Category: සුපිරි Politics

  • ගණන් බැරි මංගල නිසා රටට වෙන වින්නැහියක්  (වීඩියෝ)

    ගණන් බැරි මංගල නිසා රටට වෙන වින්නැහියක් (වීඩියෝ)

    “කතරගම ප්‍රදේශයේ වරින්වර විදුලිය විසන්ධි වෙනවා කියලා චෝදනා තිබෙනවා. කතරගම පමණක් නොවෙයි රටේ නොයෙක් තැන්වල මේ තත්ත්වය මෙහෙම සිද්ධ වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි නිසි ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම. දැන් අපි නිසි ජනන සැලැස්මක් ඇති කිරීමට ක්‍රියාකරමින් සිටිනවා. තව මාස 06 ක් 07 ක් යනකොට ස්ථිර ජනන සැලැස්මක් තුළින් මේ ආකාරයේ වරින් වර විදුලිය බිදවැටීම් සම්පූර්ණයෙන් නවත්වන්න හැකිවේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ සේවක පිරිස් සමග කතා කරලා, එකම තීන්දුවකට ඇවිත් තිබෙන්නේ ස්ථාවර විදුලි ජනන සැලැස්මක් සහිත විදුලි පද්ධතියකට ගමන් කරන්න” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අම්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    කතරගම කිරිවෙහෙර සහ දේවාල පරිශ්‍රයේ පැවති විදුලි ආලෝක පූජාව ඇතුළු පුදපූජා රාශියකට සහභාගි වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍ය කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

    විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කරුණානායක මහතා කතරගම පුදබිමේ, පිවිසුම් මාර්ගයන්හි පැවති විදුලි අඩුපාඩු සම්පූර්ණ කරදීම සහ කතරගම පූජා භූමියට විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමාධිපති ස්වාමීන් වහන්සේ, කතරගම බස්නායක නිළමේ මෙන්ම මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමියද අමාත්‍යවරයාට විශේෂ ස්තුතියක් පුදකරන ලදී.

    වැඩිදුරටත් මාධ්‍ය හමුවේ සිය අදහස් දැක්වූ කරුණානායක මහතා,

    “ඛනිජ තෙල් සංස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයෙන් කෝටි 6900 ක් ගෙවන්න තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රු. කෝටි 8100 ක් ලැබෙන්න තිබෙනවා. මුදල් අමාත්‍යාංශය කියන්නේ අපට අරමුදල් ලබාදිය යුතු ස්ථානයක්. නමුත් මුදල් අමාත්‍යාංශය මේ අවස්ථාවේ දෙන එකම විසදුම තමයි ණයක් ගන්න කියන එක. ණයක් ගත්තම විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් යන දෙකටම ණය බරක් ඇති වෙනවා. මේ වගේ කිසිම ඉදිරි දැක්මක් නැතිව වැඩ කිරීම තුළින් නිකරුණේ ආණ්ඩුවේ වියදම් වැඩිවන එක පමණයි වෙන්නේ. පොලී ප්‍රමාණය වැඩිවන විට බැංකු පොහොසත් වීමක් විතරයි වෙන්නේ. අපි මොනදේ වුනත් ගෘහස්ත පාරිභෝගික විදුලිබිල කිසිසේත් වැඩි කරන්න දෙන්නේ නැහැ. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ ගැටළුවලට අතදාන්න බලාගෙන ඉන්නේ. මුදල් අමාත්‍යාංශයෙන් ලබාදිය යුතු මුදල් අපට ලබාදෙනවානම්, මේ ගැටළු මේ ආකාරයෙන් ඇතිවන්නේ නැහැ “යැයි පැවසීය.

  • අනුන්ගේ මළ යුද්දෙකට අපිට කරගහන්න වෙනවා (වීඩියෝ)

    අනුන්ගේ මළ යුද්දෙකට අපිට කරගහන්න වෙනවා (වීඩියෝ)

    අමෙරිකාව සමඟ ඇක්සා සහ සෝෆා ගිවිසුම් අස්සන් තැබිමෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී අනිටු ප්‍රතිවිපාක විදිමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අද (17) මේ බව සඳහන් කළේය.

    මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයා මහ අගමැතිවරයා අතර ඉතාම තියුණු සටනක් තිබේන බවයි. ඒ සියලු ගැටුම් නිර්මාණය වී ඇත්තේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිලිබඳව බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මේ වන විට ඇක්සා ගිවිසුම අත්සන් කර අවසන් වුවත් ඒ පිලිබඳව කිසිදු පාර්ශවයක් තොරතුරු නොදන්නා බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

    මෙම ගිවිසුම නිසා ඔවුන්ට කටයුතු කිරීමට අවශ්‍ය සියලු විය හියදම් මෙරටට දරන්න වන බවත් , අමෙරිකාවට අවශ්‍ය වී ඇත්තේ ඉන්දියන් සාගරේ සිය බලකොටු පිහිටුවා ගනීමින් සිය බලය තහවුරු කර ගැනීමට බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    ඉදිරියේදි අමෙරිකාවේ සහ චීනය අතර ගැටුමක් ඇති වුවහොත් කිසිදු හෙතුවන් නොමැතිව ඔවුන්ගේ ගැටුම්වල ගොදුරක් විය හැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

  • මාස 05 කින් අලුත් ආණ්ඩුවක්! ජනාධිපතිධුරයේ වෙනසක් නැහැ!

    මාස 05 කින් අලුත් ආණ්ඩුවක්! ජනාධිපතිධුරයේ වෙනසක් නැහැ!

    තව මාස 05කින් මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    කෙසේ වෙතත් මෙහිදී ජනාධිපති සිරිසේන මහතා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකර සිටීමට වගබලා ගැනීම කැපී පෙනුණි.

    සමස්ත ආර්ථීක දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟීමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව දිස්ත්‍රික් රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටට ආදරය කරන අවංක දේශපාලනඥයන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමට කැප වන බවයි.

    එමෙන්ම සංවර්ධනයේ යෝධ රෙජිමේන්තුව වන ලක්ෂ 16 ක් වූ රාජ්‍ය සේවයකයන් සහ මේ රටේ උගතුන් සහ පරිනතයන් සිය කාර්යයන් නිසි ලෙස ඉටුකරන්නේ නම් සංවර්ධනය අභියෝගයක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වතුකරයේ ජනතාව වෙනුවෙන් කිසිදු යුගයක ඉටු නොකළ වැඩකොටසක් ඉකුත් වසර 05කට ආසන්න කාලය තුළ ඉටුකර තිබෙන බවයි.

    එම ජනතාවගේ නිදහස් සෞඛ්‍ය මෙන්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ද සෙසු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ද එහි දී පුළුල් වැඩකොටසක් ඉටුකර තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

    රටක් විනාශ කිරීමට ඇති පහසුතම මග නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂවල සහ එක් එක් දේශපාලඥයන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර හේතුවෙන් රටට යහපත් වූ කාර්යයන් සඳහා කොපමණ වෙහෙස වුවද ඉන් ප්‍රයෝජන ලබා ගැනීම අපහසු වී ඇති බවයි.

    එබැවින් රටට යහපත් වූ සෑම කාර්යයකදීම දේශපාලනඥයන් පටු න්‍යාය පත්‍රවලින් බැහැරව අවංකව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    නෙදර්ලන්ත සහන ණය ආධාර යටතේ රුපියල් බිලියන 07ක් වැය කරමින් ඉදිකර ඇති මෙම රෝහල ඇදන් 600 කින් සමන්විත වාට්ටු සංකීර්ණයකින්, නවීන තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය, හෙද නිල නිවාසවලින් සමන්විතව අංග සම්පූර්ණ රෝහලක් ලෙස ඉදිකර තිබේ.

    මෙහි ඉදිකිරීම් 2012 වර්ෂයේ දී ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කෙරුණු අතර නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සුරක්ෂිත ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීම ද අපේක්ෂා කෙරේ.

  • කට මැත දොඩවමින් මහා සංඝරත්නයට අපහාස කළ රන්ජාට වැඩ වරදී! අන්දරේලාගෙන් එන අපලයක් දැයි සැකයක්!

    කට මැත දොඩවමින් මහා සංඝරත්නයට අපහාස කළ රන්ජාට වැඩ වරදී! අන්දරේලාගෙන් එන අපලයක් දැයි සැකයක්!

    මෑත දේශපාලන ඉතිහාසයේ කිසිදු වගවිභාගයකින් තොරව කට මැත දෙඩවීම නිසා වැඩ වරදවා ගත් දේශපාලඥයෙකු වෙත්නම් ඒ එජාපය ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායකය. අධිකරණයට අපහාස කිරීම යටතේ දැනටමත් විභාගවෙමින් පවතින නඩු කිහිපයක් ඇමති රන්ජන් එරෙහිව පවතී. කිතුණු භක්තිකයෙකු වූ ඇමති රන්ජන් රාමනායක පසුගියදා පොඩි කොලු ගැටයෙකු කරන යූටියුබ් වීඩියෝවකට මහා සංඝරත්නයට නින්දා අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ අතර මේ වන විට රන්ජන්ගේ එම ප්‍රකාශයක් බෞද්ධ අබෞද්ධ සමාජයේ අතිවිශාල විරෝධයක් ගොඩනැගී ඇත.

    මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා මෙරට සංඝරත්නය සම්බන්ධයෙන් පසුගියදා දක්වා තිබූ විවේචනාත්මක අදහස් තමන් රටේ අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක ලෙස තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත්, ඒ පිළිබඳව වහාම ලබන 21 දාට පෙර ලිඛිතව පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රංජන් රාමනායක මහතා වෙත දන්වා ඇත. 

    විශේෂ ලිපියක් යොමු කරමින් අගමැතිවරයා මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

    හිතවත් රාජ්‍ය අමාත්‍යතුමනි,

    ශ‍්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී ඔබ දැක්වූ අදහස් පිළිබඳව මගේ දැඩි අවධානය යොමු වී ඇත.

    මහා සංඝරත්නය විෂයයෙහි ඔබ දැක්වූ එකී අදහස් පිළිබඳව පැහැදිලි කිරීමක් 2019 ජූලි 21 වැනිදාට පෙර මා වෙත ලිඛිතව යොමු කරන මෙන් මෙයින් දන්වා සිටිමි.

    ඔබ පළ කර ඇති අදහස් පක්ෂ නායකත්වයේ හා පක්ෂයේ අදහස් සමග පරස්පර බවද මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමි.

    පාරම්පරිකව අප පවුලේ සාමාජික සාමාජිකාවන් බෞද්ධ විහාරස්ථාන හා සමීපව කටයුතු කරමින් ඒවා ගොඩනැංවීමට හා සංවර්ධනය කිරීමට දායකත්වය දැක්වූවෝ වෙති. කැලණිය රජමහා විහාරය, ගංගාරම විහාරය ප‍්‍රමුඛ විහාරස්ථාන ගණනාවක විහාරාධිපති ස්වාමීන්වහන්සේලා සහ අනෙකුත් ස්වාමීන්වහන්සේලා වෙත සිව්පසය සපයමින් ඔවුන්ගේ අධ්‍යාපන හා ශාසනික කාර්යයන් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් සමීපව කටයුතු කරන්නෙමු.

    එවැනි පසුබිමෙක ඔබේ ප‍්‍රකාශයේ සඳහන් කරුණු අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් ද තරයේ ප‍්‍රතික්ෂේප කරන බවද අවධාරණය කරනු කැමැත්තෙමි.

  • ජනතාවත්, පාක්ෂිකයාත් ගොනාට අන්දවමින් සජිත් එන පොට ගෑනිගෙන් පෙනෙයි – වෙන්ට ආර්යාව ජාතිය අමතයි – වීඩියෝ

    ජනතාවත්, පාක්ෂිකයාත් ගොනාට අන්දවමින් සජිත් එන පොට ගෑනිගෙන් පෙනෙයි – වෙන්ට ආර්යාව ජාතිය අමතයි – වීඩියෝ

    අපොස සාමාන්‍ය පෙළවත් නොමැතිකමින් දැඩි කඩා වැටීමකට පත්ව සිටි එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගොඩ එන්නට යැයි සිතා ජ්‍යේතීඥවේදීන්ගේ උපදෙසින් සහ තම නුවණින් මැන බලා බිරිඳ වන ජලනී ප්‍රේමදාසව මරු නැකතකින් පසුගියදා දේශපාලන වේදිකාවට නැංවුවාය.

    ඒ හැටන්හිදී පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙසය.

    තම පළමු කථාවෙන්ම එජාප අනාගත නායක සජිත් ප්‍රේමදාසයේ “ආර්යාව” යැයි තමාට තමා විසින්ම ආමන්ත්‍රණය කරගනිමින් කථාව ඇරඹූ සජිත්ගේ නීත්‍යනුකූල බිරිඳ ලෙස පෙනීසිටින ජලනි ප්‍රේමදාස, යළි යළිත් එක්සත් ජාතික පක්ෂිකයින්ට සහ ජනතාවට අවර්ජනය කළේ ප්‍රේමදාසලාගේ පෙර පුරුදු වෙනස් වී නොමැති බවයි.

    ඇය එහිදී මෙසේද කීවාය. එම කතාව අප සංස්කරණයකින් තොරව ඔබට ඉදිරිපත් කරන්නේ සජිත් ඇතුළු ප්‍රේමදාස පවුල එක්සත් ජාතික පක්ෂයට මුවා වී මේ එන්නේ මොකාටද යන්න හොඳින් අවබෝධකර ගැනීම සඳහාය.

    ‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

    සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවී, කොළඹට පමණක් සීමා නොවී, මහජනතාවත් සමඟ එකතුවෙලා මහජනතාවත් සමඟ සිටින නායකයෙක්. ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.

    සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයි. ඒ ජනතා සේවකයා ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමාව ආරක්ෂා කරගන්න එතුමාව බලාගන්න එතුමාට ඔබ සියලු දෙනාට දිය හැකි උපරිම සහයෝගය දෙන්න කියලා’

  • රට වටේ ඇවිදිමින් බයිලා ගහන ඇමති සජිත්ගේ වැඩ කෙරුවාවේ තරම මෙන්න (වීඩියෝ)

    රට වටේ ඇවිදිමින් බයිලා ගහන ඇමති සජිත්ගේ වැඩ කෙරුවාවේ තරම මෙන්න (වීඩියෝ)

    කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

    එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කලේය.

    එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලිගත් අතර මේ සම්බන්ධයෙන් තමා අමාත්‍ය මණ්ඩලයේදීද සාකච්ඡා කළ බව පැවසීය.

    තමා විදුලි බල අමාත්‍යවරයා වශයෙන් කූරගලට විදුලිය ලබාදීම වෙනුවෙන් වූ සටන කිසිසේත් අත් නොහරින බවත්, බෞද්ධයින්ගේ ඓතිහාසික පුදබිමක් වූ කූරගලට හැකි ඉක්මනින් විදුලිය ලබාදීමට අදාළ කටයුතු තමා විසින් සිදුකරන බවත් රවි කරුණානායක මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

    කෙසේ වෙතත් ඓතිහාසික කූරගල පුදබිමට පුරාවිද්‍යාවෙන් ලබාදුන් අනුමැතිය පැය 24ක් යෑමට මත්තෙන් අවලංගු කිරීම පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලන කුහකයෙකු මෙන්ම චන්ද්‍රිකා-මංගලගේ බළල් අතක් වන කුප්‍රකට අමාත්‍ය සජිත් ප්‍රේමදාස බව ප්‍රසිද්ධ කරුණකි.

    එසේම පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් වන විවාදය යන අතරතුර රට වටේ සදා ලෝක පූජිත පෙට්ටි ගෙවල්වලට වඩා විශාල සමරු ඵලක විවෘත කරමින් බයිලා ගසමින් යන සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේවත් නොසිටි අතර ඔහු දැන දැනම මාරු වී ගොස් ඇති බවට වාර්තාවේ.

    අවසානයේ වීරවංශ මහතා කියා සිටියේ ‘ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවත් නෑ’ යනුවෙනි.

  • බලෙන්ම තේරීම් කාරක සභාවට කැඳවා ගත් දයාසිරිගෙන් ෆීල්ඩ් මාෂල් ඉල්ලන් කයි (වීඩියෝ)

    බලෙන්ම තේරීම් කාරක සභාවට කැඳවා ගත් දයාසිරිගෙන් ෆීල්ඩ් මාෂල් ඉල්ලන් කයි (වීඩියෝ)

    පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් වන තේරීම් කාරක සභාවට දැඩි බලකිරීමක් සිදුකොට කැඳවා ගත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රශ්නවලට අදාළව දයාසිරි මන්ත්‍රීවරයා ඔහුගෙන් සිදුකළ පෙරළා ප්‍රශ්න කිරීම් වලදී ෆීල්ඩ්මාෂල්වරයාගේ තරු ගැලවී කූජීතව යනු පෙනිණ.

    ෆීල්ඩ්මාෂල්වරයාගේ ඉල්ලන් කෑම හමුවේ යන එනමන් නැති වූ තේරීම් කාරක සභාවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ පිළිගෙන අවසානයේ පාස්කු දින ප‍්‍රහාරය සිදු වූ දා සහ ඊට පෙරදින රැයේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ කාමරවල සිටි අය සහ ආහාර ගැනීමට පැමිණ සිටි අය කවුරුන්ද යන්න පිළිබඳ විශේෂ කාරක සභාවට වාර්තාවක් කැදවීමට ඊයේ (10) තීරණය කෙරිණි.

    කමිටුවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා මෙම තීරණයට එළැඹියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විශේෂ කාරක සභාව හමුවේ සාක්කි දෙමින් කළ ඉල්ලීමකට අනුවය.

    අපේ‍්‍රල් 21 දා ටාජ් සමුද්‍ර හෝටලය පිපිරවීමට පැමිණි මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියා බෝම්බය පුපුරුවන්නේ නැතිව යළි හැරී ගොස් දෙහිවලදී එම බෝම්බය පුපුරුවා හැරීම සැක සහිත බවත්, ඒ පිළිබඳ සොයා බැලිය යුතු බවත් දයාසිරි ජයසේකර මහතා සාක්කි දෙමින් කීවේය. ටාජ් හෝටලයේ එදින යම් ප‍්‍රභූවරුන් සිටින බවට මත පළවෙන බව කී ජයසේකර මහතා බෝම්බකරු එහි බෝම්බය පුපුරුවන්නේ නැතිව ආපසු ගොස් දෙහිවලදී පුපුරුවා ගැනීම සැක සහිත බවද කීය. එනිසා අපේ‍්‍රල් 21 සහ ඊට පෙරදා එම හෝටලයේ සිටි සහ ආහාර ගත් අය කවුරුන්ද කියා සොයා බැලිය යුතු බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

  • කවුරු මොනවා කිව්වත් එජාපයේ දිනන ජනපති අපේක්ෂකයා කරූ

    කවුරු මොනවා කිව්වත් එජාපයේ දිනන ජනපති අපේක්ෂකයා කරූ

    “එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා. එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් සමාව අයැදිනවා. එදා ගෙවල් හදනවා, සමාජ සේවා ඇති කරනවා. සුගතදාස මැතිතුමා ඇතිකළ අඩිතාලම මතින් අද මටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න හැකිවෙලා තිබෙනවා. තව සුලු කාලයකින් ජනාධිපතිවරණයක් තිබෙනවා. එහිදී රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය යන මහත්වරුන් විශිෂ්ට කාර්යයක් ඉටු කරනවා. අපි හරි වෙලාවට, නියම ආකාරයට දිනන්න පුළුවන් නිවැරදි කෙනෙක් ඉදිරිපත් කරනවා. එදා 2018 ඔක්තේබර් 22 දා කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සමග සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත නිසා තමයි, අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තිබෙන්නේ. එදා කරූ ජයසූරිය මැතිතුමා නිර්භීත තීන්දුවක් නොගත්තානම්, අද වෙනත් ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රය යටපත් කරලා, 2015 පෙර තිබූ තත්ත්වයට ගමන් කරලා කටයුතු කිරීමක් තමයි සිදු වෙන්නේ. එදා ඒ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාව තුළින් රටේ සෑම ස්ථානයකම, සැම පක්ෂයකම සියලු ජාතීන් ආගම් එකතුවෙලා අළුත් දර්ශනයක් තුළින් ඉදිරියට ගෙන යාහැකි නව උපතක් ලබාදුන්නා ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්ස්ත ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (10) පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු, 46 වන සුගතදාස ගුණානුස්මරණ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතා සහ කොළඹ දිස්ත්‍රික් උප නගරාධිපති එන්.එම්. ඉක්බාල් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

    මෙහිදී වැඩිදුරටත් අදහ්ස දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “1912 ජූලි මාසේ 07 දා මෙළොව එළිය දුටු සුගතදාස මහතා, අපේ රටට සුවිශාල සේවයක් කල චරිතයක්. එතුමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශිෂ්ට කැපවීමක් කල නායකයෙක්. ඒ සේවය අමතක නොවන සේවයක්. 1956 දී එන්.එම්. පෙරේරා පරාජය කරලා, සුගතදාස මහතා පුරපති ධූරයට පත්වෙලා එක්සත් ජාතික පක්ෂය අවධි කළා. ඒ අවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ නව පෙරළියක් ඇතිකළ සංධිස්ථානයක් කියලා කියන්න පුළුවන්. එතැන් පටන් අමාත්‍ය ධූර කිහිපයක් හෙබවූ සුගතදාස මහතා එම සේවය සිහිගන්වනු වස්, සුගතදාස ක්‍රීඩාංගනය ස්ථාපික කළා. ඒවගේම කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයත් එතුමාගේ විශිෂ්ඨ සේවයක්. ඒ වගේම උතුරු කොළඹ කියන්නේ වාමාංශික ආසනයක්. සුගතදාස මැතිතුමා විසින සිදුකළ විශේෂ පෙරළියක් නිසා අද උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂයේ ආසනයක් බවට පත්වෙලා තිබෙනවා. සුගතදාස මහතා එක්සත් ජාතික පක්ෂයට මෙන්ම සියලුම ආගම් වලටද විශේෂ සේවයක් සිදුකළ පුද්ගලයෙක්. එතුමාගේ පුද්ගලික වියදමෙන් නිවාස නොමැති පිරිස් වෙත නිවාස ලබාදෙන්න කටයුතු කළා. සුගතදාස මහතාගේ සංකල්පය වූයේ ජනතාව සමග ගමන් කිරීමයි. ඒ උදාර සංකල්පය ආදර්ශයට ගනිමින් අද අපිත් ජනතාව සමග ගමන් කරනවා.

    එදා සුගතදාස මැතිතුමා 1965 දී ආණ්ඩුවක් ඇති කරන්න විලියම් ගොපල්ලව මහතාට ඇතිකර දුන් වාතාවරණය වගේම, 2019 අග වෙද්දි ජනාධිපතිවරණය තුළින් එවැනිම ශක්තිමත් ආණ්ඩුවක් සෑදීමට අද අපේ අගමැතිතුමා සහ කරූ ජයසූරිය මහතා එකමුතුවී නායකත්වය සපයනවා”යැයි පැවසීය.

  • පොලොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කරලා රණසිංහ පාලනයක් ඇති කරනවා

    පොලොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කරලා රණසිංහ පාලනයක් ඇති කරනවා

    මේ රටේ වර්තමානයේ තිබෙන දැවැන්තම දේශපලන පක්ෂය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් මීළඟ ජනපතිවරණයට අනිවාර්යයෙන් ඉදිරිපත් වන්නේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් බවත් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා කීය.

    ඊයේ (06දා) සවස පූජාපිටියේ පැවැති හාරිස්පත්තුව 2 තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් මන්ත්‍රීවරයා එසේ කීය.

    “මේ දිනවල කොහේ ගියත් අහන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකට යනවද කියලා. මේ රටේ තියෙන දැවැන්තම දේශපාලන  පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන්නේ පොහොට්ටුවෙන් බව අපි සහතික කර ප්‍රකාශ කරනවා.

    ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක එන්න පුළුවන්. අපි එකතු වෙලා යනවානම් අමරවීර මහත්තයාලට අපි කියන්න කැමැතියි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආවේ  පහෙන් විශ්‍රාම යන්න. මමත් බලාගෙන ඉන්නේ එතුමා විශ්‍රාම යනකම් පොළොන්නරුවේ සිරිසේන පාලනය අවසන් කරලා රණසිංහ පාලනයක් ඇති කරන්න” .

  • කවුරු තැන තැන මොනවා කිව්වත් අන්තිමේදී, ශ්‍රීලනිපයයි, පොහොට්ටුවයි එකතු වෙන හැටි සාකච්ඡාවේ ඉන්න තිලංග හෙළිකරයි (වීඩියෝ)

    කවුරු තැන තැන මොනවා කිව්වත් අන්තිමේදී, ශ්‍රීලනිපයයි, පොහොට්ටුවයි එකතු වෙන හැටි සාකච්ඡාවේ ඉන්න තිලංග හෙළිකරයි (වීඩියෝ)

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවලදී මේ වන විට ප්‍රතිපත්තිමය කරුණු 25කට සහ සන්ධානයේ නාමයට මූලික වශයෙන් එම පක්ෂ දෙකෙහි නායකයින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මූලික එකඟතාවයකට පැමිණ ඇතැයි ශ්‍රීලනිපය නියෝජනය කරමින් සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අනාවරණය කර සිටියේය.

    මාස කිහිපයක් පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල සත්‍ය තත්වය මෙහිදී මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියේය.

    මේ වන විට විවිධ පුද්ගලයින් විසින් තැන් තැන්වලට ශ්‍රීලනිප, පොහොට්ටු සාකච්ඡා අසාර්ථක වන බවට විවිධ මත පළකරමින් යනු ලබන අතර ඒවායේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මෙහිදී අනාවරණය විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩ නඟන සන්ධානයේ නම වන “ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ” යන්න පක්ෂ දෙකේම නායකයින්ගේ පූර්ණ එකඟතාවයෙන් අනුමත වී අවසන් බවයි.

    එසේම මෙහිදී ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ අතර වූ සන්ධානය ගොඩනැගෙන අන්දම සහ මැතිවරණය සඳහා තරඟ කරන ආකාරයත්, ජනාධිපති අපේක්ෂකයා සහ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා සම්බන්ධයෙන් වන කරුණුත් අනාවරණය කර සිටියේය. ඒ සඳහා පහත වීඩියෝව නරඹන්න.

  • සජිත්ගේ තරම ගැන එජාප උපනායක කළ සුපිරි අනාවරණය (වීඩියෝ)

    සජිත්ගේ තරම ගැන එජාප උපනායක කළ සුපිරි අනාවරණය (වීඩියෝ)

    කුඩා දරුවන් ඔසොවාගෙන සිටිද්දී බිම තිබ්බොත් දුවන්න පුළුවන් යැයි සිතන බවත් නමුත් සැබෑවටම බිම තැබූ පසු දුවන්න තියා දණ දාගන්නවත් බැරි බව ඇමැති රවි කරුණානායක මහතා සඳහන් කරයි.

    ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනක දී අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විමසද්දීය.

    මංගල සමරවීර ඇමතිවරයා ගැන අදහස් පල කරමින් රවි කරුණානායක මහතා කියා සිටියේ ඔහු ඉතාම මෑතකදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ පුද්ගලයෙකු බවත් ඊට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මිස්ට් බීන් කියූ බිහි පුද්ගලයෙක් බව මතක තබාගත යුතු බවයි.

    එවන් පුද්ගලයන් කියන ආකාරයට එජාපය කටයුතු නොකල යුතු බවද ඇමතිවරයා පැවසීය.

  • මම වලව්වකින් නැතුව පුංචි තැනකින් ආපු පොඩි ගොවි පවුලක මිනිහෙක් නිසාද මට මේ තරම් ගරහන්නේ.. ජනපතිගෙන් ඇසට කඳුළු උණන කතාවක් (වීඩියෝ)

    මම වලව්වකින් නැතුව පුංචි තැනකින් ආපු පොඩි ගොවි පවුලක මිනිහෙක් නිසාද මට මේ තරම් ගරහන්නේ.. ජනපතිගෙන් ඇසට කඳුළු උණන කතාවක් (වීඩියෝ)

    අද වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යද්දී ඊට විරුද්ධව විශාල පිරිසක් අධිකරණයට ගොස් මුලික අයිතිවාසිකම් යනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පටන් ගෙන ඇති බවත්, රටේ දුවා දරුවන් සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටිද්දී තමාට කුඩු ජාවාරම් කරුවන්ගේම කුලී හේවායන් විසින් චරිත ඝාතනය කරමින් පහර දෙන බවත් මේ වන විට තමාට ජීවිත තර්ජන පවා මේ වන විට එල්ල වී ඇති බවත් සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සංවේදී කතාවක් සිදුකළේය.

    තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා වංචාව සහ දූෂණය පිටුදැකීමේ දී ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් නීතිය ක්‍රියාත්මක කිරීම තම ප්‍රතිපත්තිය බව ද කියා සිටියේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක් ප්‍රදානය වෙනුවෙන් ඊයේ (02) පස්වරුවේ පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවය අමතමිනි.

    තමා ගොවියෙකුගේ පුංචි ගොවි පවුලකින් ආ පොඩි මිනිසෙකු බවත්, තමාට වලව් හෝ ඔක්ස්ෆඩ්, ක්‍රේම්බිජ් පසුබිමක් නොතිබෙන නිසාද, මේ තරම් නින්දා, අපහාස කරමින් තම චරිතය ඝාතනය කරමින් තමාගේ ප්‍රතිරූපය සමාජ ජාල මාධ්‍ය කෙළසන්නේ දැයි ජනාධිපතිවරයා ඉතා සංවේදීව ජනතාවගෙන් ප්‍රශ්න කර සිටියේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම කථාව රැස්ව සිටි ජනතාවට දැඩි සංවේදීත්වයක් ඇති කළ බව පෙනෙන්නට තිබුණි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ වාර්තාව අද ලැබුණු බවත්, පසුගිය යුගය තුළ එහි සිදුව ඇති වංචා සහ අක්‍රමිකතා පිළිබඳ එමඟින් අනාවරණය කර ඇති සියලූ කරුණු තමා ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

    ඉහළ දේශපාලන නායකයින් සිදු කරන කෝටි, ප්‍රකෝටි මුල්‍ය වංචා මෙන් ම අහිංසක ගොවියෙකුට ඉඩම් බලපත්‍රයක් ලබාදීමේ දී තම සාක්කු පුරවා ගැනීමට උත්සහ දැරීම ද තමාට ඉවසා සිටිය නොහැකි බව පැවසූ ජනාධිපතිවරයා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් 2015 ජනාධිපතිවරණයේ දී තමා මේ රටේ ජනාධිපති ධූරයට පත් කරගත්තේ එම සියලූ ආකාරයේ වංචා සහ දූෂණ පිටුදැකීමට බව ද කියා සිටියේය. 

    වංචාව හා දූෂණය පිටුදකිමින් රට ගොඩනැඟීමට කටයුතු කරද්දි තමා බලයට පත්කර ගැනීමට සහය වූ අය මෙන්ම විරුද්ධ පක්ෂයේ අය ද තමාට විරුද්ධ වී සිටින බව පැවසු ජනාධිපතිවරයා ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා තමාට වෙනසක් නොමැති අතර සියලූ වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙන බවත්, අද තමාට ආණ්ඩුවේ අය මෙන්ම විපක්ෂයේ අය ද දොස් නගන්නේ දූෂණය සහ වංචාව පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නිසා බවත් කියා සිටියේය.

    අප්‍රේල් 21 වන දා සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ අද පරික්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන්නේ අදාළ කොමිසන් සභා වාර්තාව අනුව බවයි. 

    මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 07ක් පවරා තිබෙන අතර, තමා ද එම සිදුවීමට වගඋත්තරකරුවෙක් කර ඇත්තේ තමා විසින්ම මේ රටේ ගොඩනැඟු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය අපක්ෂපාතිව කටයුතු කර ලබා දෙන ඕනෑම තීන්දුවක් භාරගනීමට තමා සූදානමින් සිටින බව ද කියා සිටියේය.

    මෙම සියලූ කටයුතු වෙනුවෙන් තමා ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කර තිඛෙන අතර, කරුණු නොදැන ඇතැම් පිරිස් තමාට චෝදනා නඟන බවත්, කුමන බාධා හමුවේ වුව ද තම වගකීම රට වෙනුවෙන් ඉටු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

    එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමා පිළිබඳ චෝදනා ඇත්නම් ඕනෑම අයෙකුට අධිකරණයට ගොස් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ හැකි බවයි. 

  • තේරීම් කාරක සභාවට පැමිණි බදියුදීන් කට මදිවට පුකත් හෝදං-පිසං යයි? (වීඩියෝ)

    තේරීම් කාරක සභාවට පැමිණි බදියුදීන් කට මදිවට පුකත් හෝදං-පිසං යයි? (වීඩියෝ)

    පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන එක්සත් ජාතික පක්ෂය සහ එම පක්ෂයේම වෘත්තීය සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණෙන් සැඳුම්ලත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඊයේ දිනයේ හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා කැඳවනු ලැබීය.

    හමුදාපතිවරයාට දුරකථනයෙන් තුන්වරක් ඇමතු හේතුව, අත්අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ‍්‍රාහීම් සමග ඇති සබදතා ගැන එහිදී කමිටු සාමාජිකයක් ප‍්‍රශ්න කල අතර ඒවාට බදුර්දීන් මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.

    කෙසේ වෙතත් මෙම කමිටුව විසින් බදුර්දීන් මහතාගෙන් ප්‍රශ්න කළ ආකාරය සම්බන්ධයෙන් සමාජ ජාලාවක් පළ වන්නේ විවේචනාත්මක අදහස්ය.

    බදුර්දීන් මහතා ද ආණ්ඩුව නියෝජනය කරන අතර කමිටුවේ සිටි ජවිපෙ මන්ත්‍රීවරයා හැර සෙසු සියළු දෙනා ආණ්ඩුව නියෝජනය කරති.

    සමාජ ජාලයන්ට ඇතමුන් මත පළකර ඇත්තේ කමිටුව විසින් කැදවූ රාජ්‍ය නිලධාරීන්ගෙන් අසන ලද අසීරු හරස් ප්‍රශ්න ආකාරයේ ප‍්‍රශ්න කිරීම් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගෙන් කිසිදු අවස්ථාවක සිදු නොකල බවයි.

  • තුට්ටු දෙකේ දේශපාලනය වෙනුවෙන් සජිත්ගේ අමන වැඩක්! ඓතිහාසික බෞද්ධ පන්සල්වල ලයිට් කපයි (වීඩියෝ)

    තුට්ටු දෙකේ දේශපාලනය වෙනුවෙන් සජිත්ගේ අමන වැඩක්! ඓතිහාසික බෞද්ධ පන්සල්වල ලයිට් කපයි (වීඩියෝ)

    මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොතිබූ, බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍යය පිවිසුම් මාර්ගයට විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙනතිබූ පියවර, මේ වනවිට සජිත් ප්‍රේමදාසට අයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් තවකාලිකව අත්හිටුවා තිබේ.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ස්ථානයන්ට විදුලි ආලෝකය ලබාදෙන ලෙස කරතිබූ ඉල්ලීමකට අනුව කොන්දේසි කිහිපයක් යටතේ ඒ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හිමිවී තිබිණි. ඒ බව දන්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) විසින් 2019.06.26 දිනැති ලිපිය මගින් කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය විසින් විෂයභාර අමාත්‍යවරයාගේ ‍උපදෙස් පරිදි ඊයේ (27) පෙරවරුවේ විදුලිය ලබාදීමේ කටයුතු වෙනුවෙන් එම ස්ථානයට ගියද, අදාළ කටයුත්ත සිදුකිරීමට නොහැකිවී තිබේ.

    https://www.youtube.com/watch?v=toQL8kPXIgY

    ඊට හේතුව වී ඇත්තේ, 2019.06.27 දිනැති ලිපියෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) විසින් කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු අමතමින්, කූරගල පුරාවිද්‍යා පරිශ්‍රය හා චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීම තාවකාලිකව අවලංගු කරන බවට දන්වා තිබීමයි. මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසූ විට අදාළ නිලධාරියා විසින් ඒ පිළිබදව වැඩිදුර කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේ, කාලාන්තරයක් තිස්සේ දැඩි අවශ්‍යතාවක්ව පැවති මෙම විදුලිය පහසුකම ලබාදෙන ලෙස තමාගෙන් ඉල්ලූ අවස්ථාවේ තමා ඒ සදහා ක්ෂණිකවම යහපත් ප්‍රතිචාර දැක්වූ බවත්, ඒ අනුව අද පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ ස්ථානයට විදුලිය ලබාදීමට ක්‍රියාත්මකවූ නමුත්, නොදන්නා බලවේගයක් තුළින් අදාළ කටයුතු නැවැත්වීමට ක්‍රියාකර ඇති බවත්ය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ස්ථානයට විදුලිය ලබාදීම සදහා හැකි ඉක්මණින් අවසර ලබාදෙන ලෙසයි. පුරාවස්තු දෙපාර්තමේන්තුවෙන් මේ සදහා අවසර ලබාදී තිබූ නමුත් අද පෙරවරුවේ මෙම වැඩකටයුතු නවත්වන ලෙස එම දෙපාර්තමේන්තුවෙන්ම තම අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම්දී ඇතැයි පැවසූ කරුණානායක මහතා, විදුලිය ලබාදීම නවතා දමා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බැවින් මෙහි පූර්ණ වගකීම ඔවුන් සතු බවත් පැවසූ අතර මෙය කිසිසේත්ම දේශපාලන කටයුත්තක් නොවන බවත් අවධාරණය කළේය.

    කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට සහ චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීමට දී තිබූ අවසරය අත්හිටුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට පැමිණි කොටුවේ පොඩි හාමුදුරුවන් සහ ඉරාජ් වීරරත්න මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

  • කක්කුස්සි කටාගේ තවත් පාදඩ වැඩක් (වීඩියෝ)

    කක්කුස්සි කටාගේ තවත් පාදඩ වැඩක් (වීඩියෝ)

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායන පවත්වන ස්ථානයට කලුතෙල් ප්‍රහාරයක් හා ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    අද(28) උදෑසන මෙම සිදුවීම පිළිබඳ තමා දැන ගත් බව වෛද්‍යවරයා පැවසීය.

    කෙසේ වෙතත් ඊයේ(27) දිනයේ දී ජාතික සංහිඳියාව ඇති කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ රාජිත සේනාරත්තන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත් වු බවත්, රාජිත සේනාරත්න මහතාගේ හා ගෝලයින් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් පැවසු වෛද්‍යවරයා, කළුතර ශාඛාවේ උපසභාපතිවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ද මෙවැනි ප්‍රහාර එල්ල කිරීම තුළින් සංහිඳියාව මතු කර දක්වා ඇතැයි ද වෛද්‍යවරයා පවසා සිටියේය.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙවැනි සිදුවීම් කිරිමට අමුතුවෙන් ඉගැන්විය යුතු දෙයක් නොවන බවත් පැවසු වෛද්‍යවරයා, ඉතිහාසයේ මෙවැනි ක්‍රියාවලට දක්ෂයෙක් බවත් එනිසා සියලු ආණ්ඩුවලින් යැපෙමින් ඉතා දක්ෂ ලෙස ජිවත් වෙන එකම පාලකයා රාජිත සේනාරත්න මහතා බව ද පැවසීය.

    එල්.ටී.ටී.ඊ සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ විවේචනය කරමින් ඉතා සූක්ෂම ලෙස දේශාපලනය කළ හැකි එකම පුද්ගලයා ඔහු බවට ද චෝදනා කර සිටි වෛද්‍ය නලින් ජයතිස්ස මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ මේ ආකාරයෙන් හැප්පී මේ ගමන නැවැත් වීමට සිතීම ඔහුගේ සිහිනයක් පමණක් බව ද කියා සිටියේය.

    රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රටේ දේශපාලන ගමන් මඟේ යම් වැරැද්දක් ඇති බැවින් මෙලෙස මෙම ක්‍රියාවලියට යොමු ඇති බවත් පැවසු වෛද්‍යවරයා දේශාපලඥයින් විසින් බාල බෙහෙත් ගැබිණි මව්වරුන්ට ලබා දෙන ආකාරය රජයේ විගණන වාර්තා තුළින් පෙන්වා දී ඇතැයි ද පැවසීය.

    සේනක බිබිලේ වෙන්න හදන රාජිතගේ නිරුවත මේ වන විට එළිදක්වමින් සිටින බව ද පැවසු වෛද්‍යවරයා, රාජිත සේනාරත්න මහතාට මෙය දරා ගැනීමට නොහැකි වී ඇති ද කියා සිටියේය.

    කළුතරින් ඇරඹි රාජිත සේනාරත්නට එරෙහි විරෝධය අද වන විට මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇතැයි ද පැවසු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, අද වන විට රාජිත සේනාරත්න මහතාගේ දේශපාලන මළ ගම සනිටුහන් වී ඇතැයි ද පැවසීය.

    පොලීසියෙන් මෙයට සාධාරණයක් ඉටු වේයැයි සිතිය නොහැකි බව ද පැවසු වෛද්‍යවරයා, කෙසේ හෝ පැමිණිල්ලක් කර ඇතැයි ද සඳහන් කළේය.

  • ගම්මට්ටම, බිම් මට්ටම කිය කියා බොරුවට රට වටේ තම්මැට්ටම් ගහන අය රටක ජනාධිපති වෙන්න සුදුසුද..?

    ගම්මට්ටම, බිම් මට්ටම කිය කියා බොරුවට රට වටේ තම්මැට්ටම් ගහන අය රටක ජනාධිපති වෙන්න සුදුසුද..?

    “එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය  වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි. ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා අඩලා වැඩක් නැහැ. රෑ වැටුණ වලේ දවල් වැටෙන්නනම් අපි කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂ උප නායක වශයෙන් මම වගකීමෙන් යුතුව කියන්නේ, තවමත් අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කරලා නැහැ. දේශපාලඥයන් වශයෙන් නිතරම අපි නිවැරදි වියයුතුයි. අපි කරන සියලු දේ ජනතාවට හිතකර නොවන්න පුළුවන්. නමුත් අනිත් පක්ෂ වලට වඩා අපි ජනතාව ගැන හිතලා කටයුතු කරන පක්ෂයක්. මේ රට සිංහල බෞද්ධ රටක් . නමුත් සියලු ජාතීන්, සියලු ආගම් වලට  ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය මත ජීවත්වීමේ අයිතිය අපි සුරක්ෂිත කල යුතුයි. ප්‍රාදේශීය මට්ටමෙන් කාණූ, බෝක්කු ගැන කතා කරන්න පමණක් නොවෙයි, රටේ ආර්ථිකය, ජාතික සංවර්ධනය, ව්‍යාපාර සංවර්ධනය, විරැකියාවට පිළීයම් සෙවීම ජාතික ආගමික, සහජීවනය, අපනයන රටාව ආදිය පිළීබදව සිතන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්, මේ රට ජාත්‍යන්තරයට ගෙනයන්න පුළුවන් ජාතික මට්ටමේ පුද්ගලයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් පළකළේ, මිහින්තලයේ මහානායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා පුදබිම ආශ්‍රිතව සිදුකිරිමට නියමිත නවීකරන ක්‍රියාවලියේ මූලික වටයේ සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

    “ඔක්තෝබර් මාසේ 05 දා වනවිට මේ විහාරස්ථාන භූමියේ සිදුකළ යුතු සංවර්ධන කටයුතු නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අගමැතිතුමා පොසොන් පොහොයදා මෙම ස්ථානයට පැමිණ පොරොන්දු වූ පරිදි මෙම කටයතු සිදු කරනවා. ඒ වෙනුවෙන් වන මූලික සාකච්ඡා අද ආරම්භ වුණා.

    මෙම ස්ථානය දෙආකාරයකින් නවීකරණය කරනවා. ප්‍රධානම වශයෙන් මෙම ස්ථානයේ ඓතිහාසික වැදගත්කමට, පෞරාණික වටිනාකමට සහ පූජනීය බවට  හානියක් නොවන අයුරින් මෙම නවීකරණ කටයුතු සිදුකරන්න අපි පියවර ගන්නවා. මෙම ස්ථානය නරඹන්න දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙනවා. නමුත් ඒ තුළින් අපි උපරිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියලා නායක ස්වාමීන්වහන්සේ අපට පෙන්නලා දුන්නා.  උන්වහන්සේගේ අනුදැනුම සහ අනුශාසනා අනුව අපි මෙහි නවීකරණ කටයුතු සිදු කරනවා. පෝය දින හැරෙන්නට සවස් කාලය වෙද්දි මෙම ස්ථානයට පැමිණීම ටිකක් දුෂ්කරයි. ලංවිම මගින් මෙම ස්ථානයට විදුලිබල සැපයුම තුළින් වෙනසක් ලබාදීලා තිබෙනවා. නමුත් ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

    දේශපාලනය තියන්නේ දිනකට දෙකකට සීමා වෙලා කළයුතු දෙයක් නෙමෙයි. දේශපාලන පක්ෂ දෛනිකව ක්‍රියාකාරි වියයුතුයි. ඒ තුළින් ත්‍රස්තවාදය , අන්තවාදය සම්පූර්ණයෙන් නැතිකොට සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියළු ජාතීන් එකමුතුව සමගිව එකම රටක් වශයෙන්  ජීවත්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.

    යම් යම් පිරිස් කියනවා පසුගිය අප්‍රේල් 21 සිදුවු බෝම්බ ප්‍රහාරය ආණ්ඩුව සිය වාසියට හරවාගෙන කියලා. නමුත් එම සිද්ධිය අපි කව්රුත් දන්නා පරිදි අනපේක්ෂිත සිද්ධියක්. සුළු පිරිසක් එකතු වෙලා අන්තවාදීව කටයුතු කරලා මුලු රටක්ම විනාශ කළා. එවැනි තත්ත්වයක් ආයෙ කවදාවත් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරිම ආන්ඩුව සතු කාර්යයක්. ඒ නිසා අපි එම කටයුත්ත අනිවාර්යයෙන්ම කරනවා. පාස්කු ඉරිදා ඇති වූ ප්‍රහාරයත් සමග එක් අයෙකුට චෝදනා එල්ල වුනත්,  මුස්ලිම් මන්ත්‍රීවරුන් දියලුදෙනා ඉල්ලා අස්වුනේ පරීක්ෂණ කටයුතු පහසුකරන්න. එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ සී.අයි.ඩී. වාර්තාව පසුගියදා නිකුත්වුණා. එම වාතාවෙන් ඔප්පු වුණා එසේ ඉල්ලා අස්වූ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් චෝදනා නොමැති බව. ත්‍රස්තවාදීන් සුළු පිරිසක් සිදුකල විනාශකාරී කටයුත්තකට අනෙක් අයටයි වන්දි ගෙවන්න සිද්ධ වුණේ ” යැයි පැවසීය.