Blog

  • අවසන් මොහොතේ අත්දැකිම් මතින් මහේලගේ මුම්බායි පිල IPL ශූරතාව දිනයි..

    දස වන වරට පැවති IPL තරඟාවලියේ අවසන් තරඟයේ අවසන් මොහොතේ සුපිරි ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

    අතිශය තියුණු අවසානයක් වෙත ලඟා වූ මේ තරඟය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී  පැවැති අතර ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා මුම්බායි කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.
    ජයග්‍රහණය සදහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. තරගය ජයගැනීම සදහා අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කරගත යුතුව තිබුණද නායක ස්ටීවන් ස්මිත් (51) ප්‍රමුඛ පූනේ පිතිකරුවෝ එම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට අපොහොසත් වූහ.
    අවසන් ඕවරයේදී පූනේ කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳවැටුණු අතර ඉන් දෙකකටම හිමිකම්කී මිචෙල් ජොන්සන් තරගයේ ජයග්‍රහණය මුම්බායි කණ්ඩායම වෙත නතුකර දුන්නේය. පූනේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අජින්ක්‍යා රහනේගේ (44) කඩුල්ලත් සමගින් ලකුණු 26 කට ජොන්සන් දවාගත් කඩුලු සංඛ්‍යාව තුනකි.
    පන්දු 50 කදී වාර්තා වූ ස්මිත්ගේ අර්ධ ශතකයට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් වූ අතර පන්දු 38 කදි වාර්තා වූ රහනේගේ ඉනිම හතරේ පහර පහකින් සමන්විත විය.
    කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් වූහ. පූනේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් වූ ජයදේව් උනඩ්කට්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ පන්දු යැවීම හමුවේ මුම්බායි පිතිකරුවන්ට පළමු ඕවර 5 තුළදී කඩුලු දෙකක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි.
    දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජයදේව් උනඩ්කට් ඕවර 4 ක් යවමින් ලකුණු 19 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කඩුලු ලබාගැනීමට නොහැකිවුවද මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන්හට දැඩි පීඩනයක් එල්ල කළ වොෂින්ටන් සුන්දර් සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කිරීමට සමත් විය.
    සෙසු පිතිකරුවන් අසාර්ථක වනවිට සාර්ථක පිතිහරඹයක නිරත වූ කෘනාල් පාණ්ඩ්‍යා පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 47 ක් රැස්කරමින් පූනේ කණ්ඩායමට තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා මුම්බායි කණ්ඩායම රැගෙන ගියේය.

    [rns_reactions]

  • මාලිංග නොමැතිව ශ්‍රී ලංකා පිල, පළමු තරඟයේදි දැවැන්ත පරාජයක…….

    චැම්පියන්ස් කුසලානය ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් වේලාසනින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු පුහුණු තරඟය ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්වීම කැපී පෙනුනි.

    ප්‍රතිවාදීන් පුදුම කරනවා යයි පවසමින් එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදීන් කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල මට්ටමකට ගෙනා අතීත ක්‍රීඩකයන් පුදුම කරමින් ස්කොට්ලන්තය හමුවේ දරුණු පරාජයක්‌ ලැබුවේ කිසිඳු තරඟයක්ද නොදෙමිනි.

    ස්කොට්ලන්ත පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 50 ක්‍රීඩා කිරීමට පවා නොහැකි වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් චාමර කපුගෙදර පන්දු 50 තුල ලකුණු 71 ලබා ගත් අතර චන්දිමාල් සහ කුසල් ජනිත් අර්ධ ශතක ලබාගත්තද ඔවුන්ගේ ලකුණු ගණනට වඩා පන්දු ප්‍රමාණය වැඩි වීම නිසා ස්කොට්ලන්තය වැනි කණ්ඩායමක් හමුවේ එම දක්ෂතා ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය පැන නැගුනි.

    පන්දුවාර 49.5 තුල ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 287 ලබාගැනීමේදී ස්කොට්ලන්තය වැය කලේ කඩුලු තුනක් පමණක් වන අතර,ආරම්භක කඩුල්ලේ සම්බන්දතාවය ලකුණු 201 වීමෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ තරම මැනගත හැක.

    ස්කොට්ලන්තය වැනි කණ්ඩායමකත් කඩුලු තුනක් පමණක් දවා ගත හැකි ශ්‍රී ලංකා පන්දු කරන බලකායක් දකුණු අප්‍රිකාව ,ඉන්දියාව වැනි රටවල් කෙසේ පාලනය කරයිද යන්න සිතාගැනීමට පවා නොහැක.

    [rns_reactions]

  • තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. නිරෝෂා කියූ පුදුම කථාව….

    නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම චරිතයක්ද ඇගේ හදවත තුළ සැඟවී සිටින්නේ. මේ කතා බහ තුළින් ඔබට නිරෝෂාගේ ජීවිතයේ සැඟවුණු තැන් වගේම ඇගේ අභ්‍යන්තරය ගැනත්මනා අවබෝධයක් ලබාගත හැකියි. 
     
    “ඉරෝෂයි නිරෝෂයි“, ‘නිරෝ ඇන්ඩ් ද ස්ටාර්ස්’, “ෂෝ ටයිම් විත් නිරෝ’, “හැපි අවර් විත් නිරෝ” මේ හැම වැඩසටහනකටම නම දා ගන්නේ ජනප්‍රිය වෙන්නද? 
    (හිනැහී) ඔය කිසිම වැඩසටහනකට මගේ නම යොදන්න කියලා මම ඒ නාලිකාවලටවත් නිෂ්පාදන අංශවලටවත් කිසිම බලපෑමක් කරලා නැහැ. මගේ නම ඒ වැඩසටහනට ආලෝකයක් එකතු කරනවා ඇති. ඒක වෙන්න ඇති මගේ නමින්ම මගේ වැඩසටහන් කරන්නේ. 
     
    මේ හැම වැඩසටහනක්ම විනෝදාත්මක වැඩසටහන්. ශාස්ත්‍රීය වැඩසටහන් කරන්න දැනුමක් නිරෝෂාට නැද්ද? 
    මගේ දැනුම ගැන ආත්ම විශ්වාසයක් මට තියෙනවා. ගොඩක් අය යම් හැදෑරීමක් කරන්නේ ඒ තුළින් රැකියාවකට යන්න. ගණකාධිකරණය හදාරන අය බැංකුවලට යනවා. විද්‍යාව හදාරලා වෛද්‍යවරු වෙනවා. මම දැනුම එකතු කරගනිමින් අධ්‍යාපනය ලබමින් විශාල ආත්ම තෘප්තියක් ලබනවා. ලැබෙන විවේකය මොකක් හෝ හැදෑරීමක් කරන්නයි මම උත්සාහ කරන්නේ. මම මහ ලොකු වැඩ ගොඩක් භාරගන්නේ නැහැ. “සෙවණැලි“ හා “කන්දක් සේමා” චිත්‍රපට කරලා ඉවරයි. මේ දවස්වල මම ටිකක් විවේකී සුවයෙන් ඉන්නේ. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද දන්නවාද? විවේකීව ගෙවන මේ දින කිහිපය තුළ හදාරන්නේ මොනවාද කියන එක. 
     
    මේ වන විට නිරෝෂා හදාරලා තියෙන්නේ මොනවාද? 
    මම ඉගෙන ගත්ත දේවල් මාධ්‍යයට කියන්න මම කැමැති නැහැ. ඒත් අහපු හින්දා මම කියන්නම්. මම බැ‍ලේ, උඩරට නැටුම්, බටහිර නර්තනය, ඉන්දියන් නැටුම් හදාරලා පියානෝ, ගැටබෙර, යක්බෙර වාදනය හදාරලා තියෙනවා. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ හා ජපන් භාෂා හදාරලා තියෙනවා. ඊට අමතරව සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හදාරලා තියෙනවා. භරත නාට්‍යයම් ස්පැනිෂ් හා ඉතාලි භාෂා දෙක තරමක් දුරට හදාරලා තියෙනවා. 
     
    නිරෝෂා මනෝ විද්‍යා උපදේශකවරියක් විදියට කටයුතු කරනවා කියන එක නම් හැමෝම දන්නේ නැහැ නේද?
    ඉස්කෝලෙ යන කා‍ලේ ඉඳන් යාළුවෝ එයාලට ප්‍රශ්නයක් ආවාම කියන්නේ මටයි. නිරෝෂාට ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියලයි හැමෝම කියන්නේ. ඒ හින්දාමයි මට හිතුණේ මනෝ විද්‍යාව හදාරන්න. මම මනෝ විද්‍යා උපදේශනය දෙනවා තමයි. හැබැයි සතයක්වත් අය කරන්නේ නැහැ. දන්න අඳුනන අයටයි උපදෙස්. මා සොයා එන අයටත් මම දෙනවා. හැබැයි අනාගතේ දවසක මම වෘත්තීය මට්ටමේ මනෝ විද්‍යා උපදේශකවරියක් වෙන්නත් බැරි නැහැ. 
     
    මනෝ විද්‍යා උපදේශනය වෙනස්ම අත්දැකීම් රැසක් නිරෝෂාට ඇති?
    මනෝ විද්‍යා උපදේශනයේදි ප්‍රධානතම දේ තමයි තමන් ළඟට එන අයගේ රහස්‍යභාවය රැකීම. තමන්ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරපු අයටත් මම උපදෙස් දීලා හිත් හදලා තියෙනවා. ගොඩක් තරුණ ළමයින්ට තියෙන්නේ ලිංගික ප්‍රශ්න. ගෑනු ළමයි එක්ක විවෘතව ඒ ගැන කතා කළත් මාත් එක්ක කෙළින් ඒ වගේ දේවල් කතා කරන්න පිරිමි ළමයි එන්නේ නැහැනේ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න දීර්ඝව ලියලා දෙන පිරිමි ළමයි ඉන්නවා. සමහර වෙලාවට හරිම සුළු ප්‍රශ්න මහ ලොකු ප්‍රශ්න කරගෙන විඳවන අයත් ඉන්නවා.
     
    ජනප්‍රිය චරිත තමන්ගේ මානසික ගැටලුවලට විසඳුම් ගන්න නිරෝෂා ළඟට ඇවිත් නැද්ද? 
    මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ. 
     
    ඔයාගේ නංගි ඉරෝෂා දැන් පේන්න නැත්තේ ඇයි? 
    එයා අපේ පවු‍ලේ ව්‍යාපාර බලා ගන්නවා. මටත් වඩා රඟපෑමේ ආරාධනා ඉරෝෂාට එනවා. ඒත් එයා රඟපාන්නයි නිවේදනයටයි වැඩි කැමැත්තක් නැහැ.
     
    නිරෝෂයි ඉරෝෂයි තවම තනිකඩයි. විවාහ වෙන්න කියලා අම්මා බලපෑම් කරන්නේ නැද්ද?
    මට නම් බලපෑම් අඩුයි.බොහෝ විට මට කලින් ඉරෝෂා විවාහ වෙයි. 
     
    ඒ කියන්නේ ඉරෝෂට පෙම්වතෙක් ඉන්නවා….?
    මගේ පෞද්ගලිකත්වයවත් මාධ්‍යයට කියන්න අකමැති මම ඉරෝෂාගේ විවාහය ගැන කොහොමද කියන්නේ. ඒ ගැන එයාගෙන් අහන්න. 
     
    එහෙනම් නිරෝෂාගේ විවාහය ගැන කතා කරමු
    හෙට මම විවාහ වෙන්නත් පුළුවන්. සදාකාලිකව තනිකඩව ඉන්නත් පුළුවන්. 
     
    ඇයි ඒ දෙගිඩියාව?
    කෙනෙකුගේ බිරිඳ වෙලා එයාටම ජීවිතේ කැප කරනවා කියන්නේ ලොකු දෙයක්. මගේ හැමදේම අතෑරලා ඒ වගේ කැප කිරීමක් කරන්න නම් එයා මට සුවිශේෂ කෙනෙක් විය යුතුයි. මොන හේතුවක්ද මන්දා ඒ තරම් සුවිශේෂී කෙනෙක් මට හමුවෙලාම නැහැ. එහෙම කෙනෙක් හමුවුණොත් මේ හැමදේම දාලා එයාගේ බිරිඳ වෙනවා. 
     
    නිරෝෂාට පෙම්වතෙක් නැහැ කියලද ඔය කියන්න හදන්නේ?
    (හිනැහී) මේ වෙනකොට නම් ඒ වගේ කෙනෙක් නැහැ.
     
    ප්‍රේමවන්තයෙක් ඉඳලා තියෙනවාද? 
    මේ කතාව මම කාටවත් නොකියපු රහසක් අද වන තුරු මගේ හිතේ විතරයි තිබුණේ. ඒ රහස මම කියන්නම්. තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. එයාට විතරයි මම ආකර්ෂණය වුණේ. අනිත් හැමෝම මට ආකර්ෂණය වෙලා මගේ පස්සෙන් ආපු අය. ඒ අයව මම අදටත් ගණන් ගන්නේ නැහැ. 
     
    ආරියවංශ කුලතිලක 
    [rns_reactions]
  • අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද!

    දින කිහිපයක සිට දැඩි කතාබහකට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (22) දිනයේ සිදු වන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා. 

    ඒ අනුව පෙරවරුවේ මෙම සංශෝධනය සිදුවනු ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

    ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ රාත‍්‍රියේ පැවැත්වුණා. 

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ට ද ඊයේ රාත‍්‍රීයේ අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසටයි දැනුම් දී තිබුණේ. 

    රාත‍්‍රී 9.15ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැයක පමණ කාලයක් පැවැත්වුණා. 

    අමාත්‍ය ධුර වෙනස් වීමට නියමිත අමාත්‍යවරුන් සමඟ එහිදී විශේෂයෙන් සාකච්ඡා කර තිබෙනවා. 

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රවී කරුණානායක, මංගල සමරවීර හා ගයන්ත කරුණාතිලකගේ අමාත්‍ය ධුර අද සිදු කරන සංශෝධනයේ දී වෙනස් වනු ඇතැයි එහිදී ප‍්‍රකාශ කර ඇති බවයි. 

    එමෙන්ම හිටපු අමාත්‍ය තිලක් මාරපනට නව අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇතැයි එහිදී ප‍්‍රකාශ වී තිබෙනවා. 

    අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් පළ කර තිබූ අදහස් පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. 

    වැරදිකර ඇති පුද්ගලයින්ගේ අමාත්‍ය ධුර මෙම සංශෝධනයේ දී වෙනස් වනු ඇති බවට පලකර ඇති අදහස සම්බන්ධයෙන් ඔහු සමාව ගත යුතු බවටයි එහිදී අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ රවී කරුණානායක ප‍්‍රකාශ කර ඇත්තේ. 

    එම අවස්ථාවේ දී අමාත්‍ය කබීර් හෂීම් දුරකතනයෙන් අමාත්‍ය මහින්ද අමරවීර අමතා තිබෙනවා. 

    එහිදී තමා සිදු කළ බව කියන ප‍්‍රකාශය සම්බන්ධයෙන් මහින්ද අමරවීර අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

    කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ අමාත්‍යවරුන් ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කළ බවයි. 

    මේ අතර ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇති බව වාර්තා වනවා. 

    ඒ සඳහා සියලූ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙසටද දන්වා තිබෙනවා.

    අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ දී මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළා. 

    රට තුළ ඇත්තේ අස්ථාවර ආණ්ඩුවක් බවට මෙමඟින් පැහැදිලි වන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ. 

    මේ අතර අද සිදුවනු ඇතැයි පැවසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පල කරනවා. මේ, රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර. 

    අමාත්‍ය නවීන් දිසානායක ද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසක්. 

    බොහෝ දුරට අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු විය හැකි බවට අමාත්‍ය මහින්ද අමරවීර ද ඊයේ ප‍්‍රකාශ කළා. 

    මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත‍්‍රියේ රැස් වනවා. 

    [rns_reactions]

  • උකස් බඩු කඩේ සුද්ද කල තරුණියන් පස් දෙනා මාට්ටු….

    සාරධර්ම පිරිහෙමින් පවතින වර්තමාන සමාජයේ බොහෝ මිනිසුන් හැසිරෙන්නේ තිරිසනුන් ලෙසින්ය. ඈත අතීතයේ සිටම සමාජයට ආදර්ශයක්‌ වෙමින් ජීවත්වූ කාන්තාවන් පවා දැන් සම්පූර්ණයෙන්ම වෙනස්‌ වී තිබේ. වර්තමානය වන විට සමහර ස්‌ත්‍රීහු කිසිදු හිරිකිතයකින් තොරව සමාජ විරෝධී ක්‍රියාවල නියෑළෙති. මෙම කතාව එයට කදිම තවත් එක්‌ උදාහරණයකි.

    පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන පවත්වාගෙන යන මෙම මූල්‍ය සමාගම ආරම්භ කළේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. මහනුවර සහ තදාසන්න නගර කිහිපයක මෙම මූල්‍ය සමාගමට අයත් ශාඛා අටක්‌ පිහිටා තිබෙන අතර සේවක සේවිකාවෝ පනහක්‌ පමණ එහි සේවය කරති.

    මෙම කතාවට අදාළ සිදුවීම සිදුවන්නේ ඉහත සඳහන් කළ මූල්‍ය ආයතනයේ මහනුවර රජ වීදිය සහ මහනුවර කොටුගොඩැල්ල ශාඛා දෙක අතරයි. මෙම ශාඛා දෙක අතර පරතරය මීටර් තුන්සියයක්‌ පමණි. තරුණියෝ හය දෙනකු සමඟ පිරිමි කිහිප දෙනකු ඒවායේ සේවය කරති.

    රජ වීදියේ පිහිටා ඇති ශාඛාවේ කළමනාකාරිය වශයෙන් කටයුතු කරන්නේ තමරා කුමාරි හේරත්ය. ඇය වැලිගල්ල, උඩ අලදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙයට අමතරව නිලුකා ප්‍රියදර්ශනී, ශානිකා මධුෂානි, අචිනි ඉරේෂා සහ ලක්‌මිණි උමේෂා යන තරුණියෝ එම ශාඛාවල සේවය කරති.

    මහනුවර කෙන්ගල්ල, ඇස්‌වලපිටිය ප්‍රදේශයේ පදිංචි සෙල්වරාස්‌ රමේෂ් දෙමළ ජාතිකයෙකි. සුළුවෙන් රන් ආභරණ විකිණීමේ ව්‍යාපාරයක නිරත වී සිටින ඔහු වසර ගණනක සිට ඉහත සඳහන් කළ මූල්‍ය ආයතනයේ ගනුදෙනුකරුවෙකි. මුදල් අවශ්‍යතාවක්‌ පැන නැගුණු සෑම මොහොතකම ඔහු රජ වීදිය සහ කොටුගොඩැල්ල ශාඛා දෙකෙන් එකකට ගොස්‌ රන් ආභරණ උකස්‌ තියා මුදල් ලබා ගත්තේය.

    එලෙස කලක සිට රමේෂ් එම මූල්‍ය ආයතනයේ ගනුදෙනු කරන හෙයින් තමරා ඇතුළු අනික්‌ තරුණියන් ඔහු සමඟ ඉතා සමීප මිත්‍රත්වයක්‌ ඇති කරගත්හ. රමේෂ් කලක්‌ යද්දි ඔහුගේ පෞද්ගලික ප්‍රශ්න පවා එම තරුණියන්ට පැවසුවේය. ඒ ආකාරයෙන් එන්න එන්නම ඔවුනොවුන් අතර ලොකු මිත්‍රත්වයක්‌ ඇති වූහ.

    දිසානායක නමැති කාන්තාව මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි. කතාවෙන් අනෙක්‌ මිනිසුන් රැවටීමට ඇය තරම් දක්‍ෂ කෙනෙක්‌ මහනුවර පළාතේ නොසිටියේය. කා සමඟත් සුහදව කතා බස්‌ කරන ඇය ලොවට පෙන්වූයේ ඉතාමත් අවිහිංසක චරිතයකි. එහෙත් ඇයගේ ඇතුළාන්තය ඊට හාත්පසින්ම වෙනස්‌ වූවකි. ඇය අනුගමනය කළේ උඩින් මිතුරු යටින් හතුරු තියරියයි.

    මැදි වයස ඉක්‌මවූ එම කාන්තාව වසර ගණනක සිට ඉහත සඳහන් කළ මූල්‍ය ආයතනයේ ගනුදෙනුකාරියකි. කලක්‌ ගතවෙද්දී ඇය රමේෂ් මෙන්ම එම ආයතනයේ තරුණියන් සමඟ දැඩි කුළුපග බවක්‌ ඇති කර ගත්තාය. එය කොතරම් දුරදිග ගියාද කියතහොත් අවසානයේ එම තරුණියන් ඇයට ආමන්ත්‍රණය කළේ අම්මා යන නමිනි.

    විවේක ලද සෑම අවස්‌ථාවකම දිසානායක නමැති කාන්තාවත්, රමේෂ් නමැති දෙමළ තරුණයාත් එම මූල්‍ය ආයතන දෙක වෙත පැමිණ තමරා ඇතුළු පිරිස සමඟ අල්ලාප සල්ලාපයේ නිරත වූහ.

    තමරා, නිලුකා, ශානිකා, අචිනි සහ ලක්‌මිණී අන් අයට වඩා ඉහත සඳහන් කළ මූල්‍ය ආයතන දෙකේ හොඳම යහළුවෝ වූහ. තමන්ට ඇති ආර්ථික අපහසුකම් ආදී සියලු තොරතුරු ඔවුනොවුන් අතර නිතර කතා බස්‌ කෙරුණි.

    “හැමදාම මෙහෙම ඉඳලා බැහැ. අපිත් ඉක්‌මනට ගොඩයන්න කීයක්‌ හරි හොයා ගන්න ඕනා” තමරා දිනක්‌ ශානිකා ඇතුළු පිරිසට පැවසුවේය.

    “ඒකනම් ඇත්ත. අපේ වෙඩින්වලටත් ලොකු ගාණක්‌ යනවනේ. ගෙවල්වලට බරක්‌ වෙන්නත් බැහැ.” ලක්‌මිණී පැවසුවාය.

    මෙම තරුණියෝ ඒ වන විට විවාහ වී නොසිටියහ. එමනිසා දිනපතාම ඔවුහු තම විවාහ උත්සවය ගන්නා අයුරු ඒ සඳහා යන වියදම් ආදිය ගැන කතා බස්‌ කළහ. සල්ලි නැතිනම් ජීවිතය වැඩක්‌ නැහැ. කොහොම හරි ඉක්‌මණට සල්ලි ටිකක්‌ හොයා ගන්න ඕනා. ඔවුහු එලෙස සිතුවෝය.

    අවස්‌ථා කිහිපයකදීම එම තරුණියෝ රහසිගතව හමුවී ඉක්‌මනින් සල්ලි ඉපැයීමේ මාර්ගයක්‌ කල්පනා කළහ. එහෙත් එය හොඳින් කළ නොහැකි බව ඔවුන්ට වැටහුණි. එමනිසා තමන් සේවය කරන මූල්‍ය ආයතනයෙන් මුදල් වංචා කිරීමට ඔවුහු තීරණය කළහ.

    තරුණියෝ පස්‌දෙනා එම අදහස රමේෂ්ට සහ දිසානායක නමැති කාන්තාවට පැවසූහ. ඔවුන් දෙදෙනාද එය හොඳ අදහසක්‌ බවත්, පුළුවන් අයුරින් එයට උදව් කරන බවටත් පොරොන්දු වූහ. ඒ අනුව ඔවුන් සියලු දෙනා එකතු වී එම මූල්‍ය ආයතනයේ මහනුවර ශාඛා දෙකෙන් මුදල් වංචා කිරීමට සැලසුම් කළහ.

    තරුණියන්ගේ සැලසුම වී තිබුණේ ගනුදෙනු කරුවන්ගෙන් රන් භාණ්‌ඩ උකස්‌ ගත් බවට බොරු ලියකියවිලි මූල්‍ය ආයතනයට ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමයි. ඒ අනුව මහනුවර රජ වීදියේ සහ මහනුවර කොටුගොඩැල්ල වීදියේ ශාඛා දෙකෙන් බොරු ලියකියවිලි ඉදිරිපත් කර එම තරුණියෝ මුදල් වංචා කිරීම ආරම්භ කළහ. ඒ සඳහා රමේෂ්ගේ සහ දිසානායක නමැති කාන්තාවගේ පූර්ණ සහයෝගය ලැබුණි.

    මාස හයක්‌ පමණ ඇතුළත එම තරුණියෝ කෝටියකට අධික මුදලක්‌ එලෙස වංචා කළහ. ඒ අතර කාලය තුළ එම තරුණියෝ තමන්ගේ පෞද්ගලික ජිවිතයේ සිහින රැසක්‌ ඉටුකර ගත්හ. ඒ සඳහා මූල්‍ය ආයතනයෙන් වංචා කළ මුදල්ද යොදා ගත්තේය.

    රමේෂ්ගේ ඥති හිතවතුන්ගේ නම්වලට පවා එම තරුණියෝ බොරු ලියකියවිලි ඉදිරිපත් කර රන් ආභරණ උකස්‌ කළ ලෙස පෙන්වා මුදල් ලබාගත්හ. දිසානායක නමැති කාන්තාවද එයට නොමඳ සහායක්‌ ලබා දුන්නාය.

    දිනක්‌ එම මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය, මහනුවර රජ වීදියේ සහ කොටුගොඩැල්ල ශාඛා දෙකේ ගිණුම් සහ උකස්‌පත්, රන් ආභරණ ආදිය පරීක්‍ෂා කරන බව දැන්නුවේය. රජ වීදියේ කළමනාකාරිය ලෙස සේවය කළ තමරා කුමාරි එක්‌වරම එයට අකමැති වූවාය. ඇය පැවසුවේ තම ශාඛාවේ සේවය කරන අය අසනීප වී ඇති බැවින් පසු දිනක පැමිණෙන ලෙසයි.

    එම මූල්‍ය ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂිකාව වන ප්‍රියදර්ශනී දැඩිගමට තමරාගේ එම කියමන පිළිබඳ විශාල ගැටලුවක්‌ ඇතිවිය. එම ශාඛාවේ කුමන හෝ ගැටලුවක්‌ ඇති බව ඇයට ඉවෙන් මෙන් අවබෝධ වූවාය. ඒ අනුව ඇය ප්‍රධාන කාර්යාලයේ කළමනාකාරියක වන ප්‍රතිශාට එම ශාඛාවේ සීසීටීවී කැමරා පරීක්‍ෂා කරන ලෙස පැවසුවාය. කළමනාකාර අධ්‍යක්‍ෂිකාවගේ නියෝගයට අනුව ප්‍රතිශා එම ශාඛාවේ පසුගිය සති කිහිපයක සීසීටීවී රූප රාමු පරීක්‍ෂා කළාය. එහිදී දැකගන්නට ලැබුණේ අවස්‌ථා කිහිපයකදී එම තරුණියන් පපුව තුළ සඟවාගෙන එන යම් දෙයක්‌ හොර රහසේ ආරක්‌ෂක සේප්පුව තුළ දමන බවයි. ප්‍රතිශා ඒ බව එම මූල්‍ය ආයතනයේ කළමනාකාරිත්වයට දැන්නුවාය.

    ඒ අනුව ක්‍රියාත්මක වූ එම මූල්‍ය සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂතුමිය අතුළු ඉහළ නිලධාරීහු පිරිසක්‌ රජ වීදියේ එම ශාඛාව පරීක්‍ෂාවට ලක්‌ කළහ. එහිදී රන් ආභරණ නොමැතිව උකස්‌ පත්‍රිකාව පමණක්‌ තිබෙන ලියකියවිලි රැසක්‌ ඔවුනට හමුවූහ. ඒ පිළිබඳව තමරා නමැති තරුණියගෙන් විමසීමේදී ඇය නොයෙක්‌ බොරු පැවසීමට තැත් කළාය.

    එම ශාඛාවේ සියලු දෙනා රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී මෙතෙක්‌ කල් සිදුකළ නීති විරෝධී ක්‍රියාව පිළිබඳ අකුරක්‌ නෑර ඔවුහු පැවසූහ.

    ඒ අනුව එම තරුණියෝ පස්‌දෙනා රමේෂ් සහ දිසානායක නමැති කාන්තාවගේ සහයෝගයෙන් එම මූල්‍ය වංචාවන් සිදුකර තිබුණේ මෙලෙසින්ය.

    එම මූල්‍ය සමාගමේ මහනුවර රජ වීදියේ සහ කොටුගොඩැල්ල ශාඛා එක ළඟ පිහිටා තිබුණි. මෙම සැකකාර තරුණියෝ එම ශාඛා දෙකේම සේවය කළ අතර ප්‍රධාන ශාඛාවෙන් විගණනය සඳහා පැමිණෙන විට එක්‌ ශාඛාවකින් අනෙක්‌ ශාඛාවට හොර ලියකියවිලිවල සඳහන් ආකාරයට රන් ආභරණ ගෙනත් පෙන්වති. අනෙක්‌ ශාඛාව විගණනය කරන විටදී එලෙසම සිදු කරති.

    එලෙස එම තරුණියෝ මාස ගණනක්‌ ඇතුළත රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ වංචා කළේ කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිවයි. මූල්‍ය සමාගමේ ප්‍රධාන කාර්යාලයෙන් එම ශාඛා දෙකම එකම දිනයක විගණනය කිරීමට සූදානම් වූ නිසා කලක සිට ඉතා සූක්‍ෂම අයුරින් සිදු කරගෙන ගිය මෙම මූල්‍ය වංචාව හසුකර ගැනීමට හැකිවිය.

    පසුව එම මූල්‍ය සමාගමේ කළමනාකාරිත්වය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිලි කළහ. ඒ අනුව සැකකාර තරුණියන් පස්‌දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව මහෙස්‌ත්‍රාත්වරයා ඔවුන්ව රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

    මුදල්වලට කෑදරකමින්, දුරදිග කල්පනා නොකර නීති විරෝධී අයුරින් සල්ලි ඉපැයීමට ගිය එම තරුණියෝ පස්‌දෙනාට අවසානයේ සිදු වූයේ එලෙස රක්‌ෂිත බන්ධනාගාරගත වන්නටය.

    [rns_reactions]

  • ත‍්‍රිරෝද රථයෙහි පිටුපස ඇති මෙම වැකි පිළිබඳව ඔබ නොදත් කථාව…

    මා දන්නා ත‍්‍රිරෝද රථ රියදුරෙකු තමන්ගේ ත‍්‍රිරෝද රථයෙහි පිටුපස ”ඔබට සතුටුයිද දැන්” යනුවෙන් වැකියක් ප‍්‍රදර්ශය කර තිබුණි. හිටි හැටියේ ඔහුට එවන් අදහසක් පහළ වූයේ මන්දැයි මා විමසූ විට ඔහු මා සමඟ පැවසුවේ මෙවැන්නකි.

    ”ත‍්‍රීවිලර් එකේ කාටත් පේන තැනක මේ වගේ දෙයක් ප‍්‍රදර්ශනය කරනකොට බලන අයගෙ අවධානය එ් දිහාට යොමු වෙනවා. එතකොට වාහනේට ඇස්වහ කටවහ වදින එක අඩු වෙනවා. මට මේ කතාව කිව්වේ මගෙ යාළුවෙක්. එ් හින්ද මාත් මේ දේ කළා”

    අද මාර්ගවල දක්නට ලැබෙන රථවාහන අතුරින් බස් රථ, ලොරි රථ සහ ත‍්‍රිරෝද රථවල පිටුපස ප‍්‍රදර්ශනය කරන නොයෙකුත් වැකි අපට හොඳින් හුරුපුරුදු ය. එහෙත් මෝටර් රථ සහ වෑන් රථවල එවැනි වැකි දක්නට නැති තරම් ය.  

    ඉහත සඳහන් කළ ලොරි, බස් සහ ත‍්‍රිරෝද රථ අතරිනුදු මෙම වැකි වැඩිපුරම දැකිය හැක්කේ ත‍්‍රිරෝද රථවල බව කාටත් නොරහසකි. එමෙන්ම එම වැකිවලින් පැවසෙන කරුණුවල සැලකිය යුතු සමාජ සබැඳියාවක් ද තිබේ. එ් එ්වා ද එක්තරා අන්දමක සන්නිවේදන මාධ්‍යයක් බැවිනි.

    ”මගේ රටට දළදා හිමි සරණයි”, ”මෙත් මල් පිබිදේවා”, ”බුදු සරණයි! දෙවි පිහිටයි!” මේ ආදී ආගමික හා ආගමික නොවන ආශිංසන සහිත වැකි බොහෝ ත‍්‍රිරෝද රථවල සුලබව දක්නට ලැබේ.


    ඉහත සඳහන් ආගමික ආශිංසන හැරුණු විට පිරුළු සහ උපදේශන වැකි ද සමහර ත‍්‍රිරෝද රථවල දක්නට ලැබේ. ”ඉවසල ඉවසල බැරිම තැන – එතනයි ඉවසිය යුතුම තැන”, ”දෙවියන් පා තැබීමට අකමැති තැන මෝඩයෝ පිනුම් ගසති”  “සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ” එවන් වැකි කිහිපයකි.

    මේ අතර ”ජීවිතේ මල් අම්මා ඉන්න කල්”, ”හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී” වැනි සදාචාරාත්මක පණිවිඩ ද ඇතැම් ත‍්‍රිරෝද රථවල දැකිය හැක.

    මේ අතර තවත් ත‍්‍රිරෝද රථවල පොදු සමාජය වෙත හා සමාජයේ ඇතැම් කොටස් වෙත එල්ල වන විවේචන ද දක්නට ලැබේ.  ”මේ කවුරුත් බලන් ඉන්නෙ වරදින තුරු අපිට”, ”ගොළුවන් වුණත් කතා කරයි ඇති දාට – කතා කරන උන් ගොළුවෙයි නැති දාට”, ”දෙයියො දෙනකොට භූතයො රවනවා”, ”අපේ නයි අපිවම කයි” ආදිය එවැනි වැකි කිහිපයකට නිදසුන් ය.

    පේ‍්‍රමයෙන් පරාජිත වීම ආදී පෞද්ගලික සංසිද්ධීන් මුල්කොට ගත් සමාජ විරෝධතා වැකි ද ඇතැම් ත‍්‍රිරෝද රථවල දක්නට ලැබේ. ”සල්ලි ගස්වල හැදුණොත් කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි”, ”පේ‍්‍රමය අන්ධ මුත් පේ‍්‍රමවන්තයා අන්ධ විය යුතු නැත”, ”ඇය යන්න ගියා මැකිලා” යන්න එවැනි වැකි සඳහා නිදසුන් ය.   


    මේ අතර සමාජය පිළිබඳව ඇති සියුම් ද්වේශයක් පළ කරන වැකි ද බොහෝ ත‍්‍රිරෝද රථවල දක්නට පුළුවන. ”ඔබේ ඊර්ෂ්‍යාව මගේ දියුණුවයි” යන්න එවන් එක් වැකියකි. ”ඇස් වහ නෑ – කටවහ නෑ”, ”කෝ පුතේ යාළුවො – සල්ලි තියනකල් විතරයි තාත්තේ”   යනුවෙන් සමහරු තම ත‍්‍රිරෝද රථ පිටුපස ප‍්‍රදර්ශනය කරති. 

    මීට අමතරව හුදු හාසයෝත්පාදක වැකි ද ඇතැම් ත‍්‍රිරෝද රථ පිටුපස තිබෙනු දක්නට ලැබේ. ”මල්ලි හරි මල්ලි”, ”බඩුම තමයි”, ” ඕං අපි රූං ගාල ගියා” “මම්මා නෝ පප්පා නෝ” ආදී වැකි එ් සඳහා උදාහරණ ලෙස දැක්විය හැක.

    සමහර ත‍්‍රිරෝද රථවල සෙසු රියදුරන් සඳහා දෙන පණිවිඩ ද සඳහන් කොට තිබෙනු දක්නට ලැබේ.  ”වද්දන්න එපා ගත්තෙ අමාරුවෙන්”, ”වරදක් කළත් සිතකින් නොවේ”,  ”මා පසුකර යන ඔයාට සම්මා සම්බුදු සරණයි!”, ”පුංචි කමට දඟ කළාට චණ්ඩි නෑ අනේ” ඉන් කිහිපයකි.

    මීට අමතරව තම සිත් තුළ කැකෑරෙන භාව ප‍්‍රකාශන ද මෙම වැකි අතර දක්නට ලැබේ. ”අසරණයාට දුකම තමයි”, ”මාවතේ ජීවිතේ”, ”කොහේ ගියත් හවසට ගෙදර” වැනි වැකි අතරේ ” , “දරන්න බෑ මෙවැනි දුකක් දෙයියො දෙන්නෙ නැද්ද යමක්” , “මේ විදිහට නම් ජීවත් වෙලා මොකට ද?” වැනි නිෂේධනාත්මක වැකි ද දක්නට ලැබේ.


    තත්ත්වය මෙසේ වුවද අප රටේ ක‍්‍රියාත්මක වන මෝටර් රථ ප‍්‍රවාහන ආඥපනතට අනුව නිෂ්පාදනය කරන ලද කිසිදු රථයක මෝටර් රථ කොමසාරිස්වරයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව මෙබඳු කිසිදු සඳහනක් කිරීම සපුරාම නීති විරෝධීය. මේ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කළ අවස්ථා තිබේදැයි මම පොලිස් රථවාහන මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසා සිටියෙමි. එවිට ඔහු කියා සිටියේ මෙවැන්නකි.

    ”දවසින් දවසම මේ රටේ පාරවල් හා වාහන වැඩි වෙනවා. නමුත් ඊට සමානව රථ වාහන පොලිසියේ නිලධාරින් වැඩි වෙන්නෙ නෑ. තවමත් මුළු රටේම රථවාහන රාජකාරිවල යෙදෙන්නේ නිලධාරින් දහ දාහක විතර ප‍්‍රමාණයක්. දැනට එ් අයට පැවරිලා තියෙන රාජකාරි අනුව ඔය දේවල් නීති විරෝධී වුණත් ඕවා ගැන හිතන්න වෙලාවක් නෑ. මොකද මීට වඩා බරපතල රාජකාරි  ඕන තරම් තියෙන නිසා”

    කෙසේ හෝ කාන්තාවන් කෙරෙහි වූ කිසියම් විරෝධතාවක් සහිත වැකියක් එක් ත‍්‍රිරෝද රථයක පිටුපස තිබී  කියැවීමට මට හැකි විය. බැලූ බැල්මටම කිසියම් අශ්ලීල බවක් පළ කළ ද එයින් පැවසුණේ කතුන් ප්‍රතික්ෂේප කළද මෙලොව පැවැත්ම සඳහා ස්ත‍්‍රී පුරුෂ එක්වීමක අවශ්‍යතාව කිසිසේත් ප‍්‍රතික්ෂේප කළ නොහැකි බව ය. එ් වැකිය වූයේ ”ගෑනුත් එක්ක හරියට කරන්න පුළුවන් එකම දෙයක් විතරයි” යන්න ය.

    – ශ‍්‍රියාණි කොඩිතුවක්කු –  

    [rns_reactions]
  • "රෑට බණ ටිකක් කියලා හම්බුවෙන කීයකින් තමයි අපි රටට වැඩක් කරන්නේ" ඥානසාර හිමි තරුපටි සමග ගැටුමක්.(video)

    ඥානසාර හිමි පොලිසිය සමග ඊයේ රෑ(20) වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා. ඥානසාර හිමියන් කියා සිටියේ තමන්ව අත්අඩංගුවට ගන්න කලින් ඊට වඩා පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සිටින බවයි.

    රෑට බණකට  ගිහින්  උදේට පහන තියන මම අත්අඩංගුවට පත්වන්නේ,  මංකොල්ල කාපු නිසාද? ගෑනු දුෂණය කරපු නිසාද? දේශපාලකයෝ වගේ ජනතාවගේ බදු මුදල් කොල්ල කාපු නිසාද යනුවෙන් පොලිසියෙන්  අසා සිටියේය.

    එමෙන්ම හිමියන් කියා සිටියේ රෑට බණ ටිකක් කියලා හම්බුවෙන කීයකින් හරි රට වෙනුවෙන් සේවය කරන බවයි.

    [rns_reactions]

  • ටයිටැනික් චිත්‍රපටියේ නළු නිලියන් වසර 20කට පසු….. අඳුර ගන්න පුලුවන්ද?

    ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයෙම් මිනිස්සු ආදරයෙන් වැළඳගත්ත චිත්රාටයක් තමයි ටයිටැනික් කියන්නේ ඒත් එදා ඒ රඟපාපු නළුවෝ අද කොහොම ඇද්ද? ඔබට මේ ගැන නිකමටවත් සිතුනද? ටයිටැනික් චිත්‍රපටියේ නළු නිලියන් වසර 20කට පසු බලන්නකෝ සමහරුනම් අඳුරගන්නත් අමාරුයි

    [rns_reactions]

  • මහල් ගොඩනැඟිල්ලේ හිමිකරු පොලිසියට බාර වෙයි.

    වැල්ලවත්ත ප්‍රදේශයේ කඩාවැටුණු මහල් ගොඩනැඟිල්ලේ හිමිකරු පොලිසියට බාරවී තිබෙනවා. ඔහු අද අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

    අදාල ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියකින් යුතුව ඉදිකර නොමැති බවට චෝදනා එල්ලවනවා. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයද පැවසුවේ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා සිය අනුමැතිය ලබාගෙන නොමැති බවය.

    මහල් තුනක ගොඩනැගිල්ලක් ඉදිකරන බවට අවසර ලබාගෙන ඉදිකර තිබූ මෙම පස් මහල් ගොඩනැඟිල්ල තවත් මහල් දෙකකින් ඉහළ නංවන විට මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති බවයි පැවසෙන්නෙ.
     [rns_reactions]

  • "මාව අත ගානවා. ළගට ඇවිත් ගොඩක් ලං වෙන්න හදනවා" අමිලා කියූ කථාව…

    “සංගීත ප්‍රසංග වලට ගිහිං ඕන තරම් කරදරවලට ලක් වෙලා තියෙනවා..”

    “ඒ බැඳීම මොනම හේතුවකටවත් නැති කරගන්න මට වුවමනාවක් නැහැ..”

    සංගීත ප්‍රසංගවලට වැඩි ඉල්ලුමක් ඇති කරගත්ත ගායිකාවන් ලැයිස්තුවේ අමිලා නදීශානිගේ නමත් ඉහළින්ම සඳහන් වෙනවා. ඒ වගේම ඇගේ කටහඩට ප්‍රිය කරන්නන්ද බොහොමයි. ගායිකාවක් විදිහට සමාජය හදුනා ගත් අමිලා දැන් ව්‍යාපාර කටයුතු වලටත් සම්බන්ධයි. ඒ නිසා ඇයට ආදරය කරන පිරිස වෙනුවෙන් ඇය ගැන කතා කරන්න අපි කල්පනා කළා. මේ ඇගේ විස්තරයි.

    අමිලා මේ දවස්වල ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙලා කියලා ආරංචියි…?
    මගේ නිර්මාණ කටයුතු වලට වඩා මම මේ දවස්වල මුල් තැන දීලා තියෙන්නේ ව්‍යාපාර කටයුතු වලට තමයි. තව ටික දවසකින් ඒ දේවල් වලින් නිදහසක් ලැබෙයි.

    ලොකු ව්‍යාපාරිකාවක් වෙද්දී ඉදිරියේදී ගායිකාවක් විදිහ දකින්න නොලැබෙයි වගේ නේද..?
    මොන දේවල්වලින් කාර්ය බහුල වුණත් කලාවෙන් නම් මම ඉවත් වෙන්න හිතන්නේ නැහැ. මට දැන් හැමදේම ලැබෙන්නේ ඇති කරගෙන තියෙන්නේ ගායිකාවක් විදිහට සාර්ථක වුණ නිසයි.

    අලුත් නිර්මාණ කරන්නේ නැද්ද..?
    අලුතින් ගීතයක් කරා. හොරෙන් බලා සිනාසුණා කියලා. ඕඩියෝ එක විතරයි කරේ. වීඩියෝ එක කරන්න ඕන ඉක්මණටම. ඊට අමතරව හොද ගීත කරන්න උත්සහා කරනවා. කාලය අරගෙන.

    ප්‍රසංග වේදිකාවට අමිලාට තියෙන ඉල්ලුම නිසාම අය කිරීම වැඩි කරලා කියලත් කතාවක් තියනවා..?
    ප්‍රසංග වේදිකාවෙන් ජය ගන්නවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. හදා ගත්ත ප්‍රතිරූපය පවත්වාගෙන යන්නත් ඕන. මම ඒ දේ කරනවා. එහෙම කරන්න කියලා අය කරන මුදල වැඩි කරලා බැහැ. සමහර අය හිතනවා ජනප්‍රිය වෙද්දී ගණුදෙණු කරන මුදල වැඩි කරන එක කරන්න ඕන කියලා. එහෙම කරන අයගේ තමයි අද පැවැත්ම නැති වෙලා තියෙන්නේ. දක්ෂ නම් ජනප්‍රිය නම් පැවැත්ම හැදෙනවා. ඒක පවත්වාගෙන යන්න ඕන. මම සාමාන්‍ය මුදලක් අය කරන නිසා හැමදාම මට වැඩ තියෙනවා. බොරුවට මාකට් වෙන්න ඕන නැහැ.

    රාත්‍රී කාලයට සංගීත ප්‍රසංගවලට වලට සහභාගී වෙද්දී කරදරවලට අපහසුතාවයට ලක් වෙලා නැද්ද..?
    මම කිසිම සංගීත ප්‍රසංගයකට තනියම යන්නේ නැහැ. මම යන්නේ මගේ සැමියා සමන්ත එක්ක. මුල් කාලේ නම් සමහර පිරිමින්ගෙන් පුදුම විදිහට කරදර තිබ්බා. මාව අත ගානවා. ළගට ඇවිත් ගොඩක් ලං වෙන්න හදනවා. ඇදුමෙන් පවා ඇදලා කරදර කරලා තියෙනවා. දැන් නම් අත්දැකීම් තියෙන නිසාම මමත් ඇට්ටර වෙලා කියලා මට හිතෙනවා. සමහරු කතාබහ කරන්නේ මොකටද කියලා තේරෙනවා. එහෙම අයගෙන් හරිම පරිස්සම්. කෙලින්ම කියනවා පොඩ්ඩක් ඈතට වෙලා ඉන්න කියලා.

    අමිලා මුල් කාලෙට වඩා දැන් ජනප්‍රියත්වයෙන් ඉහළ තැනක ඉන්න නිසා සැමියාගෙන් වෙන් වෙලා ජිවත් වෙනවා කියලත් රාවයක් පැතිරෙනවා..?
    ඔය කතාව මමත් අහලා තියනවා. නමුත් මම නම් මගේ සමියාගේන්වත් මගේ දරුවන්ගේන්වත් කිසි කෙනෙකුගෙන් ඉවත් වෙලා නැහැ. අපි එකට ජිවත් වෙන්නේ. මොන හේතුවක් නිසා එහෙම කතා යනවද කියන්න නම් මම දන්නෙත් නැහැ. මම මගේ දරුවෝ ගැන සැමියා ගැන හොයලා බලන කෙනෙක්. මගේ කලා කටයුතු මේ දවස්වල මගහැරගෙන පවා සැමියාගේ ව්‍යාපාර කටයුතු වලට මම උදව් කරනවා. මම ජනප්‍රිය වෙන්න කලින් මට මගේ සැමියා ලැබුණේ. ඒ බැදීම මොනම හේතුවකටවත් නැති කරගන්න මට වුවමනාවක් නැහැ.

    කාර්ය බහුල කෙනෙක් විදිහට ගෙදරට මුල් තැන දෙන්න වෙලාවක් නැතිව ඇති නේද..?
    නිදහසක් නැති තරම් වැඩ. දුව බලා ගන්නේ මගේ අම්මා. පුතා මෙවර සාමාන්‍ය පෙළ කරනවා. ඒ නිසා මම එයා ගැන විශේෂයෙන්ම බලන්න ඕන. එයාගේ අමතර පන්ති ඉවර වෙන්නේ රෑට. මම තමයි එයාව ගන්න යන්නෙත්. ගෙදර උයන වැඩ නම් මග හැරෙනවා. අම්මා නැති දවසට තමයි මම උයන්නේ. නැත්තම් විශේෂ කෑමක් බීමක් මම හදනවා. ඒ වගේම පුළුවන් හැම මොහොතකම ගෙදර අය එක්ක කොහේ හරි ගිහින් විනෝද වෙලා එනවා. මොන වැඩේ කරත් සැමියා එක්ක ඉන්න නිසා එයාව නම් මට මග හැරෙන්නේ නැහැ.

    ලංකාවේ ප්‍රසංග වේදිකාවට ඔබව නැතිවම බැරි වුණාට විදේශ රටවල ඉල්ලුම ඔබට කොහොමද..?
    මම මේ වෙනකොට රටවල් 25ක විතර සංචාරය කරලා තියෙනවා. ඉස්සර තිබුණ ඉල්ලුම එහෙමමයි. ලබන මාසෙත් මැදපෙරදිග රටවල් කිහිපයක ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තියෙනවා.

    දැන් රගපාන්නේ නැද්ද..?
    අවස්ථාවක් ලැබුණොත් බලමු. එහෙම හැමදේම බධාගෙන කරන්න කැමැත්තක් නැහැ.

    උපුටාගැනීම gossip.hirufm.lk වෙබ් අඩවියෙනි

    [rns_reactions]
  • උත්සවයක් පැවැත්වෙන වේලාවක මෙය සිදු වූවා නම් එය ලොවම කම්පා කරවන ඛේදවාකයක් වෙන්න තිබුණා.

    වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට එය ඇල මාර්ගයක් අද්දර නිසි ප‍්‍රමිතියකින් තොරව තනා තිබීම ප‍්‍රධාන හේතුවක් ලෙස අනුමාන කළ හැකි යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා කියයි. ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙම ගොඩනැගිල්ල පිළිබඳව දැනට සිදුකෙරෙන මූලික නිරීක්ෂණවලට අනුව එය ප‍්‍රමිතිගත ඉදිකිරීමක් නොවන බව පෙනී ගොස් ඇති බවයි.

    මෙවන් ඇල මාර්ගයක් අද්දර පොළොවේ පාෂාණ සංයුතිය ශක්තිමත් නොවීම මත මෙවන් ගොඩනැගිල්ලක් තැනීම සඳහා ප‍්‍රමිතිගත ශක්තිමත් පාදමක් ඉදිකළ යුතු බවත් මෙය එවැනි ඉදිකිරීමක් නොවන බවත් මූලික වශයෙන් තහවුරු වී ඇතැයි ද කරුණාවර්ධන මහතා කීය.

    ‘‘කොළඹ නගරය කියන්නේ ස්වභාවික වගුරු බිමක් සහිත ප‍්‍රදේශයක්. මේ කඩා වැටුණු ගොඩනැගිල්ල දහස් දෙනෙකු පමණ එක්රොක් වන මහජන සම්බන්ධතා ගොඩනැගිල්ලක්. මෙහි උත්සවයක් පැවැත්වෙන වේලාවක වුණත් මෙම අනතුර සිදුවෙන්නට ඉඩ තිබුණා. එසේ වූවා නම් එය ලොවම කම්පා කරවන ඛේදවාකයක් වෙන්න තිබුණා. එනිසා මෙවැනි ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඒවායේ ප‍්‍රමිතිය පවත්වා ගැනීමත් ඒ පිළිබඳව අධීක්ෂණ කටයුතු නිසියාකාරව සිදුකිරීමත් කෙරෙහි වගකියයුතු සියළු අංශ මීට වඩා අවධානය යොමු කළ යුතුයි යැයි ආචාර්ය කරුණාවර්ධන මහතා කීය.

    [rns_reactions]

     

  • ඇඟ හිරිවැටෙන රිය අනතුරක් (CCTV)

    මෙම අනතුර සිදුවුයේ ඊයේ  උදැසන පන්නපිටිය බෝ ගහ අසල බස් නවතුමේදියි අනතුරින් තුවාල ලැබූ තරුණිය මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා

    [rns_reactions]
  • වැල්ලවත්ත හෝටලය කඩාවැටෙන්නට පෙර සහ පසු දර්ශන මෙන්න…

    කඩා වැටෙන්නට පෙර වැල්ලවත්ත The Excellency හෝටලයේ සුපිරි දසුන් මෙන්න

    වැල්ලවත්ත ප්‍රදේශයේදී  ගොඩනැගිල්ලක් කඩාවැටී එක් පුද්ගලයෙකු මියගිය අතර මේ වන විට එම ගොඩනැගිල්ල කඩාවැටුණු අවස්ථාවේ CCTV දර්ශන නිකුත් වී තිබෙනවා.

    මේ එම අවස්ථාවේ CCTV වීඩියෝවයි.
    [rns_reactions]

  • සමලින්ගික තරුණයන්ට දුන් අපුරු දඬුවම…

    සමලිංගික තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර අසූපහක දඬුවමක් ලබා දීමට ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ ශරියා උසාවියක් නියෝග කරයි.

    විසි හැවිරිදි සහ විසිතුන් හැවිරිදි මෙම තරුණයන් දෙදෙනා යහන්ගතව සිටියදී, සමලිංගික විරෝධී කණ්ඩායමක් විසින් අල්ලාගනු ලැබූ බව පසුගිය මාර්තු මාසයේදී වාර්තා විය. එවක් පටන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ පසුවෙති.

    අචේ ප්‍රාන්තයේ ශරියා උසාවිය නිවේදනය කළේ මෙම චූදිතයන් ඉස්ලාමීය නීතිය උල්ලංඝනය කර ඇති බවය.

    සමලිංගිකව එක්වූ බවට චෝදනා ලත් මෙම තරුණයන් දෙදෙනාට වේවැල් පහර අසූවක් ලබා දෙන ලෙස පැමිණිල්ලේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් වේවැල් පහර 85ක් ලබාදෙන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ. ශරියා නීතිය අනුව ලබා දිය හැකි උපරිම වේවැල් පහර ගණන වන්නේ සියයකි.

    මීට පෙර වේවැල් පහර ලබාදී ඇත්තේ සූදුවේ යෙදීම සහ මත්පැන් පානය යන චෝදනාවලට වැරදිකරුවන් වූ අයට පමණි.

    මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබේ.

    එම ප්‍රදේශය තුළ හටගත් කැරැල්ලක් නිමාවට ගෙන ඒම සඳහා එවකට ඇතිකරගත් එකඟතා අනුව මධ්‍යම ආණ්ඩුව විසින් එකී බලතල අචේ ප්‍රාන්තයට පවරන ලදී.

    පුද්ගලයන්ට වෙනස්කම් සිදුකිරීම සඳහා ඉවහල්වන, අචේ ප්‍රාන්තයට විශේෂිත වූ නීති තහනම් කරන ලෙස ‘හියුමන් රයිට්ස් වොච්’ මානව හිමිකම් සංවිධානය ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    [rns_reactions]

  • ජුලි 01 අපි කොළඹ වටලනවා… කන්නන්ගර විදුහලෙන් අමුතු වැඩක්…

    බොරැල්ල කන්නන්ගර විද්‍යාලය ජුලි 01 වනදා කොළඹ වැටලිමට සුදානමින් සිටින බව අපට වාර්තා වේ. පාසලේ නිල් මුහුණුපොතේ පළකල ආන්දෝලනාත්මක සටහන් පිළිබදව අප එම විදුහලේ ආදි සිසු එකමුතුවේ සමාජ මාධ්‍ය සම්බන්ධිකාරක ඒ.එම්.ඒ.ජි අධිකාරි මහතාගෙන් කළ විමසිමකදි ඔහු පැවසුවේ ජුලි මස 01 වන දින තම පාසලේ වාර්ෂික පා ගමණ සදහා සියලු කටයුතු මේ වනවිටත් සුදානම් වෙමින් පවතින වගත් මෙය එහි ප්‍රචාරණ යාන්ත්‍රණයේ පළමු පියවර බවත්ය. …

    මේ ඒ පිලිබදව ඔහුගේ අදහස්…

    මේ වසර අපේ පාසලට ඉතා වැදගත් වසරක්. මෙවර පා ගමන අප පවත්වන්නේ අපේ විදුහලට විශාල අඩුපාඩුවක් පවතින බස් රථයක් මිලදි ගැනිමට අවශ්‍ය අරමුදල් එක්රැස් කිරිමේ අරමුණින්. අපි Bus For Us වැඩසටහන ආරම්භ කලේ අප විදුහලේ 39 වන උපන්දිනය යෙදුනු පසුගිය මාර්තු මාසයේ. අපේ අරමුණ 40වන උපන්දිනය පාසලට බස්රථයක් ලබාදෙමින්ම සැමරීම. අද වෙද්දි අපේ පාසලේ දක්ෂතා පරිපුර්ණ සිසු සිසුවියන්ව තරග වලට රැගෙන යන්න වෙලා තියෙන්නේ පාරේ බස් එකේ. යද්දි ඔවුන් දැඩි පිඩාවකට ලක්වෙලා. මේ තත්වය වෙනස් වෙන්න ඕනේ. ඒ සදහා තමයි අපේ මේ මෙහෙයුම..

    ඒ අතර පාසලේ ඉදිරියේදි පැවැත්වෙන විශේෂ වැඩසටහන් පිළිබදවද ඔහු අපව දැනුවත් කලේ මෙසේය..

    මේ සෙනසුරාදා (20) ශිෂ්‍ය නායක සංසදයේ Car Wash වැඩසටහන පැවැත්විමට සියල්ල සුදානම්. ඔවුනගේ ශිෂ්‍ය නායක කදවුර මේ මස 26 27 සහ 28 යන දිනවල විද්‍යාලයේදි පැවැත්වෙන අතර ඊට අවශ්‍ය අරමුදල් සොයාගැනිමයි මෙවර Car Wash වැඩසටහනේ අරමුණ. ඉන්පසුව ශිෂ්‍ය නායක දිනය සහ නිල ලාංඡන පැවැත්විමේ උත්සවයද නුදුරේදිමහ පැවැත්වෙනු ඇති. ඉන්පසුව ජුනි මස 04 වෙනිදා අපේ පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්විම පැවැත්වෙනවා සවස 2.30 විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි.  ඒ කොහොම උනත් ජුලි මස 01 වන දින පැවැත්වෙන පාසලේ පා ගමන වෙනුවෙන් මේ වනවිට අපි සියලුදෙනාගේම අවධානය යොමුවෙලා තියෙන්නේ. අපේ අරමුණ ගියවරට වඩා අති සාර්ථක ආකාරයෙන් මෙවර පාගමන පැවැත්වීම…

    https://www.facebook.com/cwwkannangaracollege/photos/a.1496130207376783.1073741828.1496121654044305/1840033346319799/?type=3

    https://www.facebook.com/cwwkannangaracollege/photos/a.1496130207376783.1073741828.1496121654044305/1839519959704471/?type=3

    https://www.facebook.com/cwwkannangaracollege/photos/a.1496130207376783.1073741828.1496121654044305/1839453503044450/?type=3

    [rns_reactions]

  • එකසිය එකේ සීයා පැන්න අමුතු පිම්ම මෙන්න..

    ආස දේවල් කරන්න වයස බාධාවක් නෑ.

    මේ ඒ බව කියන කතාවක්.

    ගුවන් කිමිදුම් (skydiving) වටයක් සාර්ථකව නිම කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා පොතට එක් වීමට එකසිය එක් හැවිරිදි පුද්ගලයෙකු සමත් වුණා.

    ඔහුගේ නම බ්‍රයිසන් විලියම් වර්ඩන් හෙයිස් .

    ඔහු එංගලන්තයේ ඩෙවෝන් ගුවනේ කිමිදුණේ පරම්පරා හතරකට අයත් සිය පවුලේ සාමාජිකයන් දස දෙනෙකු එක්කයි.

    දෙවන ලෝක යුද්ධයට සහභාගී වූ ඔහු දැන් විශ්‍රාමික  හමුදා සෙබළෙක්.

    [rns_reactions]