ත්‍රිකුණාමලය මහා රෝහලට යාබදව හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අද (15) අත්තිවාරම් කපද්දී ඉපැරණි කාලතුවක්කුවක කොටසක් හමු වී තිබෙනවා. මෙම කාලතුවක්කුව සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම්දීම අනුව එම ස්ථානයට පැමිණි වරාය පොලිස් ස්ථානාධිපති…

මිනිසා තුළ නිධන්ගතව ඇති  මමත්වය හා අහංකාරය දුරු වේවායි යන ප්‍රාර්ථනයෙන් යුක්තව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ථ ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවාස සීලය සමාදන් වන්නා වූ මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ…

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)
පසුගිය 9 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තමාට පහරදී තර්ජනය කළ බවට රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් අැප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන් කර ඇත. මොහොමඩ් ශසිල් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තම බඩට පහරදී නැවත සාක්ෂි දීමට…

පුංදි ඡන්දය වෙනුවෙන් වැසෙන පාසල් හා විද්‍යාපීඨ
පෙබරවාරි 10දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මීට අමතරව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා මතු දැක්වෙන පාසල් 19 සහ අධ්‍යාපන විද්‍යාපීඨ දෙක හෙට (7) සිට සිකුරාදා (9) දක්වා වසා තැබෙන බවද එමඅමාත්‍යාංශය නිවේදනය කරයි. එම පාසල් සහ විද්‍යාපීඨ මෙසේය. පාසල්…

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට(7) වැඩවරයි
මෙරට රජයේ විකිරණ තාක්ෂණවේදී සේවාව තුළ 1200කට ආසන්න පිරිසක් සේවය කළ යුතු වුවත් මේ වනවිට සේවය කරන්නේ නිලධාරීන් 550ක් වැනි ප්‍රමාණයක් බැවින් සේවාව පවත්වාගෙන යෑමේදී බරපතළ ගැටලු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බවත්  මීට අමතරව ස්ථාන මාරු ක්‍රමවේදයේ හා අමතර දීමනා ගෙවීමේදීත් ගැටලු ගණනාවක් නිර්මාණයවී තිබෙන බවත්, එම…

ඇලෝසියස් හා පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
ඊයේ (4) අත්අඩංගුවට ගත් ප්‍රිපැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ඒහි විධායක නිළධාරී කසුන් පලිසේන යන අයවලුන් මෙම මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොලඹ කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කර ඇත.

බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය 08 වන බ්‍රහස්පතින්දා
අපවත්වී වදාළ මහාචාර්ය, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී එළැඹෙන 08දා පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය. 

බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත් වෙයි
බෙල්ලන්විල විහාරස්ථානයේ ‘මියන් කුමර්‘ ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (03) අපවත් වූහ. ඇතාට ආහාර දීමට යාමේදී මෙම අනතුර සිදුවී තිබුණු අතර විමලරතන හිමිගේ ඉලඇටවලට හානි සිදු වී තිබූ බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබිණි.

කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (30) රාත්‍රියේ දී සිදුවිය. කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා…

ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් පෝය දිනයේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට මඩ පැහැති ජලය ලබාදී ඇති බවට අද උදෑසන සිටම අපට පැමිණිලි ලැබී ඇත.. අද උදෑසන 6 සිට ජල කරාම තුලින්…

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (31) යෙදී තිබෙනවා. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසටයි නවම් පොහොය සැලකෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා වෙනුවෙන් ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා…

ශ්‍රී පාද රක්ෂිතයේ ඇති තවත් අප්‍රකට පා සටහනක් පිළිබඳ පුවතක් මේ වසර ආරම්භයත් සමඟම මාධ්‍ය මගින් දසත පැතිර යන්නට විය. ශ්‍රී පාද රක්ෂිතය නොදුරේ ඇති කලු ගල් තලාවක එබී ගිය…

අග්‍රගන්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක්ද වූ ධර්මසේන පතිරාජ මහතා අපෙන් සමුගනී
විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම තිර පිටපත් රචකයෙක් වෙන ධර්මසේන පතිරාජ මහතා අභාවප්‍රාපත් වී ඇත.කලක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඒ මහතා මිය යන විට 74 වැනි වියේ පසුවිය.නුවර ධර්මරජ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ධර්මසේන පතිරාජ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.අවසන් කටයුතු මහනුවරදී පැවැත්වීමට නියමිතය. ජනාධිපත සම්මාන පවා හිමිකරගෙන ඇති ඒ මහතාගේ චිත්‍රපට අතර බඹරු ඇවිත් චිත්‍රපටය සුවිශේෂී…

ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනයේ හදිසි වෙනසක්..?
මෙරට මෙගා ටෙලි නාට්‍ය කලාවේ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත් “කූඹියෝ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උපයෝගී කර ගනිමින් නිර්මාණය වූ ඉතා ආකර්ශනීය ගීතයක් අපට හමු වුණා. එහි මුල් නිර්මාණයට හානියක් නොවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබූ මෙම ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ මෙය වත්මන් දේශපාලන තත්වය හමුවේ කෙතරම් තාත්විකද යන්න පෙන්වීම සඳහාය. මේ අපට අන්තර්ජාලයෙන් හමු වූ…

ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව සඳහා සභිකයින් 4 දෙනෙකු තෝරා පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැපී පෙනෙන ජයග‍්‍රහණයක් හිමි කර ගෙන තිබෙනවා. සභික ධූර 4ම හිමි…

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලු විසඳීම සඳහා රජය තිරසාර විසඳුමක් යෝජනා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. ඒ අනුව එහි දක්වා ඇත්තේ වෛද්‍ය අධ්‍යාපනය සහ…