Category: සුපිරි Politics

  • ශ්‍රීලනිපොස මහ මැතිවරණයට පොහොට්ටුවෙන් එයි

    ශ්‍රීලනිපොස මහ මැතිවරණයට පොහොට්ටුවෙන් එයි

    අපේ‍්‍රල් 25 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයටශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිල වශයෙන් මැතිවරණ කොමිසන් සභාවට අද (03) දැනුම් දුන්නා.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාරියවසම් මහතා සදහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මහ මැතිවරණය ප්‍රකාශ කර දින 7ක් ඇතුළත දී මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දිය යුතු බවත් ඒ අනුව මෙම දැනුම්දීම කළ බවයි.

  • වියත්මගේ ප්‍රබලයෙකු වන නාලක ගොඩහේවා ‘ගම්පහ සරණගේ’ සරණ යයි

    වියත්මගේ ප්‍රබලයෙකු වන නාලක ගොඩහේවා ‘ගම්පහ සරණගේ’ සරණ යයි

    මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින වියත් මග සංවිධානයේ ප්‍රබලයෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (27) ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි කප්පම් ගැනීම වැනි සිදුවීම් ගනනාවකටම කුප්රකටවී සිටින හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට අයත් නිවසට කුලී පදනම යටතේ පදිංචියට ගොස් ඇතැයි වාර්තාවේ.

    එදින උදෑසන මහා සංඝරත්නය  විෂයෙහි විශේෂ දානමය පුන්‍යකර්මයක්ද එම නිවසේ පවත්වා තිබේ. එදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට පැමිණි අතර නාලක හා සරණගේ බලාපොරොත්තුව වී ඇත්තේ විනාඩියකට හෝ අගමැතිවරයා මෙම නිවසට ගෙන්වා ගැනීමය.

    මුදුන්ගොඩ ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසල සරණ ගුණවර්ධන මහතා රැදී සිට ඇත්තේ අගමැතිවරයා ගුවනින් පැමිණියහොත්  අගමැතිවරයාව තත්පරයකට හෝ නාලක ගොඩහේවා මහතාගේ ගෙට ගෙවදීමේ උත්සවයට කැටුව යාමටය. එහෙත් අගමැතිවරයා ගුවන් මගින් නොපැමිණි බැවින් එම උත්සහාය ව්‍යාර්තව ගොස් ඇත. ජනාධිපතිවරයාගේ සමිපතමයෙකු ලෙස පෙනී සිටින ගොඩහේවා මහතාගේ නිවසේ පැවති උත්සවයට අගමැතිවරයාගේ නොපැමිණීම ගොඩහේවා මහතාගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.

    සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමතිවරයාට ගම්පහ දිස්ත්‍රික්කයේ ඇත්තේ යහපත් පිලිගැනීමක් නොවේ. ඔහු මෙවර මහා මැතිවරණයේ අපෙක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පොදුජන පෙරමුණු ඉහළ පෙලේ ආරංචි මාර්ග අවධාරණය කරයි.

    කප්පම් ගැනීම වැනි සිදුවීම් ගනනාවකටම කුප්රකටවී සිටින සරණ ගුණවර්ධන මහතා සිය මැතිවරණ ව්‍යාපාරයට දායක කර ගැනීම පිළිබදව ආචාර්ය නාලක ගොඩහේවා මහතාට ප්‍රදේශයේ විද්වතුන් රැසකගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ගොඩහේවා මහතා සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ නිවසේ පදිංචියට යන්නේ එම වරෝධය ඇති පසුබිමක වීම විශේෂත්වයකි.     

  • පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි: මහ මැතිවරණය අප්‍රේල් 25 දා

    පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි: මහ මැතිවරණය අප්‍රේල් 25 දා

    පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත.

    ගැසට් නිවේදනය අනුව මහ මැතිවරණය සදහා නාමයෝජනා කැඳවීම – මාර්තු 12 දා සිට 19 දා දක්වා සිදුවනු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණ යඅප්‍රේල් මස 25 වැනිදා පැවැත්වේ. නව පාර්ලිමේන්තුව කැඳවීම මැයි 14 දා සිදු කිරීමට නියමිතය.

    පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සම්මත කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුවෙ වසර 4 හමාරක කාලයක් සම්පූර්ණ විය යුතුව තිබුණි. ඒ අනුව එම කාලසීමාව සම්පූර්ණ වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

  • අලියා – හංසයා බැරි නම් ඕනෑම ලකුණක් දෙන්න – සජිත්

    අලියා – හංසයා බැරි නම් ඕනෑම ලකුණක් දෙන්න – සජිත්

    ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමේදි ඡන්ද විමසීමක් සිදු නොවුණ බවත් මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීමක් සිදුවිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

    ඊයේ (01) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමට අද (02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීයි විපක්ෂ නායකවරයා මේ බව ප‍්‍රකාශ කළේ.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ ජාතික සමගි ජන බලවේගය ස්ථාපිත කරනු ලැබුවේද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තමන්ට ලබාදුන් වගකීම අනුව බවත් කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණ විධිමත්ව ක්‍රියාත්මක නොවුණ නිසා අද ගැටලුකාරි තත්ත්වයන් ඇතිව තිබෙන බවයි.

    කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තමා වෙත ලබා දුන් බලය වගකීම හා ක්‍රියාදාමය අඩු කිරීමේ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක වූ බවට චෝදනා කළ පේ‍්‍රමදාස මහතා මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ ගැන කිසිම ප්‍රශ්යනක් නැති බවත් අලියා දෙනවනම් අලියා දිය යුතු බවත් හංසයා දෙනවනම් හංසයා දිය යුතු බවත් කියා සිටියා.

    ‘වෙනත් ඕනෑම ලකුණක් දෙන්න. තවමත් ලකුණ හුවමාරු කර ගැනීමේ කිසිම බාධාවක් නෑ’ පේ‍්‍රමදාස මහතා කියා සිටියා.

  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම්

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම්

    වත්මන් පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව වාර්තා වෙනවා. එ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අපේ‍්‍රල් 25 වැනිදා නම් කර තිබෙනවා.

  • සජිත් පිලේ කිහිප දෙනෙක් මහ මැතිවරණයේදී සජිත්ට පොලු තියන හැඩ

    සජිත් පිලේ කිහිප දෙනෙක් මහ මැතිවරණයේදී සජිත්ට පොලු තියන හැඩ

    එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි.

    පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්ව ගුණාංග තහවුරු වී නොතිබීම හේතුවෙන් ඔහුට විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කල නොහැකි බවද ඔවුනගේ අදහසයි.

    සජිත් ප්‍රේමදාස මහතාට සමීප පාර්ශවය කටයුතු කළ කොළඹ, මහනුවර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ බව තම දේශපාලන ආධාරකරුවන් වෙත දන්වා ඇත.

  • පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව  ජනපති අතට

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපති අතට

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය.

    පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපති වෙත පිළිගැන්විණ.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කමිටුව පත් කරනු ලැබීය.

    කමිටුවේ අවසන් වාර්තාව ඉදිරි පරීක්ෂණවලින් අනතුරුව සම්පාදනය කෙරේ.

    කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා,  සෙසු සාමාජිකයන් වන අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් වන නිහාල් සුනිල් රාජපක්ෂ සහ ඒ.එල්. බන්දුල කුමාර අතපත්තු, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු  ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අධිකාරි, කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.පී.බී. හේරත් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • මහ මැතිවරණයට මැතිවරණ කොමිසම සූදානම්

    මහ මැතිවරණයට මැතිවරණ කොමිසම සූදානම්

    වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධායක බලය ඊයේ (01) මධ්‍යම රාත‍්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවීම සමග අද (02) මධ්‍ය රාත‍්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණය සදහා දින නියම කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇතැයි දේශපාලන අංශ විශ්වාසය පළ කරනවා.

    පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයට දින නියම කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ නාම යෝජනා සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව එහි ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙන් සදහන් කළා.

    තැපැල් ඡන්ද කැදවීම්, තැපැල ඡන්ද දින නියම කිරීම්, ඇප මුදල් තැන්පත් කිරීම්, ප්‍රචාරක කටයුතු අවසන් කිරීම ආදී බොහෝ කටයුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කිරීමට නියමිත බවත් එම ගැසට් නිවේදන මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමු කිරීමට සූදානම් බවත් ඔහු සදහන් කළා.

  • පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ

    පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ

    වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට හිමි වුණා. ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. පාර්ලිමේන්තුව තේරී පත්වී වසර 4 ½ ක කාලසීමාවකින් පසුව එය විසුරුවා හැරීමේ බලය 19 වැනි සංශෝධනය අනුව ජනපතිට හිමිවෙනවා.

    වසර 2015 අගෝස්තු 16 වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජයගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව එම වසරේ සැප්තැම්බර් 1 වැනිදා පළමුවරට රැස් වුණා. එදින සිට වසර 4 ½ ක ගත වූ පසු එය විසුරුවා හැරීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) උප වගන්තිය යටතේ විධායක ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙනවා.

    වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට කටයුතු සූදානම් කැර ඇතැයි තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (01) මාතර දී සඳහන් කළා. 

  • ජනපතිවරණ කාලේ සජිත්ගේ රගපෑම් දැන් කෝ – ඇමැති ප‍්‍රසන්න

    ජනපතිවරණ කාලේ සජිත්ගේ රගපෑම් දැන් කෝ – ඇමැති ප‍්‍රසන්න

    “ගමට ගෙයක් – රටට හෙටක්” රජයේ නිවාස වැඩ පිළිවෙල යටතේ ඉදිකෙරුණු පළමු නිවස විවෘත කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඕජඩ්වත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකර තිබුණේ දින 29 කින් වීම විශේෂත්වයකි.

    නිවස විවෘත කිරීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. පෙබරවාරි මස 01 වෙනි දින මුල්ගල තැබුණු  නිවසේ  හිමිකරු වුයේ රමිලා පතිරණ මහත්මියයි. පාසල් යන දරුවන් දෙදෙනෙකු ද මෙම නිවසේ සිටින අතර මෙම පවුලට නිසි ආදායම් මාර්ගයක් ද නොමැත. නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ ද පරිත්‍යාගශීලින්ගෙන් ලැබී තිබිණ.

    මෙම නිවස විවෘත කිරීමේ උත්සවයට කිසිදු රජයේ මුදලක් වැය කර නොතිබිණි. එමෙන් ම මේ වෙනුවෙන් සමරුඵලක, වේදිකා හෝ ඉදිකර නොතිබීම ද විශේෂත්වයකි. ගමට ගෙයක් – රටට හෙටක් වැඩසටහන් යටතේ දිවයින පුරා සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි නිවාස ඉදි කිරීම සිදුවේ. ඒ අනුව නිවාස 14,000 ක් කඩිනමින් හිමිකරුවන්ට පැවරීමට නියමිතයි.

    නිවස විවෘත කිරිමේ අවස්ථාවට එක් වු කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දේශපාලඥයන් හා නිළධාරින් එක් වී අවබෝධයෙන් කටයුතු කිරිම නිසා මෙම නිවස දින 29 කින් නිම කර ගැනිමට හැකි වු බවයි. පසුගිය යහපාලන සමයේ මෙවැනි නිවසක් ඉදිකළේනම් එය විවෘත කිරීමේ උත්සවයට හිටපු ඇමතිවරයා රුපියල් කෝටි ගණනාවක් වැය කරන බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වව්නියාවේ නිවාස 10 ක් ඉදිකර එය විවෘත කරන උත්සවයට මාතර පොස්ටර් ගැසූ යුගය වත්මන් ආණ්ඩුව අවසන් කළ බව කීවේය. නිවාස ඉදි කිරීම වෙනුවට හිටපු ඇමතිවරයා කළේ කෝටි ගණන් රජයේ මුදල් වියදම් කර සිය පුද්ගලික ප්‍රචාරක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිම පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

    “ඡන්ද කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා රබර් සෙරෙප්පු දාගෙන රගපෑවා. ජනාධිපති වුණොත් වාහන එපා කිව්වා. ජනාධිපති මන්දිර එපා කිව්වා. දැන් විපක්ෂ නායක වුණා විතරයි සේරම ගත්තා. හැබැයි ජනාධිපතිතුමා ඡන්දෙට කලින් මොනවත් ගන්නේ නෑ. අනේ මං ඉන්නේ මිරිහානේ කියලා කිව්වේ නෑ. හැබැයි එතුමා ක්‍රියාවෙන් ඔප්පු කළා රට හදන්න කැප වෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔප්පු කළා එයා කියන්නේ එකක්, කරන්නේ එකක් කියලා.

    අද මේ රටේ ජනතාව දන්නවා මේ ආණ්ඩුවට සජිත් මහත්තයා වැඩ කරන්න දෙන්නේ නෑ කියලා. ඔවුන් ආණ්ඩුවේ කකුලෙන් අදිනවා කියලා. ඒ නිසා අපි ජනතාවට දෙන්න හිටපු සහන ලබා දෙන්න බැරිවෙලා තියෙනවා. නමුත් අලිව තත්ත්වයක කාටවත් බෑ. අපි ජනතාව වෙනුවෙන් කළ හැකි කළ යුතු සියලු දේ කරනවා.

    නිවාස රාජ්‍ය ඇමති ඉන්දික  අනුරුද්ධ මහතා ද මෙහිදී කථා කළේය.

  • තම රුව සිතුවම් නොකරන ලෙස   ජනපති ගෝඨා ඉල්ලයි

    තම රුව සිතුවම් නොකරන ලෙස ජනපති ගෝඨා ඉල්ලයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද ජනපතිවරයාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

    ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර (Portrait) සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනයත් සිදුවන බව නිරීක්ෂණය කර ඇත.

    තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි. පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බව ජනපතිවරයා කියා සිටී.

  • හෙට මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ඇමැති ප්‍රසන්න

    හෙට මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ඇමැති ප්‍රසන්න

    ජනාධිපතිවරයා එක් පක්ෂකයිනුත්, අගමැතිවරයා තවත් පක්ෂයකිනුත් පත් වී ජීවිතේට රටක් ගොඩ නැගිය නොහැකි බවත් රට ගොඩ නැගීමට නම් දෙදෙනා ම එක් පක්ෂයකින් පත් වි ස්ථාවර ආණ්ඩුවක් බිහිවිය යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    හෙට (02) මධ්‍යම රාත්‍රියේ දී වත්මන් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් ම විසුරුවා හරින බව පැවසු රණතුංග මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස්ථාවර ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටළු රැසක් විසදා ගත හැකි වනු ඇති බව ද පෙන්වා දුන්නේය.

    මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගුරු සංගමයේ රැස්විමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය. රැස්වීම අද (01) උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දි පැවැත්විණ.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග මහතා මෙසේ ද කීවේය.

    “පසුගිය මාස 03 අපි කළේ ණයට ගත්ත ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තුවේ අපිට බහුතර බලය ඇත්තේ නෑ. ඒ නිසා විපක්ෂය විවිධ කකුල් මාට්ටු දානකොට තමයි අපිට ආණ්ඩුව ගෙනියන්න වුණේ. 2015 බොරු කන්දරාවක් කියලා බලයට ආපු යහපාලන ආණ්ඩුව බලය පවත්වාගෙන ගියෙත් බොරු වපුරවමින්. යහපාලන ආණ්ඩුව රටට කළ සෙතක් නෑ. රට විනාශ කළා මිසක්. ණය ගන්න තියෙන ඕනෑකමට ජාත්‍යන්තර පදේට නටපු එක තමයි යහපාලන ආණ්ඩුව කළේ යහපාලන ආණ්ඩුව තනිකරම රූකඩයක්. ජිනිවා සම යෝජනා  ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව එකගවුණෙත් ඒ නිසයි. MCC වගේ ගිවිසුම් වලට අත්සන් කළෙත් ඒ නිසා. මෙච්චර මුදලක් දෙනවා කියපු ගමන් අම්මා තාත්තා වුණත් උගස් කරන සෙට් එකක් තමයි යහපාලනයට මුවා වෙලා රට පාලනය කළේ. නමුත් අපි එහෙම නෙමේ. අපිට මොනවා ලැබුණත් වැඩක් නෑ. රට පාවා දීලා. ඒ නිසා අපි ජිනීවා සම යෝජනාවලියෙන් ඉවත් වුණේ. ජිනීවා සම යෝජනාවලියෙන් ඉවත් වීම මේ රටේ ජනතාව ලැබු ඓතිහාසික ජයග්‍රහණයක්. මේ සම යෝජනාවලිය සැකසුවේ කාගේ වුවමනාවටදැ‘යි අද ඒ වෙනුවෙන් පෙනී සිටින අයගෙන් පැහැදිලි වෙනවා. දෙමළ ඩයස්පෝරාවට කඩේ යන උදවිය තමයි අද ලංකාව සමයෝජනාවලියෙන් ඉවත් වුණාම වැළපෙන්නේ.

    පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනපති, අගමැතියි වැඩ කළේ එළ හරකයි, මී හරකයි වගේ. දෙන්නා දෙපැත්තට ඇද්දා. මේ නිසා රට තුළ කිසිම වැඩක් වුණේ නෑ. දැන් සජිත් ප්‍රේමදාස පාර්ශවය කියනවා එයාව අගමැති කරන්න කියලා. ජනාධිපති එක පක්ෂයකිනුත්, අගමැති තව පක්ෂයකිනුත් පත් වෙලා ජීවිතේට මේ රට ගොඩගන්න බෑ. අපිට එහෙම අත්දැකීම් තියෙනවා. මහින්ද – ගෝඨා සුසංයෝගයෙන් තමයි වසර 30 ක යුද්ධයෙන් මුදා ගත්තේ. පසුගිය මාස 03 තුළ විපක්ෂය අපට විවිධ කකුල් මාට්ටු දාද්දි අපි හැකි පමණ යහපාලන ආණ්ඩුව ආපහු හරවා තිබු රටේ ඉදිරි ගමන යථා තත්ත්වයට පත් කරන්න පියවර ගත්තා. නමුත් එය ප්‍රමාණවත් නෑ. හෙට මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මේ මහා මැතිවරණයේ දී තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. එතකොටයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රට පත් කර ඇති උගුලෙන් රට බේරා ගත හැකි පරිදි ව්‍යවස්ථා සංශෝධනයකට යා හැක්කේ.

    මේ දිනවල රටේ උද්ඝෝෂණ රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයකරන නායකයන්. ඒකයි යහපාලන ආණ්ඩුව වගේ උද්ඝෝෂකයන්ගේ ඔළු පලන්නේ නැත්තේ. අපි ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ඉටු කර දීමට හැම විටම මැදිහත් වෙනවා. ගුරුවරු පහුගිය දවසක ලෙඩ නිවාඩු දැම්මා. අපි ඒ වන විටත් ගුරුවරුන්ගේ ප්‍රශ්න විසදන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලයි තිබුණේ. මේ රටේ ගුරුවරුන්ගේ ප්‍රශ්න වලින් 75% ක් 80% ක් ම අපි විසදලා ඉවරයි.

    පසුගිය ජනාධිපතිවරණයේ දී TNA එක රිෂාඩ් බදුර්දීන්ලා උදව් කරේ සජිත්ට. සජිත් මෙවර තරග කරන්නේ ඒ අයව එකතු කරගෙන. නමුත් අන්තවාදී දෙමළ මුස්ලිම් පක්ෂ සමග අපි කිසිම ඇයි හොදයියක් නෑ. අපි රට පාවා දෙන කිසිවෙකු සමග කිසිම මොහොතක බලය වෙනුවෙන් එකතු වෙන්නේ නෑ. අපි පසුගිය මැතිවරණ වලට වගේම මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේත් පොදුජන පෙරමුණෙන්, පොහොට්ටුව ලකුණින්. දැන් පොහොට්ටුවට පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ එනවා. ඒ නිසා ජනතාව මේ මැතිවරණයේ දී ඉතා කල්පනාවෙන් වැඩ කළ යුතුයි.

  • තරුණ ජීවිත සමග සෙල්ලම් කරද්දී ‘තාත්තයි – පුතයි දෙන්නම එකයි – ඇමැති ඉන්දික

    තරුණ ජීවිත සමග සෙල්ලම් කරද්දී ‘තාත්තයි – පුතයි දෙන්නම එකයි – ඇමැති ඉන්දික

    වත්මන් රජය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිවකුගේ රැකියා අහිමි නොකළ බවත්, හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කොන්ත්‍රාත් පදනමින් ලබා දුන් පත්වීම් නිසා තරුණ තරුණියන්ට රැකියා අහිමි වු බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.     

    තරුණ ජීවිත රවටා එතුමන් අද සිදුකළ දෙයම එදා ඔහුගේ පියාණන්ද බලය ලබා ගැනීම සඳහා තරුණ ජීවිත යොදාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  

    පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශය විශාල ලෙස අවභාවිතයට ලක්ව ඇති අතර එහි නිළධාරීන්ද විශාල පීඩනයකට ලක්වෙමින් සේවය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, හිටපු නිවාස අමාත්‍යවරයා රට පුරා නිවාස ඉදිකරනවා යැයි පවසමින් නිවාස සඳහා මුල්ගල් තබමින් තම ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට කටයුතු කර ඇති බවත්, ඉන් රටේ ජනතාවට කිසිදු සේවයක් සිදු නොවූ බවත් ප්‍රකාශ කළේය.  

    ජනතාව අද වැඩකරන රටක් ඉල්ලා සිටින බවත්, වත්මන් රජය අද නිවාස අමාත්‍යංශය හරහා එය රටට සහ ලොවට පෙන්වා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ නිමකළ ප්‍රථම නිවස ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (01) දින සහභාගී වෙමිණි. මෙම උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, ඔර්චඩ්වත්ත ග්‍රාමසේවා වසමේදී පැවැත්විණි.     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ජීවත්වීමට ස්ථීර නිවසක් නොමැතිව සිටින අඩුආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලු විසදීමේ අරමුණින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ දිවයින පුරා නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස සංවර්ධන වැඩසටහන පසුගිය පෙබරවාරි මස 01 දින කුරුණෑගල, ගිරිබාවේදී ආරම්භ විය.

    දින 60 ක් තුළ නිවාස ඉදිකර අවසන් කිරීමේ ඉලක්කයක් සහිතව මෙම වැඩසටහන ආරම්භ කළ නමුත්, දින 30 කට අඩු කාලයකදී පළමු නිවස අංගසම්පූර්ණව ඉදිකර අවසන් කිරීමට රජයට හැකිවීම විශේෂත්වයකි.

    “ගමට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහනේ පළමු නිවස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයද ඉතා චාම් ආකාරයට සංවිධානය කර තිබිණි.

    මෙම අවස්ථාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ප්‍රාදේශීය දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

  • දිනේෂ්ගේ ‘ජිනීවා හෙල්ලු’ සම්පූර්ණ කතාව

    දිනේෂ්ගේ ‘ජිනීවා හෙල්ලු’ සම්පූර්ණ කතාව

    පොදු විවාදය – න්‍යාය පත්‍ර විෂය අංක: 2 – මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනා සම්මුතියට අනුව, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම: ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාව (A/HRC/43)/19)

    2020 පෙබරවාරි මස 27 වැනි දින

    ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා සහ කම්කරු සබඳතා අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශය

    සභාපතිතුමියනි,

    මහ කොමසාරිස්තුමියනි,

    මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් සහ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසි වාරයට සහභාගී වූ නියෝජිතවරුනි,

    නෝනාවරුනි, මහත්වරුනි,

    මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්, මහ කොමසාරිස්තුමිය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම මෙම සභාව විසින් සමාලෝචනයට භාජනය කරනු ලබන මෙම අවස්ථාවේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතිමහත් බහුතරයකින් ජයග්‍රහණය කරන ලද, පසුගිය නොවැම්බර් මාසයේදී පැවැත්වූ ජනාධිපතිවරණයේ දී ජනතාව ලබා දුන් ප්‍රශස්ත ජනවරමින් අනුමත කරන ලද ජාතික ක්‍රියාකාරිත්ව රාමුව තුළ, තිරසාර සංවර්ධනය, සාමය සහ සංහිඳියාව සාක්ෂාත්කර ගැනීම සඳහා මහ කොමසාරිස්තුමිය සහ ඇයගේ කාර්යාලය හා සමඟ කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව ඇපකැපවී සිටින බව අවධාරණය කරනු කැමැත්තෙමි.

    මානව හිමිකම් කවුන්සිල යෝජනා සම්මුති 30/1 පිළිබඳ ස්වකීය ස්ථාවරය, විශේෂයෙන්ම 2015 ඔක්තෝබර් මස 30/1 හා 2017 මාර්තු මස 34/1 යන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 40/1 යෝජනා සම්මුතියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමේ ස්වකීය තීරණය පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් ඊයේ පැවැති ඉහළ මට්ටමේ රැස්වීමේ දී පැහැදිලි කරන ලදී.

    මෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද, දේශීය විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම, රජයේ කැපවීම තුළ මුල්බැසගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, තිරසාර සංවර්ධන අරමුණු (SDGs) ක්‍රියාත්මක කිරීමට කැපවීම සහ එක්සත් ජාතීන්ගේ සහ එහි නියෝජිතායතනවල සහාය ඇතිව අඛණ්ඩව කටයුතු කිරීම තුළින්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ, තිරසාර සාමය හා සංහිඳියාව සඳහා වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා වන අපගේ කැපවීම අවධාරණය කළෙමු.

    තිරසාර සාමය හා සංහිඳියාව උදෙසා වගවීම හා මානව අයිතිවාසිකම් මත පදනම්වූ ඉලක්ක සාක්ෂාත්කර ගැනීමට ඇති කැපවීම රජය විසින් මෙම කවුන්සිලය වෙත තහවුරු කර තිබියදීත්, 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව අපේක්ෂාභංගත්වය පළ කර ඇති පාර්ශ්වයන්, තිරසාර සාමය හා සංහිඳියාව සඳහා ජන වරමකින් තහවුරු වූ අව්‍යාජ හැකියාවකට වඩා, වසර හතරහමාරක් තිස්සේ ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වූ මතුපිට මුහුණුවරකට ඔවුන් ගෞරවය ලබා දී ඇති බව පැහැදිලිය.

    මෙම මූලික යථාර්ථයන් මානව අයිතිවාසිකම් කවුන්සිලය විසින් අවබෝධ කර ගනු ඇත යන අංවක අපේක්ෂාව ඇතිව, මානව හිමිකම් කවුන්සිලය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේ අපගේ ස්ථාවර ප්‍රතිපත්තියට අනුකූලව, අද දින වර්තමාන මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ප්‍රතිචාර දැක්වීමටත්, මෙම උත්තරීතර සභාව සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වීමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නීය.

    40/1 යෝජනා සම්මුතියට අනුගතවීමෙන් 1 වසරකට පසු සහ මූලක 30/1 යෝජනා සම්මුතියට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් වසර හතර හමාරකට පසු අප එසේ කරනුයේ, එකී කාල පරිච්ඡේදය තුළ අපගේ රජය බලයේ රැඳී සිට ඇත්තේ දින 100 කට මඳක් වැඩි කාල පරාසයක දී බව ද සිහියේ තබාගනිමිනි.

    මීට වසරකට පමණ පෙර මෙම කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී, ශ්‍රී ලංකා රජය නියෝජනය කළ මගේ පූර්වගාමියා වූ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් විසින්, මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මුතිය ‘පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම’ හා සම්බන්ධ ව්‍යවස්ථාමය, නෛතික හා සමාජ-දේශපාලනික අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් පැහැදිලි කරන ලදී. මෙම සන්දර්භය තුළ, 30/1 යෝජනා සම්මුතියෙන් ශ්‍රී ලංකාව සඳහා කරන ලද ඉල්ලීම් ‘පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම’ පිළිබඳව මහ කොමසාරිස්වරිය විසින් වත්මන් වාර්තාවේ අවධාරණය කිරීමෙන් පෙනී යන්නේ, ගැටළු විසඳා ගැනීම පිණිස ඒ ඒ රාජ්‍යයන් විසින් සද්භාවයෙන් ඉදිරිපත් කරනු ලබන තාර්කික හා නීත්‍යානුකූල උනන්දුව හඳුණා ගැනීමට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අසමත්වීම පෙන්නුම් කිරීමක් ලෙස අපි සළකමු.

    මෙම කවුන්සිලය ඉදිරියේ අවස්ථා කිහිපයක දී අවධාරණය ඇති පරිදි, ශ්‍රී ලංකාවේ වර්තමාන හමුදාපති හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එල්ල කොට ඇති අසත්‍ය හා සනාථ නොකළ චෝදනාවල විශ්වසනීයත්වය ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාවල ලුතිනන් ජනරාල් සිල්වා මහතාට එරෙහිව දිගින් දිගටම එල්ල කරන ලද අත්තනෝමතික චෝදනා සහ මෙම කවුන්සිලයේ කරන ලද වෙනත් ප්‍රකාශ සහ ඇතැම් රටවල ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග පිළිගත නොහැකි බවත් එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකාව සලකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාවේ හෝ ඉන් පසුව ඇති නිල ලේඛනයක යුද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන්ට එරෙහිව සනාථ කරන ලද චෝදනා නොමැති බව අපි අවධාරණය කරන්නෙමු. ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවල හෝ පොලීසියේ සේවය කරන හෝ විශ්‍රාමික නිලධාරියෙකුගේ අයිතිවාසිකම් අහිමි කිරීම අසාධාරණයකි.

    මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් “බිය ගැන්වීමේ චාරිකා”, “සෝදිසි කිරීම්”, “හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි” සහ “පළිගැනීම්” සම්බන්ධයෙන් ගත් කල, රජය මේ වන විටත් මෙම චෝදනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ඇපකැප වී සිටින අතර, මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට සහ සිවිල් සමාජයට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කොට නඩු පැවරීමට කටයුතු කරයි.

    පළාත් සභා පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ගත් කල, ගැටුම අවසන් වූ විගස, අවුරුදු 25 ක ප්‍රමාදයකින් පසුව උතුරු පළාතේ පුරවැසියන්ට පළාත් සභා මැතිවරණයක දී තම ඡන්ද බලය භාවිතා කිරීමට හැකි වූ බව සැලකිල්ලට ගත යුතුය. කෙසේ වෙතත්, 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ පසුගිය රජය විසින්, උතුරු හා නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරී සහයෝගය ඇතිව රටේ ඕනෑම ප්‍රදේශයක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආසන්න වශයෙන් දෙවසරක් ප්‍රමාද කිරීම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි බලය බෙදා හැරීම ක්‍රියාත්මක වීමට බාධාවක් වී තිබේ. නීතියට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකරමින් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නව රජය කැපවී සිටී.

    සියල්ල ඇතුළත්, දේශීයව සැලසුම් කරන ලද සහ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් තුළින් තිරසාර සාමය ළඟා කර ගැනීම සඳහා ඉහළ මට්ටමේ රැස්වීමේ දී ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ කැපවීම මෙම කවුන්සිලය වෙත අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු.

    පාර්ලිමේන්තු අනපනත්  මගින් ස්ථාපිතව දැනට පවතින අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය වැනි සංහිඳියා යාන්ත්‍රණ, රජයේ ප්‍රතිපත්ති කාර්ය රාමුව ප්‍රකාර යෝග්‍ය අනුවර්තනයන් සහිතව අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත;   අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන්, අවශ්‍ය  විමර්ශනවලින් අනතුරුව, මරණ සහතික හෝ අතුරුදන් වීමේ සහතික නිකුත් කිරීමට සහ පීඩාවට පත් පවුල් සඳහා ජීවනෝපාය හා වෙනත් ආධාර ලබා දීමට පියවර ගනු ලැබේ;

    මානව අයිතිවාසිකම හා ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනයනට අදාලව ලද පැමිණිළි විමර්ෂනය කරන ලද මුල් විමර්ෂණ කොමිෂන් සභා වාර්තා සමාලොචනයට භාජනය කිරීම පිණිස ශ්‍රෙෂ්ඨාධිකරණ  විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත්  විමර්ෂණ කොමිෂන් සභාවක් පත් කෙරෙනු ඇත.  එකී කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය තක්සේරු කිරීමට හා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය පියවර යෝජනා කිරීමද එමගින් සිදු වනු ඇත.

    මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කළ මුල් ශ්‍රී ලාංකික විමර්ශන කොමිෂන් සභා වාර්තා සමාලෝචනය කිරීමට, එකී කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය තක්සේරු කිරීමට හා නව රජයේ ප්‍රතිපත්තියට අනුකූලව ඒවා ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය පියවර යෝජනා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කොමිෂන් සභාවක් පත් කරනු ලැබේ;

    දැනට අධිකරණය ඉදිරියේ පවත්නා, වධහිංසා පැමිණවීමේ චෝදනා සහ අනෙකුත් මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් විමර්ශනය කර, නීති මගින් කටයුතු කිරීම පිණිස පවත්නා ජාතික බලාත්මක කිරීමේ ක්‍රමවේදයන් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

    කිසිදා ක්‍රියාත්මක නොකිරීමේ අදහසින් යුතුව ඉටු කළ නොහැකි බැඳීම් ඇතිකර ගැනීමේ පිළිවෙත වෙනුවට, ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුකූල වන සාක්ෂාත් කරගත හැකි සංහිඳියා පියවර කෙරෙහි අවධානය යොමු කිරීමේ මෙම ප්‍රවේශය, මෙම කවුන්සිලය විසින් අගය කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

    ඉහත පරාමිතීන් තුළ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් හා ක්‍රියා පටිපාටි සමඟ අඛණ්ඩව කටයුතු කිරීමටත්, දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්ති වලට අනුකූලව එකඟ වූ ක්ෂේත්‍රවල දී අන්‍යෝන්‍ය වශයෙන් ධාරිතා වර්ධනය හා තාක්ෂණික සහාය තුළින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කිරීමටත් අපි අපේක්ෂා කරමු.

    ස්තුතියි.

  • Hot Plate: සජිත් කොළඹින් එන බව පක්ෂයට කියලා නෑ – රනිල්

    Hot Plate: සජිත් කොළඹින් එන බව පක්ෂයට කියලා නෑ – රනිල්

    සටහන – ගජබා නාගහවත්ත

    ඉන්දියාවේ හින්දු පුවත් පත එරට ජාත්‍යන්තර භූමිකාව සම්බන්ධයෙන් සංවිධානය කරන සමුළුවට ආරාධනා ලැබු එ.ජා.ප නායකයා එහි දෙවන දිනයේ ප්‍රධාන දේශනය පැවැත්වීය. සමුළුව විවෘත කළේ ඉන්දියානු ජනපති විසිනි.

    දින හතරක අවකාශයක් ඒ හරහා සජිත් පිළට ලබාදුන් එ.ජා.ප නායකයා තමා සිය රට පැමිණෙන විට සන්ධානය හා ලකුණ මෙන්ම ව්‍යවස්ථාවට අදාළ කරුණු නිම කොට තබන ලෙස ඉල්ලා තිබින. නැතහොත් පැමිණි පසු නායකත්ව බලතල යටතේ සියළු තීන්දු ගන්නා බවද අගවා තිබින. එහෙත් අවශ්‍ය කරුණු නායකයා සිය රට පැමිණෙන විටද සපුරා නොතිබුන බවට ආරංචි පළවිය.

    විපක්ෂ නායක සජිත් හා සන්ධාන මහාලේකම් මද්දුම බණ්ඩාර බදාදා එ.ජා.ප නායකයාගේ නිවසට පැමිණියේ ඒ අතරතුරය.

    “සමගි ජන බලවේගයේ සමාරම්භක උළෙල මාර්තු 02 දා නෙළුම් පොකුණේ දි පවත්වනවා. ඔබතුමාටත් ආරාධනයක් කරන්නයි ආවේ.” විපක්ෂ නායකයා කීවේය.

    ” මම එන්නම්. ඒත් හැමදේම නිල වශයෙන් සිදු වෙන්න ඕනේ. සන්ධානය එහි ලකුණ හා එම ව්‍යවස්ථාව සුදානම්ද? ඒවාට කෘත්‍යධිකාරියේ අනුමැතිය ගන්න ඕනේ.” නායකයා කීවේය.

    “ඒ කටයුතු වේගයෙන් සිදුවෙනවා.” විපක්ෂ නායක හා මද්දුම බණ්ඩර පිළිතුරු දුන්නේය.

    “එහෙනම් මම වහාම කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරන්නම්. එතනදි අනුමත කර ගනිමු.” නායකයා කීවේය.

    වෙනත් ආරංචි මාර්ග කියා පාන්නේ සන්ධානයේ ලකුණ ගැන විපක්ෂ නායක හා රවි කරුණානායක අතර සාකච්ඡා තවමත් නිම වී නොමැති බවය. එමෙන්ම එ.ජා.ප නයකයා හා විපක්ෂ නායක දෙදෙනා එකමුතුව පත් කළ ව්‍යවස්ථාව තැනිමේ නීතිඥ මණ්ඩලයේ කටයුතුද නිමවී නැති බවය. එම කටයුතු සීග්‍රයෙන් නිමවෙමින් තිබෙන බවද එම ආරංචි මාර්ග කියාපායි.

    බ්‍රහස්පතින්දා පෙරවරුවේ එ.ජා.ප නායකයා සිරිකොත ගියේ රාජකාරි ඉටු කිරිමටය. පැමිණ සිටි බොහෝ දෙනෙකු සමග ද නායකයා කතා බහ කළහ.

    ” මේ වැඩ දැන් අත ගා ගා ඉන්න වෙලාවක් නැහැ. පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවාවි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ දැඩි ස්වරයෙනි.

    “ඇත්ත එයාලගේ වගකීම් කඩිනම් කරන්න ඕනේ. රවි හංසයා දෙන්න පක්ෂයේ නම මාරු කරන්නත් කැමතියිලු. මෙයාලා ඒ පක්ෂයට බැදිලා හරි මේක ඉවර කර ගන්න ඕනේ.” නායකයා කීවේය.

    “විපක්ෂ නායකගේ කණ්ඩායම නොනිල විදියට යමක් කරන්න උත්සාහ කරන එක හරි නෑ. ජනමාධ්‍යවලින් විතරක් මේක කරන්නත් බෑ.” එ.ජා.ප නීති නිලධාරියෙක් කීවේය.

    “දැන් අගමැතිතුමා කොළඹින් ඡන්දය ඉල්ලනවද? විපක්ෂ නායකතුමාත් කොළඹින් එනවා කියලා තමයි ආරංචි.” චම්පිකා ප්‍රේමදාස ඇසුවේය.

    “මම ඉල්ලනවා. අවසන් තීන්දුවක් තාම නෑ. සජිත් කොළඹින් එන බව අපිට කියලා නෑ. ජනමාධ්‍ය හරහා විතරක් එහෙම කරන එක එයාටත් හොද මදි. නොමිනේෂන් බෝඩ් එක තමයි සජිත් ගැන අවසන් තීන්දුව ගන්න ඕනෑ.” නායකයා කීවේ සැහැල්ලුවෙනි.

    “කථානායක කරු ජාතික ලැයිස්තුවත් ඉල්ලුවේ නැහැ කියලා කියන්නේ ඇයි.” දයා ගමගේ ඇසුවේ නායකයාගෙනි.

    “ඒක ඇත්ත. කරුත් තරග කරන්න හිතාගෙන ඉන්න හැඩයි. මම මීට පෙර කොළඹට එන්න කියලා සජිත්ට කිව්වා. ඒ වෙලාවේ අදට වඩා එයාට කොළඹ ගැම්මක් තිබුණ නිසයි ආරාධනා කළේ. ඒත් ආවේ නැහැ.” එ.ජා.ප නායකයා පිළිතුරු දුන්නේය.

    “ආණ්ඩුව ලග ලග නානවා. වර්ජන රැල්ලක් රට පුරා යනවා. ඒවා වැඩ කරන ජනතාවගෙන්ම ආපුවා මිසක් අපි ආණ්ඩුවේ ඉන්න කොට පොහොට්ටුවෙන් කරපුවා වගේ තිරෙන් පිටුපස ඉදන් කරන ඒවා නොවෙයි. රණවිරුවොයි, ගුරුවරුයි රැකියාවෙන් දොට්ට දාපු දහස් ගණනකුයි මහ පාරේ.” දයා ගමගේ කීවේය.

    “ගුවන් විදුලියේ වැටුප් ගෙවලාත් නැහැ. ඒ අතරේ සා.පෙල අසමත් ලක්ෂයකටයි. උපාධිධාරින් 50,000 කටයි රැකියා දෙන බව කියමින් මහ ඡන්දයට මිනිස්සු අන්දනවා. ණය වාරිකත් ගෙවා ගන්න බැරි රටක් බවට ලංකාව ඇද වැටිලා.” චම්පිකා ප්‍රේමදාස කී දේ සියළු දෙනා අනුමත කළහ.

    “ජිනිවාවල අත්සන් කළාට පස්සේ වසර දෙකක් යනකම් ඉවත් වෙන්න බෑ. අපි කළේ මහින්ද රාජපක්ෂ බෑන් කී මූන් සමග එකග වූ දේ ඉදිරියට ගෙනිහින් එයයි රණවිරුවොයි බේරපු එකයි. ඒත් මේ ආණ්ඩුව ජිනිවාවල ආපහු නානවා. අතුරුදහන් වූ අය හා ඝාතනය වූ මාධ්‍යවේදින් ගැන හෙයන එක ඕනෑම ආණ්ඩුවක වගකීමක්. ලංකාවෙදි සිංහල බෞද්ධ රටක් කියලා මර හඩ දීපු දිනේෂ් ආණ්ඩුවේ ස්ථාවරය හැටියට ජිනිවාවලදි කිව්වේ ලංකාව බහුවාර්ගික, බහුආගමික, බහුසංස්කෘතික, බහු භාෂාමය රටක් කියලායි.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

    “ඔබතුමාට විරුද්ධව ප්‍රචාරය වෙච්ච මඩ වීඩියෝව මොකක්ද? චම්පිකා ප්‍රේමදාස ඇසුවේ නවීන් දිසානායකගෙනි.

    ” ඒ තරුණ ව්‍යාපාරිකයා ආණ්ඩුවට ලක්ෂ එකහාමාරකට වඩා ගෙවනවා. මාස තුනක දැනුම් දීමක්වත් උසාවි නියෝගයක්වත් නැතුවයි එයාගේ අනාගතය විනාශ කළේ. මම දිගටම එවැනි අසාධාරනකම්වලට විරුද්ධව පෙනී ඉන්නවා.” නවීන් දිසානායක කීවේ හැගීම් බරවය.

  • කතානායක කරූ ජයසූරිය චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය

    කතානායක කරූ ජයසූරිය චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය

    කතානායක කරූ ජයසූරිය මහතාගේ චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය පෙරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විසින් කරන ලැබූ දේශණය

    ප‍්‍රථමයෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධවන සියලූම දෙනාට සුභ සන්ධ්‍යාවක් වේවා!යි ප‍්‍රාර්ථනය කරමින් මම මගේ දේශනය පටන් ගන්නම්.

    කරූ ජයසූරිය චරිතාපදානයේ ප‍්‍රධාන දේශනය කිරීමට මා එකඟ වූයේ ඇයි ද? යන්න මම පළමුව පැහැදිලි කළ යුතු වනවා. අපි විවිධ පරිපාලකයන්, දේශපාලකයින් පිළිබඳව කතා කරනවා. ඔවුන්ව විවේචනය කරනවා. පසසනවා. හැබැයි මා මෙතනට ආවේ පරිපාලකයෙක් හෝ දේශපාලඥයෙක් ගැන කතා කිරීමට නොවේ. කරූ ජයසූරිය චරිතය ඒ දෙකට ලඝු කිරීමට සිදු වූයේ නම්, මම ඔහුගේ පොත වෙනුවෙන් පවත්වන මෙම උත්සවයේ දේශනය නොකරන්න තිබුණා. මම ආවේ statesmen කෙනෙක් ගැන කථා කරන්නයි. statesmen යන වචනයට ගැලපෙන ආසන්න සිංහල යෙදුම වශයෙන් මට හමුවන්නේ ධුරදර්ශි ප‍්‍රවින රාජ්‍ය තාන්ත‍්‍රිකයා යන්නයි. අපගේ විශ්වවිද්‍යාල ප‍්‍රජාව නියෝජනය කරමින් කරූ ජයසූරිය නම් ධුරදර්ශි ප‍්‍රවින රාජ්‍ය තාන්ත‍්‍රිකයා ගැන ඔබ ඉදිරියේ මම කතා කරන්නේ ආඩම්බරයෙන්.

    දේශපාලඥයෙක් කියන්නේ දේශපාලනය වෘත්තියක් වශයෙන් කරගෙන යන පුද්ගලයෙකු ලෙසට සරලව හඳුනාගැනීමට පුළුවන්. පරිපාලකයෙකු යනු යම් ශිල්පීය ගුණයක් සහිත හා නිල තනතුරක් දරන්නෙක්. එහෙත් රාජ්‍ය තාන්ත‍්‍ර‍්‍රිකයා යනු කවරෙක් ද? කෙටියෙන් කියනවා නමි රාජ්‍ය තාන්ත‍්‍රිකයා යනු දුර දැක්මක් ඇතිව තමන්ගේ රටේ සමාජයේ යහපැවත්ම වෙනුවෙන් කැපවන විචක්ශණශීලි ලෙස සමාජ ගැටලු දෙස බලන්නෙක්.  

    19 වන සියවසේ විසූ විශිෂ්ඨ ජර්මානු දේශපාලන විද්‍යාඥයකු වන බියන්ස්ලි ට අනුව උසස් සහ විශ්වීය සමානත්වයකින් ක‍්‍රියාවට නැගිය යුතු දේශපාලනය අයත්වන්නේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ටයි. මන්ද උසස් ලෙසත් සමානත්වයෙන් යුක්තවත් මිනිසුන් වෙතට ගෙන යා යුතු භාවිතාවක් වශයෙන් දේශපාලනය ක‍්‍රියාවට නැගිය හැක්කේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට පමණක් බැවිනි. කරු ජයසූරිය නැමති චරිතය තුළ මා දකින්නේ අද යුගයේ එබදු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකි. එම රාජ්‍ය තාන්ත‍්‍රිකයා නිහාල් ජගත්චන්ද්‍ර විසින් මෙම පොත හරහා එළියට ගෙන තිබේ ද? යන්න තමයි මගේ දේශනය ඔස්සේ සාකච්ඡා කරන්නේ.

    කරූ ජයසූරිය යන චරිතය ධුරදර්ශි ප‍්‍රවින පරිණත රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස මෙම පොත හරහා හඳුන්වා දෙන්නේ කෙසේ ද?. මෙම ප‍්‍රශ්නයට පිළිතුරු ලබා දීමට යන විට එංගලන්තයේ රජු හා පාර්ලිමේන්තුව අතර 17 වන ශතවර්ශයේ පැවති ගැටුම පිලිබදව මතක් වෙනවා. එහිදී එංගලන්ත රජු ඉදිරියේ කතානායකවරයා ක‍්‍රියා කළ ආකාරය හා ඔහු තම මන්ත‍්‍රීවරුන් රැකගැනීමට ඉදිරියට පැමිණි ආකාරය පිළිබද කතන්දරය මතක් කල යුතුමයි. අද අපි කතා කරන”පාර්ලිමේන්තු වරප‍්‍රසාදවල ඉතිහාසය” ආරම්භ වන්නේ එතනින්,

    2018 වර්ෂයේ ලංකාවේ ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ගැටුම මෙම පොතෙහි පිටු 459 සිට 481 දක්වා විග‍්‍රහ කොට තිබෙනවා. මෙම කොටස පටන් ගන්නේ, ”කරූ අගමැතිකම එපා කියයි” යන පරිච්ඡේදය යටතේයි. ඒ අනුව ඔහු අගමැතිකම ප‍්‍රතික්ෂේප කළා පමණක් නොව රනිල් වික‍්‍රමසිංහ මහතාත්, මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් හමු වී පවත්නා අර්බුදය නිම කර ගැනීමට සාකච්ඡා කළ බව පොතේ දක්වනවා.

    උපුටා ගැනීම පිටුව 460

    ”මම එම දෙපාර්ශවයට වෙන වෙනම කරුණු පැහැදිලි කිරීමෙන් පමණක් නොනැවතී එක වතාවක් රනිල් වික‍්‍රමසිංහ මහතාත් කැඳවාගෙන ජනපති හමුවීමට ගොස් මේ බව කියා සිටියා. මම එහිදී ඔවුන් දෙපොලටම පෙන්වා දුන්නා මේ තත්වය වහාම සමනය කර නොදුන්නහොත් ආණ්ඩුව තුළ ලොකු අවුලක් ඇතිවීමට තිබෙන අවධානම ගැන, ඒ අවස්ථාවේ ඔවුන් දෙපොළම ඊට යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූවත් එම සංහිඳියාව පැවතුණේ ඉතාමත් සුළු කාලයයි.”

    මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිගින් දිගටම අගමැතිකම ලබා දීමට ඇවිටිලි කළ ආකාරය පිටුව 461න් උපුටාගතහොත්,

    ”කරූ මට බෑ මේ තත්ත්වය යටතේ රනිල් එක්ක ආණ්ඩුව ගෙනියන්න. ඒ නිසා ඔයා අගමැතිකම භාරගන්න. මම හෙටම ඔයා අගමැති හැටියට පත් කරන්නම්.”

    මෙම පොතේ දී කරු එය ප‍්‍රතික්ෂේප කළ ආකාරය විග‍්‍රහ කරනුයේ ජනමතයකින් තොරව එවැනි තනතුරු ලබා ගැනීමට අවශ්‍යතාවයක් හෝ කැමැත්තක් නොතිබූ නිසා බවයි.

    නමුත් 2018 ඔක්තෝබර් 26 ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කළ බව දැනගත් විට කරූගේ සිතුවිලි පොතේ පිටුව 464 හිදී මෙලෙස ගෙනහැර දක්වයි.

    ”ඒ සිද්ධිය දැනගත්තට පස්සේ මගේ සිතට පුදුම කම්පනයක් ඇති වුණා. මොකද එය ව්‍යවස්ථා විරෝධී හා සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවක් ලෙසයි එය මට පෙනුණේ.”

    මේ තත්ත්වය මත රාජ්‍ය නායකයා හමු වී කතානායකවරයා තම ස්ථාවරය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස එඩිතරව මැනවින් ප‍්‍රකාශ කරනවා. උපුටා ගැනීම පිටුව 466.

    ”නිකුත් වූ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අභිනව අගමැතිවරයාට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වුව ද ඔහු ඉතා ඉක්මනින් තමාට පාර්ලිමේන්තුවේ අති බහුතරය පිළිබඳව තහවුරු කළ යුතු බවයි. එහෙම නැති වුණොත් මට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පිළිගන්න බැහැ. ඒ අනුව මගේ විරුද්ධත්වය මට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න වෙනවා යි” ජනාධිපතිවරයාගේ මුහුණටම කියා පැමිණීමෙන් පෙන්වන්නේ ඔහු තුළ පවතින රාජ්‍ය තාන්ත‍්‍රිකභාව සහ එඩිතරකමයි.

    මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව තුළ ඇති වූ හැල හැප්පීම් සහ මහජන නියෝජිතයන්ගේ නිර්ලජ්ජිත හැසිරීම් මෙම පොතෙන් ගෙනහැර දක්වන්නේ මෙලෙසින්. උපුටා ගැනීම පිටුව 478,

    ”මම දන්න හැටියට අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වෙනත් කිසිම දවසක මේ වගේ විදියේ අප‍්‍රසන්න සිද්ධියක් ඇති වෙලා නෑ. මට ආරංචියි සමහර සන්ධාන මන්ත‍්‍රීවරුන් ඇසිඞ් ගහන්නත්, මඟදී මට බෝම්බ ගහන්නත් සූදානමින් සිටියා කියලා”

    ශ‍්‍රි ලංකාවේ පාර්ලිමේන්තුව පිළිබදව අනාගත පරපුර ලියනවිට සහ කියවනවිට වඩා වැඩියෙන් කතාකිරිමට සිදුවනුයේ එදා කතානායක ලෙස පාර්ලිමේන්තුවේ ගරුත්වය සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය වෙනුවෙන් ඔබ කි‍්‍රයාකල ආකාරයයි. මෙය සුවිශේෂි අරගලයක් වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසක් ද එම ආයතනය සතු ව්‍යවස්ථාදායක බලයට එරෙහිව කි‍්‍රයාකරන විට ඔබ එම ආයතනයේ ගරුත්වය ආරක්ෂා කිරිමට පෙනි සිටිමයි. 

    එඩිතරව සහ නොබියව ගැටුම් මෙන්ම අර්බුදවලට මුහුණ දීම තුළ මා දකිනුයේ කතානායකවරයා සොඳුරු ආඥාදායකයෙකු ලෙස ඇතැම්විට හැසැරුණු බවයි. ඔහුගේ ඒ සොඳුරු බව ඇතිවන්නේ මෙම පොතේ අත්තනගලූ විහාරය (පිටුව 24) හා දෙමව්පියන්ගෙන් ලද බෞද්ධ හා ජාති හිතෛෂී හැඟීම් (පිටුව 31) වගේම ඔහු තුළ වර්ධනය වෙමින් පැවති ස්වියත්වයයි. පෞරුෂත්වයයි.

    පිටුව 33 දී ඉතාමත් රසවත් ආකාරයට කතුවරයා කරූ ජයසූරිය මහතාගේ ළමා විය විස්තර කරයි. එහි එක් කරුණක් පිළිබඳව මා සිත් ගත්තා.

    ”තම මව සූප්පුවෙන් කිරී බීම නතර කරන්නැයි තම පුතාට කීව ද, සිඟිත්තා ඇඬූ කඳුළින් කියා සිටියේ තමාට සූප්පුවෙන් කිරී බීමට නොහැකි නම්, තමා පාසලට අඩියක්වත් නොතියන බවයි”

    ගැටුම් පිළිබඳව විශ්ලේෂණයේ දීගැටුමට සම්බන්ධ පාර්ශව විවිධ ස්ථාවර විසින් පවත්වාගෙන යයි. කරූ ද පෙර කී ආකාරයට ජනාධිපතිගේ මූණට ඍජු ලෙසම ප‍්‍රකාශ කරනුයේ එතුමාගේ කුඩා කළ සිට ඔහුගේ පෞරුෂය තුළ හෝ ස්ත‍්‍රි-පුරුෂ සමානාත්මතවයට අනුව යමින් කියන්නේ නම් තම ස්වියත්වය   (Personality) තුළ පැවති තද ස්ථාවරය මත පිහිටා ක‍්‍රියා කිරීමයි. මේ වනවිටත් දිගහැරෙන එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයේ දි ද ඔහු ගන්නේ එවැනිම ස්ථාවරයක්. ඔහු වෙත පැම්ණෙන දෙපාර්ශවයටම කියන්නේ එකම දෙයයි. ඔබ දෙපාර්ශවයම සමගිව මගෙන් ඉල්ලීමක් කලහොත් එය සිතා බලන්නම්. මෙවැනි නිවැරදි තද ස්ථාවර මත පිහිටා කී‍්‍රයා කිරිම ඔහුගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක්.

    ඔහු තුළ පැවති විශේෂයෙන්ම අද යුගයේ තරුණ පරම්පරාවට සහ ඊලග පරම්පරාවට ආදර්ශයට ගත හැකි ජනවර්ග අතර එකමුතුකම කරූගේ බලාපොරොත්තුවක්. මෑතකදී පවා මහ නා හිමිවරුන් හමු වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට වැසියන් ජන වර්ගය මත හෝ ආගම් මත බෙදී යාමේ ප‍්‍රවණතාවය ඉතා කණගාටුදායක බවයි.

    උපුටා ගැනීම පිටුව 34,

    කරූ කන්දගමුව විද්‍යාලයේ ඉගෙනුම ලබන විට තමන් ගම්මුලාදෑනියාගේ පුත‍්‍රයා වූවත් දෙමළ ළමුන්, කම්කරු පවුල්වලට අයත් ළමුන්, සිටිය ද ඔවුන් සියල්ලන්ට එක සේ සමානව සැලකූ අන්දම මෙම පොතෙන්  විස්තර කරයි’. ඒ ළදරු වියේ ලබපු අත්දැකීම් තුළ මට හමුවන පරිණත සහ ධූරදර්ශී රාජ්‍ය තාන්ත‍්‍රිකයාගෙන් එවැනි ලක්ෂණ අදත් හඳුනා ගැනීමට ලැබෙනවා.

    කරූ දේශපාලනයේ දි  තමාගේ කල්ලියක් හෝ තමාගේම අනුගාමිකයන් හෝ හෙන්චයියන් හදා ගත්තේ නෑ. ඒවා ළදරු වියේ සිටම මතු වූ ගුණාංගයි. ඒ එකින් එක විස්තර කිරීමට කාලය හරස් වන බැවින් මෙතන සිටින යොවුන් මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පොතේ ඇති දේවල් ඉතා විචාරශීලීව සහ අද අපි දකින කරූට ඔහුගේ ළදරු වියේ සිට පාසැල් අධ්‍යාපනය අවසන් කර Harrison and Cross Field සමාගමේ රැකියාවක් කිරිමේ සිට කතානායක ධුරය දක්වා පැමිනි මග හරිම රසවත් ආකාරයට මෙම පොතෙන්  විස්තර කරනවා. මෙම පොතේ තවත් රසවත් කතාවක් මෙම සභාවේ සිටින යොවුන් පාර්ලාමේන්තුවේ මන්ත‍්‍රිතුන්ලාට ද පොදුයි කියා මට සිතේ. පිටුව 76

    දැන් ඔන්න මම සති අන්තයේ හවස්වරුවේ මෝටර් සයිකලයෙන් ගෙදර යනකොට කඩවත රංමුතුගල හරියේ දි පාරෙන් ටිකක් එහාට වෙන්න පොඩි කදු ගැටයක් උඩ තියන ගෙයක් පේනවා. එතනදි මට හිතෙනවා මම කවදා හරි කසාද බදින්නේ මෙන්න මේ ගෙදරින් ගමයි කියලා.. ඉතිරි ටික දැනගන්න පොත කියවලා බලන්න. .

    කරුගේ ආදරය, විවාහය, සැම්යාගේ භුම්කාව, ආදරණිය පියෙක් ලෙස කටයුතුකරන ආකාරය ද මේ පොතින් පාඨකයාට පැහැදිළි කරනවා.

    කරූගේ විදේශීය රටවල් සමඟ සිදු කරන ලද රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු විශේෂයෙන් කතානායක ධුරයට පසුව ඔහුට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීම් ආදිය මෙන්ම බෞද්ධ නායකයෙකු ලෙස මහ නා හිමිවරුන් ඔහු ගැන කියන කතා පාර්ලිමේන්තුවේ ඔහු කරන ලද කතා ආදියෙන් ද වර්ණවත් වූයේ නම් මෙම පොත තවදුරටත් රසවත් වේවි. එහෙත් එහි වරද කතුවරයාගේ නොවේ. එහි වරද ඇත්තේ මේ පොතට පාදක වු චරිතයේ යි.

    රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ලෙස ක්ෂේත‍්‍ර ගණනාවක් පුරා විසිරුණු කරූ ජයසූරිය චරිතය එක් පොතකින්, පරිච්ඡේද කිහිපයකින් කෙසේ නම් ලියා හමාර කරන්න ද ? එනිසාවෙන් නිහාල් ජගත්චන්ද්‍ර මේ ගත්ත උත්සාහය ප‍්‍රශංසනීයයි.

    කාලය කෙටි වුවත් මේ ටිකත් කිව යුතුම වෙනවා. කරුගේ මනුස්සකම නැත්නම් මානව හිතවාදිබව සහ අවංකකමත් අනෙකාට සවන්දිමේ ගුනාංගයත් නිසා අද මෙතැනට කි දෙනෙක් පැමිණ ඇත් ද ?

    එය මේ පොතෙන් උපුටා ගනුයේ මෙසේ යි.

    යම් දිනෙක කිසිදු සාක්ෂිකරුවෙකු සාක්ෂි නොදෙන කිසිදු නිතිඥයෙකු පෙනි නොසිටින නඩුවකට මුහුණ දිමට සිදුවනු ඇත. 

    සොබා දහම නැමති විනිසුරු දෛවයේ විත්ති කුඩුවට නංවා අසන එම නඩුවේ සාක්ෂි දිමට සිටින එකම සාක්ෂිකරු හෟදය සාක්ෂිය පමණකි.

    එදිනට හෟදය සාක්ෂිය තමාට විරුද්ධව සාක්ෂි නොදෙන ලෙස ජිවත්වන නිර්දෝෂි මිනිසෙකු විම මාගේ දර්ශනය විය.

    එදා 2015 දි ජනාධිපතිවරණය සදහා සෝභිත හිම්ගේ පළමු තේරිම වුයේ ද කරු ජයස්රිය වුයේ ද මේ නිසාම විය හැකියි. එය යථාර්ථයක් වුයේ නම්, පොඩිඩක් ඔබ සිතන්න. 

    එමෙන්ම කරූ ජයසූරිය චරිතය තුළින් කල්ලිවාදයක් හෝ දෙබිඩි පිළිවෙතක් හෝ deal දේශපාලනයක්  අප දකින්නේ නෑ. නමුත් මේවා  බොහෝ දේශපාලඥයන් තුළ අද දක්නට ලැබෙන ලක්ෂණයන්. ඔවුන් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ලෙස හඳුන්වන්නට අපට නොහැක්කේ ඒ නිසායි. කරූ ජයසූරිය නම්, යුග පුරුෂයාගේ චරිතය, වර්තමාන දේශපාලන නායකයන්ගේ ආධ්‍යාත්මය සකස් කරන විශිෂ්ට චරිතයක් බව මේ පොත තුළින් හඳුනාගත හැකිය.

    එනිසාවෙන් ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය තන්ත‍්‍රයේ යුග පුරුෂයාණෙනි, ඔබ හට විශ‍්‍රාම සුවයක් දිය නොහැකිය. ඔබ අපේ පරම්පරාවටත්, ඊළඟ පරම්පරාවටත් යා යුතු දේශපාලන මාර්ගය තව දුරටත් පෙන්වා දිය යුතු නොවේ ද ? විශේෂයෙන් අද ජරාජිර්ණ තත්ත්වයට පත් වි තිබෙන දේශපාලනය සහ සමාජ චර්යාව වෙනස් කිරිම සඳහා සමාජ කතිකාවක් නිර්මාණය කිරීමට සාධනීය මැදිහත් වීමක් කරන ලෙසට ඔබට සිවිල් පුරවැසියන් ලෙස අපි බල කර සිටින්නෙමු.

    චිරං ජයතු. නන්රි, ස්තුතියි !