Blog

  • මහින්ද රාජපක්ෂ චීනයේ නිල සංචාරයක

    මහින්ද රාජපක්ෂ චීනයේ නිල සංචාරයක

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (27) පෙරවරුවේ චීනයට පිටත්ව ගිය අතර, එහි රැඳී සිටින කාලය තුළ චීන අග්‍රාමාත්‍ය ලී චියැං සහ විදේශ අමාත්‍ය වැන්ග් යී සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව  වාර්තා වේ. 

    බීජිං හි පැවැත්වෙන සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවවලට සහභාගි වන ලෙස අමාත්‍ය වැන්ග් යීගේ ආරාධනයකට අනුව රාජපක්ෂගේ මෙම සංචාරය සිදු වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම සමරු උත්සව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග්, අග්‍රාමාත්‍ය ලී චියැන්ග්, විදේශ අමාත්‍ය වැන්ග් යී සහ අනෙකුත් ප්‍රමුඛ CPC සාමාජිකයින් සහභාගී වීමට නියමිතය.

    මෙම සිදුවීම්වලට සමගාමීව, මහින්ද රාජපක්ෂ මහතා චීන අග්‍රාමාත්‍ය Li Qiang සහ අමාත්‍ය Yi සමඟ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සහ ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කරනු ඇත. රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම පිළිබඳව ද සාකච්ඡා කරනු ඇති අතර චීනය සහ චීනයේ එක්සිම් බැංකුව ලබා දුන් ආධාර සඳහා කෘතඥතාව පළ කරනු ඇති බව ද වාර්තා වේ.

     

  • LPL පස්වැන්නට ‘Power Blast Overs‘ එක්වෙයි

    LPL පස්වැන්නට ‘Power Blast Overs‘ එක්වෙයි

    ජූලි මස පළමුවැනිදා සිට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේදී වැඩි ආකර්ශනයක් ලබාදීම වෙනුවෙන් තරගයට නව විශේෂාංගයක් එකතු කිරීමට තරගාවලි සංවිධායකයින් පියවර ගෙනතිබේ. ‘පවර් බ්ලාස්ට්‘ ලෙසින් හඳුන්වනු ලබන මෙම විශේෂාංගයේදී සෑම කණ්ඩායමකට පන්දුවාර 2 බැගින් හිමිවනු ඇත.

    සෑම ඉනිමකටම 16 වැනි සහ 17 වැනි පන්දුවාරවලදී යොදාගනු ලබන මෙම ‘පවර් බ්ලාස්ට්‘ විශේෂාංගය එක් කිරීමේදී සිදුකෙරෙන්නේ යාර 30 සීමාවට පිටතින් පන්දු රකින්නන් යෙදවිය හැක්කේ සිවු දෙනෙකු පමණක් වීමය. මෙය තරගයේ පළමු  පන්දුවාර 6 හෙවත් පළමු පවර් ප්ලේ අවස්ථාවට අමතරව යොදා ගැනීමට තීරණය වී ඇත්තේ තරගයේ තරගකාරීත්වය මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට වැඩි ආශ්වාදයක් ලබාදීම අරමුණු කොට ගෙනය.

    “වසරින් වසර දියුණුවට පත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව විශේෂාංගය යොදා ගැනීමට තීරණය කළේ තරගාවලියට වැඩි උද්යෝගයක් එක් කිරීම අරමුණු කර ගෙන“ යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි තරගාවල අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සඳහන් කර සිටියේය. “මේ හරහා ක්‍රීඩා ලෝලීන් අතර විශාල උද්යෝගයක් ඇතිවනවා නොඅනුමානයි. ඒ වගේම තරග වදිනු ලබන කණ්ඩායම්ද මෙයින් උපරිම ප්‍රයෝජන ගන්න උපාය මාර්ග සකස් කළ යුතු වෙනවා“ යැයිද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

  • සිල්වර්වුඩ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    සිල්වර්වුඩ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුුණුකරු ලෙසින් කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පෞද්ලික හේතූන් මත තමා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කර සිටියි.

    “ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු වෙනවා කියන්නේ ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ් උදවිය සමග දැඩි සංවාදයකින් පසු මේ තීරණය ගත්තේ .මම නැවත ගෙදර ගිහිල්ලා ඔවුන් සමඟ හොඳ කාලයක් ගත කරන්න කාලය එළැඹ තියෙනවා“ යැයි සිල්වර්වඩු සඳහන් කර සිටියි.

    “මම ශ්‍රී ලංකාවේ කටයුතු කරපු කාලය තුළ මට ලබා දුන් සහයෝගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කලමනාකාරීත්වයට, පුහුණුකරුවන් සහ කාර්යය මණ්ඩලයට මම ස්තූතිවන්ත වනවා. ඔබේ සහයෝගය නොමැතිව කිසි දෙයක් සාර්ථකව සිදුකරගන්නට බැහැ“ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ් සාමාජිකයෙකු වීමට ලැබීම මට සැබෑ ගෞරවයක්. මම මෙයින් බොහෝ සොඳුරු මතකයන් රැගෙන යනවා“ යැයි සිල්වර්වුඩ් පවසයසි.

    සිල්වර්වුඩ්ගේ සේවා කාලය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාවත් 2023 වසරේ පැවැති එක්දින ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයටද සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මෙන්ම එතෙරදී පැවැති ද්වී පාර්ශ්වික තරගාවලිවලද ජයග්‍රහණයන් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිල්වර්වඩුගේ පුහුණුකාරීත්වය යටතේ හැකියාව ලැබිණ, ඒ අතර බංග්ලාදේශයට එරෙහිව ඔවුන්ගේ රටේ ලද ටෙස්ට් තරග ජය මෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලියද කැපී පෙනෙයි.

  • ජූලි 02 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රස්වීමක්

    ජූලි 02 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රස්වීමක්

    2024 ජුලි 02 වැනි අඟහරුවාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු විශේෂ රැස්වීමට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුම් මෙදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

     

  • නාමල් සුපිරි කතා රැසක් මැද රනිල්ගේ වැඩ ගැන කියූ සුපිරි කතාව

    නාමල් සුපිරි කතා රැසක් මැද රනිල්ගේ වැඩ ගැන කියූ සුපිරි කතාව

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කළේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ වුවත් වත්මන් ජනාධිපතිවරයාගේ සියලුම ප්‍රතිපත්තිවලට තම පක්ෂය පක්ෂපාතී නොවන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් “මැදවච්චිය” ආසන සමුළුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ‘’මැදවච්චිය ආසනය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. මැදවච්චිය ආසනය කිවුවාම අපේ රටේ දේශපාලනය වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක්. කැබිතිගොල්ලෑව බස් බෝම්බයත් සමඟ එදා තබපු අධිෂ්ඨානයත් සමඟ ලෝක ඉතිහාසයේ පළමු වරට ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමණින්ම පරාජය කරන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකිවුණා. ඒ අධිෂ්ඨානය කරගත්තේ මැදවච්චිය ආසනයේ කැබිතිගොල්ලෑව. මහින්ද මහතාගේ දේශපාලන ජීවිතයේ වෙනසක් වුණා. නව ඒකීය රටක් බවට පත්වුණා. ඊට පෙර හැම නායකයෙක්ම බලයට ඊට පෙර හැම නායකයෙක්ම බලයට ආවේ නිදහස ගේන්න. සංම සාකච්ඡා පවත්වන්න. නැතිනම් ගිවිසුම් ගහන්න. එසේ නොමැති නම් 13 වැනි සංශෝධනය ගෙනත් අපි අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. මහින්ද රාජපක්ෂ මහතා වමේ දේශපාලන නායක නායිකාවෝ අවුරුදු 30 ක් මැතිවරණ වේදිකාවේ ප්‍රධාන පොරොන්දුවක් බවට පත්වුණු ත්‍රස්තවාදය අවසන් කරනවා කියා මේ මව්බිම නිදහස් රටක් බවට පත් කරන්න අවුරුදු 4 ක් වැනි කාලයක දී කටයුතු කළා.

    ඒ අනුව ඒකීය රටක් බවට පත් කරන්න කටයුතු කළා. එසේ අපි රට හැදුවා. 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කළේ මහා බලාපොරොත්තු ඇතිවයි. මහින්ද රාජපක්ෂ යුගයේ පැවැති සංවර්ධනය එයි කියා අපේක්ෂා කළා. මේ ප්‍රදේශයේ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. කිලෝ මීටර් 100000 ක් මාර්ග සංවර්ධනය කරන්න පියවර ගත්තා. එදා මහින්ද මහත්තයාට තිබුණු ලොකුම චෝදනාවක් තමයි ගම්වල පාරවල් කාපට් කරනවා කියලා. ඇතැමුන්ට නගරයේ ඉන්න අයට දුක තේරෙන්නේ නැහැ. ගමේ පාරේ වැටි වැටී යන දරුවාගේ දුක දන්නේ ගම්වල ඉන්න අම්මා තාත්තා. නගරයේ අය ඒක දන්නේ නැහැ. නමුත් ඒ අය චෝදනා කළේ ගමේ පාර කාපට් කරන එක අපරාධයක් කියලයි. තවත් කොට්ඨාශයක් හොරා හොරා කියන තැනට ඒක ලඝු කරන්න උත්සාහ කළා. අපි හැමදාම විශ්වාස කරනවා මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. ගොවියා, ධීවරයා, කම්කරුවා ආරක්ෂා කරන්න ඕන. පිටරටින් එන එළවළු පළතුරු වෙනුවට අපේ රටේ නිෂ්පාදනය කරන ආහාර වෙළඳපොට ගේන්න ඕන. ඒ නිසා ගමේ පාරවල් හැදුවා. ආර්ථික මධයස්ථාන හැදුවා.

    ගමේ ගොවියන්ගේ දරුවන්ට උගන්වලා තාක්ෂණ පීඨයට යවලා ලෝක රැකියා වෙළෙඳපලේ ඉල්ලුමට සරිලන රැකියාවක් කරන්න පුළුවන් වැඩපළිවෙල ආරම්භ කළේ ඒ නිසායි. ඕනම ආණ්ඩුවක් අපි හදලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අපි අතින් වැරැදි සිදුවන්න ඇති. නමුත් අපි වගකීමකින් කියනවා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂීකර්ම ප්‍රතිපත්තිය කියන එක කියා අපි පවසනවා. අපි එය නවීකරණය කරනවා. තාක්ෂණය සමඟ බද්ධ වියයුතු වෙනවා. ඔබේ දරුවාට හොද රැකියාවක් කරන්න පුළුවන් හොඳ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් පරිසරය හදන්න ඕන. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා. අපි එය ආරම්භ කළා. අවාසනාවට ආණ්ඩුව පෙරළියත් සමඟ අපිට ඒක ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පත්කළා. අපි එතුමාට සහාය දුන්නා. නමුත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන්නේ නැහැ. ඇතැම් අණ පනත්වලට සහාය දුන්නත් අපි එකඟ නොවූ කාරණා තිබෙනවා. ඒක අපේ ප්‍රතිපත්තිවලට ගැලපෙන්නේ නැහැ.

    අරගලයෙන් රට වැටුණු තැනින් ගොඩගන්න අපිට වුවමනාව තිබුණා. පෝලිම් ඉවත් කොට, විදුලි කප්පාදුව අවසන් කරන්න අවශ්‍ය වුණා. මිල වැඩි කළා. විදුලි උත්පාදනය වැඩි කළේ නැහැ. එදා උමා ඔය අවසන් කර තිබුණා නම් සාම්පූර් බලාගාරය ඉදිකර තිබුණා නම් විදුලිය කපන්න වෙන්නේ නැහැ. තෙල් පෝලිම හැදුනාද හැදෙව්වාද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. නමුත් අපි සහාය දුන්නා. විදේශ රටවලට දරුවන් රැකියා සඳහා යන්නේ නම් වෘත්තිකයන් බවට පත්කළ යුතු වෙනවා. මහින්දෝදය විද්‍යාගාරවලින් උපරිම ප්‍රයෝජන ගතයුතු වෙනවා. දරුවන් අපේක්ෂා කරන තාක්ෂණයත් සමඟ ජනතා සේවය සලසන යුගයක් අපි නිර්මාණය කළයුතු වෙනවා. එවැනි දියුණු ලෝකයක් කරා අපේ රටත් රැගෙන යන්නයි අපි අපේක්ෂා කරන්නේ. ඇතැම් දේශපාලන පක්ෂ දෙපැත්තට බෙදිලා විවාද කරනවා. අපි වැඩ කරලා පෙන්නපු දේශපාලන බලවේගයක්. අපි වැඩකර තිබෙනවා. අපි වැඩකරලා පුරුදුයි. මහ පොලොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂයක්.

    ඒ නිසා අපේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගොඩනැඟුණු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි කියා අපි විශ්වාස කරනවා. මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය තමයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මේ රටේ දරුවාගේ හෙට දවසේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බාරගන්නවා කියා වගකීමෙන් කියනවා. ඉදිරියේ දී එන ඕනම මැතිවරණයකට අපි මුහුණ දෙන්න සූදානම්. මැතිවරණ කල් දානවාට අපි එකඟ නැහැ. මේ රටේ මැතිවරණ සිතියම හකුලන්න ඉඩ දෙන්නේ නැහැ. මේ දිස්ත්‍රික්කයට එස්.එම් චන්ද්‍රෙස්න මහතා නායකත්වය දෙනවා. අභියෝග මැද මේ දේශපාලන ගමන පැමිණ තිබෙනවා . කෙටි කාලයක් තුළ වාසි පස්සේ දුවන්නේ නැතිව පාක්ෂිකයන් වෙනුවෙන් අපේ කඳවුර ආරක්ෂා කරන්න පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමනවා. අපි එකතු වෙලා අත්වැල් බැඳගමු. ඉදිරියේ දී පැමිණෙන ඕනෑම මැතිවරණයක් ශක්තිමත්ව ජයග්‍රහණය කරන්න කටයුතු කළයුතු වෙනවා. සියලු දෙනාම ඒකරාශී කරගෙන ජයග්‍රාහී මාවතක් කරා යොමු කරන්න අවශ්‍ය නායනත්වය ලබාදෙන්න කියා ඉල්ලනවා.

    – Media unit

  • ජනපතිගේ ‘සුභ ආරංචිය‘ ගැන ‘මනූෂ‘ කළ සුපිරි හෙළිදරව්ව

    ජනපතිගේ ‘සුභ ආරංචිය‘ ගැන ‘මනූෂ‘ කළ සුපිරි හෙළිදරව්ව

    ‘රටට සුබ ආරංචියක් එනවය කියන්නේ ජනතාවට සුබකළ දසාවක් උදාවනවයි කියන එකයි. රටේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවනවාට අකමැති අය කවුද කියල මේ දවස් දෙක තුනේ තහවුරු වුණා’ යයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.

    රටට සුබ ආරංචියක් ලැබෙන පණිවිඩය දැක්ක ගමන් ස.ජ.බ ය හා මාලිමාව භූමිතෙල් වැඳුණු ගැරඬි වගේ කලබල වෙලා. හතර පෝයටම සිල්ගන්නව වගේ පෙන්වන දේශපාලකයන් විපක්ෂය හැමදාමත් කළේ කුහක දේශපාලනයේ යෙදෙන එකයි. රටට සුබ ආරංචියක් එනවාය කියන පණිවිඩයට ඔවුන් එතරම් කළබල වුණේ ඒකයි.

    රටට සුබ ආරංචියක් එනවය කියන්නේ ජනතාවට සුබකළ දසාවක් උදාවනවයි කියන එකයි.රටේ මිනිස්සුන්ට සුබ කාලයක් උදාවනවාට අකමැති අය කවුද කියල මේ දවස් දෙක තුනේ තහවුරු වුණා.

    කොරියාව මේ වගේ ආර්ථික අර්බුදයයකට මුහුණ දීපු වෙලාවෙදි ඒ රටේ මිනිස්සු රට ගොඩගන්න රජයට සහය දුන්නා. ඊශ්‍රායලයේ ජනතාව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගන්න නෙදන්යාහුට සහය දුන්නා.වර්තමානයේදී රුසියාව,යුක්රේනය වගේ රටවල ජනතාව අර්බුධයෙන් ගොඩ එන්න පවතින රජයට සහය දෙනවා. ලෝකයේ තවත් රටවලින් එහෙම උදාහරණ රාශියක් තියෙනවා. නමුත් අපේ රට අමාරුවේ වැටුණු හැම වෙලාවකදි විපක්ෂය ඒ අර්බුදය තවත් වැඩි කරන්න කටයුතු කළා.

    තනි මන්ත්‍රීධූරයක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය භාර ගත්තා. පසුව ඔහු ජනාධිපති තනතුර භාර ගත්තා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුව ගිණි තියන්න සමහරු උත්සාහ ගත්තා.ඒ රටේ ස්ථාවරත්වයක් ඇතිවීම වළක්වන්නයි.

    88/89 දි ගුරුවරුන්ට පණිවිඩය යවල පාසල් වහල,ළමයි පාරට බැස්සුව ඉතිහාසය අපිට මතකයි.හරි පැත්තට යන රට අපසු හරවන්නයි විපක්ෂය අදත් ගුරුවරුන් පාරට බැස්සුවේ. රටේ දරුවන්ට කිරිපිටි, රෝහල්වලට බේත්ටික නැති වෙලාවෙදි රටට ඩොලර් එවන්න එපා කියල කිව්වෙත් මේ අයම තමයි. සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා පිටරට ඉන්න අපේ අයට කිව්වා රටට ‍ඩොලර් එවන්න එපා කියලා. ජනධිපතිතුමා රට භාර ගත්තු වෙලාවේ ඉඳල මේ කණ්ඩායම් උත්සාහ ගත්තේ රට වට්ටවන්නමයි. ඔවුන් අදත් මේ උත්සාහ ගන්නේ ඒක කරන්නයි.

    2023 මාර්තු 15 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ හා ස.ජ.ය එකට එකතු වෙලා වෘත්තිය සමිති 40ක් පාරට බැස්සුවා. ඒ මාසේ 22 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සහනය ලබාදෙනන ගිවිසුම අත්සන්කළාම අර උද්ඝෝෂණ, වැඩ වර්ජන නතර වුණා. මිනිස්සු අලුත් හුස්මක් අරගෙන නැගිට්ටොත් තමන්ට අමාරුයි කියල විපක්ෂය දන්නවා. ඒ නිසා බො‍රු තොරතුරු, බොරු ප්‍රවෘත්ති සමාජගත කරලා රට වට්ටවන්න රට වට්ටවන්න විපක්ෂය හරි ට්‍රයි කරනවා. මේ රටට සාපය කුහක විපක්ෂයයි.

    ලෝකයේ ඉන්න ඉතා ධනවත් පුද්ගලයන්, ව්‍යවසායකන් ආර්ථික ඝාතකයන් විදියට තමයි මාලිමාව හඳුන්වන්නේ. ඒ නිසා තමයි හඳුන්නෙත්ති ඊලෝන් මාස්ක්ව ආර්ථික ඝාතකයෙක් විදියට හඳුන්වන්නේ.

    මේ කණ්ඩායමට අවශ්‍ය නැවත මේ රට පෝලිම් යුගයට දක්වන්නයි. අපි අර්බුධයෙන් දේශපාලනය කරන එක නවත්තමු. අපි දියුණු රටක, දියුණු ආර්ථිකයකය අලුත් දේශපාලනය කරමු. ඒ සඳහා එකතු වෙන්න කියල මම විපක්ෂයට ආරාධනා කරනවා.

    – Media unit

  • අමාත්‍යධුර භාර ගන්නවාද ? නැද්ද ? රාජිත සුපිරි රහස හෙළි කරයි

    අමාත්‍යධුර භාර ගන්නවාද ? නැද්ද ? රාජිත සුපිරි රහස හෙළි කරයි

    මේ මොහොතේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබා ලබාගැනීමට සූදානම් නැති නමුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය දක්වන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

    මෙහිදී ඔහු පැවසුවේ වර්තමාන ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයක් සිටින බවයි.

    ‘මට වඩා ආණ්ඩුවට එක්වීමේ වුවමනාව තිබෙන්නේ මේ පිරිසට. ඔවුන්ව ආණ්ඩුවට සම්බන්ධ කරන්න තමයි මම ජනපතිවරයා එක්ක සාකච්ඡ කරන්නේ‘

    මේ අතර ඩේලි මිරර් පුවත්පත පසුගිය දා පවසා සිටියේ රාජිත, චම්පික හා ෆොන්සේකා කැබිනට් අමාත්‍යධුර භාර ගැනීමේ සූදානමකින් පසුවන බවයි. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම රාජිත ඇතුළු සමගි ජන බලවේගයේ විශාල පළුවක් ජනපතිවරයා සමග එක්වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

  • EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි..

    EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි..

    සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත් සම්බන්ධයෙන් අගෝස්තු 30 වැනිදා අධිකරණය හමුවේ හේතු පැහැදිලි කරන ලෙසට නියෝග කරමින් ජනාධිපති ලේ ලේකම් සමන් ඒකනායක මහතාට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සමේ පෙත්සම්කාර පාර්ශ්වයට මෙම නොතීසිය ජනාධිපති ලේකම්වරයාට බාර දෙන ලෙස ද නියෝග කෙරිණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

    මේ සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇතොත් පාර්ශ්වකරුවන්ට ගොනුකරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සති දෙකක් ඇතුළත ප්‍රතිවිරෝධතා ඇතොත් ගොනුකරන ලෙස ද නියෝග කළේය.

    මෙම පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 30 වැනිදා කැඳවන ලෙස ද නියෝග කෙරිණි.

    මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

  • උද්ධමනය ටිකක් ඉහලට..!

    උද්ධමනය ටිකක් ඉහලට..!

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

    ඒ අනුව 2024 මාර්තු මාසයේ දී 2.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 අප්‍රේල් මාසය සඳහා 2.7% ක් දක්වා වැඩි වී ඇත.

    2024 මාර්තු මාසයේ දී 5.0% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී 3.3% ක් දක්වා අඩු වී ඇත.

    එමෙන්ම, 2024 මාර්තු මාසයේ දී 0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ දී 2.3% ක් දක්වා වැඩි වී ඇත.

  • ඩයනාට තවත් නඩුවක්..! ඔප්පු වුනොත් අච්චු..!

    ඩයනාට තවත් නඩුවක්..! ඔප්පු වුනොත් අච්චු..!

    හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

    ඒ ඇය අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිනි.

    පැමිණිල්ල ගොනුකර ඇත්තේ වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ගමගේ විසිනි.

    ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහිමි කිරීමේ තීන්දුව ලබාදීමත් සමඟ ඇය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙසේ අධිකරණ තීන්දුවට අපහාස කර ඇතැයි ද ඔහු පැමිණිල්ල මගින් කියා සිටියි.

  • අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 67591 පීඩාවට…!

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 67591 පීඩාවට…!

    දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 21 පස්වරු 06.00 වන විට දිස්ත්‍රික්ක 15 අයත් පුද්ගලයන් 67591 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    පවුල් 17078 දෙනෙකුට අයත් පුද්ගලයන් එලෙස පීඩාවට පත්ව සිටියි.

    රත්නපුර , කොළඹ ,කෑගල්ල ,අනුරාධපුර ,මහනුවර ,ගාල්ල ,කළුතර ,යාපනය ,පුත්තලම, ගම්පහ, හම්බන්තොට ,බදුල්ල මාතර ,කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 114කින් එලෙස ආපදා වාර්තා වෙයි.

    පවුල් 27 අයත් පුද්ගලයන් 122 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 03 රැදීසිටියී.

    ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.

    ආපදා හේතුවෙන් අර්ධ නිවාස හානි 502ක් සහ පූර්ණ නිවාස හානි 02වාර්තා වී තිබේ.

    ගල් පෙරලීම් ,ගස් කඩා වැටීම්,තද සුළං,ජල ගැලීම් හා අකුණු ගැසීම් හේතුවෙන් එම අනතුරු සිදුව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

  • විවාද දෙකටම මාලිමාව බෑ කියයි… දැන් පරක්කුයිලු..

    විවාද දෙකටම මාලිමාව බෑ කියයි… දැන් පරක්කුයිලු..

    මැයි මස 20 වැනිදායින් පසු සමගි ජන බලවේගය සමග විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය සඳහන් කරන ලද බව අද පුවත්පත වාර්තා කරයි.

    සමගි ජන බලවේගය පක්ෂයට පෙර දැනුම් දුන් පරිදි මෙම 20 වැනිදාට ප‍්‍රථම විවාදය පැවැත්වීමට නොහැකිවීම මත එම තීරණය ගත් බවද එම පක්ෂය පවසා ඇත.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් විවාද සඳහා දින හතර බැගින් නම්කර ලබාදී ඇතත් ඊට ද එකඟ නොවන බව එම පක්ෂය කියා සිටී.

    සමගි ජන බලවේග විසින් යෝජනා කර තිබුණේ පළමුව ආර්ථික කමිටු විවාදය පවත්වා දෙවනුව නායකයන් අතර විවාදය පැවැත්වීමටයි.

    නමුත් ජාතික ජන බලවේගයේ ස්ථාවරය වන්නේ පළමුව නායකයන් අතර විවාදය පවත්වා ආර්ථික කමිටු විවාදය දෙවනුව පැවැත්වීමය.

  • රට ළූණු මිල ඉහල යන්නේ අරගලය නිසා…!

    රට ළූණු මිල ඉහල යන්නේ අරගලය නිසා…!

    යාන්තමින් ඔලුව උස්සාගෙන එන ආර්ථිකයට අද වන විට අරගලයේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

    රටලුණු ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම විදුලි ගාස්තුව ආදියද ඉහළ යන්නේ අරගලයේ ප්‍රතිඵල නිසා බවද ඔහු පෙන්වා දෙයි.

    ඊට අමතරව අරගලයේ ඉදිරියෙන්ම සිටි විවිධ පුද්ගලයන්ට දූෂණ වංචා චෝදනා එල්ල වී නඩුහබ වලට පැටලී ඇති බවද හෙතෙම කියා සිටියේය.

    මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

  • පාර්ලිමේන්තුව විසුරුවන බව කියා කොළඹ කොටස් වට්ටා ඇතැම්හු ලාබ උපයනවලු..! ජනපති රනිල් කියයි..!

    පාර්ලිමේන්තුව විසුරුවන බව කියා කොළඹ කොටස් වට්ටා ඇතැම්හු ලාබ උපයනවලු..! ජනපති රනිල් කියයි..!

    රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බව ද අවධාරණය කළේය.

    ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද වත්මන් ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දුෂණ විරෝධය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය ඒ සමඟ නිමා වන බවද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තෙල්දෙණිය නව අධිකරණ සංකීරණය විවෘත කිරීමේ අවස්ථාවට (15) එක් වෙමිනි.

    රටක ස්ථාවරත්වය රැඳී පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වන්නේ ද නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය තුළ බව ද කියා සිටියේය.

    තෙල්දෙණිය නගරයේ තිබූ පැරණි තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වික්ටෝරියා ජලාශයට යට විය. අනතුරව තෙල්දෙණිය කරලියද්ද නව නගරයේ ඉදිකළ තෙල්දෙණිය අධිකරණ ගොඩනැඟිල්ල ද මීට කලකට පෙර පූර්ණ සංවර්ධනයකට ලක් කිරීම සඳහා කඩා ඉවත් කෙරිණි. මෙම ස්ථානයේම අධිකරණ අමාත්‍යාංශය විසින් මෙම නව අධිකරණ සංකිර්ණය ඉදිකර තිබේ.

    තෙමහල් ගොඩනැඟිල්ලකින් සමන්විත මෙම තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ මෙන්ම තවත් පහසුකම්වලින් යුක්ත වන අතර එමඟින් තෙල්දෙණිය, රංගල, උඩුදුම්බර, පල්ලේකැලේ, මැණික්හින්න, වත්තේගම හා පන්විල යන පොලිස් ස්ථානවල නඩු කටයුතු ආවරණ කරයි.

    තෙල්දෙණිය අධිකරණය තෙල්දෙණිය නගරයේ තෙල්දෙණිය සමුපකාර බිමෙහි ගොඩනැඟිලි සංකීර්ණයක මෙතෙක් තාවකාලීකව පවත්වාගෙන ගිය අතර එම ස්ථානයේ පහසුකම් අවම වීමෙන් නඩු කටයුතු සඳහා පැමිණි මහජනතාවට දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදු විය.

    සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

    තෙල්දෙණිය නීතිඥ සංගමය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    නීතිඥයන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    ශත වර්ෂයකට පමණ පසුව නීති ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසක් අප සිදු කර තිබෙනවා. ඒ අනුව නීති 75ක් පමණ සම්මත කර ගැනීමට අප පසුගිය දෙවසර තුළ කටයුතු කළා. පැවති ඇතැම් පාර්ලිමේන්තු වසර 04ක්, 05ක් කටයුතු කළත් කිසිදා මෙවන් නීති ප්‍රමාණයක් සම්මත කරගෙන නැහැ. ආණ්ඩුවක් තිබෙන්නේ වැඩ කරන්න වගේම මන්ත්‍රීවරුන් ද නීති සම්පාදන කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ මෙම නීති සම්මත කර ගනිමින් නව නීති පද්ධතියක් හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා.

    ඒ වගේම නීතියේ ප්‍රමාදය පිළිබඳ අපගේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි. එය අප ඉදිරියේ තිබෙන අභියෝගයක් බවද පැවසිය යුතුයි. නඩු ඇසීම කාර්යක්ෂමව සිදු කළ හැකි නම් තවත් නඩු ඉදිරිපත් වෙනවා.

    රට තුළ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කළයුතුයි. නීතිය අතට ගෙන දේපොළ විනාශ කර දැමීමට කටයුතු කරනවා නම් එතැන නීතියක් නැහැ. රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මතයි. රටක් ලෙස පිළිගැනීමක් ලැබෙන්නේ ද යුක්තිය පසිඳලීම සිදුවන විට පමණයි. එසේ නොමැති නම් රටේ දියුණුවක් සිදු නොවන අතර ආයෝජන ද අපේක්ෂා කළ නොහැකියි. එම නීති පද්ධතිය අප අද රට තුළ ඇති කර තිබෙනවා.

    ඒ වගේම මේ වන විට රට තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදු කරමින් තිබෙනවා. අප අපනයන පදනම් කරගත් ආර්ථිකයක් රට තුළ ඇති කරනවා. ඒ වෙනුවෙන් නීති ගණනාවක් ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී තිබෙනවා. ඉන් පළමු නීතිය වන මහ බැංකුව සඳහා වූ නීතිය මේ වන විට සම්මත වී තිබෙන අතර ඒ යටතේ මහ බැංකුවට ස්වාධීනත්වයක් ලැබී තිබෙනවා.

    ඒ වගේම විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ පනත අප දැන් ඉදිරිපත් කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය දැඩිව අලාභ ලැබීම මෙරට ආර්ථිකය කඩා වැටීමට එක් හේතුවක් වුණා. එසේ නම් කාර්ක්ෂම විදුලිබල මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අප පියවර ගත යුතුයි. එයින් රජයේ අයිතියට කිසිඳු හානියක් සිදු නොවන බව ද කිවයුතුයි.

    එසේම තවත් නීති කෙටුම්පත් තුනක් මේ වන විට රජය ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ දී අනුමත කර ගැනීමට කටයුතු කරනවා. ඒ යටතේ එන ණය පාලනය කිරීම අප මේ වන විටත් සිදු කරගෙන තිබෙනවා. මෙතෙක් ජාතික ණය පාලනයක් සිදු වුණේ නැහැ. අපේ ණය අඩු කර ගැනීමට නම් ණය පාලනය කළ යුතුයි. 2035 – 2040 වන විට 75%ක් දක්වා ණය පාලනයක් සිදුකරගත යුතුව තිබෙනවා. ඒ අනුව මෙම ණය පාලන නීතිය අනුව රජයට කටයුතු කිරීමට සිදු වෙනවා.

    ඒ වගේම රජයේ මුදල් පාලනය සිදු වුණේ මුදල් රෙගුලාසි අනුවයි. මෙම මුදල් රෙගුලාසි උල්ළංඝණය කිරීමට හැකියාව තිබුණා. ඒ වගේම චක්‍ර ලේඛ සංශෝධනය කිරීමට ද හැකියාව තිබුණා. ඒ අනුව මෙතෙක් රටේ මුදල් පාලනයක් සිදු වුණේ නැහැ. අද රජයට අයත් දේපොළ පිළිබඳ කිසිවෙක් දන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම වෙනුවෙන් නීති ඉදිරිපත් කර තිබෙනවා. මෙම ක්‍රමය මුලින්ම ආරම්භ කළේ නවසිලන්තයයි. ඉන්පසුව එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වගේම ඉන්දියාවත් එය ක්‍රියාත්මක කර තිබෙනවා. එහි නවීනම නීතිය අප දැන් ඉදිරිපත් කර තිබෙනවා.

    අප ආනයන පදනම් කරගත් ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ආර්ථික පරිවර්තන නීති කෙටුම්පත ඉදිරිපත් කරනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වු සියලු කොන්දේසි අප ක්‍රියාත්මක කර තිබෙනවා. එයින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා කඩ කළ බවට මින් පෙර මෙරටට චෝදනා එල්ල වුණා. නමුත් දැන් නීතියකින් එය ක්‍රියාත්මක වන නිසා එසේ කිරීමට හැකියාවක් නැහැ.

    අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. නැත්නම් අප අපේක්ෂා කරන සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජුනි මස පැවැත්වෙන රැස්වීමෙන් පසු මෙම නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා.‍

    ඒ වගේම ආර්ථික පරිවර්තන නීතියේ මුලික පදනම ඇති කිරීමෙන් පසු ඊළග නීති ටික ගෙන ඒමටද අපේක්ෂා කරනවා. අප මේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවයි. ඒ වගේම මේ පිළිබඳ පුද්ගලික ණය කරුවන් සමඟ පවත්වන සාකච්ඡාද සාර්ථකව සිදු වෙනවා. ඇතැමුන් මෙම සාකච්ඡා අසාර්ථක බව කියනවා.

    ඒ වගේම තවත් අය කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. මෙවන් ප්‍රකාශ සිදු කළ විට ඊළඟ දවසේ කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙනවා. එවිට ඔවුන් කොටස් මිලදී ගන්නවා. එවන් තීරණයක් ගෙන නොමැති බවට ආණ්ඩුව ප්‍රකාශ කළ විට නැවත ඔවුන් වේදිකාවට නැගලා එයම ප්‍රකාශ කරනවා. මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි.

    ඒ වගේම දුෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් මේ පිළිබඳ අප සමඟ සාකච්ඡා කළා. අපි ඒ වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කළා. ඊට සංශෝධන එක් කර, එකඟතාව ප්‍රකාශ කිරීමෙන් පසු දැන් එම නව නීති ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා වන ප්‍රධාන නීති 04ක් තිබෙනවා.

    එහි පළමු වැන්න ලෙස අප 21 වන සංශෝධනය ඉදිරිපත් කළා. ඒ අනුව ඊට අදාළ කොමිසම ඇති කර තිබෙනවා. ඒ වගේම දූෂණ විරෝධී පනත 2023 වසරේ ගෙනැවිත් 2024 දී සංශෝධනය කළා.

    ඒ වගේම පරිපාලන කටයුතුවලදී මුදල් වැය කිරීමේ දී සිදුවන දුෂණ නැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා නීතියට වඩා දියුණු ක්‍රමවේදයක් අවශ්‍යයි. එම ක්‍රමවේදය සකස් කිරීමට අපට දැනුම නොතිබීම ප්‍රශ්නයක් බවට පත්ව තිබුණද ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කරන ලද යෝජනාව අනුව සංශෝධනවලට යටත්ව රාජ්‍ය පරිපාලන විමර්ශන වාර්තාව සකස් කර තිබෙනවා.

    ඒ වගේම අපරාධයකින් උපයාගත් දේපොළ පනත සකස් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කරගෙන යනවා. ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති දැන් තිබෙන්නේ ශ්‍රි ලංකාවෙයි. මෙමඟින් දේශපාලනයේ වෙනසක් සිදු කරනවා. මෙතෙක් කල් දූෂණය දේශපාලන සටන් පාඨයක් බවට පත්ව තිබුණා. බලයට ඇවිත් මාස දෙකෙන් හොරු අල්ලනවා කියා කිවුවත් එය සිදු වන්නේ නැහැ.

    ඒ වගේම ඇතැමුන් හොරු ආරක්ෂා කරන බවට ආණ්ඩුවට චෝදනා නගනවා. ඒ අනුව හොරු ආරක්ෂා කිරීමට පැමිණි බව කියන මේ ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙනවා. මෙම නීති ක්‍රියාත්මක කිරීමට පළපුරුද්දක් තිබිය යුතුයි. ඒ පළපුරුද්ද ලබා දීමට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි. එම වැඩපිළිවෙළ අධිකරණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩකටයුතු වෙනුවෙන් අපට සහාය වීමට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය එකඟ වී තිබෙනවා.

    ඒ අනුව මේ ආණ්ඩුව යටතේ පසුගිය දෙවසර තුළ අපි ප්‍රධාන කරුණු 03ක් ඉටු කර තිබෙනවා. යුක්ති පසිඳලීම මෙන්ම නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කර තිබෙනවා. අනෙක් පසින් අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් නීති සම්මත කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම දුෂණ විරෝධි නීති සම්මත කර ගනිමින් සිටිනවා. මේ කටයුතු වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය ලැබෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

  • පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කියන නිසා කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…! ඇමති බන්දුල

    පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කියන නිසා කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…! ඇමති බන්දුල

    මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටියේය.

    පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස්  පළ  කරන  ලදී.

  • පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..!

    පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..!

    කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් හිටපු ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ තම පුත්‍රයාගේ නමින් ව්‍යාජ ජාතික හැඳුම්පතක් වෙනත් පුද්ගලයෙකුට සකස් කර දී බැංකු දෙකකින් රුපියල් තිස් හතර ලක්ෂයක ණය මුදලක් ලබාගෙන වංචාවක් සිදු කළේ යැයි කියන සිදුවීමකට අදාළවයි.

    තමාගේ නමින් වෙනත් පුද්ගලයෙකු බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවට එම විශ්‍රාමික පොලිස් නිලධාරියගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්‍ෂණ මෙහෙයවා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.