මාලිමා මැයි රැළියට ලක්‍ෂ පහක්…!

මාලිමා මැයි රැළියට ලක්‍ෂ පහක්…!
Spread the love

ජාතික ජන බලවේගය විසින් මෙවර සංවිධනය කරන මැයි රැලි සඳහා ලක්‍ෂ පහකට වැඩි ජනතාවක් සහභාගී වන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ජාතික ජනබලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති, ගොවි සංවිධාන, තරුණ සංවිධාන හා කොට්ඨාස සමිති වල සාමජිකයන් මෙසේ පැමිණෙනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මාලිමා මැයි රැළිය මෙවර ජාතික මැයි රැලිය ලෙස පැවැත්වීමට හැකිවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ජාතික ජනබලවේගය විසින් මෙවර කම්කරු දින රැළි කොළඹ අනුරාධපුර මාතර හා යාපනය යන නගර වලදී පවත්වනු ලබයි.