අධිවේගී මාර්ගයේ පැවැත්වෙන පාපැදි ධාවන තරගාවලිය ලබන 14වැනිදා

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. රටේ සංවර්ධන…
දඹුල්ලෙන් මාට්ටු වුණ කුණු ළුැණු ජාවාරමේ අලුත්ම කතාව

ඉන්දියාවේ සිට මෙරටටට ගෙන්වූ ලොකු ළූණු කිලෝ 5000කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට සූදානම් කිරීමේ අරුම පුදුම පුවතක් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ හුදෙකලා ගබඩාවකින් ඊයේ වාර්තා විය. දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ජනාවාස වලින් තොර ස්ථානයක පවත්වාගෙන යන මහා පරිමාණ ගබඩා සංකීර්ණයක විදේශ රට…
ලොව ප්‍රථම වරට ජාන වෙනස් කළ ඌරු හදවතක් මිනිසකුට බද්ධ කෙරේ

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබේ. බල්ටිමෝර් නගරයේ දී, පැය හතක අත්හදා බැලීමේ ශල්‍යකර්මයකට බඳුන්වූ 57 හැවිරිදි ඩේවිඩ් බෙනට්, දින තුනක් ගතවූ පසුව ද හොඳ සෞඛ්‍ය මට්ටමක පසුවන…
කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ

මෙරට කෘෂිකර්මාන්තය මේ වනවිට ඇත්තේ මරණ මංචකයේ බව පසුගියදා (10) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති  ගොවි ජාතික සමුළුවේදී ගොවි නායකයෝ කියා සිටියහ.  දිවයිනේ ගොවි ව්‍යාපාර 26ක් පමණ නියෝජනය කරමින් ගොවි නියෝජිතයින් ඇතුළු ගොවි ජනතාව මෙම සමුළුවට සහභාගීවී සිටීම ඉමහත් සතුටට…
මෛත්‍රී හෙළි කළ සුපිරි රහස සහ අනැවකිය

ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගෙන වත්මන් ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීම කිසිවකුට සිතීම යථාර්ථවාදී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ආණ්ඩුව විවේචනය කරන සහ තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යායාමයක යෙදී සිටින හිටපු ජනපතිවරයා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය…
ආණ්ඩුවේ ජනප්‍රියත්වය ගැන ‘නාමල් කළ සුපිරි හෙළිදරව්ව‘

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ප්‍රබල තීරණයක් බවත් එහෙත් විෂය භාර නිලධාරීන් එය සාර්ථකව ක්‍රියාත්මක නොකළ බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඩේලි මිරර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා…
විදුලිය කැපුවොත් ‘එය කරන හැටි‘ ලංවිම කියයි

විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (10) පස්වරුවේ ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. එම වාර්තාවේ මෙසේ සදහන් වේ. පස්වරු 5.30 – 6.30 ත් අත පස්වරු 6.30…
ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක්

2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිල දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි. මේ…
විදුලි කප්පාදුව ගැන ජනපති සහ විදුලි ප්‍රධානීන් අතර තීරණාත්මක සාකච්ඡාවක්

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. විදුලි කප්පාදුවක් පිළිබඳව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී…
නිව්යෝර්ක් නිවාස සංකීර්ණයක ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මරුට

අමෙරිකාවේ නිව්යොර්ක් හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. ගින්නෙන් තවත් පුද්ගලයින් පනහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන් 13 දෙනෙකුගේ තත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහල් 19කින්…
ඉන්දීය ඩයස්පෝරාව ගැන ඉන්දීය විදේශ ඇමැති කළ හෙළිදරව්ව

ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වීම සඳහා පුළුල් සහ විකාශනය වන ප්‍රතිපත්ති රාමුවක් ඇති රටවල් කිහිපය අතර ඉන්දියාව ද සිටින බව ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදන් ඉරිදා පැවසීය. ලොව පුරා සිටින ඉන්දීය ඩයස්පෝරාව සමඟ සදාකාලික සබඳතා ගොඩනඟා ගැනීම රජයේ…
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාවට ඉන්දියානු ණය සහනය යටතේ දුම්රිය මැදිරි එක් වේ

ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතාවලට තවත් පරිච්ඡේදයක් එක් කරමින් ඉන්දියාණු ණය සහනය යටතේ ශ්‍රී ලංකාවට සපයන ලද වායු සමනය කළ ඩීසල් බහු ඒකකය (DMU) භාවිතයෙන් ශ්‍රී ලංකාව දුම්රිය සේවාවකට එක් කරන ලදී. මෙය ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනයට යොදවන ලදී. ට්විටර්…
දිනකට පැය 2 1/2ක ‘විදුලිය කප්පාදුවක්‘ ගැන ඉගි

ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක්  කීය. දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ…
2021දී මත්පැන් බලපත්‍ර 150ක් දීලා

පසුගිය 2021 වසරේ මත්පැන් බලපත්‍ර 150ක් නිකුත් කර ඇති අතර ඉන් බලපත්‍ර 81ක් සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ ආපනශාලා සඳහා නිකුත් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම සුපිරි වෙළඳසැල් සඳහා බලපත්‍ර 69ක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, සුරාබදු දෙපාර්තමේන්තුව…
දිනපතා විදුලිය කපන්න ලංවිමට අවසර

දිනපතා විදුලිය කප්පාදුවක් කිරීමට ලංවීමට අවසර දුන් බව ශ්‍රීලංකා මහජන අපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්‍රයක් නඩත්තුව සඳහා නතර කිරීම සහ කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවිරහිතවීම ආදී කරුණු සලකා ලබා මෙම අවසර ලබාදුන් බවයි රත්නායක මහතා…
දඹුල්ල ආර්ථිකේ ‘ගොවියා ගසා කන්නේ මෙහෙමයි‘

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ පළාත් වලින් එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණ ද පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය  මිල වෙනස් කොට අලෙවි කිරීම් සිදුවන බව ආර්ථර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දෝ පවසති. අතරමැදි වෙළඳ කණ්ඩායම් ඉතා සන්විධාත්මකව හිසඑසවීම නිසා…