නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නාය. මෙරට අගවිනිසුරු ධුරයට පත් දෙවන කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉතිහාසයට එක් වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා…