Blog

  • රටක් වැනසු විපතේදි පිහිටවන්න චීන නැව් තුනක් ශ්‍රී ලංකාවට

    චීන නාවික හමුදාවට අයත් නෞකා 03 ක් කොළඹ වරායට සේන්දු විය.

    ශ්‍රී ලංකාව මේ දින වල මුහුණ පා තිබෙන අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ ඔවුන් මෙරට ජනතාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් වූහ.

    ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් පහක් සහ ආපදා සහන කටයුතු සඳහා කුඩා යාත්‍රා 10 ක් දිවයින පුරා විපතට පත් ජනතාව උදෙසා සහන සැළසීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කටයුතු කිරීමට නියමිතය.

    චීන නාවික හමුදාවේ ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන් මෙසේ දිවයිනට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.

    මෙම නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වශයෙන් කපිතාන් හූ ජයි, කපිතාන් වොන්ග් හොන්ග්බින් සහ කපිතාන් ෂොව් බෝජුන් යන නිලධාරීන් කටයුතු කරනු ලබයි.

    චැන් චුන් නෞකාවේ නිලධාරීන් 100 ක් ඇතුළුව නාවිකයන් 200 දෙනෙකු සහ ජින් ශොව් නෞකාවේ නිලධාරීන් 50 දෙනෙක් සමග නාවිකයන් 178 දෙනෙකු රාජකාරී සිදු කරති.

    චාඕ හු නෞකාව ද නිලධාරීන් 54 ක් සමග නාවිකයන් 133 දෙනෙකු සමගින් ශ්‍රී ලංකාවට පැමිණියහ.නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් බටහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.

    එහිදී ඔවුන් නිල සංචාරය පිළිබඳව සහ ඉදිරි ක්‍රියාකාරකම් මෙන්ම, විපතට පත්වූවන් හට ආපදා සහන කටයුතු සැළසීම සම්බන්ධයෙන් සුහද පිළිසදරක නිරත විය.

    මෙම අවස්ථාවන් සඳහා මහජන චීන සමූහාන්ඩුවේ ශ්‍රී ලංකා තානාපති යි ශියෑන්ලියෑන් මහතා, නාවික හමුදා මූලස්ථානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වෙයි මහතා ඇතුළු නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

    එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන් ද සිදු කෙරිණි.

    තවද, නෞකාවන් පිළිගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින චීන ජාතිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද එක්වී සිටියහ.

    ඉන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (31) සවස එම නෞකාවන්හි චාරිකාවාරයක නිරත විය.

    එහිදී චීන රජය විසින් ආපදා සහණ සඳහා මෙරටට රැගෙන එන ලද කුඩා යාත්‍රා සහ සහනාධාර විශාල ප්‍රමාණයක් නිල වශයෙන් නාවික හමුදාධිපතිතුමා වෙත පිරිණමන ලදී.

    දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය මනාව විදහාපාන ‍ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙය සනිටුහන් වනු ඇත.

    [rns_reactions]

  • ජන සෙත සදන්න විරෝධාර ත්‍රිවිධ හමුදා තවදුරටත් සහන මෙහෙයුම් වල

    බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, 14 වන සේනාංකය, 58 වන සේනාංකය, 141 සහ 142 බලසේනාවන්, 581, 582 හා 583 බලසේනාවන්, පුහුණු මධ්‍යස්ථාන, නාවික සහ ගුවන් හමුදාවේ භට පිරිස් ගංවතුරෙන් විපතට පත් කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි තවදුරටත් සහන මෙහෙයුම් කටයුතු වල නිරත වේ.

    මේ අතර, 58 වන සේනාංකයේ සහ 14 වන සේනාංකයට අයත් භට පිරිස් කලවාන, නාගොඩ, බද්දේගම, අකුරැස්ස, මාතර, මොරවක ආදීප්‍රදේශයන්හි බෝට්ටු 23 ක් යොදා ගනිමින් විපතට පත් වුවන් සඳහා සහන සේවාවන් හී නිරතව සිටින අතර, පාහියන්ගල, රත්නපුර, අකුරැස්ස, කඹුරුපිටිය, පිටබැද්දර යන ප්‍රදේශයන්හි BTR රථ 13ක් සහWMZ රථ 18 ක්, බෆල් රථ 18 ක්, Iron horsesරථ 12 ක් සහ රිකවරි වාහන යොදා ගනිමින් සහන කටයුතු වල නිරතව සිටියි.

    මේ අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ අධීක්ෂණය යටතේ සන්නහ සන්නද්ධ බලසේනාව, ඉංජිනේරු බලසේනාව, යාන්ත්‍රික පාබල බලසේනාව, කමාන්ඩෝ බලසේනාව, විශේෂ බලකා බලසේනාව, ගුවන් සංග්‍රමික බලසේනාව සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු භට පිරිස් බදාදා (31) වන දින බර යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් විපතට පත් ප්‍රදේශයන්හි සහන මෙහෙයුම් වල නිරත වුහ.

    මේ අතර, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු බලසේනාධිපතිගේ අණදිම යටතේ එම රෙජිමේන්තුවට අයත් 12 වන හා 5 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ස්වාධීන වැඩපලේහි භට පිරිස් සබරගමුව, දකුණ සහ කොළඹ යන ප්‍රදේශයන්හි මෙම විපත සිදුවු දින සිටම මාර්ග හා හානියට පත් නිවාස පිළිසකර කිරීම, ජිවිත ආරක්ෂක සේවාවන්, ආපදා සේවාවන් සහ අනතුරට පත් වුවන් ගලවා ගැනීම සිදු කරනු ලැබීය.

    එමෙන්ම ඉංජිනේරු භට පිරිස් පසුගිය දින 4 ක කාලය තුළ දී මාතර, අකුරැස්ස, බද්දේගම, තවලම, මාපලගම, කළුතර, කඩුවෙල, ඇහැලියගොඩ, නිවිතිගල, බඳුරලිය, තුම්මෝදර, අගලවත්ත, බලත්සිංහල, ගාල්ල සිට දෙනියාය මාර්ගය, මොරවක, කොටපොළ යන ප්‍රදේශයන්හි මාර්ග පිළිසකර කිරීම, ජල මාර්ග අලුත් වැඩියා කිරීම්, ගං ඉවුරු බිදිම් වැලක්විම, අවතැන් වු ජනතාව නැවත පදිංචි කිරීම වැනි සහන කටයුතු වල නිරත වුහ.

    මේ අතර, බදදා (31) සන්ධ්‍යාවේන් අවසන්වන පසුගිය පැය 24 ක කාලය තුළ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය හරහා පිසින ලද ආහාර පාර්සල් 46,000 ක්, වියළි සලාක කිලෝ ග්‍රෑම් 4,995 ක්, වතුර ලීටර 6,370 ක්, ඖෂධ වර්ග කිලෝ ග්‍රෑම් 1,200 ක් සහ නිදන මලු 27 ක් විපතට පත් වුවන් වෙත බෙදාහැර ඇති අතර, එමෙන්ම යුද්ධ හමුදා භට පිරිස් මේ සඳහා ආහාර පාර්සල් 10,000 ක් සහ වතුර බෝතල් 1,500 ක් බෙදා දී ඇත.

    [rns_reactions]

  • පරාජිතයාගේ වෛරී පොල් ගැසීම පල දරයි – රටම කඳුලෙන් හඬවයි

    පසුගිය සමය පුරාම රාජපක්ෂ කල්ලිය විසින් අවස්ථා ගණනාවකදීම රටේ විවිධ ස්ථාන වල රජයට සහ ජනතාවට එරෙහිව පොල් ගැසීම් සහ දේව කන්නලව් රැසක් සිදුකරන ලදි. පසුගිය මාස කිහිපය තුලදී රටපුරාම සිදුවන ස්වභාවික අනතුරු පිළිබඳ සැලකීමේදී නාමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන ඇතුලු රාජපක්ෂ වනචර කල්ලියේ පොල් ගැසීමේ අරමුණ ඉටුවී ඇතැයි යන්න මනාව තහවුරු වේ.

    කවුරුන් කෙසේ කීවද අපේ රට දෙවියන්ගේ ඇල්ම බැල්ම සහ ඒ හා සම්බන්ධ ශක්තීන් හා බැදුනු රටකි.
    රට පුරාම පුරාණ දේවාල තුල සිදුවූ මෙම පොල් ගැසීම් වලින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රාජපක්ෂගේ පාහරයන් විසින් ඉල්ලා සිටියේ රජයේ නායකයින්ට හෙණ හත ගහසන ලෙසත්, රජයට නැගී සිටිය නොහැකි වෙන ලෙස බිඳ වැටීම් ඇතිකරන ලෙසත්ය. රජය/ ආන්ඩුව යනු ජනපතිගේවත් අගමැතිගේවත් පෞද්ගලික දේපළ නොව මේ රටේ මහජනතාවයි. ඒ නිසා මේ පොල් ගැසීම් සහ දේව කන්නලව් වල අවසන් ඵලය ලෙස පොල් ගැසූ උන්ගේම ප්‍රදේශ ගංවතුරට හා නායයාම් වලට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.

    මෛත්‍රියෙන් රට කරවන නිසාත්, ආගමික වත්පිලිවෙත් ඉටුකරන බෞද්ධ ආගමානුකූල නායකයෙකු නිසාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට කිසිදු හානියක් මේ පොල් ගැසීම් වලින් සිදුවී නැත. සිදුවන්නේද නැත. නමුත් රජයේ අනෙකුත් ප්‍රධානීන් රැසකටද සිය දෛනික රාජකාරි පවත්වාගෙන යා නොහැකි මට්ටමට මෙම පොල් ගැසීම් සහ දේවකන්නලව් වල බලපෑම් එල්ල වී ඇත.

    දූෂිත පාහරයින් රැසක් එක්ව සිදුකල මෙම පොල් ගැසීමේ ප්‍රතිපල පළමු වටයේදී මේ රටේ ජනතාවට විඳීමට සිදුවනු ඇති අතර බොහෝ දෙනෙකුට ජීවිතද අහිමි කරනු ඇත. එසේම යම් දිනක මේ පොල් ගැසූ දූෂිතයින්ම ගංවතුරට ගසාගෙන යාමට, පස් කදුවලට කුණු කදු වලට යටවීමට හෝ පණ පිටින් ගිණිගෙන දැවීමට අනිවාර්යයෙන් සිදුවනු ඇති බව නම් පැහැදිලිය.

    [rns_reactions]

  • රටම කැළඹු ගංවතුර ව්‍යසනයට පසු මාතර ජනදිවිය….

    මාතර දිස්ත්‍රික්කයේ දෙයියන්දර සහ මාකඳුර යන ප්‍රදේශවල ගංවතුර බැසයෑමත් සමඟම ජන ජීවිතය නැවත ගොඩනඟා ගැනීම සඳහා එම ප්‍රදේශ වල ජනතාව ලහි ලහියේ සූදානම්වන අයුරු සහ ගංවතුර සහ නායයෑම හේතුවෙන් නිවාස හා දේපළ විනාශයට පත්වී සුන් බුන් ඉතිරිව තිබුණු අයුරු.

    [rns_reactions]

     

  • ගෙවියන ජීවිතය ගැන කියවීමක් – මග නොහැර කියවලම බලන්න

    වර්තමානයේ සෑම කෙනෙක්ම උත්සාහ දරමින් සිටින්නේ තමන්ගේ ජීවිතය වෙනස්කර ගැනීමටය. එකී වෙනස තුළින් අප බලාපොරොත්තු වනුයේ මේ මොහොතේ ජීවත්වනවාට වඩා ආර්ථික, සමාජයීය, අධ්‍යාපනික, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් ගුණාත්මක වර්ධනයක් ළඟා කර ගැනීමටය. එනම්, මෝටර් බයිසිකලයෙන් ගමන් ගන්නා පුද්ගලයා මෝටර් රථයක් මිලට ගැනීමට උත්සාහ කිරීමත්, කුලී නිවැසියෙක් තමාටම කියා නිවසක් තනා ගැනීමට සිහින දැකීමත්, සාමාන්‍ය රැකියාවක නිරතවන තරුණයෙක් විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබා ගැනීමට පොර බැදීමත් වරදක් වශයෙන් කිසිවකුත් අර්ථකථනය නොකරනු ඇත. එවැනි වෙනසකට අපි සියල්ලෝම කැමැත්තෙමු. නමුත් අපේ ජීවිත වෙනස්කර ගැනීමට පෙර ලැබී ඇති ජීවිතය කියවා ගැනීමට අප උත්සාහ කරන්නේ ද යන්න ගැටලුවකි.

    ‘අප සියලු දෙනාටම අවශ්‍ය වන්නේ සාර්ථකත්වය නමැති ගිරි හිසට ළඟා වීමය. එහෙත් ජීවිතයේ සැබෑ සතුට ළඟා කර ගත හැක්කේ එහි ළඟාවීමෙන් නොව, එතැනට යෑමට අප ගන්නා දුෂ්කර ක්‍රමවේදය හරහාය.’ මාර්කේස් වරක් එසේ කීවේය. ජීවිතයේ අප මුහුණ දෙන සෑම අත්දැකීමක්ම එසේම අපට ලැබෙන නොලැබෙන සෑම භෞතික සම්පත් කෙරෙහිම මධ්‍යස්ථව කටයුතු කිරීමට හැකි නම් අපි ජීවිතය කියවා ගැනීමට සමත් අය වෙමු. මේ කතාව ජීවිතය වෙනස්කර ගැනීමට පෙර එය කියවා ගැනීමට වෙහෙසෙන ඔබ වෙනුවෙනි.

    එක්තරා පිටිසරබද පළාතක ගොවිතැන සහ සතුන් ඇති කිරීම ජීවනෝපාය කරගත් පුද්ගලයෙක් වාසය කළේය. ඔහු තම ගොවිපොළ වෙත ගි‍ෙය් අසු පිටින්ය. සෑම දිනකම අසු පිටින් ගොවිපොළ වෙත යන මේ පුද්ගලයා අශ්වයාට කෑම සහ වතුර දී තම කටයුතුවල නිරත වේ. දිනක් මේ අශ්වයා ගොවිපොළෙන් ඈතට වන්නට තිබූ කැලෑව වෙත පලා ගියේය. අශ්වයා සෙවීමට එතරම් උත්සහයක් නොගත් මේ පුද්ගලයා ගොවිපොළෙහි වැඩ කටයුතු අවසන් වූ පසු පයින්ම තම නිවස කරා ගමන් කළේය. මේ පුද්ගලයාගේ අශ්වයා කැලෑවට පලා ගිය බව දැනගත් අසල්වාසීන් මොහුට දෝෂාරෝපණය කරන්නට විය.

    ‘අපරාදේ හොඳ අශ්වයා. මේ කාලකණ්ණි මනුස්සයට ඌව ආරක්ෂා කරන්න බැරි වුණානේ…’

    අසල්වාසීන්ගේ එවැනි කතා ගණන් නොගත් ඔහු මෙසේ පවසා සිටියේය.

    ‘ඕක හොඳකට වුණා ද? නරකට වුණා ද? කවුද දන්නේ …’

    අශ්වයා නොමැතිවීම, තම වැඩ කටයුතුවලට බාධාවක් නොකරගත් ඔහු සෑම දිනකම පයින්ම ගොවිපොළ වෙත ගියේය. හැකි පමණින් වැඩ කළේය.

    ටික දිනකට පසු කැලෑ වැදුණු අශ්වයා තවත් වල් අශ්වයෝ රෑනක් සමඟ ගොවිපළට පැමිණියහ. මේ බව දැනගත් ගම්වාසීහු මේ පුද්ගලයාගේ වාසනාව පිළිබඳ තැන තැන කතා කරන්නට වූහ.

    ‘ මිනිහ කොහොම වුණත් වාසනාවන්තයා. හිටියේ එක අශ්වයයි. දැන් අශ්වයෝ කී දෙනෙක් ද? …’

    අසල්වාසීන්ගේ සුබ පැතුම් හමුවේ මේ පුද්ගලයා කියා සිටියේ පෙර කී කතාවමය.

    “ඕක හොඳකට වුණා ද? නරකට වුණා ද? කවුද දන්නේ…”

    මේ අතර වල් අශ්වයකු පිට යෑමට උත්සාහ කළ ගොවිපොළ හිමිකරුගේ එකම පුතා ඌ පිටින් වැටී කකුලක් කඩා ගත්තේය. මේ බැව් දැන ගත් අහළ පහළ මිනිසුන් මේ පුද්ගලයාට එළිපිටම බැණ වැදුණේය.

    ‘තිබ්බ තණ්හාවට වල් අශ්වයෝ ටික කැලෑවට පන්නන් නැතිව ගේ අස්සේ දාගෙන හිටියා. අපරාදේ අර තරුණ කොල්ලා අබ්බගාතයෙක් වුණා මහ මිනිහගෙ වැරදි නිසා …’

    තමන්ට බැණ වදින පුද්ගලයන්ට සුපුරුදු පරිදි මේ පුද්ගලයා ‘ ඕක හොඳකට වුණා ද? නරකට වුණා ද? කවුද දන්නේ …’ යැයි කියා සිටියේය.

    මේ වකවානුවේදී රටට විශාල සතුරු කරදරයක් එල්ල වී මහා යුද්ධයකට සූදානම් වීමට අබාධයකින් තොරව ගම්වල සිටින සියලු තරුණයන් හමුදාවට බඳවා ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ වී තිබුණි. එම පළාතට ද පැමිණි නිලධාරිහු ප්‍රදේශයේ ආබාධ රහිත සියලු තරුණයන් රැගෙන ගියහ. පළාතටම තරුණයෙක් ලෙස ඉතිරි වුයේ කතානායකයාගේ පුතා පමණි.

    ‘අනේ! ඒ මනුස්සය නම් කොච්චර වාසනාවන්ත ද? අපේ දරුවෝ යුද්දෙට බිලිවෙයි ද දන්නෑ…’ ගම්හු කතානායකයාගේ වාසනා මහිමය ගැන කතා කරන්නට වූහ.

    ‘ඕක හොඳකට වුණා ද? නරකට වුණාද? කවුද දන්නේ…’ යැයි සුපුරුදු පරිදි මඳ සිනහවක් මුවඟට නඟා ගත් අප කතානායකයා පැවසීය.

    අපි සියල්ලෝම සිහින දකිමින් සිටිමු. ඒ සිහින සැබෑ කර ගැනීමට ජීවිතය සමඟ පොර බදිමු. හැල්මේ දුවමු. අධ්‍යාපනයෙන් ද, රැකියාවෙන් ද, ගෘහ ජීවිතයෙන් ද අපි හති වැටී සිටිමු. ගතකරමින් සිටින අතෘප්තිමත් ජීවිතය වෙනස් කර ගැනීමට පෙනෙන නොපෙනෙන සෑම දෙයක් පසුපසම හඹා යන්නෙමු. පුද්ගල සංවර්ධන දේශකයන්, ධනාත්මක චින්තකයන් මතු නොව දේවාල ද අප අතරට පැමිණ ඇත්තේ මේ නිසා ය. මේ සියල්ල පසුපස යාමට ප්‍රථම අප මඳකට නතර වී ලැබී ඇති ජීවිතය හැකි පමණින් කියවීමට වෙර දරමු.

    [rns_reactions]

  • ඔබ නොදත් අනුරපුර – නගරය තුළ සැඟවුණු ඉපැරණි සෙනසුන..

    උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාශයේ, අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අනුරාධපුර නගරයේ සිට කි.මී. 1/4ක් පමණ ගමන් කළ පසු ප්‍රධාන මාර්ගයට දකුණු පසින් තෙළුවිල නම් වන මෙම ස්ථානය පිහිටා ඇත. මෙම ස්ථානය රාම කැ‍ලේ මාලිගය නමින් ද හඳුන්වනු ලැබේ. එහෙත් මෙය ක්‍රිස්තු වර්ෂ 05 වන සියවසට පමණ අයත් බෞද්ධ විහාර සංකීර්ණයක් බව පුරාවිද්‍යාත්මකව හඳුනාගෙන ඇත.

    මෙම භූමි ප්‍රදේශය “රාම කැ‍ලේ” යනුවෙන් හැඳින්වීමට අතීතයේ මෙහි රාම කුමරු සතු මාලිගාවක් පැවැති බවට පැතිර ඇති ජනප්‍රවාද හා සබැඳුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිත් නැත. එනිසා ඒ සම්බන්ධ සැඟවුණු යට ගියාව විමසනු පිණිස එම ජනශ්‍රැති මුල් කොට වෙනම මානව විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුය.

    බැලු බැල්මට වර්තමානයේ හිස් බිම්කඩක් ලෙස දිස් වුවද අතීත ‍ප්‍රෞඪ උරුමය මොනවට කියාපාන මෙය මධ්‍ය අනුරාධපුර යුගයට අයත් දියුණු පබ්බත විහාර සංකීර්ණයකි. ඉතා වේගයෙන් දියුණු වන අනුරාධපුර නගරයේ මෙබඳු පුරාවිදු උරුමයන් හැකිලීමට ලක්ව තිබීම ජාතික ඛේදවාචකයකි. මේ වන විට මෙම රක්ෂිතය අක්කර 35කට පමණ සීමාවී ඇත. පූර්ණ වශයෙන් කැණීම් කටයුතු හෝ ගවේෂණ කටයුතු සිදුකර නොමැති හෙයින් ස්ථානයේ පුරාවිද්‍යාත්මක තොරතුරු අනාවරණය වී ඇත්තේ සුළු වශයෙනි. ලිඛිත මූලාශ්‍රවලින් ද තොරතුරු සොයා ගැනීම අපහසු වී ඇත. මෙයට හේතුව මහාවංසය වැනි ග්‍රන්ථ ථෙරවාදී මහා විහාරික භික්ෂූන් අතින් රචනා වීමත් එම වාර්තා ප්‍රධාන විහාරස්ථාන වටා පමණක් නිර්මාණය වීමත් මෙම ස්ථාන ඇතුළු නුවරට පිටතින් හුදකලාව සංවර්ධනය වූ විහාරාරාම වීමත් විය හැක.

    මූලාශ්‍රගත තොරතුරු විරල වීමට තවත් හේතුවක් වශයෙන් විද්වතුන් දක්වා ඇත්තේ මෙම විහාර මහායානික විහාර නිසා මූලාශ්‍ර සම්පිණ්ඩණය හරි හැටි සිදුනොවීමය. කෙසේ වුවද මෙම ස්ථානය ගැන සාහිත්‍යමය මූලාශ්‍ර මගින් තොරතුරු සපයා ගැනීම උගහටය. නමුදු පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් එම අඩුව මනාව සපුරා ගත හැක.

    මෙම පබ්බත විහාර ආරම්භය හා විකාශය පිළිබඳ යම් යම් තොරතුරු සාහිත්‍ය මූලාශ්‍රවලින් අධ්‍යයනය කළ හැකිය. බුද්ධ කාලයේ භික්ෂු සංස්ථාව ආරම්භ වූ අවදියේ භික්ෂූන් වහන්සේලාට ස්ථීර වාසස්ථාන තිබූ බවට සාධක නැත. චුල්ලවග්ගපාලියට අනුව උන්වහන්සේලා ගස් මුල්වල, පිදුරු ගොඩවල්වල, ගුහා, සොහොන් ආදියේ රාත්‍රිය ගත කොට ඒ හේතුවෙන් විවිධ දුෂ්කරතා රැසකට මුහුණ පා ඇත. ඉන් පසුව බුදුන්වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට ආකාර සතරක ආරාම සකසා ගැනීමට අනුදැන වදාළහ. ඒ කාමභෝගීත්වය පිටු දකින විරාගික පරිසරයන් තුළ සරල ලෙස නිමැවුණු ඒවා වශයෙනි.

    ඒ අනුව භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම සඳහා එබඳු විවිධ ආරාම ඉදිකිරීම ආරම්භ විය. මහින්දාගමනයෙන් අනතුරුව ලාංකීය බුදු සසුන ආරම්භ වීමත් සමගම ලංකාව තුළ ද විහාර කර්මාන්තය ආරම්භ වූයේ මහා විහාරය ඉදිකොට මිහිඳු හිමියන්ට පූජා කිරීමත් සමගමය. එසේ වුවද වැඩි වශයෙන් මෙම යුගයේ භික්ෂූන් වහන්සේලා කටාරම් කෙටූ ගල්ලෙන් ආශ්‍රිතව වැඩ සිටි බවට පුරාවිද්‍යා සාධක එමට ය. අනතුරුව භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවත්ම අභයගිරිය, ජේතවනය වැනි විශාල විහාරාරාම නගරය තුළ පවා ඉදිවන්නට විය. මෙවැනි විශාල ආරාම ඇතුළු නුවර සංවර්ධනය වන විට වනවාසී ආරාම සංකීර්ණයන් නගරයෙන් පිටත සීමාව තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇත. මෙම තොළුවිල බඳු පබ්බත විහාරවල වර්ධනය හා විකාශනය ද අපට මේ අවදියේදී සිදුවූ බව හඳුනාගත හැකි ය.

    මේ කරුණු සියල්ල අනුව පබ්බත විහාරය යනු මධ්‍ය අනුරාධපුර අවදියේ ඇතුළු නුවරට පිටතින් හුදකලාව එහෙත් ඉතාමත් සැලසුම් සහගතව සංවර්ධනය වූ මහායානික ආරාම සංකීර්ණ ලෙස හඳුනා ගැනීම නිවැරදිය. මේවා එක හා සමාන අතිශය දියුණු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සමුදායකින් යුතු බව මේ වන විට අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම ආරාම ‍පොළොන්නරු යුගය දක්වාම පවතින්නට ඇති බව විද්වතුන්ගේ මතයයි.

    පබ්බත විහාරවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ විමසීමේදී එහි ක්‍රමික විකාශනයක් දැක ගත හැකිය.

    එහිදී මුල්කාලීන ලක්ෂණ පෙන්නුම් කරන පන්කුලිය වැනි ආරාම ද දියුණු ලක්ෂණ පෙන්නුම් කරන තොළුවිල වැනි ආරාම ද නිදසුන් වේ.

    මෙම ලිපියෙන් පැවසෙන තොළුවිල ආරාම සංකීර්ණයට ද මෙම වාස්තු විද්‍යා ලක්ෂණ ‍පොදුය. නමුදු මෙම පබ්බත විහාරයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ද හඳුනා ගත හැකි වීම මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක සුවිශේෂත්වය විදහා පාන්නකි.

    තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සමාධි පිළිමය අද විට කොළඹ ජාතික කොතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇත. පිළිමය තිබූ පිළිමගේ හා මැද මළුව සම්බන්ධ වනුයේ සුවිශේෂී ලක්ෂණ සහිත දිගු පෙත් මගකිනි. මෙහි ද්වාර මණ්ඩප මෙන්ම චංකමණද දැකගත හැකිවේ. මැද මළුව තුළ පූජනීය ගොඩනැගිලි ඉදිකර ඇති අතර එම මළුවේ සතර දිශාවට ද්වාර මණ්ඩප ඉදිකර ඇත. ස්තූපය, බෝධිඝරය, පිළිමගෙය, මැද මළුව තුළ සුවිශාල කුලුනු සහිත උ‍පෝසථාඝරය මහල් දෙකකින් යුක්ත ගොඩනැගිල්ලක් බවට හඳුනා ගත හැකිය. දැනට සංරක්ෂණය කර ඇති කුඩා ස්තූපය ගඩොල් වේදිකාවක් මත ඉදිකර ඇත. මෙම ප්‍රධාන ස්මාරකවලට අමතරව සෙසු ගොඩනැගිලි පනස් නවයක් පමණ මෙම තොළුවිල පුරාවිද්‍යා පරිශ්‍රය තුළ දැකගත හැකිය. පූර්ණ වශයෙන් කැණීමට ලක්නොවූ මෙම ගොඩනැගිලි අතර භික්ෂු කුටි වැඩි වශයෙන් තිබේ. සෙසු ගොඩනැගිලි ඉහත දැක්වූ විවිධාකාර ගොඩනැගිලිවලට යම් යම් ආකාරවලින් සම්බන්ධ වන ඒවා විය හැකිය. ප්‍රධාන දිය අගලට ජලය සපයා ගන්නට ඇත්තේ ආසන්නයේම පිහිටි නුවර වැවෙන් විය යුතුය. ආරාමයේ ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ‍පොකුණු දෙකක් ඉදිකර ඇත. ගොඩනැගිලි අතර ගමන් කිරීම සඳහා සකස් කර ඇති පෙත්මං ආරාම සංකීර්ණයේ අලංකාරයට හේතු වී ඇත. ප්‍රධාන පිවිසුම් ද්වාරය උතුරු දිශානුගතව පිහිටා ඇත. මේ අනුව නූතනය වන විට බැලූ බැල්මට විශේෂ වැදගත්කමක් නොපෙනෙන තොළුවිල පබ්බත විහාර සංකීර්ණය වාස්තු විද්‍යාත්මක සහ භූමි සැකසුම් ලක්ෂණ අතින් ඉතාමත් දියුණු මට්ටමක පැවැති බව නිසැකය.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය මත මෙහි පිළිම ගෙය, කුඩා ස්තූපය සහ පෙත්මග සංරක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇත. මෙම පබ්බත විහාරයේ තිබූ සමාධි ප්‍රතිමාව ඉවත් කිරීමෙන් පසුව පාළු හුදකලා ස්වරූපයක් ගත් මෙම මාහැඟි පුරාවිද්‍යා රක්ෂිතයට පසුගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ තවත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය. එනම් අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ මෙම පරිශ්‍රය සමීපයේම තිබූ එවකට ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක්ව පැවති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩා සංකීර්ණය රැකගැනීම සඳහා එම ප්‍රධාන මාර්ගය වෙනුවට මෙම පරිශ්‍රය හරහා විකල්ප මාර්ගයක් යෙදීමට රජයට සිදුවීමය. එහෙත් අද වන විට පැරණි මාර්ගය විවෘත කොට ඇතත් එමගින් භෞතික වශයෙන් මෙම පරිශ්‍රයට සිදුවූ හානිය සුළුපටු කොට තැකිය නොහැක.

    එහෙත් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් හට නිරායාසයෙන්ම දැකගත හැකි මෙම වටිනා පුරාවිද්‍යා ස්ථානය මේ වන විට “පුරාවිද්‍යාත්මක පාරිසරික හරිත උද්‍යානයක්” වශයෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 2014 වසර සඳහා වෙන්කර තිබිණ. එයට සමගාමීව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 94 වන සංවත්සරය නිමිත්තෙන් එහ සම්මේලනය මගින් අරඹන ලද පරිසර හිතකාමී ආරක්ෂක ආවරණද සහිත රුක් රෝපණ ව්‍යාපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එය මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ මතු ආරක්ෂාවට සේම පාරිසරික යහපැවැත්මටද බෙහෙවින් ඉවහල් වනු ඇත.

    වර්තමානය වන විට අනවසර මාර්ග භාවිත කිරීම්, අනවසරයෙන් රථවාහන ගාල් කිරීම ආදී විවිධ ගැටලුකාරී තත්ත්වයන්වලට ගොදුරුව ඇති මෙම පුරාවිදු භූමිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමදව හිමි වන හා ප්‍රදේශයේ ජෛවමය සහ පාරිසරික අගය වර්ධනය කෙරෙන ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම ඉතා වැදගත් මෙහෙවරකි.

    අද දින අභයගිරි සමාධි පිළිමය හේතුවෙන් එම ස්ථානයට යම් ශ්‍රේෂ්ඨත්වයක් යම් බුහුමනක් හිමිව තිබේද ඒ හා සමානවම ශ්‍රේෂ්ඨත්වයක් හා බුහුමනක් හිමිවිය යුතු වූ මෙම පුරාවිද්‍යා ස්ථානය අද බොහෝ දෙනෙකුගේ අවධානයෙන් බැහැරව තිබේ. ඒ අග්‍රගණ්‍ය සමාධි පිළිමය ඉවත් කිරීමත් සමගමය. අද දින ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන පුරාවස්තුවක් පමණක් බවට පත්ව ඇති මෙම අග්‍රගණ්‍ය සමාධි පිළිම වහන්සේ මෙම පින්බිමෙහි වැඩ සිටියා නම් මෙයද අනුරාධපුරයේ ප්‍රධාන පූජනීය ස්ථානයක් වනු ඒකාන්තය. එසේ වූවානම් අද දින පදිකයාගේ සිට ආසන්න පදිංචිකරුවා දක්වා වූ සියලු පාර්ශ්වයන්ගෙන් මෙම වටිනා පුරාවිද්‍යා රක්ෂිතයට සිදුවන නොයෙකුත් අයහපත් බලපෑම් සිදු නොවීමට ද ඉඩ තිබුණි.

    [rns_reactions]

  • ශ්‍රී දේවිය ගේ 300 වැනි සිනමාපටය – දේවතාවක වන මවකට දූර්ගා, කාලි වීමට අපහසු නොවේ…

    බොලිවුඩ් පුරවරයේ පළමු සුපිරි තාරකාව ශ්‍රී දේවිය ජූලි හත් වැනි දිනට සමරන්නේ සිනමා දිවියේ පනස් වැනි අවුරුද්දයි. එදින ශ්‍රී දේවියට සුවිශේෂී වන්නේ ඇයට වගේ ම ප්‍රේක්ෂකයන්ට ද ඉංග්ලිෂ් විංග්ලිෂ් නොපරදින තවත් සිනමා පටයක් තිළිණ වෙන නිසාය. මම් (MOM) නම් වන මෙම චිත්‍රපටය ශ්‍රී දේවිය රඟන තුන්සිය වැනි සිනමා පටයයි.

    යූ ටියුබයේ මේ සිනමා පටයේ පූර්ව දැන්වීම පළමු දිනයේදී පමණක් නැරඹූ රසිකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.2 කි. හින්දි, දමිළ, තෙළගු, මලයාලම් භාෂා හතරින් සිනමා පටය තිරගත කරන්නේ එපමණට ම ඉල්ලුමක් සිනමා පටයට ඇති නිසාය. එයට භාරතයේ මෙන් ම පකිස්ථානයෙන් ද ලැබී ඇති ඉල්ලුම එක සමානය.

    ශ්‍රී දේවිය ප්‍රේක්ෂකයන් තිරයෙන් දකින්නේ ඉංග්ලිෂ් විංග්ලිෂ් තිරගතවී පස් වසරක ඇවෑමෙනි.

    “මවකගේ සෙනෙහස කාලයත් සමඟ වෙනස් නොවේ. දරුවන් ඇය සුපිපි පුෂ්පයකි. එහෙත් සතුරන්ට ඇය තියණු මුවහතක් ඇති කඩුවකට නොදෙවැනිය. තවත් අයුරකින් පැවසුවොත් ඇය ලොවට පවසන්නේ දරුවන් ඉදිරියේදී ගැහැනියකට ලක්ෂ්මී, සරස්වතී දේවතාවන් විය හැකිසේ ම දරුවන්ට එරෙහි එදිරිවාදිකම් ඉදිරියේ දුර්ගා, කාලි වීම අපහසු නොවන බවය.
    කාන්තාව කේන්ද්‍ර කරගත් ‘මම්’ සිනමා පටයේ වර්තමාන සමාජ ප්‍රවාහයේ දියණියන් දෙදෙනකු හා ගුරු වෘත්තියේ යෙදෙන මවකගේ අරගලය විවරණය කෙරේ. ශ්‍රී දේවියට අමතරව සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අක්ෂේ ඛන්නා, අභිමන්යුසිං, සජාල් අලි සහ නවසුදින් සිද්දික්ය. කහානි (2012), ගෑන්ග්ස් ඔෆ් වාසිපුර් (2012), තලාෂ් (2012) වැනි සිනමා පටවල අති විශිෂ්ට චරිත නිරූපණයක යෙදුණු සම්මානනීය නළු නවසුදීන් සිද්දික් ශ්‍රී දේවිය සමඟ රඟපෑමට ලැබීම ජීවිතයේ ලද මහඟු භාග්‍යයක් ලෙස සලකයි. ශ්‍රී දේවියගේ දියණියකගේ චරිතය නිරූපණය කරන සජාල් අලි ජනප්‍රිය පකිස්තාන තාරකාවකි. එහි වැදගත් චරිතයක් රඟන අද්හන් සිද්දික් ද පකිස්තාන නළුවෙකි.

    අක්ෂේ ඛන්නා මෙහි රඟන්නේ සුදු චරිතයක් නොවේ. ඔහු ද අසමසම තාරකාව ශ්‍රී ‍ෙද්විය හා නවසුදීන් සිද්දික් සමඟ රැඟීමේ සතුට භුක්ති විඳින්නේය.

    ශ්‍රී දේවිය ප්‍රධාන චරිතය නිරූපණය කරන සිනමා පටයක ඉඟිය රසිකයන්ට ලැබුණේ 2016 වසරේ මුලදීය. පුවත සැබෑ කරමින් ඇයගේ සැමියා බොනි කපූර්, සුනිල් මන්චන්ද, නරේෂ් අගර්වල්, මුකේෂ් තල්රේජා, ගෞතම් ජෛන් නිෂ්පාදනයෙන් රවි උද්‍යවාර්ගේ අධ්‍යක්ෂණයෙන් රූගත කිරීම් ඇරැඹිණි. නවදිල්ලියේ ශ්‍රී රාම් වාණිජ කොලිජියේ ඇරැඹුණු රූගත කිරීම් අවසන් වූයේ ජොර්ජියාවේ මෙස්ටියාවලිනි.

    අමෙරිකාවේ ජොර්ජියාවේදී දෙමාසයක් පුරා සිනමා කණ්ඩායම රූගත කිරීම්වල යෙදුණේ අංශක හතට උෂ්ණත්වය බැස තිබියදීය. දේශගුණය කටුක වුවත් රූගත කිරීම් සාර්ථකව සිදු කෙරිණි. 2017 මාර්තුවේදී අවසාන රූගත කිරීම සිදුකෙරුණේ බැංකොක් නුවරදීය.

    ‘මම්’ සිනමා පටයේ පෝස්ටරය ප්‍රථම වරට එළි දැක්වුණේ 2017 සී සිනේ සම්මාන උලෙළේදීය. එහිදී ශ්‍රී දේවිය, සල්මන් ඛාන් විසින් හඳුන්වා දෙනු ලැබුවේ අමීර් ඛාන්, සල්මන් ඛාන්, ෂාරුක් ඛාන් යන ඛාන් ත්‍රිත්වයටම වඩා ප්‍රබල තාරකාව ශ්‍රී ‍දේවිය බවය. “මං වගේ ම අමීර්, ෂාරුක්, අක්ෂේ බොහෝ සිනමා පටවල රඟපා තිබෙනවා. අමීර් පනහක් විතර, ෂාරුක් සීයකට වඩා රඟපා ඇති. ඒත් අපි හතරදෙනාම රඟපෑ සිනමාපට ගණනේ එකතුව 250 – 275 කට වඩා නෑ. ඒත් ශ්‍රී දේවිය පුරාවෘත්තයක් බඳුයි. ඇය තුන්සිය වැනි සිනමා පටයත් සම්පූර්ණ කරනවා. වයස අවුරුදු හතරේදී තුනෙයිවන් දමිළ සිනමා පටයේ මුරුගා දෙවියන්ගේ කුඩා විය නිරූපණය කරමින් ශ්‍රී දේවිය රංගනයට අත්පොත තැබුවේ 1967 ජූලි 7 වැනිදාය. ඇය බොලිවුඩයට පිය මැන්නේ ජූලි (1975) සිනමා පටයෙනි.
    ඉහළ ම පුරවැසි සම්මානයක් වන පද්ම ශ්‍රී, ෆිල්ම්ෆෙයාර් ඇතුළු සම්මාන ගණනාවකින් ම පිදුම්ලද ශ්‍රී දේවිය අමිතාබ් බච්චන් සමඟ රඟපෑම පවා ප්‍රතික්ෂේප කළ අවස්ථා ද තිබේ. එසේ කළ එකම තාරකාව ඇය ම වන්නීය වාගේම අනූව දශකයේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් රංගනයට අය කළ එකම නිළිය ද ඇයයි.

    ‘මම්’ දෙස ලොවම දෑස් දල්වා බලා සිටීමේ රහස ශ්‍රී දේවිය වන්නීය. ශ්‍රී දේවියගේ ‘මම්’ සමඟ රන්බීර් කපූර්ගේ ජග්ගා ජසූස්, සායිෆ් අලි ඛාන්ගේ ‘චෙෆ්’, ශ්‍රද්ධා කපූර්ගේ හසීනා සිනමාපටවලට උග්‍ර සටහනක් දීමට සිදුවනු ඇත.

    [rns_reactions]

  • ලිංගිකත්වය හා කුණු රසය – දැනගන්න කියවන්න වටහාගන්න…

    සුපිරි ක්‍රීඩකයකුගේ රහසිගත වීඩියෝවක් සයිබර් අවකාශයට පැමිණීමත් සමඟ ‘සෙලිබ්‍රිටි’ චරිත හා ඒ චරිතප්‍රේමීන් තුළ දෙදරුම්කෑමක් පටන් ගෙන තිබෙන බව සයිබර් අවකාශයේ සමාජ ජාලයන්හි දක්නට ලැබෙන පොදු ලක්ෂණයක්. විශේෂයෙන් මේ දෙදරුම්කෑමට බලපාන හේතුව වන්නේ අපේ සමාජය ‘ලිංගිකත්වය’ නැත්නම් ‘Sex’ පිළිබඳ දක්වන පසුගාමී ආකල්පයයි.

    ලිංගික ජීවිතයට මෙන්ම ලිංගිකත්වය කෙරෙහිත් අප දක්වන්නේ ආචීර්ණ කල්පික මතයකි. විශේෂයෙන් එය ජීවිතයේ තවත් එක් රාජකාරියක් ලෙස සිතනවා විනා, ඒ හරහා ජීවිතයට ලැබෙන ප්‍රහර්ෂය ගැන කිසිදු අවබෝධයක් අපට නැහැ. ලිංගික ජීවිතය යනු ලාලසාවක් (Passion) බවට පෙරළා ගත යුතු දෙයක් බව අප සිතන්නේ නැහැ. විශේෂයෙන් එය ඝනාන්ධකාරයේ සිදු විය යුතු දෙයක් ලෙසයි අප පිළිගන්නේ. එය විඳින්න අප දන්නේ නැහැ. එහෙත් මානව ඉතිහාසයේම ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය (Sex and Violence) සම්බන්ධ කාරණා. එයට හේතුව මානවයා ස්වභාවයෙන්ම මේ කාරණා දෙකට ලොල් වීමයි. බොහෝ දෙනකු තුළ දක්නට ලැබෙන ලිංගික කුහකත්වය හෝ ලිංගික මාත්සර්යයට හේතු වන්නේ ඔවුන්ට එය විඳීම මඟහැරවීම පිළිබඳ ප්‍රකාශනයක්. මේ මඟහැරීම එන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළමයි. ප්‍රාචීන අධ්‍යාපන ක්‍රමයක් තුළ සගවාතැබූ මෙවැනි කාරණා වර්තමාන ලිබරල් අධ්‍යාපන ක්‍රමයක් තුළද ඒ ආකාරයෙන්ම සඟවා තිබීම ඛේදජනක කාරණයක්. පුද්ගලයා තුළ එකතු වන විඳීම පිළිබඳ අඩුව මෙවැනි සමාජ කාරණා ඔස්සේ ඉතාම අපූරුවට ප්‍රකාශයට පත් වෙනවා. මෑත කාලීන උදාහරණ වන වික්ටර් රත්නායකගේ නව විවාහය හා ප්‍රංස නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ විවාහය හා බැඳුණු ප්‍රකාශ ගන්න පුළුවන්.

    අසන්නතම සිදුවීම වූ සුපිරි ක්‍රීඩකයා සම්බන්ධ කාරණය මේ මොහොතේ සමාජයේ මහා පොදු සාධකයක් බවට පත්ව ඇති විට මේ කාරණය මුල් කරගෙන පොදු සමාජය තුළ අවධානයට ලක් කළ යුතු කාරණා දෙකක් මතු වෙනවා.
    එකක් තමයි ජංගම දුරකතනයක තැන්පත් කරගෙන ඇති අතිශය පෞද්ගලික තොරතුරු සමාජගත වීමට ඇති ඉඩකඩ වැඩි බව. ඒ නිසා මේ මොහොතේ මෙය වළක්වාගත හැක්කේ කෙසේද යන කරුණ අවබෝධ කරගැනීම වැදගත්. ඔබ කිසිවිටක තමන්ගේ පෞද්ගලික දුරකතනයේ පෞද්ගලික දත්ත, වීඩියෝ හා ඡායාරූප ගබඩා කර තබා නොගත යුතුයි. මන්ද: ජංගම දුරකතනයක් වැනි මෙවලමක් නැති වීමට හෝ අන් සතු වීමට ඇති සම්භාවිතාව වැඩි හෙයිනි. හැම විටම ජංගම දුරකතනයේ ඇති දත්ත තමන්ගේ පෞද්ගලික පරිගණකයට හෝ අමතර දෘඪ තැටියකට හෝ DVD තැටියකට මාරු කරන්න. නැත් නම් ස්මාර්ට් ජංගම දුරකතනයකින් පුළුවන් තමන්ගේ Yahoo හෝ Google අන්තර්ජාල ගිණුමේ මේවා තැන්පත් කරන්නත්, අවශ්‍ය විටෙක ඒවා යාවත්කාලීන කරන්නත්. මේක ආරක්ෂිත පියවරක්. මොකද: මේ ආකාරයට ආරක්ෂා කරන්නේ මොනවාද යන කරුණ තීරණය කරන්න ඕනෑ තමන්මයි. මතක තබාගත යුතු දෙයක් වන්නේ සයිබර් අවකාශය තුළ රහස්‍යභාවය කියන කරුණේ වලංගුභාවය අවම බවයි.

    දෙවන කාරණය නම්: ‘ගොසිප්’ වෙබ් අඩවි වසංගතයයි. ‘ගොසිප් සයිට්’ හැමවෙලේම කතා කරන්නේ මිනිස්සු තුළ තියෙන කුතූහලයට, සැකයට, යතුරු කවුළුවෙන් නැරඹීමට ඇති ජාගර වුවමනාවට. ලෝකයේ අලෙවිකරණය ගොඩනැ‍ඟෙන්නේ මේ හැඟීම මත. අපි හැමෝගෙම සිත්වල තිබෙනවා ජාගර ‘ලේයර්’ එකක්. අන්න ඒ ‘ලේයර්’ එකේ සැරිසරන්නේ අපි බලෙන් යටපත් කරගෙන ඉන්න යක්ෂයා. මිනිස්සු සංස්කෘතික වෙනවා කියන්නේ මේ යක්ෂයා ‘කොන්ට්‍රෝල්’ කිරීමනේ. අන්න ඒ බලෙන් යටපත් කළ යක්ෂයාට තමයි මේ ‘සයිට්ස්’ ආමන්ත්‍රණය කරන්නේ. මෙවැනි ඕපාදූප ‘සයිට්ස්’ ප්‍රබල වෙන්න හේතුවක් තිබෙනවා. ඒ තමයි විධිමත් ප්‍රවෘත්ති නාලිකා පිළිබඳ පොදු සමාජයේ විශ්වසනීයත්වය බිඳවැටීම. ඒක දැන් ලංකාවේ සිද්ධ වෙලා තිබෙන්නේ; තවදුරටත් සිද්ධ වෙමින් යනවා. මිනිස්සු ‘ගොසිප්’ විශ්වාස කරනවා නිල ප්‍රවෘත්ති ප්‍රකාශනයන්ට වඩා. ඒත් ඒක සමාජයේ නිරෝගී සෞඛ්‍යයට ඒ තරම් හොඳ දෙයක් නොවේ.
    මේ නිසා තමයි කාලයක සිට සමාජයේ විවිධ කණ්ඩායම් අතරේ මාධ්‍ය නියාමනය කළ හැකි ආයතනයක අවශ්‍යතාව නිතර කියවෙන්න ගන්නේ. මෙවැනි නියාමන ආයතන ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා. ඒවායින් කෙරෙන්නේ විශේෂයෙන් මාධ්‍යවල ක්‍රියාකාරකම් සමාජ අහිතකර නොවෙන ආකාරයට විධිමත් කිරීම. එවැන්නක් දැන් ලංකාවට අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව යම් වැඩකොටසක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම සිදු වෙමින් පවතිනවා. ඒත් ඒ සදහා සිවිල් සමාජයේ මැදිහත් වීම සිදු වන්නේ මන්දගාමි විදියට. අඩුම තරමින් මාධ්‍යකරුවන්වත් තමන්ගේ වෘත්තියට වෘත්තීය භාවයක් ඇති කරගත හැකි එවැනි කාරණාවක් ගැන සාධනීය මට්ටමේ උනන්දුවක් නෑ.

    තමන් ‘පයිතගරස්ලා’ කියලා හිතා ඉන්න මාධ්‍යකරුවන් මේ නියාමන ආයතනය ගොඩනැඟීමේ ක්‍රියාවලිය තුළත් ‘කිඹුල්ලු’ දැකදැක ඉන්නවා. අවසානයේ සිදු වන්නේ තමන්ගේ වෘත්තීයභාවය බල්ලාට ගොස්, සමාජය දරුණු ඛාදනයකට ලක් වීමයි.

    [rns_reactions]

  • ජිවිත නගාසිටුවිම උදෙසා ආපදා පෙදෙස්වලට රජයෙන් සංවිධායකවරු…

    ආපදාවට පත්නොවූ ප‍්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන ඇති අතර ඔවුහු  ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

    ආපදාවට පත්වූ ආසනවල ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීම පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළේ සියලූ සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම නව සංවිධායකවරුන්ට පැවරේ.

    කළුතර දිස්ති‍්‍රක්කය – බුලත්සිංහල ආසනය – නිමල් සිරිපාල ද සිල්වා මහතා
    අගලවත්ත ආසනය – එස්.බී. දිසානායක මහතා
    බණ්ඩාරගම ආසනය – පාඨලී චම්පික රණවක මහතා
    මතුගම ආසනය – ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
    හොරණ ආසනය – සරත් අමුණුගම මහතා
    කළුතර ආසනය – රවුෆ් හකීම් මහතා
    අර්ජුන රණතුංග මහතා

    මාතර දිස්ති‍්‍රක්කය – අකුරැස්ස ආසනය – අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා
    දෙනියාය ආසනය – අකිල විරාජ් කාරියවසම් මහතා
    මාතර ආසනය – රවී කරුණානායක මහතා
    වැලිගම ආසනය – රංජිත් සියඹලාපිටිය මහතා
    හක්මන ආසනය – විජිත් විජයමුණි සොයිසා මහතා

    ගාල්ල දිස්ති‍්‍රක්කය – හිනිදුම ආසනය – දුමින්ද දිසානායක මහතා
    බද්දේගම ආසනය – පී. හැරිසන් මහතා
    බෙන්තර-ඇල්පිටිය – විජයදාස රාජපක්ෂ මහතා

    රත්නපුර දිස්ති‍්‍රක්කය – කලවාන ආසනය – සුසිල් පේ‍්‍රමජයන්ත මහතා
    රත්නපුර ආසනය – රිෂාඞ් බද්යුදීන් මහතා
    ඇහැලියගොඩ – එස්.බී. නාවින්න මහතා
    පැල්මඩුල්ල ආසනය – ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා
    නිවිතිගල ආසනය – නවීන් දිසානායක මහතා

    හම්බන්තොට දිස්ති‍්‍රක්කය – ෆයිසර් මුස්තාෆා මහතා
    හරීන් ප‍්‍රනාන්දු මහතා

    කෑගල්ල දිස්ති‍්‍රක්කය – දයා ගමගේ මහතා
    ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

    [rns_reactions]

  • වැඩක් කරපු ‘පරා‘ වැඩ කරන්න යළි වරායට….

    නාවුක කටයුතු කර්මාන්තයේ ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තිකයෙකු වන පරාක්‍රම දසනායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත්කොට ඇත. වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් මෙම පත්වීම සිදුකොට ඇත.

    පරාක්‍රම දසනායක 2001-2004 කාලපරිච්ඡේදය තුළ දීද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

    මෙවර වරාය සභාපතිවරයා වීමට පෙර ඔහු එයිට්කන් ස්පෙන්ස් සමාගමේ වරාය, නාවුක කටයුතු භාර සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී ලෙසින් කටයුතු කරන ලදී.

    Institute of Chartered Shipbrokers UK හි සභාපතිත්වයට පත් පළමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා වන්නේද පරාක්‍රම දසනායක යි.

    [rns_reactions]

  • වෙඩිසිංහගේ නිසල දේහයට යතුරුපැදි දහස් ගණනකින් ආචාරය..!

    යතුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ තරඟයක් අතරතුරදී සිදුවූ අනතුරකින් රෝහල් ගතකර සිට (29) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු අද කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

    යතුරුපැදි ධාවකයන්ගේ මෙන්ම යතුරුපැදි තරග නරඹන්නන්ගේද නොමද ආදරය දිනාගත්, එදා මෙදාතුර අපේ රටේ බිහිවූ සුපිරි යතුරුපැදි ධාවකයෙකු වූ ආනන්ද වෙඩිසිංහයන්ට සමුදෙන්නට යතුරු පැදි පෙළපාලියක්ද සංවිධාන කර තිබුණා.

    ආනන්ද වෙඩිසිංහගේ දේහය ඔහුගේ නිවසේ සිට සුසාන භූමිය වෙත රැගෙන ආ වීඩියෝ සහ ඡායාරූප පහතින්.

     

    [rns_reactions]

  • මානසික රෝගයට බෙහෙත් ගන්න මහින්ද ජපානයට….

    ජනවාරි 08 සහ අගෝස්තු 17 පරාජය නිසාවෙන් දැඩි මානසික ආතතියකින් පිඩාවිදින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මද්දුම පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක්  ජපානය බලා දින 10 ක සංචාරයකට පිටත්ව යයි.
    ජපානයේදී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් විවේක සුවය විඳින අතර විහාරස්ථාන කිහිපයක ආගමික උත්සව වලට සහභාගීවන්නට විශ්‍රාමික ජනපති මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ඇති බව දන්වා ඇත.
    ඔහුගේ හිතවත් ව්‍යාපාරික ‘ජපන් සමන්‘ගේ ආරාධනයෙන් පසුගිය වසරේදීද හිටපු ජනපතිවරයා ජපානයේ සංචාරය කළේය.

    මහින්ද රාජපක්ෂ මහතා මෙම ගමන තනිවම යාමට අදහස් කලද යම් යම් හේතු කාරණා නිසා අනිවාර්යයෙන්ම යෝෂිතව රැගෙන යා යුතු බවට ශිරන්තී රාජපක්ෂ මහත්මිය විසින් තරයේ ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.  යෝෂිත රාජපක්ෂට අදාළ නඩුවක් නිසා විදෙස්ගතවීම තහනම් කර තිබුණ නමුත් ජපානයට සිය පියා සමග යායුතු බවට දන්වා සිටීම නිසා පසුගිය සතියේ ඔහුට ඒ සඳහා අධිකරණ අවසරය ලැබුණි.

    [rns_reactions]

  • මහින්දව දකුණේ නායකයෙක් කරන්න ජනපති මෛත්‍රීගෙන් සැලසුමක්…..

    මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉකුත්දා දිවුරුම් දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) එම අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කල අවස්ථාවට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ” මම බොහොම විවෘතව කියන්න ඕනේ මහින්ද අමරවීර ඇමතිතුමාට මම තවත් අමාත්‍ය ධූරයක් දුන්නේ එතුමාව දකුණේ වඩාත් ශක්තිමත් නායකයෙක් කරන්න ඕනේ නිසා ” යයි කියා සිටියේය.

    එහිදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ අදහස් පල කළා ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කළේ රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට බව කියා සිටියේය.

    මහින්ද අමරවීර අමාත්‍යවරයාට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීමට හේතු වූ කරුණු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.

     “”මහින්ද අමරවීර ඇමතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා. ඒ වගේම ධීවර සහ ජලජ සම්පත් කැබිනට් ඇමතිවරයා. කෙනෙක් හිතන්න පුළුවන් මේ තනතුරු දෙකම තිබියදී තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් එතුමාට දුන්නේ ඇයි කියලා. මම බොහොම විවෘතව කියන්න ඕනේ මහින්ද අමරවීර ඇමතිතුමාට මම එහෙම ධූරයක් දුන්නේ දකුණේ එතුමාව වඩාත් ශක්තිමත් නායකයෙක් කරන්න ඕනේ නිසා කියලා.”

    රටට තවත් නායකයන් උවමනා බවත් ඊළග සුදුස්සාට පාර කපා දිය යුතු බවත් පැවසු ජනාධිපතිවරයා, අමරවීර මහතා ඉදිරියේදී දකුණෙන් ඉදිරියට එන තවත් ශක්තිමත් නායකයෙක් වේවා යයි තමන් ප්‍රාර්ථනා කරන බවද වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල  ද සිල්වා, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    [rns_reactions]

  • ජනපති පුත් දහම්ට රත්නපුරේදී මන්ත්‍රි පවිත්‍රා හමුවෙයි!

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී දහම් සිරිසේන මහතාට  පාම පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියද හමුවී තිබේ.

    [rns_reactions]

  • කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීමට ජපන් රජයෙන් සහාය…

    කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඩොප්ලර් යන්ත්‍ර දෙකක් සහ කාලගුණ තොරතුරු නිවැරදිව වාර්තා කළ හැකි ජපන් චන්ද්‍රිකාවක සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ජපන් රජය කටයුතු කරගෙන යන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    මේ හැර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොන්ගල කන්දේ සවිකොට තිබූ ඩොප්ලර් යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා එය අලුත්වැඩියා කිරීම සඳහා එම යන්ත්‍රය නිපදව ඇති අමෙරිකානු සමගම වෙත නැව් මඟින් යවා ඇති බව අමාත්‍යවරයා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

    සුළි සුළං, ගංවතුර, ආදී ආපදාවන් ඉදිරි කාලයේ විටින් විට ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට නවීන උපකරණ සපයා එය තාක්ෂණික අතින් වඩාත් දියුණු කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

    ආපද කළමනාකරණ අමාත්‍යාංශය විසින් දැනටමත් ගංවතුර තර්ජනයට ලක්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෝට්ටු ලබා දී තිබේ.

    එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින් තවත් බෝට්ටු 100ක් එම ප්‍රදේශවලට ලබා දීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

    [rns_reactions]