Category: සුපිරි Politics

  • එජාප අපේක්ෂකයා වීමට සරත් ෆොන්සේකා සුදානම්!

    එජාප අපේක්ෂකයා වීමට සරත් ෆොන්සේකා සුදානම්!

    එළැඹෙන ජනාධිපතිවරණයේ දී, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර ගන්නා ලෙස එම පක්ෂ නායකත්වය ඉල්ලා සිටියහොත් තමා ඊට එකඟ වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

    අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා කියා සිටියේ රට වෙනුවෙන් වගකීමක් දැරීමේ ශක්තිය තමන්ට තිබෙන බවයි.

    ජනාධිපති ධූරය ලැබුණොත් රට හදනවා මිසක් මාළිගා හැදීමට හෝ ආර්යාවන් හැදීමට හෝ තමන්ට අවශ්‍යතාවක් නැති බවද සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

    ගෝඨාභය රාජපක්ෂ රටේ ආරක්ෂාව සඳහා සුදුසුම පුද්ගලයා බවට පොදු ජන පෙරමුණ ගෙන ඇති තීරණය නිවැරදි බව කී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ ආරක්ෂාව ප්‍රමුඛත්වය දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී තීරණය කළොත් ඒ සඳහා පක්ෂය තුළ තමන් හැර වෙනත් අයෙකු නැතිි බව ද කියා සිටියේය.

  • ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ

    ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ

    “අපට කිසිම අභියෝගයක් නැහැ. ලබන වර්ෂයේ ජනවාරි වෙද්දි මේ රටේ රජ කරන්නේ අලියා තමයි. එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අපිට මෙම ජයග්‍රහණය තනියෙන් ලබාගැනීමට හැකියාවක් තිබුණත්, අපි පොරොන්දු වූ පරිදි එක්සත් ජනතා පෙරමුණ වශයෙන් තමයි අපි තවදුරටත් කටයුතු කරන්නේ. ඒ ආකාරයෙන් සෑමදෙනාගේම සහයෝගයෙන්, එකමුතුභාවයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට අපට හැකිවේවි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (11) පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හමුවේ පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබදව පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..,

    “ජනාධිපතිවරණය වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. තවත් පක්ෂ වලින් අපේක්ෂකයින් ඉදිරිපත් කරයි. තව නොබෝ දිනකින් රටම ජයග්‍රහණය කරන්න හැකියාවක් ඇති අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් අපි ඉදිරිපත් කරනවා. ජනාධිපති අපේක්ෂක හැටියට කවුරු ඉදිරිපත් වුණත් එ.ජා.ප.යට කිසිම අභියෝගයක් නැහැ. තරගකාරීත්වයක් තුළින් ජයග්‍රහණය කිරීමේ හැකියාව අපේ පක්ෂයට තිබෙනවා. අපි ආරම්භයේ පටන්ම කිව්වේ, රටට ආදරයක් තියෙන, වැඩක් කරන්න හැකියාවක් තියෙන, පරිනතභාවයකින් යුක්ත, එක්සත් ජාතික පක්ෂය සැබෑ ලෙසම නියෝජනය කරන්න හැකියාවක් ඇති, සියලු ජාතීන්, සියලු ආගම්වල රටවැසියන්ට සමසේ සැලකීමට හැකියාවක් ඇති, ඒ වගේම ජනතාවගේ හදවත් හදුනන කෙනෙක් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා කියලයි. අපි ඒ ආකාරයෙන්ම ඒ දේ ඉෂ්ට කරනවා.

    අද රටේ සෑම කොනක්ම නිහඩව සංවර්ධනය වීගෙන යනවා. අපි පම්පෝරි ගහන්නේ නැහැ. පෙර පැවති රජයන් විසින් සිදුකළ කාර්යයන්ට වඩා, ඒවාට ලබාදුන්න ප්‍රචාරණය වැඩියි. නමුත් අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගෙන, ස්වෛරීභාවය, ඒකියභාවය ආරක්ෂාවන පරිදි, ජනතා හදවත් වලට දැනෙන පරිදි සමස්ත රටම එකම ආකාරයෙන් සංවර්ධනය කරන්නයි. අපි ඒ දේ කරගෙන යනවා. මම මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉන්න දවස්වල තමයි ප්‍රචාරණය වෙනුවෙන් නාස්ති කරන මුදල් ප්‍රමාණය අවම කළේ. සමහර අවස්ථා වලදී අපි කරන සංවර්ධන කාර්යයන් රටට පෙන්නුම් කරන්න නොලැබෙන එක අවාසියක් තමයි. නමුත් අපි සැබෑ සංවර්ධනයක් කරන නිසා, ඒ සංවර්ධනය ජනතා හදවත් වලට දැනෙනවා.

    අපි 2015 දී ඉලයට පත්වුණ අවස්ථාවේදී කිව්වා වංචාව, දූෂණය වලක්වනවා, වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන්න ක්‍රයාත්මක වෙනවා කියලා. අපි ඒ සදහා කටයුතු කළත්, නීතිය පැත්තෙන් සිදුවන කාර්යයන් වලට අපිට බලපෑම් කරන්න හැකියාවක් නැහැ.. වැරදිකරුවන් උසාවියට රැගෙනගොස්, ඔවුන් නිදොස් කරනවා. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. එහෙම කළොත් කියන්නේ අපි නීතියට ඇගිලිගැසීම්, දේශපාලන බලපෑම් කරනවා කියලනේ. මේ වකවානුව තුල වැඩියෙන්ම තාඩන පීඩන එල්ලවුනේ අපේ පාක්ෂිකයින්ට” යැයි පැවසීය.


  • පොහොට්ටුවේ එක් කල්ලියක නොසන්ඩාල වැඩ නිසා ශ්‍රීලනිපයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න තීන්දුවක්..! (වීඩියෝ)

    පොහොට්ටුවේ එක් කල්ලියක නොසන්ඩාල වැඩ නිසා ශ්‍රීලනිපයෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක් පත්කරන්න තීන්දුවක්..! (වීඩියෝ)

    සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිළිගත හැකි මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙකු ඉදිරිපත් කිරීමට මේ වන විට යෝජනා වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් අනාවරණය කර සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩ නැඟීම සඳහා වූ සාකච්ඡා තමා ඇතුළු කණ්ඩායම සාර්ථකව ඉදිරියට ගෙන ගිය බවත්, පක්ෂය දෙකේම මෙන්ම වාමාශික කඳවුරේ බහුතරයකගේත් තමාගේත් අපේක්ෂාව ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ සන්ධාන ගතව තරඟ කොට ජයග්‍රහණය කිරීම බවත්, නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සුළුතරයක් එම සන්ධානය ගත වීම විනාශ කර දැමීමට උත්සහ කරන බවත්ය.

    යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධාන ගත වීම විනාශවීමේ අවසාන ප්‍රතිථලවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකුත් ඉදිරිපත් වීම බවයි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාව ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය වී ඇත්තේ ශ්‍රීලනිප සහ ශ්‍රීලපොපෙ අතර සන්ධාන ගතවීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාධාරණයක් වන අන්දමින් සිදුනොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා වෙනම ජනාදිපති අපේක්ෂයෙක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කිරීමට සිදුවන බවයි.

  • මහින්දට තිලංගගෙන් ලිපියක්..

    මහින්දට තිලංගගෙන් ලිපියක්..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට සහභාගී වීම සඳහා සිදුකොට තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම පක්ෂයෙන් නායක හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉතාමත් තීරණාත්මක කරුණු කිහිපයක් අවධාරණය කොට ඇත.

    මෙහිදී තිලංග සුමතිපාල මහතා ප්‍රථමයෙන් තමාට කළ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී.පො.ජ.පෙ. නායක මහින්ද රජාපක්ෂ මහතා වෙත සිය ගෞරව පුදකොට ඇති අතර 2009 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 160,000ක් ඉක්මවමින් පළාත් සභාවට පත්වෙමින් දේශපාලනයට අවතීරණය වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් සහය සහ මඟ පෙන්වීම ගෞරවයෙන් යුතුව සිහිපත් කොට ඇත.

    එසේම පසුගිය මහමැතිවරණයේදී තම සන්ධානයේම පිරිසක් විසින් ඉතා සංවිධානාත්මක තමාව පරාජය කිරීමෙන් අනතුරුව අහිමි වූ පාර්ලිමේන්තු අසුන තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම හොඳින්ම දන්නා ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමාට ජාතික ලැයිස්තුවෙන් යළි ලබාදෙමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙසට ඔසවා තැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම ගෞරවාදරය නිතැතින්ම පුදකරන බවත් එම කෘතවේදීත්වය කිසිදා අමතක කළ නොහැකි බවත් සුමතිපාල මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

    එසේම පසුගිය 2018 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කරමින් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ගත් වෙහෙස සහ උත්සහය අපමණ බවත් එම ඔබතුමා හොදින් දන්නා කරුණකි. තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී පොදු ජන පෙරමුණ අතර බිඳ වැටුණු සබඳතා යළි ගොඩනඟමින් ශ්‍රීලනිප, ශ්‍රිලපොපෙ අතර නව සන්ධානයක් ගොඩනැඟුමේ කටයුතු කරන ලද්දේද මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිවාර්දය යටතේ වන අතර එය දැන් අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති තිලංග සුමතිපාල මහතා පවසා ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා එකම ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් එකම වේදිකාවක සිටිනු දැකීම තම ඒකායන ප්‍රාර්ථනය බවයි.

    තවද ඔබ දෙපළ එක්ව නම් කරන ජනාධිපති අපේක්ෂකයා දිනවීමේ ක්‍රියාන්විතය තමා කිසි විටෙකත් අමතක නොකරන බව පවසා ඇති සුමතිපාල මහතා ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ එක්කිරීමේ කර්තෘවය සාර්ථක වනු ඇතැයි විශ්වාසය පළ කර සිටී. එසේම මෙම සම්මේලනයට සහභාගී වීම සඳහා කළ ආරාධනය ගෞරවයෙන් යුතුව පිළිගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් පක්ෂයේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් මේ සඳහා තමා පෞද්ගලික සහභාගී නොවන බවත් තිලංග සුමතිපාල මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


  • දේශපාලඥයෝ  නිසි වේලාවට නිවැරදි  තීන්දු තීරණ නොගැනීම තමයි රටේ  සංවර්ධනයේ ප්‍රමාදයට හේතුව වන්නේ..

    දේශපාලඥයෝ නිසි වේලාවට නිවැරදි තීන්දු තීරණ නොගැනීම තමයි රටේ සංවර්ධනයේ ප්‍රමාදයට හේතුව වන්නේ..

    “තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් එනවා. එහිදී එක් එක් පුද්ගලයින් එක් එක් පොරොන්දු දේවි. නමුත් පොරොන්දු දෙන එක නෙමෙයි වැදගත්. ඒ දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන් කාටද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ කාටද කියන එකයි වැදගත් වන්නේ. අපි සෑම විටම නිර්භීතව තීන්දු ගතයුතුයි. අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයක් ගන්න කෙනෙක් නැතිකම. අපි සෑම විටම එකඑක්කෙනා පස්සේ ගිහින්, හැංගි හැංගි කටයුතු කරනවා මිසක්, සෘජුව තීරණ අරගෙන ගැටළු විසදන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ රට සංවර්ධනය කරන්න නම් පැහැදිළි, සෟජු නායකත්වයක් අවශ්‍යයි, විනයක් අවශ්‍යයි, රටට ආදරයක්, කැපවීමක් අවශ්‍යයි. නිදහස ලැබුණදා පටන් සෑම දෙයක්ම නිකන් දෙන්න සැලසුම් කළා. නමුත් අද වෙනකල් රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් වුණාද. එදාටත් වඩා අද දුප්පත්කම වැඩිවෙලා. මේ වනවිට සංවර්ධනය වෙලා තිබෙන රටවල් ගැන සලකා බැලුවම අපිට පැහැදිලි වෙනවා, ඒ රටවල් අද දියුණූ වෙලා තිබෙන්නේ ජනතාවට සෑම දේම නිකන් දීලා නොවෙයි කියලා. දෙයක් ජනතාවට නිකන් දෙනවා කියන්නේ, තවත් පාර්ශවයක් විසින් ඒ දේ සදහා ගෙවනවා කියන එකයි. මෙන්න මේ අසමතුලිතතාවය නැති කරනකල් රටක් සංවර්ධනය කරන්න බැහැ” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයීය ස්ථීර සේවක ප්‍රවාහයට අළුතින් එකතුවන ලිපිකරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු 100 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

    සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පක්ෂ භේදයකින් තොරව දීපව්‍යාප්ත පදනමක් මත සමානුපාතිකව බෙදී යන අකාරයෙන් ලබාදුන් මෙම නව පත්වීම්, බණ්ඩාරනයක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අදාළ පුද්ගලයන් වෙත ලබාදුන් අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනාධිකාරිය ඇතුළු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “ලං.වි.ම. කියන්නේ වෙනම ලෝකයක්. ඒ ලෝකය තුල එක රැකියාවක් ලබාගන්න සියදෙනෙක් බලාගෙන ඉන්නවා. අද අපි මේ රැකියා ලබාදීලා තිබෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් නොවෙයි. මේ රැකියාලාභීන් අතරෙ සෑම පක්ෂයකම පිරිස් සිටිනවා. ඒ නිසා මම මේ පිරිසගෙන් ඉල්ලා සිටින්නේ රැකියා පාට වලට සීමා කරන්න, කොටු කරන්න එපා කියලා. ලං.වි.ම . කියන්නේ රටේ ජනතාවගේ ප්‍ර‍ධාන යටිතල පහසුකමක් සපයන ආයතනයක්. ඒ නිසා අද රැකියා ලබාගන්නා මේ පිරිසට මම කියන්නේ, ඔබ අද මෙම ආයතනයට සම්බන්ධ වෙන්නේ ඒ සේවය තවදුරටත් සාර්ථකව ඉටු කරන්නයි. එහෙම නැතිව පැය 8 ක් නිකන් ගෙවලා යන්න නොවෙයි. අපි ලංවිම තුළ රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. එසේ නොවුනොත් රටේ සංවර්ධනයට එය මහත් බාධාවක් වෙයි.

    අද ලංකා විදුලිබල මණ්ඩලය වසර 50 ක් සමරණ අවස්ථාවේ, ලංවිමත් වෙනස් ආකාරයකට අළුතින් සිතිය යුතුයි. මේ ආයතනයත්, රට ලෝකයට එකතුවීමේ වැඩපිළිවෙලට සම්බන්ධ විය යුතුයි. මෙය කොටස් 03 ක් යටතේ සිදුවිය යුතුය. එක් කොටසක් තමයි පාරිභෝගිකයා. පාරිභෝගිකයා ගැන අපි අළුතින් සිතිය යුතුයි. ඒ අනුව පෙර තිබූ ඒකාධිකාරිය වෙනස් කල යුතුයි. ඒ නිසා තමයි පාරිභෝගිකයා රජා යන සංකල්පය ඇති කලේ. ඒ වගේම පාරිභෝගිකයාට ක්ෂණික මෙන්ම ගුණාත්මක සේවයක් ලබාදිය යුතුයි. මීට ඉහතදි පාරි‍භෝගිකයා යම් විදුලි ගැටළුවක් දැනුම් දුන්නම, ඒ තතත්වය යතා තත්ත්වයට පත්කිරීමට දිනක් දෙකක් වැනි කාලයක් ගතවෙනවා. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වෙලා, වඩාත් ඉක්මන් සේවයක් සපයන්න ලංවිමට හැකිවෙලා තිබෙනවා. ඒ තුළින් තමයි ආයතනය ජනතාව වෙත වඩාත් සමීප වෙන්නේ. අද අපේ පාරිභෝගිකයෝ ලක්ෂ 72 ක් පමණ සිටිනවා. ඒ පාරිභෝගික පිරිස වෙතට මාසයකට වතාවක්වත් යන එකම ආයතනය ලංවිම පමණයි. ඒ අනුව ජනතාවට වඩාත් ලංවෙමින් හැගීම්බරව කටයුතු කලහැකි ආයතනයක් තමයි ලංකා විදුලිබල මණ්ඩලය.

    ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී කෝටි දසදහසක අලාභයක් ලබන ආයතනයක්. මේ අලාභයට ප්‍රධානම හේතුව වන්නේ, අපේ ජනන වියදම විකුණූම් වියදමට වඩා වැඩිවිම. මොන ආයතනයද මේ විදියට ක්‍රියාත්මක කරන්න පුලුවන්. මෙම අලාභය අඩු කරන්න, අපිට ලේසියෙන්ම විකුණූම් මිල වැඩි කරන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වන්නේ ජනන වියදම අඩුකිරීමෙන් එම අලාභය මකාලන්නයි. මුල් යුගයේ විදුලිය නිපදවූයේ දර වලින්. පසුව අපි ජල විදුලියට මාරු වුණා. මේ වනවිට ජල මූලාශ්‍රයන් සියල්ලම වාගේ අවසන් වී ඇති නිසාත්, අයහපත් කාලගුණික තත්ත්වයන් නිසාත් තමයි පුනර්ජනනීය ප්‍රභවයන්, තාප බලාගාර වැනි විකල්පයන්ට යන්න සිදුවෙලා තිබෙන්නේ. නිරන්තරයෙන්ම අපේ රටේ වර්ධනය වෙන විදුලි ඉල්ලුමට සරිලව සැපයුමක් ඇති කරන්න අපට තවම හැකිවෙලා නැහැ. ඒ නිසා තමයි අපි ගල් අගුරු වැනි මිල අවම ප්‍රභවයන්ට යන්නේ. නමුත් එහිදීත් නොයෙක් පිරිස් වලින් විරෝධතා මතු වෙනවා. කුඩා ජලවිදුලි බලාගාරයක් ස්ථාපිත කරන්න ගියත් එහෙමයි. පරිසර සංවිධාන වලින් විරෝධතා මතු වෙනවා. මේ තත්ත්වයන් නිසා අපි සූර්ය, සුළං වැනි ප්‍රභවයන්ට යොමු වුණා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරු කියන්නේ සූර්ය සුළං වැනි ප්‍රභවයන් ස්ථිර ජනන සැලසුම් නොවන නිසා ඒවා වැදගත් නැහැ කියලා. ඒකත් ඇත්ත තමයි. ඒ නිසා අපි එල්.එන්. ජී. තාක්ෂණයට යොමු වෙන්න තීරණය කරනවා. එහි මිල අවම නිසා අපි සැලසුම් කරලා තිබුණේ 2012 ඉදලා එල්.න්.ජී. වලින් විදුලිය ජනනය කරන්න. නමුත් මේ වනවිටත් ඒ තත්ත්වයට එන්න අපිට නොහැකිවෙලා තිබෙනවා. ලං.වි.ම. තුළ සැලසුම් සහගත වැඩපිලිවෙලක් තිබෙනවා. නමුත් ක්‍රියාත්මක කරලා නැහැ. විදුලිබල මණ්ඩලය විතරක් නෙමෙයි මේවට වගකියන්න ඕන. දේශපාලඥයෝ නිසි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීම තමයි මේ ප්‍රමාදයන්ට හේතුව වන්නේ. මේ හැමදේකම අවසන් ප්‍රිතිඵලය තමයි, ඉන්ධන යොදාගනිමින් අධික මිලක් යටතේ විදුලිය ජනනය කරන්න සිදුවීම. ඉන්ධන මාෆියාවන් ඇති වන්නේ මේ හේතුවෙන්.

    අපි නිර්භීතව නව ජනන සැලැස්මක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙම සැලැස්ම තුළින් ගල් අගුරු, එල්.එන්.ජී. පුනර්ජනනීය ශක්තිය තුළින් හැකිතරම් විදුලිය නිපදවන්න කටයුතු කරනවා. මේ සම්බන්ධයෙනුත් නොයෙක් බාධක එල්ල වෙනවා. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නේ. ඒකයි මම කියන්නේ රැඩිකල් වෙනසක් ඇතිකල යුතුයි. හැකිතාක් දුරට අපි පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතුයි. විදුලි නිෂ්පාදනය වගේම විදුලිය සම්ප්‍රේෂණය, බෙදාහැරීම තුළ තිබෙන ගැටළුත් අපි විසදා ගතයුතුයි ” යැයි පැවසීය.

  • රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වූ හැටි (වීඩියෝ)

    රාජපක්ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වූ හැටි (වීඩියෝ)

    ඉදිරි ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්‍ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව විපක්‍ෂ නායක සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11) ප‍්‍රකාශයට පත් කළේය.

    කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11) සවස පැවැති එම පෙරමුණ පළමු ජාතික මහා සමුළුවේදී හෙතෙම මේ බැව් සඳහන් කළේය.

    පස්වරු 3.00 ට ආරම්භ වූ මෙම සමුළුවට පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ, ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවල නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා, චමල් රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, සී. බී. රත්නායක, සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, එස්. එම්. චන්ද්‍රසේන, ඩිලාන් පෙරේරා පවිත‍්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියලූදෙනා සහභාගි වූහ.

    මෙයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ආචාර්ය සරත් අමුණුගම, එස්. බී. දිසානායක, ටී. බී. ඒකනායක, එක්සත් ජාතික පක්‍ෂයෙන් විපක්‍ෂයට පැමිණි දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, ආනන්ද අලූත්ගමගේ, කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදෙන පක්‍ෂවල නායකයන් පළාත් සභා හිටපු මැති ඇමැතිවරු පළාත් පාලන ආයතන සභාපතිවරු ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

  • මහින්ද ඒ තීරණය ගන්නේ රටේ ආරක්ෂාව ගැන හිතලා

    මහින්ද ඒ තීරණය ගන්නේ රටේ ආරක්ෂාව ගැන හිතලා

    මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දීම මේ මොහොතේ රට වෙනුවෙන් කළයුතු සුදුසුම දෙය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

    මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

    ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මිනිසුන්ට විශාල කුතුහලයක් ඇති වී ඇතැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේය.

    එහිදී සුමතිපාල මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වන අපේක්ෂකයා ජනාධිපතිවරණයේ දී ජනපති වෙන බවයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ධූරයට තරග කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුමතිපාල මහතා වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසාන සාකච්ඡාවේ දී රට දිනවිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

    එනිසා වැඩසටහනට එකඟ වන්නේ කවුද ඒ සඳහා ගත යුතු අවසාන විසඳුම පොදු ජන පෙරමුණෙන් ගත යුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එහිදී රට බාර දිය යුතු ප්‍රධාන විධායකයා කවුද? ඕනෑම පුද්ගලයෙක්ට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් බවත් තිලංග සුමතිපාල මහතා මෙහිදී පැවසීය.


  • ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය ළිං මැඩි සජියා ජනපති කරවන්න උද්ඝෝෂණ කරන්න 30ක් වත් සෙනඟ නැහැ; ආපු උන් සල්ලි ගන්න වලි කති (Photos)

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, තම්මැට්ටම් ගසමින් ගිය ළිං මැඩි සජියා ජනපති කරවන්න උද්ඝෝෂණ කරන්න 30ක් වත් සෙනඟ නැහැ; ආපු උන් සල්ලි ගන්න වලි කති (Photos)

    ගම්මට්ටමින්, බිම්මට්ටමින්, ළිං මට්ටමින් ජනබලය තමාට තිබෙනවායැ’යි රට වටේ තම්මැට්ටම් ගසමින් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් සිඟමනේ යන අ.පො.ස (සාමාන්‍ය පෙළ ) ත් අසමත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට මීලඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය දෙන ලෙසට ඉල්ලා ඔහුගේ සභචරයින් ලවා කොළඹ ලිප්ටන් වටරටුමේ සිදුකළ උද්ඝෝෂණයට සහභාගී වී ඇත්තේ 30කටත් අඩු පිරිසකි.

    සජිත් ප්‍රේමදාසට විශාල ජනබලයක්, ජනමතයක් තිබෙනවා යැයි සජිත් වටා සිටිමින් ඔහු යටතේ ඇති නිවාස සංවර්ධන අධිකාරියෙන් කොන්ත්‍රාත් ගන්නා කොන්ත්‍රාත්කරුවන් සහ සජිත්ගෙන් පඩි ගන්නා පිරිස් පාරම්බෑවද සජිත් ප්‍රේමදාසට ඇති ජනමතයේ තරම හොඳින්ම පෙනෙන්නේ මැතිවරණයකදී සජිත් ප්‍රේමදාස තම සියලු ආසන පරාජයට පත්වෙද්දී සහ පාරට බැස නිර්ව්‍යාජව ජනතා මතය විමසද්දීය.

    කිලීගේ මාධ්‍යයට වීඩියෝ කට් ගැනීම පිණිස එම පිරිසද කුලී පදනම මත මුදලට ගෙන්වා ඇති අතර විනාඩි කිහිපයක මාධ්‍ය සංදර්ශනයෙන් අනතුරුව පැමිණි පිරිස කොන්ත්‍රාත්කරුගෙන් මුදල් ගැනීමට වලිකන අයුරු නම් පෙනෙන්නට තිබිණ.

  • නායකත්වය වෙනුවෙන් සජිත්ගෙන් තවත් බිලිපූජාවක් සූදානම්.. ටොමියා සජියගේ පස්සෙන්ම ලඟී

    නායකත්වය වෙනුවෙන් සජිත්ගෙන් තවත් බිලිපූජාවක් සූදානම්.. ටොමියා සජියගේ පස්සෙන්ම ලඟී

    එක්සත් ජාතික පක්ෂයේ ඔටුනු හිමි කුමරා යැයි සිතා සිටින හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් එම පක්ෂයෙන් ලබාදෙන මීලඟ දේශපාලන බිලිපූජාවට අයත් බිලි කණ්ඩායම මේ වන සූදානම්ව ඇතැයි වාර්තාවේ.

    මෙවර සජිත් ප්‍රේමදාස වෙනුවෙන් බිල්ලට යන්නන් අතර අජිත් පී පෙරේරා, මංගල සමරවීර, තලතා අතුකෝරල, හර්ෂ ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, නලීන් බණ්ඩාර සහ රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රධානවන අතර මොවුන් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිවත් එම පක්ෂයේ සජිත්ට විරුද්ධ අයවලුන්ට එරෙහිවත් කුමන්ත්‍රණය කරමින් කැරලි ගසමින් සිටිති.

    මින් පෙර සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසුරියට එජාප නායකත්වය ලබාදීම වෙනුවෙන් වත්මන් නායක රනිල් වික්‍රමසිංහට සහ සිරිකොත එරෙහිව කැරලි සහ කුරුඳු පොලු ගසා දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, අශෝක අබේසිංහ, මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක යන අයට එම පක්ෂයේ තිබූ තැන අහිමි කරගත් අතර සමහරුන්ට පක්ෂයෙන්ද ඉවත් ව යෑමට සිදුවිය.

    එසේ දිර්ඝ කාලයක් කැප කිරීම් සිදුකරමින් දේශපාලනය කළ පක්ෂයෙන් ඔහුගේ තනතුරු සහ වරප්‍රසාද අහිමි වෙද්දී, තමා වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කළ ඔවුන් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස නම් කෙලෙහි ගුණයක් නොදත් කුහක අපතයා එක් අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත. මේ නිසාම දක්ෂයෙකු වූ දයාසිරි ජයසේකරකට එජාපයට හැරදා යෑමට සිදු වු අතර, බුද්ධික පතිරණට වසර ගණනාවක් කිසිඳු තනතුරක් හෝ ඇමතිකමක් වත් නොලැබ ගුණමකු සජියාගේ බිලි පූජාවේ පව් කරගැසීමට සිදුවිය.

    කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂයට පිළිලයක්ව ඇති සජිත් ප්‍රේමදාස ඇතුළු කල්ලිය මේ වන විට යළිත් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත වටලා ගල් ගැසීමටත්, පක්ෂය විනාශ කරමින් කැරළි ගැසීමටත් සූදානම්ව සිටින අතර මේ සඳහා එජාපයට සම්බන්ධව සිටි ඇතැම් බාහිර පිරිස් අවශ්‍ය තෙල් පොම්ප කරමින් සිටිති.

  • අපේ දරු පරපුර විනාශ කරන කොඩිවිනය තමයි ජංගම දුරකතනය

    අපේ දරු පරපුර විනාශ කරන කොඩිවිනය තමයි ජංගම දුරකතනය

    අපි වසර ගණනාවක් නිදහස් අධ්‍යාපනය ලබා ගත්තා. අද අපේ පැහැදිළි වෙනස්කම් දැකිය හැකියි. එදා කළු ලෑල්ලට හුණු කූරට සීමාවුණ අපේ අධ්‍යාපනය, අද ස්මාර්ට් පන්ති කාමර දක්වා රැගෙන ඒමට හැකිවෙලා තිබෙනවා. ඒ ආකාරයෙන් අපි වෙනස් වුණේ නැත්නම්, මේ පුංචි ලංකාවට ලෝකය සමග එකට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. එදා තිබුණ සමාජය නෙමෙයි අද තිබෙන්නේ. එදා හිතපු විදියට නෙමෙයි අපේ දරුවෝ අද සිතන්නේ. එදා පාසලෙන් පැමිණි දරුවා නිදහසේ සෙල්ලම් කරලා ජීවත් වුණා. නමුත් අද දරුවාට එසේ නිදහසේ කාලය ගත කරන්න අවස්ථාවක් නැහැ. පාසලෙන් පිටවන දරුවා නැවතත් ටියුෂන් වලට යනවා. ඊට පස්සේ ගෙදර එන දරුවාට නිදහසේ සතුටින් ඉන්න බැරි තවත් කොඩිවිනයක් තිබෙනවා. ඒ තමයි ජංගම දුරකතන. අද දෙමව්පියන්ටවත් සීමා කරන්න බැරි තත්ත්වයට මේ ජංගම දුරකතනය පත්වෙලා තිබෙනවා. මේ නිසාම අද අපේ දරු පරපුර විශාල වශයෙන් නොමග යනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය උවදුරට අද අපේ තරුණ පරපුර විශාල වශයෙන් ගොදුරු වෙලා. මත්ද්‍රව්‍ය උවදුර අද ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ව්‍යාප්ත වෙලා. අපේ අනාගතය තමයි අපේ දරුවන්. ඔවුන් ආරක්ෂා කරන්නනම්, අපි මේ උවදුරු වලින් අපේ දරුවන් රැකගත යුතුයි. අපි දේශපාලඥයෝ වශයෙන් ඒ සදහා නායකත්වය දියයුතුයි. දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් ඔවුන්ට ආදරය, සෙනෙහස නොඅඩුව ලබාදිය යුතු යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පෙරවරුවේ, කොටහේන කැතඩ්‍රල් පිරිමි පාසලේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. ළඟම පාසල – හොදම පාසල සංකල්පයට අනුව අළුතින් ඉදිකල ගොඩනැගිලි පරිශ්‍රයක් සිසු අයිතියට පත්කිරීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුවිය.

    අධ්‍යාපනයේ තිබෙන වටිනාකම නිසා තමයි, 2014 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක් ඒ වෙනුවෙන් වෙන්කරලා තිබෙන්නේ. වසරක් පාසා මෙම මුදල් ප්‍රමාණය වර්ධනය වෙලා, 2019 දී මෙය 3.2% ක් බවට වර්ධනයට කරලා තිබෙනවා. ලගම පාසල හොදම පාසල වැඩසටහනට මුදල් වෙන්කලේ ඒ ආකාරයෙන් තමයි. අපේ තිබෙන දුර්වලතාව තමයි සංවර්ධනයත් සමගින් මාධ්‍ය එකට ගමන් නොකිරිම. දරුවන්ගේ අනාගතය සුරක්ෂත කිරීමේ වගකීම තිබෙන්නේ අපේ අතේ. ඒ අනුව ජනතාවගේ ඡන්දයක් අරන් දේශපාලනය කරන එක විතරක් නෙමෙයි දේශපාලඥයින් වශයෙන් අපේ යුතුකම. නිරන්තරයෙන් රට සහ ජනතාව නිවැරදි මාර්ගයට යොමුකිරීම තමයි අපේ වගකීම.

    ඒ වගේම අද මේ දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා. හැමදේම අද බලන්නේ දේශපාලන මට්ටමෙන්. ජාතිවාදය, ආගම්වාදය මුල් කොටගෙන තමයි සෑම ක්‍රියාවක්ම සිදුවන්නේ. නමුත් අපි එකට හිතලා, එකට කටයතු කළොත්, කාටවත්ම අපිව පරාජය කරන්න බැරි වෙනවා. මේක තමයි අපි ලබාගත යුතු ලොකුම පාඩම. හෙටක් ගැන නොසිතන අවස්ථාවාදි කෲර දේශපාලඥයෝ මොනයම් ආකාරයෙන් කටයුතු කලත්, අපි ඔබේ සමගිතාවය ඇති කරන්න කටයුතු කරලා තිබෙනවා. අද දේශපාලනයේ හිතන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. එදා කරන්න පටන්ගත්ත දේ අදටත් ඒ ආකාරයෙන්ම දිගටම කරගෙන ඉදිරියට යන තත්ත්වයක් තමයි වර්තමාන දේශපාලනය තුළ දකින්නට තිබෙන්නේ. ඒ තුළින් අපි එකම තැනක හිරවෙලා. නමුත් වියයුත්තේ එය නොවෙයි. වෙනස්වන ලෝකයත් සමගින් අපි වෙනස් ආකාරයෙන් සිතා කටයුතු කළ යුතුයි. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදීත් අපි නව දර්ශනයක් තුළින් රට ඉදිරියට ගෙනයන්න පුළුවන් ආකාරයේ ජනාධිපතිවරයෙක් එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් කරලා, රට වඩාත් ඉදිරියට ගෙනයන්න කටයුතු කරනවා.

  • ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වන්න රහස් සාකච්ඡාවක්..!

    ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වන්න රහස් සාකච්ඡාවක්..!

    “එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එකමුතු වෙලා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් ඇති කරනවා. එහිදී අපි නිවැරදි වේලාවට නිවැරදි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා. ඒ පුද්ගලයා කව්රු වුණත්, අඬඅඬා ඉන්න කෙනෙක් නෙමෙයි, රට දියුණු කරන්න. දිනන්න පුළුවන් පුද්ගලයෙක්. යම් අය වැරදි ප්‍රකාශ කරනවා. ඒවා අද්භූත ප්‍රකාශ පමණයි. එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය, සහෝදරත්ව නැතිකරන්න හදන අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. අපි අභියෝග වලට බය නැහැ. මහින්ද රාජපක්ෂ සමග තරගකරලා දිනන්න පුළවන්වුණ අපට අනෙක් අය කිසිදු අභියෝගයක් නොවෙයි. අපි යම් වෙනසක් ඇති කළා. අපි හිතන තරම් සාර්ථක නොවූ නමුත්, එක්තරා දුරකට සාර්ථක වෙලා තිබෙනවා. වළලා දමා තිබු ප්‍රජාතන්ත්‍රවාදය දන් යළිත් ලැබිලා තිබෙනවා. මේ තුලින් මිනිසුන්ට ජීවත්විය හැකි තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. අපි වැරදි නිවැරදි කරගෙන යන ගමනක් තමයි මේක” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙනයාම සහ තවත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය දැනුවත් කිරීමකට එක් වෙමිනි.

    මෙහිදී වැඩිචදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලක් වෙත ගෙනියන්න හදන එක සමහරක් අයට ලොකු ගැටළුවක් වෙලා. නමුත් මේ අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ අමාත්‍යාංශයක් තිබිය යුතු ස්ථානයක නෙමෙයි. වෙනත් ආයතන ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා දේවල් කරද්දි ඒ ගැන කව්රුත් වැරදි දකින්නේ නැහැ. නමුත්, විශාල සේවක පිරිසක් වැඩ කරන්න ඉඩකඩ නොමැතිව ගැටලු වලට මුහුණ දෙද්දි, මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබියදීත්, මේ අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයන එක ඇයි මේ තරම් ගැටලුවක් කරගන්නේ. අනිත් කාරණය තමයි අපි අමාත්‍යාංශය අළුතින් ගෙනයන ගොඩනැගිල්ලට සුනිත්‍ය බලශක්ති අධිකාරියත් ගෙනයනවා. එම කාර්යාලය දැනට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වාගෙන යන්නේ කුලිය වශයෙන් විශාල මුදලක් ගෙවමින්. අපි දැන් මේ යන්න හදන්නේ ඒ ගෙවන මුදලට බාගයකටත් වඩා අඩු කුලියක් ඇති තැනකට.

    සමහරු රටේ තැන් තැන්වල පොඩි පොඩි පැල්පත් හදද්දි, ඒ ගැන තමන් පිම්බෙන්න පුවත්පත්වල දැන්වීම් පළකරද්දි, ඒවාට මොනතරම් වියදමක් යනවද. ඒ වගේ බොරු වැඩ වෙනුවෙන් මිලියන් 10, 15 වියදම් කරන එක පේනේ නැද්ද. ඒ වගේ දේවල් ගැන කැක්කුමක් නැද්ද. අපි කරන්නේ ප්‍රාග්ධන වියදම්. ඒ වගේ පුනරාවර්ථන වියදම් නොවෙයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිස් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඒ ප්‍රමාණය ඉදිරියේදී අපට පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් අප සමග එකතු වෙන්නේ සුබවාදි ගමනක් සදහායි. අපි කරන්නේ සදාචාරාත්මක දේශපාලනයක්.

    රටේ යම් යම් ප්‍රශ්න ඇති කරන්නේ, යම් යම් පුද්ගලයන් ඉලක්ක කරලා. දැන් මේ රටේ කුණු ප්‍රශ්නයත් ඒ වගේ තමයි. මේවා කරන්නේ කව්ද කියලා සොයා බැලිය යුතුයි. මේවාට අවසර දීලා තිබෙන්නේ 2013 වසරේ. නමුත් අපි ආණ්ඩු වලට බැණ බැණ ඉදලා වැඩක් නැහැ. ගැටළුව දුරදිග යන්න කළින් සොයා බලා පිළියම් ලබාදිය යුතුයි.

    එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න, බෙදා වෙන්කරන්න හදන අය ඉන්නවා. නමුත් අපි ඒ දේ කරන්න දෙන්නේ නැහැ. දෙතුන් දෙනෙක් ඉන්නවා මේ කඩාක්පල්කාරී පුද්ගලයින්. මේක අද ඊයේ සිද්ධ වුන දෙයක් නෙවෙමයි. 2005, 2010 වසර වලදීත් මේ දේම සිද්ධ වුණා. ඩී.එස්. සේනානායකලා ඉතාමත් ශක්තිමත්ව ගොඩැනගුව එක්සත් ජාතික පක්ෂයේ පළමු කැඩීම සිද්ධ වුණේ 1989 දී. ඒ දෙදරීම තමයි අද වෙනකල් මෙතෙක් දුර ඇවිත් ඉන්නේ” යැයි පැවසීය.

  • අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට

    අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබාදෙන බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ සඳහන් කළේය.

    එදිනට තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිතයි.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද එදිනම සාක්ෂි විමසීම සඳහා කැඳවන බව එම කාරක සභාවේ නියෝජිතයෙකු සඳහන් කළේය.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර තිබෙන අතර එහි අවසන් වාර්තාව ලබන මස අවසානයට පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි.

  • සජිත් O/L ෆේල් බව අජිත් පී පෙරේරා ප්‍රසිද්ධියේ පිළිගනී (වීඩියෝ)

    සජිත් O/L ෆේල් බව අජිත් පී පෙරේරා ප්‍රසිද්ධියේ පිළිගනී (වීඩියෝ)

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතාට අ.පො.ස.(සාමාන්‍ය පෙළ)විභාගයේ සමත් කමවත් නොමැති බව එම පක්ෂයේම රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා හිරු නාලිකාවේ සලකුණ වැඩ සටහනේදී ප්‍රසිද්ධියේම පිළිගත්තේය.

    සජිත්ට ශ්‍රී ලංකාවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් ඔහුට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක උපාධියක් තිබෙන බවට ඔහු සිය නිවසේ ජායාරූප එල්ලාගෙන සිටින බවට මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සජිත් ගැලවු රෙදි ඇන්දවීම වෙනුවෙන් අජිත් පී පෙරේරා අවසානයේ කීවේය. එහෙත් අපොස සාමාන්‍ය පෙළවත් නැතිව සජිත් ප්‍රේමදාස නම් අයවලා විසින් එවැනි උපාධියක් ලබාගත්තේ කෙසේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී සජිත් ප්‍රේමදාසගේ රෙදි අපුල්ලන්න ගිය අජිත් ජී පෙරේරාට ඇප නැති විය.


  • වසර 25 ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය රැකගෙන ඉන්න අපට මේවගේ විහිළු වැඩ කරන්නෙපා..

    වසර 25 ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය රැකගෙන ඉන්න අපට මේවගේ විහිළු වැඩ කරන්නෙපා..

    “එ.ජා.ප. යට අද මේ තත්තවයන් ඇති කරන්නේ, මෑතකදී පවත්වන්නට නියමිත ඡන්දයෙන් දිනන්න ඕන කියලා දගලන, අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළවත් සමත් නැති පුද්ගලයින් කිහිපදෙනෙක් එකතු වෙලා. එක්කෙනෙක් ගම්පහින්. අනෙක් පුද්ගලයා මාතරින්. අනිත් කෙනා හම්බන්තොටින් තමයි මේ කඩාකප්පල් වැඩකරන්න ඉදිරිපත් වෙලා සිටින්නේ. මේ අය එක්වෙලා අපේ පක්ෂය නැති කරන්න දගලනවා. මොවුන් අඩුගානේ තම ආසනය, කොට්ඨාශය, දිස්ත්‍රික්කය පවා දිනාගන්න බැරිවුණ පුද්ගලයෝ. මොවුන් එකතුවෙලා ඩි.ස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් බාරොන් ජයතිලක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වගේ පුද්ගලයින් ගොඩනැගුව, රැකගෙන ආව එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න උත්සාහ කරනවා. ශ්‍රී ලංකා නිදහස් ප්කෂයත් නැති කරපු චන්ද්‍රිකා බණ්ඩාරනායක වගේ අයට අපේ පක්ෂයට හිරිහැර කිරීම තමයි තිබෙන එකම අරමුණ. අපි නිර්භීතව මේ පක්ෂය ආරක්ෂා කරනවා. අපි බයෙන් දේශපාලනය කරන්න ඇවිත් නැහැ. නමුත් මේ අයට විරුද්ධව නීතිමය කටයුතු කලයුතුම නිසයි අද මම මේ පැමිණිල්ල සිදුකරන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මෙම අදහස් පළකලේ, ඊයේ (20) පස්වරුවේ කොළඹ පොලිස් මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිලිතුරු වශයෙනි. පසුගිය දින කිහිපය තුලදී නොයෙක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අමාත්‍යවරයා වෙත එල්ලකර ඇති අසත්‍ය චෝදනා, අපහාස සහ තර්ජන පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය කරුණානායක මහතා මෙසේ පොලිස් මූලස්ථානයට පැමිණ ඇත.

    මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වු අමාත්‍යවරයා,

    ” අද අපේ පක්ෂය විනාශ කරන්න පිටස්තර පුද්ගලයින් යොමුවෙලා සිටිනවා. ඔවුන් අපේ චරිත ඝාතනය කරන්නත් පෙළඹිලා. ඒ නිසා අද මම පොලිස් මූලස්ථානයට ආවේ එ සම්බන්ධයෙන් 03 ක් ගැන පැමිණිලි කරන්නයි.

    ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එ.ජා.ප. ය නිවැරදි වේලාවට, නිවැරදි තීන්දුව ගන්නවා. අනෙක් අය කෑ ගහන පලියට, ඒ අයට ඕන විදියට අපි තීන්දු ගන්නේ නැහැ. තමන්ගේ ආසනය, කොට්ඨාශය, දිස්ත්‍රික්කය පවා වසර 15 කට දිනාගන්න බැරිවුණ පිරිසක් තමයි අද මේ කෑගහන්නේ. ඡන්දයක් කිට්ටු වෙද්දි, බලහත්කාරයෙන් නායකත්වය ගන්න හදන ක්‍රියාවක් තමයි මේ. වරක් ගල් ගහලා බලය ගන්න හැදුවා. චරිත ඝාතනය කරලා අපේ නායකයෝ නැති කරන්න හැදුවා. තවත් වරක් කල්ලි හැදුවා. මේවා වෙන පක්ෂ වලින් කරන් වැඩ. එයාලා කියන්නේ අපි වෙන පක්ෂ සමග සම්බන්ධකම් පවත්වනවා කියලා. වසර 25 ක් තිස්සේ පක්ෂය රැකගෙන ඉන්න අපට මේවගේ විහිළු කතා කරන්නෙපා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට අවශ්‍ය, රටට උරුම පක්ෂයක්. ඒ නිසා අපි සාමූහිකව පක්ෂය රැකගත යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් ඇතිව රටක් ඉදිරියට ගෙනියන්නනම්, පාලකයන් උගත් පිරිසක් වියයුතුයි. කාටවත් බැනලා, කෑගහලා, දෝෂාරෝපණය කරලා රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ සදහා සෑමදෙනාම එකමුතුව ඒකරාශිවෙලා කටයුතු කළ යුතුයි. රට හදන්න පුළුවන් එකම පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය. ඒ පක්ෂය තුලින් දක්ෂයන් ඉදිරියට ගෙනඒමට හදන අවස්ථාවේ චරිත ඝාතනය කිරීම නොවෙයි අවශ්‍ය වන්නේ “යැයි පැවසීය.

  • සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)

    සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි.

    සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් මෙම ඉල්ලීම සිදුකළේය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ, නිහඬ චරිතයක් ලෙස කථානායකවරයා හැඳින්විය හැකි බවයි. දේශාපලනයෙන් ඔබ්බට ගොස් ඔහුගෙන් සිදුවු සේවය ගැන ඇගයීමක් සිදු කල යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, කාලීන අවශ්‍යතාවයන්ට ගැළපෙන දැනට සිටින කාලීනම දේශපාලනඥයා කරූ ජයසූරිය බවයි.

    කැළණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ආරියවංශ දිසානායක මහතා කියා සිටියේ, කරූ ජයසූරිය මහතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අභීතව කටයුතු කළ අයෙක් බවයි. සජීත් ප්‍රේමදාස මහතාට තව කාලය ඇති බවත් දැන් අවස්ථාව කරූ ජයසූරිය මහතාට ලබා දීමට පක්ෂයේ කෘතියාධිකාරි මණ්ඩලය තීරණය කළ යුතු බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.


  • වෙනසක් ඇති කරන්න හදන කෙනාට පහර දෙන එක තමයි අපේ රටේ වෙනස…(වීඩියෝ)

    වෙනසක් ඇති කරන්න හදන කෙනාට පහර දෙන එක තමයි අපේ රටේ වෙනස…(වීඩියෝ)

    “අපි මේ රට හදන්න නම්, බය නැතිව තීන්දු තිරණ ගත යුතුයි. ඒ වාතාවරණය වෙනස් වෙලා තිබෙන්නේ අද එක් එක් කොමිසන් පත්කර තිබීම තුළින්. නමුත් සත්‍ය දේ කරනවානම් බය වෙන්න අවශ්‍ය නැහැ. කව්රු මොන සංදර්ශන ඇති කළත්, අවසානයේ යතාර්ථය වෙනස්කරන්න බැහැ. අපි වෙනසක් ඇති කරන්නනම්, ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි. අපි නිදහස ලබාගත්තට, සුදු හමට ගරු කරන මානසිකත්වයකින් තමයි කටයුතු කරලා තිබෙන්නේ. එය වෙනස් කළ යුතුයි. එකට වැඩ කරන, රට මුල්කරගෙන, අපේ සංකල්ප ඉදිරියට ගෙනයන යුගයක් ඇති කළ යුතුයි. අතීතයේ බැලුවොත් හාල් නිකන් දෙනවා, සිනි අඩුවට දෙනවා. සමෘද්ධීය දෙනවා. නමුත් දුප්පත්කම නැතිවෙලා තියෙනවාද. තාමත් එදා වගේමයි. පවුල් ලක්ෂ 55 ක් රටේ සිටිනවා. ඒකෙන් අඩකටම තාමත් උදව් අවශ්‍ය තත්ත්වයක සිටින්නේ. ඒ වෙනස ඇති කරන්න තමයි අපි වෙනස්විය යුත්තේ. රටක් ඉදිරියට ගෙනයනවා කියන්නේ, උපතේ සිට මරණය දක්වා සැමදෙයක්ම නොමිලයේ දෙන එක නෙමෙයි. සමෘද්ධියට කෝටි 4600 ක් ගෙවනකොට,  ලංවිම සහ ලෙකෝ කෝටි 3900ක් ජනන වියදමට වඩා අඩුවෙන් විදුලිය ලබාදීම තුළින් ජනතාවට සහනාධාරයක් ලබාදෙනවා. ඒක ගැන කව්රුත් කතා කරන්නේ නැහැ” යැයි විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ පස්වරුවේ වෝටර්ස් එජ් හෝටලයේ සංවිධානය කර තිබූ ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් මෘදුකාංගයක් හදුන්වාදීමේ වැඩසටහනට සහභාගි වෙමිනි. ලංකා විදුලි පුද්ගලික සමාගමේ විදුලි පාරිභෝගික ජනතාව වෙනුවෙන් හදුන්වාදුන් My leco  මෘදුකාංගය මගින් බිල්පත් ගෙවීම්, කලින් ගෙවන ලද බිල්පත් පරීක්ෂා කිරීම, පැමිණිළි ඉදිරිපත් කිරීම, ඉල්ලීම් ඉදිරිපත් කිරීම, දෛනික විදුලි ගැටළු විසදා ගැනීම ආදි සේවාවන් රාශියක් ලබාගැනීමේ හැකියාව හිමිකර දී තිබේ

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “අපට අලුතෙන් හිතන්න පුළුවන් නව තාක්ෂණය යොදාගන්න පුළුවන් වුණානම්,  අපේ ආයතන ඉබි ගමනින් යන ගමන වඩාත් ශක්තිමත්ව, සාර්ථකව, අර්ථවත්ව, පාරිභෝගිකයා මුල්කරගනිමින් කටයුතු කරන්න පුලුවන් වේවි. ඒ නිසා තමයි අපි CEB Care මෘදුකාංගය හදුන්වා දුන්නේ. ඒ තුළින් පාරිභෝගිකයාට යම් වාසියක් ලබාගන්න අවස්ථාව උදාකරලා දුන්නා. ඒ වගේම අද හදුන්වා දෙන මේ My leco මෘදුකාංගය තුළින්ද විදුලි පාරිභෝගික ජනතාවට තම දැනුම වර්ධනය කරගනිමින් අවශ්‍යතා ඉටුකරන්න වැඩපිළිවෙලක් හදුන්වා දී තිබෙනවා.  1983 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් තරගකාරිත්වයක් තුළින් පාරිභෝගිකයාට වඩා හොද සේවයක් සහ කළමණාකරණයක් ඇතිවෙයි කියන විශ්වසයෙන් තමයි මේ ලෙකෝ ආයතනය බිහිවුණේ. එතුමාගේ මනා ඉදිරි ඉදිරි දැක්ම තුළින් අනාගතයේදී ලංකාව ලෝකයට සම්බන්ධ කරන්නේ කෙසේද යන සංකල්පය තුළීන් තමයි අද ලංකාව මේ තත්ත්වයටවත් ඉදිරියට විත් තිබෙන්නේ.

    අද අපි වෙනස් වෙන්න අවශ්‍යයි. පාරිභෝගිකයා මුල්කරගෙන වැඩකරන යුගයක් ඇතිකළ යුතුයි. අද බොහෝ ආයතන කඩාවැටී තිබෙන්නේ තැනේ හැටියට වැඩකරන්නේ නැති නිසයි.  අපි නිරන්තරයෙන් පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කළ යුත්තේ, පාරිභෝගිකයා නොමැතිනම් අපේ පැවැත්මක් නොමැති නිසයි.  ඒ නිසා ඒකාධිකාරය පසෙකලා, පාරිභොගිකයා මුල්කරගත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.

    එදා දර වලින් තමයි අපි විදුලිය නිෂ්පාදනය කළේ. පසුව ජලවිදුලිය. ඊට පස්සේ තෙල්, එල්.එන්.ජී., ගල් අගුරු. සූර්ය බලය,  සුළං මේ ආදි විවිධ ප්‍රභේදයන්ට මාරු වුණා. අවම මිලට ජනනය කරන්න අවශ්‍යයනම්. අපි අළුතින් සිතිය යුතුයි. එදා දර වලින්  නිෂ්පාදනය කළා කියලා. අදත් ඒකෙන්ම නිෂ්පාදනය කරන්න බලාගෙන හිටියොත්,අපිට පාරිභෝගිකයාට සහනදායි, සාර්ථක ඉදිරි ගමනක් නැතිවෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයත් අවම මිලට විදුලිය ජනනය කිරීමට අවශ්‍යනම්, අළුතින් හිතන්න ඕන. නැතිනම් ආයතනය මූල්‍ය බර තුළින් කඩා වැටෙන්න පුළුවන්. නවීකරණය තුළින් අද ලෝකය පරිවර්ථනයකට භාජනය වෙලා. අපිත් ඒ ආකාරයෙන් පරිවර්ථනය විය යුතුයි. තාක්ෂණයේ දියුණුවත් සමගින් සංකීර්ණ පුළුල් පරාසයක් අද සරලත්වයට පත් වෙලා. අද දේශපාලඥයෝ ළිදේ ඉන්න ගෙම්බෝ වගේ. ඉදිරියක් පෙනෙන්නේ නැහැ. වෙනස්වන කෙනාට චෝදනා කරනවා දූෂිත වැඩ කරනවා කියලා. කොහොමද අපි මේක වෙනස් කරන්නේ.

    අපි දැන් ස්මාර්ට් මීටර් වලට පරිවර්ථනය විය යුතුයි. රට පුරාම දීපව්‍යාප්තව මේ වෙනස ඇති කළ යුතුයි. අපේ විදුලි ඒකක නිෂ්පාදන වියදම රු. 23.50. යි. විකිණූම් මිල රු. 16.00යි. ලෙකෝ ආයතනයට යම් ගණනකට මෙය ලැබෙනවා. එම ආයතනයට පාඩුවක් සිදුවන්නේ නැහැ. නමුත් ලංවිම මෙහි බර උසුලගෙන යනවා. මේ තත්ත්වය රටට ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය සමතයකට පත් කරන්න න්ම්,  අපි විදුලි ජනන වියදම පුළුවන් තරම් අඩු කල යුතුයි. ගෘහස්ත පාරිභෝගික මිල කිසිසේත්ම අසාධාරණ අන්දමින් වැඩිකරන්නේ නැහැ. මෑතකදි ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. සූර්යබල සංග්‍රාමයත් සමග. අපි ලංවිමට මෙන්ම පාරිභෝගිකයන්ට සහනයක් වන අන්දමේ වෙසනක් ඇති කරන්නයි උත්සාහ කළේ. නමුත් ඒ තුළින් අපේ චරිත ඝාතනය කිරීමට පවා සමහරක් පෙළඹුණා. ඒකට හේතුව තමයි කුහක කමින් ව්‍යාපාර කරන පිරිසක් සිටීම. මෙය වෙනස් කල යුතුයි. මේ වනවිට රු. 45.00 ක් වැනි මුදලකට ලබාදෙන විදුලි ඒකකත් පවතිනවා. අපි හැකි ඉක්මනින් මෙය වෙසන් කල යුතුයි. අපි විදුලි ඒකක 4200 ක් නිෂ්පාදනය කරනවා. අපේ සැබෑ ඉල්ලුම ඒකක 5500. මෙහෙම රටක් ඉදිරියට ගෙනයන්නේ කොහොමද. අපි අළුතින් හිතලා, නිර්මාණශීලීව වැඩ කරලා, හොද දේශපාලන නායකත්වයක් ලබාදීලා‍ රටට වෙනසක් ඇති කළ යුතුයි. නමුත් මේ රටේ සිදුවෙන්නේ වෙනසක් ඇතිකරන්න හදන කෙනාට පහර දෙන එකයි. ඒක තමයි අපේ රටේ වෙනස.

    අද මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍යනම්, ජාතික ආරක්ෂාවක් අවශ්‍යයි, ජාතික ආර්ථිකයක් අවශ්‍යයි, තරුණයා මුල්කොටගත් වැඩපිළිවෙලක් අවශ්‍යයි.  නැතිනම් රට කඩාවැටෙනවා. ඒ තත්වයට වෙනසක් ඇති කළොත් තමයි, රට ඉදිරියට ගෙනයන්න හැකිවන්නේ. ඒක තමයි අවශ්‍ය වන්නේ. නලවලා කතා කිරීම, සුරංගනා ලෝකයක් පෙන්වීම නෙමෙයි කළ යුත්තේ. අද ගෙවල් හදනවා. නමුත් එක පර්චස් එකක ගෙවල් හදලා හරියන්නෙ නැහැ. වර්ගඅඩි 300, 400 මුඩුක්කු ගෙවල් හදලා හරියන්නේ නැහැ. ජනතාවගේ දුප්පත්කම නැතිකරනවා මිසක්, දුප්පත්කමෙන් රැකගෙන ඉන්න එක නෙමෙයි අව‍ශ්‍ය වන්නේ “යැයි පැවසීය.