Blog

  • ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් GOOGLE වෙනස් වුණ හැටි (PHOTOS)

    ඔන්න අද ආරම්භ වෙන ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් GOOGLEත් වෙනස් වෙලා.

    මේවට අපි කියන්නේ GOOGLE DOODLE කියලා. සත්තු වගයක් ක්‍රිකට් සෙල්ලම් කරන ගේම් එකක් තමයි මේ විදියට එයාලා දාලා තියෙන්නේ .

    GOOGLE හෝම් පේජ් එකට ගිහිල්ලා ඔයාලටත් මේක ක්‍රීඩා කරන්න පුලුවන්!

     

    [rns_reactions]

  • (අ)මනුසත් දෙරණේ කාලකණ්නි මාකටිං – ගුවන් හමුදාව දෙරණේ රෙදි ගලවයි!

    අයහපත් කාළගුණික තත්වයන්ගෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා ජනමාධ්‍ය ආයතන රැසකින් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ අතරින් දෙරණ මාධ්‍ය ජාලය විසින් ක්‍රියාතමක කරන මනුසත් දෙරණ වැඩසටහනද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

    ව්‍යාපාරික ආයතන සිය සන්නාම ප්‍රවර්ධනය කර ගත යුතුය. ප්‍රවර්ධන වැඩසටහන් කල යුතුය. නමුත් මිනිසුන් විපතට පත්වී සිටින අවස්ථාවක එසේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්නේ නම්, මිනිසුන්ගේ දුක් අදෝනා විකුණා මුදල් උපයන්නේ නම් එය ඉතා පහත් ක්‍රියාවකි.

    මනුසත් දෙරණ නමින් සිදුකලද දෙරණේ ගංවතුර සහනාධාර වැඩසටහන පුරාම ඇත්තේ අමුනුස්ස, ගරිල්ලා මාකටිං ව්‍යාපෘතියකි. විපතට පත්වූ ජනතාව ගැන සිතා රට පුරා මහජනතාව ලබාදෙන බත් පැකැට්ටුවට සහ වියලි ආහාර සළාකයට දෙරණ ලාංජනය අලවා බෙදා හැරීම කෙතරම් පහත්ද?

    එක් ස්ටිකරයක් රුපියලක් වුවහොත් ලක්ෂයක් දෑ බෙදුවොත් දෙරණ නිරපරාදේ රුපියල් ලක්ෂයක් වියදම් කරන්නේ සිය සන්නාමය ප්‍රවර්ධනය කිරීමටය. නමුත් ඒ මුදලින් දරුවන්ට පාසල් උපකරණ කොපමණ පිරිසකට ලබාදිය හැකිද?

    ඊයේ හදිසියේම රත්මලාන ගුවන් තොටුපලට ඇදෙන අමනුස්ස දෙරණ ලොරි රථ පෙළක් ඇදෙන්නට විය. අසරණ ජනතාව වෙතට ගෙනියන්නට බොහෝ ප්‍රමාණයක් බඩු රැගෙන එන බව සළකා ගුවන් හමුදාවද සතුටට පත්විය. නමුත් ඒ අතරින් පැමිණි දෙරණ නිලධාරියා කිව්වේ මොකක්ද?

    “අපි මේ ආවේ රත්මලානට ආව බඩු තියනවනම් අරන් යන්න. අපි දැන් මේ ලොරිවල යනවා ඒවා බෙදලා දෙන්න. අපි ටීවි එකෙත් දානවා. ඔයාලා බඩු ටික අපිට දෙන්න. අපි බෙදන්නම්”

    අවතැන්වූ ජනතාව අතර ලැබී ඇති ආධාර නිසි පරිදි බෙදීමේ හැකියාව සිය හමුදාව සතු බවත්, රූපවාහිනියේ මූණ දමා ගැනීමට හෝ රූපවාහිනී නාලිකා වල සන්නාම ප්‍රවර්ධනය කිරීමට තමන්ට අවශ්‍ය නැති බවත් පවසමින් ගුවන් හමුදාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ

    ගුවන් හමුදාව එම ඉල්ලීමට එකඟ වූයේ නම් අනිවාර්‍යයෙන්ම දෙරණ ලාංජනය සහිතව එම බඩු තොග ජනතාවට පත්වනු ඇත.

    කවර මාධ්‍ය ආයතනයකින් රැගෙන ගොස් බෙදූවද මෙම සියලු ආධාරයන් මෙරට මහජනතාව විසින් ලබාදෙනු ලබන ඒවාය. මාධ්‍ය විසින් කරනු ලබන්නේ සම්බන්ධීකරණය, ප්‍රවාහණය සහ බෙදාහැරීමය. බඩු මහජනතාවගේය. ඒ නිසා බෙදන බඩු වල සිය නාලිකාවේ ලාංජනය යෙදීමට කිසිදු ආයතනයකට සදාචාරමය අයිතියක් නැත. යමෙක් එසේ කරන්නේ නම් එය ඉතා නිර්ලජ්ජිත ක්‍රියාදාමයකි.

    දෙරණ, ජනතාවට සහය දෙන්න. උදව් කරන්න. නමුත් මේ මොහොතේදී ඔබ ආයතනය සිදුකරන පහත් පෙලේ ප්‍රචාරණ ක්‍රියාවලිය වහාම නවත්වා සැබෑලෙසම සහන සළසන්න!

    [rns_reactions]

  • ගංවතුරෙන් අවතැන්වී සිටින දුෂ්කර ජනතාව සොයා ජනපති පුත් දහම් යයි..!

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන් අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා දීම සඳහා දහම් සිරිසේන මහතා රත්නපුර අයගම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

    එහිදී අයගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සහ අයගම ගංගාරාම ශ්‍රී මහා විහාරස්ථානයේ අවතැන් වී රැඳී සිටින අයගම ජනතාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ එහිදී සොයා බලනු ලැබුවේය. එමෙන්ම එම ජනතාවට අවශ්‍ය කෙරෙන ආහාර ද්‍රව්‍ය, ඇඳුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබුවේය.

    මෙහිදී ප්‍රදේශවාසීන් තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු කිහිපයක් දහම් සිරිසේන මහතාට පවසා එම ගැටලු කෙරෙහි ගරු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

    විශේෂයෙන්ම දීර්ඝ කාලයක සිට මෙවැනි විපත් වලට තම ප්‍රදේශවාසීන්ට මුහුණ පෑමට සිදුව ඇතැයිද, ගත වූ අවුරුදු කිහිපය තුළම කිසිඳු බලධාරියෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකල බවත් ගරු ජනාධිපතිතුමා පිළිබඳව ඉමහත් විශ්වාසයෙන් සිටින බවත්, මැති ඇමතිවරු නොපැමිනි අයගම ග්‍රාමයට රටේ ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ පැමිණීම ප්‍රදේශවාසීන් ඉතා ඉහළින් අගය කරන බවත් ප්‍රකාශ කරන ලදී.

    https://www.facebook.com/dahamsirisena/videos/1552518514761175/

    https://www.facebook.com/dahamsirisena/posts/1552410101438683

    [rns_reactions]

  • මැතිව්ස්ට යළිත් ආබාධයක්…

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ  දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන පළමු තරගයට සහභාගී වීම  අවිනිශ්චිත බව වාර්තා වනවා.

    ඒ පාදයේ කෙණ්ඩා ප්‍රදේශයේ  ඇතිව තිබෙන ආබාධ තත්වයක් හේතුවෙනි.

    එම නිසාවෙන් උපුල් තරංග චැම්පියන්ස් කුසලානයේ පළමු තරගය සදහා නායකත්වය ලබාදෙනු ඇති බවට වාර්තාවේ.

    ඔස්ටේ‍ලියව සමඟ  පැවැත්වු පළමු පුහුණු තරගයේදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 95ක් ලබා ගැනීමට සමත්වු අතර දෙවැනි පුහුණු තරගයේදී ඔහු සහභාගී වුයේ නැත.

    [rns_reactions]

  • ක්‍රිකට් අතහැර සංගා ජෝතිර්වේදියෙකු වේ..!

    මෙවර ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාව පවතින කණ්ඩායම් පිළිබඳ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අනාවැකි පළ කර තිබෙනවා.

    පසුගිය වර මෙන්ම ඉන්දියාව ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් තිබේ යැයි පවසන සංගක්කාර ඔවුන්ගේ වේගපන්දු බලඇණිය ශක්තිමත් යැයිද පවසා තිබෙනවා.

    සත්කාරක එංගලන්ත කණ්ඩායමටද මෙවර ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවද සඳහන් කළ සංගෙක්කාර පසුගිය කාලයේ ඉතා වේගයෙන් සංවර්ධනය වූ කණ්ඩායමක් ලෙසද එංගලන්තය නම් කළේය.

    දකුණු අප්‍රිකා කණ්ඩායමේ හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් පිළිබඳද අදහස් දැක්වූ ඔහු කියා සිටියේ එම කණ්ඩායම් වලටද ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඇති බවය.

    එමෙන්ම ඉන්දියාව ඕස්ට්‍රේලියාව දකුණුඅප්‍රිකාව එංගලන්තය තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති බවද සඳහන් කළේය

    ප්‍රධාන තරඟාවලි වලදී ශ්‍රී ලංකාව සුවිශේෂි දක්ෂතා දක්වන කණ්ඩායමක් යැයි පවසන සංගක්කාර බොහෝ දෙනා බලාපොරොත්තු නොමැති කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට යෙදන පීඩනය අඩු බවද සඳහන් කළේය.

    [rns_reactions]

  • හදිසි ආපදාවෙන් පාසල් දරුවන් 44 දෙනකු මියගිහින්…..

    දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් දරු දැරියන් හතළිස් හතර දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසයි.


    මේ අතර පාසල් දරු දැරියන් අට දෙනකු අතුරුදන් වී ඇත.

    ගංවතුරෙන් වැඩි වශයෙන්ම ආපදාවට ලක්වූ රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් පනස් හතක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් අටක්, මාතර දිස්ත්‍රික්කයේ පාසල් හතරක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් පහක් හානියට පත්ව ඇති බව ද ඇමැතිවරයා පැවැසුවේය.


    බස්නාහිර පළාතේ ජයවර්ධන කලාපයේ පාසල් හතරක්ද, මතුගම පාසල් පහළොවක්ද, හොරණ පාසල් තිස් නවයක්ද, හෝමාගම පාසල් හතරක්ද හානියට පත්ව ඇතිව බවද ඇමැතිවරයා සදහන් කළේය.

    සබරගමුව පළාතේ පාසල් තිහක්ද, දකුණු පළාතේ පාසල් ‍ෙදාළහක් සහ බස්නාහිර පළාතේ පාසල් දාහතක් අවතැන් කඳවුරු සහිත පාසල් ලෙස ක්‍රියාත්මක වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

    [rns_reactions]

  • ශූරයන්ගේ කුසලානයේ භයානකම කණ්ඩායම් හතරක් ගැන මැකලම්ගෙන් ඉගියක්

    මෙවර ශූරයින්ගේ කුසලානය සදහා තරග වදින කණ්ඩායම් අතරින් භයානමකම කණ්ඩායම් හතරක් පිලිබදව නවසීලන්ත හිටපු ක‍්‍රිකට් නායක බ්‍රෙන්ඩන් මැක්ලම් ඉගි පළකරනවා..ඒ නවසීලන්තය, එංගලන්තය, දකුණු අප‍්‍රීකාව හා ඉන්දියාවයි

    ‘ඒ’ කාණ්ඩයෙන් එංගලන්තයත් නවසීලන්තයත්, බී කාණ්ඩයෙන් ඉන්දියාවත් දකුණු අපි‍්‍රකාවත් අවසන් පූර්ව තරගයට පැමිණෙන බවයි ඔහු පවසන්නේ.

    අයි සී සී ශූරයන්ගේ කුසලාන එක් දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අද තරග වැදීමට නියමිතයි.

    [rns_reactions]

  • FACE BOOK / FAKE BOOK ගැන තරු කියූ කථා..

    FACE BOOK ද? FAKE BOOK ද?

    බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉතින් අප හිතුවා තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් ඇත්තටම ෆේස්බුක් ඉන්නවාද කියලා අහන්න. ඒ වගේම ෆේස්බුක් ඔවුනට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් අප මෙසේ ඇහැව්වා.

    ෆේස්බුක් හෙවත් මුහුණුපොත එක කාසියක දෙපැත්ත වගේ. එකිනෙකට වෙනස්. හොඳත් තියෙනවා නරකත් තියෙනවා. සමහරු ප්‍රසිද්ධියේ කියාගන්න බැරි දේවල් ෆේස්බුක් හරහා ප්‍රකාශයට පත් කරනවා. ඇතැම් අය තමන්ගේ මතවාද ඉදිරිපත් කිරීමට ෆේස්බුක් භාවිත කරනවා. ඒ වගේම ෆේස් බුකියට නොවැදගත් පින්තූර එකතු කරමින් සිඟිති තෘප්තියක් ලබා ගන්නෝ ද එමටයි. අප රටේ සිටින ප්‍රසිද්ධ අය බහුතරයක් ෆේස්බුකියේ ගිනුම් හදාගෙන ඉන්නවා. ඒ ජනප්‍රිය කලාකරුවන්ගේ නම් භාවිත කරමින් ව්‍යාජ ගිනුම් හදාගෙන අයුතු ප්‍රයෝජන ගැනීමේ සිද්ධි කිහිපයක් ද පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඉතින් අප හිතුවා තෝරාගත් කලාකරුවන් කිහිප දෙනෙකුගෙන් ඔවුන් ඇත්තටම ෆේස්බුක් ඉන්නවාද කියලා අහන්න. ඒ වගේම ෆේස්බුක් ඔවුනට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලත් අප මෙසේ ඇහැව්වා.

    දැන් මඳකට නවත්වලා

    ටෙනිසන් කුරේ

    මං ෆේස්බුක් ඉන්නවා මේ නමින්ම. හැබැයි පසුගිය දින කිහිපය ඉඳලා මං මඳකට ෆේස්බුක් යෑම නවත්වලයි තියෙන්නේ. එයට හේතුව මේකයි. මං ෆේස්බුක් එකට එකතු කරන පින්තූරවලට එක එක අය විවිධ කමෙන්ට් දානවා. ඔය අතරේ අපි දර්ශන තලවලදී අලුත් නිළියො එක්ක ඉඳලා ෆොටෝ ගන්නවා. ඒවා ඒ අය ඒ අයගේ ෆේස්බුක්වලට දාපුවම ‘ආ ටෙනීත් දැන් මෙහෙමද’ වගේ කමෙන්ට් දානවා. ඒ වගේ ඒවා දැක්කම ෆේස්බුක් යන්න හිතෙන්නේ නැහැ.

    සුදුසු අය විතරයි ඉන්නේ

    බුද්ධදාස විතානාච්චි

    මම ෆේස්බුක් එකේ ඉන්නවා. මං මෙය භාවිත කරන්නේ තෝරාගත් වැදගත් මිත්‍රයොත් එක්ක අදහස් සහ ඡයාරූප එකතු කරගන්න. ෆේස්බුක් ගිනුම හදපු කාලේ මං එක්තරා මෝඩ වැඩක් කරගත්තා. ඒ තරාතිරමක් හොයලා නොබලා මට ආව සෑම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්ම ඇක්සෙප්ට් කිරීම. දැන් එහෙම කරන්නේ නැහැ. සුදුසු අය පමණයි ඇතුළත් කරගන්නේ.

    මගේ නමින් තියෙන්නේ බොරු ගිනුමක්

    චන්න පෙරේරා

    මට නම් ෆේස්බුක් ගිනුමක් නැහැ. මගේ පෞද්ගලික දේවල් ෆේස්බුක් එකට මොකට දානවද. අනික මට ඒ වැඩේට යොදවන්න කාලයකුත් නැහැ. මට කියන්න තියෙන්නේ මගේ නමින් ඇති ෆේස්බුක් ගිනුම් බොරු ඒවා කියන කාරණය.

    ඇත්ත එකක් තියෙනවා

    ඩිනක්ෂි ප්‍රියසාද්

    මගේ නමින් ව්‍යාජ එකවුන්ට් සීයක් විතර තියෙනවා. මගේ නමින් තිබෙන ෆෑන් පේජ් එක ගියාම මගේ ඇත්ත ෆේස්බුක් එකවුන්ට් එක හොයාගන්න පුළුවන්. මගේ අලුත් නිර්මාණ ගැන දාන්න තමයි මං ෆේස්බුක් එක යොදා ගන්නේ.

    මට ගිනුමක් නැහැ

    රවීන්ද්‍ර රන්දෙණිය

    සරසවිය පත්තරෙන් මේ වගේ පුවත්පත් ලිපියක් කරන එක හොඳයි. මටත් එහි ඉඩක් දුන්නට තුති. මට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මම ෆේස්බුක් එකේ නැහැ කියන එක. නමුත් මගේ නමින් ගිනුම් කිහිපයක්ම තියෙනවා. ඇතැම් විට සමහරු මම කියලා රැවටිලා ඒ ගිනුම් හරහා අදහස් හුවමාරු කරගන්නවත් ඇති. මම ඒ ගිනුම් පිරික්සලත් තියෙනවා. මට ඉන් කරදරයක් නැති නිසා මං නීතිමය පැත්තට ගියේ නැහැ.

    බොරු ඒවා අහක් කළා

    රොෂාන් ප්‍රනාන්දු

    මේ නමින් ෆේස්බුක් ගිනුමක් සහ ෆෑන් පේජ් එකක් තියෙනවා. දිනෙන් දින මගේ ඡායාරූප මං අප්ඩේට් කරනවා. ඒ ඔස්සේ මගේ ඇත්ත ගිනුම හඳුනගන්න පුළුවන්. මේ ළඟදී දවසක මගේ නමින් ඇති ව්‍යාජ එකවුන්ට් පහලොවක් මං තහනම් කළා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කරලා. ඒත් තව එකක් දෙකක් තියෙනවා.

    රසිකයන් දැනුවත් කරනවා

    උරේෂා රවිහාරි

    මං ෆේස්බුක් ඉන්නවා. මගේ අලුත් තොරතුරු, පවත්වන සන්දර්ශන ගැන රසිකයන්ව දැනුවත් කරන්නයි මං ෆේස්බුක් භාවිත කරන්නේ.

    කාලෙකින්  ගියේ නැහැ

    දර්ශන් ධර්මරාජ්

    මගේ නමින් ෆේස්බුක් ගිනුමක් තියෙනවා. නමුත් අවුරුද්දක් පමණ මං ෆේස්බුක් ආවේ නැහැ. මං මේ දිනවල ඉන්දියන් නිෂ්පාදනයකට දායක වී සිටිනවා. ඔවුන් එක්ක වැඩ කරද්දී ෆේස්බුක් තහනම්.

    මං ඉන්නවා

    රන්ජන් රාමනායක

    දැන් අවුරුදු හතරක පහක සිට මං ෆේස්බුක් එකේ ඉන්නවා. ඒ වගේම මට ෆෑන් පේජ් එකකුත් තියෙනවා. එහි රසික රසිකාවන් හය ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. ෆේස්බුක් ගැන කතා කළොත් එහි හොඳ සහ නරක කියන පැති දෙකම තියෙනවා. මං ගැන අනන්තවත් ව්‍යාජ තොරතුරු පළ වෙනවා. ඒ ගැන මට ගාණක් නැහැ. නරක පැත්ත 10%, 90% හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. මගේ ගිනුමේ නිල්පාට මාර්ක් එකක් තියෙනවා. මං එය ලබා ගත්තේ ෆේස්බුක් ආයතනය හරහා. එමඟින් පුළුවන් මගේ ඇත්ත ගිනුම හඳුනාගන්න.

    හැක් කරලද දන්නෙත් නැහැ

    මහේන්ද්‍ර පෙරේරා

    මමත් ෆේස්බුක් එකේ ඉන්නවා ලොකු අයියේ. මං ගිටාර් එකක් අරගෙන ගත්තු ඡායාරූපයක් සහිත ගිනුම තමයි මගේ ඇත්ත ගිනුම. මගේ මිත්‍රයෝ එක්ක අදහස් හුවමාරු කරගන්නයි මං ෆේස්බුක් භාවිත කරන්නේ. මේ වන විට හැක් කරලද දන්නෙත් නැහැ. ටික කලකින් යන්නත් බැරි වුණා.

  • වෙස්මුහුණු බැදන් සිටින එජාපයේ පිංගුත්තර ඇමතියා කවුද?

    සමහර වෙස්මුහුණු බැදන් සිටින පුද්ගලයන් රටට ආදරේ නොකරන බවත්, ඔවුන් නීතියට මුවාවී රටට එරෙහි යම් යම් දේවල් සංවිධානය කරමින් සිටින බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් පුවත් පත් සාකච්ඡාවකදී සඳහන් කර තිබිණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රවි කරුණානායක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ සියලු චෝදනා තමන් කරමතට දමා, මේ පුද්ගලයන් සමාජයෙන් සැගවී සිටීමට උත්සාහ කරන බවත් රට වෙනුවෙන් වැරදි තීරණයක් ගනු ලබන කිසිදු අවස්ථාවක තමන් ඊට පක්ෂව නැගී නොසිටින බවත් ය.

     

    හම්බන්තොට වරාය විකිණීමේ ප්‍රධාන ඩීල්කරුවකු සහ ඒජන්තයෙකු වන මෙම කුප්‍රකට අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අනාවරණයක් සිදුකළේය.

    අසාද් සාලි මහතා මේ සම්බන්ධයෙන් අනාවරණය කළේ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගියදා පුවත්පතකට කළ තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
    [rns_reactions]

  • ඇමති රාජිතට ඉහල පුටුවක්..

    සෞඛ්‍ය ඇමැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තෝරා පත් කරගෙන ඇත.

    විධායක සභාවට සාමාජිකයින් 34 දෙනෙකු පත්කර ගන්නා අතර, එම සාමාජිකයින්ගේ නිල කාලය වසර 02 ක් වෙයි. විධායක සභාවට අවශ්‍ය සාමාජිකයින් සෞඛ්‍ය තාක්ෂණික දැනුම ඇති පුද්ගලයින් විය යුතුය. මෙවර විධායක සභාව ජුනි මස 01 සහ 02 යන දෙදින ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේ දී පැවැත්වෙයි. එම විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි වීමට නියමිතය.

    මෙම විධායක සභා රැස්වීමෙි දී ඉදිරි සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම, සෞඛ්‍ය වැය ශිර්ෂය ඇතුලු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර රැසක් සාකචිඡා කිරීමට නියමිතය. මෙවර විධායක සභාවට ආසියානු රටවල් 04 ක නියෝජිතයින් පත් කර ඇත. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය අමාත්‍යවරයා ද එම විධායක සභාවට තේරී පත්වීම සෞඛ්‍ය සේවාව ලැබූ ජයග්‍රහණයකි.

    මෙි අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර සාකචිඡාවක් ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්විනි. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය සේවාව නංවාලීමට පුර්ණ සහයෝගය ලබාදෙන බව නව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

    [rns_reactions]

  • වැදගත් තීරණ රැසක් ගන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(22) රැස්වීමට නියමිතව තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 06.00ට ජනාධිපති නිල නිවසේ දී මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

    රැස්වීම සඳහා සහභාගී වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සියලු සාමාජිකයින් වෙත දැනුම්දී ඇති බව සඳහන්ය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට සහභාගී නොවූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    [rns_reactions]

  • වකුගඩුවක් ගලවා දෙනතුරු සෞදියේ හිරකරගෙන සිටින ‍ඉන්ද්‍ර‍ාකාන්ති!

    වකුගඩුවක් දෙනතුරු නැවත මෙරටට ඒමට නොදී සෞදි අරාබියේ නිවසක සිරකරගෙන සිටින තම මව ගෙන්වා දෙන්නැයි කුඩා දියණියෝ තිදෙනෙක් රජයෙන් ඉල්ලා සිටිනවා. මෙසේ සෞදි අරාබියේ නිවසක සිරකර ඇත්තේ දඹුල්ල කණ්ඩලම පාර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති නම් වූ 36 හැවිරිදි තිදරු මවකි.

    මේ මව තමන් පත්ව ඇති අනතුර පිළිබඳව ඉතා කෙටියෙන් සදහන් කොට කුඩා වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක්කොට තිබිණි.

    පියා අහිමි දියණියන් තිදෙනා දැඩි ආර්ථික දුෂ්කරතා මැද සිය මිත්තනිය වූ ස්වර්ණා ජයසිංහ මහත්මිය සමග හැඬූ කඳුලින් ජිවත්වනවා .මෙහිදී සෞදි අරාබියේ සිරකර සිටින ඉන්ද්‍රකාන්ති අන්තර් ජාලය හරහා සම්බන්ධකරගත්ස අවස්ථාවේ යෝගය ලැබිණ. ඇය තමන්ට සිදුවී ඇති විපත ගැන මෙසේ කීවාය .

    “මම මෙහෙ ඇවිල්ල දැන් අවුරුදු දෙකකට වැඩි. මේ ගෙදර බාබලා (ස්වාමියා) මට කියනවා මගේ වකුගඩුව දෙන්නලු ඒ අයගේ කෙනකුට බද්ධ කරන්න. මට ලංකාවට යන්න දෙන්නේ නෑ වකුගඩුව දෙනතුරු”

    “වකුගඩුව ගලවලා මාව මෙහේ මිනිහෙකුට බන්දලා දෙනවලු. මම ඒකට අකමැති නිසා මට ගහනවා, කන්න දෙන්නේ නෑ. දැන් මාස කීපයක ඉදලා පඩිය දෙන්නේ නෑ. කන්න නැතිව ඉන්නකොට මම අවස්ථා කීපයක් රෝහල් ගත කළා. මෙයාල කියන්නේ වකුගඩුව ගලවාගන්න කැමති වෙන්නලු .ඉතින් මට මගේ දරුවෝ නැතිව ඉන්න බැහැ “

    කුඩා දියණියන් දෙදෙනොගේ පාසල් ගමනද මේ වනවිට නැවතී තිබෙනවා. සිය මව විසින් එවන ලද මුදල් වලින් නිවසක් කුලියට ගෙන සිටින බවත් දැන් මුදල් නොමැති නිසා සියල්ල අහිමි වී ඇති බවත් දරුවන් පැවසුවා.
    මේ දරුවන්ගේ මිත්තනිය වන ස්වර්ණා ජයසිංහ පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළ බවත් ඒ අවස්ථාවේ වකුගඩු ඉල්ලන කතාව නොකියන ලෙස දැනුම් දුන් බවය. කෙසේ වෙතත් මෙතෙක් එම පැමිණිල්ල විභාග නොකළ බවද ඇය පැවසුවා.

    පසුව අප මේ පිළිබදව විදේශසේවා නියුක්ති කාර්යංශය මාධ්‍ය ප්‍රකාශක උපාලි දේශප්‍රියගෙන් විමසීමේදී ඒ මහතා කිවේ එම පැමිණිල්ල තමන්ට නොලැබුණු බවයි. තමන් මේ ගැන කඩිනමින් සොයා බලා දන්වන බවද ඔහු පැවසුවා.

     

    [rns_reactions]

  • දියණියන් රජ මැදුරේ.. බිහිකල අම්මා මහ වනයේ.. (VIDEO)

    ගලේවෙල ගොඩපල ප්‍රදේශයේ  මහා වනයක් මැද කුඩා පැලක තනිවම ජිවත්වන මවක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. පොල් අතුවලින් වටකරගත් කුඩා පැල්පතක තනිවම සිටින මේ මව  යසෝමැණිකේ නම් වනවා.

    දියණියන් තුන් දෙනකුගේ මවක් වන ඇය මේවනවිට 64 හැවිරිදි වියේ පසුවනවා.

    දරුවන් කුඩා කාලයේ සිටම සැමියාගෙන් වෙන් වූ මේ මව වට්ටි, පෙට්ටි වියා ඒවා විකුණා දියණියන්ට උගන්වා පසුව විවාහ කර දුන් බවයි වාර්තා වන්නේ.

    ඇගේ එක්  බැණා කෙනෙකු ඉංජිනේරුවෙක් බව සඳහන් කර සිටියා.

    තමාට නොසැලකීම නිසා මෙසේ වනාන්තරයට වී කැලේ කොලයක් කොස් ගෙඩියක් කඩාගෙන ආහාරයට ගෙන ජීවත් වන බව මෙම මෑණියන් ප්‍රකාශ කර තිබෙනවා.

    මේ මව කාලයක් තිස්සේ නිවෙස්වල මෙහෙකාර සේවයේ නිරත වෙමින් සිටියදී රජයෙන්  මාසික ආධාරයක්  ලබාදීමත් සමග මෙහෙකාර සේවය නවතා දරුවන් ළඟට  ගොස් කාලයක් සිට නැවත මෙසේ පදිංචියට පැමිණ සිටින බවයි.

    “මම දරුවන් හැදුවේ බොහොම අමාරුවෙන් වට්ටි පෙට්ටි පැදුරු වියලා විකුනලා .එයාලට මට උදව් කරන්න බැහැනේ මොකද එයාල දැන් අයිති වෙන අයට. මම කොළ වර්ග තබ්බාගෙන කනවා.මාසකට සැරයක් ටවුමට ගිහින් හාල් ලුණු අරගෙන එනවා.කැලේ ගස්වල තියන ගෙඩි තම්බාගෙන කනවා” යනුවෙන් මෙම මව සඳහන් කර තිබෙනවා.

    යසෝ මැණිකාඅම්මා කැළයේ ජීවත් වන හැටි දැක්වෙන වීඩියෝව,

    https://www.facebook.com/rupavahinisinhalanews/videos/1935059550097785/

    [rns_reactions]

  • ජනපති හෙට ඔස්ට්‍රේලියාවට….

    රාජ්‍ය සංචාරයක් සඳහා හෙට (23) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාව බලා පිටත්වයාමට නියමිතය.

    ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    තෙදිනක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ජනාධිපතිවරයා එහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, මැතිඇමතිවරුන් ඇතුළු ඉහළ පෙලේ නායකයින් මුණගැසී සාකච්ඡා කිරිමට  නියමිතය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර සාකච්ඡා ලබන 25 වනදා කැම්බරා හිදී පැවැත්වෙනු ඇත.

    මීට අමතරව ජනාධිපතිවරයා එරට ආගමන විගමන අමාත්‍ය පීටර් ඩටන් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජුලි බිෂොක් මහත්මිය ද එදින මුණගැසීමට නියමිතය.

    මේ අතර ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස ලබන 26 වනදා සිඩ්නි නුවරට පැමිණීමට නියමිත අතර එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව මුණගැසීමට නියමිතව තිබේ.

    ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරිය මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්වේ.

    [rns_reactions]
  • ඉල්ලීම් වෙනුවෙන් වෛද්‍යවරු අදත් වැඩ වර්ජනයේ

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22)  උදෑසන 08.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ප්‍රධාන ඉල්ලීම් 04ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබයි.

    කෙසේ වෙතත් අද පෙරවරු 08.00 සිට හෙට (23) පෙරවරු 08.00 දක්වා වර්ජනය ක්‍රියාත්මක වන අතර මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් හා වකුගඩු ප්‍රතිකාර ඒකකවල වර්ජනය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් මහතා කියා සිටියේය.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් අද දිනයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවලින් ද වැලකී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින් ද හේරත් මහතා සඳහන් කළේය.

    [rns_reactions]
  • රටම බලාසිටි කැබිනට් සංශෝධනයෙන් වෙනස් වූ ඇමතිකම් මෙන්න..!

    මුදල් අමාත්‍ය ලෙස දිව්රුම් දුන්නේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමවීර මුදල් සහ මාධ්‍ය අමාත්‍ය ලෙසයි.
    සමාජ සවිබල ගැන්වීඒ අමාත්‍ය එස් බී දිසානායක මහතා කන්ද උඩරට උරුමයන් පිලිබද ඇමති.
    ඩබ්ලිව්.ඩි.ජේ  සෙනෙවිරත්න මහතා දිව්රුම් දුන්නේ කම්කරු වෘත්තිය සමිති සහ සබරගමුව සංවර්ධන ඇමති ලෙසයි
    හිටපු මුදල් ඇමති රවී කරුණානයක මහතා දිවෘම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍ය ධූරයේයි.
    මහින්ද සමරසිංහ මහතාදිව්රුම් දෙනු ලැබුවේ වරාය සහ නාවික කටයුතු ඇමති ධූරයෙයි.
    හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දිවෘම් දෙනු ලැබුවේ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන අමාත්‍ය ධූරයේයි.
    හිටපු වරාය ඇමති අර්ජුන රණතුංග මහතාදිව්රුම් දෙනු ලැබුවේ ඛනිජ තෙල් සංවර්ධන ඇමති ලෙසයි.
    හිටපු ඛනිජතෙල් ඇමති චන්දිම වීරක්කොඩි දිව්රුම් දෙනු ලැබුවේ නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති ලෙසයි.
    පසුගිය කාලයේ ඉල්ලා අස්වූ තිලක් ජනක මාරපන මහතාටත් අමාත්‍ය ධූරයක් හිමිවූ අතර ඔහුට හිමිවූයේ, සංවර්ධන කාර්යය භාර අමාත්‍ය ධූරයයි.
    මහින්ද අමරවීර මැතිතුමාට ධීවර අමාත්‍ය ධූරය සමග නව අමාත්‍ය ධූරය වූයේ, මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති ධූරයයි.

    [rns_reactions]