලෙස ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

    සාකච්ඡාවට සහභාගී වූ පිරිස මෙහිදී පවසා සිටියේ හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් තමන් ඇතුළු පිරිසට කොන්ත්‍රාත් පදනම මත රැකියා ලබා දුන් බවත්, ඒවා නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් මේ වනවිට තමන් ඇතුළු පිරිසට සේවය අහිමි වීම නිසා පීඩාවට පත්ව ඇත්තේ තමන් බවත්ය.

    හිටපු නිවාස අමාත්‍යවරයා තමන් ඇතුළු පිරිසගේ සේවය ස්ථිර නොකිරීම නිසා තමන් අනාථ වී ඇති බවත්, මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් සියලු දෙනා හිටපු නිවාස ඇමැතිවරයාට ඡන්දය ලබා නොදෙන බවත්, එතුමට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවත් මොවුන් පැවසීය. හිටපු නිවාස ඇමැතිවරයා මෙම ගැටලුව සම්බන්ධයෙන් තම පිරිස සමඟ මේ වනතුරු කතා නොකළ බවද මොවුන් මෙහිදී පැවැසීය.

    පසුව අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියාව අහිමි වූ පිරිස අතරින් නැවත රැකියාව සිදු කිරීමට කැමැති අය පිළිබඳව විස්තර කඩිනමින් දිස්ත්‍රික් මට්ටමින් ලබා දෙන ලෙසත්, එවිට මෙම පිරිසට රැකියා ලබා දීම සම්බන්ධව ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි බවත්ය.

    තමන් සඳහා සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධයෙන් සහ තම ගැටළුවට සාධනීය විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් නිවාස රාජ්‍ය අමාත්‍යතුමාට, අගමැතිතුමාට, ජනාධිපතිතුමාට සහ රජයට තම පිරිස ස්තූතිය පුද කර සිටන බවද මොවුන් මෙහිදී පැවැසීය.

    මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්තුමා, මාධ්‍ය ලේකම්තුමා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සමාන්‍යාධිකාරීතුමා ද සහභාගී වූහ.

  • රන්ජන් වෙනුවෙන් හිරුණිකා

    රන්ජන් වෙනුවෙන් හිරුණිකා

    සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හිරුණිකා මහත්මිය සදහන් කළේ රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇති බවයි.

  • අනුරාධපුරේ සුපිරි රස්සා බෙදිල්ලක්

    අනුරාධපුරේ සුපිරි රස්සා බෙදිල්ලක්

    රජයේ රැකියා මුළු ලංකාවට ලබාදිය හැකකේ ලක්ෂයක් පමණක් වුවත් සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරය තුළ පමණක් රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (26) මිහින්තලේදී හෙළි කළා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසුවා.

    ‘‘දෙන්න ඉඩමක් නෑ, ඉඩම් බෙදනවා කියලා ලැයිස්තු හදනවා.තව කට්ටිය සමිති වලට පුටු බෙදනවා, තව අය කියනවා ඊළග ආණ්ඩුවේ අහවල් ඇමති මම කියලා, තව අය කියනවා මම තමා අහවලාගේ නියෝජිතයා කියලා.

    මේ සේරම කරන්නත් අපි අනුරාධපුර‍ දිස්ත්‍රික්කයේ  හත් දෙනෙක් පාර්ලිමේන්තු යවන්න අවශ්‍ය ඡන්ද ටික හදලා ඉන්න ඕන නේද? ඒ ටික හැදුනම නේද කවුද යවන්න ඕන කියලා හිතන්න ඕන.

    මිනිස්සු රවට්ටන අය පාර්ලිමේන්තු ගියාට ර‍ට හැදෙන්නේ නෑ. ඉස්සරලම රට හදන්න හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තු යවන්න පදනමක් අපි හදා ගන්න ඕන. ඊට පස්සේ ගෝඨාභය මහත්තයාගේ මතවාදයේ හිට ගන්න පිරිසක් පාර්ලිමේන්තු යවන්න පුළුවන්.ඊට පස්සේ අපි ජීවත් වෙන කාලයේ මේ රටේ වෙනසක් දකින්න පුළුවන්.

    ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා කියලා එතුමා මැජික් කාරයෙක් නෙමෙයි. මේ රට වෙනස් කරන්න.ඒ සඳහා අපි එතුමාට උදව් කරන්න අවශ්‍යයි.එතුමා බලාපොරොත්තු වෙන වෙනස්කම් ටික කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදලා දෙන්න ඕන.

    මේ රටේ වෙනස් කළ යුතු බොහෝ දේ තියෙනවා.එකතු කළ යුතු බොහෝ දේවල් තියෙනවා. අයින් කරන්න ඕන දේවල් බොහෝමයක් තියෙනවා.

    සමහර නීති පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන.නායකයාට ඕනකම තිබුණට විතරක් මේවා කරන්න බෑ.සමහර නීති තියෙන්නේ සුද්දාගේ කාලේ ඒවා.අපේ පාරවල් කාපට් වෙලා, ගුවන් පාලම් හැදිලා තියෙනවා, එඅධිවේගී මාර්ග හැදිලා තියෙනවා. හැබැයි තාමත් අපේ පාරක වේග සීමාව පැයට කිලෝ මීටර 80 යි,

    ගම් පාරවල් වලත් 80 ට වඩා යනවා.තාම රටේ නීතිය තියෙන්නේ 80 යි.මේවා වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තියෙන්න ඕන.

    පහුගිය කාලවල මැතිවරණයක් අපි දිනුවම පැරදුන අයව ගණන් ගත්තේවත් නෑ, පැරදුන කෙනා කොන් වෙනවා.දැන් එහෙම කරන්න බෑ.දෙකට බෙදිලා හිටිය පක්ෂවල නායකයෝ දැන් එකතු වෙලා සන්ධාන හදලා තියෙනවා.

    ඉතිහා‍සයේ ඉඳන් අපේ පුරුද්ද තිබුණේ අපි ආණ්ඩුවක් හදා ගත්තම උදව් නොකරපු එකෙකුට ලං වෙන්න දෙන්නේ නෑ.ඇයි තහඩු ටික, කොන්ත්‍රාත් ටික, රැකියා ටික, අපිටම ගන්න.

    අපි රටක් විදිහට විනාශය කරා යනවා මිසක් සංවර්ධනයකට යන්නේ නෑ.මේ දේශපාලන බෙදීම මැතිවරණ කාලයට පමණක් සීමා කරලා රට හදන කණ්ඩායම විදිහට හැමෝම එකට අත්වැල් බැඳ ගත්තොත් හැමෝම මේ කඳවු‍රේ සාමාජිකයෝ කර ගත්තොත් අපිට ලේසියෙන්ම පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න පුළුවන්‘

  • දකුණෙන් කැපූ දෙකම ඌවට දීලා

    දකුණෙන් කැපූ දෙකම ඌවට දීලා

    මෙවර මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව සංශෝධනය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළා.

    මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී අසුන බැගින් අඩුවන බවත් බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී අසුන බැගින් වැඩිවන බවයි.

    ඒ අනුවල ගාල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 සිට 9 දක්වාද මාතර දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 සිට 7 දක්වා ද අඩු වී ඇතැයි ද බදුල්ල දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වාද මොණරාගල දිස්ත්‍රික්කයට හිමි ආසන සංඛ්‍යාව 5 සිට 6 දක්වාද ඉහළ යන බවයි මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කළේ.

  • පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය ගැන මැකොගෙන් ඉගි

    පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය ගැන මැකොගෙන් ඉගි

    තවත් සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සඳහන් කරයි. විසුරුවා හරින දිනයේ සිට දින 52කුත් දින හැටහයකුත් (66) අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය හැකි බවත්, මේ අනුව අප්‍රේල් 22 සිට මැයි 04 වන දින හෝ එදිනට පෙර දිනයක මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය ව්‍යවස්ථාවේ පවරා තිබෙන්නේ ජනාධිපතිවරයාට බවත්, එහෙත් වෙනත් ඡන්ද විමසීම්වලදී මැතිවණ කොමිෂමට දිනය තීරණය කළ හැකි බවත් අද (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහින්ද දේශප‍්‍රිය මහතා පැවසුවේය.

  • ගෝඨාභය හොඳයි, ඔහුට බාධාව මහින්ද රාජපක්‍ෂ කියන එක ජනතාව අන්දන්න කියන කතාවක්

    ගෝඨාභය හොඳයි, ඔහුට බාධාව මහින්ද රාජපක්‍ෂ කියන එක ජනතාව අන්දන්න කියන කතාවක්

    මේ ආණ්ඩුවට දින 100ක් ගතවෙලා තිබෙනවා. මැතිවරණ කාලයේ එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දානව කියපු ආණ්ඩුව ඒ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාවත් ඉදිරිපත් කරලා තියෙන්නේ එම්.සී.සී. ගිවිසුම හොඳයි කියලා. මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ එකක් කියලා බලය ගත්තාට පස්සෙ වෙන දෙයක් කරනවා.

    ලංකාවේ ආණ්ඩුවත් ඇමරිකාවත් එකඟතාවයෙන් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන එක මාස හතරකින් කල් දාගත්තා. මහ මැතිවරණයෙන් පස්සේ මේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම අත්සන් කරනවා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් වූ විගස අපේ රටේ ඉඩම් විදේශ සමාගම්වලට විකිණිල්ල ආරම්භ කළා. කොළඹ ෂැංගි‍්‍රලා හෝටලය ආසන්නයේ අක්කර 3ක ඉඩම සිංගප්පූරු සමාගමකට දුන්නා.

    ඒ වගේම මේ ආණ්ඩුව මැතිවරණය සමයේ විශ‍්‍රාමික ආබාධිත සෙබළුන්ගේ ප‍්‍රශ්නය දැවෙන ප‍්‍රශ්නයක් බවට පත්කර ගත්තා. රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට මතු කළා. නමුත් මේ ආණ්ඩුව බලයට ඇවිත් මාස 3ක් ගතවෙලත් එම සෙබළුන්ගේ ගැටලූවට කිසිදු විසඳුමක් ඉදිරිපත් කරගන්න බැරිව ඉන්නවා. නැවතත් ඔවුන් මහ පාරේ උපවාස කරන තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ වගේම තමයි රජයේ විශ‍්‍රාමිකයින්ගේ විශ‍්‍රාම වැටුප් වැඩිවීමේ චක‍්‍රලේඛය මේ ආණ්ඩුව අත්හිටුවලා තිබෙනවා. 2016 සිට විශ‍්‍රාම ගිය රජයේ සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප 2020 ජනවාරි පළමුවැනිදා සිට වැඩිවීමට නියමිතව තිබුණා. ඒක ඔවුන්ගේ අයිතියක්. නමුත් වර්තමාන ආණ්ඩුව ඔවුන්ගේ එම අයිතිිය කප්පාදු කොට තිබෙනවා.

    ඒ වගේම ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී ගොවියන්ට පොහොර නිකං දෙනවා කිව්වා. නමුත් දැන් ගොවියන්ට පොහොර සල්ලිවලටවත් ගන්න විදිහක් නැහැ. මේ දිනවල අතිරේක බෝග වගා කරන ගොවියන් පවා විශාල පොහොර හිඟයකට මුහුණ දී තිබෙනවා. ඒ විතරක් නොවෙයි මේ ආණ්ඩුව අඩු ආදායම්ලාභී පවුල්වලට රු. 3,000ක සහන මල්ලක් ලබා දෙනවා කිව්වා. නමුත් අද සහන මල්ලත් නැහැ. බොංචි කිලෝ එක, බී ලූණු කිලෝ එක, රතු ලූනු කිලෝ එක අධික ලෙස මිල ඉහළ ගිහින්. ජනතාවට එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් නැති තත්වයට පත්වෙලා.

    ඒ වගේම මේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණා, සංස්ථා මණ්ඩලවලට ප‍්‍රධානීන් පත්කරන විට ¥ෂිතයින් පත් කරන්නේ නැහැ කියලා. ඒවගේම එම ඉහළ නිලධාරීන් තෝරා ගන්න විශේෂ කමිටුවක් පත් කළා. හැබැයි සංස්ථා මණ්ඩලවලට පත් කළේ පහුගිය කාලයේ එම ආයතනවලම ඉඳලා ¥ෂණ චෝදනාවන්ට ලක්වූ පුද්ගලයින්. ඒ විතරක් නෙවෙයි පවුල් පාලනයට ඉඩක් දෙන්නේ නැහැ කියලා ආපු ආණ්ඩුව රාජපක්‍ෂ පවුලේ පුතාලගේ නැන්දලා, මාමලා ශී‍්‍ර ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලවලට පත්කළා. සංස්ථා මණ්ඩලවලට නිලධාරීන් තෝරා පත්කිරීමේ කමිටුවට පත්කළ පුද්ගලයින් අතර ලලිත් වීරතුංගත් නාලක ගොඩහේවාත් උසාවිවලින් වැරදිකරුවන් බවට පත්වූ පුද්ගලයන්. ලලිත් වීරතුංග කියන්නේ රජයේ මුදල් ලක්‍ෂ 6,000ක් අවභාවිතා කිරීමට වැරදිකරු වී බරපතළ වැඩ සහිතව වසර 3ක සිර දඬුවමක් නියම වූ පුද්ගලයෙක්. එය මහාධිකරණ තීන්දුවක්.

    විහිළුසහගත කරුණ වන්නේ සංස්ථා මණ්ඩලවලට යහපත් පුද්ගලයින් තෝරන කමිටුවේ මහාධිකරණයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් සිටීමයි. ඉතින් මේ ආණ්ඩුව කියන විනයගරුක නීතිගරුක රටක් හදන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි ලලිත් වීරතුංග ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. ඔහු රාජ්‍යතාන්ති‍්‍රක නියෝජිතයෙක් විදිහට ඉන්දියාවේ මෝදි හමුවෙන්න ගියා. කටාර් රාජ්‍යයේ නායකයින් ජනාධිපතිවරයා හමුවන විට ඔවුන් පිළිගන්නේ මේ අපරාධකාරයෙක් වුණු ලලිත් වීරතුංගයි. අභියාචනාධිකරණයට පත්වුණු නව සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි විට ඔහු පිළිගන්නේ මහාධිකරණයෙන් වැරදිකරුවකු වූ මේ ලලිත් වීරතුංගයි. ඉතින් කොහොමද නීතිගරුක රටක් හදන්නේ? ඒ නිසා මේ ආණ්ඩුව මාස 3ක් ගතවන විටත් ඔප්පු කර තිබෙනවා නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් තනතුරුවලට පත්කරනවා කියල.

    ඒ වගේම මේ ආණ්ඩුව මැතිවරණය කාලයේදීත් කිව්වා මේ රටෙන් සම්පූර්ණයෙන් කුඩු තුරන් කරනවා කියලා. නමුත් අද වනවිට කුඩු මාෆියාව රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. දිනපතා රටේ විවිධ තැන්වලින් කුඩු අත්අඩංගුවට ගන්නවා. ඒවගේම පසුගිය මාස දෙක ඇතුළත අපරාධ සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වුණු දැරියක් අපචාරය කිරීම සම්බන්ධ පුද්ගලයන් තවමත් අත්අඩගුවට ගන්න බැරිවෙලා තිබෙනවා. එවැනි ආණ්ඩුවක් කොහොමද රටේ අපරාධ අවම කරන්නේ?

    ඒ වගේම මේ ආණ්ඩුවේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණු මහබැංකුව කොල්ලකාපු අය බලයට පත්වූ විගස දඬුකඳේ ගහනවා කිව්වා. නමුත් මේ වන තෙක් මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගන්න කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්න කිසිදු පියවරක් අරගෙන නැහැ. නමුත් ආණ්ඩුව තමන්ට හිතවත් වුණු අපරාධකාරයින් පිරිසිදු කිරීමේ කි‍්‍රයාමාර්ග ගනිමින් ඉන්නවා.

    අවුරුදු ගණනාවක් රතු වරෙන්තු සහිතව හිටපු උදයංග වීරතුංග ලංකාවට ගෙන්වලා දැන් බන්ධනාගාර රෝහලේ සැපට ඉන්නවා. ඒ විකරක් නෙවෙයි, ඔහුට එරෙහිව තිබෙන නඩු කටයුතු සම්න්ධයෙන් යම් යම් බලපෑම් කරලා ඔහුව නිදහස් කර ගැනීමේ ව්‍යාපෘතියක ආණ්ඩුව ඉන්නවා. තමන්ට හිතවත් වුණු හොරුටික සුද්ධ කර ගන්න, අධිකරණයෙන් ඇප ගන්න නීතිපති දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාමාර්ගවලට බලපෑම් කරමින් ඉන්නවා.
    ඒ වගේම මේ ආණ්ඩුව ජනතාවට සහන දෙනවා කිව්වා. මේ වෙනකොට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩුවෙමින් තිබෙනවා. බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 55ක ප‍්‍රමාණයට අඩුවෙලා තිබෙනවා. නමුත් එහි සහනය ජනතාවට ලබා දෙන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ. පහුගිය ආණ්ඩුව ගෙනාපු මිල සූත‍්‍රය මේ ආණ්ඩුව අහිටුවලා තිබෙනවා. මිල සූත‍්‍රයට අනුව ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවන විට ලංකාවේ තෙල් මිල අඩුවීමට නියමිතව තිබුණත් මේ ආණ්ඩුව ඒ සහනය ජනතාවට ලබා දෙන්නේ නැහැ.

    මේ වනවිට ආන්දෝලනයකට ලක්වෙලා තිබෙන එයා බස් ගනුදෙනුව කරුණු රැුසක් හෙළිදරව් වෙලා තිබෙනවා. එහි ප‍්‍රධාන චූදිතයා වු කපිල චන්ද්‍රසේන පිළිබඳවත් ඔහුගේ බිරිඳගේ ගිණුමට මුදල් ලැබීම පිළිබඳවත් අධිකරණයේදී කරුණු හෙළිදරව් වුණා. ඒ වගේම එම මුදල්වලින් රු. ලක්‍ෂ 1400ක් නිමල් පෙරේරාගේ ගිණුමට හුවමාරු වෙලා තිබෙන බවත් හෙළිදරව් වෙලා තිබෙනවා. නමුත් මේ වනතෙක් නිමල් පෙරේරාගෙන් ඒ පිළිබඳව කිසිදු ප‍්‍රශ්න කිරීමක් සිදුකර නැහැ. නමුත් ආණ්ඩුවේ පුද්ගලයින් නිමල් පෙරේරා සමග උපන්දින උත්සව සමරනවා.

    ඒ වගේම එස්.එල්. ඇග්‍රෝ නම් තවත් සමාගමටක මෙම එයාබස් ගනුදෙනුවේ මුදල් හුවමාරු වී ඇති බව හෙළිදරව් වෙලා තිබෙනවා. එම සමාගමේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනකුට අයත් බවත් හෙළිවෙලා තිබෙනවා. ඉන් එක් සහෝදරයෙකුගෙන් කටඋත්තර ලබාගෙන තිබුණත් අනෙක් සහෝදරයාගෙන් මේ වනතෙක් කටඋත්තර ලබාගන්න කටයුතු කර නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව ¥ෂිතයින්ට දඬුවම් දීමට කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා බව ඔප්පු කරමින් තිබෙනවා.

    අද(26* මුළු රටේම ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරලා උද්ඝෝෂණයක නිරත වෙනවා. අවුරුදු 23ක සිට තිබෙන ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ගුරුවරු මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ග ගන්නවා. වැටුප් විෂමතා ගැටලූවට අමතරව ගුරුවරුන් පාසැල් නඩත්තු කටයුතු සඳහා විවිධ ව්‍යාපෘතිවල යෙදවීමට ආණ්ඩුව කටයුතු කිරීමටත් ගුරුවරුන්ගේ විරෝධය එල්ල වෙලා තිබෙනවා. පහුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ගුරුවරුන්ගේ ගැටලූ විසඳන්න කටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් ව්‍යාජ ප‍්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා.

    මැතිවරණ වේදිකාවේදී වත්මන් ආණ්ඩුව ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සුවා. එහෙම කරන අතරේ බැසිල් රාජපක්‍ෂ සයින්දමරුදුවලට ගිහින් නගර සභාවක් දෙන බවට මුස්ලිම් ජනතාවට පොරාන්දු වෙනවා. බලයට පත්වෙලා මේ ආණ්ඩුව සයින්දමරුදු නගර සභාවක් කරන්න ගැසට් නිවේදනයක් ප‍්‍රකාශ කළා. දැන් එම ගැසට් නිවේදනය තාවකාලිකව නතර කොට තිබෙනවා. මැතිවරණ කාලයේදීම වගේම මේ ආණ්ඩුව දිගින් දිගටම ජනතාව රවට්ටමින් තියෙනවා.

    මෛතී‍්‍රපාල සිරිසේන වෙනුවට ජනාධිපති පුටුවේ ගෝඨාභය රාජපක්‍ෂ ඉඳ ගත්තා කියලා කිසිදු වෙනසක් වෙලා නැහැ. මජර දේශපාලන සංස්කෘතිය ඒ විදිහටම තිබෙනවා. ප‍්‍රසන්න රණවීරලා වැනි පාර්ලිමේන්තුවේදී පවා සදාචාර විරෝධී ලෙස හැසිරුණු පුද්ගලයින් රාජ්‍යතාන්ති‍්‍රක පුද්ගලයින් වෙන්නේත්, එවැනි පුද්ගලයින් ආණ්ඩු පක්‍ෂයේ සහකාර සංවිධායක ධූරවලට පත්වෙන්නේත් එම මජර දේශපාලනය නිසාමයි. ¥ෂිතයින් ආරක්‍ෂා කිරීම පරණ විදිහටම කෙරීගෙන යනවා. බඩුමිලට උත්තර නැහැ වගේම රටේ ආර්ථික අර්බුදයටත් වත්මන් පාලනයට උත්තරයක් නැහැ. මේ රාජපක්‍ෂ පාලනයත් පැරණි පාලනයේම දිගුවක් බව තහවුරු වෙලා තිබෙනවා. ඉතින් කොහොමද මේ රට නීතිගරුක, විනයගරුක රටක් බවට පත්කරන්නේ ?

    මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්

    එම්.සී.සී. ගිවිසුම ඇමරිකාව විසින් අපිට ආදරයට දෙන දෙයක් නොවෙයි. එම ගිිවසුම අත්සන් කිරීමේදී කොන්දේසි 3ක් අන්තර්ගත වෙනවා. එයින් ප‍්‍රධාන එක තමයි ඇමරිකාවේ ජාතික අරක්‍ෂාවට හානිදායක වන කිසිවක් ලංකාව විසින් සිදු නොකළ යුතු බව. එම කොන්දේසිය දිහා බැලූවාම තේරෙනවා ශී‍්‍ර ලංකාව ඇමරිකානු සපත්තුවට යටවෙලා ඉවරයි කියලා.

    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී 30/1 යෝජනාව සම්මත වෙන්නේ 2015දී. එය ඇමරිකාව සමඟ ඒකාබද්ධ යෝජනාවක් ලෙසයි සම්මත වෙන්නේ. එම අවස්ථාවේදීම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි එය නොකළ යුතු බවත් එහි බලපෑම පිළිබඳවත් අපේ ස්ථාවරය රටට කිව්වා. ඒ වගේම 2015 සැප්තැම්බර් 22වැනිදාත්, 2015 ඔක්. 04වැනිදාත් මාධ්‍ය හමුවක් පවත්වලා අපේ ස්ථාවරය රටට කිව්වා. ඒ වගේම 2015 ඔක්තෝබර් 13වැනිදා කොළඹදී ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයක් තියලා අපේ රටේ ජනතාව දැනුවත් කළා. ඊට අමතරව ජිනීවාවලදී එරට ශී‍්‍ර ලාංකිකයින් දැනුවත් කරන සම්මන්ත‍්‍රණ පැවැත්වූවා. අධිරා්‍යවාදීන්ගේ උගුලේ රට හිරකරන යෝජනා ඉදිරිපත්කරන යෝජනා ඉදිරිපත් කරන්න එපා කියලා අපි අනතුරු ඇෙඟව්වා.

    දැන් ශී‍්‍ර ලංකාව සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වෙනවා කියලා කිව්වට මානව හිමිකම් සමුළුවෙන් යෝජනාව ඉවත් වෙන්නේ නැහැ. එසේ නම් කළ යුත්තේ 30/1 යෝජනාව ඉවත් කර ගන්නා බවට මානව හිමිකම් සමුලූවේදීම අලූත් යෝජනාවක් සම්මත කරගැනීමයි. ආණ්ඩුව මේ කරන්නේ ජනතාව රැුවැට්ටීමයි. අධිරාජ්‍යවාදීන්ට අපේ රටට මැදිහත් වෙන්න පාර කපන්නේ අපේ රටේ ආණ්ඩුමයි. අපේ රටේ මානව හිමිකම් ආරක්‍ෂා කළ යුත්තේ අපේ ආණ්ඩුයි. 2009 මැයි මාසයේදී බෑන්කී මූන් සමග එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළා. එහි දිගුවක් ලෙස තමයි දරුස්මාන් කමිටුව නව නීදන් පිල්ලේගේ මැදිහත්වීම සිදුවන්නේ. ඒ නිසා අපි කියන්නේ අපේ රටේ සිංහල, දෙමළ මුස්ලිම් සියලූම ජනතාවගේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් කියලා.

    මේ ආණ්ඩුව පොහොර නිකං දෙනවා කිව්වේ රු. 3,000ක බඩු මල්ලක් දෙනවා කිව්වේ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් රු. 1,000ක් කරනවා කිව්වේ මුදල් තිබෙන නිසා නොවේ. එසේ තිබියදී පාර්ලිමේන්තුවට මුදල් වෙන් කර ගැනීමේ යෝජනාවක් ගෙන ආවෙත් ජනතාවට සහන දෙන්න නොවෙයි, ආණ්ඩුවට ඡුන්දෙ කරන්න සල්ලි වෙන්කර ගන්න. ඒ විතරක් නොවෙයි ආණඩුව ණය ලබාගැනීමේ සීමාව වැඩිකර ගන්නත් යෝජනා කළා. ණය උගුලක හිරවෙලා ඉන්න අපේ රට තව තවත් ණය සීමාව ඉහළ දාගන්න එක රටට හානිකර දෙයක්. එනිසා අපි ඒකට විරුද්ධ වුණා. නමුත් ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 144 වගන්තිය අනුව මුදල් වෙන්කර ගන්න බලය තිබෙනවා. ඡුන්දයක් ප‍්‍රකාශයට පත් වූ පසුවත් ජනාධිපතිවරයාට එම බලතල පාවිච්චි කරලා යම් යම් කාරණාවලට මුදල් වෙන්කර ගන්න පුළුවන්.

    දැන් සමහරු කියනවා, ගෝඨාභය මහින්ද මහත්තයාව අයින් කරයි කියලා. මේක රඟපෑමක්. ලලිත් වීරතුංග අධිකරණයෙන් වැරදිකරුවකු වී තිබියදී තමන්ගේ උපදේශකවරයෙක් බවට පත්කර ගන්නේ ගෝඨාභය රාජපක්‍ෂ විසිනුයි. රජයේ තනතුරුවලට පත් කරන්න එපා කියලා ශේ්‍්‍රෂ්ඨාධිකරණයේ තීන්දුවක් තිබියදීත් පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා බවට පත්කර ගන්නේ ගෝඨාභය විසිනුයි. ඒ නිසා ගෝඨාභය හොඳයි, මහින්ද නරකයි කියලා කියන්න පුළුවන්කමක් තිබෙනවාද? මේ දෙන්නා එකතු වෙලා තමයි සියලූ තීන්දු-තීරණ ගන්නේ. ගෝඨාභය හොඳයි, ඔහුට බාධාව මහින්ද රාජපක්‍ෂ කියන එක ජනතාව අන්දන්න කියන කතාවක්.

  • අලුත් පක්ෂය ගොඩනැගූ හේතුව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

    අලුත් පක්ෂය ගොඩනැගූ හේතුව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

    වත්මන් රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය හේතුවෙන් විපතට පත් රටේ සමස්ත ජනතාව සහ රට එයින් මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩනැගූ බව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා නිල වශයෙන් එක් වූ බවයි.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චම්පික රණවක මහතා කියා සිටියේ දැනුම පදනම් කරගත් ආර්ථිකයකට රට ගෙන යාම සඳහා තරුණ පරපුරට සහ වියතුන්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බවයි.

    සමගි ජන බලවේගයට ඉදිරි දින කිහිපයේදී තවත් පක්‍ෂ සහ පුද්ගලයන් එක්වීමට නියමිත බවද රණවක මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.

  • ඔය නට් එකක් පැන්නා කියලා මැෂිමක් නතර වෙන්නේ නෑනේ..

    ඔය නට් එකක් පැන්නා කියලා මැෂිමක් නතර වෙන්නේ නෑනේ..

    එක්සත් ජාතික පක්ෂයේ සමගිය බිඳ දැමීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පිල්ලෑව බෝ සමිඳු අභියස පැවති ආගමික සහ සමාජීය වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

    “ඉස්සරහට අපි ඔක්කෝම අත්වැලි බැඳගෙන එක පවුලක් ලෙස ඉදිරියට යනවා. මේක දකින්න ඇතැම් විට ආණ්ඩු පක්ෂය අකමැතියි. නමුත් ඒ අකමැත්ත තමයි අපි කැමැත්තක් කරගෙන යන්නේ. එක්සත් ජාතික පක්ෂය හා පෙරමුණ ජයග්‍රහණය කරවන්න ගතයුතු තීරණ අපි ගන්නවා. පොඩි නට් එකක් එහෙ මෙහෙ පැන්නට ඒකෙන් මුළු මැෂිමක් නතර වෙන්නේ නෑ. අපිට මේක හදලා ගන්න අවස්ථාව දෙන්න.”

  • UNP ආණ්ඩුවක් හදන හැටි අකිල කියයි

    UNP ආණ්ඩුවක් හදන හැටි අකිල කියයි

    ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්  එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

    සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි එජාප මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා,

    “මේ ආණ්ඩුව හරි දක්‍ෂයි අපි හදපුවා විවෘත කරන්න. ඒකට හොඳම උදාහරණය අපේ ආණ්ඩුව වැඩ කටයුතු කරගෙන ගිය අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා කොටස මේ ආණ්ඩුවෙන් ඊයේ විවෘත කළා. ඒ වගේම මං වැඩකටයුතු ආරම්භ කරපු ආනන්ද විදුහලේ සත් මහල් ගොඩනැගිල්ල ඒ අය හැදුවා වගේ ගිහින් විවෘත කළා. 2015 අපේ කිරිඇල්ල මන්ත්‍රීතුමා විවෘත කිරීමකට ගියාම ඒ කාලේ ඒ අය ඇවිත් ඒකට බාධා කළා. නමුත් අපි එහෙම කරන්නේ නෑ.

    මේ තියෙන්නේ වැඩි කාලයක් යන ආණ්ඩුවක් නෙමෙයි. මේ රජය පිරිහිලා අවසන්. ජාත්‍යන්තරයේ වුණත් ප්‍රසාදයක් නැති බව පේනවා මේ ආණ්ඩුව ගැන. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි මේ ආණ්ඩුව ගෙදර යවනවා. ඒකට වැඩි ආසන ගාණක් ගන්න ඕන නෑ.

    අපි ආසන 90ක් ගත්තත් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන්කම තියෙනවා. අපි එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ, අනෙකුත් සුළු පක්‍ෂ සමග එකතු වෙලා ආණ්ඩුවක් හදනවා.  ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. ඔබ බුද්ධිමත්ව, තර්කානුකූලව හිතලා තීරණයක් ගන්න කියන ඉල්ලීම කරනවා”

    මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක නව සන්ධානය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවී සිටින කණ්ඩායම් සඳහා තමා ආරාධනය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි  විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේ.

    ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරමන් වූ හව්හරණක් නොමැතිව අනාතවී සිටින  බිම් මට්ටමේ ක්‍රියාකාරීන්ට සහ නායකයින්ට ජයග්‍රාහී එකමුතුවකට ආරාධනා කරන බව විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.

  • බන්දුලගෙන් සජිත්ට කෝටි 6000ක අභියෝගයක්

    බන්දුලගෙන් සජිත්ට කෝටි 6000ක අභියෝගයක්

    අතුරු සම්මත ගිණුමට කරන ලද සංශෝධන සම්මත කිරීමට ඉඩ නොදීමෙන් සිය පාර්ෂිකයන්ගෙන්ම එල්ල වන චෝදනා  මගහැරීමට රජය පසුගිය මාස තුනේදි රුපියල් බිලියන 600ක් විනාශ කර ඇති බවට විපක්ෂ නායකවරයා කරන චෝදනාව හැකි නම් ඔප්පු කරන ලෙස උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයාට අභියෝග කර සිටි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2020.02.24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අභියෝගය ඉදිරිපත් කළ අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් අඩු කිරීමට ප්‍රායෝගිකව කටයුතු කළ බව පෙන්වා දුන්නේය.

    අමාත්‍ය මණ්ඩලය අඩු කිරීම, අමාත්‍ය කාර්ය මණ්ඩලය අඩු කිරීම, ජනාධිපති හා අගමැති ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම, උත්සව සංදර්ශන නැවැත්වීම සහ අනවශ්‍ය ප්‍රචාරණ වියදම් කපා හැරීම, විදේස් සංචාර සීමා කිරීම, රාජ්‍ය නිලධාරින්ගේ බඳවා ගැනීම, උසස් කිරීම් නතර කිරීම යනාදී සිදු කර තිබියදී බිලියන ගණන් මුදල් වියදම් කළ බවට කුමන ආකාරයෙන් චෝදනා එල්ල කරන්නේද යන්න ගැටලු සහගත බව අමාත්‍යරවයා ප්‍රශ්න කර සිටියේය.

    එසේම පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනා දෙකෙන් සංවර්ධන යොජනාවට එකඟ වූ බවත් ණය යෝජනාව පමණක් විරුද්ධ වූ බවට විපක්ෂ නායකවරයා ඉදිරිපත් කරන චෝදනාව අතිශය සාවද්‍යයි.  

    එදින පාර්ලිමේන්තුවට යෝජනා දෙකක ඉදිරිපත් නොකළ අතර එදින අතුරු සම්මත ගිණුමට යෝජනා දෙකක් ඉදිරිපත් කළ බවත් මෙම අතුරු සම්මත ගිණුමෙන් යෝජනා කරනු ලැබුවේ 2019 වර්ෂය සඳහා මුදල් යෝජනා අනුමත කර ගැනීම බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

    නව රජය බලයට පත්වීමෙන් පසු 2020 වර්ෂය සඳහා කරනු ලබන වියදම් සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමේ වගකීම මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍යවරයා සම්පූර්ණයෙන් බාර ගෙන ඇත.

    ඒ අනුව එම ගෙවීම් සඳහා ණය සීමාව වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට කටයුතු කළේ 2019 වර්ෂයේදී ලබා දෙන ලද කොන්ත්‍රාත් සහ සැපයුම්කරුවන් පත්ව සිටින දැඩි අපහසුතාවයන් සඳහා සහන සැලසීමට බව ද ඒ මහතා පැවසීය.  

    මෙම මුදල් නොලැබීමෙන් සැපයුම්කරුවන් ණයවරය විවෘත කිරීමෙන් පසු එම ණයවර ගෙවීමෙන් පසු නැවත ණයවර විවෘත කිරීමක් සිදු වන බැවින් මෙම තත්ත්වය තුළ ණයවර විවෘත කළ සැපයුම්කරුවන්ට එම ණයවර ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

    මෙම වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා අතුරු සම්මත ගිණුමෙන් රජයේ වියදම් සඳහා මුදල් වෙන් කර තිබෙන අතර මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට රජයේ කටයුතු කරගෙන යාම වෙනුවෙන් මාස 3ක් සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කර ගැනීමට හැකි වන බැවින් අතුරු සම්මත ගිණුමේ කාලය අවසන් වුවද මැතිවරණ කාලය තුළ ජනාධිපතිවරයාට පැවරෙන බලතල අනුව නව අයවැයක් ඉදිරිපත් වන තෙක් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 144 වැනි වගන්තිය  තුළින් හිමි වන බව ද ඒ මහතා සඳහන් කළේය. 

    ප්‍රායෝගික යථාර්ථය දකින ලෙසත් වැරදීමකින් වුවද එය නිවැරදි කර ගැනීමට කතානායකතුමා සමඟ කතා කර පාර්ලිමේන්තුමේ අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කරදීමට කටයුතු කිරීමට කාලය තිබෙන බවත් එසේ සිදු කළ විගස කොන්ත්‍රාත්කරුවන් සඳහා ප්‍රමාදයකින් තොරව ගෙවීම් සිදු කිරීමට හැකි බවත් අමාත්‍යරවයා පැවසීය.

    මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට දිනයේ තමා කතානායකවරයා හමුවීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • පසුගිය මාස තුනේ ‘ගෝඨාගේ’ ශේෂපත‍්‍රය මෙන්න

    පසුගිය මාස තුනේ ‘ගෝඨාගේ’ ශේෂපත‍්‍රය මෙන්න

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කර 2020-02-25 වන දිනට දින 100ක් සපිරේ. ගත වූ කාලයේ දී “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය දෙමින් ජනතා අපේක්ෂා ඉටුකිරිමට ගත් තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග මෙලෙස සාරාංශගත කෙරිණ.

    අධ්‍යාපනය සහ අනාගත දරු පරපුර වෙනුවෙන්

    • පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම
    • උසස් පෙළ සමත් සියලු සිසුන්ට සරසවි වරම් සහතික කිරීම අධ්‍යාපනයෙන් පිරිපුන් පරපුරක් රටට දායාද කිරීමේ අමුණින් ගත් වැදගත් තීන්දුවකි.
    • උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් නොලබන තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව සමග ඉංග්‍රීසි භාෂාව හා තොරතුරු තාක්ෂණය මුසු කරගත් සුහුරු තාක්ෂණවේදීන් බවට පත්කිරීමේ කඩිනම් වැඩපිළිවළෙක් දියත් කර තිබේ.
    • වයස අවුරුදු 20 වන විට උපාධිලාභී තරුණ තරුණියන් රුකියා සදහා සූදානම් කිරීමේ වැඩපිළිවෙළක් හදුන්වාදීම.
    • ඉතා දිළිඳු පවුල්වල කිසිදු සුදුසුකමක් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධන බලකායක් යටතේ රැකියා ලක්ෂයක් බිහිකරමින් ආර්ථික වශයෙන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 වනදා සිට ක්‍රියාවට නැංවීම.
    • ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨාමාලා හදාරන අය සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කෙරෙමින් පවතී.
    • අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධන බලකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව හා විනිවිද භාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගෙන තිබේ.
    • ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපනය කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇත.
    • රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට ඝෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් රැකියා විරහිත උපාධිධාරින්/ ඩිප්ලෝමාධාරින් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම
    • රැකියා විරහිත උපාධිධාරින් සේවා නියුක්ත කිරීමේ ව්‍යාපෘතිය යටතේ අයැඳුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ නැංවිමට පියවර ගැනීම

    රාජ්‍ය සේවය වෙනුවෙන්

    • රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබා ගැනීම.
    • රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.
    • රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය, ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්ෂ දෙක හමාරක් දක්වා අඩු කිරිම.
    • රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දිම.
    • රාජ්‍ය ආයතනවල අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.
    • සේවයට බඳවා ගැනීමේ දි සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරා පත්වීම් ලබාදිමට සැලසුම් කිරීම රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් වැදගත් තීන්දු තීරණ අතර වේ.
    • සියලු රාජ්‍ය ආයතන ලාබ ලබන සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම‍
    • ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුටුවිය හැකි හොද මහජන සේවාවක් සපයන ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළ සැකසිම.
    • කාර්යක්ෂම ජනතා සේවයක් උදෙසා සියලු රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීම
    • 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කිරීම

    අපේකම් සුරැකුණ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් කරා

    • ආර්ථික පුනරුදය සදහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයකට සැලසුම් (2025 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 10ක වාර්ෂික ආදායමක් ඉලක්ක කර ගනී)
    • රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීමේ දී ඇපයට තබා ඇති දේපළ වෙන්දේසිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දීම.
    • සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට නීති සැකසීම.
    • රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණ සහ කලමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශයක් පිහිටුවීම.
    • කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන්  අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම.
    • දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරිම.
    • සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේ දී සිදුවු අපහසුතා වැලැක්විමට අදාළ සංශෝධන හඳුන්වා දීම.
    • මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය  පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවිජන මන්දිරයට රැගෙන යාම.
    • තිරිඟු පිටි ඒකාධිකාරය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස සෙසු ආනයනකරුවන්ට ද තිරිඟු පිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම
    • කෘෂිකර්ම, ව්‍යාපාර හෝ නිවාස ඉදිකර ගැනීම සදහා තිස් අවුරුදු බදු පදනම මත ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
    • ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරිම.
    • මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීම
    • ප්‍රමිතිය අසම්පුර්ණ වී කිලෝවකට රුපියල් 44ක්.
    • වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට පියවර ගැනීම
    • දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවිමට පියවර ගැනිම

    රටට සහ ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ද ජනපති ලබාදුන් ආදර්ශයන් බොහෝය.

    • කලින් පැවති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්ෂම ඉදිරියට ගෙන යාම.
    • රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.
    • ජනාධිපති කාර්ය මණ්ඩලය හා පරිවාර රථ සීමා කිරිම සහ ජනාධිපති නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.
    • භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් අනාගත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.
    • මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරිමට උපදෙස් දීම.
    • තම ධූර කාලය තුළ පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කිරීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වාලමින් හමුදා උත්තමාචාර වැනි දේ අවලංගු කිරිම

    පොදු ජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට එලැඹ තිබේ.

    • පළමු වතාවට නිවසක් මිලදී ගැනිමේ දී සහන පොළියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානය
    • අනුකූලතා සහතිකය (COC) එක් දිනකදී නිකුත් කිරීම
    • නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේදි නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනකදී අනුමත කිරීම
    • නිවසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවස බැගින්  නිවාස 14,000ක් ඉදිකර දීමේ වැඩසටහන ඇරඹීම.
    •  ග්‍රාමීය යටිතල පහසුකම් නැංවීමට ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීම
    • ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පානීය ජල සම්බන්ධතා එක් ලක්ෂ පනස්දහසක් 
    • දුරකථන ගාස්තු මත අය කර තිබු බද්ද 25% කින් පහත දැමීම.
    • 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම.
    • ආපදා අවස්ථාවල සහන සැලසීමට බාධා වන චක්‍රලේඛණ සංශෝධනය කිරීමට උපදෙස්
    • රක්ෂිතවල වාසය කරන පිරිස් සුදුසු ස්ථානවල පදිංචි කිරීමට පියවර ගැනීම
    • සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී අක්ෂි පරීක්ෂාව පමණක් සිදු කිරීම
    • දිවයින පුරා කුඩා නගර අලංකාරවත් ලෙස නවීකරණය කොට සංවර්ධනය කිරීමට පියවර ගැනීම
    • ජනවාරි 01 දා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම
    • පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය දීම.
    • ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජන කිරීමට ආරාධනා කිරීම.
    • පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාවට භාර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.
    • පරිසර පවිත්‍රතාව පොලීසියේ සහ සෙසු කණ්ඩායම්වල අවධානයට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළ.
    • මාර්තු 01 වනදා සිට වතුකම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රු 1000ක් කිරීම
    • අඩු අදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිම
    • අඩු අදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රෝනික කාඩිපතක් නිකුත් කිරීම
    • දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිස්සංකරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධිකරණය කර කෘෂිකර්ම සංවර්ධන සහ නිවාස හා ව්‍යාපාර වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනම් යටතේ ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම
    • රටින් පිටවීමේ දී සහ මෙරටට පැමිණිමේදී කිසිදු ගුවන් මගියෙකු අපහසුතාවයකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ගුවන්තොටුපොළ කටයුතු විධිමත් කිරීමට පියවර ගැනීම.
    • මෙරට සියලු ඉඩම් ඒකක කඩිනමින් මිණුම් කර අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දීම
    • මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබාදීම
    • රත්නපුර අධිවේගයට ප්‍රමුඛතාව
    • කොළඹ මාර්ග තදබදයට ඉක්මන් පිළියම්
    • ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මග පානදුර දක්වා
    • පොදු ප්‍රවාහනය නැංවිමට සැලසුම්
    • ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන්

    ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් කරා  

    • සියලු දිස්ත්‍රික්කයන්හි ඇති ආයෝජන අවස්ථා හදුනාගෙන ඒ සඳහා අවසර දීම රජය මගින් සිදුකර විදෙස් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිම.
    • එම්සීසී ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක්  සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම.
    • රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.
    • පසුගිය රජය මගහැර තිබූ දැවැන්ත ආයෝජන අවස්ථා නැවත රටට ලබා ගැනීමට කටයුතු කිරීම

    සැමට පොදු නීතියක් වෙනුවෙන්

    • ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ දී පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට බලපෑමක් නොවන පරිදි  සුපරික්ෂාකාරීව හා නීතියට අනුකූලව ක්‍රියා කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දීම.

    උද්ගත වූ හදිසි අවස්ථාවලට කඩිනම් විසදුම්

    • කොරෝනා වෛරසය පැතිර යමින් තිබු චීනයේ වෙසෙන සියලු සිසුන් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගැනීම සහ ශ්‍රී ලාංකීය ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීම.
    • වුහාන් නගරයේ සිටි සිසුන් සිය රට ගෙන්වා ගත් සිව්වන රාජ්‍යය බවට ශ්‍රී ලංකාව පත් කරමින් ජාත්‍යන්තරව රටට පිළිගැනීමක් ලබාදීම.

    විශේෂ සිදුවිම්

    • උද්ඝෝෂණයක් අතරට පැමිණි මෙරට පළමු සහ එකම පාලකයා ලෙස ඩෙංගු මර්දන උද්ඝෝෂණකරුවන්ට හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සොයා බැලීම.

    වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිරකරුවන්ගේ තොරතුරු සොයා බැලීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කිරීම.

    Twitter
    Facebook
  • පොහොට්ටුවට ළංවෙන පෙරේතයින් – කුම්භාණ්ඩයින් එළවන රස්සාව ප‍්‍රසන්නට

    පොහොට්ටුවට ළංවෙන පෙරේතයින් – කුම්භාණ්ඩයින් එළවන රස්සාව ප‍්‍රසන්නට

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිසා අපිට ලොකු හානියක් වුණා. 386,000 ක් මනාප ගත්ත මාව පක්ෂයේ සංවිධායකකමෙන් ඉවත් කළා. මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා. ඡන්දයෙන් පැරදුණු  අයව ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් දීලා පාර්ලිමේන්තු යැව්වා.

    මේ පොහොට්ටුවට කුම්භාණ්ඩයෝ හා පෙරේතයෝ ලංවෙන වේලාවක් බවත් මෙම කුම්භාණ්ඩයෝ හා පෙරේතයන් කිට්ටු කර ගත්තොත් ජනතාව පොහොට්ටුවෙන් ඈත් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    පොහොට්ටුවේ නායකයන්ට කිට්ටු         වීමට එන පෙරේතයන් හා කුම්භාණ්ඩයන්ට එරෙහි වීම නිසා තමන් ව දොරටු පාලකයෙකු ලෙස කාටුන් චිත්‍ර ශීල්පීන් අදින බව පෙන්වා දුන් රණතුංග මහතා පොහොට්ටුව හා එහි නායකයන්ව රැකගැනීම සදහා දොරටු පාලකයෙකු වීමට වුවද තමන් සුදානම් බව ද කීවේය.

    මිනුවන්ගොඩ මැතිවරණ බල ප්‍රදේශයේ උපාධිධාරින් ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ඊයේ (23) පැවති රැස්‍වීමක දී රණතුංග මහතා  මේ බව සදහන් කළේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපාධිධාරින් සංගමයේ මිනුවන්ගොඩ ශාඛාව රැස්වීම සංවිධානය කර තිබුණි.

    මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේ ය.

    ‘සජිත් ඇතුළු දේශ ද්‍රෝහී නඩය පරීපූරක ඇස්තමේන්තුව පරද්දන්න උත්සාහ කළේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන එක නවත්තන්න, අ.පො.ස (සා/පෙ) දක්වා ඉගෙන ගත්ත ලක්ෂයකට රස්සා දෙන එක නවත්තන්න. අපි මේ පරිපූරකය දැමීමේ 2019 වර්ෂයේ සිදු කර තිබු වැඩ වලට අදාළව මුදල් ගෙවන්නයි. පසුගිය ආණ්ඩුව මේ රටේ පොහොර ආනයනකරුවන්ට ඉදි කිරීම් සමාගම් වලට කෝටි ගණන් පොලු තියලා. මේ නිසා මේ සමාගම්වල සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි තරමට ම වැටිලා. මේ පඩි ටික ගෙවලා ජනතාවට සහන සලසන්නයි අපි උත්සාහ කළේ. හැබැයි සජිත්ලා ඒකට බය වුණා. සජිත්ලා මොන උප්පරවැට්ටි දැම්මත් අපි අපේ ගමන යනවා. ඒ නිසා උපාධිධාරින්ට පත්වීම් ලබා දෙන වැඩපිළිවෙල කිසිසේත් නතර වෙන්නේ නෑ.

    මේක පොදුජන අරගලයේ අවසන් සටන. මේක පොහොට්ටුවට, පොහාට්ටුවේ නායකයන්ට කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වෙන වෙලාව. නායකයන් ව තනි කරන්න හොද නැති වෙලාවක් මේක. මොකද කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ලං වුණොත් ජනතාව අපෙන් ඈත් වෙනවා. මං පසුගිය දවසක එහෙම ආපු කුම්භාණ්ඩයෝ, පෙරේතයෝ ගැන කිවුවාම කාටුන් චිත්‍ර ශීල්පීන් මගේ බඩ එහෙම දාලා මාව දොරටුපාලකයෙකු වගේ ඇදලා තිබුණා. මාව පොහොට්ටුවේ දොරටු පාලකයා වගේ ඇන්දාට මං ඒ චිත්‍ර ශීල්පීන්ට ස්තූතිවන්ත වෙනවා. මොකද ජනතාව වෙනුවෙනුයි මම ඒ දොරටුපාලකකම කරන්නේ.

    මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නිසා අපිට ලොකු හානියක් වුණා. 386,000 ක් මනාප ගත්ත මාව පක්ෂයේ සංවිධායකකමෙන් ඉවත් කළා. මහින්ද මහත්තයාගේ මිනිස්සුන්ට එළව එළව ගැහුවා. ඡන්දයෙන් පැරදුණු  අයව ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් දීලා පාර්ලිමේන්තු යැව්වා. කලාකාරයන්ට ගහපු, ගුරුවරු දණ ගස්වපු අයට ඡන්දය ඉල්ලන්න දුන්නේ මෛත්‍රී. රණවිරුවෝ හිරේ දැම්මේ, ස්වාමීන් වහන්සේලා හිරේ දැම්මේ, මහා බැංකුව මංකොල්ල කෑවේ පසුගිය ආණ්ඩුවෙන්. පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ පහුගිය ආණ්ඩුව.

    එහෙම කරපු ආණ්ඩුවේ එක නායකයෙක් ඔය  මෛත්‍රීපාල සිරිසේන. ඒ වගකීමෙන් මිදෙන්න ඔහුට බෑ. අපි අහිංසක ශ්‍රී ලංකාකාරයෝ අපි එක්ක එකතු වෙනවාට විරුද්ධ නෑ. ඒත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම ගැන අපිට ප්‍රසාදයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම එවපු නිසා එකතු කර ගත්ත බව මහින්ද මහත්තයත් කිව්වා. කොහොම වුණත් ජනාතාව ඉදිරි මැතිවරණයේ දී මේ වගේ අය ගැන තීන්දුවක් ගනිවි යැ‘යි අපි හිතනවා. ’

    මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, උප සභාපති සුජීව සම්පත්, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන් ද මෙහිදී කථා ක‍ළේය.

  • නාගනන්ද ‘යළි කරළියට’

    නාගනන්ද ‘යළි කරළියට’

    පසුගිය ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

    මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ‘ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ’ නමින් පක්ෂයක් ලියාපදිංචි කිරීමට නාගානන්ද මහතා අදාළ කටයුතු කර තිබෙන බවත් එහි මහලේකම්වරයා නාගානන්ද මහතා කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

    නව පක්ෂය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු හෙට (24* දින සිට සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් අදාළ පක්ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට කැමැති අපේක්ෂකයින්ට ඒ පිළිබදව කඩිනමින් දැනුම් දෙන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කළේය.

    පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දී මුදල් පවා එකතු කළ නාගනන්ද මහතා පසුව ජනපතිවරණයට ඉදිරිපත් වීම මහ හැර ගියේය. නාගන්නද මහතා මහා බි‍්‍රතාන්‍ය පුරවැසියෙකු බව ද ඔහු එහි පුරවැසිභාවය අත්හැර නැති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

  • ගැටඹේ  සිරි විමල හිමියන්ට ‘ජනපති ගෝඨාගේ’ ගමන ගැන සැකලු

    ගැටඹේ සිරි විමල හිමියන්ට ‘ජනපති ගෝඨාගේ’ ගමන ගැන සැකලු

    ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදි වුවත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැතැයි ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති. මාධ්‍ය වෙත යොමු කළ ලිපියක උන් වහන්සේ සදහන් කරන්නේ තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇති බවට ජනතාව තුළ කුකුසක් පවතින බවයි.

    ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියන්ගේ ලිපිය පහත පළ වේ…

    “ශ‍්‍රී ලංකාව පුරා පසුගිය වකවානුවේ සිදුවු  සිංහල බෞද්ධ විරෝධි ද්‍රෝහි ක‍්‍රියාකාරකම් අතර ජාතින් වඳ කිරීම, සංස්කෘතික විනාශය, පුරා වස්තු ඩෝසර් කිරීම හා අකා මකා දැමීම, බුදු පිළිම කඩා බිඳ දැමීම, මහා සංඝරත්නය හා රණවිරුවන්  හිරේ විලංගුවේ දැමීම, අපහාස උපහාස කිරීම,  වන සම්පත විනාශ කිරීම, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම, රටේ  ඉතිහාසය වසන්කිරීම වැනි අන්තවාදීන්ගේ ක‍්‍රියා කළාපයන් හමුවේ බහුතර ජන කොටස බලවත් සේ කම්පනයට පත් වූහ. එය විසින්ම රටට, දැයට හිතකර පාලකයෙකු පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට ලැබීම ම මෙරට දේශපේ‍්‍රමීන් ලද අති මහත් ජයග‍්‍රහණයකි.

    ඉතිහාසයේ ආරම්භක අවධියේ සිටි පෙර රජ දරුවන් අතර පැවති සම්ප‍්‍රදාය වූයේ මෙරට රාජ්‍යත්වයේ උරුමයට බෝසත්වරයෙකුට හැර අන් අයෙකුට හිමි කම් නොමැත්තේය යන්නයි. මෙසේ සටහන් තැබීමෙන් පෙනී යන්නේ මෙරට සිංහල බෞද්ධ රටක් බව ඓතිහාසික පිළිගැනීම බවයි.

    වර්තමානයේ  මේ රටේ ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ බව තහවුරු කරන ලද්දේ අනුරපුර රුවන් වැලි සෑය අභියස  දුටු ගැමුණු නරපතිඳුන් ඉදිරියේ බුදු දහම සුරක්ෂා කරන බවට සිදු කළ සපථ කිරීමෙනි.

    පසුගිය වකවානුවේ යහපාලනයේ වස මුසු වීමෙන් පණ අදිමින් පැවති සිංහල බෞද්ධ ජන සමාජයට යලි ඔක්සිජන් ලැබීමෙන්  නිරුද්ධ වීමට ආසන්නව පැවති ජාතියක් ගලවා ගැනීමේ සැනසුම් සුසුම් හෙළීමට හැකි වී ඇත්තේය.

    අතිගරු ජනාධිපතිතුමන්ගේ  සෞභාග්‍යයේ දැක්ම රටට සෙතක් සලසනු ඇතැයි බොහෝ අයගේ අපේක්ෂාවයි. ඔවුනට අහිමි වී ගිය උරුමයන් යළි ලබා ගැණිමේ බලාපොරොත්තු අති විශාලය. එමෙන්ම පැමිණිය හැකි අනාගත උවදුරු වළකාගත හැකි වෙතැයි ද ජනතාව සිතූහ.

    ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදිය. ගමන් මගේ ඉලක්කය  පැහැදිලිය ගැටළු සඳහා විසඳුම් ලබා දීමට සැදී පැහැදී ඇත්තේය. එහෙත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැත.

    හේතුව ජරා ජීර්ණ දේශපාලනය යළි හොල්මන් කරමින් පැවතමයි. මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.

    බල ලෝභීන් විසින් අන්තවාදි සුළුතරය නොමනා ලෙස පෝෂණය කොට අල්ලස් ලබා තරවීමෙන් බහුතරයට වන විපත වටහා ගත නොහැක්කේ මෙම උමතු බල කාමය නිසාවෙනි.

    යළි කිසිදා උදා නොවන යුගයක් උදෙසා සටන් කොට අවසන් අපේක්ෂාව ජය ගැනීමේ යුගය උදා වී තිබුණද  එය කලි යුගයක ආරම්භය දැයි සැක සිතෙයි. බලයට පත්ව මාස 2 ගත වූවා පමණි. ජාතිය ඇමතූ අතිගරු ජනපතිතුමන්ගේ සෑම කථාවකින්ම අභිමාවත් දේශයක් නිර්මාණය කිරීමට ඇරයුම් ලැබී ඇත්තේය.

     එහෙත් කකුලෙන් අදින බලවතුන් ඉදිරියේ  පයින්ගසා නැගී සිටීමට නම් අදීන බලයක් ලබා දිය යුත්තේමය. එම අදීනත්වය කරා ගමන්කිරීමට ස්වකීයයන් විසින්ම ගමනට හරස් කපන බව ජනතාවට පෙනී යෑම තුල ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා ප‍්‍රතිචාර දුබල විය හැකි බව තේරුම් ගැනීමට තරම්  මොළයක් ඇතැමුන්ට නැති බව පෙනී යයි.

    කඩු කිණිසි සොයා නිරායුධ කරනවා වෙනුවට නින්ද ගම් ලැබේ නම් සිංහලයාගේ බෞද්ධයාගේ අනාගත ඉරණම කෙසේ විය හැකිද ?

    විනාශ කරමින් පැවති බෞද්ධ සිද්ධස්ථාන එලෙසමය. දහනම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බල රහිත කළ ජනපතිට යළි ශක්තිය නෙලෙැබෙන්නේ නම් අප සියල්ලන්ගේම අපේක්ෂා භංග වනු නියතය. රටක් ජාතියක් සාසනයක් ගැන කවර කථාද?