Blog

  • ඩොලර් මිලියන 14ක පුද්ගලික වාහන ආනයනය කරයි…

    ඩොලර් මිලියන 14ක පුද්ගලික වාහන ආනයනය කරයි…

    ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.

    එම වාර්තාවට අනුව මේ වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14.4ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇති අතර, ඉකුත් මාර්තු මාසයේදී පමණක් ආනයනය කරන ලද පෞද්ගලික රථවාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.9කි.

    වාහනවලට අමතරව ජනවාරි සිට මාර්තු දක්වා වූ මාස තුනක කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 102.6ක වටිනාකමකින් යුතු එළවළු (පරිප්පු, ලූනු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු සහ වෙනත් එළවළු) ආනයනය කර තිබේ.

    එමෙන්ම එම කාලය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 34.8ක කුළුබඩු ආනයනය කර තිබේ.

  • පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි ජනපතිට යලි කියයි..

    පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවන්නැයි ජනපතිට යලි කියයි..

    පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් වරක් ඉල්ලීමට  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත.

    මීට පෙරද පොදු ජන පෙරමුණු විසින් එම ඉල්ලීම අවස්ථා කිහිපයකදීම කර තිබිණ.

    මහ මැතිවරණයක් කැදවුවහොත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණෙන් පමණක් තරග කිරීමටද තීරණය කර ඇත.

    කෙසේ වෙතත් ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ මතය වී ඇත්තේ ව්‍යවස්ථාවේ ඇති පරිදි පළමුව ජනාධිපතිවරණයක් අනිවාර්යෙන් පැවැත්වෙනු ඇති බවය.

  • එළවළු පලතුරු මිළ ගණන් තවදුරටත් පහළ අගයක….

    එළවළු පලතුරු මිළ ගණන් තවදුරටත් පහළ අගයක….

    වසර අවසන් වන තෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවධානමක් නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

    සෑම වර්ෂයකම මහ කන්නයේ හා යල කන්නයේ වගා කරනු ලබන එළවළු සහ පලතුරු අස්වැන්න අප්‍රේල් මාසය අවසන් වනවිට අවසන් වෙයි .

    ඒ හේතුවෙන් මැයි සහ ජුනි ,ජූලි මාස වල එළවළු මිල ඉහළ යාමක් සිදු නොවන බව එම ආයතනය පවසයි.

    එහෙත් මෙවර මහ කන්නයේදී අධික වර්ෂාව නිසා එළවළු වගාව ප්‍රමාද වී ආරම්භ කිරීම හේතුවෙන් වර්ෂාවෙන් විනාශ වූ එළවළු නැවත වගාකිරීම ආරම්භ කෙරිණි.

    මෙම අස්වනු සියල්ල එකවර වෙලද පොළට පැමිණීම නිසා එළවළු මිළ වෙළඳ පොළේ පහළ ගිය බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්‍යේශන හා පුහුණු ආයතනය පවසයි.

    එමෙන්ම හිඟයකින් තොරව එළවළු වෙළඳ පොළට පැමිණෙයි.

    යම් හෙයකින් මෙම මාසයේ අවසන් සති 02 තුල දැඩි වර්ෂාපතනයක් ඇතිවුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන් වල යම් වැඩිවීමක් සිදුවිය හැකිය.

    කාලගුණික වශයෙන් ඉදිරියේදි දැඩි බලපෑමක් සිදුනොවුනහොත් මෙම වසර අවසන් වනතෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ නොයනු ඇතිබව පැවසීය.

    මේ අතර ජනතාවගෙන් 90%ක් පරිභෝජනය කරන නාඩු සහල් මිළ ගණන් ඉදිරි මාස 03 තුළත් නොවෙනස්ව පවතිනු ඇතිබව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

    එහෙත් කීරි සම්බා සහල් මිල ගණන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යාමක් සිදුවිය හැකිය. මෙවර බඩ ඉරිගු අස්වැන්න ඉහළගොස් තිබේ.

    බඩ ඉරිගු ගොවීන්ට මේ වනවිට ඉහළ මිලක් ලැබි ඇතිබව එම ආයතනය පවසයි.

    ඒ අනුව බඩ ඉරිඟු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 125ත් 135 වැනි මිලක පවතින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය වැඩිදුරටත් පවසයි.

  • ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් කලේ අපි..! අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණෙන් නිවේදනයක්..!

    ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් කලේ අපි..! අගමැති දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණෙන් නිවේදනයක්..!

    අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ විසින් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මහජන එක්සත් පෙරමුණේ මැයි දින පණිවිඩය

    1956 බලයට පත් මහජන එක්සත් පෙරමුණ රජය ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

    මහජන එක්සත් පෙරමුණ හා ජාතික සංවිධාන එක්ව ලෝක කම්කරු දිනයට වසර සියයක් ගෙවුණු දින (1987) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මැයි දිනයට එල්ල කළ පොලිස් වෙඩි පහරින් දිවිපිදූ නීති ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවක සහෝදරයා සහ ආනන්ද ලාල් කිරිබත්ගොඩ සහෝදරයා සිහිපත් කරමු.

    මහජන එක්සත් පෙරමුණ අඛණ්ඩව ප්‍රගතිශීලී ආණ්ඩු තුළ මෙන්ම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විවිධ කම්කරු ව්‍යාපාර, වැඩ බිම්වල සටන්වලට සම්බන්ධ වෙමින් ව්‍යවස්ථාදායක මණ්ඩලවල අණ පනත් ගැන අවධියෙන් ජන අරගල කරමින්, වැඩකරන ජනතාව භුක්ති විදින අයිතිවාසිකම් රාශියක් අත් කර දීමට වැඩකරන ජනතාව සමඟ අත් වැල් බැද ගත්තෙමු.

    මෙවර මැයි දිනය පැවැත්වෙන්නේ ඉතිහාසයේ අතිශය තීරණාත්මක අවස්ථාවක ආර්ථික අවපාතය හේතුවෙන් වැඩකරන ජනතාව ඇතුළු සමස්ත ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින මොහොතක ය. මෙම දුෂ්කරතාවයන් පාදක කරගනිමින් දේශීය මෙන්ම විජාතික දේශද්‍රෝහී බලවේග විවිධාකාර අන්දමින් ජන ජීවිතය නොසන්සුන් කිරීමට, තිස් අවුරුදු යුද්ධය අවසන් කර මෙරට ජනතාවට අත්කර දුන් සාමකාමී නිදහස් වාතාවරනය ආපසු හැරවීමට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් කඩා බිඳ දැමීමට හා ඒකීය රාජ්‍ය විනාශ කර දැමීමට කැස කවමින් සිටී.

    එම ප්‍රතිගාමී කුමන්ත්‍රණයන් පරාජය කිරීමටත්,දිනූ වැඩකරන ජනතා අයිතිවාසිකම් හා සේවා තත්ත්වයන් ආරක්ෂා කර ගැනීමටත් අධිෂ්ඨාන සහගතව කැපවී කටයුතු කරන ලෙස පන්නරය ලබා සිටින වෘත්තීය සමිති මෙරට වැඩකරන ජනතාවට ආයාචනය කර සිටී.

    ජීවන බර සහ දැඩි ආර්ථික පීඩනය අවම කිරීමටත්, ආහාර ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සුලබ කර, ජනතාවට සහන සලසන ලෙසත් මහජන එක්සත් පෙරමුණ රජයට බලකර සිටී.

    ශ්‍රේෂ්ඨ මැයි දින පැතුම වූ වැඩකරන ජනතා අයිතීන් සුරකිමු.

    ස්තුතියි

    මෙයට – විශ්වාසී

    නීතිඥ තිස්ස ජයවර්ධන යාපා
    ප්‍රධාන ලේකම්
    මහජන එක්සත් පෙරමුණ

  • මාලිමා මැයි රැළියට ලක්‍ෂ පහක්…!

    මාලිමා මැයි රැළියට ලක්‍ෂ පහක්…!

    ජාතික ජන බලවේගය විසින් මෙවර සංවිධනය කරන මැයි රැලි සඳහා ලක්‍ෂ පහකට වැඩි ජනතාවක් සහභාගී වන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ජාතික ජනබලවේගයට සම්බන්ධ වෘත්තීය සමිති, ගොවි සංවිධාන, තරුණ සංවිධාන හා කොට්ඨාස සමිති වල සාමජිකයන් මෙසේ පැමිණෙනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

    මාලිමා මැයි රැළිය මෙවර ජාතික මැයි රැලිය ලෙස පැවැත්වීමට හැකිවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    ජාතික ජනබලවේගය විසින් මෙවර කම්කරු දින රැළි කොළඹ අනුරාධපුර මාතර හා යාපනය යන නගර වලදී පවත්වනු ලබයි.

  • ප්‍රධාන ගංගාවල වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක්…!

    ප්‍රධාන ගංගාවල වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක්…!

    ප්‍රධාන ගංගා කිහිපයක ඇති වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතිබව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි.

    එම සමීක්ෂණයෙන් පසුව 2024 වර්ෂය සඳහා වැලි කැණීම සඳහා අවසර පත්‍ර ලබාදීමට නියමිතයි.

    සොයා ගන්නා ස්ථාන පිළිබඳව සලකා බලා වැලි ගොඩදැමීමට අවසර ලබාදීමට නියමිතයි.

    කළු ගඟ ,මහ ඔය, මහ වැලි ගඟ යන ගංගා වල එම සමීකරණය සිදුකිරීමට නියමිතයි.

  • ජනාධිපති එජාප මැයි රැළියට පෙර වෙන මැයි රැළියක…!

    ජනාධිපති එජාප මැයි රැළියට පෙර වෙන මැයි රැළියක…!

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින පෙලපාලිය සහ රැලිය අද දින කොටගල ප්‍රාදේශිය සභා ක්‍රිඩාංගණයේදි පැවැත්විමට එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා තිරණය කර ඇත.

    එම පක්ෂයේ මැයි දින රැලියට රජය නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු  ඇමතිවරුන් කිහිපදෙනෙකු සහභාගි වන එම පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

    මැයි දින පෙලපාලිය සහ රැලිය සම්බන්ධයෙන් කොටගල ක්‍රිඩාංගනයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ජිවන් තොන්ඩමන් අමාත්‍යවරයා කියා සිටියේ  ලංකා කම්කරු කොන්ග්‍රසයට වැදගත් මැයි දින රැලියක් වසර පහකට පස්සේ තමයි මගේ පක්ෂේ මැයි දින රැලියක් පවත්වන්නේ. කොරොණා වසංගතය සහ ගත වු වසර කිහිපය තුල රටේ පැවති ආර්ථික ගැටලු නිසා මැයි දිනය සැමරුවේ නැ. වතු සමාගම් මේ මැයි දිනයේ තේරුම් ගනිවි වෘතිය සමිති වලට තිබෙන ශක්තිය පිලිබදව. ජනාධිපතිතුමා මෙම මැයි දිනයට සහභාගි වෙලා වතු කරයේ ජනතාවට සතුටු විය හැකි පණිවිඩයක් ලබා දෙනවා යැනුවෙන් පැවසිය.

     ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින රැලියට එම පක්ෂයේ සමාජිකයන් විශාල පිරිසක් සහභාගි වන බවත්, ජිවන් තොන්ඩමන් අමාත්‍යවරයා පැවසිය

  • පාස්කු ප‍්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා කාදිනල් හිමි ජිනීවා වෙතට..!

    පාස්කු ප‍්‍රහාරයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා කාදිනල් හිමි ජිනීවා වෙතට..!

    මෙරටට එල් වූ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට යන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති.

    තමා මේ පිළිබඳව විදේශ රටවල් හා සංවිධාන කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද එතුමන් පවසති.

    ප‍්‍රහාරයට දැනට වසර පහක් ගත වී ඇතත් කිසිම රජයක් ඊට වග උත්තරකරුවන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තීරණය ගත් බවද අගරද ගුරු තුමන් සඳහන් කරති.

    බීබීසී සේවය සමඟ අදහස් පල කරමින් එතුමන් මේ බව සදහන් කර ඇත.

  • මන්ත්‍රි දොලවත්ත පොහොට්ටුව අතහරී..! රනිල් සමග එක්වේ..!

    මන්ත්‍රි දොලවත්ත පොහොට්ටුව අතහරී..! රනිල් සමග එක්වේ..!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන තමන් දැඩි කලකිරීමකට ලක්ව සිටින බව එම පක්ෂයේ කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසයි.

    පක්ෂයේ ඇතැම් නායකයින් තමන් ගැන කිසිදු තැකීමක් නොකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

    පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කලද මේ වන තෙක් පක්ෂයේ කිසිදු වගකීමක් තමන්ට පවරා නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

    බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේ පැවති නව සන්ධානයේ කොලඹ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන්ගේ බක්මහ උලෙළේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් ඔහු හැර වෙනත් අපේක්ෂකයෙකු පෙනෙන තෙක් මානයකවත් නොමැති බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.

  • මෛත්‍රීගේ වැඩ නිසා අසාධාරණයට ලක්වූ පාක්ෂිකයන් ගැන සොයන්න දුමින්දගෙන් කමිටුවක්….

    මෛත්‍රීගේ වැඩ නිසා අසාධාරණයට ලක්වූ පාක්ෂිකයන් ගැන සොයන්න දුමින්දගෙන් කමිටුවක්….

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අත්තනෝමතික ලෙස ලබාදුන් ආසන සංවිධායක ධූර සම්බන්ධයෙන් සොයා බලන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

    පක්ෂයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධූර කඩිනමින් පිරවීමට කටයුතු කරන බව පැවසීය.

    මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත්කිරීමට නියමිතයි.

    ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයකට අනුවයි.

    අමාත්‍ය මහින්ද අමරවීර ,අමාත්‍ය ලසන්ත අලගියවන්න ,වීරකුමාර දිසානායක ,නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ සහභාගිත්වයෙන් එම කමිටුව පත්කර තිබේ.

    එහි සභාපතිත්වය තමන් දරණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

  • ‘SJB පක්ෂයක් ලෙස රනිල්ට සහාය දිය යුතුයි’ – සමගි මන්ත‍්‍රී කණ්ඩායමකගෙන් යෝජනාවක්..!

    ‘SJB පක්ෂයක් ලෙස රනිල්ට සහාය දිය යුතුයි’ – සමගි මන්ත‍්‍රී කණ්ඩායමකගෙන් යෝජනාවක්..!

    සමගි ජන බලවේග පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය වත්මන් ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම ඉදිරිපත් වී ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

    එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගයට එක් වූ පාක්ෂිකයන් විශාල පිරිසක් අද වන විට නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වෙමින් සිටින බවද ඔහු පැවසීය.

    එම පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ද බොහෝ දෙනකු ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තරග කරන බව දැනුම් දී ඇති බවද ඔහු කියා සිටී.

    තවත් මන්ත්‍රී කණ්ඩායමක් සම්පූර්ණ පක්ෂය පිටින්ම ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවට පක්‍ෂය ඇතුළත සිට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  • මන්ත‍්‍රීලා ආර්ථික අර්බුදයේ.. සැප වාහන විකුණා පොඩි වාහන ගනී.. ගමන් අඩු කරති..

    මන්ත‍්‍රීලා ආර්ථික අර්බුදයේ.. සැප වාහන විකුණා පොඩි වාහන ගනී.. ගමන් අඩු කරති..

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය ගමන් බිමන් සඳහා අඩු වියදම් සහිත කුඩා වාහනවලට යොමුවී සිටී.

    ඒ ඔවුන්ට ඇතිවී තිබෙන ආර්ථික ගැටලු හේතුවෙන් සුඛෝභෝගී වාහන නඩත්තු කිරීමට නොහැකි වීම හේතුවෙනි.

    මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම මෙන්ම විවිධ උත්සව සඳහා පැමිණීමද සීමා කර ඇත්තේ අධික ඉන්ධන වියදම හේතුවෙනි.

    තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බස්රථ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට පුරුදු වී ඇත.

    තවත් මන්ත්‍රී පිරිසක් තමන් සතුව පැවති වැඩි වටිනාකමකින් යුතු වාහන විකුණා දැමීමටද කටයුතු කර තිබේ.

  • දැන් ශ‍්‍රීලනිපය අයිති නිමල් සිරිපාලට විතරයි.. වෙන අය නැටුවට වැඩක් නෑ.. මන්ත්‍රි දුමින්ද කියයි

    දැන් ශ‍්‍රීලනිපය අයිති නිමල් සිරිපාලට විතරයි.. වෙන අය නැටුවට වැඩක් නෑ.. මන්ත්‍රි දුමින්ද කියයි

    අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල අයිතිය ඇත්තේ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට පමණක් බව එම පක්ෂයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

    නිමල් සිරිපාල මහතා වැඩ පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කර ඇති බවත් නිත්‍යානුකූල නොවන ලෙස වැඩ කළ පිරිස මෙවන විට අධිකරණයෙන් වාරණයකට ලක්ව ඇති බවත් හෙතෙම පැවසුවේය.

    පවතින තත්ත්වය මත පක්ෂයේ නීත්‍යානුකූල බලය මෙවන විට හිමි වී ඇත්තේ තම කණ්ඩායමට පමණක් බවත් හෙතෙම කියා සිටී.

    එනිසා වෙන කණ්ඩායම් පක්ෂ රැස්වීම් කැඳවීමේ කිසිදු ඵලයක් නොලබන බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

  • ආරක්‍ෂාව ගැන රුසියාව හා සාකච්ඡා…!

    ආරක්‍ෂාව ගැන රුසියාව හා සාකච්ඡා…!

    රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වින.

    වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්‍ෂක අභියෝග පිලිබඳ සාකච්ඡා කිරීමට සහ ඒවාට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා මෙම අතිශය වැදගත් සමුළුව ඔස්සේ පුළුල් වේදිකාවක් සපයනු ලබයි.

    ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගී වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාව මෙම හමුවෙහි කැපී පෙනෙන සුවිශේෂී අවස්ථාවක් විය. ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාමුහිකත්වය වැඩිදියුණු කිරීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය කරනු ලැබීය.

    ත්‍රස්ත මර්දන ප්‍රයත්නයන්, සයිබර් හා අන්තර්ජාල ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළු පුළුල් පරාසයක මාතෘකා බොහොමයක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය. තවද ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සහ ආරක්‍ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වන නව මංපෙත් පිලිබඳ සොයා බැලීමට ඇති අන්‍යොන්‍ය කැපවීම දෙපාර්ශ්වය විසින්ම ප්‍රකාශ කළහ.

    ගෝලීය ප්‍රජාව මුහුණ දෙන පොදු ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීමේ අරමුණින් ඔවුනොවුන් සතු තීක්‍ෂණ දැනුම හුවමාරු කර ගැනීමට, වඩාත් උචිත භාවිතයන් හඳුනා ගැනීමට සහ වඩාත් ශක්තිමත් හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ඔස්සේ ඊට සහභාගි වූ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ට අගනා අවස්ථාවක්  සැලසින.

  • SJB විජේමුණි ස්වාධීන වෙයි..!

    SJB විජේමුණි ස්වාධීන වෙයි..!

    අද වනවිට තමන් සමගි ජන බලවේගයේ සිල්ලර සාමාජිකයෙක් බවට පත්ව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා සඳහන් කරයි.

    එනිසා තමන් ස්වාධීනව කටයුතු කරගෙන යන බවද සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වුවද මේ වනතෙක් තමන් පැත්තකට කර දමා ඇති ඔහු කියා සිටී.

    අද වන තෙක් තමන්ට කිසිදු වගකීමක් ලබාදී නැති බවත් ආසන සංවිධායක ධුරයක් හෝ මේ වනතෙක් නැති බවත් හෙතෙම පැවසීය.

    මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.

  • පොල් ගෙඩියක් රුපියල් 4000කට වෙන්දේසි වෙයි..!

    පොල් ගෙඩියක් රුපියල් 4000කට වෙන්දේසි වෙයි..!

    යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩියක් රුපියල් 4000 ක මිලකට වෙන්දේසි වීම විශේෂත්වයක් විය.

    සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් මෙම පොර පොල් තරඟය සහ පොල් වෙන්දේසිය සංවිධානය කොට තිබුණි.

    එහිදී පොර පොල් තරඟය වෙනුවෙන් විශේෂිත වූ පොල් ගෙඩි කිහිපයක් තෝරාගෙන එම පොල් තරඟකරුවන් වෙනුවෙන් වෙන්දේසි කිරීමට සංවිධයකයින් පියවර ගෙන තිබුණි.

    කෙසේ වෙතත් තෝරාගෙන තිබූ අනෙකුත් සියලු පොල් එක් ගෙඩියක් රුපියල් දහසකට අධික මුදලකට වෙන්දේසි වූ අතර ඒ අතරින් එක් ගෙඩියක් තරඟකරුවන් කිහිප දෙනෙකු ලබාගැනීමට ගත් උත්සහයකදී මෙලෙස රුපියල් 4000 ක මුදලකට වෙන්දේසි විය.

    පරම්පරික්ව එන පොර පොල් තරඟය යාපනය ජනතාවගෙන් අමතක නොවීම උදෙසා සංගානෙයි හින්දු තරුණ සංසදය විසින් වාර්ෂිකව මෙලෙස පොර පොල් තරඟයක් පවත්වනු ලබයි.

    – වන්නි රොමේෂ් මධූෂංඛ