චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න කැබිනට් අනුමැතිය

චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස්…
ඉන්දියාව තලේබාන් පාලනයට අත දෙයි

දෙරට අතර සබඳතා “ඉතා වැදගත්” බව පවසමින් ඇෆ්ගනිස්ථානයට මෙට්‍රික් ටොන් 1.6ක වෛද්‍ය ආධාර තොගයක් යැවීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානය ඉන්දියාවට ස්තුතිය පුද කර ඇත. සෙනසුරාදා, ඉන්දියාව විශේෂ ගුවන් යානයකින් මෙම වෛද්‍ය ආධාරය කාබුල් වෙත යවා ඇත; මෙම ඖෂධ ඇෆ්ගන් අගනුවර පිහිටි…
ජනපති හදිසියේම පාර්ලිමේන්තුව වසා දැම්මේ ඇයි ? විමර්ශනාත්මක කතාව

ඉතිහාසය පුරාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම අධ්‍ය්‍යනය කළ යුත්තේ, ඒ වන විට පැවති දේශපාලන, අර්ථික ගැටළු සමඟය.  මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ සෑම අවස්ථාවක දී ම රටේ දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් හෝ පාලක පක්ෂයට නැතිනම් පුද්ගලිකව ජනාධිපතිවරයාට විසඳාගැනීමට අර්බුදයක්…
දඹුල්ල ආර්ථිකේ තවත් කැත ජාවාරමක් අතේ මාට්ටු

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා තිබූ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම ලෙස නැවත ඩුබායි රටෙන් ගෙන්වූ සීනි බවට පෙනෙන පරිදි ඇසුරුම් කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය ඊයේ (13) පස්වරුවේ සොයාගත්…
ඇල්සයිමර් ඩිමෙන්ශියාවට එරෙහිව ‘වයාග්‍රා’ ප්‍රයෝජනවත් වෙයි ද ?

ලිංගික බෙලහීනතාව සඳහා භාවිතා කරන වයාග්‍රා පෙති ඇල්සයිමර් රෝගයට එරෙහිව ප්‍රතිකාරයක් ලෙස ප්‍රයෝජනවත් විය හැකියැ යි, එයින් මොළයට වන බලපෑම් අධ්‍යයනය කරමින් සිටින එක්සත් ජනපද පර්යේෂකයෝ පිරිසක් පවසති. මෙම ඖෂධය, එම වර්ගයේ ඩිමෙන්ශියාව තිබිය දී එක්රැස් වන ප්‍රෝටීනවලින් සමහරක් ඉලක්ක…
ජනපති සිංගප්පූරුව බලා පිටත්ව යයි

පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව වාර්තා වේ. ජනපතිවරයා ඇතුළු පිරිස අද අලුයම 01.00ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ – 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරු බලා පිටත්ව ගොස් ඇති…
නව පාර්ලිමේන්තු සැසිවාරය ජනවාරි 18 වනදා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ලබන ජනවාරි 18 වැනිදා පෙ.ව 10.00 ට ආරම්භ කරන…
ඉන්දීය ආරක්ෂක ඇමැති පාකිස්ථානයට ඍජුව අභියෝග කරයි

ම්ලේච්ඡත්වයට, අමානුෂිකත්වයට සහ වගකීම් විරහිත බලතලවලට එරෙහිව සටන් කළ ඉතිහාසයක් ඉන්දියාවට තිබෙන බව ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉරිදා පැවසුවේ ත්‍රස්තවාදය සහ වෙනත් ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරමින් ඉන්දියාවේ සාමය කඩාකප්පල් කිරීමට පාකිස්තානයට අවශ්‍ය බවයි. “1971 දී…
ඉන්දීය EXIM බැංකුවේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක

ඉන්දියාවේ එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති හතරක් සඳහා ඩොලර් මිලියන 441.42 ක ආධාර කිරීම කර ඇති අතර ඉන් ව්‍යාපෘති 2ක් (2) දැනටමත් නිම කර ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා කේන්ද්‍රීය ප්‍රමුඛතා ව්‍යාපෘති දෙකක ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඉන්දියානු අපනයන…
කාබනික දියර පොහොර පුපුරන හේතු සොයා නිෂ්පාදනාගාරයට ගිය ගමන

කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට  ප්‍රධානතම හේතුව ඇසුරුම් සඳහා උසස්  තත්ත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීම බවත් ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීම් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති. දිවයිනේ තැන තැන…
පක්ෂ දේශපාලනය නිසා රට බෙදුනා – ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමි

රට වෙනුවෙන් අත දුන්නත් ආණ්ඩුව අතහරිනවා – තිස්ස අත්තනායක පක්ෂ දේශපාලනය නිසා මේ රටේ ජනතාව විවිධාකාරයෙන් කැඩී විසිරී ගොස් රට  බරපතළ අනතුරකට ලක්වී ඇති බව සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ අද…
‘ඩොලර් අවුල’: ඇත්තම කතාව කුමක් ද ?

පසුගිය දෙවසරක කාලය තුළ විදේශ විනිමය සංචිත වේගයෙන් කඩා වැටෙමින් තිබියෙදී ආණ්ඩුව මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකළ බවට චෝදනා නැගෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේ මහ බැංකු අධිපතිවරයා විවිධ තැන්වලදී විදේශ විනිමය රට තුළට ගලා ගෙන ආකාරය පිළිබඳව සුබදායී සිතුවම් අඳිමින්…
කණු කසළ සොයා ආ දැවැන්තයින් නිසා දඹුල්ල – මහියංගනය පාරේ දැඩි අවදානමක් !

දඹුල්ල –  මහියංගනය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල සහ බකමූණ පොලිස් වසම් ආසන්නයේ රිදීඇල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස ජනතාව විසින් දමා යන කුණු කසළ ආහාරයට ගැනීමට පුරුදුරුදුව සිටින වන අලින් කීපදෙනෙකු මේ දිනවල දිනපතා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නිසා මගී ජනතාව මෙන්ම…
අත්ට්‍රැක්ටරය සමග පැමිණි මරුවා

ගලගලේවෙල මිවලපතහා ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු ඊයේ (11) පස්වරුවේ  තමන් සීසාමින් සිටි අත්ටක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල මීවලපතහා ගල්වටියාගම  ප්‍රදේශයේ පදිංචි ආර්.ඩී. ශ්‍රියානන්ද නම් 48 හැවිරිදි දෙදරු පියෙකි. මහා පරිමාණෙන් එළවළු සහ වී…
කාබනික දියර පොහොර කෑන් පුපුරයි

ඇළහැර බකමූණ අතරගල්ලෑව උතුර ගොවිජන බල ප්‍රදේශයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති කාබනික දියර පොහොර කෑන් පුපුරා දැඩි දුර්ගන්ධයක් හමා යන බවත් මේ වන විට වී වගාව ආරම්භ වී ඇති වෙලාවක බණ්ඩි පොහොර නොමිලේ ලබා  දීම සිදු කරන බවට ගොවි…
බර ඔසවා මවුබිම රනින් සැරසූ ‘ශ්‍රීමාලිගේ මව සහ පියා හෙළිකළ‘ සංවේදී කතාව

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශුරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී  දී කාන්තා කිලෝග්‍රෑම් 45ට අඩු බර පන්තියේ රන් පදක්කම හිමිකර ගත් ශ්‍රීමාලී සමරකෝන්  ක්‍රීඩිකාවගේ  මව පියා සහ නිවස සොයා අද (10) පෙරවරුවේ අප හබරණ තිබලව ගමට ගියමු. මේ වන විටත්…